“මං ඉංජිනේරුවෙක් නෙවෙයිනෙ නෙවිල්, ගේ හදද්දි ඇවිත් බලන්න.”
“එහෙනං දැනුත් සද්ද නොදා ඉන්නවා හලෝ. ඔයා මෙව්වට කර ගහන්න එන්නෑනෙ... අම්මට ඕනි විදිහටනෙ
වැඩේ කෙරෙන්න ඇත්තේ.”
“වෙන්න
ඇති! ඒත් නෙවිල්, අම්මම කිව්වනේ මේ ඉලව්ව හදන්න ලක්ෂ අසූවක් ගියයි කියලා...”
“ලක්ෂ අසූවේ කතාව නං අම්මා මටත් කිව්වා ලොකා.”
“මානෙල් මේ, ඔයාලගේ ලොකාව තවත් අවුස්ස ගන්නද ඔයාටත් ඕනේ? ඔයාල අම්මගෙ සල්ලි- ඒ මනුස්සයා
කැමති විදිහට වියදං කරනවා. ඒකනේ මෙතැන
වෙලා තියෙන්නේ. තව මොනවද...”
තමුසෙලා අම්ම විතරද
පන්සිල් අරගෙන බොරු කියන්නේ? (1996-98 විතර අපේ අම්මයි මමයි) |
“හලෝ මේ, තමුසෙලා අම්ම විතරද පන්සිල් අරගෙන බොරු කියන්නේ?
හැමදාම; හැම මඟුලේදිම පන්සිල් ගන්න මැති-ඇමැතිවරුත් මුසාවාදා සිල් පදේ කිව්වට
පස්සෙ ඔය ඕනි තරං පච කෙළින්නේ... පන්සිල් දුන්නු හාමුදුරුවරු ඉස්සරහම. එහෙම පච
කෙළලා -එහෙම නේද අපෙ හාමුදුරුවනේ- කියල අහනකොට, හාමුදුරුවරුත් සද්ද නැතුව ඉන්නේ.”
“ඒ ගොල්ලන්ට ප්‍රතිපත්තියක් තියෙනවද මනුස්සයෝ... ලෝකෙට පේන්න විතරනෙ සේරම සෝබන.”
“දැන් මෙයා එහෙම කිව්වට මානෙල් නංගි, මේ දිසානායකත් කාලයක් හිටු කියලා දේශපාලකයන්ට
කඩේ ගියපු එක්කෙනෙක්නෙ...”
“අනේ මේ නෙවිල් අයියේ,
දැන් ඇති. ඔය දෙන්නගෙ වාදේ නවත්තමු. නැත්තං දකින මිනිස්සු හිතයි ඔයාලා දෙන්නා තරහකාරයෝ
දෙන්නෙක් කියලා.” මානෙල් හිනා වෙවී මැද්දට පැන්නායිනුයි අපි කට පියාගත්තේ.
“ලොකා, අපි මෙහාට ආව වෙලාවේ ඉඳලා අපේ සුරංගගෙන් බේරිල්ලක් නෑ ස්විමින් පූල් එක ළඟට
යං නාන්න කියලා. අරහේ මල්ලිකා අක්ක විතරයි කුස්සියේ. ඔයාලා සුරංව පූල් එක පැත්තට
එක්කං යනවද, මමත් මල්ලිකා අක්කට ටිකක් උදව් වෙනකල්...”
මගෙත් නොසැලකිල්ලක තරම!
අම්මාගේ අලුත් බංගලාවේ අඩුපාඩු ගැනම කියෙව්වා මිස, මෙච්චර වෙලාවකට හොඳක් කියන්නට
බැරි වෙච්චි හැටි.
අපේ සුනිල්ලා කර තිබුණු
ලොකුම හපන්කම, ඒ කඳු මුඳුනේ ගෙවත්තේ පිහිනුම් තටාකයක් සෑදීමයි. එයාලා ඒක හදා
තිබ්බේ පිහිටි කළු ගල් පොත්තක් උඩයි. ඒ නිසා පිහිනුම් තටාකයේ පතුල නං සමතලා නැත.
එහි එක අන්තයක් විතරකි, අඩි හත-අටක් ගැඹුරට තිබ්බේ. වැඩි හරියක් නොගැඹුරුය.
