ඒ දවස්වල මම 'බතික් ගෙදර' නිමල්. මගේ 'දීපානි බතික්' ආයතනයේ ළමයි 60ක් විතර වැඩ කළ දවස් තමයි ඒ.
ඒ දවස්වල දීපානි බතික් වැඩපොළේ ළමයි 60ක් විතර වැඩ ........... |
ගමන සංවිධානය කරන්නේ මං. තව විදියකට කියනවා නම් නඩේ ගුරා මං වහන්සේ.
අපි යන්නේ කුරුවිට පාරෙන්. ඒ කිව්වේ එරත්නෙන්
පටන් ගන්න පාර. පහළට කරුණා කරන්නේ රත්නපුර පාරෙන්. සිරීපාදේ යන ගොඩ දෙනා යන්නේ
හැටන් පාරෙන්. ඒක ලෙහෙසියි. ඒත් අපි යන්න තෝරාගෙන තිබුණු පාරවල් දෙකම ටිකාක්
දුෂ්කරයි. හැබැයි සෞන්දර්යයෙන් අනූනයි.
දැන් ඉස්සරට වඩා ටිකක් ලෙහෙසියි, හුඟාක් තැන්වල පඩි එහෙමත් හදලා තියෙන හින්දා. ලොකුම හොඳේ, පාරවල් සංවර්ධනය වුණාට ලස්සන අඩුවෙලා නැහැ!
හැබැයි පරිසර දූෂණය නම් සීයට දෙසීයක් වැඩිවෙලා.
දැන් ඉස්සරට වඩා ටිකක් ලෙහෙසියි, හුඟාක් තැන්වල පඩි එහෙමත් හදලා තියෙන හින්දා. ලොකුම හොඳේ, පාරවල් සංවර්ධනය වුණාට ලස්සන අඩුවෙලා නැහැ!
ලස්සන පරිසරයකට අපි ආසයි, ඒත් ඒ ලස්සන නැති කරන්නත් මුල් වෙන්නේ.......... |
ඉතින් ඒ අවුරුද්දෙත් අපි සුපුරුදු විදියටම
සිරිපා කරුණා කළා. බතික් කරන ළමයි කීප දෙනෙකුත්, මිස්ටර් 'ඒ'ත්, අපේ ගෙදර කීප
දෙනෙකුත් ගමනට සහභාගි වුණා.
පුරුදු විදියටම අපි පළමු දවසේ රෑ නවාතැන් ගත්තේ හැරමිටිපාන අම්බලමේ. අම්බලම කිව්වාට ඒක හෙණ විශාලයි. පහසුකම් හුඟාක් හොඳයි. 'ඒ'ත් නිදාගෙන හිටියේ මගේ එක පැත්තකින්. රෑ මැද්දෙ මට ඇහැරුණා. එහෙමම ඉඳගෙන මං යාන්තමට ඇස් ඇරියා. 'ඒ' නැඟිටලා, පැදුරේම වාඩිවෙලා. කාත් එක්කදෝ කතාවක්. කොනක් මටත් ඇහුණා.

"මට හරිම ආසයි ඔයාගේ ජිප්සියක එල්ලිලා
උන්චිලි පදින්න!"
කොල්ලා බොහෝම ශෘංගාරාත්මක හඬින් කෙඳිරුවා.
ඇත්තමයි, ඊළඟට
මොනවා කියවුනාද කියලා මං දන්නේ නැහැ.
මට නින්ද ගිහින්. ආයෙම ඇහැරුණේ සෑහෙන වෙලාවකට පස්සේ. මරු නඩේ ගුරා, නේද?
කොල්ලා බොහෝම ශෘංගාරාත්මක හඬින් කෙඳිරුවා.
සෙනඟ උතුරණ හැරමිටිපාන අම්බලමේ කොහෙද ඉඩක් කෙල්ලෙකුගේ ජිප්සියේ එල්ලිලා උන්චිලි පදින්න? |
මට නින්ද ගිහින්. ආයෙම ඇහැරුණේ සෑහෙන වෙලාවකට පස්සේ. මරු නඩේ ගුරා, නේද?
