...ඔව්වොව්, මොනවා නැතත් කමක් නෑ මල්ලිලා මජ්ජපානා දට්ඨානාවලට ඕනේ කරන ජාති නං අඩු වෙන්න දෙන්න එපා.
සොක්රටීස්ට මංගල තෑගි දෙනවට වැඩිය වටිනව මෙහෙම අමතක නොවෙන වැඩක් කරන එක. / අනෙක මචං මිනිහා ඔය තෑගිබෝග බලාපොරොත්තු වෙන ජාතියෙ පොරකුත් නෙවෙයිනෙ. /
![]() |
මල්ලිට handle කර ගන්න බැරි අ..මා..රු..ම
තැනක් ආවොත් එක විසිල් පාරක් ගහන්න. එ.ත..කො..ට මාත් සීන් එකට එන්ටර් වෙනවා! |
“ඔන්න ඔන්න. මතකද, මං මුලදීම කිව්වනෙ මනාල ජෝඩුවට අතක්වත් තියන්න බෑ කියලා...” මං මුල මතක් කළේ එතකොටයි. “අපේ වැඩෙන් එයාලගෙ කටයුතුවලට කිසිම බලපෑමක් වෙන්ඩ බෑ!”
‘අයියෝ...
අපේ ආතල් double ට්‍රිබල් කර ගත්තෑකි නිමල් අයියේ එහෙම එව්වයෙන්... කොහෙද ඔයත්
එක්ක මොනවත් කරන්න බැහැනෙ...’
“එහෙනං මහත්තයෝ ඔයාලට ඕනි දෙයක් කර ගන්න! මම දැන් ඉඳලම වැඩෙන් අයින් වෙන්නං.
එතකොට හරිනේ...”
‘චේ
චේ චේ! Mr. නිමලුත් චුට්ට ඇත්තං කලබල වෙනවනේ. ගණන් ගන්න එපා... මේ හැම xකයම කියන
හැම රෙද්දක්ම ගණන් ගන්න ගියොත් අපිට කිසිම වැඩක් කර ගන්න බැරිව යනවනෙ නිමල් අයියේ.
You know that... මචං නීරෝ... මීට පස්සෙ මොකෙක්වත් අපේ නිමල් අයියට අකීකරු වෙන්න
ආවොත් එහෙම උඹ ඒ ගැන බලාගන්න ඕනෙ.
නීරෝ මලයා, පොඩ්ඩක්වත් බය වෙන්න එපා... මල්ලිට handle කර ගන්න බැරි අ..මා..රු..ම
තැනක් ආවොත් එක විසිල් පාරක් ගහන්න. එ.ත..කො..ට මාත් සීන් එකට එන්ටර් වෙනවා! Enter
the Dragon!!’
කතාවට
එහෙම කිව්වත්... ඒ තුන්-හතර දෙනාටම එකට එකතු වෙලාවත් අපේ නාම්බන් පිරිස මෙච්චල් කර
ගන්නට බැරි වුණේ මංගල්ලය දවසේ පාන්දරමය!
‘ඔන්න
පරක්කු වෙන්න එපා. පරක්කු වෙන එවුන්ව දාල යන එකයි කරන්නේ. අපි හැමෝම නිමල් අයියල
ගෙදරට එනවා- උදේ හතට කලින්. ඔන්න උඹලත් එහාට වරෙන් මචං. ඊට පස්සේ ඇඳුම් මාරු කරගෙනයි
පිටත් වෙන්න තියෙන්නෙ.’ නඩයේ වැඩි දෙනෙකුට කලින්ම දැනුම් දී තිබිණි.
‘ඇයි, අපි ගෙදරදීම ලැහැස්ති වෙලා ඇඳුම් ඇඳගෙනනෙ එන්නේ. වෙන ඇඳුම්...’
‘තේරෙන්නෙ නැද්ද මචං. අණ්ඩරයක්නෙ කරන්න යන්නෙ... හැමෝම එකම විදිහට ඇඳගෙන ගියාමනේ ලස්සන.
ඇඳුම් අපෙන්... විස්තරේ පෙනෙයි එදා උදේට ආවාම...’
අපේ
සමීප හිතවතුන් හැරුණු විට අනෙත් අයට පුළුවන් තරං අඩුවෙන් විස්තර කියන්නටය අප වගබලා
ගත්තේ.
කොටින්ම සමහර දෙනෙක් ‘අපේ මිෂන්’ එක මොකක්දැයි යන්නවත් නොදත්හ. ‘විස්තර නොදැන ඉන්න
එක ඔයාලට හොඳයි! තඩි ජෝක් වැඩක් කියල විතරක් දැනට කියන්නංකො.’ වැනි දේවල්ය අප
ඔවුනට කීවේ. එහෙත් ඔවුන් තුළ අප කෙරෙහි තිබුණු විශ්වාසය නිසාම ඔව්හු පසු නොබැස්සෝහ.
‘එල්ලුම් ගස් යන වැඩක් වුණත් ඕගොල්ලො කිව්වම නෑවිත් පුළුවන්ද?’
