මේ මේ, හම්බන්තොට මිනිස්සුත් කෑම අහක දානවට කැමති නෑ. නොකා ඉතිරි කරනකොට එයාලා හිතන්නේ කෑම රස නැති හින්දා කියලයි...”
“අනේ නෑ, කෑම නං රසයි ඩොක්ටර්! මම කියන්නමයි හිටියෙ...”
“කොඩී, මෙන්න මේ නමියා කියනවා කෑම නං රසයි කියලා.”
”එහෙනං තව ටිකක් බෙදන්නං... මොනවද ඕනේ?”
ඇහුවේ කොඩී මිසීය. නමී දත්කූරු කමින් රවන්නේ අහිංසක මටය!
එවැනි ‘කොම්ෆෝට් කලාපයක්’ තිබේ නං... |
“දවල්ට කන්න හදපුවා කීයට කන්නෙයි, දැන් ඉතිං... සර්ලා දැන් නෙව බත් කාලා අත ගත්තේ.
ඒ නිමල් අයියේ, මම ඉතිං කෑම පාර්සල් දහයක්ම එතුවා- එහෙට ගියාම කන්න ඇහැකිනෙ ඔහෙලට...”
“ඔහෙලට නෙවෙයි, අපිට. ඔයත් යනවනේ අපිත් එක්ක...”
“හරි, හරි. ගණන් ගන්න එපා- වචනයක් චුට්ටක් වැරදුණා!”
චුට්ටක් නොවේ- ගොඩක්ම ලොකු වැරැද්දක්; ලොකු අවුලක් වුණේය. ඒ අරුගම්බෙදීය.
කොඩී මිසීලගේ ගෙදරිනුත්, ප්‍රියන්තලාගේ ගෙදරිනුත් සූදානං කර දුන් කෑම ජාති
කන්දරාවත්- අයස්මන්ත මහතාගේ වාහනයේ තිබුණු අපේ බඩු- ඇඳුම් මලු කන්දරාවත් නසාර්
රැගෙන ආ වෑන් එකට පටවාගෙන දෙබරවැවෙන් පිටත් වුණු අප, ඉසුඹු ලෑවේ අරුගම්බේදීය. ඒ මැදියම්
රාත්තිරියට පැය දෙකහමාරක් විතර වෙද්දීය.
Comfort Zone!
කලින් ගිහිං හුරු-පුරුදු තැනකදී අපට වැඩි පහසුවක් දැනෙයි. එවැනි ‘කොම්ෆෝට් කලාපයක්’
තිබේ නං එවැනි තැනකට යන්නටය අපි කැමති.
ආගන්තුක තැනකට ගියාම, ටික වෙලාවක් යනතුරු හෝ අපට පුංචි අපහසුවක් වැනි හැඟීමක් දැනෙනවා
නේද? මට නම් එහෙමය. අනෙක් අයටත් එහෙම දැනිලා වගෙය!
“ගිය අවුරුදු දෙකේදීම අපි තේ බීපු කඩේ තවම ඇරල තියෙනවද දන්නෑ...”
“යකෝ, මේ රෑ?”
“නසාර්, කොයිකටත් අපි ටිකක් බලාගෙන යමු... මතකයි නේද තැන...”
“අර තියෙන්නෙ සර්!”
මට නං ඕනි කළේ වාහනයෙන් එළියට බැහැලා, කකුල් දෙක ටිකක් නිදහසේ දිග ඇර
ගන්නයි. එතකොටත් කකුල් දෙකම තඩිස්සි වෙලා- හිරි වැටිලා තිබුණේ පැය හතරකටත් වඩා එකම
විදිහට වාඩි වෙලා ආව හිංදා.
“මොනවද කන්නේ? එළවලු රොටි... මසල වඩේ... උළුඳු වඩේ...” / “නසාර්, කොයිකටත්
මුදලාලිගෙන් අහන්න මේවා එළවලුද කියලා.” නසාර් අවනත වුණේය; ඇසුවේය- සිංහලෙන් නොවේ.
අරාබි බසිනි. ඒ මුස්ලිම් තේ කඩයකි. ඒකෙ මුදලාලි නසාර්ට උත්තර දෙන්නට කලින් කොත්තු
දමමින් උන් සේවකයාගෙනුත් ඒ ගැන අසා බැලුවේය.
“එළවලු රොටි සර්!” ඊළඟට අපට කීවේය.
