li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, June 18, 2026

මතක මතක - දෙවෙනි කොටස

... කරුණාරත්න මහත්තයා මගේ ගැටවර කාලයේ පටන්ම මගේ වීරයෙක් වෙලයි හිටියෙ. ඒ එතුමාව නොදැකම; හමු නොවීම... රෙදෙව්ව හරහා කටහඬ අහලා!

කරුණාරත්න අමරසිංහ මහත්තයා අපේ ගෙවල්වලට සැපත් වුණේ ‘රේඩියෝ සිලෝන්’ එකේ රේඩියෝව හරහා.

රෙදෙව්ව? ඔව් ඔව්, රෙදෙව්ව තමයි; කාටත් හුරු පුරුදු බාසාවෙන් කියනවා නං රේඩියෝ එක.

Radio එකට සිංහල නමක් දාපු කතන්දරේ කියවද්දී මට හිතුණෙ මේකයි. ‘පණ්ඩිතයන්ටත් සමහර වෙලාවට වරදිනවා වගෙයි’. එහෙම කියන්නේ මුනිදාස කුමාරතුංග සිරිමතාණන් නිපැදවූ ‘රෙදෙව්ව’ වදන ජනගත නොවී ක්‍රමයෙන් අභාවයට යමින් පවතින හිංදා.

දැන් කාලේ බොහොමයක් යෞවන යෞවනියන්ගේ වීරයන් වෙන්නේ ටෙලි නළු-නිළියන් වුණාට 1960 / 1970 කාලේ එහෙම නෙවෙයි. පොත් ලියන අය- චිත්‍රකතා අඳින අය- ගායක ගායිකාවෝ- ගුවන් විදුලි නිවේදක නිවේදිකාවෝ, චිත්‍රපට නළු-නිළියෝ වගේ උදවියයි අපේ වීරයෝ වුණේ.
කරුණාරත්න අමරසිංහ මහත්තයා අපේ ගෙවල්වලට සැපත් වුණේ රේඩියෝව හරහා. මගේ ගැන කියනවා නං ‘රෙඩිෆියුෂන්’ එක හරහා. රෙඩිෆියුෂන් තිබ්බේ ඇති-පැති උදවියගෙ ගෙවල්වල තමා. අපිට ඒවා තිබ්බෙ නෑ.

ඒත් ගුවන් විදුලියට; විශේෂයෙන් ගුවන් විදුලි නාට්‍යවලට කන් දීමෙන් මං හීන් එකා සන්දියේදීම ඉගෙනගත් පාඩම් ගොඩයි! 

එතකොට අපි හිටියෙ බදුල්ලේ රේල්වේ ක්වාර්ටස්වල (ලැයිම් පේළියේ) ගෙදරක. බදුල්ලේ ‘සන්දේ’ට පහළින් තිබුණු ඒ දුම්රිය නිවාස පේළියේ එක ගෙදරකටවත් රෙඩිෆියුෂන් තිබුණෙ නෑ. අපේ ගෙදරත් එහෙමමයි.
ඒත් මොකක්දෝ වාසනාවකට වගේ අපේ ගෙදර තිබ්බේ බී.එච්. බණ්ඩාර මහත්තයලගෙ ගෙදරට ඉස්සරහින්; පාරෙන් මෙහා පැත්තෙ. (එතකොට බණ්ඩාර මහත්තය තමයි බදුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී.)

පහතින් තියෙන මේ විස්තර නං මමම ලිව්ව ‘පේව්මන්ට් එකේ රජ වී- 3‘ පෝස්ටුවෙන්...

‘... එතැනම හෝටලයකුත් තිබ්බා. මන්ත්‍රී කතාව මට වැදුණේ අපේ අම්ම නිසයි. "මන්ත්‍රීතුමා අපටත් දුරින් නෑයෙක් වෙනවා." අම්මා ඒ දවස්වලත් හීනියට පම්පෝරි ගහනවා.

තාත්තා එහෙම වෙලාවට කියන්න පුරුදු වෙලා හිටි කතාවක් තියෙනවා."අනේ තමුසෙලගෙ නෑයෝ! ඉස්සෙල්ලාම බදුල්ලට කෝච්චිය එන දවසේ තමුසෙලගෙ තාත්තලා සීයලා නේද තණකොළ කපාගෙන ගෝනි පිටින් උස්සන් ගියේ?" කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් මට නම් එතන තිබ්බෙ හිනාවෙන්න දෙයක් නෙවෙයි. බදුල්ලේ සීයලගේ මනුස්සකමනේ ඒ. ඉස්සර අශ්ව කෝච්චි ඇද්දේ අශ්වයෝ. සීයලා හිතන්න ඇති මේ කෝච්චිත් අදින්නේ අශ්වයන්ය කියලා.

එහේ රේල්වේ ක්වාර්ටර්ස්වල ඉඳිද්දී අපි හුඟ වෙලාවක් රේඩියෝ එක ඇහුවා. ඇහුවා කිව්වාට වැඩිය හරි ඇහුණා කිව්වා නම්. ඒ දවස්වල තිබ්බෙ 'රෙඩිෆියුෂන්'. වයර්ලස් නෙවෙයි. අර මං කිව්ව හෝටලයේ රෙඩිෆියුෂන් එක තුන්සිය හැටපස් දවසෙම, උදේ ඉඳන් රෑ වෙනකල් දාලයි තිබ්බෙ. ඉතින් මට ගොඩක් සිංදු මතක හිටියා. ඇයි 'ගුවන් විදුලි රඟ මඬල'. ඒක ගියේ රෑට. හැබැයි මං නොවැරදීම ඇහුවා. අර ප්‍රතිපත්තිය මගේ හිතට වැදුණේ ඒකෙන්, එක නාට්‍යයකින්.

ඒත් ගුවන් විදුලියට; විශේෂයෙන් ගුවන් විදුලි නාට්‍යවලට කන් දීමෙන් මං හීන් එකා සන්දියේදීම ඉගෙනගත් පාඩම් ගොඩයි! (මට අවුරුදු හයේදී විතර ලොකු නංගි පුෂ්පා රංජනීත් එක්ක. හම ගිහින් තිබුණු ෆොටෝවකට පණ දුන් නමීට ගොඩක් ස්තුතියි!)

ඔන්න හොරෙක් රජ මාළිගාවකට යනවා හොරකම් කරන්න. මේකා පුළුවන් තරම් රිදී-රත්තරන් බඩු පොදි ගහලා ගෝනියක දමාගෙන එන්න හදද්දී කකුල වදිනවා මොකකද. ඇයි කළුවරේනේ. බලනකොට එයාගෙ කකුලේ ඇඟිල්ලක නියපොත්ත කැඩිලා. මේ මිනිහා පණ දාගෙන නියපොතු කෑල්ල හොයනවා එළි වෙනකල්ම. රාජ පුරුෂයෝ මේ හොරාව අල්ලලා, කුදලලා බැඳගෙන රජතුමා ඉදිරියට ගෙනියනවා. රජ්ජුරුවෝ හොරාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.

"යුෂ්මතා හොරකම් කරගත්තා නම් ඇයි එළිවෙනකල් මාළිගාවේ රැඳී හිටියේ?"

"අනේ ස්වාමීනි, මම මගේ කැඩුණු නියපොතු කෑල්ල හෙව්වා." දැන් රජතුමාටයි, රාජ සභාවටයි මේක හරිම ප්‍රශ්නයක්. නියපොතු කෑල්ලක් එච්චර වටිනවාද?

"නියපොතු කෑල්ල වටින්නේ නැහැ තමයි රජතුමනි. ඒත් මං කොහොමද ඒක අත් ඇරදාලා යන්නේ? මට හොරකම් කරගන්න පුළුවන් වුණේ ඔබතුමා පොහොසතෙක් නිසා. ඔබතුමා දුප්පත් වුණොත්.....මට පුළුවන්ද ආයෙමත් මෙහෙන් හොරකම් කරගන්න. මං දන්නා විදියට නම් නියපොතු කෑලි පෑගි-පෑගී තියෙන්න ගියොත් ඔබතුමා දුප්පත් වෙනවනේ." හොරා කියනවා!

"මං නැති-බැරිකමට ඔබතුමාගෙන් හොරකම් කළා තමයි. හැබැයි, මං ඔබතුමාට ආදරෙයි, කරුණාවයි. දැන-දැනම ඔබතුමාව දුප්පත් වෙන්න අරින්න පුළුවන්යැ."

‘ගුවන් විදුලි රඟ මඬල’ වගේම තවත් අතිශයින් ජනප්‍රිය වෙච්ච වැඩ සටහනක් තමයි ‘මුවන් පැලැස්ස’ නාට්‍යය.

ගුවන් විදුලි ශිල්පීන් අතරෙත් ‘එක එක කල්ලි’ ගැහීම් තිබුණු විත්තියක් ගැටවර වයසෙදි මට හැඟුණා. මට එහෙම හිතුණෙ වික්ටර් මිගෙල්, ගැමුණු විජේසූරිය, ධර්ම ශ්‍රී මුණසිංහ, මුදලිනායක සෝමරත්න, වොලී නානායක්කාර, නෙතලි නානායක්කාර වගේ උදවිය එක කල්ලියක් විදිහට දැනුණු නිසයි. (සමහර විට මං වැරදි වෙන්නත් ඉඩ තියෙනවා- හොඳේ!)

‘විසි පැන’ වැඩ සටහනින් මගේ හිතට වැදුණු ජේ.එච්. ජයවර්ධන, ට්‍රිලීෂියා ගුණවර්ධන තවත් අතිදක්ෂ ගුවන් විදුලි ශිල්පීන් දෙදෙනෙක්.

කරුණාරත්න අමරසිංහ මහත්තයා ‘ගලබොඩ අප්පෝ’ වුණු ‘ගජමුතු’ නාට්‍යයේදී, මුතූ කියපු කවි දෙකක් මට කටපාඩම් වුණත් එක්ක. මං හිතන්නේ මට ඒ කවි දෙක මිහිරට ගායනා කරන්නත් යම්කිසි හැකියාවක් තිබ්බ කියලයි. ඒ ගැන ‘ආදර පූජාසනේ- 5’ post එකේදී මෙහෙම ලියැවුණේ අවුරුදු හයකට කලින්.

    ‘ඉරුගල් නුවර ඉරුගල පවතිනා       තුරු
    සඳගල් නුවර සඳගල පවතිනා          තුරු
    මැද මහනුවර රන්කොත පවතිනා  තුරු
    හිමියනි ඔබ පතමි සසරෙහි වසන තුරු’

කුලහීන මුතූගේ චරිතයට නිරංජලා සරෝජිනී පීරිසුත්...

