පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන් තාප්පයේ එක අල්ලියක සිතුවම් කර ඇති............ |
මේ ලියන්නාත් යොවුන් වියේදී තමන්ට චිත්‍ර ශිල්පියෙකු
වෙන්ට හැකි යයි සිතාගෙන සිටියේය.
කැන්වස්වල කෙරෙන පින්තාරු වගේ දේවල් ගැන මෙලෝ
හසරක් නොදැන හිටි මේ මැට්ටා දැක තිබුණේ පන්සල්වල- විහාර ගෙවල්වල- සීගිරියේ ඇඳලා
තිබුණු සිතුවම් විතරය.
ඊට අමතරව පත්තරවල හා පොත්වල පළවුණු චිත්‍රකථාය.
ඒ අසරණයාට
මඟ පෙන්වන්නට හරි, ගුරූපදේශ දෙන්නට හරි මෙලෝ මනුස්සයෙක් ඒ කාලේ ළඟපාතක හිටියේ නැත.
එහෙම වුණත් ඒ පුතයා ඉන්දියන් තීන්ත නාගෙන; දත කාගෙන; ‘වික පුකාගෙන’ කටු පෑනෙන් ඒකාංගික චිත්‍රකතාවක්
ඇඳලා ‘ජනතා’ පත්තරයේත් පළ කරවා ගත්තේය.
ඒක අච්චු ගැහිලා තියෙනවා දැක්කාම ඒ නිර්මාණකරුවා තමන්ට
චිත්‍රකතා ශිල්පියෙකු වන්නට බැරි බව තේරුම් ගත්තේය.
ඒ නිසාම ඌ ඒකාධිපතියෙකු නොවී සාධාරණ
ඒකාධිපතියෙක් වුණේය. උගේ ඒ හපන්කම්
දැනටමත් ඔබ වරින්-වර කියවා තිබෙයි.
පානදුරේ 'Protect Green' ලා පානදුර බස් නැවතුම් පොළ ලස්සන කරන්නට...... |
එහෙම වුණත්, මේ ලියන්නා චිත්‍රවලට කැමතිය;
ලස්සන-
කලාත්මක- මනබඳින ෆොටෝස්වලට කැමතිය.
ඒ නිසා
ඒවා දුටු ගමන් ඉසුඹුවක් ලබාගෙන ඒවා නරඹන්නට;
ඒවා රස විඳින්නට හරිම කැමතිය; එහෙම
කරන අයව දකින්නටත් කැමතිය.
“මේ පානදුරේ ප්‍රධාන බස් නැවතුම්පොළ...
මීට සතියකට කලින් ඔබ දුටුවනම් ඇත්තටම අම්බලමක ස්වරූපයක් තමයි ගත්තෙ..
බුලත් කෙළ, හුණු පාරවල්වලින් තමයි වර්ණවත් වෙලා තිබුණෙ...
ඇත්තටම අපිට ඕන වුණේ ඒක වෙනස් කරන්න...
මීට සතියකට කලින් ඔබ දුටුවනම් ඇත්තටම අම්බලමක ස්වරූපයක් තමයි ගත්තෙ..
බුලත් කෙළ, හුණු පාරවල්වලින් තමයි වර්ණවත් වෙලා තිබුණෙ...
ඇත්තටම අපිට ඕන වුණේ ඒක වෙනස් කරන්න...
-ඒ වෙනුවෙන් පානදුරේ වගේම අවට නගරවලත් කොල්ලො කෙල්ලො එකතුවෙලා ඉන්නව දැක්කම හිතෙනව මේ රටම වෙනස් කරන්න පුළුවන් නේද කියල...”
රුවන් සංජය තිලකරත්න දෙසැම්බර් 13 වෙනිදා එයාගේ මුහුණු
පොතේ එහෙම සටහනක් දාලා තිබුණා, අට්ටාලයක් උඩ ඉඳගෙන චිත්‍ර අඳින පිරිසකගේ ෆොටෝවකුත්
එක්ක.
මං හිතන්නේ රුවනුත් පානදුරේ ‘Protect Green’ කට්ටියේ එක්කෙනෙක්. ඒ නිසයි
උඩින් යෙදුව ෆොටෝ දෙක එකක් විදියට එඩිට් කළේ.
වියානා කලා ඇකඩමියට ඇතුළත්වීමේ විභාගයෙන් දෙවරක්ම අසමත් වුණු හිට්ලර් .... |
මේ post එකේ මුලින්ම කියූ ඒකාධිපතියා ඇඩොල්ෆ් හිට්ලර්ය.
“මට ඕන වුණේ වෘත්තීය සිත්තරෙක් වෙන්න. ඒත්..... ‘Academy of Fine Arts Vienna’ එකේ ඇතුළත්වීමේ විභාගෙට දෙපාරක්ම ලියලත් මාව තේරුණේ නැහැ.”
