‘මැකී
ගිය බකුසු දඩ මං-1’ post එකට එයා නිර්මාණය කරලා තිබුණු.... |
ඔහොම වැඩ දානකොට නං ඊරිසියාය
ඒකෙන් මටත් වැඩ ගන්නට හිතුණාය
බා ගත්තාට කොලිටිය මදි වාගේය
එවනවද එයින්
කොපියක් අකුරු හොඳ
එතෙක් බලා
හිඳිනෙමි මම;
මිතුරු සඳ
තව තව විකුම්
දක්වන්නට ලෙසින් අද
බස්සට ලැබේවා
විස්කම් දෙවිඳු තෙද!
ආදර පූජාසනේ පොස්ටුවලදී කිව්ව ‘තැපෑලෙන් හා ටෙලිෆෝනයෙන් මට පෙම්කළ කවියා සුනන්ද’ට පිං සිදු වෙන්න, මාත් කයි පද ගැට ගහගන්න ටිකාක් පුරුදු වුණා. ඒ පුරුද්දට ඉඳහිටලා කවිත් ලියවෙනවා තවමත්....
උඩින් තිබුණු කවි දෙකත් සැප්තැම්බර් 29 වෙනිදා මම ලිව්වේ, බස්සා මහත්තයාටයි. ‘මැකී
ගිය බකුසු දඩ මං-1’ post එකට එයා නිර්මාණය
කරලා තිබුණු අපූරු foto එකක් ඉල්ලලා.
හැරෙන තැපෑලෙන්
මගේ ඉල්ලීම ඉටු වුණා. ස්තුතියි බකුසුතුමෝ!
ඒ foto එක
චුට්ටක් එහෙ-මෙහෙ කරලා ඔන්න මාත් පාවිච්චියට ගත්තා. හැබැයි සුබ නැකත උදා වුණේ අද
තමා.
තියෙන තරං
දේවල් එක සැරේ බුක්ති විඳීම හොඳයිද? කියලා ඇහැව්වා මතකයි නේද, පසුගිය
කොටස අවසානේ. ඒකට පදනම වුණේ; අධිපරිභෝජනය වැරදිය කියන මතයයි.
අපේ ‘හිනා තවත් හිනා’ පොතේ එන ඊළඟ කතාවත් වැරදි ගොඩාරියක් ගැන කතාවක්!
රථවාහන පොලිසියේ නිලධාරියා, වාහනය
නවත්වන්නැයි සංඥා කළේය. |
වේගයෙන්
ධාවනය වෙමින් තිබුණු මෝටර් රථය පසුපස හඹා ගිය රථවාහන පොලිසියේ නිලධාරියා, වාහනය
නවත්වන්නැයි සංඥා කළේය. රථය මාර්ගයෙන් අයිනකට කර නවත්වන ලදී.
පොලිස් නිලධාරියා මෝටර් සයිකලයෙන් බැස වාහනය වෙත ගමන් කළේය.
රියදුරු අසුනේ
සිටි මැදිවියේ මහතා පොලිස් නිලධාරියා වෙත බයාදු සිනහවක් පෑවේය.
“ගන්නවා
ලයිසන් එක!”
රියැදුරා බලපත්‍රය දිගු කළේය.
“මහත්තයා
හයි ස්පීඩ් ආව බව දන්නවද?”
“අනේ නෑ සර්!” රියැදුරා වහාම පිළිතුරු දුන්නේය.
“මොකද
නොදන්නේ? හැතැප්ම ගාණකට එහා ඉඳන් මං ඔයාට කිව්වේ හයි ස්පීඩ් යන්න එපා කියලා...”
යාබද අසුනේ වාඩිවී සිටි කාන්තාව කීවාය.
“තමුසෙගෙ
කට වහ ගන්නවද නැද්ද....” යැයි රියදුරු අසුනේ සිටි මහතා තම බිරිඳට කඩා පැන්නේය. ඒ
අතර රියදුරු බලපත්‍රය පිරික්සූ පොලිස් නිලධාරියා ඊළඟ ප්‍රශ්නයත් ඇසුවේය.