මතකද? ඒ ජන කවියක් ටිකාක් විතර modify කර හදාගත්තකි. එහෙම කිරීමේ ගෞරවය යන්නට ඕනේ ‘ධර්ම ශ්‍රී මුණසිංහ’ ගුවන් විදුලි නාට්‍ය රචකයාටය. ඔහු වෙනස් කර තිබ්බේ කවියේ අන්තිම පදයයි.

‘කෙළලා යන්ට නොදෙමුව දිවි තිබෙන තුරු’ යනුවෙනි original කවියේ අන්තිම පදය තිබුණේ. ධර්ම ශ්‍රී අතිදක්ෂ විදිහට, ඔහොම කවිය වෙනස් කළේ ‘ගජමුතු’ ගුවන් විදුලි නාට්‍යයටයි. නාට්‍යයේදී කවිය කියන්නී ‘මුතූ’ය. යළි-යළිත් ඒ කවිය ගයන්නැයි මුතූට කියන්නේ ‘ගලබොඩ අප්පෝ’යි.

කුලහීන මුතූගේ චරිතයට නිරංජලා සරෝජිනී පීරිසුත්, වංශවත් ගලබොඩ අප්පෝ (නිලමේ) චරිතයට කරුණාරත්න අමරසිංහත් අපූරුවට හඬ දුන්නෝය! ඒ ගුවන් විදුලි නාට්‍යය ‘මුවන් පැලැස්ස’ටත් වැඩියෙන් ජනප්‍රිය වුණා කියලාය මට හිතෙන්නේ.

කලවැද්දෙක් කොස් ගහකට නැඟලා වැල ගෙඩි බරු ගහතෙයි
තෙ තෙයි තෙයි වැල ගෙඩි බරු ගහතෙයි//
ඌගේ පැටියෝ ඒවා කාලා - අතු උඩ දුව පනිතෙයි
තෙ තෙයි තෙයි අතු උඩ දුව පනිතෙයි//

‘කලවැදි සවුදමේ’ එන ඒ කවියත් මුතූ සමහර දවසක ගැයුවාය.

ඊට අවුරුදු කීපයකට පස්සේ පනාගොඩ,අසෝක කපුරුගේ (තරුණ ජනගහන කමිටුවේ) මිත්‍රයාගේ ගෙදරට ගොඩවැදෙන වාරයක් ගණනේ මට අර කවි දෙක නොකියා එන්නට ඉඩක් ලැබුණේම නැත! ඒ අසෝකලාගේ තාත්තාගෙනි. මං හිතන්නේ ‘නිරංජලා’ තරම්ම නැතත් මා ඒවා මිහිරට ගායනා කරන්නට ඇතිවා විය යුතුය...’

ඔයාලා දන්නවද? ‘නිදිගෙ පංච තන්තරේ’ ලියැවෙන ශෛලිය ගැන අපේ ආදරණීය පාඨකයන්ගෙන් කියැවෙන අදහසක් තමයි ‘හතර වටේ පඳුරු තලනවා’ කියන එක. ඇත්ත, සහතික ඇත්ත. මං එහෙම කරනවා තමයි!
විෂ්ණු ශර්මන් පඬිතුමාගෙ ‘පංච තන්ත්‍ර කෘතියේ ලේඛන රටාව' මේ posts රචනයට තෝරා ගනිද්දිත්; මුලදිමත් මං වහන්සේ දැනගෙන උන්න මෙහෙම විවේචනයක් එත හැකි බව. ඒත් ඉතිං මක්කැයි කරන්නේ? කියන්න කාරණා ගොඩකොට... මතකයන් ගොඩකොට...

මගේ විදිහටම ලියාගෙන යනවා නං දැන් කරන්න තියෙන්නේ ගොඩගේ මහත්තයා ගැන විස්තර ටිකක් ලියල ඉන්නයි. ඒ මොකද දන්නවද?
ඉහතින් කියාගෙන ආව (මගේ වීරයෙක් වෙන) කරුණාරත්න අමරසිංහ මහත්තයව පළමු වතාවට මට මුණ ගැසෙන්නටත් ගොඩගේ සිරිමතාණන් අනියමින් වගේ දායක වෙච්චි නිසා!
ඒක වුණේ ‘හිනා වෙන්න හිනා’ පොත අච්චු ගැහිල්ලේදී. ඒත් ඊට ඉස්සෙල්ලානේ යුවති කිරිල්ලී අච්චු ගැහුවේ.

‘යුවති කිරිල්ලී’ පොත ගහලා ගොඩ ගියත්, ඒකෙන්ම මට පොත් කෙරුවාව ඇති වුණා. අපරාදේ කියන්න බෑ, ගිහාන් ශ්‍රීනාත් සහෘදයා පොත බෙදා හරින්න පුදුම විදිහට මහන්සි වුණා. එයාට ඒ වගේ සිය ගුණයක් මහන්සි වෙන්න වුණා එහෙම බෙදා හැරිය පොත්වල සල්ලි එකතු කරන්න.

ප්‍රියන්ජන් බහුශ්‍රැතයෙකි; ප්‍රිය මනාප සංවාදශීලියෙකි; හොඳ පාඨකයෙකි; ඒ මදිවාට උමතු සිනමාලෝලියෙකි! (ප්‍රියන්ජන්, ඔහුගේ ප්‍රියම්බිකාව සහ එකම දියණිය චිත්රූ පාඨලී සමඟ)

“ඇත්තමයි නිමල් අයියේ, ලංකාවේ ගොඩක් පොත් සාප්පුකාරයොත් මස් කඩකාරයෝ වගේ. සමහරු ඊටත් හපන්... චිඃ විතරක්!” ගිහාන් ශ්‍රීනාත් කිව්වේ හොඳටෝම කලකිරිච්ච tone එකකින්.

“මොකෝ ගිහාන්, අද නං ඔය මහත්තයගේ හොඳටම මූඩ් එක බැහැලා?”

“ගොඩක් පොත් සාප්පුවලින් විකිණුනාට පස්සේ සල්ලි ගෙවන කොන්දේසිය යටතෙනෙ පොත් ගන්නේ. ඒකත් පොත් පහක් විතර- දහයක් ගන්නේ එහෙමත් කෙනෙක් විතරයි. හිතන්නකො ඔයාගේ පොතෙන් copies පහක් දාපු සාප්පුවකට ගියා කියල සල්ලි ගන්න. පොත් හතරක් විකිණිලා තිබ්බත් සාප්පුකාරයා කියන්නේ අනෙක් පොතත් විකිණුනාට පස්සෙම පොත්වල සල්ලි දෙන්නං කියල. ඇත්තමයි නිමල් අයියෙ... මේ කෙරුවාව ඉක්මනටම නවත්තල දාන්නයි මට හිතිලා තියෙන්නේ.”

ඒ තත්ත්වය දැන්වත් වෙනස් වෙලා ඇතිද?
ඒ දවස්වල හැම නගරයකම පාහේ පොත් සාප්පුවක් බැගින්වත් තිබිණි. ඒත් ඒවායින් වැඩි හරියක් වැසී ගොසින්ය.

මා දන්නා තරමින් 60-70 කාලයේ මහරගම පොත් සාප්පු දෙකක් තිබිණි. සරසවි පොත් හල හා නාලන්දා පොත් හල. (මගේ මතකය නිවැරදි නම් නාලන්දා සාප්පුව හිමිකාර වෙත්තසිංහ මහතා ‘නාග මාණික්‍යය 1 සහ 2’ නම් චිත්‍රකතා පොත් දෙකකුත් ප්‍රකාශනය කළේය.) ඒ අතර කාලයේ ‘සුමලී’ නමින් තවත් පොත් හලක් මහරගමට එකතු විණි.   

ටික කලකින් නාලන්දාව වැසී ගියේය. සුමලීත්...
ජාතියට කියවීම පුරුදු කළ ‘ගුණසේන’ සමාගමේ ශාඛාවකුත් මහරගමට සපැමිණියත් වැඩිකල් නොගොසින්ම පිටව ගියේය. එහෙම වුණේ ඇයි?

‘1960 ගණන්වලදී මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත් පවා මුද්‍රණයවී තිබුණේ 4,000- 5,000 බැගින්ය.

සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ ‘ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජින’ පොතේ පළමු මුද්‍රණයෙදී පොත් දෙදහසක් පළ විණි. ඒ 1922 අවුරුද්දෙදීය. 1923 දී ‘හිඟන කොල්ලා’ පළ වෙද්දී එකෑවරම පොත් 20,000ක් අච්චු ගස්වලාය!

අද්‍යතන තත්ත්වය මා නොදන්නා මුත්, මෑතකාලීන අතීතයේ පොතකින් මුද්‍රණය වෙන පිටපත් ගණන බොහෝ විට 500- 1,000 අතරේ ගණනක හිරවී තිබුණු බව නම් දනිමි. (එදාට වඩා ශ්‍රී ලංකාවේ ජනගහනය කොතරම් වැඩි වෙලාද?)

මේ කියවෙන්නේ අපේ කියවීමේ රුචිය පල්ලම් බැස ඇති විත්තියක්ද?

එහෙමත් නැතිනම් ජාතියක් වශයෙන්ම අප බුද්ධිමය පිපාසාවකින් නොපෙළෙන බවද....’

ඉතිං මේ නිමල් දිසානායකයා 2006 කාලයේ පොත් පළ කිරීම ගැන උකටලීව; චුට්ටක් විතර කලකිරීමෙන් හිටින අතරේ කෙරුණු අල්ලාප-සල්ලාපයකදී මහින්ද කුමාර දළුපොත සහෘදයා මගෙන් අහපි ප්‍රශ්නයක්.
“ඔයාගේ පළමුවෙනි පොතෙන් පිටපත් 3,000ක් ගියා නං- පොත කියවන අයගෙන් තවමත් ඔයාට ලියුම් එනවා නං- ඒකෙන් පේන්නෙ පොත පාඨකයන්ට අල්ලලා ගිය බව නේද? ඇයි නිමල් අයියා ඒ පොතේ රීප්‍රින්ට් එකක් කරන්නැත්තේ...”

අනෙක මං ඔය වැඩවලට රස්තියාදු ගහන්න අකැමැති කෙනෙක්නෙ මහත්තයෝ!

“එකෙන්ම එපා වුණා දළුපොත මහත්තයෝ...” මං එයාට පොත් ප්‍රකාශනයේදී මට එතෙක් ලැබිලා තිබුණු තරමක් අමිහිරි අත්දැකීම් ටික විස්තර කළා. “අනෙක මං ඔය වැඩවලට රස්තියාදු ගහන්න අකැමැති කෙනෙක්නෙ මහත්තයෝ.”

