“... අද හවස අපි සේරමලා එකතු වෙලා කරන්න යන්නේ ලොකු යුද්දයක්. එක්කෙනෙක් අතින් සිද්ද වෙන එක පොඩි වැරැද්දක් ඇති ලොකු ජංජාලයක් වෙන්න... ඒ නිසා... පොඩිම පොඩි වැරැද්දක්වත් නොවෙන්න අපි හැමෝම වගබලා ගනිමු. හොඳද?”
![]() |
ඕන්න වෙසමුණි රාජ සභාව ඉදිරියේ
යක්ෂණිය නැටුමක් දානවා... (මේ AI එකට කියලා හදවාගත්තු ෆොටෝවක්.) |
හවස
හත විතර වෙනකොටත් මහරගම නගර සභා පිට්ටනිය උතුරණ තරමට සෙනඟ. (අනේ, දැන් ඒ පිට්ටනියයි, ඒකෙ
එක කොනක තිබුණු වේදිකාව සහිත ගොඩනැඟිල්ලයි දෙකම අතුරුදහන් වෙලා ගිහිං- මහරගම නගරයට
තිබ්බ පොදු වැසිකිළියත් එක්කම.)
“කළු අක්කේ, දැන් ඔයයි මේ අපේ ලොකු නංගියි දෙන්නත් එක්ක ගිහින් ආරාධිත අමුත්තන්ට
ආරාධනා කරන්න ඕනි පොල්තෙල් පහන දල්වන්න... පහන පත්තු කළාට පස්සේ නාට්‍යය පටන්
ගනිමු.”
මං
එහෙම කිව්වේ අපේ ලොකු නංගි දිහා නොබලා. මොකද, ඒ වෙනකොටත් අපේ ගෙදර උදවිය කළු
අක්කත් එක්ක හිත නොහොඳින් උන්නේ. එයාලා හිතාගෙන හිටියේ මං කළු අක්කගේ දෙවෙනි දූ
ඉන්ද්‍රානිත් එක්ක පැටලිලයි කියලා. ඒ ගැන කෙලින්ම නොකියා එහෙන්-මෙහෙන් hints
ගහද්දී, ඇණුම්-කෙටුම් කියද්දී මටත් මළ පැනලයි හිටියේ. ඒ කේන්තිය හින්දාම එයාලව තව ටිකක්
අවුස්සන්න හිතාගෙන මාත් ගැඹුර දෙන කාලෙයි, ඒ.
කොහොමත් ටිකක් විතර අහංකාර අපේ ලොකු නංගි එදා කළු අක්කත් එක්ක අමුත්තන්ට ආරාධනා කරන්න ගියේ මූණ ඇඹුල් කරගෙන; නොයා බැරිකමට.
ඔහොම
වෙවී ගිහිං- නාට්‍යයේ පළමුවෙනි දර්ශනය පටන් ගත්තයි කියමුකො.
ඕන්න
වෙසමුණි රාජ සභාව ඉදිරියේ යක්ෂණිය නැටුමක් දානවා. ඒ වෙසමුණි රජතුමාගේ හිත පහදවා ගන්නයි.
එහෙම හිත පහදවා ගෙන මනුස්ස ලෝකයෙන් හොඳම ගොදුරු බිම් කොටසක් ඉල්ලා ගන්නයි යක්ෂණියගේ
වෑයම.
(රටේ ලෝකේ සිද්ද වෙන දේවල් දන්නා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ රජවරුන්ගේ හිත පහදවා
ගත්තම කරගන්න ඇහැකි දේවල් ගැන! ඒක එදත් එහෙමයි; අදත් එහෙමයි; කොහෙත් එහෙමයි!)
මං
නටන අතරේ විඩෙන්-විඩේ ඇහැ යැව්වා stage එක ඉස්සරහින්ම වාඩි වෙලා ඉන්න ආරාධිත
අමුත්තන් දිහාවට. මං හෙව්වේ මගේ ආරාධනා අනුව නාට්‍යය බලන්න ඇවිත් උන්නු අයවයි. ‘Youth
එකේ මර්වින්, ඉන්දිරා, අනුරල එහෙම නං ඉන්නවා... / ආ... අරයත් ඇවිත් /
මෙයාත් ඇවිත් / ඒත්- ටියුඩර්ලා නැහැනේ!’
ඇයි
ටියුඩර්ල ආවෙ නැත්තේ? ඒ මනුස්සයා නෑවිත් ඉන්න කෙනෙක් නෙවෙයි. “දුප්පත් අපිටත්
ඔයාලගෙ නාට්‍යය බලන්න ආරාධනා කළාට ගොඩාක් ස්තුතියි වස්තුවේ! නොමැරී හිටියොත් එදාට
එනවාමයි.” කියලත් කිව්වනෙ.
නාට්‍ය
දර්ශනය ඉවර වෙලා, පැවිලියන් එකේ පිටිපස්සේ දොර අරිනවත් එක්කම අපේ සුනිල් මාව
හොයාගෙන ආවා.
“ඔන්න අයියේ, තමුසෙ අපිට කියපු විදිහට නීතියටම අපේ ඩියුටිය කෙරුවා...”
“මරුනේ සුනිල්!”
![]() |
හැබැයි, මේ නාට්‍යයේ පුහුණුවීම් නං වෙනදට
වඩා වැඩියෙන් කෙරුණා විය යුතුමයි. (මේ ඡායාරූපෙත් හැදුවේ AI තාක්ෂණයෙන්.) |
“හෑඃ?”
“මම ඉතිං ටියුඩර්ට කිව්වා අපිට කියල තිබ්බ නීති ටික. එයාලා චුට්ට වෙලාවක් හිටගෙනම
නාට්‍යය බලනවත් මං දැක්කා. පස්සේ බලද්දී එයාල පේන්න හිටියේ නෑ. මං හිතන්නේ ගෙදර
යන්න ඇති.”
“ෂුවර්
එකටම එයාලට එපා වෙන්න ඇති... ඇයි මනුස්සයෝ එයාලට ටිකට්ස් කීපයක් කඩලා පුටුවල වාඩි
කරවන්නනෙ තිබ්බේ...”
එතකොටය
සුනිල්ට ‘එසැණ ඔළුවේ කැසිල්ල’ක් මතු වුණේ! “එහෙම දෙයක් අපි කාගෙවත් ඔළුවට ආවේ නැති
හැටි. අනේ, සොරි අයියේ... අපරාදේ... ටියුඩර් ඔයාත් එක්ක තරහ වුණාද මන්ද.”
දිසානායක හේවගේ චාර්ල්ස් නොහොත් අපේ මහරගම සීයාටත්,
දිසානායක හේවගේ ගුණපාල නොහොත් අපේ තාත්තාටත් අඩු නැතිවම පිහිටලා තිබුණු ‘තන්වැසි නුවණ’ එලෙසින්ම
උරුම වී තිබෙන්නේ පවුලේ පළමු දරුවාට වගෙය! (කාටද ආඩම්බර!)
විශේෂයෙන්ම ප්‍රශ්නයක් ආවාම ඒකට
මුහුණ දෙන්න මේ ‘තැනට සුදුසු නුවණ’ තමයි නිමල් දිසානායකයාට උදව් වෙන්නේ. එහෙම
අලකලංචිවලින් හොඳම සිද්දිය විදිහට මං හඳුන්වන්නේ ‘අපේ සුනිලුයි මායි ගෙදරින් පැනලා
ගිය වෙලාවේ දුන්හිඳ අද්දර ගැමියන්ට කොටු වුණු අවස්ථාව’යි.
71 කැරැල්ල අවසන් වෙනවාත් එක්කම කෙරුණු ඒ ‘තකතිරු හපන්කම’ ගැන හැම අංශු මාත්‍රයක්ම
මට තවමත් මතකයි.
එච්චර හොඳ මතකයක් තියෙන මේ ලියන්නාගෙ මතකයෙනුත් ‘සමහර දේවල්’ විතරක් මැකිලා ගිහින්
තියෙන විත්තිය දැන් නං මට සහතිකයි. මං ඒ බව දැන ගත්තේ බ්ලොග් එක ලියන්න ගත්තට
පස්සෙයි!
පහුගිය
සුමානයෙත් ඒ විත්තිය, තවත් වතාවක් හොඳින්ම තහවුරු වෙච්චි!
‘යකිනිට
ඇන්දා - 6 කොටස’ට comment එකක් එවමින් අපේ හිතාදර රසික ‘Lalith’ මහතා මෙහෙම අහල තිබුණා. ‘නිදි
කෝ නාට්‍ය රිහසල් කරන කොටස්?’
එතකොටයි
මට සිහි වුණේ එහෙම දේවල් සිද්ද වුණයි කියලා යාන්තංවත් මතකයේ නැහැ නේද කියලා.
හැබැයි, මේ නාට්‍යයේ පුහුණුවීම් නං වෙනදට වඩා වැඩියෙන් කෙරුණා විය යුතුමයි. මොකද-
නාට්‍යවල රඟපාලා කිසිම පළපුරුද්දක් නැති ආධුනිකයන් ගොඩ දෙනෙක් එක්කනෙ ඒ නාට්‍යය
කරන්න අරං තිබ්බේ.
ඒ නිසා
හැමදාම වගේ අපි පදමානවක රිහසල්ස් කරන්න ඇති. අලුත් නළු-නිළියන්ගේ සබකෝලය නැති
වෙන්නත් එහෙම පුහුණුවේ යෙදීම උදව් වෙනවනේ...
පොඩ්ඩක්
හෝව්! පෝ..ඩ්ඩක් හෝව් නිමලෝ!!
ඒ හරිය කොටද්දී කළුවරේ තිබ්බ නිමල් දිසානායකගෙ මතකයෙ කොටහකටත් විදුලියක් කොටලා
ආලෝකවත් වුණා වගෙයි.
![]() |
හුඟ දවසක ඉබි මස් ටිකක්, තලගොයි මස් ටිකක්, මඤ්ඤොක්කා ටිකක් අරගෙන ආවේය. එහෙව් පත්මේ... (තවත් AI නිමවුමක්.) |
“අපොයි
ඔව්! දැන් මට හිතෙනවා රංජි මල්ලී, එදා එක පාරටම බුවෙනකබා ඉස්කෝලේ ස්ටේජ් එකේදී ‘ස්ටයිල්
බොහොම good luck’ සිංදුව කියා ගන්න බැරුව
මගේ කකුල් දෙක මැඩ්ලින් ගහන්න
ගත්තෙත් මම චුට්ටක්වත් පුරුදු වෙලා නොහිටි නිසාය කියලා... ඔව් යාළුවනේ, හොඳට
පුරුදු නොවී; එදා මට වෙච්චි දේ ආයෙම කාටවත් වෙන්න එහෙම ඉඩ තියන්න එපා.” එක සැරෙන්ම
නාට්‍යවල රඟපෑම එපා වුණු පත්මේය, එහෙම කියමින් අපේ අලුත් නළු-නිළියන්ව දිරි ගැන්නුවේ!
“මම නං එදා පූරුවේ කරපු පිනක් තිබිලා හූවක්
නොකා බේරුණා... නේද රංජි මල්ලී.”
“නැතුව නැතුව- ඉස්සර නාට්‍යවලත් රඟපෑවය කියන සෝමවීර චන්ද්‍රසිරි මහත්තයට හූ කිව්වම
කළා වගේ ඔයාත් හිටිවන කවියකින් උත්තර දෙන්නයැ?”
“මොකද්ද මොකද්ද, මල්ලී ඒ කතන්දරේ?”
“කැස්බෑවේ මන්ත්‍රීතුමා වෙලා උන්නු සෝමවීර චන්ද්‍රසිරි මහත්තයාට දේශපාලන රැස්වීමකදි
තරහකාරයන් කට්ටියක් හූ කියලා. එතකොට තමයිලු මේ හිටිවන කවිය කියල තියෙන්නේ.
කොලුවෙක් උපන්නොත් නරියකුහට දාව
උපතින් උරුම වෙනවා ඒකට හූව
කිසිවකු වෙතොත් මෙතැනදි මට හූ කීව
අම්මා ළඟට ගොස් මකවාපන් හූව
‘දිව්‍ය අංගනි සේ මම සැරැසී 12’වෙනි post එකේදී
කියූ ලෙසම පත්මේ සියපතක් නොව පව් පඳුරකි. ඒ කවියේ අතීත විත්තිය කියුවාමත් පත්මෙට
කියැවුණේ කුණුහරුපයක් බව මගේ මතකයට නැඟෙයි. “අම්මට xකෙන කවියක්නෙ රංජි මල්ලී ඒ!”
ඉතිං, රඟපෑමට නොආවත් පත්මේ හැකි හැම විදිහෙන්ම ‘පද
මානවක’ටත් උදව් කළේය; හුඟ දවසක ඉබි මස් ටිකක්, තලගොයි මස් ටිකක්, මඤ්ඤොක්කා ටිකක්
අරගෙන ආවේය. එහෙව් පත්මේ අපට කළ ලොකුම උදව්ව තව ටිකකින්; මේ post එකේදීම ලියන්නංකො!
ඕනෑම දෙයක්- ඕනෑම දෙයක් වඩාත් රසවත් ලෙසත්;
වඩාත් මිහිරි ලෙසත්; වඩාත් ආස්වාදනීය ලෙසත් අපට දැනෙන්නේ; අපට හැඟෙන්නේ පස්සේ
වෙලාවක ඒ ගැන මෙනෙහි කරද්දී නේද? මට නං එහෙමයි! නොනිමි ආශා නාට්‍යය රඟන අවස්ථාවන්ට
වඩා මගේ මනස් වීඩියෝවේ තියෙන්නේ ‘නාට්‍යයට පසු සිද්ද වුණු දේවල්!’ය.
ආරාධිතයන්ගෙන් ලැබුණු ලියුම් කවරවල සල්ලියි,
ටිකට්ස් විකිණීමෙන් ලැබුණු සල්ලියි නිසා අය-වැය පියවා ගන්න අපට ඇහැකි වුණා. එහෙම
කළාට පස්සේ සෑහෙන මුදලක් ඉතිරිත් වුණා. ‘මේ සල්ලිවලට මොකද්ද අපි කරන්නේ?’ මං ඇහුවේ
නාට්‍යය කරන්න රුපියල් දාහ ගණනේ යොදවපු අයගෙන්.
වැඩි දෙනෙකුගේ අදහස වුණේ ඒ සල්ලිවලින් ‘පුංචි පහේ සාදයක් දාමු’ කියන එකයි.