“පිහිනුම් තරග තියන්න නෙවෙයිනෙ අයියෙ... මේ මදැයි! අම්මත් කිව්වා- ඔයාල මේක
නිසාවත් වැඩි-වැඩියෙන් මෙහාට එවෙයි කියලා.” අපේ ළඟට ආව සුනිල්, තවත් පුංචි රහසක්
හෙළි කළේ එහෙමයි.
“එහෙනං ඒක තමයි අම්ම
පහුගිය ටිකේ හාර-හාරා මගෙන් අපි රෝයල් එකේ swimming pool එකට යන ගමන් ගැන අහන්න
ඇත්තේ...”
”සුනිල් අයියේ, පීනන්න නං- මෙහාට එනවට වැඩිය අපිට ළඟයි Royal Collage එකේ පූල් එකටම
යන එක. මෙහෙට ඇවිත් පීනල යන්න නං එංගලන්තෙන් වෙනම ඉන්ධන දීමනාවක් මට එවන්න වෙයි!
මොකද, නිමල් දිසානායක රුපියලකවත් තෙල් ගහන එකක්යැ?”
“ඒත් නෙවිල් ඒ පූල් එකට යන්න පුළුවන් ඔයාල දෙන්නටයි, කුමුදුටයි, මර්වින්ටයි විතරනේ...
මෙහෙ එ..හෙ..ම සීමාවල් නෑ- අය කෙරිලි නෑ. ඔයාලගේ යාළුවොත් ඕ..නි තරං එක්ක එතෑකිනේ.”
“එහෙම එක්ක ආවත් ඉතිං මටම
තමයි කරදරේ! නැත්තං මර්වින්ට... නේද මචං. මොකෝ මෙයාලට වාහන තියෙන එකක්යැ?”
“අනේද කියන්නේ මචං.” මර්විනුත් අලගු තිබ්බේ ආඩම්බරෙන් වගෙයි.
ඉස්සෙල්ලම හම්බ වෙන
පාරේ ‘නිසලගිරි උයන’ කියලා පුවරුවකුත් තියෙනවා. ඊට තරමක් එහායින් තමයි ‘ශ්‍රී
ධීරානන්ද මාවත’ තියෙන්නේ. |
දැන් නං මර්වින්ටත් කාරයක් තියෙනවා. හැබැයි එදා තිබ්බ පුරුදුම තමයි, ඒ යෝදයාට
තවමත් තියෙන්නේ.
මිනිහා වාහනේ සුක්කානම
අතට ගත්තට පස්සේ- පාරේ දුවන වෙන කිසිම වාහනේකට ඒක පහු කරගෙන යන්න බෑ!
(එහෙම යන්න ලේසිත් නෑ. මොකද, මර්වින් හැටට හැටේ වාහනය එලවන්නේ පාර පුරා හින්දා. මං
වහන්සේ නං ඒකට කියන්නේ zig-zag ගහනවා කියලයි.) කාගේ හරි වාහනයක්, මර්වින්ව over-take
කරගෙන ගියොත්- ඒ තත්පරේදීම මිනිහට නිකංම ‘චඃ’ කියල කියවෙනවා. එතන ඉඳන් ‘චඃ චුඃ
චැඃ’ වකාරයයි!
දවසක් හරි වැඩක් වුණා!
දවසක්ය කිව්වේ, ගෙවැදිල්ලෙන් මාස ගණනාවකට පස්සේ දවසක- හොඳේ.
ඒ නිවාඩු දවසෙ, ඔය කලින් කියපු
මිත්තරයන්ගේ වාහන දෙකේ අපි හොරණ ගෙදරට ගියා, කෑමත් උයා පිහාගෙන. නෙවිල්ගේ වාහනේ
මායි, මානෙල්ලගේ ගෙදර කට්ටියයි. මර්වින්ගේ කාර් එකේ ඉන්දිරා- ගීතා ඇතුළු පස්-හය
දෙනෙක්.
අපි එහාට ගිහිං, නාලා-
කාලා- සිංදු කියමින් ඉඳලා හවස තේත් බීලා ආපහු එන්න පිටත් වුණා.
