තාප්ප සරසන්නට එකතු වුණු වාසු, AKD වැනි දේශපාලඥයන්ගේ foto සමාජ ජාලයන්ට එකතු වුණේ.... |
මේ රැල්ල ගැන ලියන්නට කතන්දර ගොඩාරියක් තිබෙන බව මම
පසුගිය පෝස්ටුව අවසානයේදී කිව්වෙමි.
ඒවා මගේම වචනවලින් කියනවාට වඩා තව අයගේ වදන්වලිනුත්
ලිව්වාම වැඩියෙන් ලස්සනය. ඒ හින්දාය ‘රුවන් සංජය තිලකරත්න’ගේ වචන ණයට අරගන්නේ!
“....... මේකෙන් රටක්
ලස්සන වෙනව කියන්නෙ තව අවුරුද්දක්වත් මේක මේ විදිහට තියා ගන්න මේ දේපළ භාවිතා කරන
මිනිස්සු වෙනස් කර ගන්න පුළුවන් නම් ඒක තමයි අපි හැමෝගෙම දිනුම...❤❤🙏🙏
මෙතන ඉන්න බොහෝම දෙනෙක්ව පුද්ගලිකව දන්නෙ නෑ.. අපි එන්න කියල ආපු අයත් නෙවෙයි.. අඳුරන්නෙ නෑ...
මගේ ඉස්කෝලෙ ඉගෙන ගත්ත කොල්ලො ටිකකුත් හිටිය.. ඉස්කෝලෙ යන
කාලෙ ඉස්කෝලවලට බෙදිල ගහමරාගත්ත යුගයක මේ තරුණ කොල්ලො එකතුවෙලා රෑ 10-12 වෙනකම් වැඩ කරනව
දැක්කම අනාගතේදිවත් අපේ රට ලස්සන වෙයි කියල පුංචි බලාපොරොත්තුවක් හිතට එනව..
මේ
එකතු උනා වගේ එකතු වෙලා උඹල වෙන වෙනම වැඩ කරන් පලයන් මල්ලි.. එතකොට තමයි රටක්
හදන්න පුලුවන්❤❤🙏🙏...
තවත් අලුත් රැල්ලක් පානදුරෙන්........ |
සමහරු කියන්න පුළුවන්.. මේව එකකට එකක් ගැළපෙන්නෙ නෑ කියල... හැබැයි, ඔබට හිතන්න පුළුවන්ද
ඔබේම ළඟින් ඉන්න මිනිහ, ඔබේම සහෝදරය, යාළුව ඔබ වගේමයි කියල.. බෑ.. හරි වෙනස්...
ඒ වගේ තමයි මෙතනත්.. නොගැළපෙන
දේවල් තියෙනවනම් ගළප ගන්න...
පණිවිඩයක් තියෙනවනම් ඒක ජීවිතේට ගන්න... කලාත්මක බවක්
තියෙනවනම් ඒක විඳගන්න... මොකද, ජීවිතය කියන්නෙ ඒ හැමදේකම එකතුවක්...❤❤🙏🙏
එන්න... අපි හැමෝම අපේ
නගරය වෙනස් කරමු...
අපේ රට වෙනස් කරමු...
❤❤🙏🙏”
❤❤🙏🙏”
අපේ දරුවන්ගේ; තරුණයන්ගේ ඒ එකමුතුව ගජමුතුවලටත් වැඩියෙන්......... |
අපේ දරුවන්ගේ; අපේ තරුණයන්ගේ ඒ එකමුතුකම ගජමුතුවලටත්
වැඩියෙන් බබලයි; දිමුතු මුතු වගේ වටියි.
“එතකොට දරුවෝ ඔයාලගේ කට්ටිය, මෙච්චර ගොඩක් එකතු වුණේ
කොහොමද? සේරමලා එකම ඉස්කොලේකද?” පන්නිපිටියේ එකතුවෙලා ඉන්න කට්ටියගෙන් මං ඇහුවා.
“මචං තමුදිත, උඹනේ ලීඩර්.... මේ අංකල් අහන ඒවාට උත්තර
දීපන්කො ඇවිත්.”
තමුදිත නායකත්වය දුන්නාට කටකාරයෙකු නොවෙයි වගෙය.