“මෙන්න මචං මේ එළවලු රොටියේ බිත්තරත් තියෙනවා...” / “මඟුලයි! මේකෙත් පුංචි
කෑල්ලක්.” / “මගේ එකේ නං නෑ!” / “උඹේ එකට බිත්තර කෑලි අහුවෙලා නැතිවට මොකෝ මචං, මැද්දට
දාලා තියෙන්නෙ එකම කරියනේ... ඒවටත් බිත්තර mix වෙලා ඇත්තේ...”
ඒ මොහොතේ දිගින්-දිගට විග්‍රහ නොකෙරුණත්, අපේ ඇත්තන්ගේ පේ වීම එතැනදී දෙවෙනි වරටත්
අවුල් වුණේය!
එකම
තැනකින් ඇරඹී- එකම ගමනාන්තයක් කරා යන ඉලක්කයක් සහිතව- එකම මාවතක... |
අපට සිද්ද වුණු ඒ අලකලංචියෙන් වැඩියත්ම හිත රිදුණේ නසාර්ගේය. නසාර් වහාම
මුදලාලිට නඩුව කිව්වේය. මුදලාලි නොපමාවම ඒ එළවලු රොටි තසිම ළඟට ගෙන්නා ගත්තේය.
එකක් අතට ගෙන දෙකට කැඩුවේය; දෙවැන්නකුත්; තෙවැන්නකුත්... අපෙන් සමාව ඉල්ලුවේය-
ඊළඟට අර සේවකයාගේ හිස මත්තට බැණුම් වරුසාවක් වැස්සෙව්වේය.
පානමට යන තුරුමත් අපේ නඩයේ උදවිය analyze කරමින් ගියේ ඒ සිදුවීමයි.
“අපේ මිනිහෙක් නං, කියපු මිනිහගෙ ඇඟට ගොඩ වෙනව මිස තමන්ගෙ පැත්තේ වැරැද්ද
පිළිගන්නෙ නැහැනෙ කීයටවත්...”
“එළවලු රොටි තුනක්ම කඩල බලන්නෙත් නැහැනෙ!”
“මං හිතන්නේ, ඒ මිනිහා එළවලු රොටිවලට සල්ලි ගත්තෙත් නෑ වගෙයි.”
“ඒකනෙ මචං ඒ මිනිස්සුන්ගේ කඩ එන්න-එන්නම දියුණු වෙන්නේ!”
“කඩ කෙරුවාව ගැන නෙවෙයි මචං, දැන් පොඩ්ඩක් සෝදිසියෙන් බලාගෙන යමල්ලා...
පානම ඉඳල ඔකඳ දේවාලේ ගාවටත් කිලෝ මීටර් විස්සක් තියෙනවා...
දවල්ටත් අලි ඉන්න එකේ...”
“අලි නෙවෙයි මොක්කු හිටියත් දිසානායක නං නිඳි ඇති මෙලහටත්...”
“උගේ නමේ හැටියටනෙ නෙවිලෝ නිදි වැඩ කරන්නේ...”
“ඇයි දැන් මොකක්ද වෙන්න ඕනේ? ඇස් දෙක පියාගෙන හිටියට මං නිඳාගෙන නෙවෙයි යක්ෂයිනෙ
ඉන්නේ.”
“එහෙනං ෂුවර් එකටම මූ කල්පනා කරනවා ඇත්තේ මචං, මුගේ චීත්තවාහිනියට මෙදා සැරේ ගමන ගැන ලියන හැටි වෙන්නැති...”
“බම්බුව... තුන් පාරක්ම ලියලා තියෙන එකේ තව සැරයක් මොනව ලියන්නද?” මං කිව්වේ
ඇත්තය.
ඒ මං වහන්සේ හිතාගෙන උන් හැටිය. ‘එකම කෙනෙකුට එකම ගංගාවකට දෙපාරක් බහින්නට
බැරිය’ කියන කියුමේ අරුත සපුරා දැනගෙන හිටියත්- මට ඒ වෙලාවේ ඒ ගැන එතරම් ගනිච්චියක්
වුණේ නැත.
හයවෙනි සැරේටත් පාද යාත්‍රාවේ ගිහිං ආවාට පස්සෙය, මං වහන්සේට සීයට දාහක්ම
තේරුණේ...
එකම තැනකින් ඇරඹී- එකම ගමනාන්තයක් කරා යන ඉලක්කයක් සහිතව- එකම මාවතක- එකම පිරිසක්
එක්ක- එකටම ගමන් ගත්තත් සිද්ද වෙන්නේ වෙනස්-වෙනස් දේවල්ය. ඒවායේ, හිතාදර පාඨක ඔබට posts
කිහිපයකින් ලියන්නට තරම් වටිනා දේවල් රැසක්ම තිබෙයි!
