කවුද හිතුවේ දවසක මේවා මෙහෙම ලියවෙයි කියල. එහෙම ලියැවෙන බවට යන්තං හරි හෝඩුවාවක්වත් තිබ්බ එකක්යැ? එහෙම නං හරියටම ගතවුණු වෙලාවත් බලා ගන්න තිබ්බා.
වෙලාව බලා නොගත්ත වුණත් පහුවදා දවසම මං හිටියේ හොඳටම හේබාලා ගිය කෙහෙල් පැළයක්
වගේ. අපේ ගෙදර ඉඳල කෙලින්ම වැඩට යනවා කිව්වට, පියසිරිත් යන්ඩ නැතිව ඇති!
යන්ඩ වගේම කෙළින් හිටගෙන ඉන්ඩත්
ඒ හාදයාට පණ
ඉතිරි වෙලා තියෙන්න එපැයි.
මතකය අලුත් කර
ගන්ඩ උඩින් තියෙන link එක ක්ලික් කරලා එහාට ගියෝතින්, Lotus ඔය පණ නැති කතාව ගැන
එවා තියෙන comment එකත් කියවලා බලන්න.
පියසිරි ගැන
මෙහෙම ගොඩක් ලියැවුණේ නොදැනුවත්ව නෙවෙයි. (ඔව්, එයා ගැන තව ලියන්නත් තියෙනවා.) මගෙ
ප්‍රථම ප්‍රේමය අවදි කළේ එයා. ඒ වගේමයි, මට හමු වුණු හොඳම ලිංගික සහකරුවන් කිහිප
දෙනාගේ ගොඩටත් පියසිරිව දාන්නම වෙනවා.
සමකාමී
/ සමරිසි / සමනල / subjectකාරයො / gay / LGBT වගේ වචන- යෙදුම් කලාතුරකින්වත් ඇහුණේ
නෑ. දැන් ප්‍රසිද්ධියේම පෙළපාලිත් යනවා! |
මංවත්, මගේ ගැන එතෙක් නොදැන හිටි කාරණාවක් මට ඉගෙන ගන්න; වටහා ගන්න ඒ යක්ෂයා හේතුපාදක වෙච්ච එක.
ඒ කාලේ වෙනකොට
මං හිටියේ පුදුමාකාර අවුලක.
සමකාමී / සමරිසි / සමනල / subjectකාරයො / gay / LGBT වගේ වචන- යෙදුම්
කලාතුරකින්වත් ඇහුණේ නෑ. ගල්කාරයෝ / xකේ අරින්නෝ / ආප්ප කාරියෝ වගේ ග්‍රාම්‍ය යෙදුම්
හා වචන විතරයි, රහසෙන් වුණත් ඔව්වා කතා වෙන වෙලාවට පාවිච්චි වුණේ.
විදග්ධයන්, පණ්ඩිතයන්, සුචරිතවාදීන් වගේ උදවිය ඒ කාලේ මෙහෙම දේවල් කතා කරනවා තියා
හිතන්ඩවත් බය වෙන්ඩ ඇති.
පියසිරි ඒ
අතින් බලද්දී කිසිම හික්මීමක් නොතිබුණු කෙනෙක්. මිනිහගෙ වාග් කෝෂයේ අසභ්‍ය වචන
තමයි වැඩි හරියක් තිබ්බේ. ඒ හාදයාට ඒවා කියැවුණේ නිකම්ම. එහෙම වුණත් එයාට ඒවා ගැන
හැඟීමක්; තැකීමක් නොතිබුණු තරං!
මට හිතෙන
විදිහට මේ විෂයයන් පිළිබඳව ඉස්සරින්ම වගේ භාවිතයට ගැනුණු වචනය Gay වෙන්නෝනි.
දන්නවනෙ මගේ ඔල්මොරොන්දන්කාර හිතේ හැටි.
පෙරළලා බැලුවා, මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය.
1958 මුල්ම
සංස්කරණයෙදී ඒ පොතේ gay වචනෙට දීලා තිබුණු තේරුම් තමයි මේ:
‘කෙළි සෙල්ලමින් යුත්, ප්‍රීතියෙන් කල් ගත කරන, ප්‍රභා සම්පන්න, විලාසවත්,
උල්ලසිත’. ඔන්න කැමති කෙනෙකුට ගැඹුරින් හිතන්න; සොයා බලන්න දෙයක්.