![]() |
| ‘නියම නායකයෙකු හැම තැනකදීම දැඩි වන්නේත් නැත’ වගෙ පාඩම් Youth එකේ නායකත්ව වැඩ මුළුවලදී ඉගෙනගෙන තිබ්බ... (AI එකෙන් කරවා ගත්තු තවත් වැඩක්.) |
“ඕන්න නිමල් අයියේ, ඔයා තහංචි දාන්න බෑ. මේ පාටියට නං මජ්ජපමාත් ඕනිමයි.”
“ඔය ඉතිරි වෙලා තියෙන සොච්චමෙන් පුළුවන්ද මචං, විසි පහකට- තිහකට කන්නයි, බොන්නයි ගේන්න.”
“අඩේ අඩේ. බැහැයි කියල බෑ. අපිට චීස්- බිස්කට්- හැම්- බේකන්- චිකන්- බීෆ් නැතුවට
කමක් නැහැනේ මචං. නැද්ද මං කියන්නේ? මඤ්ඤොක්කයි, පොල් සම්බෝලයි, දංකොටුව ස්පෙෂලුයි
තිබ්බම හොඳටම ඇතිනෙ...”
(පුදුම
හිතන්නට දෙයක් නැත! ඒ දවස්වල මඤ්ඤොක්කා, පොල් සම්බෝල හා දංකොටුව ස්පෙෂල් යන තුන්
වගයම සැලකුණේ දුප්පත් අයිටම්ස් ලෙසිනි.)
“මොකද
කියන්නේ රංජි මල්ලී?” අපේ සාකච්ඡාවට ඇහුම්කන් දෙමින්; එතෙක් වෙලාවක් නිස්සද්දව උන්
පත්මේ කට ඇරියේ එතකොටයි. “... යාළුවනේ ඔයාලා දන්නවනේ මම දුප්පතා. ඒත් මං ගුණපාල
අය්යලා, රංජි මල්ලිලා කරපු හැම නාට්ටියකටම උදව් කළේ බොක්කෙන්මයි. එදත් එහෙමයි-
අදත් එහෙමයි. දැන් ටිහකට ඉස්සෙල්ලා කිව්ව නේද පාටිය දුප්පත් විදිහට කරමුයි කියලා.
ඒ යෝජනාව නං කෙරෙන්නේ... පාටියට මගේ ගණනේ දංකොටුවේ හොඳම බඩුවලින් ගැලුම් දෙකක්
ගේන්නං... හැබැයි- රංජි මල්ලී ඒකට අවසර දෙනවා නං විතරයි.”
“දෙයි
දෙයි... පත්මේ නිමල් අයියා අවසර දෙයි! මගෙ රත්තරන් පැටිය, මගෙ රං කැටේ... ඔරිජිනල්
බඩුම නේද ගේන්නෙ මචං?” අසෝක පත්මේ ළඟට පැනලා එයාව ඉඹගෙන ඉඹගෙන ගියා. ඊළඟට මාවත්
බදා ගත්තා. “...ඔයා දැන් අපිට තහංචි දාන්නෙ නෑ නේද දිසානායක රත්තරනේ? කියන්නකො
දෙයියෝ!”
‘හැම
තැනකදීම තමන්ගේ අනුගාමිකයන්ට තහංචි දාන්නට හදන්නේ නියම නායකයන් නොවේ. නියම නායකයෙකු
හැම තැනකදීම දැඩි වන්නේත් නැත’ වගෙ පාඩම් Youth එකේ නායකත්ව වැඩ මුළුවලදී
ඉගෙනගෙන තිබ්බ මං, එයාලට විරුද්ධ වෙන්න ගියෙ නෑ.
“හැබැයි එකක්! ඕනිවට වැඩියෙන් බීලා ගෝරි දාන්න බෑ. කුණුහරුප කියන්නත් බෑ- ගෑනු
ළමයිනුත් පාටියට එන නිසා...”
“ඕනි
ජගතෙක් එහෙම over ගියොත් මම ඌව බෙල්ලෙන් අල්ලලා එළියට දාන්නං. සුනිලුත් මට උදව්
වෙයිනෙ...” කියාගෙන සෝමවීර ස්වේච්ඡාවෙන්ම පොලිස්කාරයෙකු වෙන්න ඉදිරිපත් වුණා. (මට මතක
හැටියට අපේ නාට්‍ය කණ්ඩායමේ අමද්යපිකයන් වුණේ සෝමෙයි, අපේ සුනිලුයි, මායි විතරයි.)
“මෙතැන
ඉන්නේ පොඩි ළමයි නෙවෙයිනේ, සෝමවීර. කවුරු කවුරුත් පෙරේතකමට නොකා-නොබී හිටියම කිසි
ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ... නේද නිමල් මල්ලී. ආයේ ඕකට වෙනම පොලිසියක් ඕනියැ...”
කළු අක්කා කිව්වේ එතකොටයි. ඔහොම හැමෝගෙම අදහස්- උදහස්- සෙනෙහස් සම්මාදමෙන් පාටිය
නං ජයටම සූදානං කෙරුණා.
![]() |
‘සරල- අව්‍යාජ සුහදත්වය
හා සුන්දරත්වය’ ඔයාලටත් තේරුම් ගන්වන්නයි මේ... |
පාටියට ආව ගොඩක් දෙනා ආවේ හිස් අතින් නෙවෙයි. කඩල ටිකක්- මුරුක්කු ටිකක් වගේ දේවල් අරගෙන. අපේ බතික් වැඩපොළේ ළමයින් එකතු වෙලා ‘පොළොස් කට්ලට්’ හදාගෙන ඇවිත් තිබුණා. තවත් එක්කෙනෙක් ගෙනත් තිබ්බේ කොච්චි මිරිස්- උම්බලකඩ එහෙමත් දාපු මසල වඩේ!
‘බිඳෙන් බිඳෙන් ජලේ - සෙමෙන් පිරෙයි කළේ’ කියල කියන්නා වගෙයි වැඩේ වුණේ. හැමෝම
ගෙනා එකේක කෑම ජාති එකම මේසයක් උඩට වැඩම්මුවාම ලස්සනේ බෑ- කෑමවල සුවඳ ඊට හපන්!!
පත්මෙත්
පොරොන්දු වුණු විදිහටම ‘කසිප්පු’ ගැලුම් දෙකක් ගෙනාවා.
සෝමවීර ගෙනාවේ කාගෙන්දෝ ඉල්ලගත්තු පැට්‍රොමැක්ස් ලාම්පුවක්. “මෙහෙ තියෙන්නෙ එකයිනෙ...
ඒකයි මම මේ තව පැට්‍රොමැක්ස් එකක් හොයාගෙන ආවේ. සුනිලෝ, මචං අපි දෙන්නට තමයි
මෙව්වට හුළං ගහන්න වෙන්නේ. මැන්ටල් දෙක පරිස්සම් කර ගන්නත් එපැයි!”
කෙනෙකුට
හිතෙන්න ඇහැකියි- මෙතනට මේ විස්තරත් ඕනිමද කියලා.
මහරගම,
පමුණුව පාරේ, එක්සත් සුභ සාධක මාවතේ තිබුණු ‘බතික් ගෙදර’දී 1979 ජුලි / අගෝස්තු
දවසක පැවැත්වුණු ඒ සාදයෙදී අත්විඳින්නට ලැබුණු ‘සරල- අව්‍යාජ සුහදත්වය හා සුන්දරත්වය’
ඔයාලටත් තේරුම් ගන්වන්නයි මේ විස්තර කිව්වේ සහ කියන්නේ.
එදා අපි කවුරු කවුරුනුත් ඒ පාටියට සම්මාදම් වුණේ ලොකු ලොකු වියදම් දරල නෙවෙයි;
සෝබනේ පෙන්නන අරමුණෙනුත් නෙවෙයි. හිත්වල තිබුණු සතුට බෙදා-හදා ගන්නයි!
එදා
තිබුණු ඒ සාමූහිකත්ව හැඟීම අද කෝ?
ඒ වගේ හැඟීම් සුන්නද්දූලි වෙලා ගියේ හෙණ වැදිල වගේ එක විඩේම නෙවෙයි. හීන් සීරුවේ අපි
කාට-කාටත් හොරෙන්; අපට නොදැනී...
අනේ
මට සමාවෙන්න ඕනි. මගේ අතිශය පෞද්ගලික හැඟීම් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය පාඨක
ඔයාලටත් පොදුයි කියලා හිතපු එක වැරැද්දක් නං...
ඉතිං,
මේ post එකෙන් ‘යකිනිට ඇන්දා’ පෝස්ටු මාලාව ඉවර කරන්නයි හදන්නේ. ඒත් මං මැරෙනකල්ම
අමතක නොවෙන ‘නොනිමි ආශා’ නාට්‍යය ගැන ‘අමරණීය මතක සටහන’ තවම ඔයාලට කියන්න බැරි වුණානෙ.
මෙන්න ඒ ටික:
එදා
අපේ දුප්පත් පාටිය හරි පොහොසත් විදිහට නැඟල ගියා.
තම්බපු මඤ්ඤොක්කා, හොඳට දෙහි ඇඹුල් දාලා හදාපු පොල් සම්බෝල, පොළොස් කට්ලට්, කර-කර ගාල හැපෙන
තරමට බැදලා තිබුණු මසල වඩේ හා කඩල, මුරුක්කු තසිම්වල තිබුණු දේවල් දිගින් දිගටම-
කෙසෙල් කොළ; කැන්ද කොළ උඩට වඩිමින් හිටියා. (අපේ සුනිල්- පොඩි මාමයි, අනිලුයි එක්ක
උදෙන්ම කෙසෙල් කොළ හොයාගෙන ඇවිත්, පිඟානක් තිය-තියා ඒවායින් රවුම් කපලයි තිබ්බේ.
මදි පාඩුවට ගන්නයි කැන්ද කොළත් සූදානං කරලා තිබුණේ. ඒ දවස්වල කඩදාසි පිඟන් කියල ජාතියක්
තියෙන විත්තියක් අපි අහලවත් තිබුන්නෑ.)
පත්මේ
ගෙනත් තිබ්බ දංකොටුව ස්පෙෂලුත් හීන් සීරුවේ අලෙවි වෙවී තිබ්බේ.
![]() |
මට්ට අ.අ..අභිරූපණ ර්ර්..රංගන..ය.ක්
කරන්න ඕනි. ම්ම්...ම්මාලිනී නාන හ්හ්හැට්ටි ඇට් ක.ර.ලා පෙන්නන්න ඕනි! |
“පැරණි රසාංගම කියලා ඇති මචං... අලුත් එව්වත් බස්සමුකො...” එතකොට ආපි වෙනත් යෝජනාවක්...
“ක.කවුරුවත් එප්පා කිව්වයැ... උම්ඹම පට්ටන් ගනිං එහ්හ්හෙනං බ්...බ.බලන්..න අල්ලුත්
අයිටම් එක්කක්...”
“ජෝති
ඇන්ජි- දෝතින් දෝතයි හොඳයි නේද?”
“මරු ම්.මර්රු... ගහම්මු... වාන්- ටූ- ත්ත්රී!”
දෝතින්
දෝත දිදී, පාට පොදක් තිලක ලමින් ඕහො තුෂාරා ආවේ ඊට පස්සේ... එතකොටම අපේ පොඩි මාමා
නැඟිට්ටා. “ඔය්ය ඔ.ඔක්ක්කොට්ටම හිට්ටියේ මාල්ලිනි... දන්නව්වද, මා..ලින්නී
ෆොන්න්න්...සේකා...” අපේ පොඩි මාමා මාලිනී ෆොන්සේකාට පණ වුණත් පුදන්න සූදානමින්
උන්නු රසිකයෙක්- උමතු රසිකයෙක්.
එතකොට අසෝකත් නැඟිට්ටා. “ක්ක්..කවුද්..කවුද්ද ඩෝ නැහැයි ක්ක්..කිව්..වේ...”
“කවුරුවත්
එහෙම කිව්වේ නෑනෙ අසෝක... කියන්න සරත් මල්ලී තව එකක්... එතකොට ඔය දෙන්නම කට වහ
ගනියි.” කළු අක්කා යෝජනා කෙරුවේ ක්ෂණික විසඳුමක්.
“ආ
ආ ආ ආ අ ආ... මීදුම් වලාවන් ගලාලා- කඳු රැලි මායිමේ...”
චුට්ටකින්ම අසෝකට ‘අපේ අග්‍රගණ්‍ය නිළි රැජන මාලිනි ෆොන්සේකා’ ආරූඪ වෙච්චි. වාඩිවෙලා
උන්නු තැනින් නැඟිට්ට අසෝක ‘ගංගා’ චිත්‍රපටයේ මාලිනී වුණා... ඒ අසෝක-මාලිනී අපේ බතික්
වැඩපොළේ හෝල් එක කඳුකර තේ වත්තක් කර ගෙනයි එවෙලේ රැඟුවේ...
පොඩි
මාමා සතුටින් අත්පොඩි ගහනකොට වටේ හිටි හැමෝමත් ඒකට සම්මාදම් වුණා. “ඇන්කෝර් අස්සෝක
ඇ.න්කෝ..ර්ර් තව එකක්...”
“චුට්ට..ක්
ඉන්න.ව.කෝ පොඩි මාම්මේ. මට්ට්ට තියෙනවා ලොකු- ලො..කූ..ම ස්තුතියක් ක්කරන්න...
ප්ලීස් ඩඩ්ඩෝන්ට් disturb මී... please! එහ්හ්හෙම ස්තුතියක් නොක්කළොත් මම දස කැxයෙක්
වෙනවා. (සභාවෙන් සූ හඬක්! / හා හා කුණුහරුප ඔට්ටු නෑ / කියන දෙයක් ඉක්මනට කෙටියෙන්
කියනවකො... එතකොට ඉවරයිනෙ.)
“ස්සොරි...
ස්ස්සම්මාවෙන්න ඕන්න්නා... ආයෙ bad words ක්ක්කියන්නෑ. ක්කියන්නෑ කිව්ව්වොත් කි..යන්නෑමයි. මිස්ටර් න්න්නිමල් දිසානායක්ක... ඔයා දෙ.යි.යෙ.ක්
හලෝ, ද්ද්දෙයි..යෙක්. ඔයියා ම්ම්ම්මාව නළු..වෙක් කළා. ම්.මට හ්හ්හරි සන්තෝසයි...
මගෙ රත්ත..රනේ- මගෙ පණ... ඔ.යා.ට ක්කොහොම ස්තුති. ක්කරන්න.ද කියලා...”
