ඉස්සෙල්ලා
ආපු කණට වැඩිය පස්සේ ආපු අං ලොකු කරගන්න එපා! |
අහගන්නට ඉඩක් ලැබෙනවා නං....
මං එහෙම කිව්වේ, පහුවදා පාන්දරින්ම ආනන්දයියා මගෙන් ඇසූ දෙයක් හින්දාය. “බට්ටො,
තමුසෙ කොහෙද නිඳා ගත්තේ?” ඒ මනුස්සයා නිකම්ම වගේ එහෙම අහනකොටම, රණවක එයාට මොනවා හෝ
ගතුවක් කියලා විත්තිය මට කල්පනා වුණේය.
“මං නිඳා ගත්තේ පැදුරෙනෙ, ආනන්ද සර්!”
“බට්ටෝඕඕඕඕඕ....!” (ඒ ඇදිල්ල ගොඩක් තේරුම් දෙන එකකි.)
“ඇත්තමයි ආනන්ද සර්. මං නිඳා ගත්තේ අපේ කට්ටියම එක්ක පැදුරුවල....”
“ඉස්සෙල්ලා ආපු කණට වැඩිය පස්සේ ආපු අං ලොකු කරගන්න එපා....!” ආනන්ද අයියා කිව්වේ
එච්චරය. එතැනින් එහාට ඒ කතාව ගියේවත්, මට මතක තිබුණේවත් නැත.
එහෙම වුණේ එදා උදෙන්ම අපේ චාරිකා පටන් ගන්නට තිබුණු හින්දාය.
“උදේ කෑමෙන් පස්සේ මෙහාට එන බස්වලට නඟින්න ලැහැස්ති වෙලා ඉන්න ඕනි. පරක්කු
වෙන්න එපා. ඒ ඒ පාසල්වල ගුරුවරුන් තම-තමන්ගේ ශිෂ්‍යයන් ප්‍රමාද නොවී සූදානම් වෙලා
ඉන්න බවට වග බලා ගන්නත් ඕනි....
යම්කිසි තැනකට ගිහින් බස් රියෙන් බැස්සට පස්සේත්, ආපහු බසයට එක්කරගෙන එන තුරුත්,
බසයට නැඟ ගත්තට පස්සෙත් තමුන්ගේ පාසල් සිසුවන් හය දෙනා ගැන සෝදිසියෙන් ඉන්න ඕනි
කියල ඔය ගුරු මහත්වරුන් දැනටමත් දන්නවනේ....
කොටින්ම මේ සති දෙක පුරාම මේ ළමයින්ගේ ආරක්ෂාව ඔබලාට බාරයි.....” සීවලී විදුහල්
බිමේ අප පෙළ ගස්වා රැස්වීමක් පවත්වමින් කවුරුන්දෝ කීවේය.
ඔබලා
මේ ඇවිත් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරමින්. |
“ඔය ළමයින්ට මොනයම්ම හරි ප්‍රශ්නයක් මතු වුණොත් වහාම තමන්ගේ ගුරුතුමාට
කියන්න ඕනි... ඒ වගේම යන-එන හැම තැනකදීම තදින්ම පරෙස්සම් වෙන්නත් උවමනායි.... ආ
තවත් දෙයක්... ඔබලා මේ ඇවිත් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරමින්.
ඉතිං ඔබලාට ඉබේම වගකීමක් පැවරෙනවා- සමස්ත කොළඹ පාසල් සිසු පරපුරේම ගෞරවය ආරක්ෂා
කරන්නත්..... එක ළමයෙකුගේ හරි අවිනීත- අසංවර හැසිරීමකින් අවනම්බු වෙන්නේ ඔයාලා
සේරෝටමයි...”
දෙතුන් දෙනෙක්ම කතා පැවැත්වූහ; උපදෙසුත් දුන්හ; අහගෙන ඉඳීම එපා වෙනකල්ම.
‘අලියන්ට ළමයින්ට නළියන්ටමයි හිත’ කියන කතන්දරේ එයාලාට මතක් වෙන්නෙම නැති
හැටි. කතාවල් කරන්නම ඕනෑ නං ළමයින්ට අල්ලන විදිහටවත් කරන්නෙපැයි.... කවුද ඔව්වා
කල්පනා කරන්නේ?