ඒ හැඟීමෙන් යුතුව එහෙම ලියන්නට පටන් ගත්තාමය වැඩේ!
‘නිමල්, අර ගැනත් ලියනවා නේද?’, ‘මේ ගැනත් ලියනවා නේද?’ කියා විමසීම් ගණනාවක්ම
කෙරුණේය. ඒ මේ වතාවේ පාද යාත්‍රාවේ යෙදුණු ගොඩ දෙනෙකුගෙනි. ඔවුන්ගෙන් වැඩි දෙනා secrets
of nature චැනලයේ අප ගැන ප්‍රචාරය වුණු වැඩ සටහන් දෙක නැරඹූවන්ය.
ක්‍රි.පූ.
2000 තරම් ඈතට දිවෙන මේ උප්පැන්න ලේඛනය සමඟ මැටි පුවරුව මත සලකුණු කළ දරුවාගේ පා
සලකුණක්ද දැක්වෙනවා! |
“මුන් දෙන්නට හොඳ වැඩේ! අනුරාධ මර්වියාටයි, නිමල් අයියාටයි -මේ තාත්තලා දෙන්නා- කියලනෙ මචං කතා කළේ...”
“ඔව්වොව්! ඒක ඇහුණා විතරයි, අපි හෙමිහිට එතැනින් ඈතට මාරු වුණා!”
“මාරු වුණා නෙවෙයි. තමුසෙලා ලජ්ජාවටම ඈතට ගියා කියනවා... අනුරාධ ඉන්ටවිව්
කළේ vip කට්ටියව විතරයි. කවුද මචං හපාචි කබ්බොන්ව ඉන්ටවිව් කරන්නේ?”)
ඉතිං, ‘අර ගැනත් ලියනවා නේද?’ වගේ ප්‍රශ්න යොමු වුණාම විස්තර සේරෝම වාර්තා
කරලා තියන්නට හිතෙයි. පුදුමයක් නැත. ඒ මනුස්ස ස්වභාවයයි. ඒ ස්වභාවය අදින් අවුරුදු
4.000කට එහා පැත්තේ කාලයේ ජීවත් වුණු ඇත්තන්ටත් තිබිලාය... ලෝකයේ පැරණිම උප්පැන්න
සහතිකයේ කතන්දරය මේ තොරතුරු වාර්තාකොට තැබීමේ අගය අද දවසේත් අපට පෙන්වා දෙයි!
‘ලොව පැරණිතම උප්පැන්න සහතිකය
ලොව පැරණිතම උප්පැන්න සහතිකය ලෙසින් හමුවන්නේ, අලුත උපන් බිළිඳුන්ගේ ගැහැණු
පිරිමි බව සහ දෙමාපියන්ගේ නම් පිළිබඳ විස්තර සපයන වසර 4000 කට පෙර සටහන් වන
සුමේරියානු උප්පැන්න සහතිකයි.
මෙහිදී මැටි පුවරු මත අලුත උපන් බිළිඳාගේ ගැහැණු පිරිමි බව සහ දෙමාපියන්ගේ
නම් පිළිබඳ සියලු විස්තර කියුනිෆෝම් අක්ෂරවලින් ලියා තිබෙනවා. ලොව පැරණිතම ලේඛන
පද්ධතියක් වන කියුනිෆෝම් භාවිතය සුමේරියානු වාර්තා තැබීමේ දියුණුව පිළිබිඹු කරන
වැදගත් සාධකයක්.
ක්‍රි.පූ. 2000 තරම් ඈතට දිවෙන මේ උප්පැන්න ලේඛනය සමඟ මැටි පුවරුව මත
සලකුණු කළ දරුවාගේ පා සලකුණක් ද දැක්වෙනවා...’
පා සලකුණු!!!
සුන්දර පරිසර ස්ථානවලට යන සංචාරකයන්ට නිබඳවම කෙරෙන ආයාචනයක් වෙයි. ඊට අනුවත් අප ඒ
තැන්වල ඉතුරුකොට යා යුත්තේ අපේ පා සටහන් පමණකි!
‘මෙහි සුන්දරත්වය රිසිසේ නරඹන්න; රස විඳින්න. එහෙත් ඔබ ආපසු යද්දී- කරුණාකර ඔබේ පා
සටහන් පමණක් මෙතැන ඉතිරිකොට යන්න.’ ඒ ආයාචනයයි.
