රංගම බෙර වයන්නාගේ නිදන්ගත චර්ම රෝගය............... |
දැනට තුන් වතාවක්ම පාද
යාත්‍රාවේ යෙදිලා තියෙද්දීත්, දාන-මාන-පින්කම්වල යෙදෙද්දීත්, හැකිතාක් දස පින්
කිරියවත්වල යෙදෙද්දීත් අපේ ගොබිලෙකුට දේව කරුණාව; දේවානුග්‍රහය ලැබිලා නැතිය.
මිනිහාට කෙළවෙන වැඩමය
වෙන්නේ.
ඒ තියා මනුස්සයාට තියෙන ලොකුම රෝගය; උපන් ගෙයි දෝෂයවත් සනීප වෙලා නැත.
එහෙම ලියුවේ මේ දැන් කල්පනාවට ආව නිසාය.
මිනිහා එයාගේ අසනීපය සුව වෙනවාට කැමති නැතිවා
වෙන්නටත් ඉඩ තිබෙයි. දෙයියන්ගෙන් ඉල්ලලා නැති නිසාදෝ, ඒ අසරණයාගේ ලෙඩේ තවමත්
එහෙමමය.
තුන් වතාවක්ම අපිත් එක්ක කතරගමට පාද යාත්‍රාවේ ගිහිල්ලාත්.......... |
සැප්තැම්බර් 13-14-15 අපේ මන්දාරම් ගමන ගැන
මා දැනටමත් යන්තමින් කියා තිබේ. ගමන ගිහින් ඇවිත් දවස් කිහිපයකින්ය ඒ මනුස්සයා
දන්නේ එයාගේ (15,000/කට කිට්ටු වටිනාකමකින් යුතු) කන්නාඩි කුට්ටම missing බව.
පළමුවෙනි වතාවේ පා ගමන යද්දී එතුමන් වහන්සේ මේ ලියන ගැත්තාගේ under wear එකක් කටු
ගහකින් උස්සලා ඇඳ ගත්තේය. මේ වතාවේ.....
මෙදා සැරේ අප හිටියේ කුමන
ගේට්ටුව විවර කරන තෙක් නොඉවසිල්ලෙන් බලාගෙනය. දන්නවානේ මගේ නේත්තරා දෙක.... cctv
කැමරා එක.... ඒක scan කළේ නුහුරු දෙයකි. “මොකක්ද මිනිහෝ ගෑනි මළා වගේ ඔය T shirt
එක නොපිට ඇඳගෙන ඉන්නේ?”
“ඈ...? ඇත්ත නේන්නං....
හැබැයි මේකේ දෙපැත්තම අඳින්න පුළුවන්.” වැරැද්දේ බරපතළකම වහං කරගන්නට මනුස්සයා
එහෙම කිව්වේ, ටී ෂර්ට් එක ගලවලා ආපිට හරවා, ඇඟට දමාගන්නා අතරේය.
මෙදා සැරේ අප හිටියේ කුමන වනෝද්‍යාන පිවිසුමේ ගේට්ටුව ළඟ ......(foto- නෙවිල් අනුරසිරි) |
දෙවෙනි දවසේ දහවල් ළිං
තුන නැවතුමෙන් පිටත් වෙලා පැය බාගයක් විතර ගියාමත් එයාට කඩි කුලප්පුවක් හැදිණි.
“මගේ කැමරා ෆෝන් එක නැහැනේ බං.”
ඉන්දිකලාත්, අපිත් කලබලවී හොයද්දී mobile එක බෑග්
එකකය! එයාගේ වැඩ ඔහොමමය!
දෙවෙනි දවසේ රාත්‍රිය
ළිං තුන අසල ගත කරන අය නම් ඉලක්ක කරගෙන යන්නේ පරණ තොටුපළේ රැය පහන් කරන්නටයි.
එතැනට යන්නට නම් කිලෝ මීටර් 16ක් යා යුතුය.
එදා උදේ වරුවේ කිලෝ මීටර් 14ක්
ඇවිල්ලාත් අපේ බහුභූතයන්ට හිතට මදිය.