ඔය නිසලගිරි උයනට යන්න
පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. කොළඹ පැත්තේ ඉඳලා දිවෙන හොරණ- රත්නපුර ප්‍රධාන
පාරටමයි ඒ පාරවල් දෙකම සම්බන්ධ වෙන්නේ. ඉස්සෙල්ලම හම්බ වෙන පාරේ ‘නිසලගිරි උයන’
කියලා පුවරුවකුත් තියෙනවා. ඊට තරමක් එහායින් තමයි ‘ශ්‍රී ධීරානන්ද මාවත’ තියෙන්නේ.
ඒ පාරවල් දෙකෙන්ම අපි ආව-ගියා.
(මේ පාරවල් දෙකට මැදි වෙන්න තමයි ‘TPS International Horana Werehouse’ එක
තියෙන්නේ.)
ඉතිං එදා පිටත් වුණු කාර් දෙකෙන් නෙවිල්ගේ වාහනේ ගේට්ටුවෙන් දකුණු පැත්තට හැරෙව්වා.
“අන්න නෙවිල් අයියේ, මර්වින්
අයියා මේ පැත්තට නැතුව අනිත් පැත්තට හැරෙව්වා!” පිටිපස්ස බලපු මානෙල් කිව්වා.
“ඒකා ඉස්සර කරන්න වගෙයි හදන්නේ.” නෙවිලුත් ටිකක් වේගය වැඩි කළා.
“යං යං අපිත් පාගල යං, නෙවිල් මාමේ...” සුරංග; මානෙල්ගේ ලොකු පුතා කිව්වේ සීට් එකේ
අද්දරටම ඇවිත්...
“හුරේ! එයාලා පරාදයි
නෙවිල් මාමේ. ඔයා දිනුම්!!”
සුරංග හුරේ දැම්මේ, ප්‍රධාන පාරේදී... මර්වින්ගේ කාර් එක අපට පිටුපස්සෙන් එන හැටි
දැකලයි.
“හඃ! එයා කොහෙද සුරං මේ නෙවිල් අනුරසිරිව පරද්දන්නේ. මම කටුකුරුන්දේ කාර් රේස් පදින්නත්
යනවා තව ඩිංගෙන්. කොහෙද- අපේ අම්ම බය වෙලා
එපාම කිව්වනෙ.”
අර යක්ෂ පැටියට දැන්
පිස්සු තදවෙලයි ඉන්නේ. මෙහෙම ගියොත් මර්වින් වාහනේ මොකක හරි ඇන ගන්නවා ෂුවර්! |
“ඇත්ත වෙන්නැති සුරං. එයා කියනවා, අපි අහගෙන ඉන්නවා...”
ඔය වගෙ කතන්දර අස්සේවත්
නෙවිල් මර්වින්ට ඉස්සර වෙන්න නොදීමයි, වාහනේ එලෙව්වේ. හොරණින් අපි කොට්ටාව පාරටත්
හැරෙව්වයි කියමුකෝ.
පීප්... පීප්... පීප්!
තවමත් මර්වින් අපේ පස්සෙන් පිඹගෙන එනවා. හෝන් එකත් ගගහා!
“නෙවිල්, අර යක්ෂ පැටියට
දැන් පිස්සු තදවෙලයි ඉන්නේ. මෙහෙම ගියොත් මර්වින් වාහනේ මොකක හරි ඇන ගන්නවා ෂුවර්.
ඒ මනුස්සයට ඉස්සර වෙන්න දෙනවකො.”
“ඔව් නෙවිල් අයියේ... ලොකා කියනවා වගේ...” මානෙල් කියන දේ අහගන්නට නෙවිල්
යාන්තමින් හැරුණා විතරයි...
මර්වින් ඊතලයක් වගේ
වේගයෙන්; වැරදි පැත්තෙන් කාර් එක ඉස්සරහට ගත්තා. එතකොට නෙවිල් වාහනය පාලනේ කර
නොගත්ත නං...
දැන් ඉස්සරහින් යන
මර්වින්ගේ zig-zag ගැහිල්ල තවත් වැඩියි! වේගයත් වැඩියි!!
“අර මොකද නෙවිල් අර?” එච්චර
වෙලාම සද්ද නැතිව හිටි අපේ ගාමිණී ඉස්සරහට අත දික් කරලා ඇහුවා. “මර්වින් අයියගෙ
වාහනේ යටින්...”
අපි හැමෝම ඒ දිහාව බැලුවේ එතකොට...
