“තේරුණා නේද? ගොඩක් පරෙස්සම් වෙන්න වෙයි. ඔයාට ගොඩක් හිතවත් කෙනෙක් විදිහට මීට පස්සේ මෙහෙම කිට්ටුවෙන් ඉන්නවත් බැරි වෙන නිසයි, යන්න කලින් මේක කියල යන්න හිතුණේ... ආයෙමත් අපි මීට් වෙන එකක් නෑ! ඔයා...”
“ඈ? ඇයි ඒ?” අශාන්ට බාධා කරමින් මට කියැවුණේ නිරායාසයෙනි.
ඒකයි දැන් අපි වගේ අය
හැංගිමුත්තන් නැතිව ‘අපි මෙහෙමයි’ කියලා එළිපිටම කියන්නේ. |
“ඔයා දන්නවද නිමල්, දැන් මෙහෙ අපි වගේ හෝමෝලා අතරේ
මොකක්දෝ ලෙඩක් පැතිරෙනවලු... මෙහෙ විතරක් නෙවෙයි. ඇමෙරිකාවෙත්...” අශාන් බැරෑරුම්ව
කියයි.
“ඉස්සර වගේ නෙවෙයි, දැන් අපි වගේ අය අපේ අයිඩෙන්ටිටි එක හංගගෙන ඉන්නෙ නැහැනෙ. වෙනස්
විදිහට හිතන්න බැරි අපේ රෝයි අයිය වගේ මිනිස්සු, අපේ ඒ forwardකමට තරහයි. ඒ
මිනිස්සු කියනවා මේ ලෙඩේ homo කමියුනිටි එක විනාශ කරන්න දෙවියන් වහන්සේ එව්ව
දඬුවමක් කියලත්...”
“Homo කොමියුනිටි එක?”
“ඔයා මේවා එච්චර දන්නෙ නැති එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ නිමල්. මේ රටවල්වල දැන්
අපි වගේ අය organize වෙන්න පටන් අරගෙන තියෙන්නේ. එහෙම එකතු වෙලා, අපේ rights
වෙනුවෙන් fight කරන්න පටන් අරගෙන තියෙන්නේ... ඒකයි දැන් අපි වගේ අය හැංගිමුත්තන්
නැතිව ‘අපි මෙහෙමයි’ කියලා එළිපිටම කියන්නේ.”
එතකොට මට හිතෙන්නට ඇති දේ, අද භාෂාවෙන් නොලියා එදා
බසින්ම අකුරු කළොත් මෙහෙමය. ‘එංගලන්තේ ගල්කාරයන් / කොලුකාරයන් සංවිධානය වෙලා
අයිතිවාසිකම් ගැනත් හටන් කරනවා? හැංගි හොරා නැතිව එළිපිටම -අපි මෙහෙමයි කියමින්
පෙනී ඉන්නවා!’
මගේ සිතැඟි අශාන්ට පෙනිලා වගෙය. “ඔයාට පුදුමද?”
පුදුමයෙන් ඇරී තිබුණු කට වසාගෙන, මං තවත් හුස්මක් ගන්නා
විට අශාන්ම කතාව පටන් ගත්තේය. “ඒ හින්දමයි මට හිතුණේ ඔයාට direct කතා කරන්න. එහෙම
හෝමෝ ගැන්සියක අර ලෙඩේ තියෙන එකෙක්ට ඔයාව මීට් වුණොත්...”
කැත හිත! කැත හිත කිව්වේ අශාන්ගේ හිත ගැන නොවේ. මගේ හිත ගැනය. ඒ ප්‍රකාශය මගේ සිත
තේරුම් ගත් ආකාරය ගැනය.
කුණු ලෙඩ යැයි ගම්මුන්
කීවේ ‘සමාජ රෝග’වලටය. එතකොට ඒවාට
ඉංගිරිසියෙන් කිව්වේ ‘Venereal Disease’... |
දඟ ගතියෙන් ඒක අහලා ඉවර කරන්නටත් කලින් අශාන් ක්ෂණිකව ක්‍රියාත්මක වුණේය.
