තාපස උන්නාන්සේගේ පුරුෂ බීජ තණකොළ උඩට වැටිලා තියෙද්දී මුවැත්තියෙක්.... |
“ඔක්කොම කුකුල්ලු දුන්නත් කමක් නැහැ ලීලා.
වනාතේ ගෙදර කුකුළො ඉන්නේ.... කිකිළියන්ගේ බිත්තර මෝරනවා කුකුළෙක් හඬලන සද්දේ ඇහුණත්.”
තාත්තා උපදෙස් දුන්නේ අම්මාටය. ඒවා මතක තියාගත්තේ මං වහන්සේය.
මොනරා පිල් කළඹ විදහාගෙන නටන ගමන් ‘බීජාණු’
බිමට හළනවාලු. සෙබඩ ඒවා අහුලාගෙන කනවාලු. කාලා ගැබ්බර වෙනවාලු.....
අප මහ බෝසතාණන් වහන්සේත් බමුණු කුලයක ඉපදිලා
වනාන්තරයක තවුස් දම් පුරන කාලේ ලැගුම් ගෙන හිටිය ගල්ලෙන අසබඩට, මුවැත්තියක් එන්න පුරුදු වුණාලු. ඔහොම ආව
මුවැත්තිය ඒ අසල සරුවට වැවිලා තිබුණු තණකොළ කාලත් හරි ජංජාලයක් වුණාලුනේ. මුවැත්ති
ගැබ්බර වෙලා, පුතෙකුත් වදලා! වෙලා තියෙන්නේ මේකයි, අර තණකොළ ගොල්ලටලු තාපස
උන්නාන්සේ මුත්තරා කරන්නේ.
අර තාපස උන්නාන්සේට ලිංගික බෙලහීනතාවක් එහෙම...... |
මං ඔය කතන්දර; ප්‍රවාද එකක්වත් හගිස්සන්න යනවා හෙම නෙවෙයි ඔන්න. ගිය පෝස්ටුවේ අන්තිමට ‘ඈන් කෑ ගසාගෙන පස්සට පැන්නේ ඒ දසුනෙන්ම කුමරි බඹසර බිඳුණා වැනිවය!’ කියන වාක්කිය කොටද්දී..... අසනි වේගයෙන් ඔය කතන්දර ටික මේ මැටි ඔළුවට ආවේය.
එහෙම වෙන්නේ මගේ ඔළුව ලොකු හින්දා වෙන්නට ඇතිය. ලොකු නංගීත්, මාත් දෙන්නාගේ
මේ ෆොටෝ කෑල්ල ‘ඔළුව ලොකු කතාවට’ හොඳම සාක්කියයි!
අනේ, මගේ ඔළුව ලොකු හැටි හොඳට පේන්න ෆොටෝ එක පැහැදිලි මදි වගෙයිනේ! |
තාපසයන් කියන්නේ මාර්ග ඵල ලැබුව උදවියට නෙවෙයිනේ. ඒවා ලබාගන්න වෙර-වීරිය
වඩන අයට. මතකයි නේද කුමර බඹසර! කුමර බඹසර අසපුවේ මා - සම වැදී උන් දැහැන්
බිඳුණා..... ඒ සින්දුවේ කියන විදිහට අපි කී දෙනෙකු නම් හිතෙන් අනෙක් අයව නිරුවත්
කරනවාද? ඝාතනය කරනවාද?
ඒ අස්සේ මගේ වනචර හිතට තව ප්‍රශ්නයකුත් හිතෙයි. අර තාපස උන්නාන්සේට ‘නෂ්ට
කාමය’ වගේ මොනවා හරි ‘රහස් රෝගයක්වත්’ තුබුණාවත්ද?
මනෝමයෙන් අනුන්ව නිරුවත් කරන්නට- සසඟෙහි යෙදෙන්නට- බලහත්කාරකම් වුණත්
කරන්නට මනුස්සයාට පුළුවන් බව ඇත්තය. ඒත් දුටු මනතින්- දුර ඉඳලා අංගනාවක් ගැබ්බර කරනු
බැරිය. එදා එහෙම පුළුවන් වුණා නම් ඈන්ට වෙන්නේ....
