“Yeeeeee... That’s a great idea... කන්ට්‍රිසයිඩ් trip... කන්ට්‍රිසයිඩ් trip...” චූටි නංගි එකම වචන පේළියක් මහ සද්දෙන්- තාලයට ගායනා කරමින් පෙළපාලියක් යද්දී, ඩැඩා අත් දෙකින්ම කන් දෙක වහගත්තේය.
“Oh my God! Keep quiet Deepani. Next
Sunday මම
උඹලව එක්ක යන්නං countryside
පික්නික්
එකකට. හැබැයි හැමදාම වැඩට යන උඹලගෙ මදර් සුපීරියර්ව ඒකට ජොයින් කරගන්න duty එක
නං උඹලගෙන් කාට හරි කරන්න වෙයි.”
ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන countryside picnic එක
ගියත්, එය
අපි හැමෝටම... |
ඉතිං එදාත් Mrs. Schroeder
එක මොහොතක්වත් පරක්කු නොවුණාය; ක්ෂණික ප්‍රකාශයක් නිකුත් කළාය. “Mother සුපීරියර්ට
පුළුවන් ඕනිම දවසක නිවාඩුවක් ගන්න.”
එහෙම ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන countryside picnic එක ගියත්, එය අපි හැමෝටම එක
විදිහක වදයක් වුණු විත්තියයි, වැඩියෙන්ම මගේ හිතේ කෙටිලා තියෙන්නේ. එහෙම වුණේ නම් අපේ
අම්මාගේත්, ඩැඩාගේත්
වැරැද්දෙනි!
අපෙ අම්මාට ඩ්‍රයිවින් බැරිය. “කීප සැරයක්ම සැසිල්
try කළත් එක්ක මට ඩ්‍රයිවින් උගන්නන්න. මෙයාට ඉවසිල්ලක් නෑනෙ නොදන්න කෙනෙකුට හෙමින්
සැරේ කියල දෙන්න තරමට. සැසිල්ගෙන් බැණුම් අහලම තමයි, මට ජීවිතේටම ඩ්‍රයිවින් එපා වුණේ.”
අම්මා නිදහසට කිව්වේ ඒ කාරණයයි.
“That’s not the point. ලීලා පණ්ඩිත වැඩියි, within an half
hour ඩ්‍රයිවින් ඉගෙන ගන්න පුළුවන් කියලයි මෙයා හිතන්නේ. උඹ දන්නවද
නිමොල්... ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙච්ච ගමන් වාහනේ එලෙව්වැකි කියලයි, උඹලගෙ මදර්
සුපීරියර් හිතන්නේ...” ඩැඩා
ඉඟි මරමින් කියයි. “මොන මිනිහ ඉගැන්නුවත්, ඉගෙන ගන්න ගෑනිටත් මොළයක් කියල එකක් තියෙන්න
ඕනිනේ. එහෙම නැත්තං...” ඩැඩා
කියන්නේ එහෙමය.
ඩැඩාම කියන විදිහට, අපේ අම්මා දන්නේ ‘මම්බල්-ජම්බල්’ ඉංගිරිසිය. Dada ඒ
ඉංගිරිස් තේරුම් ගන්නෙත් අමාරුවෙනි. ඒ කතාව ඇත්තය. එහෙම තියෙද්දීත්
highway එක දෙපැත්තෙත්- උඩිනුත් තියෙන sign boards ගැන ඩැඩා
අහන්නේ අම්මාගෙන්ය. ඒකෙත් වැරද්දක් නැත. ඩැඩාට යාබද ඉස්සරහ ආසනයේ වාඩි වී ඉන්නේ අපේ
අම්මා නෙව.
“Leela, What is in that
board?”
“මොන?”
“අර පහු වුණේ... ඒකවත් දැක්කේ නැද්ද? උඹ රැජිණ වගේ ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා යනව නං,
ටිකක් මටත් උදව් වෙයං. ස්ටියරින් වීල් එක කරකවන්නයි, ගියර් දාන්නයි, අනිත් වාහන overtake
කර ගෙන යන්නයි... මට වැඩ කීයක්ද?” අපෙ අම්මා ගැන කොච්චර විවේචන තිබ්බත්,
ඩැඩාට උන්දෑව නැතුවත් බැරිය. හැම කුටුම්බයකම තත්ත්වය මේකද?
ඔබ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ලිංගික ක්‍රියාකාරකම්වලින්
තෘප්තිමත් නොවුණු නිසාද... |
ඒ අතරේ අම්මාත් නිහඬව නොසිට සැමියාට ප්‍රතිප්‍රහාර
එල්ල කරන්නීය.
“අපි කවුරුවත් වාහනේ නැහැයි කියල හිතා ගනිංකො සැසිල්. උඹ තනියමත් කාර් එලවනවනේ...
එතකොට කවුරුවත් ඉන්නවයැ උඹේ උදව්වට.”
“You know, නෝමල් roadsවල යද්දී වගේ හයි වේ එකේ හෙමින් යන්න බෑ ලීලා. I
have to drive fast…”
ඒ නිදි අධිවේගී මාවතක ගමන් ගත් පළමු වතාවයි!