ඒ යක්ෂයා මගේ අතකින් අල්ලා, එයාගේ ළඟට ඇදගෙන හොඳටම රිදෙන විදිහට මගේ කට මිරිකුවේය.
“Bloody බාස්ටර්ඩ්... උඹ කැමති එකෙක් එක්ක කැමති විදිහකට හැමනියං. I don’t want to
stop you... මං උඹේ කවුද යකෝ උඹව නවත්තන්න?” අශාන් එහෙම කිව්වෙත් මගේ කට මිරිකාගත්
ගමන්මය; ගිනි පිටවෙන දෙනෙතින් මාව දවා අළු කරලන ගමන්මය.
එතකොටත් මගේ ඇස් දෙකෙන් හෝ ගාලා කඳුළු ගලන්නට පටන්
අරගෙනය.
ඒ දැඩි හස්තයේ ග්‍රහණයට කිටි-කිටියේ හිරවී තිබුණු මගේ
කටෙන් දැනුණු වේදනාවට වැඩි වේදනාවක් මට දැනුණේ- අශාන්ගේ සැහැසි; දයා විරහිත
ස්වරූපය නිසාය.
අත අහකට ගත් අශාන් මොහොතක් මගේ මූණට එබීගෙන හිඳ, මාව ඔහුගේ තුරුල්ලට ඇද ගත්තේය;
පපුවට තුරුලු කරගෙන, හිස් මුඳුනට මෘදු චුම්බනයක් පිරිනැමුවේය; කොඳුරන කටහඬින්
කියවන්නට පටන් ගත්තේය.
“I can’t protect you. Yes, මට එහෙම කරන්න ඕනෙත් නෑ. ඒත්
මම උඹට ආදරෙයි, පරයෝ. ඒ ආදරේ හින්දමයි කියන්නේ- ඔයාට නරකක් වෙනවට මං කැමති නෑ...
මේ දවස්වල හෝමෝ කට්ටියට පරෙස්සං වෙන්න වෙලා තියෙන්නේ V.D.වලින්... ස්පෙෂලි හෝමෝ අය
අතරේ අලුතින් පැතිරෙන ලෙඩෙන්... උඹ ඕවා දන්නෙ නෑ කොල්ලො.”
‘දන්නේ නැතිව හිටියේ’ අශාන්ය!
අපේ පාරේ තිබුණු නිවසකට ‘වේස ගෙදර’ කියලා කියන්නේ
ඇයිදැයි කියලාවත් නොතේරෙන සංදියේදීමය, මං ‘කුණු ලෙඩ’ ගැන මුල් වරට ඇසුවේ.
“අන්න වේස ගෙදර අම්මණ්ඩිට පිස්සු හැදිලා...
හූ තිය-තියා හෙළුවෙන් ගේ වටේ දුවනවා. අර පොන්නයා ගෑනිව අල්ලලා ගැට ගහන්නේවත්
නැහැනේ.... මයියොක්කා ආච්චියෙ.... මේ ටිකේ රංජිලව පියදාස මුදලාලිගේ කඩේටවත් යවන්න
එපා.....” නුගේගොඩ ඇන්ටි අපේ ආච්චිට කිව්වේ මාත් එතැන හිටි බවක්වත් ගණනකට නොගෙනය.
එතකොට මං දැනගෙන හිටි වේසා ගෙදරක් නැත; තේරුමකුත්
නැත.
කුණු ලෙඩ යැයි ඒ සංදියේ ගම්මුන් කීවේ ‘සමාජ රෝග’වලටය.
එතකොට ඒවාට ඉංගිරිසියෙන් කිව්වේ ‘Venereal Disease’ කියලාය.
