කඳ සුරිඳුන් වහන්සේ මෙව්වා දන්නවාද කියන්නට; දිව්‍ය නේත්‍රා යුග්ම හයක් ඇති උන්නාන්සේට මේවා පෙනෙනවාද කියන්නට නං නොදන්නෙමි!
2024 ජුනි මාසයේ අන්තිම දවස් කීපයේ අප හිටියේ යුද්ධයකය.
අපේ ඒ යුද්දේ, ඒ දවස්වල කතරගම දේවාලයේ කපු මහත්වරුන් අතරේ හටගෙන තිබණු ‘මහා
යුද්ධය’ විදිහේ එකක් නං නොවේ. කපු උන්නැහේලා එහෙම සටන් වැදී උන්නේ උග්‍ර දේව
භක්තිය නිසාවෙන් නං නොවෙන හැඩය; ‘කාසි වඳවෙන’ කාලයක වාසිය හිමි කර ගන්නට වගේ
කියලාය මට හිතුණේ. ඒ තොරතුරු තිස්ස
රවීන්ද්‍ර පෙරේරා මාධ්‍යවේදියාණන් වාර්තාකොට තිබුණේ මෙහෙමය:
පෙරහර
කාලේ කෝටි හය හතක ආදායම බෙදා ගන්න තමයි මේ මරා ගැනිල්ල වෙන්නේ. බැතිමතුන් තමයි
තීරණය කරන්න ඕන... |
කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි
ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර
දේවාලයේදී පෙරේදා (30 වැනිදා) පස්වරුවේ ගැටුමක් ඇති වී තිබේ.
දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර මෙම ගැටුම
ඇති වී තිබේ.
මෙම මාසය බාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු
පරපුරේ උපුල් රත්නායක යන අය ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් වී තිබේ. තවද මෙම
පහරදීම සම්බන්ධයෙන් කතරගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කරන ලදී.
මේ සම්බන්ධව කතරගම පොලිසිය මගින් ගයාන් ආරාපක්ෂ නමැති කපුවා ඊයේ (01
වැනිදා) පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා හමුවට
ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර තිබේ.
පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින බවත්, පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතුවන
රුපියල් කෝටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම පවතින බවත් හෙළි වී ඇත. ‘පූජා
වට්ටියේ සම්පූර්ණ ආදායම කපු මහත්වරු ගන්නවා. ඒ මුදල බෙදා ගන්න බැරි වුණාම පෙරහර
සමයේ එක එක ගැටුම් හටගන්නවා’ යැයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ
ඩිල්ෂාන් ගුණසේකර ‘‘අරුණ’’ කළ විමසුමකදී පැවැසීය.
“කතරගම දේවාලයේ යතුර බස්නායක නිලමේ බාරයේ මෙච්චර කාලයක් තිබුණා. බස්නායක
නිලමේ මාස ගණන බෙදලා දුන්නා. මට ඉස්සෙල්ලා හිටපු බස්නායක නිලමේගෙන් කපු මහත්තුරු
යතුරු උදුරා ගත්තා. එයාට ගහලා නිලමේකමින් එලෙව්වා. මගේ කාලයේත් යතුරු උදුරාගත්ත.
මම ගැටුමකට යන්නේ නැතිව උසාවි ගියා. දැන් නඩුව උසාවියේ යනවා. එතකම් ඒ අය ඕනෑ
විදියට රාජකාරි බෙදා ගන්නවා. ඒ නිසා ඒ අය අතර ගැටුම් ඇතිවෙනවා. පෙරහර කාලේ කෝටි හය
හතක ආදායම බෙදා ගන්න තමයි මේ මරා ගැනිල්ල වෙන්නේ. බැතිමතුන් තමයි තීරණය කරන්න ඕන
මේ අයට ගහමරාගන්න මුදල් දෙනවද කියලා’’ යැයි බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර
වැඩිදුරටත් පැවැසීය.
‘පවුල් තුනකට කෝටි ගණන් වටිනා රන්,රිදී,මුදල් පූජා වට්ටියේ තබා නොදී මෙම
මුදල් පිළිකා රෝහලට හෝ ඉගෙන ගන්නා දිළිඳු දරුවන් වෙනුවෙන් පූජා කරන ලෙස’
බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව මෙම කපුවන්ගේ දූෂණයට එරෙහි රජයේ නිලධාරීහු ‘අරුණ’ට
පැවැසූහ.
මේ වංගියේ
පාද යාත්‍රාවේ යෙදුණු අපි: (වමේ සිට) තමීර, නෙවිල්, නමී, නිමල්, මර්වින්, අයස්මන්ත
හා ප්‍රියන්ත |
රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු රත්නායක පරපුර,ආරාපක්ෂ පරපුර, මුණසිංහ පරපුර යන පරම්පරා තුන කටයුතු
කරන අතර ඇසළ මංගල්‍යයේදී තේවාව ගැනීම සඳහා වසර ගණනක පටන් මෙම පරපුරවල් අතර ගැටුම්
පැවතුණ බව අනාවරණ වේ.
මෙම ගැටුම් හේතුවෙන් මෙවර පෙරහර කාලයේ පොලිසියේ සහයට ශ්‍රී ලංකා යුද
හමුදාවද කැඳවීමට බස්නායක නිලමේවරයා තීරණය කර ඇත.’
ඒ උන්නැහේලාගේ යුද්දේ ඇතිවී තිබුණේ පාර්ශව තුනක් අතරේ වුණත්, අපේ යුද්දෙට
හය දෙනෙක් මැදිවෙලා හිටියෝය.
දොස්තර අයස්මන්ත පීරිස්, මර්වින් බොතේජු, තමීර බෝගහවත්ත, නෙවිල් අනුරසිරි, නමින්ද
පරණගම හා නිමල් දිසානායක ඒ හයදෙනාය. මේ වතාවේ පාද යාත්‍රා ගමනට අපි හය දෙනාත්,
දෙබරවැවින් ප්‍රියන්ත ගුණසේකරත් යන්නටය සූදානම් වෙලා හිටියේ.
අයස්මන්ත- නෙවිල්- නිමල් තුන්දෙනා මීට කලින් 5 වතාවක් පාද යාත්‍රාවේ ගිහිං
තිබෙන අයයි. මර්වින් 4 වතාවකි. තමීර- ප්‍රියන්ත, නමී 3 වතාවක් මේ පා ගමන ගිහිං
පළපුරුදු උදවියයි.
“ඕන දවසක මම රෙඩි, ඩොක්ටර්.” ප්‍රියන්ත අපේ අයස්මන්තට කියා තිබිණි.
‘දවස් පහක් හරි හයක් හරි නිවාඩු ගන්නකොට කල්තියා කියන්න වෙනවනේ!’ තමීර- නෙවිල් සහ
නමී කියමින් සිටියහ.
“මචං, මට වුණත් ප්‍රශ්නයක් නැතුව නෙවෙයිනෙ. ලලිතා විතරයිනෙ ගෙදර... ඒ ගැනත් මොනව
හරි පිළිවෙලක් යොදන්න වෙනවනේ... ඒකයි හරියටම යන දවස දැනගන්න ඕනේ.” මර්විනුත් අයස්මන්තට
කීවේය.
“යකෝ, මම නෙවෙයි කුමනින් ගේට්ටුව අරින දවස තීරණේ කරන්නේ. මමත් පුළුවන් තරම්
මහන්සි වෙනවා හරියටම පාද යාත්‍රාව පටන් ගන්න දවස කවද්ද කියලා දැනගන්න. සැරයක්
කියනවා ජුනි 30 කියලා. ආයෙම කියනවා ජුලි 2 කියලා. පෙනෙන විදිහට යාල, කුමන, කතරගම
අය විතරක් නෙවෙයි දැන් ඔව්වා ගැන තීරණ ගන්නේ...” ඒ අයස්මන්තගේ පැත්තයි.
අවුරුදු සිය ගණනාවකට කලින් හිටය, පාද යාත්‍රා වන්දනා ගමන ඇරඹිලා තිබෙන්නේ.
