මේරි නම් වූ මරියාට මාවත් පැටලුණේ හරිම අහඹු විදියටයි! |
සමහර මිනිස්සු, මිනිස්සු කියව්වේ ලිංග
භේදයකින් තොරවයි, හොඳේ.
සමහරුන්ගේ පළමු දර්ශන මාත්‍රයෙන්ම මට එයාලාව එපා වෙනවා. ඒ විතරයැ? මට මෙලෝ වරදක් කරලා නැති වුණත් හොම්බට හැටක් විතර අනින්නත් හිතෙනවා. සමහරුන් ගැන ඒකෙම අනිත් පැත්ත. දැක්ක ගමන් බදාගන්න හිතෙනවා! මං හිතන්නේ ඕනෙම කෙනෙකුට ඔය ගතිය ඇති, ප්‍රසිද්ධියේ නොකිව්වාට.

ඉස්සර අපේ ගෙවල් ළඟ හිටියා ෆ්‍රෑන්ක් කියලා
මනුස්සයෙක්. එයාගෙ අම්මා තමයි ෆ්‍රෑන්ක්ගේ දරු කැළතම බලාගත්තේ. බිරිඳ හිටියේ නෑ.
මහරගම අයට නම් මතක ඇති ෆ්‍රෑන්ක්ව, මිනිස්සු කිව්වේ එයා 'ත්‍රෛලෝක විජය පත්‍ර' විකුණුවා කියලයි. එව්වා මෙව්වා මොනවා වුණත් මම අර අම්මාව දකින-දකින වාරයක් ගණනේ හිතුවේ 'අනේ, ඒ අම්මාගේ පුතෙක් වුණා නම්' කියලයි.
මං හිතන්නේ සංසාරගත පුරුද්දෙන් වෙන්නැති අපට එහෙම දැනෙන්නේ. ඔහොම පෙනුමෙන් මිනිස්සු මනින එක වැරැදියි කියලා මං හොඳට දන්නවා. ඒත් මොකද කරන්නේ, තවමත් මගේ අතින් ඒ වැරැද්ද වෙනවනේ.

ඒ වගේමයි අපි ආසක්ත වෙනවා අපේ වීරයන් ගැනත්.
මාත් නිරන්තරයෙන් 'රාවය' කියවන නිසා මුලින් කියූ තුන් දෙනාම මගේ වීරයෝ වෙලයි හිටියේ. ගොඩගේ එකෙන්
පොත ගහනවා වුණත් එයාලම ඇවිත් තිබ්බෙ මටත් පුද්ගලිකවම කතා කරලා ජොබ් එක බාරදෙන්න.
අම්මට සිරි! මටත් හරි ආඩම්බරයි ඉතින්. ගොඩගේ මහත්තයාමයි එයාලට කියලා තියෙන්නේ මාව
හම්බ වෙන්න.
ගොඩගේ පොතුත් සෑහෙන ප්‍රමාණයක් අච්චු ගහන්නට නිදි දායක වෙලා තියෙනවා............ |
"මං ජීවත් වෙලා ඉන්නේ රස්සාව කරන්නම
නෙවෙයි. හැබැයි රස්සාවක් කරනවා ජීවත් වීමට උදව්වක් වෙන්න." ඒක තමා රැකියා
පිළිබඳ මගේ දර්ශනේ.
මාව රස්සාවට ගන්න කලින්ම මං මගේ කන්ඩිෂන් ටික
කියනවා.
"මං වැඩට ආවාට මට කියන්න එපා o.t. කරන්න. නිවාඩු දවස්වලට වැඩට එන්න කියන්නත් එපා. හැබැයි මොනවාහරි වැඩකට මාව ඕනෙම බව මට තේරෙනවා නම් මට නොකිව්වත් මං අමතර වැඩ හරි කරන්නම්. මං නිවාඩු ගත්තා කියලා වැඩකට පාඩුවක් නොවෙන්න වගබලා ගන්න මට පුළුවන්!"
