තානායම්වල හුටපට හරිම අපූරුවට..... |
ඔය සේරම ලෝකෙන් උතුම් රටට වලංගු නැත. එදා වේල
සරි කර ගන්නට දත කනවා මිස, අපිට එහෙම මඩ නාන්නට තරම් කැසිල්ලක් හෝ වස්තු සම්පත්
නැත. හැබැයි රූපවාහිනියෙන් ඕනා තරම් මඩ නාන අපේම ඇත්තන් හිත පුරා, නෙත පුරා දැක
බලා ගන්නට අපට වාසනාව ඇත. ඒ මදැයි!
ඩොලර් සිය ගණන් දීලා මඩ නාන්නෝ |
ඔහොම සැර කතන්දර කියන්නට මට අයිතියක් තියේද
කියලාත් සැකය. ඒ මාත් කාලයක් ඔය ගොහොරුවට වැටුණු හින්දාය. මාව ඒකට ඇද දැම්මේ mpm
මාමාය. ඒ මට අහිතක් කරන්නට නොවේ. සෙතක්ම කරන්නට හිතාගෙනය.
දවසක් mpm “ආ රංජිල තාත්තේ කොහොමද?” කියාගෙන
අපේ ගෙදරට ගොඩ වුණේය. මහ දිග කතාවකට මුල පිරුණේ එහෙමය. mpm මාමා ඒ දවස්වල ජිනදාස
නියතපාල මහත්තයාට වැඩ කළේලු.
ඒ චණ්ඩියෙක් විදියටද, එහෙමත් නැති නම් දේශපාලන ආධාරකාරයෙක් විදියටද කියලා නම් මා දන්නේ නැත. කනට වැටෙන දේවල්වලින් යම් යම් කාරණා තේරුම්ගත්තාට, ඒ සමහර දෙයක අර්ථය වෙනස් වෙන්නටත් පුළුවන්ය කියා මට වැටහුණේ පස්සේය! ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව ඒවා අසාගත යුතුය’ කියලනේ කතාවට වුණත් කියන්නේ.
ඒ චණ්ඩියෙක් විදියටද, එහෙමත් නැති නම් දේශපාලන ආධාරකාරයෙක් විදියටද කියලා නම් මා දන්නේ නැත. කනට වැටෙන දේවල්වලින් යම් යම් කාරණා තේරුම්ගත්තාට, ඒ සමහර දෙයක අර්ථය වෙනස් වෙන්නටත් පුළුවන්ය කියා මට වැටහුණේ පස්සේය! ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව ඒවා අසාගත යුතුය’ කියලනේ කතාවට වුණත් කියන්නේ.
අපේ තාත්තා සමසමාජකාරයෙක් විදියටය මා හිතාගෙන
උන්නේ. බදුල්ලේ ඉඳිද්දී එයා ‘ජැක් කොතලාවල’ මහත්තයාගේ ආධාරකරුවෙකුත් වී උන්නාලු.
අපි රේල්වේ ක්වාර්ටර්ස්වල හිටියෙත්, බදුල්ල මන්ත්‍රී බී.එච්. බණ්ඩාර මහත්තයාගේ ගෙදර ඉස්සරහමය. ඒ කාලේ මන්ත්‍රීතුමාලත් සාමාන්‍ය මිනිස්සුය; දැන් වාගේ නොව මවකගේ ගර්භාෂයේ වැඩී, යෝනි මඟ දිගේ ඈවිත් මෙලෝ එළිය දුටු උදවියය. (දැන් ඉන්නේ අම්මාගේ අධෝ මාර්ගය දිගේ මෙලොවට බිහිවුණු අයද කොහෙදය.) එදා බදුල්ල මන්ත්‍රීතුමාත් අපට සාමාන්නිය මනුස්සයෙක්ම විණි.
අපි රේල්වේ ක්වාර්ටර්ස්වල හිටියෙත්, බදුල්ල මන්ත්‍රී බී.එච්. බණ්ඩාර මහත්තයාගේ ගෙදර ඉස්සරහමය. ඒ කාලේ මන්ත්‍රීතුමාලත් සාමාන්‍ය මිනිස්සුය; දැන් වාගේ නොව මවකගේ ගර්භාෂයේ වැඩී, යෝනි මඟ දිගේ ඈවිත් මෙලෝ එළිය දුටු උදවියය. (දැන් ඉන්නේ අම්මාගේ අධෝ මාර්ගය දිගේ මෙලොවට බිහිවුණු අයද කොහෙදය.) එදා බදුල්ල මන්ත්‍රීතුමාත් අපට සාමාන්නිය මනුස්සයෙක්ම විණි.