හුඟක්ම වෙලාවට ලොකු-ලොකු ඇත්තන්ගේ ගොන් කතාවලට; පම්පෝරි කතාවලට; ළමයින්ගේ
දෙමවුපියන්ට කියන්නට ඕනෑ මට්ටමේ කතාවලට කන් දීගෙන ඉන්නට ශ්‍රී ලංකාවේ පාසල්
සිසු-සිසුවියන්ට සිදු වෙයි. විශේෂයෙන්ම එහෙම වෙන්නේ ශාලාව පිරෙන්නට ශ්‍රාවකයන්
රැස් කරවා ගන්නට බැරි වෙන වෙලාවල්වලටය.
ඒ කාලේ මමත් දැඟලිල්ල අඩු නැති ළමයෙක් වීමි!
අසමාන
සනාතන සාධු සවාසන ජාතිය..... (මෑණියන් වහන්සේගේ රෙද්ද!) |
කොහොම වෙතත් එදා රැස්වීම වෙලාවේ මගේ හිත තිබුණේ දීඝායු ඉන්නේ කොතැනද, වසන්ත ඉන්නේ කොතැනද කියලා ඇස් යවන්නටය; අප තුන් දෙනාටම එකම බස් එකකට නැඟ ගන්නට ලැබෙයිද, කියලා හිතන්නටය.
අර රැස්වීම්වල එපාම කරපු වැඩේ වුණේ, ප්‍රගති ගීතයයි, වැඩ හුරු වීමේ ගීතයයි
දෙකත් ගයන්නට වීමය.
‘පුෂ්ප සුගන්ධය මිශ්‍රිත නන්දන සිහිල් සුළං සුවදේ
සෙසු දේස සුබා පසුබා ලැබදේ සුබ දේශගුණය නිබඳේ
ඉතිහාස උදාර පුරාණේ - වර ධීර වීර විරුදාවේ’
කියලා වරුණාවක් හෙම තියෙන්නේ......
අන්තිමට මෙහෙමත් කියන්නේ.
‘දීපේ නිදහස් කාහල නාදය කප් හිම තෙක් රැව් දේවා
අසමාන සනාතන සාධු සවාසන ජාතිය සැපවත් වේවා
සදහම් සුවයෙන් සැනසේවා - නව යුගයේ මඟ හෙළි වේවා
සැම දැන මන දිනු සුජාත ධරණී
සෞභාග්‍ය නිධානය ලංකා
වොරැඳේ වොරැඳේ වොරැඳේවා
සෞභාග්‍ය නිධානය ලංකා’
ප්‍රගති ගීතය හොඳා තමා. අහගෙන ඉන්නකොටත්-
ගායනා කරනකොටත් ගැම්මක් එනවා තමා. ඒත් දෙයියනේ හැම මළ-ඉලව්වකටම ඒකම කියන්න ගත්තාම!
අනේ, අවුරුදු දාහතරේ ඇඹිටිල්ලන් කොල්ලෙක් ඔව්වා පිටිපස්සේ තිබුණු දේවල්
කොහොමෙයි කියලා දැන ගන්නද? ඔන්න දැන් නං ටිකක් විතර තේරෙනවා කිව්වැකි, ඉහ-නිකට
පැහුණට පස්සේ.
ලොක්කන්-
පන්දම්කාරයන්- PS කරන්නන්- සට්ටඹියන්
සේරමලා.... |
අධ්‍යාපන අමාත්‍යංශයෙයි- දෙපාර්තමේන්තුවලයි හිටිය ලොක්කන්- පන්දම්කාරයන්- PS
කරන්නන්- සට්ටඹියන් සේරමලා හිතන්න ඇති පුළුවාන් තරං ලකුණු දාගන්න. ඇමැතිතුමා ලියපු
ගීතයක් උදේ හවස ඉස්කෝල ළමයි ලව්වා ගයනා කරවනකොට කොහොමද ආතල් එක? එහෙම කියවන්න
සල්ලි වියදම් වෙනව කියලයැ.
'කියපං අම්මා, හීනෙනුත් ප්‍රගති ගීතේ' කියලා පනතක් සම්මත කර නොගත්තා විතරයි වගේ.
එදත් වුණේ එහෙමයි. අදත් වෙන්නේ එහෙමයි.
සීතාම්බර පට වස්තරේ අන්දවලා රජ්ජුරුවන්ව අමු හෙළුවෙන්, ඇතෙක් පිටේ රට පුරා අරන්
ගියා වගේ දේවල් ආයෙ-ආයෙම සිද්ධ වෙනවද මන්දා!
හැබැයි, කවුරු කළත් හොඳ දේට හොඳයි කියන්නත් ඕනිමයි.
