කොරෝනාවෙන් ආතුරවී ඉන්නා Earth සගයා
වට කරගෙන...... |
ඇත්තම කියන්නට වෙයි. මට දැනුණු විදිහට නම් අප කවුරුනුත් අර ආරාධිතයන්ගේ නිවහනට ගියේ ‘ඉතියෝපියානුවන්’ වගෙය. යනකොටත්.....
‘ඉතියෝපියානුවන් වගේ’ යෙදුම අදට නොගැලපෙයි!
(DGM බස්සා මහත්තයා ඒ වෙනස දැක තිබුණු කෙනෙකු නිසා ඒ බව, උන්නැහෙගෙ කමෙන්ටුවකත්
ලියා තිබ්බේය.)
හැමදාමත් සාගත, දුර්භික්ෂ, ලෙඩ-දුක් තිබ්බ රටක් හැටියටය,
ඉතියෝපියාව ඒ කාලේ නම් තිබුණේ. දැන් එහෙම නැත.
මෙහෙම ගියෝතින් නම් ඉක්මනින්ම ඒ
තත්ත්වයට වැටෙන්නට ඉඩ තියෙන දිවයිනක් ගැන මගේ හිත සලිත වෙයි. අනේ සීවරං දෙයි
හාමුදුරුවනේ, රටකට යන කල.......
ඒ දිවයින එහෙම විනම්බෑසියකට මුහුණ පාලා
හිටිද්දී, පොළොව මහී කාන්තාවත් ඉන්නේ ලොකුම විනාශයක මුව විටේය. (අපට නම් මිහිතල
මාතාව ‘ස්ත්‍රී ලිංගික’ය. ඉංගිරිසියට එහෙම නැතිවා වෙන්නැතිය.) කොරෝනාවෙන් ආතුරවී
ඉන්නා Earth සගයා වට කරගෙන
‘Get well soon buddy!’ කියමින් ග්‍රහ ලෝක මිතුරන් සුබ පතන්නේ ඒ හින්දා විය යුතුය.
ඉතිං, සාගතකාරයන් වගේ බඩ පොත්ත පිටට ඇළී
තියෙද්දී- අප එහාට යනකොටත් මංගල-අනූපමා ජෝඩුව ගිනිරාමෙට කුස්සියේ වැඩ පටන් අරගෙනය!
ඒ පුංචි කැදැල්ලේ ඒ තරමට ඉඩකඩක් තිබුණේ නැත. |
“තවම අපිට උයලා ඉවර කරගන්න බැරි වුණා මචං.... පැය බාගයක් දියං, නලින්.... කමක්
නැහැනෙ...”
“අයියෝ, ඕක මොකක්ද මචං? උඹලට උදව්වට අපෙනුත්
එක්ස්පීරියන්ස් කෝකියෙක් එවන්න තිබුණා.... කොහෙද... මිනිහගෙනෙ මචං අත පැන්නේ අද
උදේ....”
“නෑ.... නෑ... දන්නවනේ මේවයෙ එච්චර ලොකු space
එකක් තියෙන කිචන් නැහැනෙ නලින්.... අනූටයි මටයි දෙන්නට manage කර ගන්න පුළුවනි... කට්ටිය
chat එකක් දාගෙන ඉඳිල්ලකො, එහෙනං...” කියාගෙනය මංගලලා ඇතුළට ගියේ!
“අපි මෙලහටත් ආතල් එකේ එක්ගල් ඔය වැව්
ඉස්මත්තෙ බංගලාවේ සොමියේ ඉන්නවනෙ නිමල් අයිය පිම්ම වරද්දා ගත්තේ නැත්තං....”
නෙවිල් කිව්වේ එහෙම ඉස්පාසු ලැබුණු පළමුවෙනි අවස්ථාවේමය. “... එක්කෝ පැනපු එකේ
ඇල්ලෙන් පල්ලටම වැටෙන්නයි තිබුණේ.... අපිට නියම ෂොට්ස් ටිකක් ගන්න... කරුමෙට ඒකත්
miss වුණානෙ.”
