li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, August 13, 2026

පෙට්ටගමින් අනං-මනං -2

මගේ විද්‍යුත් පෙට්ටගමෙන් ඇබින්දක් මං ඔයාලත් එක්ක බෙදා ගත්තා මතකයිනේ- පෙට්ටගමින් අනං-මනං-1 post එකෙන්. අද ඔන්න තව ටිකක්.

Blogකාරයන් හෙවත් බොග දමන්නන් ගැන ඇඳපු ලස්සන කාටූන් එකක් මං දැක්කමයි!

අකුරක් මිස්වෙලා සිද්ද වුණු සංගදියක්...





ඊළඟට තියෙන්නේ නං මහ භයානක ඇත්තක්...

මෙන්න බොලේ සත්තුත් කාටූන්වලට ඇවිත්...



මාතර අභිමානය fb සමූහයේ තිබිච්ච ‘සචින්ත V වික්‍රමරත්න’ගේ අපූරු අදහසක්, මෙන්න ඒ විදිහටම:

‘ගාමිණී ෆොන්සේකා මහත්මයා අසනීප වෙලා ඉන්න යුගයේ ඔහුට සම්මානයක් හම්බ වෙනවා. ඒත් ඔහු ඒ සම්මානය ගන්න යන්නේ නැහැ. සම්මානය ඔහු වෙනුවෙන් ලබා ගත්තේ වෙනත් පුද්ගලයෙක්.

ඊට දින කීපයකට පසු පුවත්පත් කලාවේදියෙක් ඔහු සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගෙන් ඒ ගැන අහනවා - ඇයි ඔබ ඒ සම්මානය ගන්න ගියේ නැත්තේ ?

එවිට ගාමිණී දෙන පිළිතුර තමයි...

මිනිස්සුන්ට මතක බොහොම අභිමානවත් පෞරුෂයකින් යුතු ගාමිණී ෆොන්සේකා කෙනෙක්. ඔවුන්ගේ ඒ මතකයට, දෙදෙනෙක් විසින් උරිස් දෙකෙන් අල්ලලා වේදිකාවට නංවන ගාමිණී ෆොන්සේකා කෙනෙක්ව ඇතුලත් කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසයි මම අසනීපෙන් සිටිද්දි වේදිකාවට ගොඩ වුණේ නැත්තේ.

මට මේ කතාව මතක් උනේ අද දළදා වඳින්න ඇවිත් බොහොම අපහසුවෙන් ඇවිදින මහින්ද රාජපක්ෂ මහත්මයා දැකලා.😪

මහින්ද රාජපක්ෂ කියන්නේ 2005 ඡන්දෙදි මීටර් සීය දුවන වේගයෙන් දුවවිත් වේදිකාවට නැගපු අභිමානවත් පෞරුෂයක් තිබුණු දේශපාලඥයෙක්.

කුමන හෝ හේතුවක් නිසාවෙන් වර්තමානයේ ඔහු බොහොම අපහසුවෙන් ඇවිදිමින්,  මාධ්‍යවලට වොයිස් කට් දෙමින්, තමා ගැන මිනිස්සුන්ගේ හිතේ තිබූ අභිමානවත් මතකය ම**රලා දාලා මේ විදියේ බොහොම දුබල මතකයක් මහජනතාවගේ සිත් වලට එකතු කරන එක නං අපරාධයක්.

අපරාදේ, 2015 පැරදුන වෙලාවේ දේශපාලනයෙන් සමුගත්ත නම් අදටත් ඔහුට වීරයෙක් වගේ බැබලෙන්න  තිබුණා 💪





ඊළඟට දාන ඒ අපූරු වීර අයිය-මලෝ තුන් දෙනාගේ ෆොටෝ එකයි, විස්තරයයි ඇහැ ගැටුණු දවසේ මගේ පපුවත් ‘හෝස්’ ගාල කඩා වැටුණා!

‘... ඇසින් දුටු සාක්ෂිකරුවෙක්:

"මහත්තයෝ... අපි බලන් හිටියේ පණ ගැහෙන හිතින්. ඒ තාත්තා වතුරේ ගිලෙද්දී ඒ කොල්ලෝ තුන්දෙනා තත්පරයක්වත් හිතුවේ නැහැ. පිරිමි ළමයි තුන්දෙනාම එක පේළියට වතුරට පැනලා ගිහින් තාත්තව වට කරගත්තා.

ඇත්තටම වතුර ගොඩක් සැරයි. ඒත් ඒ තුන්දෙනා ඒ සැර වතුර එක්ක සටන් කරලා තාත්තව කොහොම හරි මිනිස්සු ඉන්න පැත්තට තල්ලු කළා. මම දැක්කා ලොකු පුතා අනිත් දෙන්නට කෑගහනවා 'පොඩ්ඩක් ඉවසපන්... තාත්තව බේරගමු... බය වෙන්න එපා' කියලා.

තාත්තා ගොඩට ආවා විතරයි... ඒත් එක්කම ආපු ලොකු රළකින් ඒ කොල්ලෝ තුන්දෙනාවම යට කරගත්තා. පස්සේ අපි බලද්දී කවුරුවත් පේන්න හිටියේ නැහැ. අම්ම තාත්තා වෙනුවෙන් පණ දෙනවා කියලා දරුවෝ කිව්වට, ඇත්තටම තමන්ගේ පණ දීලා තාත්තව බේරගත්ත පුතාලා තුන්දෙනෙක් මම අදයි දැක්කේ. මහ පුදුම සහෝදරකමක් මහත්තයෝ ඒක... පපුව පිච්චිලා යනවා මේක මතක් වෙද්දී..."

තමන්ගේ ජීවිතේ පූජා කරලා තාත්තව බේරගත්ත ඒ වීර පුතාලා තුන්දෙනාට නිවන් සුව අත්වේවා!’

අපිත් ඒ පුතාලා තුන් දෙනාට නිවන් සුව පතමු!

තව දවසක තව අනං මනං ටිකක් බලමුකො- හොඳේ...

60 comments:

  1. ගාමිණී ෆොන්සේකා ගැන කතා කරනකොට පහුගිය දවස්වල YouTube එකේ එතුමා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය සමඟ රූපවාහිනියේ කරපු පැරණි සම්මුඛ සාකච්ඡාවක් බලන්න ලැබුණා.

    ඇත්තටම ඒක හරිම රසවත් සාකච්ඡාවක්. ගාමිණී ෆොන්සේකාගේ හඬ, පෞරුෂය, දැනුම සහ කතා කරන විලාසය ඒ සාකච්ඡාව පුරාම හොඳටම පේනවා. සුමනා නෙල්ලම්පිටිය මහත්මියත් ඉතා හොඳින් සාකච්ඡාව මෙහෙයවනවා.

    එහිදී එතුමා රඟපෑ “සාගරයක් මැද” චිත්‍රපටය ගැනත් කතා කරනවා. ඒ චිත්‍රපටයේ එතුමා ද්විත්ව චරිත නිරූපණයක් කරනවා—එක චරිතයක් ඇමතිවරයෙකුගේ, අනෙක් චරිතය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ. චරිත දෙකේම වෙනස හොඳින් පෙන්වමින් එතුමා කරපු රංගනයත් ඇත්තටම මතක හිටින එකක්.

    ඒ සාකච්ඡාව බලද්දී ගාමිණී ෆොන්සේකා කියන්නේ නිකම්ම නළුවෙක් විතරක් නෙමෙයි, තමන්ගේ වෘත්තිය ගැනත්, සමාජය ගැනත් හොඳ අවබෝධයක් තිබුණු, ඉතාම ප්‍රබල පෞරුෂයක් තිබුණු මිනිසෙක් කියලා ආයෙත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේමයි, තමන්ට සිනමා කර්මාන්තයේ යෙදෙද්දී ලැබුණු පහසුකම් අනිත් ශිල්පීන්ට ලබා දෙන්නට පෙරමුණ ගත් කෙනෙක්.

      Delete
  2. https://youtu.be/D1AvmPhPbr8?is=PJJVOTkT4-8dWZtL


    This is the link

    ReplyDelete
    Replies
    1. link එකට ගියා. විනාඩි 14.28ක වීඩියෝ එකක්නෙ මයියෝ. දැන් comments වල උත්තර ලියලා ඉන්න එපැයි. ඒ නිසා වීඩියෝව ඩවුන්ලෝඩ් කරගත්තා දවල්ට බලන්න. ස්තුතියි!

      Delete
    2. වීඩියෝව බැලුවා. කාට කාටත් බලන්න වටින එකක්- මයියා මහත්තයෝ. ස්තුතියි!

      Delete
  3. මහින්ද රාජපක්ෂ වගේ public figure කෙනෙක් වුණාම සාමාන්‍ය පුද්ගලයෙක් වගේ හැම වෙලාවෙම තමන්ගේ කැමැත්තට හැසිරෙන්න බැහැ තමයි..

    ජනතාව ඉදිරියේ ඉන්න කෙනෙක්ගේ හැසිරීම, වචන, ප්‍රතිචාර සහ පෞද්ගලික පෞරුෂය පවා මිනිස්සු නිරීක්ෂණය කරනවා. ඒ නිසා පුද්ගලික ජීවිතයේ තියෙන කේන්තියක්, කලකිරීමක්, දුකක් හෝ වෙනත් ප්‍රශ්නයක් තිබුණත්, public role එකට එනකොට ඒවා පාලනය කරගැනීම වැදගත්.
    ඒක මහින්දට විතරක් නෙමෙයි—දේශපාලකයෙක්, මාධ්‍යවේදියෙක්, නළුවෙක්, නිවේදකයෙක් වගේ public figure කෙනෙක්ටත් පොදුයි.

    මට මතක විදිහට උදේ පාන්දර ප්‍රබෝධමත් රේඩියෝ වැඩසටහන් කරන නිවේදකයෙක්—අරවින්ද වෙන්න ඕනේ—කලින් මේ ගැන ලස්සන කතාවක් කියලා තිබුණා. එතුමා කියපු අදහස තමයි, ගෙදර කොච්චර ප්‍රශ්න තිබුණත්, කොච්චර නරක mood එකකින් ගෙදරින් එළියට ආවත්, මයික් එක ඉස්සරහට ආවට පස්සේ ඒ හැමදේම පැත්තකින් තියලා තමන්ගේ වැඩේ හරියට කරන්න ඕනේ කියන එක.

    ඇත්තටම ඒක public figure කෙනෙක් වුණාම තියෙන ලොකු වගකීමක්. අපිට පුද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්, දුකක් තියෙන්න පුළුවන්, කේන්තියක් තියෙන්න පුළුවන්. ඒත් ජනතාව ඉදිරියට එනකොට ඒ හැඟීම් හැම එකක්ම අරගෙන එන්න බැහැ.

    Public figure කෙනෙක් වුණාම තමන්ගේ පෞද්ගලික හැඟීම් පාලනය කරගෙන, තමන්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙන භූමිකාව හරියට ඉටු කිරීමත් ඒ වගකීමේ කොටසක්.

    ReplyDelete
    Replies
    1. මචං මයියා, උඹ ඔය කියපු කතාව මාරම තියුණුයි වගේම ඒක ඇතුළේ ලොකු දර්ශනයක් තියෙනවා, මොකද අපි බොහෝ වෙලාවට නායකයෙක්ව බලන්නේ එයා ගේන ප්‍රතිපත්ති දිහා වුණත්, සැබෑ ජීවිතයේදී ජනතාවගේ හිත දිනාගන්නේ ඔහු තමන් වටා ගොඩනගාගන්නා ඒ සංකේතාත්මක රූපය තුළින්ම තමයි. හරියට මහින්ද රාජපක්ෂ කුරහන් සාටකයක් දාගෙන, ගැමි සුවඳ මුසු වචන වලින් ආහ් කොහොමද අඳුනනවද කියනකොට මිනිස්සුන්ට ඔහු පොදු මිනිසාගේ නායකයා.විදියට දැනුණේ ඒක තනිකරම ඇඳුමක් හෝ ඉරියව්වක් නිසා විතරක් නෙවෙයි.

      ඒක තමයි ජනප්‍රියවාදී චමත්කාරයේ (populist charisma) මූලිකම පදනම, එහෙම නැත්නම් පොදු ජනතාව තමන්ගේම කතාවේ නායකයා කරගන්නා සැබෑ දේශපාලන ශිල්පය. හරියටම ඒකට සමගාමීව තමයි හිරු FM එකේ අරවින්ද ලොකුගේ (DJ Ara) කියපු 'Positive Public Face' එක ගැන කතාවත් ගැලපෙන්නේ, මොකද ප්‍රසිද්ධ චරිතයකට තමන්ගේ පෞද්ගලික තරහ, වේදනාව, ගෙදර ගැටලු හෝ කායික දුර්වලතා වේදිකාවට හෝ රේඩියෝ තරංගවලට අරගෙන නොගිහින්, ජනතාවට ශක්තියක් සහ බලාපොරොත්තුවක් දෙන සිනහමුසු මුහුණක් හැමවිටම පෙන්වන්න සිද්ධ වෙනවා, මොකද තමන්ගේම ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ඒ මොහොතේ ඕන කරන්නේ නායකයාගේ හෝ කලාකරුවාගේ ඒ ස්ථාවර බව සහ ධනාත්මක බව විතරයි.

      හැබැයි, සැබෑ කලාව තියෙන්නේ මේ ප්‍රතිරූපයයි වෘත්තීය වගකීමයි එකතු වෙන තැන, මොකද මේ හැඟීම් කළමනාකරණය (impression management) කියන විද්‍යාව හරියට රඟහලක් වගේ වුණත්, ජනතාව කියන්නේ තිරය පිටිපස්සෙ තියෙන සැබෑ මනුෂ්‍යත්වය දකින්න තරම් තියුණු පිරිසක් නිසා නිකම්ම ප්ලාස්ටික් සිනාවක් විතරක් පෙන්වලා මිනිස්සුන්ව හැමදාම රවට්ටන්න බෑ.