වැඩි
දෙනෙකුම එහෙමය.
ඔවුහු හිත-මිතුරන්ගේ කියුම් පමණටත් වැඩියෙන් විශ්වාස කරති; දුර-දිග නොසිතති; විශේෂයෙන්ම
කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නට ගත්විට... ඔවුනගේ විමංසනාක්ෂි අක්‍රිය වී යයි...
![]() |
ඇයි කෙල්ලෙ අපිට මේක් අප් කර ගන්නත් තියෙනවනෙ? |
‘අපොයි
ඔව්! මේකා චූන් වුණාම සොක්රටීස්ට hint පාස් කරනවාමයි.
ඌ හෙණ මීටරේනේ. පට ගාලා සැක හිතයි. හිතල- කිරිහාමිට සැර කරලා අහපු ගමන්... දෙකක්
නෑ- මේකා සේරම කියනවා ගිරවා වගේ... ඒ හින්දා මඟුලට කලින් දවසේ හවස් වෙනකල්
කිරිහාමියට මොකුත්ම කියන්න එපා.’
‘ඒත්,
එතකොට වුණත් හරියටම කාරණේ කියන්න හොඳ නෑ.’
‘ඔව්! නොගිහින්ම බැරි වැදගත් ගමනක් යන්න තියෙනවයි කියමු.’
‘මචං, පොරට කතා කරන වැඩේ නිමල් අයියට බාර දුන්නා නං හරි. මෙයා බොරු කියන්නේ නෑ
කියල කිව්වට මොකද ඇත්තත් නොකියා මිනිස්සුන්ව අන්දන්න දෙයියනෙ. තිතට වැඩේ දෙයි.’
ඒ කිව්වා
වගේම කිරිහාමි නියමෙටම ඇඳගත්තේය.
“මොකක්ද
නිමල් අයියේ ඔච්චර වැදගත් වැඩේ”
“මෙච්චර කාලෙකට මං තමුසෙට බොරුවක් කියල තියෙනවද? වැදගත් කිව්වේ වැදගත් නිසා. තමුසේ
කැමති නං එනවා. බැරි නං නිකං ඉන්නවා. හැබැයි පස්සේ දොස් කියන්න එපා ඔන්න,
නොකිව්වයි කියලා...” පොල්ලකින් ගහන තාලෙට කෙරුණු මගේ කතාබහ නිසා කිරිහාමි එතැනින්
එහාට හරස් ප්‍රශ්න ඇහුවේ නැත!
නියමිත
දවසේ නියමිත වෙලාවට ආවේය!! පමා නොවීම ආවේය!!!
එයා වෙලාවටත් කලින් එද්දී, අපේ ගෙදරට ඇවිත් හිටියේ නීරෝ විතරකි.
“තව
කට්ටිය යනවයි කිව්ව නේද? තවම කවුරුවත් ඇවිත් නැහැනෙ... ඇත්තටම මොකක්ද මචං මේ නිමල්
අයිය කරන්න හදන වැඩේ?” කිරිහාමි ඇහුවේ නීරෝගෙනි. නීරෝට උත්තර දෙන්නට ඉඩක් හම්බ
වුණේ නැත. ඒ මෝලම් කණ්ඩායම හා නැටුම් කණ්ඩායම පැමිණෙන වාහනයෙන් call එකක් ආ
බැවිනි.
‘... හරි හරි... අරාබි ඉස්කෝලේ ගේට්ටුව පහු කරලා ඉස්සරහට එන්න. ඒ එනකොට...’ නීරෝ
එයාලට මඟ සලකුණු කියයි. විනාඩි පහකින් වාහනේ අපේ මිදුලේ...
‘හායි
මෙයාලා... Good Morning!’ නැටුම් කණ්ඩායමේ කෙනෙකු අපට සුබ පතමිනුයි වාහනයෙන්
බැස්සේ. එයාලව දැක්ක ගමන් කිරිහාමිගේ කට ඇරුණේ පුදුමයෙන්.
“මෙ.යා..ලා මොකද නිමල් අයියේ මෙහෙ?” මිනිහ ඇහුවේ රහස්‍ය කෙඳිරිලි හඬකින්.
“සොක්රටීස්ගේ
මඟුල් ගෙදර යන්න!” නීරෝ කිරිහාමිට කිව්වා.
කිසිම ඇකිළීමක්- පැකිළීමක් නැතිව නැටුම් කණ්ඩායමේ කට්ටිය ඇඳුම් බෑග්ස්තුත් අරගෙන
ගෙට ඇතුළු වුණෙත් අඟර-දඟර පාමින්, නිළි සෙයියාවෙන්.
“කොහෙ
ඉඳගෙනද මෙයා අපි ඇඳගන්නේ?” නීරෝගේ ඇඟට ගොඩවෙමින් එක්කෙනෙක් අහපි.
“ඇයි කෙල්ලෙ අපිට මේක් අප් කර ගන්නත් තියෙනවනෙ...” තවත් කෙනෙක් අර පිරිමි කෙනාගෙන්
ඇහුවෙ එයාට උදව් වෙමින්.