“ඒක නෙවෙයි, නලින්. මොකද ඔයා නිමල් අයියගෙ
අත දැම්මේ නැත්තේ?” සභාවෙන් ප්‍රශ්නයකි.
‘නියම
චාන්ස් එකක් අතහැර නොදැමීම’
නියම කාටූනයකි! |
“නිමල් අයියේ, අත පනින ක්‍රම තුනක් තියෙනවයි
කියලා මම කීවනේ. පැනපු අතක් ආපහු දාන්න කලින් හරියටම දැනගන්න ඕනි කොහොමද අත පැනලා
තියෙන්නේ කියලා. සමහර වෙලාවට x ray කරලා හරි scan කරලා හරි තමයි හරියටම බලාගෙන
treatments පටන් ගන්නෙත්.... ඉස්සර ඉතිං දැන් වගෙ පහසුකම් තිබුණේ නැහැනෙ....”
නලින් කිව්වේය.
“සමහර වෙලාවට එදා මම ඔයාගේ අත දාන්න හැදුවේ වැරදි පැත්තට වෙන්න
ඇති.... මමත් කිසිම experience එකක් තිබුණ කෙනෙක් නෙවෙයිනේ...”
“අපරාදේ නලින්... මේකා කෑ ගහද්දී හරි, ඔයාට
වැරදි පැත්තට මුගෙ අත දාන්නයි තිබ්බේ.... එහෙනං ලංකාවට මුරලිදරන්ලා දෙන්නයි ....”
තවමත් ඉඳහිට කෙරෙන සඳහනක් සාන්ත (කිංස්ලි හේවාගමගේ) මගේ ‘වත් පොත’ට comment එකක්
එවමින් යළිත් මතක් කොට තිබුණේය.
ඇත්තය! ඒ ගමන ගැන කියවෙන වතාවක් පාසා අපේ
කට්ටිය නලින්ට දොස් පවරති. ඒ ‘නියම චාන්ස් එකක් අතහැර දැමීම’ සම්බන්ධයෙනි.
“නලින්ට තිබ්බේ මුගෙ අත වැරදි පැත්තට දාන්නමයි. එතකොට මේකගෙ කට විතරක් නෙවෙයි xකත්
වහගෙනයි ඉන්න වෙන්නේ.... හෝදගන්න බැරි හින්දා...” ඔවුහු කියති.
වෙලාව ගතවුණේ මන්දගාමී කෝච්චියක්
ඇද්දෙනවාටත් වැඩිය හෙමින්ය. |
ඒ අස්සේය, කුස්සිය පැත්තෙන් ලොකු සද්දයක් ඇහුණේ!
‘දඩාස්!’
ගෙදර අයිතිකාරයා මංගල, නලින්ගේ බැචෙකි. අපේ
කවුරුන්වත් කලින් හඳුනන කෙනෙක් නොවේ. එයාලා ගැන අහනවා නං අහගන්නට වෙන්නේ
නලින්ගෙන්ය. එයිටත් කලින් තවත් ‘දඩාස්’ සද්දයක්.... හැබැයි පළමු එකට වඩා තීව්රතාව
අඩුය.
“ඒ මොකක්ද චූටයියේ....” (චිත්තම්මාගේ සොයුරු-සොයුරියන්ගේ දූ-පුතුන් සේරමලා ‘චූටයියා’ කියන්නේ නලින්ටය. නලින්ගේ අයියා; ප්‍රියන්ත එයාලාට ‘මනාමා’ය.)
“මොනවා හරි කපනවා වගේ....”
“ඔච්චර සද්දෙට....”
එක්කෙනෙකුට ගණ දෙයියෝ නුවණ දුන්නේ
එතකොටය....!
