උපදින හැමෝම මරණෙත් අරගෙන
ලෝකෙට එන බව නොම දන්නා
ඇති වෙන, නැති වෙන ලෝකෙක දිගටම;
සදාකල්ම ඉන්නට හිතනා
‘මං විතරක් රජ වුණාම ඒ ඇති’
කියල හිතාගෙන වැඩ කරනා
ලොක්කන් ලෝකෙම කණපිට ගහන්න
දත-කට මැදගෙන සැරසෙන්නා
![]() |
ගණන් වැරදිලා වගෙයි උන්දැලට; තවමත් එයාල නැතිය සමත් |
කරන්න හැදුවේ රටක් යටත්
ගණන් වැරදිලා වගෙයි උන්දැලට;
තවමත් එයාල නැතිය සමත්
චේතනාව පරිශුද්ධ නොවේ නං
බොහෝ විටෙක සටනෙන් පරදිත්
‘ඒකයි මෙතැනත් වෙලා තියෙන්නේ’
ගොඩක් විද්වතුන් දැන් පවසත්
වැරැදුණු බව පිළිගන්න කැමති නෑ-
එතකොට කිච වෙයි
කියල බයයි
එහෙම කරන්නත් ගට්ස් ඕනිමයි-
එව්වත් නැති විත්තියක් හැඟෙයි
පෙරට තියපු පය පස්සට ගැනුමත්
නැණවත් එඩිතරකමක් තමයි
‘අපි නං බය නෑ’ නිතර ජප කරන
අය ළඟ ඇත්තෙත් බය විතරයි!
සියවස් ගණනක ඉතිහාසය අද
කියයි අපට පෙර කල වුණු දේ
එව්වා හොඳටම සෑහෙයි කාටත්-
යුද්ධය හදවයි හිසේරදේ
පුදුමෙ කියන්නේ, රජ වෙන සැණෙකින්
ලොක්කන් නැණවත් බවෙන් මිදේ
එයිනුත් විපතට වැටෙන්නෙ හැමදා
පොදු ජනතාවයි විඳින වදේ
![]() |
කඩු දුනු හෙලි ගෙන ළයට ළයක් පා අභීත විලසින් කළ යුද්ද |
හෙටත් එහෙම වේවිද කියලා
හිතන්නටත් බය හිතෙන කාලයක්
ලොකු ලොකු රටවල් බෙදි-බෙදි දෙපිලක
මිහිකත් අම්මේ කවුරුද දන්නේ
‘මොකෙන් මොකක් වෙයිදෝ කියලා’
කඩු දුනු හෙලි ගෙන ළයට ළයක් පා
අභීත විලසින් කළ යුද්ද
අතීතෙ සිදු විණි, අද නැහැ ඒ වගෙ
එඩිතරකම් වල් වැදිලාද
බලුකම්, ජඩකම්, බාල වැඩවලින්
පිරීතිරෙන වත්මන් යුද්ධ
ලෝකෙම වනසන තරමට දරුණුය!
ඉන් බේරෙන සමතුන් ඇද්ද?
තැලෙන්නෙ පොඩි අය- මැරෙන්නෙ පොඩි අය
- විඳවන්නෙත්
පොඩි අයම තමයි
සටන් කරන්නට යන්නට වෙන්නෙත්
වෙනද වගේ පොඩි එවුනටමයි
කරවන අය ගොඩ- කරන්නො යති යට,
දින්නත් පැරදෙන එක නියතයි
යුද්දේ බරපැන දරන්න වෙන්නෙත්
පෑගෙන පුරවැස්සන්ට තමයි
![]() |
මිනිස් අම්බරුවො බලයට කෑදර යුද්දෙම තෝරා ගනිති සකි |
කාමාවචර දෙවියන් දෙන්නෙක්
හඬ ගා කියතිලු මිනිස් සතුන්හට
විපතෙන් ගැලවෙන මාර්ගයක්
‘නොතෙමී උන්නොත් මෘගසං වැස්සට
මිනිසුන්හට ඇත බේරිල්ලක්’
කිව්වම ඒ ටික කණකට අරගෙන
ගැලවෙනවලු මිනිසුන් චුට්ටක්!
