වැඩට ගත්තාට විතරක් මදිනේ. වැඩ කරන්නට තැනකුත් ඕනැනේ.
ඒ වෙද්දී අපේ බතික් වැඩ සේරම කෙරුණේ ආච්චිලාගේ ගෙදර ඉස්සරහ කෑල්ලෙත්. අපේ
ගෙදර ඉස්තෝප්පුවෙත්ය.
මෙයාලා ලංලෝද, කිඹුලාද? |
ඒ කාලය ගැන සිහි කරද්දී රේඩියෝව ගැනත් කියන්නටම වෙයි. තිස්ස දෙවේලේම, අපේ
ගෙදර රේඩියෝව තිබුණේ on වුණු ගමන්ය. නප්පියටම සද්දෙටත්ය.
ඉතින්, ඉක්මනින්ම බැටරි
කෑලි මාරු කරන්නට වුණත්, සිංදු අටෝරාශියක් මතක තියාගන්නට අපට හැකි වුණේ රේඩියෝවට
පින්සිදු වෙන්නටය.
ගීතයක ආමුඛ සංගීතය යද්දීම, ඒ අහවල් ගීතය යයි හඳුනාගන්නටත් අපේ ගෙදර කාටත්
හැකියාව ලැබුණේ ඒකෙන්ය. හැබැයි අප ඇහුවේ වෙළෙඳ සේවයයි. ස්වදේශීය සේවය අපේ ඔළුවට
උඩින් ගියා වගෙය!
උඩින් තියෙන ෆොටෝ එක (තිබුණේ එකකි. පෝස්ටුවේ යොදන පින්තුර පළලින් වැඩි ඒවා
වුණාම වඩා හැඩ බව මගේ හැඟීමය. ඒ නිසාය එහෙම වෙන්නට එක හතරක් කරලා තියෙන්නේ.) එය දුටු
විගසම මට මතක් වුණේ ‘කිඹුලා උදලු තල’යි.
ඉස්සර උදලු තල විකුණාගන්නටත් තරගයක්
තිබුණු නිසාදෝ වෙළෙඳ දැන්වීම් පවා ප්‍රචාරය කෙරුණේය.
වම් කෙලවරේ හිටගෙන ඉන්නේ ස්වර්ණලගේ අම්මාය. (වාඩිවී-) ස්වර්ණා, නිදි, වින්සන් අයියා හා හිතවතෙක්........ |
පමුණුවේ, දේවාල පාරේ මල්ලිකා ජයකොඩි
අක්කාගේ ඥාති සොහොයුරියක් වන ස්වර්ණා අපේ බතික් වැඩපොළට ආවෙත් ඒ වකවනුවේය. ස්වර්ණාට
වහලේ උළු උඩ යන තරමේ සද්දෙට, high පිච් එකෙන්; උච්ච ස්වරයෙන් සිංදු කියන්නට
පුළුවන්ය. එයාගේ අම්මාත් ටවර් හෝල් නිළියකි.
ගීත ගායනය ස්වර්ණාට උරුමවී තිබුණේ අම්මාගෙන් වගෙය.
මෙතැනදී තවත් පීල්ලක් පනින්නට හිතෙයි. තරුණ වියේ ඉන්නා ගායක කුරුල්ලන්ට
(song birdsලාට) කිරිල්ලියන් වැඩියෙන් කැමතියිලු!
ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා මහාචාර්ය රින්ඩි ඇන්ඩර්සන් කළ අධ්‍යයනයකින්
තමයි මේ විත්තිය හෙළිවෙලා තිබුණේ. වැඩිහිටි කුරුල්ලන්ගේ ගීත වඩාත් නිවැරැදිව
අනුකරණය කළ හැකි තරුණ කුරුල්ලන් හා සහවාසයට කිරිල්ලියන් වැඩි මනාපයක් පෙන්නුවාලු.
හොඳින් ගයන කුරුල්ලන් හා සහවාසයට කිරිල්ලියන් මනාපය දෙන්නේ පැනලාලු! |
සහවාසයට කලින් කුරුල්ලන් බොහොමයක් කැදලි තනනවා වගේ නොවේ අපට අලුත් නිවහනක්
හදන්නට ඕනෑ වුණේ. බතික් කරන්නට ඉඩ මදිවුණු හින්දාය.