“ඔය කරදර එකක්වත් නැහැනෙ ඔයාගේ පොත පබ්ලිෂර් කෙනෙක්ට දුන්නා නං... මොකද කියන්නේ? මම ගොඩගේ මහත්තයට කතා කරන්නං, නිමල් අයියා පොත එහාට දෙන්න කැමැතියි නං. ඔයාට කර්තෘ භාගය විදිහට පොතේ වටිනාකමින් 100% ක් සල්ලිවලින් හම්බ වෙයි. තව පොත් දහයකුත් හම්බ වෙයි... ඊට අමතරව තවත් පොත් ඔයාට ඕනි නං සීයට පනහ ගණනේ ගන්නත් පුළුවනි.”

ඒ වතාවෙත් මං වහන්සේට ගොඩගේ මහත්තයාව මුණ නොගැසිණි. නමුත් යුවති කිරිල්ලී දෙවෙනි මුද්‍රණය කෙරීගෙන ගියේය.

“නිමල් අයියේ, අද හෙටම වෙලාවක අපි යමු ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා හම්බ වෙන්න. එයා තමයි ඔයාගෙ පොතේ කවරෙ හදන්නේ. ඔයා පහට off වෙනකොට මම press එකට එන්නං. විනාඩි පහක් යයි ප්‍රියන්ජන්ලගෙ ගෙදරට යන්න.”
“එච්චර ඉක්මනට  යන්න... එයා ඉන්නෙත් විජේරාමෙමද?”
“මං හිතුවේ ඔයා දන්නවත් ඇති කියලා..”

ඒ ගමනෙන් මගේ හිතවතුන් අතරට තවත් කෙනෙක් එකතු විය. ප්‍රියන්ජන් බහුශ්‍රැතයෙකි; ප්‍රිය මනාප සංවාදශීලියෙකි; හොඳ පාඨකයෙකි; ඒ මදිවාට උමතු සිනමාලෝලියෙකි!

“මගේ අම්මෝ! මෙච්චර DVD එකතුවක්! ප්‍රියන්ජන්ට මේවා බලන්න වෙලාවක් කොහෙන්ද?”
“ඉඩක් හම්බ වුණු ගමන් බලනවා... අවම වශයෙන් දවසකට එකක්වත් බලනවා- සමහර දවසකදී films තුනක් විතර බලන වෙලාවලුත් තියෙනවා. අදනෙ දන්නෙ ඔයත් චිත්‍රපට පිස්සෙක් බව. මේවයින් ඔයා කැමැති කීපයක් අරං ගිහිං බලලා ගේන්න!” ප්‍රියන්ජන් එදාම මට කිව්වේය.

යුවති කිරිල්ලී දෙවෙනි මුද්‍රණය කෙරුණේ 2006 අවුරුද්දෙය.
ඊට කලින් 2000දීය, මංජුල වෙඩිවර්ධන ‘මේරි නම් වූ මරියා’ පොත මුද්‍රණයට රැගෙන ආවේ. පොත අච්චු ගහමින් තිබෙන අතරේ ‘තහනම් කෙරුණු හැටි’ත්, පොතෙන් පිටපත් තුන්සීයක් බේරා ගන්නට මා යෙදූ
උප්පරවැට්ටිත්, CID නිලදරුවන් හමුවේ කළ-කී දේවලුත් දයාබර පාඨක ඔබ දැනටමත් කියවා තිබෙනවා නේද?

ඒ posts දෙකේදී නොකියැවුණු කොටසය මේ.

හදලා තිබුණු සේරම පොතුත්, ඉතිරි වී තිබුණු පෝරමත්, කවරත්, ප්ලේට්ස්තුත්, පොසිටිව්ස් හා ට්‍රේසින් පේපරුත් ඔක්කොම අරගෙනයි CID නිලධාරීන් ගියේ. ඊට පස්සේ අපේ බොස්; සුදු මහත්තයා මට කතා කළා.
“ඔයා ගොඩගේ මහත්තයට කියන්න වෙච්ච දේ... බර පාඩුවක්නෙ. මොකද කරන්නේ කියලත් අහන්න.”

එවෙලේ නං මට මතක් වුණේ ලෝමහංස ජාතකයේ තාපසයා...

මාත් එවෙලේම ගොඩගේ මහත්තයට ටෙලිෆෝන් කළා. ඇලපිල්ලක් ඉස්පිල්ලක් නෑර සේරම විස්තරෙත් ගොඩගේ මහත්තයට කිව්වා. එතුමා බොහොම ඉවසීමෙන්, සුසුමක්වත් නොහෙළා මගේ විස්තරේට කන් දුන්නා. අන්තිමට අර උපේක්ෂා සහගත කටහඬින් මෙහෙමත් කිව්වා.

“ව්‍යාපාරයක් කරනකොට නිමල්, ලාභ වගේම අලාභත් විඳින්න ලෑස්ති වෙලා ඉන්න එපැයි. අපි ඒ පාඩුව දරා ගන්නං. පියසිරි මහත්තයට කියන්න වෙච්ච කරදරයට මටත් ගොඩක් කනගාටුය කියලා. ඔයාලා පොත අච්චු ගැහුව විදිහටම ගණන් හදලා බිලක් එවන්න, වෙනද විදිහටම.”

එවෙලේ නං මට මතක් වුණේ ලෝමහංස ජාතකයේ තාපසයා... ඒත් මහාචාර්යතුමෙක් බලු වැඩක් කරන්න ගියාමත් ගොඩගේ මහත්තයා ක්ෂාන්තිවාදී තාපසයා වෙන්න හදපු වෙලාවේ නං මගෙත් මළ පැන්නා!

ඒ විස්තරේ සහසුද්දෙන්ම ලියන්නංකො ‘මතක මතක 3’න්...

45 comments:

  1. හොඳම පෝස්ට් එකක් මචන් නිමල් ඇත්තටම මංජුල වෙඩිවර්ධනට කරපු වැඩේ නම් මහ අමන වැඩක්

    බලපන් නිමල්, මේක මහ අසික්කිත, පාදඩ වැඩක්!

    මංජුලගේ 'මේරි නම් වූ මරියා' කියන ඒ ලස්සන, නිර්මාණශීලී පොත තහනම් කරපු විදිය දැක්කම මට ඇතිවෙන්නේ මහා පිළිකුලක්. ඕක කවුද කළේ? අර කාදිනල් තට්ට මයිනා කියන අමන මූලධර්මවාදී ආගමික චරිතයයි, උගේ වටේ ඉන්න සිරිල් ගමීනී වගේ කාලකන්නි රැලයි නෙවෙයිද?

    ඕකුන්ගේ ඉතිහාසය බලපන්. ලංකාවේ අවුරුදු තිහක් තිස්සේ පැවතිච්ච ඒ කුරිරු යුද්ධ කාලේ, මුන් මොකද කළේ? රට විනාශ කරපු ටෙරාලට කඩේ ගියා. ඒ අහිංසක මිනිස්සුන්ගේ ලේ මතින්, විදේශ දමිළ ඩයස්පෝරාවෙන් ඩොලර් මිලියන ගණන් තමුන්ගේ මඩිස්සලවලට පුරවාගත්තා.

    ඊටපස්සේ මොකද කළේ? අර මෝඩ නන්දසේනව අන්දලා, රටේ රාජ්‍ය බලයයි හමුදාවයි පාවිච්චි කරලා, උන්ගෙන් නොමිලේ කෝටි ගණන් වටින වැඩ තමුන්ගේ පෞද්ගලික දේපළවලට කරවාගත්තා. ඒක මුන්ගේ හැටි.

    දැන් බලපන්, අලුතින් පත්වුණු මේ ආණ්ඩුවත් උන් අල්ලාගෙන ඉවරයි. අර තට්ට මයිනාට ඕන විදියට තමුන්ගේ ගෝලබාලයෝ ටික රජයේ ඉහළ තනතුරුවලට රිංගවාගෙන තියෙනවා. රටේ ස්වෛරීභාවය ගැන හිතන්නේ නැතුව, දෙමළ ඩයස්පෝරාවට ඕන දේවල් කරලා දෙමින් තවමත් ඩොලර් මිලියන ගණනින් මුදල් උපයනවා. මුන් මහ කාලකණ්නි රැලක්, නිමල්!"

    මට තියෙන ලොකුම වේදනාව ඒක විතරක් නෙවෙයි,මුන් මේ කරන්නේ දෙවියන් වහන්සේව විතරක් නෙවෙයි, මුළු ලෝකයටම අවිහිංසාව, ආදරය සහ කරුණාව දේශනා කරපු ඒ ශාස්තෘවරයාණන් වන ජේසුස් වහන්සේට කරන මහා අපහාසයක්. ආගමේ නාමයෙන් දේශපාලනය සහ වෙළඳාම කරන මේ වගේ කාලකන්නි චරිත නිසා නියම ආගමික දර්ශනයන් පවා කෙලෙසෙනවා.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ

      කතෝලික අය වූණාට අපි ඇත්ත කතා කළොත් ඔය පොත හරහා ශුද්ධ වූ මරිය මවු තුමිය ගැන මංජුල වෙඩිවර්ධන ලියපු "මේරි නම් වූ මරියා" කෘතිය දෙස කතෝලිකයෙකුගේ හෘද සාක්ෂියට එකඟව, ආදරණීය බැල්මක් හෙළමින් කතා කළොත් මංජුල වෙඩිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ, සංවේදී ලේඛකයෙක්. ඔහුගේ භාෂා ශෛලියට මම පුද්ගලිකව කැමතියි. හැබැයි ඔහු ලියපු 'මේරි නම් වූ මරියා' පොත කියවද්දී කතෝලිකයෙක් විදිහට මගේ හිතේ ඇතිවුණේ සතුටකට වඩා ලොකු ආගමික කම්පනයක් සහ රිදීමක්.

      ලේඛකයෙකුට තමන්ගේ පරිකල්පනය නිදහසේ පාවිච්චි කරන්න අයිතියක් තියෙනවා තමයි. හැබැයි ලෝකයක් වන්දනා කරන, අපේ ආත්මයටත් වඩා ආදරය කරන කන්‍යා මරිය තුමිය වගේ පූජනීය චරිතයක්, නවකතාවක හෝ කෙටිකතාවක සාමාන්‍ය ලෞකික ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය වෙද්දී ඒක දරාගන්න එක කතෝලික අපිට ලේසි නෑ. අපිට මරිය තුමිය කියන්නේ හුදෙක් පොතක ඉන්න චරිතයක් නෙවෙයි; ඇය අපේ ආදරණීය ස්වර්ගීය මෑණියෝ.

