ඒ දවස්වල මම 'බතික් ගෙදර' නිමල්. මගේ 'දීපානි බතික්' ආයතනයේ ළමයි 60ක් විතර වැඩ කළ දවස් තමයි ඒ.
ඒ දවස්වල දීපානි බතික් වැඩපොළේ ළමයි 60ක් විතර වැඩ ........... |
ගමන සංවිධානය කරන්නේ මං. තව විදියකට කියනවා නම් නඩේ ගුරා මං වහන්සේ.
අපි යන්නේ කුරුවිට පාරෙන්. ඒ කිව්වේ එරත්නෙන්
පටන් ගන්න පාර. පහළට කරුණා කරන්නේ රත්නපුර පාරෙන්. සිරීපාදේ යන ගොඩ දෙනා යන්නේ
හැටන් පාරෙන්. ඒක ලෙහෙසියි. ඒත් අපි යන්න තෝරාගෙන තිබුණු පාරවල් දෙකම ටිකාක්
දුෂ්කරයි. හැබැයි සෞන්දර්යයෙන් අනූනයි.
දැන් ඉස්සරට වඩා ටිකක් ලෙහෙසියි, හුඟාක් තැන්වල පඩි එහෙමත් හදලා තියෙන හින්දා. ලොකුම හොඳේ, පාරවල් සංවර්ධනය වුණාට ලස්සන අඩුවෙලා නැහැ!
හැබැයි පරිසර දූෂණය නම් සීයට දෙසීයක් වැඩිවෙලා.
දැන් ඉස්සරට වඩා ටිකක් ලෙහෙසියි, හුඟාක් තැන්වල පඩි එහෙමත් හදලා තියෙන හින්දා. ලොකුම හොඳේ, පාරවල් සංවර්ධනය වුණාට ලස්සන අඩුවෙලා නැහැ!
ලස්සන පරිසරයකට අපි ආසයි, ඒත් ඒ ලස්සන නැති කරන්නත් මුල් වෙන්නේ.......... |
ඉතින් ඒ අවුරුද්දෙත් අපි සුපුරුදු විදියටම
සිරිපා කරුණා කළා. බතික් කරන ළමයි කීප දෙනෙකුත්, මිස්ටර් 'ඒ'ත්, අපේ ගෙදර කීප
දෙනෙකුත් ගමනට සහභාගි වුණා.
පුරුදු විදියටම අපි පළමු දවසේ රෑ නවාතැන් ගත්තේ හැරමිටිපාන අම්බලමේ. අම්බලම කිව්වාට ඒක හෙණ විශාලයි. පහසුකම් හුඟාක් හොඳයි. 'ඒ'ත් නිදාගෙන හිටියේ මගේ එක පැත්තකින්. රෑ මැද්දෙ මට ඇහැරුණා. එහෙමම ඉඳගෙන මං යාන්තමට ඇස් ඇරියා. 'ඒ' නැඟිටලා, පැදුරේම වාඩිවෙලා. කාත් එක්කදෝ කතාවක්. කොනක් මටත් ඇහුණා.

"මට හරිම ආසයි ඔයාගේ ජිප්සියක එල්ලිලා
උන්චිලි පදින්න!"
කොල්ලා බොහෝම ශෘංගාරාත්මක හඬින් කෙඳිරුවා.
ඇත්තමයි, ඊළඟට
මොනවා කියවුනාද කියලා මං දන්නේ නැහැ.
මට නින්ද ගිහින්. ආයෙම ඇහැරුණේ සෑහෙන වෙලාවකට පස්සේ. මරු නඩේ ගුරා, නේද?
කොල්ලා බොහෝම ශෘංගාරාත්මක හඬින් කෙඳිරුවා.
සෙනඟ උතුරණ හැරමිටිපාන අම්බලමේ කොහෙද ඉඩක් කෙල්ලෙකුගේ ජිප්සියේ එල්ලිලා උන්චිලි පදින්න? |
මට නින්ද ගිහින්. ආයෙම ඇහැරුණේ සෑහෙන වෙලාවකට පස්සේ. මරු නඩේ ගුරා, නේද?
එදා අපි පැදුරු එළාගන්න ඉඩක් හොයාගත්තෙත්
අමාරුවෙන්. එච්චරට සෙනඟ අම්බලමේ. ඒ සෙනඟ කන්දරාව මැද්දෙ මොන ඔන්චිලි පැදිල්ලක්ද?
හොඳයි පදින්න ගියාම කියමුකෝ..... ජිප්සිය කොච්චර ලොකු වුණත් ඒකේ අයිතිකාරිගේ රුධිර
වහනයක් වෙලා තමයි අහවර වෙන්නේ. කන් පෙත්ත ඉරිලා ගියාම!
(මට අමතක වුණා කියන්න- ජිප්සි කිව්වේ ඒ දවස්වල ගොඩක් ගැහැනු ළමයි පැළඳපු කරාබු වර්ගයක්. නිකම්ම ලොකු රවුම් දෙකක්.) ම්..ම්..ම්.. අර නින්දෙන් ඇහැරුණු වෙලාවේ මාත් බලාගත්තා ජිප්සි දෙකේ අයිතිකාරි.
'උඹලා දෙන්නාට දෙන්නා කැමැතියි නම් ඕන පැදිල්ලක් පැදගනිල්ලා ගෙදර ගිහින්. දැන් ගමන ආව විදියටම ආව අයව එක්කරගෙන යන එකනේ මගේ රාජකාරිය.'
මං මටම කියාගත්තා.

