ඒ
පුවතට අනුව හමුදා සෙබලෙකු යයි කියාගත් පුද්ගලයෙක් 20 වෙනිදා වාද්දුවේ කාන්තාවක්
සමඟ හෝමාගම කැන්දලන්දේ නවාතැන් පොළකට ඇවිත්, නවාතැන් අරන්. ඒ කාන්තාව අසනීපයෙන්
නිසා රෝහල්ගත කෙරිලා.
ඒ කලබගෑනිය අස්සේ අර පුද්ගලයා හමුදා නිල ඇඳුමකුත්, ජාතික
හැඳුනුම්පතකුත් එතනම දමා පැනලා ගිහින්!
'කොලරා කාලේ ආලේ' වගේ කොරෝනා කාලේ ආලේ කොහොම එකක් වෙයිද? |
‘අසිරිමත්වූ දේකි’ පොතේ 36 වෙනි පිටුවේ තියෙන
දේවල් කියවන්නට කලිනුයි දයාබර පාඨක ඔබ තරමක් අලුත්; කාලීන පුවතක් කියෙව්වේ.
ඒ
කතන්දරේ මෙතැනට ඇදලා ගත්තේ නිකම්ම නෙවෙයි. කොරෝනා වගේ වසංගත බියක් අස්සේ වුණත්
මිනිසුන්ට ලිංගික ආශාවන් සංතෘප්ත කරගන්නට අවශ්‍ය වෙන බව පැහැදිලි කරන්නයි. ඒක
ස්වාභාවිකද?
මිනිහාත් සතෙක්; ක්ෂීරපායී සතෙක්;
ඒත් අනෙක් සතුන්ට ලිංගික චර්යාවේ යෙදෙන්නට
කාලයක්- season එකක් තිබුණත් ‘මේ සතාට විතරක්’ එහෙම කාලයක් නැහැනේ.
ඒ වගේමයි, මේ
පිරිමි සතාට තමයි - පෘථිවි ගෝලයේ ඉන්නා සතුන්ගෙන් සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව
බලද්දී - ලොකුම ප්‍රාණවත් ලිඟුව අයිති වෙලා තියෙන්නෙත්.
සමහරුන් පාවිච්චි කරන හැටි වෙනස් වුණත්
සිරුරු ප්‍රමාණයට සාපේක්ෂව ලොකුම මොළය තියෙන්නෙත් මනුසතාටමයි! ඒ මොළයේ ගබඩා
කරගන්නට 36 පිටුවේ උඩ ඉඳලා තියෙන කරුණු පෙළ ගස්වනවා.
‘සංසර්ගයේ යෙදීමට විශේෂවූ කාලයක් ඇද්ද?
සමහර සතුන් නම් ලිංගික චර්යාවේ යෙදෙන්නේ එක සමයකදී විතරයි. ඒත් මිනිසුන්ට ඒ සඳහා වෙලාවක්- කලාවක්... |
නෑ. හරකුන් බල්ලන් වැනි සතුන් නම් සංසර්ගයේ
යෙදෙන්නේ ගැහැනු සතාගේ ඇතිවෙන කායික වෙනස්වීම් සහිත සමහර කාලවලදීයි. මෙම කාලයේදී
ගැහැනු සතාගෙන් පිටවෙන යම්කිසි සුවඳක් නිසා පිරිමි සතාගේ කාමුක හැඟීම් ඇවිස්සෙනවා.
බොහෝ වෙලාවට පිරිමි සතුන් ගැහැනු සතුන් ඉව කරනවා දකින්න ලැබෙන්නේ ඒ සුවඳ නිසයි.
නමුත් මිනිසා මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මිනිසාට සංසර්ගය සඳහා කාලයක් හෝ
වෙලාවක් නෑ. ගැබ්ගත් කාලයත් ඍතුවෙන කාලයත් හැර අන් සැම කාලයක් වගේම සංසර්ගයට
සුදුසුයි.’
ඒ නිසාම වෙන්නැති කොරෝනා කාලේ වුණත් ලිංගික
චර්යාවන්හි යෙදෙන්නට මිනිසුන් පෙළඹෙන බව සාකච්ඡා කෙරිලා තියෙන්නේ.
