ඊළඟ පැය දෙක තුනේ මගේ ප්‍රධාන රාජකාරිය වුණේ අපේ අම්මා සමීපයෙන්ම ගැවසෙන එකය; එයා අමුත්තන් හා කතාවකට මුල පුරනකොටම එතැනට හොම්බ දමන එකය; හැකිතාක් ඉක්මනින්ම අම්මාව නිස්සද්ද කරවන එකය!
ඒක ‘පොකුටු මයිල් ගහක් කෙලින් කරන්නැයි
යකෙකුට පැවරුණු රාජකාරිය’ට
වඩා අමාරු එකකි! එහෙම කියමිනි, මං වහන්සේ පසුගිය post
එක හමාර කළේ.
![]() |
බිමල් සහ සමන්ති දෙදෙනා එකතුව- දීපාල්ට, නිදිට, අජිත්ට හා අම්මාට
වෙඩින් කේක් කවද්දී... |
පැයක් විතර යද්දී අම්මාට ‘මගේ පලිහ ඇල්ලීමේ රාජකාරිය හෙවත් මුවා කිරීමේ රාජකාරිය’
ගැන ඉව වැටිණි.
“ඔයා මොකද රංජි, කවදාවත් නැතුව වලිගෙ වගෙ මගේ
පස්සෙන්ම කැරකෙන්නේ?” අන්තිමේදී අම්මා කෙලින්ම ඇහුවාය.
“අම්මට පිස්සුද...”
“මට ඇති පිස්සුවක් නෑ. හැබැයි ඔයාල හිතාගෙන ඉන්නේ නං එහෙමයි කියල. මං දැක්කා... මං
දැක්කෙ නැහැයි කියලද ඔයා හිතන්නේ... මං ගිහිං බිමල්ලගෙ නෑදෑයෝ එක්ක කතා කරනකොට සමන්තිගේ
මූණ නරක් වෙනවා. මගේ ඉංග්‍රීසි හොඳ නැති එකට ඔයාලට ලජ්ජයිද... ඒකද ඔයාත් ඔත්තු බල
බලා මගේ පස්සෙන් එන්නේ... එව්වට නං එන්න එපා, පුතේ. මට හිතුණොත් මං ගිහිල්ලා අර මයික්
එකක් ඉල්ලගෙන ඔක්කොමලටම ඉන්ග්රීසිවලින් ස්තුති කතාවක් කරලයි පස්ස බලන්නේ.”
ඇත්තම කියන්න එපැයි. අම්මා එහෙම කියද්දී නං මං
තක්බීර් වුණා. අපේ අම්මා එහෙව් දෙයක් වුණත් කරන්නට බැරි අම්මණ්ඩියෙක් නොවේ. මට
කරන්නට ඉතිරි වී තිබ්බේ ‘සාර්ථකව පසු බැසිල්ල’ය. එහෙම කරලා වැඩි වෙලාවක් යන්නට කලින්
‘නව යුවතිපති යුවල’ මංගල භෝජනය භුක්ති විඳින්නට සැරසෙන බැව් පෙනිණි.
![]() |
අම්මාගෙන් හා ඩැඩාගෙන් නව යුවලට ආසිරි සුපැතුම් සමඟ... |
එතකොට අපේ ඩැඩායි මායි හිටියේ අතරමඟින් නවත්තන්න
වෙච්ච සංවාදේ ආපහු පටන් අරං. ‘සද්දෙටත් වැඩිය නරක දෙයක් තව ටිකකින් you
can see!’ කියලා
ඩැඩා මට කිව්ව කතාවෙ අගමුල දැනගන්නයි මට වැඩියත්ම ඕනි වෙලා තිබ්බේ.
“That is nothing නිමොල්. But for me it’s a
really horrible thing. උඹ මීට කලින් ඉන්දියන් වෙඩින් එකකට ගිහිං තියෙනවද? නෑ...
එහෙනං අද උඹටම බලා ගන්න පුළුවන් වෙයි. උඹේ අලුත් ඉන්දියන් රිලටිව්ස්ල ඔක්කොම
එන්ජෝයි කරන්නෙ food නෙවෙයි. Ghee!” ඩැඩා පැහැදිලි කළේ උපහාසාත්මකවය.
“ගිතෙල්! ඒ වුණාට ඩැඩී, Sam වුණත් cooking කරද්දී වැඩිය ඔයිල් use කරන්නේ නැහැනෙ.”
“එහෙමද? ඒත් නිමොල්- අද මෙහෙ කෑම උයල තියෙන්නේ
සෑම් නෙවෙයිනෙ!”
“සැසිල්... අපිත් අරහෙට යමුද, කන්න දෙයක් බෙදා
ගන්න... මට නං බඩගිනිත් එක්ක.”
දෙවෙනි වතාවටත් ඩැඩාගේත් මගේත් කතාවට ‘උදැල්ල’ වැටුණේ අපේ අම්මාගෙනි.
“උඹට බඩගිනි වෙන එක පුදුමයක්යැ ලීලා. Samලට වැඩිය අද බිසි වෙලා ඉන්නේ උඹනෙ. එක
වැඩක්ද. අමුත්තන්ට කතා කරන්නයි- Dance කරන්නයි... උඹනෙ ඉතිං මෙතන මදර් සුපීරියර්!
හඃ හඃ හඃ!!”
![]() |
රජවරුන් ගොඩ දෙනෙකු රටම කන අතරේ අනේකවිධ කෑමවලිනුත් මොනොවට සංතර්පණය
වී තිබෙයි! |
පව්!
කවර දවසක- කවුරුන්- මේ පූච්ඡානං ‘රැජන කතන්දරේ’ අපේ අම්මාගේ ඔළුවට දැම්මාදැයි අපි
නොදත්තෙමු. එහෙත් අප ස්ථිරවම දැනගෙන උන්නේ අම්මා මිය යන තුරුමත් ‘ඒ බොරුව අදහාගෙන
සිටි විත්තිය’යි.
එක අතකට අපේ අම්මා වැනි ‘නූගත්’ අංගනාවක එහෙම
වීමේ පුදුමයකුත් නැත.
එවන් බොරු වර්ණණා අසන්නට රුචි කරන; ඒවා අදහන; ඒවායින් තමනුත් රැවටී මුලාවේ වැටී
සිටින උද්ධච්ඡ උගතුන්- නායකයන් පවා මේ සිරි ලංකාවේ අදත් අඩු නැති බැවිනි!
ඉතිං අපේ අම්මාට තිබුණු ඒ අධිමානය නිසාම එයා
කිසි විටෙකත් දෙවෙනි වෙන්නට අකැමැති වූවාය.
“අපි මොකටද පරක්කු වෙන්නේ... යමු, යමු සැසිල්. නැත්තං මම ඔයාට කෑම එකක්
බෙදාගෙන එන්නද?”
“මොකද්ද ලීලා උඹට මේ තියෙන හදිස්සිය... Can’t you see. There are plenty of foods!
කෑම මදි වෙයි කියල බය වෙන්න එපා.”
ඇත්තය. ඩැඩා කියන්නේ ඇත්තය.
කෑම මේස පොඩි නැත. යායක් දිගට ඒ මේස විහිදී තියෙයි. ඒ මේස මත දුම් දමමින් තියෙන්නේ
පත ආහාර කන්දරාවක් අඩංගු බඳුන්ය; රාජ භෝජනයක් පරදවන තරමේ ආහාර වර්ග රාශියක් එතැන
වෙයි.
