කෑම! කෑම!! කෑම!!!
වවාගෙන කෑම- අමුවෙන් කෑම- උයා-පිහාගෙන කෑම- හදාගෙන කෑම- බෙදාගෙන කෑම- බදාගෙන කෑම-
තනියෙන් කෑම- හවුලේ කෑම- ඉල්ලං කෑම- හූරාගෙන කෑම- ගසා කෑම- හොරා කෑම... ඇයි, එළිපිට
කෑම- රහසෙන් කෑම... මගෙ සන්තෝ! ඔහොම තව
කොච්චර නං කෑම වර්ග තියෙනවද...
අපි හැමෝම ඔය කිව්ව එකේක විදිහට කනවනෙ. එහෙම කද්දී, හුඟක් වෙලාවට බඩට ඇති
වුණාට හිතට ඇති කියල නොදැනෙන එකයි වස වැරැද්ද.
බලයත් අතේ තියේ නං එහෙම ඇතිවිල්ලක් නැති උදවිය හිමාල කන්ද වුණත් එක කටට ගිලීවී.
එහෙම අය පහුගිය කාලෙ පුරාවට ‘පුළුවන් හැම තැනින්ම හොරා කාපු රඟ’ රටටම රහසක් වුණේ
නෑ.
එයාල ඩයිනසෝරයන්ටත් වඩා නරකයි. උන් කාලා තියෙන්නෙ බඩගින්නට. මෙයාලා? |
ඒ නෝනලා, මහත්තුරු- ලංකාවේ හිටපු පාලකයෝ- මැති ඇමති ප්‍රභූවරු මෙච්චර කල් කාපු
කෑම ගැන නෙවෙයි අද ලියන්න හිතුවේ. එයාල බියකරු ඩයිනසෝරයන්ටත් වඩා නරකයි. උන් කාලා
තියෙන්නෙ බඩගින්නට. මෙයාලා? පෙරේතකමට; මජරකමටයි කාල තියෙන්නෙ. කෑම විතරක් නෙවෙයි කාල
තියෙන්නෙ; රටත්...
ඒත් ඒ ගැන මේ පෝස්ටුවෙන් ලියන්නේ නෑ. මේකෙ ලියන්නේ හරි ගස්සලා ගන්න- උයලා-පිහලා
හදා ගන්න කෑම ගැනයි; හරියටම කියනවා නං එහෙම කෑම හදා ගැනිල්ලෙදී වැදගත් වෙන පුංචි-
පුංචි රහස් වගේ කාරණා ටිකක් ගැනයි. ඒ කිව්වේ කුකරි රහස්- tips ගැනයි...
මං වහන්සේ දැනගත්තු දේවල් ටිකක්. අත්හදා බලපු දේවල් ටිකක්... (කිසිම
පැකිළීමක් නැතිව ‘අත් දුටුවයි සත්තයි!’ කියන ලේබලෙත් එව්වට ඇලෙව්වැකි,
තමුන්නාන්සේලා කැමති නං.) ගැනයි අද post එක ලියන්නේ.
අපේ මහරගම ආච්චී අතිදක්ෂ සූපවේදිනියක්.
ඒ දවස්වල මහරගම පමුණුවෙ හිටිය පරසිදු කොණ්ඩ කැවුම් හදන්නියන් කීප
දෙනාගෙන් එක්කෙනෙක් තමයි උන්දැත්.
“රංජි පුතේ. ඕනෑම කෙනෙක් කටින් කන්න ඉස්සෙල්ලා ඇහෙනුයි කෑමක් කන්නේ.
ඊළඟට නහයෙන්... ඊටත් පස්සේ තමයි කටෙන් කන්නේ!” මං වහන්සේ හිච්චි එකා කාලෙදිමයි අර
උන්දෑ; අපේ ආච්චී; දසනායක රත්නවතී උපාසිකා මාතාව මට කියල දුන්නේ. උන්දෑ එහෙම
කිව්වේ, දාහක් වැඩ අස්සේ. උයන-පිහන රාජකාරි වැඩ කරන අතරේ.
පාළුව මකා ගන්නත් එක්ක වෙන්නැති.
කාරණේ ඒ කාලෙත් මං හොඳ අසා සිටින්නෙක්- හූමිටි තියන්නෙක් හා කියන්නා කතාවට පොළොඹවන විදිහෙ ප්‍රශ්න
නඟන්නෙක්. ඉතිං, එහෙම වෙලාවට අපේ ආච්චිත් ලෝස් නැතිවම උත්තර දෙන්නයි, පුරුදු වෙලා
උන්නේ.
ඒ විදිහට මං වහන්සේ අපේ ආච්චිගෙ නොනිල අග්‍ර ශ්‍රාවකයා වෙච්ච හින්දා තමයි-
මං වයසට වඩා පැහෙන්නත් ඇත්තේ!
ඉතිං, අපේ ආච්චිගෙන් ඉගෙන ගත්තු අර කුකරි පාඩම නිසා- මම උයන්න plan කරද්දී
කෑමවල colour කොම්බිනේෂන් එක ගැනත් හිතනවා. හිතනවා නෙවෙයි- දැන් නං නිකම්ම
හිතෙනවා. (දැන් වැඩිය තැකීමක් නොකළත්, ඒ දවස්වල මං අඳින කලිසමට ගැළපෙන විදිහටයි
කමිසය හා ලේන්සුව පවා තේරුවේ.)
කෑමවල පාට ගැන මං හරිම උනන්දුයි. ඒ වගේමයි ඒවා දීසිවලට දමල මේසෙන් තියද්දීත්, මට ඕනි ඒවා
ගැළපෙන විදිහට තියන්න.
සමහරු කහපාට පරිප්පුව තියන තැනින්මයි, ඉව්වම කහපාටට තියෙන අල / වට්ටක්කා
වගේ කරි ජාතියක් වුණත් තියන්නේ. මටත් වැඩිය රහට උයන අපේ නඟණ්ඩි මානෙල්ට කොච්චර
කිව්වත්, ඒ දෘශ්‍ය ගැළපීම; වර්ණ ගැළපීම එයාගෙනුත් කෙරෙන්නේ නැති තරං. ඒ නිසාමයි මේ
කාරණය ලියන්න හිතුවේ- පළමුවෙන්ම.