      අන්න ඒ නිසයි නායකයෙක් සාර්ථක වෙන්නේ තමන්ගේ පෞද්ගලික දුක හිනාවෙන් වසාගෙන ඉන්නවාට වඩා, ඒ ස්ථාවර බව ඇතුළෙන්ම ජනතාවගේම කතාව, ඔවුන්ගේ ඇත්තම රිද්මය හඳුනාගෙන ඒකට තමන්ව අවංකවම ගැලපීමෙන්

      අන්න එතකොට තමයි ඒ කුරහන් සාටකය හරි රේඩියෝ හඬ හරි නිකම්ම මාකටිං උපායකට වඩා එහා ගිය ජීවමාන ලේ-මස්-නහර තියෙන මිනිස් බැඳීමක් බවට පත්වෙන්නේ.

      Delete
    2. මයියා මහත්තයෝ, ඔයාටයි Ano මහත්තයාටයි දෙන්නටම ස්තුතියි.
      මට හිතෙනවා මේ අදහස් ගැන තවත් රසිකයන්ටත් කියන්න දේවල් ඇතිය කියලා.

      Delete
  4. හෙහ්, හෙහ් මේ පෙට්ටගමත් නරකම නෑ.
    සුමානෙකට වතාවක් නොවරදවාම නිදි මොනවා හරි ලියන එකම මඳැයි. නැත්නම් මොකක්ද අඩුවක් දැනෙනවා. මගෙ හිතට අල්ලලා යන "පැරණි කතන්දර - ගම්මැදි හෑලි" වගේ එව්වා තිබ්බාම වැඩියෙන් කමෙන්ට් කරනවා.

    ReplyDelete
    Replies
    1. බස්සගෙ නොලියවිල්ල හන්දත්... මොකක්ද අඩුවක් දැනෙනව 😁😁

      Delete
    2. ලියන්න කියලා මෙලෝ දෙයක් නෑ මයෙ ඔලුවේ
      උයන්නෙ දේකුත් නොමැති නිසයි වට-පිට බැලුවේ

      Delete
    3. හෙහ් හේ, ඇත්තටම ඔය පෙට්ටගමත් මරු, අර තඹුත්තේගම මන්දබුද්දික රටගොන් වලාම තැරිදාර පුන්නක්කු වහල් කුණුහරක් රැල තෙත්කරන්නට පච වැලක් අතාරින්න දේශපාලන රැස්වීමකට යනකොට ඕක දැක්කානම් අපි ආසියාව ලොකුම හෙලිකොප්ටර කර්මාන්තශාලාව දානවා කියන ගල්පුපුරායන බොරුව විදලා යන්නේ 🤣

      Delete
    4. @ D.G.M බස්සා August 14, 2026 at 1:18 AM
      අපි කවුරුනුත් එහෙමනෙ බස්සා මහත්තයෝ. අපි කැමතිම දේවල්වලටනේ වැඩියෙන් රියැක්ට් කරන්නේ!

      Delete
    5. බස්සගේ නොලියවිල්ල හින්දත් මොකද්ද අඩුවක් දැනෙනවා නේන්නං.
      ඒ වගේමයි- ඒ කතාව කියපු අප්පුහාමිටත් කියන්න තියෙන්නේ, ඒකමයි.
      ඒත් ඉතිං ලියවන එක බලෙන් කරන්න පුළුවනැයි මොන අපුච්චටවත්...

      Delete
    6. @ D.G.M බස්සා August 14, 2026 at 3:29 AM

      හිටිය ගමන් රික්තක ඇති වෙනව තමයි
      මෙලෝ වැඩක් කරන්න බැරි වෙනව තමයි
      එතකොට බලෙන් ඒවා කරවනු නොහැකියි
      මං නං එහෙම විට කරන්නෙ මෙහෙම තමයි

      සීතල දියෙන් වත සෝදා පිහිදගෙන
      දෙහි නාරං දොඩම් පැඟිරි සුවඳක් හුස්ම ගෙන
      කැමතිම පර්ෆියුම් චුට්ටක් තවර ගෙන
      මෙනෙහි කරනවා යටගිය සිද්දි ගැන

      ඒත් නැත්තං...

      කෑමක් හදනවා- පොත්පත් කියවනවා-
      ෆිලුමක් බලනවා- පැලයක් හිටවනවා
      සිංදුත් අහනවා-නාලා fresh වෙනවා
      නින්දක් දානවා- මොක හරි හරියනවා

      Delete
    7. ස්තුතියි ගිහාන් මහත්තයෝ.

      Delete
  5. https://www.cartoonstock.com/directory/b/blogging_industry.asp?srsltid=AfmBOooXb936QoxgSKD1tkG7A_sApneeWoWRrhaQtTMyk5byscYrGyd1

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි! මේ තියෙන්නේ බ්ලොග්ස් ගැන කාටූන් නැවකට! ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete
  6. පෙට්ටගමට එකතු කරන්න තවත් වීර උදාන වාක්‍ය කීපයක්... මතක හැටියට...

    මගෙ අවදානයට ලක්වුන වාක්‍ය කීපයක් මේ...

    1. මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදනවා.
    2. මිනිරන් වලින් ග්‍රැෆයිට් හදනවා
    3. පෝර්ට් සිටිය හදන්න සීගිරි ගලත් කුඩු කරන්න වෙනවා.
    4. හම්බන්තොට වරායෙ මැද මහ කලු ගලක් නිසා ඒක හරියන්නේ නෑ.
    5. නෙළුම් කුළුන හදන්නෙ තාත්තලාට පුතාලට තරු බලන්න...
    6. හයිවේ හදන්නෙ මැදමුලනෙන් කොළඹට ඇඹුල් තියල් අරන් යන්න...
    7. විධායක ජනපති බලතල අහෝසි කරමින් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා...
    8. නන්දලාල් IMF ඒජන්තයෙක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කේසර මහත්තයෝ.

      Delete
    2. අඩෝ මේකේ කතා ටිකයිනේ, තව ලියන්න පුළුවන් මාස දෙකකට විතර ඇතිවෙන්න 😀 ඇයි මේක?

      - නෙලුම් කූලුන හැදුවේ පැනල මැරෙන්න ද?

      - ටිලිවින් ඩයි මයිනා

      🤣

      හැබැයි දැන් නෙලුම් කුලුන කොළඹ නගරය ගැන ජාත්‍යන්තර මට්ටමේ සුප්‍රසිද්ධ අයිකන් එකක් වෙලා උන්ම ඒක වර්නනා කරන්නේ රෙදි ඇඳගෙන නෙවෙයි 🤣😜😂

      Delete
  7. අඩෝ නිදී පෝස්ට් එක අදත් හොඳයි, මේකේ මතු කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන දේශපාලන චරිතය සහ ඔහුගේ පෞද්ගලික ස්වභාවය, ඒ වගේම ගාමිණී ෆොන්සේකා වැනි කලා ලෝකයේ දැවැන්තයින්ගේ ප්‍රතිරූපයන් පිළිබඳව ඉතාමත් පුළුල් සහ විවෘත මනසකින් බලපු අපූරු විශ්ලේෂණයක්.

    දේශපාලනික මතවාදයන් පැත්තකින් තියලා, මනුස්සයෙක් විදිහට කෙනෙකුගේ හැසිරීම සහ සමාජය ඒ දෙස බලන ආකාරය ගැන හිතුවොත් මචං, උඹ කියපු කතාවේ මාරම ඇත්තක් තියෙනවා. අපි දේශපාලනිකව මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිවලට, විශේෂයෙන්ම අර 2010-2015 කාලේ සිද්ධවුණු දේවල්වලට හෝ 2020-2022 ආර්ථික බිඳවැටීමත් එක්ක ආපු පාලනයට කොච්චර විරුද්ධ වුණත්, ඒකෙන් මනුස්සයෙක් විදිහට ඔහුගේ තියෙන 'පොළවේ පය ගහපු' ගතිය නැති කරන්න බැහැ.

    දේශපාලන බලය, තීන්දු තීරණ ගැනීම සහ රටක් මෙහෙයවීම කියන කාරණාවලදී ඔහු අසාර්ථක වුණු තැන් ඕනෑතරම් තියෙනවා. ඒ නිසයි 2022 අරගල සමයේදී ඔහුව අගමැති ධුරයෙන් අයින් කරන්න ඕන කියන මතයේ අපි ඇතුලු රටේ බහුතරයක් මිනිස්සු හිටියේ. ඒක දේශපාලනික අවශ්‍යතාවයක්.

    හැබැයි දේශපාලනය පැත්තකින් තිබ්බහම, මහින්ද කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ මනෝභාවය (Mass Psychology) උපරිමයෙන්ම අඳුනගත්ත, මිනිස්සු එක්ක ඇත්තටම ජීවත් වුණු නායකයෙක්. ඔහු ළඟ අර 'රදල' හෝ 'ප්‍රභූ' කියන බොරු ලොකුකම තිබ්බේ නැහැ. ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් ළඟට ගිහින් උරහිසට අතක් දාලා, හරිම සැහැල්ලුවෙන් හිනාවෙලා කතා කරන්න පුළුවන් සහජ හැකියාවක් ඔහුට තිබුණා වගේම තාමත් ඒක මේ වයසක නාකි මෛනා කියන මහින්ද ළඟත් තියෙනවා

    උඹ ගාමිණී ෆොන්සේකා එක්ක කරපු සංසන්දනය මරු. ගාමිණී කියන්නේ මචං ලංකා සිනමාවේ අසහාය වීරයෙක්, දක්ෂයෙක්, පට්ටම පෞරුෂයක් තිබ්බ කෙනෙක් තමයි. හැබැයි ජීවිතේ අවසාන කාලේ ඔහු තමන්ගේ වයසට යාම, ලෙඩවීම් සමාජයෙන් හංගලා, තමන් හදාගත්ත 'රජෙක්' වගේ ව්‍යාජ කාඩ්බෝඩ් ප්‍රතිරූපය ඇතුළේ හැංගිලා ඉන්න උත්සාහ කළා. රජිනිකාන්ත්ලා වගේ නළුවෝ තමන්ගේ තට්ටයයි, වයසයි කිසිම බයක් නැතුව පොදු සමාජය ඉස්සරහා පෙන්වද්දී, ගාමිණී තමන්ගේ දුර්වලතා හංගන්න හැදුවා.

    හැබැයි මහින්ද රාජපක්ෂ එහෙම නැහැ. දැන් අවුරුදු අසූ එකක් වෙලත්, තමන් වයසට ගිහින්, ලෙඩ වෙලා, ශාරීරිකව දුර්වල වෙලා ඉන්නවා කියන එක ඔහු සමාජයෙන් හංගන්න දඟලන්නේ නැහැ. ජෝජ් බූෂ්, බිල් ක්ලින්ටන් වගේ ලෝක නායකයෝ හෝ ක්ලින්ට් ඊස්ට්වුඩ් වගේ හොලිවුඩ් නළුවෝ වයසට ගියාම තමන්ගේ මහලු විය සාමාන්‍ය විදිහට විඳිමින් සමාජයේ ඇවිදින්නේ, මරාත් අන්න ඒ වගේ. මහින්දත් තමන්ගේ දුර්වලතා එක්කම මිනිස්සු අතරට යනවා, උත්සවවලට යනවා, මිනිස්සු එක්ක පරණ විදිහටම සබඳතා පවත්වනවා.මනුස්සයෙක් විදිහට ඒක මාර ජෙනුයින් (Genuine) ගතියක්.

    ඇත්තටම, එදා ඔහුට විරුද්ධව ඡන්දය දීපු, ඔහුට එරෙහිව අරගල කරපු සාමාන්‍ය මිනිස්සු අති බහුතරය පවා අද ඔහු මේ විදිහට සමාජයේ හැසිරෙනවා දකින්න කැමතියි. මොකද, දේශපාලන වෛරයෙන් ඔබ්බට ගිය මනුෂ්‍යත්වයක් රටේ බහුතර සාමාන්‍ය ජනතාවට පොදු මිනිස්සුන්ට තේරෙනවා. තාමත් ඔහුට දේශපාලනිකව බය, හීනමානයෙන් පෙළෙන සීමිත පිරිසක් විතරයි සමාජ මාධ්‍යවල අවලාද ලිය ලියා හෑලි ලියන්නේ. හැබැයි උඹ කිව්වා වගේ, තමන්ගේ දේශපාලන ජීවිතේ ඇතුළේ ලංකාවේ දරුණුම සහ භයානකම අවස්ථාවලට, තර්ජනවලට බය නැතුව මුහුණ දීපු, යුද්ධයක් ඉවර කරන්න නායකත්වය දීපු මහින්ද වගේ මිනිහෙකුට ඔය වගේ ෆේස්බුක් හෑලි කියන්නේ මහලොකු ගාණක් වෙන්න බැහැ.
    දේශපාලනඥයෙක් විදිහට ඔහු විවේචනයට ලක්විය යුතුමයි, ඒක වෙනම දෙයක්. හැබැයි වයසට ගිය මනුස්සයෙක් විදිහට, තමන්ගේ ඉතිරි කාලය හංගන්නෙ නැතුව පොළවේ පය ගහලා මිනිස්සු අතරේ නිදහසේ ඉන්න එකට ගරු කරන්න ඕන කියන උඹේ අදහසට මම සියයට සීයක් එකඟයි මචං!

    ReplyDelete
    Replies
    1. Ano මහත්තයෝ, ඔයාගේ කමෙන්ටුවට ස්තුතියි.

      ගාමිණී මහතා ගැන අදහස් හා සංසන්දනාත්මක විග්‍රහය පිළිබඳ ගෞරවය එහෙම පිටින්ම යා යුත්තෙ 'මාතර අභිමානය' fb සමූහයට හා ‘සචින්ත V වික්‍රමරත්න'ට.
      මං කළේ උපුටා දැක්වීමක් පමණයි. ඒ බව post එකෙත් මා ලියා තිබෙනවා.