2024 අවුරුද්දේ පාද යාත්‍රාවේ යෙදුණු 31,931ක පිරිසෙන් කී දෙනෙකු ඒ ආයාචනය මතක
තියාගෙන උන්නාද?
සිරිතේ විදිහටම, යාපනයේ තොණ්ඩමානාරු සෙල්වචන්නිධි කෝවිලෙන් 2024 මැයි මාසයේ
12 වෙනිදා දමිළ බැතිමතුන් 236 දෙනෙකු වගේ සුළු පිරිසකගෙ සහභාගිත්වයෙන් තමයි මෙවර පාද
යාත්‍රාව ඇරඹුණේ. එතැන ඉඳලා තව තව පිරිස පා ගමනට එකතු වුණා; සිය ගණනින්... දහස්
ගණනාවක් දක්වා.
පුංචි දිය දහරාවකින් පටන් ගෙන විසල් ගංගාවක් වෙනව වගේ...
එයාලට
වුණත් පුළුවන්කම තියෙන්නේ පාරවල් අයිනෙ තියෙන පොලිතින්- ප්ලාස්ටික් බෝතල් හෙම එකතු
කරන්නනේ. එව්වත් ටොන් ගණනක්! |
“හිස් බීම බෝතල් තමයි ලොකුම හූනියම.
හැම නඩේකම අය ප්ලාස්ටික් බාල්දියක් ගෙනාවා ඉස්සර... ඒකට වතුර එකක් අරගෙනයි එයාලා
කැලේට රිංගුවේ. දැන් වැඩි දෙනා ඒ වැඩේට යන්නේ මෙගා බෝතලේකට වතුර පුරවගෙන. ගොඩක් අය
ඒ මෙගා බෝතලේ එතැනම දාලා එනවා. තද හුළඟක් ආව ගමන්ම ඒවා කැලේ ඈතට ගහගෙන යනවා...
කවුද ඒවා එකතු කරන්න යන්නේ?- කොහොමද ඒවා අහුලන්න යන්නේ?” වන ජීවියේ හිතවතෙකු අසන
ප්‍රශ්නය උත්තර නැති එකකි.
පාද යාත්‍රාව හමාර වෙනවාත් සමඟම පරිසර සංරක්ෂණය ගැන උනන්දු ස්වේච්ඡාසේවී
කණ්ඩායම් එවන් කසල එකතු කිරීම සඳහා පැමිණෙන බවත් ඔහුගෙන් කියැවිණි.
“එයාලට වුණත් පුළුවන්කම තියෙන්නේ පාරවල් අයිනෙ තියෙන පොලිතින්- ප්ලාස්ටික් බෝතල්
හෙම එකතු කරන්නනේ. එව්වත් ටොන් ගණනක්...”
“මෙහෙම ගියොත් කොහෙන් කෙළවර වෙයිද කියල හිතා ගන්නවත් බෑ මහත්තයෝ... පාද
යාත්‍රාවේ එන කට්ටියටත් tickets දෙන්නයි- සීමා කරන්නයි වේවි!”
නියාමනයක්... ඒ අදහසට වඩාත්ම ගැළපෙන වචනය නම් ඒකය. එහි අරුත නම් පාද යාත්‍රාවේ යෙදෙන්නන් උදෙසා
යම්කිසි පාලනයක් සිදු කිරීමයි. නීති-රීති සමුදායක් පැනවීමයි. එහෙම වුණෝතින්...
මේ වතාවේ හැබෑ පාද යාත්‍රා ලැදියවුන් බොහොමයක් දෙනා මේ නියාමන අදහසට මනාපය දක්වනු
පෙනිණි. එහෙම නීති පැනවීමක් කෙරුණත් එය අහිතකර ලෙසින් බලපානු ඇත්තේ අහිංසක
බැතිමතුන් කෙරෙහිය; අපේ රටේ හැටි එහෙමය... නීතියෙන් බැට කන්නේ පුංචි සිංඤෝලාය!
ලොකු අප්පොලා නීතියට උඩින් පනින්නට- නීතිය නවන්නට සමත් වනු නිසැකය!!
වන ජීවී කලාපයක් ඇතුළේ අනවසරයෙන් ස්ථිර ගොඩනැඟිලි හෝ ඉදිකිරීම් කටයුතු හෝ
කිරීම සපුරා තහනම්ය. එසේ ප්‍රමාණවත් නීති තිබියදීත් මෙවන් කටයුතු සිදුවී තිබෙන්නේ කාගේ අනුහසකින්ද?