හැබෑ නේන්නං. මර්වින්ගේ කාර් එක යටින් සැරෙන්-සැරේ ගිනි පුළිඟු විහිදෙනවා! හරිම
ලස්සන දර්ශනයක්...
“බොලේ... මර්වින් අයියගෙ
කාර් එක ගිනි ගන්නව නේද?”
“පිස්සුද මානෙල්. මොකක් හරි කෑල්ලක් බුරුල් වෙලා පාරේ ඇතිල්ලෙනවා වගෙයි.”
“මට පේන්නෙ ගාමිණී- සයිලන්සරේ තමයි ගැලවිලා තියෙන්නේ... කොහෙද, ඒ යකාට හෝන් එක
ගැහුවම මිනිහා ලෙල්ලටම පාගනවනේ...”
පාර පුරා පුංචි පහේ ජංගම
ගිනි කෙළි සංදර්ශනයක් පවත්වමින් දිගටම පිම්මේ ගිය අපේ මර්වින් බොතේජු ගොයියා ඉස්පාසුවක්
ලැබුවේ, කොට්ටාවේදී වාහනය නවත්තලාය! උන්නැහේ බිමට බැහැලා; දකුණත උස්සලා ඇඟිලිවලින්
V අකුර පෙන්නුවේ හිනා වේගෙන.
නෙවිලුත් ඒ එක්කම car
එකෙන් බැහැලා කඩිනමින් එතෙන්ට ගියේ පුපුරමින්. “දිගටම හෝන් කරද්දීවත් නවත්තන්න
බැරිද xත්තො?”
“ඒ මොකටද xකෝ? තොට මාව over-take කරන්න ලේසි වෙන්නද?”
“මඟුලක් නෙවෙයි යකෝ. උඹේ වාහනේ සයිලන්සරේ ගැලවිලා...”
“හෑ?”
ඒ වැඩේ මතක් කරමින් අපි
තවමත් හිනා වෙන්නෙමු.
මං ඒ විස්තර කියන්නට පීලි පැන්නේ පිහිනුම් තටාකය ගැන කියද්දීය. හොරණ ගෙදර swimming
pool එකට සම්බන්ධ තවත් රසබරම කතාවක් ඉදිරියෙදී කියන්නට ඉතිරි කරගෙනයි ඔන්න ‘ගෙට ගෙවැදුණු
තැනට’ ඔයාලාව ආපහු කැන්දන් යන්නේ.
හෙණ විසාල පිංකමක්
කරන්න. භික්ෂු- භික්ෂුණී- උපාසක- උපාසිකා සිව්වනක් පිරිස... |
“මොකෝ තමුසෙ ගෙට ගෙවැදිල්ල
කියන එක නිකං ඇදල-පැදලා කිව්වේ?”
“අයිය දන්නවද? මීට ටික දවසකට කලිනුයි නි..ය..ම ගෙවැදීම තිබ්බේ.” සුනිල් කිව්වේ වටපිට
බලල කවුරුන්වත් කිට්ටුව-පාත නැති බව තහවුරු කරං... හෙමිහිට.
“මොකක්ද යකෝ ඒ කතාවේ
තේරුම?”
“අයියා දන්නවනෙ අපේ මල්ලිකාගේ හැටි. ඉතිං, මල්ලිකා අම්මට යෝජනාවක් කළා. ගෙට ගෙවැදිල්ලත්
එක්කම අල්ලලා හෙණ විසාල පිංකමක් කරන්න. භික්ෂු- භික්ෂුණී- උපාසක- උපාසිකා සිව්වනක්
පිරිසම කැන්දලා කෙරෙන දානමය පිංකමක්. පිරිතකුත් කියවලා...”
“අම්මට සිරි! එක පින්කමෙන්ම ගොඩ!! අර වත්තේගෙදර xx හාමිනේ වගේ තනියෙන්ම දිවිය ලෝකෙ පැත්තක්
සින්න කර ගත්තැකිනෙ... සුනිල්.” ඊළඟ ප්‍රශ්නය විචාරන්නට කලින්, මට සිද්ද වුණේ ඇති
පදම් හිනා වෙන්නටයි. “ඉතිං අම්මත් කැමති වුණාද?”
“කැමති වුණාදත් අහනවා.