දැන් ඉන්නේ මවගේ අධෝ මාර්ගය දිගේ..... |
“ඔන්න රංජි උඹට හොඳ චාන්ස් එකක්. මේ පාර UNP
එක දිනනවා! mpm නියතපාල මහත්තයට වැඩ කරනවලු. උඹටත් රැස්වීමක කතා කරන්නලු!” අමුත්තා
නික්ම ගියාට පස්සේ තාත්තා කිව්වේ සන්තෝෂයෙනි.
“ඉතින් මං ඔව්වා දන්නවයැ?” මා ඇහුවේ ඇත්තටමය.
අවුරුදු දාසයක්වත් සපිරී නැති කොලු ගැටයෙකු දන්නා දේශපාලනය මොකක්ද? ඔන්න ඉතින් මගේ
කට පියාගෙන ඉන්නම බැරි තැනක් ඇවිල්ලාය. මේක කියන්නේ මං නොවේ. 2018 සැප්තැම්බර් 12
වෙනිදා ‘විදුසර’ පත්තරයයි. විස්තරය පළවී තිබුණේ 28 පිටුවේ ‘විශ්වවිද්‍යාල සිසුන්ගේ
දේශපාලන දැනුම හා සහභාගීත්වය අවමයි’ මාතෘකාවෙනි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා
අධ්‍යයන අංශයේ පර්යේෂකයන් තිදෙනෙකුයි මේ විශ්ලේෂණය කරන්නේ. එයාලා කළ අධ්‍යයනයකින් පස්සේ. මේ අධ්‍යයනයට ‘මානව ශාස්ත්‍ර
හා සමාජීය විද්‍යා පීඨයේ’ සිව්වැනි වසර සිසු-සිසුවියන් 165 දෙනෙක්වයි සහභාගි කරගෙන තිබුණේ.
එහිදී හෙළිවෙලා තියෙන දත්ත අනුව නම්, සමස්ත
නියැදියෙන් 74%කම දේශපාලන ක්‍රියාවලට අදාළ සහභාගීත්වය අවමයි. සහභාගිත්වය තරමක් හෝ
ඉහළ 26%ගෙනුත් 59%ක්ම තමන් දරන දේශපාලන මතය ගැන මනා අවබෝධයක්වත් නැති අයලු! මේක
ඛේදවාචකයක් නෙවෙයිද?
එතකොට මෙයාලා පෙනී හිටින-නියෝජනය කරන දේවල්
ගැනවත්, දිවි පුදලා හරි රැකගන්නට උත්සාහ කරන; සටන් කරන දේවල් ගැනවත් හරිහමන්
අවබෝධයක් එයාලට තියෙනවාද කියන ප්‍රශ්නෙත් මට නම් ඇති වෙනවා. සමහර විට මට එහෙම
හිතෙන්නේ මං එච්චර බුද්ධිමතෙකු නොවෙන නිසාත් වෙන්නැති.
ඒ විදියට බලද්දී නම් මේ අද ඉන්න සිසුන්
කට්ටියයි, එදා මායි අතරේ කිසි වෙනසක් නැහැනේ! අපි දෙගොල්ලොම ගිරව්. ඕනේ නම් කැමැති
විශේෂණ පදයකුත් දාගන්ඩලා.
අද ඉන්නා සිසුනුයි එදා මායි අතරේ... |
“රංජි. නිව්ටන් මහත්තයලගේ ජයන්ති ෆාමසිය
වත්තේ අපි නියතපාල මහත්තයාව පිළිගන්න රැස්වීමක් තියනවා. ඒකෙදී ඔයා ලස්සන කතාවක්
කරලා මහරගම නම්බුවත් බේරාගන්න ඕනේ.” mpm මාමා මට කිව්වේය.
ජයන්ති ෆාමසිය වත්ත අද..... |
සන්තෑසියකි. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට එරෙහිව නොව
එයාලාගේ ඔලමොට්ටලකම්වලට එරෙහිව කතා කිරීම හින්දා එයාලා හැමදාම වැටෙන්නේ විරුද්ධ
පක්ෂයටය.