‘... කුමන ජාතික උද්‍යානයට ඇතුළුවූ තැන සිට වන්දනාකරුවන්ට ජලය ලබාගැනීමට
ස්වභාවික ජල මුලාශ්‍ර රැසක් තිබේ. එසේම බවුසර් මගින් නොමිලේ ජලය ලබාදීමේ කටයුත්තකද
(බෝතල් ජලය විකිණීමට අමතරව) යුද හමුදාව වසර ගණනාවක සිට නිරතවී සිටී.
තමුන්නැහේ
නෙව ඔබතුමාගේ ආදරණීය සහෝදරයාගෙ love එකට full support කරන්න ගිහිං ඔළුව නැති කරගෙන,
අලි ඔළුවකුත් අයිති කර ගත්තේ. |
එතැන් සිට නාවික හමුදාවේ ප්‍රධානියෙක්ද පාද යාත්‍රාවේ ගමන් කිරීමට පැමිණීම
නිසා ඔහුට ආරක්ෂාව සහ සේවා සැපයීමට බව පවසමින් විශාල භට කණ්ඩායමක් යාල ජාතික උද්‍යානයට
ඇතුළුවී එහි පැවැත්මට හානිකර ආකාරයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ලවේ. රැයක් දවාලක් නොමැතිව
උද්‍යානය තුළ රථවාහන ගමන් කරවීම, විවිධ ස්ථානවල වැසිකිළි කැසිකිලි පද්ධති ඇතුළු
පහසුකම් සකස් කිරීම සඳහා වනය විනාශ කිරීම, වෙන්කරදී ඇති වන්දනා මාර්ගයෙන්
පරිබාහිරව උද්‍යානයේ වෙනත් ප්‍රදේශ හරහා ගමන් කිරීම වැනි අහිතකර කටයුතු ඒ අතර වේ...’
ඇයි කතරගම දෙයි හාමුදුරුවනේ, සැරයක් මේ ලියන ගැත්තලාට කළා වාගේ ‘වල් දඹල
බූව’ වගේ දඬුවමක්වත් මෙහෙව් අපත උන්නැහේලාට දෙන්න බැරිද... මගේ හිත මුර ගසයි.
ඒ මුර ගෑම පිටස්තරයන්ට ඇසුණොත්... අපේ දේවාල මාමා මෙහෙම කියනවා සත්තකය!
“නෑ නිමලෝ. කතරගම දෙයි හාමුදුරුවන් වහන්සේ කාටවත්ම දඬුවම් දෙන්නෑ. උන්නාන්සේ ඒ රාජකාරිය
කඩවර අප්පච්චිට පවරලයි තියෙන්නෙ...”
එහෙනං ඒකයි මේ! දෙයියොත් තමන්ගේ වැඩ රාජකාරි විමධ්‍යගත කරලා!
නුවණට අධිපති ගණපති දෙයියනේ, තමුන්නැහෙගේ කටයුතුත් තව කාටවත් පවරලාද? එහෙම කරලා
නැත්තං මේ පරිසර ප්‍රශ්නයට විසඳුමක් දෙන්නකො.
තමුන්නැහේ නෙව ඔබතුමාගේ ආදරණීය සහෝදරයාගෙ love එකට ෆුල් support කරන්න ගිහිං ඔළුව නැති කරගෙන, අලි ඔළුවකුත් අයිති කර ගත්තේ.
ඉතිං... එදා කට්ට කළුවර කැටිති මැදින් තමයි- පානම ඉඳලා ඔකඳට යන වැලි පාර දිගේ
නසාර් එයාගේ ඔළුව බේරාගෙන අපේ වාහනේ ගෙනිච්චේ- බොහොමත්ම සීරුවෙන්. ඉතාම කලාතුරකින්
තමයි ඒ රාත්තිරියේ අපේ ඉස්සරහට වාහනයක් ආවේ.
“මේ වතාවේ නං යන පාරේ අදම වතුර ටැංකි තියලා වෙන්නෝනි. එව්වට වතුර පුරවලා හිස්
බවුසර් ටිකක් අර ආපහු ගියේ!”
”හ්ම්! හැබැයි මෙහාට නං වැහැලා නැති පාටයි... මාර දූවිල්ලක්නේ ඇවිස්සුණේ...”
