මයිඩාස් රජතුමාත්, මෙඩුසාත් ගැන ප්‍රසිද්ධ කතන්දර දෙක නොදන්නා කෙනෙකුට ඒ රූපය අප්‍රබංශයක් විතරකි... කියලයි පසුගිය කොටස නැවැත්තුවේ. ඒ කතන්දර දෙක නොදන්න කෙනෙකු නැති තරං වුණත්... ඒ ග්‍රීක කතන්දර දෙක ඉතා කෙටියෙන්වත් නොකියා හිටියෝතින් හිතට ‘මදි මදි’ වගෙයි නෙව.
ග්‍රීක
වීරවර පර්සියස් මෙඩුසාගේ හිස කපන්නේ ඔහුගේ පළිහෙන් පෙනුණු මෙඩුසාගෙ ප්‍රතිබිම්බය
දිහාව බලාගෙන. |
මෙඩුසා
පුදුම බලයක් තිබුණු අමනුෂ්‍යයෙක්. එයාගේ හිසේ කොණ්ඩය වෙනුවට හිටියේ දඟර ගැසුණු
සර්පයෝ. කවුරුන් හරි මෙඩූසා දිහා බලනවද, ඒ සැණෙන් බලන කෙනා ගලක් බවට පත් වෙනවා.
(ග්‍රීක වීරවර පර්සියස් මෙඩුසාගේ හිස කපන්නේ (කෙලින්ම නොබලා) ඔහුගේ පළිහෙන් පෙනුණු
මෙඩුසාගෙ ප්‍රතිබිම්බය දිහාව බලාගෙන).
ඉතින්,
කොහොමට හිටීද ඔය කියපු මයිඩාස් - මෙඩූසා දෙන්නාගේ හමුවීමක් සිද්ද වුණොත්?
ඒ පුරාණෝක්ති
දෙකම දන්නා කෙනෙකුට පසුගිය කොටසේ අන්තිමට යොදා තිබුණු පින්තූරය දැකපු ගමන්ම ගොඩක්
දේවල් තේරුම් ගන්න පුළුවනි.
ඒ වගේම නිදිගෙ පංච තන්තරේ ලියන ‘නිදි’ ගැනත්, ගොඩක් විස්තර දැන් ඔයාලා දන්නවා-
නිමල් දිසානායකගේ ජීවන අත්දැකීම් කියවීම මඟින්. ඒ ජීවන අත්දැකීම්වලින් සමහර දේවල්
මං කිව්වේ සෘජුවම; කෙලින්ම. සමහර ඒවා වක්‍රව... සමහරක් ව්‍යන්ග්‍යයෙන්... එහෙම
දේවල් අල්ලගන්න ඇහැක් වුණේ යටි පෙළත් තේරුම් ගන්න හැකියාව ඇති අයටයි!
කොහොමෙන්
හරි මොකෝ, එහෙම කියාගෙන ආව කතන්දරයේ විදිහට අපි දැන් ඉන්නේ 1985 දෙසැම්බරයේ මුල;
එංගලන්තයේ.
පහුගිය
කොටසේදී කිව්වනේ, අපේ සමන්ති නංගිගේ 18 වෙනි උපන් දිනේ දෙසැම්බර් 5 කියලා. “අම්මේ,
සමන්තිගේ උපන් දිනේට මොකක් හරි මතක හිටින තෑග්ගක් දෙන්න ඕන.” ඊට සතියකට විතර ඉස්සරින්
දවසක මම අම්මට කිව්වා.
“මතක හිටින?” අම්මා මගෙන් ඇහුවා. “ඔසරියක් දෙමුද? Sam තවම සාරියක් ඇඳලත් නැහැනෙ.”
“කීයක්
විතර යයිද? අනෙක අම්මේ, මෙහෙ කොහෙන්ද ඔසරි? ඔසරිය අඳින්නෙත් සාරියෙන්මනේ...”
“ඇයි රංජි, ඔයා ආච්චිට බතික් ඔසරියක්
කරලා
දුන්නේ... කෑලි තුනේ ඔසරිය මතක නැද්ද?”
“හරි
නේන්නං!”
“රංජි, ඔයා ඩැඩාට අඬ ගහන්න South Hall ගිහිං එමුයි කියල. එහෙන් ලාබෙට රෙදි ගන්න
පුළුවන්. මම අඬ ගැහුවොත් නං ඔය මනුස්සය බැඃ කියනවාමයි.” අම්ම යෝජනා කළා.