“මාමේ, දොස්තර මහත්තය කියන එක ඇත්තනේ. මැණික්
ගඟ ළඟට යන්න පුළුවනි නම් ආතල්නේ. නියමෙට නාලා රෑට නින්දක් දාන්න ඇහැකි.” දී කිරට
බළලෙකුත් සාක්කි කිව්වේය.
එහෙම වුණාට හිච්චිලාගේ
නඩයේ දෙතුන්-දෙනෙකු නම් මනාපයෙන් හිටියේ පුළුවන් තරම් ඉක්මනින් කොහේ හෝ
වැතිරීගන්නටය.
අහිගුණ්ටිකයෙකුට වුණත් රිලවෙකුයි නයෙකුයි ඉන්නවා මචං! |
“නෑ මාමේ, ඔයාටම
තේරෙනවනේ, මේගොල්ලො ඔච්චර හදිස්සියේ දුව-දුවා යන්නේ කෝච්චියක් අල්ලන්නද?
පිස්සු.... මෙහෙම බරත් කර ගහගෙන නැවතිල්ලකුත් නැතිව පලයල්ලකෝ....”.
මං අපේ චූටි පුතා;
ජයශංඛව ‘ඔටුවාට’ එක්ක ආ බව කලින්ම කිව්වනේ. ඉන්දිකලාගේ නඩේත් ඒ වරිගයේ අය හිටියා
වගෙය. එයාලය වැඩියෙන්ම කන්කෙඳිරි ගෑවේ.
නැවතිල්ලක් තිබුණු ගමන්ම
හිච්චිත්, භානිත් ඇරෙන්නට අනෙක් හැමෝම ඉස්සෙල්ලාම කරන්නේ ‘Signal’ තියෙනවාද කියලා
හෙවිල්ලය. ඉන්දිකත් එහෙමය. අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ හොඳට පෙනෙන මිනිස්සුන්ට තමන්ගේ
ඇහේ තියෙන පොල් පරාලය පෙනෙන්නේ නැතිය.
තිස්සෙම විහිලු-තහළුවෙන්; සංගෙකට නැති
කතාවලින් ගමන රසවත් කළ ඉන්දිකත් ‘සිග්නල්’ කතාවකදී නිරුත්තර වුණේය!
“මොකක්ද යකෝ තිස්සෙම
සිග්නල් තියෙනවද බලන්නේ..... උඹට කවුරු කතා කරන්නද?” ඉන්දික කිව්වේ එහෙමය. ඒ
සුමිතුරු තිලක්ටය.
මොබයිල් ෆෝන් 1996 - 2016 අතර අවුරුදු විස්සේදී දියුණුවී තියෙන්නේ........... |
තිලක් කිව්වේ මේකය.
“අහිගුණ්ටිකයෙකුට වුණත් රිලවෙකුයි නයෙකුයි ඉන්නවා මචං.....”
අද්‍යතන යුගයේ ඉන්නා
හෝමෝසේපියන්ලාට කන්නෙ-බොන්නෙ නැතිව හිටියත් mobile ෆෝන් එක නැතිව බැරිය. වැරැද්ද
පාවිච්චි කරන ක්‍රමයේය.
ඒත් සිග්නල් තියෙනවා නම්, ‘බට්ටි ලව් (battery low)’ නැති
නම් ‘ටක්’ ගාලා පණිවිඩ යවන්නට- ලබාගන්නට ඇහැකිය.
මිනිස් මොළයකට මොහොතකදී
පණිවිඩ 400ත් 600ත් අතර ග්‍රහණය කරගන්නට පුළුවනිලු! ඇත්තද මන්දා? එච්චර කාර්යක්ෂමව?
පුදුමේ කියන්නේ
මේ දැනුත් මට පාද යාත්‍රාවේ යද්දී සිදුවුණු සමහර දේවල් මැවි-මැවී පෙනෙන එකය. අපේ
බඩා මල්ලියා; දීපාල් ඒකට කියන්නේ ‘ෆොටෝජෙනික් මෙමරි’ කියලාය!
මිනිස් මොළයක කාර්යක්ෂමතාව හොඳටම වේගවත්ය.......... |
පළමු වතාවේ පීරිස්
මහත්තයා කැමරාවත්, කැම්කෝඩරයකුත් අරගෙනය පාද යාත්‍රාවේ ආවේ. ඒ කැම්කෝඩරය ගමනේ
යෙදෙන යාළුවෙකුට දුන්නේ අවවාද හා warnings ගොඩකුත් එක්කමය.
