“If it is so, listen carefully. අනිල් මෙහාට ආව දවසේ ඉඳලා දිගටම වැඩට ගියා නේද? But, නිමොල් එච්චර ලකී වුණේ නැහැනෙ... මම කියන්නේ ලීලා... කෝ උඹ අහගෙන නෙවෙයි වගේනෙ ඉන්නේ...”
“මම අහගෙන තමයි ඉන්නේ සැසිල්... කියපංකො ඉතිං...’
“Anil
was not the bread-winner of your family. නිමොල් තමයි උඹලගේ පවුලට කන්න දුන්නේ.
අපි ඒ ගැනත් අමතක කරන්න හොඳ නෑ!”
උඹේ
නංගිලා මල්ලිලා හැමෝම දැන් adultsලා. උඹ ඒ කාගෙවත් බර ඔළුවට ගන්න ඕනි නෑ! |
“කියන්නෙද... කියන්නේ මෙන්න මේකයි... අනිල් ලංකාවට ගෙනියන්න දැනට ඉතිරි කරගෙන තියෙන
ගණන අහලා...” ඩැඩා දිගටම කියාගෙන ගියා.
“අනිල් ලංකාවට ගෙනියන ගණන වගෙම ගණනක් නිමොලුත් ගෙනියන්න ඕනි. නිමොල්ට අඩු ගණන අපේ
අතින් දාමු, ලීලා!”
“No
daddy. Both of you have done enough. මට තව මොකුත් නැතුවට කමක් නෑ. අනිල් වැඩි ගණනක්
ගෙනිච්චාවේ. ලංකාවට ගියාට පස්සේ මට මොනවා හරි කරන්න පුළුවන්.” එහෙම කියන අතරෙත් මට
කල්පනා වුණේ අපේ අම්මා නිස්සද්දව ඉන්නා ඉඳිල්ල ගැනය. ඒක ටිකක් විතර නුහුරුය. අම්මා
අසනීපයෙන්වත්ද?
යෝජනාව ඩැඩාගේ බව හැබෑය. ඒත් එයා යෝජනා කරන්නේ අම්මගෙ අතේ තියෙන සල්ලිවලින් කොටහක්
වියදම් වෙන වැඩකි.
“ඔව් රංජි. ඔයා අවුරුදු දොළහේ ඉඳලම අපේ පවුලටම කළා මිසක් ඔයා ගැන හිතුවෙ නැහැනෙ.
මීට පස්සේ ඒ මෝඩකම කරන්න ඕනි නෑ....” අම්මා කට පාඩමෙන් වගේ කියාගෙන යනකොටය මට
මීටර් වුණේ.
ඒ
යෝජනාව ඉදිරිපත් කරන්නට කලින් ඩැඩා ඒ පිළිබඳව අම්මාත් එක්ක කතාබහ කරලා වගෙය!
“Leela
is correct Nimal. දැන් උඹේ ඩියුටිය ඉවරයි.
ලංකාවේ ඉන්න උඹේ නංගිලා මල්ලිලා හැමෝම දැන් adultsලා. දැන් උඹ ඒ කාගෙවත් බර ඔළුවට
ගන්න ඕනි නෑ. ඒ ඔක්කොටම පුළුවන් එයාලගේ ජීවිත ගෙනියන්න.
උඹ විතරයි කිසිම වත්කමක් නැතිව- කිසිම bank deposit එකක් නැතුව empty handed වෙලා ඉන්නේ.
My advice is- එහාට ගිය ගමන් උඹත් මහ ගෙදරින් යන්න ඕනි. උඹටම කියලා ගෙයක් හරි
කාමරයක් හරි කුලියට අරගන්න ඕනි. You should open a bank account. උඹ එහෙම ස්ටේබල්
නොවුණොත් එහෙම, උඹ නාකි වෙනකොට ඒ කවුරුවත් උඹ ගැන බලන එකක් නෑ.