අපේ ජාතික
පුරුද්දක් නෙව, ආඳා මාළු ඉරට්ටෙන් කන එක- අතින් නොකා. ඒ නිසා තමයි, මේ වගේ ‘සම්මතයෙන්
එහාට ගිය සබඳකම්’ ගැන එළිපිට තියා රහසෙන්වත් කතා කෙරුණේ නැත්තේ. මගෙත්තෙක්ක
යන්තමින්වත් එහෙම හරි කතා කෙරුවෙත් සුදු මල්ලී, රණවක, භානු යාළු 2, පියසිරි වගේ අය
විතරයි. ඒ ගොල්ලො වුණත් ‘හොරෙන් හොරෙන් ගෙරි මස් කෑවා මිසක, කරේ එල්ලගෙන කෑවේ
නෑ!’.
ඒ හැමෝම අඩු / වැඩි තරමින් හිතුවේ මේ වැඩ වැරදි වැඩ විදිහටයි; පව්කාර වැඩ
විදිහටයි. ඒ තියා මේ ලියන මාත්...
සමරිසි
යුවලක වුණත් ඇක්ටිව් (පිරිමි), පැසිව් (ස්ත්‍රී) භූමිකා දෙක
නං තියෙන්නේ... |
සංස්කෘතික
ජීවියෙක් විදිහට ඒ වෙද්දී හිටි නිමල් දිසානායකව හැඩ ගැස්වීමේ වගකීමෙන් 99%ක්ම පැවරෙන්නේ
‘දසනායක රත්නවතී’ උපාසිකා මාතාවට; අපේ මහරගම ආච්චිට. ජාතක කතන්දර, බණ කතන්දර
විතරක් නෙවෙයි, උන්දැගේ විෂය පථයන්ට විෂය වුණේ. සමහර ලිංගික විද්‍යාත්මක කරුණුත්. හැබැයි එකම ඉගැන්වුම් ක්‍රමයයි, අපේ ආච්චී
දැනගෙන හිටියේ. ‘කතන්දර මඟින් කියා දීම!’
ඒත් ඒ හැම කතාවකම අවසාන ඉලක්කය වුණේ අපිව හොඳ මිනිසුන් කරන එක; අපිව හතර වරම් දෙවියන්ගෙන් පැසසුම් ලබන උසස් තත්ත්වයකට
පත් කරවන එක; අපිව සුසිල්වත් ගුණගරුක අය බවට පත් කරවන එක. පති වත- පතිනි වත
සුරකින අය බවට පත් කරවන එක.
ඉතිං, මං වහන්සේ අපේ ආච්චීගේ හොඳම ශ්‍රාවකයා
/ හොඳම ගෝලයා වුණාට...
හොඳම පිළිපදින්නා; හොඳම අනුගාමිකයා වුණේ නම් නෑ!
අපේ ආච්චී කියා දුන් අදහස් එක්ක සසඳලා බලනකොට නං, ඒ වෙද්දීත් මගෙ කුමර බඹසර කුඩේ කුඩු
වෙලා ඉවරයි. පති වතක් හරි පතිනි වතක් හරි තිබුණා නං ඒකටත් ඒ ටිකම තමයි. (සමරිසි
යුවලක වුණත් ඇක්ටිව් (පිරිමි), පැසිව් (ස්ත්‍රී) භූමිකා දෙක නං තියෙන්නේ එයාලටත්
පති වතක් හා පතිනි වතක් තියෙන්න එපැයි. ඒකයි මට එහෙම කියැවුණේ.)
‘හැබෑටම රංජි,
උඹට ඒ එක වතක්වත් තිබ්බද?’
‘නෑනෙ! වෛශ්‍යාවන්ට තියෙනවා නං මොකක් හරි වතක්, අන්න ඒක වගේ එකක් නං...’
ඔයාලා හිතන්නේ
මම ඒ ගැන ආඩම්බර වුණාය කියලද... නෑ. චුට්ටක්වත් නෑ.
ඒ ගැන හිතන
හැම වෙලාවකම ඒ දවස්වල මං පසුතැවුණා. ඒත් ඒ පසුතැවිල්ල දිගටම මගේ හිතේ රැඳී තිබුණේ
නෑ කියලත් පිළිගන්නම වෙනවා... පෙරළෙන ගලේ පාසි බැඳෙන්නෙ නැහැල්ලුනේ.