ඒ එංගලන්ත අධිවේගී මාර්ගයේ යන හැම වාහනයක්ම හැටට හැටේ පිම්මේ යද්දී මට නම් පුදුම හිතුණේය.
ඒ දවස්වල ශ්‍රී ලංකාවේ Highway තිබ්බේ නැත. සීඝ්‍රගාමී බස්වලට වුණත් දුවන්නට වුණේ ‘බඩගාමී’ පාරවල්වලය.
ඒකටත් එක්ක දැන්? අපේ රටෙත් අධිවේගී පාරවල් තිබේ. එව්වායේ යන්නා වාගේ එකසිය ගාණට බඩගාමී
පාරවල්වල වුණත් දුවන වාහනත් ඕන තරම් ලංකාවේ තිබේ!
මේ posts මාලාවේ පසුගිය කොටසට පළමු
comment එක
එවමින් ‘තට්ටයා මහතා’ මට ආරාධනයක් කරන ගමන්ම, අධිවේගී ප්‍රශ්නයකුත් අසා තිබිණි.
‘පසුගිය දවසක ඇත්තෙන්ම සිකුරාදා මම නිදිව හෙව්වා!
ඔබ ව සම්බන්ධ කර ගැනීමට බැරි වූවා අපේ "ශනිදා දහයට" සීන් කෝන් එකට!
හැකිනම් ලබන සෙනසුරාදා මෙවන්ම වූ රසාලිප්ත ලිපියකින් අප හමුවට එන්න.
දැන් කමෙන්ටුව!
ඔබ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ලිංගික ක්‍රියාකාරකම්වලින් තෘප්තිමත් නොවුනු නිසාද
මෙම සැත්කම තෝරා ගත්තේ?
එසේත් නැතිනම් එය හුදෙක් මනසේ අවශ්‍යතාවයක්ම පමනක්ද?’
මෙතැනදී ඒ කමෙන්ටුව, ගෙඩිය පිටින්ම උපුටා දැක්වූයේ
සහෝදර blog රචකයන් පිරිසකගේ අලුත්ම ‘සාමූහික වෑයම’ට මට හැකි උපරිම සහය පළ
කරන්නටත් එක්කමය!
‘ශනිදා දහයට’ සංකල්පය අපූරුය!!!
Blog රචකයන් වැඩිම පිරිසක්, හැම සෙනසුරාදාම රාත්‍රී
දහයට පෝස්ටුව බැගින් පළ කරනවා නම්...
නමුත් මේ ලියන්නාට නම් ඒ ක්‍රියාන්විතයට දායක වෙන්නට නොහැකි බව කනගාටුවෙන් වුවත්
කිව යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව ‘නිදිගෙ පංච තන්තරේ’ට ලියවෙන posts දින හතරකට
හෝ පහකට හෝ වතාවක් බැගින් publish කරන සිරිතක් මා පවත්වාගෙන යන බැවිනි. (මේ
වකවනුවේ නම් ඒකත් මගේ මනාපයකින් තොරව එහා-මෙහා වෙයි!)
සයුරක යාත්‍රාවක් පදවන්නන්ගේ ක්‍රම ඔවුනටම
ආවේණික ලෙසින් එකිනෙකාට වෙනස් වන්නාසේ; එක-එක්කෙනාගේ ලිංගික ක්‍රියාකාරකම්... |
‘ඔයා කැටි කරලා අහන ප්‍රශ්නයට ඍජු කෙටි උත්තර දුන්නොත් ඊට පස්සේ මට ලියන්න දෙයක්
නැති වෙයි වගේ. ඒ නිසා දිගටම මේ posts කියවලාම කතාව තේරුම් ගන්න කියලයි කියන්න වෙන්නේ.
දැනටමත් මේ ප්‍රශ්නයට අදාළව ගොඩක් දේ ලියවිලා ඉවරයි. ඒත් තව ලියන්න තියෙනවා. මං
කැමති නෑ ඒවායේ කුතුහල රසයක් නැතිව යනවට.’
මං එහෙම කිව්වේ ඇත්තටමය.
‘නිදිගෙ පංච තන්තරේ’ට මගේ සැබෑ ජීවිත කතාව
ලියන විත්තිය ඇත්තය. ඒත් ඒ ලියමන රසවත්; කියවන්නන්ව ආකර්ෂණය කර ගන්නා; කුතුහලය
ගැබ් වුණු සාහිත්‍යමය එකක් ලෙස ලිවීමටත් මම හැකිතාක් උත්සාහ දරන්නෙමි.
ඒ එක්කම යාවත්කාලීන විත්ති සමහරකුත්, දයාබර පාඨක ඔබේ අවධානයට ලක්විය යුතු යැයි මට
හැඟෙන දේවලුත් මේ ලියවිලිවලට එකතු වෙයි. එබැවිනි මේ වෙද්දී, මේ අඩවියේ පළ කෙරී
තිබෙන posts සංඛ්‍යාව 613ක් වන්නේ.