‘.... පහත දැක්වෙන්නේ අප දන්නා
දෙයයි. පළමුකොටම, අවබෝධ කරගත යුතු දෙය නම්, කොවිඩ්-19 ආසාදිත අයෙකු සමග ඍජු ලිංගික සම්බන්ධයක් පැවැත්වුවහොත්, ඔබට ද රෝගය ආසාදනය වීමේ අවදානමක් ඇති වේ.
තාක්ෂණික වශයෙන් ගත් කල, කොවිඩ්-19 යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් නොවෙයි. එහෙත්, ශාරීරික ස්පර්ශය, සිපගැනීම වැනි ක්‍රියා අධි අවදානම් සහගතයි. එයට හේතුව, කොවිඩ්-19 වයිරසය පැතිරෙන්නේ සමීප ඇසුර හේතුවෙන් වීමයි.
ලිංගික සම්බන්ධකමකින් ඔබට
කොවිඩ්-19 ආසාදනය වීමේ අවදානම
රඳාපවතින්නේ ඔබ ලිංගික එක්වීමක් සඳහා තෝරාගන්නා පුද්ගලයා මතයි. එම පුද්ගලයා විසින්
විවිධාකාරයෙන් සම්බන්ධතා පවත්වා තිබෙන සෙසු සියලු පුද්ගලයන් ද එහිදී අදාළ වෙනවා.
ඔබට සුදුසු හොඳම තෝරාගැනීම කරන විට මේ සියලු කාරණා සිතට ගන්න.
ඒ කියන්නේ කොරෝනා තියෙනකල් ලිංගික අවශ්‍යතා............ |
මෙයින් අදහස් වන්නේ වසංගතය
අවසන් වනතුරු අපට ලිංගිකත්වය අකැප බව ද?
ඔබට ලිංගික සතුට භුක්ති
විඳිය හැකි බොහෝ ආකාර තිබෙනවා. උදාහරණයක් ලෙස, ස්වයං වින්දනය යනු ආරක්ෂිත භාවිතාවක්.
මෙවැනි වසංගත
තත්වයකදී ඔබගේ සුරක්ෂිත ම ලිංගික
සහකරුවා/ සහකාරිය ඔබ ම තමයි.’
ඒ කොටස මං උපුටාගත්තේ ‘ප්‍රජා’
අඩවියේ මැයි 9 වෙනිදා පළවුණු ලිපියෙන්.
රටක්, පලාතක්, නගරයක් lock down කරලා විතරක් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග මර්දනය
කරන්න බැරි හැටි ඒ post එකෙන් පැහැදිලි වෙනවා.
හෝමාගම කැන්දලන්දේ guest house එකට ඇවිත්
තිබුණු තැනැත්තා අවුරුදු 36ක කෙනෙක්. කාන්තාවට අවුරුදු 43ක්ලු. ඒ දෙන්නාම උතුරණ
තාරුණ්‍යයේ පසුවෙන්නන් නොවෙන බව එයින් පෙනෙනවා.
ඔන්න ඊටත් වඩා වයසක ජෝඩුවක් එයාලගේ 65 වෙනි
විවාහ සංවත්සරය හරිම ආදරණීය විදියට සැමරුවාලු. “කොච්චල ලොමැන්ටික්ද? අඅ අ අපි
දෙන්න හැට අවුලුද්දකට ඉස්සෙල්ලත් honeymoon එ එ එකට මේ rest house එකටමයි ආවේ...
මේ room එ එ එ එකේමයි නැවතුණේ. මේ d d dinner එකමයි ගත්තේ.... අඅඅ අන්නෙ
ඩාර්ලින්... ත්ත් ත්තෑන්ක් යූ ත්තෑන්ක් you...!”
අවුරුදු 65කට කලින් මධුසමය ගත කරන්න ආපු තානායමටම ආපහු ඇවිත්..... |
එදා දවස මතක් කරගනිමින් ආච්චි අම්මා කිව්වා.
