මාර්ක් ට්වේන් පොත් කතුවරයෙකු මෙන්ම අරුත්බර කියමන් සඳහාත්.............. |
“හොඳම වෛද්‍යවරයෙකුටත්, හොඳම ප්‍රතිකාරවලටත්
කළ හැකිවාට වඩා හොඳක් සාමාන්‍ය රෝගියෙකුට කරන්නේ සරල උපවාසයයි!”
සරල උපවාසය ‘කෝකටත් තෛලය’කි. ඒක සාමාන්‍ය
රෝගියෙකුට යහපතක් කරනවා නම්, සාමාන්‍ය මනුස්සයෙකුට ඒකෙන් මොන තරම් යහපතක් වෙන්න
පුළුවනිද? එකක් නොවේ. ගොඩක් හොඳ දේවල්
සිදුවෙයි! ඒවා ලැයිස්තුවක්ම හදලා තියාගන්නට තරම් වටියි!!
1. ධාරණ
ශක්තිය වැඩි වෙයි. අවධානය යොමු කිරීමේ හැකියාව දියුණු වෙයි.
සිරුරේ (Inflammation)
ප්‍රදාහයන් ඇතිවීමේ සම්භාවිතාව අඩුවෙයි.
2. අක්මාව
හා පේශි ඉන්සියුලින්වලට දක්වන සංවේදීතාව වැඩි වෙයි.
3. (atherosclerosis)
ධමනි බිත්තිවල මේදය තැන්පත්වී, බිත්ති ඝණවීම අඩු වෙයි.
4. රුධිර
පීඩනය අඩු වෙයි. හෘද ස්ඵන්දන වේගය යහපත් වෙයි.
5. (fatty
liver) අක්මාවේ මේදය තැන්පත් වීම අඩුවෙයි.
6. සිරුරේ මේද දහනය
වැඩි වෙයි. මේ ටික විතරක්ම වුණත් මදිද?
මගෙ අම්මෝ! සරල උපවාසය කිරීමෙන් මෙච්චර දේවල්? |
අද ලෝකයේ වැඩියෙන්ම විකිණෙන දේවල් අතර මුල්
තැනක් ‘රූප ලාවන්‍ය’ කටයුතුවලට ගන්නා දේවලට හිමිය. පිට ඔපය නැත්තං සේරම හබක් ලෝකයක
එහෙම වීම පුදුමයක් නොවේ. සදාකාලිකව තරුණ පෙනීමකින් ඉන්නට හිතාගෙන අප කරන,
කරවාගන්නා දේවල්වල නිමක් නැත. එයින් වැඩිම
හරියකින් සත්කාර කෙරෙන්නේ පිටවැස්මටයි; හමටයි; skin එකටයි.
ඒත් ආහාර පාලනයකදී; උපවාසයකදී ඊටත් වඩා ඵලදායීව තාරුණ්‍යය රැකෙයි!
ක්‍රමවත්, නිරන්තර උපවාසයෙදී, විශේෂයෙන්ම
සීනි, පිටි රහිත ආහාර ගැනීමේදී සිරුරේ ඇති මේදය දහනය වෙන්නට පටන් ගනී. එවිට අපේ සිරුරේ පිටියුටරි ග්‍රන්ථිය වැඩි කාර්යක්ෂ්මතාවකින්
යුතුව ක්‍රියාත්මක වෙයි; වර්ධක හෝර්මෝන වැඩියෙන් නිපදවෙයි.
අප වයසට යන්නේ වර්ධක
හෝර්මෝන නිපදවීම අඩුවෙන විටයි! මේ කාරණය නම් කලිනුත් කිව්වෙමි. මෙයින් පැහැදිලි
වෙන්නේ උපවාසය කරන අය වියපත් වෙන්නේ හෙමිහිට බවයි.
හිමාලයේ ඉන්නා වසර සිය ගණන් වයසැති යෝගීන්
හැමෝම වාගේ වයස්ගතවී ඇති තරමට දිරාපත්වී නැත්තේ මේ හේතුවෙන්ද?