සවුත් හෝල්වලට සමහරුන් කිව්වේ ‘පුංචි ඉන්දියාව’ කියලයි. ඒ තරමටම ඒ පැත්තේ
ඉන්දියානුවන් හිටියා. ඒ වගේමයි, ඉන්දියන් බඩුමුට්ටු විකුණන කඩසාප්පු. ඒවා විතරමද
මන්දා ඒ පැත්තේ තිබ්බේ.
‘මසාලා චායි’ නං රසයි. වෙන දවසක අහගන්න ඕනි හදන විදිහ. කුළුබඩු ඔක්කොම දාල වගෙයි; දෙහි- මිරිස්- ගොරකා විතරයි වෙන්නැති දාලා නැත්තේ. |
“ඒ මොකටද ඩැඩී?”
“My friend Joe is living there. He wants you to decorate his house!”
“සැසිල්, ඔයා කියන්නේ අර chemist එකේ ජෝද? ඒ මිනිහා ඉන්දියන්කාරයානේ.”
“ඉතින්?
What’s wrong? ඉන්දියාව කියන්නේ උඹලගේ අල්ලපු රට. අසල්වැසියෝ...
ලීලා, උඹට ඉන්දියන් බනාසේලා හොඳයි... ඉන්දියාවෙම ජෝ නරකයි. I can’t understand
your principle.”
“Enough
daddy, අම්මත් කට පියා ගන්නකො ටිකකට. Daddy ප්ලීස්- මට කියපන්කො ජෝ ගැන. මටත් තව මාස
දෙකයි තියෙන්නේ. ඒ මාස දෙකේදී තව කීයක් හරි හොයා ගන්නම වෙනවා.”
“ජෝ ඉන්නෙ සවුත් හෝල්වල වුණාට මිනිහගේ කෙමිස්ට් ෂොප් එක තියෙන්නේ Hounslowවල. මට
හැමදාම එයාව මීට් වෙනවා, කොෆී shop එකට යන ගමන්... උඹලගේ අම්මට එයාව රුස්සන්නෙ
නැත්තේ, මෙයා ඉල්ලන සමහර බෙහෙත් ඒ මනුස්සයා නොදෙන හින්දයි. Without doctor’s බෙහෙත්
තුණ්ඩුවක්, මෙහෙ කෙමිස්ට්ස්ලා බේත් දෙන්නෑ ලංකාවේ වගේ. කොහෙද... උඹලගේ අම්මමනෙ වෙලාවකට
ඩොක්ටර් වෙන්න යන්නෙ...”
“ඒකට
කමක් නෑ. මමත් එනවා ඔය මිනිහගේ ගෙදර යන දවසට. මටත් සවුත් හෝල් යන්න උවමනාවක් තියෙනවා.”
“Doesn't matter, you can come with us. නමුත් ලීලා, උඹ අපේ job කතාබහ මැද්දට
පනින්නේ නැතිව ඉන්න ඕනි. Agree?”
මෙන්න
වදේ වැඩක්! මගේ දිනපොත අහනවා ‘ඊළඟ විස්තර චුට්ට’ එයාම කියන්නද කියලා. පව්නෙ...
එයාගෙත් ආසාවනෙ. ඔන්න ඔන්න එයාටත් ඉඩ දෙනවා!
‘අම්මයි, සමන්තියි, ඩැඩායි එක්ක සවුත් හෝල්
ගියා. ඉස්සෙල්ලම Joeලගේ ගෙදරට. ගේ ලොකුයි. අහමඩ්ලගේ පුතාගෙ පලේම චූටි පුතෙක් ජෝටත්
ඉන්නවා. ජෝගේ පවුලටත් ඉංග්‍රීසි බෑ....
එහෙන් මෙහෙන් ගැට ගහ ගන්න විතරයි පුළුවනි. එයාලගේ ගෙදරින් දීපු ‘මසාලා චායි’ නං
රසයි. වෙන දවසක අහගන්න ඕනි හදන විදිහ. කුළුබඩු ඔක්කොම දාල වගෙයි; දෙහි- මිරිස්-
ගොරකා විතරයි වෙන්නැති දාලා නැත්තේ.
-මෙහෙත් Wallpapers අලවන්නයි තියෙන්නේ.
-වැඩේට කීයක් ඕනිද කියලත් ඇහුවා. ඩැඩා බෝලෙ එයාටම පාස්
කළා. ‘මම දන්නවනේ Joe, උඹ යාළුවෙකුගේ step sonට අසාධාරණයක් කරන්නේ නැහැයි කියලා’. අම්මට
නං ඒ කතාවට තරහයි වගේ.
ඉක්මනටම වැඩ පටන් ගන්න වෙයි.