ඊට පස්සේ නම් 'නිමල් අයියා හරි ඇණයක්නේ' කියලා ඒ
දෙන්නාට හිතෙන්නැති.
අපි ගමන ගිහිං ඇවිත් මාස ගණනාවක් යනතුරුත් 'ඒ'
මට මොනවාවත් කිව්වේ නෑ. මං ඇහුවෙත් නෑ. ඊට පස්සේ එයාට කතා නොකර බැරි වුණා.
"නිමල්. මට ලොකු උදව්වක් ඕනේ. ඔයාගේ වැඩපොළේ ........ත් එක්ක මගේ සම්බන්ධයක්
තියෙනවා. අපි බඳින්නයි ඉන්නේ..."
"හරි ෂෝක්නේ. මාව හම්බවෙන්න මහරගමට ආව එකෙන්
ඔයාටත් හරි ගියා එහෙනම්."
"ඒ වුණාට....." ගොඩාරියක් තෙපර
බාලා 'ඒ' කිව්වේ 'වෙන්ඩ මිසිස් ඒ' ඒ වෙනකොට වැඩ වරද්දාගෙන කියලා.
ඉස්සර තමයි ඔය වගේ වෙලාවට වැඩ වැරදිලා, අනාථ
වෙලා වගේ යෙදුම් පාවිච්චි වුණේ. ඔයාලා 'සුසී' චිත්‍රපටය බලලා තියෙනවද? ඒකේ චරිතවල
නම් මතක නැති හින්දා නළු-නිළි නම්වලින්ම කියන්නම්.
පර්ල් වාසුදේවිගේ දුව මාලිනී. ඒ ගොල්ලෝ දුප්පත්. විජය පෝසත් පවුලක පුතෙක්. තාත්තා එඩී ජූනියර්. විජය මාලිනීගේ 'කුමරි බඹසර' බිඳිනවා.
(කුමරි බඹසර- කුමර බඹසර
දෙකම ගැන මං කිව්වා මතකයිද 'නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්' එකේදී.) ඒ බව දැනගන්න අම්මා ලතෝනි දිදී යනවා කොල්ලාගේ තාත්තව හම්බවෙන්න. ගිහිල්ල පැමිණිලි කරනවා.

ඇයි බුදු මහත්තයෝ, අර ඇඳ පුරාම ලේ පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ! |
"ඇයි බුදු මහත්තයෝ අර ඇඳ පුරාම ලේ
පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ!" පර්ල් වාසුදේවි අඬ-අඬා ඔය සීන් එක
කොයි තරම් හොඳට රඟපාලා තිබුණද කිව්වොත්, මහරගම නැෂනල් තියටර් එකේ හිටි නරඹන්නෝ
සේරම හිනා කෑවා.
මගේ යහළුවා නම් එදා හිටියේ හිනාවෙන තත්වෙක
නෙවෙයි.
"නිමල්, අපට දැන්මම බඳින්න බෑ. ඒකට තව කල් ඕනේ නිසා අපි බබාව නැති කරන්නයි යන්නේ. මගේ ළඟ සත පහක් නෑ. ඔයාගෙන් සල්ලි ඉල්ලාගන්නයි මං අද ආවෙත්." එයා කීවා.
මම කර අරින්න හිතුවේ නෑ, සල්ලි දුන්නා. ඊට මාස ගණනකට පස්සේ එයාලා කසාද බැන්දා. එක සාක්කිකාරයෙකුට අත්සන් කළෙත් මං. දැන් එයාලට කරදඬු ලොකු වුණු දරුවොත් ඉන්නවා.

