එහෙම හංගා තියෙන
දේවලුත් ..... සමහර
වෙලාවට එළියට එයි! කොරෝනා ව්‍යසනය ආවාම වුණා වගේ!!
දැන් ඕනෑම කෙනෙකුගේ ඔළුවේ ‘කොරෝනා’ ගැනත් ඡායා මාත්‍රයක්
හරි තියෙනවාමය. කවුද අප්පේ හිතන්නේ ‘Covid 19’ වයිරස් එක මර්දනයටත් මන්තරයකින්
වැඩක් ගත්තැකිය කියලා. සජ්ජායනේ කරන්නත් හරිම ලේසි මන්තරයක්. “ඕම් ටාරේ දුටාරේ ඩුරේ සෝහා”.
ඒ මන්තරය
ගැන ලෝකයට (ලෝකයාට නොවේ!) හෙළිදරව් කොට තිබුණේ අධ්‍යාත්මික
නායක පූජ්‍ය ‘දලයි ලාමා’ තුමන් විසිනි.
ටිබෙටයේ
බෞද්ධාගමික අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා තුමන් විසින් (කොරෝනා) මාරක වසංගතයෙන්
බේරීම සඳහා සුදුසු විශේෂ මන්ත්‍රයක් දේශනා කර ඇත. “චන්ද්‍රතාරා
මන්ත්‍රය”
යනුවෙන්
නම් කර තිබෙන මෙම ගාථා පාඨය සජ්ඣායනයෙන් කොරෝනා හෙවත් කිරීටක වෛරස රෝගය බෝවීමෙන්
වැළකී සිටීමට හැකි බව දලයි ලාමා තුමන් ප්‍රකාශ කළේය.
මේ
පිළිබඳව ඉන්දියාවේ පළවන සුප්‍රකට (දිනමලර්) පුවත්පත වාර්තාවක් පළ කර තිබුණේ
සම්පූර්ණ විස්තර ඇතිවය. (ටිබෙට්) රටෙන් පිටුවහල් වී දැනට ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ
හිමාචාල්හි (හිමාලය කඳු පාමුල) ධර්මශාලා නම් ආශ්රමයක වෙසෙන අධ්‍යාත්මික නායක දලයි
ලාමා තුමන්ගෙන් කොරෝනා වසංගතයෙන් මිදීමට ක්‍රමයක් සම්පාදනය කරන ලෙස ෆේස්බුක් මගින්
ඉල්ලා තිබුණේ චීනයේ කොරෝනා අනතුරට මුහුණ දී සිටින භික්ෂු පිරිසකි.
කොරෝනාවලට පින් සිදු වෙන්නට දැන් සතුන් එළියේය. අප කූඩු ඇතුළේය.......... |
ඊට ප්‍රතිචාර
දැක්වූ දලයි ලාමා තුමා මෙම වෛරසයට ගොදුරුවූවන්ට “ඕම් ටාරේ
දුටාරේ ඩුරේ සෝහා”
යන මන්ත්‍රය
පුනරුච්ඡාරණය කිරීමෙන් මෙම රෝගයෙන් මිදිය හැකි බව ප්‍රකාශ කළේය.
එම මන්ත්‍රය පූර්ණ
විශ්වාසයෙන් යුතුව නිසි අක්ෂර වින්‍යාසය සහිතව සජ්ඣායනා කළහොත් කොරෝනා පැතිරීම
පාලනය වී මේ භයානක විපතින් අත්මිදිය හැකි යැයි දලයි ලාමා තුමන් වැඩිදුරටත් කියා
තිබිණි. (දේශය - 2020.2.16 මුල් පිටුව)
ඒ මන්තර, මේ මන්තර
එකක්වත් මේ කලියුගයේදී අහන්නේ නැතිවා වාගෙය. Covid 19 වෛරසය වසංගතයක් වෙන්නට ඉඩ
ඇතැයි කියලාත් දැන් අනාවැකි කියවෙයි.