“It’s great. Let’s go to a studio and get a family foto.” ඩැඩා කිව්වා. (ඩැඩා,
අම්මා, අනිල්, සමන්ති, දීපාල්, දීපානි හා මං) |
ඊළඟ
දවස් ටිකේ අපේ හවස් ජාමය ගෙවුණේ සමන්තිගේ ඔසරිය මහන්න. අම්මයි හැට්ටය මැහුවේ.
අම්මා මිම්මට රෙද්ද කපලා දෙන අතරේ, දීපානිගේ ගවුම මැහුවෙ නං ‘නිමල් දිසානායක ටේලර්
උන්නැහේ’.
“It’s
great. Let’s go to a studio and get a family foto.” ඩැඩා කිව්වා. “ඒක හොඳ
සමරුවක් වෙයි!” ඉතිං, සමන්ති නංගිගේ 18 වෙනි උපන් දිනය දවසේ තමයි ඉහළින් තියෙන
foto එක අරගත්තේ. ඩැඩා කිව්වා වගේම දැන් ඒක හොඳ සමරුවක්! (විශේෂයෙන් අපේ අනිල්
මල්ලී හරිම කඩවසම් විදිහට ඉන්න නිසා.)
ඔන්න,
ජෝලගේ ගෙදර වෝල්පේපර්ස් අලවපු රාජකාරිය ගැන වැඩි විස්තර නං කියන්න යන්නෙ නෑ. කියන්න තරං සුවිශේෂ
දේවලුත් නැති හින්දයි ඒ. හැබැයි, ඒ දවස්වල උදේ South Hall බස් එකෙන් බැහැල ජෝල
ගෙදරට ඇවිදගෙන යන අතරේ දකින්න ලැබුණු දෙයක් ගැන නං නොකියම බැහැ. ‘මිනිස් අශූචි’.
පාර අයිනේ තැන් දෙක තුනකවත් මළපහ ගොඩවල්
තිබ්බා, හුඟ දවසක.
‘මොක්කුද යකඩෝ මේ නොසන්ඩාලයෝ? මුන්ට ටොයිලට් තියෙන ගෙවල් නැද්ද ඇත්තටම?’ මට
හිතුණා.
“Bloody බාස්ටඩ්ස්! ඔන්න ඔය නිසා තමයි මං කියන්නේ Englandවලට පිටින් මිනිස්සු එන එක
නවත්තන්න ඕනියි කියලා. උන්ගෙ රටේ පුරුදු අතාරින්න බැරිව කරන දේවල්නෙ ඔය. They ruin
my country!” මං ඒ විස්තර කිව්වම අපේ ඩැඩා පුපුරා හැලුණේ, ගේ පුරාම ඇවිදිමින්.
ඩැඩාගෙ
ඒ කතාව කොච්චර ඇත්තද කියලා මට හිතුණේ මේ මෑතකදී. Hindi චිත්‍රපට කිහිපයක් බැලුවට
පස්සේ. විශේෂයෙන් Toilet : Ek Prem katha කියන ෆිලුම!
ජෝලගේ
ගෙදරින් මට පුරුදු වුණු දෙයක් තමා ‘කොත්තමල්ලි කොළ’. (බනාසේ ගෙදරිනුයි ඉස්සෙල්ලම එව්වා දමපු
කෑම
ජාති ලැබුණේ!)
එහෙන් හැමදාම වගේ දවල්ට කෑමට ලැබුණේ චපාති. ඒ එක්ක තිබ්බ චිකන් කරියට වුණත්, Lamb
කරියට වුණත්, පරිප්පු කරියට වුණත් Coriander leaves යහමින් එකතු කරලා තිබ්බා. එයින්
ලැබුණු සුවඳටත්; රසයටත් මම නං කැමතියි. ඒත් ලංකාවේ සමහර දෙනෙකු ඒ aroma එකට කැමති නෑ.
මගේ එක මිත්තරයෙකුට කොත්තමල්ලි කොළ දාපු පරිප්පුවලින් සංග්‍රහ කළ දවසක එයා කිව්ව
දේ මට තවම මතකයි. “හොදි එකට පැඟිරෙක්* වැටිලය කියලයි මං හිතුවේ”.
(*පැඟිරා - ගොඩාරියක් පුංචි කෘමි සතෙක්; පොඩි වුණාම තද ගඳක් වහනය වෙනවා.)
ඒ
මනුස්සයා කුස්සියට ගියා. උළුහාල් අහුරක් ගෙනත් පෙන්නුවා. ‘මේති’ කියන්නේ උළුහාල් පැලවලටලු! |
තෙල් කියන්නේ... එයා උයද්දී මස් කිලෝවකට නම් බී ළූණු ගෙඩි හය-හතක්වත් කපා ගන්නවා.