ඒ වැඩ සටහනේ සංවිධාන කටයුතු නං අපූරුයි! එයිනුත් මල් මසුරං වැඩේ විදිහට මගේ මතකෙ
තියෙන එකක් තමයි ‘මීගහකිවුල’ ඉස්කෝලේදී වුණේ.
ඒකේ credit එක අයිති වෙන්නෝනි ඒ පාසලේ ගුරු මණ්ඩලයටයි, ගුරු-දෙගුරු සමිතියේ
අම්මල-තාත්තලාටයි.
එදා අපි ඉස්සෙල්ලාම ගියේ දුන්හිඳ ඇල්ල බලන්න.
අපි බදුල්ලේ හිටිද්දී ගිහින් තිබ්බ දුරම trip එක
දුන්හිඳ බලන්න යාම.
(ආයෙමත් අපි එහෙ යැවුණේ ගෙදරින් පැනල ගිය වෙලාවේ!)
ඊළඟට එතැනින්
පහළට; මහියංගනේ පැත්තට.... ඒ යද්දී තමයි මීගහකිවුල හම්බ වෙන්නේ.
මීගහකිවුලේදී බස් ටික නවත්තලා අපි කට්ටියම බැස්සට පස්සේ, සංවිධායක මණ්ඩලේ
මහත්තුරු මොන-මොනවදෝ අපේ ගුරුවරුන්ට කියනවා පෙනුණා. ඒකට කන් දීගෙන හිටි අපේ සර්ලා
ඔන්න එනවා අපි දිහාවට.
“ඔයාලත් දෙන්න-දෙන්නා පේළි ගැහෙන්න.....” ආනන්දයියා ඇවිත් අපට කිව්වා. අම්මට සිරි!
අනෙක් සර්ලා-ටීචර්ලාත් ගෝලයන්ට එහෙම කියන්න ඇති... ළමයි දෙන්න-දෙන්නා ගණනේ එකිනෙකා
පිටිපස්සේ හිටගත්තා.... හෙණ දිග පෝලිමක්!
ඇයි, අපි 150ක්නේ; ගෑනු-පිරිමි දෙගොල්ලම.
මුල්ම
හරියේ පුංචිම ළමයින්.... |
මීගහකිවුල ඉස්කෝලේ තිබ්බේ පාරෙන් වම් පැත්තේ. යන්තම් උස බිමක. අපි ගේට්ටුවෙන්
ඇතුළු වෙනකොට පාර දෙපැත්තේ ඒ පාසලේ ළමුන් පේළි දෙකක් දෙපැත්තේ.
මුල් හරියේ පුංචිම ළමයින් ආයුබෝවන් කියමින්.... පුංචි කොඩිත් සමහරු අතේ.
ඊළඟට....
ඊට ටිකක් ලොකු ළමුන් අත්වල බන්දේසි තියාගෙන. මුහුණේ අහිංසක හිනා
පුරෝගෙන....
ඒ බන්දේසි පුරා විස්කෝතු! කැවුම්! කෙසෙල්! තල කැරලි! මගෙ අම්මෝ.... හෙණ
ගොඩයි... අපට තිබුණේ යන ගමන්ම කැමති කැමති දේවලින් අරගෙන භුක්ති විඳිමින් පාසල්
ශාලාවට යන්න. ඒ ගියාමත් කෑම ට්‍රේ අරගත්තු ළමයි...
එදා ඒ කෑම අතරේ ‘මුංගුළි’ත් තිබුණා හොඳට මතකයි!
මට හිතෙන්නේ ඒක ඌව පලාතට ආවේණික එකක් වෙන්නැති. ඉස්සර අවුරුද්දට වෙන මොනවා
නොහැදුවත් අපේ ගෙදර හැදෙන්නේ ඒවා.
ඒ මුංගුළි හදද්දී: මුං ඇට කබලේ බැදලා අරගෙන, වංගෙඩියේ කොටලා පියලි කර
ගන්නවා මිස පිටි කරගන්නේ නෑ. පැණිපොල්වලට ඒ පියලි දාලා අනාගෙන, දෙහි ගෙඩි තරම් බෝල
හදලා- කොකිස්වලට වඩා උකු බැටර් එකක දවටාගෙන බැද ගන්නවා.
(ඒවා හදන්න මං මුං ඇට බදින වෙලාවක තමයි, අපේ බඩා මල්ලියා; දීපාල් තාච්චිය උඩට වැටිලා අඩ හඳ හැඩේට බඩේ හම ගියේ.)
