"නිමල් මල්ලී, නාට්ටියක් කරන්න කීයක් විතර යනවද?” කළු අක්කා ඇහුවා.
ඒ අපි දෙන්නත් එක්ක හවුලේ දෙමටගොඩ රේල්ලුවේ කැන්ටින් එක
කරන දවස්. මතකයේ හැටියට 1979.
![]() |
දැන් කාලේ නං හුඟාක් උන්නාන්සේලා
බණය කියලා දේශනා කරන්නේ කන්ට සූත්තරම නෙව. |
“මොකද
කළු අක්කේ, ඔයාට නාට්‍යයක් කරවන්න හිතුණාවත්ද- අරහෙම ඇහුවේ?”
“අනේ නිමල් මල්ලී මං කරවන නාට්ටි. එහෙම කරවන්න තිබ්බා මාත් ඔයාලා වගේ පිරිමියෙක්
වගේ ඉපදිලා උන්නා නං...” කළු අක්කා හීල්ලුවා. එයා ගැහැනියෙකු වෙලා ඉපදීම ගැන හරිම
කනගාටුවෙන් උන්නේ. පිරිමින්ට තියෙන නිදහසෙන් බාගයක්වත් ගෑනු කෙනෙකුට නැති එක ගැන
එයාට තිබ්බේ ලොකු නෝක්කාඩුවක්. “...ඊළඟ ආත්මේ නං මම උපදින්නේ පිරිමියෙක් විදිහටමයි.
දන්නවද නිමල් මල්ලී- අපේ එක්කෙනා මට ඒකට අවසර දීලයි තියෙන්නේ.”
කළු
අක්කා නිතරම වගේ එහෙම කිව්වේ ‘සෝමේ අයිය’ ගැන ප්‍රසංසාවකුත් කරලා පිං දෙන ගමන්...
(සෝමේ අයිය කිව්වේ කළු අක්කගෙ ස්වාමි පුරුෂයාට.) එයා සෝමේ අයියාට ගොඩක්ම
ස්තුතිවන්ත වුණේ එයාට ලබන ආත්මයේ පිරිමියෙක් වෙලා උපදින්න විවරණ දීම නිසා.
“මම
නං අහල තියෙන එකම බණකවත් ඔහොම කතන්දරයක් අහල නැහැ. ඒ විතරක් නෙවෙයි කළු අක්කේ-
කිසිම බණ කතාවකවත් ඔහොම දෙයක් මට නං හම්බ වෙලා නෑ!’
“මම නං අහපු බණක තමයි ඔහොම කිව්වේ. එදා ඒ හාමුදුරුවන් වහන්සේ කියාපු විදිහට
ගෑනියෙකුට කවදාවත් බුදු වෙන්න බෑ- පිරිමියෙක්ට මිසක්. ගෑනු කෙනෙකුට බුදු වෙන්න ඕනි
නං ඉස්සෙල්ල පිරිමියෙක් වෙලා ඉන්න ඕනි. ඒ ගෑනු කෙනා කසාද බැඳල නං ඉන්නේ, එයාගේ
මහත්තයා එයාට අවසර දෙන්න ඕනේ ඊළඟ ආත්මේ පිරිමියෙක් වෙලා උපදින්න.”
හාමුදුරුවරු
ගැන නං නිදිට එච්චර සර්ධාවක් නැති විත්තිය කවුරුත්
දන්නවනේ. ඒ ගතිය එදාටත් වැඩිය අද වැඩියි.
දැන්
කාලේ නං හුඟාක් උන්නාන්සේලා බණය කියලා දේශනා කරන්නේ කන්ට සූත්තරම නෙව. වැඩියෙන් කෙරෙන්නෙත්
සූත්තරේ පාරන job එක.
අමාමෑණි සම්මා බුදුහාමුදුරුවන් වහන්සේ අද ජීවමානව ඉන්නවා නං උන්නාන්සේට වුණත් වැඩ
හිටින්න වෙන්නේ අගු පිලක තමයි. අපේ උන්නාන්සේලා බුදුහාමුදුරුවන්වත් පන්සලෙන්
පිටමන් කරනවා ඒකාන්ත නිසයි, මට එහෙම හිතෙන්නේ...
![]() |
සරත් තමයි අපේ ‘නව සිංහබාහු’
නාට්‍යයේ සිංහබාහුට act කළේ. (සරත් හා නිදි) |
මං
ආපහු අපේ කතාව ඇදල ගත්තා. “ඉතිං, ඉතිං... කළු අක්ක කිව්වෙ නැහැනෙ නාට්‍යයක් කරන්න
යන වියදම ගැන ඇහුවේ මොකටද කියල...”
“ඔයාල
දෙන්නම මට සමා වෙන්න ඕනි මැද්දට පනිනවට... මමත් මේ නොකර සද්ද අහගෙන ඉන්නේ
ඉවසිල්ලක් නැතිව... නාට්‍යයක් කිව්වම.” අපේ ළඟින්ම වාඩි වෙලා ‘හ්ම්’ නොකියා හිටි
සරත් රංචාගොඩත් නිහඬතාව බින්දා. (සරත් තමයි අපේ ‘නව සිංහබාහු’ නාට්‍යයේ සිංහබාහුට act
කළේ. (ඒ ගැන විස්තර මතක් කර ගන්න කැමති පිංවත්තු ‘සුප්පා දේවිගෙ බඩේ මයිල්’ posts
පෙළ කියවත්වා!)
ඉතිං,
මේ කියන දවස්වල දෙමටගොඩ CGR කැන්ටිම අපට නං ‘මරදානේ සංගීත මංජරිය’ නැත්තං ‘ගුණේ අයියගේ
බජව් දාන කාමරේ’ වගේ තැනක්.