මං එව්වා කිව්වේ ඔහොම පොල්ලෙන් ගහන්නා වගෙ භාෂාවකින් නම් නෙවෙයි; එයාලට බෑ කියන්න බැරි වෙන තරම් මෘදුවට. මොන වාසනාවටද මන්දා, මට හමුවුණු හැම බොස් කෙනෙක්ම මගේ ඉල්ලීමට එකඟ වුණා. එයාලා මගෙත්, මං එයාලගෙත් විශ්වාසය රැක්කා. මොකද මං මාවම රවටාගන්න කෙනෙක් නොවන නිසා.
ඔන්න පුංචි පම්පෝරියකුත් ගහන්නම වෙනවා! මං
අන්තිමට රැකියාව කළ තැන් හතරම මං රස්සාව හොයාගෙන ගිහින් ලැබුණු එව්වා නෙවෙයි. ඒ
ගොල්ලොම මාව කැඳවපුවා. තවමත් මට ඊළඟ රැකියාවටත් විවෘත ආරාධනයක් තියෙනවා!
"මං වැඩට ආවාට මට කියන්න එපා o.t. කරන්න. නිවාඩු දවස්වලට වැඩට එන්න කියන්නත් එපා. හැබැයි මොනවාහරි වැඩකට මාව ඕනෙම බව මට තේරෙනවා නම් මට නොකිව්වත් මං අමතර වැඩ හරි කරන්නම්. මං නිවාඩු ගත්තා කියලා වැඩකට පාඩුවක් නොවෙන්න වගබලා ගන්න මට පුළුවන්!"
මං එව්වා කිව්වේ ඔහොම පොල්ලෙන් ගහන්නා වගෙ භාෂාවකින් නම් නෙවෙයි; එයාලට බෑ කියන්න බැරි වෙන තරම් මෘදුවට. මොන වාසනාවටද මන්දා, මට හමුවුණු හැම බොස් කෙනෙක්ම මගේ ඉල්ලීමට එකඟ වුණා. එයාලා මගෙත්, මං එයාලගෙත් විශ්වාසය රැක්කා. මොකද මං මාවම රවටාගන්න කෙනෙක් නොවන නිසා.
තරහ ගන්න එපා! පුංචි පම්පෝරියකුත් මෙතැනදී කියන්න ගත්තාට......... |
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ මාලා විජේසූරිය මැතිණියගෙන්. විසිදුනු ප්‍රකාශකයෝ අධිපති ගෙවිඳු කුමාරතුංග මහතාගේ ආරාධනයෙන් මං එහෙ රස්සාවට ගිය බව ආරංචි වුණු ගමන්ම මාලා මැඩම් මට කෝල් එකක් දුන්නා.
"අයියෝ නිමල්, මං හිතාගෙන හිටියේ ඔයා ආයෙමත් රස්සාවක් කරන්න ඕනේ නැතිවයි ඉන්නේ කියලා. ඔන්න කවදා හරි ඔහෙන් ඇයි වෙලා වෙන රස්සාවකට යනවා නම් ඉස්සෙල්ලාම මට එ්ක කියලා ඉන්න ඕනේ. ඔන්න පොරොන්දුවක් වෙනවා නේද?"
මම පොරොන්දුව නම් දුන්නා. ඒත් ඒක ඉටු කරන්න අවස්තාවක් උදා වුණේ නෑ, තවම.
ඔය ටික ඉස්සෙල්ලාම කියලා ඉන්න වුණේ ඉස්සරහට
කියන්න යන දේවලට ඕනේ වෙන නිසා. ඊටත් වෙච්ච දේවල්වලින්නේ අපට මිනිස්සු ගැන හරි පිංතූරයක්
හදාගන්න පුළුවන් වෙන්නේ. මං කිව්වේ මගේ ගැන වුණත්.....
ඔන්න පොතේ වැඩ පටන් ගත්තා.
දොරට වැඩුමක් දාගෙනද මන්දා, මංජුලට ටිකක්
කලින් පොත් දෙසීයක් විතර ඕනි කිව්වා. එච්චර ලොකු පොතකුත් නොවෙන නිසා මං සැලසුම්
කළේ පොත් සේරම එක සැරේ දෙන්නයි.