“හොහ් හොහ් හොහ්...... ඔ ඔ ඔහෙට ම්ම් ම
මතකයිද එදා රෑ ඔ ඔහෙට කෙඳිරි ගෑවිච්චි ව්ව්විදිහ?” සීයා බිරියගේ නයිටිය ගලවා ඉවත්
කරන ගමන් කිව්වා. ආච්චිත් සැමියාට ඉඩ දෙමින් එදා වගේම ලජ්ජාවෙන් ඉන්න විදිහටයි
රැඟුවේ.
ඊට විනාඩි දෙක-තුනකට පස්සේ ආච්චී තරහෙන්
කෙඳිරි ගෑවේ, සීයාව පැත්තකට තල්ලු කරමින්.
“ඔ ඔහේ හදන්නේ ත්තුනම ඇතුළට දාන්නද? ම් ම් මට
ර් ර් ර්රිදෙනවා.... මනුස්සයෝ.”
“ත් තුනක් නෙවෙයි ය් යෝදියේ... එඑ එඑකම ත්තමයි දෙකට තුනට නැමිලා.....” සීයා හති
හැලුවා.
ඒ වගේ සීයලා ගැනත්, ඔවුන්ගේ විශ්වාසයන් ගැනත්
තමයි ඊළඟට ‘අසිරිමත්වූ දේකි’ පොතෙන් විමසන්නේ.
වයස්ගත වෙනකොට ලිංගික හැසිරීම් සුදුසු නැතිද? |
‘වයස් ගතවෙන විට ලිංගික ක්‍රියාවල යෙදීම
හානිකරද?
වයස සංසර්ගයට බාධාවක් නොවේ. වයස් ගතවීමත්
සමඟම උනන්දුවත්, අවශ්‍යතාවත් ටික-ටික අඩු වෙනවා. කොහොම වුණත් වයස අවුරුදු 70 දී
වුවත් නියම තෘප්තිය ලබා ගැනීමට වයස නම් බාධාවක් වෙන්නේ නැහැ.
අධික වශයෙන් සංසර්ගයේ යෙදීම සෞඛ්‍යයට
හානිකරද?
එක ශුක්‍රාණුවක් සෑදීමට ලේ බිංදු 40ක් වැයවේ
යන ආදී වශයෙන් අප නොයෙකුත් මිත්‍යා කථා අහල තියෙනවා. ඒ කතාවල කිසිම ඇත්තක් නැහැ.
සංසර්ගයේ යෙදෙන වාර ගණන ඒ ඒ යුවලගේ අවශ්‍යතාවන්ට අනුව සිදු විය යුත්තක්. පිටවෙන
ශුක්‍ර නිසා හෝ සංසර්ගයේ යෙදුණු වාර ගණන වැඩි වීමෙන් හෝ සෞඛ්‍යයට නම් හානියක්
වන්නේ නෑ.
සංසර්ගයේදී සිදු වෙන ශාරීරික ප්‍රතික්‍රියා
මොනවාද?
ආදර සැමරුම් කැටිවූ මුතු කඳුළින් මුතු පබුළින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ............ |
විද්‍යාත්මකව සංසර්ග ක්‍රියාවලිය කොටස් 4කට
බෙදෙනවා.
1. උද්දීපන අවස්ථාව
2. සම තෘප්තික අවස්ථාව
3. අධි තෘප්තික අවස්ථාව
4. අවනතික අවස්ථාව
මෙයින් පළමු හා දෙවෙනි අවස්ථාවලදී සිදු වන්නේ
සංසර්ගයේ උච්ඡතම අවස්ථාව වන තුන්වෙනි අවස්ථාවට එළඹීමට සූදානම් වීමයි.
තුන්වන
අවස්ථාව නම් වැඩිම තෘප්තිය ලැබෙන අවස්ථාවයි.
හතරවන අවස්ථාව නම් තෘප්තියෙන් පසු
ගිමන් හරින කාලයයි.’
මේ අවස්ථාවන්හිදී ‘ආදරයේ බලපෑම’ මොකක්ද?
ආදරයට ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටස්ටරෝන් හෝමෝනවල බලපෑමක් තියෙනවාද?
"ඇත්තටම මොකක්ද ආදරේ කියන්නේ? සංසර්ගයේ යෙදිලා
වතුර ටික යවාගන්න එකටද ආදරේ කියන්නේ?" ඔහු මගෙන් විමසුවේය.