      Delete
  8. පෙට්ටගම කියනකොට මට මතක් වෙනව මගේ වත්තෙත් ලොකු පෙට්ටි තියෙනව ඒව මම නිකම් ලෑලි ගහල හදපුව කොටින්ම කීවොත් අඹ ලෑලී

    ඉඩම ලොකු නිසා අබ ගස් වල තැනින් තැන ගස් වල තියල තියෙන්නේ

    පුදුමේ කියන්නේ ඒවා විශාල පෙට්ටි

    එහෙම පෙට්ටි හතක මී මැස්සන් ඉන්නව දැන් අවුරුදු තුනක් තිස්සේ

    ඒවගෙ වද පවා පේනව

    ඒත් කඩන්න හිතෙන් නෑ උන් යන නිසා මගෑ අක්කර 35 ක අඹ පොල් මිශ්‍ර වගා ඉඩමේ පරාගණය නොමිලේම කරලා දෙන නිසාම මන් මීමැසි වද කඩන්නේ නෑ .

    පුදුමය නම් මන් එහෙම ලී පෙට්ටියක් තිබ්බම මාසයක් දෙකක් තුනක් යනකොට ඒකට මී මැස්සන් එනව පැණි කන්න ආස උණත් මට ඒව කඩන්න හිතෙන් නෑ

    ReplyDelete
    Replies
    1. Ano මහත්තයෝ, ඔයාගේ පරිසර හිතකාමීත්වය හා අවිහිංසාත්මක සිතුවිලි උදාරයි!

      Delete
    2. @ Annonymous 9.31

      මචං, උඹේ අක්කර 35ක අඹයි පොලුයි තියෙන ඒ සුපිරි ඉඩම ගැනයි, කිසිම ආත්මාර්ථකාමීත්වයක් නැතුව පරාගණය ගැන විතරක් හිතලා අවුරුදු තුනක් තිස්සේ මී මැස්සන්ව ආරක්ෂා කරන උඹේ ඒ උතුම් හිත ගැනයි අහද්දී මටත් නිදිට වගේම ඇත්තටම මාරම සතුටක් හිතුණා. හැබැයි මචං, මී මැස්සෝ යනවා කියන බයටම ඔය පැණි නොකඩා ඉන්න ඕනෙම නැහැ

      උන්ටයි උන්ගේ වද වලටයි පොඩ්ඩක්වත් හානි නොකර, විද්‍යාත්මක ක්‍රමයට, බොහොම ආදරයෙන් පැණි ටික විතරක් ගන්න ලස්සන ක්‍රමයක් තියෙනවා.

      ඇත්තටම උඹ අඹ ලෑලි වලින් හදපු ඒ ලොකු පෙට්ටි වලට මාස දෙක තුනෙන් මී මැස්සෝ ඇවිත් පදිංචි වෙන්නේ ස්වභාවිකවම ඒ අඹ ලී වල තියෙන ගන්ධයට සහ ආරක්ෂාවට උන් ආස නිසයි. ඉතින් වදයට හානි නොකර පැණි ගන්න නම්, මුලින්ම උඹ මී මැසි දුම් කඩනයක්(Smoker) පාවිච්චි කරලා පොඩි දුමක් දාන්න ඕනේ

      ඒ දුම වැදුණාම මැස්සෝ හිතන්නේ කැලේ ගිනි ගන්නවා කියලා, ඒ නිසා උන් බයටම තියෙන පැණි බඩ පුරා බොනවා. බඩ පිරුණාම උන්ට උල් විදින්න (කොටන්න) නැමෙන්න බැහැ, ඒ වගේම උන් හරිම ශාන්ත වෙනවා. ඊටපස්සේ, විද්‍යාත්මකව බැලුවොත් මී වදයක උඩ කොටසේ තමයි පැණි තියෙන්නේ, මැද සහ යට කොටස් වල තියෙන්නේ බිත්තරයි පැටවුන්වයි (Brood). ඉතින් උඹ කරන්න ඕනේ, අර ශාන්ත වුණු මැස්සන්ව මෘදු බුරුසුවකින් හරි අඹ කොළ අත්තකින් හරි හෙමින් අයින් කරලා, පැටව් ඉන්න මැද කොටසට පොඩ්ඩක්වත් අත තියන්නේ නැතුව, පැණි පිරිලා තියෙන උඩ කොටස විතරක් තියුණු පිහියකින් පරෙස්සමට කපලා ගන්න එකයි.

      මෙහෙම කරද්දී වදයෙන් 20%ක් වගේ ප්‍රමාණයක් පැණිත් එක්කම මැස්සන්ට කන්න ඉතුරු කරන්න වගබලාගන්න ඕනේ.

      ඊටත් වඩා වෘත්තීය විද්‍යාත්මක ක්‍රමය තමයි, පෙට්ටිය ඇතුළේ ලී රාමු (Frames) ගහලා, මැස්සෝ ඒ රාමු ඇතුළේ වද බඳින්න සැලැස්වීම

      එතකොට අපිට පුළුවන් පැණි පිරුණු රාමුව විතරක් එළියට අරන්, පැණි නිස්සාරක යන්ත්‍රයකට (Honey Extractor) දාලා, කේන්ද්‍රාපසාරී බලය (Centrifugal force) මඟින් වදයට පොඩ්ඩක්වත් හානි නොකර පැණි ටික විතරක් වෙන් කරගෙන, ඒ වදය ආයෙමත් ඒ විදිහටම පෙට්ටිය ඇතුළෙන් තියන්න. එතකොට මැස්සන්ට අලුතෙන් වද බඳින්න කාලයයි ශක්තියයි වැය වෙන්නේ නැති නිසා, උන් පෙට්ටිය දාලා යන්නෙම නැහැ

      උඹට දිගටම පැණි දෙනවා. උදාහරණයක් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ වලින් පවා ඔප්පු කරලා තියෙන්නේ මේ වගේ විද්‍යාත්මක ක්‍රම වලට පැණි ගනිද්දී මැස්සන්ගේ ගහනය තවත් වැඩි වෙනවා මිසක් උන් ඉඩම අතඇරලා යන්නේ නැහැ කියන එකයි. ඉතින් මචං, උඹේ වත්ත පාලනය කරන ගමන්ම මේ විදිහට පරෙස්සමට පැණි ටිකක් ගත්තොත්, උඹේ අඹ වගාවේ පරාගණයත් 100%ක්ම සාර්ථක වෙන ගමන්ම කිසිම වසවිසක් නැති පිරිසිදු මී පැණි රස බලන්නත් උඹට පුළුවන් වෙනවා සිරාවටම.

      ඔය මී මැසි පෙට්ටි වලට ඇතුළතින් ලී රාමු (Frames) සෙට් කරගන්න විදිහ හෝ මී මැස්සන්ගෙන් බේරෙන්න ඕන කරන ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලෙහෙසියෙන් හොයාගන්න විදිහ ගැන තව විස්තරත් කෙටියෙන් කියන්න පුළුවන්.

      Delete
    3. මචං, මී මැස්සන්ව ආරක්ෂා කරගෙන ලෙහෙසියෙන්ම වැඩේ ගොඩදාගන්න පුළුවන් ඒ ක්‍රම දෙකේදී මුලින්ම අර ලී රාමු (Frames) ගැන බැලුවොත්, ඒක හරියට මී මැස්සන්ට අපි හදලා දෙන තට්ටු නිවාස සංකීර්ණයක් වගේ

      උඹ කරන්න ඕනේ අඟලක් විතර පළල ලී පටි අරගෙන හතරැස් රාමු හදලා, ඒවයේ මැදින් සිහින් කම්බි කූරු ඇදලා, පෙට්ටිය ඇතුළේ උඩින් එල්ලන්න පුළුවන් විදිහට කට්ටවල් දෙකක රඳවන එකයි. උදාහරණයක් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ලැන්ග්ස්ට්‍රොත් (Langstroth) ක්‍රමයට අනුව මේ රාමු දෙකක් අතර හරියටම මිලිමීටර් 8ක හිඩසක් (Bee space) තියන්න ඕනේ මොකද ඒක මී මැස්සන්ගේ ස්වභාවික ගමන් මාර්ගයේ ප්‍රමාණය නිසා, උන් පෙට්ටියේ බිත්ති වල වද බඳින්නේ නැතුව බොහොම විනයගරුකව ඒ ලී රාමුව ඇතුළේ විතරක් ලස්සනට වද බඳිනවා, එතකොට අපිට මැස්සෝ තලාගන්නේ නැතුව ඕනම වෙලාවක ඒ රාමුව විතරක් උඩට ඇදලා බලන්න පුළුවන්. ඊළඟට ආරක්ෂිත ඇඳුම ගැන කිව්වොත්, මී මැස්සෝ කොටයි කියන බය නැති කරගන්න සුදු පාට දිග අත් සහ දිග කලිසම් සහිත "Bee Suit" එකක් පාවිච්චි කරන්න පුළුවන්

      මී මැස්සෝ ස්වභාවිකවම කළු හෝ තද පාටවල් වලට (වලසුන් වැනි සතුරන් ලෙස සලකා) පහරදීමට පෙළඹෙන නිසා සුදු පාට ඇඳුමකට උන් බය වෙන්නේ නැහැ වගේම කොටන්න එන්නෙත් නැහැ. ඒ වගේම මූණ ආරක්ෂා කරගන්න දැල් සහිත තොප්පියකුයි (Veil), අත් වලට ඝන රබර් හෝ හම් අත්වැසුම් (Gloves) දෙකකුයි දැම්මාම උඹ සම්පූර්ණයෙන්ම සේෆ්

      ඉස්සර ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ආයතන හෝ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඉතාම අඩු මිලට මේ හැම උපකරණයක්ම වගේම අවශ්‍ය උපදෙස් ලෙහෙසියෙන්ම ලබාගන්න තිබුණා, ඒත් දැන් නම් වර්තමාන ආණ්ඩුව යටතේ මේවා මොකවත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ ඒ නිසාම අපටම මේවා හදාගන්න වෙනවා දැන්

      ඊළඟට, මේ සරල රාමු ටික පෙට්ටියට දාලා, ආරක්ෂිත ඇඳුමත් ඇඳගෙන වැඩේට බැස්සොත් උඹටයි මී මැස්සන්ටයි දෙගොල්ලන්ටම කිසිම කරදරයක් වෙන්නේ නැතුව, අක්කර 35ම පාලනය කරන ගමන් සුපිරිම මී පැණි අස්වැන්නක් ගන්න පුළුවන් වෙනවා සිරාවටම.

      ඔය අඹ ලෑලි පෙට්ටි වල ප්‍රමාණය අනුව හරියටම ගැළපෙන ලී රාමු ටිකක් ලෑස්ති කරගන්න ඕන මිනුම් ගැන හරි, දුම් කඩනයක් (Smoker) ගෙදරදීම හදාගන්න විදිහ ගැන හරි තව විස්තර දැනගන්න අන්තර්ජාලය හරහා හොයල බලන්න.

      Delete
    4. ගෙදරදීම වියදමක් නැතුව දුම් කඩනයක් සහ අඹ ලෑලි පෙට්ටියට රාමු ටික මැනලා හදාගන්න මුලින්ම දුම් කඩනය (Smoker) හදන්න උඹට ඕනේ වෙන්නේ හිස් කිරි පිටි ටින් එකක්, පොඩි ටින් එකක්, සහ ලෑලි කෑලි දෙකකට රබර් ටියුබ් කෑල්ලක් අල්ලලා හදාගන්න සරල හුලං පිම්බෙන මල්ලක් (Bellows) විතරයි; ලොකු ටින් එකේ යටින් පොඩි හිලක් හදලා අර හුලං මල්ල සෙට් කරලා, ටින් එක ඇතුළට පොල් කොහු, වියළි කොළ රොඩු හෝ වියළි ගොම ටිකක් දාලා ගිනි කූරක් ගැහුවාම, හුලං ගසද්දී ටින් එකේ කටින් ලස්සනට නිවාඩු සුවයෙන් දුම පිටවෙනවා. ඊළඟට උඹේ පෙට්ටියට රාමු හදද්දී විද්‍යාත්මක මිනුම තමයි, පෙට්ටියේ ඇතුළත දිග සහ පළලට වඩා අඟලක් විතර අඩු ප්‍රමාණයෙන් ලී රාමුව (Frame) හදන්න ඕනේ; උදාහරණයක් විදිහට උඹේ පෙට්ටියේ ඇතුළත පළල අඟල් 12ක් නම්, රාමුවේ පළල අඟල් 11ක් විය යුතුයි, මොකද රාමුව සහ පෙට්ටියේ බිත්තිය අතර හරියටම මිලිමීටර් 6ත් 8ත් අතර ඉඩක් (Bee Space) ඉතිරි වුණොත් විතරයි මී මැස්සෝ ඒ අතරේ වද බඳින්නේ නැතුව, රාමුව ඇතුළේ විතරක් වදය බැඳලා අපිට ලෙහෙසියෙන් උඩට අදින්න ඉඩ දෙන්නේ. ඒ වගේම රාමුවේ උඩ ලී පටිය දෙපැත්තෙන් පොඩ්ඩක් දික් කරලා හදන්න ඕනේ, එතකොට පෙට්ටියේ ඇතුළත දෙපැත්තේ ගහන කුඩා ලී පටි දෙකක් උඩ අර රාමුව "හැඟර්" එකක් වගේ ලස්සනට එල්ලලා තියන්න පුළුවන්. කෘෂිකර්ම උපදෙස් වලට අනුව සාමාන්‍ය ලංකාවේ මී මැසි පෙට්ටියක රාමුවක උස අඟල් 5-6ක් වගේ වෙද්දී පළල අඟල් 10-12ක් වගේ වෙනවා; ඉතින් උඹේ පෙට්ටියේ ප්‍රමාණය මැනලා, මේ විදිහට බිත්ති වලට නොගෑවෙන සේ රාමු 5ක් හෝ 6ක් ඇතුළෙන් එල්ලලා, අර හදාගත්ත දුම් කඩන ටින් එකෙන් පොඩි දුමක් දාලා වැඩේ කළොත් කිසිම වියදමක් නැතුව, මැස්සන්ටත් හානියක් නැතුව උඹේ වගාවත් සරු කරගෙන සුපිරිම මී පැණි ටිකක් හැමදාම ගන්න පුළුවන්, මේ රාමු ඇතුළේ මැස්සන්ට ලෙහෙසියෙන්ම වද බඳින්න උදව් වෙන මී ඉටි පත්‍ර(Wax Foundation Sheets) අලවන විදිහ ගැන සහ පැණි කපන්න හොඳම මාස මොනවාද කියලා දැනගෙන වැඩේ පටන් ගන්න.