ඉතින්
අපේ ගුරුන්නාන්සේත් මල් බුලත් තටුව ඉදිරිපිටින් වාඩිවී මතුරන්නට පටන් ගත්තේය. ඒ
‘ඕම් ටාරේ...’ මන්තරයෙන් නොවේ. එහෙම කියන්නේ අපට ඇහුණු ‘ඒස්වාහඃ’ කෑල්ලකුත් ඒකට
තිබුණු නිසාය.
මදිය නොකියන්නම දුම් අල්ලන අතරේ ගුරුන්නාන්සේගේ ගෝලයා ....... |
ගෝලයා
මදිය නොකියන්නට දුම් අල්ලන අතරේ, පුටුවක් උඩින් ගරු ගාම්භීරව වැජඹුණු පොල් හනසු-
මටුලුත් තීරු කරමින් ළිපට දැම්මේය.
ගුරුන්නාන්සේ මැතිරිල්ල නතර කරන්නේ නැතිවම දෙහි
ගෙඩි ටිකත්, ගිරයත් ළඟට ගත්තේය. ඊළඟට ඒ දෙහි ගෙඩි දෙපලු කරමින් ඒවා, ළිප උඩ
රත්වෙමින් තිබුණු තෙල් තාච්චියට දමන්නට පටන් ගත්තේය.
මන්තරයක්
කී සැරයක් කියන්නට ඕනෑද?
“මන්ත්‍රයක් ජීවම් කිරීමේදී විසිහත්
වාරයක් (27) හෝ එකසිය
අට වාරයක් (108) ජීවම් කළ
යුතු යැයි පැවසුවද ඊට හේතුව බොහෝ දෙනා නොදනී.
විසිහත්වාරය යනු අපගේ නැකත් විසිහත
නිසා, ඊට අදාළ කරගැනීමයි.
එකසිය අට යනු නැකැත් විසිහත සහ පාද හතරයි.
එක් නැකතකට
පාද හතරක් පවතී. එවිට 27 x
4 = 108 බවට පත්වේ.
යන්ත්‍ර 108 වරක්
ජීවම් කරන්නේ ඒ නිසාය. 54 යනු 27
x 2 වීමය.
පනස් හතරට වඩා එකසිය අට වාරය ගුණ දේ.”
දැන් හැමෝම උකුසු ඇසින් තීක්ෂණව බලා හිඳිති! |
එදා නම් කී සැරයක් ජප කළාද කියලා මට නිනව් නැත. ගණන්
කරන්නට බැරි තරමට ‘ඒස්වාහඃ’ නම් ඇහුණේය. අන්තිමේදී තාච්චියේ තිබුණු තෙල්වලින්
බුබුළු නැඟෙමින්, යාන්තමට දුම් දාන්නට පටන් ගත්තේය. එතෙක් නොතිබුණු කඩි කුලප්පුවක්
අපේ ගුරුන්නාන්සේට හැදුණේ එතකොටය.
“හා, හා, සේරමලා අහගන්ඩ ඕනේ. දැන් මේ තාච්චියේ තෙල් හොඳට
රත්වෙලා තියෙන්නේ. මම ඉස්සෙල්ලාම මේ තෙල්වලට අත දානවා. ඊළඟට ඔයාලගේ මේ
හාම්පුතා.... අපි දෙන්නාට පස්සේ මේ ළමයි හැමෝම තෙල් තාච්චියට අත දාන්න ඕනෙ.....
මහත්තයා බලා ඉන්න හැමෝම අත දානවද කියලා. අන්තිම වතාවටත් හොඳ හිතින් කියන්නේ....
හොරාගේ අතේ දිය පට්ට එයි.... පුපුරලා අතම වණ වෙයි!”
දැන් හැමෝම තුෂ්ණිම්භූතව, උකුසු ඇසින් යුතුව බලා හිඳිති.
