ගමන් යන උදවියට තනියෙන්ම ගියාම ‘go’ එකක් නැත.
පොතක් කියවන්නේ, film එකක්
බලන්නේ, සිංදුවක් අහන්නේ, ටෙලියක් බලන්නේ තනියෙන් වුණත් - ගතියක් තියෙන්නේ තව
කවුරුන් හරි එක්ක ඒ අත්දැකීම රස විඳින වෙලාවටය.
ඒක වැඩියත්ම feel වෙන්නේ ‘එක අත්තේ
කුරුල්ලන් එක්කලා’ එකට එකතු වුණාමය.
එක අත්තේ වහන කුරුල්ලන් එක්ක එකට එකතු වුණාම....... |
fb එකේ එක-එක විදියේ කණ්ඩායම් ඇත. ‘රෝද දෙකේ රස්තියාදුව’ත්
ඒ වගේ කණ්ඩායමකි. ඒකේ ලොක්කා මධුශංක විතානගේය. මට පෙනෙන විදියට නම් මධූ එක්ක වැඩිම
බරකට කර ගහන්නේ සචින්තන විජේරත්නය.
මධූ මුල ඉඳන්ම මගේ බ්ලොගය කියවයි.
කමෙන්ට්ස්සුත් දමයි. ඒ ඇඳුනුම්කම මිස පෙබරවාරි 3 වෙනිදා වෙනතුරු මං මනුස්සයාව
දැකලාවත් තිබ්බේ නැතිය. ඒත් ‘රස්තියාදුවන්’ ගැන මගේ හිතේ පොඩි impression එකක් නම්
තිබුණේය. ඒ ‘ඉඳියාප්ප ගන්නවද - 4’ පෝස්ට් එකේදී
ලියූ විදියට එයාලගෙ සමාජ සත්කාරක වැඩ
හින්දාය.
දැනටමත් ඔයාලා දන්නවානේ, මට මෝටර් සයිකලයක් තියා foot
සයිකලයක්වත් නැත. හැබැයි ‘කූචු කුචයියෝ’ පෝස්ටුවෙදී කියූ විදියටම මේ දක්වා හෙල්මට් 6 ක් මිලදී ගෙන
වාර්තාවකටත් හිමිකම් කියන්නෙමි. “මූ පිනා. බයිසිකලයක් ඇත්තෙත් නෑ. පදින්න දන්නෙත්
නෑ. හැබැයි පිලියන් එකේ යන්න හෙල්මට් පහයක් සල්ලිවලට ගත්තා කිව්වම!”. නෙවිල් පළි
ගහන්නේ එහෙම වග-පල කියමිනි.
වාහනවල යාම ගැනත් කියන්නට තියෙන්නේ ඒ වාක්කියමය. ඔය බව
දැනගෙන වගේය මධූ දවසක් මට පණිවිඩයක් කිව්වේ. “අයියේ, අපි පෙබරවාරි 3, 4 දවස් දෙකේ
කල්පිටියේ යනවා. බීච් එකේ කෑම්පින් කරන්න. යන්ද?”
මං උත්තර දෙන්නට වෙලාව ඉල්ලාගෙන නෙවිල්ටත්, ගවීන්ටත්,
මර්වින්ටත්, අයස්මන්තටත්, පාලිතටත් කතා කළේ ඒ වෙලාවෙමය.
අයස්මන්ත පීරිස් මහත්තයාට
පෙබරවාරි මුලම විදේශ ගමනක්ලු.
“මොකක්ද නිමල් අයියේ. අපේ බොසා මට ඔය දවස් ටිකේ යාල
යන්න පවරලා තියෙන්නේ. ෂොප් එකේ කට්ටියත් එක්ක. අපේ ඩිලානිලත් යන්න ලෑස්ති වෙලා
ඉන්නේ. අපරාදේ, ඒක කැන්සල් කරන්න පව්නේ...... හැබැයි ඔයාලා ගිහින් ආවට පස්සේ, අපි
කට්ටිය ආයේ ඒකම යමු!” පාලිත කිව්වේය.