      Delete
  9. නිදි පෙට්ටගම අවුස්සද්දි නායකයෝ සහ වීරයොත් මතුවෙලා .

    රුචිකත්වය වෙනුවෙන් විවිධ චරිත රඟපාන රංගන ශිල්පීන්ට තමන්ගේ පෞද්ගලික ජීවිතය, කසාදය, පවුල හෝ දුර්වලතා සඟවාගෙන ‘රංගනයක’ යෙදීම සාමාන්‍ය දෙයක් විය හැකියි. නමුත් දේශපාලන නායකයෙක් කියන්නේ තිරයක් උඩ රඟපාන නළුවෙකුට නෙමෙයි.
    තියරිවල සඳහන් වන 'The Hero' (වීරයා) සහ 'The Wise Elder' (ප්‍රඥාවන්ත වැඩිහිටියා) යන සංකල්පවලට අනුව, සැබෑ නායකයෙක් (Authentic Leader) තමන්ගේ බලය රැකගන්න ‘වීර ප්‍රතිරූප’ මවන්නේ නැහැ. තමන්ගේ කසාදය, පවුල, දරු මල්ලන් හෝ පෞද්ගලික සබඳතා 'මහජනයාට වැඩක් නැහැ' කියමින් සඟවන, ඒ වගේම වයසට යද්දී ශාරීරික දුර්වලතා සඟවාගෙන බොරු සිරුරක් පෙන්වන්න හදන නායකයන් කරන්නේ නායකත්වයක් නෙමෙයි—අවස්ථාවාදී ලෙස ව්‍යාජ ප්‍රතිරූප නඩත්තු කිරීමක් (Impression Management).

    තමන්ගේ මහලු බව හෝ ශාරීරික අප්‍රාණිකත්වය හංගන්නේ නැතුව මහජනයා ඉදිරියට එන නායකයා තුළ තවමත් තමන්ගේ ඉතිහාසය සහ ජනතාව පිළිබඳ සැබෑ විශ්වාසය තියෙනවා.

    නායකයෙක් තමන්ගේ පෞද්ගලික යථාර්ථය සහ දුර්වලතා හංගන්න හදන මොහොතේම ඔහු 'සැබෑ නායකයෙක්' කියන තැනින් ගිලිහී ව්‍යාජ නළුවෙක් (Fake Leader) බවට පත් වෙනවා. සැබෑ නායකත්වය කියන්නේ සෑම විටම නොසැලෙන සුපිරි මිනිසෙක් ලෙස රඟපෑම නෙමෙයි, තමන්ගේ මානුෂීය යථාර්ථය හංගන්නේ නැතුව ජනතාව අතරට ඒමයි.අපේ මිනිස්සු ඔය දේවල් නරක විදිහට දකීවි නමුත් යථාර්තය එහෙමමයි.

    අපිට පෞද්ගලික සමාජීය හෝ ප්‍රතිරුපක ජිවිත තියෙන්න පුළුවන් . නමුත් දේශපාලකයන්ට එහෙම ඕනේ නැහැ. මේවා මහින්ද ද අනුරද කියල කුලකවලට දාගන්න එපා. මහින්ද ඕවා කරන්නේ ඔය අර්ථයෙන් නෙමෙයි. ඔහුට මැරෙන තුරුම මිනිස්සු අතරට යන එකේ/ ගෞරවය ලබන එකේ ආශාවක් ඇති. මහින්ද ළමයි හුරතල් කරන්නේ පන්සල් බඩගාන්නේ නිරායාසයෙන් කියලයි BODY Language එකෙන් පෙන්නේ.

    වර්තමානයේ ඔහුගේ video සමීපව නිරීක්ෂණය කරන කොට ඔහුට සෙමෙන් සෙමින් එක්ස්ට්‍රාපිරමිඩල් රෝගී තත්ත්ව / චලන ආබාධ (Extrapyramidal) තත්වයකට ගොදුරුවෙනවද කියලා හිතෙනවා. Unsteady Gait / tremor /Pursing of lips තත්වයන් නිරීක්ෂණය වෙනවා.

    ReplyDelete
    Replies
    1. නායකයෙක් වයසට යද්දී තමන්ගේ ශාරීරික දුර්වලතා හංගන්නේ නැතුව මහජනයා අතරට ඒම ඔහු තුළ තවමත් තමන්ගේ ඉතිහාසය ගැන තියෙන විශ්වාසය පෙන්වන එක positive mark වෙන්න පුළුවන්. නමුත් ඒ එකම කාරණයෙන් විතරක් කෙනෙක් සැබෑ නායකයෙක් (Authentic Leader) වෙන්නේ නැහැ.

      මහින්ද මහත්මයාගේ සැබෑ ආයතනික සහ දේශපාලනික හැසිරීම දෙස බලද්දී:

      2015 දී තමන්ගේ ඓතිහාසික මෙහෙවර අවසන් වූ පසු ගෞරවාන්විතව පසෙකට නොවී 18 වන සංශෝධනය ගෙනැවිත් බලය තබා ගැනීමට තැත් කිරීම,

      පක්ෂය තුළ තමන්ගේ පවුලෙන් පිටත දෙවන පෙළ නායකත්වයක් ගොඩනොනඟා සියල්ල පවුල වටා පමණක් ඒකරාශී කිරීම,

      රාජ්‍ය පාලනයේදී පෞද්ගලික විශ්වාස සහ මතවාද (ජ්‍යොතිෂය වැනි) අධි-තක්සේරු කරමින් තීරණ ගැනීම,

      මර්වින් සිල්වා හෝ වාස් ගුණවර්ධන වැනි තමන් පාක්ෂිකයන්ගේ නීතිවිරෝධී ක්‍රියා හමුවේ නීතිය ක්‍රියාත්මක නොකර ඇස් වසාගෙන සිටීම,

      ඔය වගේ බරපතල ව්‍යාජ සහ අවස්ථාවාදී ලක්ෂණ (Unauthentic qualities) රැසක් ප්‍රදර්ශනය වූ බවත් රහසක් නෙමෙයි.

      Delete
    2. @ නිහඬපාල

      මහින්ද රාජපක්ෂගේ පාලනයේ විශාලතම ශක්තියක් වුණේ අවුරුදු තිහකට ආසන්න යුද්ධයකින් පස්සේ රටේ ආරක්ෂාව, යටිතල පහසුකම් සහ ආර්ථික ක්‍රියාකාරකම් එකවර ඉදිරියට ගෙන යන්න උත්සාහ කළ දේශපාලන නායකත්වයක් තිබීමයි, 2009 යුද්ධය අවසන් වීමෙන් පස්සේ රටේ විශාල ප්‍රදේශයක තිබුණු ආරක්ෂක අවිනිශ්චිතතාව අඩුවීම, උතුරු-නැගෙනහිර ප්‍රදේශවල නැවත සංවර්ධන කටයුතු ආරම්භ වීම සහ දකුණු අධිවේගී මාර්ගය වැනි විශාල ව්‍යාපෘති හරහා රටේ භෞතික යටිතල පහසුකම් වේගයෙන් වෙනස් වීම ඒකේ පැහැදිලි උදාහරණ, අනෙක ආර්ථික වර්ධනය සංඛ්‍යාත්මකව බැලුවත් 2010–2014 අතර ශ්‍රී ලංකාවේ සැබෑ GDP වර්ධනය පිළිවෙළින් 8.0%, 8.2%, 6.4%, 6.8% සහ 7.4% වගේ ඉහළ මට්ටමක තිබුණු බව World Bank දත්ත පෙන්වනවා, ඒ නිසා එදා ආර්ථිකය වේගයෙන් වර්ධනය වුණේ නැහැ කියලා කියන එක සාධකවලට ගැළපෙන්නේ නැහැ

      නමුත් ඒකෙන් මහින්දගේ ආණ්ඩුව ආර්ථික කළමනාකරණයෙන් සම්පූර්ණයෙන්ම සාර්ථකයි කියලා නිගමනය කරන්නත් බැහැ, මොකද මචං, ලංකාවේ දේශපාලනය ගැන අපි කතා කරනකොට මට නම් හිතෙන්නේ පක්ෂ පාට දාගෙන මේකා සම්පූර්ණයෙන්ම හොඳයි, අරකා සම්පූර්ණයෙන්ම නරකයි කියන එකෙන් අපිට කවදාවත් ඇත්ත තේරුම් ගන්න බැහැ කියලා

      හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ හැමෝටම සමාන ලකුණු දෙන්න ඕනේ කියන එකත් නෙවෙයි, මොකද කාලය, තත්ත්වය, නායකත්ව හැකියාව, ආර්ථික ප්‍රතිඵල, ජාතික ආරක්ෂාව, සංවර්ධනය සහ අවසානයේ රටට ඉතිරි වූ දේ දිහා බැලුවම සමහර පාලන සමයන්වල පැහැදිලි ශක්තීන් තියෙනවා, සමහර පාලන සමයන්වල පැහැදිලි දුර්වලතා තියෙනවා

      මහින්ද රාජපක්ෂගේ යුගය ගැන මම තරමක් සාධාරණව බලන කෙනෙක් නම් ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා, ඒ 2005දී ඔහු බලයට එනකොට රට තවමත් අවුරුදු ගණනාවක් තිස්සේ යුද්ධයකින් දරුණුලෙස බැටකාපු, 2004 සුනාමියෙන් ජීවිත 35,000 ක් සහ ඩොලර් බිලියන 10කට වැඩි දේපල විනාශයක් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම නතර වී, 2003 දැවැන්ත ගංවතුරෙන් මිනිසුන් 1000කට වඩා මියගොස් මිලියන ගණනක් විපතට පත් වී රට පුරාම බෝම්බ පිපිරෙන බුද්ධි අංශ විනාශ වී තිබූ සාම ගිවිසුම නිසා හිරවී 2001 ඍණ වූ ආර්ථිකය නිසා IMF යටතේ අධික ණය බරෙන් පීඩාවිඳි ආරක්ෂාව සහ ආර්ථිකය දෙකම අවිනිශ්චිත වූ රටක්, 2009දී යුද්ධය අවසන් කිරීමෙන් පස්සේ රටේ විශාල ප්‍රදේශයක සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කරන්න පුළුවන් වුණා, ඒක දේශපාලන slogan එකක් නෙවෙයි, රටේ ඉතිහාසයේ සිදු වූ විශාල structural change එකක්

      ඒ වගේම 2010–2014 අතර ශ්‍රී ලංකාව ඉතා ඉහළ ආර්ථික වර්ධන අනුපාත වාර්තා කළා, ඒ කාලයේ විශාල infrastructure programme එකක් ක්‍රියාත්මක වුණා, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ–කටුනායක අධිවේගී මාර්ගය, වරාය, ගුවන් තොටුපළ, විදුලිබල සහ නාගරික සංවර්ධන ව්‍යාපෘති වගේ දේවල් හරහා රටේ physical infrastructure එක සැලකිය යුතු ලෙස වෙනස් වුණා

      ඒ නිසා අද කවුරු හරි මහින්දගේ කාලේ කිසිම සංවර්ධනයක් වුණේ නැහැ කියනවා නම් ඒක දේශපාලන අකමැත්තක් මිසක් ඉතිහාසමය විග්‍රහයක් නෙවෙයි

      හැබැයි මම කවදාවත් මහින්දගේ හැම තීරණයක්ම හරි කියනවා නෙවෙයි, 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකට හොඳම උදාහරණයක්, ඒ සංශෝධනය 2010දී සම්මත කරලා ජනාධිපති ධුර කාල සීමාව සම්බන්ධයෙන් තිබුණු සීමාව ඉවත් කළා, ඒකෙන් මහින්දගේ දේශපාලන බලය තවත් ශක්තිමත් වුණා

      ඔහුගේ ආධාරකරුවන්ට කියන්න පුළුවන් “යුද්ධයෙන් පස්සේ රට ගොඩනගන්න ස්ථාවර නායකත්වයක් අවශ්‍යයි” කියලා, ඒ තර්කය සම්පූර්ණයෙන්ම අහක දාන්නත් බැහැ, නමුත් අනෙක් පැත්තෙන් බලද්දී ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික principle එකක් තමයි බලය තිබුණත් ඒ බලයට institutional checks and balances තියෙන්න ඕනේ කියන එක, ඒ නිසා 18 වන සංශෝධනයේ බලය සංකේන්ද්‍රණය වීම ගැන විවේචනය සාධාරණයි.