“හරි, හරි... දැනුයි කුකුල් මස් කපන්නේ!”
“එතකොට ඔච්චර සද්දෙ?”
තවත් දැනමුත්තෙකු දිවැස් හෙළුවේ එතකොටය....
“හවස ගේන්ඩ ඇත්තේ... ඩිෆ්රෝස් වෙලා නැතිව
ඇති... අයිස් පිටින් කුකුළො කපන එක ලේසි සෙල්ලමක් නෙවෙයි බං.... නලියෝ, නෙවිලයවත්
යවමුද උදව්වට...”
රතු-කළු-සුදු බ්‍රොයිලර්ලා, ගමේ අය.... දඩාස්-දඩාස්
සද්දයත් ටික වෙලාවක් යන තුරුම ආවේය.... |
එතැන හිට වයිවාරන්න කුකුළන් සභාවට ආවේ රංචු
පිටිනි. රතු-කළු-සුදු බ්‍රොයිලර්ලා, ගමේ අය.... දඩාස්-දඩාස් සද්දයත් ටික වෙලාවක්
යන තුරුම ආවේය. ඒ සද්දය ඇහෙන වාර ගණන වැඩිවීම, අපේ නඩේ උදවියට ‘කර්ණ රසාංජනය’ක්ම
වුණු බවත් අමතක කරන්නට බැරි කාරණයකි!
‘මචං, තඩි කුකුළ් මස් හොද්දක් උයන පාටයි!
අම්බානකට කපනවා!!’
‘අපොයි ඔව්! උඹේ සාගත මූණ දැක්කාම හිතෙන්න ඇති එහෙම නැතිව මදි බව.’
‘ෂුවර් මචං.... ඇහුණු සද්දෙ හැටියට නං කුකුළො තුන් දෙනෙක්වත් කපන්න ඇති!’
‘නෑ, නෑ... චූටයියට හොඳට සලකන්න ඕනි හින්දා, ඒ අයියලා කළුකුමෙක්ම ගෙනාවද දන්නෙත් නෑ!
හෙහ් හෙහ්.’
‘ඇයි බං, ගණං හදලා බලපංකො. අපි දහදෙනෙකුයි, එයාල ජෝඩුවයි.. එතැනම දොළහක්නෙ බං....
කුකුළො කිලෝ තුනක් වුණත් එකාට ග්‍රෑම්ස් 250යි වැටෙන්නේ......’
හිතාගන්න! කොලු නඩයක් ඔය වගේ වෙලාවක හිතන දුර....
මට නම් ඒවා එකක්වත් වැදගත් වුණේ නැත.
තරගෙට
වාගේ මට වද දුන්නේ බඩගින්නයි, වේදනාවයි දෙකමය. ඒ මදිවාට මගේ කන් දෙකේම දෝංකාර
දුන්නේ මට ලැබුණු වෛද්‍යෝපදේශයන්ය.
කෑම්පින් යන ගමනක් නං මාර
කචල් එකක් වෙන්නේ... (මේ අවුරුදු දවස්වල කොස්සපොල කෑම්පින් කරමින් සිටිද්දීය. 2021) |
අප ගමනට පිටත් වුණා විතරය. ඇබැද්දිය වුණේ පළමුවෙනි දවසෙම දවාලේය. ඉතිරි දවස්
දෙකේමත් මට ඉන්න වෙන්නේ අත එල්ලාගත් ගමන්මය; සොත්තිසේන වගේ වෙලාය.
“හොඳ වෙලාවට අපි යන්නේ බංගලාවකට....
කෑම්පින් යන ගමනක් නං මාර කචල් එකක් වෙන්නේ... නිමලයට අතත් එල්ලගෙන උයන්න පුළුවනිය
කියලද?”
ඒ ගැටලුවත්, ඒ හැන්දෑවෙදී අපේ විද්වත් මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් විණි!
