“Good Morning මිස්ටර් දිසානායක. මොකද කියන්නෙ. ලබන සතියේ සීගිරි යමුද?” ප්‍රභාත් මට ටෙලිෆෝන් කළේ ජුනි මාසෙ අන්තිමේ. “ගිය සතියේ වස්ගමුවේ ගිහින් ඇවිත් මහන්සිද... මහන්සි වුණත් කමක් නෑ, නිමල් අයියේ. ලබන සුමානේ අපිත් එක්ක සීගිරියේ යමු. ඉඩම ගත්ත දවසේ ඉඳලම කියලත් ඔයා ආව එකක්යැ... දැන් එහෙ බිල්ඩින් එක හදල ඉවරත් එක්ක.”
Week ends කීයක් නං try කළාද, අපි
යනකොට ඔයාවත් එහෙ එක්ක යන්න. මොකෝ කියන්නෙ... |
“ඒකනෙ කියන්නෙ. ඔයාවත් එහෙ එක්කගෙන ගිහින් පෙන්නන්න කතා කළා- කෝ… ආවද?” ප්‍රභාත් කියන්නේ නෝක්කාඩු හඬකිනි.
ඇත්තය. සීගිරි අඩවියෙන් පංකාදු ඉඩම් කෑල්ලක් මිලදී ගත්තු විත්තිය ප්‍රභාත් මට කිව්වේය;
එහි නිවාඩු නිවස්නයක් තනන්නට යන විත්තියත් කිව්වේය. ඉඩම සුද්ද කරන බව; මුල්ගල් තියන
බව; ඉදිකිරීමේ වැඩ සිදු කෙරෙමින් තියෙන බව එහෙමත් වරින්-වර කිව්වේය. “Week ends
කීයක් නං try කළාද, අපි යනකොට ඔයාවත් එහෙ එක්ක යන්න. මොකෝ කියන්නෙ... මේ සැරේවත් යමුද?”
“කවද්ද
ප්‍රභාත්ල, යන්නෙ?”
චිත්තම්මාගේ වැඩිමහල් සොහොයුරියට දරුවන් දෙදෙනෙකි. මාලිකා හා නදී
(ප්‍රසන්න)ය. මාලිකාගේ සැමියා ප්‍රභාත්ය. දෙදරුවන් ෂෙහාන් හා නෙත්මිය. (අපි ඒ
හැමෝමත් එක්ක සංචාර ගොඩකටම ගොහිං තියෙන විත්තිය දැනටමත් මගෙන් ලියැවී තිබෙයි.)
කොරෝනා වසංගතය නිසා හදිසියේම රට වසා දමන විට ‘ගෙදර වියදමට ප්‍රමාණවත් සල්ලියක්’ මා ළඟ නොතිබිණි. හදිසියේ අතමාරුවක් කර ගන්නට ගොඩක් දෙනා හිටියත්- ප්‍රශ්නයක් වුණේ ‘ඒ ගොඩ දෙනා’ ඒ මුදල් ආපසු බාරගන්නට අකැමති පන්නයේ අය වීමයි. අඩුවෙන්ම රණ්ඩු කර- බලහත්කාරයෙන් හෝ ඒ මුදල් බාර දෙන්නට හැකියාව මට තිබෙතැයි සිතුණු අයගෙ ගොඩේ ඉස්සරහින්ම හිටියේ ප්‍රභාත්ය. (ප්‍රභාත් දබර කරන්නට- වාද කරන්නට කැමති කෙනෙක් නොවේ!)
කොරෝනා වසංගතය නිසා හදිසියේම
රට වසා දැම්මාමය, මට තේරුණේ... |
‘... අන්තිමේදී සුවදුක් අහන්නට කතා කළ මාලිකාත් සල්ලි
කොහොමදැයි ඇහුවාය.
“ඉල්ලාගන්න
වෙනවා බැංකු අරින්නේ නැතිනම්...” මම කීවෙමි.
විනාඩි දහයක් ගියේ නැත. මාලිකාගේ සැමියා ප්‍රභාත් කතා
කළේය.
“නිමල්
අයියට කීයක්ද ඕනේ?අද
මට වැඩට එන්න වුණ නිසා පර්මිට් එක තියෙනවා. අද හවසම මං ගෙදර යන ගමන් ගෙනත්
දෙන්නම්.... හරි, හරි...
ඔයා ආපහු දෙන දවසට ගන්නම්කො... ණයක් විතරයි දෙන්නේ, පොලිය නැතිව.”