හවසට
කැන්ටිම වැහුවට පස්සෙ හය හත වෙද්දී පහුවදාට ඕනි කරන හාල්- පොල්- සිල්ලර බඩුයි,
එළවලුයි ගෙනෙන රාජකාරිය ඉක්මනටම කරල ඉවර කරන්නේ පොඩි මාමා. පියාඹන
පීරිසි යවන්න හදපු- නාහෙට නාහන ටී මේකර් රංජි පීරිසි කෝප්ප සේරම මැදල හෝදලා දානවා.
වේටර් රාජකාරී කරන දෙන්නා පුටු මේස පිහදාලා; බිම අතුගාලා; හෝදලා දමන්නේ ඒ අතරතුරේ.
හතහමාර වෙනකොට අපි හැමෝම රාජකාරිවලින් නිදහස්.
ඊළඟට
නානවා නං නාලා- නැත්තං ඇඟපත හෝදලා අපි කැන්ටිමේ මේසයක් වටේ වාඩි වෙන්නේ ‘දම් සභා මණ්ඩපය’ට
ගියා වගෙයි. එතැන ඉඳලා ඉතිං- එක මාතෘකාවක් නෙවෙයි; මතු වෙන ඕනිම මාතෘකාවක් ගැන අපි
කතා වුණා. එතකොට මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට් තිබ්බ එකක්යැ... ඒ තියා රුපවාහිනියවත්...
සරත්
රංචාගොඩ, ටියුඩර් ලේල්වල, සෝමවීර මල්ලිකාරච්චි වගේ
හිත-මිතුරු අයත් නිවාඩු තියේ නං සමහර දවසක ඔය අපේ දම් සභා මණ්ඩපයට ආවා. එහෙම ඇවිත්
උන්නු සරත් තමයි අරහෙම කියමින් අපේ කතාවට එකතු වුණේ.
“ඉන්නකො
නිමල් මල්ලී කියනකං. ඔයාලා ඉස්සෙල්ලම අජාසත්ත
නාට්ටිය කළේ රුපියල් සීයකටත් අඩු වියදමකින්ය කියල ඔයා දවසක් කිව්ව මතකද...”
“හරි, හරි. ඒ 1966නෙ කළු අක්කේ. රුපියල් හැටතුනකින් වගෙයි මතක.”
![]() |
| බන්දුල හරි ආඩම්බරෙන් හිටියෙ- මහරගම ටවුමේ පෙන්නපු පළමුවෙනි නාට්‍යයේ ප්‍රධාන නළුවා මිනිහයි කියලා... |
“පොඩ්ඩක්
හෝව්! නිමල්- විධුර එකේදිද stage එක ඉස්සරහ වාඩි වෙලා හිටිය කොල්ලො කුරුට්ටෝ ‘නා
රජ්ජුරුවන්ගෙ නාග මාණික්කේ එළියේ’ කියලා හූ තිය-තිය හිනා වුණයි
කියන්නේ... මට ඒ කතාව කිව්වේ බන්දුල ජයකොඩි- රෙදි මෝලේ වැඩ කරන කාලේ.”
“ඔව්නෙ සරත්... බන්දුනේ ඒකෙ පූර්ණක යක්ෂ සේනාධිපතියට හිටියෙ...”
“බන්දුල
හරි ආඩම්බරෙන් හිටියෙ- මහරගම ටවුමේ පෙන්නපු පළමුවෙනි නාට්‍යයේ ප්‍රධාන නළුවා
මිනිහයි කියලා...” සරත් ඔලොක්කුවට වගේ කිව්වේ හිනා වෙවී. එවෙලේ නං මාත් හිනා වුණා
තමයි, ඒ කාරණයේ වැඩි බරක්-පතළක් නිනව් නොවුණු හිංදා.
ඒත් මහරගම ඉතිහාසය නිවරැදිව ලියන කෙනෙකුට අපිවත් මඟ හරින්න බැහැ කියලා දැනුයි
තේරෙන්නේ.
මහරගම
නගරයේ පළමුවෙනි වෙසක් තොරණ ගැහුවේ 1966. මට්ටකුණ්ඩලී කතාව කියැවුණු ඒ තොරණෙ චිත්‍ර
ඇන්දෙත් පමුණුවේ හාදයෙක්- ගෝමස්!
පළමුවෙනියෙන්
මහරගම නාට්‍යයක් පෙන්නුවෙත් 1966 පොසොන් එකට... ගුණපාල අයියා හෙවත් අපේ තාත්තා- මං
වහන්සේ ඇතුළු කට්ටිය එකතු වෙලා. ඒකෙන් තමයි මේ ලියන්නාගේ ජීවිතේ වෙනමම පැත්තකට යොමු
වුණෙත්.
අපේ
නාට්‍ය මහරගම ඉතිහාසයට වැදගත් වෙන්නේ මේකයි. එදා මෙදාතුරේ (මං දන්නා තරමට) වෙසක්-
පොසොන්- ඇසල උත්සව වෙනුවෙන් මහරගමදී නාට්‍ය පෙන්නලා තියෙන්නේ කණ්ඩායම් තුනයි; අපිත්
එක්කම. අට වතාවයි!
එයින් කණ්ඩායම් දෙකක්ම පළමු වතාවෙන් එහාට ගිහිං නෑ. නමුත් අපි... අවුරුදු හයක්ම
නාට්‍ය පෙන්නලා තියෙනවා අවුරුදු 13ක් (1966- 1979) ඇතුළත. එයිනුත් එකම එක නාට්‍යයයි
දිසානායක හේවගේ ගුණපාල හෙවත් ගුණපාල අයියා නැතිව කෙරිල තියෙන්නේ.