අම්මො- අම්මෝ, අද මේවා ලියන්න ගත්තු නැකත හොඳ නෑ වගේ. පීලි පනිනවා වැඩියි වගේ
නේද?
එදා, විශේෂම දේ, අපිව දෙන්න-දෙන්නා පෙළ ගස්වන්න ඇත්තේ එක්කෙනෙකුටවත් කිසිම
වර්ගයක කෑමක් මඟෑරෙන්නෙ නැති වෙන්නයි. වම් පැත්තේ ළමයෙකු කැවුම් බන්දේසියක් අරගෙන
ඉන්නවා නං- ඒ කෙළින් දකුණු පැත්තේ ළමයෙකුත් කැවුම් බන්දේසියක් එක්ක හිටගෙන හිටියා.
ඊට ළමයි තුන්හතර දෙනෙකුට එහායින් තව ජාතියක් ගත්තු ළමයි....
‘ඇමරිකන්
දීමනා හැමට සමසේ’ |
‘අපට කොයින්ද ළමයෝ බූල් බල්ලෝ’ කියන්නැහේ, ඒ කාලේ අපට විස්කෝතු කියන්නේ ‘කළුනික’
වගේ දුර්ලභ දෙයක්....
ඒත් ඉස්කෝලේදී නං නොමිලේ හම්බ වුණා ‘ඇමරිකන් දීමනා හැමට සමසේ’ විස්කෝතු.
මොකාක්? ඔයාලා අහවි. ඔය ‘ඇමරිකන් දීමනා හැමට සමසේ’ නමවත් මම අහලා තිබුණේ නෑ, මේ අවුරුද්දේ ජුනි වෙනකල්. (ජුලි හතයි නෙවේ, ජුනි. අද ජුලි දහය!) ඔය නම විතරක් නෙවෙයි, ඇදිහැස විස්කෝතු ගැනත් අපූරු විස්තරයක් ‘රවී’ ලියලා තිබ්බා, නිදහස් සිතුවිලි blog අඩවියට. ගියාම ආයෙත් ඉස්කෝලේ යනවා වගේ දැනෙයි. මේං බලන්ඩකො චුට්ටක්:
'ඇදිහැස (ඇමරිකන් දීමනා හැමට සමසේ) විස්කෝතු ගැන සති දෙහෙකට වගෙ කලින් මුහුණු පොතේ පෝස්ට් එකක් මම ෂෙයාර් කලා. හුඟ දෙනෙක් ඇදිහැස විස්කෝතු ගැන තමංගෙ අදහස් කියල තිබ්බ. මම ඉතිං ඒ ගැන මගේ මතක තව දුරටත් සටහන් කරන්නයි මේ හදන්නෙ..
එකේ දෙකේ පංතිවලදි ඔය බිස්කට් දුන්නු බවක් මට මතක නෑ. ඒත් තුනේ පංතියෙදි නම් මට හොඳට මතකයි බිස්කට් 3ක් දුන්නා එක ශිෂ්‍යයෙකුට. ඒ කියන්නෙ 1971 අවුරුද්දෙ. අප්‍රේල් නැඟිටීම නොහොත් ජේ.වී.පී. පළමු අරගලය සිද්ද වෙන්නෙත් ඒ අවුරුද්දෙමයි...’
දැන් මෙහෙම ඔජ වැඩුවට ‘ඇදිහැස’ බිස්කට් අපට අපූරු වුණේ ‘ගස් නැති රටේ තුත්තිරි ගහත් ගසක් වෙයි’ තියරිය අනුවයි. අපේ පන්තිවල හිටිය සමහර ඇති-පැති ළමයි ඒ බිස්කට් ඇල්ලුවෙවත් නෑ. ඒත් ඉතිං ඒ අයගේ පංගුව මං වගේ අයට ලැබුණා. හිතුවේ, එහෙම හම්බ වුණු ඒවා බඩජාරිකමට තනියම ගිල්ලය කියලද?
අනේ නෑ!
කඩදහි කෑල්ලකවත් එතෙන්නේ නැතිව, එව්වා අපේ ගෙදරට වැඩියා, මගේ කලිසං සාක්කුව ඇතුළට
වෙලා. “අද විස්කෝතු නැද්ද ලොකූ?” ඒවා නැති දවසට, එතකොට ඉස්කෝලේ නොයන
නංගිලා-මල්ලිලා අහපු හැටි!