නිවිහැනහිල්ලේ- හෙමින් කතා කළ තමුදිතගේ වේගය මදි වගෙය කියලා හිතුණේ මට පමණක් නොවේ;
එයාලටමත්ය. දිල්ශාන් මධුශංඛ, දිනිඳු ලක්ෂාන් ඇතුළු තවත් දෙන්නෙක් තමුදිතගේ අඩුවටත් එක්කම කතා කළෝය.
“අංකල්, මෙතැන ඉස්කෝල තුනක ළමයි ඉන්නවා. කොට්ටාවේ
ධර්මපාලෙයි, කොට්ටාවේ ආනන්දෙයි, ඩී.එස්. සේනානායක කොලේජ් එකෙයි....”
වීදි චිත්‍ර කලාව හරිම පරෙස්සමෙන් අත ගැසිය යුතු කලාවක්- සිතුම් සුධාර .... |
“ඩී.එස්. කිව්වේ බොරැල්ලේ?”
“ඔවු! ඒත් අපි හැමෝම වගේ මේ කිට්ටුව පැතිවල අය. තමුදිත
තමයි මෙහෙම කරමු කියලා වැඩේට මුල පිරුවේ.”
තාප්පය දිගේම රබර් ඇහැ දමාගෙන ගිය වෙලාවේ මට හිතුණේ
මෙයාලට නිසි උපදෙස් ටිකකුත් ලැබිලා තිබුණා නම් කියලාය. ගියවර පෝස්ටුවෙදී මා සඳහන්
කළ සිතුම් සුධාරකත් එවැනි දේවල් කිහිපයක් ගැනම අවධාරණය කර තිබිණි.
“..... වීදි චිත්‍ර කලාව හරි පරෙස්සමින් අත ගහන්න ඕනේ
කලාවක් හැටියටයි මම දකින්නේ. නගරයකදී ජනතාව දකින්න ඕනෙ හොඳ හැඟීම් ජනිත කරවන සිත
නිවන චිත්‍ර.
තද වර්ණ සහිත කඨෝර චිත්‍ර මිනිසුන් ගොරහැඩි කරන්න හේතු වෙන්න
පුළුවන්.
මගේ ඉල්ලීම සෞම්‍ය වර්ණ පාවිච්චි කරලා රටට ගැළපෙන ජාතික හැඟීම උද්දීපනය වන
චිත්‍රවලින් ලංකාව සරසන්න කියන එකයි.
පවතින ක්‍රමය විවේචනය කරමින් ඉරාකයේ මුසල්මානු යුවතියක් වීදි චිත්‍රයක් .... |
..... ලංකාවේ තරුණ අය පාරේ චිත්‍ර අඳිනවා කිව්වොත් ඒක
කොපමණ වටිනවද? ඒ අය මෙතෙක් වෙන දේවලට යොමු වෙලානෙ හිටියෙ, පින්සලක් අතට ගත්තොත්
ආයේ ඒ අතට ආයුධයක් ගැනීම වෙන්නේ නැහැනෙ.....”
ඉරාකයේ පාලන තන්ත්‍රයට විරුද්ධව අදහස් දක්වමින් තාප්පවල චිත්‍ර අඳින යුවතියන් පිළිබඳව පුවතක් අද උදේ කියවීමි. කොතරම් වෙනසක්ද?
“අනේ, අපේ
කාලේ නම් එහෙම නැහැ!” කියලා කියන ගොඩ දෙනෙකු හරියට මැරිලා ඉපදිලා වගෙය. එක්කෝ
එයාලට අතීතය මතක නැත; එහෙමත් නැතිනම් කියන්නේ පට්ට බොරුය.
“අපිට සල්ලි තිබුණෙත් නැහැ අංකල්. කැට දාලා සල්ලි එකතු
කරලා තමයි මුලින්ම වැඩේ පටන් ගත්තේ. ඒකටත් සමහරු බැන්නා. බොරුවට සල්ලි එකතු කරනවයි
කියලා. සමහර අය නම් හිනාවෙලා සල්ලි දාලා ගියා.”
“අපිට සල්ලි තිබුණෙත් නැහැ අංකල්. කැට දාලා සල්ලි එකතු කරලා තමයි මුලින්ම වැඩේ පටන් ගත්තේ. ඒකටත් සමහරු බැන්නා. බොරුවට සල්ලි එකතු කරනවයි කියලා. සමහර අය නම් හිනාවෙලා සල්ලි දාලා ගියා.”