“හිටපං මචං... මේ..ඒ..ඒ..ඒ හැන්ඩි අ..යි..ය එදා කිව්වා අපිට ඒ වැඩවලට වෙ..න..ම..ම
room එකක් දෙන්නං කියලා. නේ..ඒ..ඒ..ද මෙ..යා?”
![]() |
එහෙම ඕනිකමක් තිබ්බා නං මචං උඹට තිබුණෙ කලින්ම දුවගෙන එන්න. |
“ම්..ම්ම්ම්..මොකක්? මෙයාලත් එක්ක මඟුල් ගෙදර යන්න... අපේ සොක්රටීස්ගේ...”
කිරිහාමි එච්චර වෙලාවක් හිතේ හිර කරගෙන උන්න ප්‍රශ්නෙ එළියට දැම්මා.
“ඇයි හොඳ නැද්ද?”
කිරිහාමි
ඔළුව කසමින් හිතන්න ගත්තා. “ඒ වුණාට එයා තරහ වුණොත්... සොක්රටීස් පව් නේද?”
“ඒකද තමුසෙ මෙච්චර වෙලා හිතුවේ?”
“මේ, ඒක නෙවෙයි නිමල් අයියේ... නීරෝ කොහොමද අරගොල්ලන්ව අඳුනන්නෙ... අච්චර හොඳට.”
“අන්න... අන්න. නීරෝ එයාලට කාමරේ පෙන්නලා එනවා. එයාගෙන්ම අහගන්නවකො ඔයාගේ ප්‍රශ්නෙ.”
මා
දන්නා තරමින් නීරෝට ඔවුන් හා පෙර හැඳුනුම්කමක් තිබුණේ නැත. ඒ කණ්ඩායම් වෙන් කරවා
ගැනීමට යද්දී ඔවුන් නීරෝ දැක ගන්නට ඇත. එතැනදී කඩවසම් නීරෝ ඔවුනගේ අවධානයට ලක්
වුණා විය යුතුය.
“වරෙන්
වරෙන්... මාව විතරක් නෙවෙයි, එයාල කැමති වෙයි උඹවත් අඳුරගන්න. මං එයාලට උඹව අඳුන්නල
දෙන්නං.” කිරිහාමි ප්රශ්නය ඇහුවාම නීරෝ උත්තර දුන්නේ එහෙමය; කිරිහාමිගේ අතකිනුත්
අදිමින්ය. ලජ්ජාශීලී කිරිහාමි නීරෝගෙ අත ගසල දැම්මෙ මුල්ලකට පනිමින්. “හෙඃ හෙඃ
පිස්සු කෙළින්න එපා මචං... නිමල් අයියෙ... මූට නිකං ඉන්නයි කියන්න... මෙන්නෝ... මූ
මට ඉන්න දෙන්නැතෝ!”
එහෙම
‘එපා’ කියන්නට ඉඩක් මට නොලැබුණේය. එතෙක් වෙලා van රියේ උන් රියැදුරාත්, මෝලම්
වාදකයනුත් ගෙදරට ඇතුළු වුණු නිසාය ඒ. ඒ අතරේම අපේ පිරිසෙනුත් එකා දෙන්නා
පැමිණෙමින්...
‘අපේ
නාම්බන් පිරිස මෙච්චල් කර ගන්නට බැරි වුණේ මංගල්ලය දවසේ පාන්දරමය!’ කියල post එකේ
මුල හරියෙදීම මං වහන්සේ කීවා මතකද? ආන්න ඒ ඩිංග වුණේ මේ වේලාවේය.
එන- එන හැමෝටම ඉවසිල්ලක් නැතිව තිබ්බේ අර සුවිශේෂී නැට්ටුක්කාරයන් /
නැට්ටුක්කාරියන් දැක ගන්නටය.
කෝ
කෝ අරගොල්ලෝ කෝ? / උන් මොකද කරන්නෙ මචං? / අඳිනවද... අපරාදෙ එයාල මොනවද ඇඳගෙන ආවේ
කියලා බලා ගන්න බැරි වුණානෙ! / එහෙම ඕනිකමක් තිබ්බා නං මචං උඹට තිබුණෙ කලින්ම
දුවගෙන එන්නනෙ.
මට
තවමත් මතකය.
ඒ අසරණ ජීවීන්... ඔවුන් එසේ උපත ලබා තිබෙන්නේ ස්ව කැමැත්තෙන් නොවේ. සොබාදම්
දිනිතියගේ (තවමත් අප නොදන්නා) යම්කිසි හේතුවක් නිසාය, ඒ ජීවීන් එසේ බිහි වෙන්නේ.
ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය වී නව ජීවියෙකුගේ උත්පත්තියකට මුල පිරෙන බව
ඔබ දැනටමත් දනියි. ඒ ක්‍රියාවලියෙදී සිද්ද වෙන විකෘතියක්(?) නිසා / ජාන සැකසෙන ආකාරයන්
නිසා / වර්ණදේහවල බලපෑම්
නිසා මෙවන් ජීවීන් බිහිවෙන බව කියැවෙයි.