එතකොටය මතක් වෙන්නේ...
රජවරුන් ගොඩ දෙනෙකු රටම කන අතරේ අනේකවිධ කෑමවලිනුත් මොනොවට සංතර්පණය වී තිබෙන බව. (ඒ
ගැන අපූරු සඳහනක් fb පිටුවක තිබිණි.)
‘... බත්වඩන නිළමේ නොහොත් මුලුතැන්ගෙයි ප්‍රධානියා බෙහෙත්ගෙයි මුහන්දිරම්ගේ පණිවුඩයට
පසුව රජුගේ දිවා භෝජනය ගැන සැලකිලිමත්ව ඊට සුදුසු නුසුදුසු ආහාර වට්ටෝරු සකසයි. බොහෝවිට
දෛනිකව උදෑසන හය හෝ ඊට ආසන්න වේලාවක සිට දිවා ආහාරය සැකසීම අරඹයි. බත් වර්ග හතක්,
මස් මාළු වර්ග තිහක් සහ කොළ එළවළු වර්ග තිහක් ද, කැවිලි වර්ග පනස් පහක් ද, ගිතෙල්
වෙඬරු හෝ කිරි ආශ්රිත ආහාර ද, ඖෂධීය ශාක වර්ග ඇසුරින් සකසන ලෙය්‍ය වර්ග ද, හීනටි හාල්
අතුරුපස ද, කිරි පැණි ද, බුලත් විට ද ඇතුළත්ව රාජ්‍ය දිවා භෝජන වට්ටෝරුව සැකසේ.’
![]() |
කඩේ පුංචිගේ මඟුල් පෝරුව හදල තියෙන්නෙත් ඔයාලගේ තාත්තාලු. |
ගිතෙලින් නහවා; යහමින් කුළුබඩු එකතුකොට සකස් කර
තිබූ නමුදු ඒ කෑම ප්‍රනීත බව නං නොකියා බැරිය.
ඩැඩා නම් බෙදා ගත්තේ කුකුළු මස් කැබැල්ලකුත්, සැලඩ් ටිකකුත් වගෙය මට මතක.
මතකය...!
මතකය පහුරු ගාමින්; අවුස්සමින් මේ posts ලියද්දී හැංගිලා තිබුණු අපේ පවුලේ තොරතුරු
සමහරකුත් එළියට එයි. ඒවාත් ලියා තියන්නට හිතෙයි. නිමල් දිසානායකයාගේ පවුලේ විස්තර
ලියන්නට වෙනින් කවුරුන්වත් නැති බැවිනි ඒ.
අම්මාගේත්, සෝමා පුංචිගෙත් මංගල මල් කලඹවල්වලට
පාවිච්චි කර තිබුණු මැඩෝනා ලිලී මල් ගැන වැඩි විස්තර මට කිව්වේ අනෝමා නංගිය.
‘නොදෙන්න හිටි රන් පදක්කම’ පෝස්ටුවෙදී
කියූ ලෙසින් අපේ තාත්තා උපායශීලී අයිඩියානන්ද කෙනෙකු වූවාට අමතරව දක්ෂ කලාකාරයෙකුත්
වුණු විත්තිය මට අවධාරණය වූයේ අනෝමා නංගිගේ හෙළිදරව්වෙනි.
“රංජි අයියා, ලොකු තාත්තා නියම වැඩකාරයෙක්
කියලා අපේ අම්මා කිව්වා. අම්මලගේ වෙඩින් බොකේ එක විතරක් නෙවෙයිලු රංජි අයියලගෙ
තාත්තා හැදුවේ. ගමේ පිරිත් ගෙයක් තියෙනකොට පිරිත් මණ්ඩපේ හැදුවෙත් එයාලු. මඟුල්
ගෙදරක් තියෙනකොට පෝරුව හැදුවෙත් එයාලු. ඔයා දන්නවද? කඩේ පුංචිගේ මඟුල් පෝරුව හදල
තියෙන්නෙත් ඔයාලගේ තාත්තාලු.”
![]() |
එකේක්කෙනාගේ ඔළුවලින් කොණ්ඩ කටු හා net ගලවා එකතු කරගෙන මනාලියගේ
කොණ්ඩා මෝස්තරය දමන්නට සිද්ද වුණේ. |
මේ කඩේ සීයාගේ ලොකු පුතණ්ඩියා විවාහ වෙන දවසේය;
මට කිසිම සූදානමක් නැතිව- එකේක්කෙනාගේ ඔළුවලින් කොණ්ඩ කටු හා net ගලවා එකතු කරගෙන
මනාලියගේ කොණ්ඩා මෝස්තරය දමන්නට සිද්ද
වුණේ.)
“ඔව් රංජි පුතා! කඩේ නංගිගේ පෝරුව හරිම
ලස්සනයි. බදුල්ලේ ඒ වගෙ පෝරුවක් අපි නං දැකල තිබ්බේ නෑ පුතා. මඟුල් ගෙදරට ආව
මිනිස්සුන්ගේ ඇස්වහ වැදිලද කොහෙද ගුණපාල අයියට සහලවල උණ ගත්තයි කියමුකෝ. ඒ සන්දියේ
කඩේ බාප්පා තමයි මතුරලා තෙල් සාත්තුවක් කරලා උණ බැස්සුවේ.” සෝමා පුංචිත් අපේ කතාවට
සම්මාදම් වුණාය.
”අනෝමා නංගි. මට මතකයි කඩේ පුංචිලගේ ගෙදර
එයාලගේ මඟුල් ෆොටෝ එක තවම තියෙනවා. ඔයාට බැරිද ඒකෙන් කොපියක් ගහල එවන්න.”
දවසක් යන්නත් කලින් ෆොටෝ එකේ පිටපතක් මගේ ළඟය!
ස්තුතියි අනෝමා නංගි. ඒත් එක්කම නමීටත් ගොඩක් ස්තුතියි!
නමීට ස්තුති කරන්නේ මේ හිංදාය: එයාගේ වැඩ
රාජකාරි දාහක් මැද්දේ- අපේ කඩේ පුංචිලගේ මංගල ඡායාරූපය AI තාක්ෂණයෙන් කලඑළි කර
දුන්නේ නමී උන්නැහෙය.
මංගල සාදේ ඉවර වෙලා අපි ගෙදර ආවේ රෑ මැද්දේ. එතකොට 1994 අගෝස්තු පළමු වෙනිදත් වෙලා. හරියට නින්ද ගියාද කියලවත් නොදැන හීනලන්තයේ අතරමංව ඉඳිද්දී... මහ හයියෙන් කවුද දොරට තඩි බාන සද්දේ ඇහුණා.
“ලොකූ!” දීපාල්ගේ
සද්දේ...
“ලොකූ... ලොකූ. Call for you!”
නිඳි මරල ඉන්න දවසේ කව්ද යකඩො ටිකක් දවල් වෙනකල් නිඳා ගන්නවත් නොදෙන්නේ...
ඉතිරි හරිය ඊළඟ කොටසින්...