“මේ
අසෝක... දැන් ඔයා ස්තුති කෙරුවනේ... ඉතිං අපේ පාටිය වර්චස් නොකර වාඩි වුණා නං..”
“අන්නේ ම්මට්ටත් ඕනි ප්ප්..පාටිය ලස්සන- ලාස්සන ක්කරන්නයි. න්.න්.න්මල් අයියා.
PPPlease ගිව් මී අ මිනිට්. එක්ක විනාඩියයි... ඔන්ලි වන් මිනිට්... මට්ට අ.අ..අභිරූපණ
ර්ර්..රංගන..ය.ක් කරන්න ඕනි. ම්ම්...ම්මාලිනී නාන හ්හ්හැට්ටි ඇට් ක.ර.ලා පෙන්නන්න ඕනි.”
අසෝක යාප්පුවෙන් කියාගෙන ගියා. ඒත් එක්කම ඉඟටියට එක අතක් තියලා- නාරි ලාලිත්‍යයෙන්
පිරුණු ලැසි ගමනකින් වටේට යන්න පටන් ගත්තා.
එතකොට
හැමෝම, එයාලගෙ සේරම කතාබතා නවත්තලා අසෝකගෙ
act එක බලන්න පටන් ගත්තා; ඇස්වලින් විතරක් නෙවෙයි කටවල්වලිනුත්.
![]() |
ඔබ සැමටම බැතිබර වෙසක් මංගල්‍යයක්
වේවා! |
‘ආ... ඒ ගත්තේ තුවාය...’ කවුද කෙඳිරුවා. අසෝක-මාලිනී තුවාය ඉඹලා මුහුණ ඇඹුල් කර
ගත්ත හැටි පෙන්නනකොට නරඹන උදවියගෙත් මූණු නාලු වුණේ නිකංමයි!
‘අන්න
අන්න මාලිනී නාන කාමරේට ගිහිං දොර වහගත්ත.’ අසෝක ඉදිරිපත් කරන්නේ අභිරූපණ රංගනයක්
බව දැන් අපේ ඕඩියන්ස් එකට මතක නෑ. රංගනයේ හැම පියවරක්ම එයාලාත් හෙමිහිට විස්තර
කරනවා- තරගෙට වගේ. ඒ අතරේ මත ඝට්ටනත්... ‘අන්න දිය රෙද්ද ඇන්දා.’
‘නාන කාමරේදී නානකොට දිය රෙද්දක් අඳිනවයැ?’
‘ඇයි යකෝ... නිළියෙක් නේද? කවුරු හරි හොරෙන්වත් බැලුවොත්.’
අසෝක-මාලිනී
රෙදි හේදුවා- දත් මැද්දා- කොණ්ඩය හේදුවා- ප්‍රශ්නයක් වුණේ නෑ!
‘අන්න බොලේ සබන් කැටේ අතට අරං ඉම්බා... හොඳ සුවඳ ජාතියක එකක්!’ එයා සබන් ගාන එකත් නරඹන්නන්ට
ප්‍රශ්නයක් වුණේ නෑ. ප්රශ්නය මතු වුණේ ඊළඟ පියවරේදී නරඹන පිරිසේ හිනා හඬ ටිකෙන්-ටික
වැඩි වෙන්න පටන් ගත්තම.
එතකොට
අසෝක-මාලිනී උන්නේ කුණු අතුල්ලමින්. එයා තෙත දිය රෙද්ද අඹරවලා අරං ඒක ඉකිලිය අතරින් දාලා- දෙපැත්තට අදිමින් කරපු කුණු
අතුල්ලන රංගනය හිනා යවන නෙවෙයි හිනා කවන එකක්...
ඒ වෙද්දී කරටිය කැඩෙන්න වැදිලා- සිරස නවාගෙන අඩ නින්දේ උන්නු පොඩි මාමා ‘ඒ දෙදරුම්
කන හිනා සද්දෙන්’ ගැස්සිලා ඇහැරුණා.
‘මො.ක.ද
මචං මුං ම්ම්මෙච්චර හි..නා වෙන්නේ?”
“හිනා නොවී ඉඳීද බං. අර... අර... මාලිනී කුණු අතුල්ලන ඇතිලිල්ලට...” ඒ කතාව ඇහුණා විතරය.
පොඩි මාමා බැලුවේය; දෑතින්ම ඇස් දෙක පිස දමා බැලුවේය. (අපේ පොඩි මාමා උමතු මාලිනී
රසිකයෙකු බව යළිත් කියන්නෙමි.) ඊළඟට වැනි-වැනී හිට ගත්තේය.
“අඩ්ඩෝ
xස බල්ලෝ... xරි xත්තිගෙ පුත්තෝ... ත්ත්..තෝ
ක්.ක්.ක්.කවුද යකෝ මාලි.නී වෙන්න හදන්නේ? ඒ.ඒ..ඒ.ඒකට ඉඩ ද්ද්දෙන්න බෑ යකෝ.” පොඩි
මාමාගේ කුණුහරුප වැස්සෙන් අපේ ‘නොනිමි ආශා’ නාට්‍යයේ ප්‍රීති සාදය හේදී ගියේ එහෙමය!
ඒත්
එක්කම තවත් කරුණු දෙකක් ඉතා කෙටියෙන් හෝ සඳහන් නොකළොත් හිතට මදිය.
1. ‘නිමලෝ,
යකින්නි විදිහට උඹේ ලෑටි පුකත් ගස්ස ගස්සා දාපු dance එක මරු!’ තජකයේ හිතවතියක් කීවාය. එය පැසසුමක්ද ගැරහුමක්ද යන්න තවමත් මට ගැටලුවකි.
2. මේ නාට්‍යය කරන්නට මුලින්ම මා පෙළඹවූ කළු අක්කා, අසෝක පියසිරි, සරත් රංචාගොඩ
සහෘදයන් මෙන්ම, මේ සද්කාර්යයට දායක වුණු සෝමේ අයියා, කළු අයියා, ගමගේ
අක්කා, පොඩි මාමා, අපේ ලොකු නංගි පුෂ්පා, අනිල් මල්ලී, අජිත් මල්ලී සහ ලොකු නෑනා මල්ලිකා ගල්හේන යන සියල්ලන්ටම නිවන් සැප
ලැබේවා!
දැන් ‘ඔබ සැමටම බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා’යි පතමිනි, මේ posts මාලාවට කුණ්ඩලි සලකුණ යොදන්නේ෴0෴







දැං කාලේ මියුසිකල් ෂෝ එකක් ඉවරවෙනවා වගේ පාටිය ඉවරවෙලා තියෙන්නේ. බරපතල අකරතැබ්බයක් වෙලා නෑ කියලා තේරෙනවා නිදී තාම බ්ලොග් ලියන නිසා!
ReplyDeleteඅපොයි ඔව්, අන්තරංග.
Deleteහැබැයි පාටිය අන්තිමේ එදා තිබ්බ ගාලගෝට්ටිය නං තවම ඇහෙනව ඇහෙනවා වගෙයි.
නිදිටත් බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා! තොරණ්, දන්සැල් එහෙම ජයද? ආයෙ එන්නම් පස්සෙ.
ReplyDeleteමහරගමට කවදත් දන්සල් අඩු නැහැ බස්සා මහත්තයෝ. තොරණකුත් තියෙනවා මේ සැරෙත්. තවම බලන්න ගියේ නෑ.
Delete//නිමලෝ, ....ගස්ස ගස්සා දාපු dance එක මරු!’..... පැසසුමක්ද ගැරහුමක්ද යන්න තවමත් මට ගැටලුවකි//
ReplyDeleteනිමල්ට පැසසුමක්, පුපුට ගැරහුමක් 🤔😋🤣
ඒක ගෑනු කෙනෙකුගෙන් කියැවෙච්ච දෙයක් නිසා තවම මතක තියෙන්නේ.
Delete//කළු අක්කා, අසෝක පියසිරි, සරත් රංචාගොඩ ,සෝමේ අයියා, කළු අයියා, ගමගේ අක්කා, පොඩි මාමා, අපේ ලොකු නංගි පුෂ්පා, අනිල් මල්ලී, අජිත් මල්ලී සහ ලොකු නෑනා මල්ලිකා ගල්හේන යන සියල්ලන්ටම නිවන් සැප ලැබේවා!//
ReplyDeleteසියල්ලන්ටම නිවන් සැප ලැබේවා! හ්ම්.....මේ ඔක්කොම කරන්නෙ ඉන්න ටිකේ නෙව? 🤔😕
අනේද කියන්නේ බස්සා මහත්තයෝ!
Deleteතායම් මායම්
නඩලම් විගඩම්
සේරම කෝලම්
පණ ටික යනකං
අද කතාව හොඳයි. ලස්සන අතීත මතක ආවර්ජනයක්. හැබෑටම මහරගම නගර සභා පිට්ටනියට මොකද වුනේ. කෝටි ගාණක් වටින නිසා, දේසපාලුවො පොදු වැසිකිළියත් එක්කම කෑවද?
ReplyDeleteපැවිලියන් එකයි, පොදු වැසිකිළියයි දෙකම සංවර්ධනයට යට වුණා, බකුසුතුමෝ.
Deleteපිට්ටනිය දෙපැත්තෙන් කොටස කොටස බිලි වුණා හයිලෙවල් පාරයි, පරණ පාරයි පළල් කරද්දී. අනෙක් පැති දෙකෙන් එක පැත්තක් කඩ පෙළකට මායිම් වෙලා තියෙන්නේ. වාහන තදබදය අවම කරන්න, ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිටින් හදපු අලුත් කෙටි පාර තියෙන්නේ පැවිලියන් එක තිබ්බ තැන. වෙනසක් කරන්න බැරි වුණේ (බුවෙනකබා විදුහල අසලින්ම තියෙන) බෝ ගස තියෙන කෙළවර විතරයි.
පිට්ටනියේ ඉතිරි කොටහ දැන් බස් නැවතුමක්.
හැබැයි නගර සභාවෙන් ලොකු මුදලක් වැය කරලා එහාට- මෙහාට- කොහෙටවත් නැතිව ඔය පිට්ටනිය අසලින්ම කුඩ්ඩන්ටයි, වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයටයි හදල දීපු සුදු අලි ගොඩනැඟිල්ලක් තිබ්බා. (මගේ හිතේ ඒ බිල්ඩිම තවම තියෙනවා!)
බටර් ගානව කියල හිතන්න එපා. නිදි ගෙන් කවුරු ප්‍රශ්ණයක් ඇහැව්වත්, සවිස්තරව උත්තර දෙන ගුණේට මම කැමතියි. ස්තූතියි.👌🙏💐
Deleteස්තුතියි බස්සා මහත්තයෝ.
Deleteඅපේ දිහාවට ගොඩ වැදෙන කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම හැකි උපරිමයෙන් උත්තර දීලා එයාට සලකන්න ඕනිනේ. ඒකනේ අපේ බ්ලොග් කියවන්න එනවට සෙනෙහෙබර පාඨකයන්ට කළ හැකි උපරිම ගෞරවය.
අනෙක- වැළලී යන දෙයක් ගැන විස්තර ලිව්වාම මතු උපදින කෙනෙකුට වුණත් ඒවායින් පලක් වෙයිනෙ.
ජාලයේ තියෙන එහෙම විස්තරවලින් අපි කොච්චර දැනුවත් වෙනවද?
මෙහෙමත් දේවල් තියනවා නිදී, අපි ඉන්දියන් උන්ට බනිනවා උන් නරකයි කියලා ,ඒ උනාට දැන් දවස් දෙකක කලින් මගේ යාළුවෙකුට අතින් පයින් ප්‍රශ්නයක් දාන්න ආව කෙනෙක් (එයත් තොප්පි දාන විජාතිකයෙක්),ඉතින් යාලුවගෙ සපෝට් එකට මුලින්ම ආවෙ ඉන්දියානු කෙනෙක්,අපේ ලාංකික උනුත් අහක බලන්,ඊට පස්සෙ ඔසී තරුණයෙක් ආවා.මතක තියාගන්න තව අවුරුදු පහක් යනකොට සමහර පලාත් වල ඒ රටේ උන්ට සහ,අපි වගේ පිටින් ආපු උන්ටත් තියන සැබෑ තර්ජනය ඔය එකක්වත් නෙවෙයි.ඉන්දියන් උන් එක්ක ජාමෙ බේරගෙන ඉන්න පුලුවන් ,හැබැයි මුන් එක්ක නම් බෑ,ලමයි පවා ඉන්නෙ වෙනම සෙට්, අපේ ලමයින්ගෙ යාලුවො අතරේ නම්, ඔසී,ඉන්දියන්,කළු,චීන ඔය ඔක්කොම ඉන්නවා.
Delete@ ඇනෝ
Delete++++++++++👌💐🙏
වෙනම කතා කරන්න තරම් වටින මාතෘකාවක් Ano! හැබැයි, එහෙම කළ යුත්තෙ මේ ගැන පුළුල්ව කරුණු දන්නා; ඉවසිලිවන්තයන් විසින්!
Deleteහොඳ මතකයන් නිමල් මහත්තයෝ. පින්බර වෙසක් මංගල්ලයක් වේවා. තන්වැසි නුවණ කියන්නේ තැනට සුදුසු නුවන කියන එක වෙන්න ඕනේ. ? එහෙමනම් Situational Intelligence කියන්නේ ඒක. අපි හුඟක් අයට නැත්තේ මේ නුවණ . General IQ තියන ඉහළ මට්ටමේ විද්‍යාර්ථින්ටත් Emotional Intelligence (EQ) Situational Intelligence (SQ) නැතිවෙන අවස්ථා තියනවා.
ReplyDeleteඔව් නිහඬපාල මහත්තයෝ, ඔයා හරි.
Deleteඅද කාලේ මට පෙනෙන ලොකුම ඛේදවාචකයක් තමයි දැන් හැදෙන පරම්පරාවට 'හදිසි තත්ත්වයකදී නිවැරදිව; තැනට සුදුසු නුවණින් යුතුව තීරණ ගැනීමට තිබෙන නොහැකියාව!'