![]() |
... වත්තේ හතර මායිම් හොයන්නේ නැතිලු... |
එදා
dance කරන්නට පැමිණි තිදෙනාම ඉහත ඡේදයෙන් කියැවුණු දෙවැනි පිරිසට අයිති බවයි මට
හැඟුණේ. ඒ පිළිබඳව හිතන්නට තරම් ඉස්පාසුවක් එදා මට තිබුණේ නැත. ඒ වුණත් එදා ප්‍රදර්ශනය
කෙරුණු ඔවුනගේ හැසිරීම් රටාවන් නිසා මගේ හිතේ ජනිත වුණු ප්‍රශ්න නම් තවමත් ම’සිත
පාරයි.
ඇයි
එයාල විහින්ම පාච්චල් වෙන විදිහට හැසිරෙන්නේ? / විහිලුවකත් අවමානයට පත් කිරීමකත් තියෙන
වෙනස එයාලට තේරුම් ගන්න බැරිද? / එයාලටත් ආත්ම ගෞරවයක්- ආත්ම අභිමානයක් තියෙනවා ඇති
නේද? / මෙහෙම වෙනසක් ඇතිව උපදින අයගේ බුද්ධි මට්ටමත් අඩුයිද? / එහෙම නැත්තං සමාජයේ
අවධානය දිනා ගන්න හිතාගෙන එයාලා දැනුවත්වම ලද-බොළඳ විදිහට හැසිරෙනවද?
පොල්
කඩන්නට ආ මිනිහා ඒ රාජකාරිය කරනවා මිස වත්තේ හතර මායිම් හොයන්නේ නැතිලු.
ඇත්තය!
සොක්රටීස්ගේ මංගල්‍යයේදී අරුම යමක් කරවන්නට කුලියට ගත් කණ්ඩායමෙහි සේවාව
නිසියාකාරව ලබා ගන්නවා මිස වෙනත් මානව ගුණාංග ගැන සොයන්නට (මට මිස) අපෙන් කාටවත්
උවමනා නොවිණි.
‘දිසානායක...
කොයි ලෝකෙද හලෝ ගිහිං ඉන්නේ...
අරහේ අර තුන්දෙනා ඇඳල ඉවරලු.
මාර යුද්ධයක්නේ හලෝ මට කරන්න වෙලා තියෙන්නෙ. අපේ xත්තලා දෙතුන් දෙනෙක් ඒ කාමරේට
එබෙන්නමයි හදන්නේ...
උනුත් ඊට හපන්... කාමරේට වෙලා පාඩුවෙ ඉන්නේ නැතිව දොර ඇර-ඇර එළියට එබි-එබී අපේ
එවුන්ව අවුස්සනවා.
මේ, අපි ඉක්මනට මෙයාලට සරොම් බැනියම් බෙදල දීලා, අන්දවාගෙන පිටත් වෙමු.’
“හරි!
දීපාල්ගේ මංගල්ලෙට ඇඳපු සරොම් තොගයක් මෙතැන තියෙනවා.”
‘ඔයා ඒවා අයන් කරලත් එක්ක!’
‘වැඩක් කරනකොට හරියටම කරන්න එපැයි. මම අත් තියෙන මේස් බැනියමුත් ගෙනාවා සයිසස්
තුනකින්. එක එක්කෙනාට ගැළපෙන සයිස්වලින් තෝරගන්න කියන්න. ගෑනු අයට මේ ලුන්ගි රෙදි...”
එතැනට
ආව ඉඳිකටු පැංචාටයි බූබම්බායි දෙන්නටත් මගේ කතාව ඇහිලා. ‘ගෑනු අය කිව්වට නිමල්
අයියේ හතර දෙනයිනෙ ඉන්නේ...’
‘මල්ලී, ලද දෙයින් සතුටු වෙන්න කියන පාඩම ඉගෙන ගනිං. මේ හතර දෙනයි- අර කාමරේ ඉන්න
ගිනි කිරිල්ලියෝ තුන් දෙනයි එකතු වුණාම ගෑනු හතයි. අපි ඔක්කොම කී දෙනෙක්ද නිමල්
අයියෙ?’
![]() |
දෙන්නම නියමෙට dance කරනවා. මරු ඩබල! ඒ හින්දමයි
ඒ දෙන්නවත් මේකට set කර ගත්තේ! |
“ඒ දෙන්නා අපේ press එකේ වැඩ කරන අය. දෙන්නම නියමෙට dance කරනවා. මරු ඩබල! ඒ
හින්දමයි ඒ දෙන්නවත් මේකට set කර ගත්තේ...”
‘මේ...
ඒක නෙවෙයි. මොනවටද නිමල් අයියෙ මේ? යකෝ උඹ මඟුල් ගෙදරට කෑමත් ගෙනියන්නද හදන්නේ...’
“අපි තිහක් විතර එක සැරේ එහාට කඩා පාත් වෙන්නනෙ හදන්නෙ මහත්තයෝ... එතකොට ඒ
මිනිස්සු අලුතෙන් උයන්නයැ? මම බතුයි කුකුළු මසුයි හැදුවා... ගම්පොළ උන්නැහෙගෙ නෝනා
පරිප්පුවක් හදලා අල තෙල් දාලා ගෙනැත්... තව බෝංචි කරියකුත් තියෙනවා... ඇති නේද බූබම්බෝ...”