ඔන්න පටන් ගෙන වැටෙන්න ඒ වගෙ
වැසි දිය අහසෙන් ‘විසම විස’
කළු පැහැ වැහි දිය අනතුරු
සහිතලු;
අම්ල වැහි වගෙලු ගෙනෙන දොස
සයුර මතුපිටත් තෙල් පටලයකින්
වැහෙන්න අරගෙන- ඒකෙ රස
ලෝකෙට දැනෙන්නෙ තව කල් ගතවී;
පස්සෙයි තුන හතරක් මාස
බණේ වාගෙමයි ඒ වගෙ තොරතුරු-
තව තැන්වල ඇත අනාවැකි
එඩ්ගා කේසිල, බබා වැන්ග්ලත්
පැවසුව දේවල් හොයමු සකි
කවුරුන් කිව්වත්, කොච්චර කිව්වත්
ගණන් නොගෙන ඒ කියූ වැකි
මිනිස් අම්බරුවො බලයට කෑදර
යුද්දෙම තෝරා ගනිති සකි
![]() |
හතලිහ වෙද්දී රාජාලියෙකුට සිදුවෙන දේ දන්නව නේද |
‘තෙවෙනි
ලෝක යුද්දයකට පස්සේ
මිනිසා ආයෙත් සටන්
කළොත්
එහෙම කරන්නේ දඬු පොලු මුගුරුත්
උස්සං ඇවිදින් තමයි
යළිත්'
පැහැදිලි කරලම කියා තියෙනවා
අයින්ස්ටයින් විද්වත්
මහතත්
ඇත්ත වෙයි වගේ ඒ කතන්දරේ-
එනපොට හොඳ නැත කොයි කාටත්
හතලිහ වෙද්දී රාජාලියෙකුට
සිදු වෙන දේ දන්නව නේද
තව කල් ඉන්නට ඕනෑ නං හෙම
විඳින්න වෙනවලු දරුණු වධ
ඊට කමක් නෑ, උගේ කැමැත්තට
නෙව ඌ විඳින්නෙ එහෙව් වධ
ලොක්කො එහෙම නෑ සැපෙන් සිටිති,
ලෝ වැසියන් සේරම යුද්ද මැද!
යුද්දේ නැත්තං හොඳටම
පාඩුයි
යුද අවි තනනා
රටවලට
හදල ගොඩ ගහල තියෙන අවි තොගත්
විකුණාගත යුතු ඉක්මනට
ඒ අස්සෙම ඇත තවත් අරමුණක්
තෙල් සම්පත් ටික ඩැහැගන්ට
බොර වතුරයි හොඳ මාළු බාන්නට
කිසිම සැකක් නෑ නෙව එයට
![]() |
මරාන මැරෙන්න හිතුවොත් මැට්ටෙක් මහ විපතම සිදු වෙයි ලොවට |
හැමෝම වාගේ දන්නව දැන් නං
ඔහොම
සූත්තර උගුල් ගැන
ඒත් ඉඳල ඇත නොදන්න ගාණට
ඇහැකි
තරං කල් ඉවසගෙන;
කටින් නරි වදන් නොදොඩා හෙමිහිට-
අලුත්
උපක්‍රම තනාගෙන
බලන්න මහතුනි- හීන් සැරයෙ රඟ
රාම
සැරය වුව පරද්දන
ඒත් මහතුනේ ඒවා ඔක්කොම
යටයි න්‍යෂ්ටික බෝම්බෙට
මරාන මැරෙන්න හිතුවොත් මැට්ටෙක්
මහ විපතම සිදු වෙයි ලොවට
මිනිත්තු හැත්තෑ දෙකයිලු යන්නේ
මිහිපිට ජීවින් නසන්නට
එකම බොත්තමයි ඔබන්න ඇත්තේ
තත්ත්පරයලු යන්නේ ඊට!
මොළය නියම තැන නැති
නායකයන්
අතට ගිය විටෙක පාලනය
රටකට; ලොවටම; සතටම සිදු විය
හැකියි
නෙවෙද ඒ විනාශය
මොකද කරන්නේ එවන් විටෙක අපි-
සත්තෙන්
අන්තිම අසරණය
උන්ගෙ වැරැද්දට වන්දි ගෙවන්නට
වෙන්නෙ
අහිංසක අපහටය
![]() |
| නොනිසි උදවියට නොදී පාලනය ඉන්නට පුරවැසි හැමට නැණ- නුවණ ලැබේවා කියා පතමි මම- සැමදා, සැම කල්, සියලු තැන |
ගත කිලිපොළවන ඉරණම මේකද
මිනිසුන්හට උරුමව තිබෙන
තාක්ෂණික දියණුවක කෙළවරදි
ලෝකෙම වේවිද අවසාන
වැඩිය හොඳත් නරකයි නෙව කියන්නෙ
ඇත්තකි
නැත කිසි අඩමාන
බලයට පත් කළ යුත්තෙ මොළේ ඇති
ඇත්තන්මය
ඇති නැණ නුවණ!