එදා අපි පැදුරු එළාගන්න ඉඩක් හොයාගත්තෙත්
අමාරුවෙන්. එච්චරට සෙනඟ අම්බලමේ. ඒ සෙනඟ කන්දරාව මැද්දෙ මොන ඔන්චිලි පැදිල්ලක්ද?
හොඳයි පදින්න ගියාම කියමුකෝ..... ජිප්සිය කොච්චර ලොකු වුණත් ඒකේ අයිතිකාරිගේ රුධිර
වහනයක් වෙලා තමයි අහවර වෙන්නේ. කන් පෙත්ත ඉරිලා ගියාම!
(මට අමතක වුණා කියන්න- ජිප්සි කිව්වේ ඒ දවස්වල ගොඩක් ගැහැනු ළමයි පැළඳපු කරාබු වර්ගයක්. නිකම්ම ලොකු රවුම් දෙකක්.) ම්..ම්..ම්.. අර නින්දෙන් ඇහැරුණු වෙලාවේ මාත් බලාගත්තා ජිප්සි දෙකේ අයිතිකාරි.
'උඹලා දෙන්නාට දෙන්නා කැමැතියි නම් ඕන පැදිල්ලක් පැදගනිල්ලා ගෙදර ගිහින්. දැන් ගමන ආව විදියටම ආව අයව එක්කරගෙන යන එකනේ මගේ රාජකාරිය.'
මං මටම කියාගත්තා.

ඊට පස්සේ නම් 'නිමල් අයියා හරි ඇණයක්නේ' කියලා ඒ
දෙන්නාට හිතෙන්නැති.
අපි ගමන ගිහිං ඇවිත් මාස ගණනාවක් යනතුරුත් 'ඒ'
මට මොනවාවත් කිව්වේ නෑ. මං ඇහුවෙත් නෑ. ඊට පස්සේ එයාට කතා නොකර බැරි වුණා.
"නිමල්. මට ලොකු උදව්වක් ඕනේ. ඔයාගේ වැඩපොළේ ........ත් එක්ක මගේ සම්බන්ධයක්
තියෙනවා. අපි බඳින්නයි ඉන්නේ..."
"හරි ෂෝක්නේ. මාව හම්බවෙන්න මහරගමට ආව එකෙන්
ඔයාටත් හරි ගියා එහෙනම්."
"ඒ වුණාට....." ගොඩාරියක් තෙපර
බාලා 'ඒ' කිව්වේ 'වෙන්ඩ මිසිස් ඒ' ඒ වෙනකොට වැඩ වරද්දාගෙන කියලා.
ඉස්සර තමයි ඔය වගේ වෙලාවට වැඩ වැරදිලා, අනාථ
වෙලා වගේ යෙදුම් පාවිච්චි වුණේ. ඔයාලා 'සුසී' චිත්‍රපටය බලලා තියෙනවද? ඒකේ චරිතවල
නම් මතක නැති හින්දා නළු-නිළි නම්වලින්ම කියන්නම්.
පර්ල් වාසුදේවිගේ දුව මාලිනී. ඒ ගොල්ලෝ දුප්පත්. විජය පෝසත් පවුලක පුතෙක්. තාත්තා එඩී ජූනියර්. විජය මාලිනීගේ 'කුමරි බඹසර' බිඳිනවා.
(කුමරි බඹසර- කුමර බඹසර
දෙකම ගැන මං කිව්වා මතකයිද 'නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්' එකේදී.) ඒ බව දැනගන්න අම්මා ලතෝනි දිදී යනවා කොල්ලාගේ තාත්තව හම්බවෙන්න. ගිහිල්ල පැමිණිලි කරනවා.

ඇයි බුදු මහත්තයෝ, අර ඇඳ පුරාම ලේ පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ! |
"ඇයි බුදු මහත්තයෝ අර ඇඳ පුරාම ලේ
පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ!" පර්ල් වාසුදේවි අඬ-අඬා ඔය සීන් එක
කොයි තරම් හොඳට රඟපාලා තිබුණද කිව්වොත්, මහරගම නැෂනල් තියටර් එකේ හිටි නරඹන්නෝ
සේරම හිනා කෑවා.
මගේ යහළුවා නම් එදා හිටියේ හිනාවෙන තත්වෙක
නෙවෙයි.