ඔයාලගේ
ඉස්කෝලේ සමිතියකදී කතා කරනවා කියලා හිතන්නකෝ! |
ඒ කෑම බන්දේසි අතින් දරාගෙන නොහිටි ළමයි එකම රිද්මයකට- නොනවත්වාම අත්පොළසන් දෙනවා.... තවමත් කලාතුරකින් දවසක හීනෙනුත් මං ඉන්නේ මීගහකිවුල ඉස්කෝලේ!
ශාලාවේ වාඩි වෙනවාත් එක්කම වගේ ආනන්ද සර් මගේ ළඟට ඇවිත් මාව නැඟිට්ටෙව්වා.
ඔළුවෙන් කිව්වා, මට එයාත් එක්ක එන්නැයි කියලා. මට මොකුත්ම හිතා ගන්න බෑ. ‘මොකද වදේ
මේ?’. ඒත් ගියා.....
සේසිරි විජේසේකර මහත්තයයි, තව සංවිධායක මහත්තුරු කීප දෙනෙකුයි හිටිය තැනකට
තමයි අපි ගියේ. “මේ බටු ඇටේට පුළුවන් වෙයිද, ආනන්ද?” කවුද ඇහුවා ආනන්ද අයියගෙන්.
ආනන්ද සර් හිනාවුණේ මගේ පිටට තට්ටු කරමින්.
“මිනිහා කථිකයා!”
එයාලා මාව එක්කගෙන ගිහින් තිබුණේ ස්තුති කතාව කරවන්නටය. “... කොටට කතා කරන
තරමට ඔයාට ලේසි වෙයි... කොළේක ලියා ගන්න ඕනිද?” කියලාත් කෙනෙකු කිව්වා මතකය. “ලොකු
පිරිසක් ඉන්නවයි කියලා බය වෙන්න එහෙම එපා ඔන්න. ඔයාලගේ ඉස්කෝලේ සමිතියකදී කතා
කරනවා කියලා හිතන්නකෝ!” තවත් එක්කෙනක් ගුරු මුෂ්ටියක් දන් දුන්නේය.
හැමදාම, හතර පස් වතාවක්වත් පේව්මන්ට් එකේ සෙනඟ පිරිවරාගෙන කතා කරන නිසාදෝ ඒ වෙද්දී මට සබකෝලය කියා දෙයක් තිබුණේ නැත. අවුරුදු දොළහේදී මුල්ම වතාවට, මහරගම හන්දියෙදී ‘අජාසත්ත පොසොන් නාට්‍යයේ’ රඟපාද්දීවත් මට සබකෝලයක් දැනුණේ නැත. දෙසුමක් පවත්වද්දී, තරමකින් හෝ මගේ සිත ඔද්දල් වෙන්නේ ‘අසා සිටින්නන්’ අඩු නම්ය.
මේ
ඌව වෙල්ලස්සේ; බින්තැන්නේ- බදුල්ලේ අම්මෙකුගෙන්..... |
එදා මගෙන් මොනයම්ම හෝ දස්කමක් ප්‍රදර්ශනය වුණා නම්, ඒ පිළිබඳ පැසසුම යා යුත්තේ
‘දිසානායක හේවගේ’ ජානවලටය!
අපේ තාත්තාත් කථිකයෙකු ලෙස බදුල්ලේ නම් දරාගෙන සිටියෙකි.
“රැස්ව සිටින සියලුම දෙනාට ආයුබෝවන්!”
එදා වුණත් මං කතාව පටන් ගන්නට ඇත්තේ එහෙම කියමින්, දෑත් එකතු කොට ආචාර කරමින්ය.
හුඟ දෙනෙකු කරනවා වගේ, සභාවෙන් අවසර ගන්නා පුරුද්දක් මට නැත. කථිකයා ඒ
රාජකාරිය කරන්නට යන බව මූලාසනයෙන් කිව්වාට පස්සේ,
තවත් අවසර ගන්නේ මොහොකටද?
අනෙක එතැන ඉන්නා එකිනෙකාගේ නම් ලැයිස්තුවක් කියවීම. එහෙම විශේෂයෙන් නම් කියනවාට
වඩා පොදුවේ අසන්නන්ට අමතන එකය, මගේ පුරුද්ද. ශ්‍රාවකයන්ගෙන් පිරිසකට විතරක් වැඩි
සැලකිල්ලක් කරන්නේ මොකටද?