'94 අගෝස්තු මමත් ලන්ඩන් වල කෙන්සින්ටන් පැත්තේ නතර වෙලා හිටියේ . දන්නේ නැහැනේ ඉතින් . ඔය වෙඩිම ගත්තේ පාම් ඔලිව් එකේ ,(වෙම්බ්ලි වල ඒ කාලේ තිබ්බ ටැමිල් රෙටුරන්ට් එකේ නෙම්යිනේ )
ReplyDeleteno, it was at C&L Country Club off A40 near Polish War Memorial Northolt
ReplyDeleteආ ඔව් , ලියල තියනව ඒක . ස්තූතියි . ඒක ටිකක් ලොකු වෙඩින් හෝල් එකක් නේ . ගොල්ෆ් ක්ලබ් එක නේ ද
Deleteඇයි හත්වලාමෙ, කෝච්චියක් යන්න ඉඩ තියෙන්නත් එපෑයෑ?🤔
Deleteනිකං කෝච්චියක් නෙවෙයි බකුසුතුමෝ. නැටුම් කෝච්චියක්.
Deleteඅජිත් ධර්ම මහත්තයයි- Ano මහත්තයයි දෙන්නටම ස්තුතියි!
Deleteබිමල්, සෑම්, පොඩි නගා සහ කඩේ පුංචි ජෝඩුව එහෙමත් ඒකාලෙ ලස්සන කට්ටිය නෙව? ඩඩා ගැන නං පැහැදුනා. Her Majesty ලීලාගෙ "මව්වත්කම" ගැන නිදි කියපු දේ දැන් තේරෙනවා.
ReplyDeleteමට කල්පනා වෙන්නේ බසු, අපේ අම්මා ඇතුළු- මගේ වටේ හිටපු සහ ඉන්න උදවිය කොච්චර විචිත්‍රවත් උදවියද කියලා. ඒ නිසායි නිදිගෙ පංච තන්තරේට මෙච්චර දේවල් ලියන්න තියෙන්නේ.
Deleteඅද කොටසත් බොහොම හොඳයි. කටු-බටු නෑ, නියම රාත්තල.👌💐😁
ReplyDeleteකෝල් එක එන්න ඇත්තෙ, ඔහෙගෙ සයිඩ්-කික් එකෙන් වෙන්ටෑ?😋
Deleteකටු බටු නෑ?
Deleteකටුවක් දෙකක් තිබ්බමයි මස් රස වෙන්නේ.
කෝල් එක ආවේ... එක්කෝ ඊළඟ කොටසෙන්ම කියන්නං.
Deleteපුංචි ගෙදර මට රජ මාලිගාව වගේ / UK
ReplyDeleteස්තුතියි බසු!
Deleteඑංගලන්තයෙ අපේ ගෙදර මෙච්චරවත් ඉඩ හා බඩුමුට්ටු තිබ්බේ නෑ. ඒ කාලෙනේ.
මම මේ කියන්න යන දේ හොඳ නෑ, මොකද කොයි විදිහෙ හෝ ගෙයක් තියෙන එකට අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕනෙ. හැබැයි මට නම් UK වල මේ වගේ එකම විදිහෙ පොඩි කොටු කොටු ගෙවල් එක පෙලට දකින එක depressing. (මම දන්නවා ඒවා ඓතිහාසිකව වටිනවා කියලා, ඒවගේම ඒ ගෙවල් ලස්සනට තියාගෙන ඉන්නවා කියලා. නමුත් මගේ පෞද්ගලික අදහස ඒක).
Deleteවැල්කම් ටු එංග්ලන්ඩ්
Deleteකියන්න යන දේ හොඳ නෑ කියල කිව්වත් Lotus, ඔයා කියන කතාවට මමත් එකඟයි. එකම වගෙ ගෙවල් රොත්තක් එක විදිහට දකින්න මමත් කැමති නෑ.
Deleteහැබැයි එයාල ඒ ගෙවල්- පුංචි ගෙවතු ලස්සනට තියාගෙන ඉන්නවා නම් තමයි.
ආයෙමත් ස්තුතියි බකුසාණෙනි- මේ link එකටත්...
Delete@ බස්සා
Deleteඔයා කියන කතාව ඇත්ත, එංගලන්තය විතරක් නෙවෙයි ගොඩක් දියුණු සංවර්ධිත රටවල මිනිසුන්ගේ ආදායම් මට්ටම ලංකාවට සාපේක්ෂව ටිකක් ඉහළ වුණාට ඒ අයගේ වත්කම් සීමිතයි.
මේ ගැන සමාජ මාධ්‍ය ජාල වල පහුගිය දවස්වල විස්තර කළා වසන්ත සමරසිංහ සහ නන්දලාල් වීරසිංහ වගේ අය සතු අධික වත්කම් බ්‍රිතාන්‍ය වගේ අතිශය ධනවත් රටවල පවා 97% කගේ විතර වත්කම්වලට වඩා වසන්ත සමරසිංහ වත්කම් උපයාගෙන තිබෙන බව සමහර අය පෙන්වා දී තිබුණා, මතක හැටියට බ්‍රිතාන්‍යය තුල සාමාන්‍ය පුරවැසියෙකු සතු වත්කම පවුම් ලක්ෂයක් පමණ, එක්සත් ජනපදයේ ඒක ඩොලර් 192 000 ක් පමණ, නමුත් සුලු පිරිසක් සතු අතිවිශාල ධනය නිසා ඒක පුද්ගල ආදායම ඉතාම ලොකුවටම පේනවා ඒකයි අවුල එහෙම නේද?
අපි උපදින්නත් දශක දෙකකට පමණ පෙර 1977 දී ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවට නැගුණු ජූනියස් රිචඩ් ජයවර්ධන නම් වූ නායකයා, රටේ පැරණි ආර්ථික හා දේශපාලන පදනම එක රැයකින් කනපිට පෙරළා දැමූ වාස්තු විද්‍යාඥයා විය. ඔහු විවෘත ආර්ථිකය නම් වූ දොරටුව විවර කර, රට නව මාවතකට යොමු කළ අතර, ඔහුගේ ගමනට එරෙහි වූ බලවේග අතර ප්‍රමුඛතමයා වූයේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නිර්මාතෘ රෝහණ විජේවීර යි.
මෙම නායකයන් දෙදෙනා අතර වූ සම්බන්ධය හුදෙක් සතුරා සහ ප්‍රතිවාදියා යන සරල රාමුවට සිර කළ නොහැකිය. එය දෙබිඩි සෙල්ලමක් විය.
විනිශ්චයකාරයා සහ බිල්ලා
විජේවීර, 1960 දශකයේ අගභාගයේ සිටම ජේ. ආර්. ගේ දේශපාලන දර්ශනය සහ ඇමරිකානු ගැති ස්ථාවරය පිළිබඳව දැඩි සැකයකින් පසුවිය. ඔහුගේ 'පැරනොයිඩ් චින්තනය' (සැක සහිත මනෝභාවය) විසින් ජේ. ආර්. නිරතුරුවම 'බිල්ලෙකු' බවට පත් කළේය. 1970 න් පසු ජේ. ආර්. ඇමරිකානු හමුදාවේ සහායෙන් ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි හෝ ඇමරිකානු නාවික බලඇණිය ත්‍රිකුණාමලයට පැමිණෙනු ඇතැයි ඔහු පුන පුනා කීවේය. 1971 කැරැල්ලේදී පවා, තරුණ කැරලිකරුවන්ගේ මනසට ජේ. ආර්. ගේ අඳුරු සෙවණැල්ල ඇතුළු කිරීමට විජේවීර සමත් විය.