ඒ දරුවාව සිප ගැනීමත්; තුරුලු කර ගැනීමත්... |
හැබැයි ඒත් එක්කම, කාටවත් නොකියපු හීනි ආඩම්බරේකුත් මට තිබුණා. ගොඩ දෙනෙක්ගේ
අවධානයට ලක් වීම ගැන; මිනිත්තු එකොළහක කාල සීමාවකට හරි එහෙම අයගේ සෙනෙහසකට ලක් වීම
ගැන. එහෙම ආඩම්බර වීම වරදක්ද?
fb යන කෙනෙකුට
නං- ඒකෙ ඉන්න ගොඩක් දෙනාගේ චර්යාව තේරුම් ගන්න හදන කෙනෙකුට නං පෙනෙයි. අනුන්ගේ
අවධානයට ලක් වීම, අනුන්ගේ likes ලබා ගැනීම මිනිස්සුන්ට කොච්චර වැදගත්ද කියලා.
දරුවෙකුට
පුතේ, දුවේ කියලා කතා කරන පුරුද්දක් නැති ගෙදරක...
දරුවෙකුට අවුරුදු දෙකක් පිරෙන්නත් කලින්- ඒ දරුවාව සිප ගැනීමත්; තුරුලු කර ගැනීමත්
අතාරින්න වුණු දෙමව්පියන් ඉන්න ගෙදරක ‘ලොකු පුතා’ විදිහටයි මං උපන්නේ.
මේ අවදියේ විස්තර ‘නිදිගෙ පංච තන්තරේ’ මුල් කාලීන postsවලදි මගෙන් සෑහෙන්න කියවුණා,
අපේ අම්මගෙයි, තාත්තගෙයි දරු හැවිකාරේ වපසරිය ගැන විස්තරත් එක්කම! (මෙතනට links
දාන්නෙ නැත්තේ දහයක්- පහළොවක්වත් දාන්න වෙන නිසයි.)
ඒ දෙන්නා ගැන
මගෙ ඍජු අදහස මේකයි:
අපේ තාත්තාත් අම්මාත් දෙන්නාම වගකිව යුතු දෙමව්පියන් වශයෙන් කටයුතු කරන්නට
සුදුසුකම් තිබුණු අය නෙවෙයි. හැබැයි ජනිතයන් ජාතක කරන්නත්, මෙලොවට බිහි කරන්නත්
අවශ්‍ය සියලුම සුදුසුකම් එයාලට තිබුණා / ඒ කාරිය එයාල නොපිරිහෙළා ඉටු කළත් එක්ක,
අපි දහ දෙනෙකුව උපද්දල.
ඒත්... ඒත්... ඒත්... ඒ දහ දෙනාට ජීවිතය දුන්නට මොකද, ආදරය දෙන්න එයාලා දෙන්නට
බැරි වුණා.
මං හිතන්නේ ඒ
අඩුව වැඩියෙන්ම දැනුණේ මටයි; වැඩියෙන්ම බලපෑවේත් මටයි!
මයෙ
ළඟ වැඩියෙන් තිබුණේ ආදරයද / වත්සලතාවද / අධික ආශාවද? |
මං වැරදියටයි තේරුම් අරගෙන තිබ්බේ. ඒ ආදරය නෙවෙයි. මගෙ ළඟ තිබිලා තියෙන්නෙත් ආදරය
නෙවෙයි. ආසාවමත් නෙවෙයි.
දැන් මට හිතෙන
විදිහට ඒ ‘වත්සලතාව’ වෙන්න ඇති. හුඟ වෙලාවට හුඟක් අය ‘වත්සලතාව’ ආදරය විදිහට වරදවා
වටහා ගන්නවත් වගෙයි. එහෙම වෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් වැඩියි.
ඒ විත්තිය පහසුවෙන්ම වැටහෙනවා, සිරි ලියනගේ මහත්තයා සංස්කරණය කළ ‘නිරුක්ති සහිත
සිංහල ශබ්ද කෝෂය’ පොතේ ‘වත්සල’ වචනෙට සපයල තියෙන අරුත් බැලුවාම: ‘ස්නේහය ඇති, ප්‍රිය
උපදවන, ආදරය ඇති’.