මගේ ක්‍රමයට ‘පංච තන්තරේ’ පෙරළන ආදරණීයයන්ද කැමැති පාටය. මං එහෙම හිතන්නේ මේ
වෙද්දී, මේ අඩවියේ පිවිසුම් ගණන 2,65,310 ක් නිසාය. මට එවන් පිළිගැනීමක් තිළිණ කළ රසික
- රසිකාවියන් හැමටම බෙහෙවින් ස්තුතියි!
තට්ටයා මහතාණෙනි, ඔබේ ප්‍රශ්නයේ දෙවනි
අර්ධයේ මුල්ම කොටසට; ‘ඔබ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ලිංගික ක්‍රියාකාරකම්වලින්
තෘප්තිමත් නොවුනු නිසාද’ යන කොටසට නම් දැන්මම ඍජු පිළිතුරක් සපයන්නෙමි.
චූර්ණිකාවකුත් එක්කම!
මගේ ලිංගික ක්‍රියාකාරකම්වලින් මම තෘප්තිමත්
වීමි.
ඒත්, මාත් පුහුදුන් කෙනෙක්මි. එබැවින් තව-තවත් ඒවායින් විවිධ රස සෙවීමි.
සයුරක යාත්‍රාවක් පදවන්නන්ගේ ක්‍රම ඔවුනටම ආවේණික ලෙසින් එකිනෙකාට වෙනස් වන්නාසේ; එක-එක්කෙනාගේ
ලිංගික ක්‍රියාකාරකම් එකිනෙකාට වෙනස්ය; එකිනෙකාගේ සංවේදී තැන් (නිල) වෙනස්ය; ශරීර
ගන්ධයන්- පොරමෝන ගන්ධයන්
වෙනස්ය; ඔවුනගේ සිරුරු උෂ්ණත්වයන් පවා
වෙනස්ය. එවන් හැම ක්ෂුද්‍ර දෙයක් කෙරෙහිම දැඩි අවධානයකින් සිටීමේ පුරුද්ද නිසාද
මංදා... මට මේවා මෙතරම් මීටර් වෙන්නට ඇත්තේ.
ඒ ගැන තවත් one and only කාරණයක් පමණකි, දැනට මා කියන්නේ.
‘පිපාසයට ලුණු වතුර බිව්වාම වෙන්නේ පිපාසාව තවත් වැඩි වීමය!’
Countryside trip එක යමින් ඉඳලා- ප්‍රධාන
පාරෙන් හැරී පැමිණි දුර නරකමත් නැත!
ඔන්න ඔන්න ආයෙමත් එතැනටම...
“සැසිල්, අපි කොහාටද යන්නෙ?”
“ඇයි, තැන කිව්වම උඹ දන්නවද? ටිකක් ඉවසගෙන බලං හිටපංකෝ. ලීලට නැත්තෙත් ඒකනෙ...
හැහ්හ් හැහ්හ්.”
කොච්චර ජොලිද ඉදිච්ච ස්ට්‍රෝබෙරි ගෙඩි
හොයලා කඩන එක. Fresh; ජූසි ගෙඩි ඕනි තරම්
කන්නත් පුළුවන්නෙ! |
නමුත් ඩැඩා
නොවේ, කාරය නැවැත්තුවේ. හොර හිනාවකින් මුව සරසාගෙන තවත් විනාඩි පහළොවක් විතර වාහනය
පැදවූ ඩැඩා,
පාර අද්දර තිබුණු ‘ස්ට්‍රෝබෙරි’ වත්තකට කාරය හැරෙව්වේය.
ඒ වත්තට ඇතුළු වීමට එක්කෙනෙකුගෙන් පවුමක් බැගින්
අය කෙරුණු බව මගේ මතකය කියයි.
“දැන් ඉතින් උඹලට තියෙන්නෙ ස්ට්‍රෝබෙරි කඩන්න. කඩන ගමන්ම ඕනි තරම් ඒවා කන්නත් උඹලට
පුළුවනි. හැබැයි එකක්වත් අපට ගෙනියන්න බැහැ. ගෙනියන්න ඕනෙ නං අර outlet
එකෙන් අර ගන්න පුළුවන් වෙනම සල්ලි ගෙවලා.”
“අපි මොකටද ඩැඩා
සල්ලිත් ගෙවලා ටිකට්ස්තුත් අරගෙන ඕකට ගිහිං, නිකං නැහීගෙන ඒ මිනිස්සුන්ට ස්ට්‍රෝබෙරි
කඩල දෙන්නේ?” අනිල්ට නං ඒ පලතුරු නෙළීම හිතට අල්ලලා නැති පාටය පෙනෙන්නේ.
“Come on Anil අයියා. කොච්චර ජොලිද ඉදිච්ච ස්ට්‍රෝබෙරි ගෙඩි හොයලා කඩන එක. Fresh; ජූසි ගෙඩි ඕනි තරම් කන්නත් පුළුවන්නෙ...” සෑම් අනිල්වත් ඇදගෙන යයි.
දීපාල් අපි හැමෝටම කුඩා කූඩයක් බැගින් බෙදාගෙන යයි. ඒ කඩන ස්ට්‍රෝබෙරි දමන්නටය.
