‘... හැබැයි විදර්ශන නමටත් මගේ සමහර යාළු මිත්‍රයන් කැමති වුණේ නෑ. මට ඉතාමත් හිතවත් මහාචාර්යවරයෙක් මට කිව්වා ‘විදර්ශන නම දාන්න එපා. ඔය නමේ ගණ පිහිටීම හොඳ නෑ.’ කියල.
-ඊට පස්සේ මේ ආයතනය තුන් පාරක්ම කඩාගෙනත් වැටුණනෙ.”
ජනක කියන්නේ හිනා විසුරුවමිනි.
දැනුම දෙන සරස්වතීයි, සල්ලි දෙන ලක්ෂ්මීයි දෙන්නා
එකට එක තැන රැඳෙන්නෑයි... |
‘ජ’ ගණයෙන් තියැවුණු ‘විදර්ශන’ නමේ අනිටු විපාකත් (දිනමිණේ ගණ පිහිටුවීම මතක නේද?), සරස්වතිය නොමසුරුව දායාද කළ දැනුමත් තිබියදීමය, ජනක ඉනිමංකඩ
‘ඉසුරට අධිපති ලක්ෂ්මියගේත් ආශීර්වාදය ලබා’ මේ සා දිගු ගමනක් පැමිණ තිබෙන්නේ.
“ඔව්...අද මම ඉන්න තත්ත්වේ... ඒ ගැන මට
ඇත්තෙන්ම ආඩම්බරයි.” ජනක හිඳ උන් ඉරියව්ව වෙනස් කර හරි-බරි ගැහී වාඩි වුණු විදිහ,
ඔහුගේ ජීවනාන්දරයේ තවත් රසබර පරිච්ඡේදයක් දිග හරින්නට සැරසෙන බවක් පෙන්නයි.
“.... හැබැයි ඉතින් මගේ කුඩා කාලයේ සිට මට
තිබිච්ච ගොත ගැසීම සහ මගේ මේ ඇහේ තිබිච්ච අපැහැදිලි පිහිටීම නිසා මම මගේ ළමා කාලයේ
ඉඳලම හරියට පීඩා වින්දා.
-ඒවා මගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි දැඩි ලෙස
බලපෑවා. ඒ බව තේරුම් අරං, මමම ඒක හදා ගත්තේ මට අවුරුදු හතලිස් ගණන්වලදියි. මං ඊට
කලින් මගේ ඒ දුර්වලතා හදාගෙන හිටිය නං, මං හිතනවා ඔය දෙදාහේ විතර වගේ කාලෙදී මම ආර්ථික
වශයෙන් මුහුණ දීපු ප්‍රශ්නය ඉතාම ලේසියෙන් ගොඩදාගන්න තිබුණයි කියලා. අද මම ඒක පැහැදිලිව
දකිනවා! මගේ පෞරුෂ සංවර්ධනයේ
ඇතිවෙලා තිබිච්ච ඒ ගැටලුව නිසා තමයි වරින් වර වරින් වර මේ ආයතනය කඩාගෙන වැටුණේ...
-ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඉතාමත්ම ප්‍රබල
පෞරුෂයක් තිබීම අත්‍යවශ්‍ය කාරණයක්... සහ ඒ වගේ දේවල්වලට මුහුණ දීමේ හැකියාවක්
සහිත රළු සමක් තියෙන්න ඕනේ.
නමුත්... මුලදී මට ඒ කාරණා දෙකේදීම තිබුණේ මහ විශාල අඩුවක්. එහෙම වෙන්න ඇත්තේ ඇයි
කියලා මමම තේරුම් ගත්තා.
-ළමා සංවර්ධනය සිදු වෙන වයසේදී මං බොහොම
පීඩාවන්ට ගොදුරු වුණු කෙනෙක්. ඒ පීඩා වින්දේ නෑදෑයන් අතරදී- පාසලේ ගුරුවරුන් ඇතුළු
සියලු දෙනාගෙන්ම. එහෙම වුණේ මගේ ගොතයයි, මේ ඇහේ තියෙන අපැහැදිලි පිහිටීමයි හින්දා.
-ඔයා දන්නවද- මම කණ්ණාඩි දාන්නේ මගේ පෙනීමේ
අඩුවක් තියෙන නිසා නෙවෙයි.
මට ලබන සතියට අවුරුදු පනස්තුනයි වයස. මට හතලිස් ඇඳිරිය නෑ; මට කිසිම පෙනීමේ
අපහසුතාවයක් නෑ... කණ්ණාඩි නැතිවත් මට ඉතා පැහැදිලිව පේනවා; මම කියවන්නේ කණ්ණාඩි
නැතිව.”
“එහෙනං කණ්ණාඩි දාන්නේ?” මගේ කටෙන් ප්‍රශ්නය
එළියට පැන්නේ නිරායාසයෙනි. උත්තරය ලැබුණෙත් ඒ වගේමය.
එතකොට සමහර වෙලාවට ළමයින් එකිනෙකාව
කොටවනවා. එකිනෙකා පිළිබඳව විරෝධයෙන් ඉන්න ළමයින්ව ගහගන්න දානවා. |
-හරිද, එතකොට ඒවා ඉතාමත්ම නරක විදියට මගේ
ජීවිතයට බලපෑවා.
ඒ කාලෙ අපේ ඥාතීන් අතර පවා... එයාලා සමහර වෙලාවට මාව කේන්ති ගැස්සීම් කරනවා, අර
ගොත ගහන එක බලන්න. ඒකෙන් විනෝදයක් ලබන්න... ඒ පවුල්වල විදි ඒවා. ඒ කියන්නේ ඔයා-
අපි දන්න ළමා කාලය තුළ ලංකාවේ තිබුණනේ වැඩිහිටියො එකතු උනහම කරන රළු විහිලු.
ළමයින්ගෙ කලිසං ගලෝනවා; එතකොට සමහර වෙලාවට ළමයින් එකිනෙකාව කොටවනවා. එකිනෙකා
පිළිබඳව විරෝධයෙන් ඉන්න ළමයින්ව ගහගන්න දානවා.
