එක ශුක්‍රාණුවක් හදන්න දවස් 72ක් විතර යනවා......... |
“එක ශුක්‍රාණුවක් හදන්න දවස් 72ක් විතර යනවා😂😂😂. ඒත් දෙන්න කිසිම ලෝබකමක් නැහැ.❤❤❤” එහෙම
කියලයි අපි ගියවර පෝස්ටුව නැවැත්තුවේ.
“......මිලියන 2ක් අතේ තියන් මාසෙකට එකක් දුන්නත් කාන්තාව ඒක දෙන්නේ ආණ්ඩුවෙන් නොමිලේ
දෙන පෝෂණ මල්ලක් වගේ බොහොම අකමැත්තෙන්😒😒. ඒ අකමැත්ත එයා පෙන්නන්නෙ කාන්තාවට යටි බඩේ
වේදනාව, හිසරදය වගේ රෝග ලක්ෂණ
දීල..
ඒත් පිරිමි ඒම නෑ. බොහොම කැමැත්තෙන් බොහොම
සාමකාමීව මිලියන 70ක් එකපාර දෙනවා.
ඊළඟ කතාව කාන්තාවගෙන් එකක් ගන්න මාසයක්
තිස්සේ බලන් ඉන්න ඕනෙ😒. ඒ වෙලත් සමහර මාසවල දෙන එක දෙන්නෙත් නෑ😢😢
පිරිමි ඒම නෑ.😍 දැන් ඕනද? දැන් දෙන්නම් මිලියන 70ක්. ත්‍යාගශීලී
බව කොහොමද?
කාන්තාව මාසෙකට එකක් දුන්නත් ඒක වලංගු පැය
24යි. ඒකෙනුත් එයා සජීවීව ඉන්නේ පැය 12යි.
ඒත් පිරිමි ඒම නෑ. දැන් ඕනෙද? දැන් දෙන්නම් මිලියන 70ක්! |
ඒත් පිරිමි ඒම නෑ😎. වරකට මිලියන 70ක් දෙනවා වගේම ඒවා පැය 72ක්
සජීවීව තියෙනවා.
ඉතින් මචං තේරුම් ගනින්
. ගෑනුන්ගේ ලෝබකම සෛලවල ඉඳන් එන දෙයක්
. ඒවා ඉතින් අපිට වෙනස් කරන්න බෑ👌👌👌
(උපුටා ගැනීමකි.)
ඒ පෝස්ටුව ජීව විද්‍යාව හදාරපු කෙනෙකු
නිර්මාණය කළ එකක් වගෙයි. හැබැයි එය නිමවද්දී එයාගේ මුඛ්‍ය පරමාර්ථයට ගැළපෙන විදිහට
සමහර කාරණා යන්තමට එහෙ-මෙහෙ කරගෙන. ‘අසිරිමත්වූ දේකි’ පොතේ එහෙම නෙවෙයි, විදුහුරු
- සත්‍ය තොරතුරුම ගැබ් වෙනවා!
දැන් අපි බලමුකෝ පොතේ 9 පිටුවේ ඉඳලා.
“ද්විතීය ලිංගික ලක්ෂණ ඇති වන්නේ කොහොමද?
මේ වෙනස ඇති වන ප්‍රධාන හේතුවක් තමයි ශරීරය
වැඩෙන විට, එනම් ළමයෙක් උස් මහත්වී ලොකු වන විට ශරීරය ඇතුළේ නිපදවන හෝමෝන නම් වූ
රසායනික ද්‍රව්‍යවල බලපෑම.
මේ වගේ හෝමෝන වර්ග කිහිපයක්ම ශරීරයේ ඇති
නොයෙක් ග්‍රන්ථීන්ගෙන් නිපදවෙනවා.
ද්විතීය ලිංගික ලක්ෂණ ඇතිවන්නේ... (පොතේ 10, 11,12 පිටු) |
මෙයින් ප්‍රධාන වන්නේ මොළේ පහත කෙළවර පිහිටා තිබෙන පිටියුටරි
නම් ග්‍රන්ථියයි.