පොතේ කවරය මුද්‍රණය කරලා සාම්පලයක් මගේ මේසය
උඩ තියෙද්දී එහාට ආව හිතවත් මහත්තයෙක් මේ කවරය දැක්කා. "ඔයාලද මේ පොත ගහන්නේ....."
අහලා එයා හඬ බාල කළා. "මේ පොත තහනම් කරන්නයි හදන්නේ."
පොතේ කවරය අච්චු ගහලා මගේ මේසය උඩ තියෙද්දී ආවා සාහිත්‍යධර මහත්තයෙක්... හිතවතෙක්......... |
"පල්ලියෙන්." ඊළඟට එයා දන්නා තරම්
දේ මට කිව්වා."හැබැයි මං මේ බවක් කිව්වා කියලා නම් ඔයාලගේ බොස්ටවත් කියන්න
එපා. මට බැහැනේ ඕවට පැටලෙන්න."
මට හිතෙන්නේ මම පුදුමාකාර වාසනා මහිමයක් ඇතිව
උපන් කෙනෙක් කියලයි. හුඟ දෙනෙක් මගෙත් එක්ක ඉතාම ඉක්මනින් යාළු වෙනවා. ඒ වගේම
බොහෝම කඩිනමින් මාව විශ්වාස කරන්න පටන් ගන්නවා.
සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතමින් පෙරුම් පුරන කාලයේදී නොකළ එකම පාපය බොරු කීමලු. ඒ නිසාය කියනවා සම්ම්බුද්ධ දේශනා අද වෙනතුරුත් බොරු නොවෙන්නේ.
ඒ වගේ මාත් සසර සැරිසරන කාලයේ අනෙක් අයගේ විශ්වාසය රකින්න ඇති මයෙ හිතේ. අදත්, තවමත් අලුතින්ම අඳුනාගන්න අය වුණත් එයාලගේ තොරතුරු; රහස් පවා මගෙත් එක්ක කියන්නේ බොහෝම කුළුපගව. හැබැයි මං ඒකෙ අනෙක් පැත්ත. කොච්චර විශ්වාසවන්ත කෙනෙකුට වුණත් මං මගේ රහස් හෙළි කරන්නේ නැතිම තරම්. ඒ වගේම අනෙක් අය කියන රහසුත් හොඳට රැකගන්න මට පුළුවන්.
ඒ නිසාම වෙන්නැති අපේ බොස්ගේ හිතවතා මටම සේරම
විස්තර කියව්වේ.
සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතමින් පෙරුම් පුරන කාලයේදී නොකළ එකම පාපය බොරු කීමලු. ඒ නිසාය කියනවා සම්ම්බුද්ධ දේශනා අද වෙනතුරුත් බොරු නොවෙන්නේ.
ඒ වගේ මාත් සසර සැරිසරන කාලයේ අනෙක් අයගේ විශ්වාසය රකින්න ඇති මයෙ හිතේ. අදත්, තවමත් අලුතින්ම අඳුනාගන්න අය වුණත් එයාලගේ තොරතුරු; රහස් පවා මගෙත් එක්ක කියන්නේ බොහෝම කුළුපගව. හැබැයි මං ඒකෙ අනෙක් පැත්ත. කොච්චර විශ්වාසවන්ත කෙනෙකුට වුණත් මං මගේ රහස් හෙළි කරන්නේ නැතිම තරම්. ඒ වගේම අනෙක් අය කියන රහසුත් හොඳට රැකගන්න මට පුළුවන්.
කිතුණු බැතිමතෙක් වෙලත් එයා මට මේරිගේ තහනම ගැන ඔත්තුව දුන්නා, කලින්ම........... |
මං ඒ විස්තරවලින් අදාළ ටික විතරක් මංජුලලට
කියද්දී එයාලටවත් ආරංචිය ගිහින් තිබ්බෙ නෑ. "නිමල් අයියේ, දැන් මොකද කරන්නේ..."
මං කල්පනා කරන්න වෙලාව ඉල්ලා ගත්තා. එයාලත් තව විස්තර හොයලා මට දන්වන්නට පොරොන්දු වුණා. මට කල්පනාවට ගන්න දෙයකුත් එයාලාගෙන් කියවුණා.