“මචං... යන ගමන් හොඳ-හොඳ කෑලි රෙකෝඩ් කරපං.
හැබැයි හුxතො එක දවසෙන්ම බැට්රි බස්සාගත්තොත් නං තෝව ඇට දෙකෙන් එල්ලනවා. මතක
තියාගනින්, කැලේ මැද්දෙදි ඕක charge කරගන්න තැනක් නැහැ කියලා.”
අපේ මිත්තරයා වැඩේ ‘ටක්කෙට
කරලා’ තිබ්බේය.
වීඩියෝ ක්ලිප්ස් සේරටම
වාගේ අහු කරගෙන තිබුණේ ‘කියාපු විදිහටම’ හොඳ-හොඳ කෑලිය.; දමිළ යුවතියන් හා කතුන්ය.
(අනේ සමාවෙන්න. දමිළ යුවතියන්ට; කාන්තාවන්ට අපහාසයක් කරන්නට නොවේ එහෙම කිව්වේ.)
ඒවා දැකලා අපේ මිතුරාට නිර්දේහ වුණු 'රහස් බෙහෙත' ඔයාලටත් අවශ්‍ය නම්...... |
ඒ මදිවාට මේ යක්ෂයා කැමරාවෙන්
ඒ කතුන් වීඩියෝ කරද්දී නිතරෝම zoom කරලාය. එහෙම කරලා තිබුණෙත් ඔවුන්ගේ ළමැදට focus
කරගත් ගමනය!
ඒවා දැකලා අපේ දොස්තර
මහතා ඒ මිත්‍රයාට නිර්දේශ කළ ‘අනගි රහස් බෙහෙත’ දැනගන්නටම ඕනෑ උදවිය පමණක් රුපියල්
දාහක මුදල් ඇනවුමක්, ලිපිනය ලියූ කවරයක් සමඟ එවන්න.
ඒ වීඩියෝ කෙරිල්ලේ රඟ ආයෙම මතක් වුණේ 'තං' ගැන සින්දුවක් දැක්කාමය! |
ඉතින් එදා ළිං තුනේ ඉඳලා
ගියා-ගියා ගියා මිස නැවතිල්ලක් තිබුණේ නැත.
“අප්පුහාමිලා, මට නං දැන් හොඳටෝම
ඇති.... නවතින්නයි ඕනේ. ඔයාලා යං, මම හෙමින් එන්නං....” බැරිම තැනය මගෙන් එහෙම
කියවුණේ. එහෙම කිව්වෙත්, පාර අයිනේ ටිකක් වෙලා නැවතී සිට ගිමන් ඇරියාටත් පස්සෙය.
“පිස්සුද මාමේ.... හවස්
වේගෙන එද්දී මාමා විතරක් තනියම දාලා අපි විතරක් යන්න?”
“ඒකනෙ නිමල් අයියේ.
කටුපිල ආර ගාවට යන්න බලමුද?”
“කටුපිලට නෙවෙයි වරහනටම
යන එකයි ඇත්තේ.... මට දැනෙනවනේ... මං හෙටත් ඇවිදින්න එපැයි.... ඊළඟ වතුර ටැංකිය
ළඟදි මං නවතින එක නවතිනවාමයි! ආයේ දෙකක් නැහැ ඕං!”
මං එහෙමය. අනේ, එහෙමය කියන්නේ
ආඩම්බරයකින් නම් නොවේ.
මගේ හිත හයිය වුණත්, අත්දැකීම්වලින්ම ගතට දැනෙන; සිරුරට
දැනෙන; සිරුර කියන දේවල් තේරුම් ගන්නටත් යම් තරමක හෝ හැකියාවක් දැන් මට තිබෙන හින්දාය.
...... සිරුර කියන කතන්දර මොළයෙන් තේරුම් ගන්නට දැන් මට.......... |
“හරි, හරි.... දෙන්න
මාමේ ඔය බෑග් එකයි පුටුවයි දෙකත් මට. එතකොට මාමාට ලෙහෙසියිනෙ...”
