එව්වා දකිනකොට නොවැම්බර් 14 වෙනිදාට තියෙන ‘දියවන්නාව සුද්ද කරන මහා ශ්‍රමදානය’ට මේ තරමින් දායක වෙලා මදි නේද කියලත් හිතෙනවා.
අරහෙන් ගම්මන්පිල උන්නැහෙ කන්දක් විලි ලාලා කරන්න හදන හෙළිදරව්වේ විස්තර- මෙහෙන්
ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයාගේ අබිරහස් මරණය- ඒ මදිවට රත්තරං උන්නැහෙගෙ
බෑණාගේ ගෙදරින් හොයා ගත්තු ‘කෝටි 6ක් වටිනා සැප වාහන’ හුටපටේ...
එව්වා මෙව්වා මොනවා අහන්න- බලන්න තිබ්බත් ‘නිදිගෙ පංච තන්තරේ’ නොකඩවා කියවන ඔයාලා
වෙනුවෙන් ලියන රාජකාරියත් කරන්න ඕනි නෙව.
හීල් දානයක් දෙන්නට කලින් අපි හොයල
බැලුවා... |
රිමාන්ඩ් එකේ-
බන්ධනාගාරේ එහෙම සිරගත වෙලා ඉන්න අයගේ කෑම වේල්වලට නිතරම උයාපු අළුකෙසෙල් දෙනවද?
කාලෙකට ඉස්සර එහෙම කතන්දරයක් ආරංචි වුණා. ඒ කතාව ඇත්තද- ඇත්ත නං එහෙම කෙරෙන්නේ ඇයි?
කියලත් මං හොයල බැලුව.
‘අළුකෙසෙල්වල ශුක්‍ර ධාතු වර්ධනය අඩාළ කරන ගුණයක් තියේලු. ඒකලු හිරකාරයන්ට එව්වා
නිතර කන්න දෙන්නේ.” ලු අකුරු දෙකක් එක්කයි මට උත්තර හම්බ වුණේ.
‘රහස් නොවන රහස්
ටිකක්’ දෙවෙනි post එකටත් මරු comments ටිකක් ඇවිත්...
‘ලුණුමිරිස්,
දිවුල් ජෑම්, කීරමීන් හොදි, චීස්, අළුකෙසෙල් තෙල්දාල
සහ ගොටුකොළ සම්බෝල එක්ක මැකරෝනි කාල තියනවද?’ Pra Jay
මහතා විමසල තිබ්බා.
එතකොට මගේ
ඔළුවට ආවේ අවුරුදු 45කට කලින් දවසක සිරිපා හිමේදී කන්න වුණු කෑමක්. ඒක උත්තරේට
ලිව්වා, comment තීරුවේම. හැබැයි වෙලාව මදි නිසා නොලියවුණු කොටසකුත් තියෙනවා නේද
කියලා දැන් හිත කෙඳිරි ගානවා. ඒ වගේම අසංග රණසිංහආරච්චි හා Praසන්ன හිතවතුන්
දෙන්නාටත් ප්‍රතිචාර දැක්වූවා මදි කියලත් කල්පනා වෙනවා. එයාලා මේවයි කියලා තිබ්බේ.
‘‘කොළ කැඳ එකට ගම්මිරිස් කුඩු එකතු කරන එක මමත් කාලෙක ඉඳන් කරනවා... ඒකටම අබ ටිකක්
එකතු කරන්නත් කියලා පොතක තිබ්බා මතකයි. හැබැයි ඒක අත්හදා බලා නම් නෑ.
අනික් කාරණේ නම් ‘ගෑනු කවුරුවත් එයාලා උයන පිහින ක්‍රම අපි කිව්වාට වෙනස් කරන්නේ නම්
නෑ.’
‘ගොඩ දෙනෙක් කෑම ජාති හදන්නෙ පරම්පරාවෙන් ආපු හැමදාම හදන විදියට මිසක් ඒව පොඩ්ඩක් වෙනස්
කරල අත්හදා බැලීම් කරන්න බයයි.’
‘ප්‍රා, අළුකෙසෙල්, ගොටුකොළ ඇරෙන්න අනික් ඒව නං මැකරෝනිවලට අවුලක් නැතිවෙයි මම හිතන්නෙ.’