ටික කාලයක් යද්දී ඒ ලෙඩ වර්ග ගණනිනුත් වැඩි වුණේය; ඒවාට ගොදුරු වෙන්නන්ගේ සංඛ්‍යාවත්
වැඩි වුණේය. ඒවා හැඳින්වෙන ‘නම’ත් මාරු වුණේය. ‘Sexually Transmitted diseases’-
ලිංගාශ්‍රිතව වැලඳෙන රෝග!
අප සිටි ඉරියව්ව, හිටි
හැටියේම අශාන්ට පසක් වුණා වෙන්නට ඇති. මාව පසෙකට කළ ඒ හාදයා... |
එසේ දේශන පැවැත්වීමට කලින්, දේශන පවත්වන්නන් ලෙස අපව ඒ
සඳහා විශේෂ අධ්‍යාපනික වැඩ සටහන් රැසකටම සහභාගී කරවන ලදී. ‘අපව’ කිව්වේ අනුර
ජිනදාස, අසෝක කපුරුගේ හා නිදිය. (අනුරත් දැන් blog
රචකයෙකි.) ඒ
වැඩ සටහන් කිහිපයක සම්බන්ධීකාරක වශයෙන් මට කොළඹ මහ රෝහලේ සුප්‍රසිද්ධ 33 කාමරයට
ගොස් ‘xxxx ප්‍රනාන්දු’ මහත්මා හමුවීමටත් සිද්ද වුණේය.
එලෙස ගිය මුල්ම දිනයේ එක-එක්කෙනාගෙන් ‘33 කාමරයට යන පාර’
අහද්දී රෝහල් සේවකයන්ගෙන් පවා ලද නිගරු බැල්මවල් මට තවම මතකය!
ඉතිං, අශාන් ඒ විෂය / සමාජ රෝග විෂය සම්බන්ධයෙන් මගේ
දැනුවත්කම ගැන දැනගෙන හිටියේ නැත. මං ඒ හාදයාට ඒවා ගැන පම්පෝරි කියන්නට ගියෙත්
නැත. වැඩියෙන් අහගෙන හිටීමෙන් වැඩියෙන් දැනුවත් වෙන්න ඇහැකියි නෙව. ඉතිං මං කළේ,
විමසිලිමත් බැල්මෙන් යුතුව ඒ දෙනෙත දිහා බලාගෙන ඉඳීම විතරය.
අප සිටි ඉරියව්ව, හිටි හැටියේම අශාන්ට පසක් වුණා වෙන්නට
ඇති. මාව පසෙකට කළ ඒ හාදයා එහාට-මෙහාට සක්මන් කරන අතරේය, ඊට පස්සේ කතා කළේ.
“දැන් ගොඩක් අය පිස්සුවෙන් ඉන්නේ. මරණ බය නිසා වෙන්නත්
පුළුවන්... ඉස්සර කොන්ඩම්ස් පාවිච්චි කරපු සමහර අයත් දැන් ඒවා අතෑරලා. සමහරු එහෙම
කරන්නේ තරහෙන්- මරාගෙන මැරෙන්න වගේ... මට බය තමුසෙ ඒ වගේ gang එකකට set වුණොත්
නං... ඒකයි මං ඔයාට අනතුරු අඟවලා තියන්න හිතුවේ. Selfishකමකට නෙවෙයි.”
අදටත් මට දුකය!
ඒ තරම් කෙනෙක්... ආත්මාර්ථකාමීත්වයෙන් තොරව, හුදු සෙනෙහස නිසාම මට ‘අවවාද කරන්නට
සිතූ කෙනෙක්’...
අශාන් හැරුණු විට එවන් අයෙකු ලෙස මට හමු වී තිබුණේ
දීඝායු පමණකි. ඒ 1968 වසරේදීය. එකල නිදිගේ ජීවිතයට අහම්බෙන් සපැමිණි දීඝායු, ඔහුට
නිරපරාදේ ලිංගික අපවාද චෝදනා
නැඟෙද්දීත්
රණවකගෙන් මා රැක ගන්නට සැදී-පැහැදී කැප වී උන්නේය.
