“ආපහු යන්න කලින් මගේ යාළුවන්ට තෑගි දෙන්න පොඩි-පොඩි ස්වනියර් ටිකුත් ගන්න ඕනි....”
පොඩි පොඩි තෑගි ගන්න හොඳ තැනකට යමු පස්සේ....... |
එහෙම කිව්වේ ‘ජෝ’ ය.
මෙතෙක් මේ පෝස්ටු මාලාවේ කොටස් තුනක්ම ලියවෙනකල්ම මතක් කළත් ‘අකෘතඥ නිමල් දිසානායක’ට ඒ ‘රත්තරං හොංකොං තරුණයා’ගේ නම මතක් කරගන්නට බැරි විණි. Out of sight – out of mind කියන්නේ සහතික ඇත්තකි. මට විතරක්ය කියල ඒක වෙනස් වේවිද?
එහෙම වුණත්, ඉදිරියටත් ඒ කණ්ඩායම ගැන ලියන්නටම වෙයි.
ඒ නිසාම මෙතැන් සිට ඒ තරුණයාව ‘ජෝ’ නමෙන් කුලවද්දන්නට අවසර දෙනු මැනවි.
“කවදටද ජෝ අපි එහාට යන්නේ?”
ෆස්ලූල් ගොඩක්ම උනන්දු වුණේ ‘තරුණ හුවමාරු වැඩ සටහන්’ ගැනය! |
එක්කෙනෙක් අතේ
තිබුණු ෆයිල් කවරයෙන් අපේ වැඩ සටහනේ විස්තර පත්‍රිකාවකුත් එළියට අරගෙන දිග
ඇරගත්තේය. හොඳ ඉංගිරිසිය වහරන ජෝ දිගටම අපේ අතරමැදියා වුණේය.
“නිමල්, ප්‍රෝග්‍රෑම් එකේ විදිහට උඹලාව එක්ක යනවනේ අපේ Craft Centre එකක්
බලන්න. එදාට අපි කවුරුවත් ඒ ගමන යන්න එන්නෑ.... අපි ඕනි තරම් එහාට ගිහින් තියෙන
නිසා. එහෙ ගිහින් එන දවසේ හවසට අපි යමු නයිට් බසාර් එකට.” ජෝ කිව්වේ කණ්ඩායමේ
යෝජනාවයි. “ඒක නෙවයි.... මෙහෙම කියනවට sorry නිමල්. මෙයාලා කියනවා..... අර
පකිස්තාන්කාරයාට අපේ ගමන ගැන කියන්න එපාය කියලත්. එයා කියවන්න ගත්තාම එපා
වෙනවලු..... නැවතිල්ලක් නැහැනෙ!”
අප සාකච්ඡා කරමින් හිටියෙත් ෆස්ලූල් නැති තැනකදීය.
එය අසීරු නොවිණි; ඒ සම්මන්ත්‍රණ ශාලාවේදී ෆස්ලූල් මහත්තයා අප සමඟ එකතු
වෙනවාට වඩා- සහභාගීවන්නන් සමඟ තනි-තනිව කතා කරන්නට උත්සුකව හිටි බැවිනි.
එක මකුණයි ළමයෝ කන්නේ- වනමෝහිනී film එකට ජෝතිපාලයන් ගැයුවේ.... |
“.... උඹලගේ රටේ youth
exchange ප්‍රෝග්‍රෑම්ස් එහෙම තියෙනවා නං අපේ දුප්පත් රටටත් චාන්ස් එකක් දෙන්න අමතක
කරන්න එපා. මෙන්න මගේ විසිටින් කාඩ් එකත්.... දන්නවනේ, මම තමයි IOGT රීජනල්
කවුන්සිල් එකේත් සභාපති!”
මට පෙනුණු විදිහට නම් ඒ හාදයා, ඒ තරුණ වැඩ සටහනට ඇවිදින් හිටි හැම විදේශීය
නියෝජිතයෙකුටම ‘තෙල’ බෙදීමට අමතක නොකළේය.
