මගේ ඇසින් බලන විට ‘අජිත් මල්ලී අමු බේබද්දෙකු වී හමාරය. එහි අතුරු ඵලයක් ලෙසින් හොඳටම දිරාපත් වී; වැහැරී; සුනිල්ටත් මටත් වඩා වියපත් පෙනුමක් උරුම කර ගෙනය. (මගේ මතකයේ හැටියට නම්, එයා දැන් හරියටම අපේ බදුල්ලේ සීයා වගේය!)’
අපේ තාත්තගේ මොන වැරදි තිබ්බත්, එයාමයි අපට ඉගැන්නුවේ ‘ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’ කියන එකත්. ඒ හින්දා මම හැදුණෙම ගොඩාරියක් දේවල් දිහා විවෘතව බලන ගමන්... |
‘අපේ තාත්තාගේ දුර්දාන්තකමත්- අපේ අම්මාගේ අතිශයින්ම කෙටි
හැඳි මිටේ නුවණත් එකට එක්වී රහසේ දියත් වුණු
‘ක්‍රියාවක්’ එයට හේතු වන්නට ඇති බව මගේ
විශ්වාසයයි...
“නිමල්, ඔය ලියන සමහර දේවල් සැර වැඩියි
නේද?” ‘තිස් එකේදී- 31 කොටස’ කියවපු හිතවතෙක් මට කතා කරලා ඇහුවා; ටෙලිෆෝන් එකෙන්. “ඒ
කිව්වේ මහත්තයෝ...”
“ඔයා තමන්ගේ අම්මා තාත්තා ගැන වුණත් බොහොම තදට විවේචනේ කරනවනේ. තාත්තට අඹු
සොඬෙක්ලු; අම්මයි තාත්තයි දෙන්නම වගකිව යුතු මව්පියන් වෙන්න හොඳ අය නෙවෙයිලු...
Post එකේ අන්තිම මතකද? ‘අන්ත නීච; නින්දිත; අනුකම්පා විරහිත’ වගේ
විශේෂණ එක්ක දෙමවුපියන්ගේ වැඩ ගැන ලියන එක හොඳ මදි නේද? මොනවා වුණත් ඔයාගේ
දෙමවුපියන් නේද?” එයා ඇහුවා.
“කීකරු-එහෙයියෙක් වගේ පුත්තරයෙකුට නම් ඔය
කතාව හරි යයි... ඒත් මං එහෙම පුතෙක් නෙවෙයිනේ.
අනෙක මහත්තයෝ, අපේ තාත්තගේ මොන වැරදි තිබ්බත්, එයාමයි අපට ඉගැන්නුවේ ‘ඇත්ත
කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’ කියන එකත්. ඒ හින්දා මම හැදුණෙම ගොඩාරියක්
දේවල් දිහා විවෘතව බලන ගමන්. ටිකක් දුරට හරි- මට පුළුවන් විදිහට එව්වා ඇනලයිස්
කරලත් බලන ගමන්. මගේ හිතට එකඟව වැඩ කරමින්...” මම කියාගෙන යනකොට ඒ උගත් පාඨක
මහත්තයත් උදැල්ල නොදා අහගෙන හිටියා.
“අනේ මහත්තයෝ, සමාවෙන්න ඕනි මම කියන
දේවල්වලින් ඔයාගේ හිත රිදෙනවා නං. ඒත් කියන්න ඕනි වෙලාවේ කියන්නම ඕනිනෙ.
පිටස්තර කෙනෙක් අපේ තාත්තලව විවේචනේ කරනවට වැඩිය හොඳයිනෙ එයාලගෙ පුතෙක්ම එහෙම කරන
එක.” මට කියැවුණේ නිකම්මයි.
“මම මෙහෙම ඇහුවොත්...
නිමල්ගේ හිතේ අම්මයි තාත්තයි ගැන තරහක් එහෙම තියෙනවද?” ඒ හිතවතා කෙලින්ම ඇහුවා.
“තරහක්? අනේ නෑ.
හැබැයි අමනාපයක්; දුකක් නං තියෙනවා. වැරැද්දට වැරදියි කියන ගමන්ම වැරැද්ද කළ කෙනා
දිහා අනුකම්පාවෙන් බලන්න මට පුළුවන්- වෛරයක්; තරහක් හිතේ නැතිව... අපේ තාත්තලා
ගොඩක් අමනකම් නොකර හිටිය නං හොඳයි! ඒත් ඉතිං දැන් එව්වා වෙලා ඉවරයිනෙ. ඒ එයාලාගේ
විදිහනේ...”