මෙයා මගේ. කවුරුවත්
මෙයාට කිට්ටු වෙන්න එපා! |
‘... එදාත් කැලණිවැලි කෝච්චිය ගියේ ඉබි
ගමනිනි. කෝච්චි පෙට්ටියේ හිටියේ අප තුන්-හතර දෙනා විතරය.
ඔන්න නුගේගොඩ පහු විණි. උඩහමුල්ල ආවේය; එතැනින් පිටත්
වුණු වහාම වගෙය...
“මට නිමල්ව kiss කරන්න
තියෙනවා.... මචංලා බලන්නෙපා!”
දීඝායු මිතුරන්ට කිව්වේ කිසිම ඇකිළීමක්- පැකිළීමක් නැතිවය.
මට කිසිවක් හිතා ගන්නට ඉඩ ලැබුණේ නැත; දීඝායු මගෙන් කිසිවක්
ඇහුවෙත් නැත. මගේ ඉදිරියෙන් හිටගෙන, මා වෙතට නැඹුරුවී, දෝතින්ම මගේ
මුහුණ අල්ලාගෙන, මුහුණට පහත් වුණේය....’
(ඒත්, ඊට පසුව එහෙම දෙයක් කවරදාවත් නොවුණු ගණනටය- දීඝායු
මගෙන් ඈත්වී යනතුරු අවුරුදු ගණනාවක්ම හිටියේ; අපමණවත් ‘අවසර කල් රහස් තැන්’ ලැබෙද්දීත්!)
චුට්ටක් ඉන්න.
මෙතෙක් තිබුණු තිමිර දුරු කරන එළියක්....
ඒ වචන ටික කොම්පියුටරයෙන් අකුරු කරන අතරේ- පළමුවෙනි
වතාවට මගේ කල්පනාව වෙනත් මානයකට පිවිසුණේය.
එසේ මිතුරන් ඉදිරියේ මා සිප ගැනීමෙන් දීඝායු කළේ ‘මට හණ ගැසීමක් නේද?’;
‘මෙයා මගේ. කවුරුවත් මෙයාට කිට්ටු වෙන්න එපා’ යැයි ඔහුගේ මිතුරු කැළට නොකියා කීමක්
නේද? ඔහු එසේ සිතුවේදැයි මම නොදනිමි. නමුදු සිද්ද වුණේ නං ඒ ටිකය. (ඒ කිසි
මිතුරෙක් ඉන්පසු මට සමීප නොවූහ; සමීප වෙන්නට උත්සාහයක්වත් නොදැරූහ!) අනේ, මෙතුවක්
කල් මට මෙහෙම කල්පනාවක් ආවේ නැති හැටි!
දීඝායු මෙන්ම අශානුත් මගේ ජීවිතයට පිවිසුණේ ‘අවසන්
සුසුම් පොද තෙක්ම ඔවුනගේ ආදරණීය මතකයන් මහද ගැබ තුළ රඳවා තබා යන්නට’ය. දීඝායු නම්
මුල්ම හමු වීමෙන් පසුවත් වසර කිහිපයක් යනතුරු මට හමු විණි. එහෙත් අශාන් එසේ නොවීය.
අපේ හමුවීම් සංඛ්‍යාව දස වතාවකටත් වඩා අඩුය.
එදාත් අශාන් පැමිණ තිබුණේ මට සමු දෙන්නට එක්කය!
“අපි ලබන සතියේ ඕස්ට්‍රේලියාවට යනවා...” ඔහු කිව්වේ සංකාබර හඩකිනි.
අපි යන්නේ tour එකකට
නෙවෙයි, කොල්ලො... |
“ඕස්ට්‍රේලියාවේම සෙට්ල් down වෙන්නයි අපි යන්නේ... Tour
එකකට නෙවෙයි, කොල්ලො!”
“හදිසියේ..”
“ටික දවසකට කලින් apply කරලා තිබ්බේ. Chance එක ලැබුණා...”