“මහත්තයාගේ
ලයිසන් එකේත් කාලය පැනලා. මේක අලුත් කර ගන්න තිබ්බේ මාස තුනකට කලින්.”
“මො...න...වා?
ඔය ඇත්තමද සර්? මං හාංකවිසියක් දැනගෙන හිටියේ නැහැනෙ..” සැමියා කීවේය.
“මොකද
නැත්තේ... මං පහුගිය ටිකේ කට කැඩෙනකල් කිව්වේ නැද්ද ඕක රිනීව් කර ගන්න කියලා.”
බිරියගේ කතාවට සැමියාගේ රතු ඉර පැන්න බව පැහැදිලිව පෙනිණි.
“මං දැන්
සැරයක් කිව්වා තමුසෙගෙ ඔය පඩික්කං කට වහගන්න කියලා, නොදන්නා මළ ඉලව්වලට හොට
නොදා...” සැමියා ඇඟිල්ලක් උරුක් කර බිරිඳට තර්ජනය කළේය.
අපි දන්නා
විදිහට නං, නාවුක හමුදාවේ ඉඳලා තියෙන- අඩි දහයක්වත් පීනන්න බැරි එකම එක්කෙනා එතුමා
වෙන්ඩෝනි. |
“මහත්තයාට හරියට තරහ යනවා නේද මැඩම්?”
“හැම
වෙලාවේම නෙවෙයි! මේ වගේ බීලා ඉන්න වෙලාවට විතරයි...” බිරිඳ කීවාය.
මං වහන්සේ නං ජීවිතේටම
යාන්තම්වත් බීලා ඉඳලා නෑ!
මගේ මධුවිත පාවිච්චියක් නැතිවට මොකෝ, එව්වා පාවිච්චි කරන ගොඩාක් අයව ඇසුරු කරනවා.
දන්නවනේ, අපේ ගෙදරට දැන් සමහර බොනපාට්ලා අයිතිවාසිකම් පවා කියන බව “නිමල් අයියට බෑ
අපි මෙහෙට එන එක නවත්තන්න. අපි දැන් අවුරුදු කීයක් තිස්සේද මෙහෙදී set වෙන්නේ... ඒ
හින්දා දැන් අපිටත් මේ ගෙදරට අයිතිවාසිකමක් තියෙනවා!” කියමින්.
මටත් දැන් ඒවා පිළිගන්නයි වෙලා තියෙන්නේ.
මොකද ඔය තර්කය ගෙනාව
හිතවතා නාවික හමුදාවේ ඉඳලා විශ්‍රාම ගිය එක්කෙනෙක්. දන්නවනේ, හමුදාවේ හිටපු අයගේ වැඩ කොහොමද කියලා!
අපි දන්නා විදිහට නං, නාවුක
හමුදාවේ ඉඳලා තියෙන- අඩි දහයක්වත් පීනන්න බැරි එකම එක්කෙනා මෙතුමා වෙන්ඩෝනි.
නම්-ගම් නං නොකියන්නේ ‘අතීතයටත් බලපාන විදිහට නීතියක් ගෙනත්’ මනුස්සයාගේ පෙන්ෂන් එක
නැති කරයි කියන බයට!
(අපේ ආණ්ඩුවට දැන් ඒ
තරමට අහේනිය.... හැබැයි ඒක ඉවරයි වගේ. අද තිබුණා පරවුර්තියක් ‘අගමැතිතුමා මන්තිරින්ලට
අලුතින් වාහන දෙඤ්ඤං කිව්වලු’. හැබෑ නේන්නං, වාහන නැතිව උන්දලට ගෙම්බෝ වගේ පැන-පැන
තමා ‘රට හදන ගමන් සේරෝම’ යන්න වෙන්නේ!