මද්දලාගේ කට්ටිය කල්පිටියට ගිය 'රෝද දෙකේ රස්තියාදුව'ට අපත් සෙට් වුණේ.............. |
අනෙක් තුන්දෙනා ok ය. අපත් මද්දලාගේ කල්පිටියේ
රස්තියාදුවට සෙට් වුණේ එහෙමය. ගමන හොඳය. හොඳටම හොඳ වුණේ අප කල්පිටියේ වෙරළට
ගිහිල්ලා ටෙන්ට් ටික අටවාගන්නත් කලින්ම වැස්සාමය! “බලන්නකෝ අයියෙ, මෙහෙට මාස
තුනකින් වැහැලා නැතිව තිබිලයි මේ වහින්නේ!” මද්දා කිව්වේය.
ඒකත් කොච්චර එකක්ද, අපට
කරදර වුණත්.
අපේ අනෙක් තුන් දෙනාත් ගමන ගැන හොඳටම සැටිස්ය. කොච්චර
සැටිස්ද කියනවා නම් ‘fb’- ඉන්ටෙර්නෙට්- අරවා-මෙව්වා ගැන මටත් වඩා නොදරුවෙකු වෙන
මර්වින් බොතේජු ආයෙම fb එකේ ඇක්ටිව් වෙලාය.
මෝටර් බයිසිකල්වලින් නොව කාරයකින් ඒ ගමන ගිහිනුත් අප ඒ
විදියට තෘප්තිමත් වුණේ සහෘදයන් පිරිසක් හා එක්වීමට ලැබීම නිසාය.
සමාන හිතිවිලි
දරන්නන්, සමාන හෘදයන් සහිත වූවන් හා එක්ව කටයුතු කිරීම සතුටක් ගෙනදෙන හින්දාය.
අරීසා කලා කවයේ ප්‍රධානියාට එදා වෙන්නට ඇත්තෙත් ඒකමය. මට නම් ඒ මනුස්සයාගේ නමවත්
මතක නැත. කොහොම ආවාද කියලත් මතක නැත. මතක තියෙන්නේ වෙච්චි සංගදියයි. (ඉතිරි ටික
ලියද්දී පහසුවෙන්න මං එයාව අරීසා කියලම හඳුන්වන්නම්!)
විධුර නාට්‍යයට චරිත ගොඩයිනෙ. ඇඳුම් අන්දවන්න, මේකප්
දාන්න සෑහෙන්න වෙලාව යනවා. ඉතින් හවස තුනට විතර තමා අන්දවන්න පටන් ගත්තේ.
දැන් මේකේ රජවරු හතරදෙනෙක් ඉන්නවනේ! අපි දෙන්නෙකුට වෙනස් විදියකට...... |
ගැහැනු, පිරිමි චරිත කියලා වෙනසක් නැහැ, හැමෝගෙම යටිකයට
අන්දවන්නේ ‘දෝතිය’. ඇත්තම කියනවා නම් අපි දැනගෙන හිටියෙත් එච්චරයි. පිරිමින්ට නම්
උඩුකයට මාල, පපු පළඳනා විතරයි. ඒවාත් රජ, මැති, ඇමැතින්ට. සේවකයන්, රාජපුරුෂයන්
වගේ අයට ඒවා නැහැ. ඉස්සෙල්ලාම කරන්නේ දෝතිය ඇන්දවීම. ඔන්න ඒක පටන් ගත්තා.
එක්කෙනෙකුට දෙන්නෙකුට දෝතිය අන්දවද්දීම අරීසා අපේ තාත්තා ළඟට කිට්ටු කළා.
“ගුණේ අයියේ, හැමෝටම එකම විදියට අන්දවන්නේ නැතිව වෙනසක්
කරමුද?”
“ඒ කිව්වේ?”
