li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, June 8, 2025

මඟුල් වදේ - තෙවෙනි කොටස

...ඔව්වොව්, මොනවා නැතත් කමක් නෑ මල්ලිලා මජ්ජපානා දට්ඨානාවලට ඕනේ කරන ජාති නං අඩු වෙන්න දෙන්න එපා.

සොක්‍රටීස්ට මංගල තෑගි දෙනවට වැඩිය වටිනව මෙහෙම අමතක නොවෙන වැඩක් කරන එක. / අනෙක මචං මිනිහා ඔය තෑගිබෝග බලාපොරොත්තු වෙන ජාතියෙ පොරකුත් නෙවෙයිනෙ. /

මල්ලිට handle කර ගන්න බැරි අ..මා..රු..ම තැනක් ආවොත් එක විසිල් පාරක් ගහන්න. එ.ත..කො..ට මාත් සීන් එකට එන්ටර් වෙනවා!

මට නං ඉවසිල්ලක් නෑ පොරවත් xන්න dance කට්ටිය මැද්දට තල්ලු කරනකං. එක පොන්සියෙකුට උගන්නන්න ඕනි, අපේ එකාට උම්මා එකක් දෙන්න කියලා. / අනේ ඩෝ, යකාගේ ආසාවක්නෙ තොටත් තියෙන්නෙ...

“ඔන්න ඔන්න. මතකද, මං මුලදීම කිව්වනෙ මනාල ජෝඩුවට අතක්වත් තියන්න බෑ කියලා...”  මං මුල මතක් කළේ එතකොටයි. “අපේ වැඩෙන් එයාලගෙ කටයුතුවලට කිසිම බලපෑමක් වෙන්ඩ බෑ!”

‘අයියෝ... අපේ ආතල් double ට්‍රිබල් කර ගත්තෑකි නිමල් අයියේ එහෙම එව්වයෙන්... කොහෙද ඔයත් එක්ක මොනවත් කරන්න බැහැනෙ...’
“එහෙනං මහත්තයෝ ඔයාලට ඕනි දෙයක් කර ගන්න! මම දැන් ඉඳලම වැඩෙන් අයින් වෙන්නං. එතකොට හරිනේ...”

‘චේ චේ චේ! Mr. නිමලුත් චුට්ට ඇත්තං කලබල වෙනවනේ. ගණන් ගන්න එපා... මේ හැම xකයම කියන හැම රෙද්දක්ම ගණන් ගන්න ගියොත් අපිට කිසිම වැඩක් කර ගන්න බැරිව යනවනෙ නිමල් අයියේ. You know that... මචං නීරෝ... මීට පස්සෙ මොකෙක්වත් අපේ නිමල් අයියට අකීකරු වෙන්න ආවොත් එහෙම උඹ ඒ ගැන බලාගන්න ඕනෙ.
නීරෝ මලයා, පොඩ්ඩක්වත් බය වෙන්න එපා... මල්ලිට handle කර ගන්න බැරි අ..මා..රු..ම තැනක් ආවොත් එක විසිල් පාරක් ගහන්න. එ.ත..කො..ට මාත් සීන් එකට එන්ටර් වෙනවා! Enter the Dragon
!!

කතාවට එහෙම කිව්වත්... ඒ තුන්-හතර දෙනාටම එකට එකතු වෙලාවත් අපේ නාම්බන් පිරිස මෙච්චල් කර ගන්නට බැරි වුණේ මංගල්ලය දවසේ පාන්දරමය!

‘ඔන්න පරක්කු වෙන්න එපා. පරක්කු වෙන එවුන්ව දාල යන එකයි කරන්නේ. අපි හැමෝම නිමල් අයියල ගෙදරට එනවා- උදේ හතට කලින්. ඔන්න උඹලත් එහාට වරෙන් මචං. ඊට පස්සේ ඇඳුම් මාරු කරගෙනයි පිටත් වෙන්න තියෙන්නෙ.’ නඩයේ වැඩි දෙනෙකුට කලින්ම දැනුම් දී තිබිණි.
‘ඇයි, අපි ගෙදරදීම ලැහැස්ති වෙලා ඇඳුම් ඇඳගෙනනෙ එන්නේ. වෙන ඇඳුම්...’
‘තේරෙන්නෙ නැද්ද මචං. අණ්ඩරයක්නෙ කරන්න යන්නෙ... හැමෝම එකම විදිහට ඇඳගෙන ගියාමනේ ලස්සන. ඇඳුම් අපෙන්... විස්තරේ පෙනෙයි එදා උදේට ආවාම...’

අපේ සමීප හිතවතුන් හැරුණු විට අනෙත් අයට පුළුවන් තරං අඩුවෙන් විස්තර කියන්නටය අප වගබලා ගත්තේ.
කොටින්ම සමහර දෙනෙක් ‘අපේ මිෂන්’ එක මොකක්දැයි යන්නවත් නොදත්හ. ‘විස්තර නොදැන ඉන්න එක ඔයාලට හොඳයි! තඩි ජෝක් වැඩක් කියල විතරක් දැනට කියන්නංකො.’ වැනි දේවල්ය අප ඔවුනට කීවේ. එහෙත් ඔවුන් තුළ අප කෙරෙහි තිබුණු විශ්වාසය නිසාම ඔව්හු පසු නොබැස්සෝහ.
‘එල්ලුම් ගස් යන වැඩක් වුණත් ඕගොල්ලො කිව්වම නෑවිත් පුළුවන්ද?’

