“අම්මෝ... අම්මෝ... උඹත් එක්ක කතා කරන්න මම ඉගෙන ගෙන මදි ෆ්‍රෙන්ඩ්. ඒත් ඔයා එක්ක කතා කරනකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ. අහගෙන ඉන්න ආසයි.”
“ඒකට කමක් නෑ කොල්ලෝ. එක බස් එකක් ගියානේ. ඊළඟ bus එක ආවාම මම යන්නං... ආයේ වැඩට
එනකල් බන්ටි එක්ක රණ්ඩු නොවී ඉවසිල්ලෙන් ඉන්න.”
![]() |
මගේ රහස්‍ය විශ්වයේ සාමාජිකයන් වැඩි දෙනෙකුව නං ඈතින්ම
තියා ගන්නයි- මං පුරුදු වෙලා... |
බස් එක එනකල්ම එයා මගේ අත අතහැරියෙ නෑ. මං බස් එකට ගොඩවෙනකොටම ප්‍රසාදුත් ඒකට නැංගා.
“...
මාත් එනවා. ඔයාලගේ ගෙදර තියෙන තැන බලාගන්න.”
ප්‍රසාද්ගේ වැඩෙන් චුට්ටක්
විතර පුදුම වුණත් මං පුරුදු විදිහටම ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුවට නැංගා. ප්‍රසාදුත්
පස්සෙන් ආවා. එදා උඩ තට්ටුවේ උන්නේ පැසේන්ජර්ස්ලා තුන් හතර දෙනෙක් විතරයි.
“ඔයාට පිස්සුද ප්‍රසාද්? මේ රෑ මට ඔයාව ගෙදරට එක්ක යන්න පුළුවනිද- හිටි ගමන්?” වාඩි
වෙච්ච ගමන්ම මං එච්චර වෙලාවක් හිතේ හිර කරගෙන උන්නු ප්‍රශ්නය එයාගෙන් ඇහුවා.
ප්‍රසාද් කට පුරවලා හිනාවක්
දැම්මා.
“කව්ද කිව්වේ මාව උඹලගෙ ගෙදරට එක්කගෙන යන්න කියලා... මෙහෙ මිනිස්සුන්ගෙ විදිහ මමත්
දැන් ටිකක් දන්නවා... අඳුනන ගෙදරකට වුණත් යනව නං කලින් කියලා ඉන්න ඕනිනේ... බය
වෙන්න එපා. මම ඔයාලගේ ගෙදරට එන්නෑ. ගේ ළඟට විතරයි එන්නේ.”
එතකොටයි මගේ චකිතය නැති
වුණේ; සතුටක් ඇති වුණේ.
ඇත්තම කියනවා නං මගේ හිතෙත් පොඩි ඇදයක් තියෙනවනෙ...
මම අලුතෙන් හිත-මිත්‍රකම් වගා-දිගා
කර ගන්නවා තමයි. ඒත් එක සැරේම එයාලව ඕනාවට වඩා කිට්ටු කර ගන්නෑ. විශේෂයෙන්ම එයාලා
මගේ රහසිගත විශ්වයේ සාමාජිකයන්
වෙන්නට යම්කිසි හෝ ඉඩකඩක් තියෙනකොට. ටික දවසක් ගිහිං, එයාලා ගැන හරියටම දැනගත්තට
පස්සෙයි, ගෙදරට එක්ක යන්නෙ; අපේ පවුලේ අයට හඳුන්වල දෙන්නෙ. (මගේ රහස්‍ය විශ්වයේ සාමාජිකයන්
වැඩි දෙනෙකුව නං ඈතින්ම තියා ගන්නයි- මං පුරුදු වෙලා උන්නේ.)
මගේ තේරීම් හුඟ වෙලාවට
නිවැරදි සිලෙක්ෂන්ස් වුණා.
එහෙම ගෙදර අයට අඳුන්නලා
දුන්නු සමහර දෙනෙක් මටත් වැඩිය අපේ පවුලේ සාමාජිකයන් එක්ක එකතුයි. ළඟම උදාහරණෙ
blogs නිසාම හිතවත් වුණු නමී. දැන් අපේ මිණිපිරී හිමන්‍යාගේ හොඳම යාළුවෙක් තමයි
නමී මාමා. නෙවිලුයි නමීයි දෙන්නම කොච්චරවත් නළියන පොඩි කෙල්ලත් එක්ක හරි-හරියට
සෙල්ලමට වැටෙන හින්ද අපි එහෙ යනකල් හිමන්‍යා ඉන්නේ මඟ බලාගෙන.
