ඕනෑවට වඩා වචන පාවිච්චි කළොත් කියන්නට යන අදහසේ හුස්ම හිර වෙයි! |
‘ඕනෑවට වඩා වචන වැඩි වුණු විටෙක පවසන අදහසේ හුස්ම හිර වෙයි’. ඒ සත්තක ඇත්ත එදා
මං දැනගෙන හිටියේ නැත. වැරැදුණේ ඒකය. බොරැල්ල හන්දියෙදී බස් එකෙන් බැහැගත් මා කළේ
කෙනෙකුගෙන් පාර ඇසීමය.
ලිපිනය කියනවා වෙනුවට, ඒ මහත්තයාගේ පට්ටම්-තානාන්තර සේරමත් එක්කය-
මා මුලින්ම කිව්වේ.
“ආ මල්ලී පාර වරදින්නේ නෑ. ඔහොම දිගටම පල්ලෙහාට ගිහින් මල් ශාලා තියෙන
හරියෙදී..... පාර එහා පැත්තේ තියෙන්නේ. ඒ හරියෙදීත් ඕනේ නම් අහන්නකෝ,
කෙනෙක්ගෙන්......” මා කළේ නන්නාඳුනන්නා කී විදිහට කරන එකය. එහෙම ගියාම, එතැන හිටි
මුරකාරයා කෝචෝක් හිනාවක් දැම්මේය. ඒ මදිවාට එලෝකෝටියක් ප්‍රශ්නත් ඇහුවේය.
“ලොකු සර්ද මල්ලිට එන්න කිව්වේ. රස්සාවක් දෙන්නද? මේක සර්ලගෙ ඔෆීස් එකනේ
ළමයෝ! සර්ලා ඉන්න ගෙදරටද එන්න කිව්වේ?”
“මේ තියෙන්නේ. මං ලියාගෙන ආව එක.”
“ඔයා පල් මෝඩයෙක්ගෙන්නේ පාර අහලා තියෙන්නේ. ඒකා සර්ලගෙ ඔෆීස් එකට එන පාර
තමයි ඔයාට කියලා තියෙන්නේ. මේ වෙලාවට සර් ඉන්නේ ගෙදර. එහෙට යන්නේ.....”
මා පාර අසා තිබුණේ පට්ටපල් මෝඩයෙකුගෙන්ද? නැතිනම් මෝඩ විදිහටද? |
ඒ උපදෙස් විදිහට ගියාම මට වැරැදුණේ නැත.
ලොකු බංගලාවක්..... මහත්තයා එතකොටත් හිටියේ කලිසමකින් හා බුෂ් ෂර්ට් එකකින්
සැරසිලාය. “මොකද නිමල් පරක්කු වුණේ?.... යං යං, මම තවත් ගමනක් යන්න දාගෙනයි
තියෙන්නේ. ඒත් මහරගමටමයි. අපිට යන ගමන් කතා කරන්න බැරිය.”
මට හුස්මක් ගන්නටවත් ඉඩ
නොදෙමිනි, එයා එළියට බැස්සේ.
ඇසූ ප්‍රශ්නයට උත්තර දෙන්නටවත් මට ඉඩක් ලැබුණේ නැත. ඔහු ඉස්සර වුණේය. මමත්
පස්සෙන් වැටුණෙමි.
මොනවාදෝ මිහිරි සුවඳ වළාකුලු ගොන්නක් එයාගේ පස්සෙන්ම ඇදීගෙන
යද්දී, මමත් ලෝබ නැතිවම ඒ වළාකුලකින් ලොකු කුට්ටියක් පපුව ඇතුළට ඇදගත්තෙමි. ‘සර්ගේ
අතින් සෙන්ට් බෝතලේම ඇඟට හැලෙන්න ඇති.’ එදා මට හිතුණේ එහෙමය.
කාරය එළෙව්වේ ඔහුය. මාත් වාඩිවී හිටියේ අනෙක් සීට් එකේය. ‘පරක්කු වුණා’ය
කිව්වාට ඒ මනුස්සයාට කිසිම හදිස්සියක් තිබුණේ නැතිය. අර සුවඳ විඳිමින් යන නිසා
මටත් අහිතක් හිතුණේ නැත.
එයා ඇහුවෙත් අහන්නට ඕනෑවට විනා, තේරුමක් ඇති දේවල් නොවෙයි
වගේය. ඇසූ ප්‍රශ්න නම් එකක්වත් මගේ මතකයේ නැත!
