ශ්‍රමදානයට අපි ඔක්කොම ගියා තමයි! |
උදම් වෙන්න හැකි තරමක ජය ලබලා
උදම් නොවී කර බාගෙන ඉවසාලා
සිතින් සතුටු- පැමිණිය මඟ සිහි කරලා
හිඳියි බහුතරය, හොඳටම සංසිඳිලා
ලැබූ ජය නියම විජයක් කර ගන්න
තියෙයි අපට හොඳ හැටියට වෙහෙසෙන්න
එකට එකතුවී කැපවීමෙන් ඔන්න
ඒ කටයුත්තෙ නියැලෙමු ‘අරමුණු ලෙසින’
ශ්‍රමදානයට අපි ඔක්කොම ගියා තමයි
පැරණි හොරුන් එළවා දැමු බවත් සැබැයි
එතැනින් සටන අහවර නෑ- ඇත්ත එයයි
දිනුමට වැඩිය අසීරු එය රැක ගැනුමයි!
අනුන් කරෙන් ගිය ගමනක් හිමි නොවෙන
තමන් වෙහෙස වීලා කටයුතු කරන
රට වෙනුවෙන්ම කැප වී පෙරටම ඇදෙන
‘උගත් නවක පිරිසකි- මේ රට දිනන’
පළපුරුද්ද නම් ඔවුනට ඇත්තෙ නැත
එකසිය පහළොවක් අලුතින් පත්ව ඇත
එනමුත් ඔවුන් උගතුන් බව
නම් පෙනෙත
ඔවුන් එක්ව රට ගොඩ ගන්නවා ඇත
සිරිලක සිව් දෙසින් එකතුව ජනතාව - එකාවන්ව ඡන්දය දී පළ කෙරුව... |
ඔවුනට හුරුයි පොඩි ජනයගෙ කුසගින්න
ඔවුනට තමයි හැකි සිරිලක ගොඩ ගන්න
ඔවුනට ලැබේවා දිරි- සවි අනුප්‍රාණ
සිරිලක සිව් දෙසින් එකතුව ජනතාව
එකාවන්ව ඡන්දය දී පළ කෙරුව
‘රිස්ස’ නොසිඳ වැඩි කරගත්තොතින් තව
දෑ කුල භේද යනවා ඇත අහෝසිව
විකිණුණු නමුදු පක්ෂ පවා මිල මුදලට මෙරට තුළ
පුරවැසි දන සිටිති තම ප්රතිපත්තිවල
මුදලට ගිජුව ඡන්දය දුන් දනන් කැල
දැන් නැත ලක්බිමේ - ඔවුනට ලැබිල මොළ
තුන හැට නවය කෙරුවෙත් පොදු ජනතාව
හැට නවයම තුනට දැම්මෙත් ජනතාව
සිය ගණනක් ගෙදර යැව්වෙත් ජනතාව
තමන් සතු බලය පෙන්නුවෙ ජනතාව
මාලිමා ගමන යං සංහිඳියාවේ! |
අනුන් දුකේදිත් කඳුළක් උනන ඇහැක්
සහිත තෙතමනය ඇති, අය හිටින රටක්
බිහිකොට ගනිමු; වෙයි සිරිලක සුරපුරයක්
වංචා නොකර සේවය ඉටු කරන දැයක්
යුතුකම තිතට කෙරුමට හුරුපුරුදු දැයක්
අභිමානයෙන් යුතු පුරවැසි සමාජයක්
ඇතිකොට ගැනුම අප හැමගේ වගකීමක්
පොඩිසිංඤොලගෙ සෙත සැලසෙන ආණ්ඩුවක්
හොරුන්ගෙන් තොරවු පිරිසිදු ආණ්ඩුවක්
නීතිය හැමට සමාන වෙන ආණ්ඩුවක්
ගොඩනැඟෙනවා නිසැකයි, නෑ කිසිම සැකක්
විවේචන කරන අය ඔහෙ කෙරුවාවේ
කකුලෙන් අදින අය එහෙමත් ඇද්දාවේ
කුලප්පුව තියෙන ඈයොත් හිටියාවේ
මාලිමා ගමන යං සංහිඳියාවේ
අල්ලස දූෂණය මුලිනුපුටා දැමෙන
අවනීතිය නොවෙයි නීතිය රජ කෙරෙන
දියුණුවෙ ඉනිමගේ හිණි පෙත්තට නඟින
රජයක් පත් කෙරේවා- ජන හද දිනන!෴O෴
ඇත්තේ වරදිමින් වැරදි හදාගනිමින් යාමට සිදුවන ගමනකි. හැටඅටලක්ෂයේ ඉවසීම හා අවබෝධය ඊට අත්‍යවශ්‍ය ය.