මතක තියාගනින්... Do keep this in your mind! උඹ හොඳ ස්ටේබල් කන්ඩිෂන් එකක
හිටියොත්, අනිත් මිනිස්සුත් බය නැතුව උඹ වටේ ඉඳියි!”
එංගලන්තයට
එද්දී තුන් හිතකවත් නොතිබුණු අදහසකි, ඩැඩා එදා මගේ හිතේ රෝපණය කළේ. අපේ ගෙදර සල්ලි
ලාච්චුව රුපියල් විස්සට බැස්ස දවසත්-
ඒ මොහොතේ මට දැනුණු අසරණකමත් ආපහු දැනුණා මෙන් වුණේය.
එනිසාම ඩැඩාගෙ ඒ අදහස හොඳින්ම; ඉතා හොඳින්ම මගේ හිතේ මුල් බැස ගත්තේය- අතු-ඉති
ලමින් වැඩුණේය.
‘...
මරණය පිළිබඳව යථාර්ථවාදී දැක්මක් නැති පුද්ගලයකුට ජීවිතය සඳහා අවශ්‍ය හරි දැක්මක්
ඇති කරගත නොහැකිය. විශ‍්‍රාම යන වයසට එළැඹෙන විට ලංකාවේ බොහෝ මිනිසුන් විශේෂයෙන්ම
කාන්තාවන් ජීවිත කාලයෙන් හතරෙන් එකක් තරම් වන ඉතිරි ජීවිත කාලය ගත කරන්නේ මරණය
කෙරෙහි ඇති කරගත් භීතියකින් යුතුවය. එය නැති කරගන්න උත්සාහ කරන්නේ පින් කිරීමෙනි.
ඒ සියල්ල ඔවුන් කරන්නේ මරණයෙන් පසු ජීවිතය සැපවත් කරගැනීම සඳහාය.
මරණය
ජීවිතයේ නොවැළැක්විය හැකි අනිවාර්යතාවකි. සියලූම ආගමික ශාස්තෲවරුන්ද මරණයට පත්වූහ.
සමහර මරණ ලස්සන හා අසිරිමත් මරණ ලෙස සැලකිය හැකි අතර, සමහර මරණ සැලකිය හැක්කේ ඛේදජනක මරණ ලෙසය. සොක‍්‍රටීස්ගේ
මරණය අසිරිමත් මරණයක් ලෙස සැලකිය හැකිය. සොක‍්‍රටීස්ට අවශ්‍ය නම් උසාවියට පිළිගත
හැකි දඩයක් ගෙවීමෙන් හෝ බන්ධනාගාරයෙන් පලායෑමෙන්ද මරණ දඬුවමට ලක්වීමෙන් වැළකීමේ
හැකියාව තිබුණි. එහෙත් ඔහු එසේ නොකළේය. ඔහු මරණ දඬුවම වශයෙන් ඔහුට ලැබුණු වස
කෝප්පය බොන්නට පෙර තමන්ගේ උගත් මිතුරන් සමග දාර්ශනික සංවාදයක යෙදුණි. වස පානය
කිරීමෙන් පසුද එක්තරා කාලවේලාවක් ඒ සංවාදය කරගෙන ගියේය. ඔහු තමන් වෙත ළඟා වන මරණයට
මුහුණ දුන්නේ ඉතාමත් සන්සුන්වය.
මරණය
ඉතාමත් සාමාන්‍ය හා නොවැළැක්විය හැකි සදාකාලික සුව නින්දක් ලෙස සැලකිය හැකි නම්
විශ‍්‍රාම වයස එළැඹීමෙන් පසු මරණය තෙක් අර්ථවත්, තෘප්තිමත් ක‍්‍රියාකාරී හා ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කළ
හැකිය. එවැනි සරල දැක්මක් ඇතිවිට වයසට ගිය දෙමාපියන් හා දරුවන් අතරද අන්තර් සබඳතා
යහපත් කිරීමට හේතුවේ.....
