සර්වබලධාරී යැයි කියාගන්නා ඒකාධිපති නායකයෙකු යටත් වැසියෙකුට විධානයක් කරනවා වගේ.... |
මට හිතුණෙම ඒ ‘වෙලාව කියන කතාව’ විහිළුවක්
බවයි. ඒ ඊට පස්සේ,
සති
ගණනාවක්ම යන තුරුත්....
ඒ
ගැන ඉඟියක්වත් නැති වුණු බැවිනි.
මට වැරදිලාය! හොඳටම වැරදිලාය... තිබුණේ!!
“රංජි, අද හවස... අපේ ගෙදරට එනවා.” පන්තියේදී භානු කීවේ, සර්වබලධාරී යැයි
කියාගන්නා ඒකාධිපති නායකයෙකු යටත් වැසියෙකුට විධානයක් කරනවා වගෙය. Interval එකේදී
මට එයාගේ ළඟටම අඬගසලාත්ය.
“ඒ මොකටද?” මටත් කියැවුණේ අමනාපයෙනි. මොන තරමේ කෙරුමෙකු වුණත් මට අණ දෙනවාට මගේ
කැමැත්තක් නැත.
“මොකටද.....? ඒක බලා ගන්නව කළාම.”
“හවසට මම රස්සාවට යන්න ඕනි ඉස්පිරිතාලේ ගේට්ටුව ළඟට!”
“එහෙ යන ගමන් එනවා.... විනාඩි පහළොවක් යයි.....”
අප දෙන්නාම කතා කළේ කැත්තට පොල්ල වගෙය. පන්තියේ අනෙක් ළමුනට නෑසෙන්නට;
නොවැටහෙන්නට රහසෙන්- හනිකටය.
එදා, මම කල් ඇතිව ගෙදරින් පිටත් වීමි. එහෙම පිටත්වී අභී අයියලාගේ ගෙදරට
යද්දී ඉස්සරහ දොර විතරකි, ඇරලා තිබුණේ. ජනෙල් සේරමත් වසා දාලාය. භානු මගේ දිහා
බැලුවේ කට කොණකින් කුප්ප හිනාවක් දමමිනි. “තමුසෙ ආවේ නැත්තං මම එහාට එන්නයි
හිටියේ!”
මාව ගෙතුළට ඇදගත් භානු ඉදිරිපස දොර වසා දැම්මේය. මම ප්‍රශ්න විමංසනාත්මක බැල්මක්
හෙළුවෙමි.
ඒ යක්ෂයාට ඉස්සෙල්ලාම
උවමනා වුණේ ‘පේව්මන්ට් එකේ රජ වෙද්දී’ මා අඳින සූට් එක ඇඳගෙන.... (මේ දෙවෙනියට
සකස් කරගෙන තිබුණු ඇඳුමයි.) |
එදා භානු කොහොම; මොන වචනවලින් ඒවා කීවාද කියලා නම් මට මතක නැත.
එහෙත් ඒ යක්ෂයාට ඉස්සෙල්ලාම උවමනා වුණේ ‘පේව්මන්ට් එකේ රජ වෙද්දී’ මා අඳින සූට් එක
ඇඳගෙන ඉන්නවා දකින්නටය. ඒ ඉලව් ආසාව ගැන ඇහුණු විගසින්ම මට යකා නැග්ගේය. ‘එහෙම
අවමානයක්!’, මොන කෝලමක්ද ඒ?
එහෙත් භානුට එහි වගක් නොවිණි.
“.... තමුසෙටයි පරක්කු වෙන්නේ!”
1966 ජුනි මාසයේ සිට අපමණ වතාවන් ගණනාවක්- කොටුවේ, පිටකොටුවේ, මරදානේ, බොරැල්ලේ පදික වේදිකාවලදී... දෙනෝ දහක් විමසුම් ඇස් මා වෙතට යොමුව තියෙද්දී... මගේ පාඩුවේ කමිසය උනා දමා ‘රජ හැට්ටය’ ඇඳ ගනිද්දී මට කිසිම ලජ්ජාවක් හිතුණේ නැත. ඇඳගෙන සිටින කොට කලිසමට උඩින්ම සාරි කෑල්ලකින් ‘දෝතිය’ ඇඳගනිද්දීත් මට කිසිම ලජ්ජාවක් හිතුණේ නැත. රජ වෙලා අවසානයේ, යළිත් ඒවා උනමින් පුරුදු කලිසම- කමිසයට බහිද්දීවත් මට කිසිම ලජ්ජාවක් දැනුණේ නැත.