තවත්
කාරණයක්. ඒ නාට්‍යවලින් හතරක්ම ලියල තියෙන්නේ මේ නිමල් දිසානායකයා. එයා කියනවා ඒ
කාරණේ ගැන එයා බොහොම නිහතමානීව ආඩම්බර වෙනවයි කියලත් අමතක නොකර ලියන්නලු. (අජාසත්ත
පිටපත ලිව්වේ අපේ තාත්තා. ටීටර්කාරයෙකු වුණු අබරන් මාස්ටර් අරගෙන ආව ‘විධුර’
පිටපත ටවර්හෝල් යුගයේ එකක්.)
“සරත්
මල්ලිට කියන්න, අපි මෙයාලගේ විධුර ජාතක නාට්ටිය බැලුවේ නගර සභා පිට්ටනියේ එහා
කෙලවර හරියේ ඉඳන්... බෝ ගහ කිට්ටුව හරියේ. නාට්ටිය පෙන්නුව පැවිලියන් එක තිබ්බේ
අනිත් කෙලවරේනේ... පුදුම සෙනඟක් එදා තෙරපි-තෙරපී හිටියෙ. ඉතිං අපිට කොහේ පේන්නද ඔය
හූ කියපුවා...” කළු අක්කා කිව්වා. “හැබැයි සාම ජාතකේ නටද්දී නං අපිටත් ආරාධනා හම්බ
වෙලා තිබ්බ හිංදා අපි හිටියෙ ඉස්සරහ පුටුවල වාඩි වෙලා. ඒ නිසා අපිත් දැක්කා අර අඹ
ගහට ගැට ගහල හිටිය වඳුරා නයාවයි- කොටියවයි දැකලා බයෙන් කුලප්පු වෙච්චි
හැටි!”
![]() |
එතකොට නං මගේ කටත් අප්පල්ලයක් වගේ වුණා- පුදුමෙටම! |
“මං කියන්න හැදුවේ නිමල් මල්ලී, අපි ආයෙමත් ඒ වගේ නාට්ටියක් මහරගම පෙන්නමුකෝ කියල.”
“අම්මට සිරි!” සරත්ට කියැවුණේ නිකංමයි.
“ඔයාලා
දන්නවද, තව කීප දෙනෙකුත් මට ඔය යෝජනාව කළා...”
“ඒත් ඉතිං ඔයා තවම නාට්ටියක් කරන්න පටන් ගත්තේ නැහැනේ, නිමල් මල්ලී...”
“මේකයිනෙ
කළු අක්කේ... එහෙම නාට්‍යයක් කරන්න නං මාස ගාණක් පුරුදු වෙන්න වෙනවා...
එච්චරයැ? ආධාර එකතු කරන්න යන්න වෙනවා... ඒ දවස්වල නං මේ පැතිවල හිටියෙ ගමේම
මිනිස්සු. දැන් වැඩි හරියක් ඉන්නෙ පිටගම්කාරයෝ. ඒ මිනිස්සු ගෙවල්වල ඉන්නේ රෑට. ඒ
වෙලාවට ආධාර එකතු කරන්න යන්න පුළුවන් කාටද?
අනෙක තමයි ඉස්සර නං අපිටත් වෙලාව තිබ්බා ආධාර එකතු කරන්න යන්න. දැන් අපේ කට්ටියත්
රස්සාවල් කරනවනේ...” මං එව්වා කිව්වේ සතුටෙන් නං නෙවෙයි. ඒත් මටම තේරුම් ගිහිං
තිබුණු ඒ කාලේ තත්ත්වය එයාලටත් පැහැදිලි කරන්නයි.
“නිමල්
මල්ලී, මම ඔය ඔක්කොම දන්නවා...”
එතකොට නං මගේ කටත් අප්පල්ලයක් වගේ වුණා- පුදුමෙටම. “හෑ...අද වෙනකල් මං දන්නෑනෙ කළු
අක්කා එච්චර කල්පනාකාරියෙක් කියලා.” මං කිව්වා නෙවෙයි; නිකංම කියවුණා.
ඒකට
උත්තර දෙන්න කලින් කළු අක්කා ලොකු හිනාවක් දැම්මා. දාලා මේ ටිකත් කිව්වා. “අනේ
නිමල් මල්ලී... මම ඔයාල තරම් දේවල් දන්නැති මෝඩ ගෑනියෙක් නේන්නං... ඔයාම ඔය
කාරණාවල් සේරම මේ ළඟදී තව කෙනෙකුට කියල තිබුණා... එයා තමයි මටත් ඔය සේරම කිව්වේ...”
“කවුද, අසෝකද?”
“ඔය
මතක් වුණේ! අසෝක තමයි මට කිව්වේ.” කළු අක්කා තහවුරු කෙරුවා.
“කවුද වදේ මේ අසෝක... මාත් දන්න කෙනෙක්ද?” සරත් රංචාගොඩ ඇහුවේ අපි දෙන්නා දිහාම
බලමින්.
“සැමී
අයියගේ බෑණාව සරත් දන්නවද, නිමල් මල්ලී.”
“නෑ සරත්. ඔයා අසෝක පියසිරිව අඳුනන්නෙ නෑ... කස්ටම් එකේද කොහෙද වැඩ කරන්නෙ. එයා
බැඳල ඉන්නෙ මල්ලිකාව. මාර විහිළුකාරයා!”
අනේ!