සැලූන් දොරත් ඇරලනේ තියෙන්නෙ!!)
බලන්න මේ තරුණ යුවල නිරුවතින් විඳින නිදහස. මෙහෙම නිදහසක් ලෝකේ වෙන කොහෙවත්.... |
මටත් ඒ බෙදාගන්න පුරුද්ද තියෙනවා, වස කැත විදිහට.
හොඳ පොතක් කියෙව්වාම; හිතට වදින film එකක්- drama එකක් බැලුවාම, හරි කැමතියි තව
අයවත් ඒවා බලන තැනට තල්ලු කරන්න; එයාලටත් ඒ සතුට විඳින්නැයි කියන්න.
අනේ, එක සැරේට දහස්
වතාවක් සමාව ඉල්ලනවා ඔබ තමුන්නාන්සේලාගෙන්- මගේ ඔය ‘කපුටු ගති සොබාව’ ගැන.
ජන්මෙටත් වැඩිය පුරුද්ද ලොකුයිලු නෙව.
ඒ ගතිය නිසාමයි ‘තට්ටයා මහත්තයා’ගේ fb එකේ
තිබුණු මේ අපූරු යාන් එක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ! (මාතෘකාවක් නං අතින්
දැම්මා, අවසර නොගෙනම.) ඉන්නෙ
ස්වර්ගේ
‘ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් ‘ආදම් සහ ඒවා’ දෙවියන්ගේ
ඊඩ්න් උද්‍යානයේ ඉන්න දර්ශනයක් සිතුවමට නැංවුවලු. මේක විවෘත කරන දවසේ ලෝක නායකයෝ
සේරම වගේ මේ චිත්‍රය බලන්න ආවලු.
ඩොනල්ඩ් ට්‍රම්ප් මේක දැකලා කිව්වලු, "බලන්න මේ තරුණ යුවල
නිරුවතින් විඳින නිදහස. මෙහෙම නිදහසක් ලෝකේ වෙන කොහෙවත් රටක නෑ. මොවුන්
අනිවාර්යයෙන්ම ඇමරිකානු ජාතිකයෝ."
එම්මානුවෙල් මැක්රෝන් කිව්වලු, "නෑ නෑ බලන්න ඔවුන්ගේ
ස්වාභාවික ලාලිත්‍යය. ඔවුන්ගේ ශරීරවල හැඩය. මෙහෙම සුන්දරත්වයක් ලෝකේ වෙන කිසිම
ජනතාවකට නෑ. මොවුන් අනිවාර්යයෙන්ම ප්‍රංශ ජාතිකයෝ."
සර්ජියෝ මත්තරෙල්ලා කිව්වලු, "වෙන මොකුත් බලන්න ඕන
නෑ. බලන්න ඔවුන්ගේ ඇස්වල ආදරය පිරිලා තියෙන හැටි. මේ ලෝකේ වෙන කිසිම ජාතියක්
ඉතාලිකාරයන් වගේ ආදරය කරන්නෙ නෑ. මොවුන් අනිවාර්යයෙන්ම ඉතාලි ජාතිකයෝ." කියල.
මෙහෙම ගොං හරක් වෙන මොන රටේ ද ඉන්නෙ? |
"ඔබතුමන්ලා මොනවා කිව්වත් මොවුන් ශ්‍රී ලාංකිකයෝ. බලන්න.., මුං දෙන්නටම කන්ඩ තියෙන්නෙ එක ඇපල් ගෙඩියයි. විළි වහගන්ඩ රෙද්දක් නෑ. ඉන්ඩ
හිටින්ඩ ගෙයක් නෑ. රෙන්ඩ කක්කුස්සියක් නෑ. හැබැයි උං හිතාගෙන ඉන්නෙ උංගේ අප්පච්චි
දෙයියන්නාන්සේ කියල, උං ඉන්නෙ ස්වර්ගයේ කියල. මෙහෙම ගොං හරක් වෙන මොන රටේ ද ඉන්නෙ?"