1907, 1908 වසර දෙකේදී තමන් අසමත්වූ හැටි හිට්ලර් සිය ජීවිත කතාවේ- ‘Mein Kampf’ කෘතියේ කියා තිබේ. වියානා කලා ඇකඩමියේ උපදේශකවරුන්ගේ අදහස වී තිබුණේ හිට්ලර්ට වඩා ඔබින්නේ ගෘහනිර්මාණ ශිල්පියෙකු වීම බවය.
නමුත් 1908-1913 අතර පස්වසක් තිස්සේ හිට්ලර් තම ජීවිකාව
සපයාගැනීම උදෙසා ගෙවල්වල තීන්ත ආලේප කිරීම පවා සිදු කළේය. යම් හෙයකින් හෝ ඔහු චිත්‍ර
ශිල්පියෙකු වුණා නම්..... දෙවන ලෝක සංග්‍රාමයක්........
යොවුන් වියේදී හිට්ලර් චිත්‍ර ශිල්පියකු වන්නට හිතුවේ ඒ
වෙනවිටත් ඒ රටවල Artකාරයන්ට ඉල්ලුමක්- ඇගයීමක් තිබුණු නිසා වෙන්නැතිය.
ගිය වසරේ ඩොලර් 90,312,500ක් වැනි ඉහළ මිලකට අලෙවිවූ මේ සිතුවම............. |
"කලාකරුවෙකුගේ ප්‍රතිබිම්බය- Portrait of an Artist (Pool with Two Figures)" ලෙස නම් කර තිබෙන මෙය බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියෙකු වන ඩේව්ඩ් හොක්නිගේ
චිත්‍රයක්.
2018 නොවැම්බර් 15 වනදා මේ චිත්‍රය ඇමරිකන් ඩොලර් 90,312,500කට වෙන්දේසි වුනා.
-මේ
චිත්‍රය 1972දී මුලින්ම විකුණා තිබෙන්නේ ඩොලර් 18,000ක මුදලකටයි. එසේ මිල
දී ගත් ජේම්ස් ඇස්ටර් සහ ඔහුගේ බිරිඳ විසින් මාස හයක් යන්නත් කලින් එය ඩොලර් 50,000ක මුදලකට විකුණා තිබෙනවා.”
ඒ ගැන නිවැරදි තක්සේරුවක් ඔයාලටම කරගන්නට පහසු වෙන්නයි
උඩින් තිබෙන සිත්තම එතැනට එබුවේ.
ඒ විස්තරයයි, පින්තූරයයි දෙකම මට හමුවුණේ ‘ඉකොනොමැට්ටාගේ
බොජුන් හල’ බ්ලොග් අඩවියෙ ‘කලා කෘතිවල වටිනාකම’ පෝස්ටුවෙන්.
ඉකොනෝ කියා තිබුණු
විදිහට ඒ සිතුවම තමයි 2018 අවුරුද්දේ වැඩිම මිලකට විකිණුනු ජීවමාන කලාකරුවකුගේ
නිර්මාණය.
දෙවතාවක්ම චිත්‍ර විභාගයකින් අසමත් වුණු හිට්ලර් 1913 වසරේ ඇඳපු චිත්‍රයක් මේ... |
අද එහෙම අය ඉන්න ලෝකයක තමයි
එදා හිට්ලර්ව ප්‍රතික්ෂේප වුණෙත්.
එතකොට මනුස්සයා නම් කළේ ගෙවල්වල තීන්ත ගාපු එකනේ. ඒ
වගේ ගෙවල්වල තීන්ත ආලේප කරන්නට සුදුසු අයත් දැන් ශ්‍රී ලංකාවේ චිත්‍ර ශිල්පීන්
වෙලා. ඒ අපේ රටේ අලුත්ම රැල්ලට පින් සිදු වෙන්නටය.
හෙමින් හෙමින් මෙන් නැඟීගෙන ආ ඒ
රැල්ල දැන් සුනාමියක් බවට පරිණාමයවී තිබේ.
රටේ අලුත්ම ‘සුනාමිය’ සෝමරත්න
දිසානායකගේ ෆිලුම නොවේ. තාප්ප- බිත්ති පින්තාරු කිරීමය!
පාර දෙපැත්තේ තාප්පවල, බිත්තිවල, පාලම් කණුවල චිත්‍ර
අඳින සිත්තරුන් ගැන, කණ්ඩායම් ගැන පහුගිය ටික දොහේ මදිය නොකියන්නම කතාබහ වෙනවා
රසික ඔබත් දකින්නට ඇත.
‘රැල්ල පටන් ගත්තේ අපි’ කියන අයත් දැන් හිඟ නැත!
පරාජය
අවජාතක වුණත් ජයග්‍රහණයට තාත්තලා ගොඩකි.