කෙසේ වෙතත්, ජේ. ආර්. ට විජේවීරගේ සැබෑ ස්වභාවය අවබෝධ නොවීය. ඔහු සිතුවේ විජේවීර යනු, 1970-77 කාලයේ බලයේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායක රජයට පහර දීමට යොදාගත හැකි 'උපකරණයක්' පමණක් බවයි. 1977 බලයට පැමිණි ජේ. ආර්., විජේවීර ඇතුළු 71 කැරැල්ලේ සිරකරුවන්ට නිදහස ලබා දුන්නේ, තම දේශපාලන සතුරා වන සිරිමාවෝට පහර දීමටත්, ඒ අතරතුර විදේශ විනිමය චෝදනා ලත් තහා, මුක්තාර් සහ හයිඩ්රාමනි වැනි තම හිතවතුන් බේරා ගැනීමට CJC කොමිසම අහෝසි කර 'එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු' බා ගැනීමටත්ය.
'ජේ. ආර්. මරමු' කියන සයි ඔප්ස් යුද්ධය ගැනත් කිව යුතුයි
ජේ. ආර්. ගේ අනුග්‍රහය මත මුල් කාලයේ සිරිමාට පහර පිට පහර දුන් විජේවීර, ක්‍රමක් ක්‍රමයෙන් ජේ. ආර්. ගේ බලාපොරොත්තු කඩ කරමින් 'පීලි පැන්න' විජේවීර කවදාවත් ජේ. ආර්. විශ්වාස කළේ නැත. මේ නොවිසඳුණු සැකය අවසානයේදී පුපුරා ගියේ 1987-89 භීෂණ යුගයේදීය. ජවිපෙ තහනම් කිරීමෙන් පසු, ඔවුන් ආයුධ අතට ගෙන මිනිසුන් ඝාතනය කිරීමට සහ දේශපාලන ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය.
මෙම අරගලයේදී, ජවිපෙ ගෙන ආ "ජේ. ආර්. මරමු" නම් වූ සටන් පාඨය, හුදෙක් සටන් පාඨයක් නොව, 'Psy Ops' (මනෝවිද්‍යාත්මක මෙහෙයුමක්) විය. පාර්ලිමේන්තුවේදී ජේ. ආර්. දෙසට ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එය තහවුරු විය. මෙම නිරන්තර ප්‍රහාරය ජේ. ආර්. ගේ මානසිකත්වය පවා බිඳ දැමීමට සමත් විය.
අන්තිම කාලය වන විට, තම පක්ෂයේ දෙවැනියා වූ රණසිංහ ප්‍රේමදාසගේ බලවත් තර්ජන හමුවේ, ඔහුට පුටුව ප්‍රේමදාසට පවරා දී නිහඬ වීමට සිදු විය.
"ජේ. ආර්. මරමු" යන සටන් පාඨය 'මැටෆොරිකලි' (රූපකාත්මකව) ගත් විට එහි අර්ථය වන්නේ ජේ. ආර්. ගේ ආර්ථික ක්‍රමය පරාජය කරමු යන්නයි. විජේවීරගේ දර්ශනය වූයේ, ජේ. ආර්. කපන ලද විවෘත ආර්ථිකයේ 'පාර' සම්පූර්ණයෙන්ම වසා දැමීමයි.
එහෙත්, ඉරණම කෙතරම් හාස්‍යජනකද යත්, වර්තමානයේ විජේවීරගේ දේශපාලන උරුමය රැගෙන යන ජවිපෙ ජාතික බලවේගය සහ විජේවීරගේ දරුවන්ට පවා ගමනට සිදුව ඇත්තේ, එදා ජේ. ආර්. කැපූ විවෘත ආර්ථිකයේ සහ ගෝලීයකරණයේම පාරේයි
ජේ. ආර්. ජයවර්ධන ස්වභාවික හේතු මත 1996 දී මිය ගිය නමුත්, "ජේ. ආර්. ඒ අර්ථයෙන් ගත්තම තාම ජීවතුන් අතර" යි.
ඔහුගේ දේශපාලන දර්ශනය, ආර්ථික ක්‍රමය සහ ලංකාවේ ව්‍යවස්ථාමය පදනම තවමත් රටේ රුධිර නහර මෙන් ක්‍රියාත්මක වේ. මේ අනුව, දේශපාලන පසමිතුරුකම්වලින් ඔබ්බට ගිය, විජේවීර සහ ජේ. ආර්. අතර වූ ගැටුම, අවසානයේදී ජේ. ආර්. ගේ දර්ශනය අදටත් ජයගෙන ඇති බව පෙනේ.
විවෘත ආර්ථිකේ ගෙනාපු එක හොඳ දෙයක් වුනත්, ජේ. ආර්. කලෙත් ණයටම කාපු එක මිසක් දර්ශනයක් තිබ්බද කියල දන්නෙ නෑ ඇනෝ. විජේවීරගෙ දර්ශනය ක්‍රියාත්මක වුනා නං ලංකාවත් තවත් කියුබාවක් වෙන්න ඉඩ තිබ්බා කියලයි හිතෙන්නෙ.
Delete@ බස්සා , ඔබතුම හොඳින් අහන කෙනෙක් නිසා ලියන්න හිතුන . ඇත්තටම එංගලන්තයේ හැම ගෙවල් 42 කින් එකක් මිලියන් එකක් විතර වටිනවා . එංගලන්තයේ වැඩි හරියක් මින්සුන්ට ඉන්න ගෙවල් අයිතියි . ලන්ඩන් වලසාමාන්‍ය කාමර තුනේ ගෙයක් පවුම් ලක්ෂ හතරහමාරට වැඩියි . සාමාන්‍ය ෆ්ලැට් එකක් පවුල් එක් ලක්ෂ පනස්දාහක් වෙනවා . 47% අයට ගෙවල් හිමියි . ඉතින් එයාලා ට අනිවාර්යයෙන් පවුම් ලක්ෂයකට වඩා වත්කමක් තියනවා .
Delete@ Ano 2.31
Deleteඔය කියන JR ගේ පාලනයේ හොඳ සහ නරක යන දෙකම තියෙනවා, මට පෞද්ගලිකව ඔහු රට පාලනය කරන කාලයේ අත්දැකීම් නැතත් ඒ පිළිබඳව මගේ අධ්‍යනය අනුව මෙහෙමයි
JR පාලනය ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ආරම්භ කළ අතර, එය රටේ ගමන් මඟ සදහටම වෙනස් කළා.
සුභවාදී ප්‍රතිඵල
ආර්ථික වර්ධනය සහ ආයෝජන: රාජ්‍ය පාලනය යටතේ තිබූ ආර්ථිකය විවෘත කිරීම නිසා විදේශ ආයෝජන (Foreign Direct Investment - FDI) ආකර්ෂණය වූ අතර, රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය විය.
රැකියා උත්පාදනය
නිදහස් වෙළඳ කලාප පිහිටුවීම මගින් දහස් ගණනකට රැකියා අවස්ථා උදා විය. විදේශ රැකියා සඳහා දොරටු විවෘත වීමෙන් විදේශ විනිමය ගලා ඒමද වැඩි විය.