“පල්ලෙහායින් මඩුවක් ගහමු!” තාත්තා යෝජනා කළේය.
“නිකම්ම මඩුවක් ගහන්න බැහැ ගුණපාල අයියේ, නගර සභාවෙන් අවසරයක් ගන්න වෙනවා.
නැතිනං නඩු දාන්න පුළුවන්. ප්ලෑනක් අන්දවලා අනුමත කරෝගන්න වෙයි.” සෝමවීර තාත්තාට
කිව්වේය. (මතකයි නේද? කොහොඹ කොළ කැවූ රාම් පූර් කා
ලක්ෂ්මන් හාදයා!)
සෝමවීර නීති-රීති, රෙගුලාසි පරතෙරට දන්නා හාදයෙකි.
එයා කියූ විදිහට, ප්ලෑන්
එක අන්දවාගෙන නගර සභාවට යන්නට වුණේ මටය. ගියෙමි. මගේ අම්මෝ! නොකෙරෙන වෙදකමට කෝඳුරු
තෙල් හත් පට්ටයක්ම ගෙනැවිදින් තිබුණත් මදිය. ‘තව චුට්ටක් මදිනෙ’ කියනවාලු.
අපේ රටේ
නීතිය කරවන්නෙත් එහෙමය.
ඉස්සෙල්ලම ඔයාගේ බතික් වැඩපොළ බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් කරගන්න වෙයි! |
“ඉස්සෙල්ලාම ඔයාගේ බතික් එක බිස්නස් එකක් විදියට රෙජිස්ටර් කරවාගන්න
වෙයි.... මේ ප්ලෑන පාස් කරන්න නම් මේ ඉඩමට අඩි දහයේ පාරක් තිබිලා මදි.
අඩි
දොළහකවත් පාරක් ඕනේ. ඔයාට පස්සේ හරි ලයිට් ගන්නත් වෙයිනේ.
ඒ නිසා පාර පළල් කරවාගෙන
ඉන්න....
-නැතිව මේ බිල්ඩින් එක හැදුවොත් අපිට නඩු දාන්නයි වෙන්නේ.”
නගර සභාවේදී,
අතනින් මෙතැනට; මෙතැනින් අතනට යවලා, රස්තියාදු කරවා කියැවුණු දේවල්වල සාරාංශය
එහෙමය.
ඇත්තම කියනවා නම්, කොතෙක් රස්තියාදු වෙන්නට විණිදැයි කිව්වොත් මං හිටියේ
‘මළ’ අතේ තියාගෙනය.
“මාත් හරිම කැමතියි අපේ වත්තට අඩි දොළහේ පාරක් තියෙනවා නම්.....
පාරේ මේ
ටික තියෙන්නේ ළමා නිවාස වත්තට මැදින්.
මෙතැන නැම්මේ ඉඳලා පහළට යන ටිකට එක-එක්කෙනාට
අයිති ඉඩම් කට්ටි හතරක් තියෙනවා..... පාර පළල් කරගන්න නම් මේ සේරමලාගේ ඉඩම්වලින්
අඩි දෙක-දෙක දෙන්න වෙනවනේ. සර්ලා දන්නවනේ මේක ලංකාව කියලා....
-කවුරුවත් පිනට ඉඩම්
දෙන්නේ නැහැනේ පාරක් පළල් කරන්න.
අපේ බතික් එකෙන් ළමයි විස්සකට විසිපහකට දැනටමත්
රස්සාව දීලයි තියෙන්නේ. වැඩපොළ වහන්නේ නැතිව, මං මේ බිල්ඩිම හදනවා...
පුළුවන් නම්
නඩු දාන්න. මම හිරේ යන්නම්.”
බතික් වැඩපොළේ ළමුන්. මගේ ළඟින්ම දකුණෙන් වාඩිවී ඉන්නේ අපේ ලොකු නංගිය. |
වෙවුළමින් ඒ ටික කියාගත් මම ගෙදර ආවෙමි.