ලියවිල්ලක ‘උඩු පෙළ’ පමණක්
නොව ‘යටි
පෙළ’ත්
කියවා; ග්‍රහණය
කරගෙන ප්‍රතිචාර දක්වන... |
‘තමුසේ මැරෙනකල්ම මේ සීරීස් එක ලියන්නද හදන්නේ... දැනටමත් කොටස් තිස් දෙකක්. ඔහොම
වෙන-වෙන දේවලුත් මෙතනම ලියන්න ගත්තම කොටස් කීයක් වෙයිද මනුස්සයෝ?’
මෙතනට එනතුරු ලිව්වේ නොවැම්බර් 10 වෙනිදා
පාන්දරින්ය; තිස් එකේදී 31 කොටස publish කරලා ඉවර වෙලාය.
මේ ලියන්නේ ඊට පසුවදා පාන්දරය.
මා මීට කලිනුත් කියා ඇති පරිද්දෙන්ම ලියවිල්ලක ‘උඩු පෙළ’ පමණක් නොව ‘යටි පෙළ’ත්
කියවා; ග්‍රහණය කරගෙන ප්‍රතිචාර දක්වන හිතවත් පාඨකයන්ගෙන් කෙනෙකු වෙන Lotus ඊයේ
මෙහෙම ප්‍රතිචාරයක් දක්වලාය.
//"ඒත්
මා තවමත් කරන්නේ සිද්ද වුණු දේ හා සිද්ද වෙන දේ ඇසුරෙන් යමක් තේරුම් ගන්නට වෙර දැරීමයි".//
නිමල් ලියන විදිහට මම කැමති එක ලොකු හේතුවක් තමයි ඒ. හැම අත්දැකීමකින්ම තමන්ට ගන්න
පුලුවන් දෙයක් අරගෙන, අනිත් අයටත් යමක් හිතන්න මෙහෙයවීම.
නිමල් ලියන විදිහ හරිම reflective.
අද කොටසේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන පොඩි
අය වගේම ලොකු අය ගැනත් ලොකු දුකක් දැනෙනවා නේද.
‘යකාගේ මීටරය’ක්!! 😃”
Reflective...! මගේ ලිවීමේ රටාව කියවන්නන්
‘චින්තාපර’ කරවනවද?
මේ එයට මා යැවූ පිළිතුරයි.
‘ඇත්තම කියනවා නං Lotus,
ඔයාගේ comment එක කියවල චුට්ටක් විතර
ආඩම්බරත් හිතුන. ස්තුතියි!
මගේ ජීවිත කතාව ලියන්නෙත් හැකිතාක් පිරිසකට යමක් දීම සඳහාත්- මට
තවමත් ලැබෙන; ඒත් මට හිමි නැති වැඩි ගෞරවය නිසා හිතේ
තියෙන බර නිදහස් කර ගැනීම සඳහාත්.
මේ අත්දැකීම් ඕනෑම කෙනෙකුට කොච්චර ලොකු
පීඩනයක් වෙනවාදැයි වචනයෙන් කියන්නට බෑ.
අපට ඒවා බලපාපු හැටිත් ලියන නිසා දැනට නවතින්නං.
යකාගේ මීටරයක් කිව්වේ වැරදිලා,
සමාවෙන්න. යක් රජෙකුගේ මීටරයක් කියලයි කියන්න තිබ්බේ.’
ඊට පස්සේ බස්සා මහත්තයාත් ‘නිදිගෙ ලිවීම්’
ගැන එතුමාගේ අවංක අදහස හෙළිදරව් කර තිබිණි.
‘පෝස්ට් දෙකම බැලුවා. ඇත්තම කියන්න, ඉස්සර
මම නිදිගෙ කතා මෙච්චර කැමැත්තෙන් බැලුවෙ නැහැ. නිදිගෙ කතන්දරත් කරවිල වගේ. පුරුදු පුහුනුවෙන්
මතු කරගතයුතු රසයක් තමයි, ඒවා වල තියෙන්නෙ.😉’
තාත්තා අසනීපය පිට දමා දිගින්-දිගටම වැඩට
නොයා හිටි හින්දා එයාගේ fireman- ගිනි භටයා රස්සාව නැති
විණි. ඉක්මනින්ම අපට වැලේ-වැල් නැතිව... |
හිතාදර Lotus, බස්සා දෙන්නාටම ගොඩක් ස්තුතියි, හොඳේ!!