ඒ දමිළ බැතිමතුන්ගේ කැපවීමෙනි. එයාලා මේ ගමන ගියාය කියන්නේ කැලේ කපාගෙන- කටු පඳුරු
අස්සෙන් රිංගාගෙන- මැකී ගිය අඩිපාරවල් පාදාගෙනය; ජීවිතේ පරදුවට තියලය.
2023 පාද යාත්‍රාවේ යෙදෙන අතරෙත් දෙදෙනෙකුට දිවි අහිමි විණි. වල් අලි ප්‍රහාරයකින්
හා නාග දෂ්ටයකින්...
ඒ කාලයේ වනජීවී -වන සංරක්ෂණ දෙපාර්තමේන්තු තිබ්බේ නැත. ප්‍රාදේශීය සභා-
පළාත් සභා තිබ්බේ නැත. ගෝනි කනක්කුවේ මන්ත්‍රී උන්නැහේලා උන්නෙත් නැත. ඒ නිසාමදෝ
පාද යාත්‍රාවේ යන උදවියට පහසුකම් සපයන කමිටු ආදිය තිබ්බෙත් නැත. නමුත් කතරගම ඇසළ
පෙරහර කෙරුණේය. පෙරහරට කප් සිටුවන විටම පාද යාත්‍රාව පටන් ගන්නා දිනය ගණන් බලා ගන්නටත් අර දමිළ බැතිමතුන්ට ඇහැක් වුණේය.
වතුර
බවුසරයක් එනකොටම මේ මිනිස්සු වතුර පුරවගන්න තියෙන කලබලේ... |
“ඔව්වයේ අගමුල හොයාගන්න කතරගම දෙයි හාමුදුරුවන්ටවත් බෑ මහත්තයෝ.
ඉස්සර නං කතරගම පෙරහරට දවස් දාහතරකට කලින් කුමන ගේට්ටුව ඇරියා, වන්දනාකාරයන්ට
යන්න. මේ සැරේ මුලින්ම කිව්වා ජුලි 2 ගේට්ටුව අරිනවය කියලා. ඒකත් වෙනදා වගේ උදෙන්ම
නෙවෙයි. දහයටද කොහෙද... එහෙම කරන්න ගියේ ඔය දේශපාලුවෙකුට සුබ පළ අත් වෙන්න නැකතක්
තිබ්බේ ඒ වෙලාවට නිසාලු කියලත් ආරංචියි.
එයාලාට සුබ වෙන්න වන්දනාකාර අපි පරිප්පු කන්න ඕනිද?
ඇයි මහත්තයෝ- හාල් තුනපහ, හට්ටි මුට්ටි වළන් සේරම උස්සගෙන උදෙන්ම ගමන පටන් ගන්න එක
නෙව කොයි කාගේත් පුරුද්ද. යාන්තං බිමට එළිය වැටෙනකොටම ගමන පටන් අරං, අව්ව පායනකොට
හෙවණක් යට නැවතෙන එක නෙව අපි මෙච්චරකල් කළේ.
දැන් දැන් ඒකටත් හෙනහුරා ලබලා. ගේට්ටුව අරින්නේ දේසපාලුවෝ ආවට පස්සේ. උන්නැහෙලා ඕනි
කෙනෙක් ආවාවේ... ඕනි විවුර්තයක් කර ගත්තාවේ. හැබැයි පරක්කු නොවී. එවුන් එන්නේ උන්ටෝනි
වෙලාවටනෙ... ඒකයි වැරැද්ද. එකෙක් දෙන්නෙක් හින්දා මේ දාස් ගාණක් අපි කරදරේ වැටෙන්න
ඕනිද?” පාද යාත්‍රාවේ යන්නට පැමිණ හිටි ඒ මනුස්සයා ගොඩාරියක් දේවල් දන්නා පාටය.
“අපිටත් මුලින්ම ආරංචි වුණේ ජුලි දෙක ගේට්ටුව අරිනවා කියලයි.”
“ඔතැනදී ලොකු කඹ ඇදිල්ලක් ගිහිං. නියම විදිහටම නං ජුනි 30 තමයි පාද යාත්‍රාව
පටන් ගන්න ඕනි කියලා කට්ටියක් කියලා. අන්තිම මොහොතේදී තමයි තිස්වෙනිදාට ගේට්ටුව
අරින්න තීරණේ වෙලා තියෙන්නෙ, මහත්තයෝ.”
“එහෙනම් ඒක තමයි මේ!”
“එක පැත්තක උදවිය ඒකට අකැමති වෙලත් තියෙනවලු. එයාලා කිව්වලු, මේ සැරේ වැඩි දෙනෙක්
පාද යාත්‍රාවේ එන විදිහයි පෙනෙන්නේ- පහසුකම් දෙන්න වැඩියෙන් මහන්සි වෙන්න වෙයි- ඒකට
ලැහැස්ති වෙන්න ඕනි නිසා දෙවෙනිදාටම ගේට්ටුව අරිමුය කියලා.
මේවා මෝඩ විහිලුනේ මහත්තයෝ. පහසුකම් කිව්වට ලොකුවටම කෙරෙන්නේ පාර දිගේ තැනින් තැන ලොකු
වතුර ටැංකි තියලා වතුර පුරෝන එක නෙව. මහත්තයල ගිය වතාවෙත් ආවද? ආවා නං දකින්න ඇතිනේ,
දෙවෙනි දවසේ මඩමේතොට ඉඳලා ළිං තුනට යනකොට වතුර තිබ්බද කියලා...
මහත්තයලටත් පේන්නැතිනෙ වතුර බවුසරයක් එනකොටම මේ මිනිස්සු වතුර පුරවගන්න තියෙන
කලබලේ...”
නිකමට
බලනවකො අර දෙමළ මිනිස්සු උස්සගෙන යන බඩු කන්දරාව. අපි වගේද? |
“අයියේ, ඔයා කවදද අපි ගෙනියන බඩු ලැයිස්තුව හදන්නේ...”
“මගෙන් අහන්නේ? නෙවිල්ගෙන් අහන්න. ගිය වතාවෙම මං කිව්වනේ- ආයෙම නං මම ලැයිස්තුව
හදන්නේ නෑ කියලා. මොකටද නිකං දොස් අහන්නේ.” මං කිව්වේ අමනාපයෙන් වගෙය. (ඒත් නඩේ
කට්ටිය මට දොස් නැඟීම සාධාරණය!)
පහුගිය පස් වතාවෙම අපි උස්සාගෙන ගිහිං තිබුණු හාල්- තුනපහ- එළවලු වගේ දේවල්
ගොඩාරියක් පාවිච්චියට ගැනුණේ නැත.
“දිසානායකට පුළුවනිද මචං හරියට වැඩක් කරන්න. දැන් බලපං... මේ යකා list එක හදලා ගත්තු
දේවල් ඔක්කොම උස්සගෙන යන ඕනේ අපිනේ. ඊළඟ සැරේ මම හදන list එකටයි බඩු ගන්නේ. එතකොට නිමල්
දිසානායකට පෙන්නන්නංකො තරුණ නායකත්වයේ වැඩත් කොහොමද කියලා...” ගිය වතාවේ ගමනේ
අන්තිමටම ඉතිරිවී තිබුණු චව්-චව් වගේ දේවල් කැලයට විසි කරද්දී නෙවිල් නෝක්කාඩු
කිව්වේය.
“ඔව්, ඔව්. නෙවිල් අයියා ඒ රාජකාරිය බාර ගන්න.”
“ඔන්න දැන්මම කිව්වා. දිසානායක- මගේ කකුලෙන් අදිනවා හෙම නෙවෙයි.”
“කකුලෙන් අදින්න මේ මම? නිකමට බලනවකො අර දෙමළ මිනිස්සු උස්සගෙන යන බඩු
කන්දරාව. අපි වගේද? ඔන්න දැන්මම කිව්වා, ඔයාලත් සාක්කි. ලබන සැරේ ගේන list එක
හදන්නේ නෙවිල්.”