"ඕකට පැමිණිල්ලක් දාලා තහනම් නියෝගයක් අරගන්නවා ඇති...
එව්වට දවසක් විතර යැයි. අපිට හෙට දවස විතරයි තියෙන්නේ." එයාලා දන්නා තරමින් මංජුලලා අනුමාන කළා.
'නීච කුමන්ත්‍රණේ',

'මීන සංහාරය' හා
'වස්කවි කීම' පෝස්ටු හතර කියෙව්වා නම් ඔබ දැනටම දන්නවා නිමල්ගෙ මොට්ටකමයි, ඇට්ටරකමයි වගේම පරම්පරාවෙන් ආපු 'අමු කැළයක් වුණත් ගිනි තියන්න පුළුවන්
නුවණයි' ගැන.
මං ඒ සේරම එක්ක
දහ අතේ හිතුවා එදා රෑ පුරාම.
පොත් ටිකට මොනවා හරි කරලා බේරාගන්න තියෙන්නේ එක දවසයි! |
මට මොනවාවත්
ලැබෙනවාට නෙවෙයි.
හැබැයි, එහෙම කියන එකත් වැරැදියි. ලැබුණානේ. හොඳ අත්දැකීමක්...
මුදලට ගන්න බැරි තරමේ දෙයක්නේ ඒ. ඇයි දැනුණු ත්‍රිල් එක. තෘප්තිය....
මංජුල
වෙඩිවර්ධන සූදානම් නම් මාත් අවසානය දක්වාම එයාලාට උදව් වෙනවා 'මේරි නම් වූ මරියා'
වළ දැමීමෙන් බේරාගන්න. මං මටම දිවුරාගත්තා. "ඔව්, ඔව් නිමල්, පොත තහනම් කළොත්
නම් ඉතින් එච්චරම තමා."
ඇත්තටම සිරි ලංකාව ඒ අතින් බලද්දී හරිම
අසිරිමත් රටක්. අපි හිතන්නෙත් සිරිමත් විදියට. ස්ත්‍රී දූෂණ වළක්වා ගන්න ඕනේ නම්
කාන්තා සිරුර නිරාවරණය වෙන ඇඳුම් තහනම් කරන්න ඕනේ. සිංහලයන්ගේ උඩඟුකමයි මොට්ටකමයි නිසා
ව්‍යාපාර දියුණු කරගන්න බැරි නම් දෙමළ, මුස්ලිම් වෙළඳසල් කඩා-බිඳදමන්න ඕනේ.
මං ඉහළම තැන්වලට යෝජනාවක් කරන්නයි යන්නේ, දැන් රථවාහන අනතුරු බහුල නිසා. මහා පාරවල්වල යාන-වාහන ගමනාගමනය තහනම් කරන්න ඕනේ, අත් කරත්තවලටයි, බර කරත්තවලටයි හැර! ඕනෙම නම් විල්බැරෝවලටත් පොඩි චාන්ස් එකක් දීලා!
මං ඉහළම තැන්වලට යෝජනාවක් කරන්නයි යන්නේ, දැන් රථවාහන අනතුරු බහුල නිසා. මහා පාරවල්වල යාන-වාහන ගමනාගමනය තහනම් කරන්න ඕනේ, අත් කරත්තවලටයි, බර කරත්තවලටයි හැර! ඕනෙම නම් විල්බැරෝවලටත් පොඩි චාන්ස් එකක් දීලා!
රටේ පාරවල්වල යන්න දෙන්න තියෙන්නේ වීල් බැරෝවලට විතරයි.... වාහන තදබදේ............. |
දවල් වෙද්දී මංජුලාගෙන් කෝල් එකක් ආවා. 'හෙට
වෙද්දී CID එකෙන් ප්‍රෙස් එකට ඒවි, පොත් ටික අත්අඩංගුවට ගන්න.'
එදා මොන වැඩේ කළත් මගේ ඔළුවේ තිබ්බෙ CID
එකෙන් එන එක. ඒගොල්ලො ආව ගමන් අපේ බොස් මාව එයාලා ළඟට දානවා. ඇයි ඉතින් පොතක් ගැනනේ.