මාවත් එහෙමය. යහළුවන් කියන්නේ ‘මූට පත්වෙච්ච ආණ්ඩුව හොඳත් නෑ, තිබිච්ච
ආණ්ඩුව හොඳත් නෑ.’ කියලාය. හැබැයි, එයාලා ගැනත් - රටේ වැඩිදෙනා ගැනත් කියන්න
තියෙන්නේත් ඒකමය. ඒ දැන්නේ. ඔන්න ආයෙම මඩේ ලගින්නට.....
රැස්වීමේදී මෙහෙම කතා කරන්නැයි කියා මට කියලා
දුන්නේ තාත්තාය. (නොදෙන්න හිටි රන් පදක්කම පෝස්ටුවෙදීත්, නැණ ලබා ගත්තෙමි
පොස්ටුවලදීත් මම කිව්වෙමි; කථනය කලාවක් බව, පුහුණුවක්-ශික්ෂණයක් අවැසි බව මා
උගත්තේ 77නුත් පස්සේය. පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවට පිං සිදු
වෙන්නටය.)
පුහුණුවක් ඇති-නැති කාල දෙකේදීම; අදටත් මට
කතාවක් මුළුමනින්ම ලියාගෙන කරන්නට බැරිය. සමහරුන්ට නම් එහෙමමය, කතාවක් පැවැත්විය
හැක්කේ. මං ලියාගන්නේ, අමතක නොකළ යුතු කරුණු කිහිපය පමණි. ඒක කෙටි පේළි හත අටක
එකකි. එව්වාට ලේ-මස් වැටෙන්නේ කතාව කරන්නට පටන් ගත්තාටත් පස්සේය. මා බ්ලොගය
ලියන්නෙත් එහෙමමය.
අයිස් කන්දකින් උඩට මතුවී තියෙන්නේ...... |
හොඳ සන්නිව්දකයෙක් අයිස් කන්දක් මෙන් විය
යුතුයැයි කියමනකි. අයිස් කන්දෙන් උඩට මතුවී තියෙන්නේ හතෙන් එකක් විතරලු. ඉතිරි
කොටස් හයම තිබෙන්නේ වතුරෙන් යටට වෙලාය, කාටවත් නොපෙනෙන්නටය. ඒ වාගේ, කතාවක් පවත්වන්නට පෙර
හැකිතාක් කරුණු, අලංකාර, උපමා, අත්දැකීම් වැනි එව්වා, මෙව්වා විතරක් නොවේ,
අසික්කිත කතාත් මතකයට නංවා ගැනීමය මගේ සිරිත. එවිට ඕනෑ වෙලාවට ඕනෑ තුරුම්පුවක්
ඇදලා ගන්නට හැකි වෙයි.
අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන, කනට වැටෙන ඕනෑම
දෙයක් අහගෙන ඉන්නා පුරුද්ද නිසාම මට වැඩේ ගොඩාක් ලෙහෙසි විණි. මගේ මතක සංචිතයේ
ලට්ට-ලොට්ට එමටය. ඉතින් තාත්තා කියූ සලකුණු ඔස්සේ මං පාර කපා ගත්තෙමි.
ජයන්ති
ෆාමසිය වත්තේදී මං මගේ මංගල දේශපාලන කතාව පැවැත්වූයේ එහෙමය. හැබැයි තාත්තා ඒක
අහගන්නටවත් මහරගම හන්දියට ආවේ නැත.
“රංජි, යං මල්ලි බාර්ලි බෝතලයක් බොන්න!” කතාව
පවත්තලා ඉවර වෙද්දීම විමලසිරි අයියා මගේ ළඟට ඇවිත් කිව්වේය. “මරු කතාව කොල්ලෝ!”
විමලසිරි මහරගම පරම්පරාගත UNP කෙරුමෙකුවූ
‘රොබියෙස් අයියාගේ’ ලොකු පුතාය. රොබියෙස් අයියා ඇත්තටම හරි-හතර රියන්, කළු
දැවැන්ත, හිනාවක් නැති මිනිහෙක් විය. මං එයාලාව දැනගෙන හිටියේ ‘ක්වින්ටස් අල්විස්
වීරක්කොඩි’ හින්දාය.