මහා පරිමාණ ව්‍යාපෘති
සමගි පෙරමුණ රජය යටතේ මන්දගාමීව පැවති තිස් වසරක දිගුකාලීන මහවැලි ව්‍යාපාරය වේගවත් කර කෙටිකාලීන කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ විය.
අසුභවාදී ප්‍රතිඵල
අසමානතාවය සහ සමාජ විරෝධය සමග විවෘත ආර්ථිකයේ ප්රතිලාභ අසමාන ලෙස බෙදී යාම නිසා සමාජ ආර්ථික විෂමතා සහ පන්ති අරගල තීව්ර විය. මෙය 1980 දශකයේ අගභාගයේදී ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දෙවන කැරැල්ල දක්වා වර්ධනය විය.
බලතල ඒකරාශී වීම සමග බධගතු විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් බලතල අධික ලෙස ඒකරාශී විය, එමෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳ විවේචන සහ අධීක්ෂණය දුර්වල විය.
ජාතිවාදී ගැටුම් උග්රවීම
වසර 1983 කළු ජූලිය වැනි සිදුවීම් හරහා ජාතිවාදී ගැටුම් උත්සන්න වී, අවසානයේ දශක ගණනක් පුරා පැවති යුද්ධයක් දක්වා වර්ධනය විය.
ඔහුගේ පාලනය, රටේ ආර්ථික දොරටු විවෘත කළ නායකයා ලෙස ඉතිහාසයේ රැඳී සිටියද, ඔහුට එම විවෘත කිරීමේ දේශපාලන හා සමාජීය ප්‍රතිවිපාක පාලනය කිරීමට නොහැකි විය.
ඊළඟට ඔබ බ්‍රිතාන්‍යය ගැන විස්තර කතා කළ නිසා බ්‍රිතාන්‍යයේ වත්මන් ආර්ථික තත්ත්වය ව්‍යාජ සෞභාග්‍යයේ බිඳ වැටීමක්
පෙර කී ලංකාවේ විවෘත ආර්ථිකයේ අර්බුදමය තත්ත්වයන්ට මුහුණ දුන්නා සේම, වර්තමානයේ ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් වන එක්සත් රාජධානිය ද පෙර නොවූ විරූ ආර්ථික අසීරුතා රැසකට මුහුණ දෙමින් සිටී. මෙම අර්බුදය, එහි පුරවැසියන්ගේ දෛනික ජීවිතයට බරපතල ලෙස බලපා ඇති අතර, අපරාධ ඉහළ යාම සහ නිවාස අහිමිවීම වැනි දරුණු සමාජ ගැටලු නිර්මාණය කර ඇත.
මූල්‍ය දුෂ්කරතා සහ සමාජ අර්බුද, දරිද්‍රතාවය සහ අඩු වත්කම් සමග
බ්‍රිතාන්‍යයේ පවතින ආර්ථික අසමානතාවය සහ ඉහළ උද්ධමනය හේතුවෙන් බොහෝ දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටිති.
ඔයා කී ලෙසම "House of Commons Library" වාර්තා සහ අනෙකුත් විශ්ලේෂණ අනුව, බ්‍රිතාන්‍ය ජනගහනයෙන් 96% කට ආසන්න පිරිසකගේ ශුද්ධ වත්කම පවුම් ලක්ෂ පහකට වඩා අඩුය (Source: Office for National Statistics - ONS, House of Commons Library analysis of Wealth and Assets Survey).
මෙම සංඛ්‍යාලේඛනය, අතිශය සුළුතරයක් අතේ ජාතික ධනය සංකේන්ද්‍රණය වී ඇති ආකාරය පෙන්වා දෙයි.
හොරකම් අධික ලෙස ඉහළ යාම ජීවන වියදම් අර්බුදය (Cost of Living Crisis) හේතුවෙන් ජනතාව ආර්ථික පීඩනයට ලක්වීමත් සමඟ, ලන්ඩන් වැනි නගරවල හොරකම් සහ සුළු අපරාධ සිදුවීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත (Source: Metropolitan Police Service data/ONS Crime Statistics). ආර්ථික දුෂ්කරතා, මිනිසුන්ව අපරාධ වෙත තල්ලු කරන බවට මෙය කදිම සාක්ෂියකි.
නිවාස අහිමිවීම (Homelessness): බ්‍රිතාන්‍යය තුළ නිවාස අහිමි වූවන්ගේ (Homeless) සංඛ්‍යාව ඛේදජනක ලෙස ඉහළ යමින් පවතී. නිවාස සඳහා ඉල්ලුම ඉහළ යාම, ඉහළ යන කුලී සහ රජයේ නිවාස ප්රතිපත්තිවල දුර්වලතා හේතුවෙන්, දහස් ගණනක් මිනිසුන්ට ස්ථිර නිවහනක් නොමැතිව ජීවත් වීමට සිදුවී ඇත (Source: Shelter, Crisis UK - වාර්තා).
මෙම තත්ත්වය, ලෝකයේ ධනවත්ම රටක් යැයි සැලකෙන එක්සත් රාජධානියේ පවතින සමාජ සාධාරණත්වයේ බිඳවැටීම මනාව පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ වෙනස් ආර්ථික පරිමාණයන් වුවද, ජේ. ආර්. යුගයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අසමානතාවයේ සහ ආර්ථික පීඩනයේ ප්‍රතිවිපාකවලට සමාන සමාජ අර්බුදයකට බ්‍රිතාන්‍යය ද මුහුණ දීමෙන් පෙනී යන්නේ, නිසි ලෙස පාලනය නොකළහොත්, විවෘත ආර්ථිකයන් තුළ සමාජ සාධාරණත්වය කඩා වැටීමේ අවදානමක් නිරතුරුවම පවතින බවයි. ඒ නිසා ලංකාවේත් මහබැංකුව ඇතුලු ප්‍රතිපත්ති ආර්ථික සහ මූල්‍ය තීන්දු තීරණ ගන්නා විශේෂඥ දැනුම තිබෙන නිලධාරීන් මේ පිළිබඳව ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කළ යුතු අතර නිරන්තරයෙන්ම දේශපාලනඥයන් මේ ගැන දැනුවත් කර අවශ්‍ය තීන්දු තීරණ ගැනීම පිණිස කටයුතු කළ යුතුයි.
අජිත් ස්තූතියි වැඩි විස්තර වලට. අනිත් හැමෝටමත් ස්තූතියි සාකච්චාවට.
Delete@Chanaka Langappuli
ඔබගේ විග්රහයේ වැඩි කොටසකට එකඟ වෙනවා. ඒත් "ආර්ථික දුෂ්කරතා, මිනිසුන්ව අපරාධ වෙත තල්ලු කරන" කියන කොටසට එකඟ පාර්ශවිකවයි. ඒත් රජයේ සහනාධාර මත යැපෙමින්, කවුන්සිල් ෆ්ලැට් වල ජීවත් වෙන ගමන් ඉලෙක්ට්‍රික් ස්කූටර් වලින් මොබයිල් ෆෝන් හොරකමේ යන සරණාගත කාළවර්ණ කස්ටියකුත් ඉන්නා බවයි මට පෙනුනේ. නියෝ-නාට්සීගේ මහජන ජනප්‍රියතාවයට මේවත් බලපානවා ඇති.