...
ලෝකය මෙතෙක් බිහිකළ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකිය හැකි ඇල්බට් අයින්ස්ටයින්ට 76 වන වියේදී අභ්‍යන්තරයේ ලේ කාන්දු වන තත්ත්වයකට මුහුණ
දෙන්නට සිදුවිය. ඇමරිකාවේ ප‍්‍රින්ස්ටන් රෝහලට රැගෙන යෑමෙන් පසු ඔහු රෝහල්
බලධාරීන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියේ තමන් ශල්‍ය කර්මයකට භාජනය නොකරන ලෙසය.
සමාජයට යුතුකම් හොඳින් ඉටු කළ පුද්ගලයකු වශයෙන් කෘත‍්‍රිම ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය
නැති බවත් තමන්ට සතුටුදායක මරණයකට ඉඩ දෙන ලෙසත් ඉල්ලා සිටියේය. රෝහල් බලධාරීන්
ඔහුට සතුටුදායක මරණයක් ලබාදීම සඳහා ඔහුට මොෆින් ලබාදෙන ලද අතර ඔහු පසුදින උදේ මිය
ගියේය.
මරණය
පිළිබඳ එවැනි දැක්මක් ඇතිකර ගැනීමට හැකිවූ විට ජීවිතය පමණක් නොව මරණය ද සුන්දර
දෙයක් බවට... |
මරණය
පිළිබඳ එවැනි දැක්මක් ඇතිකර ගැනීමට හැකිවූ විට ජීවිතය පමණක් නොව මරණය ද සුන්දර
දෙයක් බවට පත් කරගත හැකිය...’ ඉහතින් ඇල අකුරින් දක්වල තියෙන ඡේද කිහිපය මං
උපුටා ගත්තේ පොතකින්.
‘වික්ටර් අයිවන්’ ලියූ ‘ජීවිතයේ ප්‍රබෝධය
-
මරණයේ අසිරිය’ (2013) පොතෙන්.
පුළුවන්
හැම කෙනෙක්ම ඒ පොත හොයාගෙන කියවිය යුතුය කියලයි මං වහන්සේ රෙකමදාරු කරන්නේ!
අපේ
ඩැඩා ඒ පොත කියවපු කෙනෙකු නෙවෙයි. ඒත් ‘වයසට ගියාම සැනසිල්ලේ ඉන්න නං ආර්ථිකව
ස්ථාවර වෙයන් - ස්වාධීන වෙයන්’ය කියලා එයා මට අවවාද දුන්නේ 1985 තරං ඈත කාලෙකදී.
හොඳ වෙලාවට ඒ අදහස් මාත් හිස් මුඳුනෙන්ම පිළිගත්තේ. එහෙම නොවුණා නං...
ඒත් එදා ඒ කතාවේදී නං මගෙන් අම්මලාට බාධා කෙරුණේය.
“අම්මලා හොඳ හිතින් මෙහෙම කරන්න යනවා තමයි. ඒ වුණත් අනිත් අය කියන්න පුළුවනි මම අම්මලාගේ හොඳ හිතින් අයුතු ප්‍රයෝජන
ගත්තය කියලත්. අම්මලාමනේ අපි දෙන්නට ටිකට්ස්වලටත් වියදං කෙරුවේ.”
“ඒක ගණන් ගන්න එපා, රංජි. අපි ඉස්සෙල්ලම එංගලන්තෙට ගෙන්න ගන්න
හැදුවේ නෝනවනේ...
ඔයාලවයැ? වහ බීලා
නොමළා නං එයා අද මෙහෙ සිටිසන් කෙනෙක්... එක හීනෙන්ම එළි
වෙන්නෙ නැහැනෙ, රංජි. මගෙ හිතේ නං තියෙනවා සුනිල්වත් ඉක්මනින්ම මෙහාට ගෙන්න ගන්න,
හය මාසෙකට හරි...”