ගුරුන්නාන්සේ මුලින්ම දුම් දමමින් තිබෙන තෙලට අත
දැම්මේය. “එන්න.... එන්න... මහත්තයාත්...” මමත් තෙල් තාච්චියට අත දැම්මෙමි. සෑහෙන
උණුසුමක් දැනුනත් අත පිච්චුණේ නැත. ඊළඟට සුනිල්... පොඩි මාමා... අනිල්...
කිසිම කෙංගෙඩියක් සිදු වුණේ නැතිය! |
ඒ අතරේ ගුරුන්නාන්සේ පඩි නැති වැඩකුත් කරන්නට පටන්
ගත්තේය. ‘අපේ ගැහැනු ළමයින් පෙළ ගස්වමින් කඩිනම් කරවීම’.
“ඉක්මන් කරනවලා.... එන්න,
එන්න. අත දමන එක්කෙනා පැත්තකට වෙලා අනික් අයට ඉඩ දෙන්න.... හා, හා. අත පිහදාන්න
එපා.”
එහෙම කලබලයක් ඇති කරවීම ගැන මට කේන්තිය.
ඒත් මොනවා
කරන්නද? මා ඉන්නේ බරපතළ රාජකාරියකය. හැම කෙනෙකුම තෙල් තාච්චියට අත දමන්නේද කියලා
සෝදිසියෙන් සිටිය යුතුය. හොරකම කළ කෙනා තෙල් තාච්චියට අත නොදමා මඟහැර යන්නට ඉඩ
තිබේ!
මා විතරක් නොවේ; එහෙම පරීක්ෂාවෙන් බලා හිටියේ. එකම
ආයතනයේ, කාලයක් තිස්සේ එකට සේවය කරමින් සමහර වෙලාවට එක බත්පත බෙදාගෙන කමින් හිටි
ගැහැනු ළමුන් පවා, තම හිතවතියන් උණු තෙල් තාච්චියට අත දමනවාදැයි බලා උන්හ. අතිශය
පරීක්ෂාකාරී දෙනෙතින්......
ඒත් සිද්ධ වුණු කෙංගෙඩියක් නැත!
කෙමක් කරද්දී කතා කරන්නේ නැහැ! |
එහෙම කියැවුණේ පුරුද්දටය. කෙංගෙඩිය නොවේ....
‘කෙම්ගෙඩිය’යි වඩාත් හරි වචනේ.
ගොඩාරියක් දේවල් දන්නවා යැයි හිතාගෙන ඉන්නා අප සමහර
දේවල් ගැන ටක්කෙටම දැනගන්නට එච්චර උනන්දුවක් නැත. ඒත් දැන් අවුරුදු දෙකකට කිට්ටු
කාලයක් තිස්සේ ‘නිදිගෙ පංච තන්තරේ’ ලියමින්, ගොඩක් සහෝදර බ්ලොග්ස් කියවමින් ඉන්නා
නිසා එක කාරණයක් නම් තේරුම් ගෙන හිඳිමි.
බ්ලොග්ස් කියවන්නෝ ඉතා උනන්දු විමසිලිමත් පාඨක-පාඨිකාවෝ
වෙති.
සමහර වෙලාවට කිසිසේත්ම අවධානයට බඳුන් වෙතියි මා නොසිතු දෙයක් ගැන පවා ඔවුහු
දිගින් දිගටම සෙවූහ.
ඒ නිසාය කියන්නේ, කෙම්ගෙඩිය ගැනත් නියම විස්තරයක්
ඉස්කෝලේ මහත්තයාගේ පන්තියේදී කියාදී තිබිණි.
හැබැයි ටිකක්.... සේරම කියවන්න නම් එහාටම යන්න
මෙතැනින්.
සීයා මට කිව්වා ඒ ගැන මොකුත් කතා කරන්න එපැයි කියලා! |
කමනි - ඊයෙ අපේ ගෙදර ඉන්න හරකගෙ බෙල්ලෙ
මොනාදෝ ගුලියක් එල්ලලා තියෙනවා දැක්කා. ඉතින් මම අපේ සීයගෙන් ඇහුවා මොකක්ද ඒ
කියලා. සීයා මට මුකුත් කිව්වෙ නෑ. මුකුත් ඒ ගැන කතා කරන්න එපා කිව්වා. ඇත්තටම ඒ
මොකක් ද?