Ano, අජිත් ධර්ම, චානක, බස්සා මහත්වරුන් හැම දෙනාටම ස්තුතියි, හොඳ සාකච්ඡාවකින් අපව දැනුවත් කිරීම වෙනුවෙන්
Delete@ බස්සා
Deleteඑංගලන්තේ නම් කල්ලෝ විතරක්ම නෙමෙයි වැඩිපුර හොරකම් කරන්නේ, සුද්දන් පවා පල් හොරු.
ඒ විතරක් නෙවෙයි ලන්ඩනයේ සංචාරයක දී මගෙන් පාසල් යන ලාබාල සුදු ජාතික ගැහැණු දරුවෙක් aggressive විදියට සිගරට් ඉල්ලුවා මම දුම් පානය නොකරන නිසා යන්තම් හොඳින් කතා කරලා ෂේප් වුණා. තව අතුරු පාරකදී පොඩි සුදු කොල්ලෙක් ඌට බඩු ටිකක් ගන්න ඕන කියල සල්ලි ඉල්ලුවා මම කෑෂ් නෑ කාඩ් විතරයි කිව්වාම ඌ මට සූපර් මාකට් එකකට යන්න කතා කළා, ඒ සැරේ මට ඌට බෑ කියන්න බැරි වුණ නිසා ඌ මගේ දත ගැලෙව්වා.
ලන්ඩනයේ හොරකම් සහ අපරාධ ගැන කතා කරනකොට ගොඩක් අය මුලින්ම ඇඟිල්ල දික් කරන්නේ කළු ජාතික මිනිස්සුන්ට. හැබැයි ඇත්ත කතාව ඊට වඩා සංකීර්ණයි.
ලන්ඩන් ජනගහනයෙන් වැඩිම පිරිස සුදු ජාතික අය නිසා, සංඛ්‍යා ලේඛනවලට අනුව ගණනින් වැඩිම අපරාධ කරන්නේ සුදු ජාතික පුද්ගලයින්. ඒක තමයි ඇත්ත කතාව.
එතකොට ඔයා අහයි ඇයි කළු ජාතිකයන්ට නිතරම වරද පටවන්නේ කියලා? ඔතන
ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක. කළු ජාතික ප්‍රජාව ඉන්නේ ගොඩක් වෙලාවට දුප්පත්කම සහ සමාජ අවස්ථා අඩු ප්‍රදේශවල. ඒ නිසා, ජීවත් වෙන්න විදි නැති වුණාම සමහර තරුණ අය අපරාධවලට යොමු වෙනවා. ඊට අමතරව, පොලිසිය කළු ජාතිකයන්ව විශේෂයෙන් ඉලක්ක කරගෙන සෝදිසි කිරීම් (Stop and Search) කරන බවට චෝදනා තියෙනවා. මේ නිසා, සුළු වරදකට වුණත් කළු ජාතිකයන් අත්අඩංගුවට පත්වෙන ගාන ඉහළ යනවා. එතකොට මිනිස්සු හිතන්නේ "කළු අය තමයි අපරාධ කරන්නේ" කියලා. ඒක අර සමාජ අසාධාරණය නිසා ඇතිවෙන පීඩනයක්.
ලන්ඩන් වල යනවා නම් ඔයා iPhone (iOS26) compatible ලාබ චීන Bluetooth airpods සෙට් දෙකක් වත් අරගෙන ඒවායේ එකක් බැගින් වරකට කණේ ගහගෙන ඒවා Bluetooth කනෙක්ට් කරලා ෆෝන් එක පුළුවන් තරම් ඇතුලට වෙන්න සඟවා තබාගෙන යන්න
ෆෝන් එක ආරක්ෂා කරගන්න විදිය ගැන තවත් මගේ අත්දැකීමෙන් මෙහෙම ලියන්න පුළුවන්
මේ හැම කතාවක්ම එක්ක ලන්ඩනයේ සංචාරයකදී අපිට වැදගත්ම දේ තමයි ජංගම දුරකථනය ආරක්ෂා කරගැනීම. මොකද, ලන්ඩනයේ වීදිවල හැමදාම වගේ සිද්ධ වෙන ප්‍රධානම හොරකම තමයි ෆෝන් හොරකම.
මේකෙන් බේරෙන්න සරල දේවල් ටිකක් කරන්න පුළුවන්:
සඟවලා තියාගන්න: පාරේ යනකොට, විශේෂයෙන් සෙනඟ වැඩි තැන්වල, ෆෝන් එක අතේ තියාගෙන යන්නේ නැතුව පොකට් එකේ හෝ බෑග් එකේ හොඳට සඟවලා තියාගන්න.
ප්‍රසිද්ධියේ පාවිච්චි නොකරන්න: බස් හෝ දුම්රිය නැවතුම් පොළවල් වගේ තැන්වලදී ප්‍රසිද්ධියේ කතා කරන එක හෝ ෆෝන් එක බලන එක පුළුවන් තරම් අඩු කරන්න. හොරු මුලින්ම බලන්නේ අවධානය වෙනතකට යොමු වෙලා ඉන්න අය දිහායි.
අංකය ලියාගන්න: ෆෝන් එකේ තියෙන IMEI අංකය වෙනම ලියාගෙන තියාගන්න. ෆෝන් එක හොරකම් වුණොත් පොලිසියට පැමිණිලි කරන්න ඒ අංකය අත්‍යවශ්‍යයි.
අපරාධ කරන්නේ ඕනෑම ජාතියක අය වුණත්, අපි හැමෝම පරිස්සම් වෙන එක තමයි වැදගත්ම දේ.
ඒ අතින් බලන කොට ලංකාවේ පිටකොටුවේ පදික වේදිකාවල ප්‍රසිද්ධියේම පොඩි කෙල්ලෙක්ට අලුත්ම iphone 17 pro max එකක් Galazy Z fold 7 වගේ ඕන එකක් අරගෙන බය නැතුව ටීක් ටෝක් කරන්න තාම පුළුවන්. ඒත් තව ටික කලකින්ම ඒ තත්ත්වය ලංකාවත් ලන්ඩන් වගේ කරයිද දන්නේ නෑ අපේ මාලිමා අයියලා 🤣 ඊට පස්සේ පොරටෝක් දෙයි අපි කොළඹත් ලන්ඩන් නුවර වගේ දියුණු කරා කියලා, කතාවත් ඇත්ත නේ ඉතින් 🤣
සමන්ති ගොඩක් ලස්සනයි. ඩැඩාත් හොඳ හැන්ඩියෙක් නේද. නිමල්ගෙ පවුලෙ හැමෝම ගුඩ් ලුකින්ග් (touchwood).
ReplyDeleteෆොටෝස් විග්රහ කරන එක හොඳ නෑ; නමුත් පලවෙනි හා දෙවෙනි ෆොටෝස්වල බිමල්ගෙ ශරීර භාශාවේ පොඩි වෙනසක් පේනවා නේද? and අම්මා is "grinning like a Cheshire cat" 😍.
නිමල්ගෙ තාත්තා හදපු ඒ මඟුල් පෝරුව නම් හරිම ලස්සනයි 👍
රූමත් ජානය අපේ අම්මලාගේ පරම්පරාවෙන් එන්නේ.