මාස්ක් දමාගෙන හිටි ප්‍රභාත් අපේ ගෙදරටවත් ගොඩවෙන්නේ
නැතිවය, සල්ලි
ගෙනත් දුන්නේ. ස්තුතියි මාලිකා, ප්‍රභාත් දෙන්නාටම.’
ඒ සල්ලි
මාස ගණනාවකට සෑහුණේය; ඒ නොහිතූ ‘වාසනාවන්ත කාලයක්’ මට උදා වුණු බැවිනි.
තනි මට පමණක් නොව, දෙතුන් දෙනෙකුටම වුණත් සෑහෙන තරං හාල්- පොල්- අල- පරිප්පු- මස් මාළු
එහෙමත්, එළවළුත් අපේ ගෙදරටම ගෙනවුත් දෙන්නට තරං ‘පරිත්‍යාගශීලී හිතවතුන් රැසක්ම’
මට ඉන්නා බව, ඒ වකවනුවෙදී පසක් විණි.
එහෙම දේවල් අපේ ගෙදරට ගෙනවිත් ගොඩ ගසන අතරේ, ඒ හැමෝම මට කිව්වේ එකම දෙයකි.
‘ගෙදරින් එළියට බහින්න නං එපා! අඩුපාඩු වෙන දෙයක් අපිට කියන්න- අපි පිටස්තරයෝය කියල
හිතන්න එපා... ඔයා ළඟම තියෙන කඩේටවත් යන්න එපා. මේ වසංගතේ ඉවර වෙනකල් අපි -
අපිටවත් ඔයාලගෙ ගෙදරට එන්න දෙන්න එපා.’ (ඒ හිතවතුන් හැම දෙනාගේම කාරුණිකත්වයට ප්‍රසිද්ධියේ
ස්තුති කරන්නටත්, මේ අවස්ථාවය! ඔයාලා හැමෝටම ගොඩක්- ගොඩාරියක් පිං!)
වැවකට යනවා නං ඒකත්
පුළුවන්... ඔයත් එනව නේද? (ඒ ගිය වෙලාවක ධනුෂ්ක, මංජු, නදී, ප්‍රියන්ත, සම්පත් හා සඳුන්) |
එයාලාගේ පවුලේ උදවියත් එක්ක මගේ තිබෙන හිතවත්කම එච්චර ලොකු එකකි!!
“අපි
සිකුරාදා උදේ යන්නෙ, නිමල් අයියේ. ජුලි 7 සිකුරාදා. අට නවය දෙකත් එහෙ ඉඳලා එන්නේ. සම්පත් අයියත් යනවා. නදී, රංග, අපේ පුතා
ෂෙහාන් එහෙමත් යයි.” (ෂෙහානුත් IT හපනෙකි. ගෝල්ෆේස්හි ‘ආදරයේ අරගලය’ට මගේ පුංචි දායකත්වය
ලබා දෙමින්, පැය 68ක් වතුරෙන් පමණක් යැපෙමින් මා උපවාසය කරන අතරේ නිරතුරුවම fb එකෙන් මගේ තොරතුරු යාවත්කාලීන කරන්නටත් ෂෙහාන්
සචිත් කටයුතු කළේය. ආයෙමත් ස්තුතියි ෂෙහාන්!)
“නිමල් අයියා කැමතියි නං පිදුරංගලත් එක්ක යන්නං.”
“ඇයි
ළමයෝ, ඔයාලමනේ අපිව ගලපොතුයායේ එක්ක ගියාම, අපි පිදුරංගල නැග්ගේ. ඊට පස්සෙත් අපි හත්-අට
සැරයක්ම එහෙ ගියා ප්‍රභාත්ට මතක නැද්ද.” එහෙමත් කියමිනි, ‘යමු!’ කියලා මං වචනය
දුන්නේ.
“අපේ
වත්ත පහළින් නියම වතුර ඇලකුත් තියෙනවා. නෙවිල් අය්යටත් යමුයි කියන්නකො. කීප සැරයක්ම
කියලත් ඒ මනුස්සයාත් ආවෙ නෑනෙ.”
“එයා කොහෙද මහත්තයෝ නිවාඩු ගන්නේ... ගිය සුමානෙත් දවස් තුනක් නිවාඩු ගත්තනෙ.”
“කාලෙකින් අපේ ගමනකට එයා ආවෙත් නැහැනෙ. ඔයත් එහෙමයි.”