එයාලා අද ඉන්නවා නං...
දැන් ඒ හතර දෙනාම ඉකුත්ව ගිහිංය. කළු අක්කේ, බන්දුල, සරත්, අසෝක... ඔයාලා හතර දෙනාටම
නිවන් සැප ලැබේවා!
![]() |
අපි දෙන්නට දෙන්නම තකට-තක
රැවටිලිකාරයොයි කියල එළි වුණාට පස්සේ තවත් love කරන්නයැ... |
සරත්
විවාහ වුණේ මගේ ලොකු නෑනණ්ඩි මල්ලිකාවන්ගේ හොඳම යෙහෙළියක වී
හිටි පිළියන්දල සීතා සමඟිනි. ‘කොළඹ ඉඳලම හරි යන්නෑ රංජි මල්ලී. කොච්චර වුණත් උපන්
ගම විතර වටිනවයැ වෙන කොහෙවත්...’ එහෙම කියමින් හිටි සරත් පසු කාලයක දෙහිඕවිට- අටුලුගම
ගෙයක් හැදුවේය. ඒ ගෙයි සියලු වැඩ ඉවරකොට එයට විදුලිය සපයන්නැයි ඉල්ලා සිටියේය. ‘අසවල්
දවසේ අසවල් වෙලාවට සප්ලයි එක දෙන්නට එනවා.’ අදාළ ආයතනයෙන් සරත්ට දන්වා තිබිණි.
සරත් ඒ දිනයේ නව නිවසට ගොස්- බලා සිටියදීලු හෘදයාබාධයකට ගොදුරු වී තිබෙන්නේ.
ජීවිතේ
හැටි එහෙමය... මාරයාගේ හැටි එහෙමය... ඕනෑම ජගතෙකු වුණත් කැන්දාගෙන යන්නට ආවම යා
යුතුය!
‘අනිත්‍යය
මෙනෙහි කරන්නෙයි නිමලෝ ඔහේ ‘යකිනිට ඇන්දා’ post එක ලියන්න ගත්තේ. අනෙක අද ඔහේ හතර
වටේ තියෙන පඳුරු තලනවත් වැඩියිද මංදා.’
සොරි- සොරි... අතීතෙට ගියාම මතක් වෙන දේවල් ගොඩයිනෙ. එව්වයෙනුත් චුට්ටක් හරි නොලිව්වොත්
හිතට මොකද්ද මොකද්ද වගේ. මෙන්න, මෙන්න මං ආපහු දෙමටගොඩ කැන්ටින් එකට යනවා.
“අසෝක
මල්ලිටත් හරි ආසයිලු නාට්ටියක රඟපාන්න. ඒකලු ඔයාට කතා කළේ... එහෙම කිව්වම තමයි
නිමල් මල්ලී මම අසෝක මල්ලිට කිව්වේ ටික දවසක් ඉවසන්න කියලා... ප්‍රතිභා ෂෝ එක ඉවර
වෙනකල්. අනෙක සරත් මල්ලී මෙයාගේ ටෙලිෆෝන් ආදරවන්තයාව හම්බ වෙන
වැඩෙත් තිබ්බනේ...” එහෙම කිව්වමයි කළු අක්කට සුනන්ද ගැන අහන්න මතක් වුණේ.
“ඒ මහත්තයා ආයෙ ඔයාට කතා කළේ නැද්ද මල්ලී?”
“ම්හු!
එයා ආයෙ කතා කරන එකක් නෑ... කතා නොකරන එකමයි හොඳ කළු අක්කේ. අපි දෙන්නට දෙන්නම තකට-තක
රැවටිලිකාරයොයි කියල එළි වුණාට පස්සේ තවත් love කරන්නයැ...”
ඒ දවස්වල
අපි වැඩියෙන් කතාබහ කළේ ඔහොම සිල්ලර දේවල් ගැන. ඊට එහා යන දේවල් කතා කෙරුණේ කුලතුංග සර් වගේ
උදවිය එක්කයි.
දැනටත්
මයෙත්තෙක්ක එහෙම කතාබහ කරන තවත් හිතවතුන් ඉන්නවා.
ඒ අතරේ බ්ලොග්වලත් හොඳ හොඳ කාරණා කතා වෙනවනෙ. හොඳ හොඳ කිව්වේ ‘මොළේට සමනල් ගැටේ’
වැටෙන පන්නේ එව්වට. ගැටේ ඇලවෙන පන්නෙ කතා වගේ නෙවෙයි- එව්ව හරිම අර්ථවත්, මේ
නිදියට නං. කොළඹ ගමයා, ඉයන්ගේ අඩවිය, බිත්තිය, නිහඬපාල... මේ
මොහොතේ මට මතක් වුණු එහෙම blog අඩවි කිහිපයක්.
![]() |
ඉහළ පරිකල්පනයක් තියන මිනිස්සු
අවුරුදු දහස් ගානකට පෙරත් මේවා විග්රහ කරා. කිසිම උපකරණයක් නැතුව. |
‘නිහඬපාල
Nihandapala April 4, 2026 at 7:50 AM
වීඩියෝවේ
නම් තියෙන්නේ අටෝරාසියක් විද්‍යාත්මක ප්‍රවාද. අපේ දැනුම පංචේන්ද්‍රියන්ට සාපේක්ෂයි.