“පිස්සුද හිච්චි. මගේ
අනික් බෑග් ඔක්කොම දැනටත් එක-එක්කෙනා අතේනේ. මේ දෙක මමම අරන් එන්නං.” දැනුත් මට
හිතෙන්නේ අපේ දිගුකාලීන මිත්‍රයන් වගේම, අලුත්ම මිතුරනුත් ඒ ගමනෙදී මං හින්දා
කොච්චර කරදර විඳින්නට ඇතිද කියන එකයි!
එහෙම යද්දී ඊළඟ වතුර
ටැංකියත් හමුවුණේය. එතැන හතර වටේම අලිබෙටිය; කඩා දැමූ අතු-රිකිලිය; තළා දැමූ
පඳුරුය.
“මෙතැන කොහොමද අයියේ නවතින්නේ?” – “මේක අලිමංකඩක් වගේ, පේනවනේ විදිහ?” මගේ
හකුලන පුටුව දිග ඇරගෙන හිටිද්දී මටත් ඒවා නොපෙනුණා නොවේ.
යන ගමන් මඟ මළත් කරන්නට
දෙයක් නැත. මං හින්දා තවත් කට්ටියක් අනතුරේ දමන්නට පුළුවන්ද?
“යං!”
කවුරුන්වත් කිසිවක් කිව්වේ නැත. ගොළුවෙලා ; මුඛ බන්ධනයකට ගොදුරු වෙලා වගේ ... (foto- කසුන් ප්‍රියලාල්) |
මම නැඟිට්ටෙමි. ඉදිරිය
බැලූවෙමි. කවුරුන්වත් කිසිවක් කිව්වේ නැත.
කතරගම දේවාලයේ ගිනි පාගන වෙලාවේ දිදුලන
ගිනි අඟුරු කන්දරාව දැකලා ගොළුවීලා වගේ; සමූහ මුඛ බන්ධනයකට ගොදුරුවෙලා වගේය.
එහෙම
විනාඩි දහයක් විතර ඇදෙද්දී.....
දඩ-බඩ-දකඩ-බඩ-දකඩං
බඩ.......
තවත් ට්‍රැක්ටරයක්...... ට්‍රේලරයකුත් ඈඳූ එකක් ආවේය. ආයෙමත්
ඉල්ලීමක්....
ට්‍රේලරයේ ලොකු හිස් බැරල් තුනකුත් තිබුණේය. හමුදා භටයන් කිහිප
දෙනෙකුත් සිටියෝය. “අනේ සර්, මේ මාමා කියයි බහින්න ඕනේ තැන. ඊළඟ ටැංකිය ළඟින්....”
මං ට්‍රැක්ටරයට අමුණා
තිබුණු උස ට්‍රේලරයට නැංගා නොවේ; පොල් ගෝනියක් වගේ උස්සලා පැටවුණාය; ඉන්දිකත්,
සුජීත් දෙන්නා විසින්ය.
“ඉබ්බෝ, උඹත් නැගහන්... නැති නං මාමා විතරයිනේ....”
වෙනින්
කවුරුන්වත් ට්‍රේලරයට නැංගේ නැත. දවල් ට්‍රැක්ටර් ගමනේ සවිස්තර වාර්තාවක් ඒ
වෙද්දීත් හැමෝටම ලැබී තිබුණු නිසා වෙන්නට ඇතිය.
ඒත් මර්විනුත් එයට නැංගේ ‘උඹලා
විතරනේ, බං’ කියමිනි. අපේ බෑග් ටික නම් මාව පැටවුණු විදිහටම පැටවුණේය!
හොඳටම මහන්සිවෙලා, ඇතිවෙලා පාද යාත්‍රාවේ යන පාරේම නැවතිලා, වැතිරිලා.......... |
අප ඊළඟ වතුර ටැංකිය තබා
තිබුණු තැනට යැවෙන්නට මුල පිරුණේ එහෙමය. අප එතැනට යනකොටත් යාන්තමට අඳුර ගලමිනි. අපි
බිමට බැස්සෙමු; බිමට බැහැගෙන අඩුම-කුඩුම සේරම බාගත්තෙමු.
ඒ අතරේ එතැන වතුර
ටැංකියේ ආරක්ෂාවට හිටි සෙබල සොහොයුරන් දෙන්නා ට්‍රැක්ටරයේ පැමිණි ප්‍රධානියා සමඟ
සීරියස් කතාවකය.
