‘මොකක්ද ලොකූ කියනවයි කිව්ව රහස?’ ඉරිදාට Sam අසනවා ඇත.
‘සමා, I am Gay!’ කියලා කෙටියෙන්ම කියලා දඩිබිඩියේම
call එක කට් කළොත්... ඔව්! ඒක තමයි කරන්න ඕනේ... එතකොට...
![]() |
එක තත්පරයක් ඇතුළත විශ්වයේ අලුත් තාරකා 4,600ක් උපත ලබනවලු! |
ඉරිදා වෙන්නට ආසන්න වශයෙන් තවත් පැය හතලිහකටත් වැඩියෙන් තිබෙයි. ඒ කියන්නේ තත්පර (40
x 60 x 60 = 1,44,000) එක්ලක්ෂ හතලිස්හතරදාහකටත් වැඩියෙන්... අම්මෝ ඒ කාලය ඇතුළත
තව කොච්චර දේවල් අලුතෙන් සිද්ද වෙන්න ඉඩ තියෙනවද?
එංගලන්තයේ...
ලංකාවේ... ලෝකයේ... විශ්වයේ...
එක තත්පරයක් ඇතුළත විශ්වයේ අලුත් තාරකා 4,600ක් උත්පත්තිය ලබනවලු! තව...
මං හිතන්නේ මගේ හිත ඇතුළේ ඊටත් වැඩියෙන් අලුත් අලුත් සිතුවිලි පහළ වෙන්න ඇති! කප්පරක්
විතර එහෙව් සිතුවිලිවලින් හෙම්බත් වෙලා ගෙදරට ගොඩ වදිනකොටම චූටි නංගි දීපානි දොර
ඇරියා. කෙල්ල මං එනකල් මඟ බලාගෙන ඉඳල වගෙයි. “සෑම් කතා කළා ලොකූ... twice! Is
there something wrong...”
“මොකටද කියල
සමා කිව්වෙ නැද්ද චූටි?”
“මට? කි..ය..යි මෙන්න කියලා. එයාට තවමත් මං චූටියිනෙ. She thinks me as a kid.
ඔයාලටත් එහෙම්ම තමයි ඉතිං. I know that...”
ඈ... දීපානි ඒ කළේ හින්ට් පාස් කිරිල්ලක්ද?
එතකොට
චූටියාට; දීපානිට අවුරුදු 21කි. ඒ දවස්වල එයා එක එක විදිහට- එකම මැසිවිල්ලක් දිගටම
නඟමින් උන්නාය. ‘මං දැන් adult කෙනෙක්. මට පුළුවනි මම කැමති දෙයක් කරන්න. මගේ ගැන
මටම තීරණ ගන්නත් පුළුවන්... ඒ නිසා මම ආස නෑ ඕනෑවට වඩා කවුරුවත් මගේ වැඩවලට ඇඟිලි
ගහනවට.’
එයා වැඩියත්ම එහෙම කිව්වේ අපේ අම්මාටය. දීපානි ගෙදරින් පිටතට යන්නට හදන ඕනෑම වෙලාවක
අම්මා ප්‍රශ්න සීයක් විතර මතු කරයි.
‘කොහෙද යන්නෙ / කවුරු එක්කද යන්නේ / මොකේද යන්නේ / කීයටද ආපහු එන්නේ’ වගෙ ප්‍රශ්න
නං වරදින්නෙම නැත.
එහෙම වෙලාවට
අපේ අම්මා
මොන tone එකෙන් ප්‍රශ්නේ ඇහුවත් චූටියාගෙන් ලැබෙන උත්තර ‘කැත්තට පොල්ල’ ජාතියේ
ඒවාය. ඒ චූටි නංගීගේ වැරැද්දමත් නොවේ. එයාගේ වයසේ වැරැද්දය!
“ඔයාත් සද්ද
නැතිව බලාගෙන ඉන්නේ... ඔයා නේද ලොකු අය්යා... දැක්ක නේද මම අහපු එකටවත් ආන්සර්
නොකර ගස්සගෙන පිටත්වෙලා ගිය හැටි. ඔයාටත් පේන්නැද්ද
රංජි දීපානි දැන් ගාණට වැඩියි කියලා... එයා හැදිල තියෙන විදිහ කිසිම කමකට නෑ...”