“ඇති
ඇති... හොඳටම ඇති බං... ඒත් මෙච්චර කෑම ගොඩක්...”
“ඇයි බූබම්බෝ, අපේ කට්ටියම තිහක් විතර... ඒත් රෙට්ටෙටම තිහකට විතරක් උයාගෙන ගිහිල්ල
බැහැනෙ...”
“යකඩෝ! තිහක් විතර... අරූ හොල්මං වෙයි!!”
“වෙයි නේන්නං... මම බැනර් එකකුත් ඇන්දා. ඒකෙ දෙපැත්තෙන් ලී දෙකක් දාගන්න නං බැරි
වුණා. බූබම්බා මහත්තයෝ, මේ ඉඳිකටු පැංචවත්
අල්ලාගෙන- ඔය ගේ පිටිපස්සේ තියෙන ලාඩප්පා ගහකින් අතු දෙකක් කපලා අරං...”
”හරි හරි... අපි ඒක කරන්නං.”
අටට
කලින් ඔක්කොම readyය.
අපේ පිරිමින් නම් හද්දා පිටිසර ගමකින් ආ අය සේ සුදු අත් දිග මේස් බැනියම්වලින් හා සරොම්වලින්
සැරසීගෙනය...
බවලතුන් හතර දෙනා නං ගවුම්වලට උඩින් ලුන්ගි රෙදි දවටාගෙනය උන්නේ...
වැඩේ
කියන්නේ- මුලින්ම අදිමදි කරමින් හිටි කිරිහාමි ඒ වෙනකොටත් හොඳටම චූන් වෙලාය. තවත්
කීප දෙනෙකුටත් ඒ උණ බෝ වෙලාය!
මට
මතක හැටියට වාහන තුනක් නැත්නම් හතරක් ඒ ගමනට සහභාගි විණි.
එකක නැටුම් හා වාදක කණ්ඩායමේ පිරිස... කියන්න ඕනි නැහැනෙ, අපේ ගොයියන් දෙතුන්
දෙනෙකුටමත් ඕනි වුණේ ඒ van එකටම නඟින්න.
‘නෑ, නෑ. ඒ කට්ටිය ඒකෙ ගියාවේ. අපි කට්ටියට මේ තව වාහන තියෙන්නෙ... අරකෙම හිර වෙලා
යන්න ඕනියැ?’
‘ඉස්සරහින්ම
යන වාහනේ ඉස්සරහ සීට් එකට නිමල් අයියව නග්ගමු. පාර පෙන්නන්නේ එයානෙ...’ කවුරුන්දෝ
යෝජනා කරනකොටය, මගේ බොක්ක රත් වුණේ.
පාර
පෙන්නන්න... මං?
මං වහන්සේ මනාලියගේ ගෙදරට ගිහිං තිබුණේ එකම එක වතාවකි. මට හොඳටම මතක නුවර පාරේ ගිය
විත්තියයි. වරකාපොළදී කුරුණෑගල පාරට හැරුණු බවත් මතකය.
එතන ඉඳලා ටික දුරක් ගිහිං දකුණට තිබුණු පාරක් දිගේ නේද ගියේ... ඒ පාරෙ වංගු ගොඩක්
තිබ්බා- ළඟ ළඟම. පාර දෙපැත්තේ කුඹුරු යායවලුත් යහමින් තිබුණනේ.
![]() |
මනමාලිගෙ නමක්- අම්ම තාත්තාගෙ නමක්... ඇඩ්රස් එකක්... මොකුත්ම නොදැන
නේද ගොන් මෝලෝ උඹ මේ වැඩේට කරගැහුවේ? |
අන්න ඒ මොහොතෙදීයි නිමල් දිසානායකට මේ කාරණය හරියටම කල්පනා වුණේ; උන්දෑ බාරගත්
වගකීමේ තරම කොතරම්ද කියල ටක්කෙටම තේරුම් ගියේ.
ඒ
වෙද්දීත් සෑහෙන මුදලක් මේ වැඩේ වෙනුවෙන් වියදම් කෙරිල ඉවරයි. ඒ වගේමයි එක-එක්කෙනා
දරපු වෙහෙස-මහන්සිය. ඒකත් පොඩි නෑ.
මඟුල් ගෙදර තියෙන තැන හොයා ගන්න බැරි වුණොත් ඒ වියදම්; ඒ මහන්සි සේරම වතුරේ...
ඊට හපන් මට විඳින්න වෙන ලජ්ජාව...
මඟුල්
ගෙදරට පාර පෙන්වන්නට බැරි වුණෝතින් මට වෙන්නේ වහ කන්නටය!
“හරි
හරි. වරකාපොළදි අපි ඉස්සර වෙන්නං. එතකල් ඕනි විදිහකට යං හලෝ.”