දැන් මුහුණුපොත හරහාත් උපවාසය කිරීමේ වැදගත් බව කියවෙන පණිවුඩ දැකිය හැකිය. |
දැන්-දැන් පිෂ්ඨය හා සීනි අඩු ආහාර ගැනීමේ
නැමියාව වැඩි වෙමින් පවතී. පත්තර, රූපවාහිනී විතරක් නොවේ, ‘මුහුණුපොත’ හරහාත් දැන්
මේ දැනුම බෙදා හැරෙයි. මේ තියෙන්නේ ටික දවසකට කලින් මගේ ඇහැ ගැහුණු එවන් සටහනකි.
ඒකෙන්
කියන්නෙත් පිළිකාව මාරාන්තික නොවෙන විත්තියයි; ග්ලූකෝස් අඩු කිරීමෙන් පිළිකා සෛල
මැඩලිය හැකි බවයි!
“අනේ නෙවිල් අයියේ, උඹත් මේකට කර ගහලා තව
කොච්චර කාලයක් ඉන්නද හදන්නේ? බලපංකො මචං මුගෙ දිහා. මූ හරියට දහ අටේ බොඩි එකකට
හැත්තෑවේ මූණක් ෆික්ස් කරලා ගත්තා වගේනෙ!” පෝල් හැකර හිනා පාමින් කිව්වේය.
(පෝල්
කියා අප ඔහුට ඇමතුවත් පිළියන්දල පැත්තේ උදවිය එයාට කියන්නේ ‘ඩොක්ටර් one shot’
කියලාය. පෝලුත් පීරිස්ගේ ‘බැචෙකි’. අකල් මරණෙකට හවුල් වී
පොස්ටුවෙදී කියූ විදියටම, සම්පත්ගේ අනතුරේදී අපට ගොඩක්ම උදව් කළේ පෝල්ය.)
පෝල්ට හිනාවෙන්නට කට මදිය. කොතැන හිටියත්
සද්දෙට හිනාවෙන්නට මිනිහා කැමැතිය. අනුන්ව හිනස්සවන්නටත් ඒ වගේම කැමැතිය. අපේ
මේසය වටේම හිටි හැමෝම මහ සද්දෙට හිනා වෙද්දී කෙනා-දෙන්නා හැරිලාත් බලන්නට විණි.
අයස්මන්ත මහත්තයලගේ ‘සුඛිත’ ආයතනය දියත් කරන දවසේ,
එතැනට ඇවිත් හිටි සිම්පල්ම කිහිප දෙනා අපය.
අප හැමෝම මහ සද්දෙට හිනාවෙද්දී............ |
අනෙක් හැමෝම වෛද්‍ය ක්ෂේත්‍රයේ
කීර්තිමත්, විභූෂිත උදවියයි. ඒ අස්සේ වෛද්‍ය එම්.ආර්.සී. පෙරේරා නොහොත් පෝල් පාලු
මකන්නට අල්ලා ගත්තේ නෙවිල්වය.
“මච්චාං, කොච්චර මහන්සි වෙලා බොඩි එක මේන්ටේන් කළත්
වෙලාව ආවම යන්න වෙනව කියලත් අමතක කරන්න එපා! මතකයිනේ සම්පත්”.
එක විදියකට නම් පෝල්ගේ කතාව ඇත්තය.
‘සම්පත්’
එදා මහ රෑ අපේ ගෙදරින් අවසන් ගමනට නික්මුණේ අයියාව පිටකොටුවට හැරලවා ඇවිත් බත්
කන්නටය! එයාට පිටකොටුවට තියා නාවින්නටවත් යන්නට ලැබුණේ නැත. ඒ සම්පත් ගෙනාපු තරමය.
මට වඩා පසුව මයෙලොමාව වැලඳුණු, මට වඩා ශක්තිමත්- තරුණ කිහිප දෙනෙක්මත් දැන්
‘ගිහිල්ලා’ ඉවරය. ඒත් ලෝකේ එහෙම වෙනවාය කියා අප නිකම්ම අත් බැඳගෙන බලා හිටිය
යුතුද? වෙනසක් කරන්නට උත්සාහ ගත යුතු නැතිද?
මා නම් කරන්නේ උත්සාහ කිරීමයි!