මයියා, තමුන්නැහේටත් ගොඩක් ස්තුතියි!!!
අජිත් මල්ලී ගැන කියවෙන ‘මයියා’ගේ මේ විග්‍රහාත්මක
comment එකත් එවලා තිබ්බේ පසුගිය කොටසටය.
‘අජිත් මල්ලිගේ ප්‍රශ්ණ වලට හේතුව නම් හිතා ගන්න පුලුවන්. තමන්ව මෙලොව එලිය
දකිනවට අකමැත්තක් තිබ්බයි කියන එක ලමයෙකුට පොඩි කාලෙම දැන ගන්න ලැබෙනවයි කියන එක, ඒ
ලමා වයසට දරා ගන්න අමාරුයි.’
අනේ මයියා, අපේ තාත්තත් අම්මත් දෙන්නා කරලා
තිබුණු ‘අන්ත නීච; නින්දිත; අනුකම්පා
විරහිත ක්‍රියාව’ ඊටත් වැඩිය දරුණුයි. ඒක අජිත් මල්ලීට
අවුරුදු පහක් විතර වෙනතුරු; රහසක් ලෙසින්ම
හැංගිලයි තිබුණේ. ඉන්නකො, කාලානුක්‍රමයෙන්ම කියන්නංකො සිද්ද වෙච්චි දේවල්.
අපි මහරගමට ආවාට පස්සේ සුනිලුත් මාත් මහරගම විද්‍යාකර විද්‍යාලෙට දැම්මා.
1963 අජිත් මල්ලී ඉපදුණා. ඒ වෙනකොට තාත්තා ත්‍රොම්බෝසිස්
රෝගයට ගොදුරු වී තිබුණත්, කාටවත් ඒ විත්තිය
පැහැදිලි වී තිබ්බේ නෑ.
“උඹලගෙ තාත්තගේ හොර ලෙඩ බං. දැනුයි මිනිහට
ලෝකයාට මූණ දෙන්න බැරි වෙලා තියෙන්නේ. බදුල්ලේ හුටපට දෙමටගොඩ රේල්ලුවටත් ආරංචි
වෙන්න පටන් අරං වගෙයි පෙනෙන්නේ. කොටුවේ ආච්චිගේ බෑනෙකුත් රේල්ලුවෙ ඉන්නවනෙ. මිනිහා
සොපිහාමිට සේරම පට්ටන්දර කියලා... ඒ ගෑනි මගෙන් විස්තර ඇහුවනේ පුතේ කිසි
බයක්-හැකක් නැතුව.
කොටුවෙ වැඩවලට උදව්වට ගියාම
උඹෙනුත් අහයි. කියනවා හෙම නෙවෙයි, උන්දැට
මොකවත්!” ආච්චී මටත් තහංචියක් දැම්මාය.
තාත්තා අසනීපය පිට දමා දිගින්-දිගටම වැඩට
නොයා හිටි හින්දා එයාගේ fireman- ගිනි භටයා රස්සාව නැති විණි. ඉක්මනින්ම අපට වැලේ-වැල්
නැතිව ගියේය. 1966දී; මට අවුරුදු දොළහේදී පේව්මන්ට් එකේ රජ
වෙන්න යන්නට සිද්ද වුණේ පවුලේ බඩගින්න නිවන්නටය.
ත්‍රොම්බෝසිස් අසනීපය පුරුෂ ලිංගික හෝමෝන
නිෂ්පාදනයට කිසිම බලපෑමක් නොකරන විත්තිය ඊළඟ අවුරුදු ගණනාවෙදී මොනොවට පැහැදිලි
විය. අපේ පවුලේ දරුවන් සංඛ්‍යාව 1975 තෙක්ම වැඩි වර්ධනය වුණේය. එලෙසින්ම අපේ
තාත්තාත් අම්මාත් අතර අඬදබරත් වැඩි වර්ධනය වුණේය. අප කව්රුනුත් ඒ වෙලාවට කළේ නිහඬව
අහුමුළුවල ගුළි වී අඬා වැලපීමයි.
එහෙම දබරයක් වෙලාවේ සුනිල් මල්ලී තාත්තාගේ කකුලක් හැපුව වෙලාවේ, සුන්නාව ඈතට වීසි
වෙන්නට තාත්තා පයින් ගැසුවාට
පස්සේ එයාලා ළඟට නොයන්නට අපි වගබලා ගත්තෙමු.
