... එහෙත් න්‍යායයන් ගැන කතා කිරීම; පොදු කරුණු ගැන කතා කිරීම එකකි. පෞද්ගලික කරුණු නොවලහා හෙළිදරව් කිරීම ඊට හාත්පසින්ම වෙනස් එකකි; අසීරු දෙයකි.
මට එහෙම හිතෙද්දීය, ඩැඩා
තවත් කඩයිම් ප්‍රශ්නයක් ඇසුවේ. “උඹ හොඳටම සැටිස්ෆයිඩ්ද උඹේ
sex life එක
ගැන... ඒක ගැන උඹට කිසිම ළතැවිල්ලක්; කනගාටුවක් නෑ...?”
“No regret!” මට කියැවුණේ ඉබේමය. Dadaට වුණත් බොරුවක් කියන්නේ ඇයි? අපේ තාත්තා අපට
උගන්වා තියෙන්නේ ‘ඇත්ත කියන්නයි,
බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’ කියලාය. ඉතිං...
ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ ‘කොඩි ගහ යට’
ටෙලියේ ‘ෂා’ නොහොත්
‘ෂානි’ චරිතයට
පණ දෙන්නී රීනා ද සිල්වායි. රීනා සංක්‍රාන්ති ලිංගික සුරූපිනියකි! |
මගේ ජීවිත කාලය තුලදී කිසි විටෙක මා
බාලාපචාරවලට සම්බන්ධවී නැත... තෙවෙනි පාර්ශවයක් වී කිසිදු සබඳතාවක් කඩාකප්පල් කර
නැත. මගේ මොන අඩුපාඩු ඇතත්, දුර්වල තැන් ඇතත් මට කෙනෙකුගේ දෙස කෙලින්ම බැලිය
හැක්කේ එබැවිනි; ප්‍රෞඪ ලෙසින් මට හිස කෙලින් තියාගෙන සිටිත හැක්කේ එබැවිනි.
මෙතැනදී මට අත්වී තිබෙන විශේෂ වාසනාවක්
ගැනත් කියන්නටම වෙයි!
උපතේ සිටම, කොතරම් සුකුමාර ගතියක් තිබ්බත් මට තරමක අහංකාරකමකුත් හිමි වී තිබිණි. ‘අහංකාරකම’-
මෙතැනට ඔබින හරිම වචනය නොවෙන්නටත් පුළුවන්ය. නිමල් දිසානායකට අදාළව- ඒ වචනය වඩාත්
විස්තර සහිතව කියනවා නම්... ‘මුරණ්ඩුකමක්- ඍජු බවක්- දරදඬු ගතියක්... ඒවාට එකතු
වුණු මුඛරිකමක් හා අන්‍යයන් දමනය කරගත හැකි විදිහේ යම්කිසි හැකියාවක්...’
ඒ නිසාමදෝ මගේ ලිංගිකත්වය පිළිබඳව මට සමාජයෙන් අවමන් විඳින්නට සිදුවී නැත! (සමහර
විටෙක මගේ අනභිමුඛයේ සමාජය ඒ ගැන කතා කරනවා විය හැකිය. ඒවා ගනිච්චියකට ගන්නට තරම්
මේ නිදි බොළඳ නැත!)
1985 වසර ඉකුත්වී 38කට පස්සෙත් එවැනි ප්‍රශ්න පිළිබඳව ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය
එතරම් සතුටුදායක නොවේ!
මේ දිනවල විකාශය කෙරෙන ටෙලියකි ‘කොඩි ගහ යට’.
මෙතෙක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ටෙලි නාටකවලින් වැඩිම IMDB රේටින්ග්ස්; 9.6ක අගයක්
දිනාගෙන තියෙන්නේත් ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ, ඒ නාට්‍යයයි.
එහි ‘ෂා’ නොහොත් ‘ෂානි’ චරිතයට පණ දෙන්නී රීනා ද සිල්වායි. රීනා සංක්‍රාන්ති
ලිංගික සුරූපිනියකි!
තමා පිරිමියෙකු ලෙස උපත ලද බවත්, තමන්ගේ
ස්ත්‍රීමය ස්වභාවය හා ආකල්ප නිසා සමාජයෙන් අවමන් විඳින්නට සිදු වුණු අයුරුත් රීනා ජන
මාධ්‍යයන් කිහිපයකටම නොසඟවා හෙළිකොට තිබිණි. ඇයගේ පියා පවා, රීනාව නිවසෙන් පිටමං
කළේලු!
දරුවෙකු පිළිසිඳ ගැනීමේදී දරුවාගේ අනුදැනුමකින් තොරව සිදු වෙන ජාන සැකැස්මක් නිසා...
ඒ දරුවා සමාජයෙන් කොන් කිරීම හෝ නිවසෙන් පිටමං කිරීම හෝ කොතරම් සාධාරණද?