ඒ පකිස්තානු ජාතිකයා ගැන මට තියෙන ආකල්පය නම් එච්චර හොඳ එකක් නොවෙන බව දැනටමත් කියැවී අහවරය. “එක මකුණයි ළමයෝ කන්නේ - ඇයි ඔක්කොම මකුණො මරන්නේ’ කියලා එච්.ආර්. ජෝතිපාලයන්, කේ. රානිත් සමඟ ‘වන මෝහිනී’ චිත්‍රපටයට ගයා තිබුණේ කොච්චර කාලෙකට කලින්ද?
ඒ කියන කතාව
සහතික ඇත්තය.
එකෙකු දෙන්නෙකුගේ අමනකම් දැකලා ජාතියක් ගැනම තීන්දු ගැනීම... |
‘එකෙකුගේ මට්ටම දැකලා පොදුවේ තීන්දු ගැනීම වැරදිය!’; මොළයේ එකම තට්ටුවක්වත් අකර්මණ්‍යවීමට ඉඩ දීම ගොන්කමකි!!
හොඳ පකිස්තානුවොත් ඉන්නවා විය යුතුමය, මට හමුවී නැතිවාට. ඒ බවටත් සාක්ෂ්‍ය
කමෙන්ට්ස්වලින්ම ලැබිලා තිබෙයි.
කොහම වෙතත්, මා නම් හොංකොං අත්කම් මධ්‍යස්ථානයට (එහි නිවැරදි නම මට මතක
නැත.) යන්නට සැදී-පැහැදී හිටි බව කියන්නටම ඕනෑය. ඒ නම ඇහුණාම මගේ හිතේ මැවී තිබුණේ
අපේ රටේ තියෙනවා වගේ තැනකි.
71 කැරලිකාර සිරකරුවන් හදා තිබුණු පොල් කෙඳි මාලයක් හා පෙන්ඩන්ට් එකක්.... |
‘හොංකොං වුණාට මෙහෙවත් අර පොල් කෙඳි මාලයක් තියෙන්න බැරි නැහැනෙ!’ සත්තෙන්ම, මේ ‘simple ගොයියා’ එදා එහි ගියේ එහෙමත් හිතාගෙනය.(71 කැරැල්ල වැරදී අවුරුදු ගණනාවක් හිරබත් කමින් සිට පැමිණි RPR ළඟ තිබුණු, සිර ගෙදරදී හැදූ පොල් කෙඳි මාලයක් දුටු දවසේ හිට එවැන්නක් හිමි කර ගැනීමට පුදුම තණ්හාවකි; මට තිබුණේ.
එහි තිබුණු අතිසියුම්කමටය මගේ හිත ගියේ. ඉන් පසුව මම එවැනි පොල් කෙන්දෙන්
ගෙතූ මාලයක්වත්, පෙන්ඩන්ට් එකක්වත් නොදුටුවෙමි. දැන් සිරි ලංකාවේ පොල්කටුවලින් නම්
මනරම් නිර්මාණ නිපදවෙයි!)
තරුණ සමුළුවේ අපේ නඩය ඒ කලා කෘති නිපදවෙන තැනට ගෙන ගියේ ලොකු, සුඛෝපභෝගී
බස් කිහිපයකිනි.
ඊට අවුරුදු 25කට විතර පස්සේ, පළමුවෙනි වතාවට බත්තරමුල්ලේ ‘අපේ ගම’ මධ්‍යස්ථානයට
ගියාම නම් එදා මගේ හිතේ ඇඳී තිබුණු ‘අත්කම් මධ්‍යස්ථානය’ හැබැහින් දැක ගන්නට
වාසනාව ලද්දෙමි. ඊට පසුවත් කිහිප වතාවක්ම එහාට ගියා නොවෙයි, යන්නට වුණේය.
අරයා-මෙයා එක්ක...