“මෙහෙමයි. දැන් මේකේ රජවරු හතර දෙනෙක් ඉන්නවානේ. රජවරු
දෙන්නෙකුට දෝතිය අන්දවන්නේ නැතිව රෝමන් විදියට අන්දවමු!” අරීසාගේ යෝජනාව ඇහුණාම
තාත්තත් ඔළුව වැනුවා. “හරි. එහෙනම් නා රජ්ජුරුවන්ටයි, ශක්‍ර දේවේන්ද්‍රයාටයි
තමුසෙගෙ ඔය රෝම ඇඳුම අන්දවනවකො.”
දැන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගේට්ටුව ඉස්සරහින්ම
වගේ තියෙනවා පාරක්, හයිලෙවල් පාරයි පරණ පාරයි යාවෙන්න.
ඒ පාරේ පැත්තක් මායිම්
වෙන්නේ මහරගම පොදු වැසිකිළියට. ඒක නම් ඒ දවස්වලත් තිබුණේ දැන් තියෙන තැනමයි. දැන්
ඉස්සරට වැඩිය ගඳ නම් අඩුයි.
මහරගම වැඩියෙන් ජනාකීර්ණ වෙලා වුණත් යන අයත් අඩුයි වගේ!
ඒ පාරේ අනෙක් මායිමේ ඉඳලා බුවෙනකබා ඉස්කෝලේ ඉස්සරහ බෝධිය
ළඟට යනකල්ම දැන් තියෙන්නේ බස් නැවතුම්පොළනේ. ඉස්සර ඔතන තිබුණේ නගර සභා පිට්ටනිය.
ඒ පිට්ටනියේ පොදු වැසිකිළියට පිටුපාලා ස්ථිර වේදිකාවක්
හදලා තිබුණා. විවෘත වේදිකාවක්. දෙපැත්තේ කාමර දෙකක්. ඉස්සරහින්ම වේදිකාවට ඇතුළු
නොවෙනවා නම් පරණ පාර පැත්තේ කාමරයෙ පිටිපස දොරටුව තමයි පාවිච්චි කරන්න වුණේ.
හයිලෙවල් පාර පැත්තේ කාමරයට තිබුණේ වේදිකාව හරහාම යා යුතු දොරක් විතරයි. කාමර
දෙකටම ජනෙල් නැහැ. යාන්තම් හුළං පොදක් ආවේ ග්‍රිල් අතරින්.
මෙච්චර විස්තර කිව්වේ ඒ වේදිකාව හදන්න ප්ලෑන කාගේද කියලා
නොදන්නා හින්දයි! අජපල්! කිසිම ප්‍රායෝගික දැනීමක් නැති මිනිහෙකුයි අඳින්න ඇත්තේ.
අනේ,
මහරගම පුරවැස්සන්ගේ බදු සල්ලි. කොච්චර කාබාසිනියා කරලා දමනවද තේරුමක් නැතිව. ඒක
නම් රට පුරාම කෙරෙනවනේ ඕසෙට, නේද?
ඉතින් දහදිය මුගුරු පෙරාගෙන අරීසා පැයක් විතර මහන්සි
වෙලා ‘වරුණ නම් නාග රජතුමාට’ රෝම ඇඳුම ඇන්දෙව්වා. ආයේ අලුතින් මහලා නෙවෙයි. සාරිය
ඉරලාත් නෙවෙයි.
සාරිය නවල-නවලා, ඔතල-ඔතලා නිහාල් ලියනගේ අයියාගේ දණහිස්වලිනුත්
අඟල් තුන-හතරක් උඩට වෙනකලුත් නිරාවරණය වෙන්නයි ඇඳුම තිබුණේ. පව්!
ඒ වැඩේ හරියට අතින් සල්ලි දීලා හූනියමක් කරවාගත්තා වගේ.............. |
ලොකුම මහන්සිය වුණේ සාරිය නවාගන්න. ඒ අන්දවපු විදියට නම්
සාරියක් හතරට විතර කපාගත්තා නම් හතර දෙනෙකුටම ඇති.
