දැන් අපි ඒ හෝඩුවාව පස්සේ පන්නනවා! |
දැන් ඉතාමත් චිත්ත ප්‍රීතියෙන් යුතුව
නිවේදනය කරන්නට වී තිබෙන්නේ එතෙක්-මෙතෙක් කිසිම-කිසි රසිකයෙකු හෝ රසිකාවියක හෝ ‘අර
පොත’ ගැන වචන මාත්‍රයක් හෝ නොකී බවයි; නොඇසූ බවයි.
අහෝ බේදයකි, ඉරකි, තිතකි.
සමහර විට
එහෙම වෙන්නට ඇත්තේ 2020 මාර්තු 20 වෙනිදා ඒ පෝස්ටුව publish කරන කොටත් අපේ රටේ නම්
ඇඳිරි නීතිය පනවන තරමට කොරෝනා භීතිය පැතිරී තිබුණු නිසා වෙන්නටත් ඉඩ තිබේ.
(ඉතින්,
ඒ විදියට බලද්දී) මුල් පෝස්ටු හතර ආපහු කියවා බලන්නට- ඒවා මතක් කරගන්නට කැමැති
භවතුන් ඉන්නටත් හැකි බව සිහිවෙයි.
මිනිස්සු අතරේ තිබිලා තියෙනවා බොහොම රහසෙන් හංගාගෙන තිබුණු පොතක්.......... |
ඔවුනට එය පහසු කරවන්නටය, මේ සමඟම ‘ඉක්මන් මං’
යොදන්නේ.
“නිමල් අයියේ, ඉස්සර මිනිස්සු අතරේ කොපි
පොතක් තිබිලා තියෙනවා බොහොම රහසෙන් තියාගෙන හිටපු......”
“කොපි පොතක්?”
“ඔව්... පුංචි එක්සයිස් පොතක්....” සිරිබිරිස්
උන්නැහේ කිව්වේය.
කවුදෝ ඇවිත් ඉන්නා බව ඇහුණාම............ |
පෙබරවාරි හෝ මාර්තු මාසයේ දවසක හැන්දෑවේ, අපේ
අල්ලපු ගෙදර දේවිකා නංගි මට කතා කොට කිව්වේ කවුදෝ නිමල් අයියාව හොයාගෙන ඇවිත්
ඉන්නා බවය. මම ගෙයින් පිටතට ආවෙමි. කවුද හතර රියන් පුරුෂයෙක් හිනාවීගෙන ගේට්ටුව
ළඟය.
“නිමල් අයියේ මං සිරිබිරිස්. ඔයාගේ පෝස්ටුවලට කමෙන්ට්ස් දාන්නේ....”
එදා හඳුනාගැනීම නිසා මට දැනගන්නට හැකිවුණු
කාරණා ගොන්නකි.
‘අර පොත’ එයින් එකකි. අප අර පොතට ආවේ ‘අජූත
කෙළිය’ ගැන කතාබහෙන්ය.
“...... ඒ පොත අතින් ලියපු එකක්ලු. ඒකෙ ලියලා තිබ්බේ කසාද
බඳින දවසේ රෑට කරන්න ඕනි දේවල්.... තව එතකොට කරන විදිය... වගේ එව්වලු.” කෙනෙකු
කතාවක් කරද්දී බාධා කිරීම මහා මරි මෝඩ අමන වැඩක්ය කියලා දැන-දැනත් මගේ කට ඇරුණේ
නිකම්මය.
“අම්මට සිරි!”
කසාද බඳින්න දවස් කීපෙකට කලින් හොරෙන්ම කොල්ලටයි, කෙල්ලටයි මේ පොත දෙනවලු කියවන්න....... |
“.... ඒක නේන්නම් නිමල් අයියේ. ගමේ කසාදයක්
වෙන්න යනකොට ඒ කසාද බඳින කොල්ලගෙයි, කෙල්ලගෙයි ගෙදරකින් වැඩිහිටියෙක් මේ පොත
ඉල්ලගෙන ඇවිත්, අර දෙන්නට දෙනවලු කියවලා බලන්න.