-එතකොට ඔය ජේවීපී එකේ සමහරුන් කියනවනේ ‘හැත්තෑපස්
වසරකට කවුරුත් මුකුත් කරපු දෙයක් නෑ’ කියලා.
මං හිතනවා- මේ... මේවා තමයි කෙරිල තියෙන දේවල්වලට හොඳ උදාහරණ. මම එකක් කියන්නං-
ළමයින්ට ගහන එක නීතියෙන් තහනම් කරානෙ.
-දැන් ඔය වගේ දේවල්වලින් අපි මනුෂ්‍යයන්
විදිහට සංවර්ධනයක් ලබල තියෙනවා නේද?
-දැන් අපේ සාක්ෂරතාව සියයට 95ක්- අනූඅටක්
විතර වගේ. අපේ ආයු අපේක්ෂාව 1948-1949 දී හතළිස් ගණන්වල
තිබුණට වැඩිය ඉතා දියුණුයි; සීයට 74 දක්වා ඉහළ ගිහිං... අපේ ප්‍රවාහන පද්ධතිය... මුකුත්ම
නොවුණා නෙමෙයිනෙ, හැබැයි- එහෙම කෙරෙන අතරෙදී, අරව-මේව වුණා තමයි, දේශපාලකයො හොරකම්
කරන්නත් ඇති තමයි.
-ඒත් දැන් අපේ ළමයි ගත කරන ළමා ජීවිතය
තුළ, අපට එදා තිබිච්ච ඒ දුෂ්කරතා ගොඩක් නැහැ. මේ වගේ තත්ත්වයක් එදා මටත් තිබුණා
නං- ළමයෙක් විදිහට මට අත්විඳින්නට සිදු වුණු පීඩා නොතිබුණා නං... හැබැයි, අද මම ඒ
ගැන චුට්ටක්වත් කනගාටු වෙන්නෑ...
-මොකද ඒ අත්දැකීම් නිසා, අද මට පුළුවන්කම
ලැබිල තියෙනවා ‘කිලෝ මීටරයක් දුරින් ඉන්දදිම ඒ ඉන්නේ සතෙක්ද, මිනිහෙක්ද කියල ටක්ගාලා
අඳුරගන්න’. හරිද...
-ඒ තරං දැනීමක් මට ලැබුණේ ‘කියවීම නිසයි,
මේ ව්‍යාපාරය නිසයි’.
-මම අසීමිතව කියවීමට ඇබ්බැහි වෙන්නේ; විෂය
දොළහක පොත් කියවන්න ගන්නේ. මට ලැබුණු ‘neglection’ එක නිසා විය යුතුයි. ඒ ‘බැහැර
කිරීම’ නොතකා හරින්නට මේ කියවීම මට විශාල ලෙස උදව් වුණා.
අපිව එක පැත්තකින් neglect වෙද්දී, අපිට තව පැත්තකින් ෆුල්ෆිල් වෙන්නත් ඉඩ ලැබෙනවා
කියලයි, මම හිතන්නේ. අපි ඒ fulfil කර ගැනීම කරන්නේ වෙනත් පැත්තකින්.
-හිතමුකො අත් දෙක නැති- කකුල්වලින් චිත්‍ර
අඳින කෙනෙක් ගැන. එයාව දැක්ක ගමන් ඕනෙම කෙනෙක් කියනවනෙ ‘මාරයි’ කියලා. මං කියන්නෙ ‘නෑ,
ඒක මාර නෑ. ඒකෙ කිසිම මැජික් එකක් නෑ!’ කියලයි. එතෙන්දි වෙන්නේ, එයාගේ අත් දෙකට ලැබෙන්න
තිබිච්ච හැකියාවක්- අත් දෙක නැති හින්දා කකුල් දෙකට ලැබීමනෙ.
ප්‍රේමසිරි මහත්තයයි මමයි සමීප හිතවතුන්.
අපි දෙන්නාගෙ මිත්‍රකම දශක තුනක් පමණ පැරණියි. |
ඒ වෙන පැත්ත මොකක්ද කියන එකයි ප්‍රශ්නේ!!”
පොඩ්ඩක් හෝව්!
මොකද මටත් ප්‍රශ්නයක් තියෙනවා. හැට-හුටහමාරක් පත්තර කියවපු කාලෙ නං මං වහන්සේ,
වැදගත් ලිපි එහෙම වෙනම අරගෙන තිබ්බා. දැන් අන්තර්ජාලයේ; fb එකේ සහ blog අඩවිවල සැරිසරනකොට
හම්බ වෙන වැදගත්; හරවත් හා සංවේදී ලිපි එහෙමත් මම අරං තියා ගන්නවා.
කෙනෙක් තව කෙනෙකුට හොඳක් කියන්නේ බොහොම කලාතුරකින්නේ... එකම ෆීල්ඩ් එකේ ඉන්න
කෙනෙක් ගැන? ඒ හින්දයි, මං මේ සටහන අරගෙන තියා ගත්තේ.
තව එකක්- මේ සටහනෙන් ඉතිහාසයක් කියවෙනවා; යුගයක විස්තර හෙළිදරව් වෙනවා.
අද නම් තව කාරණා ගොඩාරියක් මේ සටහනින්
එළිදරව් වෙනවා. 1993 අවුරුද්දේ ඉනිමංකඩ මානවකයා උන් තැන. එච්.ඩී. ප්‍රේමසිරි මහතාගේ
ගුණ යහපත්කම්...
(අනෙක ප්‍රේමසිරි මහතාගේ ‘තිඹිරි ගෙදර-හයිලෙවල් පාරේ සරසවි පොත් හල’ තිබුණෙත්
මහරගමනෙ. මේ ලිපියේ නොකියැවුණත් ලංකාවේ පළමුවෙනි පොත් දොරට වැඩුම පවත්වල
තියෙන්නෙත් ඒ සරසවි පොත්හලේ උඩ තට්ටුවේය කියලත් කතාවක් තියෙනවා. ඒකෙ සංවිධාන වැඩ
ගොඩක් කළේ පියසේන වික්‍රමගේ මහත්තයාලු. (හිතවත් ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
මහත්තයා වගේ කෙනෙකුට ඇහැකි නං මේ දොරට වැඩුමේ කතාව හොයන්න...)