සිද්ධාර්ථ කුමරුත් අවුරුදු 13ක කාලයක්
කාමභෝගී දිවියක් ගෙවා දමා, එයින් පසුව ගිහිගෙයින් නික්මුණු උතුමෙකි... |
මගේ ලිංගික ලැදියාවන්, ආකල්පයන් හා අවශ්‍යතාවන්
මා තුල ඇති වන්නේ මට වුවමනා පරිද්දෙන් නොවේ. ඒවා සිද්ද වෙන්නේ මගේ ශරීර කූඩුවේ
ලිංගික හෝමෝන ක්‍රියාකාරිත්වය
අනුවය. මගේ සිරුර අභ්‍යන්තරයේ සිද්ද වෙන
හෝමෝන ශ්‍රාවය වීම මට පාලනය කරගත හැකි දෙකක්ද? එයට මා වගකිව යුතුද...
ඇත්තය! ජන සමාජයක ජීවත් වෙද්දී තිරිසනුන් මෙන් වැඩ කරන්නට අපට බැරිය. යම්කිසි
හික්මීමක් ඇතිව- යම්කිසි පාලනයක් ඇතිව අපට වැඩ කරන්නට වෙන්නේ එහෙයිනි. ඒත්, ඒ
කියන්නේ තවුස් දම් රකිමින් හිටිල්ල නොවෙන බවයි, මා සිතන්නේ... (මගේ සිරුරේ ලිංගික
හෝමෝන නිෂ්පාදනය වැඩියි වගේය.) මම කෙළෙස්බර කෙනෙක්මි. මම රාගිකයෙක්මි; මට තපස
අසීරු දෙයක් වෙන්නේ එබැවිනි...
සිද්ධාර්ථ කුමරුත් අවුරුදු 13ක කාලයක්
කාමභෝගී දිවියක් ගෙවා දමා, එයින් පසුව ගිහිගෙයින් නික්මුණු උතුමෙකි!
මට වඩා හොඳින් ඒ ගැන ‘සිතක උපන් සිතුවිලි’
blog අඩවියේ ලියවිල්ලක ලියවී තිබුණා මට මතකය.
‘ලිංගිකත්වය පාපයක්ද?
... බුදු දහම කාමයෙහි හැසිරීම වරදක් ලෙස කිසිදු
තැනක කියන්නේ නැත. කාමභෝගී ගිහියාට කාමය සැපතක් ලෙස බුදු හිමියන් පෙන්වා දුන් තැන්
ඕනේ තරම් ත්‍රිපිටකයෙන් උපුටා දීමට හැකිය. ඉතින් මේ සැපය විඳීම බුදු හිමියන් කිසි
තැනක නිගරු කළේ නැත. අන්තඃපුර දැරූ රජුනට බහුභාර්‍යා සේවනයේ අවැඩක් ගැන බුදු
හිමියන් කියූ බවට සඳහනක් නැත. සිද්ධාර්ථ කුමරු කුමාර කාලයේ 500 ක් කුමරියන්
පිරිවරා රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවල උපරිම කම් සැප විඳි බව බෞද්ධ සාහිත්‍යය කියනවා
නම්,
සිද්ධාර්ථ
කුමරු වයස 16 දී සම වයස් සුරූපිණියක වූ යශෝදරාවන් හා විවාහ වූ බව කියනවා නම්, ඔවුන් සිය
කුළුඳුල් දරු උපත ලැබුවේ මහභිනික්මන දා එනම් මේ කුමරුන් හා කුමරිය 29 වැනි වියේදී
යැයි කියනවා නම්, වසර 13 ක සියලු සැපයෙන් සපිරි කුමාර ජීවිතය
තුල සිද්ධාර්ථ කුමරුන් ගත කළේ කුමනාකාර කාමභෝගී ජීවිතයක්දැයි ඕනෑම අයෙකුට වටහා ගත
හැකිය. බෝසතුන් කලකිරීමට පත් වන්නේද මේ අධික කම්සැප විඳීම නිසාම බව තමයි ධර්මයේ
කියැවෙන්නේ.
කාමභෝගී ගිහියෙකු ලෙස මේ අධික කම් සැප විඳීම
බුද්ධත්වයට කොතැනක හෝ බාධා වුනාදැයි විමසා බැලිය යුතුයි. එවැන්නක් කිසි තැනක
කියැවෙන්නේ නැහැ.’
... කාටවත්ම
නොපෙනෙන; නොදැනෙන
අයුරෙන් අතිශයින්ම රහසිගතව පමණෙකැයි... |
තවමත් මගේ සිතේ ප්‍රතිරාව නංවන්නේ ඩැඩා කියූ ‘absurd affairs’ වචන දෙකයි! සමරිසිතාව සැබවින්ම විකෘතියක්ද...