මට ගොඩක්
ලිංගිකව සමීප වුණු අයත් ‘ආදරේ’ කියලා හිතාගෙන හිටියත්; එහෙම කිව්වත්, එයාලටත්
වැරදිලා තිබ්බ වගෙයි.
එයාලා ළඟ තිබුණේ Love නෙවෙයි. Lust!
ලස්ට් කියන්නේ ‘රාගය / කාම තෘෂ්ණාව / අධික ආශාව / ලොල් බව’ලු.
මයෙ ළඟ
වැඩියෙන් තිබුණේ ආදරයද / වත්සලතාවද / අධික ආශාවද?
1984
අවුරුද්දේදී මගෙ ඔළුවේ නං ඔහොම දේවල් වැඩ කළෙම නැති තරම්. Youth කමිටුවේ සභාපති
විදිහට උපරිමයෙන් වැඩ කිරීමටයි, මම මුල්තැන දීලා තිබුණේ. කෙනෙකුගේ ඔළුව යකාගේ කම්මලක්
වෙන්නේ වැඩ නැති වෙලාවටලුය කියනවනෙ.
ඒ අතරේ
අම්මලාගෙන් එන පණිවිඩ වැඩි වෙන්න ගත්තා.
‘රංජි, ඔයාට ඔය
මොකක්ද එකේ සභාපතිකම කරන්න ඕනි මේ අවුරුද්දේ විතරයිනේ. ඉතිං දෙසැම්බර් අන්තිම
සතියේ හරි ඔයාට මෙහෙ එන්න බැරිද? නත්තලට අපිත් එක්ක ඉන්න බලාගෙන... දැන් තියලම ඒකට
ලෑස්ති වෙන්නය කියල ඩැඩාත් ඔයාට කියනවා.’ අම්මා ලියා එවා තිබිණි.
‘ලොකූ, අනේ ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරනකොට අපිත් එක්ක ජොයින්ට් වෙන්න එන්නකෝ.’
අම්මාගේ ලියුමේ යටින් සමන්ති නංගිත් ලියා තිබිණි.
ඔය
ගමන යන්න වෙන්නේ.... |
ඔය අස්සේ
දවසකය , තජක නේවාසික වැඩ මුළුවක් අතර විවේකයේදී ‘මගේ එංගලන්ත ගමන’ ගැන කතාව ඇදිලා
ආවේ. “අම්මලා කියනවා දෙසැම්බර් අන්තිමටවත් එහෙ එන්න කියලා.”
“ඉතිං උඹ යන්නද plan කරන්නේ?” මර්වින් ඇහුවේය.
“නිමල්... පොඩ්ඩකට මට ඔයාගේ අත පෙන්නනවද?” එතැනම හිටි අනුර ජිනදාස හිතවතා කීවේ ඒ වේලාවේය.
මම අත්ල විදහා පෙන්වීමි.
එතකොට අනුර ජ්‍යෝතිෂ්
ශාස්ත්‍රය හදාරමින් උන්නේය. නිකට අතගාමින්, රැවුල කරකවමින්- කල්පනාබරිතව මගේ අත්ලේ
රේඛා කියෙව්වේය. උපන් වෙලාවත් ඇහුවේය. ඊට පස්සේ ‘හ්ම්’ කියලා කියා ගත්තේය;
නිස්සද්ද වුණේය.
“මොකක්ද අනුර
බැලුවේ?” ඉන්දිරා, අසෝක කපුරුගේ, සුනීතා වගේ කට්ටිය අනුරගෙන් ඇසුවෝය.
“ඒක කියන්නං
පස්සේ දවසක!” එහෙම කියලා අපෙන් බේරෙන්නට අනුරට පුළුවන් වුණේ නැත. “හොඳ දෙයක් හරි
නරක දෙයක් හරි වුණත් කමක් නෑ, අනුර... මට ඕවයේ ගාණක් නෑ. ඔයාට පෙනෙන දෙයක්
කියන්න.” මාත් කිව්වා මතකය. අපි කට්ටියගෙම පෙරැත්තයෙන් පස්සේ අනුර ජිනදාස සහෘදයා
කියූ අනාවැකිය මං ‘නිදිගෙ පංච තන්තරේ’ට ලිව්වේ 2018 දීය; මෙසේය:
‘"තරහ
ගන්න එපා නිමල් මේක කියනවාට. ඔයාට ඔය ගමන යන්න වෙන්නේ තව මාස හයක් ගියාට
පස්සේ." අනුර කීවා. එවෙලේම අපේ තවත් හිතවතෙක් වන අසෝක කපුරුගේටත්, එයාගේ
අයියා ගැන අනාවැකියක් කිව්වා, හඳහන බලලා.