      කතෝලික සභාවේ ශුද්ධ වූ බයිබලයට ඇතුළත් නොවුණු, මුල් යුගයේ ප්‍රතික්ෂේප වුණු 'ග්නොස්ටික්' (Gnostic) මිථ්‍යා මත සහ බාහිර ලියවිලි (Apocrypha) පදනම් කරගෙන තමයි මෙවැනි කෘති බිහිවෙන්නේ. ජේසුස් වහන්සේගේ සහ මරිය තුමියගේ ජීවිතය ගැන බයිබලයෙන් බැහැර වුණු, සමාජයීය හෝ දේශපාලනික කියවීම් කරන්න සාහිත්‍යකරුවන්ට පුළුවන් වුණත්, ඒවායින් අපේ ඇදහිල්ලේ තියෙන පූජනීයත්වයට හානි වෙනවා.

      කලාවක් විදිහට මෙහි ඇති සාහිත්‍යමය වටිනාකම ඉතිහාසඥයින්ට හෝ විචාරකයින්ට වැදගත් වෙන්න පුළුවන්. ඒත්, මගේ හදවත ඉල්ලන්නේ අපේ අම්මාව ඇය සිටින ඒ උත්කෘෂ්ට, පිවිතුරු ස්ථානයේම තබා ගෞරව කරන්නයි. ඒ නිසාම, මේ පොත කියවද්දී දැනෙන සාහිත්‍යමය කුතුහලයට වඩා, මගේ ආගමික විශ්වාසයට සහ භක්තියට සිදුවන රිදීම වැඩියි.

      මම විශ්වාස කරන්නේ, කලාවට මිනිස් හිත් සුවපත් කරන්න පුළුවන් වගේම, මිලියන ගණනකගේ පූජනීය විශ්වාසයන්ට සංවේදී වෙන්නත් කලාවට සහ කලාකරුවාට වගකීමක් තියෙනවා කියලයි.

      ඊළඟට ඔයා කියපු විදියටම අපේ කතෝලික සභාවේ කාදිනල් තුමා පල්ලියේ නීති-රීති සහ සාම්ප්‍රදායික වතාවත් සම්බන්ධයෙන් ඉතා දැඩි මතයක සිටින කෙනෙක්. උදාහරණයක් විදිහට, පූජාසන සේවය සඳහා ගැහැණු ළමයින් සම්බන්ධ කර නොගැනීමට එතුමා ගත් තීරණ සහ බටහිර ලිබරල් සංස්කෘතික සිරිත් පල්ලි තුළට පැමිණීමට එරෙහි වීම වැනි දේ නිසා, පල්ලියේ නවීකරණයක් බලාපොරොත්තු වන ඇතැම් තරුණ සහ ලිබරල් කතෝලිකයන් අතර එතුමාගේ ඇතැම් තීරණ විවේචනයට ලක්වෙනවා.

      එතුමාගේ අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් පිළිබඳ විවේචන සහ විවිධ කාලවලදී විවිධ දේශපාලන නායකයින් සමඟ සමීපව කටයුතු කිරීම සහ පසුව ඔවුන්ව දැඩිව විවේචනය කිරීම වැනි දේශපාලනික හැසිරීම් නිසා බෝහෝ කතෝලිකයන් එතුමාට එරෙහිව කතා කරනවා, මේ දවස්වල කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා අරන් යන්නේ වෙනම ඇජන්ඩා එකක්. ඔයා කියපු විදියටම ගෝඨාභයගේ සමයේ ගෝඨාභයගෙන් කතෝලික සභාවට ගන්න පුලුවන් හැම උදව්වක්ම මේ කාදිනල්තුමා ගත්තා.පස්සේ බෙදුම්වාදී ඩයස්පෝරාව සතුටු කරගෙන ඔවුන්ගෙන් අවශ්‍ය සියලුම මූල්‍ය අනුග්‍රහය ලබාගැනීමට ඔහු සමග විරසක වී බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවය මත පලිගැනීමක් මේ කරන්නේ.ඇසට ඇස මරණයට මරණය වගේ මෝසෙස්ගේ ආධී ක්‍රම යේසුස් වහන්සේ කුරුසි පූජාවෙන් අහෝසි කරා.
      අපියි කතෝලිකයන්, අපියි වින්ඳිතයින්,කාදිනල්තුමා වින්ඳිතයෙක් නෙවෙයි,සිරිල් පියතුමා වින්ඳිතයෙක් නෙවෙයි.අපිට පලිගැනීමක් ඕන නෑ.
      අපි මේ කම්බුලට ගැහුවොත් අනෙකත් අල්ලන නියම කතෝලිකයන්.
      කාලෙන් කාලෙට කාදිනල් සහ සිරිල් පියතුමා එක එක මහ මොළකරුවන් ගේනවා, මේ දෙන්නා අපිව ඇන්ඳුවා. සැකකරුවන්ට වද පමුණුවන්න එපා, බට බස්සන්න එපා, බල්ලන්ට වගේ සලකන්නේ ඇයි මිනිස්සුන්ට,අපිට එහෙව් සාධාරණයක් එපා.
      අධිකරණයට පිටින් කිසිවක් කරන්න එපා.සමස්ත කතෝලික ජනතාව කියන්නේ ඒකයි

      Delete
    2. Ano මහතාටත් Ashley Fernando මහතාටත් බෙහෙවින්ම ස්තුතියි පළකොට තිබෙන අදහස් වෙනුවෙන්.

      Delete
    3. @ Ashley

      පාර්ලිමේන්තුවේ ඔය විමර්ශන මෙහෙයවන නිලධාරීන් පත් කලේ කාදිනල්ගේ ඉල්ලීම නිසාම බවට බිමල් රත්නායකගේ ප්‍රකාශය කාදිනල්ට ප්‍රශ්නයක් වුණේ එහි තිබෙන අනිවාර්ය අනාගත අර්බුදය නීති විශාරදයින් විසින් පෙන්වා දුන් පසුවයි.

      එතකල් ඔයාලගෙ කාදිනල් උතුමාණන් හිතුවේ ඒකෙන් එයාට ලකුණු වැටුණා කියලා. කාදිනල්තුමා පුද්ගලයෙක් වශයෙන් කට්ට කෛරාටික නපුරු දුෂ්ට කෙනෙක් උනාට ඒ අතින් නම් හරිම මෝඩයි. ඔහු කපටියෙක් වුණාට තියුණු බුද්ධියක් නැති අහංකාර මෝඩ පුද්ගලයෙක් බව දැන් පැහැදිලියි

      සිරිල් ලොක්කා කලබල වෙලා හදිසියේ ඇවිල්ලා “අපි කිව්වේ නැහැ… අපි කිව්වේ නැහැ…” කියලා එකපාරටම කිව්වේ ඒකයි. දැන් එහෙම කිව්වට වැඩක් නැහැ සිරිල් ලොක්කෝ. දැන් පරක්කු වැඩියි.

      බිමල් ඒක ගානට හැන්සාඩ් ගත කරලා ඉවරයි.

      කාදිනල්ගෙන් කුණු බැනුම් අහගෙන බිමල් ඕක දැන් ඉල්ලා අස් කර ගත්තත් දැන් වැඩක් නැහැ. ඒ ප්‍රකාශය අනාගතයේ ඔය නඩු විභාගය අහෝසි වෙන්න ප්‍රධාන ම හේතුවක් බව නීතිය ගැන දන්න කවුරුත් දන්නවා.

      නඩුව පටන් ගන්න කොටම බිමල් නඩුව අවසන් කළා.

      බිමල් ඒ කථාවේ තවත් ඉතාම වැදගත් දෙයක් කියනවා. ඒ තමයි ශානි කියන්නේ පාස්කු ප්‍රහාරයේ “වින්දිතයෙක්” කියලා. ඒකත් බිමල් හිතලාමයි කියන්නේ.

      නීතිය ගැන පොඩි හරි දැනුමක් තියෙන මිනිහෙක් දන්නවා යම් අපරාධමය සිදුවීමක වින්දිතයෙක්ව අදාළ පරීක්ෂණය මෙහෙයවන්න කිසිසේත්ම දාන්නේ නැහැ. ඒක රෝම ලන්දේසි නීතිය විතරක්ම නෙවෙයි ලොවපුරා මූලික නීති මූලධර්මයන් වන ස්වභාවික යුක්තිය පිළිබඳ principals of natural justice
      යුක්ති මූල ධර්මවලට පටහැනියි.

      පරීක්ෂණ මෙහෙයවන්න ඕනා චූදිතයන් හෝ වින්දිතයන් හෝ නොවන ස්වාධීන අපක්ෂපාතී තුන්වැනි පාර්ශවයක්.

      වින්දිතයෙක්ව පරීක්ෂණය කරන්න දැම්මා කිව්ව ගමන් ඒ පරීක්ෂණයට කිසිම පිළිගැනීමක් නැති වෙනවා. ඕක මුල ඉඳලම පල් පුස්සක්.

      ඒකයි අපි කියන්නේ ඔය දැන් කරන පරීක්ෂණය තනිකරම බොරු රංගනයක් කියලා. කාදිනල් හදන්නේ ඕක පාවිච්චි කරලා මැරෙන කල් පට්ටම තියා ගන්න. හැරමිට්ට ගගහා රට රටවල රවුම් ගහන්න. ඌරු මස් කකා වයින් බිබී අධි සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන්න. එයා ආතල් ගත්තට අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර මළවුන්ගේ පිටින් ඒවා කරන එක තමයි වනචර. උන්ටත් හොඳ නම් ඉතින් අපට කමක් නැහැ. මෝඩ බැටළුවොනේ.

      අනුර කරන්නේ තමන්ගේ මිනීමරු ආණ්ඩුවේ අන්ත අසාර්ථකත්වය වහගන්න රටේ මිනිස්සුන්ට ගොන් ආතල් එකක් දෙන එක. ආර්ථික ප්‍රශ්න අමතක කරවන්න.

      ඒ වගේම පාස්කු ප්‍රහාරයට ඊබ්‍රාහිම් නානා හරහ ඔවුන්ගේ ඇති සම්බන්ධය වසන් කිරීමට පරීක්ෂණ අවුල් කිරීම. දැන් පාස්කු ප්‍රහාරය තමයි ජනප්‍රියම ටෙලිය. දෙවැනි ඉනිම පරාදයි.

      බිමල්ගේ ප්‍රකාශය අනාගතයේ නඩු නිමිත්තක් වෙනවා. සිය දේශපාලන ප්‍රතිවාදීන්ට වධ දී ඝාතනය කිරීම සඳහා කාදිනල් සමග කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් අනුරට නඩු වැටෙනවා. බිමල් පක්ෂයේ නායකයා වෙනවා. ඕක තමයි කපටි දේශපාලනය.