ඉතිරිය අම්මා කිව්වේ සද්දේ අඩුවෙනි.
”දැන්මම කොල්ලෙකුත් හොයාගෙන වගෙයි. කෝච්චරවත් පාටි... මං හිතන්නේ බොන්නත් පටන්
ගෙනද කොහෙද- ඒ මදිවට සිගරටුත්.”
![]() |
ඒ පාටියට සමන්තිවත් යන්නෑලු... බිමල් කසාද බඳින්න කලින් තියන බැචුලර්ස්
පාටිය. ඒක කරන්නේ මනමාලයාගේ ළඟම යාළුවො ටිකලු... |
“එහෙම කොහොමද? එයාල මෙහාට එක්කගෙන ආවට සිංහල- බුද්ධාගමේ ළමයි. මෙහෙ හැදුණයි කියලා
එයාලා සුද්දො වෙන්නැහැනේ රංජි.”
මේවා අම්මාට
තේරුම් කරන්නට අමාරුය. ළමා වයසේදීම එංගලන්තයට ඇවිත්- එහෙ ළමයින් එක්ක පාසල් යමින් හැදුණු-වැඩුණු
චූටි නංගීය, වැඩියෙන්ම එහාට අනුගත වෙලා තියෙන්නේ. එහේ විදිහට හැසිරෙන්නේ... බ්‍රිතාන්‍ය
ජාතික යව්වනියක් වී තිබෙන්නේ.
“එහෙමයි කියල
ඔයා කට වහගෙන හිටියම හරි යන්නෑ... කනට දෙකක් දීලා හරි අවවාද කරන්නයි තියෙන්නේ...”
අම්මා හදන්නේ බළලුන් ලවා කොස්ඇට බාවා ගන්නටය. “ඔයා කියන දෙයක් එයාලා නාහා ඉන්නෑ රංජි.
කරදඬු උස් මහත් වුණාට ඔය තුන් දෙනාම තාම ඔයාට බයයි...”
අම්මාට කිව යුතු දෙයක් හිතා ගන්නට කලිනි, ටෙලිෆෝනය නාද වෙන්නට පටන් ගත්තේ.
කතා කළේ Samය.
“අම්මටද කතා කරන්න ඕනේ... අද අම්මත් කලින් ඇවිල්ලද කොහෙද...” මං ව්‍යංග්‍යයෙන්
ගෙදර තත්ත්වය සමාට කියනකොටත් අම්මා එතැනට ඇවිත්ය. ‘කෝ, දෙන්න’යි කියමින් මගේ අතින්
ටෙලිෆෝනය ඩැහැගෙනත් ඉවරය.
“ඔයා අද දෙපාරක්ම මෙහාට කතා කරලා තියෙන්නේ මො..ක..ද
කියලා මම හිත-හිතයි හිටියේ ඩාාාාාලිං... ආ... ඒකටද... ඉන්න ඉන්න එහෙනං මං ලොකාටම
දෙන්නං. ආ... රංජි. සමන්තිලට ආරාධනාවක් කරන්න තියෙනවලු කියන්නේ අපිට.”
“ලොකූ, අනේ සොරි! මම දන්නවා දැන් නං ඔයාට ඔතන ඉඳගෙන
මොකුත් කියන්න බැහැයි කියලා. අම්ම කුස්සියේ හිටියට කන් දෙක ඔතැනින් තියල ගිහිං
ඇති. අද දවල් කතා කළේ ඔයාට හරි ලංකාවේ කෙනෙකුට හරි මොකුත් කරදරයක් හන්දා නෙවෙයි
නේද? මට මතක් වුණේ ලොකා අපේ තාත්තගේ tragic death එක වෙලාවේ ඔයා වැඩ කරපු හැටි...
ඇයි-අපේ නෝනක්කා සූසයිඩ් කර ගත්ත
වෙලාවේ... ඒකයි ලොකූ අදම ඔයාගෙන් අහගන්න හැදුවේ. අනේ සොරි ලොකූ. එහෙම මොකක් හරි
දෙයක් කියලයි මම හොඳටම බය වුණේ.”
“නෑ නෑ සෑම්.
ඇහුවට කමක් නෑ. කිසිම කරදරයක් නෙවෙයි. ඉරිදාට... ඔව් ඔව්, මම අනිද්දාටත් වැඩ.