මේ වංගියේ ඒ කතාව මතක් කළත් වැඩක් වුණේ නැත. “මේ නිමල් අයියේ, ඔයයි නෙවිල්
අයියයි ඕනි තරං වෙලාවක් රණ්ඩු කරලා හරි කමක් නෑ- අපිට list එක හදලා දෙනවලා.”
අයස්මන්ත මහත්තයා කිව්වාම? බැහැයි කියන්නද?
අනෙක ඒ සොච්චම් වැඩේ විය-පැහැදම්වලට විතරය මා උර දෙන්නේ.
නෙවිල්- මර්වින්- නමී- තමීර එහෙමත් ඒකට සම්මාදම් වෙන්නට හැදුවත් මං වහන්සේ ඒකට
ඉඩ දුන්නේ නැත.
ගමනට යාන-වාහන, නවාතැන්, පූජාවන් ආදී සේරටම බරපැන දරන අයස්මන්තත් බොහොමයක්ම ඒවා
කරන්නේ තනියමය!
“කොහොමද නෙවිල් අපි කෑම ලැයිස්තුව හදන්නේ- ඔයාලා තුන්දෙනා කීටෝ ඩයට් එකෙන්
යනවයි කියලනේ පීරිස් මහත්තයා කියන්නේ. අපි හතර දෙනාට විතරයිනෙ බත් උයන්න වෙන්නේ.
ඔයාලට මොනවද හදන්නේ?” ලැයිස්තුව හැදිල්ල පටන් ගන්නට කලින් සොයා විමසාගත යුතු කාරණයක්
මම නෙවිල්ට කිව්වෙමි.
“ඒකනේ, පීරාට බැහැයි කියන්න බැරි නිසයි මමත් මේ ටිකේ කීටෝ ඩයට් එකෙන්
යන්නේ. පේ වෙලා හින්දා මස් මාළු බිත්තර මොකුත් කන්නත් නෑ... කොයි වෙලාවේ හරි මාව කලන්තේ දාල වැටෙනවා... දෙහිවල
site එකේ බිල්ඩිම තට්ටු හතක්. හරිහමන් කෑමක් නැතිව ඉන්න අස්සේ තට්ටු හතක උඩ-පහළ
යනවා කිව්වම... පීරා කොහොම ඉස්පිරිතාලේ වැඩ කරනවද මංදා. තමීර ඔයාට මොනවත් කිව්වේ
නැද්ද?”
එකටම එක
ගමනක් යන... |
පාද යාත්‍රාව පටන් ගන්නා දිනයක් ගැන නිශ්චිතවම තීරණයක් නැතිව තිබෙද්දීය,
අයස්මන්ත මහත්තයා තවත් පර්යේෂණාගාර මීයන් දෙන්නෙකුත් එක්කලා ‘කීටෝ ඩයට්’ එකෙන්
යැපෙන්නට තීරණය කළේ. “නිමල් අයියටත් කරන්න පුළුවන් නම් හොඳයි නෙවිල් අය්යේ. කොහෙද...
මෙයා බත්ම ගිලිනවනේ...”
“අනේ අම්මේ, පුළු-පුළුවන් විදිහට මම කරන දවසකට පැය 16 උපවාසේ හොඳටම ඇති- අද
හෙට යන්ඩ ඉන්න මට ඔච්චර මැරෙන්ඩ බෑ!” කියමිනි මං වහන්සේ ඒ ‘යහපත් උගුලෙන්’
ගැලවුණේ.
කීටෝ ඩයට් එකේදී සිරුරේ ඇති මේදය ඉක්මනින්ම දහනය වෙයි.
Six Pack බොඩි එකක් හදා ගන්නට වෙර දරන නෙවිලුත්, සිරුරේ බර අඩු කර ගන්නට වෙහෙසෙන
අයස්මන්ත- තමීර දෙන්නාත් ‘පාද යාත්‍රාවේ’ යෙදෙන මුල් පැය 80 (අසූව) තුළත් Keto
ඩයට් එක අනුගමනය කරන බව අන්තිමේදී තීන්දු වුණේය.
“එතකොට තමුන්නාන්සේලාට කෑම එපා?”
“අපේ කෑම අපි බලා ගන්නං.”
“එහෙම කොහොමද? එකටම එක ගමනක් යන හත් දෙනෙක්ගෙන් තුන් දෙනෙක් නොකා ඉන්නකොට, අපි හතර
දෙනෙකුට විතරක් කන්න පුළුවන්ද යක්ෂයො?” මං කෝන්තර කිව්වේ, මගේ හිත වද කළ බැවිනි.
“නිමල් අයියේ. ඔයා ඒ ගැන වද වෙන්න එපා. දොස්තර මහත්තය ඒකට වැඩක් set කරලයි
තියෙන්නෙ.” තමිර කිව්වේය.
“මොකක්ද වැඩේ?”
“දැන් ඉතිං මෙයාට කියපල්ලකෝ සේරම විස්තරේ... යකෝ- අපිට කෑම වෙනම හදවාගෙන යනවා පොළොස්
ඇඹුලුයි, අඹ කරියකුයි, කෙසෙල් මුව බැදුමුයි, සුදුළූණු කරියකුයි, රටකජු බැදුමකුයි,
පොල් සම්බෝලෙකුයි.”
“දිසානායකට උයාගන්න වෙන්නේ තමුසෙලා හතර දෙනාට විතරයි.” නෙවිලුත් පීරිස් මහතාට
උඩගෙඩි දුන්නේ එහෙමය.
“මිනිහෝ, තමුසෙලාට බඩ යන්න පටන් ගනියි ඔව්වා ගෙනිහිල්ලා කෑවොත්. උයපු දවසේ
නෙවෙයිනෙ කන්නේ- පරණ වෙලානේ. කුමනයි, යාලයි දෙකේ තියෙන රස්නේ... ඔව්වා ඉක්මනටම නරක්
වෙයි!”
“හඃ හඃ හඃ! ඔන්න මචං- දිසානායක දන්න තරම. මිනිහා තවම ඉන්නේ බර කරත්ත යුගේ.”
“මේකගේ ප්‍රශ්න පත්තරේට උත්තර දෙන්න තමිරටම කියමු... පේනවනේ තමීර- ටිකක් කියලා මෙයාගෙන්
බේරෙන්න බැරි බව...
නිමල් අයියේ, ඒවා උයලා එක වේලකට ඇතිවෙන ඇතිවෙන විදිහට වෙන් කරලා- වැකුම් පැක්
(vacuum pack) කරලයි ගෙනියන්නේ. ඔය පිටරට ඉන්න අයට
යවන්නේ එහෙමනේ...” දොස්තර මහත්තයා කිව්වේ
උජාරුවෙනි.
පෙළක්
වෙලාවට අපේ පීරිස් උන්නැහේ පිෂ්ට වර්ගවල ජන්මාන්තර හතුරෙකු වගෙය! |
කෑම ලැයිස්තු හදන්නට සැරසෙනකොටම තමීර මට කිව්වේ ‘ස්ට්‍රින්ග්ස්’ එපා කියලාය. ගිය වතාවේත්
අරගෙන ගිය ස්ට්‍රින්ග්ස් හදන්නට ලේසිය!
“ඇයි- මොකෝ ස්ට්‍රින්ග්ස් එපා?”
“මම ඉඳියාප්පවලට කැමති නෑ. ඒකයි... වේල් දෙකක්ම හරි රොටි හදමු.”
තමීරගේ යෝජනාව ගැන මම අයස්මන්ත පීරිස්ට සිහිපත් කළෙමි.
“පැය 80කට පස්සේ රොටි බැරි නං ඕනි බම්බුවක්. බතුයි පිටි ජාතියි ඇරෙන්න
යුෂ්මතුන්ලට වෙන කන්න දෙයක් ඇත්තෙම නැද්ද හැබෑටම?” පෙළක් වෙලාවට අපේ පීරිස්
උන්නැහේ පිෂ්ට වර්ගවල ජන්මාන්තර හතුරෙකු වගෙය!
“මෙහෙමයි මචං- උඹලා දෙන්නයි මමයි ගමන පටන් ගන්න කලින් Ketones එකක් වෙන β hydroxy buterate බොන්න ඕනි.