තරමක කජු මදයක් තරම් වූ මෙම ග්‍රන්ථිය හෝමෝන ජාති කිහිපයක්ම
නිපදවනවා. මේ හෝමෝන ලේත් එක්ක එක්වී කලවම් වෙලා ශරීරයේ ඇති අනෙක් හෝමෝන නිපදවන ග්‍රන්ථීන්
කරා පණිවිඩ අරන් යනව. ඒ මඟින් ඒ ග්‍රන්ථීන් හෝමෝන නිපදවීමට උත්තේජනය කරනව.
යම් කෙනෙකු ශරීරයෙන් හා මනසෙන් වැඩෙන විට
පිටියුටරි ග්‍රන්ථියද වැඩෙමින් හෝමෝන නිපදවීමට පටන් ගන්නව.
මෙම පිටියුටරි හෝමෝනවල උත්තේජනය නිසා දැන්
ශරීරයේ අනෙකුත් හෝමෝන නිපදවන ග්‍රන්ථීන් වැඩ කරන්න පටන් ගන්නව.
ද්විතීය ලිංගික ලක්ෂණ ඇති වෙන්නේ මේ අනෙකුත්
ග්‍රන්ථීන්ගේ හෝමෝනවල බලපෑම නිසයි. මේ ග්‍රන්ථීන් වකුගඩුවල මුඳුනේත් වෘෂණවල හා
ඩිම්බ කෝෂවලත් පිහිටා තිබෙනව. වෘෂණවලින් හා ඩිම්බ කෝෂවලින් නිපදවන හෝමෝනවලට ලිංගික
හෝමෝන කියලයි කියන්නෙ.
මෙයින් වඩාත්ම වැදගත් වන්නේ වෘෂණ කෝෂවලින් නිපදවන
ටෙස්ටස්ටරෝන් නම් හෝමෝනයත්, ඩිම්බ කෝෂවලින් නිපදවන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන්
නම් හෝමෝනත් තමයි.
පිරිමි ළමයෙකු ලොකුවී තරුණයෙකු වෙනවිට......... |
අප මුලින් කිව්ව වකුගඩුවල පිහිටා ඇති ග්‍රන්ථියෙනුත්
මේ හෝමෝන වර්ග තුනම බොහොම ටිකක් නිපදවනව.
පිරිමි ළමයෙක් ලොකු වී තරුණයෙකු වන විට ඇති වන වෙනස ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිසාත් සිදු වෙනව.
පිරිමි ළමයෙක් ලොකු වී තරුණයෙකු වන විට ඇති වන වෙනස ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිසාත් සිදු වෙනව.
බැරි වෙලාවත් මේ ග්‍රන්ථි වැඩ කරන්නේ නැති
වුණොත්?
ඇත්තටම මේ ග්‍රන්ථි වැඩ කෙරුවේ නැත්නම් එහෙම
කෙනෙකුට ජීවත් වෙන්න බෑ. මැරෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඇති වන්නේ නැහැ.
ඒ වුණාට අප මුලින් කිව්ව පිටියුටරි ග්‍රන්ථියේ
මේරීම, ඒ කියන්නේ වැඩීම ඉක්මන් වෙන්න හෝ ප්‍රමාද වෙන්න පුළුවන් නිසා තමයි සමහර
අයගේ ඉක්මනටත්, අනිත් අයගේ පමා වෙලත් ද්විතීය ලිංගික ලක්ෂණ ඇති වන්නේ.
ඒ වුණාට ඒක ලෙඩක් නම් නොවෙයි. එය ඔබෙත්
මගෙත් හැඩරුවේ හා උස මහතෙ ඇති වෙනස්කම් මෙන් ඉතා අහිංසක වූ වෙනස්කමක් විතරයි.
ඔව්! මේ කාලයේදී මනසෙනුත් තරුණ බවක් ඇති වෙනවා!! |
ළමයෙක් තරුණයෙක් වෙනකොට ශරීරයේ මෙන්ම මනසේත්
වෙනස්කම් සිදුවෙනවද?
ඔව්. මේ කාලයේදී මනසෙනුත් තරුණ බවක් ඇති වෙනව.