ඊට පසුවදාම
සම්පතුත් මට ඇමතුවේය. “අඩේ මරු මරු මරු. ඔයත් ප්‍රභාත්ලගෙ trip එකට එනවය කියල එයා කිව්වා.
නෙවිලටත් යන්න පුළුවනි නං- සිංදු ටිකක් හෙම කියලා නියම ආතල් එකක් ගත්තැකි නිමල් අයියේ.
නාන්නත් ඇලක් තියෙනවා. වැවකට යනවා නං ඒකත් පුළුවන්... ඔයත් එනව නේද?”
ඒත්
එක්කම සුමිතුරු ප්‍රියන්තගෙනුත් ඇමතුමක්.
“නිමල්, ජුලි 8, 9, 10 වස්ගමුවේ යමුද?”
“ආයෙමත්? අපි ගිය සතියෙනෙ එහෙ ගිහිං ආවේ...” මම විමසුවෙමි. “අනේ සොරි ප්‍රියන්ත. ඔය සති
අන්තෙම ප්‍රභාත්ලගෙ සීගිරියේ තැනට trip එකක් යන්න එනවයි කියලා මම පොරොන්දු වුණානෙ,
ඊයේ.”
“මේකයි
වැඩේ නිමල්. මගේ යාළුවෙක් ඉතාලියේ ඉඳලා ඇවිත් ඉන්නවා. අපි එහෙ ගිය වෙලාවේ එයා සුමානයක්ම
නිවාඩු දාලා අපිව හැම තැනම එක්කගෙන ගියා. මාර හිත හොඳ පොරක්.
එයාලා මෙහෙ කැලේක camping කරලම නැහැලු. මම හදන්නෙ ටිරාන්ලව මැදපිටියේ එක්ක යන්න.”
“ඉතිං ප්‍රියන්ත, ඊළඟ වීක් එන්ඩ් එකේ යමුකො.”
ඒ නිසාදෝ මනුස්ස ජානවලම
‘වල් වදින්නට’, ‘වන+චර වෙන්නට’ ලොකු ආසාවක් හැංගිලා තියෙනවත් ඇති! අනිත් කාගේ
නැතත් මගේ නං ජාන ඒ වගේමය!! |
“ආාාාා මෙහෙම කරමුද නිමල්. අපි යන්න හදන්නෙ සෙනසුරාදා, ඉරිදා, සඳුදා තුනේනෙ. ඔයා සිකුරාදා
ප්‍රභාත්ලා එක්ක යන්න. සෙනසුරාදා දවල්ට වස්ගමුවේ යන ගමන් අපි එහාට ඇවිත් ඔයාව pick
කර ගන්නං.”
එහෙම
කරන්නට වුණත්, ඒ සඳහා ප්‍රභාත්ගේ කැමැත්ත ලබාගත යුතු විත්තිය මම කීවෙමි.
“ඔයාට
තේරෙනවනේ ප්‍රියන්ත. මං එයාලට වචනේ දීල ඉවරයිනෙ. ප්‍රභාත් කැමතියි නං විතරක්...”
“හරි! ඔයාට පුළුවන්ද ප්‍රභාත්ගෙන් අහලා මට කියන්න, හෙට උදේට කලින්. ඔයාටත් එන්න පුළුවන්
නං, මං හෙට උදෙන්ම ගිහින් බුකින් එක දානවා...”
“හරි, දහයට කලින් කියන්නං.”
මම ප්‍රභාත්ට
විස්තරය කිව්වෙමි. ‘ඔහු වාද කරන්නෙක් නොවේ’ යැයි මම කලිනුත් ඔබට කීවෙමි. ඒ හාදයා මටම
බෝලය පාස් කළේය.
“ඔයාම තීරණේ කරන්න නිමල් අයියේ. ඔයාලා යන්නෙ නැත්තං ප්‍රියන්ත අයියා trip එක යන්න කැමති
නැහැ වගේනෙ පේන්නේ. පස්සේ දවසක හරි අපිට සීගිරියේ යන්න පුළුවනිනෙ... අර ගොල්ල ආපහු
ඉතාලි යනවා නං- ඉඩක් තියෙන්නෙත් ඔය දවස්වලම නං ඔයා ඒකට join වෙන්න... අපි පස්සේ දවසක
අපේ ගමන යමුකො. හැබැයි, ඔයා කැමතියි නං මේ සැරෙත්, අපිත් එක්ක සිකුරාදා ගිහිං-
පහුවදා එයාලට එකතු වෙන්නත් පුළුවන්. ඕනි නං මමම ඔයාව ප්‍රියන්ත අයියලා එන මඟට...”