මට එච්චර කේන්ති ගියේ අවුරුදු හතළිහකට-හතළිස් පහකට විතර පස්සෙත් අපේ රටේ
විදිය ඒකම වෙතියි නොදැන හිටි බැවිනි.
ඒ වෙනවිටත් පාරේ පටුකම නිසා අපට ගොඩාක්ම කරදර
වෙමින් තිබුණු බැවිනි.
ටයි & ඩයි කරන ඒවා හැර, අනෙක් හැම බතික් නිර්මාණයක්ම අවසන් වෙන්නේ
රෙද්දේ ඉටි තොගයක් එක්කය. ඒ ඉටි ඉවත් කරගන්නේ උතුරණ උණු වතුරෙන් රෙදි තැම්බීමෙනි.
ඒකට
දරන්නට වෙන මහන්සිය හරිම විශාලය.
ඒ දවස්වල, ලොකු බාග බැරල් තුනක් එක පෙළට ළිප්වල
තියලාය අප රෙදි තැම්බීම පටන් ගන්නේ. හිතාගන්නකෝ...... එතකොට යන දර තොගය ගැන.
ලොකු බාග බැරල් තුනක් එකවර ළිප් තුනක තියලය අපි රෙදි තම්බන්නට ගන්නේ....... |
“රංජි, මෙහෙම පළාපු දර ගන්නවට වඩා ලාබයි රබර් මුල් ගත්තාම. අපේ මස්සිනාලගේ
දර මඩුවට දර ගෙනෙන හාදයෙක්ගෙන් අහලා බලන්නද රබර් මුල් ලොරියක් ගෙනෙන්න.
හැබැයි මුල්
පිටින්ම ළිපට දාන්න නම් බැරි වෙයි.
කෑලි කරලා, තුනට-හතරට පළාගන්න වෙයි. ඒත් ගොඩක්
ලාබයි මං හිතන්නේ.”
සෝමවීර සාධනීය යෝජනාවක් ගෙනාවේ ඒ දිනවලය.
එහෙම ගෙනෙන දර ලොරි අතරමඟදී නවත්තාගන්නටය අපට සිදුව තිබුණේ.
ඒ පාර පටු
නිසාය. ඉතින් දර මුල් තොගයක් ගෙනාවාම වැඩිම රාජකාරිය පැවරුණේ අපේ අනිල් මල්ලීටය.
එතකොට අන්නාට අවුරුදු පහළොවක් විතරය.
දර මුල් ඇදීමත්, පැලීමත් කළ නිසාම අනිල්ට gym එකකට නොගිහින්ම ‘fit බොඩියක්’
හදාගන්නට හැකිවිණි.
බොඩිය හදාගත්තත්, අපේ ගෙදරින්ම හැන්ඩියා වුණත් අනිල් මල්ලීටත් පිළිකාව
වැලඳුණේය; එයා ලෙඩ වුණේ මට පස්සේ වුණත්, දෑවුරුද්දක්වත්
පිරෙන්නට කලින් අවසන් ගමනුත් ගියේය! මේ මාසය
අගදීය තුන් මාසය පිරෙන්නේ.
අපේ ගෙදරින්ම හැන්ඩියා වුණු අනිල් පිළිකාවෙන් හොඳටම අදෝබලත්වී................ |
දැන් නම් ගැටවර වයසට එන්නත් කලින්ම කොල්ලන්ට ඕනේ body එක හදාගන්නටය.
කෙල්ලන්ට ඕනෙත් model කෙනෙකුගේ වගේ සිහින් ඇඟක් හදාගන්නටය.
කළු හෝ තලෙළු හමක් තිබේ
නම් එන්නතක් හරි විද්දවාගෙන සුදු වෙන්නටය.
දැන් ඉන්නා නායකයන්ගෙන් කෙනෙකුත් ඒ ආසාව
වටහාගෙන තියෙන පාටය.
රටේ සමාජ-ආර්ථික ප්‍රශ්න විසඳන්නට කලින්, ‘ජිම් සෙට් දෙන්නට’ ‘බ්‍රේස්ලට්
දෙන්නට’ ‘වයිෆයි දෙන්නට’ වැනි බ්‍රිලියන්ට් අයිඩියාස් උන්නැහේට එන්නේ ඒ නිසා
වෙන්නැතිය.