වැඩි දෙනෙකුම එහෙමය.
ඔවුහු හිත-මිතුරන්ගේ කියුම් පමණටත් වැඩියෙන් විශ්වාස කරති; දුර-දිග නොසිතති; විශේෂයෙන්ම කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නට ගත්විට... ඔවුනගේ විමංසනාක්ෂි අක්‍රිය වී යයි...

ඇයි කෙල්ලෙ අපිට මේක් අප් කර ගන්නත් තියෙනවනෙ?

අපේ සමීප හිතවතුන්ගෙනුත් එක්කෙනෙකුට මේ කිසිම දෙයක් කියා නොතිබිණි. ඒ කිරිහාමිටය. හැම දෙනාගේම අදහස වුණේ කිරිහාමි දැන ගත්තොත් ‘රහස’ සොක්‍රටීස්ටත් දැන ගන්නට ලැබෙන බවයි.

‘අපොයි ඔව්! මේකා චූන් වුණාම සොක්රටීස්ට hint පාස් කරනවාමයි.
ඌ හෙණ මීටරේනේ. පට ගාලා සැක හිතයි. හිතල- කිරිහාමිට සැර කරලා අහපු ගමන්... දෙකක් නෑ- මේකා සේරම කියනවා ගිරවා වගේ... ඒ හින්දා මඟුලට කලින් දවසේ හවස් වෙනකල් කිරිහාමියට මොකුත්ම කියන්න එපා.’

‘ඒත්,  එතකොට වුණත් හරියටම කාරණේ කියන්න හොඳ නෑ.’
‘ඔව්! නොගිහින්ම බැරි වැදගත් ගමනක් යන්න තියෙනවයි කියමු.’
‘මචං, පොරට කතා කරන වැඩේ නිමල් අයියට බාර දුන්නා නං හරි. මෙයා බොරු කියන්නේ නෑ කියල කිව්වට මොකද ඇත්තත් නොකියා මිනිස්සුන්ව අන්දන්න දෙයියනෙ. තිතට වැඩේ දෙයි.’

ඒ කිව්වා වගේම කිරිහාමි නියමෙටම ඇඳගත්තේය.

“මොකක්ද නිමල් අයියේ ඔච්චර වැදගත් වැඩේ”
“මෙච්චර කාලෙකට මං තමුසෙට බොරුවක් කියල තියෙනවද? වැදගත් කිව්වේ වැදගත් නිසා. තමුසේ කැමති නං එනවා. බැරි නං නිකං ඉන්නවා. හැබැයි පස්සේ දොස් කියන්න එපා ඔන්න, නොකිව්වයි කියලා...” පොල්ලකින් ගහන තාලෙට කෙරුණු මගේ කතාබහ නිසා කිරිහාමි එතැනින් එහාට හරස් ප්‍රශ්න ඇහුවේ නැත!

නියමිත දවසේ නියමිත වෙලාවට ආවේය!! පමා නොවීම ආවේය!!!
එයා වෙලාවටත් කලින් එද්දී, අපේ ගෙදරට ඇවිත් හිටියේ නීරෝ විතරකි.

“තව කට්ටිය යනවයි කිව්ව නේද? තවම කවුරුවත් ඇවිත් නැහැනෙ... ඇත්තටම මොකක්ද මචං මේ නිමල් අයිය කරන්න හදන වැඩේ?” කිරිහාමි ඇහුවේ නීරෝගෙනි. නීරෝට උත්තර දෙන්නට ඉඩක් හම්බ වුණේ නැත. ඒ මෝලම් කණ්ඩායම හා නැටුම් කණ්ඩායම පැමිණෙන වාහනයෙන් call එකක් ආ බැවිනි.
‘... හරි හරි... අරාබි ඉස්කෝලේ ගේට්ටුව පහු කරලා ඉස්සරහට එන්න. ඒ එනකොට...’ නීරෝ එයාලට මඟ සලකුණු කියයි. විනාඩි පහකින් වාහනේ අපේ මිදුලේ...

‘හායි මෙයාලා... Good Morning!’ නැටුම් කණ්ඩායමේ කෙනෙකු අපට සුබ පතමිනුයි වාහනයෙන් බැස්සේ. එයාලව දැක්ක ගමන් කිරිහාමිගේ කට ඇරුණේ පුදුමයෙන්.
“මෙ.යා..ලා මොකද නිමල් අයියේ මෙහෙ?” මිනිහ ඇහුවේ රහස්‍ය කෙඳිරිලි හඬකින්.

“සොක්‍රටීස්ගේ මඟුල් ගෙදර යන්න!” නීරෝ කිරිහාමිට කිව්වා.
කිසිම ඇකිළීමක්- පැකිළීමක් නැතිව නැටුම් කණ්ඩායමේ කට්ටිය ඇඳුම් බෑග්ස්තුත් අරගෙන ගෙට ඇතුළු වුණෙත් අඟර-දඟර පාමින්, නිළි සෙයියාවෙන්.