රමණයේදී ඊට සහභාගී විය යුත්තේ ස්ත්‍රියක හා පුරුෂයෙකු
පමණෙකැයි ලෝකාරම්භයේදී කොතැනක හෝ සඳහන්ව තිබේද... සසඟෙහි යෙදිය යුත්තේ කාටවත්ම
නොපෙනෙන; නොදැනෙන අයුරෙන් අතිශයින්ම රහසිගතව පමණෙකැයි කියවෙන්නේද? ලෝකාස්වාද රතිය
වින්දනය කරන්නෝ සම වියේ අය විය යුතුද- නොඑසේව පිරිමියා ටිකක් හෝ වයසෙන් වැඩි
කෙනෙකු විය යුතුද- සම කුල විය යුතුද වැනි සේරම අටම්පහුරු විශ්ලේෂණ ජන සමාජයට එකතු
වෙන්නට ඇත්තේ කවරදා පටන්ද?
මිනිසා දඩයම් යුගයේ ගල් ගුහාවක දිවි ගෙවද්දීත් එවැනි සම්මතයන් තිබිණිද...
Absurd... අයුක්ති සහගත, විහිලු,
හාස්‍යජනක, න්‍යාය විරෝධී, මෝඩ?
මම සර්ව භක්ෂකයෙක්මි. මෙතෙක් මට රස විඳින්නට
ලැබුණු ආහාර වර්ග අතරින් එකම එකක් පමණකි- මගේ මුවගටවත් කිට්ටු කර ගන්නට බැරි වුණේ.
ඒ Oyster; බෙල්ලන්ය. ඒ බෙල්ලන්ගේ දියාරු ස්වභාවය දුටු ගමන්ම මට දැනුණු පිළිකුල...
එහෙත් ලොව පුරාම Oysters සැලකෙන්නේ මිල අධික; ජනප්‍රිය ආහාරයක් වශයෙනි. කොච්චර
ජනප්‍රිය වුණත් මට එය පිළිකුල් නම්...
ඒ එපා, දූරියන් ගනිමු! ඉතා රසවත් පළතුරක් වෙන දූරියන් සමහර දෙනෙකුට අරහංය.
ලෝක ස්වභාවය එහෙමය. කෙනෙකුට රස තවකෙකුට වසය!
ඒ නිසාම වෙන්නැති, සසඟෙහිදී සමහරුන් විවිධ
ඉරියව්, විවිධ සහකරුවන්- සහකාරියන් හා විවිධත්වය සොයන්නේ... එය වනචරකමක් නම් එසේ
වේවා; එය අශීලාචාරකමක් නම් එසේත් වේවා; එය පව්කාරකමක් නම් එසේත් වේවා. මමත්
එවැන්නෙක්මි.
“Nimal, උඹ මේ sex change කරන ඔපරේෂන් එක ගැන මොනවත්
study කළාද?” මගේ සිතුවිලි දැහැන බිඳිමින් ඩැඩා
ඇහුවාමයි, මටත් කල්පනා වුණේ.
‘මට වෙච්ච දේ’ පොතෙන් දැනගත්තු විස්තර ටිකක් විතරයි නේද මොට්ට මං දන්නේ!’
මං නිරුත්තර වුණාම, ඩැඩාම
ආයෙමත් කතා කළා.
“මෙහෙම දේවල් ගැන මගේ කිසිම උනන්දුවක් තිබ්බේ නෑ නිමොල්. මට මේ ගැන හොයල බලන්න
වෙනවා. ඒත්... වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා. උඹලගෙ රටේ වගේ නෙවෙයි, මෙහෙ
නීති-රීති-රෙගුලාසි. Do you mind, මම මේ ගැන තව කෙනෙක් එක්ක කතා කළාට?”
මං එපැයි කියන්නද?
ළිඳට වැටුණු එකා ගොඩට එනවා නම් එලෙස ආ යුත්තේ ළිං කටෙන්මය. ඩැඩා
කතා කරන්නට යන්නෙ කවුරුන් එක්කදැයි මා හිතුවේ නැත; තැකුවේ නැත. ඒ කවුරුන් හෝ වේවා;
මෙතැනදී අපට උපකාරී වෙනවා නම්...
මට උවමනා කොක්කෙන් හරි- කෙක්කෙන් හරි ගෙඩිය
කඩා ගන්නටය!
අනිල් අයියා නං කැමතියිලු දිගටම වුණත්
ඉංගලන්තේ ඉන්න. |
“Within couple of weeks. උඹට ටිකක් ඉවසලා ඉන්න වෙයි නිමොල්!” ඩැඩා කිව්වේය. “By
the way, ලීලයි මමයි කතා වුණේ උඹලා දෙන්නව තවත් මාස හයක් මෙහෙ නවත්ත ගන්න කියලා...”
“Us? අපට වීසා දුන්නේ මාස හයකටනෙ ඩැඩා.”
“ඒ වැඩේ කරන්නේ මමනෙ. You don’t have to worry about that. උඹලා කැමතියි නං මං ඉක්මනටම
Home Office එකට ලියන්නං. උඹ මොකද හිතන්නේ?”