දවසක් ගල් වඩුවෙක් ලොකු කැලයක් මැද්දෙන්
ගමනක් යමින් හිටියා. මෙන්න වැඩක්! තියෙනවා නෙව අපූරු ගල් කුළු දෙකක්. මිනිහ
නැවතුණා; බැලුවා. එතැන දාලා යන්න ගල් වඩුවාට හිතුණෙම නැහැ. වැඩියෙන්ම එයාගේ හිත
ගත්ත ගල් කුළ ළඟට ගිහින් මිනිහා මෙහෙම ඇහුවා. “මං ඔහේව වෙනස් කරලා; බොහොම අපූරු
දෙවි කෙනෙකුගේ පිළිමයක් කරන්නයි යන්නේ. හැබැයි ඉතින් ඒක කරද්දී මගේ ගල්කටු පහරවල්,
මිටි පහරවල් එහෙම ඉවසගෙන ඉන්න වේවි. ටිකක් රිදෙයි. මොකද කියන්නේ, කැමැතියිද?”
අපොයි බැහැ. මට මේ ඉන්න විදියට හිටියාම හොඳටම.......... |
“නෑ, නෑ. මං කැමැති නැහැ පොඩ්ඩක්වත් කරදර
විඳින්න. මට වෙනස් වෙන්න ඕනත් නැහැ! මේ ඉන්න විදියටම හිටියාම හොඳටෝම ඇති” ගල් කුළ කිව්වා.
වඩුවා දෙවෙනි ගල් පර්වතය ළඟටත් ගියා. එයාගේ
අදහස කිව්වා. “මං කැමැතියි වෙනසක් වෙලා බලන්න. එක විදියකටම ඉන්නවට වැඩිය ඒක හොඳ
වෙයිනෙ.” දෙවෙනි ගල් කුළ කීවා.
ගල් වඩුවා කාලාන්තරයක් තිස්සේ මහන්සි වෙලා,
දෙවෙනි ගල් පර්වතය විස්මිත දෙව් පිළිරුවක් බවට පත් කළා. හරියට කවුරුන්වත් නොදැන
හිටි ගල් පරුවතයක් ‘ආසියාවේ විශාලම සෙල්මුවා හිඳි පිළිමය; රිදීගම, රම්බඩගල්ලේ සමාධි
බුදු පිළිමය’ බවට පත් කළා වගේ. මිනිසුන් බුරුතු පිටින් ඇවිත් ඒ පිළිමයට
මල්-පහන්-සුවඳ දුම් පුදන්න වුණා. හරසර කරන්න පටන් ගත්තා.
එහෙම වන්දනා-මාන කරන්න එන
අයගේ සපත්තු-සෙරෙප්පු ගලවලා තිබ්බේ අර පළමුවෙනි ගල් කුළ පාමුලයි. දෙව් පිළිම භූමිය
අතු ගාලා සේරම කුණු ගිහින් දැම්මෙත් ඒ ගල ළඟටයි. ඔන්න වෙනස් නොවී හිටියම වෙනදේ!
හැබැයි ඉතින් මොන වෙනසක් වුණත් වෙන්න ඕනේ හොඳ
සෝදිසියෙන්. විමසිල්ලෙන්.
මද කිපිච්ච ගොනෙකු වගේ ඉවක්-බවක් නැතිව කලබලෙන් නෙවෙයි.
මද කිපිච්ච ඉවසිල්ලක් නැති ගොනෙක් වගේ....... |
කලබලයක් නැති මිනිහෙකුට
වුණත් සමහර දේවලින් බේරිලා ඉන්න අමාරුයි. මං කියන්නේ mobile phone වගෙ දේවල්වලින්.
මාව ලෙඩ වෙච්චි ගමන්ම
අපේ යහළුවා මර්වින් මට ජංගම දුරකතනයක් උස්සන් ආවා. “නිමලෝ, උඹ සුනිල්ලගේ ගෙදරට
හරි, මානෙල්ලගේ ගෙදරට හරි යන්නෙත් නැතිව මෙහෙ තනියම ඉන්නනෙ හදන්නේ. එහෙනං මේකවත්
ළඟින් තියා ගනින්. රෑක වුණත් හදිස්සියක් වුණොත්....”
“පිස්සුද මර්වින්. මං
මොබයිල් එකක් පාවිච්චි කරන්න කැමැති නැහැ. මට මගේ නිදහස වටිනවා!”
“උඹ මේක තියා ගනින්කෝ.