“කොහෙ ඉඳගෙනද මෙයා අපි ඇඳගන්නේ?” නීරෝගේ ඇඟට ගොඩවෙමින් එක්කෙනෙක් අහපි.
“ඇයි කෙල්ලෙ අපිට මේක් අප් කර ගන්නත් තියෙනවනෙ...” තවත් කෙනෙක් අර පිරිමි කෙනාගෙන් ඇහුවෙ එයාට උදව් වෙමින්.
“හිටපං මචං... මේ..ඒ..ඒ..ඒ හැන්ඩි අ..යි..ය එදා කිව්වා අපිට ඒ වැඩවලට වෙ..න..ම..ම room එකක් දෙන්නං කියලා. නේ..ඒ..ඒ..ද මෙ..යා?”

එහෙම ඕනිකමක් තිබ්බා නං මචං උඹට තිබුණෙ කලින්ම දුවගෙන එන්න.

“කිරිහාමි, ඔයාගෙ කටට මැස්සො රිංගයි!” මං කෙඳිරුවා. ඒ තරමටම එයාගෙ කට ඇරිලයි තිබ්බෙ; පුදුමෙන්!

“ම්..ම්ම්ම්..මොකක්? මෙයාලත් එක්ක මඟුල් ගෙදර යන්න... අපේ සොක්‍රටීස්ගේ...” කිරිහාමි එච්චර වෙලාවක් හිතේ හිර කරගෙන උන්න ප්‍රශ්නෙ එළියට දැම්මා.
“ඇයි හොඳ නැද්ද?”

කිරිහාමි ඔළුව කසමින් හිතන්න ගත්තා. “ඒ වුණාට එයා තරහ වුණොත්... සොක්‍රටීස් පව් නේද?”
“ඒකද තමුසෙ මෙච්චර වෙලා හිතුවේ?”
“මේ, ඒක නෙවෙයි නිමල් අයියේ... නීරෝ කොහොමද අරගොල්ලන්ව අඳුනන්නෙ... අච්චර හොඳට.”
“අන්න... අන්න. නීරෝ එයාලට කාමරේ පෙන්නලා එනවා. එයාගෙන්ම අහගන්නවකො ඔයාගේ ප්‍රශ්නෙ.”

මා දන්නා තරමින් නීරෝට ඔවුන් හා පෙර හැඳුනුම්කමක් තිබුණේ නැත. ඒ කණ්ඩායම් වෙන් කරවා ගැනීමට යද්දී ඔවුන් නීරෝ දැක ගන්නට ඇත. එතැනදී කඩවසම් නීරෝ ඔවුනගේ අවධානයට ලක් වුණා විය යුතුය.

“වරෙන් වරෙන්... මාව විතරක් නෙවෙයි, එයාල කැමති වෙයි උඹවත් අඳුරගන්න. මං එයාලට උඹව අඳුන්නල දෙන්නං.” කිරිහාමි ප්‍රශ්නය ඇහුවාම නීරෝ උත්තර දුන්නේ එහෙමය; කිරිහාමිගේ අතකිනුත් අදිමින්ය. ලජ්ජාශීලී කිරිහාමි නීරෝගෙ අත ගසල දැම්මෙ මුල්ලකට පනිමින්. “හෙඃ හෙඃ පිස්සු කෙළින්න එපා මචං... නිමල් අයියෙ... මූට නිකං ඉන්නයි කියන්න... මෙන්නෝ... මූ මට ඉන්න දෙන්නැතෝ!”

එහෙම ‘එපා’ කියන්නට ඉඩක් මට නොලැබුණේය. එතෙක් වෙලා van රියේ උන් රියැදුරාත්, මෝලම් වාදකයනුත් ගෙදරට ඇතුළු වුණු නිසාය ඒ. ඒ අතරේම අපේ පිරිසෙනුත් එකා දෙන්නා පැමිණෙමින්...

‘අපේ නාම්බන් පිරිස මෙච්චල් කර ගන්නට බැරි වුණේ මංගල්ලය දවසේ පාන්දරමය!’ කියල post එකේ මුල හරියෙදීම මං වහන්සේ කීවා මතකද? ආන්න ඒ ඩිංග වුණේ මේ වේලාවේය.
එන- එන හැමෝටම ඉවසිල්ලක් නැතිව තිබ්බේ අර සුවිශේෂී නැට්ටුක්කාරයන් / නැට්ටුක්කාරියන් දැක ගන්නටය.

කෝ කෝ අරගොල්ලෝ කෝ? / උන් මොකද කරන්නෙ මචං? / අඳිනවද... අපරාදෙ එයාල මොනවද ඇඳගෙන ආවේ කියලා බලා ගන්න බැරි වුණානෙ! / එහෙම ඕනිකමක් තිබ්බා නං මචං උඹට තිබුණෙ කලින්ම දුවගෙන එන්නනෙ.

මට තවමත් මතකය.
ඒ අසරණ ජීවීන්... ඔවුන් එසේ උපත ලබා තිබෙන්නේ ස්ව කැමැත්තෙන් නොවේ. සොබාදම් දිනිතියගේ (තවමත් අප නොදන්නා) යම්කිසි හේතුවක් නිසාය, ඒ ජීවීන් එසේ බිහි වෙන්නේ.
ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය වී නව ජීවියෙකුගේ
උත්පත්තියකට මුල පිරෙන බව ඔබ දැනටමත් දනියි. ඒ ක්‍රියාවලියෙදී සිද්ද වෙන විකෘතියක්(?) නිසා / ජාන සැකසෙන ආකාරයන් නිසා / වර්ණදේහවල බලපෑම් නිසා මෙවන් ජීවීන් බිහිවෙන බව කියැවෙයි.