මේක ගෑනිගෙයි මිනිහගෙයි කතාවක්. අම්මට
වැඩක් නෑ ඒකෙන්! |
(මේ උපුටා ගැනීම හැත්තෑවෙනි post එකෙනි.)
'අම්මයි තාත්තයි රණ්ඩු වෙන වෙලාවක වුණත් අපි හයියෙන් අඬන්නේ ආච්චිව ගෙන්නා
ගන්නටය. එතකොට ආච්චි එන්නේ ගිනි පිම්මේය.
‘“ගුණේ, තෝ මේ ගෑනිව ගත්තේ තොට ඕනේ නිසා නේද, අපි එපා කියද්දීත්. දැන් මරාගන්න හදන්නේ? මේ පොඩි එවුන්ව අඬවන්නේ තොපි දෙන්නම ගොන්නුද බොලව්? ඕනෙමයි කියලා කරගත්ත මඟුල කාපියව්කො ඉතිං, අපට සැනසිල්ලෙ ඉන්න ඇරලා”.
99%ක් වෙලාවකම ගෝරිය එතනින් ඉවරය. ඉතාම අහම්බෙන් විතරක් තාත්තා ආච්චීගේ ඇඟටත් ගොඩවෙයි. “මේක ගෑනිගෙයි මිනිහගෙයි කතාවක්. අම්මට වැඩක් නෑ ඒකෙන්”.
“තොපි දෙන්නා හැඳිගෑවිලා ගියත් මට වැඩක් නැහැ තමයි බොලව්. හැබැයි මේ කිරි සප්පයෝ ගැන බලන්න ඕන නේද මනුස්සයෙක් හැටියට. වරෙන් ළමයිනේ අපේ දිහාට.... කාලකණ්ණි! .... පව් ගෙවනවා මෙතන...” ආච්චී අපවත් ඇදගෙන එයාලාගේ ගෙදරට යයි.
හැබැයි අර රණ්ඩුවත් එතනින් ඉවර වෙයි. ඔහොම
හින්දා ආච්චීගේ මැදිහත්වීම් මැදහත් හිතින් ඉවසන්නට අපට සිද්දවී තිබිණි’
සීයා හඳුනන රේල්ලුවේ ලොකු මහත්වරුන්
ගණනාවකගේ උදව්වෙන් අපේ තාත්තා විශ්‍රාම ගන්වා ගැනීමට මේ අතරවාරයේ වාසනාව ලැබිණි.
නමුත් එයින්වත් පවුලේ ආර්ථිකයට උදව්වක් නොලැබුණේය. ඒ, ඒ වෙද්දී අපේ තාත්තාත්-
සීයාත්- ආච්චීත් රේස් සූදුවට ඇබ්බැහි වී හිටි හින්දාය.
ඔන්න ඔය අතරේය දවසක් අපේ ආච්චී හොඳටම පරල
වුණේ. ඒ ආච්චිලගේ ගෙදරදීය. අපේ අම්මා මොකක්දෝ මුණු-මුණුවෙන් ආච්චීට කීවාමය.
“ඇයි බොල බොන්ඩියෙ දැන්ද තෝ ඔව්වා මට කියන්නේ. එතකොටම නේද බොල ඔව්වා මට කියන්න
තිබ්බේ. අපොයි දෙයි හාමුදුරුවනේ, මේ නොදරුවට තොපි කරලා තියෙන අපරාදේ... තොපිට සහගහනවා යකෝ.”
සිඟිති අජිත් මල්ලීවත් තුරුලු කරගෙන හිටි ආච්චී ආඩපාලි කිව්වේ හඬමිනි. “තොටත්
මොකෝ. තොගේ වාහෙ කියන දේ විතරයිනේ වටින්නේ... යකෝ, මිනිහට වැඩිය තමුන්නෙ කුසෙන්
වදපු දරුවෝ වටින්නේ නැද්ද බොල අම්මෙකුට?”
“වර... කිව්වම අහල වර යන්න මගෙත්තෙක්ක අර
වේසිගෙ පුතාට දෙකක් කියන්න...” ආච්චී අම්මාවත් ඇදගෙන ගියේ අපේ තාත්තා ළඟටය.
(ඒ වෙද්දීත් අජිත් මල්ලී ආච්චිගේ බාරයට
අරගෙන ඉවරය. බාරයට අර ගත්තා කිව්වේ ආච්චිලගේ ගෙදරම නවත්තා ගෙන කවා-පොවා, නහවා,
ඇතිදැඩි කරමින් රැකබලා ගැනිල්ලටය.)