මොන කාරණාවක් නිසාද මන්දා, අනුරගේ ඒ අනාවැකි දෙකම
තිතට හරිගියා.’
මං
දේමිත්තගේ විවාහ මංගල්ලයට ගියේ නැත. |
“තරහ වෙන්න එහෙම එපා රත්තරං. බුලත් අරං ඇවිත් කියන්න ඕනි දෙයක් මෙහෙම කියන්න ආවට.
යාළු, අපේ තාත්තලා මට කසාදයක් ලැහැස්ති කරලා. සේරම තීන්දු කෙරිලත් ඉවරයි. ඔයා
දන්නවනේ අපේ තාත්තගේ හැටි... තාත්තාගෙන් මැරුම් කෑවත් මම ඒ කසාදෙට බැහැයි කියනවා
ඔයා කෙල්ලෙක් වෙලා හිටිය නං...”.
කිඹුලා කනවා උහුලන
එක ලේසිය, කොහිල කටු ඇනෙන එක ඉවසීම අමාරුය.
මං දේමිත්තගේ
විවාහ මංගල්ලයට ගියේ නැත. එහෙම කළේ තරහකින් නොවේ. දේමිත්ත ඒ ආරාධනය කළේ නොකර
බැරිකමට වගෙය කියලා හොඳටෝම පෙනුණු නිසාය.
දේමිත්තගේ විවාහයත් එක්කම සුපුන්, රජීව දෙන්නාව හමු වීමත් නැවතී ගියේය.
ඒ මට ඔවුන්
මුණ ගැහුණේ ඉතා කලාතුරකින් වීම නිසාද / පියසිරි නිතරම අපේ ගෙදර එමින් සිටි නිසාද /
තජකයේ වැඩ හා එංගලන්ත ගමනේ වැඩ බහුල වීම නිසාද... ඒවා ගැන නිශ්චිතව කියන්නට බැරිය;
අමතකය. ඒ ගැන හිතන්නටවත් මතක් වෙන්නේ දැන්ය!
නමුත් එකක්
නම් හොඳටම මතකය.
ඒ වෙද්දී පියසිරිගේ නිතර පැමිණීම මට වදයක් වෙලා තිබ්බේය.‘දෙවේලේ දකින කුකුළාගෙ
කරමලා - එවෙලේ පෙනෙයි සක සේම සුදු වෙලා’ යන කියුම, ඒ හාදයා දන්නේ නැතිවා වෙන්නැති.
‘දිගටම කාගෙන යනකොට අතිරස වුණත් තිත්ත රසට දැනෙන බව’ ඒ හාදයා දන්නේ නැතිවා වෙන්නැති.
මට නම් සිද්ද වෙලා තිබ්බේ ඒ සන්තෑසියයි. වටින් ගොඩින් ඒ ගැන කිව්වත්; ඇඟෙව්වත්
පියසිරිට ඒවා නොතේරුණා වගෙය.
“මම උඹට
ආදරෙයි xත්තො!” කිසිම කෙනෙකුට උසුරුවන්නට බැරි තරම් රාගාන්විතව පියසිරි මගේ කණට
කොඳුරා කීවත්... ඒ වචනවලින් ඉස්සර මට දැනුණු ප්‍රහර්ෂය නොදැනිණි.
පියසිරිගේ නිම්හිම් නැති සිපගැනීම්; තලා- පෙළා- මිරිකා හැරීම්- ගේ කුරුලු රංගනයන්
වැනි දේවලුත් ඒ වෙද්දී මට එතරම් ආනන්දයක් දැනවූයේ නැත. එහෙම වුණේ ඇයි?
දෙවියන්
පළමුවෙන්ම නිර්මාණය කළ මිනිසාට අත් හතරක්- පා සතරක්- හිස් දෙකක්- පුරුෂ ලිංගයක් හා
ස්ත්‍රී ලිංගයක්... |
ඇත්තම කියතොත්...
ඒ කිසිවකට
වගකිව යුත්තේ ඔහු නොවෙන බව මට හැඟී යමින් තිබිණි.
ඔහු අත වැරැද්දක් නැති බව මට පසක් වෙමින් තිබිණි.