‘අපේ ගම’ත් ටිකෙන් ටික ජරාවාස වෙමින් යනවාවත්ද? |
‘හොංකොං අත්කම් මධ්‍යස්ථානය විසල් ගොඩනැඟිලි සංකීර්ණයකි’ කියලා විතරය මා
කියන්නේ.
දූවිල්ලෙන් වැසුණු තැන්, ගරා වැටුණු තැන්, නිසි ලෙස නඩත්තු කරන්නට අමතක කළ
තැන්, කුක්කුරයන්ට ඇරුණු තැන් මහජන මුදල් වියදම් කරමින් පවත්වාගෙන යන්නේ අප පමණය!
(දෙවසරකට පෙර තත්ත්වයයි මා කියන්නේ. දැන් අපේ ගමත් හමුදාවෙන් පවත්වාගෙන යනවාද කියා
නොදනිමි! අපේ වගේම, දැන් හොංකොංවල වැඩත් බල්ලට ගිහිංද කියලාත් මම නොදන්නෙමි!)
ඉත්තින්... ඉත්තින්... එදා මගේ හිත බිඳුණේය; බලාපොරොත්තුව නෂ්ටප්‍රාප්ත
වුණේය.
‘හොඳ මහත්තය වගේ උදව්වක් කරන්න දන්නවා නම්.....’ මම හිතවත් රසික Pra Jay
මහත්තයාගෙන් ඉල්ලීමක් කළෙමි. එහෙම කළේ බැරිම තැනය; අන්තර්ජාලයේ කරක් ගහලා-ගහලා
සෑහෙන වෙලාවක් හොංකොං අත්කම් මධ්‍යස්ථාන ගැන හොයා බලලාත් හම්බ වුණේ නැති තැනය.
එකම විදිහේ මාර්බල් හෝ ජේඩ් ගල් නිර්මාණ හදා ගන්නට.... |
අප කැටුව ගිය හැම තැනම තිබුණේ යන්ත්‍රවලින් කෙරෙන වැඩය. එහෙත් එව්වා සේරම විස්කම් නිර්මාණයන්ය.
මට හොඳටම හිතේ ඇඳී තියෙන්නේ ලොකු මුහුණක් කැටයම් කෙරුණු විදිහය.
කලින්ම නිමවා තිබුණු ඉතා කලාත්මක ශෛලමය මුහුණක් ආධාරකයක රඳවා තිබිණි. එයට ස්පර්ශ
වෙන අඬු-පඬු ගොඩකි. ඒ අසලම තවත් මේසයක් උඩ තිරුවානා කුට්ටියකි. එහි හතර වටේමත්
අඬු-පඬුය.
යන්තරේ කිරියා කෙරෙව්වා විතරය. මෙන්න බොලේ, අර කිරිගරුඬ කුට්ටියෙන් මුල් මුහුණ වගේම මූණක් කැපෙනවා!
ඒ පණිවිඩය යවලා විනාඩි දෙක-තුනකදී Pra Jay උන්නැහේ links දෙකක්ම එව්වේය.
නයිට් බසාර් එක වැඩියෙන්ම ආලෝකවත් වුණේ රතු පාටින්ය.... |
‘කෙනෙකුට ඇති ලොකුම වාසනාව තමන්ට අවශ්‍ය හැම දේම තමන්
සතුව තිබීමය. ඒවා තමන් සතුව නොමැති නම්, -තියෙන්නේ කොහේදැයි කියලා දැනගෙන-
සිටීමය.’ ඒ පණ්ඩිත වාක්කිය මං හොඳින්ම අත්දුටු සත්තක එකකි. මේ වතාවෙත් හරි ගියේ
ඒකමය. ස්තුතියි, ගොඩක්ම ස්තුතියි Pra Jay!
සිරා-බිරා යමක් තදින්ම හිතට වැදුණාම වෙනින් සිල්ලර දේවල් අමතක වෙන ගතියක් මට තියෙනවාය. ඔයාලටත් එහෙමද?