![]() |
මම නං වැඩියම යන්නෙ dance කරන ගමන් ඇඳුම් ගලවන කෙල්ලන්ව
බලන්න... ඒත් උන් ඒකවත් හරියටම කරන්නේ නෑනේ... අපිව අවුස්සනවා විතරයි! |
“මං ගෙදරට එන්නේ නැත්තං ඔයා වැඩිය කැමතියි නේද?” ප්‍රසාද් ඇහුවා.
“අපේ Dadaa පරණ තාලේ සුද්දෙක් ප්‍රසාද්. ඇත්තම කියනවා නං එයා ඒෂියන් අයටයි- කළු
අයටයි වැඩිය කැමති නෑ. අනෙක් අතට ඔයාට හවුන්ස්ලෝ එන්න bus pass එකක් තියෙනවත්
නෙවෙයිනේ... අපරාදෙනෙ සල්ලි වියදම් කර ගන්නේ.”
‘”එච්චර ලෝබ වෙන්න එපා ෆ්‍රෙන්ඩ්!
සල්ලි වැඩි නිසා නෙවෙයි... ඒත් වියදම් කරන්න හිතුණම කරන්න ඕනි.”
“අපොයි ඔව්! කොල්ලා වියදම් කරන්න ලෝබ නැති හැටි මටත් ආරංචියි!”
ප්‍රසාද්ගේ මූණ වෙනස් වුණා. “කවුද කිව්වේ? බල්නූර්ද...”
“කිව්වේ කවුරු වුණත් මොකෝ- කියල තියෙන්නේ ඇත්තක් නං...”
“ඇත්තමයි නිමල්. ඒක බොරුවක්
නෙවෙයි. සුමානෙකට දෙකකට සැරයක් මම එහාට යනව තමයි. මගේ room matesල දෙන්නත් එක්ක.
ඒත් මට උන්ට වගෙ සල්ලි නැති නිසා බොහොම පරිස්සමින් තමයි මම සල්ලි වියදම් කරන්නේ.
එක බියර් එකයි බොන්නේ. මම නං වැඩියම යන්නෙ dance කරන ගමන් ඇඳුම් ගලවන කෙල්ලන්ව
බලන්න... ඒත් උන් ඒකවත් හරියටම කරන්නේ නෑනේ... අපිව අවුස්සනවා විතරයි!”
එහෙම කියපු ප්‍රසාද් එක
පාරටම මගේ අත අරගෙන එයාගේ කලිසමේ ගොල්ෆිය හරියට උඩින් තියා ගත්තා. හරියටම කියනවා
නං තියා ගත්තා නෙවෙයි- තියාගෙන තෙරපුවා. එතකොට මගේ අතට අහු වුණේ යකඩ පොට්ටනියක්!
“මේ බලපං... ඒවා මතක් කරද්දීත් මාව ඇවිස්සිල තියෙන හැටි!” කියලයි ප්‍රසාද් කෙඳිරි
ගෑවේ... එහෙම කොඳුරමින්ම ප්‍රසාද් එයාගේ අත මගේ අතේ ඇඟිලි අතරින් යැව්වා.
එහෙම කරලා එයාගේ අතට බලය දුන්නා- එයාට කැමති විදිහට මගේ අත මෙහෙයවන්න... ප්‍රසාද්ගේ
ඇඳුම් තියෙද්දීම මගේ අතට දැනුණා ගිනියම් වෙලා ගැහෙන යකඩ දණ්ඩක පහස...
ඊට පස්සේ එයාගේ ගොරෝසු අත
පැත්තකට නොගෙන; එහෙමම තියාගෙන- මගේ අත උඩින්ම තියාගෙන ප්‍රසාද් එයාගේ අතට බලය යෙදුවා. ඒ බලයත්
එක්ක මට ලේසි වුණා අර ගිනියම් යකඩ පොට්ටනිය මිරිකිල්ල.
ඒ අතරේ එළඹෙන්නට නියමිත කූටප්‍රාප්තියෙදී ඒ හාදයාගේ ප්‍රහර්ෂාත්මක කෙඳිරිල්ලෙ
සද්දේ වැඩි වෙයි කියලයි මං බයේ උන්නේ. (සමහර දෙනෙකුට එහෙම වෙලාවට කෑ ගැස්සෙනවනෙ!)
