ඉස්සෙල්ලාම කිරිකැටියා ගස්සලා යවපු එයාලගේ කසාදෙ එක සාක්කිකාරයෙක් වුණෙත් මං.......
ඒ සිද්ධියට
අදාළ කිරිකැටියාත් නොදුටු මව්පියන්ට සාප කරමින් එලොව යන්න ඇති.’
හැබැයි, ඒ තරුණ ජෝඩුව කසාද බැඳලා දැන් සිඟිති දරුවෙකු හුරතල් කරනවා. හරිම ආදරෙයි
දරුවට. මැණිකක් වගෙයි දරු සිඟිත්තාව රකින්නේ. මං එයාලට සමීප නම් අහගන්න තිබ්බා
නූපන් දරුවා ගැන එයාලා දැන් මොනවද හිතන්නේ කියලා.’ මගෙ අතින් එහෙම ලියැවුණේ 2018.
2022 වෙද්දී ඒ දෙන්නා ඉතාමත් ඉසුරුමත්. දරුවන් දෙන්නෙකුගෙ මව්පියන්.
එහෙම වෙන්නේ ‘ආදරය’ හරිහැටි වටහා
නොගැනීම නිසාවත්ද’ කියලයි... |
‘එහෙම වෙන්නේ
‘ආදරය’ හරිහැටි වටහා නොගැනීම නිසාවත්ද’ කියලයි ලොකු අම්මා කල්පනා කළේ. නිදි තවමත්
කල්පනා කරමින් ඉන්නේ...
හිතාදර ඔයාලට
ඇත්තම කියනවා නං, මේ posts පෙළ මෙච්චර දිගට ලියන්න කිසිම බලාපොරොත්තුවක් මට තිබ්බෙ
නෑ. ඒත්... ඒත් ලියන්න පටන් ගත්ත දවසේ හිට අහන්න; දකින්න; දැනගන්න ලැබුණු දේවල්
හිත කීරි ගස්සන එව්වා- හිත සසල කරවන එව්වා.
දැන් අපේ මනුස්ස ජීවිතවලට කිසිම වටිනාකමක් නැතිව ගිහින්ද?
පහුගිය ටික දොහේ අහන්න ලැබුණෙම ඒ විත්තියට සාක්කි.
දවස් පනහක් ඇතුළත හෝමාගම ප්‍රදේශයේ 11 දෙනෙක් සිය දිවි හානි කරගෙන!
අවුරුදු 29ක මෘදුකාංග
ඉංජිනේරුවරයෙකු ‘වැඩ අධිකයි, විවේකයක් නෑ’ කියල දිවි හානි කරගෙන!!
පෙම් සබඳතාව නවත්තපු
සිසුවියක් උසස්පෙළ විභාගයට ලියන්න, එයාගේ තාත්තත් එක්ක යද්දී පෙම්වතා ඇයට ඇසිඩ් පොවන්න ඇවිත්!!!
තංගල්ලේ තරුණ
යුවලක්, එයාලගේ විවාහයට උප්පැන්න සහතිකයක් හරස් වෙන හින්දා මැරෙන්න තීරණය කරලා.
අපේ ආච්චි ඉඩකඩ
තියෙන වෙලාවට, අපට ඇහෙන්න ලෝ වැඩ සඟරාවේ කවි සේරම කිව්වේ කටපාඩමින්. (ඒවා කියන එක විතරක් නෙවෙයි එයාලගෙ පරම්පරාවේ
උදවිය කළේ. හැකි හැම වෙලාවකම ඒවායින් කියවෙන දේ ජීවිතවලට එකතු කරගත්තු එක.) ඒ
වගේමයි, දැන් තේරෙනවා- එහෙම දේවල් අපට නිතර- නිතර ඇහෙන්න සැලැස්වීමෙන් අපේ ආච්චී
කරපු දේ. (ඔයා නිවන් දකින්න ඕනි ආච්චියෙ!)
කොයි තරං දැනුමිතිකම් තොගයක් ඔයා මට උගන්නලා තියෙනවද- මටත් නොදැනිම.
කලකිනි බුදු
කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ- කියන
කවියත් අපේ ආච්චිගේ මුව’ගේ තිබුණු එකක්! ඒ වගේ රත්තරන් කවි නිතර නිතර කාට-කාටත්
ඇහෙන්න සැලස්සුවොත්...