කොහේ කපන්නද? එක-එක්කෙනාගෙන්
ඉල්ලාගෙන ආව සාරිනෙ. අර හුණ්ඩුවක් විතර කාමරේ ඇතුළේ යාර හයක් දිග සාරියක් (පළල
අතට) තුනට විතර නවාගන්න .....
අනේ, අරීසා සල්ලි දීලා හූනියමක් කරවාගත්තා වගෙයි
වුණේ. ඒක කෝච්චර බරපතළද කියනවා නම් මිනිහාම ජොබ් එකෙන් ඉල්ලලා අස්වුණා!
“බැහැ ගුණපාල අයියේ. රෝම විදියට අන්දවන්න මේ කාමරේ
ඇතුළේදී සාරිය නවාගන්න ඉඩ නැහැනේ. සක්කරයාටත් දෝතියම අන්දවමු, ඔන්න ඔහේ!”
වරුණ නා රජතුමා අතිවිශේෂ වුණේ එහෙමය.
අනෙක් සේරමලා දෝතිය
ඇඳගෙන ඉන්නා අතරේ මිනිහා විතරක් වෙනස් එකක් ඇඳගෙනය! නිහාල් අයියා හිතලාම වාගේ
උජාරුවෙන් එහා-මෙහා ගියෙත් ඇඳුම පෙන්වන්නටමය.
එහෙම යද්දී මට නම්
වැඩියෙන්ම පෙනුණේ නිහාල් අයියාගේ රෝමන් ඇඳුම නොවේ, රෝමය! වලස් තෙල් ගාලා වවාගත්තා
වගේ ඔහුගේ සරුවාංගය පුරාම මයිල්ය.
නිහාල් අයියා ඔහොම අභිමාන පෙන්වද්දී තව ටික
වෙලාවකින් තමන්ට කැටෙන්නට යන විනේ ගැන එයා දැන හිටියේ නැතිවා වෙන්නැතිය. අපෙන්
කවුරුවත් එහෙම දෙයක් වෙන්ට යතියි දැන හිටියෙත් නැත. එහෙම දැනෙන්න කාටද දිවැස්
තියෙන්නේ?
..........ගොතා ගෙලෙ දාලා - මෙ පෝ දින පිළිගන්නම් මා.......... |
“සුවඳ සමන් මල් මාලා - ගොතා ගෙලෙ දාලා -
මෙ පෝ දින පිළිගන්නම් මා -
ආසිරි ගීත ගයා//
මිහිඳු ළමා - කලා කවේ -
සුවඳ කුසුම් - දසත පිපේ.............”
ලංකා මාතාව වගේ සැරැහී ඔය සින්දුව කිව්වේ නීලා අක්කයි. (මේක බොරු නමක්
හොඳේ. තව ඉස්සරහට එයා ගැන විස්තර එළි කරන්න තියෙනවා. ඒවා කියන්න යද්දී නං-වනං එක්ක
කියලා පවුල් කඩා-කප්පල් වෙන්න දෙතහැකියැයි.)
සින්දුව ලිව්වෙත් එයාමයි. හැබැයි මට
මතක ඔය පද ටික විතරයි. ආආආආආ.... රාග තාලේ ගැනත් කියන්නම එපායැ.
ඒ දවස්වල ‘කොඊ ජබ් රාහ නා පාඒ - මේරේ සංග් ආඒ
කි පග පග දීප් ජලා ඒ -
මේරේ දෝස්තී මේරා ප්‍යාර්//’ කියන්නේ
හැමෝම දැනගෙන හිටිය සිංදුවක්.