සැමියාගේ ඒ තිරශ්චීන යෝජනාවට, බිරිය
එකඟ වී තියෙන්නේ කෙඳිරියක් නඟන තරමේ විරුද්ධත්වයක්වත් නොපාමිනි. |
අපේ පවුලේ අනිත් කතන්දර වගේ නොවේ, මේ
කතන්දරයේ සියලුම කොටස් හෙළිදරව් වුණේ ඉතා මන්දගාමී වේගයකිනි.
බදුල්ලේදී ගෙදරින් පිටමං කර සිටි අපේ අම්මාව
යළි ගෙදරට වැද්ද ගැනීමේ අවසන් සාම සාකච්ඡාවේදී තාත්තා රහසිගත; අන්තරායකර කොන්දේසියක් දමලාය.
‘කොච්චර නෑ කිව්වත්, මට උඹව විශ්වාස නෑ ලීලා... උඹට ආයේ මගේ
ළඟට එන්න ඕනි නං අපි මහරගමට ගිය ගමන් උඹේ බඩ හෝදලා යවාගන්න කැමති වෙන්න ඕනි.’ සැමියාගේ
ඒ තිරශ්චීන යෝජනාවට, බිරිය එකඟ වී තියෙන්නේ කෙඳිරියක් නඟන තරමේ විරුද්ධත්වයක්වත්
නොපාමිනි.
ආච්චිගේ මැදිහත් වීම නිසා ඒ පාප කර්මය
නොකෙරිණි.
තාත්තා ඒ වෙනුවට වෙනත් විකල්පයක් තෝරා ගෙනය.
“උඹ දරුවගෙ තාත්ත මමය කියලා හෙම උප්පැන්නෙට
දානවා නෙවෙයි ඔන්න!” තර්ජනාංගුලිය ඔසොවා තාත්තා කීවේල. “ලීලා, පොඩ්ඩක්වත් බය වෙන්ඩ දෙයක් නෑ.
අපේ අම්මලා උප්පැන්න සහතික බලන්න එනවැයි කියලයැ.” එහෙමය, අජිත් මල්ලිගේ උප්පැන්න
සහතිකයේ ‘පියාගේ නම තීරුව හිස්ව තියන්නට’ අම්මාව එකඟ කරගෙන තියෙන්නේ.
මගේ තීන්දුව නම්- අම්මත් තාත්තාත් දෙන්නාම හරි-හරියට ඒ තිරශ්චීන තීන්දුවේ වගකීම
බාරගත යුතු බවයි.
තිරිසන් සතුන්ගෙන් මනුසතා වෙනස් වෙන්නේ
මිනිහාට හිතන්නට පුළුවන් හින්දා නේද? දියුණු මනසක් තියෙන හින්දා නේද?
අපේ තාත්තාටත්, අම්මාටත් අජිත් මල්ලීගේ අනාගතය ගැන හිතන්නට බැරි වුණේ ඇයි...
“ඇයි බොල පර බල්ලෝ... දැන් මේ නොදරුවා අවජාතකයෙක් කියල නේද හංවඩු ගැහෙන්නේ... ඉස්කොලේකට
යන්නද- රස්සාවකට යන්නද- සමාජෙට මූණ දෙන්නද...” ආච්චී දිගටම බැණ වදිද්දී තාත්තා
කරබාගෙන උන්නා මිස උත්තර දුන්නේ නැත.
රසික සූරිආරච්චි සහෘදයා සංස්කරණය කර, නොමිලයේම බෙදා හරින ‘සිසිල’ සඟරාවේ ඔක්තෝබර් කලාපය කියවද්දීය, මට මෙහෙම හිතුණේ. “මිනිස්සුත් මී
මැස්සෝ වගේ වුණා නං?” එහෙම හිතුණේ ‘මාලිනී
ගනේවත්ත’ ලියා තිබ්බ ‘තාත්තෙක් නැති (ඒත් සීයෙක් ඉන්නා) පිරිමි මී මැස්සා’ ලිපිය
කියවද්දියි. මී මැස්සියන්ට තියෙන වර්ණදේහ 32න් බාගයයිලු- ඒ කියන්නේ වර්ණදේහ 16ලු
පිරිමි මී මැස්සන්ට තියෙන්නේ. උන් උපදින්නේත් සංසේචනය නොවුණු බිත්තරවලින්ලු!