අර දිවි හානි කර ගැනීමේ ප්‍රශ්නය සහෝදර blog රචකයන් කිහිප දෙනෙකුවත් අවදි කරවලා. විශේෂයෙන්ම කට්ටකාඩුවේ ලොකු මල්ලී. ලොකු මල්ලී ලියපු post එකේ නමෙන්ම තේරෙනවා අමුත්තක්. ‘ආලයෙන් පාරාජිකා වීම හෙවත් මට නැත්තං තොටත් නෑ’. එහෙම ලියමින්, එයා මේ ප්‍රශ්නය දිහා වෙනස්ම පැති කිහිපයකින් බලන හැටි ඔයාලටත් කියවන්න ඇහැකියි; රතු පාටින් තියෙන 'මට නැත්තං තොටත් නෑ' අකුරු උඩ ක්ලික් කරලා එහාටම ගිහිං.
විශ්වාසවන්ත
සමීපතමයෙකුගෙන් ලැබෙන සැනසිලිදායක ටිකකින් නැත්තං hug එකක් වගේ දෙයකින් ගෙනෙන සහනය වචන... |
අද කාලේ නං ප්‍රශ්න
තියෙන අයට එහෙම උපදෙස් දෙන්න; අවවාද දෙන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අය ගොඩයි.
ගැටලුව වෙන්නේ ඒවායින් නිවැරදි; බුද්ධිමත් උපදෙස් තෝරා ගැනිල්ල!
ඔයාලට කියන්න
යන මේ ප්‍රවෘත්තිය මගෙ ඇහැ ගැටුණේ ජනවාරි 28 වෙනිදා උදේ. සුරංග රාජනායක තමයි
සිද්ධිය වාර්තා කරලා තිබුණේ. සිද්දිය කෙටියෙන් මෙහෙමයි:
මේ ජෝඩුව අවුරුදු හතක් love කරලා පසුගියදා ජයටම මඟුල් කාල කසාද බැඳලා. දවස් හතරක
මධු සමයකටත් ගිහිං. එයාගේ පස්වෙනි දවසේ
මනාලයාගේ ගෙදරට ආපසු ඇවිත්. ඊට පස්සේ මනාලයා එයාගේ මිතුරෙකුත් එක්ක බැහැරට ගිහිං,
බීර බීලා තමයි ගෙදර ඇවිත් තියෙන්නේ- චුට්ටක් පරක්කු වෙලා.
ඊට පස්සේ
වෙච්චි සංගදිය ගැන වාර්තාවේ තියෙන්නේ මෙහෙමයි:
‘මින් දැඩි ලෙස කෝපයට පත් මනාලිය මනාලයාට බැණ වැදී පහර දීමට පටන් ගෙන ඇති අතර, ලේ පෙරෙන තුරු
කන ද සපා කා ඔහුගේ ශරීරයද නියපොතු වලින් සූරා තිබේ. මෙම කලබලය නැවතීමට මැදිහත් වූ
මනාලයාගේ මවට හා පියාට ද බැණ වැදී ඇති මනාලිය මව තල්ලු කර දමා මනාලයාගේ නැඟණියට ද
පහර දී සිය නිවසට දුරකතන ඇමතුමක් දෙමින් තමා රැගෙන යන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මනාලියගේ
පාර්ශවයේ විශාල පිරිසක් ත්‍රිරෝද රථවලින් මනාලයාගේ නිවසට පැමිණ ඇති අතර, සිද්ධිය පොලිස්
හදිසි ඇමතුම් අංශයට ද දැනුම් දී තිබේ. මනාලයා හෝ පාර්ශ්වයේ කිසිවකු මනාලියට
පහරදීමක් සිදුකර නොමැති අතර නව යුවළ යළි එක්කිරීමේ අරමුණින් පොලිස් නිලධාරීන්
දෙදෙනා දෙපාර්ශවයටම පසුදා ගම්පොල පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ...’
මේ හරක්
පැටියා අවුරුදු 7 ක් ලව් කරලා ගෙදර ගෙනත් තියෙන්නෙ... කෙලින්ම කාලි අම්මා මෝඩ් ඔන්
වෙලා... |
*බැඳල ඉවරනෙ
කියල ඔහේ කරබාගෙන ජීවත් වෙනවට වඩා හොඳයි, කොල්ලො දැන්ම අයින්
කරල දාල හිත හදාගනින්. දැන්ම ඔහොම නම්, ඉදිරිය
පැහැදිලියි.