මං කලිනුත් කිව්වේ... කොළඹ මහ ඉස්පිරිතාලේ මහ පාන්දර ඉඳියාප්ප විකුණන්නට යනකොට මරුමුසු සිස්ටර්ට බයේ ‘මෝචරිය' ළඟ හැංගුණු හැටි... ඒ වෙලාවේ සිස්ටර් ගැන වගේම, මේ මධ්‍යස්ථානයට ගිය ගමන ගැනත් මගේ හිතට කාවැදී; නොමැකී තිබ්බේ ඒ යන්තරේ ගැන විතරය!
හිතක හැටි! එතැන තිබුණු අච්චර සංකීර්ණ; අපූරු යන්තර-සූත්තර සිරා-බිරා වැඩ
ගැන මතක නැතත් නයිට් බසාර් එකේ සංචාරය ගැන නම් මගේ ‘fotoජෙනික් memorryය’ තවම
අලුත්ය.
ජීවන රඟ මඬලින් බස ගිය රතු හැට්ටකාරිය මර්වින්ගේ කිට්ටු ඥාතිවරියකි! |
‘කෑමට රුසියෝ - මේ සිංගප්පූරුවේ වැසියෝ - උස්මුරුතාවට කන්නට දුන්නොත් - හිස් ගෙඩියත් දන් දෙනවෝ!’
සිංගප්පූරුවට ගිහින් නැතත් මගේ හිතේ තියෙන්නේ එහෙත් හොංකොං වගේමය කියලයි. විශේෂයෙන් ‘නයිට් බසාර්’!
රොඩ්නි වර්ණකුලගේ අර ගීය ඇහෙන වාරයක් පාසා මම ඒ රාත්‍රියට යන්නෙමි. මර්වින්ලාගේ තාත්තට; කනේ මයිල් උන්නැහෙවත් එතකොට මතක් වෙනවාමය.
‘ලොකු අයියා ඒ නාට්ටියට මාවත් ගත්තා....’ කාලයකට ඉස්සර දවසක ‘කඩේට පලයං’ ගීතය ගයා පෙන්වමින් ඔහු කීවේය.
‘.... අපේ තාත්තා හිටි ගමන් කඩාගෙන ආවා රිහසල් කරන
තැනට. දන්නවනේ නිමලො එයාගේ හැටි. “මේ, උඹ ඕනි නාඩගමක් නටා ගනිං... මගේ කොල්ලව
ඔව්වාට ගාවා ගන්නවත් එපා!” කියලා මාව ගෙදර ඇදගෙන ආවා.’
අපි ජෝගි නටන්නේ.... (මර්වින්, ශමල්, රවිඳු සමඟ නිදි- 2013 ඉලුක්කුඹුරෙදී...) |
‘කෑමට රුසියෝ’ පිරිලා හිටි, නයිට් බසාර් එක තිබුණු ඉසව්වේ මට මීටර් වුණු මුල්ම කාරණය හතර අතින්ම පෙනුණු රතු පැහැය වැඩි චීන පන්නයේ සැරසිලියි.
රාත්‍රියේ වුණත්
අඳුර යන්තමින්වත් හැංගිලා හිටියේ වීදියේ තිබුණු මේස යට විතරකි. ඒ තරමටම ලයිට්ය!
“මේ පාරවල් සේරම රෑට වහනවා. වාහන යන්නේ නෑ. රෑට විතරයි මේ කඩ අටවාගන්නේ.”
එහෙම පාර පුරා අටවාගෙන තිබුණු වැඩිම හරියක් කෑම කඩ වාගෙය. වීදිය පුරාම මේස-පුටුය.
අපට වාඩි වෙන්නට තැනක් හොයා ගත්තෙත් හරිම අමාරුවෙනි.
මගේ ‘සර්ව භක්ෂක’ බව තහවුරු කරගෙන ඉවර වෙලාය, ජෝ කෑම ඇණවුම් කළේ.