      Delete
    3. අනෙක පවුල් පාලනය ගැනත් මම කියන්නේ ඒක කළු-සුදු කතාවක් නෙවෙයි කියලා, මහින්දගේ කාලයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙසත්, බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රයේත්, චමල් රාජපක්ෂ කථානායක සහ පාර්ලිමේන්තු භූමිකාවලත් සිටීම නිසා රාජපක්ෂ පවුල රාජ්‍ය බලයේ ඉතා විශාල කොටසක් අල්ලාගෙන සිටියා කියන විවේචනය සාධාරණයි

      හැබැයි ඒ එක්කම ගෝඨාභය වගේ පුද්ගලයන්ට යුද්ධයේ අවසන් අදියරේ සහ පශ්චාත් යුද පරිපාලනයේ තිබුණු සැලකිය යුතු භූමිකාවත් ඉතිහාසයෙන් මකා දාන්න බැහැ

      ඒ නිසා “පවුලේ කෙනෙක් නිසා ඔහුට හැකියාවක් නැහැ” කියන එකත්, “පවුලේ අය නිසා හැමෝම දක්ෂයි” කියන එකත් දෙකම වැරදියි

      හැකියාව පුද්ගලයා අනුව මැනිය යුතුයි දැන් මහින්දගේ infrastructure projects ගැනත් මම හිතන්නේ අපි ටිකක් සාධාරණ වෙන්න ඕනේ කියලා, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වගේ ව්‍යාපෘති ආරම්භයේදී බලාපොරොත්තු වූ වාණිජ ප්‍රතිලාභ ලබාගන්න අමාරු වුණා කියලා විවේචනය කළාට ඒවා සම්පූර්ණයෙන්ම “සුදු අලි” කියලා අදටත් එක වචනයකින් dismiss කරන එක හරි නැහැ, හම්බන්තොට වරාය පසුව වාණිජ මෙහෙයුම් සහ කර්මාන්ත සමඟ සම්බන්ධ කරගෙන ඉදිරියට ගෙන යන්න උත්සාහ කරලා තියෙනවා, ඒ නිසා ව්‍යාපෘතියක අවසාන වටිනාකම මැනිය යුත්තේ මුල් අවුරුදු දෙක තුනේ traffic එකෙන් විතරක් නෙවෙයි, අවුරුදු 20 -30ක economic impact එකෙන්

      ඒ වගේම නෙළුම් කුළුණ ගැනත් “අපරාධයක්” කියලා කියන එකට වඩා ඒක අද telecommunications, tourism සහ urban landmark එකක් ලෙස කොච්චර value එකක් නිර්මාණය කරනවාද කියලා බලන එක තමයි වඩා professional analysis එක

      හැබැයි මේවා කියනකොට මහින්ද යුගයේ debt-financed development එකේ අවදානමත් අමතක කරන්න බැහැ, මොකද 2022 economic crisis එකට එකම හේතුව මහින්දගේ ව්‍යාපෘති කියලා කියන එක සම්පූර්ණයෙන්ම වැරදි වුණත්, යහපාලන රජයේ අධික ණය බරවගේම ඒකට මහින්දගේ කාලේ දිගුකාලීන රාජ්‍ය ණය කළමනාකරණය, fiscal deficits, external borrowing සහ governance failures එකට එකතු වෙලා අර්බුදය දරුණු කළා කියන broader argument එක බැහැර කරන්න බැහැ

      ඒ නිසා මට මහින්දගේ යුගය ගැන හොඳම විග්‍රහය වෙන්නේ “රටේ physical transformation එක වේගවත් කළ, යුද්ධය අවසන් කළ, තීරණ ගන්න ශක්තිමත් නායකත්වයක් තිබුණු යුගයක්, නමුත් ඒ සමඟම බලය අධික ලෙස සංකේන්ද්‍රණය වීම, පවුල් බලපෑම සහ මූල්‍ය/පාලන අවදානම් ගැන බරපතළ ප්‍රශ්න තිබුණු යුගයක් කියන එකයි.

      Delete
    4. දැන් එතනින් අද NPP ආණ්ඩුවට එමු, මොකද මෙතන තමයි මට ඇත්තටම ලොකු ප්‍රශ්නය තියෙන්නේ මොකද මේ NPP එක බලයට ආවේ පරණ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා, දූෂණය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමනවා, දේශපාලන හිතවතුන් වෙනුවට merit එක මත appointments දෙනවා, ජනතාවට සාධාරණ ආර්ථිකයක් හදනවා කියන ඉතා විශාල moral mandate එකක් අරගෙන, ඒ නිසා මම හිතන්නේ ඔවුන්ගෙන් සාමාන්‍ය ආණ්ඩුවකට වඩා වැඩි accountability එකක් ඉල්ලන්න ජනතාවට සම්පූර්ණ අයිතිය තියෙනවා

      ඒ මොකද “අපි පරණ අය වගේ නෙවෙයි” කියලා බලයට ආපු ආණ්ඩුවක් නම් තමන්ගේම පාලනයේදී ඇතිවන සැක සහිත සිදුවීම්වලටත් ඊට වඩා ඉතාම ඉහළ ප්‍රමිතියකින් පිළිතුරු දෙන්න ඕනේ

      දැන් 2025දී කොළඹ වරායෙන් mandatory physical inspection අවශ්‍ය වූ containers 323ක් නිසි පරීක්ෂාවකින් තොරව release කළ බවට බරපතල ප්‍රශ්නයක් මතුවීම ඒකට හොඳ උදාහරණයක්, මේක ගැන Treasury inquiry එකක් සිදු කරලා එම ක්‍රමය නීතියට පටහැනි බවත් national security, revenue collection සහ public safety සඳහා අවදානම් ඇති කරන බවත් සඳහන් කරලා තිබෙන අතර, පාර්ලිමේන්තුවත් මේ ගැන Select Committee එකක් පත් කරලා තියෙනවා

      ඒ නිසා මෙතනදී මම කියන්නේ “කන්ටේනර් 323 හොරකම් කළා” කියලා තීන්දුවක් දීලා ඉවර වෙන්න නෙවෙයි, “ඔය 323 containers නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් වුණේ කොහොමද, කවුද තීරණය කළේ, ඒකෙන් රජයට හෝ රටේ ආරක්ෂාවට හානියක් වුණාද, වගකීම කාගේද?” කියන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරක් ජනතාවට සාධක සහිතව සාධාරණ පිලිතුරක් දෙන එකයි

      ඒ වගේම coal procurement සම්බන්ධයෙන් බරපතල වංචා දූෂණ චෝදනා එල්ල වී තිබෙන නිසා ඒවත් independent investigation එකකින් තීරණය වෙන්න ඕනේ, “අපේ ආණ්ඩුව රහතන් වහන්සේලා රහසින් වත් පවුනොකරන නිසා ඒක බොරුවක්” කියලා වසා දැමීමට හැදීමත් සම්පූර්ණයෙන්ම වැරදියි, අනෙක ඒ කාලේ දේවල් සේරම “අපේ විරුද්ධවාදීන් කරපු නිසා අනිවාර්යයෙන්ම හොරකමක්” කියලා කලින්ම තීරණය කිරීමත් වැරදියි

      මොකද නීතිය කියන්නේ චෝදනාවක් සහ වරදක් අතර වෙනස හඳුනාගන්න එක නමුත් මෙතන NPP එකට තියෙන දේශපාලන ගැටලුව වෙනම එකක්

      දශක ගණනාවක සිටම ඔවුන්ගේ දේශපාලන brand එකම හැදුණේ corruption-free governance එක වටා නිසා, ඔවුන්ගේ කාලයේ procurement irregularity එකක්, questionable appointment එකක්, party connection එකක් හෝ රාජ්‍ය ආයතනයක conflict of interest එකක් ගැන සැකයක් ඇතිවුණත් ඒක පරණ ආණ්ඩුවක කාලයේ සිද්ධියකට වඩා වැඩි political damage එකක් කරනවා

      මොකද ජනතාව කියන්නේ “අපි ඔයාලව තෝරගත්තේ මේ දේවල් වෙනස් කරන්නනේ” කියලා ඒ වගේම NPP ආණ්ඩුව ගැන මම තදින්ම විවේචනය කරන තවත් කරුණක් තමයි මැතිවරණ වේදිකාවේ කියපු දේවල් සහ රාජ්‍ය පාලනයේදී කරන්න පුළුවන් දේවල් අතර gap එක, කිසිම ආකාරයක ප්‍රායෝගිකව නොහිතා කියපු වගකීමක් නැති කතා.අනුරලා විපක්ෂයේ ඉන්නකොට බදු අඩු කරනවා, වැටුප් වැඩි කරනවා, ජනතාවට සහන දෙනවා, දූෂිතයන් අත්අඩංගුවට ගන්නවා, වත්කම් පවරා ගන්නවා කියලා කියන්න ලේසියි, නමුත් බලයට ආවට පස්සේ Treasury එකේ සල්ලි කොච්චරද, tax revenue කොච්චරද, public debt කොච්චරද, IMF programme එකේ commitments මොනවද, රටේ reserves කොච්චරද කියලා බලන්න වෙනවා, විපක්ෂයේදී කිසිම ආකාරයක බරක් පතලක් නැතුව සුරංගනා කතා බොරු සංඛ්‍යාලේඛන බොරු පොරොන්දු එකසිය ගානට අත ඇරියාට බලය ලැබුණාම මොකද කරන්නේ කියල වගකීමක් නැතුව නිකම්ම බොරු කියපු එකයි මෙතන ලොකුම ප්‍රශ්නය.

      Delete
    5. හැබැයි NPP එකේ හැම පොරොන්දුවක්ම ඉටු නොවීම පමණක් අරගෙන “බොරුකාරයෝ” කියලා අවසන් තීන්දුවක් දෙන එකත් මම අනුමත කරන්නේ නැහැ, නමුත් ජනතාවට දුන් ප්‍රතිඥාවලින් මොනවා ඉටු කළාද, මොනවා වෙනස් කළාද, ඇයි වෙනස් කළේ කියලා පැහැදිලිව explain කරන්න බැරි නම් ඒක බරපතළ political accountability failure එකක්

      ආර්ථිකය ගැනත් ඒ වගේමයි මේ NPP ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය “සම්පූර්ණයෙන්ම විනාශයි” කියන කතාව සංඛ්‍යාලේඛනවලට ගැළපෙන්නේ නැහැ, මොකද මහ බැංකුවේ සංඛ්‍යාලේඛන නිවැරදි නම් ඒඅනුව 2025දී real GDP growth 4%ක් වාර්තා කරලා තියෙනවා, ඒක 2024ත් 5% growth එකක් වාර්තා කළ පසු දෙවන වසරේ recovery එකක්; IMF එකත් 2025 growth එක 4%ක් ලෙස සටහන් කරන අතර 2026දී growth එක 3%ක් දක්වා මන්දගාමී විය හැකි බව පෙන්වනවා

      ඒ නිසා “ආර්ථිකය සම්පුර්ණ ඉවරයි” කියන එකත් වැරදියි, නමුත් “ආර්ථිකය හොඳටම හරි ගියා” කියන එකත් ඉක්මන් කතාවක්, මොකද GDP recovery එකක් සහ සාමාන්‍ය පවුලක ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම recover වීම දෙකක් IMF අනුවත් රට තවමත් debt sustainability, fiscal consolidation, structural reforms සහ medium-term growth වගේ අභියෝගවලට මුහුණ දෙනවා

      ඒ නිසා NPP එකේ සැබෑ performance එක මැනිය යුත්තේ “අපි GDP 4%ක් කළා” කියන එකෙන් විතරක් නෙවෙයි, ඒ growth එකෙන් private sector එකට investment opportunities ලැබුණාද, exports වැඩි වුණාද, quality jobs හැදුණාද, productivity වැඩි වුණාද, ජනතාවගේ real income එක වැඩි වුණාද, දූෂණය අඩු වුණාද, රාජ්‍ය සේවය කාර්යක්ෂම වුණාද කියන ප්‍රශ්නවලින්.

      තවත් වැදගත්ම එකක් තමයි විදේශ ප්‍රතිපත්තිය, වර්තමාන ආණ්ඩුව අතිශය දුර්වල ඉන්දු ඇමරිකන් ගැති පාලනයක ලක්ෂණ පෙන්වද්දී
      මහින්ද චීනය සමඟ ඉතා ශක්තිමත් strategic relationship එකක් ගොඩනගාගෙන infrastructure financing ගෙනා බව ඇත්ත, නමුත් ඒකේ geopolitical risks තිබුණා කියන එකත් ඇත්ත; ඒ නිසා අද NPP එක India, China, US, Japan, Middle East සහ Western partners එක්ක balance කරගෙන යන එක දුර්වල තමයි හැබැයි අද geopolitical environment එක මහින්දගේ 2010 කාලයට වඩා වෙනස්, multipolar වෙන වෙනම පද්ධති හැදෙනවා උදාහරණ විදිහට මැදපෙරදිග අලුත්ම නේටෝ එක වගේ ඒවා

      නමුත් “non-aligned, balanced foreign policy” කියලා කියනවා නම් ඒක practical economic diplomacy එකක් බවට පත් කරලා FDI, technology transfer, tourism, export markets සහ infrastructure financing ගේන්න ඕනේ

      මට නම් මෙතන මහින්දගෙන් NPP එකට ඉගෙනගන්න පුළුවන් ලොකුම පාඩමක් තියෙනවා

      මහින්දගේ ආණ්ඩුවේ විශාල ව්‍යාපෘතිවලට විවේචන තිබුණත් ඔවුන්ට තීරණයක් ගන්න, project එකක් approve කරන්න, resources mobilise කරන්න සහ project එක ground එකේ කරන්න තිබුණු administrative drive එක ඉතා ප්‍රබලයි

      NPP එකටත් අවශ්‍ය ඒ වගේ drive එකක්, හැබැයි ඒකට මහින්ද යුගයේ තිබුණු අධික බල සංකේන්ද්‍රණය සහ patronage politics නැතිව, ඒ කියන්නේ “strong government” එකක් ඕනේ, නමුත් “unchecked government” එකක් නෙවෙයි; “development” ඕනේ, නමුත් “white elephant development” නෙවෙයි; “anti-corruption” ඕනේ, නමුත් political revenge එකක් නෙවෙයි; “investigation” ඕනේ, නමුත් media trial එකක් නෙවෙයි; “national interest” ඕනේ, නමුත් party interest එක national interest කියලා පෙන්වීම නෙවෙයි

      මට හිතෙන්නේ ලංකාවට අඩු වෙලා තියෙන්නේ මේ balance එක මහින්ද රාජපක්ෂගේ යුගයේ හොඳ දේවල් යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ infrastructure එක වේගයෙන් modernise කිරීම, විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, තීරණ ගැනීමේ ශක්තිය සහ economic momentum වගේ දේ අපි අගය කරන්න ඕනේ, ඒ වගේම 18 වන සංශෝධනය, පවුල් බලය, governance concerns සහ debt-driven development වගේ දුර්වලතා ගැනත් අවංකව විවේචනයක් කියන්න ඕනේ.