ඉතින් බිල්ඩිම හදන්නට ගෙනා වැලි, ලයිසන් ගල්, සිමෙන්ති සේරමත් මඟ ඉඳලා
වත්තට අදින්නට අපට සිදු වුණේය.
ඉස්සෙල්ලාම කියන්නට ඕනේ, බිල්ඩිම වචනය කිව්වාට ඒකට හරියටම හරි යන්නේ ‘මඩුව’
කියන වචනය බව! තවත් නිවැරැදි වෙන්නේ ‘දිග මඩුවක් කියන එකය.
බාග බිත්තිය. වහලය පොල්
අතුය. බිමට නම් සිමෙන්ති දමලාය. ඒක ඕනෑම කරන දෙයක් වුණේය. බිමට හැලෙන ඉටි සූරා ආපහු එකතු කරගැනීම, ඒකෙන් පහසු වුණු හින්දාය.
හැම කෙල්ලෙකුම වාගේ හීන මවන්නේ නිරූපිකාවකගේ වැනි සිහින් ඇඟක්............ |
අපරාදේ කියන්නට බැරිය. අපේ වැඩපොළේ ඒ වෙද්දී හිටි ගැහැනු ළමුන් සේරම
මසුරංය. පෙරාපු රත්තරංය. “රංජි අයියේ, ඔව්වා අදින්න කුලීකාරයෝ ගෙන්නන්න ඕනේ නැහැ.
අපි අදින්නම්.....” ඔවුහු කීහ.
එහෙම ඇද්දේ ගෝනි පඩංගුවලට පුරවා, දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලාගෙනය.
අපේ ගෙදර
හැච්චෝ-බැච්චෝ-ඇටිකිච්චෝ සේරමත් පුළු-පුළුවන් විදිහට ඒ රාජකාරිය කරන්නට ඇවිත්ය. එයාලා
හිස් බාල්දි, ජෝගු වගේ පුංචි දේවල්වල වැලි පුරවාගෙන ආවේ සෙල්ලමක් කරනවා වගෙය.
ඒ
අස්සේ කොහෙද යන weසා පොළඟෙක් අපේ වැඩේ කඩාකප්පල් කරන්නට මාන බලමින් උන්නේය.
එතකොට සෑම්ට අවුරුදු හතවත් පිරිලා තිබුණේ නැතිය. එයා සෑම් වුණේ එංගලන්තයට
ගියාමය. මෙහෙදී සමන්ති පද්මිණී දිසානායකය.
සමන්ති නංගී ජෝගුවක් පුරවාගෙන වැලි
ගෙනෙමින් හිටියදී අර වේsaවා එයාට දෂ්ට කළේය!
අර weසා පොළඟා ඒ අස්සේ අපේ සමන්ති නංගිට දෂ්ට කළේය........ |
“අනේ දෙයියනේ.... සමන්ති නංගිව පොළ....” කවුදෝ අඳෝනා දෙන්නට කට ඇරියා
විතරය.
“කට වහගන්නවා.... සමන්ති උඹත් කට ඇරියොත් බලාගෙනයි ..... මොකටද කලබල වෙන්නේ. සමා, බය නැතිව
හිටහන්. පොඩි බේතක් කරවපු ගමන් හරි. දන්නවනේ ලොකාගේ හැටි? ඇඬුවොත් නං උඹට හොඳ
පාරක් දෙනවා.
ගමගේ අක්කේ... ඔයාලා සමන්ති නංගිව ළමා නිවාසෙට එක්ක යන්න.
ස්වර්ණා.... ටක් ගාලා සුනිලුත් එක්ක ගිහින් ඇලන් අක්කලාගේ දුවව එක්ක එන්න.
නිවාස
වත්ත උඩින්ම දේවාල පාරට ළඟයිනේ......”
පට-පට ගාලා එයාලාව පිටත් කර හැරලා මං දිව්වේ ගෙදර දිහාවටය. ඒ ඊළඟට
සිදුවෙනදේ දන්නා නිසාය!