පන්නිපිටිය විද්‍යාලංකාර තාප්පයේ තවත් සිතුවමක්......... |
ඒත් සිරි ලංකාවේ පාසල් රැසකම තාප්ප, ඒ ඉස්කෝලෙම
සිසු-සිසුවියන් අතින් හැඩ වුණු; වගේම කැත වුණු තැන් ගොඩක් මේ රැල්ලේ මුල හොයන
කෙනෙකුට හමු වෙයි.
බතික් කෙරුවාවට බැහැලා හිටි නිසාද මන්දා, මගේ හිතේ
වැඩියෙන්ම ඇඳිලා තියෙන්නේ කොල්ලුපිටියේ සිට ඇස් වාට්ටුව දිහාවට එද්දී පාරේ වම්
පැත්තේ තාප්පයක මවා තිබුණු රටා මෝස්‌තර ටිකය.
මගේ මතකය නිවැරදි නම් ඒ ඊනා ද සිල්වා
මහත්මියගේ බතික් ව්‍යාපාරික ස්ථානයේ තාප්පයයි.
මේ කියන්නේ අද ඊයෙක දෙයක් නොවේ!
දැන් තාප්පවල චිත්‍ර අඳින ගොඩක් දෙනාගෙ උත්පත්තියට
මුල්වූ ජනකාණු එයාලගෙ තාත්තලාගේ ‘වෘෂණවල නිපදවෙන්නටත් ඉස්සර’ කාලයක දේවල් ගැනය;
අපේ තාත්තාගේ කීමකින් නම්, ‘නැට්ටට කිරි උනන්නත් කලින්’ වගේ ඈත කාලෙක දේවල් ගැනය.
1970 ගණන් ගැනය!!
සිතුම් සුධාරක 'ජීනියස්' සිත්තරෙකි. චිත්‍ර ශිල්පියෙකුගේ සහජාත පුත්‍රයෙකි! |
ඊයේ; 2019 දෙසැම්බර් 15 වෙනිදා උදේ ‘මව්බිම’ පත්තරයට උදේනි සමන් කුමාර ලියා තිබුණු ‘රටම සරසන චිත්‍ර රැල්ලට
හදවත පිදූ තරුණ සිත්තරා’ ලිපිය කියෙව්වෙමි.
ඒ ලිපියේ තිබුණු සිතුම් සුධාරක සිත්තරා
ගැන විස්තරයටත් වැඩියෙන් මගේ ඇහැ ගියේ එක සිතුවමකටය.
එයින් නිරූපණය වෙන්නේ ඈත අතීතයේදී නදියක් හරහා කළුගල්වලින් පාලමක් තනන
විදිහය.
ඔන්න මගේ ‘හඳුන්පොත’ කීරි ගැස්සුණේය; සේරම වැඩ තියෙද්දී අර සිතුවම
හෙව්වෙමි. බැරිම තැන fb එකෙන් සිතුම් සුධාරකව හොයාගත්තෙමි.
එහෙම කළේ අර ලිපියේ, මෙහෙම කියලා තිබුණු බැවිනි.
“....... ඓතිහාසික සන්දර්භයක් සහිත චිත්‍ර ප්‍රසිද්ධ
ස්ථානවල ඇඳීමේ වැදගත්කම ගැන සමාජයට අවධාරණය කරන තරුණ ශිල්පියෙකුගේ පණිවිඩය අපට ඇස
ගැටුණේ අහම්බෙනි. ඔහු පසුගිය සතියේ මේ අපූරු පණිවුඩය සිය මුහුණු පොතේ ප්‍රසිද්ධ කර
තිබුණි. එපමණක් නොව තමා විසින්ම අඳින ලද විශිෂ්ට චිත්‍ර නිර්මාණ රැසක් ඔහු විසින්
තාප්පවල චිත්‍ර අඳින ශිල්පීන් සඳහා සමාජගත කරනු ලැබ තිබුණි.
-මේ තරුණ චිත්‍ර
ශිල්පියා සිතුම් සුධාරකය.
සිතුම්ගේ පණිවුඩය පැය කිහිපයක් තුළ ෆේස් බුක් පරිශීලකයන්
35,000ක් විසින් හුවමාරු කරගනු ලැබ ඇත.
මේ සිතුම් සුධාරකගේ පණිවුඩයයි.
රූපවාහිනී තිරයේ යෝධයන් වුණු කූඹියෝ සිතුම්ගේ තෙළිතුඩට අසුවී......... |
-“ලංකාව ලස්සන කරන්න වෙර දරන යාළුවනේ.
මෙතැන තියෙනවා මම
නිර්මාණය කරපු චිත්‍ර 70ක්.