සමහර වෙලාවට ඔය වර්ණ ගැළපීමේ පුරුද්ද මට ආවේ මං ‘බතික් ශිල්පියෙක්’ විදිහටත් දිග
කාලයක් වැඩ කළ හින්දා වෙන්නැති.
වැටකොළු ලෙල්ල අරිනකොට මම එහෙම පිටින්ම ලෙල්ල අයින් කරන්නේ නෑ. ඉහළට
මතුවී තියෙන දාර විතරක්... |
වැටකොළු- පතෝල- පිපිඤ්ඤා- කිරිහොදි වගේ ජාති හදද්දී නං හරිම ඉච්චිකමෙනුයි මං
කහ කුඩු පාවිච්චි කරන්නේ. මොකද ඒ වගේ ජාති ළා කොළ පාටක් ගෑවිලා තියෙන- ළා කහ
පාටෙන් තියෙනවටයි මම නං කැමති! ළා කහපාට දාස්පෙති මල් වගේ.
එතකොටයි මතක් වුණේ. වැටකොළු ලෙල්ල අරිනකොට මම එහෙම පිටින්ම ලෙල්ල අයින්
කරන්නේ නෑ. ඉහළට මතුවී තියෙන දාර විතරක් ඉවත් කරනවා, කොළපාට ලෙල්ල තීරු තීරු ඉතිරි වෙන විදිහට.
එහෙම කළාට පස්සේ වැටකොළු පෙති / කෑලි කපා ගන්නෙත් තරමක් මහතට. හොඳටම හීනියට
නෙවෙයි. පතෝල වුණත් කපන්නේ ටිකක් ගණ කෑලි.
ඒ දෙවර්ගේම උයද්දී මම ඒවා කපලා පැත්තකින් තියනවා මිස කෙළින්ම ළිපේ තියන්නේ
නෑ. ළූණු- සුදුළූණු-උළුහාල්- අමුමිරිස්-
චූටි ගොරක පෙත්තක් වගේ දේවල් දියකිරි ටිකකින් ළිපේ තියනවා. ඒකටම තුනපහ- කහ කුඩු-
ලුණුත් පදමට දානවා. තැම්බිලා- හිඳෙන්න කිට්ටු වෙනකොට උකු පොල්කිරිත් එකතු කරනවා.
(මම නං උකු පොල්කිරිවලට කුරක්කන් පිටි හරි කොන්ෆ්ලාර් පිටි හරිත් චුට්ටක් එකතු
කරනවා). එහෙම කරලා හැඳි ගානවා...
දැන් ළිපේ තියෙන කරිය චුට්ටක් විතර උකුයිනෙ. ආන්න ඒකට රම්පෙ- කුරුඳු පොතු එකතු
කරලා, ඊට පස්සේ වැටකොළු හරි පතෝල හරි කෑලි එකතු කරනවා- හොඳට කවලම් කරලා යාන්තං තැම්බීගෙන
එනකොට ළිපෙන් බානවා.
එහෙම කරන්නේ ළිපෙන් බෑවාට පස්සෙත් එළවලුව තැම්බෙන විත්තිය ඔළුවේ තියාගෙනයි.
කරපිංචා!
අමතක වුණා නෙවෙයි. කරිය ළිපෙන් බාලා- ටික වෙලාවක් ගියාම; මඳ රස්නේ තියෙද්දී
කරපිංචා කොළ එකතු කරන්නේ. හැබැයි කිසිම වෙලාවක මේ වගේ කොළපාට එළවලු උයද්දී බඳුනේ පියන
වහන්නේ නෑ. බිමට ගත්තට පස්සෙත්- නිවෙනකල්...
(බොහොමයක් ගෙවල්වල හදන වැටකොළු- පතෝල එළවළුවල හොද්ද වැඩයි. මොකද ඒ දෙවගේම තැම්බෙනකොට
දිය උනන එළවලු. මං කියපු විදිහට උයා ගත්තොතින් ඒ වගේ ජාතිවල වුණත් හොදි හිටින්නෙ නැතිව
තියෙනවා පෙනෙයි. හොදි ටිකාක් තිබුණත් බොරේටයි! ආටෝප ගතියටයි!!
අපි පුංචි පැටව් දවස්වල... |
බොරේට කිව්වම... ‘නරි මොටාගේ ක්‍රමයට හදාගත්තු උකු
පරිප්පුව’ත් පංකාදු පහයි කියල ලියන්නම ඕනි. (නරිමොටා උන්නැහේ ඒ ‘කැලේ පරිප්පුව’
හදන ක්‍රමය ලියල එව්වේ ‘හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - දෙවෙනි කොටසෙ’ comment
තීරුවටයි). මට පොඩි පටලැවිල්ලකුත් වුණා පළමුවෙන්ම ඒක හදන්න ගියාම. මං හිතුවෙ
රෙසිපිය ලියන්න ගියාම නරිමොටාට පොඩි මිස්ටේක් එකක් වෙලාය කියලයි. ඉතිං මම ඒ ගැන
වෙනමම අහලත් යැව්වා. “මේකට පොල් කිරි දාන්නේ නැද්ද?”.
‘නැහැ’ කියලා උත්තරේ හම්බ වුණාට පස්සෙයි මං ඒ ක්‍රමේට පරිප්පුව හැදුවේ.
මොකෝ දන්නවද මම ටිකක් පස්ස ගැහුවේ. කාරණා දෙකක් හින්දා. අපි පුංචි පැටව් දවස්වල;
අපේ දුප්පත් ගෙදර පොල් නැත්තං- පොල් ගෙඩියක් ගෙනෙන්න සල්ලිත් නැත්තං විතරයි ‘පරිප්පු
මිරිසට- තෙලෙන්’ ඉව්වේ’. (වෙන ජාති වුණත් එහෙමමයි).
දෙවෙනි කාරණේ කළු අක්කයි, මමයි දෙන්නා කැන්ටින් කෙරුවාව පටන් ගත්තු මුල්ම
දවසට සම්බන්ධයි.