මට නම් චෝප්ස්ටික්වලින් හරඹ පුරුදු නෑ! |
“මට නම් ඔව්වා පුරුදු නැහැ. අපේ රටේදී අපි කෑම කන්නේ අතෙන්.....”
චීන ක්‍රමයට බත් පිසීමේදී ඒ බත් ඇටවල එකට ඇලෙන ගතියක් තිබේ. එතකොට
chopstickවලින් වුණත් ඒවා කෑම ලෙහෙසිය.
එදා තිබුණු කෑම අතරින් අදත් මට මැවී පෙනෙන්නේ විශේෂ බන්දේසියකි.
ඒ බන්දේසිය පුරා තිබුණේ අමු එළවලුය. පොතු ඇරලා, පිරිසිදු කරලා, හොඳින් සෝදා තිබුණු කැරට්, අර්තාපල්, ගෝවා, නිවිති, ළූණු ගස් වැනි වර්ග ගොඩක්ම ඒකෙය.... තවත් දීසියක කැබලි කළ මාළුය; පොතු හැර පිරිසිදු කළ ඉස්සෝ දීසියකුත්.....
“අමුවෙන්ද උඹලා මේවා කන්නේ?”
“මෙන්න මෙහෙමයි!”
සාමාන්‍යයෙන් ‘සවාන්’ එකක් වටා 6 දෙනෙක් වාඩි වෙති... |
“මේ වතුර උතුරනකොට අපි එක-එක්කෙනාට පුළුවන්, මේ tray එකේ තියෙන කෑමවලින්
තම-තමන් කැමති ජාතියක් මේකට දාලා තමුන්ට ඕනි තරමට තම්බගන්න.... ඔයාත් එහෙම කරලා
බලන්නකො....” ජෝ කිව්වේය. එයාලා ඒ බඳුනට එළවලු, මාළු දැම්මෙත් චොප්ස්ටික්වලින්
අල්ලලාය; හොඳ ලස්සනට-බුහුටිකමට ඒවා ඉවතට ගත්තෙත් ඒ ලී කූරු දෙකෙන්ම අල්ලලාය.
ඇත්තටම එහෙම කෑම ගැනීම අපටත් හුරු වෙනවා නම්..... එහි ඉතා හොඳ පැත්තකි මට
පෙනෙන්නේ. සාමූහිකත්වය!
මුසල්මානුවන් අතරත් එහෙම පුරුද්දක් තිබේ.
මංගල්‍ය උත්සවයකදී පවා ඔවුන් ආහාර
ගන්නේ හය දෙනෙකු බැගින් එකට වටවීගෙන එකම බඳුනකට බෙදා තිබෙන ආහාරයි: ‘සවාන්’ එකේ
තිබෙන ආහාරයි.
මෙයාට හම්බ වෙන්නෙම පරණ.... (රාජ රාජ චෝල අවධියේ කහාපණ කාසි) |
ඇත්තනේ! රසම රස සුප් එකක් නිකම්ම හැදිලාය!
එදාත් ජෝලා පිරිස එකතුවී මුදල් ගෙව්වා මිස මට වියදම් කරන්නට ඉඩ දුන්නේ නැත.
මොකක්දෝ වාසනාවකුත් එක්ක වගේය මා ඉපදී තියෙන්නේ.
‘මෙයාට පීරා, හම්බ වෙන්නෙම ආදි ණයකාරයෝ. ෂුවර්! ඉස්සර ආත්මෙක මේකා ණයට දෙන එකෙක් වෙන්නැති....’ නෙවිල් කියයි; “එක මෝටර් සයිකලයක්වත් නැතිව හෙල්මට් හතක්ම ගත්තු එකානේ...” කියල මගේ පරණ හපන්කමුත් මතකයට නංවයි.
දැන් ඒ කතාවලට තවත් එකක් එකතුවෙලා තිබේ.
