“වැඩියත්ම නංගී, ඇඳුම්වලින්. එයාලගේ ඇඳුම් වැඩි හරියක් හරි colourful! අනෙක බඩු බෑග්ස්... ඒ මිනිස්සුන්ගෙ ෆැෂනබල් ගතිය අඩුයි. ඔයා දන්නවද ඔය විදිහට සරම් ඇඳල බඩු මලු ඔලුවේ තියාගෙන එන අය අතරේ ලොකු jobs කරන මිනිස්සුත් ඉන්නවා. ඒ සේරමලා දැන් එයාලගෙ status ඔක්කොම අමතක කරලයි ඉන්නේ.”
කතරගම දෙවියන් ගැනයි, එයාගේ
younger brother ගණේෂ ගැනයි, ඉන්දියාවේ දේවයානි බිසව
ගැනයි, ලංකාවේ වල්ලි අම්මා බිසව ගැනයි කතන්දර ගොඩකුත්... |
විදේශවල නම් ගොඩාරියක් දෙනා ඒ දුර්ගුණවලින් තොරය; ගවේෂණශීලීය. එයාලා වැඩියෙන්
හොයන්නේ ඇටිකිති දේවල්ය.
පුරා අවුරුදු හතළිහක් ‘ඉන්ගලන්තයේ’ හැදී-වැඩුණු සමන්ති නංගිත් දැන් හිතන්නේ
British කෙනෙකු විදිහටය.
“ඇත්තටම
ලොකූ, God කතරගම ලොකුම දෙයියෙක්ද?”
“සෑම්, දෙවිවරු ලොකු පුංචි කියල නෙවෙයි කියන්නෙ. බලවත්- බලයෙන් වැඩි...”
“Sorry... I
know, I know loku, powerful. එහෙම නේද?”
එංගලන්තයේ හිටියත් සිංහලෙනුත් කතා කරන්නට හැකියාව තියෙන සමන්ති කියයි. “Huge God
කියනවට වැඩිය ඒක නේද හොඳ.”.
“හරියට හරි.” මගේ වෑයම සමන්තිගේ සිංහල වඩාත් ප්‍රශස්ත එකක් කරන්නටය. “අපේ ඉස්සරෝම
පාද යාත්‍රා ගමන්වල blog posts ටිකක්වත් ඔයාට කියවන්න පුළුවනි නං. ඔයා දන්නවද
සෑම්... කතරගම දෙවියන්ට කියන නම්ම 84ක් තියෙනවා. ඒ හරිය ලිව්වට පස්සෙයි මාත්
දැනගත්තේ, තවත් නම් හයක්...”
“84 plus 6... මො..න..වා, 90 names එක දෙයියෙකුට?”
“නම් විතරක් නෙවෙයි Sam. කතරගම දෙවියන්
ගැනයි, එයාගේ younger brother ගණේෂ ගැනයි, ඉන්දියාවේ
දේවයානි බිසව ගැනයි, ලංකාවේ වල්ලි
අම්මා බිසව ගැනයි කතන්දර ගොඩකුත් තියෙනවා. මම ඒ
postsවලදී එව්වා ටිකකුත් ලිව්වා.”
“චී, චී,
චී. එයා ලංකාවට ආවට පස්සේ මෙහෙන් මැරේජ් එකකුත් කර ගත්තද? It’s really bad!”
“පුළුවනි නං කියවලා බලන්න. විස්තර අර postsවල තියෙනවා, සෑම්.”
“අනේ ලොකූ, I can read Sinhala, ඒත් ඔය බර බර wordsවල තේරුම හරියට මතක් වෙන්නෙ
නැති නිසයි කියවන්න කම්මැලි!”
“කියවන්න
බැරි වුණත් ඔයා කතා කරන ටිකම මදැයි Sam! ලංකාවේ ඉන්න සමහරුන්ගේ සිංහල කතාව ඔයාටත්
වැඩිය හපන් එකේ...” බතට මාළුව බඩගින්නය කිව්වා සේ, අපේ පාද යාත්‍රා ගමනේදී හුඟ වෙලාවට වෙහෙස දරා ගන්නට උදව් වුණේ මේ කතන්දර දෝලාවයි!
ප්‍රතිඵලය
ගැන නොහිතා හොඳ දේවල් කළාම- දෙවියනුත් උදව් වෙනවා වගෙය.