ඔහුය කිව්වේ උපුල්
ශාන්ත සන්නස්ගල මහතාණන්ටය.
අලා අසාද් අබුල් මුසාෆිර් සහාබ් උද්-දින් මොහම්මඩ් ෂාජහාන් අධි ලිංගික ක්‍රියාකාරිකයෙක්ද? ව්‍යාඝ්‍රා ගැහුවද? |
ඒත්
ඒවා ඔක්කොම ඖචිත්‍ය පූර්ණ ගේය පද රචනා.... රස උද්දීපනය කරවන්නට සමත් තනු....
භාවපූර්ණ හඬින් කෙරෙන ගැයුම් විතරක්මද?
අර කියූ ලිංගික අවස්ථා හතරම ‘සම්පූර්ණයෙන්ම
සාර්ථක වුණත්’.....
අලා අසාද් අබුල් මුසාෆර් සහාබ් උද්-දින්
මොහම්මඩ් ෂාජහාන් (A'la Azad Abul
Muzaffar Shahab ud-Din Mohammad Shah Jahan) අධිරාජයාගේ අන්තඃපුරයේ කාන්තාවන් 5000ක් හිටියාලු.
පළමු බිසව මියගියාට
පස්සේ දෙවෙනි බිසව; මුම්ටාස් මහල් විවාහ කරගෙන තියෙන්නේ 1612 අවුරුද්දේ.
මුම්ටාස්
දේවිය මියගියේ 14 වෙනි දරු ප්‍රසූතිය වෙලාවේ 1631 වසරේ.
ඊට පස්සේ ෂාජහාන් අධිරාජයා
මුම්ටාස් මහල් දේවියගේ නැඟණියව විවාහ කරගත් බවයි කියවෙන්නේ.
එතකොට එතැන තිබිලා
තියෙන්නේ ආදරයද? දැඩි ලිංගික ආකර්ෂණයක්ද.... ආදරය කියලා කියන්නේ සුපිරිසිදු
හැඟීමක් විතරමද.... මගේ හිතේ නම් තවමත් ප්‍රශ්නයක් ඉතිරියි. කමක් නැහැ, එහෙම
තියෙද්දී වුණත්, පොතේ ඉතිරියට යනවා.
මේ අවස්ථාවේදී කෙරෙන සිපගැනීම්, ස්පර්ශ කිරීම්, ආදර ඇමතීම් වගේ දේවල් සේරම........ |
‘.... සංසර්ගයට ප්‍රථම ඒ සඳහා සූදානම් වීම
නියම තෘප්තිය ලබා ගැනීමට ඉතාම වැදගත්. ඒ වගේම ඕනෑම කරන දෙයක්.
මේ අවස්ථාවේදී ආදරයෙන් කතා කිරීම, එකිනෙකා
ස්පර්ශ කිරීම, සිප ගැනීම වැනි දේ සිදු වෙනවා. සාමාන්‍යයෙන් පිරිමින්ට දර්ශනය, ශබ්ද
සහ සුගන්ධය වැනි දේ ලිංගික හැඟීම් ඇවිස්සීමට ප්‍රමාණවත් වෙනවා.
ගැහැනුන්ට නම් ශාරීරික ස්පර්ශය මේ සඳහා ඉතාම
වැදගත්.
ගැහැනුන්ගේ ලිංගික හැඟීම් ඇවිස්සීමට තරමක
කාලයක් ගත වුවත් පිරිමින්ට මේ සඳහා ගත වෙන්නේ ඉතාමත් සුළු කාලයකුයි.
මෙසේ ආදරයෙන් කතා කිරීම සහ එකිනෙකා සිප
ගනිමින් කාලයක් ගත කිරීම සංසර්ගයේ නියම තෘප්තිය ලබා ගැනීමට ඉතා වැදගත්.
මේ සඳහා ගත
කළ යුතු නියම කාලයක් නෑ.
සාමාන්‍යයෙන් විනාඩි 30කට වැඩි කාලයක් මේ
සඳහා යොදවනවා.
මෙහිදී වඩාත් සංවේදනීය ස්ථාන ස්පර්ශ කිරීම හා
සිප ගැනීම සාමාන්‍යයෙන් සිදු කරනවා.