“ඩැඩා,
උඹටත් කූඩයක් ඕනිද?” දීපාල් අහන්නේ විහිළුවටය. එතකොටත් ඩැඩාට
ආතරයිටිස් නිසාද කොහෙද, මෝල් ගහ වගේ හරි කෙලින් ඉන්නට බැරිය. එයා ඇර අපි කට්ටියම ස්ට්‍රෝබෙරි
කැඩීමේ මෙහෙයුමට බැස්සේ ඊළඟටයි. සමන්ති නංගි කියූ තරම් ජොලියක් නං ඒ මෙහෙයුමේ තිබ්බේ
නැත. ස්ට්‍රෝබෙරි පඳුරු උස නැත; ඉදුණු ගෙඩි හොයන්නට වුණේ කොන්ද නවාගෙන හරි, දණ
ගසාගෙන හරිය. ඒ නිසා පැයක් හමාරක් ගත වෙද්දී හැමෝටම ඇති වෙලාය!
මට
එදා මතක් වුණේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ දෙසතියේ විනෝද චාරිකාවයි.
(දීඝායු මගේ ජීවිතයට පිවිසුණේ ඒ චාරිකාවේදී- බණ්ඩාරවෙලදීය.) එහිදී බාබටන්ඩේසි කොරටුවකට ගිය ගමනත් මේ ස්ට්‍රෝබෙරි වත්තට ගිය ගමන වගේමය. හැබැයි, මෙතැනට ගිය කාගෙන්වත් ස්ට්‍රෝබෙරි
පඳුරුවලට හානි වුණේ නැත. ඒ අපට වඩා, එංගලන්ත වැසියන් තුරු-ලතාවලට සලකන බැවිනි.
සමහර වත්තක් එක දවසෙන් අලංකාර සපුෂ්ප උද්‍යානයක්
වී බබළන්නේ එහෙමය. |
ඒ රාජකාරිය හිතන තරං අමාරු නැත. ටිකාක් විතර වියදම්
නම් වැඩිය!!
සීත ඍතුව ගෙවී යද්දී හැම තැනම බඳුන්වල සිටවූ මල් පැල විකුණන්නට තිබෙයි. ඒවායේ මල්
කැකුළු පූදින්නට ඔන්න මෙන්නය.
කරන්නට තියෙන්නෙ තමන් කැමති ජාතිවලින් පැල බඳුන් ගෙනැවිත්
රෝපණය කිරීමය. සමහර වත්තක් එක දවසෙන් අලංකාර සපුෂ්ප උද්‍යානයක් වී බබළන්නේ එහෙමය.
එහෙව් පුරුදු තියෙන උදවියට, අනුන් වවා ඇති ගොවිපළක
වුවද පල නෙළීම සතුට දනවන්නකි.
එතැනින් පස්සේ තවත් හැතැප්ම ගණනාවක් ඉස්සරහට...
ගම්මාන මැදින්... අක්කර සිය ගණන් පැතිරුණු කෙත් යායවල් මැදින්... මට මතක තියෙන්නේ අම්මාගේත්,
ඩැඩාගේත්
නිමක් නැති ‘ප්‍රණය කලහ’
මැද්දේ අප ඈතින්-ඈතට ගිය විත්තියයි; පාර අද්දර
picnic යන්නන්ටම පහසුකම් සලසා තිබුණු තැනක නැවතී- සතුටින් ආහාර ගත් විත්තියයි.
ඒ ගමන නිම වී ගෙදර එනවිට රෑ බෝවී තිබ්බත්,
පහුවදා උදෙන්ම අම්මා වැඩට ගියාය; සමන්තිලා පාසල් ගියෝය; අන්නාත් කැරියර් සර්විස් එකට
ගියේය; මං ගියේ අහමඩ්ලගේ ගෙදරටය.
එදා ගෙදර වැඩ කරන කාන්තාව පිටත්ව ගියායින් පස්සේ, අහමඩ්ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණි.
ඒ ඔහුගේ මිතුරෙකු පාර්සලයක් බාර දීමට පැමිණෙන බැවින් එය ලබා ගන්නැයි මට දන්වමිනි.
මිතුරා ආවේය. පාර්සලය බාර දුන්නේය. ඒ
අතරතුරදී මගේ දිහාවට තියුණු ලෙසින් නෙත් හී සැර විදිනවාත් මට දැනිණි.
ඒ හාදයා දැක්කද මන්දා... මට නොදැනී, මටත් නිකම්ම කීප සැරයක් එයා දිහාව බැලිණි. යන්නටත්
පිටත් වෙලා, ආපහු හැරුණු ඒ ‘කඩවසම් හාදයා’ හෘදයංගම සිනාවක් පෑවේය; පා මුවගුලු හැරියේය.
ඒ යක්ෂ පැටියා කිසිම පැකිළීමක් නැතිව, ඍජුවම මගෙන් ඇහුවේ- ඔහු හා ලිංගික ඇසුරකට මා
කැමතිද කියලායි. ඇත්තම කියනවා නම් ඒ ප්‍රශ්නය කන වැකුණු මා උන්නේ තක්බීර් වෙලාය;
අන්ද-මන්ද වෙලාය; උගුර-කට වේළිලාය.
ඒත් මම උඹට ආදරෙයි, පරයෝ.