... වත්තේ හතර මායිම් හොයන්නේ නැතිලු...

ගැහැනු සිරුරක් සහිතව; එහෙත් පිරිමි සිතුම් පැතුම් ඇතිව ඉපදුණු උදවිය ගැන තොරතුරු හිඟ නැත. වඩාත් වැඩියෙන් ඇත්තේ, පිරිමි සිරුරක් සහිතව; එහෙත් ගැහැනු සිතුම්-පැතුම් ඇතිව ඉපදුණු අයගේ තොරතුරුයි.

එදා dance කරන්නට පැමිණි තිදෙනාම ඉහත ඡේදයෙන් කියැවුණු දෙවැනි පිරිසට අයිති බවයි මට හැඟුණේ. ඒ පිළිබඳව හිතන්නට තරම් ඉස්පාසුවක් එදා මට තිබුණේ නැත. ඒ වුණත් එදා ප්‍රදර්ශනය කෙරුණු ඔවුනගේ හැසිරීම් රටාවන් නිසා මගේ හිතේ ජනිත වුණු ප්‍රශ්න නම් තවමත් ම’සිත පාරයි.

ඇයි එයාල විහින්ම පාච්චල් වෙන විදිහට හැසිරෙන්නේ? / විහිලුවකත් අවමානයට පත් කිරීමකත් තියෙන වෙනස එයාලට තේරුම් ගන්න බැරිද? / එයාලටත් ආත්ම ගෞරවයක්- ආත්ම අභිමානයක් තියෙනවා ඇති නේද? / මෙහෙම වෙනසක් ඇතිව උපදින අයගේ බුද්ධි මට්ටමත් අඩුයිද? / එහෙම නැත්තං සමාජයේ අවධානය දිනා ගන්න හිතාගෙන එයාලා දැනුවත්වම ලද-බොළඳ විදිහට හැසිරෙනවද?

පොල් කඩන්නට ආ මිනිහා ඒ රාජකාරිය කරනවා මිස වත්තේ හතර මායිම් හොයන්නේ නැතිලු.
ඇත්තය!
සොක්‍රටීස්ගේ මංගල්‍යයේදී අරුම යමක් කරවන්නට කුලියට ගත් කණ්ඩායමෙහි සේවාව නිසියාකාරව ලබා ගන්නවා මිස වෙනත් මානව ගුණාංග ගැන සොයන්නට (මට මිස) අපෙන් කාටවත් උවමනා නොවිණි.

‘දිසානායක... කොයි ලෝකෙද හලෝ ගිහිං ඉන්නේ...
අරහේ අර තුන්දෙනා ඇඳල ඉවරලු.
මාර යුද්ධයක්නේ හලෝ මට කරන්න වෙලා තියෙන්නෙ. අපේ xත්තලා දෙතුන් දෙනෙක් ඒ කාමරේට එබෙන්නමයි හදන්නේ...
උනුත් ඊට හපන්... කාමරේට වෙලා පාඩුවෙ ඉන්නේ නැතිව දොර ඇර-ඇර එළියට එබි-එබී අපේ එවුන්ව අවුස්සනවා.
මේ, අපි ඉක්මනට මෙයාලට සරොම් බැනියම් බෙදල දීලා, අන්දවාගෙන පිටත් වෙමු.’

“හරි! දීපාල්ගේ මංගල්ලෙට ඇඳපු සරොම් තොගයක් මෙතැන තියෙනවා.”
‘ඔයා ඒවා අයන් කරලත් එක්ක!’
‘වැඩක් කරනකොට හරියටම කරන්න එපැයි. මම අත් තියෙන මේස් බැනියමුත් ගෙනාවා සයිසස් තුනකින්. එක එක්කෙනාට ගැළපෙන සයිස්වලින් තෝරගන්න කියන්න. ගෑනු අයට මේ ලුන්ගි රෙදි...”

එතැනට ආව ඉඳිකටු පැංචාටයි බූබම්බායි දෙන්නටත් මගේ කතාව ඇහිලා. ‘ගෑනු අය කිව්වට නිමල් අයියේ හතර දෙනයිනෙ ඉන්නේ...’
‘මල්ලී, ලද දෙයින් සතුටු වෙන්න කියන පාඩම ඉගෙන ගනිං. මේ හතර දෙනයි- අර කාමරේ ඉන්න ගිනි කිරිල්ලියෝ තුන් දෙනයි එකතු වුණාම ගෑනු හතයි. අපි ඔක්කොම කී දෙනෙක්ද නිමල් අයියෙ?’

දෙන්නම නියමෙට dance කරනවා. මරු ඩබල! ඒ හින්දමයි ඒ දෙන්නවත් මේකට set කර ගත්තේ!

‘...අපි වැඩිය අඳුනන්නේ නැති කොල්ලො දෙන්නෙකුත් ඇවිල්ල ඉන්නවනෙ... නිමල් අයියේ, කවුද ඒ බුවාලා?’

“ඒ දෙන්නා අපේ press එකේ වැඩ කරන අය. දෙන්නම නියමෙට dance කරනවා. මරු ඩබල! ඒ හින්දමයි ඒ දෙන්නවත් මේකට set කර ගත්තේ...”