ඒවායින් ඔබ්බට හිතලා වෙනස් කියවීමක් දෙන්න පුළුවන් අය හරිම අතලොස්සයි. විද්‍යාව දේශපාලනය
හැමදේම දෘෂ්ටිවාද වලට එළඹිලා තේරුම් ගන්න උත්සහ කරොත් මුලාවක. Matter ගැන හෙව්වේ
අද ඊයේ නෙමෙයි. ඉහළ පරිකල්පනයක් තියන මිනිස්සු අවුරුදු දහස් ගානකට පෙරත් මේවා විග්රහ
කරා. කිසිම උපකරණයක් නැතුව. පදාර්ථය රූප කලාප වලට බෙදලා ඇතිවීම නැතිවීම ගැන කිව්වා.
සමහරු කිව්වා පදාර්ථය මනසේ ප්රක්ෂේපනයක් කියලත්. සමහරු කිව්වා අවසානයේ ශුන්‍යතාවයක්
ගැන. සමහරු කිව්වා අවසානයේ වෙනස් නොවෙන අකාලික බ්‍රහ්මන් අවස්ථාවක් (පදාර්ථයක් නොවෙයි)
කියලා. දැන් අනු පරමාණු ක්වොන්ටම් අංශු දක්වා ගිහින් මට තවම ඉන් එහා තේරුම් ගන්න බැහැ.
හෙමින් උත්සහ කරනවා. Matter සහ Mind කියන
දෙක දෙකක් ලෙස ගැනීම තමයි පළමුව අපි බැලිය යුත්තේ. එතනින් එහාට පදාර්ථය විග්රහ කරන
එක තමයි වැදගත්.
Reply
D.G.M
බස්සා
April
4, 2026 at 3:08 PM
ඔබගේ
අදහස් දැක්වීම ගැන ස්තූතියි. විද්‍යාව ගැන මගේ ඇති කැමැත්ත දෙයාකාරයි. එකක් විද්‍යාව
නිසා අපේ ජීවිත පහසු වෙලා තියනවා. දෙක, විද්‍යාවේදී
"ගලේ කෙටූ අකුරු" වගේ නිශ්චිත නිගමන නැති වීම. හැම දෙයක්ම සාපේක්ෂයි, හෙට ඒක
වෙනස් වෙන්න පුළුවන් කියන එක. ආගමික දෘෂ්ඨිවාද ගැන එහෙම පැහැදීමක් නෑ.
දෘෂ්ටිවාද, තර්ක
කිරීම් වලට කැමති එක හේතුවක්, මොලේට ව්‍යායාම
දුන්නොත් ඩිමෙන්ෂියා වැලැක්විය හැකි බවට ඇති තර්කයයි. ඒකත් කොච්චර ඇත්තද නොදන්නවා වුනත්, දැන්න
අය කියන නිසා දැනට විස්වාස කරනවා. විශ්වය ගැන සෙවීම, මොලේට
සමනල ගැටේ වැටෙන වැඩක් බව දන්න නිසා, ඒකටත් කැමතියි.
මට පදාර්ථය
විග්රහ කරන්න තරම් දැනුමක් නෑ. එහෙම කරන අය කියන දේ අහගෙන ඉන්නවා.’
ආදරණීය
පාඨක ඔයාලත් වෙලාවක් තියේ නං ඒ වගේ අඩවිවලටත් ගොඩ වැදෙන්නකෝ. මං වහන්සේ නං එහෙමයි.
සරලම දේවල් වගේම, ගොඩාරියක් බරසාර දේවල් වුණත් මොළ ගෙඩියට දාගන්න තමයි වෑයම්
කරන්නේ.
එක අතකට සරල- බරසාර කියල වෙනසකුත් නැතිවයි අපේ මොළ ගෙඩියේ ගබඩා වෙලා තියෙන දේවල් අපට
හිතා ගන්න බැරි මොහොතකදී ප්‍රයෝජනවත් වෙන්නෙත්.
![]() |
මොන වගේ නාට්‍යයක්ද කරන්න
යන්නේ? |
“මොන
වගේ නාට්‍යයක්ද කරන්න යන්නේ- කොහෙද ඒක පෙන්නන්න යන්නේ වගෙ කාරණා උඩනේ සරත් වියදම්
කරන්න ඕන ගණන තීරණය වෙන්නේ... කළු අක්කාට ඕනි කරන්නේ...”
“ආයෙ මොකටද හංගන්නේ? මට දැනගන්න ඕනි ඔයාලගේ සාම ජාතකේ වගේ ලස්සන නාට්ටියක් මහරගම
ටවුමේදී පෙන්නන්න කීයක් විතර යයිද කියලා...”
ඒ ප්‍රශ්නෙට
උත්තරේ ‘යකිනිට ඇන්දා’ දෙවෙනි කොටසෙන් කියවතෑකි හොඳේ...







නිදි ලොක්කා කරපු රස්සාවල් හා බිස්නස්
ReplyDelete(පෙමන්ට් එකේ රජවෙලා, ඉස්පිරිතාලේ ඉදියාප්ප විකුනලා, දියවින්නේ මැණික් ගරලා, දෙමටගොඩ කැන්ටිම කරලා, බතික් ව්‍යාපාර කරලා) ඉදිරියට කරගෙන ගියා නම් මේවෙනකොට ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඕනේ. මට හිතෙන්නේ තාත්තාගේ අසනිපය හින්දා තමන්ගේ නංගිලා මල්ලිලා ඇතුලු පවුල නඩත්තුව සදහා මුදල් ඉපයුවා පමනයි ලොකු සල්ලිකාරයෙක් වෙන්න හිතුවේ නැතිව ඇති.
කොළොම්පුරේ අසංග
ලොකු සල්ලිකාරයෙක් නූන එක නං හොඳයි, එහෙම වුනා නං අපට බ්ලොග් කාරයෙක් නැතුව යනවා.