පොතේ වැදගත්කමක් තියෙනවය කියලා
හිතුණු උදවිය ඒ පොත තවත් එක්සයිස් පොතකට කොපි කරගත්තලු...
එහෙම තමයිලු ‘අර පොත’
තැනින් තැනට පැතිරිලා තියෙන්නේ.”
“දැන් ඉන්න කොල්ලෝ-කෙල්ලෝ ඔය කතාව දැනගත්තම
හිනාවෙන්න කට මදිවෙයි!”
Rooms යන්නට, ඇටෙන්-පොත්තෙන් පැහෙන්නටත් කලින් ‘වැල
බලන්නට’, අන්තර්ජාලයෙන් හිතේ හැටියට ‘වල් කතා’ කියවන්නට පහසුකම් ඇති අද්‍යතන කාලයේ
එහෙම වෙනවා සිකුරුය!
(බොරු සුචරිතවාදීකම පැත්තක දමා, මගේ දැනීමෙන්ය ඒවා කිව්වේ!)
අපේ ප්‍රධාන පරමාර්ථය ‘අසිරිමත්වූ දේකි’ පොතට
ගිහින් ආයෙම පීලි පනින්නෙමි. (අප දැනටමත් ඒ පොතෙන්, 24 වෙනි පිටුවේ අඩක් දක්වා
ඇවිදින්ය! මේ එතැන් සිටය.)
ලැබෙන්න ඉන්න දරුවාගේ ගැහැනු පිරිමි බව දැනගන්න ............ |
“.... ලැබෙන දරුවා ගැහැනු ද, පිරිමි ද කියලා
ඉපදෙන්න ඉස්සෙල්ලා දැන ගන්න පුළුවන් ද?
සාමාන්‍යයෙන් මෙය අපහසු දෙයක්.
නමුත් ඉහත
විස්තර කරන ලද ඇමිනියෝටික් දියර පරීක්ෂා කර බලා ගැහැනු පිරිමි බව දැන ගන්න
පුළුවන්. නමුත් මේ සඳහා උදරයේ බිත්තිය තුළින් සිහින් කටුවක් යවා එමඟින්
ඇමිනියෝටික් දියර ස්වල්පයක් ලබාගත යුතුයි.
මෙවැනි පරීක්ෂණ සාමාන්‍යයෙන් මේ හේතුව
සඳහා කරන්නේ නෑ.
එසේ වුවත්, පෙර සැලසුම් කර තමාට අවශ්‍ය විධියට ගැහැනු හෝ පිරිමි
ළමයෙකු ජනිත කරවීම කළ හැකි ක්‍රමයක් තවම හොයාගෙන නෑ. නමුත් ඒ ගැන ලෝකයේ බොහෝ රටවල
තවමත් පරීක්ෂණ පවත්වාගෙන යනවා.
ගර්භාෂයේ සිටින දරුවා අංග විකල ද කියා දැනගත
හැකි ද?
දරුවා ගර්භාෂයේ සිටින කාලය තුළදී අංග
විකලත්වය ගැන තරමක් දුරට කරුණු සොයාගත හැකියි. ඒ එක්ස්-කිරණ මාර්ගයෙනුයි. ගැබ්ගත්
මවගේ එක්ස්-කිරණ ඡායාරූපයක් ගත් විට දරුවාගේ වර්ධනය වූ අස්ථීන්වල ඡායාවක් මෙම
පින්තූරයට වැටෙනවා. එම පින්තූරය පරීක්ෂා කිරීමෙන් දළ අංග විකලත්වයක් ඇත්නම් දැන
ගැනීමට පුළුවන්.