*මරු බඩුවක් මේ
හරක් පැටියා අවුරුදු 7 ක් ලව් කරලා ගෙදර ගෙනත් තියෙන්නෙ... කෙලින්ම කාලි අම්මා
මෝඩ් ඔන් වෙලා
*ඔන්න කොල්ලෝ
අවුරුදු දෙකකින් විතර පස්සේ හොයා ගන්න තිබ්බ සැඟවුන යකා පලවෙනි දවසෙම එලියට පැන්නා.
දැන්වත් ගැලවෙයන් ඉතුරු කන බේර ගන්න ඕනේ නම්. උඹත් වැරදි, හැබැයි කනෙන්
කෑල්ලක් පුජා කරන්න තරම් දෙයක් නම් නෙමෙයි මේක. අනික උඹලා අවුරුදු හතක් කනා
මුට්ටිද බින්දේ බන්?
*Save your
life brother, this women has dual personality. She has been acting nicely to
you and your family for last few years (I assume) until you sign on marriage
certificate. After that... she will not care anymore. Beast in her is cut loose.
Quit now... or suffer whole life. You and your family members too.
I know as I'm going through the same process. It's too late for
me.
*Agreed.... same
here.
*මයික්
ටයිසන්ගේ නංගි,,
*ගැලවෙන්න හොඳම
වේලාව. ගෑණියෙක් කියලා ගෙනත් තියෙන්නේ යක්ෂණියක්. ඕක මිනිමැරුමකින් කෙලවර වෙන්න
කලින් අයින් වෙයන්🤦🏻
*තක්කෙටම
කියන්නම් මෙතන බියර් බීපු එකේ නෙමෙයි ප්‍රශ්ණෙ තියෙන්නෙ. හනිමූන් එකේ ප්‍රශ්ණයක්, බියර් බීපු එක
පිටින් ඇරල තියෙන්නෙ පැහැදිලිවම. හැබැයි නෑ කිව්වට මනමාලයත් මනමාලිගෙ කිහිල්ලට
එකක් ගහනව. ඔය අගේට පේන්නෙ.
*මනාලිය
නැන්දම්මා මාමණ්ඩියට නැගණියට යම් වරදක් කර ඇත්නම් එහි විපාක ඇය විසින් දරාගත යුතුය.
එය බරපතල වරදකි. පැහැදිලිව ම දුරදිග නොයන විවාහයක් බව පෙනේ. මේ එළහරක්ට මෙවැනි
දවස්වලවත් බේබදු කමෙන් ඈත්වෙලා ඉන්න බැරිද?
වෙන එකෙක්
නම් මනාලියට දත් ටික ගලවල ගැන ගැන ඉන්න අතටම දෙයි... |
*අප්පේ මෝඩ
ගහක් බැඳලා තියෙන්නේ. ඕකිට කන පැලෙන්න දෙකක් දීලා දැම්මම කීකරුවට හදාගන්න. නැත්නම්
පයින් ගහල පන්නන්ඩ
*bandapu alutha ohoma thamai, dishti didin ekak one wela inna aththe,
kolla parakku unama mala paninna athi
*Hats off to
the bride 👍 අපි මෝඩයො වගෙ
ඉවසුව නිසා ලමයිත් හදන් තාමත් දුක් විඳිනවා!! ඔය මනමාලයා ඕක නිසා හැදෙයි එක්කො අතාරියි,
ජීවිතාන්තය දක්වා විඳවන්නෙ නෑ......
*පල මෝඩ ගෑණියේ
යන්න. මනාලයා ඉවසන එකෙක් නිසා බේරුනා. වෙන එකෙක් නම් මනාලියට දත් ටික ගලවල ගැන ගැන
ඉන්න අතටම දෙයි
*සුරාවේ ආදීනව
දත් මනාලිය යස පාඩමක් උගන්වා ඇත. නියපොත්තෙන් කඩා ගන්න පුලුවන්ද කියලා බලන්න ඇති. නමුත්
නැන්දභ...
ඔය comments
ටිකෙන්ම පෙනෙනවනෙ එකේක්කෙනා ප්‍රශ්න දිහා බලන්නෙ නේකාකාර විදිහටය කියල. විවිධාකාර
විදිහටයි කියල.