1964 ඉන්දියාවේ හැදූ ‘දෝස්ති’, සින්දු ටික නිසාමයි
ලංකාවෙත් පැල් බැඳගෙන දිව්වේ. ලක්ෂ්මී කාන්ත්-ප්‍යාරේ ලාල් දෙන්නා තනුව හදලා
සංගීතය කරද්දී මොහොමඩ් රාෆී තමා ඒ ගීතය ගැයුවේ. අපරාදේ කියන්න බැහැ, රාෆි කිව්ව
තරම් අපූරුවටම අපේ එච්.ආර්. ජෝතිපාලත් ඒක සිංහලෙන් ගැයුවා.
“ආදර මධුර අතීතේ....”
අපේ නීලක්කාත් ඒ තනුවට ‘මජ්රූහ් සුල්තාන්පුරි’
හින්දියෙන් ලිව්වා වගේම යසරඟට සිංහල වචන
ඔබලා ගත්තා.
1964 දී ඉන්දියාවේ හැදූ ෆිල්ම් එක පැල් බැඳගෙන මරදානේ 'ක්‍රවුන්' හෝල් එකේ දිව්වේ... |
අජාසත්ත පෙන්වද්දී ‘මිහිඳු ළමා කලා කවය’ කියලා එකක් අපේ හීනෙකවත්
තිබුණේ නැහැ.
‘විධුර’ කරන්න යද්දීත් ඒක තිබ්බේ නමට විතරයි. හැබැයි නිලධාරි
මණ්ඩලයකුත් හිටියා.
අද තියෙන දේශපාලන පක්ෂ වගේ. තනතුරු කවුරු දැරුවත්.... ‘තිරේ
එහා පැත්තෙන් තව කෙනෙක් ඉන්නවා - එයා නූල නටවනකොට මෙයත් නටනවා’. එහෙමනේ වෙන්නේ!
ඉතින්, විධුර නාට්ටියට ඉස්සෙල්ලාම තිරේ ඇරෙනකොට වේදිකාව මැද්දේ සුදු
පිරුවටයක් දමාපු පුටුවක් උඩ ලංකාවේ පින්තුරයක් තියෙනවා. සුදු ඔසරියක් ඇඳලා, නළල්
පටයෙන්- තැල්ලෙන්- මාල හතෙන් සැරැසුණු නීලා අක්කා ජාතික කොඩියක් අරගෙන සීරුවට
වේදිකාවට එනවා. ඇත් ගමනින්........ සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ!
ඒක දකින ඕනෙම කෙනෙකුගේ හිතට පොඩි අභිමානවත් හැඟීමක් කාන්දු නොවෙනවා
කිව්වොත් බොරු! අපි ඒ දිහාව බලන් හිටියේ සන්තෝසෙ උතුරලා යද්දී. එහෙම වෙලාවට ලොකු
දුකකුත් ඇති වෙනවාමයි. මොකක්ද දන්නවද ඒ?
චිත්‍රපටයක් නම් ඒකේ රඟපාන අයට පස්සේ බලන්න පුළුවන්. ඒත්
වේදිකා නාට්‍යයක රඟපාන අයට කවදාවත් ඒ වාසනාව ලැබෙන්නේ නැහැ. එයාලට නාට්‍යයේ තමන්
නොඉන්න කොටස් බලාගන්න වෙන්නේ ‘ජාලරය’ට මුවා වෙලා ඉඳගෙන!
පැති තිර කීපයක්ම මේ ෆොටෝ එකේ වම් පැත්තේ පේනවා. ඒකක් ළඟ පුටුවකුත්! |
ඒ කාලයේ අපි දැනගෙන හිටිය ජාලරයක් නෑ. අපි කිව්වේ ‘side
කර්ට්න්ස්’ නැතිනම් ‘පැති තිර’ කියලයි. ජාලරය කියන වචනෙත් මං ඉගෙන ගත්තේ කුමාර
තිරිමාදුරගෙන්. අනේ, මං කුමාරව පෞද්ගලිකව අඳුරන්නෙ නැහැ. වචනේ ඉගෙනගත්තේ කුමාරගේ ‘කරළියේ
රසකතා’ පොතෙන්.