ඇහූ ප්‍රශ්න එකක්වත් නම් මගේ මතකයේ නැත. |
ඔහුගේ එකම එක චලනයක් විතරක් නම් හොඳටම මතකය.
මා වාඩිවී සිටි ආසනයට උඩින් වම් අත දමාගෙන හිටි ඔහු, අඳුරු;පාළු ඉසව්වකදී
මොකක්දෝ කොඳුරා කියමින් මගේ හිස පහතට නැව්වේය!
දකුණු පැත්තට බර වෙන විදිහටය; ඔහුගේ
උකුල මතටය.
ඔහුගේ උකුල හරියෙන් වැඩියෙන්ම සුවඳ හමමින් තිබුණු බව මට තේරුණේ ඒ
මොහොතේය.
මගේ හිස ඔහුගේ යටිබඩ පෙදෙසට ස්පර්ශ වුණා විතරය;
මහා පිළිකුලක් ඉහවහා ගියා
මතකය;
එක විඩේම අර මිහිරි සුගන්ධය මහා විකාර ගන්දස්සාරයක් වුණා වගේ දැනුණේය.
එසැණෙන්ම
ඉද්ද ගැසුවාසේ මා ඍජු වුණාත් මතකය.
“කලබල වෙන්න එපා ළමයෝ.... ඔයා...”
තෙවෙනි ඇහෙන් රවා බැලුවාම බැල්මට ලක්වෙන්නා දැවී-හළුවී ...... |
ශිව දෙවියන්ගේ නළලේ තෙවෙනි ඇසක් තියෙනවාලු. ඉතාමත් කලාතුරකින් විතරක් ඒ ඇස
හැර බලන බව හින්දු දේව කතාවලදී කියවෙයි. ඒ ශිව දෙවිඳුන් කෝප වුණු විටෙකය; තදින්ම
කෝප වුණු විටෙකය. ඒ බැල්මට ලක්වෙන කෙනා එකවරම දැවී-හළුවී යනවාලු.
ශිව දෙවියන්ට වගේ තුන්වෙනි ඇහැක් නැතත් මගේ රැවුමත් පුංචි නැත.
එවේලේත් මගෙන් එහෙම රැවුමක් ලැබුණු විට අර මහත්තයා කළේ ඉබි ගමනින් ඇදුණු
කාර් එක වේගවත් කරවන එකය.
එතකොටත් එයා මට රස්සාවක් නොදීමට තීරණය කරලා තිබෙන්නට ඇත.
‘අනේ, මූත් එපා. මුගෙ රස්සාත් එපා!’ තීරණයේය මාත් හිටියේ.
ඉතිරි හරිය කියන්නට කලින් පාපෝච්චාරණයකුත් කරන්නට වෙයි.
මට පාපොච්චාරණයකුත් කරන්නට වෙයි! |
මම ශුද්ධවන්තයෙක් නොවෙමි; සකලවිධ ක්ලේශයන් ප්‍රහීන කළා වගේ හිටි අරවින්ද
කෙනෙක්ද නොවෙමි; බදුල්ලේ ෂර්ලි ගැන කියද්දී,
දිනපතාම මට
චොකෝනට් පූජාවක් පැවැත්වූ කිරුළපන ලින්ටන් ගැන කියද්දී හා මේ දැන්, මා
එවන් සුසිල්වත් කැරැක්ටර් එකක්ය කියලා ඔබට හිතෙන්නට ඉඩ තිබෙයි. අනේ කීයටවත් එහෙම
හිතන්නට එපා! මට එහෙම චරිත සහතික නිකුත් කරන්නට ඉක්මන් නොවෙනු මැනවි!
මමත් ලෙයින්, මසින් නිර්මිත කෙනෙක්මි; හොඳට නාඩි වැටෙන; හැඟීම්-දැනීම්
දැනෙන මනුස්සයෙක්මි.
එහෙම වුණත් මේ දක්වා මා කියා ඇත්තේ මගේ සුදු පැත්ත ගැන විතරය. ඔව්! මගේ
කළුම කළු පැත්තකුත් තිබේ. ඒ බව නොදන්නා අය, මා ඔසවා තියන්නේ පමණටත් වැඩියෙනි. ඒක
උහුලාගෙන ඉන්නට බැරි තරම් බරය. එනිසාමය, මේ බ්ලොගය ලියන්නට ගත්තේ; මගේ ජීවිත කතාව
හොර-බොරු නැතිව කියන්නටය. සිදුවූ සියල්ල ඒ හැටියෙන්ම; තත්ත්වාකාරයෙන්ම කියන්නටය.