අපි කිහිප දෙනාට විතරක් නොම්මරේ රහසෙන් දීපන්. එතකොට ඉවරයිනේ.” ලොකු තර්ක ගොඩකට
පස්සේ, මර්වින් කීවේය.
එයා එහෙම කිව්වාට කිහිප දෙනෙක් අතර රහස් රැඳෙන්නේ නැතිය.
ඉතින්
මොබයිලය ඔහේ තිබුණේය. (මට තියෙන්නේ සියඹලා කොළයක් බිමට වැටෙන සද්දෙත් ඇහෙන කන්
දෙකකි. පුදුමේ කියන්නෙ ජංගම දුරකතනයක් කණට තිබ්බාට, ඒකෙන් දොඩන එව්වා නම් මට
ඇහෙන්නේ නැතිම ගාණය! ඒත් ඒ කාරණයටත් වැඩියෙන් මට වැදී තියෙන්නේ නිදහස අහිමි වීමේ
කරුණයි.) මාස කීපයකට පස්සේ මට පලු යන්නට බණිමින් මර්වින්ම ඒක ආපහු ගෙනිච්චේය.
එදා මර්විනුත්, මාත්
දෙන්නාම නොදත් කරුණක් අද හැමෝම දනිති.
පුදුමේ කියන්නේ ජංගම දුරකතනයක් කණට තිබ්බාට............. |
Weizmann Institute of
Science ඊශ්රායල ආයතනය කියන්නේ, ඉහළ විකිරණවලින් යුතු ජංගම දුරකථන නිසාත් පිළිකා
සෛල ඇතිවීමේ සම්භාවිතාව ඉතා වැඩි බවයි! එහෙම විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල අනුව
කියවෙන දේ වුණත් විශ්වාස කරන අය අඩුය. පදනමක් ඇතිව හරි - නැතිව හරි එහෙන්-මෙහෙන්
අහුලාගත් දේවල් පිළිගන්නට නම් අප කවුරුනුත් සූදානම්ය!
සැරෙන්-සැරේ පත්තරවලින්
කියූ උපදෙස් අදහනවා නම් එක-දෙකක් හැරෙන්නට, මේ මිහිතලයේ වැවෙන සියලු පලා වර්ගත්,
පලතුරු වර්ගත්, අල වර්ගත් පිළිකාවට හොඳය.
හැබැයි ඒවා කියවෙන්නේ කාලෙන් කාලෙටය.
කාලෙකට ‘කටුපිල’හොඳය. කාලෙකට ‘මඤ්ඤොක්කා’ හොඳය. තව කාලයකට හොඳ ‘අනෝදා’ය. ඊළඟට ‘ඩ්‍රැගන්
ෆ්රුට්’ ඒ තැන ගනියි. ‘කරවිල’ වගේම ‘වරකාත්’ හොඳ ගොඩේය! ඔහොම කතන්දර හිංදා මම නම්
සහමුලින්ම නන්නත්තාර වීමි.
මල්ටිපල් මයෙලොමා නමැති
රුධිර පිළිකාව වැලඳී, යම් තාක් දුරකට හෝ එය මර්දනයවී ඇතැයි කියවෙන මට මෙහෙම ගොඩ
වෙදකම් ගැන තරහක් නැත. ඒවා ගැන මා දන්නා දෙයක් නැතිම තරම්ය. ඉතින් කොහොම තර්ක කරන්නද?
පිළිකාවට කටුපිල හොඳයි කියා කාලෙකට රාවයක් යයි. ඊළඟට ආරංචි වෙන්නේ....................... |
සමහරු මාධ්‍යවලින් වෛද්‍ය පකීර්ලා බවට පත්
වෙති. (මේ කොටන මාත් එහෙම යැයි හිතුවද? සමාවෙනු මැනවි. මෙතෙක් මා ලියා ඇති හැම
වෛද්‍ය විද්‍යාත්මක කරුණක්ම නිවැරැදි බවට, සුදුසුකම් සහිත අය අනුමත කර ඇත. රසික
කියවන්නන්ට ගෞරව කළ යුත්තේ එහෙමය!) ඒ අස්සෙම හොඳට සොයා බලා ලියන අයත් හිඳිති.