“නෑ
නෑ ප්‍රභාත්. එහෙම කරන්න ගියාම දෙගොල්ලටම කරදරේ. මං එයාලත් එක්කම එන්නං... ඔන්න ඊළඟට
ඔයාල එහෙ යන දවසට මොන වැඩ තිබ්බත් මං එනවාමයි.”
එහෙම
පොරොන්දුවක් ප්‍රභාත්ලාට දීලාය, ආයෙමත් වතාවක් මං වහන්සේ වස්ගමුව වනෝද්‍යානයේ මැදපිටිය
camping site එකට යන්නට සූදානම් වුණේ.
අවුරුදු දහස් ගණනාවකට කලින් අප හිටියේ කැලේය; ඒ නිසාදෝ මනුස්ස ජානවලම ‘වල්
වදින්නට’, ‘වන+චර වෙන්නට’ ලොකු ආසාවක් හැංගිලා තියෙනවත් ඇති! අනිත් කාගේ නැතත් මගේ
නං ජාන ඒ වගේමය!! අනේකවිධ හරිත වර්ණයෙන් බබළන රුක් ගොමුවක- වන වදුලක ඡායාරූපයක්
වුණත්, මගේ සිත පුබුදුවාලන්නේ පුදුමාකාර විදිහටය...
පොළොන්නරුව,
මාතලේ දිස්ත්‍රික්ක දෙකටම මැද්දේ තිබෙන වස්ගමුවට කොළඹ සිට යනවා නම් දුර ‘අපේ
උත්තරීතර පාරලිමේන්තුවේ නියෝජිතයන් ගණන’ට සමානය. කිලෝමීටර් 225කි.
ටිරාන් තමයි එයාලගෙ
යාළුවො කීප දෙනෙක්වත් එක්ක එන්නෙ. මට කිව්ව විදිහට නං families දෙක තුනක්...(Foto-සෙරාන්
එච් ගමගේ) |
“දැන්
කීදෙනෙක් trip එක යනවද ප්‍රියන්ත?” මම ඇහුවේ එදා හවස. “...දවස් තුනේ මෙනූ එකයි-
ගන්න ඕනි බඩු-මුට්ටුයි තීරණේ වෙන්නේ ඒවා
උඩනේ.”
“මගේ
යාළුවා ටිරාන් මරු මනුස්සයා. ඔයාලටත් අඳුනගන්න වටිනවා. ඊටත් වැඩිය මරු නදීකා;
ටිරාන්ගේ wife. හරි forward and friendly. ටිරාන් තමයි එයාලගෙ යාළුවො කීප
දෙනෙක්වත් එක්ක එන්නෙ. මට කිව්ව විදිහට නං families දෙක තුනක්. බලමුකෝ අහලා.” ප්‍රියන්ත
එවෙලේම ටිරාන්ට කතා කළේය.
“ටිරාන්, මචං මම මේ නිමල්ලගේ ගෙදර ඉඳලමයි කතා කරන්නේ. දැන් කවුරු කවුරුද මචං trip
එකට එන්නේ?”
‘...
දහයක් දොළහක් විතර? / ෆැමිලීස් හතරක. / ආ, ඔයාලගේ වාහනවල එන්නේ... / මචං ටිරාන්,
උඹ කිව්ව නේද පොඩි දරුවෙක් දෙන්නෙකුත් ඉන්නවයි කියලා. අපි කතා වෙච්ච විදිහට- මං
ලේඩීස්ලටයි බබාලටයි ඉන්න බංග්ලෝ එකකුත් බුක් කළා. / ඔව්, ඔව්. Don’t worry. අපි
ඉන්නෙ camp site එකේ.’
“ඔයාටත්
ඇහුණනෙ නිමල්, එතන දොළොස් දෙනෙක් කියල ගත්තොත්... අපේ හතක් හරි අටක් හරි... එතකොට
විස්සයි. විස්සක් කියලා ගණන් හදන්න.”
“අපෙත් අටක්?”