මට දැන් ඕනෑ වෙලා තියෙන්නෙ හැකිතාක් ඉක්මනින් මගේ ඉරණම විසඳා ගන්නටය; වෙන්නේ මොකක් වුණත් එහි අවසානයක් ඉක්මනින්ම දැක ගන්නටය.
වාහනයේ යන
අතරේත් මා කල්පනා කළේ මඟුල් ගෙදර ගැන තොරතුරක් දැන ගත හැකි පිළිවෙලක් පිළිබඳවයි.
‘මහ
ලොකු පණ්ඩිතයා. පාර පෙන්නන්නං කියල කිව්වේ නං හරියට දහ-දොළොස් වතාවක් ගිහිං තියෙන
එකෙක් වගෙ... අඩු ගාණේ මනමාලිගේ ගෙදර තියෙන හරියට කියන නමවත් දන්නවද? මනමාලිගෙ
නමක්- අම්ම තාත්තාගෙ නමක්... ඇඩ්රස් එකක්... මොකුත්ම නොදැන නේද ගොන් මෝලෝ උඹ මේ වැඩේට
කරගැහුවේ...’
සත්තයි!
මට ඒ වෙලාවේ හීන් දාඩිය දැම්මේය!
එතැන් සිට ඊළඟ කොටසෙන්à
//ඇයි එයාල විහින්ම පාච්චල් වෙන විදිහට හැසිරෙන්නේ? / විහිලුවකත් අවමානයට පත් කිරීමකත් තියෙන වෙනස එයාලට තේරුම් ගන්න බැරිද? / එයාලටත් ආත්ම ගෞරවයක්- ආත්ම අභිමානයක් තියෙනවා ඇති නේද? / මෙහෙම වෙනසක් ඇතිව උපදින අයගේ බුද්ධි මට්ටමත් අඩුයිද? / එහෙම නැත්තං සමාජයේ අවධානය දිනා ගන්න හිතාගෙන එයාලා දැනුවත්වම ලද-බොළඳ විදිහට හැසිරෙනවද?//
ReplyDeleteමේක විසඳුමක් නැති සංකීර්ණ සමාජ, ආර්ථික ප්‍රශ්ණයක් නේද? සමාජයේ පිලිගැනීම සහ ආකල්ප සහ කොන් කිරීම, අඩු රැකියා අවස්ථා හේතු වෙනවත් ඇති.
අහිකුණ්ථික, වැදි ජනතාවත් මේ වගේම නේද? මම කියන්නෙ මේ අයගෙ සුභසාධනයට වෙනම ආයතනයක් තියෙන්න ඕනෙ. NGO වුනත් කමක් නෑ, ආධාර ගසා කාලා තමන් ගෙ බඩ වඩා ගන්නෙ නැත්නම්. අවුල තියෙන්නෙ, "ගේමක් ගසා ගොඩයෑම" ජාතික ප්‍රතිපත්තිය වෙච්ච රටක....
https://www.localsamosa.com/people-culture/queer-performers-reshaping-indias-classical-dance-8776710
Deletehttps://en.wikipedia.org/wiki/Narthaki_Nataraj
https://www.trp.org.in/wp-content/uploads/2015/10/ARSS-Vol.4-No.1-Jan-June-2015-pp.17-19.pdf
According to Hindu mythology,
transgender people are on par with people of other genders. This succinct analysis of the numerous references to transgender people in Hindu mythology sheds light on the varied approaches taken to the subject of
transsexualism and gender identity modification.
https://www.gapbodhitaru.org/res/articles/(52-56)%20TRANSGENDERS%20REFLECTIONS%20IN%20INDIAN%20HISTORY.pdf
නොකර බැරිකමට ඔය සම්මාන දුන්නට, ලංකාව ඉන්දියාව වගේ රටවල මේ වගේ ජන කොටස් ගැන සමාජ ආකල්පය නරකයි කියන එකයි මගේ අදහස. ආබාධිත අය ගැනත් එහෙමයි. මේ නිසා වටිනා මිනිස් සම්පත් ප්‍රමාණයක් අපතේ යනවා, සමාජය තෝරාගත් වෘතීයන් කීපයකට ඔවුන්ව සීමා කිරීම නිසා කියල හිතෙනවා.
Deletehttps://rpl.hds.harvard.edu/religion-context/case-studies/gender/third-gender-and-hijras
Deletehttps://www.vice.com/en/article/revered-and-reviled-life-as-indias-third-gender/
හ්ම්...මේක ටිකාක් විතර දිග විස්තරයක්. ඒත් ඒ තුන්වන ලිංගිකත්වට-හිජ්රා අය, " leaving their home to live in community with other hijras" කියන එකෙන්, ඔවුන් රංචු ගැහෙන්නේ සමාජ දඩයක්කාරයාගෙන් ආරක්ෂා වෙන්න කියලයි හිතුනෙ.