      Delete
    6. ඒ වගේම අද NPP ආණ්ඩුව දූෂණ විරෝධී පාලනයක් කියලා තමන්ව හඳුන්වාගෙන බලයට ආව නිසා, ඔවුන්ට තිබිය යුතු accountability standard එක ඊටත් ඉහළයි

      අර කන්ටේනර් 323 වගේ සිදුවීම් ගැන පූර්ණ transparency එකක්, coal procurement වගේ චෝදනා ගැන independent investigation එකක්, රාජ්‍ය ආයතන පත්වීම් ගැන merit සහ conflict-of-interest rules, සහ දේශපාලන හිතවතුන්ටත් විරුද්ධවාදීන්ටත් එකම නීතියක් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ moral credibility එක රැකගන්න අත්‍යවශ්‍යයි

      මොකද, මහින්දගේ ආණ්ඩුවේ කෙනෙක් හොරකමක් කළොත් “අපේ මිනිහා” කියලා ආරක්ෂා කිරීම වැරදියි වගේම, NPP ආණ්ඩුවේ කෙනෙක්ට එරෙහිව චෝදනාවක් ආවම “අපි රහතුන් වගේ පිරිසිදුයි, ඒ නිසා මේක බොරුවක්” කියලා හොරු ආරක්ෂා කිරීමත් වැරදියි දේශපාලනයේ අවසාන මිනුම් දණ්ඩ එකයි

      කවුද කළේ කියලා බලන්නේ නැතුව සිද්ධිය මොකක්ද, සාක්ෂි මොනවාද, රටට වාසියක්ද හානියක්ද, වගකීම කාගේද, නීතිය ක්‍රියාත්මක වුණාද කියන එක

      ඒ මිනුම් දණ්ඩෙන් බැලුවොත් මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ඉතිහාසයේ විශාලතම structural transformation එකක් සිදු කළ නායකයෙක්, ඒත් ඔහු perfect නායකයෙක් නෙවෙයි අනුර කුමාර දිසානායක සහ NPP එක කියන්නේ පරණ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියලා ජනතාවගෙන් දැවැන්ත mandate එකක් ගත්ත ආණ්ඩුවක්, ඒ නිසා ඔවුන්ට පරණ ආණ්ඩුවලට වඩා වැඩි ප්‍රමිතියකින් තමන්වම පරීක්ෂා කරගන්න සිද්ධ වෙනවා

      අවසානයේ මම නම් කාටවත් blind loyalty එකක් දෙන්නේ නැහැ, හැබැයි මහින්දගේ කාලයේ රටට වෙච්ච හොඳ දේවල් අසාධාරණ විදිහට මකා දාලා “ඔක්කොම නරකයි” කියන narrative එකත් පිළිගන්නේ නැහැ, ඒ වගේම අද NPP එකේ “අපි අනිත් අය වගේ නෙවෙයි” කියන brand එක තිබුණා කියලා ඔවුන්ගේ පාලනයේ අඩුපාඩු හෝ සැක සහිත සිදුවීම් නොදැක්කා වගේ ඉන්නත් මම සූදානම් නැහැ

      මට නම් ලංකාවට අවශ්‍ය වෙන්නේ පක්ෂයක් වෙනස් කිරීම විතරක් නෙවෙයි, දේශපාලන සංස්කෘතියම වෙනස් කිරීමයි

      මහින්දගෙන් execution capacity එක ගන්න, යහපාලනයෙන් institutional accountability ගන්න, NPP එකෙන් anti-corruption agenda එක ගන්න, NPP එකේ ඇත්තටම propaganda විතරයි ක්‍රියාත්මක වීමක් නෑනේ, ඒක ඇත්තටම ක්‍රියාත්මක කරන්න ඕනේ, ඒ තුනම එකතු කරලා දේශපාලන හිතවත්කම්වලින් තොර, නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වන, ආයෝජකයාට විශ්වාස කළ හැකි, ජනතාවට ප්‍රතිඵල දෙන සහ ඊළඟ පරම්පරාවට ණය පමණක් නොව වටිනා assets සහ ශක්තිමත් institutions ඉතිරි කරන රටක් හදන එක තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්න ඕනේ

      Delete
  10. පෙට්ට ගමෙන් මතු වූ අනං මනං වල පළවෙනි එක තමයි මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ අස්වැසුම ප්‍රතිලාභීන් කීයකින් වැඩි උනාද??දරිද්‍රතාවය දැන් 20% ගාණක් වැඩි වෙලා මේ ආණ්ඩුව බලයෙ ඉද්දි 🤮🤬

    ආදායම් ව්‍යාප්තියේ විෂමතාව අඩු කරන්න මේ ආණ්ඩුව කරපු දෙයක් කියන්න😡

    ව්‍යාපාරිකයින් නම් තවත් සහන ඉල්ලලා තියෙනවා..ගෑස් වැඩි උන ගමන් ගෑස් නැව වරායේ🤭🤫...කවුරු නැතත් මහපරිමාණ ව්‍යාපාරිකයින් ගොඩ😵‍💫

    හොදම එක මේක දැන් සහන දෙනවලු.ගල් අගුරු හොරකම නිසා පාඩු ගොඩයි. සහන ජනතාවට දීලා අනිත් පැත්තෙන් බදු වැඩි කරලා මේ රාජ්‍ය වියදම් කවර් කරන්න වෙන්නෙත් බදු ගෙවන අපිට..😒

    ගල් අගුරු වංචාව නිසා උන පාඩුව මහජනතාව,අදාළ සමාගම හා භාණ්ඩාගාරය ගන්න ඕනෙලු😂..සමාගම නම් දඩ ගෙවයිද දන්නෑ..හැබැයි භාණ්ඩාගරය පාඩුව ගෙවන්නේ පැලවත්තේ සල්ලි වලින් නෙවෙයි මහජනතාවට බදු ගහලා..දැන් තමයි තේරෙන්නේ අන්‍ර ඩබල් පොකට් අදින්නේ ඇයි කියලා..එහෙන් දීලා මෙහෙන් ගන්නවා ආපහු🤭😂
    මේ ටොම් පච ප්‍රචාර ඩබල් පොකට් දාර කෙබර අහලා සම' හරක් ටිකදෙනෙක් නම් තෙමාත් ගන්නවා🤭..

    ReplyDelete
  11. @ නිහඬ පාල,

    ඔයාගේ විස්තරය හොඳයි, ඒත් මේ පෝස්ට් එකේ මාතෘකාවට අදාල නැතත් ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා, මේ දිනවල ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනියට බනින්න එපා කියලා විශ්ව ලංකා කියන ගොබ්බ වාචාල ඇටරිලවා බුකියේ පූක ඉරාගෙන කැම්පේන් එකක් කරනවා. මම හැබැයි නන්දා මාලිනියට එහෙම බනින කෙනෙක් නම් දැක්කේ නෑ.

    මම කියන්නේ නන්දා මාලනී කරපු සමහර දේවල් වලට විවේචන එල්ල කරන්න ඕන. බනින්නත් ඕනේ, ඒ වගේම නන්දා පසුපස හිටපු සුනිල් ආරියරත්නටත් එය එලෙසම වලංගුයි.

    මම කියන්නේ නිකරුණේ නන්දා මාලනීයට බනින්න නෙවෙයි. ඇය කරපු අතිශය කුජීත සහ රටට කරපු පජාත පාදඩ දේවල් අමන වැඩ තදීන්ම විවේචනය කරන්න කියලා. එහෙම දේවල් රටේ ආපහු නොවෙන්න ඕන. ඉතිහාසය විටෙක ඛේදවාචකයක් ලෙසත් විටෙක ප්‍රහසනයක් ලෙසත් ප්‍රතිනිර්මාණය වීමේදී ඇතිවන ඒ ඛේදවාචකය පාලනය කිරීම හානි අවම කිරීම අත්‍යවශ්‍ය නිසායි ඒ.

    රටක කලාව දේශපාලනය, රාජ්‍යය පාලනය එක්ක ඈදුන දෙයක්. ඉතිහාසයේ ඉදලම එහෙමයි. බොබ්මාලෙ ඉදලා එක පුරාවෘත්ත උන කප්පරක් මේ මහපොලවේ හිටියා...

    ReplyDelete
    Replies
    1. මෙතනදී මේ පවන ඇල්බම් එක අහපු නැති කෙනෙක්ට නම් මම යෝජනා කරනවා පවන ඇල්බම් එක මුලින්ම අහන්න. පවන රිලීස් වෙච්ච අසූ ගණන්වල අපි ඉපදිලා නැතත් පවන මම ඇහුවේ ඉතාම මෑතකාලීනව, නමුත් 2015 දී විතර මමත් භද්‍ර යෞවනයට එළඹෙමින් හීටපු කාලේ, ඉතින් අපේ ඒ තරුණ කාලේ, අවුරුදු 20ට අඩුවෙන් රට ලෝකය නොතේරෙන කාලේ, ඇගේ හයියට දේවල් කරන්න හිතෙන මෝඩ කාලයට ගැලපෙන උත්තුංග නිර්මාණ පෙළක්. මෙන්න ගී පෙළ

      1. ඔබ මට කුමුදැක්මයි — Oba Mata Kumudekmai
      2. සාධු ජන ගණ මනා — Sadu Jana Gana Mana
      3. අවුරුදු දෙදහස් පන්සියයක් — Aurudu Dedahas Pansiyayak
      4. සීතල පොළොවම — Seethala Polowama
      5. එලයියා එලාඩෝ — Elaiya Elado
      6. රණ දෙරණේ — Rana Derane
      7. යදමින් බැඳ විලංගු ලා — Yadamin Banda
      8. බමුණා උනත් — Bamuna Unath
      9. කවදා පායන්ද — Kawada Payathda
      10. නිදහස් බයිලා — Nidahas Baila
      11. දන්සැල් දොරෙහි — Dansal Dorehi
      12. උපාසකම්මා — Upasakamma
      13. සඳ එළිය ගඟක් වී — Sanda Eliya Gangak Wee
      14. දස මසක් මා — Dasa Masak Ma
      15. විරිදු (බුදුන් දහම්) — Virindu (Budun Dhaham)
      16. දනන් රුහිරු බී — Danan Rihiru Bee
      17. වහින්නට හැකිනම් — Wahinnata Hakinam
      18. මොන්ගොලියනුවනි — Mongoliyanuwane

      මම මේක දිගටම ලියන්න ඕන නැති නිසා පොඩි කෑලි ටිකක් විතරක් ගන්නම්

      සාධු ජන ගණ මනා එකේ

      🔺නැත අපට භද්‍ර වූ කාලයක් -භද්‍ර වූ දේශයක් රාජ්‍යයක්

      අපිට නැති උනාට එහෙම සර්වසාධාරණ පොට් එකක් තියෙනවා කියලා නන්දාමාලනීය එදා හිතන්න ඇති. හැබැයි ලෝකේ එහෙම දේවල් නෑ කියලා ඈටම තේරෙනවා ඇති අද.

      රණ දෙරණේ

      🔺යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් - යුක්තිය ඉල්ලන ජනතාව නසනවා කියන්නේ බරපතල චෝදනාවක්. හැබැයි ඇත්තටම එදා වෙන්නේ අවි බලය පාවිච්චි කරලා රාජ්‍යය පැහැරගන්න කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී සන්නද්ධ කුමන්ත්‍රණයක්.

      🔺 අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පලඳින තරු
      මේක කෙලින්ම ආරක්ෂක අංශ වලට කරන චෝදනාවක්. නන්දා මාලිනිය හිතනවා ඉහල නිලධාරීන් දෙන නියෝගවල යුක්තිය නෑ කියලා.

      🔺 උන්ගෙ බහට නිදොස් දනන් මරතොත්
      රටේ හමුදාව නිදොස් මිනිස්සු නසනවා කියන චෝදනාව බරපතලයි වගේම් සමාජයේ කැරැල්ලකට පාර කපනවා.

      යදමින් බැඳ විලංගු ලා

      🔺 අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්

      එදා හිතුවේ අලුත් ලෝකයක් නෙවෙයි, මනෝවිකාර වූ ඒකාධිපති මනුස්සයෙක්ගේ මනෝරාජික ලෝකයක් අපේ රටේ හදන්න කියලයි මට අද තේරෙන්නේ.

      🔺 කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්

      අධිකරණය විනිසුරුවරුන් ප්‍රශ්ණ කරන්න මෙහෙම පුළුවන් නම් ඒ පද්දතිය කඩා වැටෙනවා. මිනිස්සුන්ට ඒ ගැන විස්වාසය නැති වෙනවා.

      දනන් රුහිරු බී

      මේක මම ලියන්න ඕන නෑ නේ.

      ඔය විදියට කෑල්ලෙන් කෑල්ල ඕකේ තියෙනවා මහා ම්ලේච්ඡ කෑලි තොගයක්. වයස අවුරුදු තිහක් වෙච්ච පරිණත මට ඕක මේ විදියට පෙනුනට මටම මම ඕක වයස දහනමයේදී විතර ඒ ලෙවල් ඉවර වෙලා 2015 දී විතර අහනකොට ඒ පොඩි කාලේ මට ඕවා මහා වීර කාව්‍ය...

      ඕකෙ එක තැනක සුනිල් ආරියරත්න කියනවා "කදිර සුරිදුන්ටත් බැසපලයං" කියලා.

