ඒ දවස්වල ජෝලගේ ගෙදරින් දිගටම කෑව ගිතෙල් වැඩි කෑම නිසා මගේ සිරුරේ ‘ශුක්‍ර ධාතු නිෂ්පාදනය’ වීමත් වැඩියෙන් කෙරුණද මන්දා... අනෙක් කාරණේ ‘පද්මේ’ වගේ දෙතුන් දෙනෙකුගෙන් මට ලැබුණු ශෘංගාරය වෑහෙන ලියුම්. ගොඩක්ම erotic ලියුම් එව්වේ රැකියාවක් කරන්න ඇමෙරිකාවට ගිහිං හිටි මගේ පරණ යහළුවෙක්. මගේ ‘රහසිගත විශ්වයේ ඉහළ පෙළේ පුරවැසියෙක් වුණු එයා’ කාම සාස්තරේ කෙළ පැමිණි අනංග දෙයියෙක්... ජිම්නාස්ටික් නිපුණයෙක් වගෙයි...
‘රංජි මල්ලී, ඔයත් මෙහෙ කිට්ටුවක හිටිය නං...
එපාවෙන සීතලේ දෙන්නට දෙන්නා බදාගෙන තුරුල් වෙලා... එහෙනං මට රෑට නිඳා ගන්න වෙලාවක්
තියෙනෙකක් නෑ...’
හිතේ
තෙරපෙන හැඟීම් සේරම තවත් කෙනෙකුට ‘වචනවලින්’ ඒ විදිහටම කියන්න ඇහැකිද? Foto එකක්, චිත්‍රයක්
වැඩියෙන් ප්රබලය කියලත්... |
කෙනෙකුගේ
හිතේ තෙරපෙන හැඟීම් සේරම තවත් කෙනෙකුට ‘වචනවලින්’ ඒ විදිහටම කියන්න ඇහැකිද? Foto
එකක්, චිත්‍රයක් වචන ගොඩකට වැඩියෙන් ප්රබලය කියලත් සමහර තැනක කියවෙනවා තමයි. ඒත්...
ඒ foto එක දිහා බලන බලන සැරේට ඒක එක එක විදිහට පෙනෙනවයැ...
ලියපු
දෙයක් එහෙමද? එකම වැකියක් වුණත් එක වෙලාවකදී කියවනකොට දැනෙන හැඟීම නෙවෙයිනෙ, තවත් අවස්ථාවකදී
අපට දැනෙන්නෙ. ගිය සතියේ මටත් එහෙම දෙයක් හොඳටම දැනුණා.
පසුගිය කොටස අවසානයෙදී ‘මට ලැබුණු ශෘංගාරය
වෑහෙන ලියුම්- ගොඩක්ම erotic ලියුම් එව්වේ...’ කියලා කීම සේකර අයියට කරපු අසාධාරණයක්ය
කියල ඒ post එක publish කළාටත් පස්සේ මට හිතුණා. එහෙම ‘ලඝු කිරීම’ වැරැද්දක් වෙන්නේ
මෙහෙමයි.
ඒ ලියුම්වල තිබුණෙ ශෘංගාරය විතරක් නෙවෙයිනෙ!
බැලූ
බැල්මට නං ලියුමක තියෙන්නේ වචන... වාක්‍ය... විතරයි කියල තමා අපට පෙනෙන්නෙ. ඒත් එහෙම
ලියන ලියුම්වල අකුරු අතරේ- වචන අතරේ ලියන කෙනාගෙ මනෝ භාවයන් සේරමත් හැංගිලා
තියෙනවනෙ; දුක, සතුට, තනිය, අසහනය වගේ... මිනිස්සු කොච්චරක් නං ‘තමන්ව පෙළන ඒ වගේ
හැඟීම්’ තමන්ගේ අභ්යන්තරේම හිර කරගෙන ඉන්නවද- එළියට දමා ගන්න විදිහක් නැතිව?
තවත්
කාරණයක්! කටෙන් කියන දෙයකට වැඩිය ශක්තියක් ලියන දෙයකට තියෙනව වගෙයි කියලත් මට
වෙලාවකදි හිතෙනවා. මොකෝ දන්නවද එහෙම හිතෙන්නේ. ලියන දේවල් අස්සේ ‘හැංගිලා තියෙන
චිත්ත රූප’ වඩාත් තියුණුයි; ලස්සනයි කියල මට දැනෙන නිසා.