බිමල්ට කියන්න මං ගොඩාක් තෑන්ක් කළයි කියලා, මටත් පාටියට invite කළාට. මං එන්නම් දීපාලුත්
එක්ක.”
අපේ සංවාදය ඉවර වෙනතුරුමත් අම්මා බලාගෙන ඉඳලා තියෙන්නේ
ඉවසිල්ලක් නැතිවය. “සමා ඔයාටයි බඩාටයි විතරද පාටියට එන්න කිව්වේ. ඇයි, දැන් තියාම
නාකි අපිව තිත්ත වෙලාලුද...”
“අම්මට නං ඇත්තටම පිස්සු. ඒ පාටියට සමන්තිවත් යන්නෑලු... බිමල් කසාද බඳින්න කලින්
තියන බැචුලර්ස් පාටිය. ඒක කරන්නෙත් මනමාලයාගේ ළඟම යාළුවො ටිකලු...”
![]() |
එහෙම වීම වෙනුවෙන් මෙදා පොටේ ඒ හාදයාට තෑගිත් හම්බ වුණේය. විස්තර ගොඩක්
හා ෆොටෝස් ගොඩක්!! එයින් කීපයක් මේ post එක ලස්සන කරන හැටි
ඔබටත් පෙනෙයි! |
“මටත් ඉන්වයිට් කරන්නේ මට තවත් අත්දැකීමක් ගන්න පුළුවන් වෙන හින්දලු. අනික ඉතිං
මමනෙ අම්මේ බිම්ගෙ අනාගත ලොකු මස්සිනා වෙන්න යන්නෙ.”
“ඔව් ඔව්. අනාගත මස්සිනාව ලොකු කරගෙන ඉහ උඩින්ම තියාගත්ත හින්ද නේන්නං එයාලගේ
වෙඩින් card එකටත් මස්සිනාගේ නමම දැම්මේ. වදපු හදපු අම්ම තාත්තගේ ඩැඩාගේ නමක් ගමක්වත් නොදා.”
“අම්මා කැමති
විදිහකට හිතා ගන්න අම්මේ. මම යනවා wash එකක් දාගන්න. ඊට කලින් මොකුත් උදව්වක්...”
“ඕන්නෑ! මම උයල ඉවරයි...” අම්මා කිව්වේ නොරොක් ස්වරයකින්. ඒක ගණනකට ගන්නැතුවයි මං wash
room එකට වැදුණේ.
Bachelor
Party ගැන 1994 වෙද්දී මං වහන්සේ දැනගෙන උන්නේ බොහොම චුට්ටකි.
ඒ එච්.ඩී. ප්‍රේමරත්න
නම් අතිදක්ෂ සිනමා අධ්‍යක්ෂවරයාට පිං සිදු වෙන්නටය. ටක්කෙටම කියනවා නං එතුමා හැදූ ‘මංගල
තෑග්ග’ නම්වූ සිංහල සිනමාවේ 646 වෙනි සලරුවට පිං සිදු වෙන්නටය. 1987 මැයි 7 වෙනිදා
තිරගත කෙරුණු ‘මංගල තෑග්ග’ ෆිලුමට වස්තු විෂය කරගෙන තිබුණේ බැචලර් පාටියකදී සිදුවන
අවාසනාවන්ත අහම්බයකි.
මා දන්නා තරමින් නම් bachelor partyයක් කේන්ද්‍ර කොටගත් වෙනත් කිසිදු සිංහල චිත්‍රපටයක්
හෝ ටෙලි නාට්‍යයක් හෝ මෙතෙක් නිර්මාණය වී
නැත!
ඒ කලා නිර්මාණ
ශිල්පීන්ට විතරක් නොවේ, මේ ලියන නිමල් දිසානායකයාටවත් අද වෙනතුරුම මේ බැචලර් පාටි
ගැන අමුතුවෙන් හොයා බලන්නට ඕනෑකමක් ඇති වුණේ නැත. ඒත් ඉහතින් ලියැවුණු විස්තර ටික
අකුරු කරද්දී නම් මට ප්‍රශ්නයක් මතු වුණේය.
ගැහැනු බැචලර් පාටිත් තියෙනවාද?