ඊට අමතරව තොරතුරු දැන ගැනීමට මීට වඩා සංකීර්ණ
පරීක්ෂණ කළ යුතුයි. ඒ වගේම නිවුන් දරුවන් ඇති බවත් එක්ස්-කිරණ මඟින් දැනගත හැකියි.
බද්ධ දරුවන් මව් කුසයේ....පොතේ 25,26,27 පිටු......... |
නිවුන් දරුවන් ඇති වන ක්‍රම දෙකක් තියෙනවා.
එක ක්‍රමයක් නම්, අර කිව් මුලින්ම සෑදෙන ‘සෛල
පොකුර’ නොයෙකුත් හේතූන් නිසා දෙකඩ වීමයි. ඉන් පසුව මෙම කොටස් දෙක, දරුවන් දෙදෙනෙකු
බවට වෙන්-වෙන්ව වැඩෙනවා. මේ දෙදෙනාගේ මූලාරාම්භය එකම ඩිම්බයක් හා එකම ශුක්‍රාණුවක්
නිසා මෙවැනි දරුවන් බොහෝ අතින් එක සමාන වෙනවා.
නමුත් සමහර අවස්ථාවල දී ඩිම්බ කෝෂවලින් වරකට
එක ඩිම්බයකට වඩා පිට වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒ සෑම ඩිම්බයක්ම ශුක්‍රාණුවක් සමඟ
සංසේචනය වී වෙන-වෙනම වැඩෙන්නට පටන් ගන්නවා.
මෙම එක් එක් යුක්තාණුව දරුවෙකු බවට
වර්ධනය වෙනවා. ඒ නිසා දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් වුණත් ලැබීමට පුළුවන්.
නමුත් ඩිම්බ වැඩි ප්‍රමාණයක් පිට වන්නේ
කලාතුරකින් නිසා මෙවැනි බහු දරු උපතක් සිදු වන්නේ ඉතා කලාතුරකිනුයි.
(ඒ එක්කම යම්
කාන්තාවකට ගර්භාෂ දෙකක් පිහිටා තිබීමෙනුත් එක ළඟම දරුවන් දෙන්නෙක් බිහි වන්න
පුළුවන්. මෙය හුඟාක් කලාතුරකින් සිදු විය හැකි දෙයක්.)
දරුවා ලොවට බිහි කර විවේක ගැනීමට......... |
දරු ප්‍රසූතිය සිදු වන්නේ?
ක්‍රම-ක්‍රමයෙන් වැඩෙන මෙම දරුවා සති
49ක කාලයකින් සම්පූර්ණයෙන්ම වැඩුණු දරුවෙකු බවට පත් වෙනවා.
සති 40ක කාලයක් පැමිණි විට ගර්භාෂය දරුවා
ලොවට බිහි කර විවේක ගැනීමට සූදානම්. දැන් ගර්භාෂයේ පේශීන් ක්‍රමයෙන් සංකෝචනය
නැතහොත් හැකිළීමට ගන්නවා.
මෙම සංකෝචනයන් සඳහාත් හෝමෝනවල බලපෑම අවශ්‍ය
වෙනවා. පිටියුටරි ග්‍රන්ථියෙන් පිට කරන හෝමෝනයන් නිසා ගර්භාෂයේ බිත්තිය තව-තවත්
බලවත්ව හැකිළීමට පටන් ගන්නවා.
මේ බලවත් සංකෝචනයන් නිසයි ප්‍රසූතියේදී එතරම්ම
වේදනාවක් ඇති වන්නේ.
ප්‍රසූතිය ආසන්න වෙන විට හැකිළීම ඉක්මනින් සිදු වන නිසා
වේදනාව අධික වෙන්නට පටන් ගන්නවා. ඉතින් මෙම හැකිළීමත් සමඟම ගර්භාෂයේ ගෙලත්, මුඛයත්
ක්‍රමයෙන් පළල් වීමට පටන් ගන්නවා.