ඇත්තටම නිහඬපාල මේ කතාව ඇත්ත, හැබැයි මචං, අලුත් පරම්පරාව (විශේෂයෙන්ම Gen Z සහ Gen Alpha) ඉස්සර අයට වඩා IQ (බුද්ධි ප්‍රමාණය) සහ EQ (භාවවේගී බුද්ධිය) ගැන ලොකු අවබෝධයකින් සහ උනන්දුවකින් ඉන්නවා කියලා පැහැදිලිවම පේන්න තියෙනවා. ඉස්සර කාලේ විභාග පාස් වෙන එක සහ පොතේ පතේ දැනුම (IQ) විතරක්ම ලොකුවට බැලුවට, අලුත් අය තේරුම් අරන් තියෙනවා ජීවිතේ සහ රක්ෂාවල් සාර්ථක කරගන්න තමන්ගේ හැඟීම් පාලනය කරගන්න එක, අනුන්ව තේරුම් ගන්න එක සහ මානසික සුවතාවය (EQ) ඊට වඩා ගොඩක් වටිනවා කියලා. එයාලා සෝෂල් මීඩියා සහ ඉන්ටර්නෙට් එක නිසා මේ දේවල් ගැන ලෙහෙසියෙන්ම ඉගෙන ගන්නවා වගේම, තමන්ගේ පෞරුෂය වර්ධනය කරගන්නත් මේ දෙකේම සමබරතාවයක් තියාගන්න ඕනෑ කියන එක ප්රායෝගිකවම පිළිගන්නවා.
Deleteමේ ගැන නිදි ගේ අදහස මොකක්ද? නැත්නම් මේ දෙකෙන් ලංකාවේ අලුත් පරම්පරාව වැඩිපුරම දක්ෂ කොයි පැත්තෙන් කියලද ඔයා හිතන්නේ?
ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා ඊළඟ පෝස්ට් එකේ නිදීට මේක ගැන විස්තර සහිතව උදාහරණ සහිතව ලස්සනට ලියන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනව, ඒ වර්තමාන පාලන තන්ත්රය ගත්තාම ජනපති අනුරට සුපිරියටම අතේ පැලවෙන බොරු කියන්න තියෙන විදියේ skill එකක් practice කරලා හදාගන්න නම් කොහොමටවත් බෑ, ඒවා උපතින්ම එන්න ඕන දේවල්. දේශපාලනය සම්බන්ද දේවල් නැතුව වෙන දෙයක් ගැන අනුර කියන බොරුවක් polygraph test එකකින්වත් detect කරගන්න බෑ, හොඳට බලන්න බොරුවක් කියනකොට අනුරගේ මූණේ තියෙන facial expressions වලින් ඒ බොරුව ගැන අනුරට මොන තරම් විශ්වාසද කියලා පෙන්වන විදිය next level.😌 ඒක නම් සුපිරිම දක්ෂතාවක් කවුරුත් අගය නොකරන දොස් කියන එකක් තමයි නමුත් ඒක විශේෂ දක්ෂතාවක් ඒ ගැන නිදීට පුළුවන්ද පෝස්ට් එකක් දාන්න අපි හැමෝම ඒ ගැන විස්තර සහිතව උදාහරණ සහිතව සාකච්ඡාවට භාජනය කරන්නට හොඳම කාරණාවක් ලෙස?
අනේ Ano මහත්තයෝ, ඔබතුමා මතු කරන ජාතියේ කාරණා ගැන විශ්ලේෂණාත්මක විග්රහයන් කරන්න තරං ප්‍රමාණාත්මක උගතෙක් නෙවෙයිනේ මං.
Deleteමං ඉතිං යන්තං සන්තං උගතෙක් නෙව.
හැබැයි ඔයාගේ යෝජනාව දැකලා, වෙන කවුරු හරි සුදුසු කෙනෙක් එහෙම කරනවා නං- මාත් හරි සතුටුයි!
මට නම් නාට්‍ය ලියන්න තේරෙන්නේ නැතත් ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් විජයබා කොල්ලය ලිවීමේදී බටහිර නාට්‍යයක ආභාෂය ලබා ඇති බවට සරච්චන්ද්‍ර ගුරුකුලයේ විචාරකයන් මතු කළ මෙම සුප්‍රසිද්ධ සාහිත්‍යමය චෝදනාව (හෝ විචාරය), විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු තම සමීප මිතුරෙකු සමඟ සන්ධ්‍යා කාලයක කෝපි කෝප්පයක් තොලගාමින් සුහදව සාකච්ඡා කරන ආකාරයෙන් ජවනිකාවක් ලියුවා, මේක ගැන නිමල් අංකල් මොකද හිතන්නේ?
ReplyDelete(පසුබිම: සරසවි නිවාස සංකීර්ණයේ නිහඬ සඳලුතලයක්. මහාචාර්ය ආනන්ද සහ ඔහුගේ සමකාලීන මිතුරා වන ප්‍රවීණ කලාකරු සහ නාට්‍යවේදී නිමල් දිසානායකයන් කෝපි බොමින් සාහිත්‍ය කතාබහක නිරත වෙති.)
මහාචාර්ය ආනන්ද:
(හිනාවෙමින් කෝපි කෝප්පය මේසයෙන් තබයි) "නිමල්, ඔය කතාව අද ඊයේ එකක් නෙවෙයි. ඕක අපේ සරච්චන්ද්‍ර ගුරුකුලයේ උදවිය කාලෙක ඉඳන් ඩබ්ලිව්. ඒ. සිල්වාට ගහන්න පාවිච්චි කරපු ප්‍රධානම සාහිත්‍ය අවියක්'! උඹ කියන ඔය පේරු රටේ කතාව මොකක්ද දන්නවද? ඒක රිචඩ් බ්රින්ස්ලි ෂෙරිඩන් කියන බටහිර නාට්‍යකරුවා 1799 දී ලියපු 'පිසාරෝ' (Pizarro) කියන සුප්‍රසිද්ධ ඓතිහාසික වේදිකා නාට්‍යය."
නිමල්:
"ඉතින් ආනන්ද, ඇත්තටම ඩබ්ලිව්. ඒ. සිල්වා ඒකෙන් කොපි කරලද තියෙන්නේ? අපේ අය කියන්නේ මුළු කතාවම හොරකමක් කියලා නේ!"
මහාචාර්ය ආනන්ද:
(හිස සලමින්) "ඕකට තමයි කියන්නේ මචන් නිමලෝ, සාහිත්‍ය ඊර්ෂ්‍යාව සහ අන්තගාමී විචාරය කියලා. බලපන්, ෂෙරිඩන්ගේ 'පිසාරෝ' නාට්‍යයට පසුබිම් වෙන්නේ ස්පාඤ්ඤ ජාතිකයෝ දකුණු ඇමරිකාවේ පේරු රට ආක්‍රමණය කරලා එහේ මුල්වැසියන්ට කරපු වින්නැහිය. ඒ නාට්‍යයේ ඉන්නවා රොලා (Rolla), කොරා (Cora) සහ ඇලොන්සෝ (Alonzo) කියලා ප්‍රධාන චරිත තුනක්. උන් තුන්දෙනා අතර මැවෙන තුන්කොන් ආදර අන්දරයයි, පේරු වැසියන්ගේ නිදහස් අරගලයයි තමයි ඒකේ තියෙන්නේ.
දැන් අපේ විජයබා කොල්ලය දිහා බලපන්. ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්තයා කරලා තියෙන්නේ, අර 'පිසාරෝ' නාට්‍යයේ එන චරිත තුනේ ආකෘතියයි, ආදර ඝට්ටනයයි අරගෙන, අපේ නයනානන්ද, අසංග සහ නීලමණී කියන චරිත තුනට බද්ධ කරපු එක. ෂෙරිඩන්ගේ නාට්‍යයේ සමහර දෙබස් පවා සිල්වා මහත්තයා ඒ විදිහටම සිංහලට නඟලා තියෙනවා. සරච්චන්ද්‍රලා, සිරි ගුනසිංහලා වගේ පේරාදෙණි ගුරුකුලයේ උදවිය ඕක අල්ලගෙන සිල්වාට 'අනුකාරක ලේඛකයෙක්' කියලා ලේබල් ගැහුවා."
නිමල්:
"එතකොට ආනන්ද, 1521 සිද්ධ වෙච්ච කෝට්ටේ රාජධානියේ දේශපාලන පෙරළියත් බොරුවක්ද?"
මහාචාර්ය ආනන්ද:
"අන්න එතනයි වරදින්නේ! කතාවේ ඓතිහාසික පසුබිම සම්පූර්ණයෙන්ම සැබෑ ලාංකීය ඉතිහාසය. මායාදුන්නේ, බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර එකතු වෙලා තමන්ගේ පිය රජාව මරපු සැබෑ සිදුවීමයි, පෘතුගීසි ආක්රමණයයි තමයි නවකතාවේ කොන්ද පණ ගැන්වුවේ.
මම කියන්නේ, ඩබ්ලිව්. ඒ. සිල්වා කළේ කොපියක් නෙවෙයි, ආභාෂය ලැබීමක්. ලෝක සාහිත්‍යයේ ඕනෑම ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් වෙනත් කෘතිවලින් ආකෘතිමය ආභාෂය ගන්නවා. අපේ රටේ ඩබ් ඒ සිල්වා කළේ පේරු රටේ පසුබිම, අපේ රටේ පෘතුගීසි ආක්රමණික පසුබිමට දක්ෂ ලෙස බද්ධ කරපු එක. ඒක කොල්ලකෑමක් නෙවෙයි, ප්‍රතිභාවක්! ගුරුකුලවාදීන් සිල්වාගේ ජනප්‍රියත්වයට බය වෙලා ඒකට කොපියක් කිව්වට, අදටත් විජයබා කොල්ලය කියවද්දී පාඨකයාට දැනෙන්නේ අපේම ලේ, මස්, නහරවලින් හැදුණු දේශීය කතාවක්. ඒකයි සිල්වාගේ ජයග්‍රහණය!"
නිමල්:
(හිනැහෙමින්) "ඇත්ත තමයි ආනන්ද. උඹලා වගේ මහාචාර්යවරයෙක්ගෙන් ඕක අහනකම් මමත් හිතුවේ මේක අමු කෙප්පයක් කියලා. මචන් ගනින් තවත් කෝපි උගුරක්! අඩෝ චියර්ස් මචන්!"
හොඳ උත්සාහයක් Ano!
Deleteමම ඔයා නං ලියල තියෙනදේ හොඳට කියවල බලලා ආපහු ලියනවා- සකස් කළ යුතු තැන් වෙනස් කරමින්.
විකාශය වී අවසන් වීමටත් ආසන්න 'පට්ටි ගෙදර' ටෙලිය රචනා කරන 'අනුෂ්ක රසාංජන' ඉතා මැනවින් අවස්ථා ගොඩ නංවමින්; පරිපූර්ණ පිටපත් ලියන්නෙකු බව කිහිප දෙනෙක්ම පවසා තිබුණා. මේ එකකට link එකක්:
https://www.youtube.com/watch?v=GAy905BPEi8&t=14s
++++++
Delete++++++++++++++++++👌
DeletePra Jay, බස්සා මහත්තුරු දෙන්නාගේම වැටවල් වලින් මට නං තේරෙන්නේ ඔයාලා මම කියල තියෙන link එකට ගිහින් බලල තියෙන විත්තියයි. ස්තුතියි ගොඩක්!
Deleteසුබ වෙසඟක් වේවා . නාට්‍ය කතා පෙලට ස්තුතියි
ReplyDeleteඔයාටත් ස්තුතියි!
Deleteඅතුරු ප්‍රශ්නයක් , නිදි තලගොයි මස් කාල තියෙනවද ?
ReplyDeleteඔව් අජිත් මහත්තයෝ, කාල තියෙනවා. ඉබි මස්, ඉත්තෑ මස්, මුව මස්, ගෝන මස් එහෙමත්...
Deleteඑකනේ හුඹයින් එලියට ගත්තු තලගොයා වාගේ උන්නත් හොද පිට් එකේ ඉන්නේ.
Deleteෆිට් එක කොහොම වෙතත් Ano මහත්තයෝ, දැන් මගේ ඇඟේ නහරවල ලේ අඩුවෙමින් යනවා වගෙයි. දැන්-දැන් Blood Testsවලට ලේ දෙන්න ගියාම තුන්-හතර පළකටවත් අනින්න වෙනවාමයි!
Deleteඅපේ අනුරාධපුර පලාතේ ඉන්න පල්ලේ හේමෙට පොඩි තව් තෑග්ගක් සෙට් කරගන්න බැරි වෙයිද බං?
ReplyDeleteමෙච්චර කාලෙකට මං කරලා නැති දෙයක් දැන් මොකකටද Ano මහත්තයෝ කරන්නේ?
Deleteහැබැයි- වතාවක් ජේ.බී. දිසානායක, සුනිල් ආරියරත්න වගේ මහාචාර්යතුමන්ලත්- ගොඩගේ මහත්තයා සහ නන්දා ගොඩගේ මැතිනිය, බන්දුල පද්මකුමාර, සමන්මලී පද්මකුමාර, කේ.එම්.අයි. ස්වර්ණසිංහ, නන්දා මාලිනී ඇතුළු පිරිසක් එක්ක මාත් ගිහින් පල්ලේගම හාමුදුරුවන් වහන්සේව හම්බ වුණා. LTTE යුද්ධ කාලේ.
