“එහෙම නෙවෙයි! ප්‍රියන්ත උදේ හිට මහන්සි වෙලා උයපු දේවල් නිකම්ම අහක දාන්නයැ. දෙන්න ප්‍රියන්ත එක බත් පාර්සලයක් මට. හැබැයි මහත්තයෝ, මම ඒකෙන් කන්නේ වෑංජන ටික විතරයි... හොඳේ.” නයා මරන්නෙත් නැති- පොල්ල කඩා ගන්නෙත් නැති ඒ විසඳුම අනෙක් අයත් පිළිගත්හ.
“නෙවිල් අයියේ, ඔයයි තමිරයි දෙන්නා... බත් කටකුත් කන්න- පුළුවන් නං. මොකද යුෂ්මතුන් දෙන්නටයි මටයි පැය 80ක් යනකල් කීටෝ ඩයට්ස් විතරයි!” ඒ අස්සෙත්
අයස්මන්ත නිවේදනය කළේය.
හෙට උදේ
මෙතැන ඉඳල මඩමේතොටට යන... |
ඒ එකම වෙලාවකවත් ඇට්ටර මං වහන්සේ කට ඉස්සර කළේ නැත. කළේ සාවධානව අහගෙන ඉඳිල්ලය.
අඩුම තරමින් ‘හා හ්ම්’ කියලාවත් නොකියා මී හරකෙකු වාගේ බලාගෙන ඉඳිල්ලය... එදා
රෑත්...
“... උදේ මෙහෙ ඉඳල මඩමේතොටට යන ට්‍රැක්ටරේකට නිමල් අයියවත් නග්ගල යවන්න
විදිහක් මම බොහොම අමාරුවෙන් set කර ගත්තා. අදත් ගොඩක් රෑ වෙනකල් නැඟිටලා ඉඳලා-
හෙටත් පාන්දරම නැඟිටින්න වුණාම අපි කාටත් අමාරුයිනෙ... ඉතිං දෙවෙනි දවසේ ඉඳල ඔයාට
අපේ speed එකටම යන්නත් පුළුවන් වෙයි- ඔයා හෙට වැඩිය මහන්සි නොවුණොත්...” පීරිස් කියාගෙන
යයි.
ඒ පරෙස්සමෙන් වචන තෝරා ගනිමිනි; හිතා-බලමිනි; කිරා බලමිනි!
තෙපර බාමින් කියන්නට කලින්ම ඒ යෝජනාව කෙරෙන්නට යන විත්තිය මේ නසරානි නිමල්
දිසානායකයා දැනගෙන උන්නේය. ඒත් ඒකා නිදැල්ලේ යන පන්දුවලට පහර දෙන්නට යන ජාතියේ
එකෙක් නොවේ. තලාගත යුතු බෝලයක් එනතුරු ඉවසිල්ලෙන් බලා හිඳ, ටක්කෙටම පහර දෙන්නෙකි.
ඇත්තම කියතොත්, ඌ අර යෝජනාව කෙරුණාම ‘ගිඩි ගාලා’ දෙන්නට උත්තරයකුත් ready කරගෙනය
උන්නේ!
‘මට බෑ!
මුළු දුරම පයින් යන්න මට පුළුවන්. ඉබි ගමනින් හරි මාත් එන්නං... මගේ speed එක අඩු
බව ඇත්ත. ඒක ඇණයක් වෙනවයි කියල හිතනවා නං; මාව වාතයක් කියලා හිතනවා නං මම පාද යාත්‍රාවේ
නොයා නවතින්න වුණත් ලෑස්තියි. එහෙම නැතිව මුල් දවසෙම ට්‍රැක්ටරයක නෙවෙයි, වෙන
වාහනයක වුණත් මට යන්න බෑ!’
ඇට නැති දිව ලෙළවමින් ඕනෑම දෙයක් කියා දමන්නට ඕනෑම කෙනෙකුට පුළුවන්ය. හිතට
ආවේගයක් ආවාම එසේ කිරීම වඩාත් ලෙහෙසිය. නමුත් හපන්කම එය නොවේ; නුවණක්කාරකම එය නොවේ!
ඒ බව දන්නා නිසාමය, මං වහන්සේගේ හිතට තරහක් ආවාම ‘කතා නොකර’ ඉන්නේ. එහෙම වෙලාවට
මගේ මුවෙන් පිටවෙන ‘වචන හී සර’වලින් ඇති වෙන්නේ සනීප නොවෙන තුවාලය.
පානම ඉඳලා කුමන පිවිසුම තෙක් එන අතරේ මා කළේ එළඹෙන්නට යන ජවනිකාව එහාට-
මෙහාට හරවා බලමින් ආවර්ජනය කිරීමයි. තත්ත්වය විශ්ලේෂණය කිරීමයි.
මොකද
බැරි. මම ගිය සැරෙත් ගියේ එහෙමයිනෙ. පැයක් ඇවිදලා ටිකක් රෙස්ට් කරලා ආයෙම... |
Youth එකේදී තමුසෙ ඉගෙනගත්ත නේද කණ්ඩායමක් එක්ක සහයෝගෙන් වැඩ කරන්න ඕනි විදිහ. නායකත්ව ගුණාංග එහෙමත්...
කටින් බතල හිටවන්න කාටත් පුළුවන් යක්ෂයො... පරහිතකාමී වෙන්න ඕනි වෙලාවකුයි එන්න
යන්නේ. අනිත් හය දෙනා ගැනත් ඩිංගක් හිතපං...
උඹට පුළුවන්ද උඹ හිතාගෙන ඉන්න target එකටම ගමන යන්න? වෙන මිනිස්සු නං මෙලහට උඹව
හළලා.’