මොන රටේ ගොං හරක්
හිටියත් අපට මොකෝ-
අපි ඔන්නොහෙ
සින්දුවක් කියාගෙන ෂපාන් එකේ ඉඳිමු. මංම පටන් ගන්නංකො එහෙනං...
‘අපිට කන්න දෙනව නං-
අපිට බොන්න දෙනව නං
මොන කෙංගෙඩියද තව ඕනෙ කියන්නේ...’
39. ෂෝක් තෑග්ගක් ගෙනාවා!
“ඔන්න
ඩාලිං, මං ඔයාගේ උපන් දිනේට ෂෝක් තෑග්ගක් ගෙනාවා!” වැඩ අවසන්වී ගෙදර පැමිණි
මරිසිපාල බිරිඳට කීවේය.
“ඔච්චර
පුංචි තෑග්ගක්?”
සැමියාගේ අතේ තිබුණු කුඩා පාර්සලය දුටු බිරිඳ නොපහන් මුහුණෙන් යුතුව විමසුවාය.
“පුංචි..?
ඇරලා බලන්නකො... දියමන්ති මාලයක්!”
“ඒ වුණාට
මං ඔයාට කිය-කියා හිටියෙම කාර් එකක් ඕනෑ කියලනේ....” බිරිඳ කීවාය.
“ඒත්
ඩාලිං, තවම ඉමිටේෂන් කාර් හදන්නෙ නැහැනෙ.”
මම මනුලොව ඉඳිද්දී නිරන්තරයෙන්ම ඔබතුමා ගැන, ස්වර්ගය
ගැන දේශනා කළා.... ඒත් අර මඟමරු සුවාරිසා..... |
සිඤ්ඤෝරා
පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
ඊළඟ විනාඩියේ එතුමෝ ස්වර්ගයේ දැවමුවා මාලිගයක සිටිනු දැකිය හැකි විය.
ස්වර්ගයට පිවිසීමට ලැබීම ගැන අතිශයින් සතුටුවූ පියතුමා ලී මාලිගයේ සීමැදුරු කවුළුව
හැර වටපිට බැලූහ.
“මොනවා?
වෙන්න බෑ.... වෙන්න බෑ.”
තමා දුටු
දෙයින් විස්මයට පත්වූ පියතුමා වහාම දෙවි පියාණන් වහන්සේ හමුවීමට ගියේය.
“මාගේ
පියාණෙනි, ඔබතුමාට බරපතළ වරදක් සිදුවී තිබේ...”
පියතුමෝ දෙවි පියාණන්ට පැවසූහ.
මුවෙන් කිසිවක් නොබිණූ දෙවි පියාණෝ මඳ සිනහවක් පහළ කළහ. එයින් දිරි වැඩුණු පියතුමා
විස්තර සහිතවම තම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
“මම
මනුලොව ඉඳිද්දී නිරන්තරයෙන්ම ඔබතුමා ගැන, ස්වර්ගය ගැන දේශනා කළා.... ඒත් අර මඟමරු
සුවාරිසා බස් එළවන ගමන් කොච්චර මිනිස්සුන්ට තුවාල කළාද හප්පලා.... ඒත් අන්න, ඒ
මිනිහාත් ස්වර්ගයට ඇවිත්. ඒ මදිවට රත්තරං මාලිගාවක! මට නිකම්ම නිකං ලී
මාලිගාවක්... මේක කොච්චර අසාධාරණද?”
“පියතුමනි,
ඔබතුමා නිතරම අපි ගැන; යහපත ගැන දේශනා කළ බව ඇත්ත. ඒත් ඒ වෙලාවේදී ඒක අහගෙන හිටිය
අය මොකද කළේ? හොඳට නිඳා ගත්තා!
ඒ වුණාට අර සුවාරිස්...
මිනිහගේ බස් එකට නඟින ඕනිම කෙනෙක් බස් එකෙන් බහිනකල්ම දෙවියන් සිහි කර කරයි
හිටියේ.