ඒවා ළා දුඹුරු පාට වෙනකල් තෙම්පරාදු කරගෙන (බැදගෙන නෙවෙයි) බ්ලෙන්ඩර් කරලයි හොද්දට
දමන්නේ.
(මේ
දවස්වල නං බී ළූණු රත්තරං වගේ
වෙලා. ඊයේ කිලෝව 650/- වෙලා තිබ්බා! ජෝ මහත්මිය ලංකාවේ හිටියා නං කෑම උයන්න ගිහිං
සකල අමාරුවක වැටෙනවා!)
එහෙදිම
තව ලස්සන වැඩක් වුණානෙ. දවසක් පරිප්පු හොද්දකට පළා වර්ගයක් දාල තිබ්බ. විදිහ
නිවිති වගෙයි; ඒත් කොළ පුංචියි මුරුංගා කොළවලටත් වඩා. “මොනවද මේ?” මං ඇහුවා.
“මේති!” එයා කිව්වා. “You like Methi?” ඒ එයාගේ ඊළඟ ප්‍රශ්නය.
“I want to know about it.” මං උත්තර දුන්නා.
අනේ,
එතකොට ඒ අංගනාව හොඳටෝම පැටලිච්ච විදිහයි පෙනුණේ.
“You want... or... you no want?” එයා තතන තතනා වචන ගැට ගගහ එකතු කළා!
මොට්ට
මට සිද්ද වුණා, ඉංග්‍රීසි නොදන්න අංගනාවකට ‘එකම විදිහට කියවෙන No හා Know වචන දෙකක්
ඉන්ගිරිස්වල තියෙන විත්තිය’ තේරුම් කරලා දෙන්න. ඊට පස්සෙයි මම එයාගෙන් ඇහුවේ ‘Methi
(මේති’ ගැන. ඒක අහපු ගමන්ම ඒ මනුස්සයා කුස්සියට ගියා. උළුහාල් අහුරක් ගෙනත්
පෙන්නුවා.) ‘මේති’ කියන්නේ උළුහාල් පැලවලටලු!
අපේ
රටේ නම් එච්චර දෙනෙකු තවමත් මේති ගැන නොදන්න විදිහයි.
(හැබැයි
හැට්ටර් මල්ලී නං ඒක දන්නා විත්තිය කියන්ඩම වෙනවා.
මේ අවුරුද්දෙ මුල් කාර්තුවේ ලංකාවට ආව හැට්ටර් මල්ලී නිදිට call කළා. “ඔයාව දකින්න
ආසයි. මේ ඉරිදා හවස මට පැයක් දෙකක් විතර විවේකයක් තියෙනවා. Pra Jay එදාට එනවා මාව
හම්බ වෙන්න... එයාට කියන්නද නිදිවත් එක්කගෙන එන්න කියලා.”
මමත් හා කිව්වා. අපි දෙන්නයි, තට්ටයා මහත්තයයි- තුන්දෙනා එහාට ගිහිං, හැට්ටර්
මල්ලී එක්ක ‘රසබර කතන්දර පැය කීපයක්’ ගත කළා.
ආපහු එන්න හදනකොට අපිට තෑගිබෝගත් හම්බ වුණා! “නිදි කෑම ජාති ගැන උනන්දු නිසා මේක
ඔයාට දෙන්නේ!” කියමින් හැට්ටර් මල්ලී දුන්නේ ‘වියළි මේති කොළ’ පැකට්ටුවක්!
ඒ ගමන ගැන අපි හතර දෙනාට අපිම ස්තුති කරගත්තා එදාම. ඒත් මොකෝ. මං ආයෙමත් ස්තුති කරනවා!
කොච්චර ස්තුති කළත් වැඩි වෙන එකක්යැ. ළඟකදී ඒ ගැන ඉයන්ගේ අඩවියේ ‘කළ දෙයින් සතුටුවීම’ කියලා පංකාදු post
එකකුත්
තිබ්බේ.
'Bohemian Rhapsody (2018)
සහ Live Aid‘ පෝස්ටුව කරුණු දෙකක් නිසා මට වැදගත් වුණේ… |
‘... Freddie ලොක්කට
AIDS හැදෙනවා (හැමෝම දන්න
විදිහට)... විශ්වාසදායී ලිංගික සහකරුවන් එකකට හෝ දෙතුන්දෙනෙකුට පමණක් සීමා නොවුන
නිසා. මේ කාලෙම වාගේ දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වෙනව ලන්ඩනේ අර සහනයාත්‍රා අදහසින්.