“අද මීගහකිවුල පාසලේදී අපට කෙරුණු පිළිගැනීම, සංග්‍රහ, සත්කාර වෙනුවෙන්
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසු-සිසුවියන් වෙනුවෙන් ස්තුති කරන්න ඕනෑ ඔයා. එහෙමයි
අපේ සර් ඇතුළු සංවිධායක මණ්ඩලේ මහත්ම- මහත්මීන් මට කිව්වේ. මමත් හා කිව්වා හරිම
සතුටෙන්....
හැබැයි, දැන් මේ වෙලාවේ මම දෙපාරක් ස්තුති කරන්නයි සූදානම් වෙන්නේ... ඔව්!
දෙපාරක්!!
එදා
නොදැන කළත් මං කරලා තිබුණේ හරිම තැනක- හොඳම නිලයක් ඇල්ලීමය. |
ඉස්සෙල්ලාම මං එහෙම ස්තුති කරන්නේ මේ ඌව වෙල්ලස්සේ; බින්තැන්නේ- බදුල්ලේ අම්මෙකුගෙන්, බදුල්ලේ ඉස්පිරිතාලේදී උපන් ඌවේ කොල්ලෙක් විදිහට, ඌවේ ඔබටයි....”
කියන්නත් ඕනිද?
එදා නොදැන කළත් මං කරලා තිබුණේ හරිම තැනක- හොඳම නිලයක් ඇල්ලීමය.
පසුව ඉගෙනගත් ඒ පාඩම ගැන දයාබර රසික-රසිකාවනට මං කිව්වා මතක ඇති, බ්ලොගය පටන් ගත්තු අලුතම. අපට ඒ පාඩම කියලා දෙමින්, දුන්නු සැබෑ උදාහරණය ‘රත්මලානේ අන්ධ විද්‍යාලයේදී සමාජසේවා අමාත්‍යතුමාගේ කතාව පටන් ගත්තු හැටි’...
එහෙම පුහුණු වෙලා මොනරාගල පාසලකට ගියාම වෙච්චිදේ... වෙලාවක්
තියේ නං ආයෙම කියවලා බලන්නයි, මෙතැනම පාරත් පෙන්වන්නේ තව මහන්සියකුත් දරමින්.
ඇත්තමයි, ඒ ඉගෙනගත්; සිදු වුණු දේවල් තමයි මට ආඩම්බර වෙන්න තියෙන රසබර අත්දැකීම්!
මගේ වත්කම්!!
කතාව ඉවර කළා විතරයි, ඇහුණු අත්පොළසන් සද්දෙ තවම මගේ කන් දෙක ඇතුළේ දෝංකාර
දෙනවා.
“මා පුතා බදුල්ලෙ කොයිබ මයෙ අම්මාාාාා?”
“තවමත් පුතාගෙ නෑදෑයො බදුල්ලෙ ඉන්නවාාාාාා?”
තවමත් පුතාගෙ නෑදෑයො බදුල්ලෙ ඉන්නවාාාාාා? |
කැත හිතක් ඇති කර ගන්න හෙම එපා ඔන්න.
කාන්තා රසිකාවියන් කිව්වේ, කොළඹ පාසල්වලින් ගිහින් හිටිය සිසුවියන්ටයි. පෙනුණු
විදිහට මගේ කතාව වැඩියත්ම වැදිලා තිබ්බේ එයාලට!
එහෙමයි එදා මේ නිමල් දිසානායක එක රැයෙන් නෙවෙයි; එක පැය කාලෙන් තරුවක්
වුණේ!
ඊට පස්සේ වෙච්චි දේවල් කියන්නේ, එහෙම තරුවක් වගේ දිදුලමින් දවස් කීපයක් ඉඳලයි. කමක් නැහැනෙ...
පරන පෝස්ට් ටික කියවන්න වෙලාවක් හදා ගන්න ඔනේ ඉක්මනට
ReplyDeleteඑල ද බ්‍රා
සංජීව, ඒක ප්‍රශංසාවක් මට කෙරුණු. ඒ ගැන ගොඩක් ස්තුතියි.
Deleteනමුත් මගේ බ්ලොගය කියවනවාට වඩා වැදගත් කාරණයක් තියෙනවා ඔයාට කරන්න. කල්‍යාණ මිත්‍ර බ්ලොග් අඩවියට ලියන 'හෙරොයින්' ප්‍රමාද නොකර ලියන්නකෝ- තරහ නැතිව.
ගොඩාක් රසිකයන් වගේම මාත් පිස්සු හැදිලා ඉන්නේ ඊළඟට වෙන දේවල් දැන ගන්න.