ඇත්තම
කියන්න වෙනවා. එතැනින්ම... |
ඒ නිසාය, මා එංගලන්තයෙන් ලංකාවට එද්දී රුපියල් 90,000/-ක වටිනාකමැති මුදලක් රැගෙන ආවේ!!
ගණන් බලද්දී අන්නා රුපියල් 87,500/-කට කිට්ටු මුදලක් රස්සාව කිරීමෙන් උපයාගෙන තිබුණේය.
“ලීලා, අපි ඒ ගණන round figer එකක් කරමු 90,000/-ක් වෙන්න. නිමොල් ළඟ තියෙන ගණනටත්
අඩු හරිය අපෙන් දාමු... දෙන්නගෙම ගණන් ඊක්වල් වෙන්න.” ඩැඩා කිව්වේය.
“හැබැයි
අනිල්, ඔයිට වැඩිය ගණනක් ඔයාට එකතු කර ගන්න තිබ්බා- සිගරැට්වලටයි, විස්කිවලටයි
වියදං නොකර හිටිය නං...” ඒ අස්සේ අපේ අම්මා මැසිවිල්ලකුත් කිව්වාය.
“ඒක
නං ඇත්ත. කොහෙද? මෙහෙ කොහෙවත් ගමේ බඩු නැහැනෙ අම්මේ. දංකොටුවේ ස්පෙෂලුත් නැහැනෙ.
නැත්තං මෙච්චර වියදමක් නොකර ශේප් කර ගන්න තිබ්බ තමයි. හඃ හඃ හඃ! ඒත්... නොකා නොබී,
විනෝද නොවී පොදි ගහගත්තයි කියලා යනකොට ගෙනියන්න කියලයැ අම්මේ?” අනිලුත් ඒ සැණෙන්ම
උත්තර බැන්දේය.
“ඔය කිව්වේ! එහෙම නෙවෙයි අනිල්. ලොකු අයියට
බොරලැස්ගමුවේ කඩෙත් විකුණලා දාන්න
වුණේ ඔයාගේ බීම නිසා... එහෙම නොවී දැන්වත් හැදෙන්න
බලන්න. ඔයාත් පොඩි එකෙක් නෙවෙයිනෙ. දැන් විසි හතරක්...”
“Don’t worry mum! දැන් මං ඉස්සර තරං මෝඩ නෑ. අම්ම බලන්නකො, ලංකාවට ගියාම මං වැඩ
කරන විදිහ.” අනිල් කිව්වේ තිරසර ස්වරයකිනි.
කියන්නට
ලෙහෙසිය. අමාරු කරන එකය!
ලංකාවට පැමිණි විගසින්ම අනිල් යුවතියකට වශී වුණේය. හමුවී දවස් පහකින් ඇයව විවාහ කර
ගන්නට ඉටා ගත්තේය. මත්වෙන බීමක් නැවතත් කටේ තියන්නේ නැතැයි ඔහු ඇයට පොරොන්දුවකුත්
දුන්නේල...
අන්නා මටත් ඇරයුම් කළේය!
“ගංගලගෙ ගෙදරට යන ගමනට ඔයාත් එන්න ඕනි ලොකූ.”
“මං
ආවොත් අනිල්, මට තමුසෙ ගැන ඇත්තම කියන්න වෙනවා. එතැනින්ම ඔයාගේ මඟුල ඉවර වෙයි. ඒ
නිසා, වැඩිය හොඳයි මං ඔය ගමනට නෑවිත් ඉන්න එක.”
“එහෙම වුණොත් වෙච්චාවේ. මෙච්චරකල් අපිට තාත්තෙක් වෙච්චි ඔයා මේ ගමනට එන්නම ඕනි.
ලොකා කියන්න කැමති දෙයක් එයාලාට කියන්න.” ඉතිං. මමත් ඒ ගමනට ගියෙමි. මට හැඟෙන අයුරු
අනාගත ඥාතීන්ට පහදා කිව්වෙමි; මඳ කලක් හෝ ඉවසා සිටින්නට කිව්වෙමි. මොන?