“අට නෙවෙයි නිමල්- ගිය සුමානේ වස්ගමු ගිය හැමෝම එන්නයි හදන්නේ. (මම ඉස්සෙල්ලා
කිව්ව ‘කැලෑ ජාන’ වැඩියෙන් තියෙන්නේ මට විතරක් නෙවෙයි වගේ!) ඒක කරන්න බැහැනෙ
නිමල්. එතකොට මේකත් අපේ trip එකක් වෙනවනෙ... කට්ටියක් විතරක් එක ගියොත් අනිත් අය
තරහ වෙනවා. මම ඔක්කොමලටම එපා කිව්වා. ඒත් ඔයයි, නෙවිලුයි, අපේ දෙවෙනියා වෙනුජයි,
සෙරානුයි. හරිසුයි යනවා. මම දහනායකටත් කිව්වා.” (දහනායක කිව්වේ ‘ජීවිතේම
ප්‍රීතිමත් කරන්නෙ ආදරේ’
පෝස්ටුවෙන් කියූ නදීකාගේ ආදරණීය සැමියාටය.)
“ටිරාන්ලගේ
කවුරුවත් කැලේක camping කරලා නැහැ වගෙයිනේ. අපේ සෙරානුයි, වෙනුජයි දෙන්නා tents
ගහලා වයරින් කරයි. දහනායකත් ඉන්නවනේ. බරපතලම වැඩේ, උයාගන්න එක නං ඔයාට තමයි බාර ගන්න වෙන්නේ. Support එකට අපිත් ඉන්නවා.
ටිරාන්ගේ වයිෆුත් උදව් කරයිනෙ...”
ඒ අස්සෙම ප්‍රියන්තට තවත් වැදගත්ම කාරණයකුත් සිහි වෙලාය.
“නෙවිල්ට කියන්න ඕනි ඉක්මනින්ම කොංගෝ එකට හමක් ගස්සවා ගන්න කියලා... දවස්
තුන-හතරකින් ඒක කරවගන්න පුළුවන් නේද? නැත්තං සිංදු කියන්න බැරි වෙනවනෙ...”
ඒ
ඇබැද්දිය වෙලා තිබ්බේ ‘වනචර වෙමුද?’ posts දෙකේදී කියැවුණු වස්ගමු ගමනේදීය. සරත්ගේ
වාහනයෙන් කොංගෝ ඩ්‍රම් එක බා ගත්තාමය පෙනුණේ. එහි හම හරහා කැපුම් පහරකි!
“මේක නං ධනවාදී කුමන්ත්‍රණයක්. සමාජවාදීන්ගෙ ගීත ගායනේ කඩාකප්පල් කරන්න බලාගෙන
එල්ල කරපු ප්‍රහාරයක්.”
“ඔව්වොව් ඔව්! නැත්තං කොහොමද උඩින් cover කරන රෙද්ද බැඳලා තියෙද්දී, රෙද්ද අස්සෙන්
ගිහින් පොරෝ තලය වැදෙන්නේ?” විවරණ- විග්‍රහ- පරීක්ෂණ මොනවා කෙරුණත් පලක් නොවිණි.
වැඩේ සිද්ද වෙලා ඉවරය!!
හරිහමං
විදිහට සුසර කොට, වාදනය කෙරෙන ‘අවනද්ධ භාණ්ඩයක්; තාලය සපයන භාණ්ඩයක්’ නැති වුණාම
‘රඟේ කොහොමද’ කියලා අපේ කාටත් තේරුණේ ඒ
trip එකේදියි. (භාණ්ඩය තිබ්බත් මදි තමයි- හරිහමං වාදකයෙකුත් ඉන්න ඕනිනෙ.)
අපේ ගමන්වල යාවජීව වාදක නෙවිල් අනුරසිරි හිතවතා ඉඳලත්, එදා සාජ්ජ වැඩේ ලාචෝරු වෙලා
ගියේ කොංගෝ එකේ සද්දේ බඃ බඃවලින් එහා වර්ධනයක් නොපෙන්නුව නිසා. හැබැයි, වැඩියෙන් අනුමත
වෙලා හිටි අය නං අඩ අඳුරේ නින්දට ගිහිනුත් සිංදු කිව්වා- අප්පුඩි ගහමින් තාලය
දුන්නා. (උඩ වීඩියෝවේ සිරකොට තියෙන්නේ ඒ රසාලිප්ත රාත්‍රියේ මොහොතක්.)
“මමත්
හෙට උදෙන්ම නෙවිල්ට මතක් කරන්නංකෝ ප්‍රියන්ත... මේ අස්සෙ මට තව වැඩක් කල්පනා වුණා.