ඉස්කෝලෙ මහත්තයා - සීයා එහෙම කියලා
තියෙන්නේ ඒක කෙමක් නිසා. කෙමක් කරද්දි කතා කරන්නෙ නෑ.
කමනි - කෙමක්? ඒ
කෙම මොකක් ද?
ඉස්කෝල මහත්තයා - හරකුන්ට කුර ලෙඩ හැදුනහම ඒකට
බෙහෙතක් හොයාගන්න ගමේ මිනිස්සු වෙද මහත්තයා ගාවටයි යන්නෙ. ඉතින් වෙද මහත්තයා
බෙහෙත් පොට්ටනියක් හදලා දෙනවා. මේ බෙහෙත් පොට්ටනියත් අරගෙන ගමේ මිනිස්සු කාත්
එක්කවත් කතා කරන්නෙ නැතුව හරකගෙ බෙල්ලෙ බඳිනවා. මේ බෙහෙත් පොට්ටනියෙ තියෙන්නෙ
මොනවද කියල දන්නෙ වෙද මහත්තයා විතරයි. ඉතින් ගමේ මිනිස්සු මේ බෙහෙත් පොට්ටනියට
කිව්වා කෙම්ගෙඩිය කියලා. පස්සෙ කෙංගෙඩිය උනේ ඔය කෙම්ගෙඩිය තමා.
ගමේ වෙද මහත්තයාගේ කෙම්ගෙඩිය නියමෙට ප්‍රතිඵල ගෙන දෙන්නට
ඇතිය. එහෙත් වාද්දුවේ ගුරුන්නාන්සේගේ කෙංගෙඩිය වැඩ කළේ නැතිය.
Baa හිටියේ පළිගැනීමේ දේවතාවෙකු හිසට වඩම්මාගත් ගමනය....... |
එවෙලේ ලොකුම කරදරය වුණේ ba ආම්බාං කරගැනිල්ලය. Baaට
පළිගැනීමේ දේවතාවෙක් ආරූඪ වෙලා වගේය, එවෙලේ හිටියේ.
“මුගෙ මෑණියන්ට..... ආයේ කයිවාරු නොගහන්නම මං ඕකගේ දත්
ටික බඩටම යවලා ඉන්නං. මමනෙ නිමල්ට ඌව පංගාර්තු කළේ.”
“පිංසිද්ද වෙයි මටත් ලජ්ජා කරන්න එපා. අන්නරහෙට වෙලා බලාගෙන
ඉන්න ටිකක්. මට හොඳ අයිඩියා එකක් ඇවිල්ලයි තියෙන්නේ මිනිහව පච කරලම දාන්න....”
අමාරුවෙන් ba පැත්තකට යවාගත් මම මගේ ගුරුකමට බැස්සෙමි.
ගුරුන්නාන්සේගේ තදියම් කිරීම නිසාය මට සැකයක් මතු වුණේ.
ළිපේ තිබුණු තෙල් තාච්චිය රත් කෙරෙව්වේ පොල් හනසු, මටුළු
දවන ගින්දරෙනි. ඒ ගින්දර රස්නය ගෙන දෙන්නේ යාන්තමටය. ඒ අස්සේ තෙලටම කපා දැමූ දෙහි
ගෙඩි. ඒවා තැන්පත්වී තියෙන්නේ තාච්චිය පතුලේය. හරි විදියට නම් ඉස්සෙල්ලාම රත්
වෙන්නේ ඒ දෙහි බෑ ටිකය. බුබුළු නැඟෙන්නේ ඒවායෙනි.
දෙහි පලු රත් වෙද්දී එහි අඩංගු
ජලය (ඇඹුල් දියරය) රත්වී ජල වාෂ්ප නැඟෙයි. ඒවා තෙලින් උඩට මතුවෙන්නේ තෙල් උණුවී
නටන විලාසයක් පෙන්වමිනි.