මහරගමට තිබුණු අනෙක් පොත් සාප්පුව ’නාලන්දා පොත්හල’ තිබුණේ දෙහිවල පාරෙ.
ඒ මදිවට කුමුදිනී අක්කා ඉගෙන ගත්තෙත්,
අපි හිටිය ‘විද්‍යාකර විද්‍යාලයේ’. ටිකක් ඉහළ පන්තිවල. පස්සේ ප්‍රේමසිරි මැතිනිය
වුණේ ඒ කුමුදිනී අක්කාමයි. ඒවත් සටහන් කරලා තියන්න හිතුණා.)
හතර වටේම පඳුරු තළලා, ඕන්න දැන් තමයි අර කියපු සටහනෙන් කොටසක් post එකට ඔබන්නේ!
'එච්. ඩී. ප්‍රේමසිරි : ලාංකික ව්‍යාපාරික බිමෙහි සංස්කෘතික මිනිසා'
ප්‍රේමසිරි මහත්තයයි මමයි සමීප හිතවතුන්. අපි දෙන්නාගෙ මිත්‍රකම දශක තුනක් පමණ
පැරණියි.
1993 අවුරුද්දෙ 'විභවි' සංස්කෘතික මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති ස්වාධීන සාහිත්‍ය සම්මාන උළෙලේ, ආධුනික නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන්ට තිළිණ ලෙස ලබාදෙන පොත් සඳහා අනුග්‍රහය දැක්වූයේ
සරසවි පොත් හල.
ජයතිලක කම්මැල්ලවීර මහතායි, මමයි ගියා ඒ වැඩේට ප්‍රේමසිරි මහතාව හමුවන්න.
එදා තමයි මට ඔහුව මුලින් හමුවුණේ. එයා කිව්වා ''රු. 10,000/- ක් වටින පොත් තෝරගන්න'' කියලා. ඒ කාලෙ
හැටියට ඒක විශාල පරිත්‍යාගයක්.
ඒ වැඩේ මට භාර දීලා කම්මැල්ලවීර මහතා වෙන වැඩකට ගියා.
සිංහල, ඉංග්‍රීසි දෙවර්ගයෙන්ම මම පොත් තෝර ගත්තට පස්සෙ ප්‍රේමසිරි මහතා ඇවිත් ඒ පොත්
ටික බලලා කිව්වා "ෂා...හොඳ සිලෙක්ෂන් එකක්නෙ..." කියලා.
සියල්ල මැදිහත්ව භාරගෙන සුපුරුදු
සැහැල්ලු, සන්සුන් ගමනින් ඉදිරියට යනවා... |
ඒ තමයි ප්‍රේමසිරි මහතා මාව ඇගයුමකට ලක් කළ පළමු අවස්ථාව. ඊට පසුව දහස් වතාවක් ඔහු මගේ කටයුතු විවිධ අවස්ථාවල මේ දක්වා අගයලා තියෙනවා.
ප්‍රේමසිරි චරිතයේ සුවිශාල විශේෂ ගුණාංග අතර ප්‍රධාන දේ තමයි ඒ; නිර්ලෝභීව අනෙකාව ඇගයීම. කෙනෙක්ගෙ හොඳක් නිර්ලෝභීව අගයන මෙහෙම මිනිසෙක් මට මෙතෙක්
තව මුණ ගැහිලා නෑ. කා ගැනවත් එයා ලේසියෙන් දොසක් කියන්නෙ නෑ.
මම පොත් ප්‍රකාශකයෙක් වුණාට පස්සෙ අපි දෙන්නා ඉතා දීර්ඝ කාලයක් බොහොම සමීපව
වැඩ කළා.
පොත් ප්‍රකාශනයට තබපු පළමු අඩියේ සිටම මට එල්ල වුණු ප්‍රහාර මෙතෙකැයි කියන්න
බෑ. ඒ වගේම ඒවායේදී ප්‍රේමසිරි මහතා මා වෙනුවෙන් පෙනී සිටි අවස්ථා ගණන කොතෙක්දැයි ගණං
කරන්න බැරි තරම්. (පහුගිය ඉරිදත් මං වෙනුවෙන් එහෙම දෙයකට සෑහෙන්න මහන්සි වුණා.)
ප්‍රේමසිරි මහතාගේ චරිතයේ මා දකින අනෙක් සුවිශේෂ ගුණය තමයි නිර්ව්‍යාජභාවය.
තමා සිටින ක්ෂේත්‍රයේ හිනි පෙත්තෙම සිටියත් හැසිරෙන්නෙ එහි ආධුනිකයෙකුටත් වඩා පහළින්
සිටිමින්.
ඒකට හේතුව එයා යමකින් අපේක්ෂා කරන ප්‍රමාණය ඉතා අල්පයි. ඒ ප්‍රමාණයට වඩා වැඩියෙන්
ලැබෙන දේවල් එයා සලකන්නෙ අතිරේක ලැබීම් ලෙස. අපේක්ෂා රේඛාව පහළින් තියා ගත්තම ජීවිතේට
ලැබෙන සැහැල්ලුවේ තරම මම ඉගෙන ගත්තෙ ප්‍රේමසිරි මහතාගෙන්. ඒක එයා ඉතා විශිෂ්ටව ප්‍රැක්ටිස්
කරන කෙනෙක්.
එයා ගැන ලියනව නං පොතක් ලියන්න තරම් දේ මට තියෙනවා...
... ප්‍රේමසිරි චරිතයේ මා දකින තවත් සුවිශේෂත්වයක් තමයි අති සුවිශිෂ්ට ජීවිත, මුල්‍ය හා ව්‍යාපාරික කළමනාකාරිත්වය. ඒ එකක්වත් අනෙකට බාධා කරගන්නේවත් නැතුව, එකකට අනෙක ඉක්මවා යන්න දෙන්නේත් නැතුව ඔහු ඒ සියල්ල විශිෂ්ටව කළමනාකරණය කරන
විදිය. කොච්චර විශාල ව්‍යාපාරිකයෙක් වුණත් බිසී නැති, කලබල නැති, හඬේ සිට ඇවිදීම දක්වා සෞම්‍ය ස්වභාවයක් ඇති කෙනෙක්නෙ.