ගල් යුගයේ,
එඬේර යුගයේ මැකරෝනි- දිවුල් ජෑම්- චීස් එහෙම තිබුණද හැබෑටම? ලෝකාරම්භයේ කොහෙවත් ලියවිල
තියෙනවද මැකරෝනි හදන විදිහයි, ඒවා කන්නේ මොන මොන දේවල්
එක්කද කියල.
වතාවක් මහරගම
භික්ෂු මධ්‍යස්ථානයට හීල් දානයක් දෙන්නට කලින් අපි හොයල බැලුවා උන්නාන්සේලා
වළඳන්නට කැමති ජාති ගැන. දන්නවද අපට ලැබුණු උත්තරේ?
“උපාසක ඇත්තන් සැදැහැ සිතින් පිළියෙළ කරන දානය මොකක් වුණත්- අපට කැපයි නම් අපි
වළඳනවා. ඒත් ගොඩක් අය ගොඩක් මහන්සි වෙලා, බැදලා- තෙල් දාලා හදන කෑමවලට වැඩ අපි ප්‍රියයි
සරල- ලෙඩවලට මුල් නොවෙන දානයක් මේ ඇත්තන් හදාගෙන එනවා නං...”
ඕනෑම දෙයක් පෙනෙන්නේ
බලන්නාගේ විදිහ හා බලන කෝණයේ විදිහ... |
මං හැදුවේ හොඳට සුවඳ ගහන කිරි හොද්දකුත් නූඩ්ල්ස්තුත් පමණකි. නූඩ්ල්ස් ටිකත්
නිකම්ම තම්බා ගත්තා මිස තෙම්පරාදු කළේවත් නැත. අදටත් පුදුමය. එදා ස්වාමීන්
වහන්සේලා වැඩිම පිරිසක් වැළඳුවේ ඒවායි.
ෆාස්ටින්
කරන්නටත්- පිෂ්ටය සහිත ආහාර ගැනීම සීමා කරන්නටත් පටන් ගත් පසුව මං වහන්සේගේ දිවත්-
රසාංකූරත්- රස නහරත් විපර්යාසයකට භාජන වෙලාවත්ද?
ඒ නිසාමදෝ- ලුණුමිරිස්, දිවුල් ජෑම්, කීරමීන් හොදි, චීස්, අළුකෙසෙල් තෙල්දාල
සහ ගොටුකොළ සම්බෝල එක්ක මැකරෝනි කන්නට මට නං ඇහැකිය. හැබැයි ඒ සේරම ජාති එකවර එකම පිඟානකට
බෙදාගෙන නොවේ. අපේ සීයා; ඩී.එච්. චාර්ල්ස් (රජෙකු වගේ) කන දවසට කළ විදිහට, සැරෙන් සැරේ-
වෙන වෙනම- එක ජාතිය බැගින් බෙදා ගනිමිනි!
මගේ අදහස නං ඕනෑම දෙයක් පෙනෙන්නේ බලන්නාගේ විදිහ හා බලන කෝණයේ විදිහ අනුව කියන එකය! ගැළපෙනවාද නැද්ද කියන කාරණයත් එහෙම්මය!!
ඒකට හොඳම උදාහරණයක් තමයි ‘ග්‍රන්ථ ලෝලියෙකුගේ නපුරුම සිහිනය’ කියන බස්සා මහතාගේ ඇබින්දං blog post එක. (ඇබින්දං විශේෂණ පදය එතෙන්ට සාකල්‍යයෙන්ම ගැළපෙනවා; post එකේ තිබ්බේ වචන 31යි නෙව. හැබැයි ඒ පෝස්ටුවට ප්‍රතිචාර තොගයක්ම ලැබිල තිබ්බා.) පොත් ගුල්ලෙකුගේ හීනයක් ගැන කියවුණාට ඉවුම්-පිහුම් ගැන හුවමාරු වෙච්චි commentsතුත් ගොඩාරියක් ඒ අතරේ... එහාටත් ගොඩ වැදිලා බලන්නකො ඔයාලට වෙලාවක් ඇත්තන්...
(ලෙමන් ඇස්සෙන් ගත හැකි වැඩ ගැන නරිමොටාගෙ
ඔත්තුවයි- ‘අලුත් මස් ජාතියක් ඇවිත් තියේ "පොසේජස්"
කියලා. තනිකරම මස් කරල සෑර්’ කතන්දරෙයි දෙකත් ඔයාලට එහෙදි හම්බ වෙයි!).