අනාගතයෙදී නායක පුටුවල
වැජඹෙන්නට පෙරුමන් පුරන
‘මමම තමා නිස්සා’ යැයි කියමින්
තම පම්පෝරිය ඇද
බාන
නොනිසි උදවියට නොදී පාලනය
ඉන්නට පුරවැසි හැමට
නැණ-
නුවණ ලැබේවා කියා පතමි මම-
සැමදා, සැම කල්, සියලු තැන෴0෴






ඩුප්ලිකේට් කවිත් එයිද?
ReplyDeletePra Jay
(not duplicate)
ඇවිල්ලා ඇවිල්ලා Pra Jay මහත්තයෝ.
DeleteDuplicate American accent
ReplyDeleteස්තුතියි බකුසු මහත්තයෝ.
Deleteඕක බෑන්ක් වල දාල මටත් අලකලංචියක් වුනා නොවැ . මගේ හෙවි ඇක්සෙන්ට් එක තේරෙන්නම නැහැ කිව්වා නොවැ
Deleteඅප්පට සිරි, අලුත් තාක්ෂණික ගැටළුවක්....
Deleteට්‍රම්ප් ල, පුටින් ල, වෙන වෙන
ReplyDeleteපොඩි ඈයොත් කරනා කල යම යුද්ධ
ලෝකෙම අල්ලේ නටවන බල ඇති
අපෙ ලොක්කට කොහොමට ඇද්ද?
"නැවතුවෙ නැතිනම් තොපි ඔය ඔය සෙල්ලම්
මෙහෙ බැහැ ඔය අහවල් සද්ද!
ගෙදරත් ඉන්නට නැහැ තොපි හින්දා
ගෑසුත් නෑ අම්මගෙ රෙද්ද!!"
නෝනගෙ වදේට ඉන්නම බැරි තැන
ලොක්කා යයි පැලවත්තෙ කැලේ
බැලුවම විජිතලා හඳුන්ලා ටිල්වි ලා
සෙට් එක ඉන්නෙ මෙහෙ නෙ බොලේ
"නිවාඩු පාඩුවෙ කැලයට ආවේ
අඩියක් ගහන්න නොවෙද මලේ?"
"දර ඇහිඳිනවලු" පෝලිමෙ කියපිය
අම්මප උඹලගෙ ටිකිරි මොළේ..
"මෙහෙමම යනකොට පෙට්‍රල් ඩීසල්
මිල සේරම තව තව උස්සයි"
"අරකත් කොර ගන්නට විදිහක් නැහැ
ගෑස් නැතිව නෝනත් ගස්ස යි"
"මේවත් ඉවසුව හැකි ඒ අස්සේ
පෙල පොතටත් අරවම බස්සයි"
"අපිලගෙ කුණු රෙදි හෝදල මිරිකලා
ලෙලි යන්නේ ඩෝබිගෙ පස්ස යි..! :( "
සෙට් එක දාගෙන දර අහුලන කොට
ලොක්කගෙ සිතුවිලි නැහැ නෙ නිමා ..
තව ඉවසුවොතින් ලොක්කට වෙන්නෙත්
ටැට්ටරයෙන් සැනසෙන්න තමා
වෙන නඩයක් රට කෙරුවා නම් හෙම
ගේමට ආවත් සද්දෙ දමා
විහිලු නොදන්නා රට වැසියොත්
අපිටම ගහලා නොවැ බඩුම තමා!!!
මේකට පිලියම් හොයන්න හිතලා
එතැනම මීටිම කුත් දමලා
තොරා ගත්තෙමු මරු උත්තරයක්
ජොලියෙන් කට්ටිය උඩ පැනලා
සුදු මන්දිරයට, පුටින් ගෙ ගෙදරට
විජිතයි හඳුනයි අපි යවලා
"ඉන්ටෙන්ෂන් ලෝ කඩ කෙරුවොත් බිග්
කුච්චන් වෙයි තොපි දැන ගල්ලා!!!!"