පානම හිට ඔකඳ දේවාලය තෙක් ගිය අපි කෙලින්ම ගියේ කුමන වනෝද්‍යාන පිවිසුමටය. කුමන
වනෝද්‍යානයේ හිතවත්තු දෙන්නෙක්ම දොස්තර අයස්මන්ත මහත්තයා එන තෙක් බලාගෙන උන්නෝය. ඒ
චන්දනත්- සේදරත්ය!
කුමන වනෝද්‍යානයේ රාජකාරි කරන කිහිප දෙනෙකුමත් අපේ අක්ෂි ශල්‍ය වෛද්‍යතුමාගෙන් ඇස්
රැක ගන්නට උදව් ගත්තවුන්ය. මේ එයාලා කෘතගුණ දක්වන වෙලාවයි!!
රිලව් අදින්න පුළුවන්
නිසා අපි හැමෝගෙම bags කාමරේට දාමු. |
එහෙම
දුන්නෙත් කාර්ය මණ්ඩලයේ අයගේ නිවහනක කාමරයකි. ඒ කාමරයේ සිටින දෙන්නා වෙනින්
කාමරයකට ඇහිරිලාය.
“කාමරයක් ඕනි නෑ, චන්දන. අපි මේ කොරිඩෝවේ ඉන්නං.”
“එහෙම බැහැනෙ සර්!”
“හරි! එහෙම
නං Sam ඔයයි ලොකු අයියයි room එකේ ඇඳන් දෙකට යන්න. රිලව් අදින්න පුළුවන් නිසා අපි
හැමෝගෙම bags ඒ කාමරේට දාමු.”
“...දාලා ඉක්මනට wash එකක් දාගෙන ඔකඳ දේවාලෙට යං. ඔකඳ පර්වතයේ නොහිඳෙන ගල් කෙම්, කතරගම දෙවියන්ගේ දේවාලයට ඉහළින් තියෙන තේවානි - වල්ලි අම්මලාගේ දේවාල දෙක එහෙම
සමන්තිට පෙන්වන්න තියෙනවා.”
“ඔව් ඔව් ළමයි.
අපි ඉක්මනට නසාර්ගේ වාහනෙත් පිටත් කරලා ඉඳිමු. එයා හොඳටම රෑ වෙන්න කලින් තනියම
හම්බන්තොට යන්න එපැයි. පාරේ අලි ඉන්නවනෙ, රෑ වෙද්දී.”
එතනදීත්
අනිත් පා ගමන්කරුවන්ට නැති වාසියක් අපට තිබිණි. පා ගමනේදී අවශ්‍ය නොවන, කතරගම
දෙවොලේ පූජාවේදී අඳින්නට අවශ්‍ය වෙන ඇඳුම් ආදිය ආපහු යවන්නට හැකිවීමයි, ඒ.
“ඔව් ඔව්, පුළුවන් තරං බර අඩු කර ගනිල්ලා. දිසානායකගේ බර අඩු වෙන්නෙ නැති මලු
උස්සං යන්න තියෙන බව මතකෙ තියා ගන්නවලා.”
“මේ, තමුසෙලා ඔහොම කිව්වට කමක් නෑ. මතක තියා ගන්නවලා- අද දවල්ටයි, රෑටයි දෙකටම
උයන්න plan කර ගෙන ආවේ. දැන් ඒ දෙකම
නැවතුණා, ප්‍රියන්තලගේ ගෙදරින් දීපුවා නිසා. මම හාල් කිලෝ 3 ක් ආපහු යවන්නයි
හදන්නේ.”
“ඇයි හලෝ,
බත් විතරද උයන්න හැදුවේ. බලපංකො මචං...”
“එළවලු, පරිප්පු, පොල් එහෙම යවන්නේ නැද්ද?” තමිරත් නෙවිල්ගේ කතාවට අලගු තියයි.
දෙවෙනි වතාවට අප හා එක්වුණු ප්‍රියන්ත, නමී හා පසිඳු තුන්දෙනා ඒ පැත්ත ගන්නේ මට
නෑහෙන්නටය.
“සොරි නිමල්
අයියේ. ඔයා ගත්තු පොල් ගෙඩිවලින් පහක් මම පූජාවලට ගන්න තිබිච්ච මල්ලට දැම්මා, පොල්
මදි කියල හිතුණම. උයන්න තව පොල් ඕනි නං ඔකඳ කඩේකින් අරගමු.”