ඔය පොසේජස් කරල්
නෙවෙයි, ඕනිම මසක් උයද්දී රහ වැඩි කර ගන්නට දාගත හැකි මාත්තුවක් කියන්නද? සීනි
චුට්ටක්! පැණි රහක් දැනෙන තරමට නෙවෙයි- තේ හැන්දක් විතර... හොඳේ.
ඒ වගේමයි මම
කරන තවත් වැඩක්... හරක් මස්- ඌරු මස් උයද්දී කිලෝ එකකට පෙරුම්කායම් ගුළියක් දානවා.
(ලංකාවේ බෙහෙත් කඩවල විකුණන්න තියෙන රුපියල් තිහේ පෙරුම්කායම් ගුළියක්. ඉතා හොඳ
ඔසුවක් ඒ.) එතකොට මස් මෙලෙක් වෙනවා. ඒ වගේමයි අසමෝදගම් ඇට එකතු කර ගත්තාමත්.
බ්‍රොයිලර් කුකුළු
මස් ටිකක්. උයන්න ගොරක ඇඹුල එකතු කරලා. ඔයාලට පෙනෙයි කුකුළු මස් කෑලි දැඩි වෙලා තියෙන
හැටි- ටිකක් ගම් කුකුළු මස් ගතියට. |
ඕනි නං පොඩි පරීක්ෂණයක් කරලා බලන්නකෝ.
ගනිමු බ්‍රොයිලර් කුකුළු මස් ටිකක්. උයල බලන්න ගොරක ඇඹුල එකතු කරලා. ඔයාලට පෙනෙයි කුකුළු
මස් කෑලි දැඩි වෙලා තියෙන හැටි- ටිකක් විතර ගම් කුකුළු මස් ගතියට.
බ්‍රොයිලර්
කුකුළු මස්වලට විනාකිරි, සියඹලා, දෙහි, කාමරංගා, ගැට දිවුල් වගේ ඇඹුලක් දැම්මට
එහෙම දැඩි වීමක් වෙන්නේ නෑ!
හරක් මස්
උයද්දී මේ ඇඹුල් කතාව අමතක කරන්නම එපා! එහෙම කිව්වේ හුඟක් දෙනා beefවල තද ගතිය
නැති කර ගන්න එකේක උපක්‍රම පාවිච්චි කරන නිසා. අපේ තාත්තා නං කළේ අමු ගස්ලබු
ගෙඩියකුත් කෑලි කරලා බීෆ්වලට කවලම් කරගෙන උයන එක. (සමහර දවසට තාත්තා ගස්ලබු වෙනුවට
හරක් මස් මෙලෙක් කර ගන්න කරියට එකතු කළේ ‘ත්‍රෛලෝක විජය පත්‍ර ඇට චුට්ටක්.)
තාත්තාගේ
අම්මා; මහරගම ආච්චී කළේ, මස් ඇතිළිය ළිපේ තියන්න කලින් පොල්කටුවක් කෑලි කරලා හොද්දට
දාන එක. ඒ එක්කම ළිපේ තද ගින්දරක් නැතිවයි අපේ ආච්චී මස් ඉව්වෙත්.
මස් වෑංජනේකට
සීනි චුට්ටක් එකතු කරනවා වගේ වැඩක් මාළු මිරිසට උයද්දීත් කරත හැකියි. ඒ පොල්තෙල්
ටිකක් එකතු කර ගන්න එක. එතකොට රහ වැඩියි!
සෑහෙන දවසක්
තිස්සේ මතක් කර ගන්න හැදුවත් බැරි වුණු දෙයක් මේ. (මේ කාරණය ටක්කෙටම දන්න කෙනෙකු
ඉන්නවා නං තරහ නැතිව comment එකකින් කියන්න. කාටත් පොරෝජන් වෙයිනෙ...)
තජකයේ කුකරි පාඨමාලාවේ උගන්නපු කුකරි මිස් තමයි මට
මේ කාරණාව කියා දුන්නේ. “නිමල්, එළු මස් උයද්දී රම්පෙ- කරපිංචා- සේර ඔක්කොම එකතු
කරන්න එපා! එක ජාතියයි දාන්න ඕනි. එහෙම කරලා- එළු මස් කරියට එළඟිතෙල් හැන්දකුත් එකතු
කළාම හොඳ රසයක් වගේම සුවඳකුත් ලැබෙනවා.” ඒ ගුරුතුමී කියපු විදිහට කරලත් බැලුව. කතන්දරේ
ඇත්ත. ඒත් දෙයියනේ දාන්න ඕනි ජාතිය මොකක්ද කියලා දැන් මතක නෑ. පාවිච්චියට
නොගන්නකොට ඒ කාරණා අමතක වෙලා යනවනේ.