දරුවෙකු මෙලොව එළිය දකිද්දී.............. |
සාමාන්‍ය ප්‍රසූතියේදී මුලින්ම බිහි වන්නේ
හිස නිසා මෙම ඝන හිස්කටුව ගර්භාෂ ගෙලට තද වීමත් සමඟම තව-තවත් වේගයෙන් ගර්භාෂය
හැකිළී දරුවා ගර්භාෂ ගෙල දිගේ යෝනි මාර්ගය දෙසට තල්ලු කර හරිනවා. ක්‍රමානුකූලව
කෙරෙන මෙම සංකෝචනයන්ගේ මාර්ගයෙන් දරුවා යෝනි මාර්ගය දිගේ තල්ලු වෙමින් විත් ලොවට
බිහි වෙනවා.
මෙතරම් පටු යෝනි මාර්ගයෙන් දරුවෙකු බිහි වීම
යෝනි මාර්ගයට හානිකර නැද්ද?”
ඔන්න පීලි නොපැන බැරි තැනක්!
වර්තමාන අම්මලාගෙන් ගොඩ දෙනෙකු වෛද්‍ය
විශේෂඥයන්ටත් වැඩියෙන් දන්නවා වගෙයි. දරු ප්‍රසූතියේදී දැනෙන වේදනාව අවම
කරගන්නටත්, පම්පෝරියක් කියන්නට ඉඩක් හදා ගැනීමටත් එයාලා හරිම ආසයි.
ඒ නිසාමයි,
ජූලියස් සීසර් මෙලොව එළිය දුටු විදියටම එයාලගේ දරුවා උපද්දවන්න තීරණය කරන්නේ.
2012
අවුරුද්දේ ලෝකය පුරා මව්වරුන් මිලියන 23කට වැඩි පිරිසක් මේ ක්‍රමය අනුගමනය
කරලා තිබෙනවා.
මුලින්ම සීසර් සැත්කම කරලා තියෙන්නේ ඒකට නම දීමේදී සම්බන්ධ කරගෙන තියෙන ...... |
හැබැයි, ඉතිහාසය කියන විදිහට මුලින්ම
සිසේරියන් සැත්කම කරලා තියෙන්නේ සීසර් උන්නැහේ උපත ලබද්දී නෙවෙයි.
ඉන්දියාවේදී,
බින්දුසාර කුමාරයා උපත ලබද්දී.
පළමුවෙනි මෞර්ය අධිරාජයා වුණු චන්ද්‍රගුප්ත රජතුමාගේ බිසව දරු ප්‍රසූතියට ළඟාවෙලා ඉන්න අතරේ වසක් කැවිලා මිය ගිහින්. රජතුමාගේ උපදේශකයෙකු වුණු චාණක්‍ය පඬිතුමා (මෙයාටම තමයි කෞටිල්‍ය කියන්නෙත්. පරසිදු ‘අර්ථ ශාස්ත්‍ර’ පොතේ කතුවරයාත් එතුමාමයි.) තීරණයක් අරගෙන, මියගිය බිසවගේ උදරය පළලා ‘බින්දුසාර’ බිළිඳා එළියට අරගෙන.
පළමුවෙනි මෞර්ය අධිරාජයා වුණු චන්ද්‍රගුප්ත රජතුමාගේ බිසව දරු ප්‍රසූතියට ළඟාවෙලා ඉන්න අතරේ වසක් කැවිලා මිය ගිහින්. රජතුමාගේ උපදේශකයෙකු වුණු චාණක්‍ය පඬිතුමා (මෙයාටම තමයි කෞටිල්‍ය කියන්නෙත්. පරසිදු ‘අර්ථ ශාස්ත්‍ර’ පොතේ කතුවරයාත් එතුමාමයි.) තීරණයක් අරගෙන, මියගිය බිසවගේ උදරය පළලා ‘බින්දුසාර’ බිළිඳා එළියට අරගෙන.