ඒත් දුටු මනතින් - දුර ඉඳලා තරුණ අංගනාවක් ගැබ්බර කරනු ............ |
එච්චර අසමජ්ජාති දෙයක් කරලාත් ඈන් අප එක්ක තරහවී හිටියේ දවස් දෙක තුනක්
විතරය.
ඒ අතින් හුඟක් අය මට වැඩියෙන් හොඳය. සත්තකය, කවුරුන් හරි මට කෙනෙහිල්ලක්
කළා නම්; එයින් මගේ අභිමානයට හානියක් විණි නම් මට එය අමතක කරන්නට බැරිය. Return
එකක් දෙනකල් සැනසිල්ලක් නැත.
‘වැරැදීම මිනිස් ගතියකි; සමාව දීම දේව ගතියකි’ කියලා මාත් දන්නවාය. ඒ වගේම
තියරියක් මාත් හදාගෙන තිබේ. “හිතා-මතා වැරැද්දීම අමනුස්ස ගතියකි; ඒකට සමාව දීම දේව
අගතියකි!’.
ලලිත් ඇතුළත්මුදලි මහත්තයා ඝාතනය කෙරිලා ගත වුණු දවස් කිහිපයේදී ඒ ගැන ආර්.
ප්‍රේමදාස ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් වුණා. කයි-කතන්දරත් පැතිරුණා, මදිය
නොකියන්නම. “.... මාව ඝාතනය කළත් කමක් නැහැ. කරුණාකර මගේ චරිතය ඝාතනය කරන්න
එපා....” කියලයි ප්‍රේමදාස මහත්තයා රටවැසියන්ට කිව්වේ. ඒක තමයි කෙනෙකුගේ අභිමානය!
මාව ඝාතනය කළත් කමක් නැහැ, මගේ චරිතය ඝාතනය නොකර! |
මං වහන්සේ එච්චර කෙරුමෙක් නොවේ.
ඒත් සෑහෙන අභිමානයකුත් උත්පත්තියේදීම මට දායාද වෙලාය. ඒක පමණටත් වැඩිද
මන්දා. ඒ ගතිය අඩු කරගත්තා නම්, කොන්ද පණ නැති කරගන්නට ඉගෙනගත්තා නම් මට ලොකු
දුරක් යන්නට තිබිණි.
මොන? ආත්මය පාවාදී එහෙම වස්තුව-වළඳුව ලබාගන්නා පුරුද්දක් අදටවත් මට නැති
හැටි. එදාත්; නිහාමුලාගේ බතික් වැඩපොළේ හිටිද්දීත් වුණේ එවැනි දේකි. නිහාමු මගේ
හිත කීරි ගස්සන කතාවක් කිව්වාය. අදටවත් ඒ කඩුලු කතාව මට මතක නැත, මතක තියෙන්නේ
හිතා-මතාම එහෙම කියූ බව විතරය.
සාධාරණව හිතා බලනවා නම් පෙනෙන්නේ, එදා මං කෙන්ද කන්දක් කරගත්තා වෙන්ටැති
කියලාය. නැති නම් නිහාමු කී දේ මට අමතක වෙන්නට විදිහක් නැත.
එදා මං කෙන්ද කන්දක් කරගත්තා වෙන්නට ඇතිය. |
“ආයේ මට එහෙ වැඩට යන්න බැහැ. මේ මාසේ අන්තිමට මං නවතිනවා.” මං අපේ තාත්තාට
කියන්නට ඇත. විස්තරත් කිව්වා වෙන්නට ඕනෙය.
තාත්තා එපාය කිව්වේ නැත. මම ගෙදර නැවැතුණෙමි. ඒ වයසේ වැරැද්ද වෙන්නටත්
පුළුවන්ය.
‘එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී - එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා - නාස් ලණුව
දමනවාලු - කරත්තයක බඳිනවාලු - අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා’ කියලා කියන්නට
ඇත්තෙත් මගේ පලෝලේ ඉන්න කෙනෙක් ගැන වෙන්නට ඕනෑය. මං ගැනම කියනවා නං ‘ළපටි’ වෙනුවට
‘කපටි’ කෑල්ල එකතු කරගත්තාට වුණත් අහිතක් නැත!
“.......