ඒ සේවය නිසයි, සුවාරිස්ට ස්වර්ණ ප්‍රාසාදයක් ලැබුණේ.’ දෙවි පියාණෝ කීහ.
දැන් මට ඉස්සර තරම් ස්ට්‍රෙන්ත් එකක් නෑ වගේ.... ඉස්සර නං... (කිව්වේ රූපේ
ඉන්න හර්කියුලිස් නෙවෙයි.) |
බාවා
මහත්තයා ගැන අහලා ඇතිනේ!
නෑ... නෑ... ජෙෆ්රි බාවා මහත්තයා ගැන නෙවෙයි. මේ බාවා මහත්තයාත් ඒ පරම්පරාවට
සම්බන්ධද නැද්ද කියලා නං මම දන්නෙ නෑ.
හැබැයි, බාවා මහත්තයාගේ ‘බාව’ හින්දාමද කොහෙද, ගම් පළාතේ හරිම ප්‍රසිද්ධයි.
කොහොමෙන්
හරි දැන් බාවා මහත්තයාට අවුරුදු හැත්තෑපහත් පැනලා.
ඔන්න දවසක්දා බාවා මහත්තයා ගියා සුප්‍රසිද්ධ දොස්තර මහත්තයෙක් ළඟට.
එයා
නෂ්ටකාමය, ලිංගික බෙලහීනත්වය, රහස් රෝග ඔක්කොටම බෙහෙත් කරන එක්කෙනෙක්.
“මට ප්‍රයිවට්
එකේ ඩොක්ටර්ට කතා කරන්න ඕනි.” බාවා මහත්තයා රහසින් වගේ කිව්වා.
නර්ස් නෝනලා පැත්තකට ගියා.
“බලන්නකො
ඩොක්ටර්, දැන් මට ඉස්සර තරම් ස්ට්‍රෙන්ත් එකක් නෑ වගේ.... ඉස්සර නං ඕනි තරං
වෙලාවක් අල්ලලා ඉන්න පුළුවන්....”
“ටේක් ඉට්
ඊසි මිස්ටර් බාවා! දැන් මිස්ටර් බාවාට හැත්තෑපහත් පැනලානේ... ඒකයි ඔය...” දොස්තර
මහත්තය එහෙම කිව්වාම බාවා මහත්තයාට යකා නැංගා!
“එහෙම
වෙන්නේ කොහොමද? අර මිස්ටර් කොතලාවල කියනවා එයාට නං එහෙම කිසිම අබල-දුබල වීමක් වෙලා
නැහැල්ලු. මිනිහට දැන් අසූවත් පැනලා....”
“ඉතිං
මිස්ටර් බාවා, මිස්ටර් කොතලාවල එහෙම කියනවා නං, ඒ වගේම ඔහෙටත් පුළුවන්නෙ ඕනෙම
දෙයක් කියන්න.” දොස්තර හෙමිහිට කිව්වා.
ඊයේ පෙරේදා දවසක අපේ වල් ප්‍රියන්ත හිතවතා ලැහැස්ති
කරලා තිබුණා පොඩි සංචාරයක්. යනකල්ම අපට කියලා තිබ්බේ නෑ, යන පැත්ත ගැන මිස ‘කොහාටද
යන්නේ’ කියලා. Surprise එකක්! රිවර්ස්ටන් අඩවියේ ‘සර් ජෝන්’ස් බංගලාව’ට...
කවුද බොලේ දන්නෙ ඒ ගමන ගිහින් ඇවිත් ‘කොතලාවල උන්නැහෙගේ නම’ත් ඈඳිච්චි යාන්
එහෙකුත් මට අකුරු කරන්න වෙන බව.
අරූ තාම හෙල්ලෙන්නෙවත් නැතුව හිටි පිළිමෙ වගෙ ඉන්නවලු... තක්බීර් වෙලා! |
අපේ නඩයේ හිටි තුන්
දෙනෙකුට තෙවෙනි දවසේ පාන්දරින්ම ආපහු එන්න වුණා, ඥාතිවරියෙකුගේ හදිසි වියෝගය නිසා.