‘මොකද බැරි. මම ගිය සැරෙත් ගියේ එහෙමයිනෙ. පැයක් ඇවිදලා ටිකක් රෙස්ට් කරලා
ආයෙම ගියේ! ඒ වගේම තමයි මේ සැරෙත් කරන්න යන්නේ...’
අපට අපේම හිත රවටා ගන්නට ඇහැකිද?
‘යයි, යයි. යස අගේට යයි.
ගිය සැරේට වැඩිය තමුසෙ දැන් අවුරුද්දකින් නාකියි, මැන්ටලේ!
හොඳයි- කියනවා, ගෙදරදී දවල්ට පැයක් හමාරක් නිඳා නොගත්ත දවසට තමුසෙ ඉන්නේ වෙරිකාරයෙක්
වගේ නෙවෙයිද... මත් වෙලා වගේ නෙවෙයිද. එහෙම වෙලාවට තමුසෙගෙ ඉලව් කෙණ්ඩ පෙරළිලි,
මස් පෙරළිලි කොච්චර වෙනවද යකෝ? දැනුත් හොඳටම රෑ වෙලා... ඒත් තවම මඟ... අදත් නිඳි
මරලා- හෙට උදෙන්මත් නැඟිටලා බූරුවා වගේ පයින්ම කිලෝ මීටර් 23ක් යනකොට... උඹට
පුළුවනිද අනිත් අයට වාතයක් නොවී...’
ඒ අස්සේ තවත් සිතිවිල්ලකුත්...
‘උඹට දෙවෙනි ගැන අමතකම වුණාද?’
ඒකත් ඇත්තය!
දෙවෙනි කිව්වේ අයස්මන්ත හිතවතාගේ දෙවෙනි දියණියයි. රුමේනියාවේ විශ්වවිද්‍යාලයක
වෛද්‍ය විද්‍යාව හදාරණ දෙවෙනි, දිගු කාලයකට පස්සේ නිවාඩුවකට ගෙදර ආවේ දවස්
කිහිපයකට කලිනි. “ඔයාල දන්නවනෙ... එයාලට ඕනි මේ දවස් ටිකේ අපේ පවුලම එකට එකතු වෙලා
ඉන්න. දෙවෙනි ඉක්මනින්ම ආපහු යනවනේ... හරි අමාරුවෙන් එයාලව කැමති කරවගත්තෙ මම මේ සැරේ
පාද යාත්‍රාවෙ යන එකට...”
එහෙම ප්‍රශ්නයක් මැද්දේ- ලොකු වියදමකුත්; වෙහෙසකුත් දරා කැපවීමෙන් අපේ ගමන
සංවිධානය කළ අයස්මන්ත හිතවතාගේ සාධාරණ යෝජනාවට මා විරුද්ධ වීම සුදුසුද...
‘හරි නං මේ සැරේ පාද යාත්‍රාව අල්ලලා දාන්නයි තමුසෙලට තිබ්බේ.’
“මේ බලපල්ලකො යකුනේ... නිමල් අයිය ඇස්දෙක අරගෙනම නිඳිද කොහෙද...”
“පිස්සුද පීරිස්? මම අහගෙන ඉන්නේ... ඉතිං...” එච්චර වෙලාවක් සමවැදී හිටි මගේ මනෝ
රාජ්ජයෙන් පිටමං වෙලා මං කිව්වේ තීරණයකුත් අරගෙනයි.
මැරෙන්න
හරි බලාගෙන මඩමෙතොටින්ම කුඹුක්කන් ඔයෙන් එගොඩ වෙන්න දත කන්නේ... |
“ඔව් නිමලෝ, මහන්සි පිට ඉන්න අපි කාටත් ඒක වුණත් ලොකු සහනයක්නෙ බං!”
“ඔව් දිසානායක... ඒක නං ඇත්තයි!”
(අපේ නඩය පාද යාත්‍රාවේ යෙදුණු හතරවෙනි වතාවෙත් එහෙම සහනයක් ලැබුවා මට
මතකය. ඒ වංගියේ bags තොගය පරෙස්සම් කරමින් ස්වේච්ඡාවෙන්ම ට්‍රැක්ටරයේ ගියේ මර්වින් බොතේජු හිතවතාය. ඒත් මඩමේතොටදී මර්වින් කිව්වේ ‘ට්‍රැක්ටරේ
ඇවිත් එයාගේ puක හතරැස් වුණු විත්තිය’කි. “...ඒක මහ වධයක් බං... බැහැලා තනියම හරි
පයින් එන්න හිතුණා. අම්මප- මං එහෙම කරනවා bags නොතිබ්බ නං.” ඒ චිත්‍ර වධය විඳි
මනුස්සයාත් හදන්නේ මාව ට්‍රැක්ටරයක පටවන්නටය.)
පීරිස්ගේ කතාවට support කෙරෙනවා වැඩිය. විරුද්ධ වෙන එකෙක්වත් නැත. මම හිස
සැලුවෙමි- ඔළු භාෂාවෙන් ‘හා’ කිව්වෙමි.
‘මං ඉතිං තදම තද දේව භක්තිවන්තයෙකුත් නෙවෙයිනෙ. / කතරගම දෙයි හාමුදුරුවෝ ඔකඳ ඉඳලා
කතරගමට වැඩියයි කියන පාර දිගේම; මුළු දුරම යන්න ඕනි කියන හිතිවිල්ලකුත් තමුසෙට
නෑනෙ නිදි. / එහෙම විශ්වාසෙකින් ඉන්න කට්ටිය වුණත් පුළුවන් තරං short cutsවලින්
යන්නේ... මැරෙන්න හරි බලාගෙන මඩමෙතොටින්ම කුඹුක්කන් ඔයෙන් එගොඩ වෙන්න දත කන්නේ. / අනෙක බං දෙයියෝ වැඩිය පාර හරියටම කවුද
දන්නෙ?’ මගේ හිතත් කියාගෙන කියාගෙන පලච්චි...