      Delete
    4. @ all

      මමත් දැක්ක මොක්කුද යූටියුබ් කාරයෝ දෙන්නෙක් පාස්කුව ගැන යූ ටියුබ් වාදයක් තිබිලා පොහොට්ටුවේ එකා පැරදිලා කියල මාලිමා ජෙප්පො චූන් වෙලා උඩදාගෙන කිරිබත් කනව දැක්කා

      ඔය පාර්ශව දෙකටම අයිති නැති අපිට තියන ප්‍රස්නෙ මේකයි !

      ජෙප්පන්ට අනුව සලේ මහමොලකරු බව 100%ක්ම තහවුරු වෙලා ඉවරයි. ඌ තමා රාජපක්සලගෙ වුවමනාවට මේක කෝඩිනේට් කරල තියෙන්නෙ. සාක්ෂිත් තියනවා. 100% සහතික නිසා තීන්දුවට නඩුකාරයෙක් අත්සන ගහන්න විතරයි තියෙන්නෙ

      අර තරිඳු කියන බුවා ආවට ගියාට දෙයක් කියන්නෙත් නෑලු. මිනිහා FBI ලෙවල් එකෙන් පරීක්සන කරලා, ලැබ් ටෙස්ට් කරලා, 100% ට දාහක් විතර සහතික කරගෙන සියලුම නිගමන අරන් තමා ලු කියන්නෙ. පොරත් කියනවලු සලේ තමා කියල 100%ක්ම මේක කලේ

      අපිත් දැන් ආසයි, උසාවියෙ නඩුවක් ගොනු කරලා දෙපැත්තටම තර්ක සාක්ෂි ඉදිරිපත් වෙලා ඕකෙ ඇත්ත නැත්ත එලියට එනවා බලන්න

      කොහොමත් ඊළඟ ජනාධිපතිවරණෙ එනකල්ම PTA එකෙන් DO ගගහ තියන් ඉන්න බෑනෙ. උසාවි දාන්නම වෙනවනෙ. නැත්තං ඉතිං බොරුවක් කියල නිකම්ම ඔප්පු වෙනවා

      හැබැයි.. බැරිවෙලාවත් //සලේගෙ සම්බන්ධයක් හරි මහමොලකරු කතාවක් හරි ඔප්පු කරගන්න බැරිව නඩුව හබක් වුනොත්//.. කියල පොඩි හරි තමන්ට කිසිම safe passage එකක් ඔය උඩපනින ජෙප්පො තියාගෙන ඉන්න බවක් පේන්න නෑ

      එයාල දැන් ඉන්නෙ 100%ක්ම සලේම තමයි කියලා තුන් ඈවර කරල !

      හරි ආසයි දැන් මේක ඉවරවෙන විදිය බලන්න 😊

      හැබැයි අධිකරණයෙන් සලේ වැරදිකාරයෙක් කියල නඩු විභාගයකින් ඔප්පු වුනොත්... ඒකෙ පූර්ණ ක්‍රෙඩිට් එකත් ආන්ඩුවට යා යුතුයි.. ඒකේ දෙකක් නෑ... එතකොට අපිත් පිළිගන්නවා.

      Delete
  2. නිදී අපේ සීයලාගේ කාලේ කතා ගැන ලස්සනට ලියලා හැබැයි ඔය රේඩීයෝ නාට්‍ය අපි පොඩි කාලේ සීන් එකේ නෑ ඒත් ඉස්සර අපි රේඩියෝ නාට්‍ය අහලා නැති වුණාට දෙදාස් ගණන්වල අපි පුංචිම කාලේ ගෙදර පවුලේ අය එක්ක සාලෙට එකතු වෙලා ටීවී එකෙන් ටෙලිනාට්‍ය බලපු ඒ සුන්දර කාලය අදටත් මතක් වෙද්දී හිතට මාරම සතුටක් දැනෙනවා, ඒ නිසයි මම අදටත් ඉඳලා හිටලා යූටියුබ් එකෙන් ලංකාවේ කතාවක් බලලා ඒ අතීතය අලුත් කරගන්නේ. දැන් බ්‍රිතාන්‍යයට ආවට පස්සේ ජීවිතේ සෑහෙන්න වෙනස් වෙලා, මොකද අයර්ලන්තයේ මිනිස්සු ටිකක් සුහදශීලී වුණාට එංගලන්තයේ මිනිස්සුන්ගේ බහුතරයක් දැන් අපි වගේ පිටීන් ආපු අයට කිසිම හිතවත්කමක් නෑ, හැමෝම හරිම කාර්යබහුලයි වගේම මෑතකාලීනව මෙහේ තදින්ම ඉස්මතු වෙන සංක්‍රමණික ප්‍රශ්න සහ ජාතිවාදී සිදුවීම් එක්ක අපිට දැනෙන්නේ ලොකු අසහනයක් සහ තනිකමක්. මෙහේ මොන සුපිරි දේවල් තිබ්බත් වැඩක් නෑ, මිනිස්සුන්ගේ ඒ හිතවත්කම නැති සීතල එංගලන්තයේ ඉඳන් ලංකාවේ හයිලන්ඩ් හරි පැණිකජු රස සීතල යෝගට් එකක් කද්දී දැනෙන ඒ දිව්‍යමය රහ සහ නිදහස මතක් වෙද්දී තමයි තේරෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන සැබෑ සුහදශීලීකම සහ සැනසීම කොච්චර වටිනවාද කියලා හැබැයි මේ බ්‍රිතාන්‍යය තුල මෙහේ යෝගට් වර්ග කිසිවක් ලංකාවේ වගේ "සෙට්" වෙලා නෑ හරිම දියාරුයි. මම personally ආස ලංකාවේ යෝගට් එකට. 🥹 ඒත් දැන් අවුරුද්දකට විතර කලින් මම මොරිසන්ස් එකේ දැකලා Onken brand එකේ Mango,Papaya and passion fruit යෝගට් එක ගත්තා හරිත. මේක මං හිතන්නේ ජර්මන් බ්‍රෑන්ඩ් එකක් මුලින්, පස්සේ ownership වෙනස් වෙලා.
    කෝම හරි, මේක කාපු දවසේ ඉඳන් ආයේ ආයේ අරන් ඇවිත් කන්න හිතෙනවා එච්චරට රසයි මේක. මේක 450g ද කොහෙද, ඒත් මායි අපේ බබයි මේක එක පාරම කාලා දානවා. පස්සේ පස්සේ මේක රස වැඩි නිසා, අපේ බබා මට කියනවා "අනේ ඔයා වැඩියෙන් කෑවා එහෙම බෑ හරිත අසාදාරනයි" කියලා ඒම.😆 දැන් මම ඕක ගෙනෙද්දි ඕකෙන් දෙකක් ගේනවා ඩයල් එකට එකයි මට එකයි. 🫠 ඕකත් අර දියාරු ගතියයි හරිත, ඒත් ඕකේ අර fruits වල කෑලි හැපෙනවා මාර රස විදියට. 🥹 මොරිසන්ස් එකේ තමයි මං ඕක ගොඩක්ම දැකලා තියෙන්නේ, සමහර lidl වලත් තියෙනවා, හැබැයි හරියටම Onken brand එක බලලම ගන්න මොකත lidl එකේ වෙන brand එකකුත් තියෙනවා මේ වගේම පෙනුම තියෙන, ඒත් රස නැති. 😆
    ආහ් අනිත් දේ තමයි උබර්ලා එක්ස්පෙරිමන්ට්ස් කරන්න කියලා හිතන් මේකෙම cherry එක එහෙම ගන්න එපා,ඊට වඩා හොඳයි අර ලංකාවේ කැස්සට දෙන පැනියක් අරන් බීපම්, ඒක ආන් ඒ වගේ මස්තබාල්දු රහයි! 😖

    ReplyDelete
    Replies
    1. අපිට සමහර දේවල් ලැබෙනකොට තව සමහර දේවල් නැති වෙනවනේ!

      Delete
  3. නිමල් අංකල් දැක්කාද ජැකාගෙ පුතා සජිත ඇන්තනි රඟන මනමාල කතා කිරන අලුත්ම සෝන්ග් එක? ඇත්තටම කාන්චනා අනුරාදිගේ මේ කලු කුමාරයා තීම් එකේ සෝන්ග් එක රිලිස් උනා විතරයි 😕😕😕දැන් ගැනු ඇදන් උඩ හෙලුවෙන් නටනවා පිරිමි වන්ගෙඩි උඩ නටනවා 🤔🤔 ඔවා එන් නැති වෙන්න ෆේස්බුක් එක හදා ගන්න බැරිද 🤣

    ReplyDelete
    Replies
    1. දැක්කා නෙවෙයි බැලුවා. ඒකට ලියැවී තිබුණු comment එකක් මේ.

      @MathakadaraPomegranates
      7 days ago (edited)
      මම හිතනවා වැඩිද දන්නෙ නෑ. හැබැයි මම මේක ලියන්නම ඕන. මම මේ "මනමාල කතා " Music video එකේ තියෙන සංකේත Decode කරා. ඒක දෙපාරක් බලද්දිම මට තේරුණා සංකේත ටික. මේක කරපු අය මේ ලියන එක දැක්කොත් හරිද වැරදිද කියලා කියන්න. මුලින්ම කියන්න ඕන මගේ ජීවිත කාලය තුළ ලංකාවේ දැක්ක විශිෂ්ඨම Music Video එක මේක.

      1- පළවෙනි Scene එකේ කාංචනා ඇඳට වෙලා කොට ගවුමක් ඇදන් ඉන්නවා..ඒකෙන් කියවෙන්නෙ නව යොවුන් වියේ තරුණියකට හෝමෝන වෙනස් වීමත් එක්ක එන කුතුහලය සහ ශාරීරික ආසාවන්.

      2- කාංචනා ජනේලය ළඟට දුවලා පිටත ඉන්න කොල්ලො දෙන්නෙක් දිහා බලනවා . මේකෙන් කියවෙන්නෙ ඒ යෞවණියට පිරිමින්ට හිත යනවා කියන එක.

      3-ඇතුලට පලයන් කියලා ඔළුවෙන් සංඥා කරන ගුරුන්නාන්සේගෙන් කියවෙන්නෙ " සංවරව ජීවත් වෙයන් " කියන සංස්කෘතිකය ,ආගම, වැඩිහිටි සමාජය වගේ දේවල්.

      4 - එතකොට කලු කුමාරයා (සජිත) ඇඳට එනවා. ඒ වෙන වෙලාවෙදි මුලින්ම දෙන්නගෙම මූණුවල තියෙන්නෙ රාගය නෙවෙයි "ප්‍රේමය.". කෙල්ල මුලින්ම අල්ලගන්න කොල්ලා කරන්නේ ආදරය පෙන්වන එක. ඊට පස්සේ තමයි රාගය පේන්නෙ..ශාරීරික චලන වලින් කාම සම්බනධය ඇතිවෙන එක පේනවා.