ප්‍රධානියා අපේ මර්වින්ට කතා කළේය.... විනාඩියෙන් මර්වින් මා ළඟය.
“නිමලෝ, හරි වැඩේ. මෙතැන
ඉන්න සොල්ජර්ස්ලා දෙන්නත් ආපහු යන්නයි හදන්නේ. අද දවසෙම මෙතැන අලියෙක් කැරකි-කැරකී
ඉන්නවලු. හෙට උදේට මෙතැන තියෙන වතුර ටැංකියත් වෙනින් තැනකට ගෙනියන්නලු හදන්නේ.....
මෙයාලා කටුපිලට යන ගමන්... අපිත් එහාටම යමුද?”
“මඟුලක් කතා කරනවා....”
ඔහොම වෙලාවට මගේ කටෙන් වචන පනින්නේ කිසිම තිරිත්තමක් ඇතිව නොවේ. ඒත්, මගේ
යහළුවන්ගේ හොඳකමට- ගුණ යහපත්කම්වලට පින් සිදුවන්නටය, තවමත් මගේ ‘හොම්බ’ රිවට් වෙලා
නැත්තේ.
ඇයි යකෝ කරුවල වැටීගෙන එනවා පේන්නෙ නැද්ද? අපි තවත් දුරට ගියාම පස්සෙන් ............. |
“ඇයි යකෝ කරුවල වැටෙනවා
පෙනෙන්නේ නැද්ද? අපි එහාට ගියාම අපේ පස්සෙන් එන මිනිස්සුත් කටුපිලටම එන්න ඕන නේද?
මෙතැන ඉන්න බැරි නං තමුසේ යනවා...
අලියා නෙවෙයි මහසෝනා හිටියත් මාත් මෙතැනම
ඉන්නවා.... කලින්ම මං කිව්ව තැනක නතර නොවුණු එකේ, ඕනි මඟුලක් වෙච්චාවේ!”
“.... ව්‍යායාමය
පිණිස නිතර ඇවිදින කෙනෙකුට වුණත් කිලෝ දහය-දොළහක අඩුම-කුඩුම පිටේ එල්ලාගෙන, දවස්
කිහිපයක් ඇතුළත දුෂ්කර මාර්ගයක දැඩි උණුසුම මැද්දේ කිලෝ මීටර් සීයක් පා ගමනින් යාම
භයානක වැඩක්;
සෞඛ්‍යය සම්බන්ධයෙන් කෙරෙන අවදානම් ක්‍රියාවක්.
-ඒත් පාද
යාත්‍රාව ගැන සිහින මවමින්, බිය වෙමින්, එය හිතින් අත්හැරගැනීමට බැරි වීමෙන් අදහස්
කරන්නේ කුමක්ද?
පාද යාත්‍රා කිරීමට කැමැත්තෙන් ඉන්නා බව නෙවෙයිද?
යම්කිසි දෙයකට බිය නම්, ඒ බිය අතික්‍රමණය කිරීමට .............. |
-යම්කිසි
දෙයකට බිය නම්, බිය අතික්‍රමණය කිරීමට ඒ හැඟීම ඉතා කුඩා කොටස්වලට කඩා, කුඩා බියවල්
එකින්-එක මථනය කළ යුතුයි..... හැදෑරිය යුතුයි.
-අපටත්
වඩා අපේ නඩේ ගුරා වන නිමල් අයියා ඉතාම ක්‍රමානුකූල හැදෑරීමක් අප හැම දෙනා
වෙනුවෙන්ම සිදු කළා.
කෑම වේල් ගණන, සරලම සහ රසවත්ම කෑම, ඒවායේ බර, දිනයකට යන දුර,
දිනයකට අවශ්‍ය පානීය ජලය ප්‍රමාණය ආදී වශයෙන්.
-නිමල්
අයියා ගනුදෙනු කරන්නේ ඒ තරම් ක්‍රමානුකූලව නිතිපතා, සතිපතා ජීවිත විශ්ලේෂණය කර වැඩ
කරන අය සමඟ නොවේය යන දේ තේරුම් නොගැනීම එයාගේ දුර්වලකමයි. චේතනාන්විතව නොවුණත්
එයාගේ හිතේ සාමය නැති කරන්න මෙම අවිද්‍යාව නිතර හේතුකාරක වෙනවා.....”