“පීරා, නියමයි මචං... හලෝ. තමුසෙ පොල් කීයක් ඕනියි කිව්වද?”
“අසංගට කිව්වේ අටක් ගන්න. එයා පොල් පොඩි නිසා දහයක් ගත්තයි කිව්වා. දැන් පහ ඇති!”
“ෂුවර්ද?”
බැතිමතුන්ගේ ඇදහිලි- විශ්වාස ගැන හොඳම උදාහරණයකි ඒ. |
“කොහොමෙන් හරි තමුසෙ කිලෝ දහයක පහළොවක බඩු ආපහු ගෙදර අරං යන්න වැඩේ කරනවකෝ.” නෙවිල් පාරම් බායි!
අප ඔකඳ
දේවාලයට ගියත් හිච්චිලාගේ ලකුණක්වත් නැත.
“ඉන්දිකලත් හැලිලනේ... ඉන්දිකගේ යාළුවෙක් අන්තරා වෙලා. එහෙ ගිය නිසා මේ වතාවේ
එයාලා එන්නැහැලු... කිලි කියලා.”
“හිච්චිලත් එන්නැද්ද දන්නෑ.”
බැතිමතුන්ගේ
ඇදහිලි- විශ්වාස ගැන හොඳම උදාහරණයකි ඒ. එය තවත් තහවුරු වුණේ පසුවදා උදේය. හිච්චිලා
ඇවිදින්ය. නඩයේ එකම පිරිමියා හිච්චිය. “කෝ දෙනෙත්ලා...”
“එයාලා වෙනම නඩේක එන්නෙ... උන් එක්ක බෑ මාමේ. උන්ට බැන-බැන ඉන්ඩයි මට වෙන්නේ!”
“කෝ හිරූ?” දෙනෙත්ලාගේ
නඩය හමු වුණු
විගසම මම ඇසුවෙමි.
“හිරුත් එන්නමයි ලැහැස්ති වෙලා- පේ වෙවී හිටියේ. ඒත් මාමේ, දවසකට කලින් හිරූ
දන්නෙම නැතිව මස් වගයක් කැවිලා. එහෙම මේ ගමන එන්න බැහැනෙ කියලා හිරූ නැවතුණා.”
එයාල ඉන්නේ කතරගමමය; එයාලාගේ විශ්වාසයන් එතරම්ම දැඩිය!
දොස්තර මහත්තයා හා මර්වින් පේ වුණේ මාසයකටත් කලින් සිටය. තමීර, නෙවිල් හා මං
වහන්සේ සතියක කාලයකි මස්- මාළු- පිළිහුඩු ජාතිවලින් වැළකුණේ.
පේ වීමේ
විද්‍යාත්මක සත්‍යයක් තිබෙනවාද?
ඒ ගැන මගේ
අතිපණ්ඩිත මතයයි මේ:
‘මස් මාළු ආහාරයට ගන්නා අයගේ දහඩිය ගන්ධය පවා තරමක් වැඩිය. එය දැඩි ඉව කිරීමේ
ශක්තියක් ඇති වන සතුන්ට යහමින් දැනෙනවා විය යුතුය.’ ඒ මතය මගේ ඔළුවට ආවේ මේ
වතාවෙත් වැඩියෙන්ම ‘කිනිතුල්ලන්ගේ ප්‍රහාරය’ට ලක් වුණේ තමීර, නෙවිල් හා නිමල්
තුන්දෙනා නිසාය.
(නමී, ඔහෙට
කොහොමද? Comment එහෙකින් අපි හැමෝටම ඔහෙගෙ විස්තරත් කියනව නේද?)
මා දන්නා තරමට අයස්මන්ත, ප්‍රියන්ත, පසිඳු හා සමන්ති කට්ටියගෙම ඇඟේ කිනිතුල්ලන්
එල්ලුණේ නැත. එය හුදු අහම්බයකින් සිදු වූවක්ද?
සුපුරුදු
විදිහටම ප්‍රධාන ආරාධිතයන්ගේ පමාව නිසා කුමන පිවිසුමේ ගේට්ටුව මෙවර විවෘත කළේත් හොඳටම
ඉර පෑව්වාමය.