මෙතෙක් කල් මා කළේ ඒ කාර්යයය. ඉදිරියේදී කරන්නට යන්නෙත් ඒකමය.
හැබැයි, එය කරන්නේ මගේ නොහික්මුණු; මුරණ්ඩු; හිතුවක්කාරකම ඉඩ දෙන හැටියටය. මා තුළ
ජීවත් වන ‘පාඨකයා-නරඹන්නා-රසිකයා’ පිනවන විදිහටය. රසිකයෙකු විදිහට නිර්මාණයකින් මා
කුප්පනවාට මං කැමැතිය; මා කලඹනවාට මං කැමැතිය; මා හඬවනවාට- හිනස්සවනවාට-ප්‍රකෝප
කරවනවාට මං හරිම කැමැතිය. ඒ ඔක්කොම අතරේ කුතුහලයකුත් නඩත්තු කළ යුතුය!
ඉතින්, තවත් විදිහකින් කියනවා නම් මගේ කතාව ප්‍රබන්ධයක් නොවන නිසා කාලානුක්‍රමයෙන්;
සියල්ල සිදුවුණු පිළිවෙලට ලිව්වොත් එය කියවීමට රුචි උපදවන්නක් නොවනු ඇතැයි මම සිතුවෙමි.
හොඳින් හිතා-මතා මා පංච තන්ත්‍ර ආකෘතිය තෝරාගත්තේ ඉහතින් කී කාරණා නිසාය.
මගේ බ්ලොගය ලියන්නට ආකෘතිය තෝරාගත්තේ 'පංච තන්ත්‍රය' ආභාෂයට අරගෙනය........ |
හොඳින් හිතා-මතා මා පංච තන්ත්‍ර ආකෘතිය තෝරාගත්තේ ඉහතින් කී කාරණා නිසාය.
දැනට නම් මගේ උත්සාහය සාර්ථකකමක් පෙන්වයි. 2018 අප්‍රේල් පළමුවෙනිදාය, මා
පළමු පෝස්ටු 5 පළ කළේ. දැන් නිදිගෙ පංච තන්තරේට අවුරුද්දයි මාස තුන පැනලාය. අදට;
2019 ජුලි 14 උදේ 6.55ට ‘හිට් කවුන්ටරය - 59,294' කි. ඒ පනස් නව දාහෙන් බාගයක්
විතරම පිටරට ඉන්නා අයගෙනි.
අපේ රටෙන් ගිහින් දේශ-දීපංකරවල ඉන්නා උදවියත් මේ බ්ලොගය කියවා මට කතා කරති.
මේ අද උදේ මං දැකපු රිසල්ට් එකය.
Entry
|
Pageviews
|
Sri Lanka
|
483
|
United States
|
123
|
Australia
|
88
|
Ukraine
|
77
|
Czechia
|
62
|
Romania
|
40
|
Italy
|
25
|
Russia
|
25
|
United Kingdom
|
22
|
United Arab Emirates
|
14
|
අපේ ගෙවල් අවට හිටි අයත් විශේෂයෙන් මගේ ලියවිලි ගැන උනන්දුය.
“රංජි අයියේ, මෙහෙම කතා කළාට අපේ නම් එහෙම ලියන්න එපා. ඒත් ඔයා අපිව අපේ ඉස්සර කාලෙට එක්ක යනවට හරි සතුටුයි. මතකයිද.....?” කියමින් එයාලා සමහර දේවල් මට මතක් කරලා දෙනවාත් එක්කය.
නිතරම පොත් කියවන; චිත්‍රපට-නාට්‍ය-ටෙලිනාට්‍ය නරඹන රසිකයෙකු විදිහට මා
කැමැති නිර්මාණ තිබෙයි. අකැමැත්තක් ඇති වුණෝතින් මා ඒවා පරිශීලනය කරන්නේ නැත.
“රංජි අයියේ, මෙහෙම කතා කළාට අපේ නම් එහෙම ලියන්න එපා. ඒත් ඔයා අපිව අපේ ඉස්සර කාලෙට එක්ක යනවට හරි සතුටුයි. මතකයිද.....?” කියමින් එයාලා සමහර දේවල් මට මතක් කරලා දෙනවාත් එක්කය.