මේ posts ලියන වහු පැටියා ඒ දවස්වල නං උගේ තරම හරියටම දැනගෙන හිටියේ නෑ. ‘දීපානි
බතික්’ ආයතනේ අයසට යන කාලෙ, ‘කැන්ටිමක් කරමු බං’ කියලා සෝමවීර මල්ලිකාරච්චි හිතවතා යෝජනා කළ
ගමන්ම ඒකට කැමති වුණේ ඒ නිසයි. (එයා එක්ක අල්ලපු ඔට්ටුවක් පැරදිලා තමයි නිමල්
දිසානායකයා අමු කොහොඹ කොළ කිනිති පනහක් ජිරි- ජිරි ගගා විකලා කෑවේ.) ඉතිං අර මගේ
කැමැත්ත කෙළවර වුණේ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ- දෙමටගොඩ කාර්ය අංගණයේ කැන්ටිම
පවත්වාගෙන යන්න ඉදිරිපත් වීමෙන්. ඒ කැන්ටින් කෙරුවාව ගැන ගොඩක් විස්තර මං දැනටමත්
ඔයාලට කියලයි තියෙන්නේ.
කැන්ටිම පටන් ගන්න දවසට කලින් දවසේ රෑ කළු අක්කා මෙහෙම යෝජනාවක් ගෙනාවා. ඒ
පහුවදා උදේට හදවන කෑම ජාති ගැන තීරණය කරද්දී.
“නිමල් මල්ලී, හෙට උදේට අල හොදියි, බිත්තර හොදියි, කිරි මාළුයි තුනම කිරට හදවන
නිසා පරිප්පුව මිරිසට උයවමුද?” මාත් කැමති වුණා!
අපිව කලබල කරවලා; අවුලක් හදලා- එක දවසෙන්ම අපිට එතන කැන්ටින් කෙරුවාව එපා
කරවන්න හිතාගෙන වගෙයි රේල්වේ වැඩපොළේ කට්ටිය එදා උදෙන්ම මාර සෙනඟක් වගේ කලබලෙන්
කැන්ටිමට කඩා වැදුණේ.
අන්තිමේදී ලදුදෙ වැඩපොළේම ටියුඩර් ලේල්වල,
ඇන්ටන්, වෝල්ටර් තුන්දෙනා මැදිහත් වෙලාය කලබලය සංසිඳෙව්වේ.
‘“මොකක්ද මල්ලිලා මේ කරන්නේ.... වැඩේ කැතයිනෙ. මේ මිනිස්සු හිතයි දෙමටගොඩ ඉන්නේ සත්තු
කියලා.....”
කෑම මේසෙකදී ජාති කීපෙකින් කැමති එකක් තෝරනවා වගේ නෙවෙයිනෙ, අක්කේ. මේක... |
“ඒකනෙ.... කොණක ඉඳලා පෝලිමේ එමුකො..... යං යං අපිත් එක්කම යං!” කියාගෙන එයින් එක්කෙනෙක්
යකඩ බම්බු දෙක මැදින්වූ පෝලිමට එකතු වුණේය!’ මතකද, ඒ
විත්තිය මම එදා එහෙම ලියල තිබුණු බව.
එතකොටමයි එක්කෙනෙක් එයාලට නඩුවකුත් ඉදිරිපත් කළේ. “මේ බලනවකො ඇන්ටන් අයියා.
මේ යක්කු පරිප්පුව උයල තියෙන විදිහ. මේකට පොල් කිරි බිංදුවක්වත් පෙන්නල නැහැනෙ.
මොන xකයටද පුළුවන් මේ xත්තෙ හොද්දත් එක්ක පාන් කන්න. හොඳ හිතින් ඉල්ලල දෙනව ආපහු
මගේ සල්ලි...”
කැන්ටින් කොමිටියේ නිලධාරියෙකුත් වුණු ඇන්ටන් අයියා අපෙනුත් කරුණු විමසා නඩුව
විසඳුවේ ලොකු ඉවසීමකිනි.
“අක්කේ, මෙහෙ වැඩ කරන ගොඩක් අය පෝසත්තු නෙවෙයි. පාන් බාගෙකුයි පරිප්පු
එකකුයි ගන්නෙත් අමාරුවෙන්. මෙයා කියන කතාවත් ඇත්තනේ. කෑම මේසෙකදී ජාති
කීපෙකින් කැමති එකක් තෝරනවා වගේ නෙවෙයිනෙ, අක්කේ. මේක...
මල්ලී... මේ අයියගෙ පරිප්පු එකට කිරිමාළු හොද්දෙනුත් ටිකක් දාල දෙන්නකො... එතකොට
හරි. වෙනසකට වුණත් ආයේ මිරිසට පරිප්පු උයන්න එපා, අක්කෙ.”
එදා ඇති වුණු කලබැගෑනිය කොයි තරම් තදින් හිතට වැදුණාද කියතොත්- එයින් පසුව
මං වහන්සේ පරිප්පු මිරිසට ඉව්වේ ඉතාමත් කලාතුරකිනි; ඒකත් මං විතරක් තනියම වළඳන දවසකය.
පිටස්තර කවුරුන් හෝ ඉන්නා දවසක නං පරිප්පු උයන්නේ කිරටමය!
ඒ නීතිය කැඩුවේ සති කිහිපයකට කලින්ය!!
ඇමෙරිකාවේ ඉඳලා කෙටි නිවාඩුවකට ඇවිත් හිටිය DKR හිතවතායි- නමියි දෙන්නත්
එදා දවල් කෑමට සිටියෝය. එයාලාත් ‘නරිමොටා ක්‍රමයේ’ ඒ පරිප්පුව රසයි කීවෝහ. ඒ
මදිවාට දවල් බත සප්පායම් වෙන අතරේ DKR කියපි ‘පරිප්පු උයන ක්‍රම 11ක් තියෙනව’ය
කියලා- කොහෙදිදෝ එයාගේ කනට වැටිලා තියෙන විත්තියත්.
හොයපියව්කො ඉතිං ඒ රෙසිපි ටිකත්... ඔන්න ඔයාලටත් වැඩක්. ඇහැකි උදවිය ඒ ගැන සොයා බලත්වා.
බලා අපටත් කියන්නට කාරුණික වෙත්වා!
වැටකොළු, පතෝල වගේ ජාති පියන වහන්නේ නැතිවයි උයා ගන්නේ කියලා මේ පෝස්ටුවේ
මුල හරියෙදි මං කිව්වනේ.