ඒ ආදරේ හින්දමයි කියන්නේ... |
“ඔයා දන්නවද නිමල්, දැන් මෙහෙ අපි වගේ හෝමෝලා අතරේ මොකක්දෝ ලෙඩක් පැතිරෙනවලු... මෙහෙ විතරක් නෙවෙයි. ඇමෙරිකාවෙත්...” අශාන් බැරෑරුම්ව කියයි.
“ඉස්සර වගේ නෙවෙයි, දැන් අපි වගේ
අය අපේ අයිඩෙන්ටිටි එක හංගගෙන ඉන්නෙ නැහැනෙ. වෙනස් විදිහට හිතන්න බැරි අපේ රෝයි
අයිය වගේ මිනිස්සු, අපේ ඒ forwardකමට තරහයි. ඒ මිනිස්සු කියනවා මේ ලෙඩේ homo කමියුනිටි
එක විනාශ කරන්න දෙවියන් වහන්සේ එව්ව දඬුවමක් කියලත්...”
“Homo කොමියුනිටි එක?”
“ඔයා මේවා එච්චර දන්නෙ නැති එක ගැන පුදුම වෙන්න දෙයකුත්
නෑ නිමල්...”
...
“I can’t protect you. Yes, මට එහෙම කරන්න ඕනෙත් නෑ. ඒත් මම උඹට ආදරෙයි, පරයෝ.
ඒ ආදරේ හින්දමයි කියන්නේ- ඔයාට නරකක් වෙනවට මං කැමති නෑ... මේ දවස්වල හෝමෝ කට්ටියට
පරෙස්සං වෙන්න වෙලා තියෙන්නේ V.D.වලින්... ස්පෙෂලි හෝමෝ
අය අතරේ අලුතින් පැතිරෙන ලෙඩෙන්... උඹ ඕවා දන්නෙ නෑ කොල්ලො.”
අහමඩ්ගේ
මිතුරා කඩවසම් හාදයෙකු බව ඇත්තය; මගේ කැමැත්ත දිනා ගන්නා විදිහේ කෙනෙකු බවත් ඇත්තය;
එයාගේ ඍජු එඩිතරකමට මගෙන් සම්පූර්ණ ලකුණු ලබාගත් බවත් ඇත්තය.
ඒ අවුරුද්දේ මුල් දවස් 118න්
දවස්
42ක්ම සමලිංගික ඇසුරු කිරීම් රැසකට සම්බන්ධ වුණු මා, එංගලන්තයට පැමිණි දිනයේ සිට
මාස ගණනාවක් තිස්සේ, කිසිවෙකු හා එවන් ඇසුරක් නොලබා සිටි බවත් ඇත්තය. ඒත්... ඒත්...
කවුද දන්නේ මේ යක්ෂ පැටියා කොහෙ-කොහේ කවුරු-කවුරුන් එක්ක ලැගලා තියෙන හාදයෙක්ද කියලා.
මං උත්තර දෙන්නට පරක්කු වෙද්දී
ඒ හාදයාම ඉස්සර වුණේය.
“You
don't want...?”
මම හිස වනමින් එය එසේ යැයි ඇඟවීමි.
“If it is so, let’s forget it. ඒත් මගේ යෝජනාව රහසක් විදිහටම
තියෙයි නේද?”
“සහතිකයි,
I’ll keep it as a සීක්‍රට්!”
“Thanks Nimal. උඹ මාව රිජෙක්ට් කෙරුවට, උඹේ ඇස් දෙක නං
එහෙම නෙවෙයි කියන්නෙ. පස්සේ හරි උඹේ හිත වෙනස් වුණොත්...” කියලා කියමින් එයා...
à ඊළඟ
කොටසට...
ආවෙමි කියවන්න මෙහි එන හැමට කලින්
ReplyDeleteශනිදා දහයෙ වැඩ සටහන ඔබට නතින්
එනමුත් ෆ්ලෙක්සිබල් නොවන්න හිතට අරන්
ඇති බව පෙනෙයි ඔබ දා ඇති සඳහනින්
යන්නේ කොහෙ ද කියලා අහනා කලට
Deleteමල්ලේ පොල් කියා දුන්නා උත්තරය
උබට මොක ද මං දානා කමෙන්ට් එක?
Deleteමට ඕනෑ දේ ලියා තබනෙමි මම ලෙසට
කිරි අප්පට බල්ලො බුරපි
Deleteඩ්‍රැකියා පස්සෙ වම්හ ආපි
දෙන්නා එක්ක අල හිටෝපි
ප්‍රසන් නයා කකුල කාපි
ඕකට මං දැම්මා දෙවරක් උත්තරය
Deleteස්පෑමාට අහු වී ඩිසැපිය වුනෙමි
මහ එකාට කට උත්තර නොමැති වග
Deleteඋත්තර නොදීමෙන් පැහැදිලි වේය'පට
දොරකඩ ගහේ බෙණයක ඉන්නා බස්සා
Deleteඒ පාමුල හුඹහේ ඉන්නා හප්පා
දෙන්නම සාක්කිය වෙනුවෙන් මම කැන්දා
නිදියට කියමි බලනට ස්පෑම සොයා
කෙල ගන්නට එපා ඔක්කෝටම බයිට
Deleteනිදියා හදල දෙයි තොපි උන්දැගෙ නොවෙ ද?