"නිමල්, අපට දැන්මම බඳින්න බෑ. ඒකට තව කල් ඕනේ නිසා අපි බබාව නැති කරන්නයි යන්නේ. මගේ ළඟ සත පහක් නෑ. ඔයාගෙන් සල්ලි ඉල්ලාගන්නයි මං අද ආවෙත්." එයා කීවා.
මම කර අරින්න හිතුවේ නෑ, සල්ලි දුන්නා. ඊට මාස ගණනකට පස්සේ එයාලා කසාද බැන්දා. එක සාක්කිකාරයෙකුට අත්සන් කළෙත් මං. දැන් එයාලට කරදඬු ලොකු වුණු දරුවොත් ඉන්නවා.

හැබැයි වරින්වර මට හිතෙනවා 'සාවද්‍ය මනුෂ්‍ය
ඝාතනයකට' මාත් හවුල් කියලා. ඒ ගැන පසුතැවිල්ලක් නම් නෑ.
ඒකෙන් මං කියන්නේ නැහැ එහෙම 'නූපන් බිළිඳුන් නසා දැමීම' හොඳ දෙයක් කියලා. ඒත් මොකද කරන්නේ, වෙන විකල්පයක් නැත්තම්?
ඒකෙන් මං කියන්නේ නැහැ එහෙම 'නූපන් බිළිඳුන් නසා දැමීම' හොඳ දෙයක් කියලා. ඒත් මොකද කරන්නේ, වෙන විකල්පයක් නැත්තම්?
අප්‍රේල් 24 වැනිදා මං දැක්ක මාර නිව්ස්
එකක්.
මේ බුදුන් උපන් දේශයේ .....
ඉස්සෙල්ලාම මේ අවුල ලිහාගෙන ඉඳිමු. ගොඩාරියක් ත්‍රී රෝද රථවල, වාහනවල ඕගොල්ලොත් දැකලා ඇති 'මේ බුදුන් උපන් දේශයයි' කියන ස්ටිකරය. කවුද මෙහෙම නිගමනයකට ආවේ? කවුද මෙහෙම කියන්නේ?
ම්හු....ඔහේ කියනවා, පෙන්නනවා. කිසිම බාධාවක් නෑ.
ඉතින් මේ සදහම් දීපයේ කියමුකො අනෙක් අය කියන හින්දාවත්. එක අවුරුද්දකදී දරු උපත් 35,000 ක් සිදු වෙනවාලු. එතකොට ගබ්සා කිරීම? අවුරුද්දකදී 36,500 යි.

අවුරුද්දකදී උපත් 35,000යි. ගබ්සා කිරීම් 36,500යි. කොහොමද සද්ධර්ම ද්වීපයේ කෙරුවාව? |
මගේ ළඟම ඥාති සහෝදරයෙක් කරදර මූණකුත් එක්ක
මාව හොයාගෙන ආවා. "හරිම ප්‍රශ්නයක් අයියේ....අපේ ලොකු පුතා ගෑනු ළමයෙක් එක්ක
යාළු වෙලයි ඉන්නේ. ඒ ගොල්ලන්ගේ ගෙදර අයත් මේ සම්බන්දෙ දන්නවා. අවුරුද්දකින්
දෙකකින් විතර දෙන්නා බඳිනවාලු.
-ඒත් දැන් ගෑනු ළමයා ප්‍රෙග්නන්ට්. පුතාලා හදන්නේ දරුවාව නැති කරන්න.
අයියා දන්නවනේ අපේ එක්කෙනාගේ හැටි. උපාසිකාවනේ... එහෙම තියෙද්දිත් ඒ අම්මංඩි මේකට කැමතියි, නැත්තං ලජ්ජාවේ බැරිවෙයිලු. මගේ හිතට නම් හරි මදි එහෙම කරන එක. පාපයක්නේ, ඒකයි ප්‍රශ්නේ." මිනිහා මට කිව්වා.

එයාගෙ කතාවෙන්ම මට තේරුණා මං මොන උත්තරය
දුන්නත් එයාලා 'ඒ කරුමෙට' කර ගහන්නයි යන්නේ කියලා. මාව හම්බ වෙන්න ඇවිත් තියෙන්නේ
එක විදියක පාපෝච්චාරණයකට.