ජයග්‍රහණයේදී එයා ලොකුවට සතුටු වෙන්නෙත් නෑ, පරාජයේදී කම්පා වෙන්නෙත් නෑ. සියල්ල මැදිහත්ව භාරගෙන සුපුරුදු සැහැල්ලු, සන්සුන් ගමනින් ඉදිරියට යනවා.
අඩුවෙන් කතා කරන්නෙක්, වැඩියෙන් අනෙකාට සවන් දෙන්නෙක්. සොක්‍රටීස්
කිව්වා වගේ, 'මා හොඳින්ම දන්නා දේ මා කිසිවක්ම නොදන්නා බවයි' ලෙස සිතන්නෙක්. එහෙම හිතන අය තමයි අනෙකාට හොඳින් සවන් දෙන්නෙ.
ආර්ථිකව සාර්ථක වුණාම තමන් ලෝකෙ ඔක්කොම දේවල් දැන් දන්නවා, මට ලෝකෙ අතට අරන් ඕන්නං හදන්න පුළුවන්, මං සකල කලා වල්ලභ කියලා හිතං ඉන්න ව්‍යාපාරිකයො අතර ප්‍රේමසිරි මහතා සුවිශේෂ
වන්නේ ඒ ගුණය ඔහු ගාව ගෑවිලවත් නැති නිසා. එයා හැමදාම, හැමෝගෙන්ම ඉගෙන ගන්නවා.
මගේ සමීපස්ථ හිතවතුන්ට මම ප්‍රේමසිරි මහතාව හඳුන්වන්නෙ මෙහෙම:
"ඒ තමයි ලංකාවේ පබ්ලිෂිං ඉන්ඩස්ට්‍රියෙ බුදුවරයා. එයා ඉන්න කාලෙ මේ ඉන්ඩස්ට්‍රියෙ
ඉන්න ලැබීමත් පබ්ලිෂර් කෙනෙක් හැටියට මම ලබපු වාසනාවක්."
ප්‍රින්සිපල් ස්පොන්ෂර්ෂිප් එක අපි
ගන්නව නං ඔයාගෙ ගාණ කීයද...? |
‘1993 දී විභවියේ ස්වාධීන සාහිත්‍ය සම්මාන උළෙලට තෑගි එකතු කරන්න ‘සරසවි’
එකට ඔබ ගියානේ.
අද ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ දිනා ගන්නා නවකතා අත් පිටපතට ජය
මූර්තිකාවකුයි- මුදලින් රුපියල් 1,50,000/-කුයි පිරිනමන්න ඔබ සැරසෙනවා... අනෙක් තෑගිත්
පොඩි නෑ. ඔබ සංවිධානය කරන්නේ ලංකාවේ දෙවෙනියට විශාල සාහිත්‍ය තෑගි දෙන තරගය. ඒකෙ මහ
මොළකාරයා සහ නියමුවා විදිහට අද ඔබට මොනවද හිතෙන්නේ?’
අනෙක් අතට මට මෙහෙමත් හිතෙනවා. 'ඒ ප්‍රශ්නෙට උත්තරේ නේන්නං මේ posts පුරාම
කියැවෙන්නේ.’ නොදැන හිටි දේවල්, අප්‍රසිද්ධ දේවල් වගේම බලාපොරොත්තු නොවුණු දේවල්
හෙමත් එක්ක.
“දැන් අපේ සාහිත්‍ය සම්මාන වැඩේ සංවිධානය කරද්දීත් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු
වැඩ සිදු වුණා. ජීවා එඩියුකේෂන් ආයතනයෙ කෝලිත ප්‍රනාන්දු...”
අපේ සාකච්ඡාවේදී අනුග්‍රාහක භවතුන් ගැන කියැවුණු දේවල් අකුරු කරන්නට මං
වහන්සේ දත කන්නේ ඇයි? ජනක මහතාම ඒ ගැන fb එකේ විස්තරාත්මක සටහනක් තබා තිබියදී... මා කරන්නට යන්නේ, ඒ සටහනේ කොටසක් මෙතැනට ඔබා- ඊට අමතර කරුණු පමණක් පෝස්ටුවට එකතු කරන්නටය.
“'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' ප්‍රධාන අනුග්‍රහකත්වය.
පසුගිය ජනවාරි 12 වැනිදා 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' පිළිබඳ පණිවුඩය සමාජගත කළ මොහොතෙන් මිනිත්තු පහකට පසු ඔස්ට්‍රේ ලියාවේ සිට මට
දුරකථන ඇමතුමක් ලැබුණි.
මගේත්, විදර්ශන ප්‍රකාශනහිත් දිගු කාලීන මිතුරෙකු හා උසස් සාහිත්‍ය රසිකයෙකු වන කෝලිත
ප්‍රනාන්දු දුරකථනයේ අනෙක් අන්තයේ විය.
"ජනක, විදර්ශන සාහිත්‍ය ත්‍යාග වැඩේ නම් නියම වැඩක්. වෙල් ඕගනයිස්ඩ්. කැමති නැද්ද
අපිට ස්පොන්සර්ෂිප් එකක් දෙන්න..."
"මේ මොහොත වෙනකං නං එහෙම අදහසක් තිබ්බෙ නෑ... ත්‍යාගවලටයි, ජූරිබෝඩ්වලටයි, පබ්ලිසිටිවලටයි, ඉවෙන්ට් එකටයි යාවි කියලා හිතන මිලියන තුනක මුදල මගේ අතින් වියදම් කරන්නයි හිතුවෙ.
හැබැයි ඔයාගෙ මේ අලුත් යෝජනාව සලකා බලන්න පුළුවන්..."
"ප්‍රින්සිපල් ස්පොන්ෂර්ෂිප් එක අපි ගන්නව නං ඔයාගෙ ගාණ කීයද...?"
"......"
"හරි... අපිට දෙන්න... ලබන සතියේ මම ලංකාවට එනවා... එග්‍රීමන්ට් එක සයින්
කරමු..."