      5- සැණෙන් කලු කුමාරයා අතුරුදහන් වෙනවා.. ඒකෙන් කියවෙන්නෙ . ආදරය අතුරුදහන් වුනා කියන එක.. යෞවනියක්ව මුල් කාලේ රවටන බොරු ආදරය පලායන යන වේගය ඒකෙන් පේනවා.

      6- කාංචනා කොල්ලා හොයාගෙන දුවනවා . ආදරය හොයාගෙන මේ දුවන ගමනෙද්දි රතු මල් පෑගෙනවා. මේකෙන් කියවෙන්නෙ ආදරය හොයාගෙන දුවන මේ ගමනෙදි කණ්‍යාභාවය කියන පවිත්‍ර සංකල්පය දෙපයට පෑගුණා කියන එක..ඒ කියන්නේ කෙල්ල ගැහැණියක් වුන කියන එක.

      7 - කාංචනා දිහා අවඥාවෙන් බලන ගැහැණුන්ගෙන් සංකේතවත් වෙන්නේ මේ යෞවනයට අපහාස කරන සමාජය. නමුත් ඒ සමාජය තුළ ඉන්නේ ගැහැණු විතරමයි. ගැහැණු සමාජය විසින්ම තමයි මේ කෙල්ලට නින්දා කරන්නේ.

      8 - කාංචනා ඒ කාන්තාවන් දිහා රවල බලන හැටි. ඒකෙන් සංකේතවත් වෙනවා මේ සමාජයේ පීඩාවල් එක්ක තැලීම් පොඩි වීම් එක්ක ටිකෙන් ටික ශක්තිමත් වෙන ගැහැණු හිත.

      9- මෙතනදි කලුකුමාරයා ආයේ ඇවිත් මෝල් ගහක් අල්ලගෙන කාමුක රංගනයක් කරමින් බලන් ඉන්නවා. මේ තමයි ඒ කන්‍යාභාවය අහිමි කරගත්ත කෙල්ල පසු පස ලිංගික සතුට හොයන් එන පිරිමි. මෝල් ගහ අත ගගා උන් එන්නේ. මෝල් ගහෙන් සංකේතවත් වෙන්නේ පිරිමි කය වෙන්න ඕන.

      10- ඊළඟට තියෙනවා සුදු රෙද්දකින් කාංචනාගේ අම්මයි තාත්තයි කාංචනාව වහන්න යන එක. දැක්ක ගමන් පේන්නේ කොටහලු මගුලක් කියලා. ඒ වුනාට කොටහළු මඟුලක තාත්තා දුවව සුදු රෙද්දකින් වහන්නෙ නෑ නේ. මම හිතන්නේ මෙතනදි කෙල්ලට විවාහයක් කරලා දෙන්න බලාපොරොත්තුවෙන් කෙල්ලගේ චරිතය වැදගත් විදිහට සමාජයට පෙන්නන්න උත්සාහ කරන දෙමව්පියන් .

      11- ඊළඟට තියෙන්නේ තොවිලයක් කරන එකක්. මෙතනදි කාංචනා ගොඩක් ශක්තිමත් ගැහැනියක් විදිහට තමුන්ගේ හිත ඇතුලේ අවදිවෙන රාගී ක්ලේශයන් දමනය කරන්න ආගම ,සංස්කෘතිය ඇසුරෙන් ගන්න උත්සාහයක් කියලා තමයි මට හිතෙන්නේ. කොහොමහරි මෙතනදි නැවතත් කළු කුමාරයා බොහොම ආසාවෙන් කාංචනාව වශී කරගන්න උත්සාහ කරත් ඒ වෙලාවෙදි කාංචනාගේ ඇස් වල තියෙන්නෙ කලු කුමාරයට දමනය කරන්න බැරි පරිණත බවක්. ඒ බව කලු කුමාරයගේ ඇස් වලින් පේනවා.

      මෙතනදි පෙන්වන්නේ විවාහක කාන්තාවක් සමාජයේ එන අනියම් යෝජනාවලදි නොසෙල්වී ආත්ම දමනයෙන් මූණ දෙන විදිය කියලයි මට හිතෙන්නෙ.

      12. - කෙස්වැටිය කරකවමින් හිසකරකවමින් කරන රංගනය - කාංචනා තමුන්ගේ හිත එක්කම මහා සටනක් කරලා එයාට වදදෙන මේ රාගී හැඟීම් එයාගේ හිතෙන් එළියටම ඇදලා දානවා. එක පාරටම කෑගහලා කලු කුමාරයා එළියට විසිවෙන්න සීන් එකෙන් කියවෙන්නෙ ඒක.මෙතනදි කලු කුමාරයා හරිම දුර්වල කෙනෙක් වගේ රංගනයක් දෙනවා..ඒකෙන් කියන්නේ ඇත්තටම කාමාශාව කියන්නේ අපිට කොයිතරම් ශක්තිමත් හැගිමක් වගේ පෙනුනත් අවසානයෙදි අපිට පරාජය කරන්න පුලුවන් හරිම දුර්වල තාවකාලික සිතිවිල්ලක් කියන එක.

      13- අවසානයේදී කලුකුමාර ඇඟ සහිතව වැටිලා ඉන්න කෙනාගෙ මූණ වහන් ඉන්න සුදු රෙද්ද ඉවත් කරලා බැලුවම ඉන්නේ කාංචනාමයි. මේ කලු කුමාර දිෂ්ටිය කියලා අපි හිතාගෙන ඉන්නේ අපේ සිත ඇතුළේ තියෙන අධික කාමාශාව මිසක් වෙන මුකුත්ම නෙවෙයි. මේ කාමාශාව දමනය කරන්න වෙන්නෙත් අපිටමයි. වෙන කාටවත් ඒ වෙනුවෙන් සඨන් කරන්න බැහැ.. අපිමයි දමනය සඨන් කරන්න ඕන..

      මේක තමයි මම මේ සංකේත ලෙහාගත්ත හැටි..මේවා හරිද කියලා ඔයාල කමෙන්ට් එකක් දාන්න.

      මම "මාතකඩාර දෙළුම් " ආයතනයේ ප්‍රධාන විදායක නිලධාරී අසික පින්සර සමරසේකර.

      Delete
  4. ගැහැණු ළමයි චිත්‍රපටය බලලා නෑ ඒත් අපි පොඩිකාලේ අනූ ගණන්වල ගැහැණු ළමයි ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑ තරංගා ෆොන්සේකා සහ නිරෝෂා පෙරේරාට වැඩිය මගේ හිත ගත්තෙ අනුෂා සොනාලි. හරිම අමුතු ලස්සනක් සහ කටහඩක් එක්ක දගකාර පෙනුමක් තිබුනා ඇයට.මියයනවිට අපි දෙන්නා ෆේස් බුක් එකෙන් හදුනාගෙන හොදම යෙහෙළියන් වුනා... ඇයට යූටියුබ් හා පේජ් හදල දුන්නේ මම... ඇයට කලා ලෝකේ අවසානය දක්වා උදව් උපකාර කලේ කැලුම් විජේසූරිය අයිය හා ප්‍රියන්ත විජේකෝන් අයියා විතරයි... ඒ දෙන්නා ගෙදරට අවශ්‍ය කෑම වගේම බඩු මුට්ටු රෙදි පිලි ගෙනත් දෙන්න දුන්නා... විශේෂයෙන් කැලුම් විජේසූරිය අයියා එයාගෙ ගෙදර ලස්සන කරන්න සෑහෙන්න උදව් කලා... දේශපාලකයන්ගෙන් අනූෂාට උදව් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ සහ යහපාලන ආණ්ඩුව කාලේ නිවාස සංවර්ධන සහ ඉදිකිරීම් ඇමති වූ සජිත් ප්‍රේමදාස පමණයි... කවුරු මොනවා කිව්වත් ඇය සුන්දර හදවතක් හිමි යෙහෙළියක් ... යකඩ ගැහැනියක් ජිවිතය අරගලය ජයගන්න රෝද පුටුවේ ඉදගෙන වෙහෙසුණු විදිහ දන්නේ ඇයව බලාගත් ශෙහාරාත් මාත් පමනයි... ඇයව මතක් කලාට ඔබටත් ස්තූතියි ...රෝද පුටුවේ ඉදගෙනත් ඇන්ජලා අක්කගේ ඔපරේෂන් එකට සල්ලි හොයන්න වෙහෙසුනා..ඇන්ජලා අක්කට හයියක් වුනේ අනූශා අක්කා තමයි ..ආදරණීය අනූෂා සොනාලි අක්කේ, ඔබට ජේසු පිහිටයි! ස්වර්ගයේ දේව මාලිගාවේ දෙවි පියාණන්ගේ සෙවණේ සදාකාලික සමාදානයේ සැතපෙන්න ඔබට වාසනාව ලැබේවා ආදරනීය අනූ අක්කේ 🙏

    ReplyDelete
    Replies
    1. අනුෂා සොනාලි රංගවේදිනියට සගමොක් සුව පතමි!

      Delete
  5. ඇත්තටම නිදී මම මේ ආණ්ඩුවට ආදරෙයි! නමූත් මගේ පැරණි මිත්‍රයෙකු වන ජේ.වී.පී ක්‍රියාකාරකයෙක් මේ ළඟදී අපේ ගෙදර ආවේ මුහුණ එල්ලාගෙනයි.

    "සහෝදරයා ඉස්සර මහින්ද,රනිල් ගැන ෆේස්බුක් වල ලියද්දි අපි හිතාගෙන හිටියෙ ඔයැයි අපේම කෙනෙක් කියලනෙ "ඔහු නොරිස්සුමෙන් කියා සිටියේය ."ඒ වුණාට දැන් ඔයැයි සතිපතාම අපේ ආණ්ඩුව ගැනත් අනන්මනන් ලියනවනෙ .ඒ හින්දා කට්ටිය හිතන්නෙ සහෝදරයා ද්‍රෝහියෙක් වෙලා කියලයි"

    ඒ කතාවෙන් මගේ හිත රිදුණි.

    "මචං මාව තේරුම් ගනින් "මම සිත් තැවුලෙන් කියා සිටියෙමි ."මම ආණ්ඩුවට ගොඩක්ම ආදරේ නිසයි ඔහොම හැමදාම ලියන්නෙ "

    මගේ මිත්‍රයාගේ ඇස්වල කඳුළු පිරැණේය.

    "සහෝදරයා,අපේ කට්ටියගෙත් සුළු සුළු අඩුපාඩුකම් තියෙනව තමයි "ඔහු හැඟීම්බරව කියා සිටියේය ."ඒත් මටවත් තේරැණේ නෑනෙ ඔයැයි ආණ්ඩුවෙ තියෙන වැරදි හදාගන්නයි කියල ඔහොම දිගටම ලියන්නෙ "

    මම මිත්‍රයා නිවැරදි කළෙමි .