මනසේ ඇති වන මෙම තරුණකමට බොහෝ විට පරිසරයත් බලපානව.
ඔබ කුඩා කල ඔබත් එක්ක සෙල්ලම් කරපු ළමයෙක්
ගැන හිතන්න.
තරුණ ඔබ ඒ ළමයා ගැන බලන්නේ කොච්චර වෙනස් විදියකටද? ඔබට ඔහු හෝ ඇය ගැන
දැන් හිතෙන්නේ කොයි විදියකටද? එදා අහිංසකව ඔබ සමඟ සෙල්ලම් කළ ඇගේ රුව අද කොච්චර
ලස්සනද? ඔහුගේ අද දකින්න තියෙන්නේ කොයි තරම් කඩවසම් පෙනුමක්ද?
මේ විදිහට ඔබේ සිතේ කිසියම් වෙනස් හැඟීම්
ගොඩක් ඉපදෙනව. ඔබේ හිත දැන් ඈ හෝ ඔහු කෙරේ පෙර නොතිබුණු අමුතු හැඟීම් රැසකින්
බැඳිලා.
ඇය හෝ ඔහු කෙරේ පමණක් නොව ඔබ අවට සිටින හුඟක් දෙනා කෙරේද මෙවැනි අමුතු
හැඟුම් ඔබ තුල දැන් ඇති වෙනව.
ඇයි එහෙම වෙන්නේ? මේ වෙනස මොකක්ද? ඔබ මේ ගැන
මෙතනින් නවතිනවද?
තව තවත් කැපී පෙනෙන්නට උත්සාහ කරනවා....... |
නෑ. ඔබ ගැනත් ඔබ හිතනව. ආඩම්බර වෙනව. තවතවත්
කැපී පේන්න උත්සාහ කරනව. ඇත්තෙන්ම ඔබ දැන් තරුණ වයසට ඇවිල්ල.
එහෙම නැත්නම් තරුණ වයස ඔබ කෙරේ ඇවිල්ල. ඔබේ මනසේ ඇති වන මේ වෙනස්කම් තරුණකම හින්දයි.
එහෙම නැත්නම් තරුණ වයස ඔබ කෙරේ ඇවිල්ල. ඔබේ මනසේ ඇති වන මේ වෙනස්කම් තරුණකම හින්දයි.
මේ වගේ තරුණ හැඟීම්වලින් වැරැද්දක් එහෙම
වෙනවද?
මේ වගේ හැඟීම් ගැන ලජ්ජා වන්න හෝ පැකිළෙන්න
දෙයක් නෑ. ඒක සාමාන්‍ය දෙයක්. එය ස්වභාවිකයි. තරුණකමේ ස්වභාවයයි ඒ.
ඔබ ඒ ගැන
ආඩම්බර වෙන්න ඕනෑ. එම තරුණකමේ හැඟීම් මත ඇති වන උනන්දුවෙන් තමයි තම වර්ගයාගේ
බෝවීමට මඟ පෑදෙන්නෙ.
වර්ගයාගේ බෝවීම ඇති වන්නේ කොහොමද?
බෝවීම කියන්නේ එක ජීවියකුගෙන් තවත් ජීවියකු
ඇති වීමයි.
එක සෛලයක් ඇති ජීවියකු වන ඇමීබා වැනි
සතුන්ගේ බෝවීම සිදු වන්නේ හුඟක්ම සරල විදියකටයි. උන් බෝවන්නේ දෙකඩ වීමෙනුයි.
නමුත්
ජීවීන් හැදී තිබෙන විදිය වැඩියෙන් සංකීර්ණ වෙන විට ඒ සම්බන්ධ අනෙක් කටයුතුද ඒ වගේම
සංකීර්ණ වෙනවා.
ශුක්‍රාණුවක් නැතහොත් පුරුෂ බීජයක් ගැහැනියෙකුගේ සිරුර ඇතුලේ හැදෙන ඩිම්බයක්..... |
එකකට වඩා සෛලයන් ඇති (බහුසෛලීය) හයිඩ්‍රා වැනි සමහර ජීවිනුත් දෙකකට
වෙන්වීමෙන් දෙකක් හැදෙනව.