ඒ මදිවට නින්දට වැටෙද්දීත් මට එව්වාම කල්පනා වෙච්චි... ඒකෙන් වුණේ ඒ පැය
දෙක-තුනෙත් මට හරි-හමන් නින්දක් නැති වෙච්චි එකයි.
කුමන පිවිසුමේ වනෝද්‍යාන ගොඩනැඟිලිවලත්, එව්වයේ අගුවලත් නිඳාගෙන උන් අය
පාන්දරින්ම නැඟිටින්නට පටන් අරං. අපිත්...
“සර්ලට තේ ටිකක්...” වන ජීවියේ හිතවතා උදෙන්ම ආවේ ප්‍රශ්නයක් අහගෙන. පීරිස්
මගේ දිහා බැලුවේ ‘උත්තර දියංකො මිනිහෝ, මාවම කන්න වගේ බලං ඉන්නේ.’ කියලා කියනවා
වගෙයි.
“අපි තේ හදා ගන්නං. උණුවතුර ටිකක් උණු කරගන්න පුළුවන් විදිහක්...”
“මම උණුවතුර ගෙනත් දෙන්නං, ඉක්මනට... උණු කරපුවා තියෙනවා. සර්... ට්‍රැක්ටරේ
හරියටම පහ වෙද්දී මෙතෙන්ට එයි... සර්ලගෙ bags ටිකකුත් දාගන්න පුළුවන් වෙයිලු.
එතකොට කවුද සර් ට්‍රැක්ටරේ යන්නේ...”
“මේ ඉන්නේ... මෙයා තමයි ලෙඩා. එයා ලෙඩා නිසා හැම තිස්සෙම අපිටත් ලෙඩ දාන එකයි
මිනිහගෙ වැඩේ...”
කූඩාරම
ඇතුළට ඔළුව දමා ගන්නට ඔටුවෙකුට ඉඩ දුන් හිත හොඳ මනුස්සයාව මට මතක් වුණේ... |
“අම්මට සිරි! මේ ඉන්නේ අපේ දොස්තර මහත්තයා. කෝ අපේ මාමා... මාමේ, අපි තව සැරයක්
හම්බ වුණා එහෙනං...” හෙමින් කතා නැති; දඩිබිඩි වැඩ ඇති ඉන්දික විරාමයක් නොගෙනම කියාගෙන යයි.
“සමහරු ඉන්නවා නිමල් අයියේ සිංහල භාෂාවේ තිත්, කොමා, හර්ෂාදී ලකුණ වගේ
දේවල් තියෙන බව දන්නෙ නැති. එහෙම අය කතා කරන්න ගත්තම no stopping!” පීරිස් කියන
දෙයකි ඒ. ඉන්දිකත් ඒ ගොල්ලේ කෙනෙක්ද?
“ඩොක්ටර්, ට්‍රැක්ටරේට අපේ බෑග්ස් ටිකකුත් දා ගන්න පුළුවන් වෙයි නේද?”
“පුළුවන් පුළුවන්... හැබැයි- දැන්මම මෙතෙන්ට ගේන්න වෙයි. පහට ට්‍රැක්ටරේ එනවලු...”
“අම්මට සිරි! ඒයි... සුජියා- බානි... ඉක්මනට ගිහිං අපේ bag ටික ගෙනෙමු බං.
යමු යමු... මාමේ, අපි ටක් ගාලා එන්නං... බෑග්ස් ටිකත් අරගෙන.”
හොඳ ටික!
23 දෙනෙකුගේ ඇඳුම්-කැඩුම් මලු විතරක් නොවේ. හාල් පොල් මලුත්...
“ඩොක්ටර්, මේ දෙන්නවත් මාමා එක්කම යවමු. හරිය? මෙයාලත් ලෙඩ්ඩු. මෙයාලා දෙන්නට
පුළුවන් අපි එනකල් දවල්ට උයන්නත්...”
“අපි නිමල් අයියත් එක්ක මේ නමීවත් යවන්නයි හදන්නේ... bag ටික බා ගන්නවත් කෙනෙක්
ඕනිනෙ... අනික නිමල් අයියත් අපට උයන්නයි හිතාගෙන ඉන්නේ...”
“ඕන්නෑ ඕන්නෑ මාමේ... ඔයා දවල්ට උයන්න මහන්සි වෙන්න ඕන්නෑ! අපේ මේ නිස්සංකත් නියම කුකෙක්...
නිස්සංක උයයි ඔය ගොල්ලන්ටත් එක්ක.”
අයස්මන්ත, මර්වින්, තමිර, ප්‍රියන්ත හතර දෙනාම ඔකඳ දේවාලයේ පාන්දර පූජාවට
ගිහින්ය.
ඒ අතරේ පැමිණි වනජීවියේ හිතවතාට තරු පෙනුණා වගෙය. “මෙච්චර බෑග්ස්? ට්‍රැක්ටරේ
එන්නේ අපේ බඩුත් පටවාගෙන. මේ ඔක්කොම නං ඒකට පටවන්න බැරි වෙයි සර්!” නෙවිල්, නමී හා
මාත් හිටියේ ‘මුඛ පූට්ටු වූවන්’ වගේ නිස්සද්දවය.
පාන්දර පහට එනවා යැයි කී ට්‍රැක්ටරය ආවේ හතට විතරය.