මොකද, අපේ සල්ලි හොරකම් කරන්න ආවේ භූතයෙක්ද? |
ඒ වෙද්දී අපේ කෙල්ලන් හිටියෙත් නොසන්සුන් වෙමිනි.ඔවුන්ගේ
සැකය නිරාකරණයවී නොතිබුණු බැවිනි ඒ. එයාලා හැමෝම බලා ඉන්නේ නිමල් අයියාගේ තීන්දුව
දිහාවේය.
“මොකද ගුරුන්නාන්සේ වුණේ?”
“එකත් එකටම මෙතැන ඉන්න කවුරු හරි නෙවෙයි මහත්තයෝ හොරකම
කරලා තියෙන්නේ.”
“ඒ වුණාට නිමල් අයියේ, වැඩපොළ ඇතුළට වෙන කවුරුවත් එන්නේ
නැහැනේ- බෑග්වල සල්ලි එර්දි වෙනවද?- ඔය හොරා භූතයෙක්ද?”
එහෙන්-මෙහෙන් කසුකුසු
ඇහෙන්නටත් වුණේය.
“කවුරුවත් කලබල වෙන්න එපා. අපි හැමෝටම ඕනේ හොරා අල්ලාගන්න
එකටත් වැඩියෙන් අපේ නිර්දෝෂකම පෙන්නන්නනේ. අපි තව සැරයක් තෙල් තාච්චියට අත
දමමු.... එහෙම කළාට කමක් නැහැනේ ගුරුන්නාන්සේ.”
හොර හිත හංගාගෙන මම
ගුරුන්නාන්සේගෙන් ඇසුවෙමි.
අපේ පරම්පරාවේ අයිඩියානන්ද ජාන ඒ වෙද්දී උපරිමයෙන්ම.......... |
ඒ වෙද්දී අපේ පරම්පරාවේ දිසානායක ජාන; අයිඩියානන්ද ජාන ඉස්මතුවී
තිබිණි.
ගුරුන්නාන්සේ නිදිව හඳුනාගෙන නොසිටීම මගේ වාසියට
හිටියේය. ඒ අසරණ මනුස්සයා ඇම ගිල්ලේය! කෙල්ලෝත් එක පයින්ම කැමැත්ත දුන්නෝය!!
“සුනිල් තමුසේ යනවා ළිප ළඟට.”
මම ආඥා නිකුත් කිරීම
ඇරඹුවෙමි.
“පොල් ගහෙන් බිමට නොදමා ගෙනාපු හනසු- මටුලු මේ ගුරුන්නාන්සේලා කරපු
විදියටම ළිපට දානවා. හැබැයි ආප්ප පුච්චන්න වගේ යන්තමට කීරක් පතුරක් නෙවෙයි. හොඳට
ගින්න ඇවිලෙන්න....”
ඒ කාලේ ඉරිසින්නාන්සේලා පවා මේ කිල්ල ගැන කියලා තිබ්බනේ මහත්තයෝ! |
මං සුනිල්ට ඒ ටික කිව්වේ කට්ටඩි උන්නැහේගේ මුහුණ හොඳින්
බලමිනි. එය විරවී තිබිණි. එතකොටත් අපේ සුන්නා මගේ කීම ඉස්මුඳුනෙන්ම පිළිගෙන ඉවරය.
“චුට්ටකට මෙහාට එන්නකෝ මහත්තයෝ! මෙතැන බවලත් උදවියත්
ඉන්න හින්දා.... මේවා ප්‍රසිද්ධියේ කියන එකත්.....” ගොනා හැරුණේ කෙහෙල් පැලය
දිහාවටය. “ඒ කාලේ ඉරිසින්නාන්සේලා පවා මේ ගැන කියල තිබ්බනේ, මට අමතක වුණාට.”