Deleteලොකු සල්ලිකාර විතරක් නොවෙයි ලොකු සෙල්ලක්කාර බ්ලොග්කාරයොත් ඉන්නවා නේ.
Deleteඅසංග මහත්තයෝ- බ්ලොගයෙන් කියල තියෙන සේරම විස්තර මතක තියාගෙන ඉන්න එකට ගොඩක් ස්තුතියි, ඔයාට මඟ ඇරිලා තියෙන්නේ බොරලැස්ගමුවේ සිල්ලර කඩය කරපු එක විතරයි.
Deleteඇත්තයි බස්සා මහත්තයෝ, ලොකු සල්ලිකාරයන් ගොඩක් දෙනෙකු කරන්නේ තව තව පොදි ගහන වැඩේ විතරයි නෙව.
Deleteසෙල්ලක්කාරයන් නැත්තේ කොහෙද Ano මහත්තයෝ?
Deleteඉස්සෙල්ලාම කියන්න ඕනෙ, අද පඳුරු තැලිල්ල නියමයි. කිසිම කම්මැලි කමක් නැතිව කැමැත්තෙන්ම කියෙව්වා. ගම්මැදි හෑලී වලට කොහොමත් මයෙ ඇති කැමැත්තද, නැත්නම් නිදිගෙ පෞද්ගලික අත්දැකීම් හරහා එන "මොබයිල් යුගයට" පෙර ජන ජීවිතය වගේ දෙයක් නිසාද මන්දා?
ReplyDeleteමට හිතෙන්නෙ, නිදිගෙන් මගේ පෝස්ට් වලට ලැබෙන පබ්ලිසිටි එක නිසා වෙන්න ඕනෙ, හිටපු ගමන් සීය-දෙසීය වක්කඩ කැඩුව වගේ ඇවිත් බලල යනවා. ස්තූතියි.💐
eekanam aththa,
Deleteමේකයි නෙව බකුසුතුමෝ, මේ වගේ post ලියනකොට හරිම සැනසිල්ලෙන්- නිදහස්ව ලියන්න ඇහැකියි. හංගන්න දේවල් නැති හින්ද. ඒ කාලේ ජීවිත ගොඩක් සරල හින්දත් වෙන්නැති.
Deleteමම කැමතියි අලුතෙන් මගේ බ්ලොගය කියවන්න එන ආදරණීය සහෘදයන්ව ඔයාල වාගෙ අයගේ blog අඩවිවලටත් යොමු කරවන්න. එහෙම වෙනව නං ඉතා හොඳයි....
.... යුද්දේ නිසාද මංදා- මේ දවස්වල බ්ලොගය කියවන්න එන උදවිය වැඩියි. එක එක රටවල ඉඳගෙන නිදිගෙ පංච තන්තරේ අලුතෙන් කියවන්න එන රසිකයනුත් වැඩියි.
Deleteබ්ලොගයේ Top Locations තීරුව එහෙමයි කියන්නේ. මේ දැන් ගත්ත දත්තයි.
United States - 5.51k
Singapore -4.07k
United Kingdom -768
India -495
Germany -461
Finland -304
Canada -268
France -265
Poland -208
Sri Lanka -144
ස්තුතියි Ano මහත්තයෝ.
Delete//හාමුදුරුවරු ගැන නං නිදිට එච්චර සර්ධාවක් නැති විත්තිය..//
ReplyDeleteමට RearGate එකේ චාමිගේ ලිඳෙන් "ආපු" හාමුදුරුවො මතක් වුනා. සෑම දෙයකටම මූල්‍යමය වටිනාකමක් ඇති යුගයක, දෙව්ලොවට වීසා දීමත් වැඩිම ලන්සුවට යෑම ගැන පුදුමයක් නම් නෑ.
හැබැයි බසු, සමහර හාමුදුරුවන් වහන්සේලා ගැන මට තියෙන්නේ ඉතා බැතිබර හිතක්. හබරකඩ ඉන්ද්‍රරතන උන්නාන්සේ එහෙම උත්තමයෙක්. එතුමා නං දැන් දිව්‍ය ලෝකෙකමයි ඉන්නවා ඇත්තෙ.
Deleteසසර කලකිරිලා නෙවෙයිනේ දැන් උන්නාන්සේලා සිවුරට එන්නේ... වෙන වෙන දේවල් ගොඩාරියක් බලා ගෙනනෙ. ඒකයි මෙතන ප්‍රශ්නේ.
//හාමුදුරුවරු ගැන නං නිදිට එච්චර සර්ධාවක් නැති විත්තිය කවුරුත් දන්නවනේ. ඒ ගතිය එදාටත් වැඩිය අද වැඩියි.//
ReplyDeleteවෙන අය වයසට යනකොට ආගමිකබව වැඩිවෙනවා, මට අඩුවෙලා නැතිවෙනවා. ආගම් විස්වාස කරන්න පුලුවන්වීම හිතට හොඳයි කියල දන්නව. ඒත් ඉතින් බලෙන් විස්වාසයක් ගොඩ නගාගන්න බෑනෙ, මට එහෙම එකක් නැතුව.
මැරෙන්න ලංවෙලා වෙනසක්වෙයිද දන්නෙ නෑ.
Rev. Franklin Graham Tells Trump His 'Soul Is Secure' After He Fundraised for Help Getting to Heaven
Deleteවිස්වාස කරන්න බැරි තත්වෙට ආගම් පත් කරල තියෙන්නෙ දැං ඉන්න සෙට් එක තමයි.