අශාන්ට අනුව ඒ අවසර ලැබීම ඔහුට ලැබුණු වරමකි. “It's for
good! අපි දෙන්න එහෙම හරි ඈත් වෙන එක හොඳයි. එහාට ගිහිල්ල තමයි මම ඔයාව ආයෙ
contact කර ගන්නේ...” අශාන් කිව්වේය. “Be careful. මම කියපු දේවල් මතක තියා ගනිං.”
ඒ හමුවීම හා
වෙන්වීම අදටත් මට අදහාගත නොහැක්කකි; ඒවා ප්‍රබන්ධයක් බඳුය. සිහිනයෙන් ගෑ සුවඳක් සේ
එය වරින්- වර මතකයෙන් මතුව එයි; සුවඳ සුඟක් විහිදුවා යළි අතුරුදහන්ව යයි.
එදා Hounslowහි ගෙදරට මා ඇරලවා අශාන් නික්ම ගියේ, මට
ටෙලිෆෝන් කරන බව කියමිනි. එවන් ඇමතුමක් ආවාද- නැද්ද කියන්නට අදටත් මම නොදනිමි.
‘හොඳ වැඩේ! දැන් තේරෙනවද හොංකොංවල ජෝලට කොහොමද හිතෙන්න ඇත්තේ කියලා?’ මම මටම
වැරැද්ද පවරා ගන්නෙමි. ‘උඹත් ඔය වගෙමනෙ ඒ
හාදයන්ට සැලකුවේ.’
ඊට මාස කිහිපයකට පසු අශාන් පිළිබඳ මතකය සිය-දහස්
ගුණයකින් වැඩිවී මතු වුණේය!
එහෙත් ඒ ගැන කියන්නට කලින්, නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික-රසිකාවියනට තව බොහෝ
දේ කියන්නට ඉතිරිව තිබේ.
එසේ කියන්නට තිබෙන ආසන්නම තොරතුර (මගේ දිනපොතේ) ලියැවී
තිබෙන්නේ 1985 මැයි 28වෙනි අඟහරුවාදාය. ග්‍රාම්‍ය බසකින් ලියැවී තිබෙන ඒ කොටස
මෙහෙමය: ‘දැන් මෙහෙ ගෑනියෙක්ව බඳින කෙනෙකුට මෙහෙම ඉඳිතෑකි. පනත සම්මත වුණේ අද.’
ඒකාන්ත වශයෙන්ම ඒ news එක මා අහුලා ගන්නට ඇත්තේ එදා පත්තරයකින් වෙන්නට ඇති.
එංගලන්තයේදී අපේ ගෙදරට ඉංග්‍රීසි පත්තර මිලදී ගෙනාවේ
නැතිය! ඒත් හැමදාම වගේ පත්තරයක් දෙකක් ගෙදරටම ආවේය. සමහර දවසකදී එකම පත්තරයෙන්
පිටපත් දෙකක් පවා... ඒවා ගෙනාවේ අපේ ඩැඩා හරි අපේ අම්මා හරිය. ඒ දෙන්නාත් ඒවා
ගෙනාවේ සල්ලි වියදම් කරලා නෙවේ.
දැන් කොළ එළියක් ලැබී
තිබෙයි. (ගිය සතියේ- අම්මා, සමන්ති, දීපාල්, දීපානි- සමන්තිගේ දෙපුතුන් ඩ්රූ හා
පවන් සමඟ) |
එංගලන්තයේ බොහොමයක් කට්ටිය පත්තර මිලදී ගන්නේ උඩින්-පල්ලෙන් කියවන්නට වගේය. ඒ
කාරිය කෙරෙන්නේත් බස් එකේ හෝ කෝච්චියේ හෝ යන-එන ගමන්මය. කියෙව්වාට පස්සේ ඒ පත්තරය ආසනයක්
උඩ එහෙමම තියෙන්නට ඇරලාය, එයාලා යන්නේ.