සමන්තිට එහෙම
පාටියක් තිබුණු විත්තියත්, Sam ඒකට ගියේ බිමල්ගේ අක්කා ඩෘතී එක්ක බවත් මගේ මතකයේ
තිබුණු හින්දය, අර ප්‍රශ්නය මතු වුණේ. ලිවීම නවත්තලා, මං කළේ ජාලයට පිවිසීමයි;
තොරතුරු සෙවීමයි.
නිදි ඔහුගේ
මතකය කාල් ගාමිනි ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නේ. එහෙම කළත් ඒ ලියන කරුණුවල නිරවද්‍යතාව
හැකි උපරිමයෙන්ම තහවුරු කර ගන්නටත් ඒ හාදයාට උවමනාය. උඩින් පල්ලෙන් අත-පත ගා වනලා ගැහිල්ල
ඒකාට පුරුදු නැත. හැම දේකටම කලින්- තමා කරන දෙයට තමන්ම අවංක විය යුතුය!
එහෙම වීම වෙනුවෙන් මෙදා පොටේ මිනිහාට තෑගිත් හම්බ වුණේය. විස්තර ගොඩක් හා ෆොටෝස් ගොඩක්!!
එයින් කීපයක්
මේ post එක ලස්සන කරන හැටිත් ඔබට පෙනෙයි!
![]() |
මගේ මතකයේ තිබෙන්නේ ඇය කියූ දේවල්වල මිශ්‍රණයකි. |
කවුදෝ wash room එකේ දොරට තට්ටු කරයි. “ඔයා රෙදිත් හෝදනවද රංජි. තාම නාලා ඉවර
නැද්ද? මටත් බඩගිනියි. මං මේ බලාගෙන ඉන්නවා ඔයත් එනකල්- සීතල වෙන්න කලින් බත්
ටිකක් කන්න.”
අම්මගේ tone එක හොඳය. මට පේන්නේ එයාටම තේරෙන්න ඇති වෙඩින් කාඩ් එක ගැන මගේ ඇඟට ගොඩ
වෙච්ච එක වැරදියි කියලා.
“එවෙලෙම කියන්න
එපැයි අම්මේ... එහෙනං මං ඉක්මනට එනවනේ! යං, මම පට ගාලා එන්නං...”
පට ගාලා
නොවුණත් සුපුරුදු වේගයෙන්ම ලෝකය කැරකුණේය; ඉරිදාටත් හිරු පෑව්වේය; දහවල් එකත්
වුණේය. දවල් කෑමට කලින් සමන්තිට ඇමතුම අරගෙන සිටින්නැයි මට කීවේ බල්නූර්මය. ඒ
තල්ලුව මට දුන්නේ අමතර දිරියකි.
“හායි ලොකූ.
මම ඔයාට ගන්නද?” සමන්ති නංගි ඇසුවාය. ‘ඕනි නෑ සෑම්.’ මගෙන් කියැවිණි.
‘තවමත් මගේ දිව පැටලෙන්නේ ඇයි?’
උඹට ඒ තරමටවත් දහිරියක් නැද්ද නිමල්? වෙන දෙයක් වෙද්දෙන්... කියන්න හිතුව දේ කියහං
මිනිහෝ, කියහං... තමුසේ දැන් ඕක නොකිව්වොත් නං ආයේ කවදාවත් ඕක කියැවෙන එකක් නෑ යක්ෂයෝ!
‘හරි හරි හරි, ටිකක් ඉන්නවකො... මෙන්න එහෙනං...’
“Sam, I want
you to know... මේක... රහසක් සෑම්... මං ඔයාලා හිතාගෙන ඉන්න තරම් හොඳ කෙනෙක් නෙවෙයි සෑම්.
I am gay!”
අහා! මගේ
හිතට දැනුණු සහනය... විශ්වාස කරනු මැනවි. එතරම්ම සහනයකි මට දැනෙමින් තිබුණේ... ලොකු
රහසක්- අවුරුදු තිස් ගණනක් තිස්සේ හිත පතුලේම හිර කරගෙන උන් රහසක් එළියට දැම්මාම
එවන් සහනයක් දැනීම අරුමයක්ද?
එවෙලේ කාලය ඝනීභූතවී නැති බැව් මට නොහැඟිණි; ලෝකය පුරුදු පරිදිම කැරකෙමින් තිබෙන
බව මට කල්පනා නොවිණි; ටෙලිෆෝනයේ එහා කෙළවරින් සමන්ති නංගි මා අමතමින් උන් බවවත් මට
සිහි නොවිණි.