කරටි කැඩෙන තෙක් ගසනෙමු අපි අඩිය
බසු, නයි, නමිය, තට්ටය වෙල්කම් එයට
ඇත්තම කියමි සුපුරුදු ලෙස ඩ්‍රැකී ඉතින්
Deleteපිළිවෙත නොකැඩීම ගුණයකි මගේ ඉතින්
Post ලියන එක මැතිඳුනි නැත සෙල්ලන්
එය ගන්නවා දින දෙක තුන මේ නිදිගෙන්
කොයි හැටි වෙතත් ‘ශනිදා දහයට’ දැක්මෙන්
Deleteපස්සේ සමහරුන් අවදිව ඇත නින්දෙන්
ඩ්‍රැකී වම්හ, ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්
ඇවිත් කවි මඩුවෙ ඉඳගමු ආයුබොවන්!
This comment has been removed by the author.
Deleteඅපිට ඔය වවුලංගෙ බස්සංගෙ කකුල් කාල පුරුදු නෑ ඉඳගෙන.
Deleteඅල වාගෙද ගෝව. ගෝව වගෙද මේව 😁
Deleteප්‍රසෝ, හැබෑටම නයි ගිලින්නේ නැද්ද වවුලන්ගේ කකුල්...
Deleteනමී, අල කිව්වම නං මතක් වෙන්නේ අර්තාපල්. ගෝව කියන්නේ අර ඉන්දියාවේ....
Deleteනිදියා බස්සා ද්‍රකියා අපි දන්නේය
Deleteද්රකි වම්හ ඇඩම් ද්රෙක් හොල්මන්ය
"ණ"යා මල්ලි පිටි පස්සෙන් ඉන්නවද
කියා හිතුනි ශනිදා මට දහයටම
ඈති ඇති ගොඩක් සහයට ඇති වැඩක් වගෙයි
Deleteතෙවෙනි ශනිද දහයට මේ සති අන්තෙයි
බුකියට වඩා බ්ලොග් ලෝකෙට මම කැමතියි
ඔබ සැම හමු වුණෙත් ඒ ලෝකයෙදි තමයි!
උබට මොටද මම දානා කමෙන්ට් ගැන
ReplyDeleteමට උවමනා දේ ලියනෙමි මම ලෙසට
දානා කමෙන්ට් ස්පෑම් වෙන බව මෙමට
පෙනේ නිදියො, පොඩ්ඩක් බලමු ද එගැන?
ස්පෑමා ගිලල තිබ්බා comment දෙකක්
Deleteඑළියට දැම්මුවා ඇනලා පොඩි ටොක්කක්
ඒක ගණන් ගත යුතු නැති තරං එකක්
පහුගිය දාක අවතැන් වුණෙ රොකට් එකක්
හ්ම් ඒකත් ඇත්ත. කොන්ද නමාගෙන ස්ට්‍රෝබෙරි කැඩිල්ල ඒ තරම් ආතල් වැඩක් නොවෙන පාටයි. ඇපල් හරි චෙරි වගේ නෙමෙයි, ස්ට්‍රෝබෙරි නිකං කනකොට එපා වෙනව.
ReplyDeleteඒක නේන්නං බස්සා මාහත්තයෝ, සමහර වැඩ පිටින් පෙනෙනකොට හෙණ ආතල්, වැඩේට බැස්සම තමයි රඟේ දැනෙන්නේ...
Deleteඔයා හරි, ස්ට්‍රෝබෙරි ක්‍රීම් එක්ක තමයි රස.
කයි මඩු දමමු කියු නමියා තවම නැත
ReplyDeletePraසන්னයත් ආවම කවි ලියනු ඇත
බස්සෝ, ලියන්නේ එකයිද- ලිමිට් නැත
ලියමු, ලියමු- කවි ලිව්වම වෙහෙස නැත
කවුදැයි අපි නොදැන කවි මඩු දමන්නේ
Deleteඅපි කවි ලිව්වොතින් අලයන් දුවන්නේ
බස්සන් ඉඳං රෑටයි කවි ලියන්නේ
වෙහෙසී ලිව්වනං මෙතනම දමන්නේ
අප්පට හුඩු නයි රාළත් ලියයි කවී
Deleteබඩගාගෙන ආවත් ඌ සැකන්ඩ් නොවී
ස්ට්‍රෝබෙරි කනවා මට පෙනෙයි මැවී
නයි මඩුවක් දාමුද අපි, දැන් කොහෙද නමී
රෝස්පාං කයි කිවුවට னයි නොකතී
Deleteඉස්ට්‍රෝබෙරි වගේ දෙයක් ඌ පතතී
னයි මඩුවෙ වැඩේ නමියට හරි නොයතී
කොම්බු චැනලයයි ඒකට අගේ ඇතී
අලයා ගානවලු පොල් දැං උයන්නට
Deleteඌ අහුවෙලා ඩ්‍රැකියානිගෙ හස්තයට
ගැලවුනු විටදි ඒ නඩුවෙන් නිච්චියට
னයියා පටවගෙන එයි දැං කවි ලියන්නට
අල වාගෙද ගෝව කිය කිය නමිය ඉඳී
Deleteගෝවා කොළය, අල ගෙඩි බව ඌ නොදනී
අල බංගලාවේ ට්‍රිපකට ගිය දින දී
අල ගෝවා වල වෙනස ඌ වටහා ගනිතී
පුන් සඳ පායපු මහ රෑක
Deleteස්ට්‍රෝබෙරි-අල ඇති දාක
ගඟ නැමුන ඒ තඩි ගහක
වවුලෙක් ඔලුවෙන් සිටි සේක
බැලුවම නයින්ගෙත් සෙල්ලම් නරක නැත
Deleteසැකන්ඩ් නොවී දිග-දිගටම කයි ලියත
ගොඩකවෙලත් වීලා ඇති තෙතබරිත
නයි ඉන්නා හුඹස් ඇතුළේ තෙමෙන්නැත!