ඉතිං ‘රංජි පුතාගේ කියවීමේ රුචිය දන්නා අපේ අම්මා’ හෝ
‘නිමොල්ගේ දැනුම් පිපාසාව දන්නා අපේ ඩැඩා’ හෝ අරහෙම පත්තර දැක්කොත් ගෙදර ගෙනෙයි. ඒ
මට කියවන්නටය.
අපේ අම්මාත් ඒ පත්තර කියවන්නීය. ඒ news හෝ විශේෂාංග හෝ
නොවේ. පලාපල තීරුවය. එච්චරය!
ලංකාවේදීත් ඒවා ගැන උනන්දු නොවුණු මට පිස්සු හැදුණේ, එහේ
ලග්නය හිමියන් වෙන්කොට තීරණය කෙරෙන විදිහ දැක්කාමය. යුරෝපාකරයේ කෙනෙකුගේ ලග්නය
තෝරන්නේ උපන් නැකත අනුව නොවේ. ඉපදුණු මාසය අනුවය. එක මාසයක් තුළ උපන් හැමෝටම හිමි
වෙන්නේ එකම ලග්නයකි. පිස්සු ක්‍රමයක් නේද?
එහෙම කියවෙන පලාපල විස්තර ටක්කෙටම හරි යනවාදැයි දන්නේ
අපේ අම්මා වගේ ඇත්තියන්ය.
නෙවිල්ලගේ අම්මාට වගේම
දැන් එයාලගේ
පුංචි අම්මාටත්, අපේ අම්මාටත් ඩිමෙන්ෂියාවය.
ඒ අතරේම අපේ අම්මාට පිළිකාවකුත්ය. 2022 සැප්තැම්බරයේ හිට අම්මා වැඩි හරියක් ඉන්නේ
ඇඳේය. අම්මා නිරෝගීව සිහි කල්පනාවෙන් ඉන්නවා නම්, අර පලාපල විස්තර ගැන තව වගතුගත්
මට හාරාවුස්සා අසා ගන්නට chance එකක් ලැබෙයි.
ඒ හෙට උදේ අපේ බඩා මල්ලා; දීපාල් අම්මාව ලංකාවට එක්කගෙන එන නිසාය.
හොඳ කල්පනාව තියෙන වෙලාවලට, අපේ අම්මා කොඳුරන්නේ ‘ලංකාවට
තව සැරයක් ගිහිං එන්න ආසයි.’ කියලාලු. මෙතුවක්
දවස් ඒ ආසාව ඉටු නොකෙරුණේ වෛද්‍ය අනුමැතිය නොලැබුණු නිසාය. දැන් ඔවුන්ගෙන් කොළ
එළියක් ලැබී තිබෙයි. ඔය විස්තර කිව්වේ, නයෙක් එළවන්නට හිතාගෙන නෙවේ.
පළමුව, සංසාරයේ හැටි කියන්නටය.
දෙවනුව, මේ blog අඩවියේ posts පළ වීම තරමක් හෝ පමා වෙන්නටත් ඉඩ තිබෙන බව කියා- ඒ
වෙනුවෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරන්නටය.
ඔව්... Blog ලිපි ලිවීමට මුල් තැන දීම ටික දවසකට
පැත්තකින් තියන්නෙමි; (එහෙත් ලැබෙන සියලු විවේකයන්හිදී ඔබ වෙනුවෙන් මෙසේ ලියන්නෙමි.)
මානෙල් නංගී අම්මාවත් එයාලගේ ගෙදරම නවත්වාගෙන සියලු
වතාවත් කරන්නට සූදානම්ව සිටියි. මට කරන්නට හැක්කේ එහි රැඳී අම්මාත් එක්ක සතුටු
සාමීචියෙන් කල් ගෙවීම විතරකි. අපට මේ තරම් දේ ලබා දුන් අම්මා මියගිය පසු නොවේ,
ජීවත්ව හිඳිද්දීම එයාව සතුටින් තෘප්තිමත්ව තියන එක වඩා වැදගත් කියලාය, අප හිතන්නේ...
à ඊළඟ කොටසට...