Deleteගොඩක් අය වයසට යනකොට ආගමික බව වැඩි වෙනවා නේන්නං Pra Jay මහත්තයෝ. මං හිතන්නේ එයාල පතනවා එලොව ගිහිනුත් සැප විඳින්න. ඒ තණ්හාව වෙන්නැති.
Deleteබසු, මං දැකලා තියෙන 'නොකියන දේම කරන; කරන දේ නොකියන' කෙනෙක් තමයි ඔය තුරුම්පු උන්නැහේ!
Deleteමං හිතන්නේ උන්නැහැගේ ලජ්ජා නහරෙත් කපල අයින් කරලද කොහෙද..
ඔයත් එක්ක සීයට දෙසීයක් එකඟයි Praසන්ன මහත්තයෝ.
Deleteආයෙත් හොඳ කතා පේළියක් පටංගෙන වගෙයි. ඔහොම යං.
ReplyDeleteකතාවල හොඳ නරක කියන්න වෙන්නේ නං ඔයාලටම තමයි Praසන්ன මහත්තයෝ... මතකය පීරලා වෙච්ච දේවල් ලියන එකයි මගේ වැඩේ.
Deleteසමහර දේවල් ඔයාලට නාල්ලන්නේ මගේ ලිවීමේ අඩුවක් නිසා තමයි!
Praසන්ன මහත්තයෝ, ඔයාලට කිව්වට විශ්වාස කරන එකක් නෑ- මේ නාට්‍යය ගැන එක post එකක් ලියැවෙයි කියල තමයි ලියන්න පටන් ගනිද්දී මට හිතුණෙ...
ඊට පස්සෙනේ දෙයියනේ- වහලා පැත්තකින් තියලා තිබුණු foto ඇල්බම් එකක් දිග ඇරියා වගෙ මගේ ෆොටෝජෙනික් මතකය දිග ඇරෙන්න ගත්තේ.
E Dawaswala harima lassanayine ,
ReplyDeleteකම්ප්ලිමන්ට් එකට ගොඩක් ස්තුතියි Ano.
Deleteවිෂ්නු වාසු මහත්තයා එක සැරයක් කියලා තිබ්බා එයා ඉන්දියාවේ ගිහිල්ලා තියෙන්නේ කොයි තැන්වලටද කියනවට වැඩිය ගිහිල්ලා නැත්තේ කොහේද කියලා කියන එක ලේසියි කියලා. නිදීගෙනුත් අහන්න තියෙන්නේ කරලා නැත්තේ මොනවද කියලා!
ReplyDeleteX
Deletex 2 කියල දාන්න ඕන වුනේ
Deleteඉරණම තමයි ඉතිං!
Deleteදෛවය පාර කපල දුන්නා- මම ඒ පාරවල්වල දිගටම ගියා.
ස්තුතියි Litseeker, අජිත් ධර්ම දෙදෙනාටම.
ළඟදිත් කෙනෙක් එක්ක පොඩි කතාවක් ගියා අර Nihandapala කියල තියෙන එක ගැන. “විද්‍යාත්මක ප්‍රවාද, දෘෂ්ටිවාද, දර්ශන” බිහිවීම වගේ ඒවා ගැන. ඒ අතරේ මහායාන බිහිවීමත් කතාවුනා. හුම්: තේරවාදේ ගැහැනුන්ට බුදුවෙන්ට බැරුවට, මහායානෙන් බුදුවරියෝ පවා ඉන්නව. මේ ඔක්කොම වාද, ප්‍රවාද අල්ලලා යන හොඳ සෙන් කතාවක් මතක් වුනා.
ReplyDelete"හඳ එක් එක් අතුවල එල්ලා බැලුවෙම්".
හඳ පායලා. ළඟ ගහකුත් තියෙනවා. අර ගහ අතරින් තමයි හඳ පේන්නෙ. කස්ටිය ඉන්න තැන අනුව ගහේ එක එක අතු ළඟ හඳ තියෙනව වගේ පේනව. ඒත් හඳ තියෙන්නෙ එක තැනක!
කවුද බොලේ නමී 'මේ ළඟදී සාකච්ඡාවක යෙදුනු කෙනා'?.
Deleteමේ වගේ තැන්වලදී නමී උන්නැහේට කියන්න තියෙන දේවල් බොහොමයි නෙව. ඇයි චුට්ටකින් නැවැත්තුවේ?
'පදාර්ථය යනු මායාවකි' commentsවලදීත් ඔබතුමාගේ දායකත්වය හොඳටම මදි.
ඔය කතාව අවිස්සුනේ මාස කීපයකට කලියෙන් වේල් පෙරහැරවල් 2,3ක් දකින්න හම්බුවීමත් එක්ක. වැඩකරන අස්සේ... ලියන්න, කියවන, කොමෙන්ට් කරන වැඩේ හරියාකාරව වෙන්නෙ නෑ. ඒ හන්ද නිදහස් වෙලාවක කියෝනව.
Deleteආහා නමී!
Deleteමරු ලිපියක් නොව . අපේ සර් කෙනෙක් එක නාට්‍යයක් පෙන්නුවා කැළණි පාලම කියල . අපිත් පෝස්ටර් ගහන්න , අරවට මේවට උදව් වුනා . යකෝ, අර නිදී තුමාද බොරු කොණ්ඩයක් ද කොහෙද දාගෙන ඉන්නේ . සුමනා අමරසිංහ ගේ නංගි වගේනේ
ReplyDeleteබොරු කොණ්ඩයක් නෙවෙයි අජිත් මහත්තයෝ- මගේම කොණ්ඩේ.
Deleteඔයත් එහෙනං නාට්‍යවලට සපෝර්ට්!