එතකොට ඇඟේ muscle breakdowns වෙන්නෑ. මේ xකෝරිස්ලා බත් ගිලින වෙලාවට අපිට කන්න
පුළුවන්, අපි වැකුම් පැක් කරලා ගෙනියන උයපු කෑම. ඒවා සේරම non caloric foods!”
ගමනේ අන්තිම හරියේදී; කටගමුවෙදී secrets of nature චැනලයේ අනුරාධ හිතවතා
එක්කලා කෙරුණු සාකච්ඡාවලදීත් අයස්මන්ත මේ කීටෝ ඩයට් එක ගැන
ගොඩාරියක් විස්තර කියන්නට අමතක නොකළේය.
ගමනේ අන්තිම හරිය ගැනත් කියවුණාට මොකද, අපට ගමනේ මුල හරියට ආයෙම යන්න
වෙනවා.
හැබැයි මෙදා සැරේ ගමනේ විස්තර නං කියන්න වෙන්නේ අඩුවෙන්. මොකෝ දන්නවද?
හරෝහරා නමින් පාද යාත්‍රාව ගැන සීරීස් තුනක්ම ලිව්වනේ.
හරෝහරා නමින් posts 18කින් යුතු ලිපි
මාලාවක්,
හරෝහරා! හතරවෙනි සැරේටත්... මාතෘකාවෙන් කොටස් 6ක්,
හරෝහරා - පස්වෙනි සැරේටත්... කියලා කොටස් 7ක්... ලියල
තියෙනවා
අප්පච්චියේ- පාද යාත්‍රා ගැන එහෙම posts 31ක් ලිව්වට පස්සෙත් තව ලියන්න දේවල් ඉතිරි වෙනවයැ, නේද?
හැබැයි, ඉතිං අලුතින් සිද්ද වෙච්ච දේවල් තියෙනවනේ... ඒවා ලියන්නං. හොඳේ.
ඉස්සෙල්ලම ගෙනිච්ච බඩු. නෙවිල් අනුරසිරිගේ තරුණ නායකත්වය යටතේ හරි ගස්සපු බඩු
ලයිස්තුවේ තිබ්බේ හාල් කිලෝ දෙකයි, පරිප්පු 750යි, පාන් පිටි කිලෝ 1 ½ යි වගේ හින්නිකිතර දේවල් ටිකක්.
“මට නං ලජ්ජාවේ බෑ. හදිස්සියෙවත් වෙන නඩේක මනුස්සයෙකුට බත් කටක් දෙන්න
වුණොත් කොහොමද හලෝ දෙන්නේ මෙහෙම බඩු ගෙනිහිං?” මම නහයෙන් ඇඬුවෙමි...
à දෙවෙනි කොටසට...
නාමිකව හරි තිබ්බ මගේ දේව භක්තිය, නැත්තටම නැති වුනේ කෝවිඩ් කාලෙ. 🤔
ReplyDeleteහැබැයි බස්සා මහත්තයෝ, හුඟක් මිනිසුන්ගේ දේව භක්තිය- අදිසි බලවේග පසුපස යෑම වැඩි වෙන්නේ කොවිඩ් වගේ කාලවලදී නේද?
Deleteඅපි ඒ දවස් වල කියන්නේ - හරෝහරා ගෝවින්දා , ගෝවින්දගේ ගේ බින්දා කියල
Deleteඅර්ථ රසේ නිසා නෙවෙයි- ශබ්ද රසය නිසා....
Deleteහරෝහරා ගෝවින්දා
Deleteපිං කැටයත් උන් බින්දා
තට්ටෙත් පැලුවද මන්දා
දෛයන් වෙරි බිසි හන්දා
ඇදහිල්ලයි විස්වාසෙයි
තර්කයෙනුත් වැඩක් ඇතෙයි
මිනී මරයි සල්ලි ගරයි
කපුගෙ පුතා ඔක්කොම කයි
හරෝහරා ගෝවින්දා
Deleteදේවින්දගේ ගේ බින්දා
දේවාලේ කපු ගොයියා
ඒ දෙයියා කොහෙ මන්දා
හැම දේමත් අනියත නං
Deleteඋපන් සැවොම මැරෙනව නං
කොහොමද විතරක් දෙවියන්
අමරණීය- ප්රශ්නෙකි දැන්
හප්පේ... මේ ගමනනං ගමන පටංගන්නත් ඉස්සෙල්ලම කෑම ගැන. හැක්..
ReplyDeleteඒක නෙමෙයි අර නමියටත් ඩයට් කරන්න පුරුදු කළානං ඕකා කනේ ගහගෙන යන්න පුලුවං සයිස් එකට පොඩි කරගන්න තිබ්බ.
නමීට අලුතෙන් ඩයට් කරන්න දෙයක් නෑ Praසන්ன. අපේ නඩේ කට්ටිය පුදුම වෙලා ඉන්නේ එයා කන තරම ගැන.
Deleteඩයට් කරන්න ඕනේ ගෙදර නිකන් ඉන්නකොට නේද ? ඔය වගේ මහන්සියෙන් දවසම ඇවිදින ගමන් වලදී ඩයට් කරන එක අපරාදයක් නේ .. හෙහ් හෙහ් ..
ReplyDeleteමම ඩයටයක් කරලා මරු අඩව්වක් අල්ලල ඉන්නේ .. පස්සේ වෙලාවක ලියන්නම්කො ..
අඩේ ලියමුකො අන්න ඒක.🙏
Deleteහැමෝටම ප්‍රයෝජනවත් වේවි. හැමෝම ඩයට් කිරීම ගැන හොඳමයි කියන්නෙ. ඇයි ඒක එහෙම නොවෙයිද?🤔😯☹️
ඔව්වොව්, පැතුම් ලියමු. එතකොට තවත් පැත්තකින් ඩයටින් ගැන ලියවෙයි නේද බකුසුතුමෝ?
Deleteහැබැයි පැතුම් ඩයට් කරන්න ඕනේ ගෙදර නිකං ඉන්නකොට නම් නෙවෙයි- සිරුරට අවශ්‍ය තරමට වඩා ශක්තිය දෙන ආහාර ගන්නා විටයි. ඒ මට හිතෙන හැටි.
ඇත්තටම මේ ගමනේදී ඩයටින් කිරීම නං මාත් අනුමත කරන්නේ නෑ. තව විස්තර ඉදිරියේදී මගෙන් ලියවෙයි කියලයි හිතන්නේ.
දැනට මෙහෙම කියන්නම් .. ඔය ඩයට් හැම කෙනාගෙම ඇඟට එකම විදියට නෙමේ බලපාන්නේ .. මට ලැබුණු උපදෙසක් තමා ඩයට් කරනවානම් නිතර තමන්ගේ ඇඟේ සීනි මට්ටම එහෙම පරික්ෂා කරන්න කියන එක ..
Deleteමම හිතන්නේ නිදී ට නම් හිතවත් දොස්තර මහතෙක් ඉන්න හින්දා ගැටලුවක් නැහැ .. එයාගෙනුත් අහල බලන්න ..
කරන ඩයට් එකක් දොස්තර කෙනෙක් ගෙන් උපදෙස් අරන් කරන එක වැදගත් ..
ගොඩක් අය ගැස්ට්‍රයිටිස් හදාගෙන නතර කරනවා ..
සමහර අයගේ ලේ අඩු වෙන සීන් වෙනවා ..
වයසට යනකොට අපි නොදන්නා විදියට ඇඟ වෙනස් වෙලා තියෙන්න පුළුවන් නේ .. එකෙන් හැඟවිලා තියෙන ලෙඩ පත්තුවෙලා එන්නත් පුළුවන් ..
100 ට දෙසීයක් එකඟයි පැතුම්...
Deleteඑකකට විතරක් කියන්න දෙයක් තියෙනවා.
//ගොඩක් අය ගැස්ට්‍රයිටිස් හදාගෙන නතර කරනවා ..// කීම ගැන. අපේ අත්දැකීම නං නිවැරදිව fasting කරනවිට තිබුණු ගැස්ට්‍රයිටිස් පවා සුව වී යන බවයි.