එහෙම බැන්නේ ආන්න අර සිංහ මුහුණ ඇන්දය කියලයි! |
“ඒ වුණාට බැනලා ගිය අයත් දැන් මෙතැන වැඩේ කෙරෙනවා දැක්කම
හොඳ කියනවා ඇතිනේ!”
“දැන් එයාලා දොස් කියන්නේ අඳින ඒවට... එතකොට නම් අංකල්
මේකට අත තිබ්බ මෝඩකම කියලා හිතෙනවා. සමහරු වාහනත් නවත්තලා බැනලා ගියා.... ඒ බැන්නෙ
ආන්න අර සිංහ මුහුණ ඇන්දයි කියලා!”
එක සැරේටම හත්-අට දෙනෙකුම එහෙම කිව්වාම මට හිතුණේ ඒ
තුරුණු හිත් කොතරම් පෑරී ඇතිද කියලාය.
ඒ එක්කම මතක් වුණේ අපේ පළමු නාට්‍යය මෙන්ම,
මහරගම
නගරයේත් පළමු නාට්යයවූ ‘අජාසත්ත’ නාට්‍යයට
ආධාර එකතු කරන්නට ගියාම
ලැබුණු ප්‍රතිචාරයි.
අපටත් අවලාද කියූ අය නොහිටියා නොවේ. එහෙම කියූ අය
එක්කෙනෙකු ගැනවත් මගේ නම් මතකයේ නැතිය.
එවන් කුඩා දිරිගැන්වීමක් වුණත් කොච්චර අනුස්මරණීය මතකයක් ......... |
එහෙත් අදටත්, අවුරුදු පනහකට පස්සෙත්-
නාට්‍යය දවසේ තම්බාගන්නට කොස් ගෙඩි කිහිපයක් දුන්
‘නුගේගොඩ ඇන්ටි’ ගැන, නාට්‍යය වේදිකාගත වෙද්දී
සතුටට පත්වී
අපට ඔරේන්ජ් බාර්ලි බෝතල ගෙනැවිත් දුන්
ඔවුනට නිවන්
සැප ලැබේවා!
එවන් පුංචි දිරිගැන්වීමක් කොයි තරම් වටිනවාද?
අනුස්මරණීයද?
පම්පෝරියක් කියනවා නොවේ.
ඒ මතකයන් කොතරම් මිහිරට මගේ
හදවත පතුලේ තැන්පත්ව තිබුණේද කියන්නට හොඳම සාක්ෂිය නිදිගෙ පංච තන්තරේ ලියන්නට පටන්
ගත් 2018 අප්‍රේල් මාසයේදීම ලියැවුණු
අජාසත්ත’ පෝස්ටුය.
සම්මාදම් එකතු කරන හොරුනුත් නැතිවා නොවේ. එකතු කරන මුදල්
අවභාවිත කරන අයත් නැතිවා නොවේ. එහෙම නම් රට කරවන අය කොච්චරක් කියා සල්ලි කඳු
පිල්ලි ඇරලා තිබෙනවාද? මකර කටට යවලා තියෙනවාද?
අඳින ලද සිතුවම්වලට හානි පැමිණවූ කඩප්පුලියන් ගැනත්........ |
බැනලා විතරක් ඔවුනගේ විරෝධය නතර වේවා! අඳින ලද සිතුවම්
විනාශ කළ අවස්ථා දෙකක් ගැනත් දැනටම දැනගන්නට ඇත.
රැස් වෙහෙරට ගිහින් තියෙනවාද? එහෙමත් නැති නම්
බුදුරුවගලට.
මේ සිද්ධස්ථාන දෙකේම තිබෙන සෙල්මුවා ප්‍රතිමා එතරම් කලාත්මක නැත;
පිරිපුන් නැත. ඒවායේ ආධුනික ලක්ෂණ බහුලය.
“ඒ පුදබිම්වල ප්‍රතිමා නෙළා තිබෙන්නේ
පුහුණුවීමට බවයි පෙනෙන්නේ.”
ඒ අනුමානය සත්‍ය නම්, පුරාතන කාලයේත් ආධුනික ශිල්පීන්
එතරම් කලාත්මක නොවෙන නිමවුම් කරලාය- අත හුරුව ලබාගෙන තියෙන්නේ.