“අනේ නිකං හිටහං මචං... කබ්බෝ ෆෝම් කරන්නෙ
නැතිව... එයා නැත්තං අපි නොකා ඉඳියි!”
ඒවා කියන්නේ මාව අවුස්සා ගන්නටය. කියපුවාවේ! ඕවාට උත්තර දෙන mood එහෙක නෙවේ මං
හිටියේ.
අනෙක් අතට මේ තරමෙන්වත් මගේ ගැන බැලුවාටත් එයාලාට පිං දෙන්නට ඕනෑය. ඔයාලටත් මතක
ඇතිනේ, මේ අප්පුහාමිල්ලාගේ තරම. ඒ නඩේත් එක්ක ගිය පළමුවෙනි ගමනෙදී; වෙසක් බලන්නට
ගිය ගමනේදී එක මොටර් සයිකලයක් කැඩුණාම
කළ දේ!
එදා විදිහට නම් කෙරෙන්නේ, ‘එහෙනම් නිමල්
අයියේ. ඔයා බස් එකක ගෙදර යන්න!’කියලා මාව ආපහු කොළඹට පටවලා යැවීමය.
මේ චණ්ඩි talks ඉෂූ කරන්නේ... |
සාමාන්‍යයෙන් වනජීවී බංගලාවල රාජකාරියට දෙදෙනෙක් සිටිති. එතැනකට යන උදවියට කෑම-බීම
සකස් කරලා දෙන්නෙත් එයාලාමය. අප කළ යුත්තේ අවශ්‍ය කරන දේවල් සියල්ලම ගෙනිහින් දෙන
එකය.
ඉතිං, එක්ගල්ඔය බංගලාවේදී කෝකි රාජකාරියට නිමල් දිසානායකව අවශ්‍ය නොවෙයි!
අන්තිමේදී නවයට විතර, සිංහල චාරිත්‍රානුකූලව
වතුර වීදුරු සහිත බන්දේසියකුත් අරගෙන අනූපමා ප්‍රාදුර්භූත වූවාය.
‘ඇති යන්තං! දෙයියෝ අත පෑවා වගේ!’ අපේ කට්ටිය හිතන්නට ඇත.
ඒ විත්තියක් හඬ නඟා නොකිව්වත්, ‘වතුර මොකටද?’ කියමිනි කවුරුනුත් නැඟිට්ටේ.
ඈ? මක්කැයි මේ? 😮😮😮
මේසය උඩ තිබුණු ව්‍යංජන දීසියෙන් හමන්නේ කුකුළු මස් කරියක සුවඳක් නොවේ! සැමන් හොදි
සුවඳකි. හොදි බෙදා ගනිද්දී ඒ විත්තිය වඩාත් තහවුරු වුණේය!! හොද්දේ නටන්නේ කුකුළන්
නොවේ!!!
‘කෝ අර කපාපු කුකුළු මස්?’ හැම එකාම හිතන්නට ඇති.
“පරක්කු වුණා මචං..... sorry... කරුමෙටම වගේ
උයන්න ගන්නකොටම ගෑස් ඉවර වුණා නලින්. අද කොහෙන්ද ගෑස් හොයන්නේ... හොඳ වෙලාවට දර
අතු ටිකක් තිබුණා. පිහියකින් ඒවා කප-කපා අරගෙන මේ ටික ඉව්වෙත්.....” මංගල කිව්වේ
ලජ්ජාවෙන් පසුතැවෙමිනි.
එහෙම ස්තුති පූර්වකව පිං
දෙනවා වුණත්, මං නම්
එච්චර සර්ධාවන්ත නැත! |
1999 වගේ ඈත කාලයක; අවුරුද්ද නිසාවෙන් කඩ-සාප්පු සේරම වසා තිබුණු වෙලාවක; මොනරාගල වැනි
නගරයකදී හදිසියේම ආගන්තුකයන් දහ දෙනෙකුට උයන්නට කුකුළු මස් කොහෙන්දැයි අපට කල්පනා
වුණේ, පහුවදා ගමනේ ඉතිරි හරිය යන අතරේය.