හැබැයි වරින්වර මට හිතෙනවා 'සාවද්‍ය මනුෂ්‍ය
ඝාතනයකට' මාත් හවුල් කියලා. ඒ ගැන පසුතැවිල්ලක් නම් නෑ.
ඒකෙන් මං කියන්නේ නැහැ එහෙම 'නූපන් බිළිඳුන් නසා දැමීම' හොඳ දෙයක් කියලා. ඒත් මොකද කරන්නේ, වෙන විකල්පයක් නැත්තම්?
ඒකෙන් මං කියන්නේ නැහැ එහෙම 'නූපන් බිළිඳුන් නසා දැමීම' හොඳ දෙයක් කියලා. ඒත් මොකද කරන්නේ, වෙන විකල්පයක් නැත්තම්?
අප්‍රේල් 24 වැනිදා මං දැක්ක මාර නිව්ස්
එකක්.
මේ බුදුන් උපන් දේශයේ .....
ඉස්සෙල්ලාම මේ අවුල ලිහාගෙන ඉඳිමු. ගොඩාරියක් ත්‍රී රෝද රථවල, වාහනවල ඕගොල්ලොත් දැකලා ඇති 'මේ බුදුන් උපන් දේශයයි' කියන ස්ටිකරය. කවුද මෙහෙම නිගමනයකට ආවේ? කවුද මෙහෙම කියන්නේ?
ම්හු....ඔහේ කියනවා, පෙන්නනවා. කිසිම බාධාවක් නෑ.
ඉතින් මේ සදහම් දීපයේ කියමුකො අනෙක් අය කියන හින්දාවත්. එක අවුරුද්දකදී දරු උපත් 35,000 ක් සිදු වෙනවාලු. එතකොට ගබ්සා කිරීම? අවුරුද්දකදී 36,500 යි.

අවුරුද්දකදී උපත් 35,000යි. ගබ්සා කිරීම් 36,500යි. කොහොමද සද්ධර්ම ද්වීපයේ කෙරුවාව? |
මගේ ළඟම ඥාති සහෝදරයෙක් කරදර මූණකුත් එක්ක
මාව හොයාගෙන ආවා. "හරිම ප්‍රශ්නයක් අයියේ....අපේ ලොකු පුතා ගෑනු ළමයෙක් එක්ක
යාළු වෙලයි ඉන්නේ. ඒ ගොල්ලන්ගේ ගෙදර අයත් මේ සම්බන්දෙ දන්නවා. අවුරුද්දකින්
දෙකකින් විතර දෙන්නා බඳිනවාලු.
-ඒත් දැන් ගෑනු ළමයා ප්‍රෙග්නන්ට්. පුතාලා හදන්නේ දරුවාව නැති කරන්න.
අයියා දන්නවනේ අපේ එක්කෙනාගේ හැටි. උපාසිකාවනේ... එහෙම තියෙද්දිත් ඒ අම්මංඩි මේකට කැමතියි, නැත්තං ලජ්ජාවේ බැරිවෙයිලු. මගේ හිතට නම් හරි මදි එහෙම කරන එක. පාපයක්නේ, ඒකයි ප්‍රශ්නේ." මිනිහා මට කිව්වා.

එයාගෙ කතාවෙන්ම මට තේරුණා මං මොන උත්තරය
දුන්නත් එයාලා 'ඒ කරුමෙට' කර ගහන්නයි යන්නේ කියලා. මාව හම්බ වෙන්න ඇවිත් තියෙන්නේ
එක විදියක පාපෝච්චාරණයකට.
"තීරණය ඔයාලමයි ගන්න ඕනේ. හැබැයි මොනවා තීරණය කළත් පහු කරන්න එපා. ඕනේ මංගල්ලයක් කියලා කසාද බඳිනවා නම් එ්ක කරවපල්ලා ඉක්මනින්ම. එහෙම නැතිව බබාව නැති කරනවා නම් ඒකත් දඩ-බඩ ගාලා කරන්න වෙයි. පහුවෙන තරමට ගෑනු දරුවා අන්තරාවේ!"
ඒ සිද්ධියට අදාළ කිරිකැටියාත් නොදුටු
මව්පියන්ට සාප කරමින් එලොව යන්න ඇති.
"තීරණය ඔයාලමයි ගන්න ඕනේ. හැබැයි මොනවා තීරණය කළත් පහු කරන්න එපා. ඕනේ මංගල්ලයක් කියලා කසාද බඳිනවා නම් එ්ක කරවපල්ලා ඉක්මනින්ම. එහෙම නැතිව බබාව නැති කරනවා නම් ඒකත් දඩ-බඩ ගාලා කරන්න වෙයි. පහුවෙන තරමට ගෑනු දරුවා අන්තරාවේ!"
ඉස්සෙල්ලාම කිරිකැටියා ගස්සලා යවපු එයාලගේ කසාදෙ එක සාක්කිකාරයෙක් වුණෙත් මං....... |
හැබැයි, ඒ තරුණ ජෝඩුව කසාද බැඳලා දැන් සිඟිති දරුවෙකු හුරතල් කරනවා. හරිම ආදරෙයි දරුවට. මැණිකක් වගෙයි දරු සිඟිත්තාව රකින්නේ. මං එයාලට සමීප නම් අහගන්න තිබ්බා නූපන් දරුවා ගැන එයාලා දැන් මොනවද හිතන්නේ කියලා.