‘මේ... ඒක නෙවෙයි. මොනවටද නිමල් අයියෙ මේ? යකෝ උඹ මඟුල් ගෙදරට කෑමත් ගෙනියන්නද හදන්නේ...’
“අපි තිහක් විතර එක සැරේ එහාට කඩා පාත් වෙන්නනෙ හදන්නෙ මහත්තයෝ... එතකොට ඒ මිනිස්සු අලුතෙන් උයන්නයැ? මම බතුයි කුකුළු මසුයි හැදුවා... ගම්පොළ උන්නැහෙගෙ නෝනා පරිප්පුවක් හදලා අල තෙල් දාලා ගෙනැත්... තව බෝංචි කරියකුත් තියෙනවා... ඇති නේද බූබම්බෝ...”

“ඇති ඇති... හොඳටම ඇති බං... ඒත් මෙච්චර කෑම ගොඩක්...”
“ඇයි බූබම්බෝ, අපේ කට්ටියම තිහක් විතර... ඒත් රෙට්ටෙටම තිහකට විතරක් උයාගෙන ගිහිල්ල බැහැනෙ...”
“යකඩෝ! තිහක් විතර... අරූ හොල්මං වෙයි!!”
“වෙයි නේන්නං... මම බැනර් එකකුත් ඇන්දා. ඒකෙ දෙපැත්තෙන් ලී දෙකක් දාගන්න නං බැරි වුණා.  බූබම්බා මහත්තයෝ, මේ ඉඳිකටු පැංචවත් අල්ලාගෙන- ඔය ගේ පිටිපස්සේ තියෙන ලාඩප්පා ගහකින් අතු දෙකක් කපලා අරං...”
”හරි හරි... අපි ඒක කරන්නං.”

අටට කලින් ඔක්කොම readyය.
අපේ පිරිමින් නම් හද්දා පිටිසර ගමකින් ආ අය සේ සුදු අත් දිග මේස් බැනියම්වලින් හා සරොම්වලින් සැරසීගෙනය...
බවලතුන් හතර දෙනා නං ගවුම්වලට උඩින් ලුන්ගි රෙදි දවටාගෙනය උන්නේ...

වැඩේ කියන්නේ- මුලින්ම අදිමදි කරමින් හිටි කිරිහාමි ඒ වෙනකොටත් හොඳටම චූන් වෙලාය. තවත් කීප දෙනෙකුටත් ඒ උණ බෝ වෙලාය!

මට මතක හැටියට වාහන තුනක් නැත්නම් හතරක් ඒ ගමනට සහභාගි විණි.
එකක නැටුම් හා වාදක කණ්ඩායමේ පිරිස... කියන්න ඕනි නැහැනෙ, අපේ ගොයියන් දෙතුන් දෙනෙකුටමත් ඕනි වුණේ ඒ van එකටම නඟින්න.
‘නෑ, නෑ. ඒ කට්ටිය ඒකෙ ගියාවේ. අපි කට්ටියට මේ තව වාහන තියෙන්නෙ... අරකෙම හිර වෙලා යන්න ඕනියැ?’

‘ඉස්සරහින්ම යන වාහනේ ඉස්සරහ සීට් එකට නිමල් අයියව නග්ගමු. පාර පෙන්නන්නේ එයානෙ...’ කවුරුන්දෝ යෝජනා කරනකොටය, මගේ බොක්ක රත් වුණේ.

පාර පෙන්නන්න... මං?
මං වහන්සේ මනාලියගේ ගෙදරට ගිහිං තිබුණේ එකම එක වතාවකි. මට හොඳටම මතක නුවර පාරේ ගිය විත්තියයි. වරකාපොළදී කුරුණෑගල පාරට හැරුණු බවත් මතකය.
එතන ඉඳලා ටික දුරක් ගිහිං දකුණට තිබුණු පාරක් දිගේ නේද ගියේ... ඒ පාරෙ වංගු ගොඩක් තිබ්බා- ළඟ ළඟම. පාර දෙපැත්තේ කුඹුරු යායවලුත් යහමින් තිබුණනේ.

මනමාලිගෙ නමක්- අම්ම තාත්තාගෙ නමක්... ඇඩ්‍රස් එකක්... මොකුත්ම නොදැන නේද ගොන් මෝලෝ උඹ මේ වැඩේට කරගැහුවේ? 

‘අනේ ගොන් හරකෝ! ලංකාවේ ගම්වල පාරවල් තියෙනවද වංගු නැති... ඊට හපන් කුඹුරු යායවල් කිව්වම. ඔහොමද තමුසෙ ගයිඩ් වැඩේ කරන්න හදන්නේ?’

අන්න ඒ මොහොතෙදීයි නිමල් දිසානායකට මේ කාරණය හරියටම කල්පනා වුණේ; උන්දෑ බාරගත් වගකීමේ තරම කොතරම්ද කියල ටක්කෙටම තේරුම් ගියේ.

ඒ වෙද්දීත් සෑහෙන මුදලක් මේ වැඩේ වෙනුවෙන් වියදම් කෙරිල ඉවරයි. ඒ වගේමයි එක-එක්කෙනා දරපු වෙහෙස-මහන්සිය. ඒකත් පොඩි නෑ.
මඟුල් ගෙදර තියෙන තැන හොයා ගන්න බැරි වුණොත් ඒ වියදම්; ඒ මහන්සි සේරම වතුරේ...
ඊට හපන් මට විඳින්න වෙන ලජ්ජාව...