ක්වින්ටසුත් මාත් හිටියේ එකම පංතියේය. ඕ ලෙවල් විභාගයේදී මං
ගණිතය ගොඩ දාගත්තේ ක්වින්ටස්ට පිං සිදු වෙන්නටය. එයාලගේ ගෙදරදී දවස් ගණනාවක් මට
ගණන් කියාදෙන්නට තරම් ක්වින්ටස් කාරුණික විණි. ක්වින්ටස් විමලසිරිගේ මල්ලීය.
එහෙම වාචාලයෝ........ |
විමලසිරි අයියා මෙන්ම තව කිහිප දෙනෙකුත් මට
සුබ පැතූහ. “සේරෝටම වැඩිය හොඳ දිගට දිගට එපාවෙන තරමට කතා නොකරපු එක.” ඒ කතාවය මගේ
හිතට තදින්ම වැදුණේ. අදත් මට ‘මයික් කාක්කන්’ එමට හමු වෙයි. සමහරුන්ට මයික්‍රෆෝනයක්
අතට ගත්තාම මෙලෝ දෙයක් මතක නැත. වෙලාව ගත වෙනවා දැනෙන්නෙම නැත. තමුන්ගේ කතාව අනෙක්
මිනිසුන්ට මළ වදයක්වී ඇති බව දැනෙන්නේ නැත.
මහරගම විතරක් නෙවෙයි, එහෙම වාචාලයෝ ජාතික
දේශපාලන භූමියේත් ඇති තරම් සිටිති. එදත් එහෙම වාචාලයෝ හිටි බව ජාතක පොතෙත් ඇත.
දඹදිව බරණැස් පුරවරයේ බඹදත් කියලා රජ කෙනෙකුට
තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ රටේ ප්‍රශ්න නෙවෙයි. එයාගේ පුරෝහිතයා. දැනමුත්තා වුණාට
මිනිහා අමු වාචාලයා. කතාව පටන් ගත්තාම නන්ස්ටොප්! රජ්ජුරුවෝ මේකට විසඳුමක්
හොය-හොයා හිටියේ!
රජවරු ඉතින් එක-එක කෙළිවලට යනවනේ, එළිපිටයි
හැංගිලයි දෙවිදියටම. සාමාන්නියෙන් එයාලා උයන් කෙළියට ගිහින් තියෙන්නෙම ප්‍රසිද්ධියේ,
මොකද මන්දා. මේ බඹදතුත් එහෙම යන වෙලාවක එයාට හමු වෙලා තියෙනවා අතිදක්ෂ අතකුරු
විදින්නෙක්. ජාතක පොතේ හැටියට නම් මේ හපනා නුග ගහක් යට ඉඳගෙන, පුංචි ගල් කැටවලින්
නුග ගහේ කොළවලට විදිනවා.... එව්වා සිදුරු වෙන්න. ඒ සිදුරුත් නිකම්ම හිල් නෙවෙයි,
එක-එක සත්තු වගේ. කොහොමට තියෙන්න ඇද්ද මිනිහගේ විදිල්ලේ රඟ?
ගණ දෙවියෝ නුවණ දෙන්ට! |
ඔන්න මිනිහාව දැකපු ගමන් රජතුමාට ගණදෙවි නුවණ
පහළ වෙනවා! සතරකන් මන්ත්‍රණේකින් පස්සේ මිනිහට ලැබෙනවා ‘කොන්ත්‍රාත්තුවක්’.
පහුවදා පුරෝහිත බමුණා එනවා රජතුමාව
බැහැදකින්න; ඇවිත් වෙනදා වගේම පටන් ගන්නවා නන්ස්ටොප් කතාව. ඔන්න මිනිහට දැනෙනවා මොකක්ද කටට වැටුණා වගේ. ඒත් බමුණා ගණන් ගන්නේ නැහැ. ඒක ගිල දාලා දිගටම කතාව කරනවා. ඕක දිගටම වෙනවා! නන්ස්ටොප් කතාවත් දිගටම කෙරෙනවා.
ටික වෙලාවකට පස්සේ රජ්ජුරුවොන්ට ‘සිග්නල්’ එකක් ලැබෙනවා අර විදින්නාගෙන්. මිනිහාව පුරෝහිතයා ඉදිරිපිටින්ම තිරයකින් වසන් කරලා වාඩි කරවලයි හිටියේ. ළඟට වේලිච්ච එළුබෙටි නැළියකුත් දීලා.