![]() |
‘එහෙම කියනවා නං අවුරුදු දහසයකට කලින් ඉවර කරපු යුද්දයක් ගැන තාමත් දිගින් දිගටම පම්පෝරි ගහන එකත් අසාධාරණයි නේද?’ |
“උඹ මගෙත් එක්ක තරහ නෑ නේද?”
මොහොතකින්ම ප්‍රසාද් ඇහුවේ කෙඳිරිලි හඬින්. ඒත් එක්කම මගේ උකුල උඩින් අත තියල
මිරිකමින්. එයාගේ අතටත් දැනෙන්න ඇති මං උණුසුම් වෙලා ඉන්න විත්තිය.
“May I...”
“Not now...”
‘”එහෙනං පස්සේ දවසක... more freely. නිදහසේ...” ප්‍රසාද් කිව්වමයි මට තේරුම් ගියේ පරෙස්සමින් වචන
පාවිච්චි නොකිරීමේ වැරැද්ද ගැන.
ඔහොම වෙලාවට කට බොරු කිව්වත්
දිව බොරු කියන්නේ නැහැල්ලුනෙ.
මේ ළඟදි දවසක නාමල් රාජපක්ෂ මහත්තයටත් ඔය ඇබැද්දියම වෙලා තිබ්බේ. මල්වතු පාර්ශ්වයේ
අනුනායක ස්වාමීන්වහන්සේව හමුවෙන්න ගිය වෙලාවේ. ‘අවුරුදු පහළොවකට විස්සකට කලින් සිදුවීම් ගැන දැන්
ක්‍රියාත්මක වෙනවා. හරි අසාධාරණයි.’ කියලා උන්නැහේ ප්‍රකාශ කළාලු.
කවුද බ්රේක් නැති හාදයෙකු ඒ
ගැන අදහසකුත් ලියල තිබ්බා. –‘එහෙම කියනවා නං අවුරුදු දහසයකට කලින් ඉවර කරපු
යුද්දයක් ගැන තාමත් දිගින් දිගටම පම්පෝරි ගහන එකත් අසාධාරණයි නේද’ කියලා.
ඉතිං, එදා මගේ කටිනුත් වචන
එළියට පනින්න ඇත්තේ හිතේ තිබ්බ අදහස පෙන්වමින්.
‘Not now; දැන් නෙවෙයි’ කියල කියපු ගමන්ම ප්‍රසාද්ට තේරෙන්න ඇති වෙච්ච දේවල්වලට
මගේ කිසි අකැමැත්තක් නැති විත්තිය!
ඒකයි ප්‍රසාද් ‘Later on... leisurely... with freedom’ කියල යෝජනා කළේ.
හවුන්ස්ලෝවලදී බස් එකෙන් බැහැලා
අපේ ගෙවල් පැත්තට ඇවිදගෙන යන අතරෙත් ප්‍රසාද් මගේ අතක් පිරිමදිමින් ගියේ. එක එක
දේවල් කියමින්... එයාට කොච්චර සහනයක් අත් වුණාද කියන එකයි විශේෂයෙන් කිව්වේ.
“ඔව් නිමල්. අර විදිහේ කෙල්ලෝ හෙළුවෙන් නටනවා live බලං ඉඳලා හොඳටම ෆයර් වෙලා
බෝඩිමට ආවාම මගේ උදව්වට තිබ්බේ මගේ අත විතරයි... ඒකත් අනිත් බෝඩිම්කාරයන් දෙන්නට
හොරෙන්. බාත් රූම් එකේදී... උඹට තේරෙනව ඇතිනේ... ඒකෙ කිසි ගතියක් නෑ ෆ්‍රෙන්ඩ්...
කාලෙකට පස්සේ අද උඹ හිංදා... What a great relief...”
“හරි! දැන් ඒක ඉවරයිනෙ...”
පාර අයිනේ නැවතුණු මම කිව්වා. “අර තියෙන්නේ අපේ ගෙදර... දැන් ඔයාට ආපහු යන්නයි
වෙන්නේ.”
![]() |
අපොයි ඔව්! මගේ වැඩේම මට ඕනි දේවල් කරන එකනෙ... |
“මං එහෙම තමයි. නපුරු වෙන්න ඕනි වෙලාවට එහෙම වෙනවා...”
“එතකොට නංගිගේ wedding එකෙන් පස්සේ කවදද ඔයා ආපහු වැඩට එන්නේ?”
“පුළුවන් තරම් ඉක්මනට.”
“ඔයා වැඩට එනකල් මං බලං ඉන්නවා නිමල්.”