එහෙම කොලෑ ගතියක් මට දැනුණා නම් දැනුණේ ‘පදික වේදිකා රස්සාවට ප්‍රවිෂ්ට වුණු පළමු දින කිහිපයේ’ පමණකි.
නමුත් ‘භානු ඉදිරියේදී ඒ ඇඳුමෙන් සැරසෙන්නට වීම’ මට දැනුණේ ලෝකයම ඉදිරියේ
නිරුවත් වෙනවාටත් වඩා අසීරු දෙයක් හැටියටය.
ඒත්.... වාද කරමින් ඉන්නට වෙලාවක් නැත. මා ඉක්මනින්ම කළුබෝවිල ඉස්පිරිතාලේ ගේට්ටුව
ළඟට නොගියොත් ‘බඩට වැදෙනවා සිකුරුය!’ මම ඒ
ඇඳුමින් සැරසුණෙමි. කතා-බතා මොකුත්ම නැතිව, වයින් කළ බෝනික්කෙකු වැනිව....
එදා සිට අවුරුදු
විස්සක්-තිහක් විතර කාලයක් යනතුරුම මට ඒ විකාරය තේරුම් ගන්නට නොහැකි වුණි. |
එදා සිට අවුරුදු විස්සක්-තිහක් විතර කාලයක් යනතුරුම මට ඒ විකාරය තේරුම් ගන්නට
නොහැකි වුණි. එහෙත් නොයෙකුත් ඉංග්‍රීසි චිත්‍රපට නරඹන විටය මට තේරුම් ගියේ; මෙවැනි
ෆැන්ටසිකාරයෝ සිටිති! Fifty Shades of Gray වැනි films ඒවාට හොඳම නිදසුන් ලෙසිනි මා
දකින්නේ.
ඊළඟ අණ... ඊටත් වඩා අරුමය!
ඒ මගේ ඇඳුම් සියල්ල උනා දමා ‘සීතාම්බර පට වස්ත්‍රය’ පිටින් ඉන්නට කියලාය....
මම අදිමදි කරන්නට නොගියෙමි.
ඒ, තවත් අඩ සියවසකදී තමන් ‘සීතාම්බර සළු’ විතරක් ඇඳගෙන හිටිනා බව දැන-දැනත්; කිසිම
විලි ලජ්ජාවක් නොමැතිව රට වටේම යන දෙස්පාළුවන් සිරි ලංකාවේ පහළවන බව දිවැසින්
දැකලා හෙම නොවේ.
භානුගේ අනම්‍ය බව දැකලා; වැටහිලා තිබුණු බැවිනි.
මං හිටියේ සටන් පෙරමුණු දෙකකය. එක: භානු එක්කය. දෙක: කාලය සමඟය.
භානු කාලය නාස්ති කළේ නැත....
ඊළඟ විධානය විදිහට, ඉස්සරහ කාමරයේ තිබුණු ඇඳ පෙන්නුවේය.
භානුලාගේ ගෙදර වහලය එතරම් උස නැත. ඒ සයනයේ උඩුබැල්ලෙන් වැතිරගෙන, ඇස් දෙක
නෙරවාගෙන ‘බඩ උලාගෙන’ සිටිද්දී මට පැහැදිලිවම පෙනුණේ ඒ වහලයේ, ලකයකට නොතිබුණු
රීප්ප-පරාල ආදියයි. භානු ඔහුගේ සරම ඔළුවෙන් පන්නද්දී මගේ දෙනෙත් පියවිණි.
ඊළඟට භානු මගේ නිරුවත් පංචස්කන්ධය; විශේෂයෙන් යටිකය පිරික්සනුත්, ඉන්පසු මගේ කයට
උඩින් වැතිරගනුත්...