නමුත් කිරි බී හැදෙන (ක්ෂීරපායී) සතකු වන මිනිසාගේ බෝවීම
මීට වඩා වෙනස් විදියකටයි සිදු වන්නේ.
මෙහිදී දෙදෙනෙකුගේ එක්වීම ඕනෑම කරන දෙයක්.
පිරිමියකුගේ ශරීරය තුල නිපදවන ශුක්‍රාණුවක් නැතහොත් පුරුෂ බීජයක් ගැහැනියකුගේ
ශරීරය ඇතුළේ හැදෙන ඩිම්බයක් නැතහොත් ස්ත්‍රී බීජයක් හා එකතුවී සාරවත් පරිසරයක
කළලයක් ලෙස වැඩීම මෙහිදී වැදගත් වෙනවා.
කළලයක් කියන්නේ ස්ත්‍රී පුරුෂ බීජ එකතු වී
හැදෙන දරුවාගේ මුල් අවස්ථාවයි.
නමුත් මිනිසාගේ බෝවීම ගැන තව කතා කරන්න ඉස්සර වෙලා
ගැහැනු හා පිරිමින්ගේ ලිංගේන්ද්‍රිය පද්ධතීන් පෙළ ගැන හොඳ දැනුමක් ලබා ගන්නට ඕනෑ.
ලිංගේන්ද්‍රිය පිහිටා තිබෙන්නේ කොහොමද?
ශිෂ්ණය නම්වූ අවයවයකුත්, වෘෂණ නම්වූ අවයවයන් දෙකකුත්....... |
මේ චිත්‍රයේ පෙන්වන්නේ පුරුෂ ලිංගේන්ද්‍රිය පද්ධතියේ පිහිටීමයි. ශිෂ්ණය නම් වූ අවයවයක් හා වෘෂණ නම් වූ තවත් අවයව දෙකක් මෙහි පෙනෙන්න තියෙනවා.
වෘෂණ, ලෝම සහිත සමකින් ආරක්ෂා වෙලයි
තියෙන්නේ. ඒවා අරළු ඇට තරම් වූ අවයවයන් බව සෙමෙන් අල්ලා බැලුවොත් ඔබට පෙනේවි. එය
තදින් ඇල්ලුවොත් වේදනාවක් ගෙන දෙනව.
මේ වෘෂණවල පිටිපස පෙදෙසේ හා එහි උඩ කොටසේ දරන ගැසුණු යමක් තිබෙන බව, තව දුරටත් පරීක්ෂා කළහොත් ඔබට පැහැදිලි වේවි.
මේ වෘෂණවල පිටිපස පෙදෙසේ හා එහි උඩ කොටසේ දරන ගැසුණු යමක් තිබෙන බව, තව දුරටත් පරීක්ෂා කළහොත් ඔබට පැහැදිලි වේවි.
මේවා නම් වෘෂණවල
නිපදවන ශුක්‍රාණු ගෙනයන ශුක්‍ර නාලය හා වෘෂණවලට ලේ ගෙනයන නහරයි.
වෘෂණයේ ඇතුළත තිබෙනවා සියුම් නාලිකා වගයක්. ඒවා
ඇතුළේ තමයි ශුක්‍රාණු නිපදවන්නේ.
ඒ නාලිකා අතර ඇති සෛලවලින් අප මුලින් කිව්ව හෝමෝනත් නිපදවනව.
ඒ නාලිකා අතර ඇති සෛලවලින් අප මුලින් කිව්ව හෝමෝනත් නිපදවනව.
ඔබ ශිෂ්ණය අතගා බැලුවොත් එය ඉතා මොලොක් දෙයක්
බව ඔබට තේරේවි.
නමුත් එය ප්‍රාණවත් වූ විට නම් හුඟක් ශක්තිමත් බවක් ඇති වෙනව. මෙය
සිදු වන්නේ ශිෂ්ණය ඇතුළේ ඇති ලේ නහර (රුධිර අවකාශ) තුලට ලේ පිරී යාමෙන්.