අප සිව් දෙනෙකුගේ chat group එකට වෙනදාට වඩා ටිකාක් වැඩියෙන් මාත් දායක
වෙද්දී, නෙවිල් ලියා තිබුණේ මෙහෙමය.
එහෙම වෙන්නේ එකම ෆ්‍රීකුවන්සියක් තියෙන කට්ටිය අතරෙ විතරයි! |
දිග ලැයිස්තුවක් නොවුණත්, බ්ලොගය නිසාත් මට සමීප හිතවතුන්-හිතවතියන් කීප දෙනෙකු ලැබී තිබෙයි! මෙරටින් වගේම පිටරටිනුත්.... (ඕස්ට්‍රේලියාවේ ඉන්නා සිරිබිරිස් උන්නැහේ කියන විදිහට නම් ඒ හැමෝම එකම ‘ෆ්‍රීකුවන්සිය’ ඇත්තන්ය.) එයාලා දුරකතනයෙන් හරි සුවදුක් අසති; අඩුපාඩු තිබේදැයි විමසති.
කොරෝනා නිසා හදිසියේ ගෙදරට
කොටු වුණු වෙලාවේ ‘සල්ලි තියේද?’ කියලාත් ඇසුවෝහ. මෙරට ඉන්න අයත් එහෙමය.
‘ඔයා ගෙදරම ඉන්නවා මිසක් එළියට යන්න එපා!’, ‘හාල් තුනපහ එළවලු අඩුවක් තියේ නම් කියන්න. අපි ගෙනත් දෙන්නම්.’, ‘නිමල් අයියට මොනවා හරි ඕනි නං කියන්න. කඩයක් කඩලා හරි ගෙනත් දෙනවා!’
මට ඒවා තවම මතකය! හොඳට මතකය!!
එහෙම උදවිය ඇසුරට ලැබීම පොඩිපහේ වාසනාවක්ද?
මගේ හිතවත්තු වැඩි දෙනෙක් කල්‍යාණ මිත්‍රයෝ වෙති; වචීපරම මිතුරෝ නොවෙති.
කොරෝනා කරන විනම්බෑසිවල තත්ත්වය තවත් නරක වුණෝතින්.. |
ඉතිං කොරෝනා කොරන විනම්බෑසිවල තත්ත්වය තවත් නරක් වුණොත්....?
එහෙම නොවේවා කියලය මා පතන්නේ; වුණත් ‘හැම කෙනෙකුටම තවත් කෙනෙකුගේ පිහිට
ලැබේවා! කිසිවෙක් අසරණ නොවේවා!!’ කියලාය මා පතන්නේ. මට තියෙනවා වගේ වාසනාවක් අනෙක්
හැමටමත් හිමි වේවා කියලාය මා පතන්නේ.
මුළු හදින්ම ඒ සුබ පැතුම පතමින්ය ‘හොංකොං’ ගමනේ විස්තර ඊළඟ කොටසටත් ගෙන
යන්නේ....
මං ඕනෑම කෑම ජාතියක් අඩු ගණනේ එක වතාවක්වත් ට්‍රයිකරලා බලන්න කැමතියි ඒත් චොප්ස්ටික්ස් වලින් කන්න කොයිතරම් ට්‍රයි කලත් බෑ. අතින් හෝ හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑවත් කෑම හලන මට මොන චොප්ටික්ස්ද !
ReplyDeleteනිමල් බොන්නෙත් නැතුව ඔය වගේ ජෝගිනටන්න පුලුවන් එක උපන් හැකියාව නිසා වෙන්න ඇති
මං හිතන්නෙ "කැරම්" කොකු. උඩ රවුම කැරම් ඉත්තෙක් වගේ නිසා. වෙන නමකුත් තියනව නේද?
කැරැං කොකුවලට කියනව බැර කොකු කියලත්. ඒ වචනෙ මුලිම්ම ඇහුණු වෙලාවෙ මං ඇහුවා "හර කොකුත් තියෙනවද" කියල.