මට නම් එය සහමුලින්ම අජීවී විනාඩි කිහිපයක් විය. දෙනෙත් පියාගත් වනම (කලින්
දුටු) පරාල ගණන් කිරීම විතරය; සජීවී දෙයකට මගෙන් කෙරුණේ. හති දමමින් ක්‍රියාත්මක
වුණු භානුට මොනයම්ම හෝ තෘප්තියක් දැනෙන්නට ඇතිදැයි සිතන්නටවත් මට උවමනාවක් නොවිණි.
කොටින්ම ඒ කාලාවකාශයේදී භානු යන ජීවියෙක් මගේ විශ්වයේ නොසිටියේය. එහෙම කෙනෙකු
සිටියාද-නැතිද යන කරුණ පවා මට කිසිදු වැදගැම්මක් ඇති දෙයක් නොවීය.
මගෙන් මරි-මෝඩ කතා කියැවුණේ; අමන වැඩ කෙරුණේ.... |
‘පැළ මයිලා!’
ඊට පසුවදා භානු මට විතරක් ඇසෙන්නට කීවේය. එක් වරම මට ඒ කතාවේ අරුත වැටහුණේ නැත.
මගෙන් පළ වුණු නිලීන ප්‍රතිචාරය භානුව කුප්පන්නට ඇත.
“තමුසෙ... පැළ මයිලා....!”
එතකොට නම් මට click වුණේය; මීටර් වුණේය. කලින් දවසේ ඒ යක්ෂයා උවමනාවෙන්
පිරික්සන්නට ඇත්තේ ඒවාය. එවිට නම් මම විළියෙන් ඇඹරී ගියෙමි; භ්‍රාන්තවී ගියෙමි.
‘ඉතිං මොකෝ? තවම තමුසෙගෙ වැවිලා නැද්ද...’
‘මේ කාලෙට එහෙම නොවෙනවා නම් ලෙඩක්නෙ’ වැනි කරටිය කඩලා යන උත්තරයක් දෙන්නට එදා මෝඩ
මට නුවණක් තිබුණේ නැත. මේ පෝස්ටුව ලියන දවස්වල මදිය නොකියන්නටම ඇදගෙන නාන නෝනා
වගෙය.
‘පිළිකාකාරක ඇපලටොක්සින් අඩංගු ආහාර නිපදවන සමාගම්වල නම් හෙළිදරව් කරන්නට
එතුමිය අකමැති වූවාය. ඒ එම වෙළෙඳ ව්‍යාපාර කඩා වැටෙතැයි බියපත් වීම නිසාය:
අනුකම්පා සිතන නිසාය. ඒ වස-විස සහිත ආහාර රටවැස්සා චුට්ට-චුට්ට කෑම ගැන ඇයට තවම
අනුකම්පා හිතිලා නැතිය.’
ඒ නෝනාට බැණ අඬගසන බොහෝ දෙනාගෙන් කියවෙන්නේ එවැනි චෝදනාවන්ය.
මං නම් ඒ නෝනා මහත්තයාට කැමැතිය.
ඒ දවස්වල මගෙන් මරි-මෝඩ කතා කියැවුණේ; අමන වැඩ කෙරුණේ මට දහතුනේදීය. (වයසට ගියත්
මගේ මොට්ටකම් තවමත් එහෙම තමාය; ඒ මොළේ නැතිකමය. එහෙම මොළේ නැති කෙනෙකුට රටේ ඉන්නේ
මං විතරක් නොවේ කියලා, ඔප්පු කෙරෙව්වාටය, මම එතුමියට ප්‍රණාමය පුද කර සිටින්නේ!)
ඉස්කෝලේදීත් වැඩියෙන්ම
nick names පටබැඳී තිබුණේ මටය.... |
කුඩා අවදියේ සිටම පුරුද්දක්ව තිබුණු ‘මගේ කටකාරකම’ නිසාත් ‘යටහත්ව; නිවට
සෙයියාවෙන් නොසිටීමේ’ ගතිය නිසාත් බොහෝ දෙනා මා ඇවිස්සූහ. එහෙම වෙලාවට මාත් නිකම්
ඉන්නේ නැත. පිපිරෙනවාය. ඒ පුරුද්ද මගේ අනන්‍යතාවයේ සලකුණක් වෙලා වගෙය.