කැමැත්තක් ඇති කරවන ටෙලියක් විතරය............ |
‘අත්තානං
උපමං කත්වා’. මාවම උපමා කොටගනිමින්, මට රුචි වෙතියි හිතන විදිහට විවිධත්වය දනවන
අයුරිනි; මගේ සැබෑ කතාව දයාබර රසික ඔබට කියන්නේ. මට ඕනෑ ඔබට රසවිඳීම එපා නොවෙන
විදිහට මගේ කතාව ලියන්නටය!
ඉතින්, ඔයාලා ඉතිරි හරිය කියවන්නේ ඔය කාරණා ටිකත් සිරසේ දරාගෙන; ඉවසිල්ලත්
හිතේ තියාගෙන නේද?
“මොකද බං මෙච්චර රෑ වුණේ?” ගෙට ගොඩ වෙද්දීම තාත්තා ඇහුවේය.
“මගේ කාර් එක කැඩුණනෙ, හදාගෙන එන්න වෙලා ගියා...”
“තොටත් මූලග්ගින්න තද වුණාම මංද පළි? මං ඇහුවේ ගිය වැඩේ මොකද කියලා.... වෙන
මඟුලක් ඇහුවෙ නැහැ.... ආං එස් අයියාත් ඇවිත් බලාගෙන ඉඳලා ගියා.”
තාත්තාටත් තරහ ගිහින්ය. තවත් මගේ තරහ පෙන්නන්නට ගියෝතින් ගිනි විජ්ජුම්බරයක් වෙයි.
තරහ ගියාම මං ඉන්නේ බුම්මට්ටා වගෙය. එහෙම දිගටම බුම්මාගෙන ඉඳිල්ල එපා කරපු
වැඩකි. මට ඕනෑ නිතරෝම හිනාවෙලා ඉන්නටය. ඉතින්, අර මහත්තයත් එක්ක ඇතිවුණු තරහට
තාත්තා පළි නැත.
මගේ තරහව වඩාත් වැඩි වුණේ ඒ මිනිහා අහුවෙන බොරුවකුත් කියූ නිසාය.
තාත්තාටත් තරහ ගිහින්ය. තවත් මගේ තරහ පෙන්නන්නට ගියෝතින් ගිනි විජ්ජුම්බරයක් වෙයි.
මට ඕනෑ කරන්නේ හිනාවී, සතුටෙන් ඔකඳ වෙමින්......... |
මගේ තරහව වඩාත් වැඩි වුණේ ඒ මිනිහා අහුවෙන බොරුවකුත් කියූ නිසාය.
“මට දැන් මහරගම යන්න බැහැ වගේ. මෙහෙන් බැස්සුවොත් බස් එකක යන්න පුළුවන්
නේද?”
මිනිහා මහරගමට යන්නට දමාගෙන තියෙනවාය කී ගමන ඔහොම කැන්සල් කරන්න පුළුවන්ද? තමන්ගේ
ආශාවන් සන්තර්පණය කරගන්නට නොලැබෙන බව පෙනුණාම, උන්දැගේ සත්ත කරුණාව වාෂ්ප වෙලා
ගිහින්ය.
“හ්ම්.”
ඒ කිරුළපන පාලම ගාවදීය. මා කාරයෙන් බැස්සුවේ එතැනදීය. එතැන හිටලා, ඩබල් ඩෙකර් බස් එකකම එද්දි රෑ බෝවී නොතිබේවිද?
කිරුළපනේ හන්දියේ සිට ඩබල් ඩෙකර් බස් එකකම මහරගමට.......... |
එස් අයියා පසුවදා උදෙන්ම ආවේය. ඒ තවත් ‘රැකියා අවස්ථා ප්‍රදානයක්ද’ අරගෙනය.
“නිමල්, මටත් දැන් දිගටම අරහේ ඉන්න එක එපාවෙලා. අක්කලා කෑගල්ලේ වැඩපොළ කරගෙන යද්දී මාත් හිතුවා පොඩියට හරි බිස්නස් එකක් කරන්න ගන්න. එහෙම හොඳයි නේද නිමල්ල තාත්තේ?”
“නිමල්, මටත් දැන් දිගටම අරහේ ඉන්න එක එපාවෙලා. අක්කලා කෑගල්ලේ වැඩපොළ කරගෙන යද්දී මාත් හිතුවා පොඩියට හරි බිස්නස් එකක් කරන්න ගන්න. එහෙම හොඳයි නේද නිමල්ල තාත්තේ?”