උඩින්ම කැමති වුණා. අපේ එළදෙනත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව- සුසිලාරාමේ මෑණිවරුන්ටයි,
ධම්මක්ඛන්ද හාමුදුරුවොන්ටයි තව හාමුදුරුවරු ටික දෙනෙකුටයි වැඩේ ගැන කිව්වා.”
අපේ පවුලේ පිංකම් ගැන කියද්දී නං මගේ ලොකු
නෑනණ්ඩි මල්ලිකා ගල්හේන උපාසිකාව ගැන නොකියාම බැහැ. සැරෙන් සැරේ ඒ ඇත්තී ගැන මං තමුන්නැහේලට
කිවත් එක්ක. එව්වයින් ‘දහ බලු කථා
වස්තුව’ post එකේදී ලියපු දෙයින් ටිකක් විතරක් උපුටල
පෙන්නුවම ඇති වෙයි, උන්දෑගෙ පින්තූරයක් මවා ගන්න!
‘... මල්ලිකා මැරෙන්න පණ බයේ හිටියේ, කොච්චර දාන-මානාදී පින්කම් කළත්. එව්වා කළේ වයසට යද්දී. කෙල්ල කාලේ එයාගෙ
අයියත් එක්කම බයිසිකල් පැද්දා. අපේ සුනිලුත් ඒ
කල්ලියට එකතු වෙලා අන්තිම වුණේ දෙන්නා එක්ක එකට ජීවන යාත්‍රාව පදින්න පටන් අරන්.
අපරාදේ කියන්න බැහැ, මල්ලිකා අපට අපේම සහෝදරියක් වුණා. එයා ප්‍රාර්ථනා කරගෙන හිටියේ දසසිල් මෑණි කෙනෙක් වෙන්න. අපේ සුනිලුත් ඒකට කැමැත්ත දීලයි තිබ්බේ. වැඩේ ගැස්සුනේ මල්ලිකා උපාසිකාවගේ එකම එක කොන්දේසියක් නිසා. සිල් මෑණි කතාව මතුවෙන හැම තිස්සෙම සුනිලා කිව්වේ එකයි.
"මට ළමයි දෙන්නත් එක්ක
තනියෙන් ඉන්න බැහැ. තමුසේ
සිල් මෑණි කෙනෙක් වෙලා මාස දෙක-තුනක්
යන්න කලින් මං වෙන ගෑනියෙක් ගන්නවා."
බැහැයි කියලා කොහේ
පිරිමහන්නද? |
ඉතිං, මෙදා පොටෙත් ලීලා ශ්‍රෝඩර් නැන්දම්මාට දිවිය ලෝකයෙන් ලොකුම ඉඩම් කට්ටියක් අයිති කර දෙන්නට ගිය සැදැහැවත් මල්ලිකා උපාසිකාවුන්ට නොහිතූ මරාලයක් කඩා පාත් වෙලාය.
“ඔව් අය්යේ, හත් දවසක් තිස්සේ කෙරෙන පිංකමට බර වියදමක් යයි කියලා කියවුණා විතරයි- අම්මා පස්ස ගහපි. -එක්කෝ ඕනි නෑ. මම දැනටමත් ගොඩක් පිං කරගෙන තියෙනවනේ. ඉන්දියාවේත් වන්දනාවේ ගියා, වතිකානුවටත් ගිහින් පාප් වහන්සේටත් වැන්දා...- කියලා ලැයිස්තුවක්මත් කිව්වා. ඊට පස්සේ මල්ලිකාගෙන් මටයි බේරිල්ලක් නැති වුණේ.” සුනිල් දැනුත් කියයි!
“අර මොකෝ සුනිල්?”
“ඇයි අයියේ, ඒ අම්මණ්ඩි පන්සල්වල හාමුදුරුවරුත් එක්කයි- සිල් මෑණිවරුත් එක්කයි කයිවාරු ගහලනේ. ඒ ගෑනි මට කිව්වා -දැන් ඉතිං අපේ වියදමෙන්වත් පිංකම කරමු-යි කියලා... බැහැයි කියලා කොහේ පිරිමහන්නද? හොඳ වෙලාවට මල්ලිකා ගිය සීට්ටුවකින් රුපියල් 75,000/-ක්ද කොහෙද ඒ මාසෙම හම්බ වෙන්න තිබ්බා. ඒකෙන් අපි දෙන්නා පිංකම කළා!”