ඒ ගතිය නිසාම, ඉස්කෝලේදීත් වැඩියෙන්ම nick names පටබැඳී තිබුණේ මටය. ඉතිං ඒ නම් ගොඩට තවත් මෙවැනි නමක් එකතු වෙනවාට කැමති නොවීමි. ඒ ලජ්ජාවෙනි.
(දැන් නම් මට හිතෙන්නේ ඒ එකල මගේ ආත්ම ශක්තියේ තිබුණු එක දුර්වලකමක් කියලාය.)
මගේ දුර්වලතාව තේරුම් ගත් භානු, ඉන්පසු ඒ ලජ්ජාව හා පැකිළීම රහස් ආයුධයක්
කර ගත්තේය. එහෙත් ඔහු ඒ නම වෙනත් කාටවත් ඇසෙන්නට නම් කීවේ නැත. (නිශ්චිතවම මතක
නැතත්, ඒ නම ප්‍රසිද්ධියේ නොකියන්නැයි මා භානුගෙන් ඉල්ලා සිටින්නට ඇතුවා නිසැකය.
තමාගේ සිතැඟි පරිදි දෙතුන් වතාවක් හෝ මා නටවන්නටත් ඔහුට හැකි වෙන්නට ඇත්තේ ඒ නිසා
විය යුතුය.)
මට තවමත් හිතාගන්නට නොහැකිව සිටින කාරණයක්ද මෙතැනදී කියන්නේ මා මටම අවංක වෙමින් මේ හෙළිදරව්ව කරන නිසාය.
භානුගේ එක හොඳක් හෝ තිබුණේ නැතිද? භානු තනිකරම කළු චරිතයක්ද? මගෙන් ලියවෙන්නේ අපක්ෂපාතී විවරණයක්ද? රේල්ලුවේ ෂර්ලි, සුදු මල්ලී, ඉස්කෝලෙම පියසිරි, අභී වැනි අය ගැන අකුරු කරද්දී, ඔවුන් වෙනුවෙන් මා ළඟ යම්කිසි සැඟවුණු ළැදියාවක් තිබිණිද?
ඉතිරි හරියත් කියලා ඉවර
වෙලාම ඔය ප්‍රශ්න විසඳා ගනිං! |
අපේ නාට්‍ය කටයුතුවලට සම්බන්ධව කටයුතු කරන පිරිස අතරේ සිටි දෙදෙනෙක් භානුගේ මිතුරෝ වූහ. (විස්තර කියන්නට කලින් ඒ දෙන්නාට නම් දෙකක් දීලා හිටියාම ලියන මටත්, කියවන ඔයාලටත් ලේසිය. අන්දොස් මංගල්ලේ පෝස්ටුවෙදී කළ විදිහ වඩා හොඳය. භානු යාළු- 1 හා භානු යාළු- 2....)
භානු යාළු- 1 හිටියේ පමුණුවේමය. එයාලගේ පවුලේ උදවියත් අපේ ගෙදරට ආව-ගිය උදවියයි.
හැබැයි, කරුමයකට වගේ මට ඒ හාදයාව අල්ලන්නෙම නැති; දිරවන්නෙම නැති ගතියක් තිබිණි. (වැරැද්ද එයාගේ නොව මගේය. සමහරුන්ගේ පළමු දර්ශනයෙන්ම මම ඔවුනට ප්‍රිය කරන්නට පටන් ගන්නෙමි. තවත් සමහරුන්ව දුටු මොහොතේ සිටම හොම්බට අනින්නට හිතෙන තරම්ය. ඒ අතින් නම් මා අන්තිම සවුත්තුය. හැබැයි, තවමත් මගේ ඒ ජඩ ගතිය නම් එහෙමමය.