ගෙදර නොවෙයි කොමසාරිස් ඔෆිසියට
Deleteසුවචයි ගෙදර ඉන්නා විට නෝනාට
සහජීවනය සැලකෙයි උත්තම ලෙසට
පැත්තක් යයිද පොල් බෑයක් ගෑවාට?
නේද ඩ්‍රැකී...
අම්ල පිත්තයට දිගටම බෙහෙත් අරං
Deleteබෙහෙත් සීට්ටුව නමීට කටපාඩම්
ඒකයි නමී බැඳගෙන මේ මුකවාඩම්
තවම නැතිද ඇවිදිල්ලා ‘කවි නේරම්’
පුරාහඳට බස්සොත් කැමතියි වාගේ
Deleteහඳට වැඩිද කවි ලියනා බලවේගේ
ඔළුවෙන් හිටං ඉන්නට හරි ආව වගේ
ඒකයි රත්තරං පැටියෝ අපිට අගේ
අටෙන් පස්සෙ අපි වහනව හුඹස් කට
Deleteඊට පස්සෙ යා නොහැකිය ජාලයට
ලියන කවක් ලියලා දාහල්ල අද
උත්තර දෙන්න ඇහැකිය ඒවාට හෙට
මං නැති පනල්ලේ නයියා ඇවිත් ඇත
Deleteපොල් ගෑවේ උයාගෙන කන්නයි ඇන්නෑවේ
අහුවෙද්දෙං නයියා මට පැයක් ඇත
පතෑං ගායි, ඌ යයි ප්‍රබූ දේවා වගේ
බකමූණත් නරියත් ඇයි තව ටොමියා
Deleteඅසංගයත් නමියත් තව මෙහි කැඳවා
කවි මඩුවේ වැඩ කිඩ ඉහළට නංවා
ආඩම්බරයි ලෝවා මහ පායෙ කනූ
ගහනා දෙයක් ගසමුව දැන් අපි දෙන්නා
Deleteකසියා උනත් කම් නැත දැන් වෙරි වෙන්නා
අටෙන් පස්සෙ හුඹහට වයිෆයි නැද්ද
Deleteකොන්ක්‍රීට් හුඹහෙ, ජල-විදුලිය හෙම ඇද්ද
බිත්තර කන්නෙ බැදලද, තම්බලද
නාග අප්පු බුදියන්නේ හිටගෙනද
බස්සා මහත්තයො ඔහෙ මීටරයක්ය
Deleteඅම්මප පේන්නේ, එහෙ ගොස් ඇති බවය
මටත් හිතුණෙ ඔය වාගේ දේවල්ය
බලා ඉන්නෙ னයා උදේ එනකල්ය
අටෙං පස්සෙ හුඹහ මාරු වෙනවාය
Deleteඒකේ බලධාරියා අපගේ කොල්ලාය
බිත්තර කන්නෙ අපි ඔම්ලට් දමලාය
බස්සන් වගේ අපි හිටගෙන ඉන්නෑය
ලොකු කොල්ලන් ඉන්නා විට
Deleteවෙයි ඔය ටික තාත්තලට
'රිලේ' එකක් දුවන ලෙසට
'යෂ්ටිය' දීලා පුතාට!
අපි මේ අලකොමාගෙ වත්තෙ ඉස්ට්‍රෝබෙරි කඩන්න යන්න ඉන්නෙ. නිදිටත් පුලුවං ඕනනං පරණ අත්දැකීම අලුත් කරගන්න.
ReplyDeleteකොන්ද නවාගෙන ස්ට්‍රෝබෙරි පඳුරුවල මුල් පීරන්න. අනේ වස්තුවේ, සල්ලි දෙනවයි කිව්වත් බැ... දැන් ඒ හපන්කම්.
Deleteනිදිගෙ අම්මත් සුදු හබියට සැකන්ඩ් වෙනටෙ නෑ නෙ. වචන හරඹෙ මරැ !
ReplyDeleteඅපේ අම්මත් කටකාරයි. හැබැයි මොළේ තියෙන්නේ එයාගේ දිවේ, නමී. ඔයා අපේ අම්මව දකින්න තිබ්බේ ඉස්සර...