ඉතිං ඒ ආපසු පැමිණි කාන්තාවන් දෙන්නෙකු හිටිය කාමරයේ තව ඉතිරි වුණේ ladiesලම
දෙන්නෙක්.
“ඔයාලා බය වෙන්න එපා! මේ බංගලාවේ කාමරවල ගෑනු විතරක් නිඳාගෙන ඉන්න කාමරවලට කොතලාවල
මහත්තයාගේ අවතාරේ එනවයි කියලා තියෙන කතාව බොරුලු!” අපේ හිතවතෙක් අර දෙන්නට කිව්වා,
රහසෙන්!
මළ කෙළියයි! හොඳටෝම බය වෙච්චි එයාලා දෙන්නා එදා රෑ නිඳා
ගත්තේ තරුණ පුතෙකුවත් තනියට කාමරේට ගෙන්නා ගත්තාට පස්සෙයි!
(මතකයිනෙ, ඒ trip ගැන වෙනමම ලියන්නං කියලා මං ඔයාලට පොරොන්දුවකුත් දීලයි
තියෙන්නේ.)
ඒක නෙවෙයි. ලෝකේ
වැඩියෙන්ම තියෙන්නේ ‘ලිංගිකත්වය’ මුහු වුණු විහිළුද? (හිතවත් දිලිප් ජනක කුමාර සහෘදයා
තමයි මේ විහිළුව මට එවා තිබ්බේ; ස්තුතියි දිලිප්! මේ ලිංගික යාන් එකත් උපුටා
ගැනීමක්ලු- හොඳේ!)
පිටි
පිළිමේ!
‘ඔන්න මිනිහෙක් දවසක් කොටුවක් පැන්නලු...
එක පාරටම ඒ ගෑනිගෙ මිනිහා ගෙදර ආවලු... ගෑනි ටක් ගාලා අරූගෙ මුලු ඇඟේම පවුඩර් ගාලා
සාලෙන් හිටගන්න කියලා, අරූට කිව්වලු හෙල්ලෙන්නෙ නැතුව ඉන්න කියලා....
ගේ ඇතුළට ආපු මිනිහා අරූව දැකලා මේ මොකද්ද කියලා ඇහැව්වාම ගෑනි කිව්වලු ‘අනේ
මං දවල් ෂොපින් ගියාම ලස්සන පිළිමයක් තිබ්බා. ඉතිං ඒක ගෙනාව, ඇත්ත වගේමයි නේද?’ කියලා.
‘හ්ම්ම් ලස්සනයි ලස්සනයි’ කියලා මිනිහා ඒ කතාව එතනින් නවත්තලා වොෂ් දාල,
කෑම කාල, රෑ ගෑනිත් එක්ක නිදා ගන්න ගියාලු. ...
මේ ලෙඩාට එයා මැරිලා නැතිය කියන එක බලෙන් ඒත්තු ගන්වන්න හදන්ඩ එපා... |
පාන්දර දෙකට විතර මිනිහා නැඟීටලා කිරි වීදුරුවක්
හදලා, බිස්කට් පැකට් එකක් අරන් පිළිමෙ වගේ ෆුල් අන්දොස් වෙලා ඉන්න මෑන් ගාවට
ගිහින් මෙහෙම කිව්වලු...
"මෙන්න මේක කාල කිරි එක බීලා හිටහං... මාත් දවසක් එළිවෙනකම් පාං පිටි නාලා
හුස්මවත් ගන්නැතුව ඔහොම හිටගෙන හිටියා වෙන ගෙදරක ... මට වතුර පොදක් දෙන්න එකෙක්
හිටියෙ නෑ, බං!”
42. මැරුණු මිනිසා
සීසර්
මංචනායක රෝගියෙකි.