මම හැව්ලොක් ටවුමේ, ඩික්මන් පාරේ බතික් කරන තැනක වැඩ කරමින් ඉඳලා එතනින් අස්වුණා. පුංචි
වදන් හුවමාරුවක් වෙලා. ඒ බව ආරංචි වෙලා ඒ වැඩපොළේ අයිතිකාරියගේ නෑයෙක්; ඊවා
සේනානායක මහත්මිය
මට පණිවිඩයක් එව්වා. මාත් එයාව හමුවෙන්න ගියා.
'ළපටි' වෙනුවට 'කපටි' කෑල්ල දමාගත්තත් ඔන්න මගෙන් නං අරෝවක් නෑ.... |
ඊවා හාමු. එහෙමයි අපේ අම්මා එයාට කිව්වේ. අම්මා එයාගෙත් එයාගේ යාළු
ගොඩක් හාමුලා-නෝනලාගේත් ඇඳුම්- විශේෂයෙන් හැට්ට මහලා දුන්නා.
ඊවා හාමු හරිම ලස්සනයි. සීදේවි මනුස්සයා. මම අම්මත් එක්ක කොයි වෙලාවෙ එහෙට ගියත් එයාම ඉදිරිපත් වෙලා කෑම-බීමෙන් සංග්‍රහ කළා. එයාගේ මහත්තයා උපාලි සේනානායක. ඩඩ්ලි සේනානායක මහත්මයාගේ ළඟම ඥාති සහෝදරයෙක්. මහ කළු සිංහලයා කියන්නේ උපාලි හාමු වගේ අයටම තමා කියලයි මං නම් හිතුවේ. හැබැයි උපාලි හාමුයි, ඊවා හාමුයි දෙන්නා කොහොම හාමුවෙලා උන්නාද කියලයි මොට්ටකමට මට හිතුණේ. ගමේ බාසාවෙන් කියනවා නම් ඒ ජෝඩුව හරියට තැඹිලි ගෙඩියට කපුටා වැහුවම වගෙයි....”
මං එහෙම ලිව්වේ ‘නිදිගෙ පංච තන්තරේ’ පළමුවෙනි පෝස්ටුවට, 2018 අප්‍රේල්
පළමුවෙනිදා (මෝඩයන්ගේ වැඩ පටන් ගන්න හොඳම දවසේ. ඒ පෝස්ටුවේ බතික් ගැන ටිකකුත්, මයෙ
ගැන යහමිනුත් ලියවුණා.)
මෝඩයාගේ දවසේ පටන් ගත්තු බ්ලොග් එකෙන්........ |
එදාම මං කෙටුවා මගේ කතාව කියන්නේ කාලානුක්‍රමයෙන්; A to Z විදිහටත් නෙවෙයිය
කියලා. ඔන්න දයාබර රසික රසිකාවන්ට කියවාගන්න ඉඩ-කඩ තියෙනවා නම් මෙන්න ‘වස් කවි
කීම’ පෝස්ටු තුනේ ලින්ක්ස්.
කියෙව්වද? එහෙම නං තේරෙන්න ඇතිනේ ‘නිදි’ මව් කුසේ ඉන්දදී අර අහිගුණ්ටික
අම්මණ්ඩි අපේ අම්මට කිව්ව ‘ඇබ්බැයි නෝනා, බඩේ ඉන්නෙ දවල් ඔරා තමා’ කතාව ඇත්ත බව.
ඉතින් ‘වස්
කවි කීම’ එකේදි නොකියවුණු දේවල් විතරයි අලුතෙන් කියන්න හදන්නේ, එහෙම හොඳයිනේ.
... එහාට ගිහින් දවස් දෙක-තුනෙන්ම මට පෙනෙන්න ගත්තේ එතැන වෙන අංජ-බජල්.
‘මගේ ජීවිතේම අනුන්ගේ යහපත උදා කරන්න කැප කරලයි තියෙන්නේ! මං එහෙම කරන්නේ
පරාර්ථය වෙනුවෙන්.... සියලු දෙනාගේ උදාව තමයි මගේ උදාව.... මේක තමයි මගේ ජීවිතය.’
කියලයි එතැන ලොකු මහත්තයා කිව්වේ.
හැමෝම ඒවා ඉහ මුඳුනෙන්ම පිළිගත්තා. මේ මාත්.... හැබැයි,
එහෙම පිළිගත්තේ ඒ සිත් කාවදින කතාන්දරවල හැංගිලා තියෙන ඇත්තත් තේරුම් ගන්න ගමන්.