එයාලා මගෙන් මොන-මොන විදියේ ප්‍රශ්න අහයිද? මගේ හිතට ආවා.අහන ප්‍රශ්නවලට බොරු
කියනවද? ඒක තමා මට ලොකුම ප්‍රශ්නය වුණේ.
ආදි කාලේ ඉඳලාම බොරුව තිබිලා තියෙනවා, දැන්
වගේම.
මං අහලා තියෙන විදියට සක්විති රජෙක් (ලංකාවේ සක්විති නෙවෙයි, හොඳේ!) හිටියා මහා මන්ධාතු කියලා. අහසින් යන්නත් පුළුවන්කම තිබුණු කෙනෙක්, ඍද්ධි බලය නිසා. දවසක් උන්දෑ අහසින් යද්දී මොකක්ද බොරුවක් කියලා, ඍද්ධි බලයත් පිරිහිලා.....
පැරචුට් එක දිගෑරෙන්නේ
නැතිව මහා පොළොවට කඩා පාත් වෙන ගුවන් කරණංකාරයෙක් වගේ ඇද වැටුණාලු.
මං අහලා තියෙන විදියට සක්විති රජෙක් (ලංකාවේ සක්විති නෙවෙයි, හොඳේ!) හිටියා මහා මන්ධාතු කියලා. අහසින් යන්නත් පුළුවන්කම තිබුණු කෙනෙක්, ඍද්ධි බලය නිසා. දවසක් උන්දෑ අහසින් යද්දී මොකක්ද බොරුවක් කියලා, ඍද්ධි බලයත් පිරිහිලා.....
එර්දි බලයෙන් අහසින් යද්දී මොකක්ද බොරුවක් දොඩලා උන්දා ආමඩිල්ලෙක් වගේ පොළොවට පත බෑවිලා............ |
'මේරිගේ' සිදුවීමටත් අවුරුදු විසි-තිස් ගණනකට
කලින් ඉඳලා මං බොරු කීම නවත්තලයි හිටියේ. මොකද බොරු කීම ගැන විග්‍රහයක් කියෙව්වාම
මට එහෙම කරන්න හිතුණා. ඔයාලටත් එක කියන්නම්කෝ, මගේ භාෂාවෙන්, මට මතක විදියට.
අපි බොරු කියන්නේ ඇයි කියලා හිතලා තියෙනවද?
හොඳට විග්‍රහ කරගෙන ගියාම ලැබෙන උත්තරේ 'බයට' කියන එකයි. සත්‍යය හෙළි වුණාම ලැබෙන්නට ඉඩ තිබෙන ප්‍රතිචාරයට බයයි නම් තමා අපි බොරු කියන්නේ.
ඉතින් ඒ අනුව හිතුවාම මට හිතුණා මොකටද- මොකාටද මං බය වෙන්නේ කියලා. ඇයි මං බියගුල්ලෙක්- නිවටයෙක් වෙන්නේ? අහංකාර හිතිවිල්ලක් බව ඇත්ත. ඒත් මං ඒ ප්‍රතිපදාව රකින්න පටන් ගත්තා. හැබැයි බොහෝම උපක්‍රමශීලිව.

මං බොරු කියන්නේ නෑ. ඒත් ඕනේ තරම් අවස්ථා
උදාවෙනවා සත්‍යය හෙළි කරන්නත් බැරි. ඒ වෙලාවට තමා මං උපක්‍රමශීලි වෙන්නේ. මෙන්න
ගුරුමුෂ්ටි නැතිවම මගේ ප්‍රයෝග. රිසි නම් අත්හදා බලන්න. කිසිදු ගෙවීමක් කළ යුතු
නොවේ!
ඇත්ත බොරුවක් විදියට කීම: හිතමුකෝ කවුරු හරි
මගෙන් අහනවා 'තමුසේ මාව අමාරුවේ දැම්මා නේද අරයාට මේක කියලා?'.