මම මේ දවස්වල full try කරමින් ඉන්නේ අයස්මන්ත මහතා ලවා ඔය කරුණු ගැන ලියවාගන්න.
කෙල වෙන්නේ ඔය internet එකේ තියෙන එක එක වීඩියෝ බලලා කරන්න ගත්තම ..
Deleteමෙහෙමනේ පැතුම්, හරි තොරතුරු වගේම වැරදි තොරතුරුත් ඉන්ටනෙට් එකට දාන උදවිය ඉන්නවනෙ....
Deleteමගේ එක මිතුරෙක් හිටියා- දේශීය වෙදකම්, අත්බෙහෙත්, ආහාරවල ගුණාගුණ ගැන එහෙම posts fb එකට දමන. හැබැයි එයා ඒවා fb එකෙන්මයි හොයා ගන්නේ. එකක්වත් අත්හදා බලන්නේවත් නෑ.
This comment has been removed by the author.
Deleteහොඳ පොතක් තියෙනවා දොස්තර කෙනෙක්ම ලියපු. the Acid Watcher diet - Dr Jonathan Aviv මගේ ඇසිඩ් රිෆ්ලක්ස් ප්‍රශ්නෙයි ලාවට ගැස්ට්‍රයිටිස් නුයි සනීප කරගත්තේ මේකෙන්
Deleteඔත්තුවට ගොඩක් ස්තුතියි අජිත් මහත්තයෝ!
Delete//පෙරහර කාලේ කෝටි හය හතක ආදායම බෙදා ගන්න තමයි මේ මරා ගැනිල්ල //
ReplyDelete//කපු පවුල් කිරි වෙහෙරේ නායක හාමුදුරුවන්ටත් ගැහුවා//
හරෝ හරා!
හ්ම්...‘කීටෝ ඩයට්’ . ඇහැව්වමයි. බලමුකො ඊළඟ එකේදී මොකද වෙන්නෙ කියලා.
This comment has been removed by the author.
Deleteඔව් ඔව්, ඊළඟ කොටසත් බලන්නකෝ.
DeleteKeto diet risks
DeleteA ketogenic diet has numerous risks. Top of the list: it's high in saturated fat. McManus recommends that you keep saturated fats to no more than 7% of your daily calories because of the link to heart disease. And indeed, the keto diet is associated with an increase in "bad" LDL cholesterol, which is also linked to heart disease.
Other potential keto risks include these:
Nutrient deficiency. "If you're not eating a wide variety of vegetables, fruits, and grains, you may be at risk for deficiencies in micronutrients, including selenium, magnesium, phosphorus, and vitamins B and C," McManus says.
Liver problems. With so much fat to metabolize, the diet could make any existing liver conditions worse.
Kidney problems. The kidneys help metabolize protein, and McManus says the keto diet may overload them. (The current recommended intake for protein averages 46 grams per day for women, and 56 grams for men).
Constipation. The keto diet is low in fibrous foods like grains and legumes.
Fuzzy thinking and mood swings. The brain works best when the energy source is sugar from healthy carbohydrates to function. Low-carb diets may cause confusion and irritability.
Those risks add up — so make sure that you talk to a doctor and a registered dietitian before ever attempting a ketogenic diet.
Is a keto diet healthy?
DeleteIs the Keto Diet Safe? What are the Risks? - Chicago Medicine
The keto diet could cause low blood pressure, kidney stones, constipation, nutrient deficiencies and an increased risk of heart disease. Strict diets like keto could also cause social isolation or disordered eating. Keto is not safe for those with any conditions involving their pancreas, liver, thyroid or gallbladder
කවුරුත් මෙහෙ ඔය ඩයට් එක රෙකමන්ඩ් කරන්නේ නැහැ.
Deletehttps://www.bhf.org.uk/informationsupport/heart-matters-magazine/nutrition/ask-the-expert/keto-diet-weight-loss
ස්තුතියි අජිත් මහත්තයෝ. විස්තර හොයන්නන්.
Deleteඒ උනාට දොස්තර පීරිස් ඔය ඩයට් එක ගැන ඔයාට වඩා දන්නවා නේද
Delete@ Ajith Dharma
Deleteහැම දොස්තර කෙනෙක්ම හැම වෙලාම හරිද? මම කියන්නේ නැහැ මම හරියි කියල. මම පටන් ගන්න හැදුවම මගේ diatecian කීවේ කාබ්ස් අපට ඕනේ යම් ප්‍රමාණයක් ඒක නැති වුණාම සිරුර ෆැට් සහ ප්‍රෝටීන් භාවිතා කරන එක ඇත්ත. නමුත් හැම දෙයක්ම බැලන්ස් වෙන්න සිරුර evolve වෙලා තියෙන්නේ කියල. බත් කන් එක පාන් කන් එක අඩු කරන්න. සලාද පලතුරු වැඩිපුර කන්න. දැන් තියෙන විධිහට මස් කන විධිහ හොඳයි කියල මම. මාළු දින දෙකයි, කුකුල් මස් දවසයි හෝ දෙකයි , පෝක් සහ බීෆ් දවස බැගින් , එළවලු චීස් අඩිය සමග දවස් දෙකක් හෝ එකක් මාරුවෙන් මාරුවට . පාන් අඩු කලාට පස්සෙන් හේනේ හෙල්ති ගතියක් දැනෙනවා. තරුණ අයට කීටෝ ඩයට් එක ලොකු වුලක් නැහැ කියන එක තමයි අදහස. නිදි කියන්නේ මටත් වැඩිය වයස ඇති ඒ තරම් බර නැති කෙනක්. එයාට මොකටද කීටෝ ඩයට්
Deleteඅජිත් මහත්තයෝ, මේ කියන්නේ මගේ විශ්වාසය හා මගේ අත්දැකීම්.
Deleteලෝකයේ වැඩිම කාලයක් ජීවත්වී ඇති මල්ටිපල් මයෙලොමා රෝගියා ගෙවා තිබෙන්නේ අවුරුදු 14 ක්ලු. මට පසුව මේ රෝගයට ගොදුරු වුණු (මට වඩා ශක්තිමත් හා තරුණ) කීප දෙනෙක්ම නික්ම ගිය බව මම දැක්කා. මේ ගෙවෙන්නෙ මගේ 11 වෙනි වසරයි.
රෝගය නිසාත්, සමහර ප්‍රතිකාර නිසාත් මට ඇති වුණු අතුරු ආබාධ තමයි, මට නම් ගොඩක් බලපෑවේ. උදා: අස්ථි දිරා යාම.
මම හැකි හැම විටම පැය 16 ක් ආහාර ගැනීමෙන් වැළකී ඉන්නවා. ඒ වගේමයි හිතුණොත් ඒක නොකරත් ඉන්නවා.
පිළිකා සෛල ජීවත් වෙන්නේ රුධිරයේ සීනි තියෙනවා නම් කියන පදනමේ ඉඳලයි - මගේ පරෙස්සම සිද්ද වෙන්නෙ. මගේ නම් රෝගය ගොඩක් පාලනය වෙලා තියෙන්නෙ- දැනට.
(ඒ වුණාට මම ඔයාටත් වැඩිය වයසයි කියන විස්තර මොකටද කිව්වේ? ඒකට නං තරහයි. හා හ හා, හොඳේ.)
නිදි මේ කියන්නේ fasting සහ intermittent fasting ගැනනේ . ඒ කියන්නේ නොනගත කාලය වගේ අහර නොගෙන සිටීම. අපේ කතෝලික සහ මුස්ලිම් සහෝදරවරුත් කරන දෙයක්නේ. මමත් කරනවා. අද රෑ සහ ඊයේ රෑ මම කෑවේ නැහැ. සමර දවස් වල සැලඩ් විතරය්. සමහර විට උදේ කාල දවල් එක හෝ රෑ එක මිස් කරනවා. මේකයි keto diet එකයි දෙකක් නේ. fasting එක මෙහෙ දොස්තරලත් කියනව හොඳයි කියල කරන්න.