‘හොඳයිද’ කියා ඇහුවාට ඒ වෙනකොටත් සේරම තීන්දු එයාම; තනියෙන්ම අරගෙන ඉවරය.
කතාව කෙරීගෙන යද්දී තේරුණේ එහෙමය.
එස් අයියා ඔහුගේ බතික් වැඩපොළ කරන්නට තෝරාගෙන තිබුණේ ‘කෝට්ටේ පාරේ’ ගෙදරක ගරාජයයි. කවුරුනුත් දන්නා විදිහට නම් ‘කොටාරෝඩ්’හි තැනකුයි.
එස් අයියා ඔහුගේ බතික් වැඩපොළ කරන්නට තෝරාගෙන තිබුණේ ‘කෝට්ටේ පාරේ’ ගෙදරක ගරාජයයි. කවුරුනුත් දන්නා විදිහට නම් ‘කොටාරෝඩ්’හි තැනකුයි.
හොඳයිද කියලා ඇහුවත්, ඒ වෙද්දීත් එස් අයියා ............... |
එස් අයියා මාව කොටු කරගන්නට සවිමත් දැලක් එලුවේ එහෙමය. ‘එපැයි’ කියන්නට හේතුවක් තිබුණේ නැත.
අවශ්‍ය කරන දේවල් ගන්නට සතියක් විතර යන නිසා මට පොඩි විවේකයකුත් ලැබුණේය. ඒ
අතරේ දවසක එස් අයියාත් එක්කම මම ‘පේලිස් ගෙදරට’ ගියෙමි.
අප දෙන්නා එන බව ඒ ගෙදර අයට කියලා තිබුණා වගෙය. හැමෝම වාගේ හිටියේ
සූදානමිනි.
එක්කෙනෙකු හැර! අනෙක් හැමෝම ලක-ලැහැස්තිවී හිටියත් එයා හිටියේ පට්ට පරණ ගවුමක්ම; කොට- හිර ගවුමක් ඇඳගෙනය.
එක්කෙනෙකු හැර! අනෙක් හැමෝම ලක-ලැහැස්තිවී හිටියත් එයා හිටියේ පට්ට පරණ ගවුමක්ම; කොට- හිර ගවුමක් ඇඳගෙනය.
ඒ සුනීතාගෙ හැටිය. මොනම දෙයක්වත් මායිම් නොකරන, සැහැල්ලු, විනෝදකාමී
යුවතියක්..... “හායි එස්! How are you? ඉතින්.... ඉතින්?” කිසිම පැකිළීමක් නැතිව,
මා ඉදිරියේදීම සුනීතා හැසිරුණු විලාශයෙන් මට පෙනුණේ ඒ ගෙදර එස් අයියාට පුරුදු
තැනක් බවයි.
මට මතක හැටියට නම් පේලිස් ගෙදර පස් දෙනෙක් සිටියෝය. මහ ජෝඩුවයි, දූලා
තුන්දෙනයි. සුනීතා බඩපිස්සිය වෙන්නට ඕනෙය.
කොට ගවුමකින් සැරසී හිටි සුනීතා දඟකාර.......... |
තැන ගැන නම් මට අහිතක් හිතුණේ නැත.
“ඒත් නිමල්ට තමයි තනියෙන්ම ඔක්කොම කරන්න වෙන්නේ. මෙයාලත් උදව් කරාවි. ඊට වැඩියෙන් වැඩ කරන්න නොදී ඉඳීවි. පේනවනේ මේ කෙල්ලගෙ දාංගලේ..... අඳිනවකො ළමයෝඕඕඕඕඕ දිගට ගවුමක්!” එස් අයියා හිටිගමන් සුනීතාට රවමින් වගේ කිව්වේය.
“ඒත් නිමල්ට තමයි තනියෙන්ම ඔක්කොම කරන්න වෙන්නේ. මෙයාලත් උදව් කරාවි. ඊට වැඩියෙන් වැඩ කරන්න නොදී ඉඳීවි. පේනවනේ මේ කෙල්ලගෙ දාංගලේ..... අඳිනවකො ළමයෝඕඕඕඕඕ දිගට ගවුමක්!” එස් අයියා හිටිගමන් සුනීතාට රවමින් වගේ කිව්වේය.