ඔයාල සොබාවික කොළ පාට රැකුණු මැල්ලුමක් හදාගන්න කැමැතියි නං එතකොටත් පියන නොවසා
පිස ගන්නයි තියෙන්නෙ.
(පියන නොවසා තිබ්බත්- තෙබු කොළ නම් යන්තම් රත් වෙනකොටම කොළ පාට නැති වෙනවා. ලා
දුඹුරකට හැරෙනවා. ඒ කහට පාටට ආසා නැති නිසා මම තෙබු කොළ සම්බෝල මිස මැල්ලුම්
හදන්නේ නෑ. මැල්ලුමකට කවලමටවත් දාන්නෙත් නෑ.)
ඒ උපදේසේ විදිහටම යුද්ධ කරලලු... |
එතකොට මතක් වෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර දවසක වෙච්චි දෙයක්.
හිතවතෙක් අලුතින් හදපු ගෙදරකට ගෙවැදුණා. ඒ වෙනුවෙන් තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහයට
ගොඩක් කෑම ජාති හැදුවා. චයිනීස් විදිහට වගේම ශ්‍රී ලංකාවෙ ගමේ විදිහටත්. ගෙහිමියාගේ
ඉතාලියේ ඉන්න සොහොයුරියත් ඒ වෙලාවේ එතැනට ඇවිල්ලයි හිටියෙ. (පස්සෙයි දන්නෙ- ඇයත්
දක්ෂ සූපවේදිනියක්!)
මම කතුරුමුරුංගා කොළ මැල්ලුම හදලා ළිපෙන් බෑවා; ටිකක් නිවෙන්න ඇරලයි ඒකට දෙහි
මිරිකුවේ.
එතකොට එයා මෙහෙම කිව්වා.
“නිමල්, ඔයා හොඳ කෝකියෙක් තමයි. අපේ මල්ලි මට ඔයා ගැන කිව්වට පස්සේ මට
හිතුණා ඒක ඇත්තද බලන්න. ඒකමයි මං බලාගෙන හිටියෙ... එයා හරි. ඔයා පාස්...” එහෙම
කියලයි, එයා එහෙම නිගමනයකට ආව හේතුවත් කිව්වේ.
“හරියට උයන්න දන්න කෙනෙක් මැල්ලුමකට කහ කුඩු දාන්නේ නෑ. ඒක over කුක් වෙන්න දෙන්නෙත්
නෑ. ඔයා මැල්ලුම ළිපෙන් ගත්තේ නිවෙනකල්මත් ඒක තව ටිකක් තැම්බෙන බව ගණන් බලල නේද?
අනෙක දෙහි ඇඹුල් දාපු වෙලාව!”
‘වෙලාව’ නං ඉතාම වැදගත්! ඒ වගේමයි ‘කලාව’ත්!! උයද්දී වගේම උයාපු කෑම කන වැඩෙත්
වෙලාවට- කලාවට කෙරෙනකොටයි ලස්සන.
අහල ඇති නෙව ‘බඩගින්න උහුලගන්න බැරිව හිටිය ගැමුණු කුමාරය උණු-උණුවේ හුන්සාල්
කිරිබත් කන්න ගියා’ම වෙච්චි දේ. කුමාරයාට අත පුච්චා ගන්නේ නැතිව කොනක හිට උණු
කිරිබත් කන හැටි ඉගැන්නුවේ ගමේ අම්මා කෙනෙක්. අපරැක්ක අම්මා... ඒ උපදේසේ විදිහටම යුද්ධ
කරලලු කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ ලොකු පුත්තර ගැමුණු කුමාරයා යුද්දෙන් දිනුවයි කියන්නෙත්.
දැන් ඉන්න පුත්‍ර කුමාරවරුන් නං කිසි කෙනෙකුගෙන් එහෙම පාඩම් ඉගෙන ගන්න තරං
නිහතමානී පාටක් පෙනෙන්නේ නෑ. බොරුවට රැඟුවට... රජ පැටවු හින්දා නිකම්ම රජකම ලැබෙයි
කියල හිතාගෙනනෙ දෙන්නම හිටියෙ. අන්තිමේ අහක හිටිය ගමේ කුමාර දිනුව එකයි වුණේ.
ඒ සටනෙ දෙවෙනි එකෙනුත් එයාල පරදින විදිහයි. එහෙම වෙන්නේ ඒ කුමරයොන්ගෙත්- පියවරුන්ගෙත්-
පවුල්වල උදවියගෙත්- නෑදෑ හිත මිත්තර හෙංචයියන්ගෙත් කෑදරකම්වලට සීමාවක් නොතිබ්බ
නිසා. උන්දැල කන එක කාලා තියෙනවනෙ කිසිම තිරිත්තමක් නැතිවම.
මං තරයේම විශ්වාස කරනවා දැනටමත් අපි අනාගත පරම්පරාවට අයිති සොබාවික
සම්පත් පවා පාවිච්චි කරමින් සිටින බව! |
තිරිත්තමක් ඇතිව කියද්දී මතක් වුණේ. අපි තේ හදන්න යන ක්‍රමේ. මං දන්නා
ගෙවල්වලින් සෑහෙන ගණනක තේ හදන්න වතුර රත් කරන්නේ ගාණක්- මිම්මක් ඇතිව නෙවයි. ඒ
ගොඩක් දෙනා මට හිනා වෙනවත් එක්ක අපේ ගෙදර ආව වෙලාවලදී, මම මැනල වතුර ළිපේ තියන බව
දැකල. “ඔයා ඔච්චර ලෝබද? හරියටම ඉන්න ගණනට වතුර කෝප්ප ගණන බලන්නේ.” එයාලගෙන්
සමහරුන් අහලත් තියෙනවා.
“අරපිරිමැස්ම කියන්නේ බොහොම වටිනා පුරුද්දක්. මොනම දෙයක් වුණත් නිකරුණේ
අපතේ යවන්නේ ඇයි? ලෝකෙ තියෙන්නෙ අසීමිත සම්පත් ගොඩක් නෙවෙයි...” කියලා ඒ වෙලාවට
කියන්නත් මම නං පැකිළෙන්නෑ.