මඟුල් ගෙදරට පාර පෙන්වන්නට බැරි වුණෝතින් මට වෙන්නේ වහ කන්නටය!

“හරි හරි. වරකාපොළදි අපි ඉස්සර වෙන්නං. එතකල් ඕනි විදිහකට යං හලෝ.”
මට දැන් ඕනෑ වෙලා තියෙන්නෙ හැකිතාක් ඉක්මනින් මගේ ඉරණම විසඳා ගන්නටය; වෙන්නේ මොකක් වුණත් එහි අවසානයක් ඉක්මනින්ම දැක ගන්නටය.
වාහනයේ යන අතරේත් මා කල්පනා කළේ මඟුල් ගෙදර ගැන තොරතුරක් දැන ගත හැකි පිළිවෙලක් පිළිබඳවයි.

‘මහ ලොකු පණ්ඩිතයා. පාර පෙන්නන්නං කියල කිව්වේ නං හරියට දහ-දොළොස් වතාවක් ගිහිං තියෙන එකෙක් වගෙ... අඩු ගාණේ මනමාලිගේ ගෙදර තියෙන හරියට කියන නමවත් දන්නවද? මනමාලිගෙ නමක්- අම්ම තාත්තාගෙ නමක්... ඇඩ්‍රස් එකක්... මොකුත්ම නොදැන නේද ගොන් මෝලෝ උඹ මේ වැඩේට කරගැහුවේ...’

සත්තයි! මට ඒ වෙලාවේ හීන් දාඩිය දැම්මේය!
එතැන් සිට ඊළඟ කොටසෙන්
à

33 comments:

  1. //ඇයි එයාල විහින්ම පාච්චල් වෙන විදිහට හැසිරෙන්නේ? / විහිලුවකත් අවමානයට පත් කිරීමකත් තියෙන වෙනස එයාලට තේරුම් ගන්න බැරිද? / එයාලටත් ආත්ම ගෞරවයක්- ආත්ම අභිමානයක් තියෙනවා ඇති නේද? / මෙහෙම වෙනසක් ඇතිව උපදින අයගේ බුද්ධි මට්ටමත් අඩුයිද? / එහෙම නැත්තං සමාජයේ අවධානය දිනා ගන්න හිතාගෙන එයාලා දැනුවත්වම ලද-බොළඳ විදිහට හැසිරෙනවද?//

    මේක විසඳුමක් නැති සංකීර්ණ සමාජ, ආර්ථික ප්‍රශ්ණයක් නේද? සමාජයේ පිලිගැනීම සහ ආකල්ප සහ කොන් කිරීම, අඩු රැකියා අවස්ථා හේතු වෙනවත් ඇති.

    අහිකුණ්ථික, වැදි ජනතාවත් මේ වගේම නේද? මම කියන්නෙ මේ අයගෙ සුභසාධනයට වෙනම ආයතනයක් තියෙන්න ඕනෙ. NGO වුනත් කමක් නෑ, ආධාර ගසා කාලා තමන් ගෙ බඩ වඩා ගන්නෙ නැත්නම්. අවුල තියෙන්නෙ, "ගේමක් ගසා ගොඩයෑම" ජාතික ප්‍රතිපත්තිය වෙච්ච රටක....

    ReplyDelete
    Replies
    1. https://www.localsamosa.com/people-culture/queer-performers-reshaping-indias-classical-dance-8776710

      https://en.wikipedia.org/wiki/Narthaki_Nataraj

      https://www.trp.org.in/wp-content/uploads/2015/10/ARSS-Vol.4-No.1-Jan-June-2015-pp.17-19.pdf

      According to Hindu mythology,
      transgender people are on par with people of other genders. This succinct analysis of the numerous references to transgender people in Hindu mythology sheds light on the varied approaches taken to the subject of
      transsexualism and gender identity modification.
      https://www.gapbodhitaru.org/res/articles/(52-56)%20TRANSGENDERS%20REFLECTIONS%20IN%20INDIAN%20HISTORY.pdf

      Delete
    2. නොකර බැරිකමට ඔය සම්මාන දුන්නට, ලංකාව ඉන්දියාව වගේ රටවල මේ වගේ ජන කොටස් ගැන සමාජ ආකල්පය නරකයි කියන එකයි මගේ අදහස. ආබාධිත අය ගැනත් එහෙමයි. මේ නිසා වටිනා මිනිස් සම්පත් ප්‍රමාණයක් අපතේ යනවා, සමාජය තෝරාගත් වෘතීයන් කීපයකට ඔවුන්ව සීමා කිරීම නිසා කියල හිතෙනවා.

      Delete
    3. https://rpl.hds.harvard.edu/religion-context/case-studies/gender/third-gender-and-hijras

      https://www.vice.com/en/article/revered-and-reviled-life-as-indias-third-gender/

      Delete
    4. හ්ම්...මේක ටිකාක් විතර දිග විස්තරයක්. ඒත් ඒ තුන්වන ලිංගිකත්වට-හිජ්රා අය, " leaving their home to live in community with other hijras" කියන එකෙන්, ඔවුන් රංචු ගැහෙන්නේ සමාජ දඩයක්කාරයාගෙන් ආරක්ෂා වෙන්න කියලයි හිතුනෙ.