ඡායා මාත්‍රයක් වගේ මට මතක හැටියට නං ‘එළු මස් උයනකොට දාන්න ඕනි සේර විතරයි.’
පොලොස් හදද්දි කොට්ට
පොල් කෑලි ටිකක් ගලවල දාපුවම හොඳට තෙල් පෑදෙනවා. හුණු ටිකක් එකතු කළාම රතු පාටට තියෙනවා! |
එදා ඉඳලම
නිදිගෙ පංච තන්තරේ ලියද්දී, ඉවුම්- පිහුම් ගැනත්- මගේ හිතට වැදුණු කෑම වට්ටෝරු
ගැනත් ටික ටික ලියවුණා. ඒ අතරින් විශේෂයි පූරි...
ජීරා චිකන්... නෑ, නෑ. ඒවා ගැන ආයෙම ලියන්න නෙවෙයි මේ සූදානං
වෙන්නේ. fb එකෙනුත් ඒ වගේ දේවල්- tips එහෙම ගොඩාරියක් දැකගන්න ඇහැකි බව ඔයාලටත්
කියන්නයි. මෑත දවසක අපේ නමී හිතවතා ඒ වගේ link එකක් එවල තිබුණා. ‘දැනුම් ලොව’
group එකේ ‘ගෘහණියන්ට වටිනා කිචන් ටිප්ස් ටිකක්...’
කියන post එකක.
ගෘහණියන්ට වටිනා
කිචන් ටිප්ස් 64ක් එතන තිබ්බා. මේ ඒවායින් සමහරක්.
'5. අඹ, ඇඹරැල්ලා උයද්දි
තෙල් ටිකක් ලිපේ තියලා ළූනු, මිරිස් දාලා, අඹ ටික දාන්න කලින්
තෙලට සීනි දාන්න. එතකොට හොඳට සීනි අල්ලනවා කෑලි වලට.
6. නූඩ්ල්ස් හෝ
එලවළු බත් හදද්දී එලවළු තෙම්පරාදු කරගනිද්දි තෙලට තුනපහ හැන්දක් දාන්න. හරිම රසයි.
7. කට්ලට් හදනකොට
පාන් කුඩු ටිකක් දාලා බෝල හදන්න. කැඩෙන්නේ නැහැ. රසත් හොඳයි. (මෙන්න ඒ ටිප් එකට නිදිගෙනුත් කොටහක්: කට්ලට්
මිශ්‍රණයට තම්බාගෙන පොඩි කරගත්තු අළුකෙසෙල් ගෙඩි කිහිපයක් එකතු කර ගත්තාමත් වැඩේ
හරිම ලේසි වෙනවා.)
10. පොලොස් උයන
කොට මුරුංගා ගහේ ඝනකම පොතු කෑල්ලක් (අඟල් දෙක තුනක් පමණ) දානවා ලස්සන රෝස පාටක් ගන්න හා මෙලෙක්
වෙන්න.
11. පොලොස් හදද්දි
කොට්ට පොල් කෑලි ටිකක් ගලවල දාපුවම හොඳට තෙල් පෑදෙනවා. හුණු ටිකක් එකතු කළාම රතු පාටට
තියෙනවා.
14. බෝංචි තෙල්
දාද්දි ආප්ප සෝඩා පින්චක් දැම්මම ලස්සන කොළ පාටට තියෙනව වගේම හරිම මෙළෙක්.
24. පොල් සම්බෝලය
කොටනකොට අවසානයට දෙහි බෑවේ ඇට අයින් කර සම්බෝලය සමග කොටාගන්න. පැඟිරි රස හා ඇඹුල් රස
මුසු වූ රසයක්. (හම්බන්තොට ඉස්පිරිතාලේ
පරුවත කුස්සියෙදී වතාවක් මේ විදිහට දෙහි බෑවල් පිටින්ම දාලා පොල් සම්බෝලේ කොටන
හැටි දැක ගන්න ලැබුණා. ඒකෙ රසත් අපූරුයි.)