Deleteඅජිත් මහත්තයෝ- අපේ හාමුදුරුවරුන් වහන්සේලාත් (හරියට කරනවා නං) පැය 16 විතර උපවාසයක් කරනවා නේද? ඉර හැරුනට පස්සේ පහුවදා හීල් දානය තෙක් ගිලන්පස විතරයි නේද ගන්නේ...
Deleteඔයා හරි. මේක ක්‍රම තුනක්. මම කීටෝ ඩයටින් කරන්නේ නෑ. අනික් දෙක තමා....
අරාපක්ෂ කියන්නේ මීට කලින් අහලා තිබ්බෙම නැති surname එකක්, අපි අහලා තිබ්බේ රාජපක්ශ මිසක් අරාපක්ශ නෙමේ.
ReplyDeleteමම පැත්තකින් එල්ල ගෙන ඉන්න ෆෝම් එකෙන් මෙසේජ් එකක් එව්වා.ඒකෙ තියෙන නොම්මරේට වට්සැප් මෙසේජ් එකක් දාන්න හොදේ
@ මයියා
Deleteඔය මොන පක්ෂ කියලා නම දාගෙන හිටියට රාජපක්ෂ පවුලට ඕකේ හොඳම කොටසක් යනවා ඇති. නැතිවෙන්න විදියක් නෑ කතරගම කොහොමත් හම්බන්තොට පැත්තට කිට්ටු නිසා බේරෙන්න ලේසි වෙන එකක් නෑ ඉතින් 😄
නිකම්ම නෙවෙයිනෙ සම්ප්‍රදායවල් කඩලා පහුගිය කාලෙ නිලමේවරු හෙම පත් කෙරුවේ. කපු මහත්තුරුන්වත් එහෙම වෙන්ටති.
Deleteඇත්තමද කියලා නං මම හරියට දන්නෙ නෑ. මයියෝ, මේ තොරතුරු දන්න හිතවතෙක් මට කියු කතාවක්.
දේවාලයේ තිරය තුළට පූජා වට්ටි ගෙනියනකොට ඒකෙ ලොකු පඬුරු (පන්දාහේ කොළයක් කියමුකො) තිබ්බොත් හෙම ඒ කොළේ සැණෙකින් කපු මහත්තයෙක්ගේ සාක්කුවට යනවලු- පූජාසනය උඩින් තියන්න කලින්. ඒ පන්දාහේ කොළය වෙනුවට අර කපු මහත්තයාගේ සාක්කුවෙන් පන්සීයේ විතර කොළයක් පූජා වට්ටියට වඩිනවාලු. (දේවාලේ ඇතුළේ රාජකාරි කරන කපු මහත්තුරුන්ගේ සාක්කුවල පොඩි සල්ලි කොළ සූදානමින් තියාගේනලු ඉන්නේ ඔය හුවමාරුවට.)
පොත ගැන පණිවිඩය කිව්වට ස්තුතියි- මයියෝ!
"Selling religion is the easiest and most profitable business. Even mental-patients can do it without any risk."
ReplyDelete-- Pervez Hoodbhoy
//mental-patients//
DeletePra Jay මහත්තයෝ, ලංකාවේ හතර වටෙන් ඇවිත් දේවාලේ පූජාවල් තියන වෙලාවට ආවේශ වෙන දේව මෑණිවරු- පියවරු එහෙම දැකලා තියෙන කෙනෙකුට නම් ඔයාගේ comment එකේ කියන දේ ටක්කෙටම මතක් වෙයි!
“බැතිමතුන් තමයි තීරණය කරන්න ඕන මේ අයට ගහමරාගන්න මුදල් දෙනවද කියලා“ ඔය 'බැතිමතුන්' කරන ඔය වගේ තව වැඩක් තමයි බණ කියල ඉවර වුනාම, එහෙම නැත්නම් දානෙට වැඩියම envelopesවල දාලා හාමුදුරුවන්ට සල්ලි දෙන එක. මේ රටවල ලංකාවෙ හාමුදුරුවන්ට දෙන්නෙම සල්ලි. මම දන්න තරමින් western monks බහුතරය, විශේෂයෙන්ම අජාන් චා lineage එකෙන් එන හාමුදුරුවරු සල්ලි අතට ගන්නෙ නෑ. ඒ හාමුදුරුවන්ට ඕනෙ තරම් donations ලැබෙනවා, නමුත් හාමුදුරුවන් පෞද්ගලිකව සල්ලි පරිහරණය කරන්නෙ නෑ.
ReplyDeleteප්‍රසිද්ධ හාමුදුරුවරුන්ට කීය වියදම් කරලා හරි තමංගේ ගෙදර බණකට- දානෙකට වඩම්මා ගන්න අපේ බැතිමතුන් හරි ආසයි- ලෝබත් නෑ. එතකොටනේ Lotus මාස ගණනාවක් තිස්සේ පම්පෝරි ගහන්න හැකි 'අර උන්නාන්සේ තමයි අපේ ගෙදර බණට වැඩියේ' කියමින්.
Deleteඉතිං එහෙම දක්ෂ හාමුදුරුවරුන්ට ලොකු ඩිමාන්ඩ් එකක් නිකංම හැදෙනවා.
"අප්පච්චියේ- පාද යාත්‍රා ගැන එහෙම posts 31ක් ලිව්වට පස්සෙත් තව ලියන්න දේවල් ඉතිරි වෙනවයැ, නේද?" ඒ වුණාට නිමල් හැම වෙලේම අලුත් දේවල් එකතු කරලා රසවත්ව ලියනවනෙ. මේ සැරේ Ketogenic diet ගැනත් ලියන එක හොඳයි.
ReplyDeleteගොඩක් ස්තුතියි Lotus!
Delete@ නිදී
ReplyDeleteදෙයියො දේවාල මිනිස්සුන්ගේ හිතේ මවල ආශ්චර්යය ඔලුවට දමල තමන්ගේ මඩිය තර කර ගන්න හොරුන්ට කපුවො කියලා සල්ලි දෙන්නේ ඇයි? ඇත්තටම මේ විසිඑක්වන සියවසේ තුන්වන දශකය…. කණගාටුවට මේ හොරකම ලොකුම පන්සල්වලත් අටවගත්ත දේවාල හරහා ක්‍රියාත්මක වීම…. හොර චීවරයත් හවුල්කාරිත්වයේ. අනික වැඩිපුරම මේ දේවාල වලට රැවටෙන්නේ නීතිවිරෝධී ජාවරම් කරාට කර්මයට බය අපරාධ කරුවන් සහ මොකක් හෝ විසාල කරදරයක් තියෙන අය. චිත්ත ශක්තිය දුර්වල අය කොල්ලකෑමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ, කපුවෝ වගේම බස්නායක නිළමෙ කම ගන්න රාජපක්ෂ හොර පවුලටයි වෙන මැති ඇමතිවරුන්ටයි ප්‍රාදේශීය ලේකම්ලටයි වෙනත් රජයේ නිලධාරීන්ටයි දුන්නු ගතමනාව වගේ දස දහස් ගණනක් හොයන්න තමයි ට්‍රයි කරන්නෙ. කපුවන් සහ බස්නායක නිළමෙවරැන් එළවා දැම්ය යුතුයි.