“මේ යක්කුන්ට නොතේරෙන හැටි, ඉර පෑව්වට පස්සේ පයින් යන අයට කරදර බව...” / “තව අරගල
තුන හතරක්වත් කෙරුණා නං පොලිටීෂියන්ලව මෙහෙම විවෘතවලට ගෙන්නන එක නැවතෙයි.” /
“අපරාදේ! හතරට ඇහැරිලා බතල තැම්බුවේ. තව ටිකක් නිඳා ගන්නයි තිබ්බේ.” / “තව ටිකක්.
දාඩිය පෙරී පෙරී? තමීර දොළහේ හිට ඇහැරිලා.” / “කොහෙද... එකෙක් මදිවට දිසානායකල
දෙන්නෙක්ම ඉන්නවනේ. දෙන්නටම උදේට නින්ද යන්නෙ නැහැනෙ trip යද්දී.” / “අපි එහෙම
තමයි නෙවිල් අයියේ! නේද ලොකූ.”
වනජීවියේ චන්දන
මහත්තයාත් එක්කම කිරිබත් සප්පායම් වෙන්නටය අපටත් සිද්ද වුණේ. |
කුමන
ගේට්ටුව ළඟම කිරිබත්- ලුණුමිරිස් දන්සලකි.
ඒත් එක්කම පාන් සීනි සම්බෝල දන්සලකි. පාන් බාගයක් දෙකට පලා- ලෝබ නැතිව සීනි සම්බෝල
මැද්දට දමා පිරිසිදු සුදු කඩදාසියකිනුත් ඔතලා... පයින් යන්නන් ඒවා එතනදීම අනුභව
නොකර ඔලොගුවලට ඔබාගෙන යන බව දන්සල දෙන පිංවතුන් දන්නවා වගෙය.
අව්ව
වැඩි වෙන්නට පෙර හැකිතාක් දුර යන්නටය, පාද යාත්‍රාකරුවන් පුරුදුව ඉන්නේ. ඔවුන් උදේ
කෑම ගන්නට නවතින්නේ පැයක්- එකහමාරක් නොනැවතී ගමන් කෙරුවාට පසුවය.
ඒත් වනජීවියේ චන්දන මහත්තයාත් එක්කම කිරිබත් සප්පායම් වෙන්නටය, අපටත් සිද්ද වුණේ.
ඒ සුනංගුව අපට ලොකු වාසියකුත් අත්කර දුන්නකි.
“ළමයි, මේ චන්දන මහත්තයා කියනවා අපේ බඩු මලු ටික මඩමෙතොටට ගෙනහින් දෙන්නං කියලා.
එයාලා දවල්ට එහාට යනකොට. නිමල් අයියෙ, කට්ටියටම කියලා- අද හවස් වෙනකල් ගන්න ඕනේ
නැති මලු විතරක් සේදරගේ වාහනේට දාල යමු.”
“අපේ
කිරිබතුයි, පානුයි මල්ලක දාගත්තා... දවල්ටත් ඇති.”
“එතකොට තම්බා ගත්ත බතල? ඒකත් ගන්නං.”
“ඒක
ගන්න චුට්ටක්වත් බය වෙන්න එපා. ඒවා දෙන්න ආදරවන්තයෝ ට්කක් නිමල් දිසානායක කොහෙන්
හරි හොයා ගනියි.”
“මම හිතුවේ මම පාන්දරම පොල් ගෙඩි දෙකක් ගෑව එකත් අපරාදේ කියලයි.”
“බතල කන්න පොල් ගෙඩි දෙකක්?” / “එහෙම නං නමියෝ, අපි අච්චර ලුණුමිරිසකට ළූණු සුද්ද
කළෙත් අපරාදෙනෙ.”
“තමීර අයියේ, අපි ඔය ඔක්කොම කමු!” සමන්ති හිනා වෙවී කියයි.
“අනේ,
ඉස්සෙල්ලම අපි කමු චව් චව් ගෙඩි ටික.” පසිඳු යෝජනා කරයි. “... ඒව තියෙන්නේ මගේ bag
එකේ.”
“සොරි
තමයි. අද නං එව්වා උයවෙන්නේ නෑ.” මම කියමි. පසිඳු මූණ බෙරි කර ගන්නේ එතකොටය.