30. ලුණු මිරිස්
හදනකොට පොල්තෙල් ටිකක් එකතු කරලා කෙටුවම දෙහි ඕනත් නෑ.
35. බත් පිච්චුනාම
පොල් බෑයක් නවලා වහලා ටික වෙලාවක් තියලා අයින් කරන්න. ගඳ නැති වෙනවා.
පුරුෂයාත් එසේ මෙසේ
කෙනෙක් නෙවෙයි- මහා බෝසතාණන් වහන්සේ!! |
48. නෙලුම් අල
උයන්න කලින් සෝදල පෙති කපල baking powder, salt ටිකක් දාල තම්බල උයන්න. (අපි නං නෙළුම් අල හෝදලා හාල් ඇට අහුරක් එක්ක
තම්බලා අරගෙනයි උයන්නෙ. එතකොටයි එව්වාට පිටි ගතිය එන්නේ.)
49. පරිප්පු මිරිසට
හදනකොට සියඹලා පොඩ්ඩක් දැම්මාම රසයි.
50. ඇඹරැල්ල උයද්දි
කිතුල් හකුරු ටිකක් දාපුවාම රසයි වගේම පාටත් වැඩි වෙනවා.
51. කජු ව්යංජනය
කිරට හින්දලා හදනකොට, ඒකෙන් කජු ටිකක් අරන් බ්ලෙන්ඩ් කරලා දැමුවිට උකු
ගතිය හා රස වැඩි වීමක් වෙනවා.
57. එළබටු උයන
විට, ghee මේස හැන්දක් විතර රත් වෙන්න තියලා, ඒකට තලාගත් සුදුලූණු
ටිකක් දමා බැදගන්න. ඉන්පසු බටුු ටික දමා පියනකින් වසා විනාඩි 10ක් විතර ගියාම මිටිකිරි
චුට්ටක් එකතු කර ගන්න. හරිම රසයි, සුවඳයි.’
ඇත්තමයි-
ගිතෙල් ටිකක් එකතු කර ගත්තාම කෑමකට එන්නේ අපූරු සුවඳක්.
කෑමක පෙනුම- සුවඳ- රස කියන කාරණා ත්‍රිත්වයම එකසේ වැදගත්ය කියලා අපි කතා වුණානේ. ඒ
කතා සේරම අස්සේ මගේ චිත්තයේ රැව්-පිළිරැව් දිදී තිබ්බ කරුණකුත් කියන්නමයි හිත.
අතිදක්ෂ සූපවේදිනියක වුණු කාන්තාවකට උත්තම පුරුෂයෙකුගෙන් වෙච්චි ලොකුම අසාධාරණයක්.
කාන්තාව අමරා දේවි!
පුරුෂයාත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි- මහා බෝසතාණන් වහන්සේ!!
ඒ සිද්ධිය
කියවෙන්නේ ‘උම්මග්ග ජාතකයේ’ ස්ත්‍රී ප්‍රශ්නයේදී.
“...
ඉක්බිත්තෙන් එක් දවසක් උන් විමසන සේක් "සොඳුර අමරා දේවීනි, සාල් මනාවක් පමණ ඇරගෙන ඉන් මට කැඳත් බතුත් අවුළුත්
පිසව"යි වදාළ සේක. අමරා දේවීත් "එක සාල් මනාවෙන් මෙ තෙක් දෑ කෙසේ පිසම්දැ"යි
නොකියා "යහපතැ"යි වදාළ බස ගිවිස, ඒ සාල් මනාව පැස මුල් සාලින් බත්ද කඩසාලින් කැඳද
සුන් සාලින් කැවුම්ද පිස, ඊට සුදුසු අවුළුත්
පිස මහබෝසතාණන් වහන්සේට අවුළු සහිත කැඳ දුන්හ. කැඳ කබලක් මුඛයට ගත් පමණෙකින් ම සියලු
රස නහර වැල් පිනා සිට ගත්තේය.
පණ්ඩිතයන් වහන්සේ උන් විමසන පිණිස "සොඳුර, තොප පිසමන් නොදන්නා කල කුමක් පිණිස මාගේ සාල් නසාපූදැ'යි කියා කෙළ හා සමඟ මුඛයට ගත් කැඳ කබල කාරා බිමට
දමා පී සේක.
දැනට නං ලෝකෙ ඉන්න
අතිදක්ෂ සූපවේදියෝ වැඩිම දෙනෙක් පිරිමි! |
එයිත් එසේ කාරා දමා පී සේක.