දිනවකවානු ගත්තොත්... 1985 ජූලි 13. බිලියන ගණනක් වූ රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක්
වගේම සජීවී ප්‍රේක්ෂක පිරිසේ ප්‍රමාණයත්... අති විශාලයි. ඒ හේතුවෙන් මෙතක් පවත්වපු
ප්‍රසංග අතුරින් දැවැන්තම එකක් ලෙස 1985හේ Live Aid
සංගීත
ප්‍රසංගය ගැනෙනව....’
1.
ලන්ඩන්වල වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ ‘ලයිව් ඒඩ්’ ප්‍රසංගය තිබ්බ දවසට පහුවදා උදේ මාත්
එතනින් ගියා! අපි වගෙම තමයි- කොන්සර්ට් එක බලන්න ආව රසිකයො අවට පාරවල් සේරමගෙත් කුණු
විසිරුවලා තිබ්බේ!
අපෙයි
සුද්දන්ගෙයි දෙගොල්ලන්ගෙම වැඩි වෙනසක් නෑ නේද? පොඩි ඉඩක් ලැබිච්ච ගමන් එයාලගෙත් ‘Real
කළු ගති සොබාව’ එළියට පනිනවා.
2.
AIDS රෝගය හා Freddie Mercury.
මාරාන්තික ඒඩ්ස් රෝගයට මගේ තිබුණු ‘බය’ කොච්චරක්ද කියනවා නම්, ඒ දවස්වල ‘නිමල්
දිසානායක’ උන්නැහේත් ‘බ්‍රහ්ම චරියාව’ 100%ක්ම සුරකිමින් උන්නේ. (ඒ නොකඩවා ලිංගික
වශයෙන් ගොඩාරියක් ක්‍රියාශීලීව හිටිය අවුරුදු 19කට පස්සේ... මං වහන්සේ එහෙම කළා
කියනවට වැඩිය හොඳයි ‘මට එහෙම නොකර බැරි වුණා’ කියලා කියන එක... එහෙම කියන්නේ අහමඩ්ගෙ
යහළුවා වගේ තවත් දෙතුන් දෙනෙකුගෙන්ම ‘ලෛංගික ප්‍රේමාරාධනා’ ලැබෙද්දීත් මං නිහඬවම
හිටි නිසයි.
ඒත් එහෙම ඉන්න අතරතුරෙත් මං වහන්සේ සිල් බිඳ
ගත්තා.
ඒ ඉඳහිට ‘කර කර්මය’ කරමින්. ඉංග්‍රීසියෙන් ‘ඕනෑනිසම්’ කියන; බයිබලයේ උත්පත්ති පොතේ
කියවෙන ‘පාපක දුෂ්ට දුර්දාන්ත ක්‍රියාවේ’ යෙදෙමින්... (මතකයිද ඒ ගැන ‘දොළහ වෙද්දී - තෙවෙනි කොටසෙ’ මෙහෙම සඳහන් වුණා.
දෙතුන්
දෙනෙකුගෙන් මට ලැබුණු ශෘංගාරය වෑහෙන… |
(හස්තෝපක්‍රමයෙන් සුකුරු වගුරුවන බැවින් මීට ‘කර කර්මය’යිද නමක් වේ.)
මෙය ප්‍රථම
කොට ‘ඕනන්’ නම් අයෙකු
විසින් කරන ලද බැවින් ‘ඕනෑනිසම්’ යයි ඉංග්‍රීසියෙන්
නමක් ඇති වේ.
මෝසෙස් විසින් ලියන ලද ක්‍රිස්තියානි බයිබලයේ උත්පත්ති නම් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි සහ 10 වෙනි පදයන්හි මෙසේ දක්වා ඇත්තේය.
‘ඕනන් ඒ වංශය තමාගේ නොවන්නේ යයි දැනගත් බැවින්,
තමාගේ
සහෝදරයාගේ භාර්යාව කරා එළඹෙන කල්හි තමාගේ සහෝදරයාට වංශය නොදෙන පිණිස, ශුක්ල භූමියෙහි වත්කළේය.’ යනුයි.
මෙම භයානක පාපක දුෂ්ට දුර්දාන්ත ක්‍රියාව ලොවට ප්‍රථමයෙන් පහළ කළ............”
ඒ දවස්වල ජෝලගේ ගෙදරින් දිගටම කෑව ගිතෙල් වැඩි කෑම නිසා මගේ සිරුරේ ‘ශුක්‍ර ධාතු නිෂ්පාදනය’ වීමත් වැඩියෙන් කෙරුණද මන්දා... අනෙක් කාරණේ ‘පද්මේ’ වගේ දෙතුන් දෙනෙකුගෙන් මට ලැබුණු ශෘංගාරය වෑහෙන ලියුම්. ගොඩක්ම erotic ලියුම් එව්වේ රැකියාවක් කරන්න ඇමෙරිකාවට ගිහිං හිටි මගේ පරණ යහළුවෙක්. මගේ ‘රහසිගත විශ්වයේ ඉහළ පෙළේ පුරවැසියෙක් වුණු එයා’ කාම සාස්තරේ කෙළ පැමිණි අනංග දෙයියෙක්... ජිම්නාස්ටික් නිපුණයෙක් වගෙයි...