එතකොටත් ඒක full loadය! තවත් නඩයක බෑග්ස්තුත් පටවලාය!! අපේ කට්ටියත්-
ඉන්දිකලාගේ කට්ටියත් එකතුවී අපේ බෑග්ස් කන්දත් ඒ ට්‍රැක්ටරයට පැටෙව්වෝහ. ඒ
තත්ත්පරයකුදු පමා නොවී; මොහොතකුදු අපතේ නොයවමිනි.
කූඩාරම ඇතුළට ඔළුව දමා ගන්නට ඔටුවෙකුට ඉඩ දුන් හිත හොඳ මනුස්සයාව මට මතක් වුණේ,
වනජීවියේ හිතවතා එතැනට ආවාමය.
“අපේ තුන් දෙනෙකුත් යන්න ඉන්නවා... මඟින් තව බඩු ටිකක් පටවගන්නත් තියෙනවා...”
“මේගොල්ලෝ ඉඩ හදලා දෙයි මහත්තයෝ... චුට්ට දුරනේ...
අපේ ට්‍රැක්ටරය
මඩමේතොටට ළඟා වෙනකොටත් සිංහල තරුණ නඩ කිහිපයක්ම එහි ළඟාවී ඉවරය! |
බලං ඉන්නැතුව උඹත් නැඟපං නිස්සංක අර පැත්තෙන්... නැඟලා, මාමට වාඩි වෙන්න මේ පුටුව
තියලා දීපං...” ඉන්දික මහ හඬින් පිරිස මෙහෙයෙව්වේ එතැන ලොක්කා එයා වගෙය.
“නමී... ඔයාලා දෙන්නත් නඟිනවා ඉතිං. අන්න ගේට්ටුව අරින්න හදනව...”
හා! ඒ ට්‍රැක්ටරයේ ගමන තමා ගමන!!
දඩ්ඩාං... ට්‍රැක්ටරයේ රෝදයක් පාරේ වළකට වැටුණා විතරකි. උඩට වීසි වුණු මේ ලියන්නා
ආපහු folding chair එක මතට වැටුණේය.
ජරාස්... සද්දයකුත් එක්කම මාව පැත්තකට ඇලවීගෙන යයි... “නිදි... මොකද වුණේ” මට
මුක්කුවක් වෙමින් නමී අසයි.
“පුටුව කැඩිලා.”
හරියට වාඩි වෙන්නවත් බැරිව- බාගෙට ඇලවී- බාගෙට හිටගෙන- බාගෙට කෙඳිරි ගෑවෙමිනි, පැය
තුනකටත් වඩා මා උන්නේ...
අපට ඇදුණු ලොතරැයියේ තරම කියන්නට එක දෙයක් ලිව්වාම හොඳටෝම ඇතිය. අපේ ට්‍රැක්ටරය
මඩමේතොටට ළඟා වෙනකොටත් සිංහල තරුණ නඩ කිහිපයක්ම එහි ළඟාවී ඉවරය! ඒ පා ගමනින්ම ඇවිල්ලාත්ය.
(ජව සම්පන්නයන් එහෙමය. පසුව ආරංචි වූයේ පාද යාත්‍රික තරුණයන් දෙදෙනෙකු දෙවෙනි දවසේම;
ජුලි පළමුවෙනිදාම කටගමුව ගේට්ටුවෙන් පිට වුණු බවයි. ඒ ශක්තිවන්තයන් දෙදෙනා
සම්පූර්ණ දුරම ගිහිං තිබුණේ ඇවිදිමින් නොව- දුවමින්ලු!)
“ගල්මුල් අඩු සමතලා තැනක් අල්ලගෙන සුද්ද කරලා අපේ ඉටි රෙදි එළා ගනිමු.”
නමීත්, නිස්සංකලාත් කුඩා කැබිලිත්ත දේවාලය ඉදිරිපිට කුඹුක් ගස් මණ්ඩියේ එක් තැනක්
තෝරාගෙන, එහි එකතු වී තිබුණු වියළි කුඹුක් කොළ තොගය අතු ගා දැම්මෝහ. වැල්ල මතු
කරගෙන ඉටි රෙදි එළුවෝහ. එහෙම අපේ තැන් වෙන් කරගත්තු ගමන්ම මං වහන්සේ කෙරුවේ කැඩිලා
තිබුණු පුටුව හැකි විදිහෙන් අටවා ගැනිල්ලයි. ඊළඟට කිරිබත් කන්නට පටන් ගැනීමයි.
කුමන ගේට්ටුවෙන් ඇතුළු වෙන තැනම කිරිබත් දන්සලක් තිබෙයි. නෙළුම් කොළයක තැබූ
කිරිබත් කැබලි කීපයක් සමඟ ලුණුමිරිස් හෝ සීනි සම්බෝල එතැනින් පිදෙයි. අප පාද යාත්‍රාවේ
ගිය හය වතාවෙම එහෙමය. දමිළ වන්දනාකරුවන්ගෙන් වැඩි දෙනෙකු කළා වාගේ, අපිත් ඒ කිරිබත්
වැළඳුවේ සෑහෙන දුරක් ගිය පසුවය.
මේ වතාවේ නම් ඊටත් ඉස්සරහින්ම තිබුණේ දමිළ පිරිසක් පැවැත්වූ දන්සලකි. එතැන
දුන්නේ සිද්ධාලේප හා තවත් ඖෂධ වර්ග අඩංගු මල්ලකි.
“අර xකයන්ගේ වැඩවලට වැඩිය තියෙන්නෙ හඬයි, පඩ ෂෝයිනෙ මචං.” ඒ දන්සලේ වැඩ කෙරෙන හැටි
බලාගෙන අපේ අසලින්ම උන් තරුණ පිරිසක එකෙක් කිව්වේය.