ඔයාලටත් එහෙම දැනෙනවද?
“රංජි
මල්ලී. ඒ දවස්වල අපි කරපු දේවල්... එදාට වැඩිය දැනුයි දැනෙන්නේ. දැනුත් තනියෙන්
ඉන්න වෙලාවට. වැඩ ඇරිලා ආවම, වොෂ් එකක් දාගෙන ඇඳට වැටුණම film එකක වගේ අපේ හපන්කම්
පේන්න ගන්නවා. තමුසෙ නං දැනටමත් එංගලන්තෙ කෑම කනව ඇති, මට නොකිව්වට... ලේසි
බඩගින්නක් නෙවෙයිනෙ තමුසෙට තියෙන්නේ.”
ඇත්තම
කිව්වොත්, ඒ දවස්වල මං පණ බයේ හිටියෙ, සේකර අයියාගේ ලියුම් වෙනින් කවුරුවත්
දැක්කොත් කියල.
‘රංජි මල්ලී... තමුසෙ මේ ලියුම් කියවල ඉවර වෙච්ච ගමන්ම ඒවා ඉරල දාන්න ඕනි. හොඳද. කවුරුවත්
දැක්කොත් එහෙම. මමත් ඔයා එවන ලියුම් තියා ගන්නෙ නෑ. ඒත් ඒවා විනාස කරන්න ලෝබයි...
තමුසෙ පණ පිහිටුවලනේ ඒවා ලියන්නේ. ඉතින් මාවත් ඇවිස්සෙනවා-
මාවත් නරක් වෙනවා! ඒවා කියවනකොට නිකම්ම පොඩි එකා නැඟිටිනවා... ඌ පව්, මල්ලී.
ඔයාවත් ළඟ නැහැනෙ. ඌට ඉතින් මගෙම අත තමයි පිහිටට
ඉන්නේ...”
‘ඒ
වගෙම තමයි පුතෝ, මීට පස්සේ තමුසෙට
එයාගෙත් එක්ක ඉස්සර සෙල්ලං එහෙම කරන්න යන්නත් බැරි වෙයි.’ |
ඒත් AIDS
ගැන කාරණා දැනගන්න දැනගන්න, සේකර අයියට
උත්තර ලියවෙන එක පරක්කු වෙන්න පටන් ගත්තා. හැම විජ්ජාවටම වැඩිය ගැලවිජ්ජාව ලොකුයි
නෙව!
‘කවුද දන්නෙ ඒ යක්ෂයා ඇමෙරිකාවේ ඉන්න අතරේ මොන-මොන සෙල්ලං කරනවද කියලා.’ එහෙමයි මට
හිතුණේ. ‘ඒ වගෙම තමයි පුතෝ, මීට පස්සේ තමුසෙට එයාගෙත් එක්ක ඉස්සර සෙල්ලං එහෙම
කරන්න යන්නත් බැරි වෙයි.’
‘කමක් නෑ,
කමක් නෑ නිදි! මීට කලින් ඔයිට වැඩිය අයත් ඈත් වෙලා ගියේ...’ මගේ අන්දොස් හිත
කිව්වා.
‘ඒත් යක්ෂයො
ඉඳහිට හරි ඒ මනුස්සයට ලියුමක් ලියපං. ඒක නේද යුතුකම. තමුසෙගෙ පවුලෙ කට්ටියත් එක්ක මෙහෙ ඉන්න අස්සෙත් උඹට තනියක් පාළුවක් දැනෙනවා නං, එයාට කොහොම දැනෙනව ඇතිද... පව් නේද?’
යටිහිත එහෙම සාධාරණ වුණත්, නිමල් දිසානායක නම් එතැනදී සාධාරණ වුණේ නෑ. සමහර වෙලාවට
මං වහන්සේ අමු පාදඩයෙක්; තෙතමනයක් කියලා දෙයක් නැති අමනුස්සයෙක් වගෙයි act කරලා
තියෙන්නෙ. එහෙම නේද හැඟෙන්නේ?
හැබැයි, වැඩියත්ම මං ඔහොම නසරානි අපතයෙක් වෙලා තියෙන්නේ ‘මගේ හැංගුණු විශ්වයේ
සාමාජිකයන්ට’ය කියන එකත් මෙතැනදී නොකියාම බැහැ.