    "මචං,මට නම් මේ ආණ්ඩුව යන විදිහ හොඳටම හොඳයි"මම ඔහුට පැහැදිලි කළෙමි ." ආණ්ඩුවෙ ඔක්කොම අඩුපාඩුත් එක්කම තමයි මම ඒගොල්ලොන්ට ලව්"

    මිත්‍රයා මා බදා ගත්තේය.

    "සමාවෙන්න සහෝදරයා වැරැදියට වටහා ගත්තට" ඔහු පාපෝච්චාරණය කළේය.

    "ඔයැයි ඒ කාලෙ මහින්ද,රනිල් ගැන ලියපු විදිහට අපි ගැනත් ලියනකොට අපි හිතුවෙ සහෝදරයා උන්ට විකිණිලා කියලයි"

    මම මිත්‍රයාට කරැණු පැහැදිලි කරන්නට වූයෙමි .

    "මචං,ඒ කාලෙ මහින්දල,රනිල්ල රටට කරපු සේවයට තිබිච්ච ආදරේම තියෙනව මට ජෙප්පො දැන් රටට කරන සේවයටත්"මම ඔහුට කියා සිටියෙමි.

    "ඒක පොඩ්ඩකින්වත් අඩුවෙලා නෑ"

    මිත්‍රයාට මගේ කතාවෙන් කේන්ති ගියේය.

    "මහින්දල,රනිල්ල කියන්නෙ මේ රටට තිබිච්ච සාපයක්නෙ.ඒ යක්කු මොකක්ද කරපු සේවය උන්ට ආදරේ වෙන්න තරම් "මිත්‍රයා ගිනි කන්දක් සේ පුපුරා හැලුණේය.

    "⁣හැබෑටම ඕයි තමුසෙට මැන්ටල්ද ?"

    මිත්‍රයා කෝප වුවද මා ඉන් සැලුණේ නැත.

    "දැන් මචං ,අනුර සහෝදරයා කරනව වගේම ඒ කාලෙ මහින්දයි,රනිලුයිත් උත්සාහ කරේ අපේ දීර්ඝකාලීන සම්ප්‍රදායන් රැකගන්නනෙ"මම මිත්‍රයාට පෙන්වා දුනිමි .

    "ඔය එක එකා රටේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ගැන කෑගැහැව්වට යූඑන්පී ,ශ්‍රී ලංකා-පොහොට්ටු ආණ්ඩු තමයි අපේ සංස්කෘතිය අවිච්ඡින්නව රැකගෙන ආවෙ.දැන් ඒ වැඩ කොටස ජේ.වී.පිය ඊටත් වඩා හොඳින් ඉතාකැපවීමකින්න් නොපිරිහෙලා ඉටු කරනව"

    මා මොන කුණුහරුපයක් කියන්නේදැයි තේරෙන්නේ නැතැයි මිත්‍රයා නොසතුටින් කියා සිටියේය .මම වැඩිදුරටත් කරැණු පැහැදිලි කළෙමි.

    "දැන් මචං, අපේ ආණ්ඩුවල පක්ෂ,පාට,නායකයො වෙනස් වුණාට හොරකම්,නාස්ති,බොරැ කීම් වගේ සංස්කෘතිකාංග හැමෝම අවිච්ඡින්නව කතා කරගෙන වගේ අඛණ්ඩව පවත්වගෙන යනවනෙ "මම පෙන්වා දුනිමි .

    "බඩු මිල,බදු,පොරොන්දු ඔක්කොම ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනවා .ඒත් හැම ආණ්ඩුවකම රට හිනස්සන වැඩ වෙනස් වෙන්නෙ නෑනෙ"

    මිත්‍රයා වාඩිවී සිටි පුටුවෙන් නැගිට්ටේය.

    "මං යනව අයිසෙ යන්න "ඔහු ඕනෑවට එපාවට කියා සිටියේය ."හැත්තෑහය අවුරුද්දක සාපෙ එක්ක අපේ සමාජවාදී ආණ්ඩුව සමාන කරන මිනිහෙක් එක්ක මොන කතාද ?"

    මම මිත්‍රයා අතින් අල්ලා නතර කර ගතිමි .

    "දැන් මචං,දූෂණය කියන්නෙ අපේ ජාතික උරැමයනෙ.මෝඩකම් කියන්නෙ අපේ ජාතික අනන්‍යතාවයනෙ.මහින්දල,රනිල්ල ඒ සාම්ප්‍රදායික වටිනාකම් චිරාත් කාලයක් ඉතාම ගෞරවයෙන් රැකගෙන ආවනෙ"මම ඔහුට කියා සිටියෙමි.

    "අපි හිතුවෙ ජෙප්පො බලේට ආවම ඒ සංස්කෘතිය නැතිබංග කරල රට කණපිට හරවයි කියලනෙ.ඒත් අපරාදෙ කියන්න බෑ ඒගොල්ලොත් නියම දේශප්‍රේමීන් හැටියට ඒ සංස්කෘතිය වෙනස් කරන්නෙ නැතුව කලින්ටත් වැඩිය අතිශය කාර්යක්ෂමව අතිසාර්ථක විදියට පවත්වගෙන යනවනෙ"

    මිත්‍රයා මගේ අතගසා දමා එළියට බැස්සේය.එහෙත් ම⁣ට ඔහුට ස්තුති කරන්නට ඕනෑ විය.

    "මචං,නායක සහෝදරවරුන්ට ගිහින් කියපන් කලින් ආණ්ඩු කරපු මගඩිකම් අතහරින්නෙ නැතුව ඒ සංස්කෘතික ප්‍රවාහය දිගටම පවත්වගෙන යනවට මගේ සහෝදරාත්මක විප්ලවීය ආචාරය පිරිනැමුවා කියල"

    ReplyDelete
    Replies
    1. ඉස්සර 'ඉරිදා ලක්බිම' පත්තරේ පළවුණු 'මානිගේ තීරුව' මතක් වුණා!

      Delete
  6. මේ කතා කොයි කාලේ ඒවාද බන් රේඩියෝ එකේ මම නම් අහල තියෙන්නේ පොඩිකාලේ හීරු එකේ ඩී ජේ අරා පැස්බරා, චූටි මල්ලි පොඩි මල්ලි අරේ මරේ, Y FM morning Shaw, Y FM හිනා, FM දෙරණේ අනූපමා, නෙත් එෆ් එම් බැලුම්ගල සහ විදුලි ඇස, රසරිසි ගී චාට් ෂෝ වගේ ඒවා, මේවා හෙන පරණ ඒවා වගේ යූටියුබ් එකේ තියෙනවා ද?

    මේ තව පොඩි පස්නයක් තියනවා මට, ඇත්තටම නිදී මචෝ දැන් මචන් අපට ආන්ඩුව කියනවානේ එයාලාට ඇති තරම් සල්ලි තියනවා කියලා, දැන් තෙලුත් එනවානේ අවුලක් නැතුව 🌚
    ඇයි බන් එහෙනම් QR එකයි ඔත්තේ ඉරට්ටේ අයින් කරන්නේ නැත්තේ?😏

    ReplyDelete
    Replies
    1. මේ කතා 1960 - 1980 විතර කාලේ එව්වයි. ඒ වැඩ සටහන් ජාලයේ තියෙනවද කියලා නං දන්නැහැ Ano.
      ඔයාගේ දෙවෙනි ප්‍රශ්නය අහන්න වෙන්නේ නිසි බලධරයන්ගෙන්.

      Delete
  7. මේ පෝස්ට් එක පල කරලා තියෙන්නේ, ජූනි 18. පලවෙනි ඇනෝ ඇවිත් තියෙන්නෙ ජූනි 19. මගේ බ්ලොග් රෝලෙ දැක්කෙ අදයි. තාම බොහෝ දෙනෙක් ඇවිත් නෑ. මොකක් හරි අප්ඩේට් වෙන අවුලක් තියෙන පාටයි. ඒක ඔබේ වරදක් වෙන්න බෑ, මොකද මගේ අන්තිම පෝස්ට් එකටත් ඒකම වුනා.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ විත්තිය දැනුණා බකුසුතුමෝ. අපිට තියෙන්නේ ඉතිං බලාගෙන ඉන්නයි, නේද?

      Delete
  8. ප්‍රධාන කතාවට ඒ හැටි බාධාවක් නොවේ නං , පඳුරු තැලීමේ ඒ හැටි අවුලක් නැත. අනික තලන පඳුර පොඩි එකක් නං , ඒකත් ඉවසීමට හැකිය. අද පඳුරු තැලුවාද කියා දැනුනේවත් නැත. පඳුරු තැලීමත් එක්තරා කලාවක් බව මගේ හැඟීමයි. විවිධ කලාවන් ප්‍රගුණ කර ඇති නිදි, පඳුරු තැලීමේ කලාවේත් අති දක්ෂයෙක් වෙනු දැකූම අපේ පැතුමයි.🙏

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා මහත්තයෝ.
      ඔබතුමාගේ පැතුම ඉටු වේවා!!! 😕😕😕

      Delete
  9. අද පෝස්ට් එක කැමැත්තෙන් කියෙව්වා. ගොඩගේ මහත්තයා ගැනම විතරක් නැතුව, මුද්‍රණ කර්මාන්තයේ ඔබ දුටු අනෙක් අත්දැකීම් ගැනත්, කමෙන්ට් හරහා සාකච්චා කර ඇති තොරතුරුත් රසවින්ඳා. 💐

    ReplyDelete
  10. අපි පොඩි කාලෙ ආසාවෙන් රේඩියෝ ඇහුවට පස්සෙ පස්සෙ රේඩියෝ වලත් අහන්නය කියල මෙලෝ මලදානයක් නැතුව ගියා වගේ මට පේන්නෙ. මෑතකදිනං රේඩියෝ එකක් අහපු කාලයක් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් Praසන්ன මහත්තයෝ දැන් රේඩියෝව මොකටද- රූප එක්කම වැඩ සටහන් ඕසෙට තියෙද්දී...

      Delete
  11. නමිය හම ගිහින් තියෙන ඒවට පණ දෙනව වගේ වැඩත් කරනවද? හැක්..

    ReplyDelete
    Replies
    1. පේන විදිහට නං, හම ගිහින් තියෙන ඒවයෙ හම ගලෝලා සුද්ද කරල දෙන පාටයි. හැක්..

      Delete
    2. අපරාදේ කියන්න බෑ, නමීට ඔය වගේ වැඩක් කරන්න තියෙනවයි කියලා- මැසේජ් එකයි, ෆොටෝ එකයි යවලා ටික වෙලාවකින්ම වැඩේ කරලා එවනවා.
      වැරැද්ද තමයි දැන් නමී බ්ලොග් පැත්ත බලන්නේවත් නැතිකම. ඒ තරමට වැඩලු!