“තවත් මොනවා හිතන්නද ලොකූ. කොච්චර ෂෝක්ද
ඔයාලට එහෙම ඉන්න පුළුවනි නං. අනේ හා කියන්න ලොකූ, please!” එදා රාත්තිරියේ අපේ
ගෙදරදී පැවැත්වුණු ‘වරිග සභා සාකච්ඡාව’ට ඩැඩාගේ යෝජනාව දැම්ම ගමන්ම, සමන්ති නංගී මගෙන් ඉල්ලා සිටියාය.
“Yeeeee ලොකූ හිනා වුණා Sam... ලොකූ හිනා වුණා. ඒ කියන්නේ ලොකයියාත් තව මාස හයක්
මෙහෙ ඉන්න කැමතියි. ඉතින් කියන්නකො, I beg you... I beg you... අනේ ලොකා, හා කියන්නකෝ.” චූටි
නංගී දීපානිත් මගේ ළඟින් දණ ගසාගෙන අයදියි.
“Give us the word ලොකූ.
අනිල් අයියා නං
කැමතියිලු දිගටම වුණත් ඉංගලන්තේ ඉන්න.” දීපාල් මල්ලියාත් සාකච්ඡාවට පොහොර දමයි!
“ඉන්න එක නෙවෙයි වැඩේ. අනිත් ප්‍රශ්න...
වියදම්?”
“මොන ප්‍රශ්නද රංජි. ඔයාලා දෙන්න හිටිය කියල
මහ වියදමක් යනව නෙවෙයිනේ. ප්ලේන් ටිකට්ස්වලට ගිය ගණන ගිහිං ඉවරයිනෙ රංජි. ඒ
වියදමෙන්ම තව මාස හයක් විතර මෙහෙ හිටියොත්... ඔයාලට තව කීයක් හරි හම්බ කර ගෙන-
ලංකාවට යද්දී අරං යන්නත් පුළුවන් වෙයිනෙ.” අම්මා කිව්වේ අවසන් තීන්දුව දෙන tone
එකකිනි.
“තව මාස හයකට වීසා හම්බ වුණත්, ජනවාරි මාසේ
අග වෙන්න කලින් මම නං ලංකාවට යන්න ඕනි. මානිට බබා හම්බ වෙන්න දින දීල තියෙන්නේ
පෙබරවාරි මුලලු. එතකොට මං එහාට ගිහිං ඉන්නම ඕනි... මම දැනටමත් මානෙල්ට ලියල යවලයි
තියෙන්නේ බබා ලැබෙන්න කලින් මම එන විත්තිය කියලා.”
“ඔව්, ඔව්... රංජි ඉතිං යන්නම එපැයි. ඔයාගේ
ෆේවරිට්ම නංගිනෙ...” එතකොට නම් අපේ අම්මා hint එකකුත් පාස් කළාය. (අම්මා දිගටම
හිතුවේ එහෙමය. මගේ දැනීමේ හැටියට නම් අම්මාගේ favourite ලැයිස්තුවේ මානෙල් උන්නේ
ලේලිලාටත් පහළ තැනකය. එහෙව් දෝණියන්දෑය, දැන් අපේ අම්මාව රැක-බලා ගනිමින්
ඇප-උපස්ථාන කරන්නේ. ස්තුතියි මානෙල්!)
අම්මාගේ ‘නිල නොලත් බැංකුකරුවා’ වුණත්, මං
වහන්සේට පවා ඇයගේ Piggy Banks ගැන හරිහමං අවබෝධයක්... |
එතකොට අපේ ඩැඩා රස්සාවක් කළේ නැත. එයා රජයෙන්
යම් දීමනාවක් ලබමින් හිටි බවය පෙනුණේ. Sam, දීපාල්, දීපානි තුන් දෙනාම පාසල් යමිනි
උන්නේ. අම්මා පමණකි, අනිස්ථිර රැකියාවක නිරතව ආදායම් ඉපද්දුවේ. ඒකත් කෙරුණේ ඩැඩාගේ
අකැමැත්ත තියෙද්දීය. එහෙම වැඩ කරනවාට අපේ අම්මාට ලැබෙන්නේ සොච්චං වැටුපකැයි කියලාය
ඩැඩා සිතාගෙන හිටියේ. එයා විතරක් නෙවෙයි, මාත්...
“සැසිල්ට වුණත් ඇත්ත කිව්වොත් ඉහ ගහගෙන ඉන්න හරි අමාරුයි, රංජි.
මගේ ළඟ සල්ලි තියෙනවයි
කියලා ඒ මනුස්සයා දැනගන්න පරක්කුවෙන්, එයාට ඕනි වෙනවා කාර් එකක් ගන්න. තියෙන
කෙහෙල්මල් කාර් එක පාවිච්චියට ගන්නෙත් හාවා හඳ දකිනවා වගේකොට- නැහිල නැහිල හම්බ කර
ගන්න තුටු දෙකෙන් ගනිල්ලකෝ අලුත් කාර්!”