“What’s wrong? ඔයාට ලජ්ජයිද අනේ මගේ කකුල් දෙක දැක්කම?”
ඒ උත්තරයෙන් පස්සේ එස් අයියා ආයෙමත් අවවාද දෙන්නට ගියේ නැත. කට වහගත්තේය.
ඒ උත්තරයෙන් පස්සේ එස් අයියා ආයෙමත් අවවාද දෙන්නට ගියේ නැත. කට වහගත්තේය.
‘එස් අයියා මෙහෙ කවුරු හරි එක්ක හුටපටයක් තියෙනවා වගේ....’මට හිතුණේය.
ඉක්මනින්ම අරඹන්නට යන මගේ ‘කොටාරෝඩ් ගමන’ නිසා දෙන්නෙකුගේ ඉරණම වෙනස්ම විදිහකට ලියවෙන්නට යන බව නම්, ඒ වෙලාවේ මට කොහොමටවත් හිතුණේ නැත.
ඉක්මනින්ම අරඹන්නට යන මගේ ‘කොටාරෝඩ් ගමන’ නිසා දෙන්නෙකුගේ ඉරණම වෙනස්ම විදිහකට ලියවෙන්නට යන බව නම්, ඒ වෙලාවේ මට කොහොමටවත් හිතුණේ නැත.
රට පුරාම කරක් ගහන හිපියන් හිටි ඒ කාලේ................ |
අද fb එකෙන් වැඩිපුරම කෙරෙන්නේත් ඒකය. නිතරෝම තමන් කරන-කියන දේ සෙල්ෆි
විදිහට ඒකට එයි. එයාගේ ඒවාට මෙයාත්, මෙයාගේ ඒවාට එයාත් likes දමති. ආත්මාභිනය
වර්ධනය වෙයි; හැබැයි detaවලට ගෙවන්නටත් වෙයි!
එතකොටත් කොට කලිසම් අඳින නිසා මට තිබ්බේ පාසල් සිසුවෙකුගේ පෙනුමකි. ඉස්කෝලේ
යන පිරිමි ළමයින්ට හිසකෙස් දිගට වැවීමට ඉඩ ලැබුණේ නැත.
“ආ රංජි මල්ලී, ගුණපාල අයියා කිව්වා ඔයාත් කොටාරෝඩ් එකේ වැඩට යන්න ගත්තා
කියලා. කෝච්චියේද යන්නේ? හොඳයි, හොඳයි. අපිත් එක්කම යමු. පොලිස් ගරාජ් එකේනෙ මල්ලී
මම දැන් වැඩ.... මෙයාත් ඒකෙමයි. වැඩේ කියන්නේ මචං, අපි තුන් දෙනාම රංජිලා!” රංජිත් ගුණසේකර අයියා මහරගම ස්ටේෂමේදී රංජිත්
පී. මට හඳුන්වලා දුන්නේ එහෙමය.
දවස් දෙක-තුනක් දුම්රිය නැවතුම් පොළේදී හමු වුණා විතරය. රංජිත් පී. ඊළඟ
ඉරිදාම අපේ ගෙදර ආවේය. තාත්තාත් එක්ක ලොකු කදයකුත් දාගෙන හිටියේය.
කෝච්චිය එනතුරු බලාගෙන හිඳිද්දී රංජිත් අයියා තවත්........... |
මොනවා ගැනදැයි කියලාවත් මා කන් දුන්නේ නැත. පළමු දකුමෙන්ම මට ඒ හාදයා ගැන
ඇතිවුණේ නොරිස්සීමක් හින්දාය!
නිදි ලොක්කා කොන්ඩේ වවලා කෙල්ලක් වාගේ හිටි නිසා මහත්තයා දෙන්නම් බැස්ටිය කියලා හිතං ඉන්නැති. ඒ වැඩේට කැමතිවුනානං රස්සාව ලැබෙනවා ස්ථිරයි.
ReplyDeleteඑක ඉතින් ඒ මනුස්සයාගේ හිතේ තිබ්බ දෙයක්නෙ අසංග. හැබැයි එයා හොඳ බිස්නස්කාරයෙක්වත්, පරිපාලකයෙක්වත් නොවෙන්න ඇති. ව්‍යාපාර ජාලයම බිඳ වැටුණා.