“ගුරුන්නාන්සේ මහත්තයෝ, අපි දෙන්නා විතරක් දැන් රහසෙන් කතා කරන්න යන එක
නම් මගේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ඒක හරියට අපි දෙන්නා එකතු වෙලා ගුණ්ඩුවක්
අඹරනවා වගේ තියේවි.
-මෙතැන ඉන්න සේරම දැනුම්-තේරුම් ඇති අය. අපි එළිපිටම කතා
කරමුකෝ.... හැබැයි ඉක්මනට..... දැන් නම් තෙල් තාච්චිය ගණනට රත් වෙලා වගේ.
ඔන්න
දැන් ගුරුන්නාන්සේ ඉස්සෙල්ලා. දෙවෙනියට මං.... ඊළඟට ඔයාලා.... මොකද කියන්නේ
ළමයි....?”
කෙල්ලන්ටත් සෙල්ලම තේරුණා වගෙය.
ගුරුන්නාන්සේ නළලේ දහදිය
පිස්සේය; උගුරේ රැල් බුරුල් කළේය. සිහින් ස්වරයෙන් හඬ අවදි කළේය!
කිල්ලක් මහත්තයෝ කිල්ලක්! මාස් කිල්ලක්!! |
සෙල්ලම ලෙල්ලමක් වෙන්නට යන බව කලින්ම වැටහිලාදෝ,
කට්ටඩියා කාටත් ඇහෙන්නටම කතන්දරය කිව්වේය.
“කිල්ලක් මහත්තයෝ, කිල්ලක්. මාස් කිල්ලක්....”
එදා වාද්දුවේ කට්ටඩි උන්නැහේ සිය අසමත්කම වහගත්තේ එහෙම
කියමිනි.
“මගේ අතින් වෙච්චි වැරැද්දක්.... මට මහත්තයට කියන්න
බැරිවුණා. කිලිවලින් බරපතළම එකක්නේ.... ඉතින් කොහෙද ගුරුකම් හරි යන්නේ?
මෙච්චර
ගැහැනු ළමයි ගොඩක් ඉන්න තැනකදි කිල්ලක් අහු නොවී මේ වගේ ගුරුකමක් කරගන්න අමාරුයිනේ රත්තරං මහත්තයෝ...”
මන්තර ගුරුකම් කරන උදවියට වැඩක් හරි ගියේ නැතිනම්
කියන්නට දාහක් දේවල් තිබෙයි.
ඉතා ප්‍රසිද්ධ, අත්දුටු ප්‍රතිඵල ගෙනදෙනවා යැයි
කියවෙන දේවාල භූමියක සවිකොට තිබෙන පුවරුවකි මේ.
මේකත් කිසිවකු නොමළ ගෙදරකින් අබ ඇට හොයනවා වගේ වැඩකි! |
මේ කොන්දේසිය ටක්කෙටම සපුරන්නට ගියෝතින් ඒ දේවාලයට යන්නට
හැක්කේ කාටදැයි නුවණැත්තෝ සිතා බලත්වා.
පුවරුවේ ඡායාරූපය මා සොරා ගත්තේ ‘රෝද දෙකේ රස්තියාදුව’න්ගේ
සචින්තන විජේරත්න සොහොයුරාගෙනි. ස්තුතියි සචින්තන!
බොහොමයක් ගුප්ත විද්‍යා වැඩවලදී මට අත්දකින්නට ලැබී
තිබෙන්නේ negative ප්‍රතිපල ගෙන දෙන ඒවාය.
අපේ තාත්තා සියදිවිනසාගත් පසුව එයාගේ ආත්මය ගෙන්වා ගන්නට
ගියාමත් වුණේ, එහෙම අප්‍රසන්න සංතෑසියකි. වැඩේ කෙරුණේ තලාහේනේ ප්‍රසිද්ධ තැනකදී
අප්‍රසිද්ධියේය! අවුරුදු 44කට පස්සේ ඒ ගැන ප්‍රසිද්ධියේ කියන්නේ ඊළඟ කොටසෙනි.