Deleteගොඩක් ස්තුතියි Pra jay, ඩ්රැකී දෙන්නටම.
Deleteජෝගි නටන්න බොන්නම ඕනිද කියන එක නම් මට ප්‍රශ්නයක්. මට හිතෙන විදියට විනෝද වෙන්නත්, අනිත් අයට විනෝදය සපයන්නත් කැමැත්තක් විතරයි තියෙන්න ඕනි. හැබැයි සමහර දෙනෙකුට සබකෝලය තියෙන නිසා ටිකක් පසුබානවා. අපේ ට්‍රිප්ස්වලදී, විශේෂයෙන් උදේනි දසනායක එක්ක ගිය ගමන්වලදී හෙම ජීවිතේට act නොකරපු සමහරුන්වත් නළුවෝ කරලා තියෙනවා. ඒ රස කතාත් ලියවෙයි මෙහෙම යද්දී.
නෙවිල්ලා මර්වින්ලා පීරිස්ලා කියන විදිහට 'මගේ ලජ්ජා නහරය කපලා'ලු!
ඉතිං මගේ නිරීක්ෂණය නම්, මත්පැන් නිසා මොළයේ කොටසක් අඩපණ වුණාම සමහර ලජ්ජාශීලී අයගේ ලජ්ජාව නැතිව යනවා කියලයි.
ඩ්රැකී, අදයි මම බැර කොකු නම ඇහුවෙත්! එහෙනං ඒකත් ඉගෙන ගත්තා. ඔයාලා දෙන්නටම පිං!
‘RPR ලඟ තිබුණු‘ ලිංක් එක වැඩ කරන්නෙ නෑ වගේ.
ReplyDeleteඅර වගේ අච්චුවෙන් කැටයං කපන මැෂින් මම ටීවී ප්‍රෝග්‍රෑම් එකක දැකල තියෙනව. සමහර ඒවගෙ එකපාර දෙක තුන කැපෙන ඒවත් තියෙනව.
ගොඩාරියක් ස්තුතියි ප්‍රසන්න.
DeleteRPR ළඟ තිබුණු link එක හැදුවා.
Pra Jay එවූ linksවලින් තමයි මම ඒ ගැන විස්තර තහවුරු කර ගත්තේ! Hong Kong වලදී දැක්කට පස්සේ බ්ලොගයට ලියන්න යන තුරුම ඒ ගැන හොයන්නවත් උවමනාවක් ආවේ නෑ.
අපි දවසක් බතලේගල කන්ද උඩදි චොප්ස්ටික්ස් විදිහට පාවිච්චි කළා, එතන සරුවට වැවිලා තිබුණු මානා වගේ උස තණකොල ජාතියක දඬු. අපට ඒවා පාවිච්චිය කියා දුන්නෙ රංග වික්‍රමසිංහ. ඒක නම් පට්ට රාත්‍රියක්... වෙලාවක ලියන්න ඔ්නෙ.
ReplyDeleteතණකොල ගලෝගෙන යන්න වැදිච්ච වෙලාවක නේද ඔය. හැක්..
Deleteඩ්රැකී, රංග වික්‍රමසිංහ කිව්වේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ඥාති කෙනාද?
Deleteප්‍රසන්න, තණකොළ ගලෝගෙන යන්නේ කරටිය කැඩිලා කන පාත් වුනාමද?
ප්‍රසෝ... අපි එතෙන්දි බිව්වෙ නෑ. එතන පන්සලක් තියෙනව. බියුටේන් ලිපක් ගෙනිහිං නූඩ්ල්ස් හැදුවා. කන්ද මුදුනෙ ගල් ගුහාව ඇතුලෙ ඉටි රෙද්දක් එළාගෙන මේස් සපත්තුත් දාලයි නිදාගත්තෙ. පාන්දර නැගිටලා ඉර උදාව එක්ක පහත භූමිදර්ශනය නැරඹුවා. මාර සුන්දරයි...