මා යළි පියවි
ලොවට එනවිට; යථා තත්ත්වයට පැමිණෙන විට සමන්ති නංගි හඬමින් ඉන්නවා මට ඇසිණි.
“Sam, Sam...
Why are you crying?” අඬන්නේ ඇයිදැයි මා සමන්ති නංගිගෙන් විමසූ බැව් මිස ඇය දුන්
පිළිතුරු ගොන්න එහෙම පිටින්ම මගේ මතකයේ නැත. මගේ මතකයේ තිබෙන්නේ ඇය කියූ දේවල්වල මිශ්‍රණයක්
පමණි.
දැන්වත් ඒ අවුල් ජාලය පිළිවෙලින් ගැළපුවොත්...
‘මට ගොඩක්
සතුටුයි ලොකූ, ඔයාගෙ ජීවිතේ ලොකුම ලොකු වැදගත් රහසක් මගෙත් එක්ක ෂෙයාර් කර ගන්න හිතුවට.
ඒක මට ලොකු honour එකක් ලොකා. ඇත්තමයි, I never thought ඔයා මාව මේ තරමටම විශ්වාස
කරයි කියලා.’
![]() |
ඔයාට අයිතියක් තියෙනවා ඔයාගේ අයිඩෙන්ටිටි එක ලෝකෙටම වුණත් කියන්නත්.
කැමති කෙනෙක් කැමති විදිහකට ඒක බාර ගනියි. |
‘ඔයාගේ sex
drive එක මොකක් වුණත්, මට නං ඒක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි ලොකා. ඒක ඔයාගේ කැමැත්ත.
That is your choice... Your will. ඔයාට ඕනි නං, ඔයාට ඕනිම කෙනෙකුට කියන්න ඔයා gay
කෙනෙක් කියලා. ඒ ඕනිම වෙලාවක මමත් ඔයා එක්කයි. Honestly, I am very proud of
you... ඔව් ලොකූ, ඔයා වගෙ ලොකු අයියෙක් ඉන්න එක ගැන මට හරි ආඩම්බරයි!’
‘ඒ වගේමයි
ලොකා. ඔයාට අයිතියක් තියෙනවා ඔයාගේ අයිඩෙන්ටිටි එක ලෝකෙටම වුණත් කියන්නත්. කැමති
කෙනෙක් කැමති විදිහකට ඒක බාර ගනියි. It’s up to them!’
එදා බල්නූර්ගේ ජංගම දුරකතනය ඔස්සේ ගලාගෙන ආවේ සමන්ති නංගිගේ වචන විතරක් නොවේ.
එයාගේ සහෝදරත්ව බැඳීමේ සවිමත් ආදරයයි; දිරි ගැන්වීමයි!
ගොඩාක්...
ගොඩාාාාක්... ගොඩා..රි..ය..ක් ස්තුතියි Sam!
සමන්ති නංගි ගැන
මා කළ තක්සේරුව නිවැරදිය. එයා ළිං ගෙම්බියක නොවෙන විත්තිය නං පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.
එහෙම වෙන්නට ඇත්තේ සෑම් මහරගම ආච්චිට සමීපව හිටි නිසා විය යුතුය. ඒ ආච්චී; දසනායක රත්නවතී උපාසිකාව ඒ
කාලයේ හැටියට ‘ගොඩක් වෙනස් අදහස්’ දැරූ ඇත්තියක වූවාය. නැත්තං මේ ලියන නිදිට
අවුරුදු දොළහ වෙන්නටත් පෙරාතුව ‘කුමර බඹසර හා කුමරි බඹසර’ ගැන තොරතුරු කියා දේවිද?
මගේ දැනුම් වපසරිය
තව-තවත් පුළුල් කරමින් මහරගම ආච්චී එදා කළේ සුවිසල් කාර්ය භාරයකි. (ආච්චියෙ ඔයාට
පිං!)
එදා අපේ
ආච්චී සිදු කළ ඒ මෙහෙවර වර්තමානයේදී මා වෙනුවෙන් ඉටු කරන්නෝ කිහිප දෙනෙක්ම වෙති.