මේ කවුද මේ?
Delete- ඩුප්ලිකේට් නිදි
Delete@නිදිගෙ පංච තන්තරේMarch 17, 2026 at 6:35 AM
අඩෝඕඕඕඕව්ව්ව්ව්!!!!!!!!!!!
මේ කවිය දැම්මෙත් මං. උඹ ඔය කොපි කරලා දාපු පල්ලෙහා කමෙන්ට් එක දැම්මෙත් මං!!
හොඳ හිතින් ඉන්ටෙන්ෂන් ලෝ ෆලෝ කරපිය!!!!!!!!
- ඩුප්ලිකේට් නිදි (ඔරිජිනල්)
දැන් නං මමත් හොල්මං!
Deleteහොල්මන් කියන්නෙ නිදි ලොක්කලම 3න් දෙනෙක් 😆🤣
Deleteනිදි ඔරිජිනල් , නිදි ඩුප්ලිකේට් දෙකම මරු
Deleteමරු කියන්නේ මාරු අජිත් මහත්තයෝ. ඩුප්ලිකේට් නිදි මොනවා හරි ලිව්ව ගමන් මාරු!
Deleteස්තුතියි නමී.
Deleteඔය රාජලියාගේ කතාව අර ප්‍රාජේ කියන ජාතියේ බොරුවක්ලු නේද :D
ReplyDelete@ Ivan
Deleteමේ රාජාලියාගේ කතාව කියන්නේ හිත හයිය කරගන්න හොඳ මෝටිවේෂන් කතාවක් වුණාට, ඒක ඇත්තටම විද්‍යාත්මක පදනමක් නැති ලස්සන "ප්‍රබන්ධයක්" විතරයි. රාජාලියෙක් තමන්ගේ හොට පර්වතයක ගහලා කඩාගත්තොත් ඌට නැවත කන්න විදිහක් නැතුව සතියක් ඇතුළත කුසගින්නේ මැරෙන්න සිද්ධ වෙනවා මිසක්, මැජික් එකකින් වගේ ආයෙත් හොටක් වැවෙන්නේ නැහැ. සත්ත්ව විද්‍යාවට අනුව සතෙක් තමන්ගේ නියපොතුයි පිහාටුයි උගුල්ලගෙන මාස ගණන් දුක් විඳලා "නැවත ඉපදීමක්" ලබනවා කියන එක සම්පූර්ණ බොරුවක් වුණත්, ලංකාවේ වර්තමාන NPP ආණ්ඩුවේ ඉන්න පල් හොර රැල වගේ දූෂිත අමන දේශපාලකයෝ මිනිස්සුන්ට බොරු ආර්ථික සංඛ්‍යාලේඛන පෙන්නලා රවට්ටනවා වගේම, මේ කතාවත් සමාජගත වෙලා තියෙන්නේ මිනිස්සුන්ව මානසිකව උනන්දු කරවන්න හදපු එක උපමාවක් විදිහට විතරයි.රාජාලියා තමන්ගේ හොට කඩාගෙන අලුත් වෙන්න හදනවා කියන පට්ටපල් බොරු කතාවයි, අද අපේ රටේ මාලිමා පාලකයෝ ජනතාවට කියන අමු කෙබර මනස්ගාතයි අතර කිසිම වෙනසක් නැහැ, මොකද රාජාලියෙක් තමන්ගේ හොට කඩාගත්තොත් ඌ කුසගින්නේ මැරෙනවා මිසක් ආයේ ඉපදීමක් නැතිවා වගේම, දූෂණය නතර කරනවා කියමින් බලයට ඇවිත් ගල් අඟුරු ටෙන්ඩර්වලින් කෝටි ගණන් ගසාකන, වරායෙන් රහසින් කන්ටේනර් තුන් හාර සීය පන්නන, සහ රටේ සම්පත් ව්‍යාජ දේශප්‍රේමී ලේබල් අලවලා තමන්ගේ ජවිපෙ සහ මාලිමාවේ හෙංචයියන්ට බෙදා දෙන මේ අන්ත දූෂිත මාලිමා චෞර රෙජීමයත් කරන්නේ කලින් ආණ්ඩු කරපුවාටත් වැඩිය සැරට අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් තමන්ගේ මඩි තර කරගන්නා ගමන් ජනතාවට "රාජාලි හීන" පෙන්වන එකයි. ඇත්තටම මේක හරියට අර 85% ක IMF එකේ නිශේධ බලය පාවිච්චි කරලා ඇමරිකාව ලෝකය නටවනවා වගේම, බොරු සංඛ්‍යාලේඛන සහ මෝටිවේෂන් කතා පස්සේ හංඟලා කරන මහා පරිමාණ ආර්ථික ඝාතනයක්. ඉතින් උගුලට අහුවුණු කුරුල්ලෝ වගේ මේ බොරු දේශපාලන ප්‍රවාදවලට රැවටෙන්නේ නැතුව, රාජාලියාගේ හොට වගේම රටේ ආර්ථිකයත් මේ චෞර රෙජීමය විසින් සදහටම විනාශ කරමින් පවතින බව අපි බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඒ හොර වැඩ වලට විරුද්ධව හඬ නගලා ඒවා වලක්වන්න ක්‍රියා කරන්නට ඕනේ.