      යකෝ මෙන්න දැන් ඒ සුනිලම පස්සේ කදිර දිව්‍යරාජ කියලා චිත්‍රපටියක් හදනවා... 😅🤣😂 පවු සමාකරගන්න වෙන්න ඇති.

      ◼️මගේ පුද්ගලික මතය ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයක් ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, දක්ෂයන්, පිදුම් ලබන්න සුදුසු මිනිස්සු.

      හැබැයි දේශපාලනය, පරිපාලනය, රාජ්‍යය පාලනය වගේ දේවල් ගැන ඕකුන්ගේ දැනුම අර නලු බට්ටෙක් කියලා ලයිව් එන විශ්ව ලංකා කියන දෙකයි පණහේ පොල් බූරු කෑකෝ පප්පා වගේ දෙපා මීහරකෙක්ගේ තරමම තමයි. ඒක පහුගිය කාලේ මහින්දට රනිල්ට මෛත්‍රීපාලට කඩේ ගිහිල්ල කිච වෙච්ච නලාකාරයෝ වගේම ඉතාම මෑතක දූෂිත මාලිමාවට රෙදි නැතුව කඩේ ගිහිල්ල බලු වෙච්ච පච සංගීත් බූරුසූරිය, රොඩ්නි ජෝකරේ, බඩුම තමයි ගොන් ලොල්ලා, සිහිනයකි රෑ නිවේදක කොමිටල් බූරුවා වගේ අමනයින්ට වෙච්ච දේ හොඳට මතක තියාගන්න ඕන, දැන් ෂෝ එකකට යන්න බැරුව හූ කාගෙන නෝන්ඩි වෙන්න වෙලා තියෙන එකෙන්වත් අලුත් අය පාඩම් ඉගෙන ගනිමින් ඉන්නවා

      ඒක නිසා හොදම දේ කලාව සාහිත්‍ය වගේ නිර්මාණ කෞශල්‍යය නිසාම පිදුම් ලබන්න ඕන මිනිස්සු, දේශපාලනය කියන තමන්ගේ බුද්දියට ගෝචර නැති තමන්ට නොතේරෙන ලබ්බකට නොරිංගා ඉන්න එක. එහෙම නේද?

      Delete
    2. @ Udesh,

      නන්දාට බැන වැදීමෙන් ඵලක් නැහැ. නන්දා යනු කට හඬක් පමණයි. ඇය ගැයූ ගී ලියූවේ ඇය නොවේ. අනුන් විසින් ලියා දෙන වචන මුදලට ගැයීම යනු නිවේදකයාට ලියා දෙන නිව්ස් කෑලි ටික කියවන්නාක් වැනි කුලී වැඩක්. එහි සැබෑ බුද්ධිමය නිර්මාණයක් නැහැ. අනෙක් කලාකරුවන්ගෙනුත් බහුතරය ඒ වගේ උන්, උන්ව කරතියාගෙන දේශපාලනය කරන්නේ තක්කඩියන්, උන් කියන දේ අහලා කතිරය ගහන්නේ මොළේ නැති බූරුවන්

      පද රචනය කරන දේශපාලනික පොරවල් තමාට ලියා දෙන ගීත අතරින් තමා ගයන ගීත තෝරා ගැනීමෙන් කිසියම් නිශ්චිත ප්‍රකාශනයක් සහ ඒ ඔස්සේ සමාජ බලපෑමක් නොවන්නේ ද කියා යමෙකුට සාධාරණව තර්ක කළ හැකි නමුත් එය සාධාරණ වන්නේ නන්දා කිසියම් නිශ්චිත ප්‍රවාහයක ම ගීත ගායනා කළා නම් පමණී. නමුත් ඇය එසේ කර නැහැ.

      නන්දාගේ පළමු ගීතය “බුදු සාදු” පනස් ගණන්වල සිංහල බෞද්ධ පුනරුදය සමයේ ඇය ජනප්‍රිය වන්නේ බොදු බැති ගී ගයමින්. අදටත් ඇයගේ පරම්පරාවේ බහුතරය ඇයට ගරු කරන්නේ “බුද්ධානුභාවේන” හෝ නැවත ගැයූ “දන්නෝ බුදුන්ගේ” සහ සිංහල බෞද්ධ මේ සිංහල අපගෙ රටයි සහ සිංහල සංස්කෘතිය සම්බන්ධ රසවත් ගීත නිසා මිස ඔය එතරම්ම ජනප්‍රිය නැති සීමිත රැඩිකල් ගීත කීපය නීසා නොවේ.

      නන්දාට සාපේක්ෂව අපි2PAC වැනි ගායකයෙකු ගත හොත් ඔහු සැබෑ නිර්මාණකරුවෙකි. ඔහුගේ ගීත ලියුවේ ඔහු ම ය. ගැයුවේ ද ඔහු ම ය. ඒවා අව්‍යාජ නිර්මාණයන් ය. ලංකාවේ එවැනි ගායකයන් නැත. ලංකාවේ ඉන්නේ හඬ කවන්නන් පමණි.

      2PAC ව උදාහරණයට ගත්තේ ඇතැමුන් නන්දා කිසියම් විප්ලවවාදිනියක ලෙස සලකන නිසා ය. 2PAC සැබෑ විප්ලවවාදියෙකි. ඔහුගේ ගීත තුළ තිබෙන්නේ ඔහුගේ සැබෑ ජීවිත අත්දැකීම් ය. ඊට සාපේක්ෂව නන්දා යනු විහිළුවකි. නන්දා ගැයූ කිසිවක් නන්දා සැබැවින් ම විශ්වාස කළේ නැත. එසේ විශ්වාස කළා නම් බොදු ගීතයි, විප්ලව ගීතයි, ආදර ගීතයි, “නාන්න නම් නාන්න නෝනා” ගීතයි ආදී නානාප්‍රකාර හත් කලවමේ ගෝත ටයිප් විකාර ගයන්නේ නැත. නන්දා යනු කාලීන රැල්ලට ලියූ, විශේෂයෙන් ම අධිපති පිරිමින් විසින් ලියූ, සින්දුවලට කටහඬ සැපයූ මැෂිමක් පමණී.

      ගායනය අතින් ගත්තත් නන්දාට එහෙම මාර ස්වර පරාසයකුත් නැත. Whitney Housten වැනි ගායිකාවන් මෙන් නැන්දාට උච්ච ස්වරයෙන් ගැයීමට නොහැකි නීසාම ඇය ගයනවාට වඩා කරන්නේ සිංහල ක්‍රමයට කවි කීමකි. ඕවර් ඇක්ටින් මොන්ටිසෝරි ගුරුවරියක් පාඩමක් උගන්වන්නාක් වැනි මොනොටෝනයක් එහි තිබේ. ඇයගේ සියලු ගීත සීමිත ස්වරයක ගයන ඒවා ය. බුදු සාදු කියන්නෙත්, යදමින් බැඳ කියන්නේත් එකම නාසික ස්වරයෙනි. බොහෝ ගීත එකම තාලයකි. ඒවා ශබ්ද පරිපාලකයා විසින් අණ කරන ආකාරයට කියුවාක් මිසක් ඒවා තුළ ඇයගේ සැබෑ හැඟීමක් හෝ භාව ප්‍රකාශනයක් නැත.

      ලාංකික ළිං මැඩියාගේ මන්ද රසඥතාවයට සාපේක්ෂව ඒවා සම්මාන දිනන්නේ ඒවා සැබැවින්ම විශිෂ්ට නිර්මාණ නිසා නොවේ. සැබෑ නිර්මාණ නොමැති නිසා ය.

      Bob Marley යනු ලංකාවට වඩා කුඩා දූපතක් වන ජමෙයිකාවේ ඉපිද ගීත ගැයූවෙකි. නමුත් ඔහුගේ නාමය ලෝක ප්‍රසිද්ධ ය. ඔහුගේ සංගීතමය බලපෑම ගෝලීය ය. එයට හේතුව ඔහු සැබෑ නිර්මාණකරුවෙකු වීම ය. නන්දා මාලිනි තබා ජෝතිපාලටවත් එවැනි හපන්කමක් කළ නොහැකි වූයේ ඔවුන් සැබෑ නිර්මාණකරුවන් නොවන නිසා ය. ලංකාවේ සියලු ගායකයන් එවැන්නවුන් ය.

      සුදු ඔසරිය ඇන්දාට නන්දාගේ වෘත්තිය සමාන වන්නේ පරිසරය අනුව පාට මාරු කරන කටුසුවාදයටයි. දේශපාලන අවස්ථාව සිංහල බෞද්ධ නම් ඇය හෙල බොදු ගීත කියයි. දේශපාලන අවස්ථාව ආණ්ඩු විරෝධී නම් ඇය ආණ්ඩු විරෝධී ගීත කියයි. දේශපාලන අවස්ථාව ආණ්ඩු සේදීම නම් ඇය ආණ්ඩුවට ප්‍රශස්ති ගීත කියයි. බුදුන්ගේ දෙපා මුලත් මලක් වෙයි… සුනිල්ගේ දෙපා මුලත් මලක් වෙයි…

      එහි කිසිදු විප්ලවයක් නොමැත. එය සැබැවින් කළු ධනවාදයේ නරක ම භාවිතයයි. ඕනෑම සමාජ තත්ත්වයක් සිය වාසියට ගනිමින් මුදල් ඉපැයීම අතින් නම් නන්දා ශූර ව්‍යාපාරික කතකි. එබැවින් නන්දාට දොස් කීමෙන් ඵලක් නැත.

      Delete
  12. අහිංසක පුංචි කෙල්ලන්ගේ කොල්ලන්ගේ හීන වලට බදු පිට බදු ගහලා ලක්ෂ 12ට දෙනවා කියලා වේදිකාවල කිව්ව විට්ස් කාර් හීන කරලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලට අරින මේ කාලකණ්ණි ආන්ඩු වලට ශාප වේවා ! පවු උබල කොහොම ගෙවන්නද 😥

    ReplyDelete
    Replies
    1. @ Ano

      මාළිමාවේ කාළකණ්නි රැළයි, අවජාතක සක්කිලි කාර් සේල් කාරයොයි, ලීසින් ⁣ආයතනවල මලපෙරේත දේවදත්තලයි එකතුවෙලා ලංකාවේ මිනිස්සුන්ව මරාගෙන කන සහයෝගිතා ගිවිසුමක් තියෙන බව ඕනෑම ළදරුවෙකුට පවා හොදටම තේරෙන දෙයක්නෙ.

      ඔය වාහන බදුවලට අමතර අධිභාර කතාව මේ මාස දෙකක විතර ඉදන් සමාජ මාද්‍ය කැලඹුවා

      රජය මගින් මැයි 15 මාස තුනකට පමණක් බව කියා පැනවූ අමතර බදු අධිභාරය ඉවත්කර අගෝස්තු 15 ඉදන් වාහන මිල නොසිතු ලෙස පහලට කියල. ඕකට ගොඩක් youtube reviews තිබ්බ. එත් ඒ හැම වීඩියො එකක්ම කලෙ සේල් කාරයෙක් නැත්නම් උන්ගෙන් යැපෙන Vihicle review කරන එකෙක්. මේක පැහැදිලිවම Second Hand vehicles and Unregistered recondition වාහන ගෙන්වන සහ සේල් කරන උන්ගෙ උවමනාව මත සිද්ද උන හිතා මතාම සිදුකල වංචාකාරි දෙයක්. මොකද ඔයා ආරංචිය නිසා වාහන විකුනන්න දාල තිබ්බ අය වාහන මිල අඩුකලා පහුගිය මාසය වගෙ ඇතුලත මම දන්න අයත්. මොකද එයාලගෙ මනසට කාවද්දලා තිබ්බෙ වාහන අඩු වෙනව කියල. වාහනයක් ගන්න ඉන්න මිනිස්සු ගන්න එක hold කලා එයාල හිතුව අඩු උනහම ගන්න්ව කියල. ඒ අතරෙ අර උඩ කිව්ව වංචාකාර සේල් කාරයො ටික මිනිස්සුන්ගෙන් කුණු කොල්ලෙට වාහන අරගත්තා. අරන් සේල් වලට දාගත්‍තා. ඕක උන්ගේ ප්‍රෝඩා කාරි වංචාකාර මිත්‍යා මතයක් සමාජ ගත කිරීමක් මිස වෙන කිසිවක් නොවෙ . එකට තමන්ගෙ වාහනෙ විකුනන්න ඉන්න සහ වාහනයක් ගන්න ඉන්න අහිංසක මිනිස්සු අහු උනා. ආණ්ඩුව හදිසියේම අධිභාරය පනවන්න කලින් ආණ්ඩුව ඇතුලත තොරතුරු හොරට දැනගත්ත සේල් කාක්කෝ වාහන දහස් ගණනකට LC වහාම ඇරියා මැයි දහතුන දාහතර වෙනකොට

      ආණ්ඩුව හොර වැඩ කලත් මහබැංකුව ඇතුලු රජයේ නිලධාරීන්ට දේශපාලන පක්ෂ නෑනේ ඒ නිසාම මේ වගෙ මත සමාජ ගත වෙන කොට හරිනම් මුදල් අමාත්‍යංශය මගින් හෝ මහ බැංකුව මගින් මෙව මිත්‍යා මත කියා ප්‍රසිද්ද කල යුතුයි. නමුත් එහෙම දෙයක්වත් වෙන්නෙ නැහැ. මහ කාලකන්නි රටක්. හොරකමේ උපත මේකෙන් එක වාහනයකින් ලක්‍ෂ 20ක් ලාබ ගත්තොත් වාහන අවම 25,000 ක් ගත්තත් කෝටි පන්දාහක් රුපියල් බිලියන පණහක් කොහොමද හොරකමේ තරම?

      Delete
  13. @ නිදී සර්

    ඇත්තටම මට කියන්න පුළුවන්ද මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න කියලා කියන්නේ කොහොමද කියලා නේටිව් ඉංග්‍රීසිය කතා කරන එංගලන්ත සුද්දෙක් කිව්වොත්?