ඊටත් නොකිපීම "එසේ වී නම් බත් අනුභව කරව"යි
කියා බත් අත තිබූහ. එයින් ආලෝපයක් මුඛයෙහි තබන්නා ම සියලු රස නහර වැල් පිනා ගියේය.
බෝධිසත්ත්වයන් වහන්සේ "තොප පිසමන් නොදන්නා
කල මා දුක සේ සොයා ගත් දෙය කුමට නැසූදැ"යි කිපි කෙනකු මෙන් තුන් වගය ම එක් කොට
අඹරා පියා අමරා දේවීන් ඉස පටන් ඇඟ මුළුල්ලෙහි ගල්වා දොර හව්වෙහි ඉන්නට වදාළ සේක.
අමරා දේවීත් ඊට මඳකුත් නොකිපී "යහපත ස්වාමීනි"යි
දොර හව්වෙහි හුන්නාහ. මහබෝසතාණන් වහන්සේ අමරා දේවීන් මන් නැති බව දැන "සොඳුර, මෙසේ එව"යි වදාළ සේක. ඔයිත් දෙවිටක් නොකැඳවන
තුරු එක බසින් ම සමීපයට අවුය. මහබෝසතාණන් වහන්සේ නුවරින් එන සේක් ම මසු දහසක් හා එක්
සීන් කඩක් බුලත් පයියෙහි ලා වැඩි සේක. උන් වහන්සේ ඒ කඩ මෑත් කොට අමරා දේවීන් අත තබා
"සොඳුර තොපගේ යෙහෙළියන් සමඟ ගොසින් නා පියා මේ කඩ ඇඳගෙන එව"යි වදාළ සේක.
ඔයිත් වදාළ ලෙසැ මැ කළ හ.’
මහෞෂධ පණ්ඩිතයන් අමරා දේවියව test අරන්න එහෙම
කරපු බව ඇත්ත.
ඒත්... එයින් අමරා දේවීන් වහන්සේට කොයි තරම් හිත් වේදනාවක් ඇති වෙන්නට ඇත්ද?
යන්තම් පොඩ්ඩක් දිව ගෑ පමණින් මහෞෂධයන්ගේ සියලු රස නහර පිනා යන තරම් රසවත්ව කෑම
ඉව්වට පස්සෙත්...
කාන්තාවකට එහෙම කිරීම හිංසනයක් විදිහටයි මම නං
දකින්නෙ.
ඒ අතරේ කාන්තාවන්ගේ සාඩම්බරයට හේතු නොවෙන දේකුත් කියනවට අමනාප නැහැනෙ.
දැනට නං ලෝකෙ ඉන්න අතිදක්ෂ සූපවේදියෝ වැඩිම දෙනෙක් පිරිමි!
ඉතිං, දැනට මේ ඇති නේද ලිව්වා. ඒත්... මේ
පෝස්ටුව හමාර කරන්න කලින් හිතාදර ඔයාලගෙන් අහන්නේ...
1. කොහොමද අඹ ගොඩකින් හොඳ පැහිච්ච අඹ ගෙඩියක්
තෝරා ගන්නේ?
2. කොහොමද හොඳ පැහිච්ච පොල් ගෙඩියක් හඳුනා ගන්නේ?
3. මොන ලකුණුවලින්ද හොඳට පැහුණු කොස්- දෙල්- දූරියන් ගෙඩි දැනගන්න ඇහැකි?
මම දන්නවා, එව්වට උත්තරත් ඔයාල ගොඩ දෙනෙකු
දන්නා බව.
1. පැහුණු අඹවල නටුව ළඟ වළ ගැහුණු සොබාවය නැතිම තරම්...
2. පොල් ගෙඩියේ වතුර අඬනවා නං- බරට දැනෙනවා නං...
3. ඒ ගෙඩිවල ලෙල්ල තුනීවී; කටුවල තියුණු බව අඩුවී තියේ නං... අපි එව්වා තෝරා ගන්නවා.
එහෙම දේවල් තෝරා ගැනීමේදී හුඟක් පරෙස්සම් වෙන
අපි- ඊට වඩා ගොඩාක් පරෙස්සමින් ‘රටේ අනාගත අභිවෘද්ධිය සලසන්නට හැකියාව තියෙන
පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට යවන්නට තෝරා පත්කර ගනිමු’ නේද෴0෴