මං හිතුවා හරිය. අපේ අම්මා දිග ගවුම පිටින්ම විලාප
තියමින්; අඬා වැටෙමින් දුවගෙන එයි.
“කට වහගෙන ගෙදර යං... පින් සිද්ධ වෙයි. මගේ යකා
අවුස්සා ගන්න එපා.” අම්මව බලෙන්ම හරවා යැවූ මං දිව්වේ ළමා නිවාසයටය.
එතකොට ළමා නිවාසයේ පාලකයාව හිටි කුලතුංග මහත්තයාත්, බිරියත් දෙන්නාම හරිම
බුද්ධිමත් අයයි. ඒ පවුලම; දියණියත්, පුතාලා දෙන්නාත් පදිංචිවී උන්නේ ඒකෙමය. මාත්
සුනිලුත් හුඟක් හැන්දෑවල් ගෙව්වේ කුලතුංග යුවල සමඟ සාමීචියෙනි.
මෙපමණ දවසක් එයාලා
ගැන නොකීවත් ඉදිරියේදී එයාලා ගැනත් කියන්නටම වෙයි! මාතර අතුල දහනායක දෙවෙනි සර්
ගැනත්...........
මාත් අපේ සුනිලුත් හුඟක්ම හැන්දෑවන් ගෙව්වේ කුලතුංග යුවල සමඟ සතුටු-සාමීචියෙනි. |
සර්ප දෂ්ටයකදී රෝගියා බයට පත් වුණොත් හොඳ නැති බව විතරය එතකොට මං දැනගෙන
හිටියේ. එදා මා කළේ සමන්ති බියට පත්වීම නවතා ගැනීමය.
“.... පොළඟාට බය වෙයිද? ඊට වැඩිය එහෙකුටනේ සමන්ති නංගි බය වුණේ....
අම්මෝ,
එවෙලේ නිමල් අයියා නං නියමම යකෙක් වුණා!
බෙහෙත් කරලා ඉවර වෙනකල් ඇන්ටිටවත් සමන්ති
ළඟට යන්න දුන්නේ නැහැනේ!”
අවුරුදු දෙකකට විතර ඉහතදී බතික් වැඩපොළේ හිටි ගැහැනු
ළමුන්ගෙන් පිරිසක් අපේ ගෙදරට පැමිණි විටෙකත් මට කීවෝය.
ඒ අපේ අම්මාත් ඉන්නා වෙලාවකය; එයාලාටත් ආරාධනා කරලා කෑම වේලක් දෙන අතරේය.
“ආන්න, පේනවා නේද රංජි. එයාලටත් මතකයි... එදා මෙයා මට සමන්තිගේ ළඟට යන්න
දුන්නෙම නැහැනේ... ගෙදරටම තල්ලු කළා මිසක්. ඔයාලට කියන්න, මෙයා නම් තවමත් යකාම
තමයි...”
අර කතාවෙන් උදම්වූ අම්මා ඊට පස්සෙත්, කිහිප වතාවක්ම ඒ ‘ප්‍රකාශය’ උපුටා
දැක්වීම පුරුද්දක් කරගෙනය!
නීතිගරුක නොවී අවසර රහිතව බතික් මඩුව හැදුවා වුණත්........... |
නීතියෙන් අවසර නොගෙන ‘යක්ෂ වැඩක්’ කරමින්, බතික් මඩුව හැදුවාට නගර සභාවෙන්
මට නඩු දැම්මේ නැත. ඒක නම් තිබුණේ එක්සත් සුභ සාධක මාවතේ අන්තිම කොණේ නිසා හැමොන්ටම
නොපෙනුණාය කියමුකෝ.
දැන්.... මේ දවස්වලත් පමුණුව පාර ඔස්සේ යන-එන අයට කිසිම කරදරයක් නැතිව
දැකගන්නට හැකි දෙයක් නිසි බලධාරීන්ට පෙනෙන්නේ නැති එකය පුදුමේ. පාර දෙපැත්තේ
අයින්වල ස්ථිර ගොඩනැඟිලි ඉදිවෙයි.
ඒ ඉඩම් කාගේවත් පුද්ගලික අයිතියට නතු ඒවා නොවේ.