ඒකට ඍජු උත්තරේ 'ඔව්' කියන එක එයාට කියන්න මට ඕනේ නැති නම් මං මෙහෙම කියාවි. "ආනේ, ඔයා කොහොමද ඕක ඔච්චර හොඳට දැනගත්තේ?" - "බලාගෙන ගියාම ඔයාට හොඳට පේන කියන්නත් පුළුවන්නේ. නරකයිද ඒක පටන් ගත්තොත්!" - "ඔයා එහෙම හිතනවා නම් මං මොකටද ආයේ නැහැයි කියන්නේ." - "ෂාහ්! මෙයා දැන් ෂර්ලොක් හෝම්ස්ටත් වැඩිය හපනෙක් වෙලානේ,රහස් හෙවිල්ලෙදී." වගේ ප්‍රකාශවලින් එකක්
මඟ හැර යාම: "මහත්තයෝ, තරහ නැතිව ගෙනෙනවාද
ලොකු කොළයක්, මං සේරම සහසුද්දෙන්ම ලියලා දෙන්න?"
ඒකට ඍජු උත්තරේ 'ඔව්' කියන එක එයාට කියන්න මට ඕනේ නැති නම් මං මෙහෙම කියාවි. "ආනේ, ඔයා කොහොමද ඕක ඔච්චර හොඳට දැනගත්තේ?" - "බලාගෙන ගියාම ඔයාට හොඳට පේන කියන්නත් පුළුවන්නේ. නරකයිද ඒක පටන් ගත්තොත්!" - "ඔයා එහෙම හිතනවා නම් මං මොකටද ආයේ නැහැයි කියන්නේ." - "ෂාහ්! මෙයා දැන් ෂර්ලොක් හෝම්ස්ටත් වැඩිය හපනෙක් වෙලානේ,රහස් හෙවිල්ලෙදී." වගේ ප්‍රකාශවලින් එකක්
ප්‍රශ්නයකට උත්තර නොදී මඟ හැරලා ඈතට දුවන්නත් ලොකු දක්ෂකමක් ඕනේ කරනවා! |
අභියෝග කිරීම: "එක්කන් එන්නකෝ ඔය කතාව
ඔයාට කිව්ව මනුස්සයාව. මං එයාගෙ ඉස්සරහම ඔයාට කියන්නම්." - " ඔයා මගේ
අදහස් ප්‍රකාශ කිරීමේ මානව නිදහසත් උල්ලංඝනය කරන්නයි සුදෝ හදන්නේ!"
ඔයාලා ඔතැනදී ඉතාම ප්‍රවේසම් විය යුතුයි වචන
තෝරා ගැනීමේදීත්. ප්‍රතිවාදියාව ප්‍රකෝප නොවෙන විදියේ වදන්, ඔහුට ගරු කරන විදියටයි
මං නම් කියන්නේ. ඔය මොනවා කිව්වත් ඉඟි-බිඟිවලින්, උච්චාරණයෙන් පොලිෂ් කරලා ගන්නත්
ඕනේ. එව්වා වරදින්නෙ නැහැ, මට නම්.
නොදන්නා ඉතිහාසයක්... මේ විදියට බේර ගත්ත මේරි නම් වූ මරියා පොත් ටිකක් දන්නා අඳුනන කීපදෙනෙක් ළඟ තියෙනවා...
ReplyDeleteතරුරසී, ගොඩක් ස්තුතියි!
ReplyDeleteබ්ලොග් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක් විදියට ඉඳගෙනත්
මේ බ්ලොගයට ඔයා එව්වේ "ඌන පූරණයක්".
මම මේ ලිපි දෙක මංජුල අයියට යැව්වා. ඔහු ඔබ සමග කතා කරන්නට කැමැත්තෙන් ඉන්නවා. මේ මේල් එකට දුරකථන අංකයක් යවන්න.
Deletemwediwardena@jdslanka.org
මං යවන්නම්.
ReplyDeleteගොඩක් ස්තුතියි.
ප්‍රෙස් එක අයිතිකාරය දුවන කෝච්චිවලට බෙල්ල තියන ජාතියේ නෙවෙයි උනාට, නිමල් අයියනං රේල් පීලි හොයා හොයා යනවද මන්ද ?
ReplyDeleteබෙල්ල ගහලා යනවා වුණත් බෙල්ල දෙන්න වෙන වෙලාවට පස්ස ගහන්න ඇහැකිද කණ්ඩො?
Delete