බදුල්ලේ, මයිලගස්තැන්නේ ගොවි පවුලක ඉපිද-
හැදී වැඩී විවාහය හරහා කොළඹටත්, එතැනින් එංගලන්තයටත් ගියා වුණත් අපේ අම්මාගේ ළඟ
‘බින්තැන්නේ ගති’ත් ටික-ටික ශේෂව තිබිණි. විශේෂයෙන් ‘මුදල් හදල්’ පැත්තේ
කටයුතුවලදී. (මතකයි නේද- යුවති කිරිල්ලී නවකතාවේ සිසිලියානාගේ ‘උණ ගහේ බැංකුව’.
මා ඒ අත්දැකීම ලද්දේ බදුල්ලෙනි.)
මුල්‍යමය වැඩවලදී අම්මා උවමනාටවටත් වඩා
සකසුරුවම් වුණා වගේය; කවුරුන් කෙරෙහිවත් පමණට වඩා විශ්වාසය නොතිබ්බා වගේය. අම්මාගේ
‘නිල නොලත් බැංකුකරුවා’ වුණත්, මං වහන්සේට පවා ඇයගේ Piggy Banks ගැන හරිහමං
අවබෝධයක් නොතිබිණි. මං හිතුවෙත් අම්මලා rim එකෙන් යනවා කියලාය.
එහෙම හිතුණු නිසා ඉඳහිට හරි, ගෙදරට මසක්-
එළවළුවක්- කිරි බෝතල් කිහිපයක් අපේ වියදමෙන් ගෙනෙනවටවත් අම්මා කැමති වුණේ නැත.
“ඔයයි, අනිලුයි හම්බ කරන කීය හරි ඉතිරි කර
ගන්නයි තියෙන්නේ. රංජි, ඩැඩාගේ
සල්ලි මල්ල හොළවන්නයි මං ටිකක් ඉච්චි වෙන්නේ. ඒ මනුස්සයටත් සෑහෙන ගාණක් හම්බ වෙනව මයේ
හිතේ.”
එයින්-මෙයින් වුණේ මා උපයන හැම පැන්සයක්ම පාහේ
පරෙස්සම් වීමයි. ඒත්, මට කරන්නට jobs ලැබුණේ අඩුවෙනි.
අපේ අනිල් නම් සතියේ දවස් හයේම නොකඩවා වැඩට ගියේය.
වැටුප්ද ලද්දේය. එයින් කොටසක් සිගරැට්වලටත්, මත්පැන්වලටත් වියදම් කළේය.
අනෙකුත් සියලු වැඩ කටයුතු මැද්දෙම, ඩැඩා
අපට තවත් මාස හයක් එංගලන්තයේම රැඳී ඉන්නට අවසර ඉල්ලා Home Office එකට ලිපි
යැව්වේය. අප දෙදෙනාව සම්මුඛ පරීක්ෂණයකටත් කැඳවනු ලැබිණි. එහිදී අපේ ගොඩ පෙරකදෝරුවා
වුණේ ඩැඩාය.
මම උඹලව එක්ක යන්නං countryside පික්නික්
එකකට. හැබැයි හැමදාම වැඩට යන උඹලගෙ මදර් සුපීරියර්ව ඒකට... |
ඩැඩාගේ ඒ රංගන කුසලතාව නිසා හෝ එවක
නීති-රීති එතරම් දැඩි නොවුණු නිසා හෝ අපේ වීසා තවත් මාස හයකින් දීර්ඝ කෙරිණි.
“ඩැඩී, ඔයා හෝම් ඔෆිස් එකේදී කිව්වලු නේද-
ලොකාලට එංගලන්තේ පෙන්නන්න තියෙනවයි කියලා. කවද්ද ඒකට යන්නෙ?” එදායින් පස්සේ සමන්ති
නංගි කීප සැරයක්ම ඩැඩාට වදේ ගැහුවාය.
“නිකන් ඉන්න සෑම්, ඩැඩාට පාඩුවේ ඉන්න දීලා... දන්නවනෙ ඔහොම තැන්වලදී ඩැඩාගේ
tricks!”
“අනේ නිකං ඉන්න ලොකූ. ඔයාල මෙහාට ඇවිත් මාස
ගණනක් වුණා. කොච්චර අඩුවෙන්ද අපි කොහාටවත් ගියේ... කොහෙද අම්මා හැමදාම වැඩ වැඩ
වැඩ. ඩැඩාට කෝපි එකයි, රේඩියෝ එකයි තිබ්බම වෙන මොකුත් ඕනි නෑ. අඩුම ගාණෙ countryside trip එකක්වත්...”
“Yeeeeee... That’s a great idea.. කන්ට්‍රිසයිඩ් trip... කන්ට්‍රිසයිඩ්
trip...” චූටි නංගි එකම වචන පේළියක් මහ සද්දෙන්- තාලයට ගායනා කරමින් පෙළපාලියක්
යද්දී, ඩැඩා අත් දෙකින්මයි කන්දෙක වහගත්තේ.