අවසානයේ 'විදර්ශන සාහිත්‍ය
ත්‍යාගය' වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහක ලෙස ජීවා එඩියුකේෂන් ආයතනය සමග, සම අනුග්‍රාහක ආයතනය ලෙස නියෝ ග්රැෆික්, විද්‍යුත් මාධ්‍ය සහකාර ආයතනයක්, නිල බැංකුවක්, සත්කාරක අනුග්‍රාහක ආයතනයක්, නිල රූපවාහිනී ආයතනය ලෙස ස්වාධීන රූපවාහිනිය, නිල මුද්‍රිත මාධ්‍ය ආයතන ලෙස ලංකාදීප, ඉරිදා ලංකාදීප, Sunday Times හා Daily Mirror එක් විය...” කියලයි ඒ සටහනේ තිබ්බේ!
(ඒ සටහනේ තිත්වලින් විතරක් කියල තිබුණු ‘ප්‍රින්සිපල් ස්පොන්ෂර්ෂිප් එකේ
ගණන’ත් මට කිව්වට ගොඩාරියක් ස්තුතියි ජනක මහත්තයෝ.)
අපේ සාහිත්‍ය ත්‍යාග උළෙල පවත්වලා
පැයක් ඇතුළත අපේ වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ජාලාවල පළ කරනවා මේ ත්‍යාගය ලබා දීමට කමිටුව
විසින් ගත් නිර්ණායක මොනවද... |
-දීර්ඝකාලීන විදර්ශන පාඨකයෙක් වෙන ප්‍රේම්නාත් සී. දොලවත්ත මන්ත්‍රීතුමාගේ උදව්වත්
මෙතැනදී කියන්නම ඕනි. එතුමා කිව්වා ‘අයියේ, මට ලිපියක් ලියල දෙන්න, BOC ස්පොන්සර්ෂිප්
එක ඉල්ලලා, මම ඒක ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්නං’ කියලා. ඒ ලියුම දැක්කම ජනාධිපතිතුමා කිව්වලු
‘ආ, මේක විදර්ශන එකේ වැඩක්නෙ. සමන් මේක අත්සන් කරලා දෙන්න’ කියලා ජනාධිපති ලේකම්
සමන් ඒකනායකට.
-මම හිතන විදිහට ඔය හැම දේටම බලපාන්නේ, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ අපි කරපු වැඩ. දැන්
සමහර අය කියනවනෙ, මගේ වැඩ strict වැඩියි කියල. මගේ නීති තදයි කියලා. ඇත්තෙන්ම ඔව්!
-එහෙම කියවෙද්දීත් මම මගේම ස්ටෑන්ඩර්ඩ් එකක් මේන්ටේන් කරපු එකේ
ප්‍රතිඵල අද තමයි මම භුක්ති විඳින්නේ.”
මේ පෝස්ට්ස්වල දෙවැන්නට ‘අවන්හල අඩවියේ’ ලොකු තැන මහේෂ් රත්නායක සහෘදයා එවාපු කමෙන්ටුවෙන් ජනක මහත්තයාගේ තවත්
‘සුවිශේෂ හැකියාවක්’ ගැනත් කියවිලා තිබුණා. මෙන්න ඒක මහේෂ්ගේ වදන්වලින්ම.
‘අනික් උංට නැතිි පෙනීමක් මෑන්ට තියෙනව.
මගෙ බාසාවෙන් කියනව නං පොළව යටත් අඩි හයක් පේන පොරක්.’
මට ඉතාමත් හොඳින් මතකය. “ජනක මහත්තයෝ. පරිවර්තනය කෙරුණු පොතක කවරයේ පරිවර්තකගේ
නම දැම්මොත් හොඳ නැද්ද?” ඈත අතීතයේ දිනෙක මම යෝජනා කළෙමි. “ජනකට මතකද ඒක?”
“ඒක වගේම එතකොට මං කියපු දේත් මතකයි. විදර්ශන ප්‍රකාශන පටන් ගනිද්දීම මම ප්‍රතිපත්තිමය
තීරණ කීපයක් අරගෙන තිබුණා... අපටම අනන්‍ය වෙච්ච හැඩයක් තියෙන පොත් ගැන. ගහන්න ඕනි මොන
වගේ කොලිටියක් තියෙන පොත්ද කියන එක ගැනත්...
විදර්ශන එකට සංස්කාරක මණ්ඩලයක් නැහැනෙ පොත් තෝරන්න. මමම ඒ කටයුත්ත කරමින්, අර කිව්ව කොලිටිය
දිගටම පවත්වා ගත්ත නිසයි- මේ කීර්තිමත් අවදිය විදර්ශන ආයතනයට උදා වුණේ; අපි මෙච්චර ශක්තිමත්
වුණේ.”
සැබෑය!
වැටෙන වැටෙන වාරයක් ගණනේ වඩ-වඩාත් පන්නරය ලබමින් නැඟී සිටි නිසාම විය යුතුය-
මෙවැනි තීරණ ගන්නටත්; ඒවා නොපැකිළ ප්‍රකාශ කරන්නටත් ජනකට ශක්තිය ලැබී ඇත්තේ.
‘අපේ සාහිත්‍ය ත්‍යාග උළෙල පවත්වලා පැයක් ඇතුළත අපේ වෙබ් අඩවියේ සහ සමාජ
මාධ්‍ය ජාලාවල පළ කරනවා මේ ත්‍යාගය ලබා දීමට කමිටුව විසින් ගත් නිර්ණායක මොනවද
කියලා. ඒ වගේම මොන හේතුව මතද දුන්නේ කියන කාරණය දන්වනවා. ඒ වාගේම පාඨකයන්, සාහිත්‍ය
විචාරකයන් ඇතුළු ඕනෑම කෙනෙකුට අගැයීම් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් මේ ත්‍යාග ලබා දීම
පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන්.’ (2024 ජනවාරි 14
ඉරිදා ‘වරුණ’ 4 වෙනි පිටුව)
මොන- මොනවා හරි පටලවාගෙන තඩි සැලැස්මක් හදන එක එතරම් දෙයක් නොවේ. අපේ රටේ වැඩි
හරියක් හිතන්නේ එහෙමය, කෙරෙන්නේ එහෙමය.
අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියේ අසාර්ථකත්වය ගැන තොරතුරක් පළ වී
තිබෙනවා මම දැක්කේ මේ පෝස්ටුව ලියන අතරේ. ඒ project එකට ප්‍රංශයෙන් හම්බ වුණු කෝටි ගණනාවක්ම අපතේ ගිහිල්ලලු.
ඒ ඔක්කොම මැද්දේ තමයි මම මේ ගමන ආවේ! |
එලෙස ජය ගැනීමට ඉනිමංකඩ මහතාට ඔහුගේ අතීත අත්දැකීම් ඉවහල් වූ බව මට නිසැකය.
අත්දැකීම් කියද්දීය මතක් වුණේ. ඔන්න බස්සා මහත්තයෝ- වොයිස් ටයිපිං ගැන
කියනවයි කියල ඔයාට වෙච්චි පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ හදන්නේ.
Voice ටයිපිං කරන හැටි දෙතුන් වතාවක්ම අපේ නමී උන්නැහේ මට කියා දීලයි තිබුණේ.
හැබැයි මට ඒක හුරු නෑ. ඒකයි, රෙකෝර්ඩ් කර ගත්ත කතන්දරේ තියෙන්නෙ නමීගේ hand phone
එකෙයි කියන කාරණය මට click වුණා, සාකච්ඡාව ඉවර වෙලා අපි පාරට බහිනකොටම.
“නමී, මෙහෙම්මම ඔයා කොටුවට යනවද අනිත් වැඩේ කර ගන්න... නැත්තං හවස් වරුවෙද යන්නේ?”
“හඃ හ්හ් හඃ! දැන් නිදිට ඕනේ මේ ගමන්ම මං ඔයාලගෙ ගෙදරට ඇවිත්; රෙකෝර්ඩින්
එක ඔයාගේ කම්පියුටරේට දාලා දීල...”
“ඔය තේරෙන්නෙ... වොයිස් ටයිපිනුත් කරලා දීලා...”
“ම්ම්..ම.ම.. මම කිව්වයි කියලා... ලොක්කම හිතා ගන්නවකො...” නමීට බොරු කේන්තියක්
පෙන්වන්නට බැරිය. මම වහාම ඒ බැරිකමේ වාසිය ඩැහැ ගත්තෙමි.
“ඒ කිව්වේ හා කියන එකනෙ... තැන්කියු නමී! යමු, යමු!!”
ඉතිං, නමී උන්නැහේ ජනක මහතාගේ සාකච්ඡාව එහෙම පිටින්ම ‘වොයිස් ටයිපිනුත්’
කරලා දීලාමය ගියේ. (කොහොමද කළේ කියන එක comment
එකකින් ඔයාට කියලත් තිබ්බේ, බස්සෝ.) වොයිස් ටයිපිං පිටපත කියවන්නට ගියාමය මට තරු
පෙනුණේ!
ජනකගේ කථන speed එක අල්ලා ගන්නට කොම්පියුටරේට බැරිව ගිහිං වගෙය. ‘තැඹිලි-
කුස්සිය’ වගේ යන්තමින්වත් නොකියැවුණු වචනත් තියෙනවාය. ටිකක් මහන්සි වුණාමය, වෙලා
තියෙන සංගදිය මං වහන්සේට තේරුම් ගියේ. ටැමිල් වචනයය- තැඹිලි වෙලා තිබ්බේ.
පුස්තකාලය කුස්සිය වෙලාය. තවත් තැන් ගොඩකි!
වැරදි හදනවාට වැඩිය ඉක්මනින් මටම අකුරු කොටාගන්නට ඇහැකි විත්තිය තේරුම් ගියේ ඊළඟටය.
නමුත් වැඩේ හොඳ පාටය. දෙතුන් වතාවක්වත් කරලා බැලිය යුතුය. පුරුදු විය
යුතුය.
ඒ කාරිය ටික දවසකට පැත්තකින් තියලා... දැන් අපේ සාකච්ඡාවේ ඉතිරි කොටසට යන්න එපැයි!
“... ඒ කියන්නේ නිමල් අයියා මගේ ඉතිහාසය පිළිබඳව දන්නව. මෙතැන කලින් තිබිච්ච
ගේ ඇතුළේ ඔයා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ඉඳල- වැඩ කරල තියෙනවා... එතකොට මම පුද්ගලිකව
මුහුණ දීපු දේවල් සහ ඒ තිබිච්ච කැලඹිලි සහගත ස්වභාවය පිළිබඳවත් යම් අවබෝධයක් ඔයාට තියෙනව.
ඒ ඔක්කොම මැද්දේ තමයි මම මේ ගමන ආවේ.
-එහෙම ඇවිත්... ගොඩගේ මහත්තයට පස්සේ, ලංකාවේ පොත් ප්‍රකාශකයෙක් විදිහට- තමන්ගේම
සම්මාන උළෙලක් පවත්වන එක; මේ මට්ටමෙන් පවත්වන එක ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්.
තව අවුරුදු දෙකකින්- ලංකාවේ ප්‍රධාන
සාහිත්‍ය සම්මාන උත්සවය බවට මේක පත් කරන එක තමයි මගේ තියෙන අරමුණ! ඒකයි මගේ ඉලක්කය!! |
-හැබැයි, අවුරුදු තුනක් යනකොට... තව අවුරුදු දෙකකින්- ලංකාවේ ප්‍රධාන සාහිත්‍ය සම්මාන
උත්සවය බවට මේක පත් කරන එක තමයි මගේ තියෙන අරමුණ!
-ඒකයි මගේ ඉලක්කය!!
-එතකොට මං හිතනවා මම ඒ දක්වා ගමන් කරාවි!!!
තව අවුරුදු පහකින්, ලංකාවෙ ප්‍රධාන පොත් ප්‍රකාශකයෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් වෙන එකත් මගේ තව අධිෂ්ඨානයක්!