මගේ අවවාද ගඟට ඉනි කැපීමක් වුණේය.
ඉක්මනින්ම
විවාහය කෙරිණි.
ඒ සමඟම අනිල් ව්‍යාපාරයකුත් පටන් ගත්තේය. නවත්තනවා යැයි පොරොන්දු වුණු බීමත් යළි
පටන් ගත්තේය.
බිස්නස් එක මාස කිහිපයක් යන තුරුත් අසීරුවෙන් ගැට ගැහෙමින් තිබ්බේය; නමුදු අන්තිමේදී
ඒ වියාපාරය බංකොළොත් වුණේය. ඔහුගේ විවාහය දරුවන් තිදෙනෙකු ලැබෙන තුරු රැකුණේය; ඊට
පස්සේ දෙදෙනා දෙපැත්තට වුණෝහ.
‘115 1818 1615්1ෙ8්11 21ි19ු186් 15ැ18්18ා’ කියලා තව ශෘංගාරාත්මක දේවල් වගයක් එක්ක... |
(ඒ විස්තරත් අදම ලිව්වේ, ඔබේ කුතුහලය නිවා ලන්නටය.)
බකුසුතුමා
පසුගිය කොටසට comment එකක් එවමින් අනුමානකොට තිබුණා හරිය. එතුමා කියා තිබුණේ
මෙහෙමය:
‘මේ
කථා මාලාවේ මම කැමතිම කොටස වන "ලන්ඩන් ගිය ජෝන්" කොටස ඉවර වෙන්න එන බව
දැනෙන කොට කණගාටුවකුත් හිතෙනවා.
ලන්ඩන් ගැන ඕනෑ තරම්,
විස්තරාත්මක ට්‍රැවල් වීඩියෝ තිබුණත් නිදිගෙ මතක සටහන් මට විශේෂයි. ලංකාවේ මුල්
කාලය ගතකල පවුලක්, විදෙස් ලන්ඩන් ජීවිතයට මුහුණ දෙන ආකාරය, ඔවුන්ගේ එදිනෙදා ජීවිතය,
හැල හැප්පීම්, පවුල් සබඳතා වල අමුතුම රසයක් තියනවා.’
බස්සා
මහතාගේ අනුමානය හරියටම හරිය! මේ පෝස්ටු මාලාව අද නිමා කරන්නටය නිදි හදන්නේ. සති
කීපෙකට කලින් මං ඔයාලට කියාපු විදිහට ‘ප්‍රෝඩාරාමය’ පෝස්ටුව ලියන්නත් එපැයි...
ඒත්, මේ කතන්දරේදී කියාගෙන ආ හැටියට අප තවම ඉන්නේ 1986 ජනවාරියේ එංගලන්තයේය. අපි
එහෙන් පිටත් වෙන්න තියෙන්නේ ජනවාරි 22 වෙනිදා!
‘අම්මා
ආඩම්බර වෙන්න බලන් හිටියනෙ, මානිට නිවුන්නු හම්බ වෙනකල්. අන්න, අම්මලට කපුකම කරපු ආන්ටි එරීන්ගේ දුවට නං නිවුන්නු හම්බ වෙලාලු. අම්මා අද
එයාලව බලන්නත් ගියා. මොනව කිව්වද දන්නෑ ගියාට පස්සේ.’ මං NOTES පිටුවල එහෙම ලියා
තියෙන්නේ ජනවාරි 9 වෙනිදාය.
අපට සුබ ගමන් යැයි කියන්නට අම්මලාගේ හිතවත්තු හැමෝම වගේ ආව බවත් ඒ දවස්වල සටහන්වී
තියෙයි. පුදුමේ කියන්නේ ඒ ගොඩ දෙනෙකු ගැන ඡායා මාත්‍රයක්වත් අද මගේ මතකයේ නැති
වීමයි! හැබැයි, මට මතක නැත්තේ හැම දේම නම් නොවේ...