පල්ලේගම හාමුදුරුවෝ තමයි අනුරාධපුරයේ ඉඳල තන්තිරිමලේට යනකල් අපිට ආරක්ෂාවට යන්න හමුදා භටයන් පිරිසක් සූදානම් කරවලා තිබ්බේ. ඒ විස්තර 2018 දී මම ලිව්වා 'කූචු කුචයියෝ' පෝස්ටුවේදී.
https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_86.html
පල්ලේගම උන්නාන්සෙ කරපු වැඩේ වැරදියි,,, ඒක නීතියෙන් ඔප්පු කරලා දඬුවම් නියම කරන්න ඕනි,,, ඒත් ඔය සිද්ධිය ගැන Al Jazeera English වගේ ජඩමාධ්‍ය වාර්තා කරන විදිය දිහා බලහල්ලා,,,
Deleteබුදු සසුනට අඳුරු යුගයක් එන බව දකින්න ලැබෙයි උබලා සෙල්ලම් කරන්නේ බුදු සසුන එක්ක බව මතක තියාගනිල්ල.. ''''''වසවර්ති මාරයාගේ තාවකාලික ජයක් ලබන සුලු කාල පරාසයක් තුලයි අපි මේ ඉන්නේ...." '...මාලිමා රැල්ල හැදුවා වගේ සාසන විරෝදී රැල්ල හැදුවේ කවුද කියා හොයා බැලුවද??කෝ සාසනය වෙනුවෙන් කතාකරන්න නායකත්වයක්?? මහා නායකලා,අර නායකලා කෝ??..විපක්ශ නායක නිදි,
රාජපක්ස්ශ පවුල ෆාස්ටර් ජෙරොම් ගේ සරනේ..බුදු දහමේ විරුද්ධ වාදීන් කල එලි බැස ඇත.බඩු මිල අහස උසට.මේවා වෙනතකට යොමු කරන්න සාසනයට පහර දෙන එක තමයි මුන්ගේ දේශපාලනය... ..සාසනයට මඩ ගහන්න මාද්‍ය යොදා ගන්නා හැටි බලන්න.....සාසනයට ගහන්න සින්හල නම් වලින් ඉන්න මුස්ලිම් අන්තවාදීන් fake profile හදාගෙන එක පැත්තකින් පහර දෙනවා.අනික් පැත්තෙන් වසවර්ති මාරයා ගේ ග්රහනයට අහු උන මාලිමා,රනිල්,රාජපක්ශ නායකත්වය එකට හොර රහසේ කුමන්ත්රනය කරලා පහර දෙනවා..මේ අතර මීවන පලානේ, උමන්දාව වැනි වසවර්ති මාර සේනාව සිවුරකින් ජනයා රවටා ධර්මය විකුර්ති කරන පහර දීම් ඉතා සූක්ශමයව කරගෙන යන බව තේරුම් ගන්න වෙනවා. ..පව් කාර අපතයෝ එකට සෙට් වෙලා සාසනයට ගහන්නෙ ඉදිරිය හරියට නොදැනයි...සාසනයට අපහාස කරන මේ අපත්යින් අයින් කරන දවස ඉතා ලගයි..අපි වෙහෙසෙන්න අවශ්‍ය නැත. ස්වභාවිකව ඒවා වෙනස් වේ...දැනුවත් කලා පමනයි...
ස්තුතියි Ano මහත්තයෝ!
DeleteFor over three years after my father died I was employed, for all except three months from August 2015. But the total freedom I had in those three months was salutary, for it enabled me to spend much time with my aunt Ena, who had been my greatest refuge for the previous 30 years, and not least as a confidante when family life was difficult.
ReplyDeleteසහතික ඇත්ත මචං, ඇත්තම කිව්වොත් සහ හරියට බැලුවොත් අපිත් 2024 දී චන්දේ දීලා පත්කරගෙන දැන් ලංකාවේ තියෙන ජේවීපී ආණ්ඩුවටත් වෙලා තියෙන්නෙ ඕකම තමයි... ගම්වල රටේ නැති බේගල් පච කතා මඩ ප්‍රහාර ගොත ගොත අවස්ථාවාදී ජඩ දේශපාලනයක් කර කර ඉදල හදිසියේම කණා චානස් එකකට ආණ්ඩු බලය එක්ක ඇමතිකම් ලැබිල කොළඹට ආවට පස්සෙ හැඩකාර නාරි ලාලිත්‍යන් සමීපව දැකල අනෙකුත් බොහෝ සුඛ විහරණයන් දැක්කට පස්සෙ උන්ගෙ තිබුණ අර විප්ලවීය ගතිය ගිහිල්ල උනුත් දැන් අර කලින් උන්න එවුන් ගානටම වැටිල... දැන් කලින් උන්ටත් වැඩිය මුන් හොරු වෙලා...
Delete????
Deleteඒත් ස්තුතියි ඔය මහත්තුරු දෙන්නටම.
නිදි, මේක ගැන මොකද හිතන්නේ?
ReplyDelete“
ධර්මාධිකරණයක් පිහිටුවීමේ බලයක් රජයට නැතැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ධර්මය අර්ථ නිරූපණය කිරීමේ බලයක් විධායකයට ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට නැති බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
87-89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ අතින් ඝාතනය වූ මහා සංඝරත්නය පිළිබඳ ඉතිහාසය සිහිපත් කරන එජාපය, එම පාපකර්මයන්ට අදටත් සමාව නොගත් පාලනයකට මෙවැනි පියවරක් ගැනීමට ඇති සදාචාරාත්මක අයිතිය ප්‍රශ්න කරයි.
සම්ප්‍රදායෙන් බැහැරව, මහානායක හිමිවරුන්ගේ අනුමැතියකින් තොරව විහාර - දේවාලගම් පනත සංශෝධනය කිරීමට යාම පිටුපස විහාරස්ථාන සතු වත්කම් රජයට පවරාගැනීමේ සැඟවුණු ජවිපෙ න්‍යාය පත්‍රයක් ඇති බවට ද ඔවුහු චෝදනා කරති.
එජාපය වසල සූත්‍රය ජනපතිට මතක් කරදෙයි
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය මතු පළවේ.
ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථාවලදී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්‍රියා මාර්ග ගන්නා ලෙසට කෙරුණු ආරාධනාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රසිද්ධියේ එකඟත්වය පළ කළේය.
ඇතැම් රජවරු ඒ ඒ පාලන කාලවලදී සංඝයා වහන්සේ ඝාතනය කළහ. ජනතා විමුක්ති පෙරමුණ ද වර්ෂ 1987 – 89 කාලවලදී එලෙසම සංඝයා වහන්සේලා ඝාතනය කරනු ලැබීය.
කොටිකාවත්තේ සද්ධාතිස්ස, වෙල්තොට පඤ්ඤාදස්සි, බෙලිගල්ලේ මහින්ද, කුඹගොඩ ඤාණාලෝක, අතුරුගිරියේ පඥ්ඥාතිස්ස, සොරගුණේ පඥ්ඥාසාර, පැල්පොල ධර්මපාල, මහනුවර ධම්මරක්ඛිත යන හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන ලැයිස්තුවට ඇතුළත් වෙති.
භික්ෂූන් ඝාතනය කළ ජවිපෙට ශාසන ශෝධනයක් කළ හැකිද?
බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම හැරුණු විට බෞද්ධයන්ට කළ හැකි ලොකුම පාපය සංඝ ඝාතනයයි. ජනතා විමුක්ති පෙරමුණ කළ ඒ ඝාතනවලට අදටත් සමාව ගෙන නැත. අවම වශයෙන් ඒ පියවරවත් නොගෙන ලැජ්ජා නැතිව ජනාධිපතිවරයා මේ ආරාධනාව පිළිගැනීම සදාචාරසම්පන්නද?
සංඝයා වහන්සේ ඝාතනය කරනවාට අමතරව ජනතා විමුක්ති පෙරමුණ වෙහෙර විහාරස්ථානවල තිබූ වටිනා ඓතිහාසික බඩු භාණ්ඩ ද මංකොල්ල කෑ බව එජාපය සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය.”
මේකට ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙයි ද? හොරගණයො ඒකට ඉඩ දෙයිද?
දැන් කාලේ මාධ්‍ය නිවේදන- අදහස් දැක්වීම්- විවේචන වගේ දේවල් ඕසෙට කෙරෙනවා නෙව. බොරුවට- පදනම් විරහිතවත් එහෙම කරන්න තරං නිදහසක් තියෙන විත්තිය පහුගිය කාලේ නඩු කිහිපයක් අවසානයේ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලපු ඒවායෙන් පෙනුනනේ.
Deleteඒවා ටික දවසක් ඉවසන් ඉඳිමු නේද?
@ Ano
Deleteතෙල් සංස්ථාව 2025දි ඛනිජ තෙල් ආනයනයට දරල තියෙන විදියට ඩොලර් බිලියන 1.5ක් පමණ. මේ අවුුරුද්දෙ මුල් මාස හතරෙම ඩොලර් බිලියන 1කට වඩා වියදමක් දරල තියෙනව. ඇත්තටම ලෝක වෙළඳපොලේ මිලටත් වැඩිය ගොඩක් අධික මිලකට තෙල් ආනයනය කරන්න හේතු ජනතාවට ආණ්ඩුව කිව යුතුයි එය විශාල වැඩිවිමක්. එහි කොටසක් ලෝක වෙළදපොලේ මිල ඉහළ යාම නිසා වෙන්න පුළුවන්. නමුත් අධික මිල ගණන්වලට අරගැනීම හරිම සැක සහිතයි
ඊට අමතර කාරණා අවම වශයෙක් දෙකක් මේකට බලපානව. එකක් රජය ද්විපාර්ශවික එකගතා හෝ සාකච්ඡාවලින් හැකිතාක් මිල අඩුකරගන්න කිසිදු උත්සාහයක් නොදැරීම. අනෙක් ප්‍රධානම හේතුව ආණ්ඩුව දූෂිත ගණුදෙනු හරහා බාල ගල්අගුරු නිසා ඩීසල් ආනයනය වැඩිවීම.
ලංකාවෙ බලශක්ති අර්බුදය විදේශ විනිමය අර්බුදය එක්ක සෘජුව ගැටහැගිලා තියෙන එකක්. 2016දි ජවිපෙ සහ යහපාලනය එකතු වෙලා සාම්පුර් ගල්අගුරු බලාගාරය ඉදිකිරීම නැවැත්වීම ලංකාව විදේශ සංචිත නැතිව ණය ගෙවාගන්න බලපාන මට්ටමේ මූල්‍ය අපරාධයක් වන්නෙ මේ නිසා. වර්තමාන ආණ්ඩුව බාල ගල්අගුරු ගෙන්වීම ඒ මුල්‍ය අපරාධයෙම තවත් දිගුවක්.
වෙන්නත් පුළුවන්...
Delete+++++++++++++++++++++++++
ReplyDeleteනාට්‍ය පෙන්නන්නේ නැතුව වෙන මොනවා කරන්නද ඇයි අර කියපුවා ඉෂ්ඨ කරන්නත් එපැයි.
Deleteතෙල් ගහන්න නම් අනිවාර්යයෙන්ම QR ඒකත් සතියට ලීටර් 20 දුර ගමනක් යන්න විදියක් නෑ, මිනිස්සුන්ට කණ පැලෙන්න ආදායම් බදු PAYE ටෑක්ස්, හැම බඩුවටම 20% වැට් , හැකර්ලා , බාල ගල් අඟුරු කන්ටේනර හොර වංචා ඩබල් පේමන්ට් භාණ්ඩාගාරෙට කෙලිනවා.......... බාල ගල් අගුරු නීසා බිලියන ගණන් ඩීසල් පුච්චලා තෙල් සංස්ථාව බංකොලොත්භාවය වහගන්න තෙල් මිල අහස උසට වැඩිකල් ලෝක තෙල් මිල පහල යද්දී ඒ ප්‍රශ්න
අමතක වෙන්නත් එක්ක මාසෙකට සැරයක් බයිස්කෝප් එකක් , ගරා යකා නැටුමක් , ටීටර් එකක් පෙන්නලා නොනවත්වාම සතුටින් විනෝදෙන් තියන මුවාවෙන් ජනතාව ගො.........ට අන්දනවා කිව්වනෙ.ඒකට ඉතින් බදු සහන දෙන්න එපැයි. චිත්‍රපට නිෂ්පාදනය කරන උන් ඒක පිට දාලා කලු සල්ලි ටික සුදු කරගෙන බදු වලිනුත් පැන ගන්නවා, අමුතු ඇටේ සෙල්ලම් ඔහොම තමයි ඉතින් ආණ්ඩුව මාරු කළා කියලා හොරකම නැති වුණෙත් නෑ බදු බර අඩු වුණෙත් නෑ බඩු මිල අඩු වුණෙත් නෑ තිබුණට වඩා අන්තයි දැන් සංසාරේ සංසාරේ 🙄😬😪
අන්තෝ ජටා- බහි ජටා ... නේද හසිත් මහත්තයෝ?
Delete//තම්බපු මඤ්ඤොක්කා, හොඳට දෙහි ඇඹුල් දාලා හදාපු පොල් සම්බෝල, පොළොස් කට්ලට්, කර-කර ගාල හැපෙන තරමට බැදලා තිබුණු මසල වඩේ හා කඩල, මුරුක්කු තසිම්වල තිබුණු දේවල් දිගින් දිගටම- කෙසෙල් කොළ; කැන්ද කොළ උඩට වඩිමින් හිටියා//
ReplyDeleteමඤ්ඤොක්කා, පොල් සම්බල් වෙල් ෆැන්ටා ගාවා
තලගොයි මස් සහ දඩ මස් පත්මේ ගෙන ආවා
මේව නියම පාටි ලොකා, පැරණි මතක මේවා
පඳුරු නොතල, වංගු නොගහා ලිව්වට බුදු වේවා!
හදිසි වැඩක්. තව ටිකකින් ආයෙමත් ඇවිත් බසුතුමාට කවියක් ලියන්නං.
Deleteමයියොක්කා පොල් සම්බල් එක්ක යන
Deleteදඩමස්, ඌරුමස් සහිතව පෙරට එන
මධු පානයක් මිතුරන් එක්කල විඳින
පින අත්වේවා දිනෙක ළඟදිම උදා වෙන
පල්ලේගම ශ්‍රමණ දූෂකයා එක පැත්තක අපරාධ වලින් බේරෙද්දී අනිත් පැත්තෙන් කලින් මැදමුලන නිකායේ හිටපු සහ දැන් ඉන් ඉවත්වී වර්තමාන ජනපතිවරයාගේ සමීප හිතවතකු බවට පත්ව සිටින මුරුත්තෙට්ටුවේ තවමත් කොළඹ සරසවිය උලා කමින් සිටී, සමාජ මාධ්‍ය වල යලිත් මුරැත්තෙට්ටුව කරලියට පැමිණ ඇත්තේ රන් පදක්කම් 16ක් ලබාගත් වෛද්‍ය පීඨයේ උපාධිධාරිණියකට පදක්කම් 16ම තමන් විසින් පලදවා ගැනීමට සිදුවීමේ සිද්ධියක් සමගය. ඒ ඇය කාන්තාවක් වීමත් කුලපති හිමිනමක් වීමත් නිසාය. මේ සිදුවීම සමග මෙහි යටින් දිවෙන ඛේදවාචකය ගැන නැවත ලිවීමට සිතුනි.
ReplyDeleteමුරැත්තෙට්ටුව යනු ඡනතා අරගලයකින් එලවා දැමූ දූෂිත නන්දසේන ගෝඨාභය රාඡපක්සගේ තවත් එක් දේශපාලන පත්වීමකි. මුරැත්තෙට්ටුව අතින් උපාධි ලබා ගැනීම ප්‍රතික්ෂේප කල විශාල විද්‍යාර්ථයන් පිරිසක් කොළඔ විශ්වවිද්‍යාල ඉතිහාසය තුල අපිට හමුවේ. මමද ඉන් එකෙකි.