ඒ ගැනත් ඒ
දවස්වලම මට කල්පනා නොවුණා නෙවෙයි.
‘සේකර
අයිය වගේ අයයි මගෙයි අතර තියෙන්නේ කාමුක බැඳීමක් විතරද? මමත් වැඩියෙන් ආකර්ෂණය වෙලා
තියෙන්නේ වැඩි තෘප්තියක් ලබා දුන්නු අයට... (ඈ, ඒකත් එහෙමද?) ඇයි තමුසෙ හංගන්න හදන්නේ,
වෙන මොකක්ද එහෙනං...
එහෙම නෙවෙන්නං. අච්චර කිට්ටුවෙන් හිටි සංජේ...
ඈත් වුණ අඩුව තමුසෙට දැනුණේ කී දවසකටද? තව හපනෙක් මාට්ටු වුණු ගමන්ම තමුසෙට ඌට
වැඩිය කෙනෙක් නෑ. ඔව් පුතෝ... උඹේ කූටාලියෝ
කාට වුණත් උඹ ළඟ තිබ්බේ ආදරයක් හෙම
නෙවෙයි. කෑදරයක්... ඒකත් මහ අසික්කිත කෑදරයක් යකෝ.
තමුසෙ මහ ලොකුවට ආදරෙයි- ආදරෙයි කියලා නැහෙන්න ගිය දීඝායු... හොඳම
උදාහරණෙ.
එයා උන්නද මළාද කියලවත් හොයල බලන්න ළඟකදි හෙම තමුසෙට මතක් වුණාද?’
ඉලක්කම්
භාෂාවෙන් ලියු නිසාදෝ, ඒ සටහන තවත් දිගට මගේ දිනපොතේ ලියවී තිබේ. එදා මට දිගු විවේකයකුත්
හිමිව තිබුණු බවය, එයින් කියා පාන්නේ.
එසේය, ඒ
සීතල උඳුවප් මාසයේ දවසක හිමිදිරියේ මම අවසාන තීරණය... |
එදා රාත්‍රියේ දිනපොතේ සටහන්ව තිබිණි.
‘තවත් හිතන්න දෙයක් නෑ බං මොට්ටයෝ! ඒක තමයි කරන්න තියෙන හොඳම දේ.’
ඉදින්, ඒ
සීතල උඳුවප් මාසයේ දවසක හිමිදිරියේ මම අවසාන තීරණය ගත්තෙමි.
ලිංගික
සැත්කමක් කරවා ගැනීම පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම අත්හැර දැමුවෙමි! අවුරුදු දහයකටත්
වැඩි කාලයක් තිස්සේ, හිත පතුළේ සඟවාගෙන සුරැකි ඒ අදහසෙන් නිදහස්වීම මට ගෙනාවේ
සතුටකි. ඒ සතුටෙන් ඔකඳ වෙමිනි, මා ජෝලගේ නිවසට ගියේ.
“Nimal, please excuse us. I forgot to tell you. This afternoon we have to go
out. මගේ වයිෆ්ගේ අම්මල ගෙදරට. එයා සනීප නැතිව ඉන්නේ. ඉතිං... උඹ අද වරුවක් විතරක්
වැඩ කරලා යනවද... නැත්තං...”
“කිසි ප්‍රශ්නයක්
නෑ මිස්ටර් ජෝ. මටත් නිවාඩුවක් ඕනි වෙලා තිබුණේ. එතකොට උඹලා හෙට උදේ ගෙදර ඉන්නවද?”
“That is why, මම උඹට අද නිවාඩුවක් ගන්න කිව්වේ. අපි එන්නේ අනිද්දා; Sunday හවස.
ඔයා සඳුදා උදේ එන්න. By the way, I am going to Hounslow. I can drop you there.”
“Thank you
Joe! මම හිතුවේ අද මේ ගමන්ම සවුත් හෝල්වල ටිකක් ෂොපින් කරන්නයි. ලංකාවෙ යාළුවන්ට
ගෙනියන්න පොඩි පොඩි තෑගි ටිකක් ගන්න තියෙනවා.”
“OK! එහෙනං මම උඹට advance එකක් දෙන්නං. පවුම් පනහක් ඇති වෙයි නේද?”
මම ඒ මුදලත් සාක්කුවේ දමාගෙන පාරට බැස්සෙමි.