“Oh my God, Keep quiet Deepani. Next Sunday මම
උඹලව එක්ක යන්නං countryside පික්නික් එකකට. හැබැයි හැමදාම වැඩට යන උඹලගෙ මදර්
සුපීරියර්ව ඒකට ජොයින් කරගන්න duty එක නං උඹලගෙන් කාට හරි කරන්න වෙයි.”
“හුරේ!!!” කියමින්, බඩා මල්ලා ගේ මැද්දෙම ඔළුවෙන් හිටගෙනය- එතකොට සතුට පෙන්නුවේ.
à ඊළඟ
කොටසට...
පසුගිය දවසක ඇත්තෙන්ම සිකුරාදා මම නිදීව හෙව්වා!
ReplyDeleteඔබ ව සම්බන්ධ කර ගැනීමට බැරි වූවා අපේ "ශනිදා දහයට" සීන් කෝන් එකට!
හැකිනම් ලබන සෙනසුරාදා මෙවන්ම වූ රසාලිප්ත ලිපියකින් අප හමුවට එන්න.
දැන් කමෙන්ටුව!
ඔබ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ලිංගික ක්‍රියාකාරකම් වලින් තෘප්තිමත් නොවුනු නිසාද මෙම සැත්කම තෝරා ගත්තේ?
එසේත් නැතිනම් එය හුදෙක් මනසේ අවශ්‍ය තාවයක් ම්පමනක්ද?
තට්‍යා මහත්තයෝ, මේ ටිකේ මගේ දවස් ගෙවෙන්නේ හරිම අවුල් සහගතව. ඒ නිසාම මගේ වැඩත් අවුල්. සිකුරාදා මං ගෙදර නොහිටිය විය යුතුයි.
Deleteමගේ බ්ලොග් ලිපි පළ කරන්නේ දවස් හතරකට හෝ පහකට වතාවක්. ඒ නිසා ඔයාලගේ 'ශනිදා දහයට' set වෙන්න අසීරුයි. ඒ වුණත් ඔයාලගේ උත්සාහයට ජය පතනවා එක හිතින්ම!
දැන් කමෙන්ටුවට පිළිතුර: ඔයා කැටි කරලා අහන ප්‍රශ්නයට ඍජු කෙටි උත්තර දුන්නොත් ඊට පස්සේ මට ලියන්න දෙයක් නැති වෙයි වගේ. ඒ නිසා දිගටම මේ posts කියවලාම කතාව තේරුම් ගන්න කියලයි කියන වෙන්නේ. දැනටමත් මේ ප්‍රශ්නයට අදාලව ගොඩක් දේ ලියවිලා ඉවරයි. ඒත් තව ලියන්න තියෙනවා. මං කැමති නැ ඒවායේ කුතුහල රස යක් නැතිව යනවට.
ඉහත පිළිතුර කොටද්දී 'තට්ටයා' යන්න 'තට්‍යා' ලෙසිනි පලවී තිබෙන්නේ. ඒ ගැන මගේ කනගාටුව පිළිගනු මැනවි- තට්ටයා මහත්තයෝ.
Deletehttps://www.southernliving.com/fried-oysters-7109635
ReplyDeletehttps://www.grandforksherald.com/newsmd/oyster-recipes-baked-oysters-oyster-stew-fried-oyster-po-boy
https://www.lgbthealth.org.uk/blog/transgenderism-in-ancient-cultures/#:~:text=In%20such%20ancient%20cultures%20as,as%20sacred%20and%20given%20reverence.
Links ටික ඉතා රසවත් කරුණු සහිතයි, ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.
Deleteකොඩිගහයට ටෙලිය නොබැලුවත්... බලපු පොඩි කොටස් කීපයෙන්ම දැනුන වෙහෙසක් දරල කරල තියෙන මරැ වැඩක්ය කියල. ජගා එල!
ReplyDeleteසම්ප්‍රදාය, සීම, නිදහස, සංස්කෘතිය, නිති...... ආදිය ගැන මට හිතෙන දේ කෙටිම කරලා කියන්ටම්.
"පිංතූරය රැඳෙන්නට රාමුවක් අවැසි වේ. පිංතූරය දැක ගැනීමට රාමුවෙන් පිටත සිටිය යුතුවේ"
//"පිංතූරය රැඳෙන්නට රාමුවක් අවැසි වේ. පිංතූරය දැක ගැනීමට රාමුවෙන් පිටත සිටිය යුතුවේ"//
Deleteනමී, මේ ඔයාමද?
හුම්. ඇත්ත. එහෙම අහන එක හරි. 'පිංතූරය දකින්න රාමුවෙන් පිටතට එන්න' අපි අහල තියෙන කියමනක් නෙව.
Deleteමගේ අදහසත් දාල තමා ඔය වාක්‍යය දෙක ලීවෙ 😁
ලෙසටම කිව්වට ස්තුතියි නමී.