ටික වෙලාවකට පස්සේ රජ්ජුරුවොන්ට ‘සිග්නල්’ එකක් ලැබෙනවා අර විදින්නාගෙන්. මිනිහාව පුරෝහිතයා ඉදිරිපිටින්ම තිරයකින් වසන් කරලා වාඩි කරවලයි හිටියේ. ළඟට වේලිච්ච එළුබෙටි නැළියකුත් දීලා.
එතකොටයි රජ්ජුරුවෝ පුරෝහිතයාගේ කතාව
නවත්තන්නේ, අර තිරයත් විවෘත කරලා.
“එම්බා පුරෝහිතය, තා මෙතෙක් වෙලා නොනවත්වා එක
දිගට කතා කරත්දී මේ අතකුරු විදින්නා තාගේ මුඛයටම එල්ල කළ එළුබෙටි නැළියම තා
ගිල්ලෙහිය. තට එය දිරවාගත නොහැකිය. යව! වහාම ගෘහයට ගොස් පුවඟු කොටා යුෂ රැගෙන එයට
ජලය මුසුකොට පානය කරව. එවිට තා ගිලදැමූ එළුබෙටි වමනය කළ හැකි වනු ඇත.” කියලා
රජ්ජුරුවෝ පුරෝහිතයාට කිව්වා.
ඔය කතාවේ නම සාලිත්තක ජාතකය. පන්සියපනස් ජාතක
පොතේ 106 වැන්න.
හැබැයි දැන් ඉන්න පුරෝහිතලා, කේවට්ට මන්ත්‍රීතුමාලා අර පුරෝහිත
බමුණා වගේ නෙවෙයි. කවුන්සිලේ රැස්වීම්වලදීත් කතා කරනවා වෙනුවට වැඩියත්ම කරන්නේ,
කතා කරන අයට බාධා කිරීම. ඒත් ඒගොල්ලන්ගේ වරිගයාට පඩි, දීමනා, වරප්‍රසාද වැඩි
කරගැනීම්වලදී එකාවන්ව එකමුතු වෙනවා, වචනෙකින්වත් අකුල් නොහෙළා.
ජිනදාස නියතපාල මහත්තයා කෝට්ටේට..... |
කවුන්සලේට මහරගමින් ජිනදාස නියතපාල මැතිතුමාව
අතිබහුතර චන්දයෙන් තෝරා පත් කර යවන්නැයි, එදා ඡන්දය නැති මේ බටු කොල්ලා කියද්දී ඔල්වරසන්
නැඟිණි.
මූ දන්නා දේශපාලනය මොකක්දැයි කියලාවත් එදා කවුරුන්වත් ඇහුවේ නැත. ඇහුවා
නම් මට කට උත්තර නැති වෙනවාත් සත්තකය. පුදුමය කියන්නේ ඊට අවුරුදු 50කට ආසන්න
කාලයක් ගතවෙලාත් අපේ පුරවැසියන්ට තියෙන්නේ ඒ පුරුද්දමය.
දේශපාලන සාකච්ඡා, හමුවීම්, මාධ්‍යා සාකච්ඡා
කොච්චර තිබුණත් ඉලක්කෙට ප්‍රශ්න යොමු කිරීමක් නොකෙරෙයි. ඇහුවත් උත්තර දීමක්
කෙරෙන්නෙත් නැත.
මාධ්‍යකරුවන් ඉන්නේත් තමන්ට සලකන උදවිය පුම්බන්නටය; ස්වයං වාරණ
පනවාගන්නටය.
ජයන්ති ෆාමසිය වත්තේ තිබුණු රැස්වීමේදී කතාව
පැවැත්වූ පින පහුවදාම මට පලදුන්නේය! මේවා අහෝසිකම්ම වාගේ නොවේ, දිට්ඨධම්මවේදනීය
කර්මය. එව්වා මේ ආත්මයේම පටිසන් දෙනවා නොවැ?
ඒ කොහොමදැයි ඊළඟ කොටසින්........
ලංකාවෙ දේශපාලනය කියල එකක් නැහැනෙ තියෙන්නෙ දේශපාලු +ණය සහ දේසපාලුව විතරයි !
ReplyDeleteසත්තක ඇත්ත!
Delete