ReplyDeleteනිදිගේ කවි හැකිය අද දින ඉස්මතු වූවා
ReplyDeleteහදේ පැතුම මනරම් ලෙස කවි කෙරුවා
ජය ලැබ දැනට රට හෙමිහිට නැගිටීවා
ඉවසා සිටිමු හෙට තව බෝ දේ වේවා
අජිත්
Deleteඇත්තටම මම හිතන්නේ අගමැති ධුරයට ටිල්වින් සහෝදරයා පත්කළ යුතු බව, අප ඇතුලු බොහෝ දෙනෙකු ඔහුට ඉතාම කැමතියි. නමුත් අවාසනාවකට ඔහු තනතුරු බාරගන්න කැමති නෑනේ.
ඊළඟට අගමැති ධුරයට වැඩිම මනාප ලබාගෙන තිබෙන විජිත හේරත් සහෝදරයා ඉතාම සුදුසුයි. නමුත් අවාසනාවකට වගේ අප වසර ගණනාවක සිටම කැපවී ආරක්ෂාකර පක්ෂයට මෑත කාලයේ එකතු වී දේශපාලනයේ ඉහළට ආපු කිසිම දේශපාලන දැනුමක්, පරිචයක් නැති බොල්ම චරිතයක් තමා හරිනි අමරසූරිය කියන්නෙ.මම ඇයගේ කතා බොහොමයක් අහලා තියෙනවා මෙලෝ රහක් නෑ.මොකක් හරි වාසනාවක් තිබිලා තියෙනවා රටේ අගමැති වෙන්නත්. ඒත් ඇය ඉතාම ඉක්මනින්ම මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වයට කෙළවාදමනු නිසැකයි. කෙසේ හෝ එයින් ආරක්ෂා වීමට ඇයට කතාකරන්නට ලබාදෙන අවස්ථාවන් සීමා කිරීමට සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ වෙනත් නායකයන් එම කතා පැවැත්වීමට පෙර ඇයව මනාව දැනුවත් කිරීම ඉතාම වැදගත්.
වහල් නිමලේ ඔහුගේ තත්වය පෙනවුවා
ReplyDeleteපච ලපයා මාස හයෙන් ගුටි කන්නා
නිමලුත් බේරේ වැවේ නාගන්නා
කුමටද මෙවැනි වහලුන් හෙන හත වදිනා
බේරේ වැවේ නාපු උන්ම
ReplyDeleteබේරෙ වැවෙන් නාවපු උන්
දියවන්නාවට යැව්වා. හරි සන්තෝෂයි, අපට හැට නම ලක්සයේ සාපෙන් කවදාවත්ම ගැලවීමක් නෑ වගේ 😿
හුම්.
ReplyDeleteදෙරණ සිසා තද සුලඟක් සැලුනි
වෙනස දිහා හද බැතියෙන් බලමි
(කාව්විය වාගීස්වර නමී 🤭)
කියෙව්වා.
ReplyDeleteහ්ම්.... බලාපොරොත්තු වූ ලෙසම පක්ෂයේ දැඩි මතධාරීන් ඉලිප්පවීමේ තැතක් යනවදෝ යැයි සැකයක් ආවා. එහෙම වුනොත් හරිනිට, අනුරට අබසරනයි.
This comment has been removed by the author.
ReplyDeleteමල හත්තිලව් "එලිවැට" මාව කෑව ආයිබෝං.
Deleteදිනා ගන්න, සද්දෙ වහල පසු පේලියෙ රැඳී ඉන්න
ReplyDeleteදැන් දිනුවනෙ, එහෙනං ඉනිමගට පයින් ගහමු ඔන්න
පෙලට තබා වෙඩි තියන්න, කුඹුරු වලට දක්ක ගන්න
දැඩි මතධාරී කස්ටිය සබයට ගේමුද බලන්න
Hmmm
ReplyDelete