විශ්ව විද්‍යාල පනතේ 32 වගන්තියට අනුව කුලපති පත්කිරීමේ බලය ඇත්තේ ඡනරඡයේ ජනාධිපතිවරයාටය.
කුලපතිවරයකු පත් කිරීමේදී ඔහුගේ / ඇයගේ අධ්‍යපනික වුර්තීය නිපුණත්වය සලකා ගරැ තනතුරක් ලෙස එම පත්කිරීම සිදුකිරීම මෙතෙක් පැවති සම්ප්රදාය විය. හිටපු කුලපති අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමස් පියතුමාගේ ප්‍රොපයිලය බලන්න. https://cmb.ac.lk/staff/chancellor-reverend-dr-oswald-gomis
කොළඹ විශ්ව විද්‍යාලය ගෝලීය වශයෙන් පිලිගැනීමක් ඇති ඉතා ඉහල ප්‍රමිතියක් පවත්වා ගනිමින් ආ විශ්ව විද්‍යාලයක් බව ඕනෑම කෙනෙක් දන්නා කාරණාවකි. කෙසේනමුත්, රාජපක්ෂ හොර පාලනය යටතේ චිචීට ආචාර්ය උපාධි දෙන්න ගොස් කොළඹ විශ්වවිද්‍යාලය පලමුවරට නා ගත්තේය.
මෙහි බරපතලම කාරණාව වන්නේ දේශපාලන අල්ලස් ලබා දීම වෙනුවෙන් හිටපු ඡනපතිවරැ රාඡ්‍ය විශ්ව විද්‍යාල අවභාවිතා කිරීමයි. මගේ රටේ දුක්විදින ජනතාවගේ දරැවන් වෙනුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල නිසි ප්‍රමිතියෙන් රැකගැනීමේ සමාජ වගකීමක් අපට ඇත.
#AKD ඡනාධිපති ලෙස දිවුරැම් දී මේ සැප්තැම්බරයට වසර 2කි. එහෙත් තවමත් මුරැත්තෙට්ටුව වැනි අමනයන් රටේ හොඳම විශිෂ්ටම විද්‍යාර්ථයන්ගේ වැදගත්ම මොහොත කාබාසිනා කරමින් සිටී.
ඡනපතිතුමනි, මේ සුදුසුකම් නැති, දේශපාලන පිළිලයෙන් කොළඔ විශ්ව විද්‍යාලය නිදහස් කරන්නේ කවදාද ?
නිදහස් අධ්‍යපනයෙන් ඉගෙනගත් මිනිසුනි, කරැණාකර ඔබේ අනුර සහෝදරයාගෙන් අහන්න ! #Colombo #university
මේ කරුණ වගකිව යුත්තන්ගේ අවධානයට නොපමාවම ලක් වේවා!!!
Deleteෆොටොස් බහුතරය AIවලින් නේද. Excellent work, නිමල්.
ReplyDeleteඕනෙ තරාතිරමක, සමාජ තත්වෙක, උගත්/ වැඩිය උගත් නැති, ඒ වගේම හැම වයසකම අය එක්ක ප්‍රශ්ණ හදා නොගෙන වැඩ කරන්න නිමල්ට පුලුවන් නේද. උඩින් නිහඬපාල කියලා තියෙනවා වගේ නිමල්ගෙ EQ එක ගොඩක් වැඩි ඇති. ලෝක දේශපාලනය, ඉතිහාසයෙ ඉඳලා මේ ඉර හඳ යට තියෙන සියලුම විශයන් ගැන දැනුම තියෙන විදිහට පෙනී ඉන්න අයත් තමන්ගෙ මතයට විරුද්ධව පොඩි දෙයක් හරි තව කෙනෙක් කිව්ව ගමන් ආවේශ වෙනවනෙ. හැබැයි ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයෙත් අපිව peer review/feedback වගේ දේවල් වලට හුරුකරලා නෑ. ඒවා ලේසියෙන්ම පුරුදු කරගන්න පුලුවන් වුණත් සමහරුන්ගෙ ego වැඩි නිසා ඒක කරගන්න බෑ.
"තම්බපු මඤ්ඤොක්කා, හොඳට දෙහි ඇඹුල් දාලා හදාපු පොල් සම්බෝල, පොළොස් කට්ලට්, කර-කර ගාල හැපෙන තරමට බැදලා තිබුණු මසල වඩේ හා කඩල, මුරුක්කු...." අම්මෝ ඒ පාර්ටි එක. Something to die for 🤗
//ෆොටොස් බහුතරය AIවලින් නේද.//
Deleteඔව් Lotus, ඒ ගෞරවය Google එකෙන් සපයන අලුත් AI තාක්ෂණයට දෙන්න ඕනි.
හැබැයි ඒකෙන් හදල දෙන ෆොටෝස්වලට දෙන්නේ ශ්‍රී ලාංකේය පෙනුමක් නෙවෙයි. එහෙම හදන්නයි කියල උපදෙස් දුන්නත්.
... ගොඩක් ස්තුතියි Lotus.
Deleteඅනුන්ට; විරුද්ධ මතවලට එහෙම ඉවසිල්ලෙන් සවන් දෙමින් මම නං ගොඩක් ඉගෙන ගන්නවා.
අනෙක දැන් දැන් වැඩිය වෙහෙස වෙන්න අකමැති නිසා ඒ ඉවසිල්ල තව වැඩි වෙලා... නිකංම.
ගිය අවුරුද්දේ අපේ සමන්ති නංගිල එහෙම මට සර්ප්‍රයිස් පාටියක් දුන්නනේ රහසෙන්ම ලංකාවට ඇවිත්, මොනාරෝ එකේ. (පුරසාරමකට නෙවෙයි කියන්නේ- එතැන වියදම කීයක්ද කියලා මම අදටත් දන්නෙ නෑ- ඒත් සර්විස් චාර්ජ් එක 46,000/ක්. සෑම්ල වෙනම ගෙනත් තිබ්බ. ඒ පාටියේ විස්තර මම 'උපන් දිනේ පට්ටන්දරේ' post එකෙන් ලිව්වත් එක්ක.
Deletehttps://nidigepanchathanthare.blogspot.com/2025/10/blog-post_23.html)
ඒත් බලන්නකො- ඒ පාටියේ විස්තරවලින් තුන්කාලකට වඩා මට අද මතක නෑ. හැබැයි 1979 තිබ මේ දුප්පත් පාටියේ විස්තර වීඩියෝ එක තවම මගේ මනසේ!
// ඒ පාටියේ විස්තරවලින් තුන්කාලකට වඩා මට අද මතක නෑ. හැබැයි 1979 තිබ මේ දුප්පත් පාටියේ විස්තර වීඩියෝ එක තවම මගේ මනසේ!//
Deleteජීවිතේ සරල දේ රස විඳීමේ කලාව!👌
ඇත්තෙන්ම බකුසුතුමෝ, ඒක නං හරිම වටිනා කලාවක්....
Delete
ReplyDeleteනිමල් 'පට්ටි ගෙදර' ගැන කියලා තිබුණු නිසයි මේ කමෙන්ට් එක දාන්න හිතුවෙ. (මම හිතන්නෙ ඒ නාට්‍යය හා තවත් නාට්‍යයක් නිමල් මට බලන්න රෙකමෙන්ඩ් කරලත් තිබුණා. ඒකට ස්තුතියි). කොහොම හරි අපි පට්ටි ගෙදර බලන්න ගත්තා. ගිය සතියෙ කොටස වෙනකම්ම කතාව රසවින්දා. හැබැයි කතාව ඒ තරම්ම ඛේදාන්තයක් කරේ ඇයි කියලා හිතාගන්න බෑ 😒(විශේශයෙන්ම බේබිගෙ සිදුවීම). කතාවෙ එකම කාන්තා චරිතයක්වත් නෑනෙ පොසිටිව් විදිහට ගොඩ නඟන. (පිරිමි චරිත කියලත් වෙනසක් නෑනෙ). සමහරවිට මම ජම්පින්ග් ද ගන්ස් වෙන්න ඇති. හැබැයි මට හිතෙන්නෙම ඔයිට වඩා පොඩි හෝ පොසිටිව් දෙයක් කතාවෙන් දෙන්න පුලුවන් කියලා.
මචං, ඔය කතාව Sentimental විදියට ලියන්න හේතුව ලංකාවේ ටෙලිනාට්‍ය චිත්‍රපට බලන බහුතරයක් හැඟීම්බර Sentimental කතා වලට කැමති නිසාම වෙන්න ඇති, මගේ හැඟීම පමණයි හරියට දන්නේ නෑ ඒත් අපි අයත්වන අපේ අලුත් පරම්පරාවට IQ සහ EQ ගැන තියෙන අවබෝධය තවත් ලස්සනට පැහැදිලි කරන්න පුළුවන් පොඩි ධනාත්මක කතාවක් මෙන්න.
Delete"දෙයියන්ගේ ලෙඩේ සුවකළ තේක්ක ගස"
ලංකාවෙ එක පළාතක ලොකු වතුයායක් අයිති, හැමෝම ගරු කරන වයසක මහත්මයෙක් හිටියා. මෙයා ළඟ අවුරුදු ගාණක් වැඩ කරපු, පොතේ පතේ දැනුම අතින් ඉහළම තැනක ඉන්න ඉතාමත් බුද්ධිමත් (High IQ) කළමනාකරුවෙක් හිටියා. දවසක් මේ වත්තේ තිබුණ ඉතාමත් වටිනා, අවුරුදු සිය ගණනක් පැරණි විශාල තේක්ක ගසක කොළ කහ පාට වෙලා, මැරෙන්න වගේ ලෙඩ වෙන්න ගත්තා.
කළමනාකරු වහාම ක්‍රියාත්මක වෙලා විද්‍යාත්මක පොත්පත් කියවලා, පස පරීක්ෂා කරලා, ගැලපෙනම රසායනික පොහොර සහ බෙහෙත් වර්ග ලොකු ගාණක් දීලා ගහ බේරගන්න හැදුවා. හැබැයි මාසයක් ගියත් ගහ සුව වුණේ නැහැ.
ඔය අතරේ වත්තේ වැඩ කරන, වැඩිය ඉගෙනගෙන නැති, හැබැයි මිනිස්සුන්ගේ වගේම ගස්වැල්වලත් "හදවත" අඳුරන (High EQ) තරුණ කොල්ලෙක් හිටියා. ඌ දවසක් මේ වයසක මහත්මයා ළඟට ඇවිත් කිව්වා, "සේරම බෙහෙත් කෙරුවානේ සර්, මට එක සතියක් දෙන්න මං මේක සුව කරන්නම්" කියලා. මහත්මයත් කැමති වුණා.
මේ කොල්ලා කළේ අමුතු වැඩක්. ඌ බෙහෙත් දැම්මේ නැහැ. හැමදාම හවසට වත්තේ සෙල්ලම් කරන පොඩි ළමයි ටිකක් එකතු කරගෙන ඇවිත්, ඒ තේක්ක ගහ හෙවණේ සින්දු කියන්න, සෙල්ලම් කරන්න, ගහ බදාගෙන කතා කරන්න පටන් ගත්තා. පුදුමයකට වගේ සතියක් යද්දී ගහේ අලුත් දළු දාලා, ගහ ආයෙත් පණ ගැහුණා!
කළමනාකරු පුදුම වෙලා ඇහුවා "මම මෙච්චර විද්‍යාත්මකව කරලත් බැරි වුණ එක උඹ කළේ කොහොමද?" කියලා.
එතකොට ඒ තරුණයා හිනාවෙලා කිව්වා,
"මහත්මයා, ඔයා බැලුවේ ගහේ පස සහ ලෙඩේ ගැන විතරයි (IQ). හැබැයි මම බැලුවේ ගහේ පාලුව ගැන (EQ). මීට මාසෙකට කලින් සර් මේ ගහ වටේට ලොකු තාප්පයක් බැන්දා. එතකන් හැමදාම හවසට මේ ගහ ළඟට වෙලා සෙල්ලම් කරපු ළමයින්ට ගහ ළඟට එන්න බැරි වුණා. ගහට පාලුව දැනුනා. මම කළේ ඒ ආදරය සහ සතුට ආයෙත් ගහට ලබා දීපු එක විතරයි."
---------------------------
මේ කතාවෙන් දෙන ධනාත්මක පණිවිඩය ජීවිතේ ප්‍රශ්න විසඳන්න, ඉහළටම යන්න පොතේ පතේ දැනුම සහ තාක්ෂණය (IQ) අනිවාර්යයෙන්ම ඕනෑ. හැබැයි මිනිස්සුන්ගේ (නැත්නම් පරිසරයේ) හැඟීම් තේරුම් ගන්න, ආදරය සහ කරුණාව දක්වන්න පුළුවන් හදවතක් (EQ) නැත්නම්, ඒ හැම දැනුමකින්ම වැඩක් නැති වෙනවා.
අලුත් පරම්පරාව මේ කතාවේ ඉන්න තරුණයා වගේ IQ සහ EQ දෙකම එකතු කරගෙන ලෝකය දකින්න උත්සාහ කරන එක ඇත්තටම ලොකු බලාපොරොත්තුවක්!
මේ කතාව ඔයා කියපු දේට ගැලපෙනවද මචං? නැත්නම් ඔයා බලාපොරොත්තු වුණේ වෙනම විදිහක කතාවක්ද? එහෙම නම් මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම්
අපේ ටවුමෙ බැංකු පෝළිම දැක්කා අස්වැසුම දවසක. කියන්න සන්තෝසයි කඩ තුනක් කුලියට දීලා මාලු කඩයකුත් කරන මුදලාලිත් පෝළිමේ. ෂුවර් නැතිකමට ඇවිත් Web site එකේ ලිස්ට් එක බැලුවම නම තියෙනවා. අතපය හතර හොඳට තියෙන, තමන් මහන්සිවෙලා යමක් හම්බකරගන්න පුලුවන් අය බාගෙට බාගයක් පෝළිමේ.... ඔබේ කතාව අනුව, ලැබිය යුතු අය ඉන්නවා, ඒ අයට ලැබිය යුතුමයි. ඒ ගැන දෙකක් නෑ. Education වලට, Health care වලට 6% නෙවෙයි 8% හෝ 10% දුන්නත් අපි කවුරුත් විරුද්ධ නැහැ. ඒත් දෙන්නං වාලෙ මේ නාස්ති කරන්නෙ අපි ගෙවන බදු මුදල්.