ප්‍රසාද් ආපහු ගියේ වෙන කරන්න දෙයක් නැතිකමට වගෙයි.
එදා රැයෙන් පස්සේ දවස් ටිකේ
ප්‍රසාද් ගැන හිතන්න තරමේ විවේකයක් මට හම්බ වුණේ නෑ.
අපේ අම්මට ඕනි වුණා සමන්ති
නංගිගේ මඟුල් ගෙදරට අලුතින්ම සාරියක් හරි ගස්සා ගන්න. ඉතිං ඒකට හරි යන හැට්ටයකුත්
මහගන්න වෙනවනේ.
“රංජි, ඔයා මොකද හිතන්නේ...
සාරියක්ද හොඳ- ඔසරියක්ද?” අම්මා අහපි!
“මට නං හිතෙන්නේ අම්මට ඔසරියක් වැඩියෙන් හොඳයි කියලයි.”
“කීප් ක්වායට් සන්... I know her way. මෙලහටත් උඹලගෙ අම්ම තීරණේ කරලා ඉවරයි. ඔය බොරුවට
උඹෙන් අහන්නේ.” ඩැඩා හිනා වෙවී කිව්වේ මට වුණත්- අම්මා ඇවිස්සුණා.
“අපොයි ඔව්! මගේ වැඩේම මට
ඕනි දේවල් කරන එකනෙ... ඔයා නං සැසිල්...”
“මම සැසිල් තමයි, ලීලා. එහෙම නං උඹ කියන්නේ උඹ තවම වෙඩින් එකට අඳින ඇඳුම ගැන
ඩිසයිඩ් කරලා නැහැයි කියලද?”
“නෑ තමයි!”
“ඇයි මනුස්සයෝ... උඹ වෝඩ්රොබ් එකේ ගොඩ ගහගෙන තියෙන එව්වයින් එකක් තෝරගන්න එක එච්චර
අමාරු වැඩක්ද?” ඩැඩා ඇහුවෙ පුදුම වෙමින්.
“ඔය කිව්වේ! සැසිල්, මගේ
දුවෙක් එංගලන්තේදී කසාද බඳින්න යන ඉස්සෙල්ලම සැරේ මේ. ඒකට ඇඳපල්ලකෝ පරණ සාරියක්. දකින
මිනිස්සු දෙකොනින්ම හිනා වෙයි. ඔයාට ඕනි නං ඕනෑ පරණ හම්පඩයක් ඇඳගන්න එකයි
තියෙන්නේ. මට නං අලුත් සාරියක් ගන්න ඕනි. රංජි... නිකං ඉන්න එකේ යමුද සවුත්හෝල්වල
ෂොපින්?”
“ලී..ලා... ලීලා. මේක උඹේ වෙඩින් එක නෙවෙයි. උඹේ දුවගේ වෙඩින් එක. මිනිස්සු එන්නේ
උඹව බලන්න නෙවෙයි, සමන්තිවයි බිමල්වයි බලන්න.”
“කවුද සැසිල් නැහැයි කිව්වෙ...
සෑම්ලව බලන්න එන අයට පේන්න මාත් රැජිනක් වගෙ ඉන්න ඕනිනේ...” අම්ම කියාගෙන ගියේ
උජාරුවෙන්. එයා එහෙම කියන අතරේ මං කල්පනා කරමින් හිටියේ Sam රහසෙන්ම මට පවරල තිබ්බ
කොන්තරාත්තුවක් ගැන.
![]() |
එතකොට අම්මා ගන්න යන්නෙ රිදී නූලෙන් වැඩ දාපු රෙද්දක්ද
නැත්තං රත්තරං නූලෙන් වැඩ දාපු... |
“ඔක්කොම ජුවලරි?”
”ඒකනේ ලොකූ. අම්මට තියෙනවා gold ජුවෙලරීසුයි silver ජුවෙලරීසුයි තොගයක්. එයා මොකක්
හරි පන්ෂන් එකකට යද්දී ඒවා සේරම දාගෙන යනවා. වස කැතයි... මොනවාගෙන් හරි එක
ජාතියකින්නෙ ජුවෙලරීස් දාන්න ඕනි, ඇඳුමට match වෙන විදිහට...” සමන්ති මට කියා
තිබ්බේ කල් ඇතිවමය.
“ඔයා හිතන්නේ අම්මා ඔයාගේ
වෙඩින් එකට එනකොටත් එහෙමම කරයි කියලද, සෑම්?”