1985
දෙසැම්බරයේ ලන්ඩනයට හිම වැටුණේ නැත.
එහෙත් මදි නොකියන්නටම සීතල තිබිණි. දවසෙන් වැඩි හරියක් තියෙන ඇඳිරියත්... මට මතක
හැටියට ඒ දවස්වල එහාට එළිය වැටුණේ උදේ දහයට විතරය. හවස තුනටත් කලින් ඇඳිරි වැටී
හමාරය.
ඒ දවස්වල-
සීතලට ඔරොත්තු දෙන ඇඳුම්වලින් සැරසී, මේස්- සපත්තු- අත්වැසුම් සේරම දමාගෙන ගෙදරින්
එළියට බැස්සත් මදිය. නළල් තලයෙන්- නාසයෙන්- දෙතොල්වලින් තද සීතල සිරුරට කාන්දු
වෙයි. ඇයි දෙඅතට?
මට හොඳටම මතකය. ‘ලොකූ. මේවාත් දාගන්න... ඇඟිලි ගල් ගැහෙන එක නවතියි.’ කියමින් අපේ
දීපාල් මට ‘මිට්න්ස්’ (mittens) ජෝඩුවක් දුන්නේය. (ඒ මිට්න්ස් කිව්වේ ලෝම
නූල්වලින් ගොතන ලද අත්වැසුම් වර්ගයකටය.) මොන... මට නං හිතුණේ කවුරුන්දෝ මගේ ඇඟිලි තුඩුවලට
අල්පෙනෙත්ති කටුවලින් අනිමින් හිටිනවා කියලයි.
වයසක
උදවිය සෑහෙන දෙනෙක්, මේ දවස්වල පරෙස්සමක් නැතිව පාරේ යන්න ගිහිං බ්ලැක් අයිස්
උඩ ලිස්සල වැටෙනවා. |
“මොනවද
අම්මෙ බ්ලැක් අයිස් කියන්නෙ?”
“මේ කාලේ ටික ටික වහිනවනේ. එතකොට පාරේ තැනින් තැන එකතුවෙන වැහි වතුර මිදිලා අයිස්
වෙනවා. ඒවට තමයි ඔහොම කියන්නේ.”
“ඉතිං තවම හිම වැටෙන්න පටන් ගත්තෙත් නැහැනෙ අම්මෙ...”
‘”හිම වැටුණේ නැතුවට වහිනවනේ... වැහි වතුර මිදෙනවා- සීතලත් වැඩියිනෙ... ඒකයි
කිව්වේ.”
මේ ගමන්ම
කියල දැම්මාම ඉවරය.
ඒ අවුරුද්දෙ එහාට හිම වැටෙන්නට පටන් අරං තිබ්බේ අපි ලංකාවට ආවාට පසුවය. 1986
ජනවාරි අග හරියේය!
“ඔයාට
තරම් යාළුවො නැතත්, මාත් තෑගි ටිකක් ගන්නෝනි.” එදා හැන්දෑවේ මගේ තෑගි ටික දැක්ක
අන්නා කිව්වේය. “එතකොටයි ලොකූ මතක් වුණේ. ඔයාගේ සපත්තු ජෝඩු දෙකම මල්ලියාට දීලද යන්න
හදන්නේ. මොනවද ඔයා යනකොට දාගෙන යන්නෙ?”
මා
එංගලන්තයට යද්දී දමාගෙන ගියේ Bata සමාගමේ ‘මොකැසිනෝ’ සපත්තුය. එවක මගේ ප්‍රියතම
පාවහන් වුණේ ඒවාය. එනිසාම එයින් කළු හා දුඹුරු සපත්තු ජෝඩු දෙකක් මා සතුව තිබිණි.
ඒවා බඩා මල්ලාගේත් ඇස් ඇදගත් විත්තිය පළමු දවසෙම මට පෙනුණි. ඒ විතරක් නොව අපේ ඩැඩාගේත්...
විදේශීය දෙයක් ලෙහෙසියෙන් අගය නොකරන ඩැඩාත් ඒ බාටා නිෂ්පාදනවල ‘කොලිටිය හොඳය’
යනුවෙන් සහතිකයක් දුන්නේ- විනාඩි ගණනාවක් තිස්සේ තත්ත්ව පරීක්ෂණයකුත් කළ පසුවය.