‘115
1818 1615්1ෙ8්11 21ි19ු186්
15ැ18්18ා’ කියලා තව ශෘංගාරාත්මක දේවල් වගයකුත් එක්ක,
මං ජනවාරි 10 වෙනිදා සටහනක් කරලා; අර ඉලක්කම් භාෂාවෙන්. ඒකේ විදිහට මං වහන්සේ ලියුමක්
ලියලා. ඒ පද්මෙට.
මගේ ඒ මතකය නම් තවමත් අලුත්ය!
‘අද මම පද්මේට ලියුමක් දැම්මා..’ කියලයි ඒ සටහන පටන්ගෙන තියෙන්නේ. අපි
ලංකාවට එන දවසත්, එදාම රාත්‍රියේ අපි හමු විය යුතු විත්තියත් මම පද්මෙට ලියන්න
ඇති. නැත්තන් එදා එයා මගේ පුංචි කාමරයේ රාත්‍රිය ගත කරාවිද? (ජනවාරි 23 වෙනිදා ඒ
දීර්ඝ රාත්තිරිය ගැන Notes පිටුවල ලියැවීලා තියෙන දේවල් ‘වැඩිහිටියන්ට පනමය!’ ඒවා
මෙතැන ලියන්නට නො..හො..බි..න කොලිටියේය.)
අම්මාගේත්,
අනිල්ගේත්, මගෙත් බෑග්ස් ඇසුරුවේ 21 වෙනිදාය. ඒවා කිරා බැලුවාම ප්‍රශ්නයකි.
“කොහොමද මෙච්චර බරක් ගෙනියන්නේ. එක්කෙනෙකුට ගෙනියන්න දෙන්නේ කිලෝ...”
“Don’t worry, I am coming with you. බර වැඩි ප්‍රශ්නය මට තියපල්ලකො.” ඩැඩා අප
අස්වසමින් කිව්වේය. ඒත් මගේ හිතට හරි නැත. එහෙම අවදානම් ගැනිල්ලට මා අකැමතිය.
“ලොකාට මතකද අපි ස්විමින් පූල් එකට
ගිය
දවසේ ඩැඩී දැම්ම පානිය. එකක් නං ෂුවර්... එයා මො..කා..ක් හරි මරිසියක් දායි!”
ඒ
පුතු; සුරංග දැන් 37 වියැති, දෙදරු පියෙකි. අඹුදරුවන් එක්කම ඉන්නේ
එංගලන්තයේය. |
අම්මාගේත්
අනිල්ගේත් සිතුවිලි නිවැරදි විය.
හීත්රෝ ගුවන් තොටුපළේදී අපේ ගමන් මලුවල බර කිරා බලන තැනට ගියා විතරය. ඩැඩා ඒ
නිලධාරීන් එක්ක විහිලු කතාවකට බැස්සේය. කොච්චර කිව්වත් අප වැනි ආසියාතිකයන්
නොහැදෙන විත්තියකුත් කිව්වේය; උවමනා දේයි- එපා දේයි ඔක්කොම ලංකාවට ගෙනියන්නට හදනවා
කියලාත් කිව්වේය.
“It’s a small country, but poor... උඹලා එහාට ගිහිං තියෙනවද? Bags ටිකක් බර වැඩියි
නේද... I told these fellows it... What can we do now...” වගේ වල්පල් දොඩවමින් ඒ
නිලධාරීන්ව අවනත කර ගත්තේය. එක අමතර කිලෝවකටවත් මුදල් ගෙවීමකින් තොරවම අපේ ගමන් මලු
බාර ගැනෙන තැනට පාර කැපුවේය.
“Never
forget these offisers kindness...” ඒ නිලදරුවන් ඉදිරියේදීම අපට කියන්නටත් ඩැඩා අමතක
නොකළේය.