      Delete
    5. "....සමාජයේ අවධානය දිනා ගන්න හිතාගෙන එයාලා දැනුවත්වම ලද-බොළඳ විදිහට හැසිරෙනවද?" ඔව්, මමත් හිතන්නෙ ඒගොල්ලන්ට තියෙන්නෙ performative behaviour එකක්. අපි හැමෝටම යම් ප්‍රමානයකින් performative behaviour තියෙනවා, නමුත් මේ වගේ අයව සමාජයේ සාමාන්‍ය අය විදිහට පිලිගන්නෙ නැති නිසා (විශේශයෙන්ම ඒ කාලෙ), ඒ ස්වබාවය වැඩි ඇති. හැබැයි දැන් කාලෙ තරුණ අයටනම් තියෙන්නෙම performative behaviour 😍

      Delete
    6. බස්සා, Pra Jay, Lotus. ඔයාලා හැමෝටම ස්තුතියි. මට කියන්න ඕනෑ වුණු කාරණා කීපයක් අල්ල ගත්තාට.
      අපි හුඟ දෙනෙක් මේ වගේ අයව- ආබාධිත අයව (මං කියන්නේ මොංගල් අයව) සමච්චලයට ලක් කරනවා. එයාල එහෙම වෙලා තියෙන්නෙ එයාලගේ වරදකින් නොවෙන විත්තිය අමතක කරමින්...

      Delete
    7. ... ලංකාවේ නැතත් ඉන්දියාවේ හිජ්රා ප්‍රජාව ගොඩක් සංවිධානාත්මක බවයි මට හිතෙන්නේ. ඒ ඔවුන් ලක්ෂ ගණනක් සිටින නිසා වෙන්නත් පුළුවන්.
      ඔවුන් ගැන නිපදවුණු ඉතා අනුවේදනීය ෆිල්ම්ස්වලට අනුව නම් ඒ සංවිධානාත්මක බව ඇතුළේ ගොඩක් බිහිසුණු තත්ත්වයකුත් තියෙනවා වගෙයි.
      කොහොම වෙතත් මෙවන් අය වියපත් වෙනකොට...

      Delete
    8. ... සමාජයේ කුහකකම කියන්නේ මෙහෙම උදවියව හෙලා දකින- පිළිකුල් කරන සමහරුන් පවා අවස්ථාවක් ලැබුණු විගස මොවුන් හා රහසෙන් බැඳෙන්න කැමති වීමයි;
      මොවුන්ගෙන් විනෝදයක් ලබන්නට පෙළඹීමයි.

      Delete
    9. Performative behaviour - ප්‍රදර්ශනකාමී හැසිරීම නේද මේකට ගැළපෙන සිංහල වචනේ?
      දැන් ඉන්න අය කරන්න දන්නෙ මේක විතරක්ද මන්දා!
      දැක්කනේ, මාලිනි ෆොන්සේකා මහත්මියගේ මළ ගෙදරදී නිළියක් නැටුව නාඩගම.

      Delete
    10. මේ දවස්වල මගේ වේලාවෙන් නං වැඩි හරියක් වැය වෙන්නේ 'ගේමක් ගහලා ගොඩ යන්න' කිසිම අවශ්‍යතාවක් නැති උදවියත්, පෙරේතකමයි වැඩි තණ්හාවයි මජරකමයි පාදඩකමයි නිසා ගහලා තිබ්බ ගේම්ස් හෙළිදරව් වෙන හැටි බලන්නයි!

      Delete
    11. අපේ නගරෙත් ඒ අය වාර්ෂික පෙරහැරක් යනවා. ප්‍රදර්ශනකාමී හැසිරීම නං තියනවා. ඒත් කවුරුත් අපහාස කරන්නෙ නෑ. සාම්ප්‍රධායික කතෝලිකයො ඒ ගොල්ලන්ට අකමැති වුනත්, ඉවසා වදාරනවා, සමාජ සම්මුති නිසා.

      Delete
    12. බස්සා මහත්තයෝ, ඔයා කියන්නේ Gay Pride Paradesගැන වෙන්නැති. ජාලයෙන් එහෙම දේවල් දැක්කා.
      AI භාවිතයෙන් ඉතාම ලස්සන- කලාත්මක gay තේමාවන් සහිත නිර්මාණ කිහිපයක්ම නිපදවා තිබෙනවා. මට නං පුදුමත් එක්ක. ඒ වගේ අරමුණ හිතා ගන්නත් අසීරුයි.
      https://www.youtube.com/watch?v=3iBkzEKmg2M&list=RD3iBkzEKmg2M&start_radio=1

      Delete
  2. Replies
    1. සෑර් ගත්ත ලීය වැට මාරද?😋

      Delete
    2. වැට මාරවලට සකුරා කියල කියනවද? ජපානෙදීවත්?
      මට මතක හැටියට නං වැට මාරවලට නම් ගොඩක් තියෙනවා. ලාඩප්පා, නංචි මරං, ගිනිසීරියා වගේ...

      Delete
    3. අපේ ගම් පාලාතෙත් ඔව්වා වැටවල් දිගට හිටෙව්වා. අපි කිව්වෙ ඇල්බීසියා කියලයි.