පැණි කුරුල්ලෙකු සීරුවට පැණි උරනවා වගේ නොරිදෙන විදිහට තඩි ටොක්කක් .............. |
කොහොමද අපේ දොස්තර
අයස්මන්ත මහත්තයා 2013 මා ලියූ ‘හරෝහරා’ අත් පිටපතේ තැනකට සපයලා තිබුණු ඌණ පූරණය.
ඔළුව අතගාලා තඩි ටොක්කක් ඇනලා තුබුණා හරිම ලස්සනට.
ඒ ටික මෙතැනට දැම්මේ නං, සමහර
වෙලාවට මං මෝඩ වුණත් දැඩි තීරණ ගන්න බව තේරුම් කරවන්නයි.
එදා කටුපිල ආරටම නොයන්නට
මං තීරණය කළෙත් ඒ වගේ.
අපරාදේ කියන්න බැහැ,
මර්වින් හොඳ ඉවසිලිවන්තයා....
මැදිහත්කරුවා වෙන්න බොහොම මනාප ඇත්තා.
මිනිහා ගිහින්
අර හමුදා ප්‍රධානියා එක්ක මොනවා කිව්වද කියලා නං මං අද වෙනතුරු ඇහුවේ නැහැ.
හැබැයි
ඒ කතාවෙන් එක ප්‍රතිඵලයක් නම් අත්වුණා; එවෙලෙම. එයාලා නික්මිලා ගියා.... එක
සෙබලෙකුවත් එතැන නොඉන්න හිටපු ඒ රාත්‍රියේ, එදා රෑ හමුදා සොහොයුරන් හතර දෙනෙක්ම නවත්තලා!
අර මේජර්ගෙ ඇස් ඉදිරිපිට මේකා අඬපු ඇඬිල්ලටයි- පින්සෙන්ඩු වෙච්චි විදිහටයි ..... |
“මර්වියා ගිහින් අඬපු
ඇඬිල්ලටයි- පින්සෙන්ඩු වෙච්චි විදිහටයි ඒ මේජර්කාරයාටත් ඇඬිලා! මේකා කිව්වලු- අනේ
බුදු සර්.... වැඳලා කියන්නං, අපේ ආරස්සාවට අද රෑට සොල්ජර්ස්ලා කීප දෙනෙක්
නොතිබ්බොත් මර බයටම මං මැරිලා ඉඳියි කියලා......”
එදා සිදුවීම පස්සෙන්-පහු මිත්‍රයෙක්
අර්ථ කථනය කළේ එහෙමය.
හිතාදර රසික ඔයාලා
දැනටමත් ‘නිදි’ ගැන දනිති.
මා කරන්නේ තීන්දු රසිකයන් පිට පැටවීම නොවේ.
හැකිතාක්
සත්තවාදී- අපක්ෂපාතී තොරතුරු සියල්ලම වාර්තා කිරීම පමණි.
I provide, You decide!
මර්වියා මැරෙන්නේ අලි ගහලා නෙවෙයි... හමුදාකාරයාගෙන් වෙඩි කාලා.....(foto- උදේනි අල්විස්) |
“තව පොඩ්ඩෙන් මර්වියා මැරෙන්නේ
අලියා ගහලා නොවෙයි. හමුදාකාරයෙකුගෙන් වෙඩි කාලා... අලියා හින්දා යන්න හදපු එයාලව
එතැන නවත්තලා ගියේ මේකගෙ කීමටනේ.... අලියා ආවා නම්.....”
එහෙම අරුත් සැපයෙන
කතන්දරත් දැන්-දැන් ඉඳහිට කියවෙයි.
“නැහැ මචං, එදා ඉඳලා
මර්වියාගේ ඇඟේ ලේ නැහැ. තිබ්බ ඩිංගත් එදා බයටම වතුර වෙලා!”
ඔන්න මර්වින්, මං සේරම
වාර්තා කරලා තියනවා.
සහෝදරයෙකු විදිහට මගේ යුතුකම කියලා හිතුණු නිසා.