-හිතවත් රසික ඔබට අමුත්තෙකු නොවන අයස්මන්ත පීරිස් මහත්තයා, මගේ ඔය ජඩ ගතියට කියන්නේ මෙහෙමය. ‘නිමල් අයියා සමහරුන්ව දැක්ක ගමන් ප්‍රේමයෙන් වෙළීගෙන- වෙළීගෙන යනවා..... ගිහින් කෙළවා ගන්නවා....’ පාද යාත්‍රාවේ යන වෙලාවේ නම් ඒ කතාව නියමෙට හරි ගියේය.)
කොහොමෙන් හරි, භානු යාළු- 1 මට හොඳටම නොරුස්සන ගතියකි තිබ්බේ.
භානු යාළු- 2 හිටියේ ඇරැව්වල පැත්තේය. එයාත් අපේ ඉස්කෝලෙට ආවේ භානුලාත්
එක්කමය. ඒ ආවාට පස්සෙ, පන්තියේ වාඩිවී හිටියෙත් එක ළඟ ඩෙස්ක් දෙකකය. මනුස්සයා නං
‘මට අරහං’ ජාතියේ නොවේ. වැඩියත්ම එහෙම වුණේ එයා නිතර හිනාවෙන; අනුන් හිනස්සන
කෙනෙකු වුණු නිසාය. (මං හිතන්නේ බුම්මැට්ටන්ට කවුරුන් වුණත් අකමැති බවයි.)
ඒ දෙදෙනාම මිතුරන් වුණත්.... |
මට මතක හැටියට නම් මනුස්සයාව අපේ ගෙදරට; නාට්‍යවලට කැන්දාගෙන ආවේ ‘වේදිකාවේදී සාම කුමාරයාට කතරගම වැඳුම් වැන්ද’ සිරි අයියායි.
ඒ දෙදෙනාම භානුගේ මිතුරන් වුණත්, භානුලාගේ ගෙදරින් කිසිම
කෙනෙක් අපේ දිහාට ආවේ-ගියේ නැත. ඉතා කලාතුරකින් භානුලාගේ අම්මා ආවා මිස... (අභී
අයියාගේ මඟුල් කියන්නට ආවා වගේ...)
භානු යාළු- 2 අපේ ගෙදරට ආවත්, නාට්‍යවලට සම්බන්ධ වුණත් ඉස්කෝලේදී නම් අප ඒවා ගැන
කාටවත් දැනෙන්නට හරියේ නැත.
නිවැරදිවම කියනවා නං ඊට වඩා වැදගත් දේවල් අපට ඇති-පදම් තිබුණේය.
අපේ ගෙදරදීත් එහෙමය. අප සිටියේ එකම පාසලේ ඉගෙන ගන්නවා තියා, ඉස්කෝලෙකටවත්
නොයන එවුන් විදිහටය. නමුත්, භානු යාළු- 1ට එහෙම බුද්ධියක් තිබුණේ නැති ගණනය. හුඟ
වෙලාවට භානු ගැනත් මගෙන් අහයි!
අහන්නෙත් කමක්-පලක් ඇති දේවල් නොවේ; අහන්නං වාලේය.
“අද භානු ඉස්කෝලේ ආවද රංජි මල්ලී...” මිනිහා මගෙන් අහන්නේ අපේ තාත්තාත්
ඉස්සරහපිටදීමය.
මං හිතුවේ එයාලා ලොකු
අයියාගේ රහසිගත මංගල ශෛලාසනය මල්ලීත් උරුමයට පවරාගෙන තියෙනවා.... |
“මං නෙවෙයිනේ පන්තියේ නම් ලකුණු කරන්නේ...” වගේ උත්තරයක් විතරය, එවැනි විටෙක මං
දෙන්නේ. එතකොට මිනිහා කට පියා ගනියි.
ඔහොම යද්දී, එක දවසක් භානු මට කීවේ රෑ බෝවී හමුවන ලෙසටය. දිග කාලයක් තිස්සේ
වගේ දැනුණත්, මේවා සිදු වුණේ මාස කිහිපයක් අතරේය. ඒ මුළු කාලයටමත් භානු මට කැඳවීම්
කළේ දෙතුන් වතාවක පමණි.