පින්තූරෙන් කියන ගණන් හිලවු හරි නම්... ‘ඔබ
උප්පත්තිය ලැබීමේ සම්භාවිතාවය ට්‍රිලියන 400 කින් එකකි’. |
“... හැබැයි මෙයාලා ජීවත් වෙන්නේ අර ගෑනු මැස්සියෝ ගේන මල් පැණිවලින්. පිරිමි
මී මැස්සන් මහ කම්මැලියෝ නිසා ‘Lazy Willi’ කියලා නමකුත් පට බැඳිලා තියෙනවා...’
ඒ කම්මැලියො පැටවුන්ගේ සුජාතකම්- අවජාතකකම් හොයන්නෙ නැතිව ඇති...
මනුස්ස දරුවෙක් උපදින්න නං ශුක්‍රාණුවක් හා
ඩිම්බයක් කියන දෙකම ඕනිනෙ. එහෙම නැතිව; සංසේචනයක් නොවී දරුවෙකු පිළිසිඳ ගන්නේ
නැහැනේ. එතකොට කොහොමද දරුවෙකු අවජාතකයෙකු වෙන්නේ... ශුක්‍රාණුවක්වත්, ඩිම්බයක්වත්
දන්න එකක්යැ ඒවායේ අයිතිකාරයෝ කසාදෙ රෙජිස්ටර් කරලද නැද්ද කියලා...
ඒ වගෙමයි, ගොඩාරියක් මිනිසුන් කල්පනාවට
නොගත්තට ‘මනුස්සාත්මයක් හිමි වෙන්නේ කොච්චර දුර්ලභවද?’
ඉහතින් තියෙන පින්තූරෙන් කියන ගණන් හිලවු හරි නම්... ‘ඔබ උප්පත්තිය ලැබීමේ
සම්භාවිතාවය ට්‍රිලියන 400 කින් එකකි’. ඔය බණේම ‘ලෝ වැඩ සඟරාව’ පොතේ කවියකත් කියල
තියෙනවනේ. ‘දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ’ කියලා. ඒවාට වැඩිය කල්පනා කරන්න කොච්චර
දේවල් තියෙනවද දැන් කාලේ...
අපේ අම්මයි, තාත්තයි දෙන්නගෙ පවුකාර පටු
කල්පනාවේ මහිමයෙන් ‘පියා නොදනී’ පට්ටම ඇතිව උපන් අජිත් මල්ලීව, නිසි වයසේදී
ඉස්කෝලෙට දාගන්න නං පුළුවන් වුණා. ඒ බුවෙනකබා ලොකු ඉස්කෝලේ මහරගේ සර්ට පින් සිද්ද
වෙන්නයි. ‘හැබැයි ආච්චියෙ, වැඩි දවසක් යන්න නොදී දරුවගෙ උප්පැන්නේ හරි ගස්සා ගන්න
වෙයි. දරුවා ලොකු වෙනකල් හිටියොත්, එයාගේ හිත තැලෙයි...’ මහරගේ සර් අපේ ආච්චිට
අවවාද කරලත් තිබ්බා.
ඒත් ඒ රජකාරිය කෙරුණෙත් හුඟක් පහු වෙලා. පියාගේ නම තීරුවට ඩී. එච්. ගුණපාල කියලම
දාන්න තීන්දු වුණා කියලයි, මට ඇහුණේ.
ඔයින්-මෙයින් සිද්ද වුණේ අජිත් මල්ලී අපෙන්
ගොඩක් ඈත් වෙච්ච එකයි.
හීනමානයකින් පෙළෙන- වැඩිපුර බොරු කියන- එක විදිහක ගුප්ත මිනිහෙක් වෙච්ච එකයි.
අජිත්ගේ ආදරේ වැඩි කර ගන්න හිතාගෙන- අපේ
ආච්චිත් පරණ කතන්දර එයාට කියලා වගෙයි මං දැක්කේ! එතකොට එයා කොයි තරං කම්පනයකට පත්
වෙන්න ඇත්ද?
ඒත් අපි හැමෝම අජිත්ට සැලකුවේ කිසිම වෙනස්කමක් නැතිව. ඇත්තම කියනවා නං, එහෙම
කෙරුණෙත් අවබෝධයකින් නෙවෙයි; නිකම්මයි.
හැබැයි- එයාගේ නමෙන්මත් එයාට වෙනස්කමක්
කෙරිලනෙ තිබ්බේ... ඒවා අජිත්ට තේරෙන්න ඇති. නිමල්, සුනිල්, අනිල්, දීපාල් වගේ නම්
අතරට අජිත් කිව්වම...
à ඊළඟ
කොටසට...