ඒ රෝගයත් නිතරම දැකිය හැකි එකක් නොවීය. ඔහු තරයේම විශ්වාස කළේ තමා මියගිය අයෙකු
බවයි.
“ඔයා
මැරිලා නෑ අනේ!” බිරිඳ ඔහුට කීවාය.
“තාත්තා
මැරිලා නැහැ තාත්තේ!” දරුවෝත් ඔහුට කීහ.
“ඔහේ
කොහොමද මැරිලය කියන්නේ. මේ ඉන්නේ යස අපූරුවට පණ පිටින්...” අසල්වැසියෝත්,
හිතවත්තුත් ඔහුට කීවෝය. ඒ කාට-කාටත් සීසර්ගෙන් ලැබුණේ එකම පිළිතුරකි.
“මං මැරිලා.... තමුසෙලා කොහොමද මට වැඩිය හොඳට මගේ ගැන දන්නෙ?”
අන්තිමේදී
පවුලේ අය සීසර් මංචනායක මානසික වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන ගියහ.
“මේ ලෙඩාට
එයා මැරිලා නැතිය කියන එක බලෙන් ඒත්තු ගන්වන්න හදන්ඩ එපා... අපි බොහොම විද්‍යානුකූලව
එයාට පහදලා දෙමු, එයා තවම පණ පිටින් බව....” මනෝ වෛද්‍යවරයා සීසර් පරීක්ෂාකොට
පවුලේ අයට උපදෙස්ද දුන්නේය.
ඉන්පසු ඔහු නොයෙකුත් වෛද්‍ය විද්‍යා පොත්-පත්, සඟරා ආදියේ පළව තිබුණු මළවුන්
පිළිබඳ තොරතුරු සීසර්ට කියවන්නට සැලැස්වීය. ඒවා පිළිබඳව ඔහු හා සාකච්ඡාද කළේය.
සීසර්ද බෙහෙවින්ම උද්‍යෝගීමත්ව ඒ සාකච්ඡාවලට සහභාගී වූවේය.
“දැන්
තේරෙනවා නේද මැරිච්ච කෙනෙකුගෙයි පණ පිටින් ඉන්න කෙනෙකුගෙයි වෙනස?” අන්තිමේදී වෛද්‍යවරයා
විමසුවේ ජයග්‍රාහි ලීලාවෙනි.
බුදු අම්මෝ ඩොක්ටර්,
අර පොත් ඔක්කොම වැරදියිනේ! |
“මොකක්ද ඒ?”
“මැරිච්ච
මිනිහෙක්ගෙන් ලේ ගලන්නෙ නෑ!” සීසර් වෛද්‍යවරයාගෙන් උගත් දේ ඔහුටම පහදා දුන්නේය.
“ආන්න
හරි! දැන් ඔය කාරණාවත් මතකෙ තියාගෙන අපි පුංචි පරීක්ෂණයක් කරලා බලමු. විද්‍යානුකූලව
යමක් සොයලා දැන ගන්නේ පරීක්ෂණයක් කරල, ඒක නිරීක්ෂණය කරලත් ඉවර වෙලානේ...” මනෝ වෛද්‍යවරයා
ජයග්‍රාහී ලීලාවෙන් කියා, සීසර් මංචනායකගේ ඇඟිල්ලකට එන්නත් කටුවකින් ඇන්නේය.
“පේනවද...
දැන් මොනවද පේන්නේ....”
සීසර්ගේ තුවාලවූ ඇඟිල්ලෙන් ලේ බිඳු කිහිපයක් ගලන අයුරු පෙන්වා වෛද්‍යවරයා විමසීය.
“බුදු
අම්මෝ ඩොක්ටර්, අර පොත් ඔක්කොම වැරදියිනේ! මෙන්න මැරිච්ච මිනිහෙක්ගේ ඇඟෙනුත් ලේ
ගලනවා!!” සීසර් කෑ ගසා පිළිතුරු දුන්නේය.