මේ වීදි සිත්තරුන් ප්‍රවීනයන් නොවේ. ඔවුනටත් වරදින්නට ඉඩ
තිබෙයි.
තුරුණු සිත්තරුන්ට නිසි මඟ පෙන්වා, එයාලාව ප්‍රවීනයන් බවට පත් කරගන්නට ඉඩ
ලදොත්.......
එහෙත් ඔවුන්; මේ තුරුණුවන් ප්‍රවීනයන්ගේ අදහස් තුනුරුවන් මෙන් පිළිගනු ඇත්තේ
‘සංවර්ධනාත්මක විවේචනයක්’ සද් චේතනාවෙන් යුතුව කෙරෙන විටකදීය.
නිකම්ම බැන වදිනකොට නම් නොවේ.
තාප්ප සරසන රැල්ල 2016දී අනුර කුමාර දිසානායකලා පටන්ගත් බවය Oshala Herath මුහුණු පොතේදී කියන්නේ! |
නූතන තරුණයන්ගේ මේ පිබිදීමට හේතුව කුමක්ද?
ඒ පිටුපස
හැංගී තිබෙන්නේ කුමනාකාර දේවල්ද?
මේවා සංවිධානය කරන්නේ; මේවාට නායකත්වය සපයන්නේ
කවුරුන්ද?
“ඕක මේ ගෝඨගේ කට්ටියකගේ වැඩක්නේ....” සමහරු කීහ.
තවත්
සමහරුන් හිතුවේ සජිත්ලගේ වැඩක් කියලාය.
Oshala Herath කියන්නේ මේ රැල්ල 2016දී
පටන් ගත්තු බවය.
තවත් අය තවත් අදහස් දරනවාට කිසිම සැකයක් නැත. මගේ අදහස නම් මේ
රැල්ල පිටුපස්සේ එවන් සංවිධානාත්මක ‘අදිසි මෙහෙයුම් කණ්ඩායමක්’ නොමැති බවයි.
එහෙත් එහි බලපෑමෙන් මිදෙන්නට; ඊට පිටුපා යන්නට අපේ
ඇටුවන් බැසගත් දේශපාලඥයන්ට පවා නොහැකිවී තිබේ.
තාප්ප සැරසිල්ලට දායකවුණු වාසු,
AKDගේ පින්තූර සමාජ මාධ්‍යවලට එකතු වුණේ එබැවිනි.
මොකා අනුන්ගේ ළමුන්ට උප්පැන්න ලියාගන්නට ආවත්, එහි
credit එකෙන් සෑහෙන පංගුවක් මුහුණු පොතට; FB එකට හිමිවනු ඇත.
මට හැඟෙන හැටියට නම් සිදුවුණේ ‘පුදුමාකාර; ක්ෂණික
අනුකාරක රැල්ලක්’ ගහන්නට පටන් ගැනීමයි.
අපේ තරුණ පරම්පරාවට ඔවුන්ගේ දස්කම් පෙන්වන්නට, කැපී
පෙනෙන්නට තිබෙන්නේ ඉතා සීමිත අවකාශයකි.
රියලිටි Shows හැරුණු විට ඔවුනට ලොකු ඉඩක්
පෑදුණු අවස්ථාවකි මේ!
කවුරුන් බැන්නත් ඇත්ත ඒකය!!
රැස් වෙහෙර, බුදුරුවගල වැනි තැන්වල තිබෙන්නේ ආධුනික ශිල්පීන් පුහුණුවීමෙදී නිමැවූ පිළිම බව........ |
“එහෙම බැනලා යන අතරේ, ඉඳහිට හරි කෙනෙක් හිනාවෙලා වචනයක්
කියලා යනකොටත් මාර ගටක් එනවා අංකල්!”
ආයෙමත් නිදිගෙ චිත්තයා වද දෙන්නට පටන් ගත්තේ
පන්නිපිටියේදී ඒක ඇහුණාමය.
“..... මෙහෙම දේවල් ටිකක් ඒ ළමයින්ගෙන් කියවුණාම මට
හිතුණා වෙලාවක එයාලට කෑම ටිකක් හරි, තේ ටිකක් හරි ගෙනිහින් දෙන්න. එයාලට
ධෛර්යයක්නේ.... මිනිස්සුන්ගේ කතා හින්දා සමහරු මෙන්ටලි වැටිලයි ඉන්නේ.” මම
හිතවතුන් හතර දෙනෙකුට කිව්වෙමි.