මෙන්න
බොලේ, බාගුරේ කලපුවට සේන්දු වෙනකොටම පැණි කොමඩු දන්සලක්! මීට කලින් ගිය හතර වතාවෙම
නොතිබුණු එකකි ඒ. “Very good idea!” සමන්ති ගොඩාරියක්ම impress වෙලාය. “Can I have
one more piece, please?”
කැබලි කළ කොමඩු බන්දේසිය අල්ලාගෙන සිටින රූබර දමිළ යුවතිය තව කොමඩු කෑල්ලක් ගන්නැයි
මටත් කිව්වාය. “No thanks!”
“මොකද
කියන්නේ... තේ බොන්න කලින් අග්ගලාත් දෙන්නද?” එතරම් නූස් ගහක් යට වාඩි ලෑවාම මගෙන්
ප්‍රශ්නයක්.
අප එහෙමය- සොක්‍රටීස්ලගේ
කාලයේ මෙන් විවෘතව එකිනෙකා විවේචනය කර ගනිමු! |
“ටිකක් නෙවෙයි අඩු වෙන්නේ! කිලෝ එකහමාරක් විතර...”
බැදි හාල් කුඩු, ගාගත් පොල්, සීනි එකට අනා අග්ගලා ගුළි කරන අතරේ ප්‍රියන්තලා වතුර
රත් කරති.
“ඇහුවට
තරහ ගන්ඩ එපා... මට අග්ගලා කාලා, තද කහටට හදපු කිරි තේ එකක් බොන්ඩ පුළුවන්ද?” පීරිස්ගේ බබා හුකුම් රංගනයෙන් ඇවිස්සෙන්නේ මං
නොවේ. ඊළඟට වෙනස්ම ඇවිස්සීමේ ප්‍රයත්නයක්. “ඇයි මචං අර අග්ගලා ගුළි දෙකක් එක වගේ
නැත්තේ? Sam ගුළි කරන එව්වා නං එක විදිහයිනේ...”
එතකොට
නං මගේ නොසන්ඩාල කට ඇරෙයි.
“සෑම්
නොහිටියා නං මම තමුසෙලට කියල දෙනවා ගුළි දෙක එක වගේ නොවෙන බව!”
මං ගණන් හදාගෙන ගියේ එක අග්ගලා කුඩු බෑගයකින් අග්ගලා ගුළි තිහක් හදන්නටය. එතනදී
හැදුවේ එතරම් ලොකු අග්ගලා නොවේ. ගොඩක් ඉතිරිය.
“ප්‍රියන්ත. අනේ තරහ නැතිව මේ ටික අරගොල්ලන්ට දෙන්න. එයාලා අද රෑ මෙතන නවතින්න
වගෙයි හදන්නේ. තවම ළිප පත්තු කරන්නවත් බැරි වෙලා.”
“ඔන්න
මචං අපේ පිටේ පටවලා උස්සගෙන එන දේවල් නිමල් අයියා දන් දෙන්න පටන් ගත්තා.”
“එපා නං කියනවලා. නොදී ඉන්නං. කෝ තමුසෙලා කිරිබත්- පාන් ටිකවත් කාලා ඉවර කෙරුවයැ
මෙච්චර දුර උස්සගෙන ඇවිල්ලත්...” මැසිවිලි කියමිනි, මං වහන්සේ ඉතිරි අග්ගලා මල්ලට
දමා ගත්තේ.
කොහොමෙන්
වුණත් බාගුරේට එනකොටමත් නමීගේ කකුල්වල උඩුපතුල් තුවාල වෙලාය. ඇවිදිද්දී ඇවිස්සෙන
සිහින් වැලි කැට සෙරෙප්පු පටිවලට තෙරපීමෙනි, ඒ. “නිමල් අයියේ, මගෙත් දිය පට්ට
ඇවිත් වගේ.” අයස්මන්තත් කියයි.
ඒ
වෙලාවේ මම මෞන ව්‍රතය රැක්කෙමි. (දැන් මේවා කියන්නේ දොස්තර මහත්තයාට තරහ නොයන
බැවිනි. අප එහෙමය- සොක්‍රටීස්ලගේ කාලයේ මෙන් විවෘතව එකිනෙකා විවේචනය කර ගනිමු!)