"තීරණය ඔයාලමයි ගන්න ඕනේ. හැබැයි මොනවා තීරණය කළත් පහු කරන්න එපා. ඕනේ මංගල්ලයක් කියලා කසාද බඳිනවා නම් එ්ක කරවපල්ලා ඉක්මනින්ම. එහෙම නැතිව බබාව නැති කරනවා නම් ඒකත් දඩ-බඩ ගාලා කරන්න වෙයි. පහුවෙන තරමට ගෑනු දරුවා අන්තරාවේ!"
ඒ සිද්ධියට අදාළ කිරිකැටියාත් නොදුටු
මව්පියන්ට සාප කරමින් එලොව යන්න ඇති.
"තීරණය ඔයාලමයි ගන්න ඕනේ. හැබැයි මොනවා තීරණය කළත් පහු කරන්න එපා. ඕනේ මංගල්ලයක් කියලා කසාද බඳිනවා නම් එ්ක කරවපල්ලා ඉක්මනින්ම. එහෙම නැතිව බබාව නැති කරනවා නම් ඒකත් දඩ-බඩ ගාලා කරන්න වෙයි. පහුවෙන තරමට ගෑනු දරුවා අන්තරාවේ!"
ඉස්සෙල්ලාම කිරිකැටියා ගස්සලා යවපු එයාලගේ කසාදෙ එක සාක්කිකාරයෙක් වුණෙත් මං....... |
හැබැයි, ඒ තරුණ ජෝඩුව කසාද බැඳලා දැන් සිඟිති දරුවෙකු හුරතල් කරනවා. හරිම ආදරෙයි දරුවට. මැණිකක් වගෙයි දරු සිඟිත්තාව රකින්නේ. මං එයාලට සමීප නම් අහගන්න තිබ්බා නූපන් දරුවා ගැන එයාලා දැන් මොනවද හිතන්නේ කියලා.
සුපිරි ලියවිල්ලක්... කොමෙන්ට්ස් ගැන වොරි වෙන්න එපා දිගටම ලියන්න
ReplyDeleteහදවතින්ම නැගෙන සුපැතුම්
ඊයේ දවසට 1055 දෙනෙක්
Deleteපංච තන්තරේ ඉගෙනගන්න ඇවිත්.
ගොඩක් සතුටුයි.
අඩුම තරමින් එයින් 1000 ක්වත් ආවේ
ඔයාල මඟ පෙන්නු හින්දමයි.
ඒ ක්‍රෙඩිට් එක ඔයාලටයි.
මට හිතෙන්නේ ඒක මාතලන්ටත්
අපූරු ඇගයීමක් කියලයි!
තරහා නැතිව ඉස්සරහටත් උදව් කරන්න!
ගොඩක් ස්තුතියි!
හොඳට ලියනවා වගේම ඔබේ සිතුම් පැතුම් ආකල්ප වලටත් මම බොහොම මනාපයි. ඒ වගේම ඔබේ සමහර කතා අපව මිහිරි අතීතයකට රැගෙන යනවා. ලිවිසැරිය බොහොම රසවත්. කමෙන්ට් ගැන දුක් වෙන්න අවශ්‍ය නැහැ. වෙලාවට කමෙන්ට් වැටේවි. දිගටම ලියන්න. ජය!!
ReplyDeleteඇත්තම කියනවා නම් මං කොම්පියුටර් ලෝකෙට මැට්ටෙක්.
Deleteඔන්න ඊයේ තමයි අපේ අකලන්කගෙන් අහගත්තෙ
කොමෙන්ට්ස්වලට උත්තර දෙන්න.
අනෙක මං කොටන්නෙත් හෙමින්.
කොහොම වුණත් ඔයාලා වගේ අයගේ අදහස් මසුරං වටිනවා.
ගොඩක් පින්.
කියෙව්වා පෝස්ට්ස් හතරක් පහක්..මරු...
ReplyDeleteබ්ලොග් රෝලෙත් එල්ල ගත්තා.
හැලපෙගේ පඳුරු තැලිල්ලේ ස්ටයිල් එක තියෙන එකයි, අපේ කාලේ ලියවිලි නිසයි විතරක්ම නෙවෙයි, මාතේ කිව්ව වගේ සුපිරි ලියවිල්ලක් නිසයි ආසවෙන් කියවන්න ඇහැකි..