රාජ්‍ය සේවා වර්ජන මේ දවස්වල සෑහෙන ලොකුවට කෙරෙනවා, මම හිතන්නේ මේ කතරගම ඇතුලු දේවාලවල ගසාකෑමට එරෙහිවයි මේ වගේ උද්ඝෝෂණ ව්‍යාපාර කරන්න ඕන එහෙම නේද? රජයේ සේවකයෝ තමන්ට පඩි ගෙවන්න රටේ ජාතික ධනය උත්පාදනය කරන බදුගෙවන පෞද්ගලික අංශයේ සහ ස්වයං රැකියාවල නිරත සාමාන්‍ය ජනතාවට මෙහම වධ දීමත් ඊටත් වඩා බරපතල අපරාධයක් නිදී මොකද මුලින්ම ජවිපෙ ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාර වල නායකයෝ ඇතුලු විශාල පිරිසක් බැහැලම වර්ජන ක්‍රියාත්මක කරන කොට බහුතර මධ්‍යම පාන්තික සහ පෞද්ගලික අංශ සේවකයන් වර්ජන වරට දැඩිව විරෝධය පළකර ඔවුන්ට තද විවේචන එල්ල වෙන කොට ඒ වර්ජන පැත්ත පලාතේ නොපැමිණ ෂේප් එකේ පැත්තක හිටපු පෙරටුගාමීන් එකපාරටම මැද්දට පැනලා මේක අපේ වැඩක් කියලා කියනවා, අනෙක පෙරටුගාමීන් කියන්නෙත් ජේවීපී එකෙන් කැඩිල ගිය පිරිසක් විදියට පෙනීසිටියාට ඔවුන් දෙගොල්ලොම මේ දවස්වල මොකක්හරි විදේශීය මෙහෙයවීමකින්දෝ කොහෙදෝ යටිබිම්ගත අන්‍යෝන්‍ය අවබෝධයකින් වැඩ කරනබව පේනවා. මාලිමාව නිල වශයෙන්ම නොකීවට වර්ජනයට බහුතර ජේවීපී අයත් උපරිම සහාය දෙන බව පේනවා අපි මාලිමාවට කියන අය වර්ජනය ගැන share කරන දේවල් වලින්
තමන් තව මාස 3 කින් දිනනවා කියලා දන්නවා නම් ජේවීපී නායකයන්ට පුලුවන් තමන්ගේ මාලිමා ආණ්ඩුවකින් ඔය වර්ජනය කරන අයගේ ඉල්ලීම් ලබා දෙන්න තව මාස 3කට පස්සේ. නමුත් ඡන්දෙ කට උඩ තියාලා ජවිපෙ වෘත්තීය සමිති වල ප්‍රධානත්වයෙන් රට පුරා වර්ජන මෙහෙය වීමෙන්ම ඔප්පු වෙනවා NPP එක දිනන්නේ නැති බව JVP නායකයො පවා පිලි ගන්නා බව, ඔවුන් කරන්නේ බොරු රඟපෑමක් බව බොහෝම ලස්සනට පේනවා.
ඊළඟට ඔය දේවාරූඪයෙන් කියවාගෙන යන කපුවෝ දකිනකොට මට මටත්වෙන්නේ අලි මංතර කියලා මොනොවදෝ කුණුහරුප ටිකක් දොඩවන සජිත් ප්‍රේමදාස සහ අර තොරතෝංචියක් නැතුව කයිවාරු ගහන පම්පෝරි දිනිතිව, මම හිතන්නේ දිනිති වල්ගමගේ තමයි බූරු සජියා පුතාණෝට ගැලපෙන අංක 01, ඒකිගේ බොරු පම්පෝරි බයිලා බූරු පුතානෝට හොදටම ගැලපෙනවා, අපරාදේ ජලනිව බැන්දේ. 😂🤣😂 ඒ වෙනුවට දිනිතිව කරගැහුවනම් පුතානෝ ගොඩ. අඩුමගානෙ ඇන්ටාක්ටිකාවෙි ජනාධිපති වෙලා ඇන්ටි පාරක් ගහගෙන ඉන්න එක හරි ඌට වෙන්න තිබුනා පම්පෝරි දිනිතිව සෙට් වුණා නම් 😂🤣😂
අපේ රටේ වැඩි දෙනා වර්ජන කරන්නේ- උද්ඝෝෂණ කරන්නේ හා ඒවාට සහභාගී වෙන්නේ තමාට රිදෙන දෙයක් වුණාම. රටේ යහපත වෙනුවෙන්- ප්‍රතිපත්ති වෙනස් කිරීම වෙනුවෙන් එයාල සටන් කරන්නේ ටිකක් අඩුවෙන්.
Deleteහුඟක් වෙලාවට අපිට ඕනි කෙටි කාලීන ප්‍රතිඵල. දිගු කාලීන ඒවා නෙවෙයි.
මයියෝ, මට පෙනෙන්නේ එහෙමයි. මං වැරදි වෙන්නත් ඉඩ තියෙනවා.
@ Ano 1.57 PM
Deleteලංකාවෙ වමේ පක්ෂ පැත්තට මිනිස්සු ටික ටික නැඹුරු වෙනකොට ටික ටික මිනිස්සුන්ට උන්ව එපා කරවන්නෙත් උන්ම තමයි. පණ අදින රටට ඇත්තටම හුස්ම දෙන්න ඕන වෙලාවෙ ලංකාවෙ වමේ හැත්ත කරන්නෙ උංට අයිති කාලකන්නි වෘත්තිය සමිති පාවිච්චි කරල පාලකයන්ට පාඩං උගන්නන්න කියාගෙන රටේ බහුතර අන්ත අසරණ පොඩි මිනිස්සුන්ව තව තවත් තලන එක. ලංකාව කියන රට ඔය තියන තැනට වැටෙන්න, ඔය රට කරවපු වලව් කාරයො රැලයි උංගෙ ඝට්ටැඹියො රැලයි කරපු හානියට සමාන හානියක් හෝ ඊටත් වඩා විශාල හානියක් ඔය රටට ඔය රටේ වාමාංශික කියාගන්නෙ මන්ද බුද්ධික බේසික පුතාල කරල තියනව. ලැජ්ජයි උඹල ගැන. උඹල උඹලගෙ ඉල්ලීම් දිනාගන්නෙ මේ වගේ පොඩි උන්ගෙත් ජීවිතේ ඇපේට තියලද බං??? රනිල්ල රාජපක්ෂල වගේම තමයි උඹලත් බං! උං මිනිස්සුන්ව වැට්ටුවෙ ආර්ථික අතින්. උඹල වට්ටන්නෙ මානසිකව. ඇහුවොත් තොපි අදහන්නෙ කාල් මාක්ස්ල, චේ ගුවේරල විජේවීරලා. බැලුවොත් තොපි ගාසා වල ඉන්න ළමයි ගැන කිඹුල් කඳුළු හලන ගමං ඉන්නෙ. හැබැයි පිටරට ළමයින්ට උණුවෙන තොපේ හිත් තමන්ගේ රටේ පොඩි එකෙක් වෙනුවෙන් උණු වෙන්නෑ!
තොපේ සමාජවාදෙ රෝල් කරල ගහගනිං පුk!
අද උදේ ඉදං රටේ මිනිස්සුන්ට අපහසුතා ඇතිවෙන විදියට වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගත්ත හැම රජයේ සේවකයෙක්ටම මේක කියන්නෙ.
"මිනිස්සුන්ට මේ දෙන වධහිංසන වලට තොපිට ලේ බඩ ගිහින් මැරෙන්න ඕන🙏 හෙනගහලා අකුලෝලම පලයව්, තොපි මෙහෙයවන දේශපාලන පක්ෂ වල නායකයොන්ටත් හෙණ හතම ගහපිය, තොපිට ශාප වේවා ශාප වේවා ශාප වේවා !!!"
ස්වස්ති සිද්ධම්!
Deleteනිමල් අයියේ,
ReplyDeleteඔයා මේ පෝස්ට් එකට ලිංක් දාලා තියෙන්නේ කොහොමද? Hyperlink නේද?
මට මෙන්න මේ කැප්ෂන් එක යටතේ මේ නිව්ස් එක ලිංක් කරන විදිය කියල දෙන්න පුලුවන්ද?
Caption
//මාලිමා සමුපකාරයේ පණුවන් ගසා කුණු වූ පරිප්පු තොගයක් සෝදා විකුණයි.. PHI වටලා මාලිමා මැනේජර් අත්අඩංගුවට..//
Link
/// https://lankacnews.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%b4%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b6%ab%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a/
//
Content;
//ජවිපෙ ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින සහ සමාජ මාධ්‍ය ජාල වල ජවිපෙ ජාජබ සාමාජිකයන් විසින් ජවිපෙ විසින් ලාබ ලබන තත්වයට පත්කරන ලද බවට පසුගිය මාස කීපය තුල සඳහන් කරන ලද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම සමුපකාර තොග ගබඩාවේ මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් සෝදා නැවත පරිභෝජනයට සුදුසු ලෙස බාල තෙල් සහ විෂ සහිත ඩයි වර්ග දමා පාටකර නැවත සකසන බවට ලද තොරතුරු මත එම ස්ථාන වටලා පරිප්පු කිලෝ 600ක් සමඟ තොග ගබඩාකරුවකු හා කළමනාකාරවරයෙක් අත් අඩංගුවට ගැනීමට පොල්පිතිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්හ.