පිරිමි අඬනවා දකින්න ගැහැනු හරිම කැමැතියි................. |
“පිරිමියෙකු අඬනවා දකින්න ගැහැනු කැමැතියි!” ඒ මතවාදය මං පළමු වතාවට ඇහුවේ
ප්‍රවීන ගීත නිබන්ධක මහින්ද දිසානායක මහත්තයගෙන් වගේය; ජෝන් ද සිල්වා සමරු
රඟහලේදී. ගුණදාස කපුගේ ගායකයාණන් පිළිබඳව ලියැවුණු ‘හඬ’ පොත දොරට වඩින දවසේ.
ජෝන් ද සිල්වා එක අතුරු-සිදුරු නැතිව පිරිලා-ඉතිරිලා තිබුණු අතරේ පැවැත්වුණු දේශනයකදී.
එදා ඉඳලා ටිකෙන්-ටික මට වැටහුණු දෙයක් තමයි කාන්තාවන් වඩාත් විශ්වාස කරන්නේ
හැඩි-දැඩි පිරිමින්ව නෙවෙයි.
මුදු ඇවතුම්-පැවතුම් තියෙන අයව.
පිරිමිකම වෑහෙන;
පෞරුෂවත් කටහඬකට වැඩිය ලාලිත්‍යමය-කාන්තාමය කටහඬකටත් කැමැතියි.
හුඟක් පිරිමි අය සම්බන්ධයෙනුත් ඒකම තමයි ඇත්ත.
ගුණදාස කපුගේ ගායකයාණන් පිළිබඳව ලියැවුණු 'හඬ' පොත දොරට වඩින දවසේ......... |
අර ස්වෙච්ඡාසේවී ආයතනයේ ලොකු මහත්තයා ඉතාමත් චතුර කථිකයෙක්. පැහැදිලිව,
ලෙළවමින්, අසන්නා ඇද-බැඳ තබාගනිමින් කතා කරන්නට හපනෙක්. සිංහලෙන් වගේම
ඉංගිරිසියෙනුත්. ඒ වශීය හැදෙන්න ඇත්තේ අර මං මුලින් කී කාන්තාමය හඬක් මිශ්‍ර
කටහඬත් මුසුවෙලා. ඕක ඔය තරමටම සහසුද්දෙන්
කියන්නට ඇහැකි වෙන්නේ අත්දැකීමෙන්. මටත් තියෙන්නේ එවන් voice එකක්!
ඒ හින්දද මන්දා මාව තම්බන්න ඒ මහත්තයාගේ ලුණු-ගොරක මදි වුණේ.
කොහොම වුණාම මොකෝ? මගේ බතික් කිරීමේ වේගය හොඳ නං, ඒ වෙද්දී එහෙ ගෙවමින්
හිටි පීස් රේට් එකෙන් බාගයක් මට ගෙවලා වුණත් හොඳ පඩියකුත් ලැබෙනවා නං.... “එස්
අයියේ, මං ආවේ ස්වේච්ඡා සේවේ කරන්න නෙවෙයි. වැඩ කරලා හොඳ පඩියක් ගන්න. ඒකට ඉඩ නැති
නං ....”
“කවුද මනුස්සයෝ එහෙම බැරි කතාවක් කිව්වේ? ඒ වුණාට ඕවා හයියෙන් කියන්න එපා.
හයියෙන් නෙවෙයි හෙමින්වත් .. මෙතැන ඉන්න හැම එකාම උඩ යන්න හදන්නේ තව එකෙක්ව බිල්ලට
දීලා. පුළුවන් තරම් කතාව අඩු කරලා වැඩ කරන්න ...” එස් අයියා කිව්වේය.
මගේ හිතේ තරහවත් අඩු නොවී දැවෙමින්, කැකෑරෙමින්............. |
ඉතින් එතැනම නේවාසිකව ඉඳගෙන වැඩ පටන් ගත්තත්, මගේ හිතේ නිහාමු ගැන තිබුණු
තරහව අඩු නොවී තිබ්බේය. මට ඕනෑ වුණේ ඒ මනුස්ස දෝණියට රිද්දන්නටය. මං ඒකට ඉත්තා කර
ගත්තේ නන්දනීවය!