එතකොට කවදා
හරි බොතේජු පරම්පරාවේ ඊළඟ උරුමක්කාරයොත් දැනගනියිනේ ‘මර්වින්’ කියන්නේ එසේ-මෙසේ
පොරක් නෙවෙයි කියලා.
වතුර ටැංකිය හරියේදී ඊළඟ යුද්ධය කරන්නට වුණේ දර හොයාගන්නටය! |
ඉතින් ඊළඟ යුද්ධය තිබුණේ
දඩි-බිඩියේ දර ටිකක් හොයන්නටය.
ඒ වෙනකොටත් ලොකු ලී කොටයක් යාන්තමින් නිවී-නොනිවී
දුම් ගහමින් තිබිණි. රෑට කන්නට මොනවා හරි උයාගන්න එපායැ. කෝ ඒකට දර?
“අලියා කැලේ
අස්සේ හිටියත් පේන එකක් නැහැ ඇඳිරියෙ. කොයිකටත් වැඩිය අස්සට යන්න එපා....” හමුදා
භටයෙකු කිව්වාම අපේ දෙතුන්-දෙනාට හොඳටම අවුල්ය.
“බිස්කට් එකක් කාලා තේ
එකක් බීල පිරිමහ ගනිමු! ඒ මදැයි!”
“හමුදාවේ හතර දෙනාට නං
රෑ වෙලා කෑම බෙදාගෙන යයි.”
“පව් කියලා අපිටත්
දෙන්නයැ. දොළොස් දෙනෙක්නේ!”
විස්කෝතුවලින්
පිරිමහගන්නා යෝජනාව ක්‍රියාත්මක කරන්නට ඉඩක් නොලැබුණේ පයින් ආ පිරිසත්, වැඩි
වෙලාවක් නොගිහින්ම එතැනට සේන්දු වුණු
හින්දාය. එයාලාත් එක්කම එකතුවී, කට්ටියම කලබලයෙන් දර ටිකක් එකතු කරගන්නට සමත් වුණු
හින්දාය!
‘අලි බය’ කැලේ වැදුණේ, අපේ ‘ඝෝෂකයන්’ දෙතුන් දෙනාගේ සද්දෙට බයේ අලියා
වුණත් කැලේ වදින්නට ඇතැයි කවුරුන්දෝ කී හින්දාය.
හාන්චිපයිස්වී ඉඳිද්දී මෙහෙම තේ කෝප්පයක් ගැන හිතන්නටවත් යාල කැලය මැදදී.... |
තේ එක හැදෙද්දීත් ඉන්දික
මුල පුරලා ඉවරය.
“මොනවද මාමේ රෑට හදන්නේ...” මනුස්සයා මගෙන් එහෙම අහලා තිබුණේ උත්තර
ඕනෑකමකට නොවේ.
මට එහෙම හිතුණේ එයාම උත්තරයත් දුන්නු නිසාවෙනි.
“අපි පිටි ගෙනාවා මාමේ,
රොටි හදන්න.... රෑට කමු රොටි. මං ගහන්නම්!”
කරුවලේ එහෙම වැඩ මට නං
අරහංය. අපට ලන්තෑරුමක්වත් තිබුණේ නැත. “එනකොට හැමෝම ටෝච් එක ගණනේ ගෙනෙන්න ඕනේ!”
නිසි බලධරයා විදිහට මං අපේ කණ්ඩායමට දැනුම් දීලා තිබිණි. කීකරුවී උන්නේ මර්වින්
පමණි.
“ෆෝන් එකේ ලයිට් එක තියෙනවනේ...” ඒ අනෙක් පණ්ඩිතයන්ය.
“හරි, එහෙනම් ඉන්දික ඔයා
රොටි හදන වැඩේ කරන්න. මම දුවන ලුනුමිරිසකුයි, කරියකුයි හදන්නං.... හිරූ...
දෙනෙත්... මොනවද ඔයාලගේ මලුවල වැඩියෙන්ම තියෙන ජාති? බලමු!”
හිරූත් දෙනෙතුත් පාද යාත්‍රා ගමනේදී බර-බද්දල් උස්සාගෙන ගියේ දන්නා තරම් ශිල්පෝපක්‍රම.... |
ඒ නඩයේ ගැටවරයන් දෙන්නා
විතරක් නොවේ, අපේ ජයශංඛත් කිට්ටුවට ආවේය. “අනේ මහප්පේ, මුන් දෙන්නාගේ බෑග්වල
විතරක් නෙවෙයි. මගේ බෑග් එකෙනුත් එළවලු ගන්නකො.”