තාප්ප සැරසීම සඳහා මෙයින් ඕනෑම චිත්‍රයක් ගන්න. චිත්‍ර
අඳින්න ඔයාලට උදව් කරන්න ලංකාවේ හැම තැනටම එන්න මට හැකියාවක් නැහැ. වෙන මොනවාවත්
නිසා නොවේ, ආර්ථික ප්‍රශ්න මට හරස්වන නිසයි.
මට හැකි ඕනෑම අයුරකින් ඔබට උදව් කරන්න
මම සූදානම්. වෙනත් ප්‍රශ්න නැහැ.
-මේ චිත්‍ර අතර තියෙනවා ලංකාවේ සුන්දරත්වය, ඉතිහාසය, ග්‍රාමීය
ජීවන රටා, ගැමි සංස්කෘතිය ආදී විෂයයන්ට අදාළව මම ඇඳපු චිත්‍ර. ගොඩාක් ගැඹුරට සොයලා
බලලා වගේම කරුණු අධ්‍යයනය කරලා වගේම මහන්සියෙන් ඇඳපුවා.
-මේ චිත්‍රවලට සතුටු නම්
මේවා අඳින්න.
-සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රයක් ප්‍රින්ට් එකක් අරන් කොටු ගහලා ලොකුවට
බිත්තියේ අඳින්න. ලංකාවට ආවේණික වැදගත්, අලුත් පරපුර දැනගත යුතු දේවල් මේ චිත්‍ර තුලින් සමාජයට පෙන්වමු කියන කාරුණික
ඉල්ලීම මම ඔබට කරනවා.
බුද්ධ රූප අඳිනවා නම් ඉහළ වැදගත් ස්ථානවල අඳින්න.
හොඳ හැඟීම්
දනවන සෞම්‍ය වර්ණ භාවිත කරන්න.
මේක චිකාගෝව නොවෙයි වගේම මෙහි ඉන්නේ ‘පන්ක්’ලත්
නොවන නිසා අපි අපේම දේවල් චිත්‍රයට නඟමු.......”
හම්බන්තොට ඉඳලා යාලටත්, ආපහු කොළඹටත් එන අතරේ...... (foto- කවි රවිහංස) |
මම සිතුම්ට මැසේජ් එකක් යැව්වෙමි.
මගේ අවශ්‍යතාවත්, අදහසත් කියා ඊට අවසරයත් සහයත්
ඉල්ලුවෙමි.
“හොඳයි.... මං හොයලා එවන්නම්.” නාඳුනන මට එවෙලෙම උත්තර ලැබිණි. දැන් ඒ
සිතුවම ‘පණ බේරපු කිරිල්ලී - දෙවැනි කොටස’ ලස්සන කරන්නට සැරසෙයි.
ස්තුතියි සිතුම්!
ඒ අස්සෙම මට මතක් වුණේ දෙසැම්බර් 12 වෙනිදා හම්බන්තොට
ඉඳලා කතරගම හරහා යාලටත්, 13 වෙනිදා නැවත කොළඹටත් එන අතරේ දුටු තාප්ප හැඩ කරමින්
හිටි කණ්ඩායම්ය.
අන්තිම කණ්ඩායම හිටියේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට
කිට්ටුව, පරණ කොට්ටාව පාරේ විද්‍යාලංකාර පිරිවෙනේ තාප්පය සරසමිනි. ඒ රාත්‍රී
නවයහමාරට විතරය.
එතකොටත් කොලු ගැටවුන් රෑනක්ම අම්බානකට වැඩය. 14 වෙනිදා
එතැනින් එනකොටත් දැක්කේ ඒ සීන් එකමය.
පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙන් තාප්පය විසිතුරු කරන්නට රෑ-දවල් නැතිව පරිප්පු කන කට්ටියෙන් ටිකක්.... |
‘හරෝහරා’ පෝස්ටුවලදී කියූ විදිහටම, මෙවර ඔකඳ
දේවාලයේ සිට කුමන- යාල වනෝද්‍යාන මැදින් කිලෝ මීටර් 100ක් පා ගමනින් යද්දී හමුවුණු
‘පිස්සු බුවෙකුගේ’ fb පෝස්ට්ස් ගොඩකුත් ඒ එක්කම මට මතක් වුණේය.
පොරට පිස්සු නැත, මං දැක්කේ එහෙමය. සමාවෙන්න කසුන් ප්‍රියලාල්.
දැන්
දන්නවනේ මං ලියන්නේ ඔයා ගැන මට හිතුණු
විදිහ ගැන අවංක හැඟීමය කියලා.
කසුන්ට පිස්සුය කියන තවත් අය නම් ඉන්නවාද කියලා මට
නිච්චි නැතත්, මිනිහත් ‘සහරාන්ලගේ කල්ලියේ එකෙකු වගේ’ කියලා නම් තවත් අය කියා
තියෙනවා මතකය. හැබැයි කසුන් හිත හොඳ එකෙකි!