“නෝනගේ
කොටහලුව වෙලාවේ මට
වෙච්චි වැඩේම තමයි, එහෙනං තමුසෙලටත් වෙලා තියෙන්නේ. තමුසෙලටත් හොඳ වැඩේ. ලස්සනම දේ
කියන්නේ සුනිල්, ඕවා එකක්වත් මට ආරංචි නොවුණු එකනෙ...”
ඒකට මොකුත්ම කියන්නට නොහැදූ සුනිල්, තව විස්තරයකුත් කිව්වේය.
“එදා පින්කමට ආව හාමුදුරුවරුයි, සිල් මෑණිවරුයි අපේ අම්මව වරුණා කරපු තරම තමයි වැඩේ... අම්ම විශාඛා මහෝපාසිකාව වගේලු. මේ වගේ සිරියාවන්ත- ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් දකින්න ලැබීමත් සම්පතක්ලු... අනේ ඇත්තටම අයියේ, සීලවන්තයි කියලා අපි ඉස්මුඳුනේ තියාගෙන ඉන්න උන්නාන්සෙලත් තණ්හාව ඇති වුණාම කොච්චර පහතට වැටෙනවද කියලයි එදා මට හිතුණේ.”
“ඇයි, අම්මා එංගලන්ත පට්ටන්දරත් දිග ඇරියද?”
"නැතුව, නැතුව. ඒත් ඒකම නෙවෙයි කාරණේ. හාමුදුරුවරුයි සිල් මෑණිවරුයි බැලුවේ අපේ motherව මුරුංගා අත්තේ උඩින්ම තියලා මේ ගෙදර ඩැහැ ගන්න.”
“ඈ?”
“අම්මා ශ්‍රද්ධාව පිරිලා ඉතිරිලා යන විදිහට කියවද්දී උන්නාන්සෙලත් ලණුව කෑවා.
අම්මගෙ හැටි දන්නෙ අපිනෙ. අපේ සල්ලි නැත්තං පිංකමත් හබක්! අපි ඒවා නොකියා ඉඳිද්දී
ඒ ගොල්ලෝ හැදුවේ මේ ගෙදර සාසනේට පූජා කරවන්න.”
හිටි ගමන් අපේ අම්මාට ‘ඉතාම අග්‍රගණ්‍ය මට්ටමේ නුවණක්’ පහළ වෙයි. විශේෂයෙන්ම කවුරුන් හරි දිගින්-දිගටම යමක් කරන්නැයි එයාව පොළොඹවන්නට යද්දී... එහෙම වෙලාවට, නිස්සද්දව හිටින අම්මා ‘හ්ම්’ කියන්නෙත් නැතුවම ගල් බීතව හිඳියි!
වෙනස්ම මහන්තත්ත;
අහංකාර; අධිපති චරිතයකට ආරූඪ වෙනවා! |
මාවත් මොකක්ද තනතුරකට පත් කරමුයි කිව්වා... රෑ වැටිච්ච වළේ දවලුත් වැටෙන්න ඕනිද අයියේ. මං එවෙලේම කිව්වා -මම නං කිසිම දේකට එන්නෑ- කියලා. එතකොට අම්මටත් වැඩේ වෙන්න යන විදිහ තේරිලා තිබ්බ වෙන්නැති... එයා ගල් බීත වෙලා අහගෙන හිටිය විතරයි. කට ඉස්සර කළේ නෑ.”
හොරණ ගෙදරදී කෙරුණු පළමුවෙනි පිංකමේදීම ඒක ශාසනයට පූජා වීම වැළකුණේ එහෙමලු!
ඒ කතාබහෙන්ම ලේ රත් වුණාට පස්සේ, මට ඕනි වුණේ ඉක්මනින්ම එහෙන් චුත වෙන්නයි.
“ආ පයින්ම ආපහු යන්න? පිස්සුද රංජි. බදුල්ලෙනුත් කට්ටිය එනවමයි කිව්වා. සෝම නංගි,
කඩේ නංගි එහෙමත් එයි- මං හිතන්නේ. එයාල එනකන් ඉඳල බත් ටිකක් හෙම උයාගෙන කාලම ගියා
නං ඉවරයිනේ, රංජි.” අම්මා එහෙම කිව්වේ, අපිව වැඩි වෙලාවක් එහෙ නවත්තගන්න බලාගෙන.