ඒ අයත් වෙනුවෙනුයි මේ ඉල්ලීම.
ඉස්සර කන්දෙකැටිය මීගහකිවුල පාරෙ සෑහෙන්න ගියා (මාස 2-3කට වතාවක් වගේ). ගොන්නු තුන් දෙනෙක් ( එකෙක් ස්පෙයාර්/ට්‍රේනී ) සහිත දර කරත්ත තමයි විශේෂයෙන් මතක
ReplyDeleteඔය තියෙන්නේ, තවත් මතක සටහන්....
Deleteස්තුතියි Pra Jay!
// ගොන්නු තුන් දෙනෙක් ( එකෙක් ස්පෙයාර්/ට්‍රේනී ) සහිත දර කරත්ත//
Deleteහෙහ්, හෙහ් අර පස්සෙ එකා "ඔන් ද ජොබ් ට්‍රේනී." ඇන්ජින් දෙකේ කරත්ත කියල නේද කියන්නෙ?
/‘ඉමියා මුදියන්සෙලාගේ රෆායෙල් අභයවංශ ඊරියගොල්ල/
ReplyDeleteමේක මම කියවලා තියෙන්නෙ “ඉමියා මුදියන්සෙලාගේ රැපියල් අප්පුහාමි ඊරියගොල්ල“ කියල. සිසිර කුමාර මාණික්ක ආරච්චිගෙ පොතක තිබුණෙ. වැඩිය හරි මොකද්ද දන්නෑ?
'ඩ්රැකී වම්හ' තුමාණෙනි, ඊරියගොල්ල මහත්තයා ගැන විස්තර තියෙන තැන් ගොඩාක් බැලුවා. 1968 මේ සංචාර ගැන සඳහනක්වත් තියේද බලන්න. ම්හු!
Deleteවිකිපීඩියා එකේ ඊරීයගොල්ල මහත්තයාගේ නම තියෙන්නේ මෙහෙමයි.
Imiya Mudiyanselage Raphael Abhayawansa Iriyagolle (3 January 1907 – 7 January 1973) was a Sri Lankan politician and Cabinet minister who served....
රෆායෙල් නම නං හෙළුවෙන් 'රපියෙල් හරි රැයිපියෙල් හරි' විදිහට වෙනස් කරලා වෙන්නොනි. ඒත් අප්පුහාමි කෑල්ලක්. එතකොට නමට තව A අකුරක් තියෙන්න එපැයි!
//හුඟ දෙනෙකු කරනවා වගේ, සභාවෙන් අවසර ගන්නා පුරුද්දක් මට නැත. //
ReplyDeleteමගෙත් ඒ කැත වැඩ නැත. ඔව්වා මොන විදිහකින් හැදිච්ච සම්ප්‍රදායයන් දැයි මං දන්නැත. කියන්ඩ ඕනෙ දේ හිතට කාවදින ලෙස කියා දැමීමට වෙහෙසෙනවා ඇර වෙන මගුලක් මටනැත.
ඒ උනාට බොලා னයාගෙන් අවසර ගන්නෝන. ඔවු හිටගෙන.
Deleteහොඳ වෙලාවට දැන් කවුරුවත් කතා පවත්වන්න ආරාධනා නොකරන්නේ. නැතිනං Praසන්னගෙන් අවසර ගන්න වෙනවනේ, හිටගෙන.
Deleteසම්ප්‍රදාය නොදන්නවා වුණාට ඉස්සර කථිකයෝ නිල අල්ලන්න දැනගෙන හිටියා ඩ්රැකී, මට තවමත් පුදුමයි සමාජ සේවා ඇමැතිතුමා; තෙන්නකෝන් මහත්තයාගේ දැනුම ගැන. ඒ නිසාමයි එතනට link එක දැම්මෙත්- උවමනා කෙනෙකුට වැඩ ගන්න.
Deleteඑල ද බ්‍රා මෙන්ඩ කියල තියෙන දේම තමයි මටත් කියන්න වෙන්නෙ.
ReplyDeleteපරණ ටික කියවන්න වෙලාවක් හදාගෙන එන්න වෙනව.
පිටිං ආපු පොරක් තමංගෙ ගමේ එකෙක් කිවුවම ඉතිං කාටද ආඩම්බර නැත්තෙ.
Praසන්ன මහත්තයෝ, ඔයාට මඟ ඇරිලා තියෙන්නේ නම් posts ටිකයි මගේ හිතේ.