Deleteඔයා කියපු කාරණය මං ඊයේ රෑසමන්තිගෙන් ඇහුවා- මටත් එහෙම පෙනුණු නිසා. Lotus දන්නවද එතකොට සමන්ති කිව්ව දේ. 'බිමල් හරිම ලජ්ජයි ෆොටෝවලට ඉන්න. බලෙන්ම තමයි ෆොටෝස්වලට තියා ගත්තේ. අනෙක ලොකූ, ඒ කාලෙත් ෆොටෝග්‍රැෆර්ලා අපිව එක එක පෝසස්වලට හිටව හිටවා වද දෙනකොට බිමල් තරහෙන් හිටියේ.'
අම්මා... ෆොටෝ එකටම කතා කරන්න දෙන්නං. මං ගොඩක් විස්තර ලියලම තියෙනවනෙ අම්මා ගැන.
Deleteතාත්තාගේ කලා හැකියාවන් ටිකක් මටත් පිහිටලා තියෙනවා. කාටද ආඩම්බර?
++++++++++
ReplyDelete++++++++++ස්තුතියි Pra Jay මහත්තයෝ!++++++++++
ReplyDelete@ බස්සා / Pra Jay
ReplyDeleteඔබ දුටුවා ද මෑතදී ජපානයේ පැවැති ශ්‍රී ලාංකිකයන් සහභාගි වූ සම්මන්ත්‍රණයකදී සම හරක් පළකරපු අදහස්?
ඒ දෙස බලන විට ජපනුන්ට සිංහල නොතේරෙන එකම හොඳයි කියා හිතෙනවා
ඉතිහාසයේ ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇති ශ්‍රේෂ්ඨ සම්බන්ධතාවල පසුබිම දෙස බලන විට, දැන් ලංකාවේ ඉන්නේ එකල හිටපු ලාංකිකයන්ගෙන් පැවත ගෙන එන අයද,
නැතිනම් වෙන කොහේ හෝ කල්ලතෝනි කාලකන්නි රැසක ගෙන් තෝරාගෙන ජපානයට එවූ ශ්‍රී ලාංකිකයන් යැයි කියාගන්නා එවුන් ටිකක් දැයි ජපනුන් සිතනවා ඇත......
ලෝකයේ ප්‍රබලම රටක් වශයෙන් තිබූ ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණු විනාශයකට අගාධයකට වැටිණි..
දරිද්‍රතාවය ඉහළ ගොස් තිබුණි මිනිසුන් මිලියන ගණයෙන් අනාථ විය..
යුද්ධයේ ජයග්‍රාහී පාර්ශ්වයේ බලපෑම්වලට ජපානය යටත්ව තිබුණේය. ඉන් අනතුරුව ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරදී ජපානය සම්බන්ධයෙන් තීරණය කිරීමට ජයග්‍රාහී පක්ෂයේ සමුළුවක් තිබිණි..
එම සමුළුවේ තාවකාලික සභාපතිවරයා ලෙස එවකට ඇමරිකා රාජ්‍ය ලේකම් ඩීන් ආචිසන් කටයුතු කළේය....
ඇමෙරිකානු ජනාධිපති හැරී ටෲමන් ද කතා කළේය..
රුසියාව වෙනුවෙන්ද නියෝජිතයෙක් අදහස් දැක්වීය. ඉදිරියේදී සමහරවිට ජපානයෙන් නැවතත් තර්ජනය එල්ල විය හැකි යැයි යන අදහස් එහි ගැබ්ව තිබිණි..
සමහර රාජ්‍ය නායකයන් දැඩි ලෙස ජපානයට විරුද්ධව අදහස් දැක්වූයේ ය..
පිලිපීනය දැඩි ලෙස ජපානයට එරෙහිව අදහස් දැක්වූ රටක් විය..
තම රටවල් වලට යුද්ධයෙන් සිදුවූ හානි වෙනුවෙන් ජපානය වන්දි ගෙවිය යුතු යන මතය දැරූ රටවල් බොහෝ විය..
ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගි වූයේ පසු කලෙක මෙරට ජනාධිපති ධුරයට පත් වූ එවකට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධනය..
" අපද ජපානය විසින් පහර දීමට ලක්වී ඇති පිරිසක් වෙමු..
යුද්ධය නිසා අපේ ආර්ථිකයට ද බරපතළ අලාභ හානි සිදුවිය..
අපටද වන්දි ඉල්ලීමේ අයිතියක් තිබේ..
එහෙත් අප එසේ කිරීමට අදහස් නොකරමු..
ආසියාවේ වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත උසස් බවට පත් කිරීමේ හේතු භූත වූ දහම් පණිවිඩය දුන් මහා ශාස්තෘන් වහන්සේ වදාළ
"නහි වේරේන වේරාණි සම්මන්තීච කුදාචනං" "වෛරයෙන් වෛරය නොසන්සිඳේ.. වෛරය සංසිඳෙන්නේ මෛත්‍රියෙනි"
යන දේශනා පාඨය අප ඇදහීම ඊට හේතුවයි..
දකුණු ආසියාවේ බුරුමය ලාඕසය කාම්බෝජය සියම ඉන්දුනිසියාව හා ලංකාව තෙක්ද,
හිමාලය හරහා ටිබෙටය චීනය හා අන්තිමට ජපානය තෙක් උතුරු දෙසටද,
මෛත්‍රී ප්රවාහයන් පතුරවාලු,
ශතවර්ශ දීර්ඝ කාලයක් මුළුල්ලේ පොදු සංස්කෘතියක් හා පොදු උරුමයකින් අප එක මතු කළා වූ,
බුද්ධ ශාසනය පිහිටුවා වදාළ මහා ශාස්තෘවරයන් වන තථාගතයන් වහන්සේ දුන් පණිවිඩය එයයි...
මෙම පොදු සංස්කෘතිය තවමත් ජපානයේ නොනැසී පවතින බව මම පසුගිය සතියේ මෙම සමුළුවට සහභාගි වීමට පැමිණෙද්දී දකින්නට ලැබිණි..
ජපන් නායකයන් හා ඇමතිවරුන්ගෙන් මෙන්ම රට වැසියාගෙන්ද මට පෙනී ගියේ ශාන්තිනායකයන් වහන්සේගේ දහම් සෙවණ යටතේ තවමත් එරට පොදු ජනතාව වෙසෙන බවත් එම දහම පිළිගැනීමට ඔවුන් අභිරිචියෙන් සිටින බවත්ය..
අප ඔවුනට ඒ අවස්ථාව ලබාදිය යුතුයි" .
ජේ.ආර් ජයවර්ධන මහතා තම දේශනය අවසාන කරමින් පවසා සිටියේය..
ඔහු තවදුරටත් මෙසේද පැවසීය..
" මෙම ගිවිසුම පරාජිත සතුරෙකුට සාධාරණ වන තරමට එය උදාර වන්නේය..
අපි ජපන් රටට මිත්‍රත්වය හස්තිය දිගු කරමු.
මිනිස් ඉතිහාසයේ අද අප ලියන අවසාන පිටුව සහිත පරිච්ඡේදයේ ,
පළමු පිටුව ආරම්භ කිරීමත් සමඟ මිනිස් ජීවිතයේ පූර්ණ උදාරත්වය සාමයෙන් හා සෞභාගයෙන් යුතුව භුක්ති විඳීම සඳහා ජපන් රටේ හා අපේ ජනතාව එක්වන්ව ඉදිරියට යනු ඇතැයි අපි විශ්වාස කරමු....."