ඒත් මට ඕනි වුණේ පුළුවාාාාාාන් තරං ඉක්මනට එතැනින් පැන ගන්න...
දිගටම එතැන ලැගගෙන ඉඳලා,
බදුල්ලේ නෑදෑයන් ඉස්සරහ ලජ්ජා වෙන්න මං කැමති වුණේ නෑ!
මට එහෙම හිතුණේ නිකංම
නෙවෙයි.
සුනිල් මල්ලී කලින් දවසක අතුරු වගන්තියකින් ඉල්ලපු ඉල්ලීම
ඒ
වෙද්දීම ‘බල්ලට දමලා’ විත්තිය පෙනුණු නිසා.
‘... හැබැයි, ගේ හැදුවට
පස්සේ ඉච්චිකං කරන්න නං ලැහැස්ති වෙන්න එපා- ගෙදරට එන අයගෙන් අබ ඇටයක තරමේ
දෙයක්වත් බලාපොරොත්තු වෙන්නත් එපා. එන උදවියට උයාගෙන කන්න හරි ඇතිවෙන තරමට හාල්, පොල්, තුනපහ ගෙදරට
ගේන්නත් හිතා ගන්න...’ කියලනේ සුනිලා ඉල්ලීමක් කරල තිබ්බේ.
නමුත් කුස්සියේ හාල්-
පොල්- තුනපහ තිබුණේ දෙතුන් දෙනෙකුට පිරිමැහෙන තරමට විතරයි.
අම්මා කරන්න හදන්නේ පරණ සෙල්ලමක්ම තමයි! මට හිතුණා!!
මතකයිනෙ 92 අවුරුද්දේ
අපේ ගෙදරට ගෙවැදුණු දවසට පහුවදා, සුසිලලා කිරිබත්
ගෙනාවම
සිද්ද වෙච්චි
දේ කියද්දී ලියවුණා...
ඒ
දවස්වල අම්මා හිටියේ අපේ ගෙදරමයි, කියලා. එහෙම හිටිය පළමුවෙනි දවස් තුන-හතරෙන්ම මට
තේරුණා අම්මා එනපොට එච්චර හොඳ නැති විත්තිය. ගෙදරට කවුරු හරි ආව ගමන්ම අම්මා ‘වෙනස්ම
මහන්තත්ත; අහංකාර; අධිපති චරිතයකට ආරූඪ වෙනවා’ කියල මට හිතුණා.
‘මම ලක්ෂ ගාණක් වියදං කරලා ඔයාට ගෙයක් හදල දුන්නා. දැන් ඔයා ඒකට කළගුණ සලකන්න ඕනි.’
කියන පණිවිඩේ අම්මා ගොඩක් විදිවලින් මට නොකියා කිව්ව කියලයි මට හැඟුණේ.
අපි දෙන්නා විතරක් ඉන්න
වෙලාවක වුණත්, අම්මා කුස්සියට ගිහිං ඇතිළි- වළංවලින් කෑම බෙදා ගත්තෙ නෑ. ‘මට
බඩගිනියි, රංජි. කෑම ටික මේසෙට ඇරිය නං.’ අම්මා මට එහෙම orders දෙනකොට...
අපේ ගෙදරදී අම්මාට තේ එකක් දුන් විටෙක ‘ඇයි, පීරිසියක්
නැත්ද? ට්‍රේ
එකක තියලා නෙවෙයිද දෙන්නේ?’ වැනි ‘නෝනා හාමු පන්නයේ’ විවේචනාත්මක දේවල්
කියනකොට...
එහෙම දේවල් සිද්ද වෙද්දී මගේ
හිතේ නොරුස්නා ගතියක් ඇති වුණේ ඉබේමයි. එහෙම වුණේ අපේ අම්මා වුණත් මාව දෙකේ කොළේට දානව
වගේ මට දැනුණු නිසාද?
එහෙමත් නැත්තං මාත් පුරුෂාධිපත්‍යය පිළිගත් කෙනෙක් නිසාවත්ද?
හොඳට හිතන්න ඕනි!
එහෙම හිතල ඊට පස්සෙ තමයි ‘ප්‍රෝඩාරාමය හයවෙනි කොටස’ ලියන්නේ...