දෙතොල්, දිව, කන්පෙති, ගෙල, තනපුඩු, පිට, කලවා ඇතුල් පැත්ත................. |
දෙතොල්, දිව, කන් පෙති, ගෙල, තනපුඩු, පිට,
කලවා ඇතුල් පැත්ත ආදී පෙදෙස් සාමාන්‍යයෙන් සංවේදී කොටස්. ස්ත්‍රියකගේ ක්ලිටරීසය සහ
පිරිමියෙකුගේ ශිෂ්ණ හිස සෙමෙන් පිරිමැදීමද සංසර්ග කාලය උද්යෝගිමත් කිරීමට උදව්
වෙනවා.
මෙලෙස ඔවුනොවුන් උද්යෝගී බවෙන් වැඩිවූ විට
නියම සංසර්ගය පටන් ගන්නවා.
සංසර්ගයේදී කෙරෙන්නේ ප්‍රාණවත්වූ ශිෂ්ණය යෝනි මාර්ගය
තුළට ඇතුල් කර එය ඉහළට සහ පහළට සෙලවීමයි.
ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුල් කිරීමට ඇති පහසුම
ක්‍රමය ස්ත්‍රියෙකුගේ දණහිස නමා දෙවටොර පළල් කිරීමයි. සිප ගැනීමේදී හා ස්පර්ශ කිරීමේදී ඇතිවෙන උත්තේජනයන් නිසා
යෝනි මාර්ගයෙන් හා අනෙකුත් ග්‍රන්ථින්ගෙන් පිට කරන දියර මෙම ක්‍රියාවලිය තවත් පහසු
කරවනවා.
ශිෂ්ණය යෝනි මාර්ගය තුළ ඉහළට සහ පහළට කිරීමේදී
ස්ත්‍රී ලිංගේන්ද්‍රිය පද්ධතියේ කුඩා දෙතොල ඒ සමඟම සෙලවීමට පටන් ගන්නවා. මේ සෙලවීම
නිසා දිගින් දිගටම ක්ලිටරීසයේද උත්තේජනය වීම සිදු වෙනවා.
මෙහි ප්‍රතිඵලය වන්නේ ඔවුනොවුන් සංසර්ගයේ
උච්ඡ අවස්ථාවට පත්වී පුරුෂයාගේ ශුක්‍ර මෝචනය සිදු වීමත් ඒ සමඟම වාගේ ස්ත්‍රීන්ටත්
අමුතුමවූ අධික ලිංගික තෘප්තියක් ලැබීමයි....’
පොතේ වගුවක් විදිහට තියෙන දේවල් එහෙමම බ්ලොගයට දැම්මොත්.............. |
ඔන්න දැන් නම් හිතන්න වෙලාවක් ඇවිත්. ගොඩක්
දෙනා බ්ලොග් එක කියවනවා ජංගම දුරකතනවලිනුත්. පොතේ නම් වගුවක් විදිහට තියෙන දේවල්
එහෙම යෙදුවොත් අවුලක් වෙනවා වගෙයි.
ඒකට මොකද කරන්නේ?
හරි. ආවා සුප්පා අයිඩියා එකක්!
හෙඩිම එක පාටකින් දානවා. දම් පාට. යටින් ඉරකුත් එක්ක.
අවස්ථාව කළු පාටින්.... ගැහැනු
කොටස රතු පාටින් දාලා
පිරිමි කොටස නිල් පාටින් දාන එකයි කරන්න තියෙන්නේ.
හරි නේද? ඔන්න ඒ colours මතක
තියාගෙනයි පහළින් තියෙන ටික කියවන්න ඕනේ.
‘සංසර්ගයේදී
සිදු වෙන ප්‍රතික්‍රියා:
පළමු අවස්ථාව-
යෝනි මාර්ගය තෙත් වීම (තත්පර
10-30කින් පමණ සිදු වෙයි.)
කුඩා හා විශාල දෙතොල් රුධිරයෙන්
පිරී මහත් වීම
ශිෂ්ණය ප්‍රාණවත් වීම (තත්පර
3-8කින් සිදු වෙයි.)