Deletehttps://www.theguardian.com/books/2018/jun/22/free-love-flower-power-and-fallouts-how-kids-coped-with-the-communes
ReplyDeleteස්තුතියි Pra Jay,
Deleteසුපුරුදු ලෙසම හොඳ දැනුම්වත් කිරීමක්.
Did you get on to Ranil W. car?
ReplyDeleteYes, 'Colompure' is correct, long hair and short pants 'Gal karayonta penna be', lejja nethiwa mewa liyana hati.
What you said about FB is very true, see you next time.
ස්තුතියි විජේබාහු මහත්තයෝ!
Deleteපුදුමේ කියන්නේ 'රනිල්' නමෙන් මිතුරෙක්වත් මෙතෙක් කලකට හමුවී නැති එකයි.
මගේ ලිවීමෙන් කාටවත් රිද්දන්නට හරි ලැජ්ජාවක් ඇති කරවන්න හරි මගේ අරමුණක් නැහැ. ඒ නිසයි සමහර අයව හඳුනාගන්න බැරිවෙන්න ලියන්නේ. අර මහත්තයා වියෝ වෙලා දැන් ගොඩක් කල්. පසු කාලයක නම් මට ඒ මනුස්සයා ගැනත් ඇත්තටම ඇති වුණේ කනගාටුවක්. මොකද අපේ හැඟීම්- දැනීම් වැඩි හරියකට වග කිය යුතු රසායනිකයන්ය කියලා වැටහෙන නිසා.
fb එකන් අරුත් විරහිතව පිම්මබෙන මායනය ප්‍රදර්ශනේ වෙනවා වගේම හොඳකුත් වෙනවා. අනෙක් අතට ඉතිහාසය පුරාම මිනිස්සු කරලා තියෙන්නේ අමරණීය වෙන්න තැත් කිරීමයි. සමහරු යුද්ධ කළා; සමහරු කලා නිර්මාණ කළා; කායිකව අමරණීය වෙන්න බැරි නිසා 'නාමය' හරි අමරණීය වෙනවට කවුද ආසා නැත්තේ.
ඔය මට හිතෙන පැත්ත. සමහර විට මං වැරදිත් ඇති.
වැදගත්ම දෙයක් අමතක වුණා. මගේ ගැන ලිවීම මට නම් ලැජ්ජාවක් නෙවෙයි. මොකද, මට හරි හිතට බරක් දැනටත් මගේ ගැන හුඟක් අය දරන 'ප්‍රතිරූපය'.
Deleteඒ ගැන ඉදිරියේදීත් ලියවෙයි!
මම වැදගත්කොට තකන්නේ ඇත්තම කීමයි! හැබැයි, මට ඕනේ විදිහට- මට ඕනේ වෙලාවට.
I am not insulting anyone either, remember no private life for public people. So being gay is public knowledge for some public people.
Deleteසම්පූර්ණයෙන්ම එකඟයි; පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක. 'public' කියපුවාම තේරුම් ගොඩක්නෙ. පොදු, ප්‍රසිද්ධ, ප්‍රකට, රජය හෝ මහජනයා පිළිබඳවූ කියලා. විජේබාහු උන්නැහේ, මම මෙතැනදී ඔබත් එක්ක එකඟ 1,4 නිර්වචන ගැන විතරයි. හොඳේ.
Deleteමේකේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අය 88 දෙනෙක් ඔයාගේ බ්ලොග් එකට එනකොට යුක්රේන් වලින් 77ක් ඇවිල්ලානේ ?? අපේ අය ඔයතරම් එහෙ ඉන්නවාද ?? එහම නැතිනම් යුක්රේන් කාරයොත් ඔයාගේ බ්ලොග් එක කියවනවද ??
ReplyDeleteඅනේ සෑම්. මටත් පුදුම ඒකයි. හැම සතියෙම නම් මෙහෙම නෙවෙයි.
Deleteකෝ ලොකූ මේ පාර ටිකයිනේ ලියල තියෙන්නේ 😡
ReplyDeleteබොලේ, ඒකත් අහු වෙලා! ඕන්න ඒ හිලව්වට හරෝහරා 2 ටිකක් දිග වැඩි කරන්නම්.
ReplyDeleteහාපෝ කොලුකාර මහත්තයෙක්ට අහු වෙන්න ගිහින් තියෙන්නෙ,මදැයි ඔයින් ගියා !
ReplyDeleteදැන් නම් මට ඒ මනුස්සයා ගැන හිතෙන්නේ අනුකම්පාවක්!
Delete