දඟකාර පුංචි දෝණියන්දෑට ලියන ලොකු අම්මට, ඒ දවස්වල දූල-පුතාල ලියල එවපු සමහර ප්‍රශ්නත්
විවිධාකාරයි. ඒ සමහර ප්‍රශ්නවලට උත්තර ලියන්න ගියාම- ලොකු අම්මට කටඋත්තර නැති
වුණා. නිකමට හිතන්නකෝ, රස්සාවක් නැතිව අන්ත අසරණ වෙලා ඉන්න කෙනෙක්... රස්සාවක්
හොයා ගන්න උදව් වෙන්නයි කියල ලියා කිව්වම.
හරි හමන් නිවහනක් නැතිව ඉන්න පවුලකට ගෙයක් හදල දෙන්න කැමති දානපති පරිත්‍යාගශීලී
පිංවතෙක්ව හොයා දෙන්න කිව්වම...
එහෙම වෙලාවට
ලොකු අම්මා එච්චර බල සම්පන්න කෙනෙකු නොවෙන විත්තිය කෙළින්ම කියන්න මේ ලියන්නාට
සිද්ද වුණා. නැති ලොකුකම් අටවා ගන්න ඕනෑයි?
පහුගිය ටික
දවසේ නිදිට දෙතුන් වතාවක්ම වාසනාව ලැබුණා, blogs ලියන; ඒවා කියවන; ඒවාට ප්‍රතිචාර
දක්වන සහෘද හිතවතුන් කිහිප දෙනෙකු හමු වෙන්න. එහෙම හමු වෙලා රටතොට ගැන; ලෝකය ගැන
අදහස් හුවමාරු කර ගන්නත්- දැනුවත් වෙන්නත්. එයින් අතිශයින්ම පලදායී එකක් වුණේ,
හක්බෙල්ලාවක ‘Teepee කෑම්පින් Site’ එකට ගිය ගමන. ඒකෙ අයිතිකාරයත් blog ලියන්නෙක්.
තට්ටයාගේ කොලම ලියන කෙනා.
හක්බෙල්ලාවක ‘Teepee කෑම්පින් Site’ එකට ගිය ගමන... |
දෙවැන්න ජනවාරි 27 වෙනිදා අසංග රණසිංහආරච්චි ලියන ‘කොළොම්පුරේ’ බ්ලොගයෙන්. ‘සිරිබිරිස්ගේ
ලංකාවතරණය හා Teepee Camp ගොඩබැස්ම සබැඳි කතා’.
තෙවැන්න ජනවාරි 29 වෙනිදා පළවුණේ ‘ඩ්‍රැකීගේ අඩවියේ’. ‘සිරිබිරිසාගමනය’ නමින්.
මට නම් මසුරං
වටින්නේ එහෙදී බොහොම සුහදව පැවැත්වුණු සාකච්ඡා මණ්ඩපයේ සංවාද. ඒවා එක මාතෘකාවක්
යටතේ විතරක් නෙවෙයි කෙරුණේ. එක තැනකින් පටන් ගත්තම, එහාට මෙහාට අතු-ඉති ලියලමින්
වැඩීගෙන; පැතිරීගෙන ගියේ අපිවත් බලාපොරොත්තු නොවුණු සශ්‍රීකත්වයකින්. නිකම්ම
නෙවෙයිනෙ පුරාණ පඬිවරයෙක් මෙහෙම සොලෝකයකුත් කියල තියෙන්නේ.
සංසාර විෂ වෘක්ෂස්‍ය
ද්වෙඵලෙ හ්‍ය’මෘතොපමෙ
සුභාෂිත රසාස්වාදඃ
සජ්ජනෙෂු ච සංගමඃ
(සංසාර නමැති විෂ වෘක්ෂයෙහි
අමා වැනි ඵල දෙකකි. එනම්: දැහැමි කතාවන්හි රස විඳීම හා සත්පුරුෂ ආශ්‍රය යන දෙකයි.)
ඉතිං ඒ සජ්ජන ඇසුරු
වෙලාවල වැඩියෙන්ම කතාබහ වුණා, සිරි ලංකාවේ වර්තමාන තත්ත්වය ගැනත්.
බුද්ධි ගලනය වෙනදට
වැඩියෙන් සිද්ද වෙන්නේ ඇයි / රටවැසියන්ගේ ආතතිය- අසහනය වැඩියිද / දැන් අපේ සහකම්පනය
අඩුයිද; මානසික තත්ත්වය කොහොමද / දුර්වල මානසික තත්ත්වයන් සහිත තරුණ පෙළක් ඇතිවී
තිබෙන්නේ ඇයි / කුඩා වියේ සිටම දූ දරුවන්ට ඉගැන්විය යුත්තේ මොනවාද / දරුවන් අහන
ඕනෑම ප්‍රශ්නයකට ඇත්ත පිළිතුරුම දිය යුතුද... කියන දේවලුත් එහිදී සාකච්ඡා වුණා.