වෘෂණ කෝෂ සංකෝචනය වීම හා වෘෂණ
ඉහළට ඉස්සීම
දෙවන අවස්ථාව-
යෝනි මාර්ගය තවත් තෙත් වීම
යෝනි මාර්ගයේ ඇතුළත ප්‍රමාණය තවත්
විශාල වීම - බාතොලියන් ග්‍රන්ථි ශ්‍රාවයන් ගැලීම
ක්ලිටරීසය ප්‍රාණවත්වී විශාලවීම
යෝනි මාර්ගයේ හා දෙතොල්වල පැහැය
දම්පාට වීම (රුධිරය නිසා)
ශිෂ්ණයේ ප්‍රමාණය විශාල වීම
වෘෂණය තවත් ඉහළට ඉස්සීම
පුරුෂ ග්‍රන්ථීන්වලින් ශ්‍රාවයන්
ගැලීම
ශරීරයේ පේශීන් ක්‍රමයෙන් තද වීම
ශිෂ්ණයේ හිස විශාලවී දම් පැහැයක්
ගැනීම (රුධිරය එය තුළ තද වීම නිසා)
මේ වෙලාවේදී සිදුවෙන වෙනස්කම් මෙහෙම පෙළ ගැස්සුවත් ඒවා වෙන්නේ එකවිටම වගේ.......... |
තෙවන අවස්ථාව-
ගර්භාෂය, පැලෝපියන් නාල හා යෝනි
මාර්ගය සංකෝචනය වීම
උකුල් පෙදෙස එසවීම
ශරීරයේ පේශීන් දරදඬු වීම
වේගවත්ව හුස්ම ඉහළ පහළ ගැනීම
ශුක්‍රනාල හා කෝෂයන් සංකෝචනය වීම
හා ශුක්‍ර මෝචනය
පේශීන් තදවී දරදඬු වීම
හතරවන අවස්ථාව-
උකුල් පෙදෙසේ තදබද ගතිය අඩු වීම
මනසේ ප්‍රාණවත් බව අඩු වීම
පේශීන්වල තිබූ තදබද ගතිය අඩු වීම
ශිෂ්ණය ක්‍රමයෙන් අප්‍රාණික වීම’
38 වෙනි පිටුවේ තිබුණු
චාට් එකත් එහෙනම් ඔයාල කියවලා ඉවරයි, ඔන්න.
මට නම් ඔය හරිය කියවමින්
අකුරු කොටද්දී හිතට ආවේ මහා පාදඩ සිතුවිල්ලක්. දන්නවනේ ඉතින්, මං කොහොමත්
නසරානියෙක් විත්තිය. ඒ හින්දම තමයි අර හිතිවිල්ලත් මෙතනට දාන්නේ.
රට- ජාතිය- ආගම වගේ යදම්වලින් වෙලී; පවිත්‍ර චේතනාවලින් යුතුවම සංසර්ගයේ යෙදෙන්න ඇහැකිද? |
“රට ජාතිය බේරාගැනීමේ
පරම- පවිත්‍ර- සුපසන් චේතනා පෙරදැරිව සංසර්ගයේ යෙදෙන්න ගියාම අර කියන විදිහේ ප්‍රතික්‍රියා.....
සිරුරේ වෙනස්කම් එහෙම ඇති වෙනවා ඇතිද?”
/“රට ජාතිය බේරාගැනීමේ පරම- පවිත්‍ර- සුපසන් චේතනා පෙරදැරිව සංසර්ගයේ යෙදෙන්න ගියාම අර කියන විදිහේ ප්‍රතික්‍රියා..... සිරුරේ වෙනස්කම් එහෙම ඇති වෙනවා ඇතිද?”//කිසි සේත්ම නැහැ. එවන් පාරිශුද්ධ ක්‍රියාවලියකට අපහාස කරලා අපායේ යන්න එපා යුෂ්මත
ReplyDeleteවිමසුවයි යමෙක් යා නම් නරකාදී - මට සුවයි යාම එහි වෙනතක නෑදී- (මතකයෙන් ලිව්වා නිසා වචනවල පොඩි වෙනසක් තියෙන්න පුළුවන්.) කියලා කුමාරතුංග මුනිදාස මහත්තයා කියලා තියෙන එක තමයි මම පිළිගන්න දර්ශනේ, අජිත් මහත්තයෝ.