දොස්තර මහත්තයා කළේ මුහුණට තරහට නහය කපා ගන්නවා වගේ වැඩකි.
මතකයි
නේද ගිය වතාවේ පාද යාත්‍රාවට කලින් අයස්මන්ත මහතා මට අරගෙන දුන් 50,000/- කට
කිට්ටු මිලක් වුණු සපත්තු කුට්ටම. මට එය බර වැඩිය. ගිය වතාවේ මා එය
දැම්මේ පැය බාගයක් විතර කෙටි කාලයකට පමණකි.
“අනේ
අනේ පීරා. උඹ මූට ලේසි වෙන්න කියලා Laptop එක අරගෙන
දීලවත්
පාඩමක් ඉගෙන ගත්තෙ නැහැනේ. ඒක නිකම්ම පුස් කනවා. මෙයා කබල් කම්පියුටරේම එල්ලිලා
ඉන්නවා...
ඒ මදිවට Mountain Shoes දෙකකුත් තෑගි කළා. මෙයා කොහෙද මචං අලුත් දේකට පුරුදු
වෙන්නේ? අපි මෙච්චර කියනවා. තවම එක උගුරක රහ බලනවද...” මධු සාදයකදී නෙවිල් බොහෝ විටක කියයි.
බාගුරේ නවතින්නේ නැතිව
තේ හදන්න මෙතනට එන්නයි තිබ්බේ. එහෙම කළා නං මෙතන හීල් හෙවණේ... |
“දොස්තර
මහත්තයා මොකුත් කියන්නේ නැත්තං... මං ඔච්චර සපත්තු දෙකක් දමාගෙන මහරගම හන්දියට
යන්නද?” ඉතිං, මර්වින් සපත්තු ජෝඩුව ගෙනිච්චේය. හැබැයි, උන්නැහෙත් එකම දවසකවත් ඒවා
පැළඳගෙන හිටිනවා අපට පෙනුණේ නැත.
මට හිතෙන්නේ අයස්මන්ත මහත්තයා ඒකට ඔරොප්පුවී අපේ මූණටම අනින්නට 'ස්වයං පීඩක' ක්‍රමයක් හොයාගත්
බවයි. ඒ බරැති සපත්තු ජෝඩුව දමාගෙනය, උන්නැහේ පාද යාත්‍රා ගමන පටන් ගත්තේ. ඒවා
නිසාම වෙන්නැති අයස්මන්තගේ දෙකකුලේ දිය පට්ට එන්නට ඇත්තෙත්!
“කහ කුඩු පොල්තෙල් සාත්තුව කරන්න තිබ්බා නම්
මරු. ඒත් දුරු- මිරිස් බඩු මල්ල දැන් කුඩා කැබිලිත්තට ගිහිල්ලනෙ තියෙන්නේ.”
“කමක් නෑ. අපි ඉක්මනට එහාට යන එකනෙ.” මේ ගමනේදී ඉලක්කයන් තබා ගැනීම නොකළ යුතු බව
අපට අමතක වී ගොසිනි!
බාගුරෙන්
පිටත් වෙනකොටත් පාර ගිනියම් වෙලා තිබ්බේ, අපට රිදවන්නට වගෙය. මඩමේතොට හෙවත් කුඩා
කැබිලිත්තට මෙතන සිට කිලෝ මීටර් 12ක දුරක් යා යුතුය; ඒ ගමනේදී අපට තුන්මුල්ල
බංගලාව,
කොටළිඳවල, අන්දරක කලපුව, යාකල කලපුව
එහෙමත් පසු කරන්නට වෙයි.
අන්දරක කලපුව අද්දර වාඩිවී ගිමන් හරිද්දී මගේ හිත ඉරිසියාවෙන් පිරෙන්නට ගත්තා මට මතකය.
තරුණ නඩයක් අන්දරක කලපුවේ නාන හැටි දැක්කාමය, මට එහෙම වුණේ.
“අපිටත් බාගුරේ
නවතින්නේ නැතිව තේ හදන්න මෙතනට එන්නයි තිබ්බේ. එහෙම කළා නං මෙතන හීල් හෙවණේ...”
“ලබන වතාවේ දිගටම මෙතෙන්ට එමු.”
“අමතක කරන්න එපා, පහුගිය වතාවල්වල මේකෙ මෙච්චර වතුර තිබ්බෙ නැහැනෙ.”