Deleteගම- පළාත- රට- ජාතිය- වංශය- කුලය- ආගම- පක්ෂය වගේ ගොඩක් දේවල් මිනිසුන් අතර බන්ධන හදනවා නේද? ආදි ශිෂ්‍ය සංගම් බලන්නකො!
කතා පැවැත්වීම ගැන පරණ ලින්ක් එකටත් ගිහින් බැලුවා. දැන් නම් සමහර කථිකයො/ඉදිරිපත්කරන්නො සභාවෙ අවධානය ගැනීම කෙසේ වෙතත් සභාව එක්ක eye contact තියාගන්නෙවත් නැහැ. එක්කො ස්ලයිඩ්ස් බලාගෙන, එක්කො කොලේ බලාගෙන.
ReplyDeleteමේ ඉස්කෝල ප්‍රගති ගීතය ඉන්දියාවෙ ජාතික ගීයෙ මෙලඩි එක සහිතව නේද. අන්තිම verse එක කියවද්දි මට හිතුනෙම එහෙම. නිමල් දාපු ලින්ක් එකට ගිහින් අහන්න ඕනෙ හිමින්.
බදුල්ලෙ බාෂා විලාශයෙන් (?) ඒ අහලා තියෙන ප්‍රශ්ණ හරිම ආදරණීයයි.
Lotus, ඇත්තටම කථිකයෙකු සතුවිය යුතු මූලික ගුණාංග ගැනවත් ගොඩක් කතා පවත්වන අයට අවබෝධයක් නැහැ. ඒකට වන්දි ගෙවන්න වෙන්නේ අසාගෙන ඉන්න වෙන අයටයි.
Deleteඒ රහස් දන්නා අය 'හැඟීම් දඩමීමා කර ගනිද්දී' වැඩි දෙනා රැවටෙන එකෙනුත් අමාරුවේ වැටෙන්නේ අපි හැමෝමයි.
මේ ගීත දෙකම එකම රාගයක් ඇසුරු කරගෙන නිර්මිත වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන අහගන්නට මං දන්නෙ වලස්මුල්ලේ කිරම, සංගීතාචාර්ය ප්‍රියංකර කනක්කහෙට්ටිගේ මහතායි. එතුමාගෙන් අහලා ඒ ගැන කියන්නම්.
මම බදුල්ලට - බදුල්ලේ භාෂා විලාසයට එහෙම (අපේ සෝමා පුංචිට- කඩේ පුංචිට- අනෝමා නංගිට හා එයාලගේ කට්ටියටම කතා කරන්න) හරිම ආසයි තවමත්. ඒ කතාවල 'හලන්ත' (න් අකුරෙන්) හා 'ද' අකුරෙන් ඉවර වෙන ප්‍රශ්න නෑ.....ම වගෙයි. ලතාවකට- දිගට ඇදලා කියන ආ ශබ්ද වැඩියි!
අද කතාව, බොහොම පහසුයි කියවන්න. හොඳම කොටස අර බදුලු ඇක්සන්ට් එක😊, ලංකාවෙ එක එක පලාත්වල කතා විලාස වලට මම බොහොම කැමතියි, ඒත් වැඩිය දන්නෙ දකුණෙ කතාව ගැන විතරයි.
ReplyDeleteඔහෙ දන්නවැයි බස්ස මහත්තයො, ඒ අහ වුණත් දැන් ඒවා දොඩන කට්ටිය නැහැ නෙව.
Deleteකෝ ඉතින් කතාව , මාත් ඔය බදුල්ලෙන් ටිකක් එහාට වෙන්න හිටියා ඈ
ReplyDeleteඑහෙමද අජිත්? සතුටුයි බදුල්ල පැත්තේ බව දැනගන්න ලැබුණට.
Deleteකතාව මතක නෑ. යන්තං විතරයි මතක. අනෙක මෙච්චර කාලෙකට
මම කතාවක් එහෙම පිටින්ම ලියාගෙන කතා කරලත් නෑ. වචන විසිපහකින්- තිහකින් විතර කරුණු ටිකක් පෙළ ගස්වා ගන්නවා විතරයි. ඒකත් අවස්ථානුකූලව වෙනස් කරනවා... සභාවට ගැළපෙන විදිහට.
හැබැයි පැයක කතාවක් නං කරන්නේ පැය තුනකට-හතරකට සෑහෙන කරුණු එකතු කරගෙනයි යන්නේ.