දර- ඉන්ධන- ගෑස්- විදුලිය පිරිමහන එකේ වටිනාකම දන්න නිසයි මම නං එහෙම
කරන්නේ. එහෙම කිරීමෙන් පරිසරය සුරැකීමේ පිංකමටත් මම ඉතා දැනුවත්ව දායක වෙනවා. (මං
තරයේම විශ්වාස කරනවා දැනටමත් අපි අනාගත පරම්පරාවට අයිති සොබාවික සම්පත් පවා
පාවිච්චි කරමින් සිටින බව). අපි සබුද්ධික විය යුතුයි නේද? වෙනස් විය යුතුයි නේද?
මෑත දවසක අහම්බෙන් වාගේ මං ඉතාම හොඳ අදහසක් බුකියෙන් දැක්කා. ‘JVP කාරයෙක්
වෙන්න ඕනි නෑ. ඇත්ත යුක්තිය සාධාරණය දකින; තේරුම් ගන්න හැකි කෙනෙක් වෙයං’ කියලා
වැකි දෙකක post එකක්... (හැබැයි, ඒ post එකට like දෙක-තුනයි වැටිලා තිබ්බේ.)
සාධාරණය දකින?
‘කෑම’ වුණත් දැන් දැන් ‘ගණිකා වෘත්තියේ යෙදවෙනවලු. අන්තිම අසාධාරණ- අයුතු-නින්දිත
වැඩකටත් කෑම ගාවාගෙන...
‘01). ඔන්න හිතන්න මට තියෙනවා,
• සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්.
• ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන්
ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්.
• අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා
මිලියන 900ක්.
• පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත මිලියන
200කුත් තියෙනවා.
ඔක්කොම මිලියන 2500යි. මෙයින් බාගයක් තියෙන්නේ රට.
ඉතුරු බාගය මගේ අතේ තියෙන්නේ කෑෂ්වලින්.
මට මුලින්ම ඕනා මේ අතේ තියෙන කෑෂ් ටික මගේ බැංකු පොතට දාගන්න.
02). මහත්වරුනි, මෙච්චර විශාල ගණන්
එක පාර එහෙම අපේ බැංකු පොතට දාන්න බෑ. ලැබුණු විදිය හොයා ගන්න බැරි වත්කම් කියලා කෙලින්ම
ඇතුලේ.
ඉතින් මම කරන්නේ මම අල්ලා ගන්නවා YOU ටියුබර් කෙනෙක්.
/ කොත්තු හදන කෙනෙක්. / vlog හදන කෙනෙක්.
එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කෑම කඩවල් ටිකක්. |
ඒවායින් සත පහක ආදායමක් එන්නේ නෑ.
හැබැයි අර මගේ අතේ තියෙන මිලියන 1000, මම එයාලට දෙනවා මෙන්න
මේක තමයි කඩේ ආදායම කියලා පෙන්වන්න කියලා.
මිලියන 1000ක් මාස දෙකෙන් සුදු පාට කරන්නේ එහෙමයි...’
කතන්දරේ එච්චර විතරක් නෙවෙයි. තව තියෙනවා. ලිව්ව කෙනාට වැඩිය විස්තර
කතාව කියවලා comment කරපු අයත් ලියල තියෙනවා.
ඒ විස්තරේ කියෙව්වම නම් මටම දුකයි.
‘නිමලෝ- තමුසෙ ඔය කෙහෙල්මල් කතුරුමුරුංගා මැල්ලුම් ගැන ලියන්න ගත්තේ... දැන් කාලෙ
සිද්ද වෙන රට කෑම- ගම කෑම- ජරාව කෑම වගෙ දේවල් ගැන ලියනවකෝ.’ මගේ political චිත්තයාත්
බෙරිහන් දිදී කියනවා.
‘කමක් නෑ, ලියන්න ගත්තු එක ලියලම ඉන්නවා! මතකයිනෙ රෝද පුටුවට වැටිලා හිටි foot ball පිස්සා රාජමනි අංකල් තමුසෙට
කියා දුන්නු දේ. Variety is the Spice of Life! ඒ කාරණය
බ්ලොගයටත් අදාළයි නෙව.’ විවිධත්වය රැකගෙනයි මේ posts ලියන කෙරුවාව වුණත් කළ යුතු...
කොහොමෙන්
කොහොමෙන් හරි කෑම ගැන ලියන්න හිතාගෙන හිටි කාරණාවලින් කොටහයි ලියැවුණේ ගයිස්. Take it easy ගයිස්! ඉක්මනටම ඊළඟ කොටසත් ලියන්නං ගයිස්...
නිමල් මහතා,
ReplyDeleteඔබ ගරු අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් , මාලිමාව දිනවීම වෙනුවෙන් වැඩ කරනා අයෙක් නේද? ඔබට පුළුවන්ද මා හට කැලණිය ප්‍රදේශයේ ලාෆ් ගෑස් ඇති තැනක් සොයා දෙන්න.
මෙහෙ කොහෙවත් ලාෆ් ගෑස් නැහැ. හැම තැනම පෝලිම්. ඔබලා ලග පිළියම් ඇති නේද ඒවාට? කරුණාකර මෙම ප්‍රදේශයේ මෙම ගැටලුව විසඳා ගැනීමට සහය දෙන මෙන් ඉල්ලා සිටිමි. ලිපියක් වත් පල කරන්න ලාෆ් ගෑස් හිඟය ගැන.
ඔව් ලක්ෂ්මන් මහතාණෙනි, අනුර කුමාර මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මා වැඩ කළේ මගේ අදහස් blog අඩවියේ පළ කිරීම පමණයි.
Deleteළඟ එන මහ මැතිවරණයේදීත් මාලිමාව වෙනුවෙන් මට කළ හැකි දේ කරනවා. ඒ රට වෙනුවෙන්.
යටින් දක්වන මූලාශ්‍රයේ තොරතුරුවලින් කියවෙන උදවිය ඒවා නොදුටුවා සේ නිහඬවම සිටීම නිසයි- මගේ උනන්දුව තවත් වැඩි වෙන්නේ.
https://www.youtube.com/watch?v=MtMhBJvrGKc
කැලණිය ප්‍රදේශයේ ලාෆ්ස් ගෑස් හිඟය ගැන තොරතුරක් දැනගත්තොත් කියන්නං.