කසුන්ව මට මතක් වුණේ එයාලා ‘කුරුඳුගහහැතප්මේ පාලම’ ලස්සන
කරමින් හිටි දවස්වල හැම මොහොතක්ම වාගේ, මහරගම හිටි මටත් fb එකෙන් දැකගන්නට ලැබී තිබුණු
නිසාය.
ඒ කල්ලියත් රෑ-දවල් වෙනසක් නැතිවය, ඒ වැඩේ කළේ.
රැල්ලටද මන්දා?
මේ රැල්ලත් සුනාමියක් වගේ වේවිද?
කුරුඳුගහහැතප්මේ පාලම ඔප කරන ශ්‍රී ලාංකේය දර්ශන....... (foto- කසුන් ප්‍රියලාල්) |
ටික දවසක් තිස්සේ හිතේ විශ්ලේෂණය කෙරෙමින් තිබුණු හිතිවිලි ඔන්න මතු වෙන්න
පටන් ගත්තා. පත්තර ටික කියවද්දීනෙ වැඩේ.....
හැම එකේම අඩු-වැඩි වශයෙන් මොනවාම හරි
තියනවා, මේ අඳින ඇඳිල්ල ගැන.
කවුරු හරි රට පුරාම කොල්ලන්ව අන්දලාද? එහෙමත් නැතිනං
එයාලටම හිතිලා බොක්කෙන්ම මේ වැඩේ කරනවද?
“ළිඳේ ගෙම්බා වගේ ඉඳගෙන කොහොමද සේරම විස්තර හොයාගන්නේ?
පන්නිපිටියට මහ දුරක්ය? පලයන්කෝ....
ගිහිල්ලා එතැන චිත්‍ර අඳින අයත් එක්කම කතා
කරලා බලපංකො.....”
නිමල් දිසානායකගේ චිත්තයා අණ කළේය.
‘කම්මැලියාට දිවැස්
තියෙනවා’ය කිව්වේ පැරැණි මුත්තෙකි.
මේ මුත්තාත් එහෙමය. ටෙලිෆෝනයෙන් හිතවත් ගවීන්ට කතා කළේ ඒ
නිසාය.
“ගවීන්, ලොකු උදව්වක් කරන්න ඕනේ. පන්නිපිටියේ ධර්මපාලේ
ගාවින් යනවා නම්, එතැන චිත්‍ර අඳින කට්ටිය දවල්ටත් ඉන්නවද කියලා බලාගෙන මට
කියන්නකෝ.”
තාප්පය හැඩ කරන තරුණ පිරිසට 'දෙරණ' නාලිකාවෙනුත් පුංචි සහයෝගයක්.......... |
මම එක හිත් හිතාගත්තෙමි.
දික්තලා දික්පිටියාත් එක්කම
ගඟෙන් එගොඩවී කැවුම් කකා, හුරතල් වෙවී යනවා දැකපු කාළගෝලයා හිතාගත්තා වගේ....
“මියෙම්වා... රැකෙම්වා.... තනියම වුණාට කමක් නැහැ. පන්නිපිටියටනේ. ගිහින් එනවා!”
මගේ අසනීපය නිසා, දෙකකුල් හිරිවැටී
තියෙන නිසා,
තනියම ලොකු දුරක නොයන මා ඊයේ ඒ ගමන ගියේ රසික ඔබ වෙනුවෙන් මේ පෝස්ටුව
ලියනවාමය කියලා හිතාගෙනය!
ඒ යද්දිත් 15-20ක් විතර වැඩය. එහා කොණේ සිට මෙහා කොණටම
ගිහින් බැලුවත් වැඩිහිටියෙක් හිටියේ නැත.
සේරම පැඟිරි ගැටවරයන්ය. ගැටවරියන්
දෙන්නෙකු විතරත් සිටියා දැක්කෙමි.
කකුළුවෙකු වගේ ඇස් ගෙඩි නෙරවාගෙන ඉබි ගමනින් ඇදෙන මගේ
දිහා එයාලා බැලුවාදැයි කියලා නම් මා දන්නේ නැත.
ඒත් කාවම හරි අල්ලා ගන්නට එපැයි.
මං කිට්ටු කර තිබුණේ දිනිඳු ලක්ෂාන් ළඟට බව දැනගත්තේ පස්සෙය! එයාගේ නම කිව්වාමය.
සඳුන් නිමාෂ, දිනිඳු ලක්ෂාන් හා පියුමා සංදීපනී තිදෙනාගේ එකතුවෙනි මේ පොස්ටුවේ ඉහළින්ම ඇති වෙස්මුහුණ සිත්තම් වුණේ! |
කලිසම කමිසයේත්
තීන්ත පැල්ලම්ය!