සැලකිල්ලෙන් ලියන මාධ්‍ය
සගයන්ට වුවද අහම්බෙන් හෝ වැදගත් කරුණු මඟ හැරෙන්නට හැකිය. පිළිකාව ගැන බොහෝ පොත-පත
කියවා ඇතත් ‘රෙමිෂන්’ තත්ත්වය ගැන මට හමුවී නැත. ‘වැරැදි බෝනස් එක -19 පෝස්ටුව’ ලියවෙන ඉතාම මෑත අවදියේදීය මා ඒ ගැන දැනුම්වත් වුණේ.
සොනාලි බෙන්ද්‍රේ හින්දි
සිනමා තාරකාවත් පිළිකා රෝගිනියකි.
2018 දෙසැම්බර් 4 වෙනිදා ප්‍රවෘත්තියකින් කීවේ
“සොනාලි දැන් පිළිකා රෝගයෙන් මිදිලා’ කියලයි. රසික ඔයාලත් දැන් දන්නා (remission) විදියට නම්
ඒක වැරැදි යෙදුමක් නේද?
පරතෙරට ගිහින් කෙරෙන්නේ නැතත් මාධ්‍යවලින් කෙරෙන මෙවැනි
දැනුවත් කිරීම් මං නම් සලකන්නේ පොසිටිව් විදියටයි.
සොනාලි බෙන්ද්රේ පිළිකාවට මුහුණ දුන් පසුව, (ඇයගේ පුතු සමඟ) ගත් ඡායාරූපයකි. |
“...... අනේ ගීත්, මට
කියන්න ඕන වුණේ මගේ අසනීපයටත් වඩා වෙනත් කතාවක්. වෛද්‍යවරු, හෙදියෝ, රෝගීන්ට දක්වන
සැලකිල්ල ගැන..... රාගම රෝහලේදී මට හමු වුණේ දෙවිවරු වගේ වෛද්‍යවරු
පිරිසක්.හෙදියන්ගෙන් ලැබුණු උදව් උපකාරත්, අනුකම්පාවත් වචනයෙන් කියන්න බෑ.සමහරුන්ට
රජයේ රෝහල්වලින් ලබාදෙන සේවය ගැන ප්‍රශ්න තියෙනවානේ. ඒත් මට කියන්න ඕනෑ වුණේ
“නෑ..... එහෙම නෑ... මෙන්න මගේ අත්දැකීම” කියලයි.”
ඉහත ඡේදයම ලිව්වේ මා
නොවේ. ‘ඉරිදා ලක්බිම’ පුවත්පතත් සමඟ එන ‘රිද්ම’ අතිරේකය සංස්කරණය කරන ගීත් ගුණසේකරය.
2019 ජනවාරි 27 වෙනිදා ‘රිද්ම’යේ දෙවෙනි පිටුවටය.
අභාවප්‍රාප්ත නළු ‘මාර්ක්
සැම්සන්’ ගැන ලියන අතරේය.
රාගම ඉස්පිරිතාලයේ කාර්ය මණ්ඩලයට තුති පුදමින්, ඔවුන්
ගැන ගීත්ට කියන්නට ‘මාර්ක්’ වෙලාවක් ඉල්ලා ගත්තේලු. ඒ 19 වෙනි සෙනසුරාදාය.
යොදාගත්තේ 21 වෙනි සඳුදා උදේ 10 ට කතා කරන්නටලු. ඒත් ඉරිදා මාර්ක් සැම්සන් නොඑන
ගමන් ගියේය.
මටත් කියන්නට තිබෙන්නේ
‘මාර්ක්’ බාගෙට කියූ දෙයමය.
ඉස්සර අපේ හිත්වල ඉස්පිරිතාල ගැන තිබුණු චිත්‍රය දැන්
ගොඩාරියක්ම වෙනස් වෙලාය. දැන් බොහොමයක් රෝහල් ගඳ ගහන්නේ නැත; අපිරිසිදු නැත;
කම්මැළිත් නැත. පියකරුය; පිළිවෙලය; ඉක්මන්ය.
බොහොමයක් පෞද්ගලික රෝහල්වලදී මා මුහුණ
පෑ අත්දැකීම් එක්ක බලද්දී රජයේ රෝහල් මසුරන්ය!!!!!!! රජයේ රෝහල්වල කාර්යමණ්ඩල
සාමාජිකයනුත් හොඳය. මට විතරක් නොවේ; අනෙක් ලෙඩුන්ටත් එහෙමය.