කලින් පෝස්ට් එකේ නිදි යෝජනාවක් කරල තිබුනා.. ඒක දැක්කාම මට කතාවක් මතක් වුනා.
ReplyDeleteඉස්සර එක දවසක් මානසික රෝහලක ශ්‍රමදානයක් තිබ්බලු. එක "නේවාසික" රෝගියෙක්, විල්බැරෝවක් කණපිට පෙලගෙන, පස් කපන තැන ඉඳලා, පස් ගොඩ ගසන තැන අතර එහාට-මෙහාට යනවලු. ඒක දැක්ක ආරක්ෂකයෙක් ඇහුවලු " මොකක්ද ඔය කරන පිස්සු වැඩේ තේරුම?" කියල. රෝගියා කිව්වලු" හහ්, මම හරි පිට පෙරලගෙන ගියොත් අරුන් මේකට පස් පුරවනනෙ?" කියලා.
පෝස්ට් එක හොඳයි. මිනිසා දේශපාලනික සතෙකි කියන එකත් මතක් වුනා. ආයෙ පස්සෙ එන්නං.
බස්සාද දේස පා ලන සතෙකි 😁🙈
Deleteදවල් ද?
Deleteදේස පා ලන කිව්වාම දේස=රට, පා=කකුල, ලන=ඔබන. "දේසයට කකුල ඔබන" වගේ තේරුමක් නේද එන්නෙ? 🤔
Deleteදවල් තමයි, ඇයි අවුල්ද?😋
හා හා රණ්ඩු එපා රත්තරංලා. මේ දවස්වල අජිත්- දමිතා- හිරුනිකා වගේ පිරිසකගේ රණ්ඩු ඇති වෙන්න තියෙනවනේ...
Deleteදෙස පා ලන විග්‍රහයට මම හරි කැමැතියි බස්සෝ. තව එකකුත් ගේ ඔළුවට ආවා.
Deleteපා= පෙන්වන ,පේන්න
එහෙම ගත්තොත් : දේශයට පේන්න ඔබන....
//කරිය ළිපෙන් බාලා- ටික වෙලාවක් ගියාම; මඳ රස්නේ තියෙද්දී කරපිංචා කොළ එකතු කරන්නේ// ගොඩක් අය කරන්නෙම මුලින් ඕව ටික දාන එක නේ. මටත් හිතුනේ ඒ වැඩේ වැරදී කියල.
ReplyDeleteඒ වගේම තව කතාවක් තියෙනව කරපිංච කැවෙන්න ඕන කියල. එපා කියන කතාවත් අහල තියේ. මොකක්ද හරි නිදිතුමෝ
Deleteනමී, කරපිංච- රම්පෙ- සේර- කුරුඳු පොතු- කරාබු නැටි- එනසාල් (කරදමුංගු) වගේ සුගන්ධකාරක ජාති හැම එකකම සුවඳ විහිදුවන තෙල් තමයි තියෙන්නෙ. ඒවා වාෂ්පශීලීයි.
Deleteඉතිං හිතා ගන්න පුළුවන් නේද ඒවා මුලින්ම එකතු කළාම සිද්ද වෙන දේ.
කරපිංච කෑ යුතුද කියන ප්‍රශ්නෙට නං නමී විද්‍යාත්මක උත්තරයක් මට නෑ. විශ්වාසයක් හා අනුමානයක් විතරයි තියෙන්නෙ.
Deleteවිශ්වාසය ඇති වුණේ 'යාපනයේ උදවිය හොදි මාළු පිනිවල තියෙන කරපිංචා කොළ අහක දාන්නේ නැතව කන්නේ' කියන කතාවෙනුයි මුලින්ම...
දෙවනුව මුස්ලිම් උදවිය මස් උයද්දී කරපිංචා වගේ ජාති අඹරලා ගන්න බව අහුවාල...
අනුමානය 'කෙඳි- ෆයිබර් සහිත දේ ආහාරයට එකතු කර ගැනීම ඉතා සුදුසුයි' නම් හොදිවල තිබෙන කරපිංච කොළ කෑමත් හොඳ වෙන්නෙපැයි!
'කරපිංච හොද්දෙ විස උරාගන්නවලු. ඒ නිසා කන්න එපා. කරපිංච කොළ කැඳ ඇගේ විස උරාගන්න' කියල අහපු බවක් මතකයිත් වාගෙ 🤔
Deleteකිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු. ඒකත් එහෙමද?
Deleteපෙරේතකමට හොද්දේ තියෙන රම්පේ,කරපිංචා කන්න එපා වීඩියෝව
Deletehttps://www.youtube.com/watch?v=0hIkiD_yiqc&t=71s
හහ්හා... මං කිව්ව හරි එහෙනම් 🤗
Deleteමීට පස්සේ මතක තියාගන්නකොට නමී උන්නැහේ මූලාශ්‍රයත් මතක තියා ගන්න බලන්න. එතකොට වටිනාකම වැඩියි.
Delete++++++++++
ReplyDelete@ Pra Jay,
DeleteCould you please explain in brief regarding NPP's (Formerly known as JVP) Enduring Influence on Sri Lankan Political landscape?
As a legal professional and independent political activist, I would concur with your assessment of the NPP/JVP's historical impact on Sri Lankan politics. Despite its relatively short periods in power, the JVP has undeniably shaped the nation's political discourse and public opinion.
The JVP's influence extends far beyond its electoral successes. Its radical ideology, particularly its emphasis on social justice and economic equality, has resonated with many Sri Lankans, particularly the youth. This resonance has compelled both major parties, the SLFP and the UNP, to incorporate elements of the JVP's agenda into their own platforms.
While the NPP/ JVP's direct influence on government policies may have been limited, its role as a thought leader and a conscience of the nation cannot be understated. The JVP has consistently challenged the status quo, advocating for alternative approaches to governance and development. This has forced the ruling parties to be more responsive to public concerns and to adopt more progressive policies.
The JVP's impact is particularly evident in the areas of education, healthcare, and social welfare. Its advocacy for free education and accessible healthcare has had a profound impact on the lives of ordinary Sri Lankans. Moreover, the JVP's emphasis on social justice has helped to raise awareness of issues such as inequality, discrimination, and environmental degradation.