නන්දනීව එහාට එක්කාසු කරගෙන ආවේ ජයන්තිගේ අම්මා ඇසිලින් අම්මේය; බොරැල්ලේ
වත්තෙන්මය. එහෙම ආවත් නන්දනී ජයන්තිටත් වඩා හිතවත් වුණේ මගෙත් එක්කය. ඒ රොහාන්
නිසාය. චන්න විජේවර්ධන මහතාගේ ඡායාරූපයක් දකින ගානේ අදටත් මට මතක් වෙන්නේ රොහාන්වය. මිනිහා චන්නගේ සහෝදරයෙකු
වගෙය. රොහාන් හැන්ඩියෙකි; පැහැපත්ය; කෙස්ස පොකුටුය. කිහිප දවසක්ම බතික් ගරාජය
ඉදිරිපිටින් රොහාන් ‘රුවන් සක්මනේ’ යෙදුණත් නන්දනී කියන තුරුම මට ඒකේ විශේෂයක්
තිබුණේ නැත.
“අනේ නිමලෝ, අරුන්ට නං කියන්න එපා. ඇසිලින් අම්මෙට ආරංචි වුණොත් අපේ
අම්මලටත් කියයි. අරයා මට ට්‍රයි කරනවා.... අර.. අර බලපංකො.”
අනේ නිමලෝ, අරයා මට ට්‍රයි කරනවා වගේ.... |
රහසක් හෙළි කරන්නට තරම් මාව විශ්වාස කළ එකට
මමත් ප්‍රතිචාර දැක්වීමි; ඒ, දෙන්නාගේ ස්ථීර ප්‍රේමය පවත්වාගෙන යන්නට
‘පණිවිඩකරුවා’ වීමෙනි! (පස්සේ ජයන්තිලාත් ඒ හුටපටය දැනගත්හ. ගෙවල්වලිනුත් අවසර
ලැබී ඒ ජෝඩුව එක වහලයක් යටටත් වුණාලු.)
ඉතින් මා පළමු බතික් වැඩපොළෙන් අස්වෙන විට
ඉතිරි වුණේ නන්දනී විතරය. ජයන්තිත්, සෙනෙවිත් බතික් ශිල්පීන් විදියට පුහුණුවී
හිටියේ නැත. තුරුම්පුව ඒකය!
මම නන්දනීට ටෙලිෆෝන් කළෙමි. එයාටත් අලුත්
තැනේ ගෙවීම් ඉතා හොඳ බව රෙකමදාරු කළෙමි.
“ටිකාක් දුර වුණාට මොකද බං, ගෙවනවා
හොඳයිනේ. උඹ එන්න කැමතියි නං, මං එස් අයියට කියන්නං. සුද්දොත් මෙහාටම ඇවිත් බතික්
ගන්නවා. ඉතින් ලොකු සර් කැමැත්ත දීලා බතික් එකට උදේ ඇවිත් හවසට යන්න හරි ළමයි
ටිකක් ගන්න. තනියෙන්ම ඔතැන කාල් ගානවට වඩා මෙහෙ හරි ජොලි. උඹට රොහාන්වත් නිදහසේ
හම්බවෙන්න චාන්ස් එකක්!” ඇම දාන්නට ඕනේ
එහෙමය.
ඊළඟ මාසයේ හිට නන්දනීත් එහාට ආවාය. ඒ
නිහාමුටවත් නොකියාය. නිහාමු සකල අමාරුවක වැටෙන්නට ඇතුවා නිසැකය. මට නින්ද ගියේ ඊට
පස්සෙය! මං ඒ සේරම කළේ නිහාමු මගේ හිත රිදෙන්නට කතා කළ හින්දාය. එදා-මෙදාතුර මා ඒ
ගෙදර කිසිම කෙනෙකු හමුවී නැත.
ආපහු ගිහින් ආයුබෝවන් කියන්නට පුළුවන් විදිහටය........ |
අලුත් තැනට ආවත් නන්දනී වැඩි කලක් එතැන වැඩ කළේ නැත. ඉක්මනින් විවාහ වුණු නිසාද කොහෙදය.