මාර්ක් සැම්සන් නික්ම ගියත් මගේ බෝනස් එක තවම ඉතිරිය. |
මල්ටිපල් මයෙලොමාව සීරෝ මට්ටමටම අඩුවී ඇතත්
මා දිගටම ප්‍රතිකාර ගත යුතුය. ක්ලිනික් යා යුතුය. වෛද්‍ය එල්.එස්. බස්නායක මැඩම්
ඇතුළු ක්ලිනික් එකේ වෛද්‍ය මඩුල්ලේම අදහස ඒකය. ඒ විදියට බලද්දී වැරැදි බෝනස් එක
තවම ඉවර නැත.
ඒත් එහෙමය කියලා මෙගා ටෙලියක් වගේ, මේ පෝස්ටු මාලාව තවත් දිග්ගැස්සිය
යුතු නැත. මෙතෙක් මට ප්‍රතිකාර කළ; අදහස් දක්වමින් මේ පෝස්ටු 20 බර කරන්නට- රස
කරන්නට උදව් කළ; මොනම විදියකින් හෝ මට සහායවූ සෑම-සියලු දෙනාටම ගොඩාරියක් පිං!
රිදියගම නෙමෙයි අයියා රිදීගම. අපේ ගෙදරට ටිකක් විතර එහා.
ReplyDeleteමේක නවත්තනවාට නම් මම කැමතිම නැත.
මටත් වැඩේ පටාන් ගන්න ඕනි හැකි ඉක්මනින්ම. මාව පරයා බඩ ඉස්සරහට එනව මේ දවස්වල.
මං රිෆර් කළ තැන වැඩි හරියක තිබුණේ රිදියගම කියලයි. මට හිතුණේ මාතලේත් රිදීගමක් තිබුණු නිසා මේක වෙන එකක්ය කියලා. දැන් මට පෙන්නේ මේ ඒ රිදීගමම වගෙයි. හරිද මධූ? ඔයා ඒ ගං පැත්තේ නිසා මේක පහදලා දුන් හැටියේම නිවැරැදි කරන්නම්!
ReplyDeleteතව එකක්, බඩ ඉස්සරහට එනවා නම්, හිත තියෙනවා නම් යන්තමට අමාරු වැඩ ටිකක් කියන්නම් කරලා බලන්න.
ReplyDeleteවෙරදී බෝනස් එක අවසන් කළාට අත්දැකීම් ලැබෙන හැටියට ලියනවා, හොඳේ.
අයිය දන්නවනෙ ඉතිම්. අපි කෙිරන්නෙම අමාරු වැඩනෙ. අනික අයිය දෙයක් කියනවනම් එ්ක වැරදිදෙයක් වෙන්නත් විදියක් නෑනෙ කරලම බලමු
DeleteIt's not the size of the dog in the fight, it's the size of the fight in the dog. - Mark Twain
ReplyDeleteGet your facts first, then you can distort them as you please.- Mark Twain
Pra Jay,
Deleteස්තුතියි! තවත් වැදගත් දෙයක් .මට මේ කියමන් දෙකම අහුවෙලා තිබ්බේ නැහැ!
මේ ඉතා ප්‍රයෝජනවත් ලිපි මාලාව පලකරාට ගොඩක් ස්තුතියි. මමත් අධික තරබාරුවෙන් පෙලෙන කෙනෙක්. ඔබේ සමහර රෙකමදාරු අත්හදා බලමින් ඉන්නවා. පොඩි ප්‍රගතියක් තියෙනවා.
ReplyDeleteඉතාම සතුටුයි යම් තරමක හෝ ප්‍රගතියක් අත් කරගත්තා නම්. උවමනා ඕනෙම විටෙක තොරතුරු අහන්න, ප්‍රායෝගිකව අත්දුටු දේ කියන්නම්!
ReplyDelete'අටම්පහිය' වත්පොත් සමූහයේ පළවී තිබුණු ,මේ ලිපියේ කොටස කියැවූ Chamida Rajakaurana රසිකයාත් කියලා තිබුණා රිදියගම නොව 'රිදීගම' විය යුතු බව. රිදියගම දකුණේලු තියෙන්නේ. හිතවත් මද්දාගේ කමෙන්ටුවෙනුත් මේ වැරැද්ද පෙන්වලා තිබුණු නිසා ඔන්න 'රිදියගම' රිදීගම කරනවා!