ඉවාන්, Ano මහත්වරුන් දෙන්නටම ස්තුතියි අදහස් වෙනුවෙන්!
Deleteඔය ක්‍රමයට ඇත්තටම තියෙන අර්බුදය ගැන හරි හමන් අවබෝධයක් නැතිව හත් පොලේ ගාගෙන කලින් සූදානම් නොවී මේ ලංකාවේ ගොබ්බ ආණ්ඩුව මෙහෙම ගිහින් නැති අර්බුදයක් හදාගනීවිද..🤔
ReplyDeleteනැත්නම් බොරුවෙන්ම දුවන මාලිමා රජය ආයේත් අපිට කොලේ වහලා ගහන මට්ටමට තෙල් අර්බුදය උඩු දුවලද..🤔
QR ක්‍රමය ආයෙමත් හඳුන්වලා දීමත් එක්කම, කාර් සහ ඒ වර්ගයේ වාහන වලට සතියකට දෙන්නෙ තෙල් ලීටර් 15යි. මේක ඇහුවම අපිට දැනෙන්නේ ආයෙමත් අර පරණ අඳුරු කාලෙකට වැටුණා වගේ නේද? ගිය සැරේ 2022 අච්චර තෙල් නැති කාලේත් පෙට්‍රල් ලීටර් 20ක් දුන්නා ඒත් දැන් ඒක පහළොවයි
මේකෙන් ලොකුම පාර වදින්නේ රටේ ආර්ථිකේ ඇදගෙන යන, නිෂ්පාදනයට ලොකුම දායකත්වයක් දෙන මධ්‍යම පාන්තිකයන්ට.
රජයේ සේවකයන්ට බදාදා නිවාඩුව, වැඩ කරන කාලය අඩු කිරීම flex timing වගේ සහන දුන්නාට අතිශය බහුතර පෞද්ගලික අංශයේ වැඩ කරන ඔෆිස් යන කෙනාට, වෘත්තිකයන්ට, බිස්නස් කරන අයට තමන්ගේ වැඩ කරගන්න මේ වාහන නැතුවම බැහැ. කොළඹ වගේ පැත්තක ජීවත් වෙන කෙනෙකුට සතියකට ලීටර් 15ක් කියන්නේ දවස් දෙක තුනකටවත් ඇති ප්‍රමාණයක් නෙවෙයි. මේ සීමාව නිසා මුළු රටේම වැඩකටයුතු, බිස්නස් ඔක්කොම එකපාරටම ඇණහිටින තත්ත්වයකට පත්වේවි.
මේ එක්කම සාමාන්‍ය ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් වෙන එක වලක්වන්න බෑ. ළමයිව ඉස්කෝලෙ ගෙනියන්න, කඩේකට ගිහින් බඩු ටිකක් ගේන්න, වගේ දිනපතා කෙරෙන වැඩ කටයුතු ගැන දෙපාරක් හිතන්න වේවි.
තමන්ගෙම කියල වාහනයක් මිදුලේ තිබුණත් ඒකෙන් වැඩක් ගන්න බැරි වෙනකොට මිනිස්සුන්ගේ මානසික නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා.