“යකෝ, නිමලයා නං ඔච්චර හරියක් කරයිද? බලපං,
කෑම්පින් ගිය වෙලාවේ ඉඳලා මුගෙන් තියෙන මළ වදයක්...... දර හොයපල්ලා- වතුර ගෙනෙල්ලා-
එළවලු සුද්ද කරපල්ලා- කපපල්ලා... අන්න ඒකට මිනිස්සු! උඹත් එහෙම පුරුදු වෙයං නිමලෝ!!
මීට පස්සෙවත් අපිට වද නොදී තනියම පුළුවන් හැටියට උයහං!!!”
අපේ කට්ටිය මට උපදෙස් දෙන්නටත් පටන් ගත්තේ, මංගල-අනූපමා යුවලගේ ආගන්තුක සත්කාරය ඉහළින්ම
අගය කරමිනි.
ඇත්තටම මංගල, අනූපමා. ඔයාලා දෙන්නා එදා
කරගත්තේ නම් මහත්ඵල මහානිශංස ලබාදෙන මාහැඟි පුණ්‍ය කර්මයකි.
අදත් නොබා කියමි.
ඔයාලාට ගොඩාරියක් පිං!
එහෙම ස්තුති පූර්වකව ඔයාලාට පිං දෙනවා
වුණත්, මං නම් එච්චර සර්ධාවන්ත නැත.
ඒ නිසාම, ඔයාලාව ආදර්ශයට ගන්නැයි මට කිව්වාම මං එදා කිව්වේත්; අද වුණත් කියන්නෙත් මෙහෙමය.
“මම ඒ ගොනා විකුණලා ගොඩක් කල්!”
සරැලි නඟන නිල් දියවරක්
නොතිබුණු රන්දෙනිගලදී... (2015) |
ඒ නිමල් මටත් වැඩියෙන් කාරුණිකය; ‘පරත්ථං
පටිපපජ්ජත’ කෙනෙකි. ඒ කියන්නේ අනුනට සේවා කරන්නටම කැප වුණු සහෘදයෙකි.
“අපොයි, මේ මක් වෙලාද?” නිමල් ඇහුවේය.
“.... එහෙනං නරක නැහැ මහත්තයලට සිද්ද වෙලා තියෙන කරදර.... මම ඉක්මනට බතක්
පරිප්පුවක් හරි උයල දවල්ට කන්න ලැහැස්ති කරන්නං.... ඇඳුම් මාරු කරලා, ඇඟපත හෝදගෙන
එනකොට කෑම ටික මේසේ උඩ තියෙයි!” නිමල් කුස්සියට ගිය අතරවාරේ අපේ කට්ටියට එක්ගල්ඔය
ජලාශයේ දිය රැලිවල හඬ ඇසිලාය!
සරැලි නඟන නිල් දියවර එයාලාට අඬ ගසන්නට ඇත; එයාලාව කැඳවන්නට ඇත.
“මචං... යමුද වැවටම....?”
සේරෝමලා විනාඩියෙන් වතුරේය. මං විතරක්
බංගලාවේ ආලින්දයේ තනියෙන්මය.
බංගලාව තියෙන්නේ වැව් ඉවුරේමය. ආලින්දයේ වාඩිවී සිටින විටත් වැව පෙනෙයි. මගේ ඇස්
මානයේම, අපේ කට්ටිය සිත්සේ දිය කෙළිති; පිහිනති; විහිළු-තහළු කර ගනිති. මටත් ඒවා
පෙනෙයි; ඇසෙයි.
අත පැනලා තිබුණා වුණත් මගේ ඇස්-කන්වලට ඇබැද්දියක් වෙලා නැහැනෙ!