‘රංජි මල්ලී, ඔයත් මෙහෙ කිට්ටුවක හිටිය නං...
එපාවෙන සීතලේ දෙන්නට දෙන්නා බදාගෙන තුරුල් වෙලා... එහෙනං ඔයා මට රෑට නිඳා ගන්න වෙලාවක්
තියෙනෙකක් නෑ...’
à ඊළඟ කොටසට...
මං හිතන්නේ මේ කථාවේ කොතැන හරි මට මිස් වෙලා තියෙනවද කියලා....බදුල්ලේ රෙල්වේ ක්වාර්ටස් වල හිටපු එක එකපාරටම එංගලන්තයේ න් මතූනේ සුවර් එකටම කාලතරණය යන්ත්‍ර ය හොයා ගත්තේ නීදී කියලා අපට ඒත්තු ගන්වන්නද?
ReplyDeleteඅර පාරේ කැත කරන පුරුද්ද දැන්නම් අල්ලපු රටේ අය ගාව නැතුව ඇති නේද😀
මමත් මේ ඊයේ පෙරේදා ෆ්‍රෙඩී මර්කරි ගැන පෝස්ට් එකක් දැම්මනේ...ඔය ලයිව් ඒඩ් ප්‍රසංගය ගැනත් ඒක්ක...ඒ වෙලාවේ ඔයා ඒ ලග හිටිය විත්තිය දැන ගැනඅ සතුටක්...Mayya
මේ තියෙන්නෙ අර පෝස්ට් එක
http://maiyyagelokaya.blogspot.com/2023/11/blog-post.html?m=0
මයියො, නිදියගෙ කාලතරණය යන්ත්‍රයද, ඔයැයිගෙ සිසිර තාරකා නින්දද කියලයි මම මේ කල්පනා කලේ?🤭
Deleteසිසිර තාරකා නින්දේ ම හිටියේ නෑ බස්සො...එහෙන් මෙහෙන් ඇහැරලා ආවා ගියා.... MAYYA
Deleteමයියෝ, link එකට ගිහිං, post එක කියවල මේ කවියත් ලියලා ආවා.
Deleteෆිලුම තිබේ 'ඉස්සරහට බලන ගොඩේ'
බාගත්තේ කලකට පෙර ලැබුණු ඉඩේ
ලිපිය කියෙව්වම හැදුණා 'හනික' ලෙඩේ
මයියත් නමී මෙන් හොඳටම 'කරල වැඩේ"
විෂ්ණු ෂර්මන් පඬිතුමාගෙ පංච තන්තරේ පොතේ තියෙන පැටලිලිවලට වැඩියි මගේ පංච තන්තරේ පටලැවිලි. මොකද, මගේ ජීවිත කතාව ලියන්නේ A to Z අනුපිළිවෙලට නෙවෙයිනෙ මයියා මහත්තයෝ.
Deleteකියවන අයට බෝරින් නොවෙන්නත්, විවිධත්වය රකින්නත් ඕනෑ නිසා කාලානුක්‍රමයෙන් කතාව ලියන්නේ නැත්තේ.
අනෙක පුද්ගලික හේතු. posts 600 ගණනක් ලිව්වට පස්සෙයි අජිත් මල්ලී ගැන සවිස්තරව ලිව්වේ. ඒක ඉහත කරුණට හොඳ උදාහරණයක්.
හැබැයි, මෙතැනදී නං මට හිතෙන්නේ ඔයාට මේ සීරීස් එකේ කොටසක් දෙකක් මඟහැරිලා වෙන්නැති කියලයි.
++++++++
ReplyDelete++++++++ ස්තුතියි ඉයන් මහත්තයෝ ++++++++
Delete++++++++++
ReplyDelete++++++++++ ඔයාටත් ස්තුතියි බස්සා මහත්තයෝ ++++++++++
Deleteහැම කෑම එහෙකටම එකම දේ දාන එකෙත් පොඩි පරහක් තියෙනවනං තමා. එකම රස හැම එකෙන්ම එන්න ගන්නව නෙව. ආයෙම බැලුවොත් ඉතිං අනල කද්දි ඔක්කොම මික්ස් වෙනවත් එක්ක නෙ.