Delete"....සමාජයේ අවධානය දිනා ගන්න හිතාගෙන එයාලා දැනුවත්වම ලද-බොළඳ විදිහට හැසිරෙනවද?" ඔව්, මමත් හිතන්නෙ ඒගොල්ලන්ට තියෙන්නෙ performative behaviour එකක්. අපි හැමෝටම යම් ප්රමානයකින් performative behaviour තියෙනවා, නමුත් මේ වගේ අයව සමාජයේ සාමාන්‍ය අය විදිහට පිලිගන්නෙ නැති නිසා (විශේශයෙන්ම ඒ කාලෙ), ඒ ස්වබාවය වැඩි ඇති. හැබැයි දැන් කාලෙ තරුණ අයටනම් තියෙන්නෙම performative behaviour 😍
Deleteබස්සා, Pra Jay, Lotus. ඔයාලා හැමෝටම ස්තුතියි. මට කියන්න ඕනෑ වුණු කාරණා කීපයක් අල්ල ගත්තාට.
Deleteඅපි හුඟ දෙනෙක් මේ වගේ අයව- ආබාධිත අයව (මං කියන්නේ මොංගල් අයව) සමච්චලයට ලක් කරනවා. එයාල එහෙම වෙලා තියෙන්නෙ එයාලගේ වරදකින් නොවෙන විත්තිය අමතක කරමින්...
... ලංකාවේ නැතත් ඉන්දියාවේ හිජ්රා ප්‍රජාව ගොඩක් සංවිධානාත්මක බවයි මට හිතෙන්නේ. ඒ ඔවුන් ලක්ෂ ගණනක් සිටින නිසා වෙන්නත් පුළුවන්.
Deleteඔවුන් ගැන නිපදවුණු ඉතා අනුවේදනීය ෆිල්ම්ස්වලට අනුව නම් ඒ සංවිධානාත්මක බව ඇතුළේ ගොඩක් බිහිසුණු තත්ත්වයකුත් තියෙනවා වගෙයි.
කොහොම වෙතත් මෙවන් අය වියපත් වෙනකොට...
... සමාජයේ කුහකකම කියන්නේ මෙහෙම උදවියව හෙලා දකින- පිළිකුල් කරන සමහරුන් පවා අවස්ථාවක් ලැබුණු විගස මොවුන් හා රහසෙන් බැඳෙන්න කැමති වීමයි;
Deleteමොවුන්ගෙන් විනෝදයක් ලබන්නට පෙළඹීමයි.
Performative behaviour - ප්රදර්ශනකාමී හැසිරීම නේද මේකට ගැළපෙන සිංහල වචනේ?
Deleteදැන් ඉන්න අය කරන්න දන්නෙ මේක විතරක්ද මන්දා!
දැක්කනේ, මාලිනි ෆොන්සේකා මහත්මියගේ මළ ගෙදරදී නිළියක් නැටුව නාඩගම.
මේ දවස්වල මගේ වේලාවෙන් නං වැඩි හරියක් වැය වෙන්නේ 'ගේමක් ගහලා ගොඩ යන්න' කිසිම අවශ්‍යතාවක් නැති උදවියත්, පෙරේතකමයි වැඩි තණ්හාවයි මජරකමයි පාදඩකමයි නිසා ගහලා තිබ්බ ගේම්ස් හෙළිදරව් වෙන හැටි බලන්නයි!
Deleteඅපේ නගරෙත් ඒ අය වාර්ෂික පෙරහැරක් යනවා. ප්රදර්ශනකාමී හැසිරීම නං තියනවා. ඒත් කවුරුත් අපහාස කරන්නෙ නෑ. සාම්ප්‍රධායික කතෝලිකයො ඒ ගොල්ලන්ට අකමැති වුනත්, ඉවසා වදාරනවා, සමාජ සම්මුති නිසා.
Deleteබස්සා මහත්තයෝ, ඔයා කියන්නේ Gay Pride Paradesගැන වෙන්නැති. ජාලයෙන් එහෙම දේවල් දැක්කා.
DeleteAI භාවිතයෙන් ඉතාම ලස්සන- කලාත්මක gay තේමාවන් සහිත නිර්මාණ කිහිපයක්ම නිපදවා තිබෙනවා. මට නං පුදුමත් එක්ක. ඒ වගේ අරමුණ හිතා ගන්නත් අසීරුයි.
https://www.youtube.com/watch?v=3iBkzEKmg2M&list=RD3iBkzEKmg2M&start_radio=1
+++++++++++++++
ReplyDeleteසෑර් ගත්ත ලීය වැට මාරද?😋
Deleteසකුරා
Deleteවැට මාරවලට සකුරා කියල කියනවද? ජපානෙදීවත්?
Deleteමට මතක හැටියට නං වැට මාරවලට නම් ගොඩක් තියෙනවා. ලාඩප්පා, නංචි මරං, ගිනිසීරියා වගේ...
අපේ ගම් පාලාතෙත් ඔව්වා වැටවල් දිගට හිටෙව්වා. අපි කිව්වෙ ඇල්බීසියා කියලයි.
Deleteඑහෙමද?
Deleteමරු මරු, ....ඇත්තටම මනමාලිගේ ගම ගැන දැනගෙන නෙවෙයිද වැඩේ පටන් ගත්තේ ?