මඩමේතොටදී
මා නිදහසේ කිරිබත් බුදින අතරේ,දෙදෙනෙක් පාද යාත්‍රා නඩ වෙත යමින් පණිවිඩයක් බෙදූහ. |
“ඕවා ඔහොම තමයි මචං. NGO එකකින් වගෙයි පේන්නේ. අර අර, එක එකා අතින් බෙහෙත් බෑග්ස්
බෙදනවා foto ගන්නේ- බැනර් එකත් එහාට මෙහාට කර-කර... ෂුවර් එකටම ගරානා project එකක්...”
“ඒත් මොකද මචං. මේ අහිංසක දෙමළ මිනිස්සුන්ට ඒ බෙහෙත් බඩු ටිකත් ගොඩක් වටිනවා වගේ.
ඔය ගන්නේ පොර කකා...”
ඔවුන් ගැන මෙනෙහි කරමින් මඩමේතොටදී මා නිදහසේ කිරිබත් බුදින අතරේ, දෙදෙනෙක්
පාද යාත්‍රා නඩ වෙත යමින් පණිවිඩයක් බෙදූහ. ‘අර van එකේ අපි බත් දන්සලක් දෙනවා.
කෑම උයාගෙන ඇවිත් තියෙන්නෙ. එතෙන්ට එන්න කෑම ගන්න...’
“අම්මට සිරි... ඇහුණද නිදි?”
“ඇහුණ නේන්නං, නමී...”
“මාමේ... අපි බත් දන්සලෙන් කෑම එකක් ගෙනත් බලන්නං හොඳද කියලා. හොඳයි නං අපි දවල්ට
නොඋයා ඉඳිමු නේද?” නිස්සංක මගෙන් අනුමැතිය ගත්තේය. මේ නිස්සංකගේ පළමු පාද යාත්‍රා ගමනයි!
“නමී, උයන්නේ නැතුවට කමක් නෑ- අපි ලොකු සාස්පානකට වතුර ළිපේ තියමු...”
වරින්-වර එතැනට ළඟා වෙන නඩ දකින විට මට කියැවිණි. “...මට දැනෙන විදිහට නං අපේ
කට්ටියත් එකොළහමාරට කලින් මෙහාට එවෙයි වගේ. ඒ එනකොටම තේ ඉල්ලයි...”
වැඩ සිද්ද වුණෙත් ඒ විදිහටමය.
“එතකොට තරුණ නායකත්වයෙන් හදාපු බඩු list එකෙනුත් බඩු ඉතිරි වෙන්නයි යන්නේ. අද උදේට
මොකුත් හැදුවෙ නෑ. දවල්ටත් කෑම දන්සලෙන්...” බඩගිනි නිවා ගන්නට උයපු සුදුළූණු මාළුව කමින්- තේ කහට බොන අතරේ නෙවිල්
ගණන් හදයි. “දිසානායක, පාවිච්චි නොකරන දේවල් උස්සගෙන යන්න නං අපට බෑ. එව්වට මොකද
කරන්නේ?”
මගේ කල්පනාවට බාධා වුණේ ඉන්දිකගේ හඬිනි. “ඇයි මාමේ නිස්සංකලට මෙතැන සුද්ද
කරලා දාන්න ඇරියේ. වේළිච්ච කොළ අයින් කරලා දැම්මම ඒවා යට ඉන්න කොඩයි ඇවිස්සෙන්න
ගන්නවා. රෑට මෙතැන නිඳා ගන්න හම්බ වෙන එකක් නෑ මාමේ. කොඩයි එන්න ගනියි... යං යං
අරහෙට.”
ඉන්දිකලා වියළි කොළ පිරුණු තණකොළ ගොල්ලක් උඩින් ඉටි රෙදි එළා ගනිද්දී අපි උන් තැනම
උන්නෙමු.
“නිමල් අයියේ... අපි මෙතනම ඉඳිමු. ඔයාගේ බෑණලා ඉන්න තැනට ගියොත් අපිට කොහොමත්
නිඳා ගන්නැතුව කතා කර-කර ඉන්නයි වෙන්නේ...” අපේ කෙනෙකු අඩු සද්දෙන් ඉල්ලීමක් කරයි.
“මතකයිනෙ කලින් සැරවල්වල...”
ඇත්තය! කොතෙක් මහන්සි වී හිටියත් එයාලා එක දිගට නොනිඳති. සමහර දෙනා ඊටත් අන්තය.
ඔවුනට හිටින තැන අමතකය. තමන් නිසා අනෙකුන්ගේ විවේකයට සිදුවෙන බාධාවන් ගැන අමතකය. ඔවුහු රෑ
මැද පවා සද්දෙන් උසුළු- විසිළු කරති; අසැබි වදන් පවා සද්දෙන් දොඩති. නඩයේ තුන්-හතර
දෙනා එකතුව රෑ මැද්දේ බුලත් විට හපමින් හරුප දොඩවති...!
එයාලාට
ගෙවල්-දොරවල්වලදී නිදහසේ කතාබහ කරන්නට ඉඩ නොලැබෙනවා වෙන්නැති! |
“පොඩ්ඩක් අපේ කතාව ඉවර කරන්න දීපං මචං.” නෙවිල් සීරුවෙනි. “මොකද කියන්නේ...
දැනටමත් අපි උස්සගෙන ආපු දේවල්වලින් සමහරක් ඉතිරියි. ඒවා හෙටත් උස්සගෙන යනවද- මෙහෙදිම
වීසි කරලා යනවද?”