In conclusion, the NPP/ JVP's influence on Sri Lankan politics has been far-reaching and enduring. While its electoral fortunes may have fluctuated, its impact on the nation's political discourse and public opinion remains significant. The JVP's legacy as a champion of social justice and economic equality will continue to shape Sri Lanka's political landscape for years to come.
Disclaimer: While I can provide such naive analysis based on the limited experience which I gained through my 30 years of lifetime, it's essential to note that I am not a legal professional or a political expert. My response is intended to offer a general perspective and does not constitute legal argument FYI.
හුටා! 😋😵💫😮🤣😁
Deleteප්‍රා පිළිතුරු දෙනතුරු අවුරුද්දක් බලන් ඉන්න මම
Deleteබස්සා මහත්තයෝ, හුටා!! දෙකයි...
Deleteඅජිත් මහත්තයෝ, මාවත් ඔයාගේ ගොඩටම දාගන්න.
Hmmm, Probably so.
DeleteMr. AD, contrary to your negative expectations, I'm very prompt in my responses.
Deleteමොකද කියන්නෙ පටංගමුද ‘අපේ නිදියා‘ , ‘දිසා කුක්බුක්‘ වගේ නමක් දාල කුකරි චැනල් එකක්.
ReplyDeleteනරිමොටාගෙන් පරිප්පු කන්න ගිහිල්ල හොඳ පරිප්පුවක් සෙට් වෙයි කොයි වෙලාවක හරි. හැක්..
Praසන්ன මහත්තයෝ, මේ post එක ලියන්න ගත්තු ගමන් මගේ කල්පනාවට ආවේ ඔයා.
Delete'කෑම ගැන වෙනමමත් ලිව්වද?' කියලා අහයි කියලයි හිතුවේ.
හැක්..
Deleteනිදි අනුරකුමාර ගැන සිරිස් එක ඉවරද ?
ReplyDeleteඕගොල්ලෝ සුළුතරයක් කරපු මෝඩකම නිසා බහුතරයක් ලංකාවේ මිනිස්සුන්ට විදවන්න වෙනවා නේද ?
Ano, ඒ සීරීස් එක ඉවරයි. අවසන් කොටසෙ අන්තිමටයි මං කුණ්ඩලි ෴ සලකුණ යොදන්නේ.
Deleteඅපි වගේ සුළුතරයක් කරපු දේ තමයි 3% සීයට හතලිස් දෙක 42% දක්වා වැඩි කර ගැනීම. ඒකට කියන්නේ 'මෝඩකම' කියලා නං..., එහෙම කීමෙන් ඔබතුමා සතුටට පත් වෙනවා නං එහෙම කියන්න.
දැන් ලංකාවේ බහුතරයක් විඳවනවාද විඳිනවාද කියලා ඔයාම හිතන්න... හොයන්න...
මහරගම ආච්චීගේ අදහස හරි. කෑමක රස පෙනුම වගේම විශේෂයෙන්ම සුවඳත් එක්ක සම්බන්ධයි.
ReplyDeleteකලාවකට පරිප්පු රොස් කිරීම
ස්තුතියි නරිමොටාණෙනි, වීඩියෝව බැලුවා.
Deleteකෑමක සුවඳ ගැන දෙවෙනි කොටසෙදී තව ලියන්න ඉන්නේ.
රොස් කිරීම කෑමකට වෙනස්ම ලස්සනක් වගේම වෙනස්ම සුවඳකුත් වෙනස්ම රසයකුත් දෙනවා. හැබැයි- රොස් කරන එකත් ගණනකට කරන්න ඕනි; රොස් කරනවා කියන්නේ ඔහේ පිච්චෙන්න අරින එකට නෙවෙයි, හොඳේ.
මෙන්න මේ වෙලාවේ මගේ ඔළුවට ආව උදාහරණය. අපි සමහර හොදි ජාති උයල තෙම්පරාදු කරනවනේ. එතකොට මුලින්ම සුදුළූණු- ළූණු එහෙම උණු තෙලට එකතු කරලා බැදෙන්න අරිනවනේ. ඒවා රන්වන් පාට වෙනතුරු බැදුනාම තමයි සුවඳ එන්නේ. යන්තමට බැදුනට මදි. ඒ වගේමයි- කළු පාට ගහන තුරු පුච්චා ගත්තොත්... රසය වැඩි වෙනවා වෙනුවට තිත්ත රහකුත් එයි!
... ඒ වගේමයි නරිමොටෝ, වීඩියෝවේ තියෙන විදිහට බර්ගර්- ටෝස්ට් එහෙම පදමට රෝස්ට් කරගැනීම ඉතා වැදගත්.
Deleteමස් කරියක් උයා ගත්තම- එයින් මස් කෑලි ටිකක් බේරලා අරගෙන නන්ස්ටික් තාච්චියකට දාලා (පෙරලමින්) යාන්තමට දුඹුරු පැචස් හිටින්නට රොස් කරලා ආපහු කරියට එකතු කරගෙන බලන්නකෝ.
... ඒ වගේමයි- අපේ ගෙදරට රෝස්පාන් ගෙනාවමත් කන වෙලාවට ඒවා නන්ස්ටික් බඳුනක දාලා ආයෙමත් (කර කර ගාලා හැපෙන තරමට) රෝස්ට් කරලා උණු උණුවේමයි කෑමට ගන්නේ!
Delete(අන්ත්‍රාවයි! වෙනදාට එක රෝස්පාන් එකක් කන කෙනෙක් මෙවිට දෙකක් කන්නට ඉඩ තිබේ.)
//...මස් කෑලි ටිකක් බේරලා අරගෙන...යාන්තමට දුඹුරු පැචස් හිටින්නට රොස් කරලා...//
Deleteඅහා! ආන්න ජංසං. ඒ වැඩේ කරලා බලන්න ඕනෙ ඊළඟ බ්ලැක් පෝක් කරියට. මට හිතෙන්නෙ මේකට වඩා ගැලපෙනවා ඇත්තෙ බීෆ්, පෝර්ක් වගේ තෙල් සහිත මස කියල.🤔
හරියට හරි බකුසාණෙනි!