මේ ලේ,
නහර තුලට පිරෙන්නේ ඒ සඳහා මනසෙන් ලැබෙන උත්තේජනය සමඟ හෘදය වේගයෙන් ස්ඵන්දනය
වීමෙනුයි.
මේ විදියට ශිෂ්ණය පණ ගැන්වීමත් සමඟම එය ටිකෙන්-ටික ලොකු වෙනව. එහෙම වෙන්නේ..... |
මේ විදියට ශිෂ්ණය පණ ගැන්වීමත් සමඟම එය
ටිකෙන් ටික ලොකු වෙනව. මෙය සිදු වන්නේ ශිශ්ණයට ඇතුළු වූ ලේ පිටවී යාමට තියෙන නහර,
ශිෂ්ණය විශාල වීමත් සමඟ ඇහිරී යන නිසයි.
ශිෂ්ණයේ සම සෙමෙන් පිටිපසට ඇද්දොත් ශිෂ්ණයේ
හිස රෝස පාටට දකින්න පුළුවන්.
එහි කොනේ සිදුරක් තියෙනව. එය මුත්‍රා
මාර්ගයේ සිදුරයි.
මේ සිදුරෙන්ම තමයි ශුක්‍ර තරලය පිටවෙන්නෙත්.
ශිෂ්ණ හිස සෙමෙන්
පිරිමදින විට එය සියුම් ලෙස හිරිවැටෙන ගතියක් ගෙන දෙනව. මේ ගතිය වැඩියෙන්ම
තියෙන්නේ මුත්‍රා මාර්ගයේ සිදුර කිට්ටුවම ඇති හරියේ හා ශිෂ්ණ හිසේ උස්ව පිහිටා ඇති
දාරයෙයි.
සංසර්ගයේදී වැඩි සතුටක් ඇති වීමට මේ කියන
පෙදෙස ඉතාම වැදගත්. ශිෂ්ණයේ හිස සෝදා පිරිසිදුව තබාගන්න ඕනෑ.
මෙම සුදුපාට දේ නිසා
ශිෂ්ණයේ පිළිකාවක් වුවත් ඇති වෙන්න පුළුවන් බව දැන් සොයාගෙන තියෙනව.
ශිෂ්ණයේ යටි පැත්තේ තිබෙන දාරය සෙමෙන්
එබුවොත් ඔබට අහුවෙන්නේ මුත්‍රාශයෙන් මුත්‍රා රැගෙන එන මුත්‍ර නාලයයි.
ශුක්‍ර
නාලයත් ඇවිත් වැටෙන්නේ මෙම මුත්‍ර නාලයටම බව ඒ රූපය හොඳට බැලුවොත් ඔබට පෙනේවි.
සංසර්ගයේදී ශුක්‍ර පිටවෙන්නේ මෙම ශුක්‍ර කෝෂයේත්, ශුක්‍ර නාලයේත් ඇතිවන..... |
මේ කියන ශුක්‍ර නාලය මුත්‍ර නාලයට වැටෙන්න
මොහොතකට ඉස්සෙල්ල එයින් මතුවන මල්ලක් වැනි අවයවයක්ද ඒ රූපයෙන්ම දකින්න පුළුවන්.
මෙය තමයි ශුක්‍ර කෝෂය.
ශුක්‍ර නාලවලින් ගෙනෙන ශුක්‍රාණු මෙහි ගබඩා කරනව.
සංසර්ගයේදී ශුක්‍ර පිට වන්නේ මෙම කෝෂයේත් ශුක්‍ර නාලයේත් සිදු වන තදබල හැකිළීම
නැතහොත් සංකෝචනය නිසයි.
සාමාන්‍යයෙන් සංසර්ගයට කලින් ප්‍රාණවත් වූ
ශිෂ්ණයෙන් දියර වර්ගයක් පිට වෙනවා. නමුත් මේ දියරය ශුක්‍ර නෙවෙයි.
එය නිපදවන්නේ
ශිෂ්ණයේ මුලට ඇතුළතින් ශරීරය ඇතුළේ පිහිටා ඇති කෞපර් හා පුරස්ථිත නම් ග්‍රන්ථීන්වලිනුයි.