Deleteඅනිල්ට නොකඩවා වැඩ කරන්න ලැබෙන්නත්, නිදිට එහෙම නොලැබෙන්නත් හේතුව පැහැදිලි නෑ.
ReplyDeleteකොඩිගහයට බලන්න ගත්තා, ඒත් පස්සෙ උනන්දුව හීන වුනා.ජීවිතයේ එක දවසක් , එහෙන් මෙහෙන් බැලුව. එක එක්කෙනාගෙ රස වින්ඳනය වෙනස් නෙව?
අනිල් එකම තැනක වැඩ කලේ.කැරියර් සර්විස් එකක. බර වැඩ. වෙන රස්සා හොයන්න එයාට ඕනි වුනේ නෑ.
Deleteමම කළ වැඩ එකක්වත් බර වැඩ නෙවෙයිනේ... ඒවා සේරම කෙටි කාලීන රස්සා.
ඔව් බස්සා මහත්තයෝ, එකෙක්කෙනාගෙ රස වින්දනය වෙනස්. කොඩි ගහ යට පසු කාලීනව ටිකක් ඇදෙනවා වැඩියි වගේ මටත් දැනෙන්නේ. නමුත් ජීවිතයේ එක දවසක්- කුඩා සිදුවීම්වලින් ලොකු කතාවක් කියනවා වගෙයි මට දැනෙන්නේ.
කතාවෙ අවසානයක් වශයෙන් ඔය සැත්කම කළේ නෑ කියන එක නම් හිතාගන්න ඇහැකි. නමුත් කතාවෙ බොඩි එකෙන් උකහාගන්න දේවල් ගොඩක් ඇත.
ReplyDeleteකවියක් ලියන්ඩ පස්සෙ එන්නම්
හරියට හරි ඩ්‍රැකී, අන්තිමට වෙච්ච දේවලට වැඩිය වැදගත් එතැනට යැවුණු හැටි...
Deleteකවියක් ලියන්ඩ ආයේ එනවා? මරුනේ!
මේ ඩැකී... ඔය සනිදා වැඩකටත් කවි මඩුවක් යන වැඩක් කරන්ටකෝ. ඔය නිදි, බස්සට, කොලොම්පුරේට හෙම පුලුවන් නේ කයි ගොතන්ට. ඔහේ, නයාටත් පුලුවන් නෙව 🐍
Deleteකරෝත් මරැ වැඩක් වෙවි 😎
කොඩි ගහ යට මටත් වැඩිය ඇල්ලුවේ නැති එකක්. ජගත් මනුවර්ණ ට කැමැති නිසා ටිකක් හරි බැලුවේ. මේ රටවල ලිංගිකත්වය ප්‍රශ්නයක් කර ගන්නේ නැහැනේ නිදි. මෙහෙ ඉන්න තිබ්බේ. එක නෙමේ අර අපේ අටම්පහුරට බනින්නේ ඇයි 😀
ReplyDeleteමම නම් හවම කොඩි ගැහ අයට බලනවා- රඟපෑම් ඉස්තරම් හින්දා. ඒ ඒ චරිතවලට තෝරාගෙන ඉන්නෙ ගැලපෙනම උදවිය.
Deleteලිංගිකත්වයට හා ගොඩක් දේවලට නිදහස තිබුණත් මට එංගලන්ත ජීවිතය දන්නේ 'රත්තරන් කූඩුවක හිර වුණු සුවපහසු එකක්' ව්දිහටයි. මට හිතෙන විදිහට මම ලංකාවට මුල් අල්ලපු ජීවියෙක්.
අටම්පහුරට බනිනවා කියන එක දන්නෙත් ඔයා කියපුවමයි අජිත් මහත්තයෝ.
අටම්පහුර කටහ්ව විහිළුවට අප්පා කිව්වේ. //ලිංගිකත්වයට හා ගොඩක් දේවලට නිදහස තිබුණත් මට එංගලන්ත ජීවිතය දන්නේ 'රත්තරන් කූඩුවක හිර වුණු සුවපහසු එකක්' ව්දිහටයි. // ඒ සමහර විට නිදි අම්මා, පප්පා, ගෙදර අය එකක් එක තැනක හිටි නිසා වෙන්න ඇති. තමන්ගේ තැනක හිටියනම් එහම් වෙන්නේ නැහැ. මට නම් එංගලන්තේ වඩා නිදහස් ලංකාවට වඩා. හදිසියකට පබ එකකට ගිහින් ඩ්‍රින්ක් එකක් බොන්න. ඕන හවසක ඇවිදින්න යන්න. නැත්නම් ඕන ක්ලබ් එකකට යන්න. කැමති දෙෂප්ලනයක් කරන්න (සිමා සහිතව) ලංකාවට වඩා ලෙහෙසියි.
Deleteඅජිත් මහත්තයෝ, මට හිතෙනවා 'ආවෘත භීතිකාව' - Claustrophobia යම් තරමකට හෝ මට තියෙනවාවත්ද කියලා.