      Delete
  3. මරු මරු, ....ඇත්තටම මනමාලිගේ ගම ගැන දැනගෙන නෙවෙයිද වැඩේ පටන් ගත්තේ ?

    ReplyDelete
    Replies
    1. මෝඩකමට බෙහෙත් නැහැනෙ ලලිත්! දැනගෙන උන්නු තරම මේ posts මාලාවේ පළමුවෙනි එකේදි ලිව්වා. ඉන්නකෝ- තව ටිකක් පහළදී උපුටා දක්වන්නන්.

      Delete
  4. Replies
    1. සාදරයෙන් පිළිගන්නවා Discourse! ස්තුතියි මේ අඩවියට පැමිණීම වෙනුවෙන්.

      Delete
  5. "මඟුල් ගෙදරට පාර පෙන්වන්නට බැරි වුණෝතින් මට වෙන්නේ වහ කන්නටය!" හී හී... නිමල් බොහොම විශ්වාසය ඇතුව පාර මතකයි කිව්වා වගේ මට කලින් කොටසෙ මතක.

    "වැඩේ කියන්නේ- මුලින්ම අදිමදි කරමින් හිටි කිරිහාමි ඒ වෙනකොටත් හොඳටම චූන් වෙලාය". 'වදය' දෙන හැම තැනම ඔහොම වෙනවා ඇති. excitement එක නිසා හැමෝම අන්තිමට එක වගේ හැසිරෙනවා. නිමල් මීට කලින් පෝස්ට්ස් වල වදය ගැන ලියද්දි කියපු කණ්ඩායම් මානසිකත්වය වැදගත් කාරණාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ Lotus. පළමුවෙනි කොටසෙදී මං කිව්වා. මෙහෙම. (ලලිත් මහතාටත් එක්කමයි මේ කොටස උපුටා දක්වන්නෙ.)
      //“හැබැයි එහෙම වැඩක් කරනවා නං පොරටත් උඩ යන්නම වැඩේ දෙමු... කීයක් ගියත් කමක් නෑ.”
      “ප්‍රශ්නෙ තියෙන්නෙ home coming දවස කවද්ද කියල අපි දන්නෙ නැති එක. පාටිය දවසට ඔහොම වැඩක් කරලා වැඩක් නැහැනෙ මචං.”
      “එහෙනං අපි වෙඩිම දවසට රැග් එක දෙමු.”
      “වෙඩිම තියෙන්නෙ මනමාලිගේ ගෙදරනේ... අපි එහෙ ගිහිං තියෙන එකක්යැ?”
      “මම නං ගිහිං තියෙනවා- එක දවසක්! මට පාර මතකයි.” එතකොට නිමල් දිසානායකයා කිව්වේය. (ඒකත් අහම්බෙන් සිද්ද වෙච්ච දෙයකි. වෙනත් කටයුත්තකට නුවර ගිහිං එද්දී සොක්‍රටීස් උන්නැහේ මේ ලියන්නාවත් කැටුව අනාගත බිරින්දෑගේ නිවහනට ගොඩ වැදුණේය.)
      “එක දවසයිද ගිහිං තියෙන්නෙ... නිමල් අයියට පාර මතකද හරියටම...”
      “මට ෂුවර්!”//

      Delete
    2. ඔව් ඔව්. මම කියන්නේ කණ්ඩායම් මානසිකත්වය ගැන දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන් නවක වද- මඟුල් වද වැනි අවස්ථාවලදී.
      ඒවා පටන් ගන්න අයටවත් අන්තිමේදී පාලනය කර ගන්න බැරි වෙනවා Lotus.
      ඒ ගැන ඊළඟ කොටසෙන්ම ලියන්නන්කො.

      Delete
  6. කුරුණෑගල එනකන් ගිහිල්ල කාගෙන් හරි අහන්න ඇති . ට්‍රාන්ස් අය පිලිබඳව හෙන ප්‍රශ්න මේ දවස් වල . ගැහැණු ළමයි එක්ක මල්ල ක්‍රීඩා වලදී ඒ අය නිතරම දිනන නිසා ඒක අසාධාරණයි කියල .

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, ඔයාත් එදා අපිත් එක්ක ඉන්නයි තිබ්බේ! කුරුණෑගලට? නියමයි...
      එච්චර දුරක් යන්න තිබ්බේ නෑ. කුරුණෑගල පැත්තට ටික දුරක් ගිහිං දකුණට හැරෙන පාරක්...

      Delete
    2. ට්‍රාන්ස්ජෙන්ඩර් අය නිසා දැන් ගොඩක් රටවල්වල නීති වෙනස් කෙරෙමින් තියෙනවා නේද අජිත් මහත්තයෝ.

      Delete
  7. ඔය මිනිස්සු වෙනස් විදියට නොදකින්න හිත හදා ගන්න අපිට නම් තව කාලයක් යයි .. හැබැයි අලුත් පරම්පරාවල් ටික ටික ඒවාට හුරු වෙනවා ..

    ReplyDelete
    Replies
    1. එහෙම තත්ත්වෙකුත් තියෙනවා තමයි පැතුම්!

      Delete
  8. Replies
    1. ස්තුතියි බස්සෝ!
      අපේ වැඩේත් ඔහොම කෑල්ලක් තියෙනවා... ඊළඟට කියවෙනවා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්