“දීපාල්,
මේක දානවා බලන්න...” ඒ වෙලාවේම මං දීපාල්ට කිව්වා මතකය.
“ඒ මොකටද ලොකා?”
“හරස් ප්‍රශ්න නාහා තමුසෙට කියන දේ කරනවකෝ, මල්ලා... ෂා- ඔය අගේට තියෙන්නේ. ඔන්න
අදම කිව්වා, මම ආයෙම ලංකාවට යන දවසට මේ සපත්තු කුට්ටම් දෙකම මල්ලියාට දීලයි යන්නෙ.”
අන්නා මගේ
ඒ කියමන මතකයේ රඳවාගෙන ඉඳලාය. ඒ නිසාය අර ප්රශ්නය ඇහුවේ.
“මම ඔය මොනව හරි පරණ සපත්තු කුට්ටමක් දාගෙන යනවා. ලංකාවට ගියාම මොකැසිනෝ දෙකක්ම
ගන්න බැරිය.”
තීරණ
ගත යුතු වන්නේ හොඳින් සිතා බැලීමෙන් පසුවය. ‘පනින්ට පෙර සිතා බලනු’ කියන පැරැණි
කියමන අපට හුරුය. ඒත් එවැනි කියමන්වල අරුත අපට නුහුරුය; නුපුරුදුය!
රුස්සන්නෙත් නැතිය!! |
මම එකඟ
වීමි!
මතක් වෙද්දීත් හිනා නැඟෙයි.
ඒ වෙද්දී අපේ ගෙදරින් ඉහළටම ඉගෙනගෙන හිටියේ අනිලුත්, අජිතුත්ය. එයිනුත් වඩා
බුද්ධිමතා අනිල්ය. ‘එංගලන්තයට ගිය ඉක්මනින්ම එහෙව් මනුස්සයාත් වෙනස් වී තියෙන තරම.’
ඒත් ඒ වෙලාවේ මා කිසිම දෙයක් කියන්නට ගියේ නැත. නමුත් අනිල් මල්ලිගේ ‘ඒ අදහස’ කොහෙත්ම
ප්‍රායෝගික නොවන විත්තිය නම් මගේ හිත එවෙලේම මට අනාවැකියක් කිව්වේය.
ඒ අනාවැකිය
‘ටක්කෙටම හරි ගිය’ එක ගැන මටම දුකය!
අප ආපහු
ලංකාවට ඇවිත් මාස කීපයක් යන්නටත් කලින් අනිල් ආයෙමත් බීමට වැටුණේය. ඒ ඉතා හදිසි ප්‍රේම
විවාහයකුත් කර ගත්තාට පස්සෙය. බීමත්කම නිසාම අන්නා එයාගේ ජීවිතයත් අවුල් කර
ගත්තේය.
(නැවත සිරි ලංකාවේ නිෂ්පාදිත සපත්තු නොදමන්නට ගත් තීරණය එයාටම අමතක වී ගොස්
තිබිණි. අනිල් මල්ලී අයසට
වැටී; පිළිකාවට ගොදුරු වී අකාලයේ මිය යන්නට අවුරුදු කිහිපයකට පෙර සිටම පළඳින්නට
පුරුදුව සිටියේ ‘රබර් සෙරෙප්පු කුට්ටම’කි.
තීරණ ගත යුතු
වන්නේ හොඳින් සිතා බැලීමෙන් පසුවය. ‘පනින්ට පෙර සිතා බලනු’ කියන පැරැණි කියමන අපට හුරුය.
ඒත් එවැනි කියමන්වල අරුත අපට නුහුරුය; නුපුරුදුය! රුස්සන්නෙත් නැතිය!!
එංගලන්තයේ
සිට ආපසු එනවිට විශේෂ යමක් ගෙනෙන්නට අදහසක් මට තිබ්බේ නැත. ඒ සමහර විට මගේ මෝඩකම
හෝ අල්පේච්ඡතා සොබාවය හෝ නිසා විය හැක. එහෙමත් නැත්තං ‘සරල; පුංචි දේවල්වලින් තෘප්තිමත්
වීමට’ මා පුරුදුව සිටීම නිසාත් විය හැකිය.
ඒත්...
ඒත්... එහෙම වුණේ හැම දෙයකදීම නොවේ. හැම විටෙකමත් නොවේ...
à ඊළඟ කොටසට...