මනුස්සයා ගැන දැන් ඔබ මගෙන් වැඩි යමක් අසන්නේ නම්, මා කියන්නේ මෙලෙසය:
‘භානු එතරම් කාමාශක්ත කෙනෙකු නොවේ!’
“රෑ වෙලා ගෙදරින් එන්න බෑ.” මම භානුට කීවෙමි.
“එන්න ඕනි නෑ. ගෙදර යමින් ගමන එනවා.....” ඔහු කීවේය.
“..... තමුසෙ කලිනුත් එහෙම ආවේ....” ඒ කියන්නේ අභී අයියා ගැන විය යුතුය. ගහ දන්නා
අයට කොළ කඩා පාන්නට යන්නේ මෝඩයන්ය.
මම ‘හා’ කීවෙමි!
එදා රාත්‍රියේ මං ගෙදර ආවේ වත්තේගෙදර හන්දිය හරහාය. පොඩි බුවෙනකබාව ළඟින්ය.
විවේකාරාම පන්සල කිට්ටුව භානු බලාගෙන හිටියේය. ඉන්පසු මා හා එක්ව ගමන පටන් ගත්තේය.
ඉස්සර වුණේ ඔහුය; මං කළුවරේම පස්සෙන් ඇදුණා විතරය.
මහ නියර දිගේ යද්දී මං හිතුවේ එයාලා ලොකු අයියාගේ රහසිගත මංගල ශෛලාසනය
මල්ලීත් උරුමයට පවරාගෙන තියෙනවා කියලාය. මට වැරදිලාය; භානු හැරුණේ දකුණටයි. මං
මොකුත්ම කියන්නට ගියේ නැත. පස්සෙන්ම ඇදුණා විතරය. ලියැදි දෙකක් විතර ගිහින් ආයෙම
දකුණට.....
අනෙක් ඇළයෙන් මතු වුණු අතක් මා වැළකුවේය. දෙයියනේ! |
පොල් ගස් නිසා ඒ හරිය වඩාත් අඳුරුය. (දැන් ඒ ඉසව්වෙත් දෙමහල්- තෙමහල් මන්දිර
හැදිලාය.)
කලින් සැලසුම් කර තිබුණා වගේ භානු එතැන නැවතුණේය. මට ‘හ්ම්’ කීවේය.
තවත් අජීවී- නීරස අත්දැකීමක්.....
භානු තෘප්තියට පත් වුණු පසු, හති දමමින් ඇළයකට හැරුණේය. ඔහු නැඟිටින්නට සැරසෙද්දී,
මාත් නැඟිටින්නට හැදුවා විතරය. අනෙක් ඇළයෙන් මතු වුණු අතක් මා වැළකුවේය. දෙයියනේ!
මේ කවුද?
ඒ අත හිමියා මට කෑ ගැසෙන්නට නොදී මගේ කට වසාගෙන, කණට කෙඳිරුවේය. එතකොටත්
භානු ඈතට ගිහින් ඉවරය.
“අරූ බබෙක් රංජි මල්ලී.... සැපක් ගන්න දන්නෙත් නෑ- දෙන්න දන්නෙත් නෑ... කමක් නැහැ නේද........” අඳුරේම කොඳුරන ඒ කටහඬ හඳුනා ගන්නට තැත් කෙරෙන අතරේ, දැවෙන දෙතොලක් මගේ සිරුර පුරා ගමන් කරන්නට පටන් ගත්තේය.....
https://www.elitedaily.com/dating/roleplay-is-healthy-for-relationship/1059738
ReplyDeleteගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.
Deleteමේ කොල්ලෙක්ව අපයෝජනය කරනවා. රෝල් ප්ලේ වෙන්න කොහොමද බං , හයියෝ
Deleteඅවුරුදු කටේ නිසයි, කොරෝනා නිසයි, තද වැසි නිසයි වෙන්නැති අජිත් මහත්තයෝ මේ පොස්ටුවට කමෙන්ට් වැටුණේ හරි අඩුවෙන්.
Deleteපරක්කු වෙලා වුණත් කියවෙන දේවල්වලට ස්තුතියි!