අලුත් වැඩපොළේ දවසට දෙපාරක්ද කොහෙද තේ දෙන සිරිතක් තිබුණේය. (ඒ වෙද්දී එතැන
පුළුල් වෙමින් තිබිණි. පිටරට ආධාර වැඩියෙන් ලැබෙමින් තිබිණි. බතික් අංශයට නේවාසික
නොවෙන කිහිප දෙනෙකුම වැඩට අරගෙනත් තිබිණි. සමහරුන් ආවේ මගේ සබඳකම් උඩය.) හිර
ගෙදරක් නොවුණත් හිර ගෙදරක් වගෙය. හැමෝම පෝලිමේ ගිහින් තේ ලබාගත යුතුය.
තේ වෙලාවට මොනවා හෝ අමතර දෙයක් අපට ගෙන්වා ගන්නට මුල පිරුවේ මාය. ඒ බතික්
සෙක්ෂන් එකේ අයට විතරය. දවසකින් දෙකකින්ම එය විධිමත් වෙන්නට මුල පිරිණි. “එහෙම
බැහැ නිමල් මල්ලී. ඔයාටම වියදම් කරන්න දෙන්න බැහැ. එක-එක දවසට එක-එක්කෙනා ගණනේ
මොනවා හරි ගෙනෙමු. නීතියක්ම නෙවෙයි මල්ලී.... කැමැත්තෙන් ගෙනෙන්න අරිමු.” ඔහොම
දුරදිග බලන කතා කිව්වේ නන්දා හේනපොල අක්කාය.
සුමිත්‍රා අල්ගම, මල්ලිකා ජයකොඩි හා නන්දා හේනේපොල අක්කලා එක්ක නිදි............ |
නන්දක්කාත්, සුමිත්‍රා අල්ගම
අක්කාත් (ප්‍රවීන ගීත රචක මහින්ද අල්ගමගේ සොහොයුරියයි.), මල්ලිකා ජයකොඩි අක්කාත්,
මුද්‍රණ අංශයේ රංජිතුත් මාත්ය නිතරම එකට කල්ලි ගැහුණේ!
“එතකොට අක්කේ.... පුරුදුවෙන්න ඇවිත් ඉන්න අයට .... එයාලා පව්නෙ. එච්චර
ගානක් ලැබෙනවය?”
ඒ වගකීම කැමැත්තෙන්ම බාරගත්තේ වැඩි වැටුපක් ලබන ප්‍රවීන අය විතරය. මේවා
අතිශය ආඩම්බරයෙන් කිව හැකි දේවල්ය. මේ කතාවට සාක්කි අවශ්‍ය නම් මේ ෆොටෝ කෑල්ලේ
ඉන්නා අයගේ අහන්න. මේකේ නැතත් තව එක්කෙනෙකු මට හොඳටම මතකය. ඒ දවස්වල අපත් සමඟ
බතික් පුහුණු වුණු කෑගල්ලේ හාදයෙක්. දැන් ප්‍රසිද්ධ අංග රචනා ශිල්පියෙකි, නළුවෙකි.
අම්මෝ, වෙනදට වැඩිය දික් ගැහුණා. ඇති, ඇති. අදට ඇති.
Yako, ganunta wada konde theyenawane muta.
ReplyDeleteNice, I read the full post today. Its bit of a salad with everything in it, I like this more than politics.
විජේබාහු මහත්තයෝ, ගොඩක් ස්තුතියි කොණ්ඩය ගැන කමෙන්ටුවට. මීටත් වඩා දිගට වැවුණු කෙස් කලබක් එක්ක ෆොටෝ එකක් තියෙනවා අදාළ තැනකදී දාන්න,
Deleteකොණ්ඩය වැව්වේ නාට්‍යයක් සඳහායි. හැබැයි 70 ගණන්වල එක ෆැෂන් එකක්. හිපි.
නිහාමු පල නොකියා පලා බෙදුවා වත්ද?
ReplyDeleteචමින්ද, මට නම් වැටහුනේ පලා බෙදුවා නෙවෙයි, අර වලව් මහන්තත්තකම එළියට පැන්නා කියලයි.
Deleteඔය විජේබාහු ඉංගිරිස් වලින්ම කියලා තියෙන්නේ! ගෑනු ඔක්කොටම වඩා කොන්ඩේ තියෙන්නේ ඔයාටනෙ??? මන් හිතන්නේ ඔය 70 දශකයේ 'හිපි' යුගය වෙන්න ඕනෑ. ඔය කොණ්ඩෙට මැච් වෙන්නේ අඟල් 28 විතර බෙල්බොටම් එකකුයි.