වැරැද්දක් තිබෙයි නම් එය ඇත්තේ මා ළඟ බව මට පසක් වෙමින් තිබිණි.
ඔව්, මා පිළිබඳ බියකුරු සත්‍යයක් මටම තේරුම් යමින් තිබිණි.
දෙවියන්
පළමුවෙන්ම නිර්මාණය කළ මිනිසාට අත් හතරක්- පා සතරක්- හිස් දෙකක්- පුරුෂ ලිංගයක් හා
ස්ත්‍රී ලිංගයක් තිබිණිලු. ඉන්පසු දෙවියන් ඒ මිනිසාව දෙපලු කළේලු. එදා පටන් මිනිසා
තමන්ගේ අනෙත් පළුව; අනෙක් භාගය සොයමින් වෙහෙසෙන්නේලු.
ඒ කතාව එහෙම නම්, නිමල් දිසානායකගේ පළු දෙකෙන් එකක් තවත් කෑලි දුසිම් දෙක තුනකටවත්
කපලා වෙන්නැතිය.
සමහර විටෙක මට
හමු වුණු සහකරුවෙකුට හොඳටම හිත බැඳුණු විටෙක මම නන්නත්තාර වීමි. ‘මෙයා තමයි මගෙ
soul mate යැයි සිතුවෙමි. ඊට කාලයකට පසු තවත් එවැන්නෙක් හමු වෙයි. නැවතත් මම අවුල්
වෙමි. අර විදිහටම හිතෙයි. දීඝායු, අභී අයියා, සංජේ, දේමිත්ත හා පියසිරි වැන්නවුන්
කීප දෙනෙකු අබියසදී මට සිද්ද වුණේ ඒකය.
වැරැද්ද
තියෙන්නේ එතැනය. මගේ චපලකමේය.
ඒ විත්තිය මට හිතෙන්නට පටන් ගත්තා විතරය...
අවුරුදු 5ක් සිරි ලංකාව පාලනය කළ, ආසියාවේත්; ලංකාවෙත් පළමු රාජ්‍ය පාලිකාව වුණු
අනුලා රැජනවත් මං තරම් චපල නැත! නමුදු චපල වෙන තැනට කටයුතු යෙදුණු විට, මා මොනවා
කරන්නද?
පියසිරිගේ
උණුසුම පිළුණු වෙමින් යද්දී, මගේ ඉරණම වෙනස්ම ආකාරයේ ඇවතුම්, පැවතුම්, හැඟීම් ඇති
කෙනෙකුට මා සමීප කරවමින් තිබිණි. දැන් ඔබ හොඳින් දනියි. නිදි විවිධත්වයම පතන්නෙකි!
විවිධත්වයම අගය කරන්නෙකි!!
දැන්
පිටරටවල එහෙම ඔපරේෂන් කෙරෙනවලු බට්ටො. |
පියසිරි රති විරාමයකින් පස්සේ කීවේය.
“ඔපරේෂන් එකක්...” මමත් හූමිටි තිබ්බෙමි.
“ඔව් xත්තෝ! අපේ office එකේ කට්ටියක් කතා වෙනකොට ඇහුණේ...” පියසිරි උනන්දුවෙනි.
“කොහොම හරි එහෙම වැඩක් කරවගන්න පුළුවන් නං උඹට බේරිල්ලක් වෙන එකක් නං නෑ බට්ටො.”
පියසිරි කිව්වේ මහා ප්‍රශංසාවක් කරන විදිහටය.
ඒ කතාව මට
දැනුණේ වැල්ලවත්ත රෙදි මෝලේ ‘අයියා කෙනෙකු’
කී කතාවේම
දිගුවක් විදිහටය.
සංජේගෙන්
පස්සේ ආයෙම වතාවක් ‘සැත්කම් යෝජනාව’
ඉදිරිපත් වුණේ
එදාය. එහෙත් ඒ අදහස තවත් මාස කීපයකට එසේම යටපත් වෙලා ගියේය. එංගලන්තයට යනතුරු...
ඒ විස්තර වෙනමම ලිව්වාම වඩාත් හොඳය. ඒ හින්දාය- තිහේදී posts පෙළ මෙතැනින් අවසන් කර ‘තිස් එකේදී’ පෝස්ටු කිහිපය පටන් ගන්නට යන්නේ෴0෴