Pra Jay මහත්තයා එයින් එක්කෙනෙකි. (මතකයි නේද උන්නැහේ ‘මට වෙච්ච දේ’ පොත
හොයා ගන්න ලේඛනාගාර පීරන්නට මාව කැන්දන්
ගිය හැටි!)
ඒ වාගේම, ප්‍රා ජේ මහත්තයා පෝස්ටුවලට අදාළ වැඩි විස්තර තිබෙන තැන්වලට යන්නට අගනා
linksතුත් එවයි. (රොම්බ තෑන්ක්ස් Pra Jay මහතාණෙනි!) පසුගිය කොටසටත් එතුමා එවැනි ලින්කුවක් එවා
තිබිණි. එහාට ගිහිං බැලුවාම...
![]() |
1951 අවුරුද්දෙදී තමයි gay වචනය පළමු වතාවට Oxford
English Dictionary එකට
ඇතුළු වෙලා තියෙන්නේ. ඒ සමලිංගික අර්ථය දෙමින්... |
For centuries
gay was used commonly in speech and literature to mean happy, carefree, bright
and showy, and did not take on any sexual meaning until the 1600s...’ වගෙ
විස්තර ගොඩක් අඩංගු ලිපියක් හම්බ වුණා. මං දන්නා ‘යන්තං සන්තං පදං ඉංගිරිස් ‘වලින්
ඔය උඩින් තිබ්බ ටික තේරුම් ගත්ත හරිද බලන්න ගූගල් පරිවර්තකගේ උදව්වත් ඉල්ල ගත්තා. මෙන්න
හම්බ වුණු පරිවර්තනේ:
‘... සමලිංගික යන වචනය 12 වන සියවස දක්වා දිවෙන අතර එය පැමිණෙන්නේ පැරණි ප්‍රංශ 'ගයි' යන වචනයෙන්
වන අතර එහි තේරුම 'ප්‍රීතියෙන්
හෝ ප්‍රීතියෙන් පිරී' යන්නයි.
එය පැරණි ඉහළ ජර්මානු 'ගායි' යන අර්ථය
ඇති ආවේගශීලී යන්නට ද සම්බන්ධ විය හැකිය.
සියවස්
ගණනාවක් තිස්සේ සමලිංගික යන වචනය කතා කිරීමේ සහ සාහිත්‍යයේ බහුලව භාවිතා වූයේ සතුටින්,
නොසැලකිලිමත්, දීප්තිමත් සහ දර්ශනීය යන අර්ථය ඇති අතර 1600 ගණන් වන තෙක් කිසිදු ලිංගික
අර්ථයක් ගත්තේ නැත...’
ඒ ලිපියෙන්
කියැවෙන විදිහට තවත් අවුරුදු ගණනක් යනකල් gay කියන වචනයෙන් අදහස් කෙරෙන තේරුම
ටිකෙන් ටික; හෙමි-හෙමින් වෙනස් වෙලා. කාලයකදී ඒ වචනෙන් අදහස් වෙලා තියෙන්නේ ගණිකා
නිවාස / වෛශ්‍යා වෘත්තියේ යෙදෙන්නන් එහෙමලු.
ඔහොම හෙමින්
නමුත් වෙනස් වෙන ගමනක් ඇවිදින් 1951 අවුරුද්දෙදී තමයි gay වචනය පළමු වතාවට Oxford
English Dictionary එකට ඇතුළු වෙලා තියෙන්නේ.
ඒ සමලිංගික අර්ථය දෙමින්...
මට කල්පනා
වුණේ... ඔයාලත් දන්නවනෙ මගේ කල්පනාවල දිග පළල...
හචින්සන්ලා- ලෙස්ලි පිගොට්ලා නිසා; රේස් කොළේ කියවන්න උවමනා වුණු නිසා කොඤ්ඤං කොඤ්ඤං ඉංගිරිස් පුළුවන් වෙච්චි අපේ ආච්චි (නියම කඩුව වනන්නියක් වෙලා) මේ gay කතන්දර දැනගත්තා නං... මගේ සමලිංගික අනන්‍යතාව ගැන දැනගත්තා නං... මීන සංහාරය දවසේ යක්ෂාරූඪ වුණාට නොදෙවෙනි හෙයියම්මාරුවක් වෙයි නේද?
ඉතිරි හරිය ඊළඟ
කොටසින්...