“අඩේ නෙවිලාවතී... කෑම ජාති වීසි කරන එක නං පව් මචං.”
“එහෙනං උඹ ඒවා උස්සන් යනවද?”
“හරි! මට දෙනවා සමපෝෂ පැකට්ස් තුනක්. සීනිත්...”
“නිමල් අයියේ, ගාපු පොල් ගෙඩි දෙකකුත් ගෙනාවා වැකුම් පැක් කරගෙන. බලන්නකො ඒවා
හොඳයිද කියල. හොඳයි නං එකක් ගන්න සමපෝෂ හදන එකට...” තමිර පොල් බෑග්ස් දෙකම දුන්නේය.
දෙකම ඇඹුල් ගඳය- පිළුණු වෙලාය. “බලාගෙනයි මහත්තයෝ- වැකුම් පැක් කරපු පොල් සම්බෝල
කන්නෙත්... එව්වත් නරක් වෙලා නං තමුසෙලට රෑ තිස්සේ කැලේට රිංග-රිංගා ඉන්න වෙයි!
අපිට එහෙම ජංජාලයක් වුණා, අල්ල camp එක ළඟදි සැරයක්...”
“ඔව් මචං...” ඒ ගමනට එකතුවී උන් කෙනෙකු ඒ විස්තරය කියන අතරේ මම සමපෝෂ මිශ්‍රණය
ඇනුවෙමි.
(ආදරණීය පාඨකයිනි. මේ විස්තරය මා ඔබට කියන්නේ අද්‍යතන තරුණ පරම්පරාවේ කෙනෙකුගේ
‘ප්‍රායෝගික බුද්ධි මහිමය’ මෙයින් හෙළිවන නිසාය. ඒ තරුණ මානවකයා අපේ නඩ දෙකේ 30 දෙනාගෙන් කෙනෙකු බව පමණක් කියුවාම සෑහෙයි. ලිවීමේ පහසුව සඳහාය; මා ඒ තරුණයාව ‘සුනිමල්’
කියා නම් කරන්නේ.
සුනිමල් අවුරුදු විසිපහක විතර තරුණයෙකි.)
සමපෝෂ මිශ්‍රණය අනන වෙලාවෙ මට උදව් දෙමින් ළඟින් හිටියේ සුනිමල්ය. ඒ හාදයා,
ඒ කෑමට ප්‍රිය කරනවා විය යුතුය. සැරෙන්-සැරේ බඳුනට අත ඔබමින්; ඇඟිලි තුඩුවලින්
ටික-ටික ගනිමින් මුවේ ලා ගත්තේය. මිශ්‍රණයට ලුණු- සීනි පදමට තියෙනවාදැයි බැලුවෙත්
ඔහුමය.
“සුනිමල්, අර බෑග් එක ඇතුළේ තියෙනවා ප්ලාස්ටික් පිඟන් වගයක්. එයින් එකක්
ගෙනැත් අල්ලන්නකො මේ ගුළි කරන එව්වා දාන්න.”
හදන්නේ මොනවාදැයි විමසූ අපේ කට්ටිය ‘සමපෝෂ එපා’ යැයි කීහ. ඉන්දිකලාත්...
“කවුද එතකොට මේවා කන්නේ?”
“සුනිමල්ට පේනවද අපිට උඩහින් ඉන්නවා groups දෙකක්. පොඩි ග්රූප් එකේ ඉන්නේ
වයසක පහේ තුන් දෙනෙක්. අනෙකේ කොල්ලො set එකක්. දෙගොල්ලොම මෙතෙන්ට ආව වෙලාවේ ඉඳලා
හාන්සි වෙලා ඉන්නවා මිස තේ ටිකක්වත් හදන පාටක් නෑ. අපි මෙව්වා එයාලට දෙමු.”
“එයාලා ගනීවිද?”
“මෙන්න... පිඟානේ සමපෝෂ ගුළි 15 ක් තියෙනවා. ඉස්සෙල්ලම අර වයසක තුන් දෙනාට
මේවා දීලා- ඊට පස්සේ පිඟාන පිටින්ම කොලු නඩේට දෙන්න.” මම සුනිමල්ට කීවෙමි. ඒ යක්ෂ
පැටියා කෙළින්ම ගියේ තරුණ නඩය වෙතටය. කොලු රෑන හිනාවෙමින් සමපෝෂ ගුළි පිඟානම පිළිගත්
හැටි මට පෙනිණි.
“දැන් කෝ මිනිහො අර වයසක තුන් දෙනාට?”
“අරගොල්ලෝ දෙයිනෙ...” කියලාය සුනිමල් උත්තර දුන්නේ.
“එහෙම දෙන්න කියලා ඔයා එයාලට කිව්වද?”
උත්තරය සුනිමල්ගේ මුහුණින්ම පෙනෙයි. මම නිහඬවම...
à ඉතිරිය හයවෙනි කොටසට...
//මං ඉතිං තදම තද දේව භක්තිවන්තයෙකුත් නෙවෙයිනෙ.
ReplyDeleteරැ කතරගම දෙයි හාමුදුරුවෝ ඔකඳ ඉඳලා කතරගමට වැඩියයි කියන පාර දිගේම මුළු දුරම යන්න ඕනි කියන හිතිවිල්ලකුත් තමුසෙට නෑනෙ නිදි//
ගැත්තා මං ගැන විස්වාසයක් භක්තියක් නැති නිසා කඩවරයා බොට දුන්න දඩුවමේ තරම දැන් තේරුනාද?
මිට
ස්කන්ධ කුමාර
//අනෙක බං දෙයියෝ වැඩිය පාර හරියටම කවුද දන්නෙ?//
Deleteදෙයියන්ට බැරිද ඇක්චුවල් රෝඩ් එක ගූගල් මැප් එකට එන්ටර් කොරන්න.