ReplyDeleteහරියටම හරි සෑම්. ඒ කාලේ බෙල්බොටම් තමා තිබුණේ. මගේ පළමු කඩිග කලිසමත් 1973 (ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවය වසරේ) වගේ. බෙල් බොටම් එකක්.
Delete//තපසුන්නාන්සේගේ සුළුදිය එක්ක පහවුණු ‘පුරුෂ බීජ’ නිසාලු //Retrograde ejaculation occurs when semen enters the bladder instead of emerging through the penis during orgasm.//
ReplyDeletehttps://www.mayoclinic.org/diseases-conditions/retrograde-ejaculation/symptoms-causes/syc-20354890
//The semen mixes with urine and passes out of the body the next time the man urinates. It causes no damage to the bladder.//
https://www.issm.info/sexual-health-qa/what-is-retrograde-ejaculation/
//මගෙන් අහන්න එපා, මුවොන්ගේ ගර්භාෂයයි, ආමාශයයි එකට සම්බන්ධද කියලා.//An abdominal pregnancy can be regarded as a form of an ectopic pregnancy where the embryo or fetus is growing and developing outside the womb in the abdomen, but not in the Fallopian tube, ovary or broad ligament.//
https://en.wikipedia.org/wiki/Abdominal_pregnancy
හැබැයි stomach එකේ නම් බෑ
Pra Jay, පළමුවෙන්ම අගනා ලින්ක්ස් ටිකට ස්තුතියි.
Deleteජාතක පොතේ කතාවේ දෙපොළක් මට අපැහැදිලියි. මිනිස් ශුක්රානුවක් මිග ඩිම්බයක් එක්ක සංසේචනය විය හැකිද?
මුත්‍ර සමඟ පිටවුනු ශුක්රානුවක් තණකොළ මත පතිතව තිබී මුවැත්තියගේ ආමාශයට ගයත්, එතනදී ජීරණය වීමක් මිස සංසේචනය වීමක් වෙන්නේ නැහැනේ.
සතියකට post = 3
ReplyDeleteඅවුරුදු 1/2 ට සති = 26
තිබිය යුතු post ගණන = 78
තිබෙන post ගණන = 69
මේ නිසා හිඟ post = 9
ඉක්මනට ලියන්ඩෝ.. කියවන්න බලන් ඉන්නෝ......
අම්මෝ මිගාර, ටිකක් අනුකම්පා කරන්ඩෝ! හැකි ඉක්මනට ලියනවා.
ReplyDeleteඒත් එක-එක මරාලවලටත් පැටලෙන එකනේ මගේ වැඩේ! පොසොන් එකට සව් දන්සලක් දුන්න, අපේ ලේන් එකේ අය එක්ක.
ඊට පස්සේ සතියක්ම ගෙදර හිටියේ නැහැ, කතරගමට පාද යාත්‍රාවේ ගිය නිසා. ඔය වගේ...........
මරු කොණ්ඩ මොස්තරේ ... අනික බලන් යනකොට නිදි කියනනේ නිදියගන්නෙ නැති හීන් නූල් කාරයෙක් නෙව :-D
ReplyDeleteමට කවුරැහරි ඔය වගේ ඉවසන්න බැරි කඩප්පුලි වැඩක් හෝ කතාවක් කරොත් .. ආස්සරෙන් හලල දාල ඈත් වෙන එක තමයි මම නං කරන්නෙ .. ඔව්ව හිත හිතා ඉන්න එක මහා තේරුමක් නැති දෙයක් !
එච්චර කොන්ඩේ තිබුණු මාත් දැන් පස්සෙන් තට්ටයෙක් වෙලා ඉන්න හැටි! සංසාරේ!!
ReplyDeleteඇත්තටම කණ්ඩා, මං ඉස්සර නම් ටිකක් වැඩියෙන් පළිගන්නාසුලු දුර්ජනයෙක්. දනය කියලත් වැඩිම වෙනසක් වෙලා නැහැ. හැබැයි ඔයා කරනවය කිව්වා වගේ කඩප්පුලි මිනිස්සුන්ව අයින් කරන්න හිතන්නේ නැහැ. මොකද වැඩිම දෙනෙකු අතින් වැරදි වෙන නිසා.
ඇත්තම කිව්වොත් මගේ ජීවිතයෙන් එහෙම අයින් කළ- 5 විතර තමා ඉන්නේ.