ගුවන්
ගමන පුරාමත් මං උන්නේ ඉවසිල්ලක් නැතිවය. එතකොටත් මානෙල්ව රෝහල්ගත කරලා ඉවරය.
කටුනායකින් මහරගමට පැමිණි විගසින්ම මට පෙනෙන්නට ගත්තේ, අපේ රටේ ඇත්තන්ගේ තිබෙන
අපිරිසිදුකමයි. අපේ ගෙදර ඇත්තන්ගේ තිබෙන අපිරිසිදුකමයි.
පහුවදා ඉස්පිරිතාලෙට ගිය ගමනේදීත් එහෙමය.
“ඔහොම
බලාගෙන හිටියොත් නං නිමල් අයියට හෙට තමයි පාර පනින්න වෙන්නේ...” උපාලි ජයරත්න මගේ
අතින් ඇදගෙන පාර පැන්නෙව්වේය. මම විමසිල්ලෙන් බැලීමි. උපාලිගේ අතෙත් කුණුය.
බස් රියේදී මට වමනය නොගියා විතරකි. ඒ තරම් අප්‍රසන්න දාඩිය ගන්ධයන්ය- මා අවට හතර
වටේම දැවටෙමින් තිබ්බේ!
ඇයි
මේ?
අවුරුද්දකටත් අඩු කාලයකදී සිරි ලංකාවේ මිනිස්සු සේරම පුදුම විදිහට ‘කිලිටි කුමාර්ලා’
වෙලා තියෙන්නේ කොහොමද?
මා
මේවා හෙළි කරන්නේ අදය.
එදා මට පෙනුණේ රෝහලේ ඇඳ මත වැතිරී උන් මානෙල්ගේ බෙල්ලේ කුණු පැල්ලම්ය; දෑත්වල
වැලමිටි නැමුම්වලත් කුණු පැල්ලම්ය. ‘ඇයි යක්ෂණියේ, ඉස්පිරිතාලේ වතුර නැද්ද නාගන්නවත්...’
යැයි එක එල්ලයේම අහන්නට හිතුණත්...
දවස්
තුන-හතරක් යද්දී, මගේ ඒ ‘නුහුගුණ ගතිය’ දියවෙන්නට පටන් ගත්තේය.
මානෙල්
නංගිවත්, 1986 පෙබරවාරි 5 වෙනිදා උපත ලැබූ ඇයගේ කුළුඳුල් පුතුවත් බලන්නට යනකොට මම
නැවතත් අපිරිසිදු; ගඳ ගහන ශ්‍රී ලංකේය පුරවැසියෙකු බවට පත් වී උන්නෙමි!
ඒ පුතු; සුරංග දැන් 37 වියැති, දෙදරු පියෙකි. බිරිඳත් දෙදරුවනුත් සමඟ ඉන්නේ
එංගලන්තයේය.
එදා
සුරංග උපන් දවසෙමය, නිමල් දිසානායක මහ ගෙදරින් අභිනිෂ්ක්‍රමණය කර කුලියට ගත් කාමරයකට
ගෙවැදුණේ. ඒ විස්තර නම් මට සිහිපත් කරවන්නේ දිනපොතයි.
තවත්
විදිහකින් කියනවා නම් අසීමිත නිදහසක් භුක්ති විඳීමේ වාසනාව... |
අම්මව එංගලන්තෙට ගෙන්නා ගත්තු මරුමුසු තිරීස් මිසීලගේ ගෙදරින්
ගෙනාව මේසයයි, පුටු හතරයි, ලී අල්මාරියයිත් මට ගන්නයි කියලා සුනිල්ලා කට්ටියම බල
කෙරුවා. මීට පස්සේ අපේ ගෙදර මහ ගෙදරක් නෙවෙයි... නිකංම නිකං ගෙදරක්.’