දෙයියන්ට Internet තියෙනවද දන්නෙ නෑ හිටං 🤭🤭
DeleteY පයි ඇතිනෙ.
Deleteස්කන්ධ කුමාර දෙයි හාමුදුරුවනේ, බය බෝයි!
Deleteනමී, Praසන්ன
Deleteඔහෙලාත් පරෙස්සමෙන්... දෙයියන්ට හැම තිස්සෙම තරහ යන්නේ නැති නිසා හොඳා... ඕන්නැති මඟුල් අහනවා... Y පයි...
වල්ලි අම්මා බලලා ආපහු යන කොට තේවානි දෙයියා පල් කෙරොත් තමුසේ කොටඋඩ තමයි
Deleteබය හිතෙන කතා කියන්න එපා උදාර උන්නැහේ.
Deleteහප්පේ.. ඉන්දිකත් සෙට් උනාද. ඒක මරු.
ReplyDeleteනමියවත් ටැට්ටරේ පටෝපු එක හොඳයි. නැත්තං ඕකා තවත් කෙට්ටු වෙනව පයිං ඇවිදල.
ඇත්තමයි Praසන්ன,
Deleteමේ post එකේ දාලා තියෙන foto එකේ නමියගේ කෙට්ටුව දැකල මටම දුක හිතුණා.
+++++++++
ReplyDelete+++++++++ස්තුතියි+++++++++
Deleteමට තේරිච්ච විදිහ හරිද මන්දා? පාද යාත්‍රාව කියන්නේ, දෛයන් වෙනුවෙන් කකුල් වලට දුක් දීමය. තව සමහරු කොකු වල එල්ලී පිටට දුක් දෙති. එහෙයින් නිමලා සහ නමියා, ටැට්ටරක මාර්ගයෙන් පුපට දුක්දී දේව වන්දනාවේ යෙදීමේ වරදක් මම දකින්නේ නැත.
ReplyDeleteබකුසුතුමෝ,
Deleteකතාවක් අහල තියෙනවා වගේ මතකයි- දුකෙන් තොර සැපක් නෑ නන්දනී- කියලා.
ඒ නිසාද මන්දා, ලබන අවුරුද්දෙත් පාද යාත්‍රාවේ යන හැටි අපි දැන්ම කතා වෙවී ඉන්නේ.
//තමන් නිසා අනෙකුන්ගේ විවේකයට සිදුවෙන බාධාවන් ගැන අමතකය. ඔවුහු රෑ මැද පවා සද්දෙන් උසුළු- විසිළු කරති; අසැබි වදන් පවා සද්දෙන් දොඩති. නඩයේ තුන්-හතර දෙනා එකතුව රෑ මැද්දේ බුලත් විට හපමින් හරුප දොඩවති...!//
ReplyDeleteබොහොම හොඳ නිරීක්ෂණයක්. අපේ තරුණ බොහෝ දෙනෙකුට මේක වන්දනා ගමනකට වඩා විනෝද චාරිකාවක් වගෙයි කියල හිතුනා. ඒත් දමිල වන්දනාකරුවන්ගේ ඝෝෂාකාරී බව ඔවුන්ගේ සහජ ගතියක් නිසාද?
ස්තුතියි බස්සා මහත්තයෝ.
Deleteදමිළ ජාතිකයන්ට භක්තිය එන්නේ පුංචිම අවදියේ ඉඳල වගෙයි. මට එහෙම හිතුනෙ එයාලා අඳින- හැසිරෙන විදිහ හෙම දැකලා. එයාල පාද යාත්‍රාවේ එන්නේ පවුලම එක්කයි. අත දරුවන් පවා අරගෙනයි.
ඝෝෂාකාරී වීමත් ජානවලින්ම එයාලට එනවා ඇති!
අද කතාවත් හොඳයි. කනේ වැලි ගෑවෙන වංගු නෑ. දිගත් නෑ, කොටත් නෑ, කියවන්න අමාරුත් නෑ. ඒ වගේම යම් පණිවිඩයක්/ හිතන්න යමක් කතාවේ ගැබ්වෙලා තියනවා. කෙලින්ම හොම්බට ඇන්නා වගේ නොකියා, මෙහෙම ව්‍යංගයෙන් ලියන ක්‍රමේට මම කැමතියි.
ReplyDeleteමං කැමතියි බස්සෙක්ගෙ හොම්බට අනිනවට.
Deleteහොඳ වෙලාවට අපට හොම්බක් නැත්තෙ. 😋😊
Deleteමේ මේ, හොම්බට අනින කතා- හොම්බ නැති කතා මේ දවස්වල කියන්නේ බලාගෙනයි.
Deleteඑව්වට වඩාත් අදාළ උදවිය මේ දවස්වල එලියට බැහැලා ඉන්නේ... අපිට කරන්න!
"ඒ විධානයත් එක්කම සවිමත් අත් හතරකින් නිමලයා උඩට ඉස්සුණේය; ට්‍රැක්ටරයට පැටවුණේය" නිමල් පාද යාත්‍රා යනවා කියලා cheating නේද 😊.
ReplyDeleteමට නම් හිතෙන්නෙ නිමල් යන්නෙ දේව භක්තියට වඩා sense of accomplishment වෙනුවෙන් කියලා.
"දෙකම ඇඹුල් ගඳය- පිළුණු වෙලාය"- ඔය වගේ කෑම ගෙනියන එක නම් ලොකු රිස්ක් එකක් නේද. එහෙම බලන කොට දන්සල්වලින් කෑම ගන්න එක වඩා ප්‍රායෝගිකයි. පාද යාත්‍රාවේ මුල් අරමුණු වලට ගැලපෙන්නෙ නැති වුනත්, හැම දේම කාලයත් එක්ක modify වෙන්න එපැයි.