ReplyDeleteමෝඩකමට බෙහෙත් නැහැනෙ ලලිත්! දැනගෙන උන්නු තරම මේ posts මාලාවේ පළමුවෙනි එකේදි ලිව්වා. ඉන්නකෝ- තව ටිකක් පහළදී උපුටා දක්වන්නන්.
Delete+++
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා Discourse! ස්තුතියි මේ අඩවියට පැමිණීම වෙනුවෙන්.
Delete"මඟුල් ගෙදරට පාර පෙන්වන්නට බැරි වුණෝතින් මට වෙන්නේ වහ කන්නටය!" හී හී... නිමල් බොහොම විශ්වාසය ඇතුව පාර මතකයි කිව්වා වගේ මට කලින් කොටසෙ මතක.
ReplyDelete"වැඩේ කියන්නේ- මුලින්ම අදිමදි කරමින් හිටි කිරිහාමි ඒ වෙනකොටත් හොඳටම චූන් වෙලාය". 'වදය' දෙන හැම තැනම ඔහොම වෙනවා ඇති. excitement එක නිසා හැමෝම අන්තිමට එක වගේ හැසිරෙනවා. නිමල් මීට කලින් පෝස්ට්ස් වල වදය ගැන ලියද්දි කියපු කණ්ඩායම් මානසිකත්වය වැදගත් කාරණාවක්.
ඔව්නේ Lotus. පළමුවෙනි කොටසෙදී මං කිව්වා. මෙහෙම. (ලලිත් මහතාටත් එක්කමයි මේ කොටස උපුටා දක්වන්නෙ.)
Delete//“හැබැයි එහෙම වැඩක් කරනවා නං පොරටත් උඩ යන්නම වැඩේ දෙමු... කීයක් ගියත් කමක් නෑ.”
“ප්‍රශ්නෙ තියෙන්නෙ home coming දවස කවද්ද කියල අපි දන්නෙ නැති එක. පාටිය දවසට ඔහොම වැඩක් කරලා වැඩක් නැහැනෙ මචං.”
“එහෙනං අපි වෙඩිම දවසට රැග් එක දෙමු.”
“වෙඩිම තියෙන්නෙ මනමාලිගේ ගෙදරනේ... අපි එහෙ ගිහිං තියෙන එකක්යැ?”
“මම නං ගිහිං තියෙනවා- එක දවසක්! මට පාර මතකයි.” එතකොට නිමල් දිසානායකයා කිව්වේය. (ඒකත් අහම්බෙන් සිද්ද වෙච්ච දෙයකි. වෙනත් කටයුත්තකට නුවර ගිහිං එද්දී සොක්රටීස් උන්නැහේ මේ ලියන්නාවත් කැටුව අනාගත බිරින්දෑගේ නිවහනට ගොඩ වැදුණේය.)
“එක දවසයිද ගිහිං තියෙන්නෙ... නිමල් අයියට පාර මතකද හරියටම...”
“මට ෂුවර්!”//
ඔව් ඔව්. මම කියන්නේ කණ්ඩායම් මානසිකත්වය ගැන දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන් නවක වද- මඟුල් වද වැනි අවස්ථාවලදී.
Deleteඒවා පටන් ගන්න අයටවත් අන්තිමේදී පාලනය කර ගන්න බැරි වෙනවා Lotus.
ඒ ගැන ඊළඟ කොටසෙන්ම ලියන්නන්කො.
කුරුණෑගල එනකන් ගිහිල්ල කාගෙන් හරි අහන්න ඇති . ට්‍රාන්ස් අය පිලිබඳව හෙන ප්‍රශ්න මේ දවස් වල . ගැහැණු ළමයි එක්ක මල්ල ක්‍රීඩා වලදී ඒ අය නිතරම දිනන නිසා ඒක අසාධාරණයි කියල .
ReplyDeleteඅජිත් මහත්තයෝ, ඔයාත් එදා අපිත් එක්ක ඉන්නයි තිබ්බේ! කුරුණෑගලට? නියමයි...
Deleteඑච්චර දුරක් යන්න තිබ්බේ නෑ. කුරුණෑගල පැත්තට ටික දුරක් ගිහිං දකුණට හැරෙන පාරක්...
ට්‍රාන්ස්ජෙන්ඩර් අය නිසා දැන් ගොඩක් රටවල්වල නීති වෙනස් කෙරෙමින් තියෙනවා නේද අජිත් මහත්තයෝ.
Deleteඔය මිනිස්සු වෙනස් විදියට නොදකින්න හිත හදා ගන්න අපිට නම් තව කාලයක් යයි .. හැබැයි අලුත් පරම්පරාවල් ටික ටික ඒවාට හුරු වෙනවා ..
ReplyDeleteඑහෙම තත්ත්වෙකුත් තියෙනවා තමයි පැතුම්!
Deleteමගුල්දා රැග් එක සහ මාමණ්ඩිගේ මැරයෝ
ReplyDelete- බස්සා -
ස්තුතියි බස්සෝ!
Deleteඅපේ වැඩේත් ඔහොම කෑල්ලක් තියෙනවා... ඊළඟට කියවෙනවා.