දිනිඳුත් සඳුන් නිමාෂත් එකතුවී හැඩ කරමින් උන්නේ මල් වැල් දෙකකි.
දිනිඳු,
සඳුන් හා පියුමා සංදීපනී තුන්දෙනාය එක අල්ලියක වෙස් මුහුණක් නිමවා තිබුණේ.
ඒ
තුන්දෙනා ගැන වැඩි විස්තර ඇහුවාම දිනිඳු දුන් උත්තරය, අද හැමතැනම දැකිය හැකි ‘අනුන්ගේ ළමයින්ට
වුණත් උප්පැන්න ලියාගන්නා වැඩිහිටියන්’ගෙ කණට ගැහුවා වගේ එකකි.
“අංකල්, අපට වැඩිය මහන්සි වෙච්ච අය ගොඩක් ඉන්නවනේ. එයාලා
ගැන නේද කියලා ඉන්න ඕනේ.”
ඒ ඔද්දල් නොවුණු තාරුණ්‍යයයි; තවමත් විස මුසු නොවුණු
අවංකකමයි. කිසිම විළි ලැජ්ජාවක් නැතිව තමන්ගේ හොරණෑව තමන්ම පිඹගන්න අයව අනුගමනය
කරන්නේ නැතිකමයි.
“කොණක ඉඳලා එපාය දිනිඳු විස්තර එකතු කරගන්න.
තරුණකම එහෙමය.... බොහෝවිට ඔවුන්ගේ හිත් කුහකකමින් පිරීතිරී නැත! |
“කොණක ඉඳලා එපාය දිනිඳු විස්තර එකතු කරගන්න.
එයාලගෙ
දහිරිය ගැනයි, වෙහෙස ගැනයි වගේම තව ගොඩක් දේවල් ලියන්න තියෙනවා.”
මේ දරුවන් ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වෙලා කරන්නේ හොද දෙයක් උනත් මේ කරන දේ ප‍්‍රමතියක් හා සීමාවක් ඇතිව කලයුතුයි කියන තැන මම ඉන්නවා. ගස් ගල් තාප්ප බස් නැවතුම් විතරක් නොවෙයි ලයිට් කණුවලත් ඉවක් බවක් නැතිව අදිනවා. අන්තිමේදි මේවා රටේ සල්ලි වියදම් කරගෙන අණ්ඩුවෙන් ඉවත් කරන තැනට පත්වෙයිද මන්දා. දැනටමත් ගුවන් පාලම් යට තියෙන කහ කළු හසාඩ් මොස්තරත් මකා දමලා. කොයි දේවලටත් සීමාවක් තියෙන්න ඔනේ.
ReplyDeleteමාත් ඔයා එක්ක එකඟයි අසංග. කුඩු කතත් තිරිත්තමක් ඇතිව කන්න කියලා ඉස්සර මිනිස්සු කිව්වේ ඔය ගැන තමයි!
DeleteOK... OK...
ReplyDeleteකසුන්, ok කිව්වේ ඔයා අලුතෙන් යමක් ලියන්න යනවා කියන එකද?
Deleteසිතුම් සුධාර නං ඇත්තටම චිත්‍ර ලෝකයෙ පූජාසනයක් මත වඩා හිඳුවන්න වටින කලා කාරයෙක්...
ReplyDeleteකොළ නැති ගහේ යන්නත් ඉඩ තිබෙනවා නේද?
Deleteඇත්ත රසික... ඒ උනාට එයාගෙ හැකියාව ඉතාම දුර්ලභ පිහිටීමක්...
Deleteඒ කතාවල් විසඳිලා ඉවරයි නේද? ඩ්රැකී කියනවා වගේ සිතුම්ගේ හැකියාව නම්... (මං මනුස්සයාව දන්නේ නම් නැහැ. ඩ්රැකී, එයාත් ඔයාලගේ පැත්තේ නේද?
Deleteඔව්. අපේ පැත්තෙ කියන්න පුළුවන් වෙියංගොඩ නිසා. ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන විදිහට අපට කොළඹ ඊට වඩා ළඟයි...
Deleteමිනීමැරුම් නඩුව විසඳිලා ඉවරද? මොකද්ද තීන්දුව වුණේ?
//කොල්ලුපිටියේ සිට ඇස් වාට්ටුව දිහාවට එද්දී පාරේ වම් පැත්තේ තාප්පයක මවා තිබුණු රටා මෝස්‌තර ටිකය. //
ReplyDeleteNext to Capri Club?
අනේ Pra Jay මං Capri Club එකක ගැන නම් දන්නේ නැහැනේ. ගොඩාක් ඉස්සර තමයි ඔහොම දැක්කේ පයින්ම යද්දී. දැන් කොහෙද. බස්වල යනකොට....