හතරෙන් තුනකගේ ප්‍රතිචාර positive ඒවාය;
එකක් negative
ය. “ඇත්තටම තමුසෙට කරන්න වැඩ නැද්ද හලෝ?” එයා එහෙම කියලා නතර වුණේත් නැත.
“තමුසෙට කහනවා නං පාර සුද්ද කරනවකෝ!” සමහරුන් එහෙමය.
තව
සමහරුන් ඊටත් අන්තය!!
තාප්පවල චිත්‍ර අඳින තරුණ පෙළට උදව් කරන්නට රිසි බව කියා..... |
“ඔය ගොඩක් අය බොරුවට කියන්නේ අංකල්.... සමහරු නම් කියනවා
වෙන කට්ටියකට සල්ලි දුන්නයි කියලත්. අපට නම් දෙරණින් හම්බ වුණු උදව්ව විතරයි.....”
‘මේ හාදයන්ට පුංචියට හරි උදව්වක් කරන්නට ඕනේ’ යයි මගේ
හිත කියන්නට විණි.
වැඩේට සම්මාදම් වෙන කට්ටියගේ උපරිමය 30ක් විතර වෙන බවත්
කතා කරද්දී කියැවිලා තිබිණි. ඒ පිරිසෙන් එකම කෙනෙකුගේ මෝබයිල් ෆෝන් අංකයත්,
දෙන්නෙකුගේ fb ලින්කුත් පමණි මා ඉල්ලාගෙන තිබුණේ.
මම ඒ දුරකථන අංකයට ඇමතුවෙමි. “දරුවෝ මම අහවලා.... මම
කැමතියි ඔයාලා අඳින වෙලාවක කට්ටියට පොඩි ට්‍රීට් එකක් ගෙනත් දෙන්න.....
තේ බනිස්
ටිකක්... මගේ යාළුවො දෙතුන් දෙනෙකුත් එක්ක හෙට රෑ අටෙන් පස්සේ අපි එනවා. ඔයාලා හෙට
ඉන්නවද?”
හාදයා ‘ඔව්’ කිව්වේය.
දියවිනි ඇල්ල පාමුල පන්සලේ දහම් පාසලට උදව් කරන්නට............ |
‘බක්කරේගේ pork දානයේදී’ ඔබට හමුවුණු දයානන්ද
මුදලාලි සහන මිලකට කිඹුලා බනිස් 60ක් හදවලා දුන්නේය.
ඉතින් කිරි තේත් සූදානම් කරගෙන
නෙවිලුත්, ගවීනුත්, පාලිත ලියනාරච්චිත්, මාත් පිටත් වුණෙමු.
කෙරෙන්නට යන සත්කාර්යය
ගැන ඇහුව ගමන්ම පාලිත සූදානම් වුණේ ‘වියදමෙන් කොටහකට’ කරගහන්නටය.
“තැන්ක්ස් පාලිත. මුලින්ම ඔයාලා එන්න.... ඊළඟට හිතෙනවා
නම් එයාලට support එකක් දෙන්න. ඒකටම තමයි ඔයාලව මේ එක්ක යන්නේ.
අපරාදේ, මර්වින් මේ
දවස්වල ලංකාවේ නැත්තේ.
හිටියා නං අද මනුස්සයාවත් මේකට එක්ක එනවා.”
යෝජනාව
කළේ මා නොවේ. තිරයෙන් පිටිපස්සේ හිටි මගෙන් කෙරුණේ එක කොටසක් විතරය!
කවුද හලෝ රෑ වෙලාවක වැඩ කරන අයට පැණි රහ දේවල් ගෙනියන්නේ? තමුසෙට මඤ්ඤංද ......... |
“කවුද හලෝ රෑ වෙලාවක වැඩ කරන අයට පැණි රහ දේවල්
ගෙනියන්නේ? තමුසෙට මඤ්ඤංද? ඕන්න මචං අතිපණ්ඩිත බ්ලොග්කාරයාගේ මොළේ. මාළුපාන් ටිකක් නේද හදවන්න තිබ්බේ.”
පන්නිපිටියට යන අතරේම නෙවිල් වදේ ගහන්නට පටන් ගත්තේය.
“තමුසේ එයාලට කිව්වද අද එනවය කියලා. උදේ මම එතනින් එද්දී නම් කවුරුවත් හිටියේ
නැහැ.”