මේ තත්ත්වය දකිනකොට අපිට ඉබේටම මතක් වෙන්නේ මීට ටික කාලෙකට කලින් 2022දී මිනිස්සු විඳපු දුක නේද? ඒ කාලේ වසර තුනක පමණ කොරෝනා කලබලේ නිසාම සංචාරක කර්මාන්තය කඩා වැටිලා රට වහලා කර්මාන්ත වැහීලා විදේශ විනිමය ඩොලර් නැතුව දවස් ගණන් තෙල් පෝලිම් වල රස්තියාදු වෙලා, අන්තිමට QR එකට සීමා වුණ ඒ අමිහිරි අතීතය අපිට තාම අමතක නෑ.
හැබැයි ඒ කාලෙ ප්‍රශ්නෙ වුණේ යුක්රේන යුද්ධය නිසා තෙල් මිල ඩොලර් 125 කට විතර එකපාරටම ඉහළම තැනකට යනකොට අපේ රටේත් ඩොලර් අර්බුදයක් ඒම. අද, ලෝකෙ කොහේ හරි යන යුද්ධයක් නිසා ආයෙමත් අපිට ඒ විදියටම, ඊටත වඩා බරපතල විදියට මේ සීමාවල් වලට හිරවෙන්න වෙලා.
හේතුව මොකක් වුණත් අන්තිමට බැට කන්නේ රටේ බහුතර අහිංසක මිනිස්සු. "අපි කොච්චර මහන්සි වෙලා වැඩ කළත්, කොච්චර කැප කිරීම් කළත් අන්තිමට ආයෙමත් වැටෙන්නේ කලින් හිටපු වළටම නේද?" කියන කලකිරීම හැමෝටම ආයෙ දැනේවි.
අවසානයේ රටක් විදියට අපි කොච්චර අනාරක්ෂිතද කියන එක මේවයින් හොඳටම පේනවා.
අර්බුදයකට මූණ දෙන්න කලින් සූදානම් වීම හොඳයි..ඒත් ආණ්ඩුවේ අතිශය අසංවිධානාත්මක මෝඩ සූදානම් වීමම නැති අර්බුදයක් නිරමාණය කරා කියලා ඉන්ධන සීමාවන් ලකුණු කල වගකිව යුත්තෝ තේරුම් ගත්තොත් තමා හොඳ, එහෙම නේද?
අන්තෝ ජටා - බහි ජටා...
Deleteඅපි නං මුරුගසං වැස්සට තෙමිල ඉවරයි වගේ පෙනෙන්නේ.
ReplyDeleteLitseeker, තවම ඇවිත් තියෙන්නේ කසකරුවන් විතරක්ද මන්දා....
Deleteඉන්ධන කෝටාව මදි මදි අපට මදී
ReplyDeleteබුම්මති මුළු රටම හොඳටම හිතට රිදී
කංචනටම බනින අදටත් පිස්සු හැදී
ලොන්ඩරි හරක් රැල එතකොට හොඳට බුදී...
කවුද මේ??
Delete-ඩුප්ලිකේට් නිදී
කවුද යකෝ මේ? මම තමයි ඔරිම ජිනල් Duplicate නිදි ගෙ පංච තන්තරේ? මුන් සේරම හොරු?
Deleteමඤ්ඤං වෙලයි ඉන්නේ කොයි කවුරුත් දැන්
Deleteපිස්සන් කරන දේ 'ගෙස්' කළ හැකි ඈයෝ none
කියලයි කියන්නේ ඒ බස සැබැවක් නං
බලං ඉඳිමු, එකත් වෙනකල් අරහං
මලහත්ඉලව්වයි එකෙක් මදිවට තුනක්
Deleteඉතිං වැඩිය හොඳයිනෙ ඉවාන්... ඔයාත් ඩුප්ලිකට් නිදි එනකල් සාංකාවෙන් නෙව උන්නේ!
Deleteට්‍රම්ප් හිතපු තරම් ඉක්මනට ඉවර වෙන්නේ නෑ වගේ....
ReplyDeleteමටත් හිතෙන්නේ එහෙමයි ලලිත් මහත්තයෝ!
Deleteදිටිඨ ධම්ම වේදනීය කර්මය ජනාධිපති ධූරය ලෙසද පැමිණීම මේ දිනවල ලංකාවේ දැකගත හැකිය.
ReplyDeleteඅලුත් අදහසක්... ස්තුතියි Sean!
Deleteනිස්සන් වෙනුවට පුස්සන්, සුදුස්සන් වෙනුවට නුසුදුස්සන්,කව්රු ආවත් අපි ගැත්තන් නොවී හිටියොත් හරි.