Delete"රට ජාතිය බේරාගැනීමේ පරම- පවිත්‍ර- සුපසන් චේතනා පෙරදැරිව සංසර්ගයේ යෙදෙන්න" ගියාම ගායනා කරන ගීතය අහලා නැද්ද ?
ReplyDelete//දේ මාමක පුත් රුවනක් පිය බඳ මට ලබා දෙන්න,//
// දේ කාමී මල් කැකුලක් පිය බඳ මට ලබා දෙන්න,// මට ඉතුරු පද වත් මේක ගායනා කරන්නේ කවුද කියලා වත් මතක නැහැ.
ජීවිතයේ ඒ ඒ කාල වල සංසර්ගය සිදු කරන ආකාරය කොටස් තුනකට බෙදා තියනවා. නමුත් ඒ තුනම හැඳින්වෙන්නේ එකම වචන දෙකකින්. "ට්‍රයි වීක්ලි" කියලා සිංහලෙන් ලිව්වාම නම් තියෙන්නේ එකම වචන දෙකයි.
බැඳපු අලුත, (ට්‍රයි වීක්ලි) Tri Weekly
හතලිහ පනහ පැන්නාම (ට්‍රයි වීක්ලි) Try Weekly
හැට පැන්නාම (ට්‍රයි වීක්ලි) Try Weakly
මටත් තව වසර දෙකකින් ඔය කියන තුන්වන කොටසට උසස්වීමක් ලැබීමට නියමිතයි.
පසුගිය පෝස්ට් දෙකතුනම කියවන්න ලැබුනේ එක්කෝ පරක්කු වෙලා, එහෙම නැතිනම් හදිසියේ. පිළිතුරක් ලියන්න නොලැබුණේ ඒ නිසයි.
Try weekly කොහොම වෙතත් අපේ ලාංකික සිංහල ගෑනු හතලිහ පැනපු ගමන් නවගුනවැල අතට ගන්න එක තමයි අවුල.....
Deleteමචං , ගෑනු නවගුණ වැල අතට ගන්නේ පිරිම තමන්ගෙ වැඩේ හරියට නොකෙරුවාම තමයි. දෙපාර්ශවයටම සතුටක් වෙන විදියට වැඩේ කෙරීගෙන ගියානම්, එක්කෙනෙක් ඒකෙන් අයින් වෙයි කියල හිතන්න අමාරුයි.
Deleteමේ තනිකඩ මම ඔය කතාවට නං පැටලෙන්නේ නැහැ ආයුබෝවන්ලා.
Deleteතට්ටේ පලාගන්න ඕනය?
අපේ රටේ ජනමාධ්‍ය ජඩ වැඩකරන හැටි ඔය පුවත්පත් වාර්තාවෙන් හොදහැටි පෙන්නනවා .ඕනෑම මනුස්සයෙක් ට තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න අයිතිවාසිකම් තියෙනවා. එත් මේ වාර්තාවෙන් එ මනුස්සයාගේ වුර්තීය ගරුත්වය සම්පුර්ණයෙන් කෙළෙසා දමලා. ඔවුන් තමන්ගේ එකාව රකිනවා අනිත් උන්ව ජරා විදිහට මාධ්‍ය හසුරෝලා. ජනමාධ්‍ය කරුවෙක් කාන්තාවක් එක්ක කාමරයකට ගියා කියලා කවදාවත් ලියවෙන්නේ නෑ.
ReplyDeleteඇත්ත නොලියා හිටින්න ඒ මිනිස්සුන්ටත් අයිතියක් තියෙනවානේ, අසංග මහත්තයෝ. හුඟාක් කුලකවල ඉන්න අය තමන්ගේ එවුන් රකිනවා තමා. හැබැයි ජනමාධ්‍යවේදීන්ට කුලකයක් තිබීම නම් හොඳ මදි තමා...
Delete****
ReplyDeleteඅපි තොපි උන්නැහේ තොප්පියක් දාගන්නේ නැතිව ලස්සනට බේරෙනවා වගේ. ස්තුතියි! ආයේ මේ පැත්තේ එන්න!
Delete