Deletehttps://www.tripadvisor.com/Restaurant_Review-g293962-d12177764-Reviews-Capri_Club-Colombo_Western_Province.html
Deleteහැබෑටම Pra Jay මගෙත් එක්ක තරහක් තියෙනවද මෙහෙම links එවන්නේ? ස්තුතියි!!
Delete:-)
ReplyDeleteමා වෙනුවෙන් ලිපියක් ලිවීම පිළිබඳව ස්තුතියි.
මීට
-රසික
මම ලියද්දී අදාළව යමක් තිබුණොත් ඒ ගැනත් ලියනවමනේ රසික. අනෙක් අතට ඔයාගේ පෝස්ට් එකේ තරුණ චිත්‍ර ශිල්පීන්ට ගන්නවා නම් පාඩම් ගොඩක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
Deleteමං පොඩි විහිළුවක් කළේ.
Deleteඒ ඔබේ ලිපියේ දෙ තැනකම "රසික ඔබ" වෙනුවෙන් ලිපියක් ලියනවා ය කියා සඳහන් වී ඇති නිසායි.
https://rasikalogy.blogspot.com/2016/11/warning-not-for-general-consumption.html
පෙනෙනවානේ.... මගේ කුලප්පුව නිසාත්, නොදැනුවත්කම නිසාත් වෙන ජන්ජාල. මට හිතුනා ඉකොනෝත් ඔයා වෙන්නැති කියලා. දැන් ඉතින් ඉකොනෝ මොනව කියාවිද මන්දා.
Deleteලින්ක් එකට ගියාමනෙ රසිකයන්ට අමතන එකේ භයානකකම දැක්කේ!
හිට්ලර් මිලියන ගණනක් මැරෙව්වා.
ReplyDeleteසිතුම් සුධාරට ඇත්තේ තම බිරිඳ මරා දැමීමේ චෝදනාව පමණයි.
අපි කවුරුත් පුහුදුන් මිනිස්සුනේ රසික. කාගෙ අතිනිත් වැරදි සිදුවෙන්න හැකියි. ඒ සිදුවීමේ සේරම මම නම් දන්නේ නැතත්, සිතුම්ගේ හැකියාව ගැන අගය කරනවා.
Deleteඅන්ගුලිමාලත් 999ක් මරලා වුණත් අන්තිමට රහත් වුණානෙ කියලයි මට මතක් වෙන්නේ.
ඔබ හිට්ලර්ගෙන් මෙම ලිපිය අරඹා සිතුම් සුධාර ගැනද සඳහන් කර ඇත්තේ මේ දෙදෙනාගේ සමානකමක් වෙන් වීමට යැයි කියා මට සිතුණා.
Deleteකෙසේ වෙතත් අංගුලිමාල ගොඩ ගිය අහෝසි කම්ම නම් කර්මය එක්කෝ අහෝසි කර දැමිය යුතුය එසේ නොමැති නම් නිවන් යාමට පෙර එවැනි මිනීමැරුමට විරුද්ධව නඩු අසා දඬුවම් දිය යුතුය යන්න මගේ අදහසයි.
මගේ වැඩවල හැටියට කෙනෙකුට ඔහොම අගමුල - පූර්වාපර සන්ධි ගලපලාය කියලා හිතෙන්නටත් ඇහැකි තමා. ඒත් මහත්තයෝ මට එහෙම සබඳකමක් ගැන හිතුනේවත් නැහැ.
Deleteමොකද සිතුම්ගෙ ඔය සිදුවීම් ගැන මං කියවා තිබුණේ කලකට ඉහතයි. ඒවා කොහොම විසඳුනාද කියලාවත් මම දන්නේ නැහැ, සත්තකින්ම!
ඔබතුමා හිට්ලර් ගැන කියපු කතාවටනම් එකඟ වෙන්න බෑ.
ReplyDeleteජාතික සමාජවාදීන් කලායැයි කියන අපරාධ බහුතරය ජාතික සමාජවාදීන්ගේ සතුරන්ගොතපු බොරු කතා.
උදාහරණයක් කිව්වොත් අවුට්විස්ට් වධ කඳවුර කියන්නේ ජර්මන් සංස්කෘතියට නොගැලපෙන අය ජර්මන් සංස්කෘතියට හුරු කරවීමේ පුනුරුත්ථාපන කඳවුරක්.
මේ කාලයේ චීනයේ උයිගර් මුස්ලිම්වරුන් සඳහාත් එවැනි ආයතන තියෙනවා. ගෑස් කාමර කතාව සෝවියට කාරයන්ගේ බොරුවක්.
තව දෙයක් කිවයුතුයි මම විශ්වාසකරන අන්දමටනම් ජාතික සමාජවාදීන් දිනුවනම් ඒක සිංහලයන්ට වාසියි.