ජයවේවා...!
මේ ලෝකෙට මම තාම හිච්චෙක්.
Deleteඔයාලගේ සහයෙන් නැඟිටින්නං!
ගොඩක් පින් !
මාතලන් උන්නැහෑගේ ඔත්තුවක් දැකලා කොළොම්පුරේත් ගොඩවැදුනා. ලියවිල්ල නම් පංකාදුපහයි.
ReplyDeleteඒ ඔත්තුව ගොඩක් වැඩ කරලා.
Deleteතරහ නැතිව අඩු-පාඩුත් කියන්න.
හොඳේ!
මාතලන් දී තිබු ඉඟි ඔස්සේ ආවා .අපුරු ලියවිල්ලක් .දිගටම ලියන්න සුබ පතමි .
ReplyDeleteස්තුතියි!
Deleteදිගටම ලියන්න දිරියක් ඔයාලා.
මාතලං පාර කිව්වෙ. දිගටම එන්නං ඈ
ReplyDeleteඑන්න,එන්න.
Deleteසාදරයෙන් පිළිගන්නවා!.
නියමෙට ලියනවා. ඔහෙල වගේ අය තමා, මේ හෙනහුරා ලබපු බ්ලොග් ලෝකෙට ඕනෙ.
ReplyDeleteස්තූතියි. මයෙබ්ලොග් රෝලෙ එල්ල ගත්තා , අලුත් පොස්ට් බලන්න.
හිමීට පරණ පෝස්ට් සැට් එකම කියවඤ්ඤං. පුලුවන්නම් වචන දෙකකින් හරි පිලිතුරු දෙන්න බලන්න. කමෙන්ට් ලියන්නන්ට උත්ප්‍රේරකයක් වගේම , පිලිතුරු අපට දිරියක්.
බොහෝම පින්!
Deleteඅංකුර මට ඔයාලා වගේ අයගේ උපදෙස් ගොඩක් වටිනවා.
++++++
ReplyDeleteThanks!
Deleteසිරි පාදෙ වඳින්න නොගිය එකත් මෝඩයලු එකපාරකට වැඩිය යන එකත් මෝඩයලු ... ඕව මං කියන ඒවා එහෙම නෙමෙයි රට්ටු කියන ඒව .. එක පාරක්වත් නොගියපු මාත් ඔය ගොඩේම ඉන්නව ... දෙපාරක් සිරිපාදෙ අල්ලපු වත්තෙ තියෙන මොරේ වතු යායේ ෆිෂින් හට් වලයි ෆොරෙස් බන්ගලාවෙයි නැවතිල ඉඳල තියෙනව ඒත් හැටන් පාර පැත්තෙන් හැබැයි. ෆිෂින් හට් වල ඉඳල නම් උඩ මළුවට හූවයි බල්ටි දෙකයි කියල තමයි එතන ඉන්න අය කියන්නෙ ඒත් මේ උදවියගෙ හැතැම්ම රබර් ඒවා :-D
ReplyDeleteඅර පරිසර දුෂණය වැඩි වෙලා තියෙන්නෙ මහා බල සම්පන්න සමන් දෙයියො දැන් පෙන්ෂන් ගිහින් හින්ද වෙන්ටෑ ... මෑන්ට සෙකියුරිටි වැඩේට ආපහු සර්විස් එක්ස්ටෙන්ෂන් එකක්වත් දීල කුණු දාන එවුන්ව මඩු වලිගෙන් තලලා පහළට ඇද දාන්න කිව්ව නං හරි :-D
ෆිෂින් හත්වල ඉඳලා සිරිපා කරුණා කරන්න ගිය අපේ නඩයේ බාල-තරුණ-මහලු තුන්ගොල්ලම හිටියා; දෙපාරම. වරුවක් විතර් තමා ගියේ. හැබැයි, නැග්ම වැඩිලු කියලයි කිව්වේ. කූඩැල්ලන් හින්දා මම නම් ගියේ නැහැ. (වැස්ස කාලේ හින්දා.)
Deleteකුණු වැඩේට නම් තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවොත් අත දාන එකක් නැහැ කණ්ඩො, පණ දෙයියලා වවාගෙනම කන තරම දැක්කාම.