ඒ ක්‍රි.පූර්ව 320 වසරේ. අදට අවුරුදු 2340කට ඉස්සෙල්ලා.
එහෙම නොවුණා නම්.... ඉතිහාසය කොතරම් වෙනස්
වෙන්න ඉඩ තිබුණාද? බින්දුසාරගේ පුතණුවන් තමයි අශෝක නොහොත් ධර්මාශෝක!
සිසේරියන් සැත්කම කෙරෙන්නම ඕනේ දෙයක්ද?
දරුවෙකු බිහි කරද්දී දැනෙන වේදනාව දරාගැනීමේ හැකියාව කාන්තාවකට නැත්ද? |
“දස මාසයක් කුසේ දරාගෙන ඉන්න පුළුවන් නම්
මොකද දෙයියනේ, ඒ බරෙන් හෑල්ලු වෙනකොට පොඩ්ඩක් කැක්කුම දරන්න බැරි. මොකුත් නොදන්නා
තිරිසන්නුත් යස අගේට ඒ කැක්කුම දරාගන්නේ. උන්ටත් සීසර් කරනවද?
ලොකුම දේ එහෙම වේදනාවක් දැනිලා දරුවා උත්පාද
කළාම නේන්නං දරු හැවිකාරේ ඇතිවෙන්නේ.....
මළ විකාර. දැන් ඉන්න එවුන්ට සල්ලි වැඩියි....
එව්වාට කරගන්න දෙයක් නැහැනේ.... ඔහොමවත් වියදම් කරගන්න එපැයි. ඉතින් දොස්තරලත්
හ්ම් නැතිව ඉන්නවා... එයාලටත් වාසියිනේ.”
හණමිටි අදහස් දරන්නියක යයි කියවුණු ලලනාවක ඒ
ටික කිව්වේ සීසර් සැත්කම ගැන කතාවෙන වෙලාවකය. එහි හොඳ-නරක කිරා බැලීම බුද්ධිමත්
ඔබට බාරය.
සිරිබිරිස් උන්නැහේ කී ‘අර පොතේ’ මේ කරුණු කොතෙක්
දුරට තිබුණාද කියලා හැඟීමක් අප දෙන්නාටම නැත. සීසර් කිරීම ගැන නම් එහි නොතිබුණා
විය යුතුය.“ඒත් නිමල් අයියේ, මම පුළුවන් තරම් try කරනවා, ඒ පොතක් තියෙන තැනක්
trace කරගන්න!”
මේ ගැන දන්නා කෙනෙකු ඉන්නවා නම් අපිට කියන්නය කියලා....... |
“මේකනෙ, ගොඩක් ඕපන්ලි ඔය වගේ දේවල් අපෙත්
එක්ක කතා කරපු අපේ ආච්චිවත් කොයිම වෙලාවකවත් ඔහොම පොතක් ගැන කියල නෑ.
මගෙත් එක්ක
කතා කරලා තියෙන වෙන කිසිම වැඩිහිටියෙක්වත් ඔය ගැන දැනගෙන හිටියේ නෑ වගෙයි.
සිරිබිරිස්
උන්නැහේ, අපි මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නය කියලා බ්ලොග් එකට ලියමු!” මම
එදා කීවෙමි.
හිතාදර රසික-රසිකාවනි.
හිතාදර රසික-රසිකාවනි.
ටිකක් මහන්සිවී අර පොත
ගැන දන්නා කෙනෙකු හොයාගනිමුද? අනේ, එහෙම කරන්න. මෙහෙම ආරාධනය කරන්නෙත් හේතුවක්
ඇතිවය!
ඒ හැකියාව ඇති කෙනෙකු හිටින්නට හොඳටම ඉඩ තිබෙන බැවිනි!!
ඒ හැකියාව ඇති කෙනෙකු හිටින්නට හොඳටම ඉඩ තිබෙන බැවිනි!!