බැනුම් අහන්න වෙතත් ඇත්ත කියන්න ඕනිනෙ. මගේ ළඟ භක්තිය තියෙන්නෙ බොහොම අඩුවෙන්. Lotus විශ්වාස කරයිද මන්දා- මේ වතාවේ පාද යාත්‍රාවේ ගියාම මම එකම දේවාලයකවත් ඇතුළට ගියේ නෑ.
Deleteමගේ හැඟීම නං ගමනේ කෑම ජාතිවලදී අල්තින් modify වෙන්න දෙයක් නෑ. දෙමල අය සරල කෑම වේලක් හදන්නේ. ඒක හොඳයි. පොංගල් බතක්- නැත්තං බතක් එක්ක එක සාම්බාරුවක් වගේ. අපි එතැනදී හදන්නෙත් ගෙදර වගේම දෙක තුනක් එකම කන්නනේ.
මම නං හිතන්නේ පාද යාත්‍රාවේ යන උදවියට දන්සලක් කියන්නේ ලොකු පහසුවක්. ඒකත් ප්‍රතික්ෂේප කරන දැඩි බැතිමත්තු ගැන ඊළඟ කොටසෙදී ලියන්නන්කො.
"ඒ යක්ෂ පැටියා කෙළින්ම ගියේ තරුණ නඩය වෙතටය. කොලු රෑන හිනාවෙමින් සමපෝෂ ගුළි පිඟානම පිළිගත් හැටි මට පෙනිණි" අවුරුදු විසි පහක විතර තරුණයෙකුට වඩා මිත්‍රශීලි හැඟීමක් දැනෙන්නෙ සහ ස්වබාවයෙන්ම ආකර්ශණය වෙන්නෙ තමන්ගෙ වයසෙම අයට නිසා එහෙම වෙන්නත් ඇති. කොහොමත් ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙ ප්‍රායෝගික ඉගැන්වීම්, projects එහෙම නෑනෙ. ඔය වගේ පාද යත්‍රා එහෙම යනකොට ඒ වගේ පාඩම් තරුණ අය ඉගෙන ගනියි.
ReplyDeleteLotus, ඔයාට දිවැස් තියෙනවද- නැත්තං පරචිත්ත විඥානය... කොහොමද මං ලියන්න ඉන්න දේවල් ගැන කල් ඇතිව කියන්නේ?
Deleteලෝටස් නිදීට ලවු ද ? මට නිකන් එහෙම හිතෙනවා
Deleteලෝටස් කොහොමද මංදා Ano, මම නං ලෝටස්ගේ අදහස්වලට, හිතන විදිහට love! හැබැයි ඒ ලව් කියන්නේ හුඟ දෙනෙකු හිතන විදිහෙ එකක් නෙවෙයි- දැඩි කැමැත්තක්...
Deleteඅනේ ලෝටස් නිතරම කියන්නේ බන තමයි ; ඔයා ලවු නිසා එයාට ආස වුනාට මට නම් එයා අවුල්
Deleteනිදි අද දෙකෙන් එකක් බේරගන්න ඕනේ , යුෂ්මතා දෙවෙනි ලන්ඩන් ගමන ගැන ලියනවද නැත්තන් ටොමි රොබින්සන් ට නිදිගේ කන්ටක්ට් එක දෙන්නද ,ඒ ගමන් අනිත් නංගි ගැනත් ලියන්න හොඳේ -සෑම් නෙවේ , the other hottie lol
ReplyDeleteAno, මගේ contact එක ටොමි රොබින්සන්ට දෙන්න එපා, මේ හතර දෙනාට නං දුන්නට කමක් නෑ.
DeleteAndrew McMaster
Paul Harris
Wayne King
Stephen Lennon
මොනවාවත් ලියන්න බැරි වෙයිද මන්දා මැද පෙරදිග ඇවිලෙන විදිහට....
මේ පහුගිය දෙමාසෙ ඉඳන් මෙහේ පට්ට රස්නෙයි, හිම නෑ.
ReplyDeleteනිව්යෝක් පාද චාරිකාව
හා! අල වගේද ගෝවා?😋
දැන් යුද උනුහුමත් වැඩියෙන් දැනෙනවා ඇති නේද බස්සා මහත්තයෝ?
Deleteකොඩයි ඇවිස්සෙන්න ගන්නවා - ඒ මොක්කුද ?
ReplyDeleteකළු පාට කූඹි විශේෂයක්. ලොකු රෑන් රෑන් වශයෙනුයි සැරිසරන්නේ.
Deletehttps://www.google.com/search?q=%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%96%E0%B6%B9%E0%B7%92&rlz=1C1CHBF_enLK1102LK1102&oq=%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%96%E0%B6%B9%E0%B7%92+&gs_lcrp=EgZjaHJvbWUyBggAEEUYOTIHCAEQIRigATIHCAIQIRigATIHCAMQIRigATIHCAQQIRigAdIBCjQzMTg2ajBqMTWoAgiwAgE&sourceid=chrome&ie=UTF-8#fpstate=ive&vld=cid:b1475b78,vid:cFVVJerOMBU,st:0
දේව භක්තියක් නැති අය ගියොත් මැණික් ගඟේ ගිලෙනවද
ReplyDeleteඑහෙම අයව යවලා, මැණික් ගඟේ නාන්නත් යවලම තමයි බලන්න වෙන්නේ, අජිත් මහත්තයෝ.
Delete