ReplyDeleteඑතන මොලේ තියෙන එක නම් සෑහෙන වැදගත් කියලා මටත් හිතෙනව :)
Deleteඑහෙමද නවීන්?
Deleteපාරවල් අයිනෙත් තියන බ්ලැක්බෙරීස් කෑවෙ නැද්ද?
ReplyDeleteඇන්නෑවේ එහෙ බ්ලැක්බෙරීස් පාරවල් අයිනෙත් වැවෙනවද?
Deleteමෙහෙ බ්ලැක්බෙරී ජෑම් තමයි ගණන්ම, ඒත් පට්ට රහයි.
පාර අයිනේ බ්ලැක්බෙරි? ඒ වගේ දෙයක් අල්ලන්න ගියත්
Deleteඇති අපේ ඩැඩාට හාට් ඇටැක් එකක් හැදෙන්න.
හැබැයි Pra Jay මහත්තයෝ, ලංකාවේදී නං එහෙම පාර අද්දර දෙපැත්තේ වැල්වල පිරිලා තිබ්බ wild බෙරි අපටම කඩාගෙන කන්න ලැබුණා- World's End ගිය වතාවක. තොටුපළ කන්ද නඟින්න යද්දී..
ස්තූතියි අපිවත් අපේ "ශනිදා දහයට" සීන් කෝන් එකට පොඩි ප්‍රසිද්ධියල්ක් ලබා දුන්නාට!
ReplyDeleteඒත් මගේ ප්‍රශ්ණයට ඔබ සෘජු පිළිතුරක් ලබා නොදීම නිසාම වෙනදාට වඩා සැලකිල්ලෙන් බලන්නට සිත පෙළඹෙනවා!
මොනවා උනත් පෝස්ටුවට ස්තූතියි!
'ශනිදා දහය' පලදායී සංකල්පයක් ක්‍රියාවට නැංවීමක් ඒ වගේ දෙයකට හැකි උපරිම විදිහෙන් උදව් නොවී කොහොමද? එහෙම කිරීම බ්ලොග්කරුවෙකු විදිහට මගෙත් යුතුකමක්.
Deleteකමෙන්ටුවේ දෙවෙනි කොටස ගැන කියන්න තියෙන්නේ- එන්න, කියවන්න! (කුතුහලය තමයි ඔයාව එතැනට ගෙන්වන්නේ, තට්ටයා මහත්තයෝ.)
ස්තුතියි! කවියකුත් ලියමුද?
කවියකට මට පොඩි වෙලාවක් දෙන්න!
Deleteමේ ඒක නෙවේ කරණවා නම් හොඳ වැඩක් "කවි මඩුවක්" පැවැත්වීම! හැබැයි ඒක මෙහෙය වන්නාට හොඳ කවීත්වයක් තියෙන්නෝන!
නැතිනම් "අංගම්මන සුමන!" සිද්ධිය තමයි වෙන්නේ!
මෙහෙම කෙරෙන එකමත් මදැයි තට්ටය මහත්තයෝ. කෂ්ටිය එකතු කරගෙන වැඩක් කරන්න ගිහින් වෙච්චි හරිය මතකයිනේ....
Deleteමට ඔවැනි කෙළි ජීවිතේට ඕනෙතරම් වෙලා ඇති! මම රෙදි අඳින්නේ අනිත් එවුං අඳින නිසා මිසක් ලැජ්ජාවට නොවේනෙ. ඒ හින්දා ගානක් නෑ පුලුවං තරං කල් මහන්සි වෙනවා මේක තැනකට ගේන්න. බලමු නේද නිදි මහත්තයා!
Deleteශනිදා දහය නිසා කාලෙකින් ආයෙත් මෙහෙට ගොඩ උනේ...මේක කොටස් වශයෙන් යන සීන් එකක් වගේනේ.මුල ඉදලා කියවන් එන්නම්කො
ReplyDeleteහොඳයි, හොඳයි, හොඳමායි සොඳුරු සඳවතීයෙ.
ReplyDeleteසක බූං වෙලා ගියා ඒ ටික කියවල. ඇත්තටම අයියා නිරන්තරයෙන් බ්ලොග් එක්ක හැප්පෙන්න කල් නැති එක නං පට්ට පාඩුයි.
ReplyDeleteජය..
පුලුවන් නිතරම ඒන්නං
ළූණු බිකත් බඩට නෙව, මහේෂ්. ඉඩ තියෙන වෙලාවක එන්න!
Deleteඅපේ ගෙවල් පැත්තේ තියනවා ෆාම් එකක්. තමන් ස්ට්‍රෝබෙරි සහ එළවලු කඩ ලා ගෙනියන්න පුළුවන් . ඕන තරම් කඩන ගමන් කන්නත් පුළුවන්. ඒකට ද දන්නේ නැහැ ආවේ . තව ඒවා තියෙනවා හෙමල් පැත්තට යනකොට M1 එකේ.
ReplyDeleteඅපි එදා ගිය පැත්තවත්, නම්වත් මතක තියා ගත්තේ නෑනෙ අජිත්... කවුද දන්නේ අවරුදු හතලිහකට විතර පස්සේ මේවා ලියවෙයි කියලා....
Deleteඒකත් ඇත්ත
Delete