“ඒක නෙවෙයි, එතකොට නසාර් අපිව බස්සලා අද රෑම ආයෙමත් හම්බන්තොට යනවද?”
“අනේ ඔව් නිමල් මහත්තයා. මම අපේ අයස්මන්ත සර්ට කිව්වා විස්තරේ. Van එක බුක් කරලා තිබ්බ
දවස් වෙනස් වුණානෙ. මොකද කරන්නේ... හෙට උදේ තව බුකින් එකක්ලු.”
“වෙන කරන්න දෙයක් නැති නිසයි, අපි නසාර්ට යන්න දෙන්නේ... තනියමත්නෙ.” අප ඔකඳ
දේවාලය ළඟට සේන්දු වෙද්දී රාත්‍රී එකොළහ වුණා විතරකි!
හෙට ඉඳලා
තුන්-හතර දවසක් අපිට නිඳා ගන්න වෙන්නේ මෙහෙමවත් තැනක... |
වන ජීවියේ හිතවතා නිසා අපට ඔවුනගේ ගොඩනැඟිල්ලක ඉඩක් ලැබිණි. “දොස්තර මහත්තයට මෙතැන
ඉන්න පුළුවන්ද මංදා...” හිතවතා වික්ෂෝප වුණේ අපට හිස් වැරැන්ඩාවක් පෙන්වමිනි.
“...හවස් වෙනකොටත් ලොකු ලොකු මහත්තුරුන් ගොඩක් ඇවිත් හිටිය නිසයි සර්...”
“මේ හොඳටම ඇති. හෙට ඉඳලා තුන්-හතර දවසක් අපිට නිඳා ගන්න වෙන්නේ මෙහෙමවත් තැනක
නෙවෙයිනෙ. මේ හොඳටම ඇති!”
“මම සර්ලට තේ ටිකක් හදන්නං. ඊට කලින් සර්ලට පෙන්නලා ඉන්නං ටොයිලට් තියෙන
තැනයි, ඇඟපත හෝදගන්න තැනකුයි.” මනුස්සයා ටක්කෙටම අපේ ඕනෑකම් තේරුම් අරගෙනය!
“අර තියෙන විලෙන් තමයි සර් අපිත් රෑට ඇඟපත හෝද ගන්නේ. ඒත් සර්, වතුරට බහින්න
එපා! ඕකේ කිඹුලෝ ඉන්නවා... අර ලෑලි තට්ටුව උඩ ඉඳලා... වතුර ඇදගෙන...”
“මේ... කවුරුත් ඉක්මන් කරලා වෑන් එකෙන් bags ටික බාගෙන නසාර්ව පිටත් කරලා
ඉමු! ඊට පස්සේ යං ඇඟ හෝදන්න.”
අපි කට්ටිය ඇඟ හෝදාගෙන ආවා විතරය. “ඒ අපේ සර්, අපි කොයි වෙලාවටද ගෙදරින්
බැඳගෙන ආව මේ බත් පාර්සල් ටික කන්නේ?” ප්‍රියන්ත ඇහුවේය.
මට නං බඩගිනි නෑ. / මටත් එහෙමයි! / අපි දවල්ට කෑවෙත් හතරහමාරටනේ. එකිනෙකාගේ උත්තර
එකකට එකක් වෙනස් වුණත් කියැවුණු ‘අරුත’ එකකි!
“එහෙම නෙවෙයි! ප්‍රියන්ත උදේ හිට මහන්සි වෙලා උයපු දේවල් නිකම්ම අහක දාන්නයැ.
දෙන්න ප්‍රියන්ත එක බත් පාර්සලයක් මට. හැබැයි මහත්තයෝ, මම ඒකෙන් කන්නේ වෑංජන ටික
විතරයි... හොඳේ.” නයා මරන්නෙත් නැති- පොල්ල කඩා ගන්නෙත් නැති ඒ විසඳුම අනෙක් අයත්
පිළිගත්හ.
“නෙවිල් අයියේ, ඔයයි තමිරයි දෙන්නා බත් කටකුත් කන්න පුළුවන් නං. මොකද යුෂ්මතුන්
දෙන්නටයි මටයි පැය 80ක් යනකල් කීටෝ ඩයට්ස් විතරයි!” ඒ අස්සෙත් අයස්මන්ත නිවේදනය
කළේය.
“නිමල් අයියේ, ඔයාටත් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. හෙට උදේ මෙතැන ඉඳල
මඩමේතොටට යන ට්‍රැක්ටරේකට...”
à ඉතිරිය පස්වෙනි කොටසට...