ශුක්‍ර කෝෂයෙනුත් මේ වගේම දියරයක් ගලනව. සංසර්ගයේදී ශුක්‍ර කෝෂයෙන් සහ මේ ග්‍රන්ථීන්වලින්
ගලන දියර ශුක්‍රාණු සමඟ මිශ්‍ර වෙලා ශිෂ්ණයෙන් පිටවෙනවා.
මෙසේ එක වරකට පිටවන ශුක්‍ර ප්‍රමාණය තේ
හැන්දක් (මිලි ලීටර් 5ක්) විතර ඇති.
ශුක්‍ර හැදී තිබෙන්නේ කොහොමද? ඒවායේ ඇත්තේ
මොනවාද?
ශුක්‍ර හැදී තියෙන්නේ මොනවායින්ද? ඒවායේ ඈත්තේ මොනවාද? |
ශුක්‍රවල තියෙන්නේ ශුක්‍රාණු හා ඒවා
පාවෙමින් තියෙන දියරයයි. මෙම දියරය හැම අතින්ම කෙළවලට සමානයි. මෙහි ශුක්‍රාණු ඇති
නිසා තමයි එහි සෙම වගේ උකු ගතියක් ඇතිවෙලා තියෙන්නෙ.
සාමාන්‍යයෙන් ශුක්‍ර මිලි ලීටරයක ශුක්‍රාණුවන්
කෝටි හතරක් (4) පමණ ඉන්නවා.
ශුක්‍රාණු එක සෛලයකින් සෑදුණු ඉතා කුඩා
ජීවීන් වගෙයි.
කුඩා දේ ලොකුකර බලන උපකරණයක (අන්වීක්ෂයක) දමා බැලුවොත් එහි නියම හැඩය ඔබට දකින්න පුළුවන්.
කුඩා දේ ලොකුකර බලන උපකරණයක (අන්වීක්ෂයක) දමා බැලුවොත් එහි නියම හැඩය ඔබට දකින්න පුළුවන්.
ඉස්ගෙඩියෙකුගේ හැඩයක් ගන්නා- එනම් ලොකු
ඔළුවක් හා සිහින් වලිගයක් ඇති මේ ශුක්‍රාණු එම දියරයේ ඒ මේ අතට පිහිනන හැටිත්
අන්වීක්ෂය තුලින් ඔබට පෙනේවි.
සංසර්ගයේදී යෝනි මාර්ගයේ තැන්පත් වන ශුක්‍රාණුද
මෙලෙසම ඒ මේ අත පිහිනා අන්තිමේදී දරු බොක්කේ (ගර්භාෂයේ) කට තුලින් රිංගා එයට ඇතුල්
වෙනව.”
කොටින්ම කිව්වොත් මාසයකදී පිට කරන ශුක්‍රවල ශක්තිය ආයෙමත් ලබාගන්න එකම-එක....... |
ඒ 13 වෙනි පිටුව දක්වා කොටසයි. 14 වෙනි
පිටුවේ උඩම කොටසත් ඔන්න යොදාගන්නවා.
“මේ තරම් සෛල ප්‍රමාණයක් පිටවීමෙන් ඇඟට
නරකක් එහෙම වෙනවාද?
ශුක්‍ර දියරය කෙළ වැනි දෙයක් යැයි මා ඔබට
මුලින් කිව්වා. මේ දියරයේ ජලය, ලුණු හා සීනි හැරුණාම වෙන සැලකිය යුතු දෙයක් නැහැ.
එක මිලි ලීටරයකට සෛල කෝටි හතරක් කියල කිව්වට ඒකට කලබල වෙන්න ඕනෑ නෑ.
ආහාර
මාර්ගයෙන් හා සමෙන් අප නොදැනුවත්වම එක දවසකට ගෙවී යන සෛල ගණන මෙයට වඩා දහස් ගුණයකට
වැඩියි.
කොටින්ම කිව්වොත් මාසයකදී පිට කෙරෙන ශුක්‍රවල ශක්තිය ආයිමත් ලබාගන්න එක
කිරි තේ කෝප්පයක් බිව්වම හොඳටම ඇති. ඒ විස්තර කළේ පිරිමින්ගේ ලිංග පද්ධතිය හා එය
වැඩ කරන හැටියි.....”