ReplyDeleteනැ නෑ නමී, හැම කෑම එකකටම එකම දේ දමන්නෙ නෑ. මගේ ලිවීමෙන් එහෙම දෙයක් ගම්‍ය වෙනවා නං ඒක මගේ වැරැද්දක්. ඒ ගැන කනගාටුයි.
Deleteඅපෝ පරිප්පු වලට නිවිති දාන එකනං... සාම්පයක් 😁
ReplyDeleteඔය ඉතිං පටලෝගෙන නෙව? නිවිති වලට දාපිය පරිප්පු මිටක්.🤭
Deleteඅපේ ප්‍රියතම කෑමක්
Deleteකුකරි රහසක් කියන්න හිතුණා.
Deleteඋයන්න යන වෙලාව ඉතිරි කරගන්න ඕනි නිසා මම හුඟක් දේවල් උයද්දී ගොඩක් උයනවා. කියමුකෝ පරිප්පු කියලා. 500ක් විතර උයනවා තනි මට වුණත්. කරිය නිවුණට පස්සේ පොඩි භාජනවලට දාලා ෆ්‍රීසර් එකට... උවමනා වෙලාවට පැය දෙක තුනකට කලින් එකක් අයිස් දියවෙන්න තියනවා. ඊළඟට ආයෙත් රත් කරලා කෑමට ගන්නවා. එතැනදී තමයි ලොකුම හොර වැඩේ කරන්නේ.
ඒ රත් කරන පරිප්පු එකට අද දමන්නේ නිවිති නං ඊළඟ සැරේ මුරුංගා කොළ. තව දවසක තැල් කොළ. ඇයි කතුරුමුරුංගා කොළ... එකම පරිප්පුවෙන් විවිධ රස- විවිධ ගුණ...
බස්සා මහත්තයෝ, නමී උයන්න දන්නෙ නැ වගෙයි. පොල් ගාන්න නං දන්නවා.
Deleteඑළඟිතෙල් කෑවහම ටෙස්ටස්ටරෝන් වැඩි වෙනවා. පුරුෂ හෝමෝනය
ReplyDeleteමළ කෙළියයි නෙව අජිත්!
Deleteමමත් කොරියන්ඩර් කොළ දාල කෑවේ ඉස්සෙලම ඉන්දියන් ආපන ශාලාවකින් තමයි. ඒ රහට මම කැමතියි. පාස්ලි ත් දානවනේ. කොරියන්ඩර් කොළ වලින් ගොටුකොල සලාදය වගේ සලාදයක් හැඩත හැකි. මට නම් පට්ට රහයි ඒක
ReplyDeleteඅජිත් මහත්තයෝ,
Deleteකුකරි උගන්වන ගුරුතුමියක් කිව්වා පාස්ලි කොළ එකතු කර ගන්නේ මාළු වර්ග යොදා හදන කෑමවලටයි කියලා. ඒක හරිද කියල නං තහවුරු කර ගන්න බැරි වුණා.
කොත්තමල්ලි කොළ සම්බෝලය වගේමයි කැරට් කොළ සම්බෝලෙත්. ළපටි කැරට් කොළවලින් මට ඒක හදලා දුන්නෙත් එංගලන්තේම ඉන්නා සමන්ගි විජේසේන (එකවුන්ටන්ට් සුජිත්
හිතවතාගේ බිරිය) මහත්මියයි.
දැන් අපේ මිදුලේ තිප්පිලි පඳුරු ගොඩක් වවාගෙන තියෙනවා. ළපටි තිප්පිලි කොළවලින් හදන සම්බෝලයත් වෙනම රහක් දෙනවා!
ඔබගේ මේ ලිපි පෙල තවත් කාලයකදී මෙරට හා බිරිතානියේ ජන ජීවිතය සිතුම් පැතුම් හුවා දක්වන කැඩපතක් වේවි නේද?
ReplyDeleteමටත් එහෙම හිතෙනවා තට්ටයා මහත්තයෝ, හැබැයි යන්තමින් තමයි තොරතුරු කියවෙන්නේ. ඒ කාලේ මෙහෙම ලියවෙයි කියලා හිතුවය...
Deleteඕනන් කියන මනුස්සය ඕක ඉස්සෙල්ලම කලැයි කියල කවුද හොයාගත්තෙ. (බලාගත්තෙ)
ReplyDeleteසෑහෙන්ඩ වැදගත් පුරස්නයක් නෙව ප්‍රසෝ, තමුන්නාන්සේ අහන්නේ... දන්නා කෙනෙක් ඉඳියිද කියලා බලන් ඉමුකො.