ජයවර්ධන මහතාගේ දීර්ඝ දේශනයෙන් අනතුරුව මහා අත්පොළසන් නාදයක් නැගිණි..
අවි බලය තිබියදීද ජපානය යුද ශක්තියම බලවත් නොවන බවට විශ්වාස කළ දකුණු ඇමරිකානු ජාතීන්ද එයට සහයෝගය පළ කළහ..
බොහෝ රටවල් ජපානයෙන් වන්දි ගැනීමේ අදහසක් අත්හැර දමා ඔවුන්ට සමාව ප්‍රධානය කිරීමට කැමති වූහ..
ඒ සඳහා ජයවර්ධන මහතාගේ දේශනය බෙහෙවෙන් බලපෑ බව පැවසේ..
මෙම ක්‍රියාව නිසාවෙන් ජපානය පුරා ස්ථාන කිහිපයකම ජයවර්ධන මහතාගේ රුව සහ පාඨය සහිත ස්මාරක පිහිටුවා ඇති අතර පසුකාලීනව ජපානයෙන් මෙරටට බොහෝ ආධාරද ලැබිණි..
ජයවර්ධනපුර රෝහල ඉන් එකකි... රූපවාහිනි සංස්ථාව ජපන් මිත්‍රත්ව පාලම තව එකකි
ජපානය හා ශ්‍රී ලංකාව අතර දැඩි මිත්‍රත්වය ඇති කිරීමට ජේ.ආර් ජයවර්ධන මහතාගේ මෙම දේශනය බෙහෙවින් බලපා ඇති බව පැවසේ..
පසුකාලීනව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථාවන් සඳහාද එය වැදගත් වුන බව පැවසේ..
එවන් රටක මිනිසුන්,
" බස් රථයක කවදාවත් නොගිය කෙනෙක් නිල් පාට බස් රථයේ ගිය විට,
එය දැක උද්දාමයට පත්වී,
වෛරයෙන් කුල්මත්වී,
වයින් බෝතලයක්ම බී සතුට විඳි බව " ට ඔල්මාදයෙන් නන් දොඩවන විට,
ඒ නන්දෙඩවිල්ල අසා සිටින තවත් එබඳුම නරුම තකතීරුවන් පිරිසක්,
අත්පොළසන් දෙමින් සිනහ වෙමින් එය අනුමත කරන අයුරු දුටු විට ,
ජපනුන්ට සිංහල නොතේරෙනවා නම් හොඳ යැයි සිතීමේ වරදක් නැහැ නේද....?
මේ ගැන දන්නෙ නෑ ඇනෝ. ඒත් පහල අජිත් ලියල තියනවා නේද, ජපානය ආධාර දෙනවා කියලා. කලින් සැරයක් ජපන්නුන් ගෙන් කොමිස් ඉල්ලලා වැඩේ අල කරපු කතාවක් නං මතකයි.
Deleteඔබ දෙදෙනාටම ස්තුතියි!
Delete@බස්සා , ඇත්තටම මේක දැක්කද දන්නේ නැහැ . ජපානය අර නිදා ගන්න ඇමති ලොකු කොමිෂන් එකක් ඉල්ලුවහම ලංකාවෙන් යන්න ගියා . ඒ වගේමවිදුලි දුම්රිය ප්‍රොජෙක්ට් එක අත්හැරීම වංචා දුෂණ නිසා නැවත ශ්‍රී ලංකාවට නොඑන්න හිටියේ . දැන් යෙන් බිලයන දෙකක ආධාර දීල තියනව නැවතත් . සිංගප්පුරුව වගේ නෙමයි ජපානයේ විධිහටයි ලංකාව හදන්න තිබුනේ . දුෂණ අවම , නීතියට ගරු කරන සමාජයක් . //ර්ක් සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානායක සිදුකළ ජපාන සංචාරයේ දී අද ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා විසින් නිල වශයෙන් ජනපති අනුරව රාජ්‍ය ගෞරව සහිතව පිළිගත් අතර දෙපාර්ශවය අතර පැවැති නිල සාකච්ඡා වලින් අනතුරුව ජපානය විසින් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 2 ක පමණ දැවැන්ත ආධාර දෙකක් (ණයක් නොවේ) ශ්‍රී ලංකාව වෙත ප්රදානය කෙළේ ය.
ReplyDeleteපළමුවැනි ආධාරය..
ඉන් එකක් නම් ජපානයේ "නිල ආරක්ෂක සහාය වැඩසටහන" Official Security Assistance (OSA) යටතේ යෙන් මිලියන 500 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1ක) මුදලක් වැය කරමින් ජපානයේ නිෂ්පාදිත අති නවීන මිනිසුන් රහිත ගුවන් යානා (UAV) වර්ග දෙකක්, නිරීක්ෂණය, නිරීක්ෂණ සහ ආපදා සහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දීමයි. OSA යනු සම අදහස් ඇති රටවල ආරක්ෂාව සහ අනාරක්ෂිත තත්ත්ව වැළැක්වීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයේ නව ආධාර ප්‍රදාන සහයෝගීතා රාමුවකි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට, කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දෙවැනි ආධාරය...
දෙවැනි ආධාරය නම් ශ්‍රී ලංකාවේ “කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය” සඳහා ලබා දුන් අධාරයකි. එහි වටිනාකම යෙන් මිලියන 495 කි. ආසන්න වශයෙන් එය ද රුපියල් බිලියන 1 කට ආසන්න රුපියල් මිලියන 945 ක් පමණ වේ. එමගින් මධ්‍යම, උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ යන පළාත් වල පශු සම්පත් පහසුකම් සඳහා තත්‍ය කාලීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා [Polymerase Chain Reaction (PCR)] උපකරණ, ශුක්‍රාණු චලන විශ්ලේෂක පද්ධතිය සහ රෝද හතරේ ට්රැක්ටර වැනි උපකරණ මෙන්ම තාක්ෂණික සහාය ද ලබා දෙනු ඇත.
මේවා පිළිබඳ අවබෝධතා ගිවිසුම් හුවමාරුව සඳහා දෙරටේ නායකයන් ඉදිරිපිට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිඔ ඉසොමත සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් යන දෙපොල විසින් අත්සන් තබන ලදී.https://www.lankaenews.com/news/16836/si
ගුවන් යානා (UAV) ආධාරය හොඳයි. ඒත් ඕවා කොච්චර කල් නඩත්තු කරාවිද යන්න නං සැක සහිතයි. තලපති විජේ දූපත ඉල්ලන්නෙ, අපේ මූදෙ මාලු හොරා කන්න. රට වටේම මූද තිබ්බත් අපේ මාලු බෝට්ටු වැඩිය ප්‍රසිද්ධ කුඩු අදින්නයි, සරණාගතයො අදින්නයි නේද?
ReplyDeleteමම ඊට වඩා කැමති කිරි හරක් ව්‍යපෘතියට. ඒත් අපේ රාජ්‍ය සේවකයන්ගේ පැටිකිරිය අනුව, සාර්ථක ප්‍රතිඵල ගැන ඒ හැටි විස්වාසයක් නෑ. කොහොම නමුත් වෙනසක් වෙනවා නං හොඳයි.