-දැන් ලංකාවේ පොත් ප්‍රකාශකයො... ඔක්කොම ඉන්නවනෙ දෙසීයකට වැඩි ගණනක්. දෙසිය
විස්සක් විතර- කර්තෘ ප්‍රකාශකයනුත් එක්ක. ඒ අය අතරින් ලංකාවේ පිළිගත්ත සාහිත්‍ය සම්මාන
ලබාගන්න පුළුවන් මට්ටමේ කෘති පළ කරන අය ඉන්නේ විස්සක්- විසි දෙකක් වගේ අඩු ප්‍රමාණයක්.
අනිත් අය ඔක්කොම අධ්‍යාපන පොත් පළ කරන අය.. සාමාන්‍ය සරල නවකතා පළ කරන අය.
-එතකොට ඒ විසි ගණන අතරින් අද වෙනකොට සම්මාන උත්සවවලින් තෑගි ලබන ප්‍රධාන අය
තුන් දෙනෙක් තමයි ඉන්නේ. ඒ අය තමයි, සම්මාන උත්සවවල තේරෙන මට්ටමේ පොත් කරන අය.
අංක එක ගොඩගේ මහත්තයා. දෙවැනි ස්ථානය දැන් වෙනකොට දෙපැත්තට සංසරණය වෙනවා, සරසවි සහ
අපි අතර.
එතකොට ඒ මට්ටමට මේ ආයතනය ගෙනල්ල තියෙනවා.”
‘ගෙනල්ල තියෙනවා’ ජනක කියන්නේ අවධාරණයෙන්
වගේම ආඩම්බරයෙන්. මේ යකඩයාට එහෙම කියන්නට හැකියාව ලැබී තිබෙන්නේ එච්චර ලේසියෙන්
නොවේ! මා දන්නා තරමින් මෙතෙක් විදර්ශනෙන් පළ කෙරුණු හැම කෘතියකම අත් පිටපත කියවා
මුද්‍රණයට සුදුසු යැයි අනුමත කර තිබෙන්නේ ජනකයි. විදර්ශන ආයතනයට පොත් සංස්කාරක
මණ්ඩලයක් නැත. “මේක ටිකක් ඒකාධිපති ගතියක් නේද? මම කියන්නේ තනි මතයටම වැඩ කිරීම...”
ඉතිරි හරිය නං කියවන්න දෙන්නේ ඊළඟ
කොටසෙන්... හොඳේ.
ආයෙ එන්ටං!
ReplyDeleteනමේ ගණ පිහිටීම හොඳ නෑ
Deleteඅවුලක් නෑ, උන්දෑත් බං-කොලොත්
Delete🙈🙈🙈
Delete🙈🙈🙈🙈🙈🙈
Deleteසුපුරුදු ලෙසම අද කොටසත් කියවගෙන ආවා. මෙන්න බොලේ, මැද හරියෙදි එයත් වංගුවක් ගහලා. දැන් බලාගෙන ගියාම අපේ සාක්ෂරතාවය, ආයු අපේක්ෂාව දියුණු කරවලා තියෙන්නෙ දේසපාලු උන්නාන්සෙලා නෙව? අනේ එහෙම නං, ඔය පොඩ්ඩක් හොරා කෑවට, රට සේසයක් බංකොලොත් කලාට මක් වෙනවද, නේද?
ReplyDeleteමටත් ඒ සාකච්ජාවෙදි තිව්න එකම පරහ තැන ඔතැන තමා!. ඒත් ඒක අන්තවාදී මතයක හිටං කිව්ව නොවෙන්ටත් පුලුහං.
Deleteඕනම කළු වලාකුළක රිදී රේකා යාන්තමින් හරි මතුවෙන එක කොහොමත් වෙන දෙයක් නෙව හිටං!
අන් මත දැනගැනීමත් ලොකු දෙයක්නේ- අපි ඒවාට එකඟ වුණත් නැතත්.
Deleteලස්සන දෙයක් කියන්න හිතුණා, මම fb එක පාවිච්චි කරන්නේ වැඩි වශයෙන්ම පණිවිඩ හුවමාරුවටත්, blog අඩවිය ප්‍රමෝට් කරන්නටත්.
Deleteමිතුරන් ගණනත් 150 සීමාවේ තියා ගන්නයි වෑයම.
මේ postsවල පහුගිය කොටස ගැන ඊයේ fb එකට සටහනක් දැම්මා සුපුරුදු ලෙස. ඒක පටන් ගත්තේ 'රනිල් වික්‍රමසිංහත්...' කියන තැනින්. පැය විසිහතරක් ගිහිල්ලත් දෙන්නයි ප්‍රතිචාර දක්වල තියෙන්නෙ. කොහොමද ජනප්‍රියකම?
ඔය ගැන මට කියන්න තියෙන්නෙ...
Deleteඅපි හරියට පරණ ස්ලෝ කෝච්චියක කොටුව බලා යන උදවිය වගෙයි. අපි ඉස්සරහට යනව තමයි. නමුත් අලුත් පවර්සෙට්, එක්ස්ප්‍රස් කෝච්චි එහෙම ඊට වඩා වේගෙන් ඉස්සරහට යනව.
ඒ වගේ ජීවන තත්ත්ව දර්ශක අතින් අපි හතළිස් ගණංවලට වඩා ඉදිරියෙන් හිටියට, කියන්ඩ ලැජ්ජයි, බංගලාදේශයත් අපට වඩා වේගයෙන් ඉස්සරහට යනව.
අපේ රටේ වැඩි දෙනෙකුට ලජ්ජා නහර නැහැනෙ ඩ්‍රැකී .
Deleteසමහර අවස්ථා තියෙනව තනි තීන්දුම ගතයුතු... වෙන අය කරන්ට ගියොත් හාන. ඒක හැබෑව. ඒත් ආයතනයෙ ඉදිරි අනාගතේට ඒ තනි තීන්දු, තීරණ ගන්ට පුද්ගලය නැති උන දාක පැවැත්ම තීරණාත්මකයි. හා ඔහු ලෙඩා දුකා වෙච්ච කාලෙක තමන් හදාපු ආයතනයම ක්‍රියාත්මක කරන්ට කෙනෙක් නැතුව හෝ ඉන්න අයගෙ බෙදීම් හන්ද එය කඩා වැටෙන හැටි තමන්ටම දැන ගන්ට තැනට වැඩ සිද්ධ වෙන්ටත් පුලුහං
ReplyDeleteඔයා හරියටම හරි නමී. පක්ෂ නායකයා වෙනස් වෙච්ච ගමන්ම ලංකාවේ දේශපාලන පක්ෂවලට වෙනදේ පේනවානෙ...