“...... නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරත් ස්ඵුරත්
කහූ නිෂීදි නීතමඃ ප්‍රපංධ බන්ධ කන්ධරා
නිලිම්ප නිර්ජරී දරශ්තනෝතු කෘති සින්ධුරා
කලා නිධාන බන්ධුර ශ්‍රියම් ජගත් ධුරන්ධරා
නිලිම්ප නිර්ජරී දරශ්තනෝතු කෘති සින්ධුරා
කලා නිධාන බන්ධුර ශ්‍රියම් ජගත් ධුරන්ධරා
අහස් ගැබ වැසුණු වලාකුළු සේ අඳුරු ගෙලකින් යුක්ත වූද, ගංගා නම් නදිය......... |
නව සඳ පෑයූ දිනක
අහස්ගැබ වැසුණු වලාකුළු සේ අඳුරු ගෙලකින් යුක්ත වූද, ගංගා නම් පූජනීය නදිය තමා සන්තක කරගත්තා වූද, සඳ හා රමණීය සිතුවම් මවන්නා වූද, මුළු විශ්වයේම බර සිය උරමත රඳවාගෙන සිටින්නා වූද ශිව
දෙවියනි; අප වෙත සියලු සෞභාග්‍යය
උදා කරත්වා....”
ශිව දේවයාණන් උදෙසා ‘දසිස් රාවණ අධිරාජයාණන් වහන්සේ’
රචනා කළැයි කියැවෙන ස්තෝත්‍ර මාලාවකින් එකකි ඒ. තිබුණේ මුහුණු පොතේ පිටුවකය.
රාවණ අධිරාජයා හිටියා යැයි කියවෙන්නේ විජය කුමාරයා
ලංකාවට එන්නටත් කලින්ය. ඒ කාලයේ (අවුරුදු දහස් ගණනකට පෙරාතුව) ලියැවුණු ස්තෝත්‍ර මාලාවක්ම සුරැකී තියෙනවා
සත්තවාදී සැබෑ නම්,
අවුරුදු 100 ක් 150ක් විතර පැරැණි ‘අර පොත’ක් හොයාගන්නට අපට
බැරිද?
“මෙතරම්
පටු යෝනි මාර්ගයෙන් දරුවෙකු බිහි වීම යෝනි මාර්ගයට හානිකර නැද්ද?” ඒ ප්‍රශ්නයෙන්
හැරිලා ආව දුර මදි නැහැ! ඉතින් ඔන්න ආයෙමත් අසිරිමත්වූ කතන්දරේට .....
යෝනි මාර්ගයේ මුඛය කතුරකින් කපා........ |
නමුත් එක්වරම දරුවා බිහි වුණොත්, ඇදීමට කාලයක් නැති නිසා යෝනි මාර්ගයේ මුඛය ඉරී යාමට ඉඩ තිබෙනවා. මෙවැනි ඉරීම් කොතරම් භයානක ලෙසට සිදු වේවිද කියා යමෙකුට එකවරම කියන්නට බෑ.
ඒ නිසාම ඉරීම වැළක්වීමට වෛද්‍යවරු ප්‍රථම දරු ප්‍රසූතියේදී යෝනි මාර්ගයේ මුඛය තියුණු කතුරකින් අඟලක පමණ ප්‍රමාණයක් කපනවා.
නමුත්
මෙම කැපීම වේදනා සහගත නැහැ. ප්‍රසූතියෙන් පසුව විශේෂ නූල් වර්ගයකින් මෙම තුවාලය
හොඳින් මසා යෝනි මාර්ගයේ මුඛය කලින් තිබුණු තත්ත්වයටම පත් කරනවා.
මැහුම් දැම්මා
යයි මව්වරු කියන්නේ එම සිද්ධිය ගැනයි.
දරුවා ලැබීමෙන් පස්සේ?