“හිතුවද මං අමුම තකතිරුවෙක් කියලා... හවස හතරට විතරත් ....... ට කතා කරලා කිව්වා....”
“ඒක මිසක්... නැතිනම් අපි හතරදෙනා කිඹුලෝ හැටක් කන්න
කියලය....”
“ඇයි මචං... කිරි තේ ටික....”
එදා ඉඳලාම මට වෙන්නේ අකරතැබ්බයන්ය... පුවක් ගහකට ගියත්....... |
එදා ඉඳලාම මට වෙන්නේ අකරතැබ්බයන්මය.
පුවක් ගහකට නඟින්නට
ගියත් එහි දෙබලක් තියෙයි.
ඒකෙ ලොකුම වාසිය මගේ බ්ලොගය කියවන හිතාදර පාඨකයන්ටය. ප්‍රබන්ධයකට
වඩා විසිතුරු කතන්දර ගොඩක්; සහතික ඇත්ත කතන්දර ගොඩක් මට ලියන්නට ලැබෙන්නේ ඒ
හින්දාය.
කොටස් දෙකකින් නිමා කරන්නට හිටි මේ පෝස්ටුව තව චුට්ටක්
ඇදෙන්නේ ඒ නොසිතූ අහම්බකාරක හේතුවෙනි.
“කෝ තමුසෙගෙ මහ ලොකු චිත්‍ර ශිල්පියෝ..... මං කිව්වේ....
බලපන් මචං එක ඔළුවේ අමාරුකාරයෙක් හින්දා අපි තුන්දෙනාටත් වැඩ ඇරිලා ගෙදර යන්නෙත්
නැතිව කන්න වෙච්ච පරිප්පුව!”
නෙවිල්ය, ඉස්සෙල්ලාම හොරණෑව පිඹින්නට පටන් ගත්තේ.
එදා රාත්‍රී අටහමාර වෙද්දී පන්නිපිටිය විද්‍යාලංකාර
පිරිවෙනේ තාප්පය ළඟ කට්ට කළුවරය.
එතැන සිතුවම් අඳින එක්කෙනෙක්වත් හිටියේ නැත;
සිත්තම් ඇඳීම ඉවර වෙලා තිබුණේත් නැත.
මේ හාදයන්ට මොකද වුණේ? කොහේ ගියාද? |
මේ හාදයන්ට මොකද වුණේ?
“තමුසේ හවසත් කෝල් එකක් දුන්නයි කියලා නේද කිව්වේ. ආයෙත්
කතා කරලා බලනවකො, දැන්....”
නෙවිල් එන්නෙම කොක්කටය.
ගවීන්- පාලිත දෙන්නටත් හිනා
වෙනවා ඇරෙන්නට වෙන වැඩක් නැති හැටි! බලද්දී ටෙලිෆෝන් අංකය ලියූ පොත මේසය උඩම
තියෙද්දිය, මං ඇවිත් තියෙන්නේ.
“ගෙදරට ගියාමයි කෝල් එකක් දෙන්න වෙන්නේ...”
“ඉතින් බලපන් මචං, මම කියන්නේ බොරුද කියලා....
දිසානායකගේ මෝඩකම් ලැයිස්තුවට ඔන්න තවත් එකක් .... ගනිං මචං මුගෙ යාළු දොස්තරයට
කෝල් එකක්. ඌටත් මේ ගොන්කම කියනකල් මට ඉවසිල්ලක් නැහැ.....”
“තමුසේ ඒ මනුස්සයට කියලා ඕනේ මඟුලක් කරගන්නවා. දැන්
හරවගන්නවකෝ කාර් එක....”
අතිශයින්ම නිර්මාණාත්මක වීදි චිත්‍රයක් ..... හිතා බලා .... |
“ඔහොම කේන්ති අරන් කොහොමද? මොකද නිමල් අයියේ කරන්නේ....
කිඹුලෝ හැටක්....”
පිටතට නොපෙන්නුවාට මගේ ඔළුකටුව ඇතුළේ ඒ වෙද්දීත් plan
එකක් හැඩ ගැහෙමින් තිබුණේය!
වඩාත් හොඳින් හිතා බලන්නට ඕනේ යමක් වැරදී ගියාමය.
එතකොට යකා නටලා හරියන්නේ නැත!!........