ඒ ගැන ලියද්දී නිදිට
මතක් වුණා- ජනවාරි 25 වෙනිදා ‘ඉකොනොමැට්ටා
blog අඩවියේ’ පොලී අනුපාතික ප්‍රවණතා... මැයෙන්
පළ කෙරුණු පොස්ටුවේ comment එකකින් පොඩි කොටසක්:
‘ඉකොනෝගේ
අවධානය පිණිස මේ තියෙන්නේ URBAN .LK විසින්
සිදුකරපු සමීක්ෂණයකින් හදපු වාර්තාවක්...
30% ක් යන්නේ
දේශපාලකයන් ගැන බලාපොරොත්තුවක් නැති නිසා. |
අයිස්බර්ගරයක්
තරම් විශාල වූ ප්‍රශ්නයක ඉතාමත් අංශු මාත්‍රික නිරීක්ෂණයක් මේ. ඇත්ත මීට වඩා
ඛේදනීය ඇති....’
මෙහෙම වාතාවරණයක්
තියෙන රටක වාසය කරන දුහුනෙක් විදිහටයි, මං වහන්සේ නිදිගෙ පංච තන්තරේ ලියන්නේ. ඒ
අතරවාරයේ ආයෙත් වතාවක් ඡන්දයකුත් ළඟ එනවා. රට වෙනුවෙන් මගේ හෘදය සාක්ෂියට එකඟව,
මගේ ඡන්දය පාවිච්චි කරන්න කල් බලමින් ඉන්න අතරේ...
‘ටිකක් හිටහන් නිදි.’
ලොකු අම්මත්
කතා කරන්න පටන් අරං!
“කතා කරන්න
උවමනා තැනදී කතා නොකර ඉන්න පුළුවන්ද? දැන් රටේ දූල-පුතාලට මේවා ලියන්න; කියන්න
පිවිතුරු පත්තරේ පළ වෙන්නෙ නැහැනේ.
ඉතිං, නිදිගෙ පංච තන්තරෙන් හරි මේ..න්..න මේ ටික රටේ..ම දරුවන්ට කියන්න ඕනි. ඔව්
දූ-දරුවනේ, ඉස්සර තමයි අම්මල තාත්තල ලොකු අම්මල වගේ වැඩිහිටියන් ඔයාලට අවවාද
දුන්නේ. පාර පෙන්නුවේ. දැන් ඔයාලා ගොඩ දෙනෙක් වැඩහිටි අපට වැඩිය ඉස්සරහට ඇවිත්...
ඉතිං අපටත් හොඳ
නරක කියා දෙන්න. ඔයාලා ඉස්සරහට එන්න!!
රටට නිදහස
හම්බ වෙලා අවුරුදු 74ක්ම නාකි පරම්පරාවකට ඕනි විදිහට තට්ටු මාරු වෙවී රටේ පාලනය
කෙරුව හොඳටම ඇති නේද. පහුගිය අවුරුද්දේ
සිද්ද වුණු ආදරයේ තරුණ අරගලේට පින් සිද්ද වෙන්න කොක්කු ඉගිල්ලුණා; උන්ගෙ සුදේ තරම ලෝකෙටම
පෙන්නමින්.
මෙච්චර කාලයක් තිස්සේ හැංගි හැංගී වෙස් බැඳපු ඒ දෙගොල්ලන්ම එක පිලේ උදවිය බව
දැන් අපටත් තහවුරු වෙලා අහවරයි.
මෙච්චර
කාලයක් තිස්සේ හැංගි හැංගී වෙස් බැඳපු ඒ දෙගොල්ලන්ම එක පිලේ උදවිය බව දැන්... |
‘මමත් ලොකු
අම්මා එක්ක සීයට දෙසීයක් එකඟයි!’
මට කියවෙන්නේ නිරායාසයෙන්.
“එහෙනං කවි කොළයක් හරි ලියන්නයි තියෙන්නේ.” කියලා මට කියාගෙනයි ලොකු අම්මා මගෙන් සමු ගත්තේ෴0෴