Deleteවැඩිම කාලයක් ගෙදර දොර ජනෙල් වහගෙන ඇතුලට වෙලා ඉන්න එක තමයි, එංගලන්තෙදී මට ඇල්ලුව නැති ලොකුම දේ.
ජැක්සන් කලාකරුවෙකි. ඔහු ඇතැම් කෙනෙකු විසින් ජෝ අබේවික්‍රමට සමාන කරයි. මුහුණේ ඉරියව් මගින් අදහස් දැක්වීමට ජැකා සමත්කම් පායි.මගේ අදහස නම් ඔහු ජෝටත් එහා සමර්තයෙක් බවයි. රගපෑම, ගායනය, නර්තනය, අධ්‍යක්ෂණය, චිත්‍ර , වැනි කලාවන් පමණක් නොව භාෂාව ඉතිහාසය පිළිබද දැනුමින් ඔහු සන්නද්ධය. ඔහු උගතෙකි. විශ්වවිද්‍යාල ගෞරව උපාධිධාරියෙකි. මේ අතින් බැලූ කල ජෝටත් එහා ගිය ඔහු ජෝ තරමට ප්‍රසාදයට පත් නොවුයේ දේශපාලනය නිසාද? නැතිනම් රාජපක්ෂ වරුන්ට විරුද්දව ජනතා විමුක්ති කොමෙන්ට් කරුවන් ෆේස් බුක් කරුවන් විසින් ගෙනයන ප්‍රචාරයන් හෙතුවෙන්ද ? රාජපක්සලා වැට්ටවීමට නම් ඔවුන් වටා සිටින සහ සිටි ජනතා ප්‍රසාදය දිනාගත් කීර්තිමත් චරිත ඝාතනය කල යුතු බව ඔවුන් දනී. එහි ගොදුරක් බවට ජැකා පත්විය.ඔහු උපතින් කතෝලිකයෙක් වුවද සංස්කෘතිකව සිංහල බෞද්දයෙකි.මෙය බොහෝ ජනතා විමුක්ති සාමාජිකයන්ට දිරවාගතනොහැකි ප්‍රපංචයකි.ජැකා මෙවැනි අපහාස උපහාස කෙසේ බරගත්තාදැයි නොදන්නෙමි.ජෝ අබේවික්‍රම යුඇන්පියට කඩේ ගිය පමණක් නොව වරප්‍රසාද ලෙස දැව සංස්ථා සභාපතිකම ලබාගත්තේය.එහෙත් අදටත් ජෝ අපේ හදවතේ කලාකරුවෙකි.ජනතා විමුක්ති පෙරමුණට කඩේ යන කලාකරුවන් උසස් ලෙසත් අනිත් සියලු දෙනා පහත් ලෙසත් සැළකීම වර්තමාන සයිබර් වැසියන්ගේ විලාසිතාවයි.මෙවැනි පටු අදහස් වලින් ඔවුන් අපේ රට කොතැනකට රැගෙන යන්නේදැයි නොදනිමි.ඔවුන් උසස් ලෙස සලකන්නේ සුදත්ත තිලකසිරි වැනි වාචලයන්ය.ජැකා ගේ ටෙලි රගපෑම් බැලීමට කඩුල්ල ටෙලිනාට්ටිය බැලීම සැහේ. ඔහුගේ වේදිකා රංගනය බලන්නේනම් ධවල භීෂණ හෝ මරාසාද් බැලීම වටි.මේවා නුතන සයිබර් වාසින් නොදනී. ඔවුහූ කොඩිගහයට බලා විශිෂ්ටයයි කියති. ඔවුන්ට අනුව LGBT + එබ්බවීම මරුය. සොයා බලා අධ්‍යනය කොට ඉතිහාසය වීර කාව්‍යක් අබා ලෙස ඉදිරිපත් කිරීම කඩේ යාමකි. ජැකා අපි අතර යලි නුඋපදිනු ඇත. සියල්ල පාට කන්නාඩි වලින් බලන සයිබර් වාසින් තලන්නට සංස්කෘතික සිංහල බෞද්ධ මුව හමක් සොයා ගනු ඇත.
ReplyDeleteස්තුතියි Cham.
Deleteඔබේ සමහර අදහසකට මාත් එකහෙළා එකඟයි- සමහරකට එකඟ නැතත්. ඒත් ඒවා ගැන කමෙන්ට් එකකින් ලියන්න බැරි තරම්, posts කීපයකින් නං.... ඒත්, අවාසනාවට ඒකට වෙලාවක් නැහැනේ. මම නැතත් ගොඩක් අය ලියලා තිබ්බනෙ ඔවුන්ගේ අදහස්. ඒවා සේරම කියව ගන්නවත් තවම මට ඉඩ ලැබුණේ නෑ.
මේ ටික ලිව්වෙත් ජැක්සන් ඇන්තනි කියන අතිදක්ෂ කලාකරුවාට උපහාරයක් විදිහටයි!