Deleteපරිප්පු හින්දල උයනවා කියන්නේ එකටද , බිරින්දෑ පරිප්පු උයන කොට තුනපහ දන්නේ නැහැ . අපේ අම්ම කියල දීල . මම ඔය හැම මගුලම දාල බැනුම් අහනවා . හරි විධිහ දාපන්කෝ
ReplyDeleteඅජිත් මහත්තයෝ, හින්දල උයනවා කියන්නේ හොදි හිටින්නේ නැතිව උයා ගන්න එකටයි.
Deleteපරිප්පුවලට තුනපහ යන්තමට පෙන්නලා ඉව්වාම එන රසය වෙනයි. තුනපහ ටිකක් වැඩියෙන් දාලා ඉව්වාම එන රහ වෙනයි. උයන වෙලාවේම සූදුරු- කොත්තමල්ලි ඇට ටිකක් තලල කුඩු කරලා දාලා ඉව්වාම එන රහ වෙනයි.
ඒ වගේමයි- තෙම්පරාදු කෙරුවාම හා නොකෙරුවාමත්. මං කලින් කිව්වා comment එකකදී- හුඟක් වෙලාවට මං තෙම්පරාදුවකදී එකතු කර ගන්න තව දෙයක්. අසමෝදගම් ඇට!
නරිමොටා උන්නැහේ හරි බස්සා මහත්තය හරි වතාවක් කිව්වා වගේ පරිප්පුවට තක්කාලි ගෙඩි දෙක තුනක් කෑලිවලට කපලා විසි කළාම එන රහ...
අමතක වුණා අජිත්- හරි විධිහ කියල එකක් නෑ මහත්තයෝ. එකේක විදිහට හදාගන්න, එකේක රසට... එතකොට නෙව ගති!
Deleteකමෙන්ට් එකක් ලියන්න උනේ කාලෙකින්. නරකද ඉවුම් පිහුම් චැනල් එකක් පටන්ගත්තොත්. ලොකු අයියා, ලොකාගෙ කෑම, නිදිගෙ පාතරාසය වගේ නමක් දාමු.
ReplyDeleteඑච්චර දෙයකට වෙලාවක් නෑනෙ චමින්ද මහත්තයෝ... කාලෙකින් ඔයාගේ කමෙන්ටුවක් දැක්කත් සතුටුයි!
Deleteනිදි ලොක්කා , මොකද ලෝටස් ගෙන් ඔයාට කමෙන්ට් එකක් වත් නැත්තේ , ඇන්ටි තරහ වෙලාද ? ඇන්ටි එක්ක පැටලෙන්නේ නැතුව මට හරි පාලුයි වගේ වගේ
ReplyDelete"හරියටම කියනවා නං එහෙම කෑම හදා ගැනිල්ලෙදී වැදගත් වෙන පුංචි- පුංචි රහස් වගේ කාරණා ටිකක් ගැනයි". කැම ගැනම නොවුනත්, උයන අතරෙ workspace එක නිතරම පිරිසිදු කිරීමත් ඕකටම අදාලයි නේද. පොඩි කාලෙදි අපිට ලොකුවට පුරුදු කරලා නැති දෙයක් ඒක. ඒවගේම තව දෙයක් තමයි කෑම ඉව්වට පස්සෙ scented candle එකක් පත්තු කිරීම හෝ spray එකක් පාවිච්චි කිරීම. ලංකාවෙ නම් දොර ජනෙල් හොඳට අරින්න පුලුවන් නිසා ප්‍රශ්ණයක් නැති වුණත්, මෙහෙ නම් සමහර ගෙවල් වලට ඇතුල් වෙනකොටම විවිද ස්මෙල්ස් එනවා.
ReplyDeleteනරි මොටාගෙ පරිප්පු කරිය ට්‍රයි කරන්න ඕනෙ.
ස්තුතියි Lotus, ඔයාගේ අදහසුත් එකතු කිරීම වෙනුවෙන්.
Delete//උයන අතරෙ workspace එක නිතරම පිරිසිදු කිරීමත්...// ඉතාම වැදගත් නේන්නං!
මෙහෙදි නං ඉව්වට පස්සේ සුවඳැති ඉටිපන්දම් ඕනි නැහැනෙ Lotus, ඔය රටවලදී වගේ.
මතකයිනෙ මම කිව්වා, අපේ පළමු එංගලන්ත ගමනේදී- කරවල බැදුම් හදලා වෙච්ච ජරමරේ.
නරිමොටා උන්නැහේ, ඔන්න තවත් ප්‍රතිඵලයක්... තවත් කැලේ රෙසිපියක් කියමුද?
Deleteකියන්න අමතක වුණා, නිමල්ගෙ ටිප්ස් වලට ස්තුතියි.
ReplyDelete"ඉතින් මම කරන්නේ මම අල්ලා ගන්නවා YOU ටියුබර් කෙනෙක්. / කොත්තු හදන කෙනෙක්. / vlog හදන කෙනෙක්". බලාගෙන... ඒගොල්ලො කෑ ගහයි 😁
Tipsවලින් වැඩක් වෙනවා නං තමයි වඩාත් සතුටු...
Deleteහොඳටම බෙර ගහල, ලොකු show දාලා කෑම කඩ ජාලාවල් දාපු අය දැන් හිර වේගෙන යන්නේ... ඒක වෙන්නැති කෑ ගැහෙන්නේ...
මේක ඇහුවද?
https://www.youtube.com/watch?v=8QEs5hwE0p0
දැන් ඔය බලාගෙන හිටියා වගේ කළු සල්ලි සුදු කරන්නේ මෙහෙමයි කියලා FB එකේ share කරන්නේ, එහෙම කරන්නේ මෙහෙමයි කියලා කොහොමද දැන ගෙන තියෙන්නේ? එහෙම කරලා බලලද? අල්ලපියව් හොරෙක් හොරෙක් කියලා මිනිස්සු එක්කම හොරායි,හොරාට උදව් කරපු අයයි දුවන්නත් පුළුවන්. එතකොට අන්තිමට ඔක්කොම දුවලා, හොරත් ඒ එක්කම දුවපු නිසා හොරා බේරිලා.
ReplyDeleteබලමුකෝ දුවන හොරුන්ට බේරෙන්න ඇහැක් වේවිද කියලා.....
Delete