උදාහරණ විදිහට ආණ්ඩුවට බරක් නොවී මහන්සි වෙලා ව්‍යාපාර කරන ව්‍යවසායකයෙක් වෙච්ච මගෙන් 2025 වසරේ දී කලින් 24/25 මූල්‍ය වර්ෂය වෙනුවෙන් වැඩිපුර අයකරගෙන තියන සෘජු බදු මුදල ලංකා රුපියල් 1,823,000... ඒක ආපහු මට ලබාගන්න මම අදාල සියලුම ලියකියවිලි එක්ක අදාල රජයේ ආයතන හැම එකකටම ගිහිල්ල අදාල හැමතැනටම කියලා තියෙන්නෙ තවමත් කිසිම සද්දයක් නෑ. අපෙන් බදු කපා ගන්න කොට දශමෙට තිතට වැඩිපුරත් එක්ක බදු අයකරගෙන, නොගෙව්වොත් හිරේ.
අපේ යටතේ මහන්සි වෙලා වැඩ කරන අයටත් මේ අවුරුද්දෙ නැහිලා නැහිලා ටාගට් එක ගහලා ලැබෙන Incentive Bonus එකෙන් 36%ක් කපපුවම ඒවගෙන් කරන්න වැඩ 100ක් ගැන හීන මවාගෙන ඉන්න තරුණ ළමයි පවු නැද්ද ? උං කවද්ද කසාදයක් බැඳගෙන ගෙයක් හදාගෙන වාහන කට්ටක් අරගන්නෙ ?
මේවා තරහට කියන දේවල් නෙවෙයි. අස්වැසුම දෙන එක නෙවෙයි ගැටලුව... ඒක ලැබෙන අය තෝරාගැනීමේ පටිපාටිය, ලැබෙන අයගෙන් ආපසු මොනවාම හෝ ආකාරයක වගවීමක් සමාජයට ලබා නොගැනීම වගේ වැරදි ගැන තියෙන නොසතුට... ඒ ගැනයි කතා හදන්න ඕන හරිනම්, ඒවා තමයි ඇත්ත ප්‍රශ්න.
Ano මහත්තයෝ- තේක්ක ගහේ කතාව නං දැන ගත්තේ අදයි- ඔයාගේ comment එකෙන්.
Deleteහැබැයි ඕක විදේශ කෙටි කතාවක අනුවර්තනයක්. ඔස්කා වයිල්ඩ් ලියු ඒ ඔරිජිනල් කතාවේ පරිවර්තනය 'යෝධයාගේ මල් උයන' නමින් 'මිහිර පත්තරයෙන් කියෙව්වා. ඒ විස්තර සේරමත්, කතාවත් 'සොඳුරු ඉසිඹුව' සමූහයේ පළවී තිබුණා.
https://www.facebook.com/groups/1591067381672792/posts/1620399978739532/
ලංකාවේ අස්වැසුම - ඉස්සර දුන් ජනසවිය- කොරෝනා කාලයේ දුන් 5,000/- වගේ හැම සහනයකින්ම වැඩි හරියක් යන්නේ ඒවා ලබන්නට කිසිසේත්ම සුදුසු අයට නෙවෙයි. ඒවාට වගකිව යුතු වෙන්නේ ඒවාට සුදුස්සන් කවුද කියා හරිහැටි සොයා නොබලන කම්මැලි නිලධාරීන්.
Deleteආණ්ඩු මාරු වුණත් නිලධාරීන් වෙනස් වෙලා නැහැ- බොහොම දෙනෙක්ම.
ඒත් ලස්සන වැඩේ කියන්නේ Ano මහත්තයෝ, රාජකාරී පැහැර හරිනවාට- නොතකා හැර පමා කරනවාට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නැති එකයි.
ඔයාට ගොඩක් ස්තුතියි මේ කරුණු මතු කළාට.
Lotus, comments පළවී තිබෙන පිළිවෙලට උත්තර දෙන නිසයි ඔයාට උත්තර පරක්කු වුණේ.
Deleteපට්ටි ගෙදර ටෙලියේ ටීචර්ගෙ චරිතය පොසිටිව්පොසිටිව් එකක් විදිහට නේද ගොඩනැඟෙන්නේ?
අනුෂ්ක 'මිත්‍යා විශ්වාස කර පින්නාගෙන -අනුන්ට විපත්ති පමුණුවන්නට යන කිසිම කෙනෙකුට යහපතක් නොවෙන විත්තිය' මෙහි කතා රචක තහවුරු කරන්න යනවා වගෙයි.
ඔයාට වෙලාවක් තියෙනවා නං Lotus මේ link ඒකට ගිහින් බලන්නකො. (තව ලණුවක් හොඳේ.)
Deletehttps://www.facebook.com/groups/553541755328981/posts/1939156563434153
ReplyDeleteIMF ණය තවදුරටත් ලාභදායී නොවේ : The Island පුවත්පත් වාර්තාව
---------------------------------
මෑතකදී ශ්‍රී ලංකාවට හිමිවූ ඇමරිකානු ඩොලර් මිලියන 695ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය මුදල පිළිබඳව 'දි අයිලන්ඩ්' පුවත්පත මගින් ඉතා කාලීන ආර්ථික විවරණයක් ගෙන එයි. රජයේ බලධාරීන් මෙම ණය මුදල විශාල ජයග්‍රහණයක් ලෙස සැමරුවද, ජනතාවගෙන් වසන් වී ඇති අමිහිරි සත්‍යයක් පවතින බව මෙමගින් පෙන්වා දෙයි. එනම්, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ IMF වැනි ආයතන වලින් අතීතයේදී ලැබුණු "ලාභදායී ණය" (Cheap money) යුගය දැන් නිල වශයෙන්ම අවසන් වී ඇති බවත්, මෙම නවතම ණය මුදල සඳහා ශ්‍රී ලංකාවට වාර්ෂිකව 5.33% ක පමණ ඉහළ පොලියක් ගෙවීමට සිදුවන බවත්ය.
පොලී අනුපාතයේ සැඟවුණු බර
--------------
පුවත්පත් වාර්තාව මෙම ඉහළ පොලී අනුපාතය ගොඩනැගී ඇති ආකාරය මනාව විග්රහ කරයි:
2.73% - මූලික අනුපාතය (SDR Base Rate): මෙය ඇමරිකාවේ ෆෙඩරල් සංචිතය වැනි ගෝලීය මහ බැංකු වල පොලී අනුපාත මත රඳා පවතින වෙනස් වන අනුපාතයකි.
0.60% - ස්ථාවර ආන්තිකය (IMF Fixed Margin): IMF ආයතනයේ මෙහෙයුම් සඳහා අය කරන ස්ථාවර ගාස්තුව.
2.00% - දඬුවම් අධිභාරය (Penalty Surcharge): ශ්‍රී ලංකාවට හිමි IMF කෝටාවෙන් 300% කට වඩා ණය ලබාගෙන ඇති බැවින් අය කෙරෙන අමතර දඩ මුදල.
මීට අමතරව සෑම ණය මුදලක් නිකුත් කිරීමකදීම 0.50% ක එක්වරක් පමණක් අය කරන සේවා ගාස්තුවක්ද පවතී (මෙම ඩොලර් මිලියන 695 ක වාරිකය සඳහා එය ඩොලර් මිලියන 3.5 ක් පමණ වේ).
ලාභදායී ණය යුගය අවසන් වීම
--------------
වසංගත සමයේ (2020 පමණ) ගෝලීය මහ බැංකු විසින් තම පොලී අනුපාත බිංදුව දක්වා පහත හෙළා තිබූ බැවින්, එකල මුළු IMF පොලී අනුපාතය පැවතියේ 3.05% ක පමණ පහළ මට්ටමකය. වර්තමානය වන විට යම් සහනයක් වශයෙන් IMF ආයතනය සිය ස්ථාවර ආන්තිකය 1.00% සිට 0.60% දක්වා අඩු කර ඇතත්, ගෝලීය පොලී අනුපාත ඉහළ යාම නිසා මූලික පොලිය 2.73% දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් එම කුඩා සහනයෙන් කිසිදු ප්‍රායෝගික වාසියක් ශ්‍රී ලංකාවට අත්වී නොමැත.
ලෝකයේම පොලී අනුපාත ඉහළ යන්නේ ඇයි?
------------------------
මෙහිදී 'දි අයිලන්ඩ්' වාර්තාව IMF හි හිටපු පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත්ගේ අදහස් උපුටා දක්වයි. ඇය පෙන්වා දෙන පරිදි, ලෝකයේ පොලී අනුපාත ස්ථිර ලෙසම ඉහළ මට්ටමකට (New normal) පැමිණ ඇත. ධනවත් රටවල පවතින විශාල අයවැය හිඟය සහ AI වැනි නව තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම මීට ප්‍රධාන හේතු වී ඇත.
ශ්‍රී ලංකාව මුහුණ දෙන අමිහිරි යථාර්ථය
------------------------
ලිපියේ උපුටා දක්වන ආර්ථික විශ්ලේෂකයෙකුගේ අදහස් අනුව, ශ්‍රී ලංකාවට දැන් විකල්ප ඉතා සීමිතය:
1. මින් ඉදිරියට ලබාගන්නා සෑම බහුපාර්ශ්වික ණය මුදලක්ම අතීතයට වඩා මිල අධිකය.
2. මූලික පොලී අනුපාතය මේ තරම් ඉහළ ගොස් ඇති පසුබිමක අර 2% ක අධිභාරය (Surcharge) ජාතික අයවැයට දරාගත නොහැකි දැවැන්ත පීඩනයක් බවට පත්ව ඇත.
3. එසේම, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළෙන් (Private markets) ණය ලබාගැනීමට උත්සාහ කළහොත් ඒ සඳහා 8% සිට 10% දක්වා ඉතා ඉහළ පොලියක් ගෙවීමට සිදුවනු ඇත.
මෙම තත්ත්වය තුළ රජය කළ යුත්තේ හුදෙක් ඩොලර් මිලියන ගණනින් ණය ලැබෙන බව පවසමින් පුරසාරම් දෙඩීම නොව, එහි සැබෑ පිරිවැය සහ බරපතලකම ජනතාවට විවෘතව ප්‍රකාශ කිරීම බව මෙම ලිපිය අවධාරණය කරයි. විදේශ ණය මතම යැපෙනවා වෙනුවට, අපනයන ආදායම් ඉහළ නංවාගෙන ආර්ථිකය මූලික වශයෙන් ශක්තිමත් කිරීම හැර වෙනත් කෙටි මාවතක් ශ්‍රී ලංකාවට තවදුරටත් ඉතිරිව නොමැත.
https://island.lk/imfs-unstated-ratesri-lankas-695m-loan-costs-about-5-33-per-annum/
ස්තුතියි!
Deleteඅනේ, යකො රටේ මිනිස්සුන්ට උපරිම බදු ගහලා උන්ගේ රීරි මාංශ වෙනකල් බදු ගහලා.මෙච්චර කල් රට පාලනය කල උන් හොරා කෑවා කියලා උන්ගේ සල්ලි ගන්න ක්‍රම නැතුව අපිටම තව කෙලිනවා.රාජපක්ෂලාගේ උගන්ඩා සල්ලි මහබැංකු සල්ලි කෝ උන් ඇල්ලුවද නෑ ජීවිතේට නඩු නෑ අවුරුදු ගනන් අදිනවා.කාලකණ්ණි සැක්කිලි ගේ ඔක්කොම පව් අපි දිගටම ගෙවනවා ඒක තමා අනාගතෙත් වෙන්නේ.තොපි ඔක්කොම එකයි පාට පක්ෂ මාරැ උනත් 🤮🤮🤮🤮
Deleteරොහාන් මහත්තයට යකා නැඟලා... ටිකක් ඉවසිල්ලෙන්.
Delete@ all
Deleteලංකාවේ ඉන්න දාර ජෙපි මාලිමා සජබ පොහොට්ටු යූඑන්පි බයියොන්ට ඕවා කියන්නේපා
මේ මෝඩ තකතීරූ පාලකයෝන්ගේ ගොන්කම හා අදූරදර්ශි කම තමා මේ රට දුප්පත් රටක් විදියට තාම ඉදිරියට යන්නේ.,
අච්චර ලෝකේ රටවල් ඔක්කොම EV වාහන වලට මාරුවෙනකොට අපේ ආන්ඩුව 2025 දී වාහන ආනයනය කරන්න ඉඩ දීමේදී ලෝකයම පුදුම කරමින් EV වාහන වලට පෙට්‍රල් වාහන වලටත් වඩා අධික ලෙස බදු වැඩි කරලා තෙලින් දුවන ජපන් කාර් ආනයනය වැඩි කලා.,🤣🤣
එතනින්ම තේරෙන්නේ නැද්ද මුන් කොයි වගේ අමු මැටි පොල් බූරුවොද කියල.,😂😂🙏🙏
අතිශයින් සංවේදී අවස්ථාවක් අද දින වැවුරුකන්නල බුදු රජ මහ වෙහෙරේ අවසන් මහ පෙරහැරේදී සිදුවිය. දික්වැල්ල පැරණි බෙලිඅත්ත මාර්ගය හෙවත් කුමරතුගු මුනිදස් මාර්ගය ඔස්සේ දික්වැල්ල නගරය දෙසට පෙරහැර ගමන්කරමින් තිබු අවස්ථාවේදී , කෝන්දෙණිය හන්දිය ආසන්නයේදී කවදාවත් සිදුනොවුනු ලෙස විහාරයෙ අර්ජුන හස්තිරාජයා යම් කලබලයකට නොසන්සුන්තාවයට පත්විය ඉතා අවිහිංසක හස්තියෙකු වූ අර්ජුන කෙසේ මේ තත්වයට පත්වූවාදැයි තවම හරියටම කිව නොහැකිය. මේ අවස්ථාවේ පෙරහැර නරඹමින් සිටි ජනතාව හිස් ලූ ලූ අත දිවි බේරාගන්නට දිව යන අතරේ අර්ජුන මාර්ගය අයිනේ වාඩිවී සිටි ඇවිදගන්නට නොහැකි පුද්ගලයෙකු වෙත දිව එන්නට විය. එහිදී ඒ අසළ උඩු මහල්වල සිටි ජනතාව මොනතරම් සහකම්පනයෙන් යුතු පිරිසක්ද යන්න එම අවස්ථාවේ මනාව ප්‍රදර්ශනය විය. කුඩා ළමුන් පවා අනේ බුදු හාමුදුරුවනෙ එ අහිංසකයා රැකදෙන්න යැයි හඩ නගා කියමින් විලාප නගන අවස්ථාව අතිශයින් සංවේදී අවස්ථාවක් විය. ඒ බිම වාඩිවී සිටි අසරණ පුද්ගලයා හස්තියා ලංවෙත්ම සිය දැත් එක්කර හස්තියාට වදිමින් ජීවිතය අයදින්නට විය. හාස්කමකින් මෙන් අර්ජුන හස්තියා පසුපසට යන්නට විය. අනතුරුව එම ස්ථානයෙන් අර්ජුන හස්තියා සාමකාමීව ඉවත්විය. එම සංවේදී අවස්ථාව ඔබට මෙම වීඩියෝවෙන් දැකගත හැකිය 🥹🙏
ReplyDelete#wewrukannala #dikwella #perahera #elephantattack #wesak
ස්තුතියි!