සේරම අඩුම-කුඩුම
උස්සාගෙන යන ගමනකදී අවුන්සයක් වුණත් හොණ්ඩරයක් තරම් බරට දැනෙන්නට ගන්නේ පහු-පහු
වෙලා කොහු-කොහුවීගෙන යද්දීය. අත්දැකීම් තියෙන අයට නම් එය රහසක් නොවේ.
සිරිපා කරුණා
කරද්දී ‘කෝඩු’කාරයන්ට වැඩියෙන් බර පටවන්නේ පුංචි මෝහන මන්තරයකුත් මතුරමිනි. ‘සුමන
සමන් දෙයි හාමුදුරුවෝ කෝඩුකාරයන්ට බර දැනෙන්න දෙන්නෙ නැහැනේ!’
ඒ ගමනේදී; සමනල ගිර තරණය
කරද්දී එහෙම වෙනවා යයි කිව්වත්, පාද යාත්‍රාවේදී නම් ‘කෝඩු’ලාට බර උස්සාගෙන යන්නට
කඳ සුරිඳුන් උදව් වෙන විත්තියක් කියවෙන්නේ නැත.
හැබැයි ඉන්දිකලාගේ නඩයේ
කෑම-බීම-වළං-පිඟන් වගේ දේවල් තිබුණේ දෙනෙත්, හිරූ හා තිලක් ළඟය. දෙනෙතුයි, හිරූයි
ඒ බර-බද්දල් ගෙනිච්චේ, බර උස්සාගෙන යා හැකි සියලුම ශිල්පෝපක්‍රම යොදමිනි. එහි ප්‍රතිඵල
පෙනුණේ එදා හැන්දෑවේ බෑග් පිරික්සද්දීය!
එදා රාත්තිරියේ කපන-කොටන, ඒදන, උයන-පිහින වැඩ සේරම කරගන්නට වුණේ ටෝච් එකක එළියෙන්ය! (foto- නෙවිල් අනුරසිරි) |
පිපිඤ්ඤාවලින් හා
තක්කාලිවලින් බාගයක්ම තැලී ගිහින්ය. වම්බටුත් එහෙමය.
ඒ මදිවාට සිලි මලුවල ඔතා,
ගැටගසා තිබුණු නිසා ඒවා තැම්බිලා- කුණුවෙලාත්ය. ෂොපින් බෑග්වලම තිබිලා අර්තාපල්,
බී ළූණු දෙවගයෙන් කොටසකුත් අර පාරේම යන්නට පටන් ගෙනය.
තැලී- කුණුවී තිබුණු ඒවා
විසි කර යහමින් අලත්, තක්කාලිත්, බී ළූනුත් දාලා උකුවට හැදූ ‘මසාල කරිය’ අසමෝදගම්
හා සූදුරු ඇට දෙවගයත් දාලා තෙම්පරාදු කරද්දී පලාතම මිහිරි සුවඳකින් පිරුණේය.
හීන්
නාරංවලින් හැදූ ලුනුදෙහිත් දාලා හදන ලුනුමිරිසට නෙවිල්ලා ළූණු -කොච්චි කපලා දුන්නේ
ගිනි ගොඩේ එළියෙනි.
අලියාට බයෙන් බෝකොට
තිබුණු ගිනි මැලය ළඟටවී බාගෙට rost වෙන්නට අකැමැති හින්දා මං හිටියේ සෑහෙන්නට
ඈතින්ය.
එළවලු කැපුවේ, ඒදුවේ, ලුනුමිරිස ඇනුවේ; සේරම කළේ මගේ විදුලි පන්දමේ එළියෙන්ය.
ඒ වැඩේ කෙරෙද්දී ඉන්දික
රොටි ගහන වැඩේ සුජී, මර්වින්, නෙවිල්, දෙනෙත්, හිරූ, ජයශංඛ යන දුසිම් බාගයකගේ ඇඟේ
ගහලාය! එච්චර?
බෙල් එක වැදුණා, ළමාාායි!
ඒ ‘ගහන පාඩම’ ලබන සුමානේ!!