එහෙනම් ලංකාව ටික කලක් ජපන් යටත් විජිතයක් වෙලා තියෙයි. ඉන්පසු සිංහල රටක් විදියට නිදහස ලබයි.
අද වෙලා තියෙන්නේ සිංහල දෙමළ සමානයි ඉංග්‍රීසි ඊට ඉහලයි කියන කාලකන්නි තත්වයනෙ.
ඉස්සෙල්ලාම ඔබතුමාගේ එකඟ නොවීම මොකක් ගැනද කියලා මට අපැහැදිලියි. දන්නවනේ, සමහර දේවලදී මං ටියුබ් ලයිට් එකක්.
ReplyDeleteහිට්ලර් චිත්‍ර ශිල්පයට ගිය එක ගැන නම් ඔබතුමා කියන්නේ, මගේ මේ පොස්ටුවේම 'වියානා කලා ඇකඩමියේ' වචන උඩින් ක්ලික් කළාම පෙන්වන මූලාශ්‍රය තමයි මම අදාළ කරගත්තේ.
ඒකාධිපති, ජන සංහාරක පද පිළිබඳව නම් ඔබතුමාගේ විරෝධය - එකට විරුද්ධව මං මොකුත් කියන්නේ නැහැ.
මොකද මෙතෙක් මට කියවන්නට ලැබී තිබෙන ලිපි-ලේඛන-පොත්, නරඹන්නට ලැබී තිබෙන නාට්‍ය- චිත්‍රපට වගේ දේවල් ගොඩක් ඇසුරෙනුයි මගේ හිතේ එහෙම ප්‍රතිරූපයක් මැවිලා තියෙන්නේ.
හැබැයි, ඒක වෙනස් කරගන්න බැරි තරමේ අනම්‍ය එකක් නෙවෙයි. ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා එහෙම මූලාශ්‍ර ටිකක් ගැනත් මාව දෑනුවත් කරන්නට හැකියි නම්. අපේ ආදරණීය පාඨකයනුත් ඒකට කැමති ඈති.
ඔබේ විශ්වාසයන් දරාගෙන හිටීමට ඔබතුමාට ඇති අයිතියටත් මාත් ඉහළින්ම ගරු කරනවා, මං ඒවා පිළිගත්තත්- නොගත්තත්. එහෙමයි මම 'ඇතුලෙත් ගැට- පිටතත් ගැට' අවම කරගන්නේ. හරි වැරද්දක් නම් දන්නේ නැහැ- ඒත් ඒකයි මගේ හැටි!
https://www.germanvictims.com/
Deleteසමහර ජාතික සමාජවාදීන් යුධ අපරාධ කලා වෙන්න ප්ළුවන්. ඔවුන්ට දඬුවම් කරලාත් ඉවරයි. ජාතික සමාජවාදය පිලිගන්න, එය ප්‍රචාරයකරන්න අයිතිය තිබිය යුතුයි.
Deleteසමාජවාදී නායකයෝ කෝටි ගානක් මිනිස්සු මැරුවා කියලා ඒක සමාජවාදයේ වරදක් හැටියට සලකන අය අඩුයි. මේකත් ඒ වෙගේ තමයි.
අනිත් කරුණ හිටිලර් කියන්නේ ඒකාධිපතියෙකුත් නෙමෙයි. එහෙනම් වින්ස්ටන් චර්චිල් කියන්නෙත් ඒකාධිපතියෙක්.
ජනමතවිචාරනයකින් ජර්මනියට එක්කෙරුණ ඔස්ට්‍රියාව යුද්දෙන් පස්සේ ඒකාධිපති විදියට වෙන් කෙරුනා. එව්වයි ඒකාධිපතිකම් කියන්නේ.
වචනවලට නිරුක්ති දීමේදී එකිනෙකා එකිනෙක අදහස් දැරීම පුදුමයක් නෙවෙයි. එකිනෙක කාලවලදීත් ඒවා වෙනස් වෙනවා. කාලෙකට ඉස්සර බොක්ක කිව්වම හිතට ආව දේ නෙවෙයි දැන් හිතට එන්නේ.
Deleteඉතින් ඔබතුමා දරන අදහස්වලට මගේ 'ඒකාධිපති' වචනයේ යෙදීමෙන් රිදුමක් වුණා නම් කනගාටුයි, හොඳේ!
ඔයා එවූ ලින්ක් එකට යන්නයි හදන්නේ. ස්තුතියි ඒකටත්, උනන්දුවෙන් අදහස් කීම ගැනත්!
ඔබ එවූ ලින්ක් එකටත් ගිහින් බැලුවා. ඇත්තම කියනවා නම්, මගේ... මගේ හැඟීම ඒ ලිපිය වුණත් ඒකපාර්ශ්වික එකක් බවයි. සමහර විට මන් වැරදි වෙන්නත් ඉඩ තියෙනවා.
Delete