Deleteනිදි, මේං මෙතන තියෙනව යම් විස්තරයක්. රංගත් ඉන්නව එක පොටෝ එහෙක. පොර උඩරට සම්භවයක් තියෙන වික්‍රමසිංහ කෙනෙක්. මාර්ටින් මහත්තයගෙ නම් කවුරුවත් නෙවෙයි මයෙ හිතේ.
ඔයා හරි! ස්තුතියි ඩ්රැකී.
Deleteමට තවම යන්න බැරි වුණු තැනක් බතලේගල.
රැළි වැඩි මොළය රැකුමට හෙල්මට් සතකී...
ReplyDeleteමකර රාජධානියෙ බත් කෑ පුතෙකී...
හොංකොං ගමනෙ තතු නම් හරි අරුමයකී...
නිදිගේ පංචතන්ත්‍රය මට පුදුමයකී...👏✍️✍️✍️🧠🧠🧠
පුදුමෙකි නොවේ, මෙය ඇත්තම කතාවකී
Deleteමොට්ටකමුත් තියෙනා රස ගුලාවකී
මටම මේව වුණු එක නම් අරුමයකී
ඇත්තම හෙළි කිරීමත් එක කලාවකී
මොකක්දෝ අකරතැබ්බයක් නිසා ඉස්සෙල්ලා පෝස්ට් එකටත් පිළිතුරක් දාලා නැති බව දැක්කේ පහු වෙලයි. මේකටත් ඒ සන්තෑසියම වෙලා. Better late than never හින්දා පහු උනත් කමක් නැහැ.
ReplyDeleteඔයාගේ අම්මා, බාල වයස්කාර දැරියක් හැටියට තාත්තා එක්ක විවාහඋනා කියලා කිව්වාට, මීට වසර හැට හැත්තෑවකින් පෙර තිබුන සමාජ සම්මතය ඒක තමයි. ඒ හේතුව නිසා තමයි පවුල් වල දරුවන් දහයක් දොළහක් ඉඳීම සාමාන්‍ය දෙයක් වෙලා තිබුනේ. ඒ වගේම, පවුලක ස්වාමියා හා බිරිඳ අතර අඩුම ගානේ වසර දහයක්වත් ගැප් එකක් තිබීමත් ඒ කාලේ සමාජ සම්මතයක්.
866 කියන ඉලක්කම කිව්වාම මට මතක් උනේ ඉස්සර පිළියන්දල මහරගම අතර දුවාපු 866 බස් එකයි. සාමාන්‍යයෙන් පිළියන්දල ඉඳලා මහරගමට විනාඩි 45 කින් විතර බොහොම පහසුවෙන් පයින් යන්න පුළුවන්. ඒ උනාට ඒ බස් එකේ මහරගමට යන්න පැය එකහමාරක් විතර යනවා.
හොං කොං කතාව ඊළඟ කොටසේදීවත් කියවමු.
සෑම් මහත්තයෝ!
Deleteඔයාට කොහෙන්ද අපේ අම්මගෙයි තාත්තගෙයි විවාහ සහතිකේ?
ඒ කාලේ සම්මතයට එයාලත් ගරු කළාද නැද්ද මන්දා, එයාලගේ අතරේ වයස් පරතරය හරියටම අවුරුදු 10ක්. ඒ මදිවට අපේ පවුලේ දරුවන් ගණනත් දහයයි.
පිළියන්දල බස් ගැන ඔයාට තියෙන මතකයත් මසුරං... අපි වැඩිය එහාට ගියේ නැහැ. ගියත් ගියේ බොරලැස්ගමුවට ගිහින්, 120 බස් එකක් අරගෙන.
ඔයාට වෙලා තියෙන අකරතැබ්බේ මටත් වෙලා තියෙනවා. කමෙන්ට් එක කොටලා ඉවර වෙලා PUBLISH බට්න් එක වෙනුවට වෙන මොකක් හරි ඔබලා... දැන් නම් හොඳට බලනවා...