Delete"ඩැඩා කිව්වා වගේම දැන් ඒක හොඳ සමරුවක්! (විශේෂයෙන් අපේ අනිල් මල්ලී හරිම කඩවසම් විදිහට ඉන්න නිසා.)" ඩැඩාත් ඒ ෆොටෝ එකේ හරි කඩවසම්. කොහොමද mixed race බබෙක් ආවානම්- ගොඩක් ලස්සණට ඉඳියි.
ReplyDeleteඔසරිය ලස්සණයි. ආපහු සැරයක් ඒ ඔසරිය අඳින්න සමන්තිට එහෙදි අවස්තා/functions ආවද.
අනේ හැබෑටම Lotusටත් හිතෙන එව්වා!
Deleteසෑම් ඊට පස්සේ ඒ ඔසරිය ඇන්දාද කියලා අහන්න මතක් වුනේ නැහැ. හැබැයි ඒක අඳින්න බැරිව යන්න ඇති හැට්ටය නිසා. ඒ දවස්වල සෑම් ටිකක් මහත නිසා දීපාල්- දීපානි දෙන්නා එයාට කොලොප්පම් කරන්න අරං- වට්ටක්කේ කියලා. ඉතින් සමන්ති නංගි තදටම කෑම පාලනය කරන්න අරං- සෑහෙන්න කෙට්ටු වුණා. තවමත් එයා ඒ පුරුද්ද රකිනවා.....
"උඹට ඉන්දියන් බනාසේලා හොඳයි... ඉන්දියාවෙම ජෝ නරකයි". ඒ කතාවනම් හරියටම හරි.
ReplyDelete"උන්ගෙ රටේ පුරුදු අතාරින්න බැරිව කරන දේවල්නෙ ඔය. They ruin my country!”: UK කොහේ ගියත් පෙනෙන කොල පාටට (greenery) මම හරි කැමතියි. ඒ වුණාට වෙලාවකට හිතෙනවා ඒ රට දියුණු රටක් විදිහට වර්ග කරලා තියෙන්නෙ වැරදීමකින්ද කියලා. සමහර පලාත් overall හරිම අප්‍රසන්නයි.
මොන පළාත් ද ලෝටස්? ගිහිල්ල බලන්න. ඉල්ෆොර්ඩ් පැත්තට හෙම යන්න මම වැඩිය කැමති නැහැ. පුංචි බලුකිස්තානයක් වගේ. කෑම නම් හොඳයි.
DeleteLotusට උත්තර දීම ගැන ඔයාට ගොඩක් ස්තුතියි අජිත්.
Deleteමං ඉතින් වැඩිය ඒ රට ගැන දන්නෙ නැහැනෙ. අපේ නංගිලා මල්ලිලා හරියට සිංහල ලියන්න කියවන්න දන්නවා නං මේවට උත්තර දෙනවනේ කියල හිතෙනවා...
මම 2008 දී අම්ම එක්ක ඉන්දියාවේ ගියා. දුම්රිය ඔය කොහේ හරි නවත්වල යනවා උදේ. අම්ම කියනව ඔය අයිනේ ඉඳගන්න එපාලු. අපි කවුරුත් ඉතින් ජනේලෙන් බල බල යන්න කැමති නේ. අම්ම කියන එක අහන්නේ නැතිව ඉඳ ගත්ත. එතකොට තම දැක්කේ ප්ලාස්ටික් වතුර බෝතල් අරන් රේල් පාර දිගේ පෝලිමට ඉඳගෙන ඉන්නවා. නිදි දැන්නම් සවිතෝල් පැත්ත හොඳයි. මුදල දල දියුණු කරලා අරගෙන. සෙකන්ඩ් ජෙනරේෂන් එකනේ දැන් . හැබැයි වෙම්බ්ලි පැත්ත ආයෙත් අවුල් කියල කියනව. රෝම්ෆොර්ඩ් නුත් ඒ වගේලු . අර ප්‍රශ්න නෙමේ. මිනිස්සු වැඩියි ඇවිල්ල ඉන්න. පල්ලිව්ලින් උදේට සින්දු දානවා වගේ දේ.
ReplyDeleteසොරි ඉල්ෆොර්ඩ් පැත්ත
Deleteමේ තියෙන්නේ නම් ගම් එක්කම විස්තර... රොම්බ තෑන්ක්ස් අජිත් මහත්තයෝ!
Deletehttps://cjislam.weebly.com/6-points-why-masturbation-is-not-a-sin-in-hinduism.html
ReplyDeleteස්තුතියි Pra Jay මහත්තයෝ.
Deleteවැඩි ප්‍රසිද්ධියක් නැති කරුණු ටිකක්!