Deleteඋඩ ඇනෝ කෙනෙක් යෝජනා කරපු විදිහට ලංකාවේ යුධ ෆිල්ම් හදන්න බැරි කමක් නැතුව නෙමෙයි, වර්තමාන මාලිමා ආණ්ඩුව ලංකාවේ කෙහෙල් මල් නිතියක් සම්මත කරා නෙ යුද්දය පිලිබඳ විත්රපටි විඩියෝ ගෙම් වගෙ දෙවල් හදන එක සිමා කරන්න කියලා මොකද ජාතින් අතර අසමගිය සහ වෛරය ඇති වෙනවා කියලා,
ReplyDeleteඒ වගේම පසුගිය දවස්වල නිරො කියලා පරිගණක ක්‍රිඩාවක් හැදුවා එකට මුලින්ම සැලසුම් කරෙ කොටි ත්‍රස්ථවාදීන්ගෙ ත්‍රිමාණ රුප යොදා ගන්නා එත් රාජ්‍ය නොවන සංවිධාන සහ රජයෙ ඇතැම් පාර්ශව වලින් එල්ල වුණා විරොදය නිසා කොටි ත්‍රස්ථවාදීන්ගෙ අනුරු නැතුව යුධ හමුදා නිල ඇදුම් නැතුව "නිරො" නැමැති විරුවාගෙ නම විතරක් දාලා විඩියෝ ක්‍රිඩාව නිර්මාණය කරා
තවත් අවස්ථාවක වන්නි මෙහෙයුම කියලා pc game එකක් නිර්මාණය කරා එකෙ සැබෑ ත්‍රස්වාදි යුනිෆොම් සෑබැ හමුදා යුනි ෆොම් 8 මෑන් ටිම් 4 මෑන් ටිම් වගෙ යොදාගෙන කරපු මෙහෙයුම් නිර්මාණය කරා එත් ඒ pc game එක මගදි හදාගෙන එන කොට තහනම් කරා 😔 ඕන නම් බලන්න පුළුවන් YouTube search කරලා බලන්න වනින්නි මෙහෙයුම PC game කියලා කොච්චර high quality එකකට ඒ නිර්මාණය කරලා තියෙනවද කියලා https://youtu.be/XjMk8S4QzFM ඒවගෙ නිර්මාණ තහනම් කරන රටෙ යුද ෆිල්ම් හදන්න හෙන කට්ටක් කන්න ඕන ඒ නිසා තමයි ෆිල්ම් නිශ්පාදක වරු යුද ෆිල්ම් හදන එක ගැන එච්චර අවදානයක් දෙන්නෙ නැත්තෙ
මං වහන්සේ එක ජාතියක ළිං ගෙම්බෙක් හින්දා ඔයා ලියල තියෙන දේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ දිමුතු ප්‍රියංකර මහත්තයෝ.
Deleteවෙසක් සිරි නරඹන්න ගිය අඬනගාමර් නෑ මෝල් කතා වස්තුව...
ReplyDeleteඑකෝමත් එක රටක ආගමික සංවිධානයකින් බූරුවෙකුටයි, හිවලෙකුටයි ආරාධනා පත්‍ර දෙකක් ලැබෙනවා
___________________
ගරු මැතිතුමණි,
වර්ෂ 2500 පැරණි වූ අපගේ කහ කුරුළු ආගමික සංථාවේ අසවල් උළෙල අසවල් දා අසවල් හෝරාවට අසවල් තැනදී පැවැත්වේ.
එහිදී සුවිශේෂී අමුත්තා ලෙස ගරු ඔමතුමන් අපගේ සංවිධායක මණ්ඩලය විසින් තෝරා ඇති බව ගවුරව බහුමානිකව දන්වා සිටමු
එදින ඔබතුමන්ගේ කාරුණීකව සහභාගීත්වය අප හුදෙක්ම බලාපොරොත්තු වන්නෙමු
කහ කුරුළු ආගමික සංස්ථාව
_______________________
ඇරයුම් පත දැකපු ගමන් හිවලා සතුටෙන් පිනා ගියා.
මොකද බුරුවාත්, හිවලාත් දෙන්නාම දේශපාලන වියාපාර සමග සෘජු සම්භන්ධ අය.
හිවලා සට කපටියා
හිවලා හොදාකාරවම දන්නවා ආගමයි, දේශපාලනයයි කියන්නේ අඹුඩෙයි පුකයි වගේ දෙකක් නෙවෙයි එකක් කියලා
ඉතිං හිවලා කලේ උදේම සුදු ඇදුමෙන් සැරසිලා ආරාධනා පත්‍රය අතට අරගෙන අදාල කහ කුරුළු උත්සවයට ගමන් කරපු එක
බුරුවා අමු මෝඩයා.
සරළව කිව්වොත් බුරුවා කියන්නේ මුණ එක්ක තරහට නහය කපාගන්න ජාතියේ පොරක්.
හැබැයි බූරුවා හිතාගෙන ඉන්නේ තමා හිවලාටත් වඩා කපටියා මම තමයි වැඩ්ඩා කියලා
බුරුවා ගමන යන්න ඩෙනිමක් ඇදගෙන ඩබල් පොකට් කමීසයක් පටලවා ගන්න ගමන් මෙහෙම හිතනවා
අපේ රැහේ බූරු අප්පච්චි උනත් " ආගම තක්කඩියාගේ අවසන් නවාතැනයි " කියලා කලින් පච කෙළපු බව ඇත්ත
එත් දැන් අප්පොච්චා උනත් තේරිලා තියෙන්නේ පචෙන් විතරක් ඔක්කොම කරන්න බෑ කියලා
දැන් උන්දෑ උනත් බෝ ගස් යටට, පංසල් පල්ලි ගානේ ගොඩ වෙන්නේ
ඔන්න ඔහේ මමත් යනවා ආරාධනාවට සහභාගී වෙන්න
බුරුවා ඩෙනිම ගලවලා පැත්තක තියලා හිල් වෙච්ච ජොකා වැහෙන්න උතුම් ආර්ය සුදු ඇදුමක් ඇදගෙන උත්සව සාලාවට ගොඩ වෙනවා
ගොඩ උනාට පස්සේ තමයි දන්නේ
සට කපට කහ කුරුළ්ලා කරලා තියෙන අළුගුත්තේරු වැඩේ
බූරුවාට හොරෙන් හිවලාටත්
හිවලාට හොරෙන් බූරුවාටත් ආරාධනා කලා මදිවට වාඩි වෙන්න ලෑස්ති කරලා තියෙන්නේ බූරුවාටයි හිවලාටයි එකම ලග
ආව එකේ හැරිලා යන්න බෑනේ කියලා බුරුවා කරන්නේ බොහොම අකමැත්තෙන් අහක බලාගෙන හිවලා ඉන්න පුටුවට අල්ලපු පුටුවේ වාඩි වෙනවා
අපේ බූරු රැහේ උන් හිවලා එක්ක වාඩි උනා කියලා කයි කතන්දර කියයි කියලා බයට බුරුවා කියන්නේ හිවලා ජන්මාන්තර වයිර කාරයෙක් කියලා පේන්න අහක බලාගෙන ඉන්න එක
ඒත් හිවලා සටකපටියා
හිවලා බුරුවා එක්ක කොහොම කොහොම හරි එල්ලිලා කතා බහ කරනවා
එදා බූරුවයි හිවලයි දෙන්නම සම ආරාධිතයෝ වෙච්චි කහ කුරුළු ආගමික සංවිධානයේ උත්සවය අවසන් වෙනවා
ඒත් කහ කුරුල්ලෝ කරන්නේ එදා ගත්ත ෆොටෝ කෑලි ටික බුරුවන්ගෙයි හිවලුයින්ගෙයි ඇහැ ගැටෙන තැන් වල එල්ලනවා
ඒක දකින බූරු රැළ
' ආං බලාපං දරුවනේ අපේ එකා අර හිවලා ගණං ගන්නේ වත් නෑ
ඌ නිකං කිච වෙනවා කියලා හිවලුන්ට හූ කියනවා '
ඒක දකින හිවල් රැළ
' හිනා පොදක් නැති මූසල බූරුවාගේ මුණ බලපල්ලාකෝ
පවු මූණේ ලේ පොදක් නෑ කියලා බුරුවන්ට මඩ ගහනවා '
බූරු අප්පච්චි මෙහෙම හිතෙනවා
' මගේ බූරු කොළුවා කොහොම හරි ඉන්දන මිළ ඉහළ යාම සහ බූරු පිලේ කහකඩයකුගේ පොඩි තව් විදපු කේස් යට ගැහුවා'
හිවල් අප්පච්චි කපුටෙක් එක්ක මෙහෙම කියනවා
'මගේ හිවල් පුතා කොහොම කොහොම හරි එයාබස් කතාව ආයේ යට ගැහුවා'
ඔය කතාව අපට කීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි!
Delete@ ඇනෝ
Deleteමේක මරු ... සුපිරි... සත්‍ය සිදුවීමක් ඇසුරින් නම් ගම් මනඃකල්පිත එකක් 😅🤣😂
නිදී මමත් ජපානයේ හිටපු නිසා කියන්නෙ.......ජපන් වැසියන්ගෙ මානසිකත්වය ඔයා ඔය කියනවට වඩා දියුනුයි.දේශපාලනය ගැන ඔවුන්ගේ ලොකු තැකීමක් නැහැ. ඔවුන් කවුරු රට පාලනය කලත් පුරවැසියන් විදියට සෑම තනි පුද්ගලයෙකුම රට වෙනුවෙන් කල යුතු දෙයක් වේනම් එය කරනවා. ඊට දේශපාලනක් කොහෙත්ම අදාල වෙන්නෙ නෑ. රටේ දේශපාලන අධිකාරය තුල ඉන්නෙ කවුද කියල බොහෝ ජපන්නු දන්නෙත් නෑ. හැබැයි ඔවුන් දන්නව රටේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා...ඒ ප්‍රතිපත්ති රාමුව තුල හැසිරෙනවනම් කවුරු ආන්ඩු කලත් ඔවුන්ට ප්‍රශ්නයක් නෑ.... රට අගාධයකට වැටුනු වෙලාවෙ අපේ රටේ දේශපාලන පක්ශ විසින් රටට ඩොලර් එවන්න එපා කියල ඊනියා අරගලයක් මවපු සිද්ධීන් ජපානයේ නම් කවදාවත් වෙන්නෙ නෑ. ඒත් ඔවුන් රටට පොදුවේ වන ව්‍යසනයකදී සෑම කෙනෙක්ම එකට එකතු වෙලා ඒ ප්‍රශ්නයට විසඳුම් හොයන්නත් ඒ සඳහා සක්‍රියව දායක වෙන්නත් පසුබට වෙන්නෙ නෑ. ඒ සංස්කෘතිය ගැන අපේ රටේ මිනිස්සුන්ට හිතාගන්නවත් බෑ....
ReplyDeleteඅනේ මම නං ජපානය ගැන දන්නෙ පත-පොතින්, filmsවලින් හා මාධ්‍ය මඟින් විතරයි මහත්තයෝ.
Deleteඔබතුමන් කියන විදිහේ අදහස් අපේ උදවියගෙන් ඉතාම අල්ප කොටසකට පමණක් උරුම වෙලා තියෙන්නේ ඇයිද මංදා.
අනේ මන්ද නිදී අර උමා ඔයේ හිල් සමන්ත ඇමති මලහෝන්තුව අදත් මෝඩ ආතල් එකක් දීලා නේද? ඇමතිවරු ඉන්නේ රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති, අමාත්‍යාංශ වල කෙටි කාලීන මැදි කාලීන සහ දිගුකාලීන සැලසුම් නිර්මාණය කිරීම, කැබිනට් අනුමැතිය ලබාගෙන අමාත්‍යාංශ ලේකම්වරුන්ට අවශ්‍ය මගපෙන්වීම සහ පාර්ලිමේන්තුවෙන් මුදල් අනුමත කරගෙන අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය වගේ දේවල් කරන්නට බව කුඩාම දරුවන් පවා දන්න රටේ මුං ඇමති කම් අරගෙන හාලා රෙනව ඒකනේ අර සෙඩා බ්‍රෝ කිව්වේ.... පොලිසීස් ගැන කියද්දී මුං policy creation කිව්වොත් අහයි...මොන ගමටද අලුතෙන් පොලිසියක් ඕනී කියලා.... ඒ වගේ රට හරක් ටිකක්, මූ ඇමති විදියට ඇවිල්ල ටැංකියක් පිටේ බැඳන් තණකොල කපනවා, රට හරක්, යකෝ අඩුම ගානේ මේ අපිවත් ගෙදර වත්තෙ තනකොල කපන්ඩ යන්නෙ නෑ...මොකද අපේ දවසක් නාස්ති කිරීම inefficient නිසා... ඒකට අදාල යාන්ත්‍රණය අනුව අදාල කාර්යයට අදාල Skilled labour යොදාගෙන කාර්යක්ෂම විදියට ලස්සනට වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම
ReplyDeleteමුංගෙන් තමයි අපි solar energy renewable BESS ගැන බලාපොරොත්තු තියාගන්නෙ... අනේ කාලේ වනේ වාසේ
මීට වඩා හොදයි කකුල් හතරේ හරක්ට අවකලනය උගන්වන එක.....අඩුම උන් ඔලුව වත් වනනවා, මේ දෙපා හරක් දන්නේ කැමරා අටෝගෙන බොරුවට ගොන් ආතල් දෙන්න විතරයි, ආණ්ඩුවත් එකයි තිස්ස කූට්ටිලා වගේ විපක්ෂ හෝතඹුවොත් එකයි නොදකින් විතරක් 😵💫
ඔයා අහල තියෙනවද Ano මහත්තයෝ මේ කතාව. 'නිහඬව සිටින තාක් කල් මෝඩයා පණ්ඩිතයාය!'
Delete