නමුදු හැදෙන්නේ රෙදි කඩය!
එයාලා එක්ක මගේ නම් කිසිම අහිතක් නැත.
හැබැයි වැස්ස වෙලාවක පමුණුව පාර දිගේ
යන්නට බැරිය. යන්නට වෙන්නේ රෙදි උස්සාගෙනය. තවම නම් පීනාගෙන යන්නට නොවෙන එකත් ලොකු
දෙයකි!
මේ සේරම වතුර බහින්නට කාණුවක් නැති නිසාය.
වැස්ස වෙලාවට පමුණුව පාරේ යන්නට වෙන්නේ අඩි බාගයක් විතර උස වතුර කන්දරාවක් මැද්දෙනි! |
අවුරුදු ගණනාවක් තිස්සේ පමුණුව පාර අයිනෙන් කාණු පද්ධතියක් හදන්නට බැරිවෙලා
තියෙන්නේ මෙවැනි වෙළෙඳසල් හිමියන්ගේ අකැමැත්ත නිසාලු.
වෙනින්-වෙනින් ගනුදෙනු
හින්දා නොවේලු!
අපේ රටේ ප්‍රජාතන්තරේ නැතිය කියන එවුන්ට හෙණ හතම වදීවා!
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ තුන් හවුල් ආණ්ඩුවෙන් පටි තද කිරිල්ල
රටවැසියන්ට පුරුදු කරවන්නට වුණේ ඔය අතරේය.
හාල් පොලු- මිරිස් පොලු වැටුණේය.
භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි සමූපකාරවලට ආවේය.
නිල් ඉර චයිනීස් පොප්ලින් නැත්තටම වගේ
නැති වුණේය.
මටත් වෙනින් ආදේශක හොයන්නට වුණේය!
“මෙච්චර ළමයි ගොඩකට රස්සාවලුත් දීගෙන මෙච්චර බතික් හදන එකේ ඇයි රෙදි කෝටා
එකක් ගන්නේ නැත්තේ?”
අපේ ගෙදරට එන ගොඩ පෙරකදෝරුවෝ අහන්නට ගත්හ. එතකොට නම් සිරි
ලංකාවේ හැටි මටත් අවබෝධ වෙමින් තිබිණි.
“දෙයි මෙන්න කියලා රෙදි කෝටා එකක්, ඉල්ලන
පරක්කුවෙන් ....”
මෙච්චර බතික් කරන එකේ , ළමයින්ට රස්සාවල් දීලා තියෙන එකේ ඔයාලට රෙදි කෝටා එකක්.... |
“ඔන්න ඕකනේ රංජි, පණ්ඩිතයට ඒදණ්ඩේ යන්න බැරි.... ගිහින් බලන්න එපැයි. ගියාට
දඬුවම් කරන්නයැ? තනියම යන්න බැරි නං මාත් එන්නං ග්‍රාම සේවක රාලහාමි හම්බවෙන්න.”
ඒ ගමන්වල විස්තර කියන්නේ එන ගමනේදී, හොඳේ!
maru ++++++
ReplyDelete//අවුරුදු හතළිහකට-හතළිස් පහකට විතර පස්සෙත්
ReplyDeleteහෙහ්.ටීඕ මහත්තයෙක් එක්ක කතා කරන්නකෝ ඕන වැඩක් කෙරෙන හැටි අහගන්න.
ඒ හින්දමනේ සිරිබිරිස් උන්නැහේ අපේ රට දියුණු වෙන්නේ නැත්තෙත්.
Deleteඅවුරුදු 40කට පස්සෙත් 😥
ReplyDeleteපිළිකාව ගැන නම් කියන්න දේවල් බොහොමයි ... ඒත් නොකියාම ඉන්නව.
ReplyDeleteඑක නෙමෙයි අර නංගිව කෑව අහිංසක පොළඟට එදා කරදරයක් උනේ නෑ නේද නිමල් අයියෙ ?
මාව කෑවා නං තමයි අහිංසක පොළඟාට විස වෙන්නේ. නංගිව කෑවාට නෙවෙයි කණ්ඩා මහත්තයෝ!
Delete