ReplyDeleteහරියටම හරි නිහඬපාල මහත්තයෝ. ගැත්තන් නොවී! ඒ යෙදුමට මම හරිම කැමතියි.
Deleteගැත්තෙක් නොවී සිටීමයි ඉතා වටින්නේ!
"තාක්ෂණික දියණුවක කෙළවරදි - ලෝකෙම වේවිද අවසාන". - ආන්න ජනසන්!
ReplyDeleteමේ අස්සෙ මයිකල් ජැක්සනාගෙ Earth Song එකයි. බොබ් මලයගෙ Buffalo Soldier එකයි මතක් වුනා...
Deleteඇත්තට? හැබැයි තමුන්නැහෙගෙ මතකය නං නමීතුමෝ ටිකක් අවුල් වගෙයි!
Deleteලෝකෙ හරි විදිහට
ReplyDeleteබලය ගෙදරක් නෙවෙයි සකී -
එය රැකගන්නෙ රැකකිරීමෙන්,
රජ වෙන්නේ ජනතාව ගෙනි
රජෙක් නිසා නොවේ සෑමවිටෙන්
ලේ දහදිය ගලා ගිහිල්ලා
හදිසි රජකමක් ලැබෙන්නේ නෑ
ඔලුවේ ඇති නෑ නං නුවණ
රාජ සිංහාසනෙ ශාන්තිය නෑ
යුද්ද ගෙනා කිසිවෙකුටත්
ජය ගිම්හාන කල නොපැවතුණා
ජය ගත් යයි කීවත් ඔවුන්
ලෙයින් ගොඩනැගුණු සිහිලෙල් නෑ
ඒ නිසා සකී, හිතේ ඇති
ආදරේ ළිඳ නොවිළිනෙව
ලෝකෙ හරි විදිහට සෑදෙන්නෙ
යුද නොව, නුවණ ළය ළඟ ඇතිව!
ස්තුතියි Ano.
Delete😂 හරි, ඉතිං -
ReplyDeleteරජෙකු වෙන්න ඕන නං
"මං රජ වෙනවා" කිව්වා ලොක්කා,
කනේ ඇහුවා බිරිද - "ඇයි මෝඩකා?"
ඔලුවෙ නෑ කිසි RAM එකක්,
Boot වෙන්නෙත් slow - මේ බොළඳකා! 😂
කළමනාකරණ උපාධිය ගත්තා,
"දැන් මං ලෝකේ දිනා ගත්තා!"
Google Maps නැතිව රටම නැති කළා,
GPS update කරන්න ම ඇති කළා! 🗺️💀
න්‍යෂ්ටික බෝම්බෙ button එක ළඟ,
"මේ WiFi password ද?" ඇහුව ළඟ,
IT guy කෑ ගැහුව - "Sir please නෑගෙන!"
ලෝකෙ බේරුණා IT support නිසා! 😭🙏
අයින්ස්ටයින් කිව්ව දඬු මුගුරු ගැන,
ඒත් අද ලොක්කො Twitter එකේ සටන,
Block කරනව, mute කරනව දවසටම,
"මමම ජය ගත්තා!" retweet කරනව! 🐦😂
අන්තිම ඇත්ත:
රජෙකු වෙන්න ඕන නං ඇත්තටම,
Common sense තිබෙන්න ඕනෙ ළඟින්ම,
ඒත් ඒ දෙක එකට ඉන්නෙ නෑ කවදාම -
දේශපාලනෙදී Murphy's Law හැමදාම! 😂👑
ඇන්කෝර්!
Delete"ඇති වෙන, නැති වෙන ලෝකෙක දිගටම; සදාකල්ම ඉන්නට හිතනා" ඇත්තටම ඒ වගේ අයට නිකමටවත් තමන් කවදා හරි මැරෙනවා කියලා හිතෙන්නෙ නැතුව ඇති. සල්ලි, බලය, ප්‍රසිද්ධිය, ජීවිතේ සියලුම material comforts තියෙන නිසා, මොළේ වෙනත් විදිහකට හැඩ ගැහිලා thought process එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඇති 😁😒
ReplyDeleteඔව් Lotus, එහෙම අයගේ මනසේ මොකාක් හරි අවුලක් තියෙනවා වෙන්න ඕනි.
Delete