එක්ගල්ඔය වැව්
ඉස්මත්තේදී........ (2017) |
ඒක අසාධාරණ තරහවක් බව මට තේරුම් ගියේ
පස්සෙය. ‘මගේ අත පැනලා තිබුණයි කියල එයාලා විනෝද නොවී ඉන්නද? එයාලා සේරම මගේ ළඟින්
ඉඳගෙන, මං වගේම විරුව-පට්ටං ගහගෙන හිටියයි කියලා මට ඉක්මනින් සනීප වෙනවද?’
එවෙලෙ මට ඔව්වා කල්පනා වුණේ නැති හැටි!
කෝපය කියන්නේ දෙකොණින්ම ඇවිළෙමින් තිබෙන දණ්ඩක් වගේ අප දවා විනාශ කරන මනෝ භාවයක්
බව මට ඒ වෙලාවේ තේරුම් ගියේ නැත.
එක්ගල්ඔය බංගලාවේ නවාතැන් ගන්නා අයට වෙන්කොට
තිබෙන කාමර තිබෙන්නේ උඩු මහලේය. බිම් මහලේ තියෙන්නේ එකම එක කාමරයකි.
“අතත් එල්ලගෙන නිමල්ට උඩ නඟින්න අමාරුයිනෙ. ඌව පහළ කාමරේට යවමු!”
එහෙම යෝජනා කෙරෙන්නට ඇත්තේ පරහිතකාමීත්වය නිසා විය යුතුය. ඒ හැඟීම කොයි තරම්
බලවත්ද කියනවා නං වෙන එකෙකුවත් පහළ කාමරයේ නවතින්නට කැමති වුණේ නැත. වඩාත් ලස්සන;
මනරම් දර්ශනයක් ලබා ගන්නට නම් උඩු මහලේ බැල්කනිය හොඳම spot එකකි.
ඒ බැල්කනියේත් ඇඳන් කිහිපයකි.
“නිමලෝ, අපි උඩට ගියාට රෑට නිඳා ගන්න කවුරු
හරි පහළට එන්නංකො.”
මට පහළ කාමරය වෙන් කෙරුණු නිසා, මගේ ඇඳුම්
බෑගය තිබුණෙත් පහළ කාමරයේමය. තරහෙන් ආතුරව තනියෙන්ම හිටි මොට්ට- තකතිරු නිමල්
දිසානායක කාමරයට ගියේය; බෑගය විවෘත කොට ඇඳුම් එළියට ඇද්දේය; සරම ගලවා දමා, අමාරුවෙන් පිහිනුම් කලිසම ඇඳ
ගත්තේය; ඇඳගෙන වීරයා වගේ වැවට ගියේය.
පළමු වෙඩි මුරය මර්වින්
බොතේජුගෙන්ය. (ඒ හාදයා තරුණ කාලයේය මේ!) |
“ඔය අතත් එල්ලගෙන වැවට එන්නෙ, උඹට අත
තෙමාගන්න හොඳයිද?”
පණ්ඩිත වාක්‍ය ගොඩක්ම කියවුණේය. බූරු කන් දෙකට ඒවා එකක්වත් වැටුණේ නැත. මෝඩ
අහංකාරකම ඔළුවට ගැහුවාම ටොයියාට, බයියාට විතරක් නොව කොයි ලොක්කාට වුණත් වෙන්නේ
ඒකය.
අතට; උරහිසට කිසිම බෙහෙතක් බාහිරෙන් යොදලා
තිබුණේ නොමැත. කර තිබ්බේ බැන්ඩේජ් පටියකින් වමත බෙල්ලේ එල්ලන එක විතරය.
ඒ සරල උරමාව බෙල්ලෙන් පන්නා, ඉවුරෙන් තියලා
මමත් වතුරට බැස්සෙමි.
නඩේ අය එකිනෙකාගේ මුහුණු බලා ගත්තා මිස, මට කිසි දෙයක් කියන්නට, ඉන්පසු කරදර
නොවූහ.