ReplyDeleteමට හරිම සතුටුයි ඉතා සැලකිල්ලෙන් පෝස්ටුව කියවා වැරදි පෙන්වා දීම ගැන! ඒක මටත්, අනෙක් රසිකයන්ටත් කරන ලොකු ගෞරවයක්.
මාක් ට්වේන් මම කැමතිම රචකයන්ගෙන් කෙනෙක්. පරිවර්තනය කරනවනම් මාක් ට්වේන්ගේ පොත් සෑහෙන තියෙනවා පරිවර්තනය නොවිච්ච. මැරිලා අවු. 70ත් පැනලා නිසා අමුතුවෙන් අවසරය ගන්න ඕනත් නෑ. මම මෑතකදි මාක් ට්වේන්ගේ Adam and Eve's Diary පොත පරිවර්තනය කරා. ඔයත් පරිවර්තනයක් කරන්න පටන් ගන්න.
ReplyDeleteසාධනීය යෝජනාව ගැන ගොඩක් ස්තුතියි මිතිල! ඒත් පොත් ගැන මට ලැබීමක් නැහැ වගෙයි. එක්තරා ප්‍රකාශක මහතෙකු 'හකල්බෙරි පින්' ඇතුළු ගැටවර පිරිස වෙනුවෙන් එඩිට් කර තිබුණු පොත් තනක් මට දුන්නා පරිවර්තනය කරන්න. (මගේ ඉංග්‍රීසි දැනුම අනුව ලොකු වැඩවලට නම් ඇත ගහන්නෙත් නැහැ.)කළා, ටයිප් සෙටින් කරලා සෝදුපතුත් බැලුවා. චිට්‍රත් ඇන්දෙව්වා. දැන් අවුරුදු හත අටකටත් වැඩියි. වැඩේ කෙරුනේ නැහැ.
Deleteතව ඉවර නැහැ. හොඳේ.ටයිප් සෙටින් කළෙත් ප්‍රකාශන ආයතනයක කෙනෙක්. මේ පොත් තුන නොකෙරෙන නිසා, එයාලගෙ ආයතනයේ ලොක්කාට දීලා බලමුද ඇහුවා. හා කියලා දුන්නා. එකත් තවම කෙරුනේ නැහැ.
දැන් නම් එච්චර දේකට අත ගහන්න තත්වෙක නෙවෙයි ඉන්නේ.
එක නෙවෙයි. ඔයාගේ පොත පළ කළාද? එහෙම එකක් ගැන මං දැක්කේ නම් නැහැ!
මේ දවස් ටිකේ සෝදුපත් කියවමින් යන්නෙ...
Deleteනිදුක් නිරෝගී ව දිර්ගායු සම්පත් ලැබ දැනුම විනෝදය සහ අත්දැකීම් වලින් පිරි බ්ලොග් ඉදිරිපත් කිරීමට ධෛර්ය හා ශක්තිය ලැබේවායි පතමි
ReplyDeleteසුබාසිරි පැතුමට ගොඩාරියක් ස්තුතියි, town arachchi mahaththayo!
Deleteමගේ බිරිඳගේ මවත් පිළිකා ප්‍රතිකාර ගෙන දැනට රෙමිෂන් තත්වයේ ඉන්නව නමුත් දිගටම බෙහෙත් අර ගන්නව. කට පරිස්සම් කරගෙන ඔය උපවාස වැඩේ මට කරන්නම බෑනෙ කෙරුවොත් වෙන්නෙ :
ReplyDelete- අධික කුසගින්න නිසා නිතර ෆ්ලවර් ජම්පින් වීම
- ෆ්ලවර් ජම්පින් වීම නිසා ලේ වතුර වීම
- වැඩක් කරන්නට නොසිතීම සහ අලස බව
- නොකා හිටියාට වැඩි ප්‍රමාණයක් නැවත කෑම
ඔයා නොවැම්බරයේ ආවාම කතා කරමු. tips ටිකක් දෙන්නම්.
Delete