ඔයා බංගලාවකුත් බුක් කළා කිව්වනේ. එතකොට එතන වැඩට ඉන්න දෙතුන්-දෙනෙකුයි, ට්‍රැකර්ස්ල
දෙන්නෙකුත් ඉඳියිනෙ ප්‍රියන්ත. අපේ නඩේ බෙදිලා දෙපොළකට යනවා නං ට්‍රැකර්ස්ල
දෙන්නෙකුත් අපි එක්ක ඉඳියි. එතකොට විසිපහක්...”
“හරි!
විසිපහකට ගණන් බලන්න. මෙනු එක දැන්ම හදමුද නිමල්?”
“මගේ අත වෙවුලන නිසා දැන් මම ලියන දේවල් මටවත් කියවගන්න බෑ ප්‍රියන්ත. අද රෑට ඒක
හදලා මං ඔයාට ඊමේල් කරන්නං... ගයාන්ගෙයි ලසිතගෙයි නොම්මර දෙක දැන්මම ඔයාට දෙන්නද?”
“දෙන්න! දැන්මම එයාලටත් කියල හිටියම ඒ වැඩෙත් ඉවරයි.”
ඒ
මොහොතේම ප්‍රියන්ත ගයාන්ටත්, ලසිතටත් කතා කළේය. විස්තර කිව්වේය.
“දැනුයි
මට මතක් වුණේ. එකම නමකින් බුකින්ස් දෙකක් දාන්න බැරි නිසා එක බුකින් එකක් දැම්මේ
අපේ මැණිකෙගේ නමෙන්. මං සැකේට office එකෙන් ඇහුවම නං කිව්වා, මැණිකෙ නොයනවා නම්
එහෙදි නමේ වෙනසක් කර ගන්න පුළුවන් කියලා. අපි ගයාන්ගෙන් ඒකත් අහමුද නිමල්, ඒක...”
කෙනෙකු වෙතින්
වැරැද්දක් වෙන්නට- අතපසු වීමක් වෙන්නට තියෙන ඉඩ ඉතාමත් අඩුය. |
ඒ
අතරේ දුරකතන ඇමතුමක්.
‘තාම මම නිමල්ලගේ ගෙදර ටිරාන්... / සීනි තේ කොළ පිටි ගන්නවා? / එව්වත් අපි ගන්නං.
/ එපාද? හරි, Thanks මචං. මම නිමල්ට කියන්නං ඒවා එපයි කියලා.’
ඒ
සංවාදය මතක් වුණේ පසුවදා මා යැවූ ඊමේල් එකේ අග හරිය දැක්කාමය. මේ, ඒ අග කොටස එහි
තිබුණු විදිහටමය.
‘....
ප්‍රියන්ත ගන්නවා කීවා-
ටෙන්ට්, රෙදි, මෙට්ට, උදැල්ල, පොරොව, ලාම්පුව, හාල්
කිලෝ 3ක් ඉදෙන සාස්පානක් පියන සමඟ, කන්වර්ටරය
හා ලයිට්ස්, ලණු
මිරිසට තැම්බූ මාළු
මම
ගන්නවා:
කුකුළු මස්- තැල් කොළ කිරි හොදි - පොල් සම්බෝල
ළිප් දෙක, ගෑස් සිලින්ඩරය, වළන්, ප්ලාස්ටික්
පිඟන්, කෝප්ප, ජෝගු, තේ
ගොට්ට, හැඳි, විම් සබන් කැටයක්, සන්ලයිට්
කැටයක්, ස්පොන්ජ්, දැලි රෙදි කෑලි
ටිරාන්
ගෙනෙනවා කිව්වා; සීනි, තේ
කොළ, කිරිපිටි
නෙවිල්
ගත යුතුයි; මුරුක්කු
ආදිය
ෂැන්ඩි
ගන්නවා හෙට්ටිපොලින්’
ඒ
විදිහට කෙරෙන්නට උවමනා හරියත්, පොරොන්දු වුණු; බාරගත්; එකේක්කෙනාට බාර දෙන වගකීම්
ආදියත් ලිඛිතව දැනුම් දුන්නාම ලෙහෙසිය. එහෙම කළාම කෙනෙකු වෙතින් වැරැද්දක් වෙන්නට-
අතපසු වීමක් වෙන්නට තියෙන ඉඩ ඉතාමත් අඩුය. මෙහෙම සටහන් කිරීමේ පුරුද්ද මට ඇති වුණේ
මීට අවුරුදු 40 කටත් එහා ඉඳලාය..
ඉතිරිය ඊළඟ කොටසෙන්...