Deleteරෙකෝඩ් වොයිස් එකක් වොයිස් ටයිපින් එකට ගන්නවනං, නොයිස් රිමූව් වගේ පිරිපහදුවක් දාගෙන කරන්න වෙනව. නැහ්නං රෙකෝඩ් කරගන්න එක පැහැදිලිව කරගන්න වෙනව.
ReplyDeleteමොක කරගත්තත් සිංහල වොයිස් ටයිපින් 100%ක මට්ටමක නෑ ඉතිම්
රෙකෝඩ් කරගන්න එක පැහැදිලිව කරගන්න එක තමයි හොඳම ක්‍රමය. ඒ කියන්නෙ රෙකෝඩින් ඩිවයිස් එකේ මයික් එක හැකි තරම්, කතා කරන්නාගේ කිට්ටුවෙන් තැබීම . මේක අවස්ථාව, භාවිතා කරන උපකරණ අනුව වෙනස් වෙන්න ඇහැකි.
Deleteඒත් මේක පට්ට වැඩක් නමියො. " අනේ පනේ ටැක්නිකල් නං
බෑනේ " නිදියට, මෙහෙම තාක්ෂණික වගේම ප්‍රායෝගික ක්‍රමවේද වලින් සහය දෙන එක දාහක් වටිනවා.👌💐🙏
කොහොමෙන් හරි නමී වැඩේ ගොඩ දාල දුන්නනේ.
Deleteඇත්තම කියනවා නං මං ඇඟේ ලේ නැතිව හිටියෙ, නමී වැඩේ කරලා ඉවර කරනකල්.
Deleteඔය ගැජට් බැජට් ගැන මට හරි සැකයි- මගේ නොදන්නාකම හින්දා. අනෙක මම දැකපු දේවල්...
අපේ මර්වින් බොතේජු හිතවතාගේ විවාහ මංගල්‍යයේ එකම එක foto එකක්වත් නෑ. එදායින් පස්සේ foto ගත්තු යාලුවත් නෑ!
මගේ යුවති කිරිල්ලී පොතේ දොරට වැඩුම දා හිතවත්හ්ම යාලුවෙක් foto ගත්තේ, foto තුන හතරයි හම්බ වුණේ. ඒවයේ විදිහට නං එදා කෝට්ටේ නාග විහාරෙට කෑලි කපන තරමේ තද මීදුමක් ගලලා.
ඔය කැමරා අත්දැකීම්....
1997 විතර මං පත්තරේකට මහාචාර්ය තිස්ස කාරියවසම් මහත්තයාව ඉන්ටර්විව් කළා. ගෙදර ඇවිත් බලද්දී එක වචනයක්වත් රෙකොර්ඩ් වෙලා නෑ. හොඳ වෙලාවට ලියාගත්තු කෙටි සටහන් තිබ්බ නිසා වැඩේ ගොඩ දාගත්තා......
Deleteඉතිං මගේ බය සාධාරණ නැද්ද?
අවුරුදු හැත්තෑ පහට යම් යම් දේවල් වෙලා තියනවා, නැත්තේ නැහැ. මම එන හැම පරම ලංකාවේ මොනවා හරි දියුණුවක් දකිනවා. මම ඒ දිනවල දැකපු කොම්පඤ්ඤ විදිය නෙමේ දැන් තියෙන්නේ. කුරුණෑගල නගරය දියුණුව කොහොමද? ඔය ගැහිලි අඩු කළා නම් තවත් හොඳ වෙනවා. - ලනක්වේ දැනට තියෙන සම්මන උළෙලවල් හුඟක් පක්ෂග්‍රාහී ඒවා. සම්මන යන්නේ 'තම තමන් ගේ අයට". එහෙම නැතිව අපක්ෂාපාති වෙනවා නම් හොඳයි
ReplyDeleteස්තුතියි අජිත් මහත්තයෝ,
Deleteමේ උළෙලේ සාර්ථකත්වය- අපක්ෂපාතීත්වය- සාධාරණකම පෙනෙයිනේ තව මාස කීපෙකින්ම... අපි බලාගෙන ඉඳිමුකො... නේද?
දෙවෙනි කොටස කියවන්න ඔ්නෙ කියල ඔ්පන් කරගෙන ඉන්නකොට, තුන්වෙනි කොටසත් තියෙනව දැක්ක. හෙමිහිට කියවගෙන එන්නං ඈ...
ReplyDeleteහා හා ඒකට කමක් නෑ, ඩ්‍රැකී. වෙලාව තියෙන හැටියට එපැයි වැඩ යොදා ගන්න වෙන්නේ.
Deleteසුමන මතක// මේ නමේ කිසිම කුතුහලයක් හෝ රසවත් බවක් දැනෙන්නේ නෑ , මං පොතක් ගන්න කොට මුලින්ම නම බලල පස්සේ පෙරවදන කියවල ගන්නේ...( ඒ කාලේ)
ReplyDeleteලලිත්, මට මතක විදිහට 'සුමන මතක' නම රාවය පත්තරෙන් ඒ ලිපි පෙළට දාලා තිබුණු නම. ඒ නමම ජනක පොතට ගන්න ඇති.
Delete2024 ජුනි 6 වෙනිදා සිරිබිරිස් හිතවතා අගනා ඡායාරූපයක් මට එව්වේය. එයින් සනාථ වෙන්නේ ශ්‍රී ලංකාවේ පළමු පොත් දොරට වැඩුම 1972 දී මහරගම සරසවි පොත් හළේදී පැවැත්වුණු බවයි. ඒ ඡායාරූපය සිව්වෙනි කොටසේ අවසානයට එකතු කළෙමි.
ReplyDelete