කරගත් මෝඩකම මට තේරුණේ වතුරට බැස්සාමය.
පීනන්නට අත දිගු කරනු බොරුය. ඇටි කෙසෙල් කා අධෝ මුඛය අහුරවා ගෙන විලාප දෙන
උගුඩුවාත් මං වගේ වෙන්නැති. ඒත් මා තිරිසනෙකු නොවෙන නිසා; යන්තම් මොළේ කලඳක් තියෙන
මානවයෙකු නිසා, මගේ අමාරුව කාටවත් පෙන්නුවේ නැත. ගැඹුරට නොයා, තන මත්තක් වතුරේ සිට
ගිළෙමින් ටික වෙලාවක් ඉඳලාය, මං ගොඩට ආවේ.
“ඇයි මහත්තයෝ.... අත පැන්නේ ඊයේ නේද? ආපහු
අත දැම්මය කියල අදම ඕක තෙමන්න හොඳයිද?” බංගලාවට ගොඩ වැදෙන්නත් කලින්ම නිමල් මට නෝක්කාඩු
කිව්වේය.
“ඕකට ඉංගිරිසි බේත් නැතිවට සිංහල බෙහෙත්
තියෙනවා... මම කියනවට යමු.... මේ ළඟ ඉන්නවා හොඳ සිංහල වෙද මහත්තයෙක්...” කියලාත්
කිව්වේය. “සමහරවිට සර්ලට නං ඔහොම දේවල් විශ්වාස නැතිවත් ඇති.... ඒ වුණාට ගිහින්
බැලුවට වියදමක් යන එකක්යැ මහත්තයෝ... වෑන් එකේ යන මහන්සිය විතරයිනේ...”
අපි දෙන්නා සති කිහිපයක්
තිස්සේ ‘සද්ධි
විහාරිකයෝ’ වීමු! |
‘හොරිවිල වෙද මහත්තය මතක් වුණා.
හබරණ කිට්ටුව හිටින වෙලාවක මගේ මිත්‍රයෙකුගේ අතක් පැන්නා. එහෙ බැංකු කළමනාකාර
මහත්තයෙක් අපට හොරිවිලට යන්න කිව්වා. ගිහිල්ලා විනාඩි 30ක් විතර අපට බලා ඉන්නත්
වුණා, වෙද මහත්තයා එනකල්.
එයා ඇවිත් වෙන මොකවත් ඇහුවේ නැහැයි කියමුකෝ. ලෙඩාගේ අතේ තෙල් වගයක් ගාන්න අරගෙන, ඒ
අතරේ මගේ යාළුවාගෙන් ඇහුවා ගම කොහෙද කියලා.
යාළුවාගෙන් උත්තරේට කියැවුණේ ‘අම්මෝ’ කියලා මහ විලාපයක්.
‘ඔක්කොම හරි. දැන් යන්න පුළුවන්!’ වෙද මහත්තය කියපි!’
ඉස්සර අතපයක්-හංදියක්-අණ්ඩක් කැඩුණාම පිහිටට
ආවේ ගමේ හංදි වෙද මහත්තයෙකි; සිංහල වෙදකම; හෙළ වෙදකම ගැනය එහෙම වෙලාවක වැඩි
විශ්වාසයක් තිබුණේ.
ධම්මික පැණිය හන්දා හෙළ වෙදකම හොඳටෝම හෑල්ලු
වුණු බව මගේ මතයයි.
එසේම ‘වෙද හාමිනේ’ ටෙලිය නිසා හෙළ වෙදකම ගැන අමුතුම ප්‍රබෝධයක් ඇති වුණු බවත් මගේ
මතයයි. වෙද හාමිනේ වුණේ රෙබෙකා නිර්මලීය. අපි දෙන්නා සති කිහිපයක් තිස්සේ ‘සද්ධි
විහාරිකයෝ'වී සිටියෙමු!
සද්ධි විහාරිකයන්?