සිරාවට. ගෑල් ලමේක් වගේනේ . නාට්‍ය වලට කැමතියි . මම මෙහෙත් ලන්ඩන් වල පෙන්වන හොඳම නාට්‍ය ඔක්කොම වගේ බලල තියනවා . කැමතිම එක ෆැන්ටම් ඔෆ් ද ඔපෙරා , මනුතාපය එකත් මරු . ගොඩක් හොඳ ඒවා තියනව
Delete1985 ඔහෙට ආව වෙලාවේ නැෂනල් තියටර් එකේ නාට්‍යයක් බැලුවා. අති දැවැන්ත නිෂ්පාදනයක් අජිත් මහත්තයෝ.
DeleteThis comment has been removed by the author.
ReplyDelete//හවසට කැන්ටිම වැහුවට පස්සෙ ....හතහමාර වෙනකොට අපි හැමෝම රාජකාරිවලින් නිදහස්. ඊළඟට නානවා නං නාලා- නැත්තං ඇඟපත හෝදලා අපි කැන්ටිමේ මේසයක් වටේ වාඩි වෙන්නේ ‘දම් සභා මණ්ඩපය’ට ගියා වගෙයි. එතැන ඉඳලා ඉතිං- එක මාතෘකාවක් නෙවෙයි; මතු වෙන ඕනිම මාතෘකාවක් ගැන අපි කතා වුණා. එතකොට මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට් තිබ්බ එකක්යැ//
ReplyDeleteඅද තියෙන "අධි මානසික ආතතිය" සහිත රැකියා එක්ක බලන කොට, මේ කතාවෙන කියැවෙන "දවසේ වෙහෙස නිමන" සමාජීය ජීවිතය ගැන හිතේ මැවෙන්නෙ ලස්සන චිත්‍රයක්.👌
සහතික ඇත්ත බකුසුතුමෝ. ඒ දවස්වල ඇඳිරි වැටුනට පස්සේ ගෙදරක තිබුණු තත්ත්වෙයි අද තත්ත්වෙයි අතර වෙනස හිතා ගන්නවත් බෑ.
Deleteඅද ගෙදරක හතර දෙනෙක් නං එක එකා වෙනම ෆෝන් හතරක නෙව; තට්ට තනිවෙලා...
බොහොම ස්තුතියි නිදි අපේ සාකච්චා වලට තල්ලුවක් දුන්නට. පරිගණක භාවිතාවට ඉස්සර අපි හැමෝටම තිබුන පුරුද්දක් තමයි අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන එක. ගෙවල් වලින් කිසිම තහනමක් නැහැ. චිත්‍රකතා පත්තර ඉඳල දිවයින බදාදා අතිරේකය දක්වා අපි කියෙව්වා. දැන් හැම blog එකක්මත් පාහේ කියවනවා. හැම වෙලාවේම මට කියන්න තියෙන්නේ නිදි හරිම නිර්භීතයි. අතිශය පෞද්ගලික දේ පවා අනිත් අයටත් යමක් ලබාගන්න පුළුවන් විදිහට ලියන එක.
ReplyDeleteඅර බස්සා මහත්මයා කියලා තියන විදිහටම මටත් හිතෙන්නේ එදවස් වල ජීවිතය මෙච්චර ආතතියෙන් තොර බව තමයි. වැඩිය ඕනේ නැහැ 80 දශකය මගේ ළමා මතකයන් වලත් තියෙන්නේ හෙමින් ජිවිත. නාට්ටියක් හදලා ඒක දිහා බලලා සන්තෝෂ වෙලා කිසිම ආර්ථිකමය ලාබයක් නැතිව ඉන්න එක අදනම් බැරිවෙයි.
නිහඬපාල මහත්තයෝ. ඔයාටත් ගොඩක් ස්තුතියි. පළමුවෙන්ම.
Deleteඔයාලගේ හරවත්- මනස අවදි කරවනසුලු සාකච්ඡා වැඩි දෙනෙකුගේ අවධානයට ලක්විය යුතුමයි. ඒවාට තල්ලුවක් දීම අපේ යුතුකමක්. ඒ යුතුකමයි මං කළේ.
මාත් පොඩි කාලේ ඉඳලා කියවීම් පිපාසයෙන්- දැනුම් පිපාසයෙන් උන්නු කෙනෙක්. ඒ දවස්වල ගෙදරට ගෙනෙන සිල්ලර බඩු ඔතල දෙන පත්තර කෑලි පවා කියවලා මිසක් අහක නොදාපු කෙනෙක්. එහෙම ලැබුණු දැනුමත් පොඩි නෑ.
මට මේ දැන් හිතුණු දෙයක් මේ. අපේ තාත්ත මට ඉස්සෙල්ලම ගෙනත් දුන්නු පොත් දෙක- ගුණසේන එකෙන් ගහපු 'රත්තරන් මාළුවා' සහ 'කොණ්ඩ කිරිල්ල'.
රත්තරන් මාළුවාට ඕනි වෙනවා ලෝකෙම එයාට අයිති කර ගන්න. දෙයියෝ එයාව පුංචි වීදුරු ටැංකියකට දානවා. ඒ කතන්දරේටත් වැඩියෙන් ඒ පාඩම තමා අවුරදු 10- 11 දී මං ඉගෙන ගත්තේ.
ඒ දවස්වල මිනිස්සුන්ගේ අපේක්ෂාවන් අඩුයි- සංකීර්ණකම් අඩුයි. ඉතිං තණ්හාවත් අඩුයි. ඒ හින්දාම වෙන්නැති සැනසිල්ල වැඩියි.
.