    ReplyDelete
    Replies
    1. අනේ Ano, මම සර් කෙනෙක් නෙවෙයි.
      ඒ වගේමයි ඉංග්‍රීසි දන්නෙත් යන්තමින්.

      Delete
    2. මචං, මමත් සර් කාරයෙක් නම් නෙවෙයි විදෙස් අධ්‍යාපනය ලබන්නට ඇවිල්ල මේ රටවල උන්ගෙන් ඉගෙන ගත්ත විදියට සහ මම කියවපු පොත්පත් වල විදියට මට තේරෙන විදිහට අමරසිරි පීරිස්ගේ "හන්තානට පායන සඳ" සින්දුවේ "මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න" කියන පදය අතිශය සාහිත්‍යමය විදියට 'Bundle the shards of my memory and surrender them to the depths of the Mahaweli' ලෙසත්, ව්‍යක්ත ඉංග්‍රීසියෙන් 'Gather the remnants of my memory, ball them up, and cast them into the Mahaweli River' ලෙසත් පරිවර්තනය කළ හැකි බවයි මගේ අදහස.

      ඒ වගේම, නේටිව් ඉංග්‍රීසියෙන් 'Crumple up every memory of me and just throw it all into the Mahaweli' ලෙසත්, ඇමෙරිකන් ඉංග්‍රීසියෙන් 'Ball up my memories and toss them right into the Mahaweli' ලෙසත් ඉතාම ස්වාභාවිකව සහ සෘජුව පැවසිය හැකි බවයි මගේ වැටහීම, මට වඩා දන්න කියන අය ඉන්නවා නම් මේක මීට වැඩිය හොඳට ලියන්න.

      Delete
    3. බලමු ඉංග්‍රීසි කැප්ටන්ලා මොනව කියයිද කියලා...

      Delete
  14. අඹුසැමි ප්‍රේමය යනු හුදෙක් ආත්මයන් දෙකක් පමණක් නොව, ශරීර දෙකක්ද එකිනෙක මුසුවී උපරිම තෘප්තිය සොයා යන අතිශය සුන්දර චාරිකාවකි. ඔබ විසින් ගෙනහැර දැක්වූ ඒ මනෝවිද්‍යාත්මක සහ සමාජයීය යථාර්ථය, වචන අතර සැඟවුණු ප්‍රේමයේ සහ කාමයේ භාෂාව පිළිබඳව ලියැවුණු කදිම සාහිත්‍යමය සටහනක් ලෙස මෙසේ දිගහැරිය හැකිය

    ශෘංගාරයේ භාෂාව සහ වියළුණු ප්‍රේමයේ ඛේදවාචකය

    කායික හා මානසික සංහිඳියාවේ උපරිමයට ළඟා වූ, ආදරයෙන් සහ තෘප්තියෙන් පිරිපුන් ගැහැනියකගේ ලෝකය වචනවලින් පවා සුන්දරය. රාත්‍රියේ සයනය මතදී සිය සියලු සිතැඟි පුරවාලූ, තමන්ව ආදරයෙන් ස්පර්ශ කළ ඒ පිරිමියා කෙරෙහි ඇය තුළ උපදින්නේ අසීමිත බැඳීමකි. ඇගේ දෙතොලින් ඔහු වෙනුවෙන් නික්මෙන "ඩාලිං, රත්තරන්, මැණික, පැටියෝ" හෝ සරලවම "ඔයා" යන ආමන්ත්‍රණයන් තුළ ගැබ්ව ඇත්තේ ඒ නොනිවෙන ශෘංගාරයේ උණුසුමයි. දරුවන් ඉදිරියේදී ඇය ඔහුට "අපේ මහත්තයා" යැයි කියන්නේ පිරිපුන් පවුලක අභිමානවත් ස්ත්‍රියක ලෙසිනි.

    අඩවන් වූ දෑසින් සහ සරාගී සිනහවකින් යුතුව ඇය තම සැමියාගෙන් නැවත නැවතත් ඒ මධුර වූ ප්‍රේමය ඉල්ලා සිටින්නේ, ගැහැනියකගේ සියුමැලි ආත්මය මනාව සන්තර්පණය වූ විටය.
    එහෙත්, මේ සොඳුරු කතාවේ අනෙක් පිටුව මීට වඩා බොහෝ ඛේදනීය ය. පිරිමියෙකුට සිය බිරිඳගේ මානසික සහ කායික අවශ්‍යතා සපුරාලීමට තරම් පෞරුෂයක් හෝ ශක්තියක් නොමැති වූ කල, ඇගේ ආත්මය ඇතුළතින් වියළී යයි. සයනයක් මතදී ගැහැනියකට අවශ්‍ය වන්නේ තමාව ආක්‍රමණය කරමින් තෘප්තියේ හිමගිරට කැඳවාගෙන යන ශක්තිමත් පෙම්වතෙකි. සැමියා තුළ වූ ඒ සරාගී ගින්න සහ පුරුෂ ශක්තිය නිවී ගොස් ඇති බව වැටහෙන විට, ඇය ඔහුට අමතන භාෂාවද නිතැතින්ම වෙනස් වේ. ඒ නොහැකියාව, ඒ දුර්වලකම මුළු ලෝකයටම නිහඬව කියාපාන්නාක් මෙන් ඇය ඔහුට "අයියා" යැයි ආමන්ත්‍රණය කිරීමට පෙළඹේ.

    "අයියා" යනු ලේ නෑකමකි; කිසිදු රාගික හැඟීමක් නොමැති නිවුණු සහෝදර ප්‍රේමයකි. සැබෑ පුරුෂාධිපත්‍යය සහ ශෘංගාරය අහිමි වූ තැන, සැමියා කෙරෙහි වූ රාගික ප්‍රේමය හුදෙක් සහෝදර ප්‍රේමයක් බවටම පරිවර්තනය වීම ස්වභාවධර්මයේ ඛේදවාචකයකි.
    මෙහි අවසන් ප්‍රතිඵලය අතිශය සියුම් ය. තම ආත්මයේ ඇතිවූ ඒ හිඩැස පිරවීම සඳහා ඇගේ යටි සිත නිරන්තරයෙන්ම සැබෑ පිරිමි පෞරුෂයක් සොයා යයි. තම සැමියාට "අයියා" යැයි කියන ඇය, ශක්තිමත්, පිරිපුන් පෞරුෂයක් ඇති සැබෑ පිරිමියෙකු දුටු විට නොදැනුවත්වම හැරී බලන්නේත්, ඒ දෙසට ඇදී යන්නේත්, ඇගේ හදවතේ ගැඹුරුම තැනක සිරවී හඬා වැටෙන ඒ අතෘප්තිමත් ස්ත්‍රියගේ නොනිවුණු ආශාවන් නිසාවෙනි...

    ReplyDelete
  15. @ නිදිගෙ පංච තන්තරේ

    පෙට්ටගමෙන් එලියට ඇවිල්ල අපි අටමස්ථානාධිපති හේමරතන හිමියන්ගේ සිද්ධිය දිහා බැලුවාම ඇත්තටම හිතට ලොකු කණගාටුවක් සහ කලකිරීමක් දැනෙනවා, මොකද ළමා අපයෝජනයක් වැනි මෙතරම් බරපතළ චෝදනාවක් එල්ල වෙලත් නීතිය ක්‍රියාත්මක වෙන වේගය දැක්කාම සාමාන්‍ය මිනිස්සුන්ට නීතිය කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙන එක අහන්නත් දෙයක්ද? උසාවිය සහ අපේ ගරු අධිකරණ පද්ධතිය මේ ගැන නිසි ලෙස මැදිහත් වෙලා අවසානයේ සාධාරණ තීන්දුවක් සහ නිසි දඬුවමක් ලබාදෙයි කියන දැඩි විශ්වාසය අපිට තවමත් තියෙනවා, හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ නඩුව මෙහෙයවන විදිහ සහ මේ අන්ත දූෂිත ලෙස නීතිය නවන අමන NPP හොරමුලේ දූෂිත ආණ්ඩුව තම දේශපාලන බලය පාවිච්චි කරලා සාක්ෂි යටගහන්න හදනවා කියන බරපතළ සැකය සමාජය පුරාම මතු වෙලා තිබීමයි.

    බලපුළුවන්කාරකම් සහ දේශපාලන සබඳතා තියෙන කොට, වැරදිකරුවන් බේරගන්න විමර්ශන දුර්වල කරන්නයි, වැදගත් සාක්ෂි මගහරින්නයි පසුපසින් ක්‍රියාත්මක වෙන බලවේග ගැන හැමෝටම පැහැදිලි විවේචනයක් තියෙනවා මොකද මෙතනදි වින්දිත දැරියට සාධාරණය ඉටු කරනවා වෙනුවට දේශපාලන න්‍යාය පත්‍ර අනුව නඩුව අසාර්ථක කරන්න උත්සාහ කරනවා නම් ඒක මුළු සමාජයකම බිඳවැටීමක්. බලය කවුරු අතේ තිබ්බත් සාක්ෂි හංගලා වැරදිකරුවන්ව සමාජයෙන් ගලවා ගන්න හදන මේ ක්‍රමය වහාම නැවතෙන්න ඕන වගේම, අධිකරණය ඉදිරියේ කිසිම තරාතිරමකින් තොරව නීතිය අකුරටම ඉටු වෙලා ඇත්ත විස්තර එළියට එනකම් අපි හැමෝම අවධානයෙන් ඉන්න එක මේ වෙලාවේ ගොඩක් වැදගත්. ඒ ගැනත් ලියන්න නිදි.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කරුණට අදාළව මටත් ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා වෙනුර මහත්තයෝ.

      Delete
  16. කිරි මුට්ටිය ගියා ගඟේ, කොක්කු ගියා ගඟට උඩින්
    අඹ වත්තට වඳුරො පැනලා, වනසති උන් ඉතා හොඳින්
    රිලවුන් හට ඉනිමං දෝ, කමෙන්ට් එබුව මාත් මැදින්
    බෑ කියන්න බැරි කරුමෙට, හිත හොඳ අම්මණ්ඩි බඩින්

    ReplyDelete
    Replies
    1. බකුසුතුමෝ,

      මට දැනෙන්නෙ ගොඩක් අයට
      කියාගන්න දේ තිබ්බට
      කියාගන්න තැනක් නැතිව
      ඉන්නව වාගෙයි හරියට

      Delete
  17. අඩේ අර බ්ලොග් කාටුන් එකේ ඩ්‍රැකියත් ඉන්නවද කොහෙද.

    ReplyDelete
  18. ඒ ටික නම් මාරු. අර ගාමිණි ෆොන්සේකාගේ කතාව නම් බොහොම සැරට හිතට වැදුනාද මන්ද.
    අර දත් සැට් එකේ කතාව නම් මගේ පුංචි මොලේට තේරුනා මදි ඕන්

    ReplyDelete
    Replies
    1. ලියෝනි, ඔයාට කොහොමද මිස් වුණේ- බොරු දත් කුට්ටම දාගෙන බල්ලව බය කරන බැටලුවාව?

      Delete
    2. ආ... හරිනේ... අයියෝ... ඒක මට මිස් උනා නේ.. 😝😝. Thanks for the explanation.

      Delete
    3. හැබැයි ගාමිණී ෆොන්සේකා ගේ නිධානයේ විලී අබේනායක චරිතය, සාගරයක් මැද එකේ ද්විත්ව චරිතය, වැලිකතරේ ඒ එස් පී වික්‍රම රන්දෙණිය වගේ චරිත හොඳයි ඒත් මම කැමතිම ගෝරිං මුදලාලිගේ චරිතය නිරූපණය කරපු ජෝ අබේවික්‍රම විශිෂ්ට රංගන කෞෂල්‍යයට... මෑතකාලීන චරිත වලින් මම දැක්ක හොඳම චරිතය බඹර වළල්ලේ මැල් මහත්තයා මහේන්ද්‍ර පෙරේරාගේ මම දැක්ක හොඳම චරිතය, බඹර වලල්ල film එක shoot කරේ අපේ ගමේ.2009 අගෝස්තු මාසයේ.එතකොට ම⁣ට අවුරුදු 9යි යි.පොඩි එකාගෙ ගෙදර,පොඩි එකාගෙ බාප්පගෙ ⁣ගෙදර,ජයලත් මනෝරත්නගෙ ගෙදර,බිමල් රත්නායකගෙ ගෙදර (අපේ පරණ ගෙදර)එතකොට පොඩි එකාගෙ අම්මා පිස්සුවෙන් ගිහින් පාර මැද කතිර ඇඳපු හංදිය, ගෝනමඩිත්තේ පොඩි එකාගෙ අක්කගෙයි බාප්පගෙයි වල ගාව ජයලත් මනෝරත්නගෙ පුතාට හිටියෙත් අපේ අයියා කෙනෙක්. බඹර වළල්ල නළුවෝ මිද්දෙණිය තුංකම වීරකැටිය සූරියවැව ඇඹිලිපිටිය මීගස්ආර පලාත්වල මිනිස්සුන්ව ඉතාමත්ම දක්ෂ විදිහට අධ්‍යනය කරලා තියෙන බව පේනව නේද මිනීමරන එක ඉතාමත්ම සැහැල්ලුවට කරන්න පුළුවන් ආයුධ පාවිච්චිය සාමාන්‍ය වෙච්ච වෙනස්ම චරිත වලට පණපොවපු රියල් චරිත...

      Delete
  19. සෑහෙන වටින කොමෙන්ට් ටිකක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල, මමත් එන්නේ මේකේ තියෙන සුපිරි කමෙන්ට් කියවන්න තමයි වැඩිපුරම...

      Delete
    2. පැතුම්ල ලලිත්ල වගේ ආදරණීය රසිකයන්ගේ හපන්කම තමයි ඒ...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්