පොල්පිතිගම හා මඩගල්ල සමුප තොග ගබඩාවේ තිබෙන පරිප්පු තොගවල ගුල්ලන් හා පණුවන් අධික ලෙස සිටින බවත් පාට ලා පාට වී ඇති බවත් මේ නිසා ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු නිසා ඉවත දැමිය යුතුය. එසේ තිබියදීත් ඒවා සෝදා අව්වේ දමා වියළා ඒවාට අධික ලෙස පිළිකාවෙන් ගති නිසා ආනයනය කිරීම පවා තහනම් කරන ලද යම් යම් රසායනික ද්‍රව්‍ය සහ විෂ සහිත ඩයි වර්ග යොදා පෙනුම සහ පාට වෙනස්කර නැවත පරිභෝජනයට ගැනීමට හැකිවන ලෙසට සමූපකාරයේ අධ්යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීම මත එම සමුපකාර නිලධාරින් කටයුතු කරන බවට ලද තොරතුරු මත පොල්පිතිගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජී.ජී.එන්.ඩී. ගමගේ මහතාගේ උපදෙස් මත පොල්පිතිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් එම ස්ථාන දෙක වටලා තිබේ.
ඔවුන් එහි යන විටත් පරිප්පුවලින් කොටසක් සෝදා අව්වේ දමා වියළන අයුරු දක්නට ලැබුණු බව එම නිලධාරීහු පැවසූහ.
“ජනතා විමුක්ති පෙරමුණු පාලනයක් යටතේ පවත්වාගෙන යන මේ සමුපකාර තොග ගබඩාවල තිබෙන පරිප්පු පරිභෝජනයට සුදුසු නැති බවට නිලධාරීන් ද පිළිගත්තා. නමුත් ඒවා සෝදා වියළන්නේ මිනිසුන්ට දෙන්න නෙමෙයි. ආපසු යැවීම සඳහා” බව එවිට ඔවුන් අපට පැවසුවා.එහෙත් එය කිසිසේත් පිළිගත නොහැකි අසත්‍ය ප්‍රකාශයක් බව අපට පැහැදිලි වුණා අදාල රසායනික ද්‍රව්‍ය ගම් වර්ග සහ ඩයි තොගය අත්අඩංගුවට ගැනීම සමග. ඒ අනුව පරිප්පු තොගය සමඟ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව වෛද්‍ය නිලධාරි ජී.ජී.එන්.ඩී. ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
– පොල්පිතිගම නන්දන කැලේගම//
//
මේක ලින්ක් එකක් දාන්න පුළුවන්ද? Hyperlink කරලා?
සජීව, Post එකක් දාන්න අප්ලෝඩ් කරන්න කලින්ම, මම නං හයිලයිට් කරන වචන කීපය වර්ණ ගන්වන වැඩෙත් කරලා links එහෙමත් එතැනම paste කරගෙනයි වැඩේ පටන් ගන්නේ.
ReplyDelete1. New post උඩින් click කරන්න. මුළු ලිපියම copy paste කරන්න.
ඒ ලිපියට උඩින් තියෙන post settings තීරයේ වම් පැත්තේ සිට තිබෙන ලකුණු එකින්-එක උඩ මවුස් එක තියමින්, එවිට කියවෙන දේ බලමින් එන්න.
2. insert or edit link ලකුණට ආවාම එය උඩින් click කරන්න. එවිට කොටුවක් විවෘත වේවි.
එහි උඩින් ම තිබෙන්නේ Text to display කියලයි.
දෙවෙනියට තිබෙන්නේ Paste or search for a link කියලයි.
කොටුවේ යටින්ම දකුණු කෙළවරේ ඇති Apply කියා වචනයක්. ඒවා හොඳින් මතක තියා ගන්න.
ලින්ක් එක යොදන්නට අවශ්‍ය වචන ලිපියෙන් තෝරාගෙන ඒවා මත මවුස් එක ගෙනියන්න. ඊළඟට පෙර කී insert or edit link ලකුණ මත click කරන්න. හරියටම වැඩේ කෙරිලා නං අර කොටුව විවෘත වුණාම Text to display තීරුවේ ඔයා තෝරාගත් වචන කීපය සටහන්ව තිබෙන හැටි දැකගන්නට පුළුවනි.
ඊළඟට අදාළ link එක copy කරගෙන Paste or search for a link තීරුවේ paste කරන්න. එවිට Apply වචනය රතු පාටට හැරිලා තිබේවි. එය උඩින් click කරන්න. එච්චරයි!
සජීව, මට මේක කියලා දුන්නේ ‘කොළොම්පුරේ අඩවියේ’ අසංග රණසිංහආරච්චි හිතවතා ටෙලිෆෝනයෙන්. මම තාක්ෂණික වචන නොදන්නා ගොබ්බයෙක් නිසා ඔයාට මේ විස්තර ලියන්න වුණේ මං දන්නා විදිහටයි; හොඳේ.
comment දමද්දී links යොදන හැටි මං තවම දන්නෙ නෑ.
ඔය පාද යාත්‍රා සීන් එක එයාලා බරටම අදහනව නේද. මඩු ඩියුටි ගිය වෙලේ හුඟක් අය සෙට් වුණා ජැෆ්න ඉඳං පවා පයින් එන. ඒත් ජැෆ්න දිහ ඉදං කතරගං යන අය බැලුවම ඒක ලොකු දුරකුත් නෙවී. ඒත් කොච්චර හයියක් තියෙන්න ඔනද.
ReplyDeleteඅනික අර කටු සෙල්ලම. දැක්කත් ඇඟ හිරි වැටෙනව. ඒත් රිදෙන්නෙ දැනෙන්නෙ නැ කියන්නෙ කෝමද මංද
දෙමළ බැතිමතුන් අදහන්නේ පාද යාත්‍රාවේ යද්දී මැරුණත් සැපයි කියලා.
Deleteගොඩ දෙනා මේ ගමන පටන් ගන්නේ යාපනේ කෝවිල්වල සිට, කතරගම පෙරහරට දවස් 45කට කලිනුයි මහේෂ්.
කටු සෙල්ලම ගැන අහල - කියවල තිබ්බට වැඩිය සජීවී විස්තර මම දන්නෙ නෑ මහත්තයෝ.
මුහුණු පොතේ පෝස්ටුවක තිව්න...
ReplyDelete'අපි කපුවො හරහා දෙයියන්ට බාර වෙනව. කපුවො ලෝයර්ල හරහා උසාවියට බාර වෙනව' කියල!
සහතික ඇත්ත නේන්නං නමී!
Deleteනිමල් අය්යේ මම නම් දෙවියෝවත් පුනර්භාවයවත් විස්වාස කරන කෙනෙක් නෙවෙයි. ඔයවගේ ගමනක් ගියොත් යන්නේ පරිසරය විදින්න තමයි...(කපුවෝ සල්ලි බෙදාගන්න බැරුව ගහ ගන්නවා කියපු එකට ලිව්වේ)
ReplyDeleteලලිත් මහත්තයෝ,
Deleteදෙවියන් සහ පුනර්භවය පිළිබඳව මට යම් විශ්වාසයක් තියෙනවා.... දැඩි විශ්වාසයක් නෙවෙයි. දෙවියන් ගැන මගේ මතය මම මීට කලින් ලිව්වා post එකකදී. වෙලාවක් තියෙ නම් ගිහිං බලන්නකෝ.
හරෝහරා! - නවවෙනි කොටස https://nidigepanchathanthare.blogspot.com/2019/09/blog-post_34.html