පෙනෙනවා නේද, මං මුලදී කිව්ව කාරණය....
කාන්තාවන්ගේ ලෝබකම උලුප්පා පෙන්වන්නට කළ.... |
විහිලුවට වගේ කාන්තාවන්ගේ ලෝබකම උලුප්පන්න
නිර්මාණය කළ ඒ පෝස්ටුවෙන් කියවුණු කරුණුත් එක්ක, දැන් කියවෙන මේ තොරතුරුවල
වෙනස්කම්.
ඒවා සැසඳීම බුද්ධිමත් ඔයාලටම බාරයි.
“ඔන්න මචං මහා එපා කරපු නොසන්ඩාල කොල්ලෙක්
හිටියා.... අම්මා, තාත්තා, ටීචර්ලා කිසිම කෙනෙක් කියන දෙයක් සත පහකට ගණන් ගන්නෙ
නෑ.
හෙණ ඇම්ඩා... හැබැයි කොල්ලා දක්ෂයා.
චිත්‍ර අඳින්න රුසියා. දවසක් ඉස්කෝලෙදී
චිත්‍ර පාඩම වෙලාවේ, පංති බාර ටීචර් ළමයින්ට වැඩක් පැවරුවා....
-ඔය ළමයි දැකලා තියෙන දේවල්වලින් කැමති ඕනෙම
එකක් කොළේක අඳින්න. හරියටම ඇත්ත වගේ පෙනෙන්න අඳින්න. බලමු, කවුද හරියටම චිත්තරේ
අඳින්නේ කියලා-.... ටීචර් කිව්වා.”
ඇඳපු චිත්‍ර දිහා ඉතිරි කොටසෙදී බලමු නේද ......
ReplyDeleteහොඳ ලිපියක් ස්තුතියි. ඇයි බුදු මහත්තයෝ අර ඇඳ පුරාම ලේ පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ............
සුමතිපාල මහත්තයාත් මාතලන්ගේ සින්ඩියෙන් පාර හොයාගෙන වගෙයි පෙනෙන්නේ. අනේ සාදු!
ReplyDeleteස්තුතියි ගොඩාරියක්!
ආයේ එන්න විවේක වෙලාවට!
නිදි,ඔය පොත් චිත්‍ර කාගේද?
ReplyDeleteබන්දුල පීරිස් හා පාල පීරිස් කියන චිත්‍ර ශිල්පීන්ගේ කියලයි පොතේ සඳහන් වෙන්නේ.
Deleteපිට කවරය සෝමසිරි හේරත් මහතාගේ.
සිරිබිරිස් උන්නැහෙගේ ප්‍රශ්නයට සවිස්තර පිළිතුරක් දෙන්න හිතාගෙන මර්වින් බොතේජු මහතාගෙන් මම ඇහුවා මේ පීරිස් දෙකට්ටුව පොත සකස් කිරීමේදී දායක වුනු හැරල්ඩ් පීරිස් මහතාගේ සොහොයුරන්ද කියලත්. නැහැයි කීවා.
මේවත් කතා කරන්න ඕනේ මාතෘකා. අර කතාව සම්පූර්ණ කරන්න කට නලියනවා. ඒත් ඉතිං ඔබතුමාට ම කියන්න ඇරලා නිකම් ඉන්නම්..
ReplyDeleteගොඩාරියක් ස්තුතියි, අඟහරු උන්නැහේ- මම පටන් ගත්තු දේ මටම කියලා ඉවර කරන්න හැරියාට!
Deleteරසවත් ලිපියක්.. මේ මාතෘකා ගැන ඉදිරියටත් ලියන්න. ඔබතුමාට ජය මහත්තයෝ..
ReplyDeleteගොඩක් ස්තුතියි සිරිසේන මහතාණෙනි. දැනටමත් මේ පෝස්ටු මාලාවේ අටක් ලියවිලා තියෙනවා. කියවා බලා අදහස් දෙන්නටයි මේ ඇරයුම් කරන්නේ.
ReplyDelete