      Delete
    3. නමී, දැන්ද ස්තුතිය දැක්කේ?

      Delete
  12. ලස්සන ලිපියක්:
    https://mudiyansemalaya.blogspot.com/2026/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. ලස්සනයි නේන්නං!
      කියවලා කවියකුත් ලියලයි ආවේ.

      කැන්දන් ගියා ආදරපතනට අපිව
      පිනි වැස්සකට තාමත් තෙමෙනව මාව
      ලියමන අපූරුයි- රහ ඇත අඩු නැතුව
      බස්සා මහත්තය මඟ කිව්වා; ආවා කඩිනම්ව

      Delete

  13. ඔබතුමාගේ කතාව හරි. කුරුණෑගලදි මෙහෙම සිද්ධියක් අපේ හිතවතෙකුට වුනා.

    ඔවුන් තමන්ගේ එකම බාල සහෝදරියකට මනමාල මහත්තයෙක් හෙව්වා. ඇය කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ පාරම්පරික ඉඩම් හිමි එම පලාතේ ශෙඩ් එකක් පවා හිමි රුවැති තරුණියක්. පුවත්පත් දැන්විමකින් පසු එක්තරා දවසක අක්කයි මල්ලියි කියාගෙන දෙදෙනෙක් ඇවිත් තියෙනවා.

    කුරුණෑගල පන්නල පැත්තෙ තමයි කියා තිබුනේ.
    දෙමව්පියන් අහිමි තමාත් මල්ලිත් තනිව ජීවත් වෙන බවත්, තමාට විවාහයක් කරගැනීමට ප්‍රථම මල්ලි විවාහ කර දිය යුතු බවත්, ඒ සදහා ආදාල තරුණිය සුදුසු බව තමාට හැගුන බැවින් මනාලිය බලන්නට ආ බවත් පවසා ඇත.
    ඉන් පසු දෙදෙනා හිතවත්ව ඇති අතර මොහු කුරුණෑගල පිළිගත් බැංකුවක කළමනාකරු හැටියට සේවය කල බවත්,විවාහයෙන් පසු පිටරට රැකියාවකට යාමට බලාපොරොත්තු වෙන බවත් පවසා ඇත.
    කෙසේ හෝ මොහු පවසන දේ ඇය විසින් පවුලේ අයට පවසා සොයා බලන්නට තීරනය විමෙන් පසු හෙලි වි ඇත්තේ පැමිණ ඇත්තේ අක්ක මලෝ නොව විවාහක යුවලක් බවය. පසුව ඔහුව කුරුණෑගල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුනි. අර මිය ගිය භෞත චිකිත්සකවරියගේ කතාව තරමක කුතුහලය දනවන කතාවක්. පෙනෙන හැටියට විවාහකයකුද වන මේ පුද්ගලයා මේ භෞත චිකිත්සකවරිය සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩ නඟා ගෙන ඇත්තේ, මුදල් ලබා ගැනීමේ අරමුණෙන්ම දීර්ඝකාලීන සැලස්මකට අනුවයි. විවාහක පුද්ගලයන් මෙලෙස ලංකාවේ වෙනත් ප්‍රදේශවලට ගොස් වෙනත් තරුණියන් හා විවාහ වී ඔවුන් රවටන කතා වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. සුමිත්‍රා පීරිස් ගේ ලොකු දුව චිත්‍රපටය මට මතකයට නැගේ.

    මිය ගිය තරුණිය ගේ උගත්කම නිසා "උගත්කම තිබුනාට සමාජ දැනීම නැත" වැනි සුපුරුදු ඇරියස් ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් ද, මිය ගිය තරුණිය හෝටලයක නැවතී සිටීම නිසා ඇගේ චරිතය පිළිබඳ අපවාද ද සමාජ මාධ්‍යවල දැක ගන්නට තිබුනා. වනැස නාලිකාවට සම්බන්ධ වූ ඇගේ සොහොයුරාටද බොහෝ දෙනා විවේචන එල්ල කර තිබුනා.

    කෙසේ නමුත් මේ අපරාධකරුවා මේ තරුණියගේ නිවසට ද යමින් මාස 8ක පමණ කාලයක් ගත කර තිබෙන්නේ විශ්වාසය ගොඩ නැගෙන ආකාරයෙන්. මේ නිසා මෙවැනි දෙයක් ඕනෑම අයෙකුට විය හැකියි.

    මෙය අවාසනාවන්ත තත්වයක්. කෙසේ නමුත් අපරාධකරු ඉක්මනින්ම නීතියේ රැහැනට පත් වේ යැයි සිතිය හැකියි.

    අඩුපාඩුව ඇත්තේ ලංකාවේ විවාහ ලියාපදිංචියේ සියලුම විවාහයන් database එකකට ඇතුලත් කර ඕනෑම අයෙකුට තම විවාහ අපේක්ෂිත පුද්ගලයාගේ සිවිල් තත්ත්වය පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සනාථ කර ගැනීම අවස්ථාව ලබාදීමට හැකියි.

    ReplyDelete
  14. අනේ මන්ද නිදී අද කොල්ලුපිටිය ප්‍රදේශයේදී හයර් දුවන ත්‍රීරෝද රථ රියැදුරෙක් ත්‍රීරෝද රථයට ගිනි තියලා ඒකටම පැනලා සියදිවි හානිකර ගෙන කියලා ඉතාමත්ම සංවේදී පුවතක් මාධ්‍ය වල හැමතැනම කතා වෙනවා. ඇත්තටම මුකුත් නෙවෙයි ප්‍රශ්නෙ.. අහස උසට වැඩි උන තෙල් මිල. ඩිලිවරි කරල හයර් දුවල ජීවත්වෙන මිනිස්සුන්ට මේ තෙල් මිල දරගන්න අමාරුයි. මේ ගැන පොඩ්ඩක් හිතන්න ඕනි.. දැන් හයර් එකක් දුවල ගන්න ගානෙන් තෙල් වලටයි වාහනේ නඩත්තුවටයි ගියම වෙන කිසිදෙයක් කරන්න බෑ.. ඉතින් කොහොමද මනුස්සයෙක් ෆිනෑන්ස් ගෙවන්නෙ. ගෙවල් වලට කන්න බොන්න දෙන්නෙ. ලෙඩකට බේත් ටිකක් ගන්නෙ. අනුරට අධික මිලට තෙල් ආනයනය කරන්නයි ඊට පස්සේ අධික බදු බර පටවලා ඒ තෙල් වලින් බදු සල්ලි එකතු කරන් රට හදන්න කියල හයර් දුවන උන්ට මැරෙන්න තමයි වෙන්නෙ. පෞත්ගලික ගමන් යන අයට සීමා අරන්න හරි පුලුවන් වාහනේ පදින එක. ඒත් රස්සාව කරන්න වාහනේ පදින අය මොනාද කරන්න. ඩිලිවරි, හයර් දුවන අය බස් එකේ යන්නද. ගමන් යන අයට වාහනෙ ගෙදර දාල සල්ලි නැත්තන් බස් එකේ හරි යන්න පුලුවන්. වාහනෙන් රස්සාව කරන අය මොනා කරන්නද...?

    ReplyDelete
  15. බ්ලොග් රෝලෙ අප්ඩේට් නොවෙයි කියලා, සැරින් සැරේ ඇවිත් බලනවා. 💢😡🤬

    ReplyDelete
    Replies
    1. කැත වයිරස් උණක් හැදිලා නොක්අවුට් වුණා. ගේ ඇතුළේ වැටුණත් එක්ක. ඒ සැරේ මානෙල් නංගිලා හදිසියෙන්ම ගෙට පැනලා මාව ඇඳගෙන උන්න ඇඳුම් පිටින්ම එහාට උස්සං ගියා. පැය කීපෙකට ඒ නිවාස අඩස්සියෙන් මිදුණා - අද උදේ!

      Delete
    2. අහම්බෙන් ලිපිය දැක්කේ. දැන් අසනීපය සුව අතට හැරී ඇතැයි සිතනවා. ලංකාවේ ඩෙංගු අධි වසංගත තත්වයක් උදාවෙලා. විශේෂ සත්කාරක ඇදන් පිරිලා. පරිස්සම් වෙන්න වෙයි. අපි අයිති වෙන්නේ රේඩියෝවෙන් රූපවාහිනියට ගොඩවුණු පරම්පරාවට. දැන් පරිගණකයට. ලෝකය වෙනස් වෙලා. මතක ලියන එක අපුරුයි.

      Delete
    3. @නිහඬපාල
      හෙහ්, හෙහ්, "රේඩියෝවෙන් රූපවාහිනියට ගොඩවුණු පරම්පරාව"🤣. හරිම අපූරු යෙදුම.

      @නිදි
      මට පොඩි කුකුසක් තිබ්බා ලෙඩ වුනා වත්දෑ කියල? නැත්නම් සුමානෙ ලිපිය වැරැද්දුවෙම නෑ නෙව? මේ දවස්වල මෙහෙත් කැත වයිරස් උණක් යනවා. හෝතම්බුවා නොකවුට් වුනා. මට උණ නෑ, ඒත් කෑම පිරිය නැතුව ගියා. සුවපත් වේවා! 🙏

      Delete
    4. නිහඬපල මහත්තයෝ, දැනුයි ටික ටික ඔළුව උස්සාගෙන ඉන්න පුළුවන්කම ඇතිවෙන්නේ. පරක්කු වුණු post එක ලියාගන්නයි හදන්නේ.

      Delete
    5. ස්තුතියි බස්සා මහතාටත්.

      Delete
    6. හප්පේ ඇති යංතං.😋
      ඔයින් ගියා මඳැයි. හදිස්සි වෙන්න එපා. විවේක ගන්න. ඉඳ හිට සවුක්කිය තත්ත්වයේ අප්ඩේට් එකකට වචන දෙකක් කෙටුව නං හොඳටම ඇති.🙏
      හෙහ්,හෙහ් මානෙල් බලකාය පැනලා, කුදලගෙන ගියා කිව්වම නං හිනා ගියා.🤣

      Delete
  16. "යකිනිට ඇන්දා" පෝස්ට් එකේ තිබ්බ, නිදිගෙ නැටුම මේ වගේ වෙන්න ඇති කියල හිතුනා. මේකෙත් මට පොඩි "සමනල" ගතියක් දැනිලා බලනකොට අනුමානය හරි. හැබැයි හාදයා හොඳ නැට්ටුවා.
    https://www.youtube.com/watch?v=kb3VccFdBpw&list=RDkb3VccFdBpw&start_radio=1

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්