දරුවා බිහිවීමෙන් පස්සේ......... පොතේ 28,29,30 පිටු......... |
දරුවා ලැබීමෙන් පස්සේ සති කිහිපයක් ඇතුළත යෝනි මාර්ගයත් ගර්භාෂයත් ගැබ් ගැනීමට ප්‍රථම තිබූ තත්ත්වයටම පත් වෙනවා.
හොඳයි, ඩිම්බයකට ශුක්‍රාණුවක් මුණ ගැසුණේ නැත්නම්?
ඩිම්බයකට ශුක්‍රාණුවක් හමුවීමට නම් ඩිම්බය පිටවන කාලයේදීම සංසර්ගයේ යෙදිය යුතුයි. ඩිම්බය පිටවීමට දින 2,3 කට ප්‍රථම හෝ ඩිම්බය පිටවී දිනකට දෙකකට පසුව සංසර්ගයේ යෙදුනොත් ඩිම්බයට නියම කාලයේදී ශුක්‍රාණුවක් හමුවන්නේ නෑ.
එවිට ඩිම්බය පැලෝපීය නාලය දිගේ ගර්භාෂයට පැමිණ එය තුළ අතරමං වෙනවා.
සංසේචනය නොවූ මෙවැනි ඩිම්බයක් ගර්භාෂයේ ඇතුළත බිත්තියේ තැන්පත් නොවන නිසා ඊට දින කිහිපයකට පසුව සිදුවන ඍතුවීමත් සමඟම ඩිම්බයද පිටවී යනවා.
ඍතුවීම කියන්නේ?
මාස් ශුද්ධිය වීමේදී කාන්තා සිරුරක සිදු වන්නේ........... |
මේ පිටවෙන රුධිරය හටගන්නේ කොහෙද?.....”
චාණක්‍ය වගේ සැබෑම පණ්ඩිත බ්‍රාහ්මණයන් අතරේ
‘පන්ඩි බමුණෝ’ත් ඇති පදම් හිටිය බවයි පෙනෙන්නේ.
“මෙහෙම පිටවෙන්නේ ගැහැනුන්ගේ සිරුරේ එකතුවෙන
අපිරිසිදු රුධිරයයි. ඔවුන් මේ දිනවලදී ස්නානයෙන් වැළකී සිටිය යුතුයි.
සතියේ
කෙම්මුර දිනවලදීත් සාමාන්‍ය ජනතාවට ස්නානයේ යෙදීම අකැපයි. උත්තම බ්‍රාහ්මණයන්
පමණක් ඒ දිනවල පැන්පාසු වීමේ යෙදිය යුතුයි!” බමුණන් දෙසුවා!
මෙවැනි ගැලවිජ්ජාවලින් තමන් අනෙක් මිනිසුන්ට
වඩා උසස් බවත්, පිරිසිදු බවත් පෙන්වීමටයි මේ බමුණන් තැත් කළේ.
බමුණු මත ප්‍රකාශ කරලා ඔවුන් හැදුවේ ඔසප් දිනවලදී කාන්තාවන් ගංගාවල ස්නානය කරන එක නවත්වන්න! |
මාසයකට වතාවක් කාන්තාවන් ඔවුන්ගේ අපිරිසිදු
රුධිරය සිරුරෙන් බැහැර කරන බවට බමුණන් කළ ප්‍රකාශය ආදියේ මිනිසුන් විශ්වාස කළා.
‘එහෙම නම් පිරිමින්ගේ ඇඟේත් කුණු ලේ එකතු වෙන්න ඕනැනේ!’
ඒ කාලේ ගොඩක් අයට කල්පනා
වුණේ නැත්තේ තර්කානුකූලව නොහිතුව නිසා වෙන්නැති.
කොහේ කල්පනා වෙන්නද? මෙච්චර දියුණු අද කාලෙත්
‘ලේ පරීක්ෂාවකින් ජාතිය හොයන්න බැරි බව’ අපට කල්පනා නොවෙද්දී.... බොරුද මං අහන්නේ?
....ඉතින්....