2002 ජනවාරි 27 වෙනිදා ඉඳලා කුමාර තිරිමාදුර ‘ඉරිදා
දිවයින සංග්‍රහය’ට ‘ජාලරයෙන් ඇසෙන කතා’ කොලම ලිව්වේ. මාත් ඒ කතා 30 ම කියෙව්වා.
හැබැයි ඒ වචනේ ඔළුවට වැටුණේ නැහැ. මුද්‍රණ කළමනාකරු විදියට මාත් සම්මාදම් වෙලා,
‘කරළියේ රසකතා’ print කරලා පොතේ පෙරවදන කියවද්දී තමයි මට ‘ජාලරය’ වචනේ වැදුණේ!
එව්වාට- ජාලර්වලට මුවා වෙලා; හැංගිලා ඉඳගෙනයි නාට්‍යයේ දෙබස් (පෙළ)
මතක් කරන්නේ. අනෙක් නළු-නිළියන් නාට්‍යය බලා ගන්නේ. එහෙම දැනුම්වත් වෙලා ඉඳිද්දී
තමයි කුමාරගේ අමුතු ප්‍රකාශයක් මං දැක්කේ! එක ජාලරේට අදාළ නොවුණාට ජීවිතේට
සම්බන්ධයි.
ඒ ප්‍රකාශය කියෙව්වාම කුමාර තිරිමාදුර ගැන මට හිතුණු
දේවල්.......
ඒ හින්දාමයි ‘වැරැදි බෝනස් එක - 8’ පෝස්ට් එකට ඒ ගැන ලිව්වේ. වෙන
කිසිම මනුස්ස පරාණයක් ‘දැන් මට ඇති’ කියලා කියපු බවක් ප්‍රබන්ධ කතා පොතකවත් තිබිල
නැහැ, මං දන්න තරමට. අමතක නොවී තිබ්බත් ඒ ටික ආයෙම කියවලා බලන්නකො!
කුමාර තිරිමාදුරගේ ජීවන දර්ශනය ආයෙමත් කියවලා බලන්න තරම් වටිනා..... |
ඔන්න අපි සේරම පැති තිර අස්සෙන් එබුණත්, හරිම පරෙස්සම්
වුණා ඔර්ඩියන්ස් එකට අපව නොපෙනෙන්න. “තොපිලා එකෙක් හරි ඕනෙවට වඩා බෙල්ල දික්කරගෙන
ඉන්නවා දැක්කොත් නං, නාට්ටිය පැත්තකින් තියලා දෙනවා කණ පැලෙන්න එකක්.” අපේ තාත්තා
කලින්ම කියලා තිබුණේය. ඒ වතාවේ ඔක්කොම හැච්චෝ-බැච්චෝත් එක්කම තිහක් විතර නාට්ටියට
හිටියනේ! හුඟක් අයගේ පළමු වේදිකා ප්‍රවිෂ්ඨය! ඉතින් අරහෙම තග නොදා එච්චර කට්ටියක්
ආම්බන් කරන්නටත් අමාරුය.
වජිරා ඉස්-ඉස්සෙල්ලම වේදිකාවට පිවිසිලා තියෙන්නෙත්
‘විධුර’ නාට්‍යයෙන්!
ළඟදීම තන්තරේ
කියැවූ රසික හිතවතුන්ට නම් ‘කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - 4’ පෝස්ටුවේ ඔට්ටුවට පාන් රාත්තලක් ගිල්ල වජිරාද මේ කියලා
හිතෙයි. අනේ නැහැ. අපේ බතික් වැඩපොළේ හිටි ඒ වජිරාට රඟපෑම් බැහැ!
මේ වජිරා ගැනත් කියන්න ගියොත්..... දැනටත් පෝස්ටුවේ දිග
මදැයි. ඔන්නොහෙ ඊළඟ එකටම යමු.