“තව අග්ගලා ඉතුරුයි... කනවද... එපා? එහෙනං මේ ටික අර නඩේට දෙමුද.”
“අපට බෑ ඔව්වා
කරන්න ගිහිං කිච වෙන්න... තමුසෙට ඕනි නං තමුසෙම ගිහිං දෙනවකො- අපට කියන්නේ.” එකා
දෙන්නා නක්කල් හිනා පාති.
“මට බැහැ කියලද හිතන්නේ?” අග්ගලා ගුළි ටිකත් අරගෙන මම ඒ පිරිස වෙත යන්නට පිය
ඔසවමි.
“ඔන්න දිසානායකත් නාගන්නයි හදන්නේ!” හඬ අඩුවෙන් කිව්වේ නෙවිල් වෙන්නැති!
“අග්ගලා ටිකක්
දෙන්නං...” මගේ ප්‍රශ්නයට ලැබුණු ප්‍රතිචාර බෙහෙවින් උණුසුම්ය.
“නියමයිනෙ මාමේ... මෙච්චර? මාමලාගේ කට්ටියේ නේද අර foto ගත්තු මල්ලී ඉන්නේ. ගෙදර
ගියාම- එයාට මතක් කරනවද මාමේ ඒ ෆොටෝස් internet එකට දාන්න.” ඒ කිව්වේ පසිඳු ගැනයි.
“හා,මම කියන්නං!”
ඔයාලා ඉස්සර වෙලා ගිහිං
කුරුලු විල්ලුවේ... |
හෙමින් ගියේ
පීරිස්, තමීර, නමී හා මං වහන්සේයි. මං නම් හෙමින් ගියා කිව්වත් වැරදිය. වඩාත්
සුදුසු ‘ඔහෙ යැවුණා’ කියන එකය. හීන් සීරුවේ ගාටමින් අප කුරුලු විල්ලුවට යනකොට අපේ
වතුර සාස්පාන ගොජ දමමින්; උතුරමින් තිබිණි.
“නිමල් අයියේ,
බතල තම්බපුවා කමුද? ටිකක් බඩගිනියි.”
එහෙම කාලාත්, බතල බාල්දියෙනුත් තුනෙන් පංගුවක්ම ඉතිරිය.
“අග්ගලා මාමේ. කඩල ටිකක් දෙන්නද?” අතරමඟ ස්නානය කරමින් හිටි නඩේ කෙනෙක් සුහදත්වයේ
දෑත දිගු කරයි. එයාලා කඩල තම්බලා ගෙනවිත් තිබ්බේ පොල්, ලුණුමිරිස් මොකුත්ම නැතිවය.
“එහෙනං මේ පොල්
දාපු බතලත් ගන්න කලවමට. ලුණුමිරිසුත් තියෙනවා.” දමිළ ගමන්කරුවෙකුටත් බතල පිඟානක්
බෙදාදුන් ප්‍රියන්ත කියයි. “Tea or Coffee?” ඒ අස්සේ Sam අහයි.
ඊට පස්සේ
ආයෙමත් අපේ නඩය දෙකඩ වෙයි!
“අපි කට්ටිය ඉස්සර වෙලා ගිහිං හොඳ තැනක් අල්ලා ගන්නං. දර ටිකකුත් එකතු කරන්නං!” ඒ
අතින් බලද්දී අප කොතරම් ආත්මාර්ථකාමීද? දැන් බෝධිසත්ත කතා කියන නසරානි නිමල්
දිසානායකයා පාද යාත්‍රා ගමන් වතාවකදී හොඳටෝම ආත්මාර්ථකාමී වෙච්චි හැටි ගැන මීට
කලින් පාපෝච්ඡාරණය කෙරුවා මතකය.
මිනිස්කමේ හැටි එහෙමය; මනුස්ස සොබාව ඒකය. වැඩි දෙනෙකුම හිතන්නේ තම-තමන්ගේ සැප පහසුව; වාසිය ගැන
විතරකි!
‘...ගිනි පිඹිනා වින කරනා මුදලින් නුඹට පඬුරු ලා
හෙණ වදිනා පව් කරලා රහසින් ලොවක් රවටලා
දැන් එන්නේ නුඹගේ සෙත පතලා...’
à ඊළඟ කොටසට...