“ඩෙෆිනීට්ලි... මමයි දීපානියි ගොඩ සැරයක් අම්මට කියලත් තියෙනවා... ඔයා දන්නවනෙ
ලොකා අම්මගේ හැටි- කියනකොට අපිත් එක්ක රණ්ඩු වෙන්න ආවා, මමයි අම්මා... මං ඔව්වා
දන්නවා කියලා.”
එහෙම තැන්වලදී අපේ අම්මා හරිම
අහංකාරය. වයසින් වැඩි උදවියට බාලයන් ගරු කළ යුතු යැයිද, වැඩිහිටියන් බාලයන්ට වඩා
දැනුමැත්තන් යැයිද ඈ සිතුවාය.
“අම්මට South Hall යන්නම ඕනි
නං මමත් එන්නං. ඒත් අම්මේ ෂොපින් යන්න කලින් ගන්න ඕනි මොනවද කියලා තීරණේ කරගෙන
ගියාම ලේසියි නේද?” මං ඇහුවේ ගොඩක්ම නිවිච්ච tone එකකින්.
“මොනවා තීරණේ කරන්නද? ඔයා දන්නෑ රංජි, සවුත්හෝල්වල තියෙන රෙදි කඩේකට ගියාම පිස්සු
වගෙයි. මුළු ඉන්දියාවෙම තියෙන රෙදි ජාති ඒ එකක තියෙනවා. හැම ෂොප් එකේම ඒ විදිහයි...”
“අම්මට මතක නැද්ද අපි
සමන්තිලට ඔසරි
මහල දෙන්න
රෙදි ගත්තෙත් සවුත්හෝල්වල තැනකින්නෙ- අර රෝසපාට මල් මල් තිබ්බේ...”
“මොකද මට මතක නැත්තේ? මතකයි- මතකයි.” දැන් අම්මා ඉන්නේ හොඳ මූඩ් එකකය.
“අම්මත් ඒ වගෙ කෑලි තුනේ
ඔසරියක්ද මහගන්න හදන්නේ?”
“එහෙම කළොත් අඳින්න ගියාම ලේසි වෙයි, නේද රංජි.”
“එහෙනං අපි එහෙම කරමු. ඉන්නකෝ මම list එක ලියා ගන්න.” මං ඉක්මනට කොළයකුයි පෑනකුයි
අතට ගත්තා.
“ඔය පොඩ්ඩේ මොනව ලියා ගන්නද,
රංජි?”
“එහෙම කළාම වෙලාව ඉතුරුයි අම්මේ... එතකොට අම්මා ගන්න යන්නෙ රිදී නූලෙන් වැඩ දාපු
රෙද්දක්ද නැත්තං රත්තරං නූලෙන් වැඩ දාපු...”
“රත්තරං... රත්තරං...”
“ඒ කියන්නේ අම්මා සමන්තිගේ වෙඩින් එක දවසට දාගෙන යන්න හදන්නේ රත්තරං ජුවෙලරීස්!”
![]() |
ඌව වෙල්ලස්ස බින්තැන්නේ නූගත් ගොවි දෙමාපියන්ගේ... |
ඒ වෙලාවේ අම්මාත් එක්ක තර්ක
කරන්නට ගියොත් වැඩේ ‘වකූර්’ වෙනවා සහතිකය.
ඒත් එතැනදී අපේ අම්මා අන්තිම අසාධාරණය. එයා බදු ගෙවීමට කැමති නැත. ඒත් අනුන් ගෙවන
බදුවලින් කෙරෙන රජයේ සුබසාධන සහනයන් වැඩි වෙනවාට කැමැතිය.
තවමත් ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනා හිතන්නේ අපේ අම්මා හිතූ විදිහටමය.
ඌව වෙල්ලස්ස බින්තැන්නේ
නූගත් ගොවි දෙමාපියන්ගේ දියණියක ලෙස ඉපිද- උපායශීලී දැරියක ලෙස හැදුණු වැඩුණු- අටවත්
සමත් නැති නූගත් එකියක වුණු රහුබැද්දේ විදානේලගේ ලීලාවතී එහෙව් පටු චින්තනයකින් යුක්ත
වීම පුදුමයක් නොවෙතත්...
උගත්- ව්‍යාපාරික ඥානයෙන් සමන්විත- සාර්ථක ව්‍යවසායකයනුත් එහෙම මෝඩ කල්පනාවල ගැලී සිටීම...
ඉතිරි හරිය ඊළඟ කොටසින්...