//බොන මිනිස්සුන්ට තනියම බොන්නට බැරිය. හවුල්කරුවනුත් ඕනෑය!//
ReplyDeleteකණ්ඩා?
Pra Jay, මං වැරැදිද?
DeleteDrinking alone is a bloody boring God Awful thing !
DeleteAfter all said and done it's an acquired taste, company is what make having a drink enjoyable.
ඒ වුණත් කණ්ඩා, මම දන්නවා නියම බේබද්දොත් ඉන්නවා. ඇබ්බැහියද මන්දා, ගෙදර බෝතලයක් තියාගෙන තනියම බොනවා, හැමදාම.
Deleteසමහරුන්ගේ ලිමිට් එකට ආවත්, බෝතලේ අඩියම බලන්න ගිහින් කබරයත් දාලයි නවතින්නේ.
එක්කෙනෙක් දන්නවා, හාර්ඩ් ලිකර් බීලා පාටිය ඉවර වෙන්න යද්දී (තව යාළුවෙකු ඉන්නවා බියර් විතරක් බොන. එයා බොන්නේ වීදුරුවක් විතරයි.) ඉතිරි වෙලා තියෙන බියරුත් බොනවා!
+++++
ReplyDeleteස්තුතියි මිතිල!
Deleteරාම් පූර් වජිරා ආයෙත් මතක් වෙලා....හි...හි....හි...නෑ මං නිකමට කිව්වෙ.....හිතේ ඇදෙන රූප අමතක වෙන්නෙ නෑ නේ???
ReplyDeleteලොකූ, වජිරා සම්බන්ධයෙන් නැතත් ඔයාගේ කතාව ඇත්ත. හිතේ ඇඳුනු රූප එහෙම ලේසියෙන් අමතක වෙන්න නැහැ තමා!
Deleteමේ ජරමර අස්සෙ රෝද දෙකේ අස්තියාදුවට අලුතින් කඩාපාත් උනේ බොග දාන එකෙක් කියලා මේ වෙනකම්ම මං දැනගෙන උන්නේත් නැත. හැක්!😃 😃 අපේ පැත්තෙත් ගොඩවැදිලා යන්න පුලුවන් වෙලාවක!
ReplyDeletehttp://maliyagesatahana.blogspot.com
මලි, ඔයාව හොයාගෙන ගිහිල්ලම තමා උත්තර දෙන්න ගත්තේ. පොත් රාක්ක දෙකේ image එක හිංදා එහාට කලිනුත් ආවා වගේත් මතක් වුණා!
Deleteඉතින්,සතුටුයි අලුතින් අඳුනාගත්තට.
ඉස්සරහටත් හමු වෙයිනෙ!
අනිව!අනිව!
Delete//ඒකත් කොච්චර එකක්ද, අපට කරදර වුණත්.// මේක නම් මටත් හිතුන අයියේ. ඒත් බයේ හිටියේ රෑත් වහීද කියල මොකද ඒ ටෙන්ට් මහ වැස්සකට ඔරොත්තු දෙන්න සමත් ඒව නෙමෙයි කෝම නමුත් සොබාදහම අපිටයි කල්පිටි වැසියන්ටයි දෙගොල්ලන්ටම සාධාරනයක් කරා මම හිතන්නෙ.
ReplyDeleteරෝම වැවුනු රෝමන් කාරයෝ හැක්
'කෙනෙකුට රස - කෙනෙකුට වස' කියලා කියනවනේ. ඒත් වැස්ස වලාහක දිවිය පුත්තරයා අපි ගැනත් බැලුවා.
Deleteඊළඟට රෝමකාරයාට වෙච්චි සංගදිය තමා දැන් කොටමින් ඉන්නේ!
මං අහන්නෙ තාම වරුණට හූ තියෙන නැකත ඇවිල්ල නැද්ද? අපිත් ජාලරයේ තාම බලං ඉන්නව.
ReplyDeleteජාලරයේද ජාලයේද, කණ්ඩා?
Delete