ඒ
දවස්වලම අපේ සුනිලුත් කුලී ගෙදරකට ගියේ, ලියුමකින් එංගලන්තයට
දන්වා
එවා තිබුණු හැටියටය.
“මීට
පස්සේ ලංකාවට ආවම හරි වැඩේ තමයි මට වෙන්නේ. සුනිල්ලත් කුලී ගෙදරක... ඔයාත් කුලී
කාමරේක... අනිලුයි, මානිලයි විතරයි ගෙදර! මාසෙකට හරි මම කොහෙද ඉන්නේ, රංජි?” අපේ
අම්මා ඇහුවේ තැවෙමිනි.
“ආ ඒක නෙවෙයි... ඔයා කවද ඉඳලද අමද්‍යපේ වැඩට
යන්නෙ?”
“මේ
මාසේ 17 වෙනිදා ඉඳන්...”
“ඒක නෙවෙයි රංජි. මං හිතන් ඉන්නේ සුනිල්ලට
පොඩි ඉඩම් කෑල්ලක් අරං දෙන්න. එතකොට එයාටම ගෙයක් හදා ගන්න බැරිය. ඒ එක්කම ඔයාටත්
ගෙයක් හදමු.”
“මට ගෙවල් ඕනි නෑ අම්මේ. ගාමිණීලගේ කාමරේ හොඳටම ඇති.”
“මම කියන්නේ ලංකාවට ආව වෙලාවක මටත් ඉන්න තැනක් ඕනි නිසයි රංජි. ඔයා ළඟ තියෙන
සල්ලිවලින් පොඩි ඉඩම් කෑල්ලක් ගන්න බලන්න, මම ආපහු යන්න කලින්. මම වියදං කරන්නං ගේ
හදන්න...”
ඉතිං මා ඉඩම් හෙවූ හැටිත්- හම්බ වුණු හැටිත් ‘රේස්වලින් රේස් එකට පිම්මක් -3’ කොටසෙදී මෙලෙස කීවෙමි.
‘... ඒ තිදෙනාම දවසක් හිමිදිරියේ මා හොයාගෙන ආවේ සුබ පණිවිඩයක් අරන්ය.
“නිමල්, ඔයා ඉඩමක් හොයනවා කියලා ආරංචි වුණා. අනේ, කොහොම හරි අපේ ඉඩමට අල්ලපු කෑල්ල ගන්නකෝ. වනිගෙලගේ පුංචි අම්මගේ. (අනේ පාලි තව චුට්ටක් - පෝස්ටුවේදී පිහි ඇනුම් කා මියගිය තරුණයන් දෙදෙනාගේ පුංචි අම්මාය, මේ.) ඉඩම වටිනවා. අපි කතා වුණේ ඔයා වගේ එක්කෙනෙක් අපේ අසල්වැසියෙක් වෙනවා නං, ඒක කොච්චර එකක්ද කියලා!"
මා වෙනුවෙන් වැඩියෙන්ම වෙහෙසුණේ ඔවුන්ය. මම ඉඩම ගත්තෙමි.’ හැබැයි ඒ ඉඩමේ මගේ නිවස හදන්නට කලින්ම RPR වස බීලා- බෙල්ලේ වැල ලාගෙන දිවි නසාගත් විත්තියත් ඒ post එකේම ලිව්වෙමි.
නමුදු
RPRගෙ උදව්ව නිසා, අවුරුදු 32 ලබන්නට ඉස්සරම මං වහන්සේ පර්චස් නවයහමාරක් වන ඉඩම්
කැබැල්ලක හිමිකරුවෙක් වුණේය!
එකම එක දොරක් විතරක් ඇති, එක ජනේලයක්වත් නැති කාමරයක තනිව
සිටින්නෙකු
බවට පත් වුණේය!!
තවත් විදිහකින් කියනවා නම් අසීමිත නිදහසක් භුක්ති විඳීමේ වාසනාව ලද්දෙක් වුණේය!!!෴0෴